යථාකම්මූපගතඤාණකථා
3. 9.
3. 9.
යථාකම‍්මූපගතඤාණකථා.
යථාකම්මූපගතඤාණකථා
[“ඉති දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන –පෙ– යථාකම්මූපගෙ සත්තෙ පජානාති” යන සූත්‍ර නුනුවණින් ගෙන යථාකම්මූපගඤාණය මැ දිව්‍යචක්‍ෂුසැ යි ලබ්ධි ගත් වාදී කෙනෙක් ඇත. උන්ගේ වාද බිඳුනට යථාකම්මූපගත ඤාණකථා එයි.]
1. ස. පු. යථාකම‍්මූපගතං ඤාණං. දිබ‍්බචක‍්ඛුන‍්ති.
1. ස. පු: යථාකර්‍මොපගත ඥානය දිව්‍යචක්‍ෂුස් වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: යථාකම‍්මූපගතඤ‍්ච මනසි කරොති, දිබ‍්බෙන චක‍්ඛුනා රූපං පස‍්සතීති.
ස. අනු: යථාකර්මෝපගතයත් මෙනෙහි කෙරේ ද? දිව්‍යචක්‍ෂුසින් රූපයත් දක්නේ වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
2. ස. පු: යථාකම‍්මූපගතඤ‍්ච මනසි කරොති, දිබ‍්බෙන චක‍්ඛුනා රූපං පස‍්සතීති.
2. ස. පු: යථාකර්මෝපගතයත් මෙනෙහි කෙරේ ද? දිව්‍යචක්‍ෂුසින් රූපයත් දක්නේ වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ද‍්වින‍්නං ඵස‍්සානං ද‍්වින‍්නං චිත‍්තානං සමොධානං හොතීති.
ස. අනු: ස්පර්‍ශයන් දෙදෙනකුන්ගේ, චිත්තයන් දෙදෙනකුන්ගේ සමවධාන වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
3. ස. පු: යථාකම‍්මූපගතං ඤාණං දිබ‍්බචක‍්ඛුන‍්ති.
3. ස. පු: යථාකර්‍මොපගත ඥානය දිව්‍ය චක්‍ෂුස් වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ‘ඉමෙ වත භොන‍්තො සත‍්තා’ති ච මනසි කරොති, ‘කායදුච‍්චරිතෙන සමන‍්නාගතා’ති ච මනසි කරොති, ‘වචීදුච‍්චරිතෙන සමන‍්නාගතා’ති ච මනසි කරොති, ‘මනොදුච‍්චරිතෙන සමන‍්නාගතා’ති ච මනසි කරොති, ‘අරියානං උපවාදකා’ති මනසි කරොති, ‘මිච‍්ඡාදිට‍්ඨිකා’ති ච මනසි කරොති, ‘මිච‍්ඡාදිට‍්ඨිකම‍්මසමාදානා’ති ච මනසි කරොති, ‘තෙ කායස‍්ස භෙදා පරම‍්මරණා අපායං දුග‍්ගතිං විනිපාතං නිරයං උපපන‍්නා’ති ච මනසි කරොති, ‘ඉමෙ වා පන භොන‍්තො සත‍්තා’ති ච මනසි කරොති. ‘කායසුචරිතෙන සමන‍්නාගතා’ති ච මනසි කරොති, වචීසුචරිතෙන සමන‍්නාගතා’ති ච මනසි කරොති, ‘මනොසුචරිතෙන සමන‍්නාගතා’ති ච මනසි කරොති, ‘අරියානං අනුපවාදකා’ති ච මනසි කරොති, ‘සම‍්මාදිට‍්ඨිකා’ති ච මනසි කරොති, ‘සම‍්මාදිට‍්ඨිකම‍්මසමාදානා’ති ච මනසි කරොති, ‘තෙ කායස‍්ස භෙදා පරම‍්මරණා සුගතිං සග‍්ගං ලොකං උප‍්පන‍්නා’ති ච මනසි කරොති, දිබ‍්බෙන චක‍්ඛුනා රූපං පස‍්සතීති.
