යෙදුමෙන් කියවන්න

ගිහිස‍්සඅරහාතිකථා

4. 1.

4. 1.

ගිහිස‍්සඅරහාතිකථා.

ගිහිස්සඅරහාතිකථා

[යසකුලපුත්‍රාදීන් ගෘහීව්‍යඤ්ජනයෙන් සිටියවුන්ගේ අර්‍හත්ත්‍වප්‍රාප්ති දැක ‘ගිහියා රහත් වෙති’ යි ගත් වාදී කෙනෙක් ඇත. උත්තරාපථකයන් සෙයිනි. උන්ගේ වාද බිඳුනට ‘ගිහිස්ස අරහාති’ කථා එයි.]

1. ස. පු: ගිහිස‍්ස අරහා’ති

1. ස. පු: ගිහියෙක් රහත් වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: අත්‍ථී අරහතො ගිහීසඤ‍්ඤොජනන‍්ති.

ස. අනු: රහත්හට ගිහී සංයෝජන ඇද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

2. ස. පු: නත්‍ථී අරහතො ගිහීසඤ‍්ඤොජනන‍්ති.

2. ස. පු: රහත්හට ගිහී සංයෝජන නැද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

අනු. ඨ: හඤ‍්චි නත්‍ථී අරහතො ගිහීසඤ‍්ඤොජනං,

අනු. ඨ: ඉදින් රහත්හට ගිහී සංයෝජන නැත් නම්,

අනු. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ ගිහිස‍්ස අරහා’ති.

අනු. පා: භවත, ‘ගිහියා රහත් වෙති’ යි නො කියැයුතු මැ යැ.

3. ස. පු: ගිහිස‍්ස අරහා’ති.

3. ස. පු: ගිහියා රහත් වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: නනු අරහතො ගිහීසඤ‍්ඤොජනං පහීනං උච‍්ඡින‍්නමූලං තාලාවත්‍ථුකතං අනභාවං කතං ආයතිං අනුප‍්පාදධම‍්මන‍්ති.

ස. අනු: රහත්හට ගිහී සංයෝජන පුහුන් වූයේ උසුන්මුල් වූයේ මුදුන්සුන් තලක් සේ අවස්තුක වූයේ ප්‍රඥායෙන් කළ අභාව ඇතියේ මතුයෙහි නූපදනා සැහැවි ඇතියේ නො වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

අනු. ඨ: හඤ‍්චි අරහතො ගිහීසඤ‍්ඤොජනං පහීනං උච‍්ඡින‍්නමූලං තාලාවත්‍ථුකතං අනභාවං කතං ආයතිං අනුප‍්පාදධම‍්මං,

අනු. ඨ: ඉදින් රහත්හට ගෘහීසංයෝජන ප්‍රහීණ වී නම්, උසුන්මුල් වී නම් මුදුන්සුන් තලක් සේ අවස්තුක වී නම්, ප්‍රඥායෙන් කළ අභාව ඇති වී නම්, මතුයෙහි නූපදනා සැහැවි ඇති වී නම්,

අනු. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ ගිහිස‍්ස අරහා’ති.

අනු. පා: භවත, ‘ගිහියා රහත් වෙති’ යි නො කියැයුතු මැ යැ.

4. ස. පු: ගිහිස‍්ස අරහා’ති.

4. ස. පු: ගිහියෙක් රහත් වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: අත්‍ථී කොචි ගිහී ගිහීසඤ‍්ඤොජනං අප‍්පහාය දිට‍්ඨෙව ධම‍්මෙ දුක‍්ඛස‍්සන‍්තකරො’ති.

ස. අනු: ගෘහීසංයෝජන නො පියා දෘෂ්ටධර්‍මයෙහි මැ දුක් කෙළවර කරන කිසි ගිහියෙක් ඇද්ද?

ප. පටිඤ‍්ඤා: නත්‍ථී.

ප. පටිඤ්ඤා: නැත.

අනු. ඨ: හඤ‍්චි නත්‍ථී කොචි ගිහී ගිහීසඤ‍්ඤොජනං අප‍්පහාය දිට‍්ඨෙව ධම‍්මෙ දුක‍්ඛස‍්සන‍්තකරො,

අනු. ඨ: ඉදින් ගෘහීසංයෝජන නො පියා ඉහාත්මයෙහි මැ දුක් කෙළවර කරන කිසි ගිහියෙක් නැත් නම්,

අනු. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ ගිහිස‍්ස අරහා’ති.

අනු. පා: භවත, ‘ගිහියෙක් රහත් වේ යැ’ යි නො කියැයුතු මැ යැ.

5. ස. පු: ගිහිස‍්ස අරහාති.

5. ස. පු: ගිහියා රහත් වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: නනු වච‍්ඡගොත‍්තො පරිබ‍්බාජකො භගවන‍්තං එතදවොච: “අත්‍ථී නු ඛො භො ගොතම, කොචි ගිහී ගිහීසඤ‍්ඤොජනං අප‍්පහාය කායස‍්ස භෙදා දුක‍්ඛස‍්සන‍්තකරො’ති. නත්‍ථී ඛො වච‍්ඡ, කොචි ගිහී ගිහීසඤ‍්ඤොජනං අප‍්පහාය කායස‍්ස භෙදා දුක‍්ඛස‍්සන‍්තකරො”ති අත්‍ථෙව සුත‍්තන‍්තොති.

