යෙදුමෙන් කියවන්න

චිත‍්තට‍්ඨිතිකථා

2. 7.

2. 7.

චිත‍්තට‍්ඨිතිකථා.

චිත්තට්ඨිතිකථා

[සමාපත්තිචිත්ත හා භවාඞ්ගචිත්තය හා දෙදෙන අනුප්‍රබන්‍ධ විසින් වැටෙනු දැක එක් මැ සිතෙක බොහෝකල් සිටිතියි ලබ්ධි ගත් වාදීහු ඇත. අන්‍ධකයන් සෙයිනි. උන්ගේ වාද බිඳුනට චිත්තට්ඨිතිකථා එයි.]

1. ස. පු: එකං චිත‍්තං දිවසං තිට‍්ඨතී’ති.

1. ස. පු: එක් සිතෙක් දවසක් සිටුනේ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: උපඩ‍්ඪදිවසො උප‍්පාදක‍්ඛණො, උපඩ‍්ඪදිවසො වයක‍්ඛණො’ති.

ස. අනු: අඩ දිනක් උත්පාදක්‍ෂණයෙහිත් අඩදිනක් ව්‍යයක්‍ෂණයෙහිත් සිටුනේ වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...

2. ස. පු: එකං චිත‍්තං ද‍්වෙ දිවසෙ තිට‍්ඨතී’ති.

2. ස. පු: එක් සිතෙක් දෙදිනක් සිටුනේ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: දිවසො උප‍්පාදක‍්ඛණො, දිවසො වයක‍්ඛණො’ති.

ස. අනු: දවසක් උත්පාදක්‍ෂණයෙහිත් දවසක් ව්‍යයක්‍ෂණයෙහිත් සිටුනේ වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...

3. ස. පු: එකං චිත‍්තං චත‍්තාරො දිවසෙ තිට‍්ඨති -පෙ- අට‍්ඨ දිවසෙ තිට‍්ඨති -පෙ- දස දිවසෙ තිට‍්ඨති -පෙ- වීසති දිවසානි තිට‍්ඨති -පෙ- මාසං තිට‍්ඨති -පෙ- ද‍්වෙ මාසෙ තිට‍්ඨති -පෙ- චත‍්තාරො මාසෙ තිට‍්ඨති -පෙ- අට‍්ඨ මාසෙ තිට‍්ඨති -පෙ- දස මාසෙ තිට‍්ඨති -පෙ- සංවච‍්ඡරං තිට‍්ඨති -පෙ- ද‍්වෙ වස‍්සානි තිට‍්ඨති -පෙ- චත‍්තාරි වස‍්සානි තිට‍්ඨති -පෙ- අට‍්ඨ වස‍්සානි තිට‍්ඨති -පෙ- දස වස‍්සානි තිට‍්ඨති -පෙ- වීසති වස‍්සානි තිට‍්ඨති -පෙ- තිංස වස‍්සානි තිට‍්ඨති -පෙ- චත‍්තාරීස වස‍්සානි තිට‍්ඨති -පෙ- පඤ‍්ඤාස වස‍්සානි තිට‍්ඨති -පෙ- වස‍්සසතං තිට‍්ඨති -පෙ- ද‍්වෙ වස‍්සසතානි තිට‍්ඨති -පෙ- චත‍්තාරි වස‍්සසතානි තිට‍්ඨති -පෙ- පඤ‍්ච වස‍්සසතානි තිට‍්ඨති -පෙ- වස‍්සසහස‍්සං තිට‍්ඨති -පෙ- ද‍්වෙ වස‍්සසහස‍්සානි තිට‍්ඨති -පෙ- චත‍්තාරි වස‍්සසහස‍්සානි තිට‍්ඨති -පෙ- අට‍්ඨ වස‍්සසහස‍්සානි තිට‍්ඨති -පෙ- සොළස වස‍්සසහස‍්සානි තිට‍්ඨති -පෙ- කප‍්පං තිට‍්ඨති -පෙ- ද‍්වෙ කප‍්පෙ තිට‍්ඨති -පෙ- චත‍්තාරො කප‍්පෙ තිට‍්ඨති -පෙ- අට‍්ඨ කප‍්පෙ තිට‍්ඨති -පෙ- සොළස කප‍්පෙ තිට‍්ඨති -පෙ- බත‍්තිංස කප‍්පෙ තිට‍්ඨති -පෙ- චතුසට‍්ඨි කප‍්පානි තිට‍්ඨති -පෙ- පඤ‍්චකප‍්පසතානි තිට‍්ඨති -පෙ- කප‍්පසහස‍්සානි තිට‍්ඨති -පෙ-

