යෙදුමෙන් කියවන්න

අනාසවකථා

4. 3.

4. 3.

අනාසවකථා.

අනාසවකථා

[‘අනාස්‍රව වූ රහත්හුගේ යම් ධර්‍ම කෙනෙක් ඇද්ද, එහැම දහම්හු අනාස්‍රවයහ’යි ලබ්ධිගත් වාදී කෙනෙක් ඇත. උත්තරාපථකයන් සෙයිනි. උන්ගේ වාද බිඳුනට අනාසවකථා එයි.]

1. ස. පු: අරහතො සබ‍්බෙ ධම‍්මා අනාසවා’ති.

1. ස. පු: රහත්හුගේ හැම දහම්හු අනාස්‍රව වෙත් ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: මග‍්ගො ඵලං නිබ‍්බානං සොතාපත‍්තිමග‍්ගො සොතාපත‍්තිඵලං සකදාගාමිමග‍්ගො සකදාගාමිඵලං අනාගාමිමග‍්ගො අනාගාමිඵලං අරහත‍්තමග‍්ගො අරහත‍්තඵලං සතිපට‍්ඨානං සම‍්මප‍්පධානං ඉද‍්ධිපාදො ඉන්‍ද්‍රියං බලං බොජ‍්ඣඞ‍්ගො’ති.

ස. අනු: මාර්‍ගය ඵලය නිර්‍වාණය ශ්‍රෝතාපත්තිමාර්‍ගය ශ්‍රෝතාපත්තිඵලය සකෘදාගාමිමාර්‍ගය සකෘදාගාමිඵලය අනාගාමිමාර්‍ගය අනාගාමිඵලය අර්‍හත්ත්‍වමාර්‍ගය අර්‍හත්ත්‍වඵලය සමෘතිප්‍රස්ථානය සම්‍යක්ප්‍රධානය ඍද්ධිපාදය ඉන්‍ද්‍රියය බලය බෝධ්‍යඞ්ගය යන මොහු අනාස්‍රවධර්‍මයෝ වෙත් ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

2. ස. පු: අරහතො සබ‍්බෙ ධම‍්මා අනාසවා’ති.

2. ස. පු: රහත්හුගේ හැම දහම්හු අනාස්‍රව වෙත් ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: අරහතො චක‍්ඛුං අනාසවන‍්ති.

ස. අනු: රහත්හුගේ ඇස අනාස්‍රව වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

3. ස. පු: අරහතො චක‍්ඛුං අනාසවන‍්ති.

3. ස. පු: රහත්හුගේ ඇස අනාස්‍රව වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ. (අනාස්‍රවයා අයත් හෙයින් පිළින කෙරෙයි.)

ස. අනු: මග‍්ගො ඵලං නිබ‍්බානං සොතාපත‍්තිමග‍්ගො සොතාපත‍්තිඵලං -පෙ- බොජ‍්ඣඞ‍්ගො’ති.

ස. අනු: මාර්‍ගය, ඵලය, නිර්‍වාණය, ශ්‍රෝතාපත්තිමාර්‍ගය, ශ්‍රෝතාපත්තිඵලය … බෝධ්‍යඞ්ගය අනාස්‍රව වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

ස. අනු: අරහතො සොතං -පෙ- අරහතො ඝානං -පෙ- අරහතො ජිව‍්හා -පෙ- අරහතො කායො අනාසවො’ති.

ස. අනු: රහත්හුගේ ශ්‍රෝත්‍රය … රහත්හුගේ ඝ්‍රාණය … රහත්හුගේ ජිහ්වාව … රහත්හුගේ කාය අනාස්‍රව වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

4. ස. පු: අරහතො කායො අනාසවො’ති.

4. ස. පු: රහත්හුගේ කය අනාස්‍රව වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: මග‍්ගො ඵලං නිබ‍්බානං සොතාපත‍්තිමග‍්ගො සොතාපත‍්තිඵලං -පෙ- බොජ‍්ඣඞ‍්ගො’ති.

ස. අනු: මාර්‍ගය, ඵලය, නිර්‍වාණය, ශ්‍රෝතාපත්තිමාර්‍ගය, ශ්‍රෝතාපත්තිඵලය, … බෝධ්‍යඞ්ගය අනාස්‍රව වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

5. ස. පු: අරහතො කායො අනාසවො’ති.

