යෙදුමෙන් කියවන්න

දුක‍්ඛාහාරකථා

2. 6.

2. 6.

දුක‍්ඛාහාරකථා.

දුක්ඛාහාරකථා

[‘දුඃඛ යැ’ දුඃඛ යැ’යි බස් බණනුයේ දුඃඛයෙහි ඥානය එළවාලයි. ඒ දුඃඛාහාර නමි. තෙල දුඃඛාහාරය ‘මාර්‍ගාඞ්ගයෙකැයි, මාර්‍ගපර්‍ය්‍යාපන්න යැ’යි ලබ්ධි ගත් වාදීහු ඇති. පූර්‍වශෛලියයන් සෙයිනි. උන්ගේ වාද බිඳුනට දුඃඛාහාරකථා එයි.]

1. ස. පු: දුක‍්ඛාහාරො මග‍්ගඞ‍්ගං මග‍්ගපරියාපන‍්නන‍්ති.

1. ස. පු: දුඃඛාහාරය මාර්‍ගාඞ්ග, මාර්‍ගපර්‍ය්‍යාපන්න වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: යෙ කෙචි දුක‍්ඛන‍්ති වාචං භාසන‍්ති, සබ‍්බෙ තෙ මග‍්ගං භාවෙන‍්තී’ති.

ස. අනු: යම් කෙනෙක් ‘දුඃඛ’ යයි වචන බෙණෙත් නම්, ඔහු හැම මාර්‍ගය වඩත් ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ... (අවිදර්‍ශකයන් සඳහා ප්‍රතික්‍ෂේප යි.)

2. ස. පු: යෙ කෙචි දුක‍්ඛන‍්ති වාචං භාසන‍්ති, සබ‍්බෙ තෙ මග‍්ගං භාවෙන‍්තී’ති.

2. ස. පු: (නැවතත්) යම් කෙනෙක් ‘දුඃඛ’ යයි බස් බෙණෙත් නම් ඔහු හැම මාර්‍ගය වඩත් ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ. (විදර්‍ශකයන් සඳහා ප්‍රතිඥා යි.)

ස. අනු: බාලපුථුජ‍්ජනා දුක‍්ඛන‍්ති වාචං භාසන‍්ති, බාලපුථුජ‍්ජනා මග‍්ගං භාවෙන‍්තී’ති.

ස. අනු: බාල පෘථග්ජනයෝ ‘දුඃඛ’ යයි වචන බෙණෙති. බාල පෘථග්ජනයෝ මාර්‍ගය වඩත් ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...

ස. අනු: මාතුඝාතකො -පෙ- පිතුඝාතකො -පෙ- අරහන‍්තඝාතකො -පෙ- ලොහිතුප‍්පාදකො -පෙ- සඞ‍්ඝභෙදකො දුක‍්ඛන‍්ති වාචං භාසති, සඞ‍්ඝභෙදකො මග‍්ගං භාවෙතී’ති.

ස. අනු: මාතුඝාතක ... පිතුඝාතක ... අරහන්තඝාතක ... ලෝහිතුප්පාදක ... සඞ්ඝභේදක ‘දුඃඛ’ යයි වචන බෙණෙයි. සඞ්ඝභේදක මාර්‍ගය වඩා ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...

දුක‍්ඛාහාරකථා නිට‍්ඨිතා.

දුක්ඛාහාරකථා නිමි.