ස. අනු: ‘ඒකාන්තයෙන් මේ භවත් සත්ත්‍වයහ’යි ද මෙනෙහි කෙරෙයි, ‘කායදුශ්චරිතයෙන් සමන්‍වාගතයහ’යි ද මෙනෙහි කෙරෙයි, ‘වාග්දුශ්චරිතයෙන් සමන්‍වාගතයහ’යි ද මෙනෙහි කෙරෙයි, ‘මනෝදුශ්චරිතයෙන් සමන්‍වාගතයහ’යි ද මෙනෙහි කෙරෙයි, ‘ආර්‍ය්‍යයනට උපවාද කරනුවහ’යි ද මෙනෙහි කෙරෙයි, ‘මිථ්‍යාදෘෂ්ටි ඇතියහ’යි ද මෙනෙහි කෙරෙයි, ‘මිථ්‍යාදෘෂ්ටිකර්‍මසමාදාන ඇතියහ’යි ද මෙනෙහි කෙරෙයි, ‘ඔහු කාබුන් මරණින් මතු සැපයෙන් පහ වූ දුකට ගති වූ විවශ වැ පතිත වන නිරයට පැමිණියාහ’යි ද මෙනෙහි කෙරෙයි, යළි ‘මේ භවත් සත්ත්‍වයහ’යි ද මෙනෙහි කෙරෙයි, ‘කායසුචරිතයෙන් සමන්‍වාගතයහ’යි ද මෙනෙහි කෙරෙයි, ‘වාක්සුචරිතයෙන් සමන්‍වාගතයහ’යි ද මෙනෙහි කෙරෙයි, ‘මනස්සුචරිතයෙන් සමන්‍වාගතයහ’යි ද මෙනෙහි කෙරෙයි, ‘ආර්‍ය්‍යයනට උපවාද නො කරනුවහ’යි ද මෙනෙහි කෙරෙයි, ‘සම්‍යග්දෘෂ්ටි ඇතියහ’යි ද මෙනෙහි කෙරෙයි, ‘සම්‍යග්දෘෂ්ටිකර්‍මසමාදාන ඇතියහ’යි ද මෙනෙහි කෙරෙයි, ‘ඔහු කාබුන් මරණින් මතුයෙහි සුන්‍දරගති ඇති ස්වර්‍ගලෝකයට වන්හ’යි ද මෙනෙහි කෙරෙයි, දිව්‍යචක්‍ෂුසින් රූප දක්නේ වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
4. ස. පු: යථාකම‍්මූපගතං ඤාණං දිබ‍්බචක‍්ඛුන‍්ති.
4. ස. පු: යථාකර්‍මොපගත ඥානය දිව්‍යචක්‍ෂුස් වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ‘ඉමෙ වත භොන‍්තො සත‍්තා’ති ච මනසිකරොති -පෙ- ‘තෙ කායස‍්ස භෙදා පරම‍්මරණා සුගතිං සග‍්ගං ලොකං උපපන‍්නා’ති ච මනසි කරොති, දිබ‍්බෙන චක‍්ඛුනා රූපං පස‍්සතීති.
ස. අනු: ‘ඒකාන්තයෙන් මේ භවත් සත්ත්‍වයහ’යි ද මෙනෙහි කෙරෙයි …. ‘ඔහු කාබුන් මරණින් මතු සුගති සඞ්ඛ්‍යාත ස්වර්‍ගලෝකයට වන්හ’යි ද මෙනෙහි කෙරෙයි, දිවැසින් රූප දක්නේ වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ද‍්වින‍්නං ඵස‍්සානං ද‍්වින‍්නං චිත‍්තානං සමොධානං හොතීති.
ස. අනු: ස්පර්‍ශයන් දෙදෙනකුන්ගේ චිත්තයන් දෙදෙනකුන්ගේ සමවධාන වේ ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
5. ස. පු: යථාකම‍්මූපගතං ඤාණං දිබ‍්බචක‍්ඛුන‍්ති.
5. ස. පු: යථාකර්‍මොපගත ඥානය දිව්‍යචක්‍ෂුස් වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අත්‍ථි කොචි අදිබ‍්බචක‍්ඛුකො දිබ‍්බචක‍්ඛුං අප‍්පටිලද‍්ධො අනධිගතො අසච‍්ඡිකතො යථාකම‍්මූපගතං ජානාතීති.