5. ස. පු: රහත්හුගේ කය අනාස්‍රව වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: අරහතො කායො පග‍්ගහනිග‍්ගහූපගො ඡෙදනභෙදනූපගො කාකෙහි ගිජ‍්ඣෙහි කුලලෙහි සාධාරණො’ති.

ස. අනු: රහත්හුගේ කය ප්‍රග්‍රහ නිග්‍රහ දෙකට පැමිණියේ ඡේදන භේදන දෙකට පැමිණියේ කවුඩන් හා ගිජුලිහිණියන් හා උකුසුවන් හා සාධාරණ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: අනාසවො ධම‍්මො පග‍්ගහනිග‍්ගහූපගො ඡෙදනභෙදනූපගො කාකෙහි ගිජ‍්ඣෙහි කුලලෙහි සාධාරණො’ති.

ස. අනු: අනාස්‍රවධර්‍මය ප්‍රග්‍රහනිග්‍රහ දෙකට පැමිණියේ ඡේදන භේදන දෙකට පැමිණියේ කවුඩන් හා ගිජුලිහිණියන් හා උකුසුවන් හා සාධාරණ වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

6. ස. පු: අරහතො කායෙ විසං කමෙය්‍ය, සත්‍ථං කමෙය්‍ය, අග‍්ගිං කමෙය්‍යා’ති.

6. ස. පු: රහත්හුගේ කයෙහි විස වදනේ වේ ද, සැත් වදනේ වේ ද, ගිනි වදනේ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ,

ස. අනු: අනාසවෙ ධම‍්මෙ විසං කමෙය්‍ය, සත්‍ථං කමෙය්‍ය, අග‍්ගිං කමෙය්‍යා’ති.

ස. අනු: අනාස්‍රවධර්‍මයෙහි විස වදනේ වේ ද, සැත් වදනේ වේ ද, ගිනි වදනේ වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

7. ස. පු: ලබ‍්භා අරහතො කායො අන්‍දුබන්‍ධනෙන බන්‍ධිතුං, රජ‍්ජුබන්‍ධනෙන බන්‍ධිතුං, සඞ‍්ඛලිකබන්‍ධනෙන බන්‍ධිතුං, ගාමබන්‍ධනෙන බන්‍ධිතුං, නිගමබන්‍ධනෙන බන්‍ධිතුං, නගරබන්‍ධනෙන බන්‍ධිතුං, ජනපදබන්‍ධනෙන බන්‍ධිතුං, කණ‍්ඨපඤ‍්චමෙහි බන්‍ධනෙහි බන්‍ධිතුන‍්ති.

7. ස. පු: රහත්හුගේ කය කාරාබන්‍ධනයෙන් බඳනට ලැබේ ද, රජ්ජුබන්‍ධනයෙන් බඳනට ලැබේ ද, හැකිළි බැම්මෙන් බඳනට ලැබේ ද, ග්‍රාමබන්‍ධනයෙන් බඳනට ලැබේ ද, නිගමබන්‍ධනයෙන් බඳනට ලැබේ ද, නගරබන්‍ධනයෙන් බඳනට ලැබේ ද, ජනපදබන්‍ධනයෙන් බඳනට ලැබේ ද, කණ්ඨපඤ්චම බන්‍ධනයෙන් බඳනට ලැබේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: ලබ‍්භා අනාසවො ධම‍්මො අන්‍දුබන්‍ධනෙන2 . බන්‍ධිතුං, රජ‍්ජුබන්‍ධනෙන බන්‍ධිතුං, සඞ‍්ඛලිකබන්‍ධනෙන බන්‍ධිතුං, ගාම -පෙ- නිගම -පෙ- නගර -පෙ- ජනපද -පෙ- කණ‍්ඨපඤ‍්චමෙන බන්‍ධනෙන බන්‍ධිතුන‍්ති.

