පරවිතරණකථා
2. 4.
2. 4.
පරවිතරණකථා
පරවිතරණකථා
[මෙ ද අඤ්ඤාණකථායෙහි නිදානය මෙනි]
1. ස. පු: අත්ථී අරහතො පරවිතරණා’ති.
1. ස. පු: රහත්හට පරවිතරණය (පරා බසින් දැන් මැ) ඇද්ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අරහා පරනෙය්යො පරපත්තියො පරපච්චයො පරපටිබද්ධභූ න ජානාති න පස්සති සම්මූළ්හො අසම්පජානො’ති.
ස. අනු: රහත් වනාහි පරනෙය වූයේ මෙරමා නිසා ප්‍රාප්තව්‍ය (දතයුතු) වූයේ පරප්‍රත්‍යය (අනුන්බස් පිහිට කොට ඇති) වූයේ පරප්‍රතිබද්ධ වූයේ සම්මූඪ වූයේ සම්ප්‍රඥාන නැතියේ නො දන්නේ වේ ද, නො දක්නේ වේ ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ස. අනු: නනු අරහා න පරනෙය්යො න පරපත්තියො න පරපටිබද්ධභූ ජානාති පස්සති අසම්මූළ්හො සම්පජානො’ති.
ස. අනු: රහත් වනාහි පරනෙය නො වූයේ මෙරමා නිසා ප්‍රාප්තව්‍ය නො වූයේ පරප්‍රත්‍යය නො වූයේ පරප්‍රතිබද්ධ නො වූයේ සම්මූඪ නො වූයේ සම්ප්‍රඥාන ඇතියේ දන්නේ වේ ද, දක්නේ වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: හඤ්චි අරහා න පරනෙය්යො න පරපත්තියො න පරපච්චයො න පරපටිබද්ධභූ ජානාති පස්සති අසම්මූළ්හො සම්පජානො,
අනු. ඨ: ඉදින් රහත් වනාහි පරනෙය නො වූයේ මෙරමා නිසා ප්‍රාප්තව්‍ය නො වූයේ පරප්‍රත්‍යය නො වූයේ පරප්‍රතිබද්ධ නො වූයේ සම්මූඪ නො වූයේ සම්ප්‍රඥාන ඇතියේ දන්නේ වේ නම්, දක්නේ වේ නම්,
අනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ: අත්ථී අරහතො පරවිතරණා’ති.
අනු. පා: භවත, රහත්හට පරවිතරණා ඇති’යි නො කියැයුතු මැ යැ.
2. ස. පු: අත්ථී පුථුජනස්ස පරවිතරණා, සො ච පරනෙය්යො පරපත්තියො පරපච්චයො පරපටිබද්ධභූ, න ජානාති න පස්සතී සම්මූළ්හො අසම්පජානො’ති.
2. ස. පු: පෘථග්ජනයාහට පරවිතරණා ඇත. ඒ පෘථග්ජනත් පරනෙය වූයේ පරා නිසා ප්‍රාප්තව්‍ය වූයේ පරා හේතු කොට ඇතියේ පරා අයත් කොට ඇතියේ සම්මූඪ වූයේ සම්ප්‍රඥාන නැතියේ නො දන්නේ වේ ද, නො දක්නේ වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අත්ථී අරහතො පරවිතරණා, සො ච පරනෙය්යා පරපත්තියො පරපච්චයො පරපටිබද්ධභූ න ජානාති න පස්සති සම්මූළ්හො අසම්පජානො’ති.
ස. අනු: (තොප මතයෙහි) රහත්හට පරවිතරණා ඇත. ඒ රහත් ද පරනෙය වූයේ පරා මගින් ප්‍රාප්තව්‍ය වූයේ පරප්‍රත්‍යය වූයේ පරප්‍රතිබද්ධ වූයේ සම්මූඪ වූයේ සම්ප්‍රඥාන නැතියේ නො දන්නේ වේ ද, නො දක්නේ වේ ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
3. ස. පු: අත්ථී අරහතො පරවිතරණා. සො ච න පරනෙය්යො න පරපත්තියො න පරපච්චයො න පරපටිපද්ධභූ ජානාති පස්සති අසම්මූළ්හො සම්පජානො’ති.
3. ස. පු: (තොප මතයෙහි) රහත්හට පරවිතරණා ඇත. ඒ රහත් ද පරනෙය නො වූයේ පරා මගින් ප්‍රාප්තව්‍ය නො වූයේ පරප්‍රත්‍යය නො වූයේ පරප්‍රතිබද්ධ නො වූයේ සම්මූඪ නො වූයේ සම්ප්‍රඥාන ඇතියේ දන්නේ වේ ද, දක්නේ වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අත්ථී පුථුජ්ජනස්ස පරවිතරණා සො ච න පරනෙය්යො න පරපත්තියො න පරපටිබද්ධභූ ජානාති පස්සති අසම්මූළ්හො සම්පජානො’ති.
