යෙදුමෙන් කියවන්න

වචීභෙදකථා

2. 5.

2. 5.

වචීභෙදකථා.

වචීභේදකථා

[ස්‍රෝතාපත්තිමාර්‍ගක්‍ෂණයෙහි දී පළමු දැහැන් සමවන් අරීපුඟුල් ‘දුකැයි කියා වාග්භේද කෙරෙති’යි පූර්‍වශෛලීය නිකායාදීන් සෙයින් ලබ්ධිගත් වාදී කෙනෙකුන්ගේ විරුද්ධවාද බිඳුනට වචීභේදකථා එයි.]

1. ස. පු: සමාපන‍්නස‍්ස අත්‍ථී වචීභෙදො’ති.

1. ස. පු: දැහැන් සමවන්නහුට වාග්භේද ඇද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: සබ‍්බත්‍ථ සමාපන‍්නානං අත්‍ථී වචීභෙදො’ති.

ස. අනු: හැම භවයෙහි මැ සමවන්නවුනට වාග්භේද ඇද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: (අරූපභවය පියනු පිණිස පිළිතුරු දෙයි:) එසේ නො කියැයුතු මැ යැ ...

2. ස. පු: සමාපන‍්නස‍්ස අත්‍ථී වචීභෙදො’ති.

2. ස. පු: සමවන්නහුට වාග්භේද ඇද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: සබ‍්බදා සමාපන‍්නානං අත්‍ථී වචීභෙදො’ති.

ස. අනු: හැම සමාපත්තිකාලයෙහි මැ සමවන්නවුනට වාග්භේද ඇද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: (ප්‍රථමමාර්‍ගක්‍ෂණයෙහි ප්‍රථමධ්‍යානිකසමාපත්තිකාලය තබා තදන්‍ය සමාපත්තිකාල සඳහා පිළිතුරු දෙයි:) එසේ නො කියැයුතු මැ යැ ...

3. ස. පු: සමාපන‍්නස‍්ස අත්‍ථී වචීභෙදො’ති.

3. ස. පු: සමවන්නහුට වාග්භේද ඇද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: සබ‍්බෙසං සමාපන‍්නානං අත්‍ථී වචීභෙදො’ති.

ස. අනු: හැම සමවත් සමවන්නවුනට මැ වාග්භේද ඇද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: (ලොවීසමවත් සමවන්නවුන් සඳහා පිළිතුරු දෙයි:) එසේ නො කියැයුතු මැ යැ ...

4. ස. පු: සමාපන‍්නස‍්ස අත්‍ථී වචීභෙදො’ති.

4. ස. පු: සමවන්නවුනට වාග්භේද ඇද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: සබ‍්බසමාපත‍්තීසු අත්‍ථී වචීභෙදො’ති.

ස. අනු: හැම සමවත්හි වාග්භේද ඇද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: (ලෝකෝත්තර ද්විතීයධ්‍යානාදිය හා හැම ලොවී සමවත් සඳහා පිළිතුරු දෙයි:) එසේ නො කියැයුතු මැ යැ ...

5. ස. පු: සමාපන‍්නස‍්ස අත්‍ථී වචීභෙදො’ති.

5. ස. පු: සමවන්නවුනට වාග්භේද ඇද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: සමාපන‍්නස‍්ස අත්‍ථී කායභෙදො’ති.

ස. අනු: සමවන්නහුට කායභෙද ඇද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...

6. ස. පු: සමාපන‍්නස‍්ස නත්‍ථී කායභෙදො’ති.

6. ස. පු: සමවන්නවුනට කායභෙද නැද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: සමාපන‍්නස‍්ස නත්‍ථී වචීභෙදො’ති.

ස. අනු: සමවන්නහුට වාග්භේද නැද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...

7. ස. පු: සමාපන‍්නස‍්ස අත්‍ථී වාචා, අත්‍ථී වචීභෙදො’ති.

7. ස. පු: සමවන්නවුනට වාචා ඇත. වාග්භේද ඇද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: සමාපන‍්නස‍්ස අත්‍ථී කායො, අත්‍ථී කායභෙදො’ති.

ස. අනු: සමවන්නහුට කාය ඇත. කායභෙද ඇද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...

8. ස. පු: සමාපන‍්නස‍්ස අත්‍ථී කායො, නත්‍ථී කායභෙදො’ති.

8. ස. පු: සමවන්නහුට කාය ඇත. කායභෙද නැද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: සමාපන‍්නස‍්ස අත්‍ථී වාචා, නත්‍ථී වචීභෙදො’ති.

ස. අනු: සමවන්නහුට වාචා ඇත. වාග්භේද නැද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...

9. ස. පු: දුක‍්ඛන‍්ති ජානන‍්තො දුක‍්ඛන‍්ති වාචං භාසතී’ති.

9. ස. පු: (ඉදින් හේ දුඃඛ යැ’යි බෙණේ නම් ‘සමුදය’ ආදියද බණන්නේ යැ. එ ද නො බෙණේ නම්, අනෙකක් ද නො බණන්නේ යැ’යි චෝදනා කරන පිණිස) ‘දුකැ’ යි දන්නේ දුක යන බස බෙණේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: සමුදයො’ති ජානන‍්තො සමුදයො’ති වාචං භාසතී’ති.

ස. අනු: ‘සමුදයැ’යි දන්මින් ‘සමුදයැ’ යි බස් බෙණේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...

10. ස. පු: දුක‍්ඛන‍්ති ජානන‍්තො දුක‍්ඛන‍්ති වාචං භාසතී’ති.

10. ස. පු: ‘දුකැ’ යි දන්මින් ‘දුකැ’ යි බස් බෙණේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: නිරොධො’ති ජානන‍්තො නිරොධො’ති වාචං භාසතී’ති.

ස. අනු: ‘නිරෝධ යැ’ යි දන්මින් ‘නිරෝධ යැ’ යි බස් බෙණේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...

11. ස. පු: දුක‍්ඛන‍්ති ජානන‍්තො දුක‍්ඛන‍්ති වාචං භාසතී’ති.