3. ස. පු: එක් සිතෙක් සතර දිනක් සිටුනේ වේ ද? ... අටදිනක් සිටුනේ වේ ද ... දස දිනක් සිටුනේ වේ ද ... විසිදිනක් සිටුනේ වේ ද ... මසක් සිටුනේ වේ ද ... දෙමසක් සිටුනේ වේ ද ... සාරමසක් සිටුනේ වේ ද ... අටමසක් සිටුනේ වේ ද ... දසමසක් සිටුනේ වේ ද ... හවුරුද්දක් සිටුනේ වේ ද ... දෑවුරුද්දක් සිටුනේ වේ ද ... සාරවසක් සිටුනේ වේ ද ... අට වසක් සිටුනේ වේ ද ... දසවසක් සිටුනේ වේ ද ... විසිවසක් සිටුනේ වේ ද ... තිස්වසක් සිටුනේ වේ ද ... සතලිස් වසක් සිටුනේ වේ ද ... පනස්වසක් සිටුනේ වේ ද ... සියක් වසක් සිටුනේ වේ ද ... දෙසියවසක් සිටුනේ වේ ද ... සිව්සියවසක් සිටුනේ වේ ද ... පන්සියවසක් සිටුනේ වේ ද ... දහස්වසක් සිටුනේ වේ ද ... දෙදහස්වසක් සිටුනේ වේ ද ... සාරදහස්වසක් සිටුනේ වේ ද ... අටදහස්වසක් සිටුනේ වේ ද ... සොළොස්දහස් වසක් සිටුනේ වේ ද ... කපක් සිටුනේ වේ ද ... දෙකපක් සිටුනේ වේ ද ... සාරකපක් සිටුනේ වේ ද ... අටකපක් සිටුනේ වේ ද ... සොළොස් කපක් සිටුනේ වේ ද ... දෙතිස්කපක් සිටුනේ වේ ද ... සූසැට කපක් සිටුනේ වේ ද ... පන්සියකපක් සිටුනේ වේ ද ... දහසක් කප් සිටුනේ වේ ද ...

ද‍්වෙ කප‍්පසහස‍්සානි තිට‍්ඨති -පෙ- චත‍්තාරි කප‍්පසහස‍්සානි තිට‍්ඨති -පෙ- අට‍්ඨ කප‍්පසහස‍්සානි තිට‍්ඨති -පෙ- සොළස කප‍්පසහස‍්සානි තිට‍්ඨති -පෙ- වීසති කප‍්පසහස‍්සානි තිට‍්ඨති -පෙ- චත‍්තාරීස කප‍්පසහස‍්සානි තිට‍්ඨති -පෙ- සට‍්ඨි කප‍්පසහස‍්සානි තිට‍්ඨති -පෙ- චතුරාසීති කප‍්පසහස‍්සානි තිට‍්ඨතී’ති.

දෙදහස් කප් සිටුනේ වේ ද ... සාරදහස්කප් සිටුනේ වේ ද ... අටදහස්කප් සිටුනේ වේ ද ... සොළොස්දහස්කප් සිටුනේ වේ ද ... විසිදහස්කප් සිටුනේ වේ ද ... සතලිස්දහස්කප් සිටුනේ වේ ද ... සැටදහස්කප් සිටුනේ වේ ද ... සුවාසූදහස්කප් සිටුනේ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: ද‍්වෙ චත‍්තාරීස කප‍්පසහස‍්සානි උප‍්පාදක‍්ඛණො ද‍්වෙ චත‍්තාරීස කප‍්පසහස‍්සානි වයක‍්ඛණොති.

