පරූපහාරකථා
2. 1.
2. 1.
පරූපහාරකථා.
පරූපහාරකථා
[අර්හත්ඵලයට අප්‍රාප්ත වැ අර්හත්ස්වරූපය පානවුන් වෙත ශුක්‍ර මොචන දැක මාරකායික දෙවියන් රහත්නට සම්භවය එළවාලතීයි සිතන පූර්වශෛලාදි නිකායවාසීන්ගේ වාද බිඳුනට පරූපහාරකථා එයි.]
1. ස. පු: අත්ථී අරහතො අසුචි සුක්කවිසට්ඨි’ති.
1. ස. පු: රහත්හට ශුක්‍රවිසෘෂ්ටි ඇද්ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අත්ථී අරහතො රාගො කාමරාගො කාමරාගපරියුට්ඨානං කාමරාග සඤ්ඤොජනං කාමොඝො කාමයොගො කාමච්ඡන්දනීවරණන්ති.
ස. අනු: රහත්හට රාගය කාමරාගය කාමරාගපර්‍ය්‍යුත්‍ථානය කාමරාගසංයෝජනය කාමෝඝය කාමයෝගය කාමච්ඡන්දනීවරණය ඇද්ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
2. ස. පු: නත්ථී අරහතො රාගො කාමරාගො කාමරාගපරියුට්ඨානං කාමරාගසඤ්ඤොජනං කාමොඝො කාමයොගො කාමච්ඡන්දනීවරණන්ති.
2. ස. පු: රහත්හට රාගය කාමරාගය කාමරාගපර්‍ය්‍යුත්‍ථානය කාමරාගසංයෝජනය කාමෝඝය කාමයෝගය කාමච්ඡන්දනීවරණය නැද්ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: හඤ්චි නත්ථී අරහතො රාගො කාමරාගො කාමරාගපරියුට්ඨානං කාමරාගසඤ්ඤොජනං කාමොඝො කාමයොගො කාමච්ඡන්දනීවරණං.
අනු. ඨ. ඉදින් රහත්හට රාගය කාමරාගය කාමරාගපර්‍ය්‍යුත්‍ථානය කාමරාගසංයෝජනය කාමෝඝය කාමයෝගය කාමච්ඡන්දනීවරණය නැත් නම්,
අනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ: “අත්ථී අරහතො අසුචි සුක්කවිසට්ඨී”ති.
අනු. පා: භවත, ‘රහත්හට ශුක්‍රවිසෘෂ්ටි ඇති’යි නො කියැයුතු මැ යැ.
3. ස. පු: අත්ථී පුථුජ්ජනස්ස අසුචි සුක්කවිසට්ඨි, අත්ථී තස්ස රාගො කාමරාගො කාමරාගපරියුට්ඨානං කාමරාගසඤ්ඤොජනං කාමොඝො කාමයොගො කාමච්ඡන්දනීවරණන්ති.
3. ස. පු: පුහුදුන් පුඟුල්හට ශුක්‍රවිසෘෂ්ටි ඇද්ද? ඔහට රාගය කාමරාගය කාමරාගපර්‍ය්‍යුත්‍ථානය කාමරාගසංයෝජනය කාමෝඝය කාමයෝගය කාමච්ඡන්දනීවරණය ඇද්ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අත්ථී අරහතො අසුචි සුක්කවිසට්ඨි, අත්ථී තස්ස රාගො කාමරාගො කාමරාගපරියුට්ඨානං -පෙ- කාමච්ඡන්දනීවරණන්ති.
ස. අනු: රහත්හට ශුක්‍රවිසෘෂ්ටි ඇද්ද? ඔබට රාගය කාමරාගය කාමරාගපර්‍ය්‍යුත්‍ථානය ... කාමච්ඡන්දනීවරණය ඇද්ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
4. ස. පු: අත්ථි අරහතො අසුචි සුක්කවිසට්ඨි, නත්ථී තස්ස රාගො කාමරාගො කාමරාගපරියුට්ඨානං -පෙ- කාමච්ඡන්දනීවරණන්ති.
4. ස. පු: රහත්හට ශුක්‍රවිසෘෂ්ටි ඇද්ද? ඔබට රාගය කාමරාගය කාමරාගපර්‍ය්‍යුත්‍ථානය ... කාමච්ඡන්දනීවරණය නැද්ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අත්ථී පුථුජ්ජනස්ස අසුචි සුක්කවිසට්ඨි, නත්ථී තස්ස රාගො කාමරාගො කාමරාගපරියුට්ඨානං -පෙ- කාමච්ඡන්දනීවරණන්ති.
