යෙදුමෙන් කියවන්න

පච‍්චුප‍්පන‍්නඤාණකථා

5. 9.

5. 9.

පච‍්චුප‍්පන‍්නඤාණකථා.

පච්චුප්පන්නඤාණකථා

[‘සර්‍වසංස්කාර අනිත්‍ය විසින් දක්නා ලදැ’ යි වචනය නිසා නිර්විශේෂයෙන් හැම ප්‍රත්‍යුත්පන්නයෙහි මැ ඥානය ඇති යි අන්‍ධකනිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන් ගේ වාද බිඳුනට පච්චුප්පන්න ඤාණ කථා එයි.]

1. ස. පු: පච‍්චුප‍්පන‍්නෙ ඤාණං අත්‍ථී’ති.

1. ස. පු: ප්‍රත්‍යුත්පන්නයෙහි ඥානය ඇද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: තෙන ඤාණෙන තං ඤාණං ජානාතී’ති.

ස. අනු: (ඉදින් නිර්විශේෂයෙන් ප්‍රත්‍යුත්පන්නයෙහි) ඥානය ඇත් නම් එය ක්‍ෂණප්‍රත්‍යුත්පන්නයෙහිදු විය යුතු යැ. එසේ වත් මැ ඥානයෙන් දෙදෙනකුගේ එකතුවක් නො වනුයෙන් ඒ ඥානයෙන් මැ ඒ ඥානය දතයුතු වේ දැ’ යි සොයන්නට ප්‍රශ්න නගයි.) ඒ ඥානයෙන් ඒ ඥානය දන්නේ වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

2. ස. පු: තෙන ඤාණෙන තං ඤාණං ජානාතී’ති.

2. ස. පු: ඒ ඥානයෙන් ඥානය දන්නේ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: තෙන ඤාණෙන තං ඤාණං ඤාණන‍්ති ජානාතී’ති.

ස. අනු: ඒ ඥානයෙන් ඒ ඥානය ‘ඥාන’ යයි දන්නේ වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

3. ස. පු: තෙන ඤාණෙන තං ඤාණං ඤාණන‍්ති ජානාතී’ති.

3. ස. පු: ඒ ඥානයෙන් ඒ ඥානය ‘ඥාන’ යයි දන්නේ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටි: එසේ යැ. (සන්තතිය සඳහා ප්‍රතිඥා යි.)

ස. අනු: තං ඤාණං තස‍්ස ඤාණස‍්ස ආරම‍්මණන‍්ති.

ස. අනු: ඒ ඥානය ඒ ඥානයට අරමුණු වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

4. ස. පු: තං ඤාණං ඤාණස‍්ස ආරම‍්මණන‍්ති.

4. ස. පු: ඒ ඥානය ඒ ඥානයට අරමුණු වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: තෙන ඵස‍්සෙන තං ඵස‍්සං ඵුසති, තාය වෙදනාය තං වෙදනං වෙදෙති, තාය සඤ‍්ඤාය තං සඤ‍්ඤං සඤ‍්ජානාති, තාය චෙතනාය තං චෙතනං චෙතෙති, තෙන චිත‍්තෙන තං චිත‍්තං චින‍්තෙති, තෙන විතක‍්කෙන තං විතක‍්කං විතක‍්කෙති, තෙන විචාරෙන තං විචාරං විචාරෙති. තාය පීතියා තං පීතිං පියායති, තාය සතියා තං සතිං සරති, තාය පඤ‍්ඤාය තං පඤ‍්ඤං පජානාති,

ස. අනු: ඒ ස්පර්‍ශයෙන් ඒ ස්පර්‍ශය ස්පර්‍ශ කෙරේ ද, ඒ වේදනායෙන් ඒ වේදනාව විඳී ද, ඒ සංඥායෙන් ඒ සංඥාව හඳුනා ද, ඒ චේතනායෙන් ඒ චේතනාව සිතා ද, ඒ සිතින් ඒ සිත සිතා ද, ඒ විතර්‍කයෙන් ඒ විතර්‍කය විතර්‍කණ කෙරේ ද, ඒ විචාරයෙන් ඒ විචාරය විචාර කෙරේ ද, ඒ ප්‍රීතියෙන් ඒ ප්‍රීතිය පියායන කෙරේ ද, ඒ සිහියෙන් ඒ සිහිය සිහි කෙරේ ද, ඒ ප්‍රඥායෙන් ඒ ප්‍රඥාව දැනගනී ද,