ස. අනු: දෙසාලිස් දහස්කප් උත්පාදක්‍ෂණයෙහිත් දෙසාලිස් දහස්කප් ව්‍යයක්‍ෂණයෙහිත් සිටුනේ වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...

4. ස. පු: එකං චිත‍්තං දිවසං තිට‍්ඨතීති.

4. ස. පු: එක් සිතෙක් දවසක් කල් සිටුනේ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. පු: අත්‍ථඤ‍්ඤෙ ධම‍්මා එකාහං බහුම‍්පි උප‍්පජ‍්ජිත්‍වා නිරුජ‍්ඣන‍්තීති.

ස. පු: එක් දින බොහෝ වර ඉපිද නිරුද්ධ වන අන්‍ය ධර්‍මයෝ ඇද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: තෙ ධම‍්මා චිත‍්තෙන ලහුපරිවත‍්තාති.

ස. අනු: ඒ ධර්‍මයෝ සිතට වඩා වහා පෙරැළෙනසුලු වෙත් ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...

5. ස. පු: තෙ ධම‍්මා චිත‍්තෙන ලහුපරිවත‍්තාති.

5. ස. පු: ඒ ධර්‍මයෝ සිතට වඩා වහා පෙරැළෙනසුලු වෙත් ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ. (චිත්තයාගේ දීර්‍ඝස්ථිතිය පිණිස ප්‍රතිඥා යි.)

ස. අනු: නනු වුත‍්තං භගවතා “නාහං භික‍්ඛවෙ, අඤ‍්ඤං එකධම‍්මම‍්පි සමනුපස‍්සාමි යං එවං ලහුපරිවත‍්තං, යථයිදං චිත‍්තං. යාවඤ‍්චිදං භික‍්ඛවෙ, උපමාපි න සුකරා යාව ලහුපරිවත‍්තං චිත‍්තන‍්ති” අත්‍ථෙව සුත‍්තන‍්තොති.

ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් “මහණෙනි, යමෙක් මෙසේ වහා ඉපැද නස්නාසුලු වේ නම්, සිත බඳු අන් එක ධර්‍මයකුදු මම නො දක්මි. මහණෙනි, සිත කෙතරම් වහා පෙරැළෙනසුලු වේ ද යත්: (එයට) උපමාවකුදු අතිශය දුෂ්කර වෙති”යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

අනු. පා: තෙන හි න වත‍්තබ‍්බං ‘තෙ ධම‍්මා චිත‍්තෙන ලහුපරිවත‍්තා’ති.

අනු. පා: එයින් මැ “ඒ දහම්හු සිතට වඩා වහා පෙරැළෙන සුල්ලහ”යි නො කියැයුතු.

ස. පු: තෙ ධම්මා චිත්තේන ලහුපරිවත්තාති.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද මැනු: “මහණෙනි, යම් පරිදි මකුළුයෙක් අරනැ මහවල්හි ඇවිදුනේ ශාඛාවක් ගන්නේ වේ ද, එ පියා අනෙකක් ගන්නේ වේ ද, මහණෙනි, එ පරිදි මැ ‘චිත්ත’ යයි ද ‘මන’ යයි ද ‘විඤ්ඤාණ’ යයි ද යම් දැයෙක් කියන ලද ද, එය රැය ද දහවල ද අනෙකෙක්ව මැ උපදනේ යැ, අනෙකෙක්ව මැ නිරුද්ධ වේ”යයි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. නිග: එ කරුණින් ‘ඒ දහම්හු සිතට වඩා වහා පෙරළෙන සුල්ලහ’යි නො කියැයුතු මැ යැ.

6. ස. පු: එකං චිත‍්තං දිවසං තිට‍්ඨතීති.

6. ස. පු: එක් සිතෙක් දවසක් සිටුනේ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: චක‍්ඛුවිඤ‍්ඤාණං දිවසං තිට‍්ඨතීති.

ස. අනු: චක්‍ෂුර්විඥානය දවසක් සිටුනේ වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...