ස. අනු: පුහුදුන්හට ශුක්‍රවිසෘෂ්ටි ඇද්ද? ඔහුට රාගය කාමරාගය කාමරාගපර්‍ය්‍යුත්‍ථානය ... කාමච්ඡන්දනීවරණය නැද්ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
5. ස. පු: අත්ථී අරහතො අසුචි සුක්කවිසට්ඨි’ති.
5. ස. පු: රහත්හට අශුචි ශුක්‍රවිසෘෂ්ටි ඇද්ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. පු: කෙනට්ඨෙනා’ති.
ස. පු: කිනම් අර්ත්ථයෙකින?
ප. වි: හන්ද හි මාරකායිකා දෙවතා අරහතො අසුචිං සුක්කවිසට්ඨිං උපසංහරන්තී’ති.
ප. වි: මාරකායික දෙවියෝ රහත්හට අශුචි ශුක්‍රවිසෘෂ්ටිය එළවා ළති.
ස. පු: මාරකායිකා දෙවතා අරහතො අසුචිං සුක්කවිසට්ඨිං උපසංහරන්තී’ති.
ස. පු: මාරකායික දෙවියෝ රහත්හට අශුචි ශුක්‍රවිසෘෂ්ටිය එළවාලත් ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අත්ථී මාරකායිකානං දෙවතානං අසුචි සුක්කවිසට්ඨී’ති.
ස. අනු: මාරකායික දෙවියනට අශුචි ශුක්‍රවිසෘෂ්ටි ඇද්ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ස. පු: නත්ථී මාරකායිකානං දෙවතානං අසුචි සුක්කවිසට්ඨී’ති.
ස. පු: මාරකායික දෙවියනට අශුචි ශුක්‍රවිසෘෂ්ටිය නැද්ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: හඤ්චි නත්ථී මාරකායිකානං දෙවතානං අසුචි සුක්කවිසට්ඨි,
අනු. ඨ: ඉදින් මාරකායික දෙවියනට අශුචි ශුක්‍රවිසෘෂ්ටිය නැත් නම්,
අනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ: ‘මාරකායිකා, දෙවතා අරහතො අසුචිං සුක්කවිසට්ඨිං උපසංහරන්තී’ති.
අනු. පා: භවත, ‘මාරකායික දෙවියෝ රහත්හට අශුචි ශුක්‍රවිසෘෂ්ටි එළවාලති’ යනු නො කියැයුතු මැ යැ.
6. ස. පු: මාරකායිකා දෙවතා අරහතො අසුචිං සුක්කවිසට්ඨිං උපසංහරන්තී’ති.
6. ස. පු: මාරකායික දෙවියෝ රහත්හට අශුචි ශුක්‍රවිසෘෂ්ටි එළවාලත් ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: මාරකායිකා දෙවතා අත්තනො අසුචිං සුක්කවිසට්ඨිං උපසංහරන්ති, අඤ්ඤෙසං අසුචිං සුක්කවිසට්ඨිං උපසංහරන්ති, තස්ස අසුචිං සුක්කවිසට්ඨිං උපසංහරන්තී’ති.
ස. අනු: මාරකායික දෙවියෝ තමන්ගේ අශුචි ශුක්‍රවිසෘෂ්ටි එළවාලත් ද? මෙරමාගේ අශුචි ශුක්‍රවිසෘෂ්ටි එළවාලත් ද? ඔහුගේ අශුචි ශුක්‍රවිසෘෂ්ටි එළවාලත් ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
7. ස. පු: මාරකායිකා දෙවතා නෙව අත්තනො න අඤ්ඤෙසං න තස්ස අසුචිං සුක්කවිසට්ඨිං උපසංහරන්තී’ති.
7. ස. පු: මාරකායික දෙවියෝ තමන්ගේ ශුක්‍රවිසෘෂ්ටි නො එළවාලත් ද? මෙරමාගේ ශුක්‍රවිසෘෂ්ටි නො එළවාලත් ද? ඔහුගේ අශුචි ශුක්‍රවිසෘෂ්ටි නො එළවාලත් ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ. (නිර්මාණ කොට එළවතී යනු සිත තබා පිළින කෙරෙති.)
අනු. ඨ: හඤ්චි මාරකායිකා දෙවතා නෙව අත්තනො න අඤ්ඤෙසං න තස්ස අසුචිං සුක්කවිසට්ඨිං උපසංහරන්ති,
අනු. ඨ: ඉදින් මාරකායික දෙවියෝ තමන්ගේ ශුක්‍ර නො එළවත් නම් මෙරමාගේ ශුක්‍ර නො එළවත් නම් ඔහුගේ අශුචි ශුක්‍රවිසෘෂ්ටි නො එළවත් නම්,
අනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ: “මාරකායිකා දෙවතා අරහතො අසුචිං සුක්කවිසට්ඨිං උපසංහරන්තී”ති.