ස. අනු: පෘථග්ජනයාහට පරවිතරණා ඇත. ඒ පුහුදුනුත් පරනෙය නො වූයේ පරා මගින් ප්‍රාප්තව්‍ය නො වූයේ පරහේතු නැතියේ පරප්‍රතිබද්ධ නො වූයේ සම්මූඪ නො වූයේ සම්ප්‍රඥාන ඇතියේ දන්නේ වේ ද, දක්නේ වේ ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
4. ස. පු: අත්ථී අරහතො පරවිතරණා’ති.
4. ස. පු: රහත්හට පරවිතරණා ඇද්ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අත්ථී අරහතො සත්ථරි පරවිතරණා. ධම්මෙ පරවිතරණා සඞ්ඝෙ පරවිතරණා සික්ඛාය පරවිතරණා පුබ්බන්තෙ පරවිතරණා අපරන්තෙ පරවිතරණා පුබ්බන්තාපරන්තෙ පරවිතරණා ඉදප්පච්චයතාපටිච්චසමුප්පන්නෙසු ධම්මෙසු පරවිතරණා’ති.
ස. අනු: රහත්හට ශාස්තෲන් වහන්සේ කෙරෙහි පරවිතරණ ඇද්ද, ධර්මයෙහි පරවිතරණ ඇද්ද, සඟුන් කෙරෙහි පරවිතරණ ඇද්ද, ශික්ෂායෙහි පරවිතරණ ඇද්ද, පූර්වාන්තයෙහි පරවිතරණ ඇද්ද, අපරාන්තයෙහි පරවිතරණ ඇද්ද, පූර්වාන්තාපරාන්තයෙහි පරවිතරණ ඇද්ද, ඉදම්ප්‍රත්‍යයතාප්‍රතීත්‍යසමුත්පන්නධර්‍මයෙහි පරවිතරණ ඇද්ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ස. අනු: නත්ථී අරහතො සත්ථරි පරවිතරණා ධම්මෙ පරවිතරණා -පෙ- ඉදප්පච්චයතාපටිච්චසමුප්පන්නෙසු ධම්මෙසු පරවිතරණා’ති.
ස. අනු: රහත්හට ශාස්තෲන්වහන්සේ කෙරෙහි පරවිතරණ නැද්ද, ධර්මයෙහි පරවිතරණ නැද්ද ... ඉදම්ප්‍රත්‍යයතාප්‍රතීත්‍යසමුත්පන්නධර්‍මයෙහි පරවිතරණ නැද්ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: හඤ්චි නත්ථී අරහතො සත්ථරි පරවිතරණා ධම්මෙ පරවිතරණා -පෙ- ඉදප්පච්චයතාපටිච්චසමුප්පන්නෙසු ධම්මෙසු පරවිතරණා,
අනු. ඨ: ඉදින් රහත්හට ශාස්තෲන් වහන්සේ කෙරෙහි පරවිතරණ නැත් නම්, ධර්මයෙහි පරවිතරණ නැත් නම් ... ඉදම්ප්‍රත්‍යයතාප්‍රතීත්‍යසමුත්පන්නධර්‍මයෙහි පරවිතරණ නැත් නම්,
අනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ ‘අත්ථී අරහතො පරවිතරණා’ති.
අනු. පා: භවත, ‘රහත්හට පරවිතරණා ඇති’යි නො කියැයුතු මැ යැ.
5. ස. පු: අත්ථී පුථුජ්ජනස්ස පරවිතරණා. අත්ථී තස්ස සත්ථරි පරවිතරණා ධම්මෙ පරවිතරණා -පෙ- ඉදප්පච්චයතාපටිච්චසමුප්පන්නෙසු ධම්මෙසු පරවිතරණා’ති.
5. ස. පු: පුහුදුන්හට පරවිතරණ ඇත. ඔහුට ශාස්තෲන් වහන්සේ කෙරෙහි පරවිතරණ ඇද්ද, ධර්මයෙහි පරවිතරණ ඇද්ද ... ඉදම්ප්‍රත්‍යයතාප්‍රතීත්‍යසමුත්පන්නධර්‍මයෙහි පරවිතරණ ඇද්ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අත්ථී අරහතො පරවිතරණා. අත්ථී තස්ස සත්ථරි පරවිතරණා, ධම්මෙ පරවිතරණා -පෙ- ඉදප්පච්චයතාපටිච්චසමුප්පන්නෙසු ධම්මෙසු පරවිතරණා’ති.
ස. අනු: රහත්හට පරවිතරණ ඇත. ඔහුට ශාස්තෲන් වහන්සේ කෙරෙහි පරවිතරණ ඇද්ද, ධර්මයෙහි පරවිතරණ ඇද්ද ... ඉදම්ප්‍රත්‍යයතාප්‍රතීත්‍යසමුත්පන්නධර්‍මයෙහි පරවිතරණ ඇද්ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
6. ස. පු: අත්ථී අරහතො පරවිතරණා. නත්ථී තස්ස සත්ථරි පරවිතරණා, ධම්මෙ පරවිතරණා -පෙ- ඉදප්පච්චයතාපටිච්චසමුප්පන්නෙසු ධම්මෙසු පරවිතරණා’ති.