11. ස. පු: ‘දුඃඛ යැ’ යි දන්මින් ‘දුඃඛ’ යයි බස් බෙණේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: මග‍්ගො’ති ජානන‍්තො මග‍්ගො’ති වාචං භාසතී’ති.

ස. අනු: ‘මාර්‍ග’ යයි දන්මින් ‘මාර්‍ග’ යයි බස් බෙණේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...

12. ස. පු: සමුදයො’ති ජානන‍්තො න ච සමුදයො’ති වාචං භාසතී’ති.

12. ස. පු: ‘සමුදය ’ යි දන්මින් ‘සමුදය’යි බස් නො බෙණේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: දුක‍්ඛන‍්ති ජානන‍්තො න ච දුක‍්ඛන‍්ති වාචං භාසතී’ති.

ස. අනු: ‘දුඃඛ’ යයි දන්මින් ‘දුඃඛ’ යයි බස් නො බෙණේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...

13. ස. පු: නිරොධො’ති ජානන‍්තො න ච නිරොධො’ති වාචං භාසතී’ති.

13. ස. පු: ‘නිරෝධ’ යයි දන්මින් ‘නිරෝධ’ යයි බස් නො බෙණේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: දුක‍්ඛන‍්ති ජානන‍්තො න ච දුක‍්ඛන‍්ති වාචං භාසතී’ති.

ස. අනු: ‘දුඃඛ’ යයි දන්මින් ‘දුඃඛ’ යයි බස් නො බෙණේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...

14. ස. පු: මග‍්ගො’ති ජානන‍්තො න ච මග‍්ගො’ති වාචං භාසතී’ති.

14. ස. පු: ‘මාර්‍ග’ යයි දන්මින් ‘මාර්‍ග’ යයි බස් නො බෙණේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: දුක‍්ඛන‍්ති ජානන‍්තො න ච දුක‍්ඛන‍්ති වාචං භාසතී’ති.

ස. අනු: ‘දුඃඛ’ යයි දන්මින් ‘දුඃඛ’ යයි බස් නො බෙණේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...

15. ස. පු. සමාපන‍්නස‍්ස අත්‍ථී වචීභෙදො’ති.

15. ස. පු: සමවන්නහුට වාග්භේද ඇද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: ඤාණං කිං ගොචරන‍්ති.

ස. අනු: ඥානය කුමක් ගෝචර කොට ඇද්ද?

ප. වි: ඤාණං සච‍්චගොචරන‍්ති.

ප. වි: ඥානය සත්‍යගෝචර වෙයි.

ස. අනු: සොතං සච‍්චගොචරන‍්ති.

ස. අනු: ශ්‍රෝත්‍රවිඥානය සත්‍යගෝචර වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු මැ යැ. ...

16. ස. පු: සමාපන‍්නස‍්ස අත්‍ථී වචීභෙදො’ති.

16. ස. පු: සමවන්නහුට වාග්භේද ඇද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: සොතං කිං ගොචරන‍්ති.

ස. අනු: ශ්‍රෝත්‍රය කුමක් ගෝචර කොට ඇද්ද?

ප. වි: සොතං සද‍්දගොචරන‍්ති.

ප. වි: ශ්‍රෝත්‍රය ශබ්දගෝචර වෙයි.

ස. අනු: ඤාණං සද‍්දගොචරන‍්ති.

ස. අනු: ඥානය ශබ්දගෝචර වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බො -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු මැ යැ. ...

17. ස. පු: සමාපන‍්නස‍්ස අත්‍ථී වචීභෙදො, ඤාණං සච‍්චගොචරං, සොතං සද‍්දගොචරන‍්ති.

17. ස. පු: සමවන්නහුට වාග්භේද ඇත. ඥානය සත්‍යගෝචර වේ. ශ්‍රෝත්‍රවිඥානය ශබ්දගෝචර වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

අනු. ඨ: හඤ‍්චි ඤාණං සච‍්චගොචරං, සොතං සද‍්දගොචරං,

අනු. ඨ: ඉදින් ඥානය සත්‍යගෝචර වේ නම්, ශ්‍රෝත්‍රවිඥානය ශබ්දගෝචර වේ නම්,

අනු. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ: සමාපන‍්නස‍්ස අත්‍ථී වචීභෙදො’ති.

අනු. පා: භවත, ‘සමවන්නහුට වාග්භේද ඇති’යි නො කියැයුතු මැ යැ.

18. ස. පු: සමාපන‍්නස‍්ස අත්‍ථී වචීභෙදො, ඤාණං සච‍්චගොචරං, සොතං සද‍්දගොචරන‍්ති.

18. ස. පු: සමවන්නහුට වාග්භේද ඇත. ඥානය සත්‍යගෝචර වේ. ශ්‍රෝත්‍රවිඥානය ශබ්දගෝචර වේ ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: ද‍්වින‍්නං ඵස‍්සානං ද‍්වින‍්නං වෙදනානං ද‍්වින‍්නං සඤ‍්ඤානං ද‍්වින‍්නං චෙතනානං ද‍්වින‍්නං චිත‍්තානං සමොධානං හොතී’ති.

ස. අනු: ස්පර්‍ශ දෙදෙනකුන්ගේ, වේදනා දෙදෙනකුන්ගේ, සංඥා දෙදෙනකුන්ගේ, චේතනා දෙදෙනකුන්ගේ, චිත්ත දෙදෙනකුන්ගේ සමෝධානය වේ ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු මැ යැ. ...

19. ස. පු: සමාපන‍්නස‍්ස අත්‍ථී වචීභෙදො’ති.

19. ස. පු: සමවන්නහුට වාග්භේද ඇද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: පඨවීකසිණං සමාපත‍්තිං සමාපන‍්නස‍්ස අත්‍ථී වචීභෙදො’ති.

ස. අනු: පඨවිකසිණ සමාපත්ති සමවන්නහුට වාග්භේද ඇද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු මැ යැ. ...

20. ස. පු: සමාපන‍්නස‍්ස අත්‍ථී වචීභෙදො’ති.

