යෙදුමෙන් කියවන්න

විපාකො විපාකධම‍්මධම‍්මොති කථා

7. 10.

7. 10.

විපාකො විපාකධම‍්මධම‍්මොති කථා.

විපාකො විපාකධම්මධම්මෝති කථා

[විපාකය විපාකයට අන්‍යො’න්‍ය ප්‍රත්‍යයාදි විසින් ප්‍රත්‍යය වනු කරුණු කොට ගෙන ‘විපාකය ද විපාකස්වභාවධර්‍ම ඇතැ’යි අන්‍ධකනිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘විපාකො විපාකධම්මධම්මෝති’ කථා එයි.]

1. ස. පු: විපාකො විපාකධම‍්මධම‍්මො’ති.

1. ස. පු: විපාකය විපාකස්වභාවධර්‍ම ඇත්තේ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: තස‍්ස විපාකො ‘විපාකධම‍්මධම‍්මො’ති.

ස. අනු: ඒ විපාකස්වභාවධර්‍මයාගේ විපාකය විපාකස්වභාවධර්‍ම ඇත්තේ වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ … (ආයතිභවයෙහි විපාකදානභාවය සඳහා කළ ප්‍රතික්‍ෂේප යි.)

2. ස. පු: තස‍්ස විපාකො ‘විපාකධම‍්මධම‍්මො’ති.

2. ස. පු: ඒ විපාකස්වභාවධර්‍මයාගේ විපාකය විපාකස්වභාවධර්‍ම ඇත්තේ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ. (ඒ හේතුවින් අන්‍යවිපාකයක්හුගේ උපත සඳහා කළ පිළින යි.)

ස. අනු: තස‍්ස තස‍්සෙ’ව නත්‍ථී දුක‍්ඛස‍්ස අන‍්තකිරියා, නත්‍ථී වට‍්ටූපච‍්ඡෙදො, නත්‍ථී අනුපාදා පරිනිබ‍්බානන‍්ති.

ස. අනු: ඒ ඒ දුඃඛයාගේ මැ කෙළවර කිරීමෙක් නැද්ද, සසරවට සිඳීමෙක් නැද්ද, අනුපාදා පරිනිර්‍වාණයෙක් නැද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

3. ස. පු: විපාකො විපාකධම‍්මධම‍්මො’ති.

3. ස. පු: විපාකය විපාකස්වභාවධර්‍ම ඇත්තේ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: විපාකො’ති වා විපාකධම‍්මධම‍්මො’ති වා, විපාකධම‍්මධම‍්මො’ති වා විපාකො’ති වා එසෙ සෙ එකට‍්ඨෙ සමෙ සමභාගෙ තජ‍්ජාතෙ’ති.

ස. අනු: විපාක යනු ද විපාකස්වභාවධර්‍ම යනු ද, විපාකස්වභාවධර්‍ම යනු ද විපාක යනු ද තෙල හෙ වේ ද, ඒකාර්‍ත්‍ථ සම සමභාග වේ ද, එයින් උපන්නේ වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

4. ස. පු: විපාකො විපාකධම‍්මධම‍්මො’ති.

4. ස. පු: විපාකය විපාකස්වභාවධර්‍ම වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: විපාකො ච විපාකධම‍්මධම‍්මො ච, විපාකධම‍්මධම‍්මො ච විපාකො ච සහගතා සහජාතා සංසට‍්ඨා සම‍්පයුත‍්තා එකුප‍්පාදා එකනිරොධා එකවත්‍ථුකා එකාරම‍්මණා’ති.

ස. අනු: විපාකත් විපාකස්වභාවධර්‍මත්, විපාකස්වභාවධර්‍මත් විපාකත් සහගත සහජාත සංසෘෂ්ට සම්ප්‍රයුක්ත ඒකෝත්පාද ඒකනිරෝධ ඒකවස්තුක ඒකාලම්බන වෙත් ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

5. ස. පු: විපාකො ‘විපාකධම‍්මධම‍්මො’ති.