6. ස. පු: රහත්හට පරවිතරණ ඇත. ඔහුට ශාස්තෲන් වහන්සේ කෙරෙහි පරවිතරණ නැද්ද, ධර්මය කෙරෙහි පරවිතරණ නැද්ද ... ඉදම්ප්‍රත්‍යයතාප්‍රතීත්‍යසමුත්පන්නධර්‍මයෙහි පරවිතරණ නැද්ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අත්ථී පුථුජ්ජනස්ස පරවිතරණා. නත්ථී තස්ස සත්ථරි පරවිතරණා ධම්මෙ පරවිතරණා -පෙ- ඉදප්පච්චයතාපටිච්චසමුප්පන්නෙසු ධම්මෙසු පරවිතරණා’ති.
ස. අනු: පුහුදුන්හට පරවිතරණ ඇත. ඔහුට ශාස්තෲන් වහන්සේ කෙරෙහි පරවිතරණ නැද්ද, ධර්මයෙහි පරවිතරණ නැද්ද ... ඉදම්ප්‍රත්‍යයතාප්‍රතීත්‍යසමුත්පන්නධර්‍මයෙහි පරවිතරණ නැද්ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
7. ස. පු: අත්ථී අරහතො පරවිතරණා’ති.
7. ස. පු: රහත්හට පරවිතරණ ඇද්ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: නනු අරහතො රාගො පහීනො උච්ඡින්නමූලො තාලාවත්ථුකතො අනභාවකතො ආයතිං අනුප්පාදධම්මො’ති.
ස. අනු: රහත්හට රාගය පුහුන් නො වේ ද, උසුන්මුල් නො වේ ද, මුදුන්සුන් තලක් සෙයින් කළ අවස්තුකභාව ඇතියේ නො වේ ද, ප්‍රඥායෙන් කළ අභාව ඇතියේ නො වේ ද? මතුයෙහි නූපදනා සැහැවි ඇතියේ නො වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: හඤ්චි අරහතො රාගො පහීනො උච්ඡින්නමූලො තාලාවත්ථුකතො අනභාවකතො ආයතිං අනුප්පාදධම්මො,
අනු ඨ: ඉදින් රහත්හට රාගය ප්‍රහීණ වේ නම්, උසුන්මුල් වේ නම්, තාලාවස්තුකෘත වේ නම්, කළ අභාව ඇතියේ වේ නම්, මතු නූපදනා සැහැවි ඇතියේ වේ නම්,
අනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ “අත්ථී අරහතො පරවිතරණා”ති.
අනු. පා: භවත, ‘රහත්හට පරවිතරණ ඇති’යි නො කියැයුතු මැ යැ.
8. ස. පු: අත්ථී අරහතො පරවිතරණා’ති.
8. ස. පු: රහත්හට පරවිතරණ ඇද්ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: නනු අරහතො දොසො පහීනො -පෙ- මොහො පහීනො -පෙ- අනොත්තප්පං පහීනං උච්ඡින්නමූලං තාලාවත්ථුකතං අනභාවකතං ආයතිං අනුප්පාදධම්මන්ති.
ස. අනු: රහත්හට ද්වේෂය ප්‍රහීණ නො වේ ද ... මෝහය ප්‍රහීණ නො වේ ද ... අනපත්‍රපා ප්‍රහීණ නො වේ ද, උසුන්මුල් නො වේ ද, තාලාවස්තුකෘත නො වේ ද, කළ අභාව ඇතියේ නො වේ ද, මතුයෙහි නූපදනා සැහැවි ඇතියේ නො වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: හඤ්චි අරහතො අනොත්තප්පං පහීනං උච්ඡින්නමූලං තාලාවත්ථුකතං අනභාවකතං ආයතිං අනුප්පාදධම්මං,
අනු. ඨ: ඉදින් රහත්හට අනපත්‍රපා ප්‍රහීණ වේ නම්, උසුන්මුල් වේ නම්, තාලාවස්තුකෘත වේ නම්, කළ අභාව ඇතියේ වේ නම්, මතු නූපදනා සැහැවි ඇතියේ වේ නම්,
අනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ: අත්ථී අරහතො පරවිතරණා’ති.
අනු. පා: භවත, ‘රහත්හට පරවිතරණ ඇති’යි නො කියැයුතු මැ යැ.
9. ස. පු: අත්ථී අරහතො පරවිතරණා’ති.
9. ස. පු: රහත්හට පරවිතරණ ඇද්ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: නනු අරහතො රාගප්පහානාය මග්ගො භාවිතො -පෙ- බොජ්ඣඞ්ගා භාවිතා -පෙ- දොසප්පහානාය -පෙ- අනොත්තප්පප්පහානාය මග්ගො භාවිතො -පෙ- බොජ්ඣඞ්ගා භාවිතා’ති.