ස. අනු: දිව්‍යචක්‍ෂුස නැති දිව්‍යචක්‍ෂුස නො ලත් අධිගම නො කළ ප්‍රත්‍යක්‍ෂ නො කළ යථාකර්මෝපගතය දන්නා කිසිවෙක් ඇද්ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා:
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: හඤ‍්චි අත්‍ථි කොචි අදිබ‍්බචක‍්ඛුකො දිබ‍්බචක‍්ඛුං අප‍්පටිලද‍්ධො අනධිගතො අසච‍්ඡිකතො යථාකම‍්මූපගතං ජානාති,
අනු. ඨ: ඉදින් දිව්‍යචක්‍ෂුස නැත්තේ දිව්‍යචක්‍ෂුස නො ලද්දේ අධිගම නො කෙළේ ප්‍රත්‍යක්‍ෂ නො කෙළේ යථාකර්මෝපගතය දන්නා කිසිවෙක් ඇත් නම්,
අනු. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ ‘යථාකම‍්මූපගතං ඤාණං දිබ‍්බචක‍්ඛුන‍්ති.
අනු. පා: භවත, ‘යථාකර්‍මොපගතඥානය දිව්‍යචක්‍ෂුසැ’යි නො කියැයුතු යැ.
6. ස. පු: යථාකම‍්මූපගතං ඤාණං දිබ‍්බචක‍්ඛුන‍්ති.
6. ස. පු: යථාකර්‍මොපගතඥානය දිව්‍යචක්‍ෂුස් වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ආයස‍්මා සාරිපුත‍්තො යථාකම‍්මූපගතං ජානාතීති.
ස. අනු: ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරණුවෝ යථාකර්මෝපගතය දනිත් ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: හඤ‍්චි ආයස‍්මා සාරිපුත‍්තො යථාකම‍්මූපගතං ජානාති.
අනු. ඨ: ඉදින් ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරණුවෝ යථාකර්මෝපගතය දනිත් නම්,
අනු. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ - යථාකම‍්මූපගතං ඤාණං දිබ‍්බචක‍්ඛුන‍්ති.
අනු. පා: භවත, ‘යථාකර්‍මොපගතඥානය දිව්‍යචක්‍ෂුසැ’යි නො කියැයුතු යැ.
7. ස. පු: යථාකම‍්මූපගතං ඤාණං දිබ‍්බචක‍්ඛුන‍්ති.
7. ස. පු: යථාකර්‍මොපගතඥානය දිව්‍යචක්‍ෂුස් වේ ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ආයස‍්මා සාරිපුත‍්තො යථාකම‍්මූපගතං ජානාතීති.
ස. අනු: ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරණුවෝ යථාකර්මෝපගතය දනිත් ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අත්‍ථායස‍්මතො සාරිපුත‍්තස‍්ස දිබ‍්බචක‍්ඛුන‍්ති.
ස. අනු: ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරණුවනට දිව්‍යචක්‍ෂුස ඇද්ද?
ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු යැ …
8. ස. පු: අත්‍ථායස‍්මතො සාරිපුත‍්තස‍්ස දිබ‍්බචක‍්ඛුන‍්ති.
8. ස. පු: ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරණුවනට දිව්‍යචක්‍ෂුස ඇද්ද?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: නනු ආයස‍්මා සාරිපුත‍්තො එතදවොච:
ස. අනු: ආයුෂ්මත් ශාරීපුත්‍ර තෙරණුවෝ තෙල වදාළහු නො?
“නෙව පුබ‍්බෙ නිවාසාය නපි දිබ‍්බස‍්ස චක‍්ඛුනො චෙතොපරියාය ඉද‍්ධියා සොතධාතු විසුද‍්ධියා චුතියා උපපත‍්තියා පණිධී මෙ න විජ‍්ජති”ති
“පූර්වේනිවාසඥානය පිණිස මාගේ ප්‍රණිධියෙක් නො මැ ඇත. දිව්‍යචක්‍ෂුස පිණිස ද නො ද ඇත. පරචිත්තවිජානනය පිණිස ද නො වෙයි. ඍද්ධිය පිණිස ද නො වෙයි. ශ්‍රෝත්‍රධාතුවිශුද්ධිය පිණිස ද නො වෙයි. ච්‍යුත්‍යුපපාතය පිණිස ද නො වෙයි”
අත්‍ථෙව සුත‍්තන‍්තොති.
වදාළ සූත්‍රානත්තයෙක් ඇත්තේ මැ නු?
ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. පා: තෙන හි න වත‍්තබ‍්බං: යථාකම‍්මූපගතං ඤාණං දිබ‍්බචක‍්ඛුන‍්ති.
අනු. පා: එකරුණින් ‘යථාකර්‍මොපගතඥානය දිව්‍යචක්‍ෂුස් වෙයි’ යනු නො කියැයුතු යැ.
යථාකම‍්මූපගතඤාණකථා නිට‍්ඨිතා.
යථාකම්මූපගතඤාණකථා නිමි.