20. ස. පු: සමවන්නහුට වාග්භේද ඇද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: ආපොකසිණං -පෙ- තෙජොකසිණං -පෙ- වායොකසිණං -පෙ- නීලකසිණං -පෙ- පීත කසිණං -පෙ- ලොහිතකසිණං -පෙ- ඔදාතකසිණං -පෙ- ආකාසානඤ‍්චායතනං -පෙ- විඤ‍්ඤාණඤ‍්චායතනං -පෙ- ආකිඤ‍්චඤ‍්ඤායතනං -පෙ- නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනං සමාපන‍්නස‍්ස අත්‍ථී වචීභෙදො’ති.

ස. අනු: ආපෝකසිණයට ... තෙජොකසිණයට ... වායෝකසිණයට ... නීලකසිණයට ... පීතකසිණයට ... ලෝහිතකසිණයට ... ඔදාතකසිණයට ... ආකාසානඤ්චායතනයට ... විඤ්ඤාණඤ්චායතනයට ... ආකිඤ්චඤ්ඤායතනයට ... නේවසඤ්ඤානාසඤ්ඤායතනයට සමවන්නහුට වාග්භේද ඇද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු මැ යැ. ...

21. ස. පු: පඨවීකසිණං සමාපත‍්තිං සමාපන‍්නස‍්ස නත්‍ථී වචීභෙදො’ති.

21. ස. පු: පඨවිකසිනසමාපත්තියට සමවන්නහුට වාග්භේද නැද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

අනු. ඨ: හඤ‍්චි පඨවීකසිණං සමාපත‍්තිං සමාපන‍්නස‍්ස නත්‍ථී වචීභෙදො,

අනු. ඨ: ඉදින් පඨවිකසිණසමාපත්තියට සමවන්නහුට වාග්භේද නැත් නම්,

අනු. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ “සමාපන‍්නස‍්ස අත්‍ථී වචීභෙදො”ති.

අනු. පා: භවත, ‘සමවන්නහුට වාග්භේද ඇති’යි නො කියැයුතු මැ යැ.

22. ස. පු: ආපොකසිණං -පෙ- තෙජොකසිණං -පෙ- වායොකසිණං -පෙ- නීලකසිණං -පෙ- පීතකසිණං -පෙ- ලොහිතකසිණං -පෙ- ඔදාතකසිණං -පෙ- ආකාසානඤ‍්චායතනං -පෙ- විඤ‍්ඤාණඤ‍්චායතනං -පෙ- ආකිඤ‍්චඤ‍්ඤායතනං -පෙ- නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනං සමාපන‍්නස‍්ස නත්‍ථී වචීභෙදො’ති.

22. ස. පු: ආපෝකසිණ ... තෙජොකසිණ ... වායොකසිණ ... නීලකසිණ ... පීතකසිණ ... ලෝහිතකසිණ ... ඔදාතකසිණ ... ආකාසානඤ්චායතන ... විඤ්ඤාණඤ්චායතන ... ආකිඤ්චඤ්ඤායතන ... නේවසඤ්ඤානාසඤ්ඤායතන සමවන්නහුට වාග්භේද නැද්ද?

ප. පටිඤ‍්ඤා’ ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

අනු. ඨ: හඤ‍්චි නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනං සමාපන‍්නස‍්ස නත්‍ථී වචීභෙදො,

අනු. ඨ: ඉදින් නේවසඤ්ඤානාසඤ්ඤායතන සමවන්නහුට වාග්භේද නැත් නම්,

අනු. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ: සමාපන‍්නස‍්ස අත්‍ථී වචීභෙදො’ති.

අනු. පා: භවත, ‘සමවන්නහුට වාග්භේද ඇති’යි නො කියැයුතු මැ යැ.

23. ස. පු: සමාපන‍්නස‍්ස අත්‍ථී වචීභෙදො’ති.

23. ස. පු: සමවන්නහුට වාග්භේද ඇද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: ලොකියසමාපත‍්තිං සමාපන‍්නස‍්ස අත්‍ථි වචීභෙදො’ති.

ස. අනු: ලොවී සමවත් සමවන්නහුට වාග්භේද ඇද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...

24. ස. පු: සමාපන‍්නස‍්ස අත්‍ථී වචීභෙදො’ති.

24. ස. පු: සමවන්නහුට වාග්භේද ඇද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: ලොකියං පඨමං ඣානං සමාපන‍්නස‍්ස අත්‍ථී වචීභෙදො’ති.

ස. අනු: ලෞකික ප්‍රථමධ්‍යාන සමවන්නහුට වාග්භේද ඇද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...

25. ස. පු: සමාපන‍්නස‍්ස අත්‍ථී වචීභෙදො’ති.

25. ස. පු: සමවන්නහුට වාග්භේද ඇද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: ලොකියං දුතියං ඣානං -පෙ- තතියං ඣානං -පෙ- චතුත්‍ථං ඣානං සමාපන‍්නස‍්ස අත්‍ථී වචීභෙදො’ති.

ස. අනු: ලෞකික ද්විතීයධ්‍යාන ... තෘතීයධ්‍යාන ... චතුර්‍ත්‍ථධ්‍යාන සමවන්නහුට වාග්භේද ඇද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...

26. ස. පු: ලොකියං සමාපත‍්තිං සමාපන‍්නස‍්ස නත්‍ථී වචීභෙදො’ති.

26. ස. පු: ලොවී සමවත් සමවන්නහුට වාග්භේද නැද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

අනු. ඨ: හඤ‍්චි ලොකියං සමාපත‍්තිං සමාපන‍්නස‍්ස නත්‍ථී වචීභෙදො,

අනු. ඨ: ඉදින් ලොවී සමවත් සමවන්නහුට වාග්භේද නැත් නම්,

අනු. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ: සමාපන‍්නස‍්ස අත්‍ථී වචීභෙදො’ති.

අනු. පා: භවත, ‘සමවන්නහුට වාග්භේද ඇති’යි නො කියැයුතු මැ යැ.