ස. අනු: අනාස්‍රවධර්‍මය අන්‍දුබන්‍ධනයෙන් බඳනට රජ්ජුබන්‍ධනයෙන් බඳනට ශෘඞ්ඛලිකාබන්‍ධනයෙන් බඳනට ග්‍රාම … නිගම … නගර … ජනපද … කණ්ඨපඤ්චමබන්‍ධනයෙන් බඳනට ලැබේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

8. ස. පු: යදි අරහා පුථුජ‍්ජනස‍්ස චීවරං දෙති, අනාසවං හුත්‍වා සාසවං හොතී’ති.

8. ස. පු: ඉදින් රහත් පෘථග්ජනහට සිවුරු දේ නම් අනාස්‍රව වැ සාස්‍රව වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

ස. පු: අනාසවං හුත්‍වා සාසවං හොතී’ති.

ස. පු: (පළමු) අනාස්‍රව වැ (පසුව) සාස්‍රව වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: තඤ‍්ඤෙව අනාසවං තං සාසවන‍්ති.

ස. අනු: එ මැ අනාස්‍රවත් එ මැ සාස්‍රවත් වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

9. ස. පු: තඤ‍්ඤෙව අනාසවං තං සාසවන‍්ති.

9. ස. පු: එ මැ අනාස්‍රවත් එ මැ සාස්‍රවත් වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: මග‍්ගො අනාසවො හුත්‍වා සාසවො හොතී’ති.

ස. අනු: මාර්‍ගය අනාස්‍රව වැ සාස්‍රව වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

ස. පු: ඵලං සතිපට‍්ඨානං සම‍්මප‍්පධානං ඉද‍්ධිපාදො ඉන්‍ද්‍රියං බලං බොජ‍්ඣඞ‍්ගො අනාසවො හුත්‍වා සාසවො හොතී’ති.

ස. පු.: ඵල ස්මෘතිප්‍රස්ථාන සම්‍යක්ප්‍රධාන ඍද්ධිපාද ඉන්‍ද්‍රිය බල බෝධ්‍යඞ්ග අනාස්‍රව වැ සාස්‍රව වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

10. ස. පු: යදි අරහා පුථුජ‍්ජනස‍්ස පිණ‍්ඩපාතං දෙති, සෙනාසනං දෙති, ගිලානපච‍්චයභෙසජ‍්ජපරික‍්ඛාරං දෙති, අනාසවො හුත්‍වා සාසවො හොතී’ති.

10. ස. පු: ඉදින් රහත් පෘථග්ජනහට පිණ්ඩපාත දේ නම්, ශයනාසන දේ නම්, ග්ලානප්‍රත්‍යයභෛසජ්‍යපරිෂ්කාර දේ නම්, අනාස්‍රව වැ සාස්‍රව වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

ස. පු: අනාසවො හුත්‍වා සාසවො හොතී’ති.

ස. පු: අනාස්‍රව වැ සාස්‍රව වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: තඤ‍්ඤෙව අනාසවං තං සාසවන‍්ති.

ස. අනු: එ මැ අනාස්‍රවත් එ මැ සාස්‍රවත් වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

11. ස. පු: තඤ‍්ඤෙව අනාසවං තං සාසවන‍්ති.

11. ස. පු: එ මැ අනාස්‍රවත් එ මැ සාස්‍රවත් වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: මග‍්ගො අනාසවො හුත්‍වා සාසවො හොතී’ති.

ස. අනු: මාර්‍ගය (පළමු) අනාස්‍රව වැ (පසුව) සාස්‍රව වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

ස. අනු: ඵලං සතිපට‍්ඨානං සම‍්මප‍්පධානං ඉද‍්ධිපාදො ඉන්‍ද්‍රියං බලං බොජ‍්ඣඞ‍්ගො අනාසවො හුත්‍වා සාසවො හොතී’ති.

ස. අනු: ඵල ස්මෘතිප්‍රස්ථාන සම්‍යක්ප්‍රධාන ඍද්ධිපාද ඉන්‍ද්‍රිය බල බෝධ්‍යඞ්ග (පළමු) අනාස්‍රව වැ (පසුව) සාස්‍රව වේ ද?

ප. පටි’ න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

12. ස. පු: යදි පුථුජ‍්ජනො අරහතො චීවරං දෙති, සාසවං හුත්‍වා අනාසවං හොතී’ති.