අනු. පා: භවත, ‘මාරකායික දෙවියෝ රහත්හට අශුචි ශුක්‍රවිසෘෂ්ටි එළවාලති’ යනු නො කියැයුතු මැ යැ.
8. ස. පු: මාරකායිකා දෙවතා අරහතො අසුචිං සුක්කවිසට්ඨිං උපසංහරන්තී’ති.
8. ස. පූ: මාරකායික දෙවියෝ රහත්හට අශුචි ශුක්‍රවිසෘෂ්ටි එළවාලත් ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: ලොමකූපෙහි උපසංහරන්තී’ති.
ස. අනු: ලෝමකූපයෙන් එළවාලත් ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
9. ස. පු: මාරකායිකා දෙවතා අරහතො අසුචිං සුක්කවිසට්ඨිං උපසංහරන්තී’ති.
9. ස. පු: මාරකායික දෙවියෝ රහත්හට අශුචි ශුක්‍රවිසෘෂ්ටි එළවාලත් ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. පු: කිං කාරණා’ති.
ස. පු: කවර කරුණින.
ප. වි: හන්ද හි විමතිං ගාහයිස්සාමා’ති.
ප. වි: ‘විමති ගන්වම්හ’ යි.
ස. අනු: අත්ථී අරහතො විමතී’ති.
ස. අනු: රහත්හට විමති ඇද්ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
10. ස. පු: අත්ථී අරහතො විමතී’ති.
10. ස. පු: රහත්හට විමති ඇද්ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අත්ථී අරහතො සත්ථරි විමති, ධම්මෙ විමති, සඞ්ඝෙ විමති, සික්ඛාය විමති, පුබ්බන්තෙ විමති, අපරන්තෙ විමති, පුබ්බන්තාපරන්තෙ විමති, ඉදප්පච්චයතාපටිච්චසමුප්පන්නෙසු ධම්මෙසු විමතී’ති.
ස. අනු: රහත්හට ශාස්තෲන් කෙරෙහි විමති ඇද්ද? දහමෙහි විමති ඇද්ද? සඟුන් කෙරෙහි විමති ඇද්ද? ශික්ෂායෙහි විමති ඇද්ද? පූර්වාන්තයෙහි විමති ඇද්ද? අපරාන්තයෙහි විමති ඇද්ද? පූර්වාන්තාපරාන්තයෙහි විමති ඇද්ද? ඉදම්ප්‍රත්‍යයතාප්‍රතීත්‍යසමුත්පන්නධර්‍මයෙහි විමති ඇද්ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
11. ස. පු: නත්ථී අරහතො සත්ථරි විමති, ධම්මෙ විමති, සඞ්ඝෙ විමති, සික්ඛාය විමති, පුබ්බන්තෙ විමති, අපරන්තෙ විමති, පුබ්බන්තාපරන්තෙ විමති, ඉදප්පච්චයතාපටිච්චසමුප්පන්නෙසු ධම්මෙසු විමතී’ති.
11. ස. පු: රහත්හට ශාස්තෲන් කෙරෙහි විමති නැද්ද? දහමෙහි විමති නැද්ද? සඟුන් කෙරෙහි විමති නැද්ද? ශික්ෂායෙහි විමති නැද්ද? පූර්වාන්තයෙහි විමති නැද්ද? අපරාන්තයෙහි විමති නැද්ද? පූර්වාන්තාපරාන්තයෙහි විමති නැද්ද? ඉදම්ප්‍රත්‍යයතාප්‍රතීත්‍යසමුත්පන්න ධර්මයෙහි විමති නැද්ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: හඤ්චි නත්ථී අරහතො සත්ථරි විමති -පෙ- ඉදප්පච්චයතාපටිච්චසමුප්පන්නෙසු ධම්මෙසු විමති.
අනු. ඨ: ඉදින් රහත්හට ශාස්තෲන් කෙරෙහි විමති නැත් නම් … ඉදම්ප්‍රත්‍යයතාප්‍රතීත්‍යසමුත්පන්න ධර්මයෙහි විමති නැත් නම්,
අනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ: “අත්ථී අරහතො විමතී”ති.
අනු. පා: භවත, ‘රහත්හට විමති ඇත’ යනු නො කියැයුතු මැ යැ.