27. ස. පු: ලොකියං පඨමං ඣානං සමාපන‍්නස‍්ස නත්‍ථී වචීභෙදො’ති.

27. ස. පු: ලෞකික ප්‍රථමධ්‍යාන සමවන්නහුට වාග්භේද නැද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

අනු. ඨ: හඤ‍්චි ලොකියං පඨමං ඣානං සමාපන‍්නස‍්ස නත්‍ථී වචීභෙදො,

අනු. ඨ: ඉදින් ලෞකික ප්‍රථමධ්‍යාන සමවන්නහුට වාග්භේද නැත් නම්,

අනු. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ සමාපන‍්නස‍්ස අත්‍ථී වචීභෙදො’ති.

අනු. පා: භවත, ‘සමවන්නහුට වාග්භේද ඇති’යි නො කියැයුතු මැ යැ.

28. ස. පු: ලොකියං දුතියං ඣානං -පෙ- තතියං ඣානං -පෙ- චතුත්‍ථං ඣානං සමාපන‍්නස‍්ස නත්‍ථී වචීභෙදො’ති.

28. ස. පු: ලෞකික ද්විතීයධ්‍යාන ... තෘතීයධ්‍යාන ... චතුර්‍ත්‍ථධ්‍යාන සමවන්නහුට වාග්භේද නැද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

අනු. ඨ: හඤ‍්චි ලොකියං චතුත්‍ථං ඣානං සමාපන‍්නස‍්ස නත්‍ථී වචීභෙදො,

අනු. ඨ: ඉදින් ලෞකික චතුර්‍ත්‍ථධ්‍යාන සමවන්නහුට වාග්භේද නැත් නම්,

අනු. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ: සමාපන‍්නස‍්ස අත්‍ථී වචීභෙදො’ති.

අනු. පා: භවත, ‘සමවන්නහුට වාග්භේද ඇති’යි නො කියැයුතු මැ යැ.

29. ස. පු: ලොකුත‍්තරං පඨමං ඣානං සමාපන‍්නස‍්ස අත්‍ථී වචීභෙදො’ති.

29. ස. පු: ලෝකෝත්තර ප්‍රථමධ්‍යාන සමවන්නහුට වාග්භේද ඇද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: ලොකියං පඨමං ඣානං සමාපන‍්නස‍්ස අත්‍ථී වචීභෙදො’ති.

ස. අනු: ලෞකික ප්‍රථමධ්‍යාන සමවන්නහුට වාග්භේද ඇද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...

30. ස. පු: ලොකුත‍්තරං පඨමං ඣානං සමාපන‍්නස‍්ස අත්‍ථී වචීභෙදො’ති.

30. ස. පු: ලෝකෝත්තර ප්‍රථමධ්‍යාන සමවන්නහුට වාග්භේද ඇද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: ලොකියං දුතියං ඣානං -පෙ- තතියං ඣානං -පෙ- චතුත්‍ථං ඣානං සමාපන‍්නස‍්ස අත්‍ථී වචීභෙදො’ති.

ස. අනු: ලෞකික ද්විතීයධ්‍යාන ... තෘතීයධ්‍යාන ... චතුර්‍ත්‍ථධ්‍යාන සමවන්නහුට වාග්භේද ඇද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...

31. ස. පු: ලොකියං පඨමං ඣානං සමාපන‍්නස‍්ස නත්‍ථී වචීභෙදො’ති.

31. ස. පු: ලෞකික ප්‍රථමධ්‍යාන සමවන්හුට වාග්භේද නැද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: ලොකුත‍්තරං පඨමං ඣානං සමාපන‍්නස‍්ස නත්‍ථී වචීභෙදො’ති.

ස. අනු: ලෝකෝත්තර ප්‍රථමධ්‍යාන සමවන්නහුට වාග්භේද නැද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...

32. ස. පු: ලොකියං දුතියං ඣානං -පෙ- තතියං ඣානං -පෙ- චතුත්‍ථං ඣානං සමාපන‍්නස‍්ස නත්‍ථී වචීභෙදො’ති.

32. ස. පු: ලෞකික ද්විතීයධ්‍යාන ... තෘතීයධ්‍යාන ... චතුර්‍ත්‍ථධ්‍යාන සමවන්නහුට වාග්භේද නැද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: ලොකුත‍්තරං පඨමං ඣානං සමාපන‍්නස‍්ස නත්‍ථී වචීභෙදො’ති.

ස. අනු: ලෝකෝත්තර ප්‍රථමධ්‍යාන සමවන්නහුට වාග්භේද නැද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටිඤ්ඤා: එසේ නො කියැයුතු මැ යැ ...

33. ස. පු: ලොකුත‍්තරං පඨමං ඣානං සමාපන‍්නස‍්ස අත්‍ථී වචීභෙදො’ති.

33. ස. පු: ලෝකෝත්තර ප්‍රථමධ්‍යාන සමවන්නහුට වාග්භේද ඇද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: ලොකුත‍්තරං දුතියං ඣානං සමාපන‍්නස‍්ස අත්‍ථී වචීභෙදො’ති.

ස. අනු: ලෝකෝත්තර ද්විතීයධ්‍යාන සමවන්නහුට වාග්භේද ඇද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...

34. ස. පු: ලොකුත‍්තරං පඨමං ඣානං සමාපන‍්නස‍්ස අත්‍ථී වචීභෙදො’ති.

34. ස. පු: ලෝකෝත්තර ප්‍රථමධ්‍යාන සමවන්නහුට වාග්භේද ඇද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: ලොකුත‍්තරං තතියං ඣානං -පෙ- චතුත්‍ථං ඣානං සමාපන‍්නස‍්ස අත්‍ථී වචීභෙදො’ති.

ස. අනු: ලෝකෝත්තර තෘතීයධ්‍යාන ... චතුර්‍ත්‍ථධ්‍යාන සමවන්නහුට වාග්භේද ඇද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...

35. ස. පු: ලොකුත‍්තරං දුතියං ඣානං සමාපන‍්නස‍්ස නත්‍ථී වචීභෙදො’ති.

