උපෙක්ඛාසමන්නාගතකථා
4. 5.
4. 5.
උපෙක්ඛාසමන්නාගතකථා.
උපෙක්ඛාසමන්නාගතකථා
[‘ඒකක්ෂණයෙහි රහත්නට සියලු උපේක්ෂාවන්ගේ උත්පත්තිභාවයෙක් නැති’යි දක්වන්නට උපෙක්ඛාසමන්නාගතකථා එයි.]
1. ස. පු: අරහා ඡහි උපෙක්ඛාහි සමන්නාගතො’ති.
1. ස. පු: රහත් සවැදෑරුම් උපේක්‍ෂායෙන් සමන්වාගත වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අරහා ඡහි ඵස්සෙහි ඡහි වෙදනාහි ඡහි සඤ්ඤාහි -පෙ- ඡහි පඤ්ඤාහි සමන්නාගතො’ති.
ස. අනු: රහත් සවැදෑරුම් ස්පර්ශයෙන් සවැදෑරුම් වේදනායෙන් සවැදෑරුම් සංඥායෙන් … සවැදෑරුම් ප්‍රඥායෙන් සමන්වාගත වේ ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
2. ස. පු: අරහා ඡහි උපෙක්ඛාහි සමන්නාගතො’ති.
2. ස. පු: රහත් සවැදෑරුම් උපේක්‍ෂායෙන් සමන්වාගත වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අරහා චක්ඛුනා රූපං පස්සන්තො සොතෙන සද්දං සුණාති, ඝානෙන ගන්ධං ඝායති, ජිව්හාය රසං සායති. කායෙන ඵොට්ඨබ්බං ඵුසති, මනසා ධම්මං විජානාති; මනසා ධම්මං විජානන්තො චක්ඛුනා රූපං පස්සති -පෙ- සොතෙන සද්දං සුණාති -පෙ- ඝානෙන ගන්ධං ඝායති -පෙ- ජිව්හාය රසං සායති -පෙ- කායෙන ඵොට්ඨබ්බං ඵුසතී’ති.
ස. අනු: රහත් ඇසින් රූප දක්නේ කනින් ශබ්ද අසා ද, නැහැයෙන් ගඳ ආඝ්රාණ කෙරේ ද, දිවින් රස ආස්වාද කෙරේ ද, කයින් ස්ප්‍රෂ්ටව්‍ය ස්පර්ශ කෙරේ ද, සිතින් ධර්මය දනී ද? සිතින් ධර්මය දන්නේ ඇසින් රූප දකී ද … කනින් ශබ්ද අසා ද … ඝ්‍රාණයෙන් ගන්ධ ආඝ්රාණ කෙරේ ද … දිවින් රස ආස්වාද කෙරේ ද … කයින් ස්ප්‍රෂ්ටව්‍ය ස්පර්ශ කෙරේ ද?
ප පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
3. ස. පු: අරහා ඡහි උපෙක්ඛාහි සමන්නාගතො’ති.
3. ස. පු: රහත් සවැදෑරුම් උපේක්‍ෂායෙන් සමන්වාගත වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සත්තං සමිතං අබ්බොකිණ්ණං ඡහි උපෙක්ඛාහි සමන්නාගතො සමොහිතො ඡ උපෙක්ඛායො පච්චුපට්ඨිතා’ති.
ස. අනු: නිරන්තරයෙන් අනවරතයෙන් නුබුන් කොට සවැදෑරුම් උපේක්‍ෂායෙන් සමන්වාගත වූයේ සමවහිත වූයේ වේ ද, සවැදෑරුම් උපේක්‍ෂාවෝ එළඹ සිටියාහු වෙත් ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
4. ප. පු: න වත්තබ්බං ‘අරහා ඡහි උපෙක්ඛාහි සමන්නාගතො’ති.
4. ස. පු: ‘රහත් සවැදෑරුම් උපේක්‍ෂායෙන් සමන්වාගතයහ’යි නො කියැයුතු වේ ද?
ස. පටිඤ්ඤා: ආමන්තා.
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: නනු අරහා ඡළඞ්ගුපෙක්ඛො’ති.
ප. අනු: රහත් ෂඩඞ්ගෝපේක්ෂා ඇතියේ නො වේ ද?
ස. පටිඤ්ඤා: ආමන්තා.
ස. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: හඤ්චි අරහා ඡළඞ්ගුපෙක්ඛො,
අනු. ඨ: ඉදින් රහත් ෂඩඞ්ගෝපේක්ෂා ඇතියේ වී නම්,
අනු. පා: තෙන වත රෙ වත්තබ්බෙ: අරහා ඡහි උපෙක්ඛාහි සමන්නාගතො’ති.
අනු. පා: භවත, එකරුණින් ‘රහත් සවැදෑරුම් උපේක්‍ෂායෙන් සමන්වාගතයහ’ යි නො කියැයුතු මැ යැ.
උපෙක්ඛාසමන්නාගතකථා නිට්ඨිතා.
උපෙක්ඛාසමන්නාගතකථා නිමි.