ස. අනු: සොතවිඤ‍්ඤාණං -පෙ- ඝානවිඤ‍්ඤාණං -පෙ- ජිව‍්හාවිඤ‍්ඤාණං -පෙ- කායවිඤ‍්ඤාණං -පෙ- අකුසලචිත‍්තං -පෙ- රාගසහගතං -පෙ- දොසසහගතං -පෙ- මොහසහගතං -පෙ- මානසහගතං -පෙ- දිට‍්ඨිසහගතං -පෙ- විචිකිච‍්ඡාසහගතං -පෙ- ථීනසහගතං -පෙ- උද‍්ධච‍්චසහගතං -පෙ- අහිරිකසහගතං -පෙ- අනොත‍්තප‍්පසහගතං චිත‍්තං දිවසං තිට‍්ඨතීති.

ස. අනු: ශ්‍රෝතවිඥානය ... ඝ්‍රාණවිඥානය ... ජිහ්වාවිඥානය ... කායවිඥානය ... අකුශලචිත්තය ... රාගසහගත චිත්තය ... ද්වේෂසහගත චිත්තය ... මෝහසහගත චිත්තය ... මානසහගතචිත්තය ... දෘෂ්ටිසහගත චිත්තය ... විචිකිත්සාසහගතචිත්තය ... සත්‍යානසහගතචිත්තය ... ඖද්ධත්‍යසහගතචිත්තය ... අහ්‍රීකසහගතචිත්තය ... අනපත්‍රපාසහගතචිත්තය දවසක් සිටුනේ වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...

7. ස. පු: එකං චිත‍්තං දිවසං තිට‍්ඨතී’ති.

7. ස. පු: එක් සිතෙක් දවසක් සිටුනේ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: යෙනෙව චිත‍්තෙන චක‍්ඛුනා රූපං පස‍්සති, තෙනෙව චිත‍්තෙන සොතෙන සද‍්දං සුණාති, -පෙ- ඝානෙන ගන්‍ධං ඝායති -පෙ- ජිව‍්හාය රසං සායති -පෙ- කායෙන ඵොට‍්ඨබ‍්බං ඵුසති -පෙ- මනසා ධම‍්මං විජානාති -පෙ- යෙනෙව චිත‍්තෙන මනසා ධම‍්මං විජානාති, තෙනෙව චිත‍්තෙන චක‍්ඛුනා රූපං පස‍්සති -පෙ- සොතෙන සද‍්දං සුණාති -පෙ- ඝානෙන ගන්‍ධං ඝායති -පෙ- ජිව‍්හාය රසං සායති -පෙ- කායෙන ඵොට‍්ඨබ‍්බං ඵුසතීති.

ස. අනු: යම් මැ සිතෙකින් ඇසින් රූ දක්නේ ද, එසිතින් මැ කනින් ශබ්ද අසා ද? ... ඝ්‍රාණයෙන් ගඳ අසා ද? ... දිවින් රස ආස්වාද කෙරේ ද? ... කයින් පහස ස්පර්‍ශ කෙරේ ද? ... මනසින් දහම් දන්නේ ද? ... යම් මැ සිතෙකින් මනසින් දහම් දන්නේ නම් එ මැ සිතින් ඇසින් රූ දක්නේ ද? ... කනින් ශබ්ද අසා ද? ... නැහැයෙන් ගඳ අසා ද? ... දිවින් රස ආස්වාද කෙරේ ද? ... කයින් පහස ස්පර්‍ශ කෙරේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...

8. ස. පු: එකං චිත‍්තං දිවසං තිට‍්ඨතීති.

8. ස. පු: එක් සිතෙක් දවසක් සිටුනේ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: යෙනෙව චිත‍්තෙන අභික‍්කමති, තෙනෙව චිත‍්තෙන පටික‍්කමති. යෙනෙව චිත‍්තෙන පටික‍්කමති, තෙනෙව චිත‍්තෙන අභික‍්කමති. යෙනෙව චිත‍්තෙන ආලොකෙති, තෙනෙව චිත‍්තෙන විලොකෙති. යෙනෙව චිත‍්තෙන විලොකෙති, තෙනෙව චිත‍්තෙන ආලොකෙති. යෙනෙව චිත‍්තෙන සම‍්මිඤ‍්ජති තෙනෙව චිත‍්තෙන පසාරෙති. යෙනෙව චිත‍්තෙන පසාරෙති තෙනෙව චිත‍්තෙන සම‍්මිඤ‍්ජතී’ති.