35. ස. පු: ලෝකෝත්තර ද්විතීයධ්‍යාන සමවන්නහුට වාග්භේද නැද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: ලොකුත‍්තරං පඨමං ඣානං සමාපන‍්නස‍්ස නත්‍ථී වචීභෙදො’ති.

ස. අනු: ලෝකෝත්තර ප්‍රථමධ්‍යාන සමවන්නහුට වාග්භේද නැද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...

36. ස. පු: ලොකුත‍්තරං දුතියං ඣානං -පෙ- තතියං ඣානං -පෙ- චතුත්‍ථං ඣානං සමාපන‍්නස‍්ස නත්‍ථී වචීභෙදො’ති

36. ස. පු: ලෝකෝත්තර ද්විතීයධ්‍යාන ... තෘතීයධ්‍යාන ... චතුර්‍ත්‍ථධ්‍යාන සමවන්නහුට වාග්භේද නැද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: ලොකුත‍්තරං පඨමං ඣානං සමාපන‍්නස‍්ස නත්‍ථී වචීභෙදො’ති.

ස. අනු: ලෝකෝත්තර ප්‍රථමධ්‍යාන සමවන්නහුට වාග්භේද නැද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...

37. ප. පු: න වත‍්තබ‍්බං: සමාපන‍්නස‍්ස අත්‍ථී වචීභෙදො’ති.

37. ප. පු: ‘සමවන්නහුට වාග්භේද ඇති’යි නො කියැයුතු ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්ඤා: එසේ යැ.

ප. අනු: නනු විතක‍්කවිචාරා වචීසඞ‍්ඛාරා වුත‍්තා භගවතා, පඨමං ඣානං සමාපන‍්නස‍්ස අත්‍ථී විතක‍්කවිචාරා’ති.

ප. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් “විතර්‍කවිචාරයෝ වාක්සංස්කාරයහ (=වචනෝප්තත්ති හේතු)”යි වදාරනලද නො වේ ද? ප්‍රථමධ්‍යාන සමවන්නහුට විතර්‍කවිචාර ඇත්තේ මැ නු?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්ඤා: එසේ යැ.

අනු. ඨ: හඤ‍්චි විතක‍්කවිචාරා වචීසඞ‍්ඛාරා වුත‍්තා භගවතා, පඨමං ඣානං සමාපන‍්නස‍්ස අත්‍ථී විතක‍්කවිචාරා,

අනු. ඨ: ඉදින් භාග්‍යවතුන් වහන්සේ විසින් “විතර්‍කවිචාරයෝ වාක්සංස්කාරයහ”යි වදාරනලද නම් ප්‍රථමධ්‍යාන සමවන්නහුට විතර්‍කවිචාරයෝ ඇත් නම්,

අනු. පා: තෙන වත රෙ වත‍්තබ‍්බෙ: සමාපන‍්නස‍්ස අත්‍ථී වචීභෙදො’ති.

අනු. පා: එහෙයින් භවත, ‘සමවන්නහුට වාග්භේද ඇති’යි කියැයුතු මැ යැ.

38. ස. පු: ‘විතක‍්කවිචාරා වචීසඞ‍්ඛාරා වුත‍්තා භගවතා, පඨමං ඣානං සමාපන‍්නස‍්ස අත්‍ථී විතක‍්කවිචාරා’ති අත්‍ථී තස‍්ස වචීභෙදො’ති.

38. ස. පු: භාග්‍යවතුන් වහන්සේ විසින් ‘විතර්‍කවිචාරයෝ වාක්සංස්කාරයහ’ යි වදාරන ලදි. ‘ප්‍රථමධ්‍යාන සමවන්නහුට විතර්‍කවිචාර ඇති’යි ගෙන ඔහුට වාග්භේද ඇද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: පඨවීකසිණං පඨමං ඣානං සමාපන‍්නස‍්ස අත්‍ථී විතක‍්කවිචාරා, අත්‍ථී තස‍්ස වචීභෙදො’ති.

ස. අනු: පඨවීකසිණ ප්‍රථමධ්‍යාන සමවන්නහුට විතර්‍කවිචාරයෝ ඇත. ඔහුට වාග්භේද ඇද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...

39. ස. පු: ‘විතක‍්කවිචාරා වචීසඞ‍්ඛාරා වුත‍්තා භගවතා, පඨමං ඣානං සමාපන‍්නස‍්ස අත්‍ථී විතක‍්කවිචාරා’ති අත්‍ථී තස‍්ස වචීභෙදො’ති.

39. ස. පු: භාග්‍යවතුන් වහන්සේ විසින් ‘විතර්‍කවිචාරයෝ වාක්සංස්කාරයහ’ යි වදාරන ලදි. ‘ප්‍රථමධ්‍යාන සමවන්නහුට විතර්‍කවිචාර ඇති’යි ගෙන ඔහුට වාග්භේද ඇද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: ආපොකසිණං -පෙ- තෙජො කසිණං -පෙ- වායොකසිණං -පෙ- නීලකසිණං -පෙ- පීතකසිණං -පෙ- ලොහිතකසිණං -පෙ- ඔදාතකසිණං පඨමං ඣානං සමාපන‍්නස‍්ස අත්‍ථී විතක‍්කවිචාරා, අත්‍ථී තස‍්ස වචීභෙදො’ති.

ස. අනු: ‘ආපෝකසිණ ... තෙජොකසිණ ... වායොකසිණ ... නීලකසිණ ... පීතකසිණ ... ලෝහිතකසිණ ... ඔදාතකසිණ ප්‍රථමධ්‍යාන සමවන්නහුට විතර්‍කවිචාරයෝ ඇති’යි ගෙන ඔහුට වාග්භේද ඇද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...

40. ප. පු: න වත‍්තබ‍්බං: සමාපන‍්නස‍්ස අත්‍ථී වචීභෙදො’ති.

40. ප. පු: ‘සමවන්නහුට වාග්භේද ඇති’යි නො කියැයුතු ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්ඤා: එසේ යැ.