5. ස. පු: විපාකය විපාකස්වභාවධර්‍ම වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: තඤ‍්ඤෙ’ව අකුසලං, සො අකුසලස‍්ස විපාකො, තඤ‍්ඤෙ’ව කුසලං, සො කුසලස‍්ස විපාකො’ති.

ස. අනු: එ මැ අකුශලත් එ මැ අකුශලයාගේ විපාකත් වේ ද, එ මැ කුශලත් එ මැ කුශලයාගේ විපාකත් වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

6. ස. පු: විපාකො ‘විපාකධම‍්මධම‍්මො’ති.

6. ස. පු: විපාකය විපාකස්වභාවධර්‍ම වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: යෙනෙව චිත‍්තෙන පාණං හන‍්ති තෙනෙව චිත‍්තෙන නිරයෙ පච‍්චති, යෙනෙව චිත‍්තෙන දානං දෙති තෙනෙව චිත‍්තෙතන සග‍්ගෙ මොදතීති.

ස. අනු: (යමෙක්) යම් මැ සිතෙකින් ප්‍රාණඝාත කෙරේ නම්, එ මැ සිතින් නිරෑහි පැසේ ද, යම් මැ සිතෙකින් දන් දේ නම්, එ මැ සිතින් ස්වර්‍ගයෙහි තුටු වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

7. ප. පු: න වත‍්තබ‍්බං ‘විපාකො විපාකධම‍්මධම‍්මො’ති.

7. ප. පු: ‘විපාකය විපාකස්වභාවධර්‍ම ඇතැ’ යි නො කියැයුතු වේ ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්ඤා: එසේ යැ.

ප. අනු: නනු විපාකා චත‍්තාරො ඛන්‍ධා අරූපිනො අඤ‍්ඤමඤ‍්ඤපච‍්චයා’ති.

ප. අනු: විපාක වූ සතර අරූපස්කන්‍ධයෝ අන්‍යො’න්‍යප්‍රත්‍යය වූවාහු නො?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්ඤා: එසේ යැ.

අනු. ඨ: හඤ‍්චි විපාකා චත‍්තාරො ඛන්‍ධා අරූපිනො අඤ‍්ඤමඤ‍්ඤපච‍්චයා,

අනු. ඨ: ඉදින් විපාක වූ සතර අරූපස්කන්‍ධයෝ අන්‍යො’න්‍යප්‍රත්‍යය වූවාහු නම්,

අනු. පා: තෙන වත රෙ වත‍්තබ‍්බෙ ‘විපාකො විපාකධම‍්මධම‍්මො’ති.

අනු. පා: භවත, එකරුණින් ‘විපාකය විපාකස්වභාවධර්‍ම වෙති’ යි කියැයුතු මැ යැ.

විපාකො විපාකධම‍්මධම‍්මොති කථා නිට‍්ඨිතා.

විපාකො විපාකධම්මධම්මෝති කථා නිමි.

සත‍්තමො වග‍්ගො නිට‍්ඨිතො.

සත් වැනි වර්‍ගය නිමි.

තස‍්ස උද‍්දානං:

එහි උද්දානය:

සඞ‍්ගහො, සම‍්පයුත‍්තො, චෙතසිකො ධම‍්මො, චෙතසිකං දානං, පරිභොගමයං පුඤ‍්ඤං වඩ‍්ඪති, ඉතො දින‍්නෙන තත්‍ථ යාපෙන‍්ති, පඨවී කම‍්මවිපාකො, ජරාමරණං විපාකො, නත්‍ථී අරියධම‍්මවිපාකො, විපාකො විපාකධම‍්මධම‍්මො’ති.

සඞ්ගහිතකථා යැ සම්පයුත්තකථා යැ චේතසිකකථා යැ දානකථා යැ පරිභෝගමයපුඤ්ඤවඩ්ඪනකථා යැ ඉතොදින්නකථා යැ, පඨවීකම්මවිපාකකථා යැ, ජරාමරණං විපාකොති කථා යැ අරියධම්මවිපාකකථා යැ විපාකො විපාකධම්මධම්මෝති කථා යි.