ස. අනු: රහත්හට රාගප්‍රහාණය පිණිස මාර්ගය භාවිත නො වේ ද ... බෝධ්‍යඞ්ග භාවිත නො වේ ද ... ද්වේෂප්‍රහාණය පිණිස ... අනපත්‍රපා ප්රහාණය පිණිස මාර්ගය භාවිත නො වේ ද ... බෝධ්‍යඞ්ග භාවිත නො වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: හඤ්චි අරහතො රාගප්පහානාය බොජ්ඣඞ්ගා භාවිතා,
අනු. ඨ: ඉදින් රහත්හට රාගප්‍රහාණය පිණිස බෝධ්‍යඞ්ග භාවිත වේ නම්,
අනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ: අත්ථී අරහතො පරවිතරණා’ති.
අනු. පා: භවත, ‘රහත්හට පරවිතරණ ඇති’යි නො කියැයුතු මැ යැ.
10. ස. පු: අත්ථී අරහතො පරවිතරණා’ති.
10. ස. පු: රහත්හට පරවිතරණ ඇද්ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: නනු අරහා වීතරාගො වීතදොසො වීතමොහො -පෙ- සච්ඡිකාතබ්බං සච්ඡිකතන්ති.
ස. අනු: රහත් වනාහි වීතරාග වීතද්වේෂ වීතමෝහ නො වේ ද ... සාක්‍ෂාත්කර්‍තව්‍යය සාක්‍ෂාත්කෘත නො වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: හඤ්චි අරහා වීතරාගො වීතදොසො වීතමොහො -පෙ- සච්ඡිකාතබ්බං සච්ඡිකතං,
අනු. ඨ: ඉදින් රහත් වීතරාග වීතද්වේෂ වීතමෝහ වේ නම් ... සාක්‍ෂාත්කර්‍තව්‍ය සාක්‍ෂාත්කෘත වේ නම්,
අනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ: අත්ථී අරහතො පරවිතරණා’ති.
අනු. පා: භවත, ‘රහත්හට පරවිතරණ ඇති’යි නො කියැයුතු මැ යැ.
11. ස. පු: අත්ථී අරහතො පරවිතරණා’ති.
11. ස. පු: රහත්හට පරවිතරණ ඇද්ද?
ප. වි: සධම්මකුසලස්ස අරහතො අත්ථී පරවිතරණා. පරධම්මකුසලස්ස අරහතො නත්ථී පරවිතරණා’ති.
ප. වි: ස්වධර්‍මකුශල රහත්හට පරවිතරණ ඇත. පරධර්‍මකුශල රහත්හට පරවිතරණ නැත.
ස. අනු: පරධම්මකුසලස්ස අරහතො අත්ථී පරවිතරණා’ති.
ස. අනු: පරධර්‍මකුශල රහත්හට පරවිතරණ ඇද්ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ස. අනු: පරධම්මකුසලස්ස අරහතො නත්ථී පරවිතරණා’ති.
ස. අනු: පරධර්‍මකුශල රහත්හට පරවිතරණ නැද්ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සධම්මකුසලස්ස අරහතො නත්ථී පරවිතරණා’ති.
ස. අනු: ස්වධර්‍මකුශල රහත්හට පරවිතරණ නැද්ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
12. ස. පු: සධම්මකුසලස්ස අරහතො රාගො පහීනො අත්ථී තස්ස පරවිතරණා’ති.
12. ස. පු: ස්වධර්‍මකුශල රහත්හට රාගය ප්‍රහීණ යැ. ඔහුට පරවිතරණ ඇද්ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: පරධම්මකුසලස්ස අරහතො රාගො පහීනො අත්ථී තස්ස පරවිතරණා’ති.
ස. අනු: පරධර්‍මකුශල රහත්හට රාගය ප්‍රහීණ යැ. ඔහුට පරවිතරණ ඇද්ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
13. ස. පු: සධම්මකුසලස්ස අරහතො දොසො පහීනො, මොහො පහීනො -පෙ- අනොත්තප්පං පහීනං. අත්ථී තස්ස පරවිතරණා’ති.
13. ස. පු: ස්වධර්‍මකුශල රහත්හට ද්වේෂය ප්‍රහීණ යැ, මෝහය ප්‍රහීණ යැ ... අනපත්‍රපා ප්‍රහීණ යැ. ඔහුට පරවිතරණ ඇද්ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: පරධම්මකුසලස්ස අරහතො අනොත්තප්පං පහීනං. අත්ථී තස්ස පරවිතරණා’ති.
ස. අනු: පරධර්‍මකුශල රහත්හට අනපත්‍රපා ප්‍රහීණ යැ. ඔහුට පරවිතරණ ඇද්ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ..