ප. අනු: නනු විතක‍්කසමුට‍්ඨානා වාචා වුත‍්තා භගවතා, පඨමං ඣානං සමාපන‍්නස‍්ස අත්‍ථී විතක‍්කවිචාරා’ති.

ප. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් ‘වාක් තොමෝ විතර්‍කසමුත්‍ථානය’යි වදාරන ලද නො වේ ද? ප්‍රථමධ්‍යාන සමවන්නහුට විතර්‍කවිචාරයෝ ඇත.

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්ඤා: එසේ යැ.

අනු. ඨ: හඤ‍්චි විතක‍්කසමුට‍්ඨානා වාචා වුත‍්තා භගවතා, පඨමං ඣානං සමාපන‍්නස‍්ස අත්‍ථී විතක‍්කවිචාරා,

අනු. ඨ: භාග්‍යවතුන් වහන්සේ විසින් ‘වාක් තොමෝ විතර්‍කසමුත්‍ථානය’යි වදාරන ලද නම්, ප්‍රථමධ්‍යාන සමවන්නහුට විතර්‍කවිචාරයෝ ඇත් නම්,

අනු. පා: තෙන වත රෙ වත‍්තබ‍්බෙ: සමාපන‍්නස‍්ස අත්‍ථී වචීභෙදො’ති.

අනු. පා: එහෙයින් භවත, ‘සමවන්නහුට වාග්භේද ඇති’යි කියැයුතු මැ යැ.

41. ස. පු: විතක‍්කසමුට‍්ඨානා වාචා වුත‍්තා භගවතා, පඨමං ඣානං සමාපන‍්නස‍්ස අත්‍ථී විතක‍්කවිචාරාති. අත්‍ථී තස‍්ස වචීභෙදො’ති.

41. ස. පු: භාග්‍යවතුන් වහන්සේ විසින් වාක් තොමෝ විතර්‍කසමුත්‍ථානයයි වදාරන ලදි. ‘ප්‍රථමධ්‍යාන සමවන්නහුට විතර්‍කවිචාර ඇති’යි ගෙන ඔහුට වාග්භේද ඇද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: සඤ‍්ඤාසමුට‍්ඨානා වාචා වුත‍්තා භගවතා, දුතියං ඣානං සමාපන‍්නස‍්ස අත්‍ථී සඤ‍්ඤා. අත්‍ථී තස‍්ස විතක‍්කවිචාරා’ති.

ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් ‘වාක් තොමෝ සංඥාසමුත්‍ථානය’යි වදාරන ලදි. ‘ද්විතීයධ්‍යාන සමවන්නහුට සංඥා ඇත. ඔහුට විතර්‍කවිචාරයෝ ඇද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...

42. ස. පු: විතක‍්කසමුට‍්ඨානං වාචා වුත‍්තා භගවතා, පඨමං ඣානං සමාපන‍්නස‍්ස අත්‍ථී විතක‍්කවිචාරා’ති අත්‍ථී තස‍්ස වචීභෙදො’ති.

42. ස. පු: භාග්‍යවතුන් වහන්සේ විසින් ‘වචනය විතර්‍කසමුත්‍ථානය’යි වදාරන ලදි. ‘ප්‍රථමධ්‍යාන සමවන්නහුට විතර්‍කවිචාරයෝ ඇති’යි ගෙන ඔහුට වාග්භේද ඇද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: සඤ‍්ඤාසමුට‍්ඨානා වාචා වුත‍්තා භගවතා, තතියං ඣානං -පෙ- චතුත්‍ථං ඣානං -පෙ- ආකාසානඤ‍්චායතනං -පෙ- විඤ‍්ඤාණඤ‍්චායතනං -පෙ- ආකිඤ‍්චඤ‍්ඤායතනං සමාපන‍්නස‍්ස අත්‍ථී සඤ‍්ඤා. අත්‍ථී තස‍්ස විතක‍්කවිචාරා’ති.

ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් ‘වචනය සංඥා සමුත්‍ථානය’යි වදාරන ලදි. තෘතීයධ්‍යාන ... චතුර්‍ත්‍ථධ්‍යාන ... ආකාසානඤ්චායතන ... විඤ්ඤාණඤ්චායතන ... ආකිඤ්චඤ්ඤායතන සමවන්නහුට සංඥා ඇත. ඔහුට විතර්‍කවිචාරයෝ ඇද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...

43. ස. පු: සමාපන‍්නස‍්ස අත්‍ථී වචීභෙදො’ති.

43. ස. පු: සමවන්නහුට වාග්භේද ඇද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: නනු “පඨමං ඣානං සමාපන‍්නස‍්ස වාචා නිරුද‍්ධා හොතී”ති අත්‍ථෙ’ව සුත‍්තන‍්තො’ති.

ස. අනු: ‘ප්‍රථමධ්‍යාන සමවන්නහුට වචන නිරුද්ධ වෙති’යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

අනු. ඨ: හඤ‍්චි “පඨමං ඣානං සමාපන‍්නස‍්ස වාචා නිරුද‍්ධා හොතී”ති අත්‍ථෙ’ව සුත‍්තන‍්තො,

අනු. ඨ: ඉදින් ‘ප්‍රථමධ්‍යාන සමවන්නහුට වචන නිරුද්ධ වෙති’යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත් නම්,

අනු. පා: නො ච වත රෙ වත‍්තබ‍්බෙ “සමාපන‍්නස‍්ස අත්‍ථී වචීභෙදො”ති.

අනු. පා: භවත, සමවන්නහුට වාග්භේද ඇති’යි නො කියැයුතු මැ යැ.

44. ස. පු: “පඨමං ඣානං සමාපන‍්නස‍්ස වාචා නිරුද‍්ධා හොතී”ති අත්‍ථෙ’ව සුත‍්තන‍්තො’ති අත්‍ථී තස‍්ස වචීභෙදො’ති.

44. ස. පු: ‘ප්‍රථමධ්‍යාන සමවන්නහුට වචන නිරුද්ධ වෙති’යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු’යි ගෙන ඔහුට වාග්භේද ඇද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: “දුතියං ඣානං සමාපන‍්නස‍්ස විතක‍්කවිචාරා නිරුද‍්ධා හොන‍්තී”ති අත්‍ථෙ’ව සුත‍්තන‍්තො’ති අත්‍ථී තස‍්ස විතක‍්කවිචාරා’ති.