ස. අනු: යම් මැ සිතෙකින් ඉදිරි බලා යේ නම්, එසිතින් මැ පසුබැස ඒ ද? යම් මැ සිතෙකින් පසුබැස ඒ නම් එසිතින් මැ ඉදිරි බලා යේ ද? යම් මැ සිතෙකින් ඉදිරි බලා නම්, එ සිතින් මැ ඔබමොබ බලා ද? යම් මැ සිතෙකින් ඔබමොබ බලා නම් එ සිතින් මැ ඉදිරි බලා ද? යම් මැ සිතෙකින් සමිඤ්ජන කෙරේ නම් ඒ සිතින් මැ ප්‍රසාරණ කෙරේ ද? යම් මැ සිතෙකින් ප්‍රසාරණ කෙරේ නම්, එ සිතින් මැ සමිඤ්ජන කෙරේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...

9. ස. පු: ආකාසානඤ‍්චායතනූපගානං දෙවානං එකං චිත‍්තං යාවතායුකං තිට‍්ඨතීති.

9. ස. පු: ආනාසානඤ්චායතනෝපග දෙවියන්ගේ එක් සිතෙක් ආයු ඇති තාක් සිටුනේ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: මනුස‍්සානං එකං චිත‍්තං යාවතායුකං තිට‍්ඨතීති.

ස. අනු: මනුෂ්‍යයන්ගේ එක් සිතෙක් ආයු ඇති තාක් සිටුනේ වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...

10. ස. පු: ආකාසානඤ‍්චායතනූපගානං දෙවානං එකං චිත‍්තං යාවතායුකං තිට‍්ඨතීති.

10. ස. පු: ආකාසානඤ්චායතනූපග දෙවියන්ගේ එක් සිතෙක් ආයු ඇති තාක් සිටුනේ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: චාතුම‍්මහාරාජිකානං දෙවානං -පෙ- තාවතිංසානං දෙවානං -පෙ- යාමානං දෙවානං -පෙ- තුසිතානං දෙවානං -පෙ- නිම‍්මානරතීනං දෙවානං -පෙ- පරනිම‍්මිතවසවත‍්තීනං දෙවානං -පෙ- බ්‍රහ‍්මපාරිසජ‍්ජානං දෙවානං -පෙ- බ්‍රහ‍්මපුරොහිතානං දෙවානං -පෙ- මහාබ්‍රහ‍්මානං දෙවානං -පෙ- පරිත‍්තාභානං දෙවානං -පෙ- අප‍්පමාණාභානං දෙවානං -පෙ- ආභස‍්සරානං දෙවානං -පෙ- පරිත‍්තසුභානං දෙවානං -පෙ- අප‍්පමාණසුභානං දෙවානං -පෙ- සුභකිණ‍්හානං දෙවානං -පෙ- වෙහප‍්ඵලානං දෙවානං -පෙ- අවිහානං දෙවානං -පෙ- අතප‍්පානං දෙවානං -පෙ- සුදස‍්සානං දෙවානං -පෙ- සුදස‍්සීනං දෙවානං -පෙ- අකණිට‍්ඨානං දෙවානං එකං චිත‍්තං යාවතායුකා තිට‍්ඨතීති.

ස. අනු: චාතුම්මහාරාජික දෙවියන්ගේ ... තාවතිංස දෙවියන්ගේ ... යාම දෙවියන්ගේ ... තුසිත දෙවියන්ගේ ... නිම්මානරති දෙවියන්ගේ ... පරනිම්මිතවසවත්ති දෙවියන්ගේ ... බ්‍රහ්මපාරිසජ්ජ දෙවියන්ගේ ... බ්‍රහ්මපුරෝහිත දෙවියන්ගේ ... මහාබ්‍රහ්ම දෙවියන්ගේ ... පරිත්තාභ දෙවියන්ගේ ... අප්පමාණාභ දෙවියන්ගේ ... ආභස්සර දෙවියන්ගේ ... පරිත්තසුභ දෙවියන්ගේ ... අප්පමාණසුභ දෙවියන්ගේ ... සුභකිණ්හ දෙවියන්ගේ ... වෙහප්ඵල දෙවියන්ගේ ... අවිහ දෙවියන්ගේ ... අතප්ප දෙවියන්ගේ ... සුදස්ස දෙවියන්ගේ ... සුදස්සී දෙවියන්ගේ ... අකණිට්ඨ දෙවියන්ගේ එක් සිතෙක් ආයු ඇති තාක් සිටුනේ වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...