12. ස. පු: අත්ථී පුථුජ්ජනස්ස විමති, අත්ථී තස්ස සත්ථරි විමති -පෙ- ඉදප්පච්චයතාපටිච්චසමුප්පන්නෙසු ධම්මෙසු විමතී’ති.
12. ස. පු: පුහුදුනට විමති ඇද්ද? ඔහුට ශාස්තෲන් කෙරෙහි විමති ඇද්ද? ... ඉදම්ප්‍රත්‍යයතාප්‍රතීත්‍යසමුත්පන්න ධර්මයෙහි විමති ඇද්ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අත්ථී අරහතො විමති, අත්ථී තස්ස සත්ථරි විමති -පෙ- ඉදප්පච්චයතාපටිච්චසමුප්පන්නෙසු ධම්මෙසු විමතී’ති.
ස. අනු: රහත්හට විමති ඇද්ද? ඔහුට ශාස්තෲන් කෙරෙහි විමති ඇද්ද? … ඉදම්ප්‍රත්‍යයතාප්‍රතීත්‍යසමුත්පන්න ධර්මයෙහි විමති ඇද්ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
13. ස. පු: අත්ථී අරහතො විමති, නත්ථී තස්ස සත්ථරි විමති -පෙ- ඉදප්පච්චයතාපටිච්චසමුප්පන්නෙසු ධමෙමසු විමතී’ති.
13. ස. පු: රහත්හට විමති ඇද්ද? ඔහුට ශාස්තෲන් කෙරෙහි විමති නැද්ද? … ඉදම්ප්‍රත්‍යයතාප්‍රතීත්‍යසමුත්පන්නධර්‍මයෙහි විමති නැද්ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අත්ථී පුථුජ්ජනස්ස විමති, නත්ථී තස්ස සත්ථරි විමති -පෙ- ඉදප්පච්චයතාපටිච්චසමුප්පන්නෙසු ධම්මෙසු විමතී’ති.
ස. අනු: පුහුදුනට විමති ඇද්ද? ඔහුට ශාස්තෲන් කෙරෙහි විමති නැද්ද? … ඉදම්ප්‍රත්‍යයතාප්‍රතීත්‍යසමුත්පන්නධර්‍මයෙහි විමති නැද්ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ.
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
14. ස. පු: අත්ථී අරහතො අසුචි සුක්කවිසට්ඨි’ති.
14. ස. පු: රහත්හට අශුචි ශුක්‍රවිසෘෂ්ටි ඇද්ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. පු: අරහතො අසුචි සුක්කවිසට්ඨි කිස්ස නිස්සන්දො’ති.
ස. පු: රහත්හට අශුචි ශුක්‍රවිසෘෂ්ටි කුමක්හුගේ විපාකයෙක් වේ ද?
ප. වි: අසිතපීතඛායිතසායිතස්ස නිස්සන්දො’ති.
ප. වි: අසිත පීත ඛායිත සායිතයන්ගේ විපාක යැ.
ස. පු: අරහතො අසුචි සුක්කවිසට්ඨි අසිතපීතඛායිතසායිතස්ස නිස්සන්දො’ති.
ස. පු: රහත්හට වන අශුචි ශුක්‍රවිසෘෂ්ටි අසිත පීත ඛායිත සායිතයන්ගේ විපාක වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: යෙ කෙචි අසන්ති පිවන්ති ඛාදන්ති සායන්ති, සබ්බෙසඤ්ඤෙව අත්ථී අසුචි සුක්කවිසට්ඨි’ති.
ස. අනු: යම් කෙනෙක් භෝජ්‍ය විසින් වළඳත් ද, පෙය විසින් බොත් ද, ඛාද්‍ය විසින් කත් ද, ලෙය විසින් ආස්වාද කෙරෙත් ද, එ හැමට මැ අශුචි ශුක්‍රවිසෘෂ්ටි ඇද්ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටිඤ්ඤා: එසේ නො කියැයුතු මැ යැ ...
15. ස. පු: යෙ කෙචි අසන්ති පිවන්ති ඛාදන්ති සායන්ති, සබ්බෙසඤ්ඤෙව අත්ථී අසුචි සුක්කවිසට්ඨි’ති.
15. ස. පු: යම් කෙනෙක් අසන පිවන ඛාදන සායන කෙරෙත් ද, එ හැමට මැ අශුචි ශුක්‍රවිසෘෂ්ටි ඇද්ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: දාරකා අසන්ති පිවන්ති ඛාදන්ති සායන්ති, අත්ථී දාරකානං අසුචි සුක්කවිසට්ඨි’ති.