12. ස. පු: ඉදින් පුහුදුන් පුඟුල් රහත්හට සිවුරු දේ නම්, (පළමු) සාස්‍රව (පසුව) අනාස්‍රව වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

ස. පු: සාසවං හුත්‍වා අනාසවං හොතී’ති.

ස. පු: (පළමු) සාස්‍රව (පසුව) අනාස්‍රව වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: තඤ‍්ඤෙව සාසවං තං අනාසවන‍්ති.

ස. අනු: එ මැ සාස්‍රවත් එ මැ අනාස්‍රවත් වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

13. ස. පු: තඤ‍්ඤෙව සාසවං තං අනාසවන‍්ති.

13. ස. පු: එ මැ සාස්‍රවත් එ මැ අනාස්‍රවත් වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: රාගො සාසවො හුත්‍වා අනාසවො හොතී’ති.

ස. අනු: රාගය (පළමු) සාස්‍රව වැ (පසුව) අනාස්‍රව වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

ස. අනු: දොසො -පෙ- මොහො -පෙ- අනොත‍්තප‍්පං සාසවං හුත්‍වා අනාසවං හොතී’ති.

ස. අනු: ද්වේෂය … මෝහය … අනපත්‍රපා (පළමු) සාස්‍රව වැ (පසුව) අනාස්‍රව වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

14. ස. පු: යදි පුථුජ‍්ජනො අරහතො පිණ‍්ඩපාතං දෙති. සෙනාසනං දෙති, ගිලානපච‍්චයභෙසජ‍්ජපරික‍්ඛාරං දෙති, සාසවො හුත්‍වා අනාසවො හොතී’ති.

14. ස. පු: ඉදින් පුහුදුන් පුඟුල් රහත්හට පිණ්ඩපාත දේ නම්, සෙනසුන් දේ නම්, ගිලන්පසබෙහෙසද්පිරිකර දේ නම් (පළමු) සාස්‍රව වැ (පසුව) අනාස්‍රව වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

ස. පු: සාසවො හුත්‍වා අනාසවො හොතී’ති.

ස. පු: (පළමු) සාස්‍රව වැ (පසුව) අනාස්‍රව වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: තඤ‍්ඤෙව සාසවං තං අනාසවන‍්ති.

ස. අනු: එ මැ සාස්‍රවත් එ මැ අනාස්‍රවත් වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

15. ස. පු: තඤ‍්ඤෙව සාසවං තං අනාසවන‍්ති.

15. ස. පු: එ මැ සාස්‍රවත් එ මැ අනාස්‍රවත් වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: රාගො සාසවො හුත්‍වා අනාසවො හොතී’ති.

ස. අනු: රාගය (පළමු) සාස්‍රව වැ (පසුව) අනාස්‍රව වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

ස. අනු: දොසො -පෙ- මොහො -පෙ- අනොත‍්තප‍්පං සාසවං හුත්‍වා අනාසවං හොතී’ති.

ස. අනු: ද්වේෂය … මෝහය … අනපත්‍රපා (පළමු) සාස්‍රව වැ (පසුව) අනාස්‍රව වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු යැ …

16. ස. පු: න වත‍්තබ‍්බං ‘අරහතො සබ‍්බෙ ධම‍්මා අනාසවා’ති.

16. ප. පු: ‘රහත්හුගේ හැම ධර්‍මයෝ අනාශ්‍රවහ’ යි නො කියැයුතු වේ ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්ඤා: එසේ යැ.

ප. පු: නනු අරහා අනාසවො’ති.

ප. පු: රහත් අනාස්‍රව නො?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්ඤා: එසේ යැ.

අනු. ඨ: හඤ‍්චි අරහා අනාසවො,

අනු. ඨ: ඉදින් රහත් අනාස්‍රව වේ නම්,

අනු පා: තෙන වත රෙ වත‍්තබ‍්බෙ අරහතො සබ‍්බෙ ධම‍්මා අනාසවා’ති.

අනු. පා: එ කරුණින් භවත, රහත්හුගේ හැම ධර්‍මයෝ අනාස්‍රවහ’ යි කියැයුතු මැ යැ …

අනාසවකථා නිට‍්ඨිතා.

අනාස්‍රවකථා නිමි.