ස. අනු: ‘ද්විතීයධ්‍යාන සමවන්නහුට විතර්‍කවිචාර නිරුද්ධයහ’යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු’යි ගෙන ඔහුට විතර්‍කවිචාරයෝ ඇද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...

45. ස. පු: “පඨමං ඣානං සමාපන‍්නස‍්ස වාචා නිරුද‍්ධා හොතී”ති අත්‍ථෙ’ව සුත‍්තන‍්තො’ති අත්‍ථී තස‍්ස වචීභෙදො’ති.

45. ස. පු: ‘ප්‍රථමධ්‍යාන සමවන්නහුට වචන නිරුද්ධ වෙති’යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු’යි ගෙන ඔහුට වාග්භේද ඇද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: “තතියං ඣානං සමාපන‍්නස‍්ස පීති නිරුද‍්ධා හොති -පෙ- චතුත්‍ථං ඣානං සමාපන‍්නස‍්ස අස‍්සාසපස‍්සාසා නිරුද‍්ධා හොන‍්ති -පෙ- ආකාසානඤ‍්චායතනං සමාපන‍්නස‍්ස රූපසඤ‍්ඤා නිරුද‍්ධා හොති -පෙ- ආකිඤ‍්චඤ‍්ඤායතනං සමාපන‍්නස‍්ස විඤ‍්ඤාණඤ‍්චායතනසඤ‍්ඤා නිරුද‍්ධා හොති -පෙ- නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායනං සමාපන‍්නස‍්ස ආකිඤ‍්චඤ‍්ඤායතනසඤ‍්ඤා නිරුද‍්ධා හොති -පෙ- සඤ‍්ඤාවෙදයිතනිරොධං සමාපන‍්නස‍්ස සඤ‍්ඤා ච වෙදනා ච නිරුද‍්ධා හොන‍්තී”ති අත්‍ථෙ’ව සුත‍්තන‍්තො’ති අත්‍ථී තස‍්ස සඤ‍්ඤා ච වෙදනා චාති.

ස. අනු: “තෘතීයධ්‍යාන සමවන්නහුට ප්‍රීති නිරුද්ධ වෙති’යි ... චතුර්‍ත්‍ථධ්‍යාන සමවන්නහුට ආශ්වාසප්‍රශ්වාස නිරුද්ධ වෙති’යි ... ‘ආකාසානඤ්චායතන සමවන්නහුට රූපසංඥා නිරුද්ධ වෙති’යි ... ‘ආකිඤ්චඤ්ඤායතන සමවන්නහුට විඤ්ඤාණඤ්චායතනසංඥා නිරුද්ධ වෙති’යි ... ‘නේවසඤ්ඤානාසඤ්ඤායතන සමවන්නහුට ආකිඤ්චඤ්ඤායතනසංඥා නිරුද්ධ වෙති’යි ... සඤ්ඤාවේදයිතනිරෝධ සමවන්නහුට සංඥාවේදනා දෙදෙන නිරුද්ධ වෙති”යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු’යි ගෙන ඔහුට සංඥාත් වේදනාත් ඇද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...

46. ප. පු: න වත‍්තබ‍්බං සමාපන‍්නස‍්ස අත්‍ථී වචීභෙදො’ති.

46. ප. පු: ‘සමවන්නහුට වාග්භේද ඇති’යි නො කියැයුතු ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්ඤා: එසේ යැ.

ප. අනු: නනු පඨමස‍්ස ඣානස‍්ස සද‍්දො කණ‍්ටකො වුත‍්තො භගවතා’ති.

ප. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් ‘ප්‍රථමධ්‍යානයට ශබ්දය කණ්ටකය’යි වදාරනලද්දේ නො වේ ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්ඤා: එසේ යැ.

අනු. ඨ: හඤ‍්චි පඨමස‍්ස ඣානස‍්ස සද‍්දා කණ‍්ටකො වුත‍්තො භගවතා,

අනු. ඨ: ඉදින් භාග්‍යවතුන් වහන්සේ විසින් ‘ප්‍රථමධ්‍යානයට ශබ්දය කණ්ටකය’යි වදාරනලද නම්,

අනු. පා: තෙන වත රෙ වත‍්තබ‍්බෙ “සමාපන‍්නස‍්ස අත්‍ථී වචීභෙදො’ති.

අනු. පා: එහෙයින් භවත, සමවන්නහුට වාග්භේද ඇති’යි කියැයුතු මැ යැ.

47. ස. පු: “පඨමස‍්ස ඣානස‍්ස සද‍්දො කණ‍්ටකො වුත‍්තො භගවතා”ති සමාපන‍්නස‍්ස අත්‍ථී වචීභෙදො’ති.

47. ස. පු: “භාග්‍යවතුන් වහන්සේ විසින් ‘ප්‍රථමධ්‍යානයට ශබ්දය කණ්ටකය’යි වදාරනලදැ”යි ගෙන සමවන්නහුට වාග්භේද ඇද්ද?

ප. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ප. පටිඤ්ඤා: එසේ යැ.