තෙන ඛග‍්ගෙන තං ඛග‍්ගං ඡින්‍දති, තෙන ඵරසුනා තං ඵරසුං තච‍්ඡති, තාය කුට‍්ඨාරියා තං කුඨාරිං තච‍්ඡති, තාය වාසියා තං වාසිං තච‍්ඡති, තාය සූචියා තං සූචිං සිබ‍්බෙති, තෙන අඞ‍්ගුලග‍්ගෙන තං අඞ‍්ගුලග‍්ගං පරාමසති, තෙන නාසිකග‍්ගෙන තං නාසිකග‍්ගං පරාමසති, තෙන මත්‍ථකෙන තං මත්‍ථකං පරාමසති, තෙන ගූථෙන තං ගූථං ධොවති, තෙන මුත‍්තෙන තං මුත‍්තං ධොවති, තෙන ඛෙළෙන තං ඛෙළං ධොවති, තෙන පුබ‍්බෙන තං පුබ‍්බං ධොවති, තෙන ලොහිතෙන තං ලොහිතං ධොවතී’ති.

ඒ කගින් ඒ කග සිඳුනේ ද, ඒ පොරොවින් ඒ පොරොව සසී ද, ඒ කෙටේරියෙන් කෙටේරිය සසී ද, ඒ වැහැයෙන් ඒ වැහැය සස්නේ ද, ඒ හිද්දෙන් ඒ හිද්ද හිවා ද, ඒ ඇඟිලි අගින් ඒ ඇඟිලි අග පරාමර්‍ශ කෙරේ ද, ඒ නැහැ අගින් ඒ නැහැ අග පිරිමසා ද, ඒ මස්තකයෙන් ඒ මස්තකය පරාමර්‍ශ කෙරේ ද, ඒ මූත්‍රයෙන් ඒ මූත්‍රය දොවී ද, ඒ කෙළින් ඒ කෙළ දොවී ද, ඒ පූයායෙන් ඒ පූයාව ධෝවන කෙරේ ද, ඒ ලෙහෙයෙන් ඒ ලෙහෙය දොනේ වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ.

5. ප. පු: න වත‍්තබ‍්බං: පච‍්චුප‍්පන‍්නෙ ඤාණං අත්‍ථී’ති.

5. ප. පු: ‘ප්‍රත්‍යුත්පන්න ඥානය ඇතැ’ යි නො කියැයුතු වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්ඤා: එසේ යැ.

ප. අනු: නනු සබ‍්බසඞ‍්ඛාරෙ අනිච‍්චතො දිට‍්ඨෙ තම‍්පි ඤාණං අනිච‍්චතො දිට‍්ඨං හොතී’ති.

ප. අනු: හැම සංස්කාර අනිත්‍ය විසින් දක්නාලද කල්හි ඒ ඥානයත් අනිත්‍ය විසින් දක්නාලද්දේ නො වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්ඤා: එසේ යැ.

අනු. ඨ: හඤ‍්චි සබ‍්බසඞ‍්ඛාරෙ අනිච‍්චතො දිට‍්ඨෙ තම‍්පි ඤාණං අනිච‍්චතො දිට‍්ඨං හොති,

අනු. ඨ: ඉදින් හැම සංස්කාර අනිත්‍ය විසින් දක්නාලද කල්හි ඒ ඥානයත් අනිත්‍ය විසින් දක්නාලද වේ නම්,

අනු. පා: තෙන වත රෙ වත‍්තබ‍්බෙ: පච‍්චුප‍්පන‍්නෙ ඤාණං අත්‍ථී’ති.

අනු. පා: භවත, එකරුණින් ‘ප්‍රත්‍යුත්පන්න ඥානය ඇතැ’යි කියැයුතු මැ යැ.

පච‍්චුප‍්පන‍්නඤාණකථා නිට‍්ඨිතා.

ප්‍රත්‍යුත්පන්නඤාණකථා නිමි.