11. ස. ප: ආකාසානඤ‍්චායතනූපගානං දෙවානං වීසති කප‍්පසහස‍්සානි ආයුප‍්පමාණං. ආකාසානඤ‍්චායතනූපගානං දෙවානං එකං චිත‍්තං වීසති කප‍්පසහස‍්සානි තිට‍්ඨතීති.

11. ස. පු: ආකාසානඤ්චායතනූපග දෙවියනට විසිකප්දහසක් ආයු පමණ වෙයි. ආකාසානඤ්චායතනූපග දෙවියන්ගේ එක් සිතෙක් විසිකප්දහසක් සිටුනේ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: මනුස‍්සානං වස‍්සසතං ආයුප‍්පමාණං. මනුස‍්සානං එකං චිත‍්තං වස‍්සසතං තිට‍්ඨතීති.

ස. අනු: මනුෂ්‍යයනට සියක් හවුරුද්දක් ආයුෂප්‍රමාණ වෙයි. මිනිසුන්ගේ එක් සිතෙක් සියක් හවුරුද්දක් කල් සිටුනේ වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...

12. ස. පු: ආකාසානඤ‍්චායතනූපගානං දෙවානං වීසති කප‍්පසහස‍්සානි ආයුප‍්පමාණං. ආකාසානඤ‍්චායතනූපගානං දෙවානං එකං චිත‍්තං වීසති කප‍්පසහස‍්සානි තිට‍්ඨතීති.

12. ස. පු: ආකාසානඤ්චායතනූපග දෙවියනට විසිකප්දහසක් ආයු පමණ වෙයි. ආකාසානඤ්චායතනූපග දෙවියන්ගේ එක් සිතෙක් විසිකප්දහසක් කල් සිටුනේ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: චාතුම‍්මහාරාජිකානං දෙවානං පඤ‍්ච වස‍්සසතානි ආයුප‍්පමාණං. චාතුම‍්මහාරාජිකානං දෙවානං එකං චිත‍්තං පඤ‍්ච වස‍්සසතානි තිට‍්ඨති -පෙ- [තාවතිංසානං දෙවානං එකං චිත‍්තං] වස‍්සසහස‍්සං තිට‍්ඨති -පෙ- ද‍්වෙ වස‍්සසහස‍්සානි තිට‍්ඨති -පෙ- චත‍්තාරි වස‍්සසහස‍්සානි තිට‍්ඨති -පෙ- අට‍්ඨ වස‍්සසහස‍්සානි තිට‍්ඨති -පෙ- සොළස වස‍්සසහස‍්සානි තිට‍්ඨති -පෙ- කප‍්පස‍්ස තතියභාගං තිට‍්ඨති -පෙ- අඩ‍්ඪකප‍්පං තිට‍්ඨති -පෙ- එකං කප‍්පං තිට‍්ඨති -පෙ- ද‍්වෙ කප‍්පෙ තිට‍්ඨති -පෙ-

ස. අනු: චාතුම්මහාරාජික දෙවියනට පන්සියක් හවුරුදු ආයුප්‍රමාණ වෙයි. චාතුම්මහාරාජික දෙවියන්ගේ එක් සිතෙක් පන්සියක් හවුරුදු සිටුනේ වේ ද ... තාවතිංස දෙවියන්ගේ එක් සිතෙක් දහසක් හවුරුදු සිටුනේ ද ... දෙදහසක් හවුරුදු සිටුනේ ද ... සිවුදහසක් හවුරුදු සිටුනේ ද ... අටදහසක් හවුරුදු සිටුනේ ද ... සොළොස් දහසක් හවුරුදු සිටුනේ ද ... කල්පය පිළිබඳ තුන්වන භාගය සිටුනේ ද ... අර්‍ධකල්පයක් සිටුනේ ද ... එක්කපක් සිටුනේ ද ... දෙකපක් සිටුනේ ද ...