ස. අනු: දුතියස‍්ස ඣානස‍්ස විතක‍්කවිචාරා කණ‍්ටකො වුත‍්තො භගවතා -පෙ- තතියස‍්ස ඣානස‍්ස පීති කණ‍්ටකො වුත‍්තො භගවතා -පෙ- චතුත්‍ථස‍්ස ඣානස‍්ස අස‍්සාසපස‍්සාසා කණ‍්ටකො වුත‍්තො භගවතා -පෙ- ආකාසානඤ‍්චායතනං සමාපන‍්නස‍්ස රූපසඤ‍්ඤා කණ‍්ටකො වුත‍්තො භගවතා -පෙ- විඤ‍්ඤාණඤ‍්චායතනං සමාපන‍්නස‍්ස ආකාසානඤ‍්චායතනසඤ‍්ඤා කණ‍්ටකො වුත‍්තො භගවතා -පෙ- ආකිඤ‍්චඤ‍්ඤායතනං සමාපන‍්නස‍්ස විඤ‍්ඤාණඤ‍්චායතනසඤ‍්ඤා කණ‍්ටකො වුත‍්තො භගවතා -පෙ- නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනං සමාපන‍්නස‍්ස ආකිඤ‍්චඤ‍්ඤායතනසඤ‍්ඤා කණ‍්ටකො වුත‍්තො භගවතා -පෙ- සඤ‍්ඤාවෙදයිතනිරොධං සමාපන‍්නස‍්ස සඤ‍්ඤා ච වෙදනා ච කණ‍්ටකො වුත‍්තො භගවතා, අත්‍ථී තස‍්ස සඤ‍්ඤා ච වෙදනා චා’ති.

ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් ‘ද්විතීයධ්‍යානයට විතර්‍කවිචාර කණ්ටකයැ’යි වදාරනලදි ... භාග්‍යවතුන් වහන්සේ විසින් ‘තෘතීයධ්‍යානයට ප්‍රීතිය කණ්ටකයැ’යි වදාරනලදි ... භාග්‍යවතුන් වහන්සේ විසින් ‘චතුර්‍ත්‍ථධ්‍යානයට ආශ්වාස ප්‍රශ්වාස දෙක කණ්ටකයැ’යි වදාරනලදි ... භාග්‍යවතුන් වහන්සේ විසින් ‘ආකාසානඤ්චායතන සමවත් සමවන්නහුට රූපසංඥාව කණ්ටකයැ’යි වදාරනලදි ... භාග්‍යවතුන් වහන්සේ විසින් ‘විඤ්ඤාණඤ්චායතන සමවත් සමවන්නහුට ආකාසානඤ්චායතනසංඥාව කණ්ටකයැ’යි වදාරනලදි ... භාග්‍යවතුන් වහන්සේ විසින් ‘ආකිඤ්චඤ්ඤායතන සමවත් සමවන්නහුට විඤ්ඤාණඤ්චායතනසංඥාව කණ්ටකයැ’යි වදාරනලදි ... භාග්‍යවතුන් වහන්සේ විසින් ‘නේවසඤ්ඤානාසඤ්ඤායතන සමවත් සමවන්නහුට ආකිඤ්චඤ්ඤායතනසංඥාව කණ්ටකයැ’යි වදාරන ලදි ... භාග්‍යවතුන් වහන්සේ විසින් ‘සඤ්ඤාවේදයිතනිරෝධ සමවත් සමවන්නහුට සංඥා වේදනා දෙක කණ්ටකයැ’යි වදාරන ලදි. ඔහුට සංඥාත් වේදනාත් ඇද්ද?

ප. පටි: න හෙවං වත‍්තබ‍්බෙ -පෙ-

ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...

48. ප. පු: න වත‍්තබ‍්බං “සමාපන‍්නස‍්ස අත්‍ථී වචීභෙදො”ති.

48. ප. පු: ‘සමවන්නහුට වාග්භේද ඇති’යි නො කියැයුතු ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්ඤා: එසේ යැ.

ප. අනු: නනු වුත‍්තං භගවතා “සිඛිස‍්ස ආනන්‍ද භගවතො අරහතො සම‍්මාසම‍්බුද‍්ධස‍්ස අභිභූ නාම සාවකො බ්‍රහ‍්මලොකෙ ඨිතො දසසහස‍්සීලොකධාතුං සරෙන විඤ‍්ඤාපෙසි.

ප. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් ‘ආනන්‍දය, සිඛී නම් වූ භාග්‍යවත් අර්‍හත් සම්‍යක්සම්බුද්ධයන් වහන්සේගේ අභිභූ නම් ශ්‍රාවකතෙම බඹලොව සිටියේ දශසහස්‍රීලෝකධාතුව ස්වරයෙන් විඥාපනය කෙළේ –

“ආරභථ නික‍්ඛමථ යුඤ‍්ජත බුද‍්ධසාසනෙ ධුනාථ මච‍්චුනො සෙනං නළාගාරං ව කුඤ‍්ජරො

“ආරම්භවීර්‍ය්‍යය කරව, නිෂ්ක්‍රමණවීර්‍ය්‍යය කරව, බුද්ධශාසනයෙහි (සතතප්‍රවෘත්තීන්) යෙදෙව. ඇතකු බටදඬුයෙන් කළ ගෙයක් වනසන්නාක් මෙන් කෙලෙස් මරසෙන් නසව.

යො ඉමස‍්මිං ධම‍්මවිනයෙ අප‍්පමත‍්තො විහෙස‍්සති පහාය ජාතිසංසාරං දුක‍්ඛස‍්සන‍්තං කරිස‍්සතී”ති.

යමෙක් මෙසස්නෙහි නො පමාව වෙසේ ද, හේ ජාතිය හා සංසාරය දුරු කොට දුක් කෙළවර කරන්නේ යැ” යි

අත්‍ථෙ’ව සුත‍්තන‍්තො’ති.

වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො වේ ද?

ස. පටිඤ‍්ඤා: ආමන‍්තා.

ස. පටිඤ්ඤා: එසේ යැ.

අනු. පා: තෙන හි “සමාපන‍්නස‍්ස අත්‍ථී වචීභෙදො”ති.

අනු පා: එකරුණින් සමවන්නහුට වාග්භේද ඇත. (සිඛිස්ස ආනන්‍ද – යනාදීන් එළැවූ සාධකසූත්‍රයෙහි යම් සමාපත්තිචිත්තයෙකින් ඒ වාග්භේද උපන්නේ නම්, එසිතින් කායභේදත් උපදනේ මැ යැ. එසිත ලෝකෝත්තර ප්‍රථමධ්‍යාන චිත්ත නො වෙයි. එයින් මැ සාධකත් නො වේ.)

වචීභෙදකථා නිට‍්ඨිතා.

වචීභේදකථා නිමි.