14. ස. පු: සධම්මකුසලස්ස අරහතො රාගප්පහානාය මග්ගො භාවිතො -පෙ- බොජ්ඣඞ්ගා භාවිතා. අත්ථී තස්ස පරවිතරණා’ති.
14. ස. පු: ස්වධර්‍මකුශල රහත්හට රාගප්‍රහාණය පිණිස මාර්ගය භාවිත යැ ... බෝධ්‍යඞ්ග භාවිත යැ. ඔහුට පරවිතරණ ඇද්ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: පරධම්මකුසලස්ස අරහතො රාගප්පහානාය මග්ගො භාවිතො -පෙ- බොජ්ඣඞ්ගා භාවිතා. අත්ථී තස්ස පරවිතරණා’ති.
ස. අනු: පරධර්‍මකුශල රහත්හට රාගප්‍රහාණය පිණිස මාර්ගය භාවිත යැ ... බෝධ්‍යඞ්ග භාවිත යැ. ඔහුට පරවිතරණ ඇද්ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
15. ස. පු: සධම්මකුසලස්ස අරහතො දොසප්පහානාය -පෙ- අනොත්තප්පප්පහානාය මග්ගො භාවිතො -පෙ- බොජ්ඣඞ්ගා භාවිතා. අත්ථී තස්ස පරවිතරණා’ති.
15. ස. පු: ස්වධර්‍මකුශල රහත්හට ද්වේෂප්‍රහාණය පිණිස ... අනපත්‍රපා ප්රහාණය පිණිස මාර්ගය භාවිත යැ ... බෝධ්‍යඞ්ග භාවිත යැ. ඔහුට පරවිතරණ ඇද්ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: පරධම්මකුසලස්ස අරහතො අනොත්තප්පප්පහානාය බොජ්ඣඞ්ගා භාවිතා. අත්ථී තස්ස පරවිතරණා’ති.
ස. අනු: පරධර්‍මකුශල රහත්හට අනපත්‍රපාප්‍රහාණය පිණිස බෝධ්‍යඞ්ග භාවිත යැ. ඔහුට පරවිතරණ ඇද්ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
16. ස. පු: සධම්මකුසලො අරහා වීතරාගො වීතදොසො වීතමොහො -පෙ- සච්ඡිකාතබ්බං සච්ඡිකතං. අත්ථී තස්ස පරවිතරණා’ති.
16. ස. පු: ස්වධර්‍මකුශල රහත් වීතරාග යැ, වීතද්වේෂ යැ, වීතමෝහ යැ ... සාක්‍ෂාත්කර්‍තව්‍යය සාක්‍ෂාත්කෘත යැ. ඔහුට පරවිතරණ ඇද්ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: පරධම්මකුසලො අරහා වීතරාගො වීතදොසො වීතමොහො -පෙ- සච්ඡිකාතබ්බං සච්ඡිකතං නත්ථී තස්ස පරවිතරණා’ති.
ස. අනු: පරධර්‍මකුශල රහත් වීතරාග යැ, වීතද්වේෂ යැ, වීතමෝහ යැ ... සාක්‍ෂාත්කර්‍තව්‍යය සාක්‍ෂාත්කෘත යැ. ඔහුට පරවිතරණ ඇද්ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
17. ස. පු: පරධම්මකුසලස්ස අරහතො රාගො පහීනො. නත්ථී තස්ස පරවිතරණා’ති.
17. ස. පු: පරධර්‍මකුශල රහත්හට රාගය ප්‍රහීණ යැ. ඔහුට පරවිතරණ නැද්ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටි: එසේ යැ.
ස. අනු: සධම්මකුසලස්ස අරහතො රාගො පහීනො. නත්ථී තස්ස පරවිතරණා’ති.
ස. අනු: ස්වධර්‍මකුශල රහත්හට රාගය ප්‍රහීණ යැ. ඔහුට පරවිතරණ නැද්ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
18. ස. පු: පරධම්මකුසලස්ස අරහතො දොසො පහීනො, -පෙ- අනොත්තප්පං පහීනං. නත්ථී තස්ස පරවිතරණා’ති.
18. ස. පු: පරධර්‍මකුශල රහත්හට ද්වේෂය ප්‍රහීණ යැ. මෝහය ප්‍රහීණ යැ ... අනපත්‍රපා ප්‍රහීණ යැ. ඔහුට පරවිතරණ නැද්ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටි: එසේ යැ.
ස. අනු: සධම්මකුසලස්ස අරහතො දොසො පහීනො, මොහො පහීනො -පෙ- අනොත්තප්පං පහීනං. නත්ථී තස්ස පරවිතරණා’ති.
ස. අනු: ස්වධර්‍මකුශල රහත්හට ද්වේෂය ප්‍රහීණ යැ මෝහය ප්‍රහීණ යැ ... අනපත්‍රපා ප්‍රහීණ යැ. ඔහුට පරවිතරණ නැද්ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
19. ස. පු: පරධම්මකුසලස්ස අරහතො රාගප්පහානාය මග්ගො භාවිතො -පෙ- බොජ්ඣඞ්ගා භාවිතා -පෙ- දොසප්පහානාය -පෙ- අනොත්තප්පප්පහානාය මග්ගො භාවිතො -පෙ- බොජ්ඣඞ්ගා භාවිතා නත්ථී තස්ස පරවිතරණා’ති.