චත‍්තාරො කප‍්පෙ තිට‍්ඨති -පෙ- අට‍්ඨ කප‍්පෙ තිට‍්ඨති -පෙ- සොළස කප‍්පෙ තිට‍්ඨති -පෙ- බත‍්තිංස කප‍්පෙ තිට‍්ඨති -පෙ- චතුසට‍්ඨි කප‍්පෙ තිට‍්ඨති -පෙ- පඤ‍්ච කප‍්පසතානි තිට‍්ඨති -පෙ- කප‍්පසහස‍්සං තිට‍්ඨති -පෙ- ද‍්වෙ කප‍්පසහස‍්සානි තිට‍්ඨති -පෙ- චත‍්තාරිකප‍්පසහස‍්සානි තිට‍්ඨති -පෙ- අට‍්ඨ කප‍්පසහස‍්සානි තිට‍්ඨති -පෙ- අකණිට‍්ඨානං දෙවානං සොළසකප‍්පසහස‍්සානි ආයුප‍්පමාණං. අකණිට‍්ඨානං දෙවානං එකං චිත‍්තං සොළස කප‍්පසහස‍්සානි තිට‍්ඨතීති.

සූකපක් සිටුනේ ද ... අටකපක් සිටුනේ ද ... සොළොස්කපක් සිටුනේ ද ... දෙතිස්කපක් සිටුනේ ද ... සූසැටකපක් සිටුනේ ද ... පන්සිය කපක් සිටුනේ ද ... කප්දහසක් සිටුනේ ද ... දෙකප්දහසක් සිටුනේ ද ... සාරකප්දහසක් සිටුනේ ද ... අටකප්දහසක් සිටුනේ ද ... අකණිට්ඨ දෙවියනට සොළොස්කප්දහසක් ආයු පමණ වෙයි. අකණිට්ඨ දෙවියන්ගේ එක් සිතෙක් සොළොස්කප්දහසක් සිටුනේ වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...

13. ප. පු: ආකාසානඤ‍්චායතනූපගානං දෙවානං චිත‍්තං මුහුත‍්තං මුහුත‍්තං උප‍්පජ‍්ජති, මුහුත‍්තං මුහුත‍්තං නිරුජ‍්ඣතීති.

13. ප. පු: ආකාසානඤ්චායතනූපග දෙවියන්ගේ සිත මොහොතක් පාසා උපදී ද? මොහොතක් පාසා නිරුද්ධ වේ ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්ඤා: එසේ යැ.

ප. අනු: ආකාසානඤ‍්චායතනූපගා දෙවා මුහුත‍්තං මුහුත‍්තං චවන‍්ති, මුහුත‍්තං මුහුත‍්තං උප‍්පජ‍්ජන‍්තීති.

ප. අනු: ආකාසානඤ්චායතනූපග දෙවියෝ මොහොතක් පාසා ච්‍යුත වෙත් ද? මොහොතක් පාසා උපදිත් ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ස. පටි: එසේ නො කියැයුතු මැ යැ ...

14. ස. පු: ආකාසානඤ‍්චායතනූපගානං දෙවානං එකං චිත‍්තං යාවතායුකං තිට‍්ඨතීති.

14. ස. පු: ආකාසානඤ්චායතනූපග දෙවියන්ගේ එක් සිතෙක් ආයු ඇති තාක් සිටුනේ වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: ආකාසානඤ‍්චායතනූපගා දෙවා යෙනෙව චිත‍්තෙන උප‍්පජ‍්ජන‍්ති, තෙනෙව චිත‍්තෙන චවන‍්තීති.

ස. අනු: ආකාසානඤ්චායතනූපග දෙවියෝ යම් මැ සිතෙකින් උපදිත් ද? එසිතින් මැ ච්‍යුත වෙත් ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...

චිත‍්තට‍්ඨිතිකථා නිට‍්ඨිතා.

චිත්තට්ඨිතිකථා නිමි.