ස. අනු: වච්ඡගොත්ත පරිව්‍රාජකයා භාග්‍යවතුන් වහන්සේට තෙල සැලකෙළේ නො වේ ද: “භවත් ගෞතමයන් වහන්ස! ගිහීසංයෝජන නො පියා කාබුන් මරණින් මතු දුක් කෙළවර කරන යම් මැ ගිහියෙක් ඇත්තේ වේ ද? වච්ඡය! ගිහීසංයෝජන නො පියා කායභේදයෙන් දුක් කෙළවර කරන යම් මැ ගිහියෙක් නැති” යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

අනු. පා: තෙන හි න වත‍්තබ‍්බං ‘ගිහිස‍්ස අරහා’ති

අනු. පා: එකරුණින්, ‘ගිහියා රහත් වෙති’ යි නො කියැයුතු යැ.

6. ස. පු: ගිහිස‍්ස අරහාති.

6. ස. පු: ගිහියා රහත් වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: අරහා මෙථුනං ධම‍්මං පතිසෙවෙය්‍ය, මෙථුනං ධම‍්මං උප‍්පාදෙය්‍ය, පුත‍්තසම‍්බාධසයනං අජ‍්ඣාවසෙය්‍ය, කාසිකචන්‍දනං පච‍්චනුභවෙය්‍ය, මාලාගන්‍ධවිලෙපනං ධාරෙය්‍ය, ජාතරූපරජතං සාදියෙය්‍ය, අජෙළකං පටිගණ‍්හෙය්‍ය, කුක‍්කුටසූකරං පටිගණ‍්හෙය්‍ය,2 හත්‍ථිගවාස‍්සවළවං පටිගණ‍්හෙය්‍ය,2 තිත‍්තිරවට‍්ටකමොරකපිඤ‍්ජරං පටිගණ‍්හෙය්‍ය, පීතවණ‍්ටවාලමොළිකං ධාරෙය්‍ය, ඔදාතානි වත්‍ථානි දීඝදසානි ධාරෙය්‍ය, යාවජීවං අගාරියභූතො අස‍්සා’ති.

ස. අනු: රහත් මෙවුන්දම් සෙවුනේ වේ ද, මෙවුන්දම් උපදවනුයේ වේ ද, පුත්‍රසම්බාධශයනයෙහි වාස කෙරේ ද, කසීසඳුන් වළඳ කෙරේ ද, මල්ගඳවිලෙවුන් දරන්නේ වේ ද, රන්රිදී ඉවසන්නේ වේ ද, එළුබැටෙළු පිළිගන්නේ වේ ද, කුකුළුහූරු පිළිගන්නේ වේ ද, ඇත් ගව අස් වෙළෙඹ පිළිගන්නේ වේ ද, තිත්වටු වටු මොනර කපිඤ්ජරවටු පිළිගන්නේ වේ ද, කසාවන් විජිනි හා වාලමයමෞලි දරන්නේ වේ ද, දික්දහ ඇති සුදුවත් දරන්නේ වේ ද, දිවිහිම් කොට ගිහි වූයේ වේ දැ? යි.

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

7. ස. පු: න වත‍්තබ‍්බං ‘ගිහිස‍්ස අරහා’ති.

7. ප. පු: ‘ගිහියා රහත් වෙති’ යි නො කියැයුතු වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්ඤා: එසේ යැ.

ප. අනු: නනු යසො කුලපුත‍්තො, උත‍්තියො ගහපති, සෙතුමාණවො ගිහීබ්‍යඤ‍්ජනෙන අරහත‍්තං පත‍්තො’ති.

ප. අනු: යස කුලපුත්, උත්තිය ගැහැවි, සෙතුමාණව, ගෘහීව්‍යඤ්ජනයෙන් අර්‍හත්‍වයට පැමිණියේ නො වේ ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්ඤා: එසේ යැ.

අනු. ඨ: හඤ‍්චි යසො කුලපුත‍්තො, උත‍්තියො ගහපති, සෙතුමාණවො ගිහීබ්‍යඤ‍්ජනෙන අරහත‍්තං පත‍්තො.

අනු. ඨ: ඉදින් යස කුලපුත්, උත්තියගැහැවි, සෙතුමාණව, ගිහිලකුණින් මැ රහත්බවට පැමිණියේ වී නම්,

අනු. පා: තෙන වත රෙ වත‍්තබෙබ ‘ගිහිස‍්ස අරහා’ති.

අනු. පා: එකරුණින් භවත, ‘ගිහියා රහත් වෙති’ යි කියැයුතු මැ යැ.

ගිහිස‍්ස අරහාතිකථා නිට‍්ඨිතා.

ගිහිස්ස අරහාතිකථා නිමි.