19. ස. පු: පරධර්‍මකුශල රහත්හට රාගප්‍රහාණය පිණිස මාර්ගය භාවිත යැ ... බෝධ්‍යඞ්ගයෝ භාවිතයහ ... ද්වේෂප්‍රහාණය පිණිස ... අනපත්‍රපා ප්රහාණය පිණිස මාර්ගය භාවිත යැ ... බෝධ්‍යඞ්ගයෝ භාවිතයහ. ඔහුට පරවිතරණ නැද්ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සධම්මකුසලස්ස අරහතො අනොත්තප්පප්පහානාය බොජ්ඣඞ්ගා භාවිතා. නත්ථී තස්ස පරවිතරණා’ති.
ස. අනු: ස්වධර්‍මකුශල රහත්හට අනපත්‍රපා ප්රහාණය පිණිස බෝධ්‍යඞ්ගයෝ භාවිතයහ. ඔහුට පරවිතරණ නැද්ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
20. ස. පු: පරධම්මකුසලො අරහා වීතරාගො, වීතදොසො වීතමොහො -පෙ- සච්ඡිකාතබ්බං සච්ඡිකතං. නත්ථී තස්ස පරවිතරණා’ති.
20. ස. පු: පරධර්‍මකුශල රහත් වීතරාග යැ, වීතද්වේෂ යැ, වීතමෝහ යැ ... සාක්‍ෂාත්කර්‍තව්‍යය සාක්‍ෂාත්කෘත යැ. ඔහුට පරවිතරණ නැද්ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සධම්මකුසලො අරහා වීතරාගො, වීතදොසො, වීතමොහො -පෙ- සච්ඡිකාතබ්බං සච්ඡිකතං. නත්ථී තස්ස පරවිතරණා’ති.
ස. අනු: ස්වධර්‍මකුශල රහත් වීතරාග යැ, වීතද්වේෂ යැ, වීතමෝහ යැ ... සාක්‍ෂාත්කර්‍තව්‍යය සාක්‍ෂාත්කෘත යැ. ඔහුට පරවිතරණ නැද්ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
21. ස. පු: අත්ථී අරහතො පරවිතරණා’ති.
21. ස. පු: රහත්හට පරවිතරණ ඇද්ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: නනු වුත්තං භගවතා “ජානතො’හං භික්ඛවෙ පස්සතො ආසවානං ඛයං වදාමි, නො අජානතො නො අපස්සතො. කිඤ්ච භික්ඛවෙ ජානතො කිං පස්සතො ආසවානං ඛයො හොති ‘ඉති රූපං -පෙ- ඉති විඤ්ඤාණස්ස අත්ථඞ්ගමො’ති. එවං ඛො භික්ඛවෙ ජානතො එවං පස්සතො ආසවානං ඛයො හොතී”ති. අත්ථෙව සුත්තන්තො’ති.
ස. අනු: භාග්‍යවතුන් විසින් වදාරනලද මැ නු “මහණෙනි, මම (නුවණින්) දන්නාහට දක්නාහට ආස්රවක්ෂය කියමි. නො දන්නාහට නො දක්නාහට නො කියමි. මහණෙනි, කුමක් දන්නාහට කුමක් දක්නාහට ආස්රවක්ෂය වේ ද යත්: මහණෙනි, ‘රූපය මෙසේ යැ ... විඥානයාගේ අස්තඞ්ගමය මෙසේ යැ’යි මෙසේ දන්නාහට මෙසේ දක්නාහට ආස්රවක්ෂය වේ” යයි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. පා: තෙන හි න වත්තබ්බං ‘අත්ථී අරහතො පරවිතරණා’ති.
අනු. පා: එ කරුණින් ‘රහත්හට පරවිතරණ ඇති’යි නො කියැයුතු මැ යැ.
22. ස. පු: අත්ථී අරහතො පරවිතරණා’ති.
22. ස. පු: රහත්හට පරවිතරණ ඇද්ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: නනු වුත්තං භගවතා “ජානතො’හං භික්ඛවෙ පස්සතො ආසවානං ඛයං වදාමි, නො අජානතො නො අපස්සතො. කිඤ්ච භික්ඛවෙ ජානතො කිං පස්සතො ආසවානං ඛයො හොති ‘ඉදං දුක්ඛන්ති භික්ඛවෙ ජානතො පස්සතො ආසවානං ඛයො හොති, අයං දුක්ඛසමුදයො’ති -පෙ- අයං දුක්ඛනිරොධො’ති -පෙ- අයං දුක්ඛනිරොධගාමිනී පටිපදා’ති ජානතො පස්සතො ආසවානං ඛයො හොතී”ති. අත්ථෙව සුත්තන්තො’ති.
ස. අනු: භාග්‍යවතුන් විසින් වදාරනලද මැ නු “මහණෙනි, මම දන්නාහට දක්නාහට ආස්රවක්ෂය කියමි. නො දන්නාහට නො දක්නාහට නො කියමි. මහණෙනි, කුමක් දන්නාහට කුමක් දක්නාහට ආස්රවක්ෂය වේ ද යත්: මහණෙනි, ‘මේ දුඃඛ යැ’යි දන්නාහට දක්නාහට ආස්රවක්ෂය වෙයි. ‘මේ දුඃඛසමුදයැ’යි ... ‘මේ දුඃඛනිරෝධ යැ’යි ... ‘මේ දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදා යැ’යි දන්නාහට දක්නාහට ආස්රවක්ෂය වේ’යයි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. පා: තෙන හි න වත්තබ්බං “අත්ථී අරහතො පරවිතරණා”ති.
අනු. පා: එ කරුණින් ‘රහත්හට පරවිතරණ ඇති’යි නො කියැයුතු මැ යැ.
23. ස. පු: අත්ථී අරහතො පරවිතරණා’ති.
23. ස. පු: රහත්හට පරවිතරණ ඇද්ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: නනු වුත්තං භගවතා “සබ්බං භික්ඛවෙ අනභිජානං අපරිජානං අවිරාජයං අප්පජහං අභබ්බො දුක්ඛක්ඛයාය -පෙ- ඉදං ඛො භික්ඛවෙ අභිජානං පරිජානං විරාජයං පජහං භබ්බො. දුක්ඛක්ඛයායා”ති. අත්ථෙ’ව සුත්තන්තො’ති.
ස. අනු: භාග්‍යවතුන් විසින් වදාරනලද මැ නො “මහණෙනි, සියල්ල අභිඥා නො කරනුයේ පරිඥා නො කරනුයේ විරාග වශයෙන් දුරු නො කරනුයේ නො හැරපියනුයේ දුඃඛක්‍ෂයට අභව්‍ය වෙයි ... මහණෙනි, මෙසියල්ල අභිඥා කරනුයේ පරිඥා කරනුයේ විරාග වශයෙන් දුරු කරනුයේ හැරපියනුයේ දුඃඛක්‍ෂයට භව්‍ය වේ ය”යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. පා: තෙන හි න වත්තබ්බං: අත්ථී අරහතො පරවිතරණා’ති.
අනු. පා: එ කරුණින් ‘රහත්හට පරවිතරණ ඇති’යි නො කියැයුතු මැ යැ.
24. ස. පු: අත්ථී අරහතො පරවිතරණා’ති.
24. ස. පු: රහත්හට පරවිතරණ ඇද්ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: නනු වුත්තං භගවතා.
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද මැ නු
“සහාවස්ස දස්සනසම්පදාය -පෙ- ඡ චාභිඨානානි අභබ්බො කාතුන්ති”.
“ඒ ආර්‍ය්‍යශ්‍රාවකයාහට දර්ශනසම්පත් පහළ වන්නා හා මැ ... අභිස්ථාන සදෙන කරන්නට අභව්‍ය වෙයි”
අත්ථෙ’ව සුත්තන්තො’ති.
වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. පා: තෙන හි න වත්තබ්බං: අත්ථී අරහතො පරවිතරණා’ති.
අනු. පා: එ කරුණින් ‘රහත්හට පරවිතරණ ඇති’යි නො කියැයුතු මැ යැ.
25. ස. පු: අත්ථී අරහතො පරවිතරණා’ති.
25. ස. පු: රහත්හට පරවිතරණ ඇද්ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: නනු වුත්තං භගවතා “යස්මිං භික්ඛවෙ සමයෙ අරියසාවකස්ස විරජං වීතමලං ධම්මචක්ඛුං උදපාදි යං කිඤ්චි සමුදයධම්මං සබ්බං තං නිරොධධම්මන්ති. සහදස්සනුප්පාදා භික්ඛවෙ අරියසාවකස්ස තීණි සඤ්ඤොජනානි පහීයන්ති: සක්කායදිට්ඨි විචිකිච්ඡා සීලබ්බතපරාමාසොති අත්ථෙව සුත්තන්තො’ති.
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද මැ නු “මහණෙනි යම් කලෙක ආර්‍ය්‍යශ්‍රාවකයාහට ‘යම් කිසිවක් සමුදයස්වභාවය ඇද්ද, එ හැම නිරෝධස්වභාවය ඇති’යි වීතරජස්ක වූ වීතමල වූ ධර්මචක්ෂුස පහළ වේ ද, මහණෙනි, ඒ දර්ශනෝත්පත්තිය පහළ වන්නා හා මැ ආර්‍ය්‍යශ්‍රාවකයාහට තුන් වැදෑරුම් සංයෝජන කෙනෙක් ප්‍රහීණ වෙති: සත්කායදෘෂ්ටි යැ, විචිකිත්සා යැ, ශීලව්රතපරාමර්ශ යැ”යි මෙසේ වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. පා: තෙන හි න වත්තබ්බං: අත්ථී අරහතො පරවිතරණා’ති.
අනු. පා: එ කරුණින් ‘රහත්හට පරවිතරණ ඇති’යි නො කියැයුතු මැ යැ.
26. ස. පු: අත්ථී අරහතො පරවිතරණා’ති.
26. ස. පු: රහත්හට පරවිතරණ ඇද්ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: නනු වුත්තං භගවතා
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද මැ නු:
“නාහං සහිස්සාමි පමොචනාය කථාකථිං ධොතක කඤ්චි ලොකෙ, ධම්මඤ්ච සෙට්ඨං අභිජානමානො එවං තුවං ඔඝමිමං තරෙසී”ති.
“ධෝතකය, ලෝකයෙහි කෙසේ කෙසේදැ’යි සැක සහගිය යම් මැ පුද්ගලයකු මුදන්නට මම අසමර්ත්ථයෙමි. උතුම් දහම නුවණින් දන්මින් තෝ මෙසේ මේ ඕඝය තරණය කරව”යි
අත්ථෙ’ව සුත්තන්තො’ති.
වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. පා: තෙන හි න වත්තබ්බං ‘අත්ථී අරහතො පරවිතරණා’ති.
අනු. පා: එ කරුණින් ‘රහත්හට පරවිතරණ ඇති’යි නො කියැයුතු මැ යැ.
27. ප. පු: න වත්තබ්බං ‘අත්ථී අරහතො පරවිතරණා’ති.
27. ප. පු: ‘රහත්හට පරවිතරණ ඇති’යි නො කියැයුතු ද?
ස. පටිඤ්ඤා: ආමන්තා.
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: නනු අරහතො ඉත්ථිපුරිසානං නාමගොත්තං පරෙ විතරෙය්යුං, මග්ගාමග්ගං පරෙ විතරෙය්යුං, තිණකට්ඨවනප්පතීනං නාමං පරෙ විතරෙය්යුන්ති.
ප. අනු: රහත්හට අන්‍යයෝ ස්ත්‍රීපුරුෂයන්ගේ නම්ගොත් කියන්නාහු නො වෙත් ද, අන්‍යයෝ මාර්ගාමාර්ග කියන්නාහු නො වෙත් ද, අන්‍යයෝ තෘණකෘෂ්ටවනස්පතීන්ගේ නම් කියන්නාහු නො වෙත් ද?
ස. පටිඤ්ඤා: ආමන්තා.
ස. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: හඤ්චි අරහතො ඉත්ථී පුරිසානං නාමගොත්තං පරෙ විතරෙය්යුං, මග්ගාමග්ගං පරෙ විතරෙය්යුං, තිණකට්ඨවනප්පතීනං නාමං පරෙ විතරෙය්යුං,
අනු. ඨ: ඉදින් රහත්හට අන්‍යයෝ ස්ත්‍රීපුරුෂයන්ගේ නම්ගොත් කියත් නම්, අන්‍යයෝ මාර්ගාමාර්ග කියත් නම්, අන්‍යයෝ තෘණකෘෂ්ටවනස්පතීන්ගේ නම් කියත් නම්,
අනු. පා: තෙන වත රෙ වත්තබ්බෙ ‘අත්ථී අරහතො පරවිතරණා’ති.
අනු. පා: භවත, එ කරුණින් ‘රහත්හට පරවිතරණ ඇති’යි කියැයුතු මැ යැ.
28. ස. පු: ‘අරහතො ඉත්ථීපුරිසානං නාමගොත්තං පරෙ විතරෙය්යුං, මග්ගාමග්ගං පරෙ විතරෙය්යුං, තිණකට්ඨවනප්පතීනං නාමං පරෙ විතරෙය්යුන්ති’ අත්ථී අරහතො පරවිතරණා’ති.
28. ස. පු: “රහත්හට අන්‍යයෝ ස්ත්‍රීපුරුෂයන්ගේ නම්ගොත් කියති. අන්‍යයෝ මාර්ගාමාර්ග කියති. අන්‍යයෝ තෘණකෘෂ්ටවනස්පතීන්ගේ නම් කියති” යනු ප්‍රමාණ කොට රහත්හට පරවිතරණ ඇද්ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අරහතො සොතාපත්තිඵලං වා සකදාගාමිඵලං වා අනාගාමිඵලං වා අරහත්තං වා පරෙ විතරෙය්යුන්ති.
ස. අනු: රහත්හට අන්‍යයෝ සෝවත්ඵල හෝ සෙදගැමිඵල හෝ අනගැමිඵල හෝ රහත්ඵල හෝ කියත් ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
පරවිතරණකථා නිට්ඨිතා.
පරවිතරණකථා නිමි.