ස. අනු: දරුවෝ අසන පිවන ඛාදන සායන කෙරෙති, ඒ දරුවනට අශුචි ශුක්‍රවිසෘෂ්ටි ඇද්ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ස. අනු: පණ්ඩකා අසන්ති පිවන්ති ඛාදන්ති සායන්ති, අත්ථී පණ්ඩකානං අසුචි සුක්කවිසට්ඨි’ති.
ස. අනු: පණ්ඩකයෝ අසන පිවන ඛාදන සායන කෙරෙති, ඒ පණ්ඩකයනට අශුචි ශුක්‍රවිසෘෂ්ටි ඇද්ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
ස. අනු: දෙවා අසන්ති පිවන්ති ඛාදන්ති1 සායන්ති, අත්ථී දෙවානං අසුචි සුක්කවිසට්ඨි’ති.
ස. අනු: දෙවියෝ අසන පිවන ඛාදන සායන කෙරෙත්. ඒ දෙවියනට අශුචි ශුක්‍රවිසෘෂ්ටි ඇද්ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
16. ස. පු: අරහතො අසුචි සුක්කවිසට්ඨි අසිතපීතඛායිතසායිතස්ස නිස්සන්දො’ති.
16. ස. පු: රහත්හට අශුචි ශුක්‍රවිසෘෂ්ටිය අසිත පීත ඛායිත සායිතයන්ගේ විපාක වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අත්ථී තස්ස ආසයො’ති.
ස. අනු: ඒ ශුක්‍රයාගේ ආශයස්ථාන ඇද්ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
17. ස. පු: අරහතො උච්චාරපස්සාවො අසිතපීතඛායිතසායිතස්ස නිස්සන්දො, අත්ථි තස්ස ආසයො’ති.
17. ස. පු: රහත්හට අසිත පීත ඛායිත සායිතයන්ගේ විපාක වූ අස්පස් වෙයි. ඒ මලමූත්‍ර දෙදෙනාගේ ආශයස්ථාන ඇද්ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අරහතො අසුචි සුක්කවිසට්ඨි අසිතපීතඛායිතසායිතස්ස නිස්සන්දො, අත්ථී තස්ස ආසයො’ති.
ස. අනු: රහත්හට අසිත පීත ඛායිත සායිතයන්ගේ විපාක වූ අශුචි ශුක්‍රවිසෘෂ්ටි වෙයි. ඒ ශුක්‍රයාගේ ආශයස්ථාන ඇද්ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
18. ස. පු: අරහතො අසුචි සුක්කවිසට්ඨි අසිතපීතඛායිතසායිතස්ස නිස්සන්දො, නත්ථී තස්ස ආසයො’ති.
18. ස. පු: රහත්හට අසිත පීත ඛායිත සායිතයන්ගේ විපාක වූ අශුචි ශුක්‍රවිසෘෂ්ටි වෙයි. ශුක්‍රයාගේ ආශයස්ථාන නැද්ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අරහතො උච්චාරපස්සාවො අසිතපීතඛායිතසායිතස්ස නිස්සන්දො, නත්ථී තස්ස ආසයො’ති.
ස. අනු: රහත්හට අසිත පීත ඛායිත සායිතයන්ගේ විපාක වූ අස්පස් වෙයි. ඒ මලමූත්‍ර දෙදෙනාගේ ආශයස්ථාන නැද්ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
19. ස. පු: අත්ථී අරහතො අසුචි සුක්කවිසට්ඨී’ති.
19. ස. පු: රහත්හට අශුචි ශුක්‍රවිසෘෂ්ටි ඇද්ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අරහා මෙථුනං ධම්මං පටිසෙවෙය්ය, මෙථුනං ධම්මං උප්පාදෙය්ය, පුත්තසම්බාධසයනං අජ්ඣාවසෙය්ය, කාසිකචන්දනං පච්චනුභවෙය්ය, මාලාගන්ධවිලෙපනං ධාරෙය්ය, ජාතරූපරජතං සාදියෙය්යා’ති.
ස. අනු: රහත් මෙවුන්දම් සෙවුනේ වේ ද? මෙවුන්දම් උපදවනු වේ ද, පුත්‍රසම්බාධශයනයෙහි වාස කෙරේ ද, කසීසඳුන් වළඳ කෙරේ ද, මල්ගඳවිලෙවුන් දරා ද, රන්රිදී ඉවසා ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
20. ස. පු: අත්ථී පුථුජ්ජනස්ස අසුචි සුක්කවිසට්ඨි, පුථුජ්ජනො මෙථුනං ධම්මං පටිසෙවෙය්ය, මෙථුනං ධම්මං උප්පාදෙය්ය, පුත්තසම්බාධසයනං අජ්ඣාවසෙය්ය, කාසිකචන්දනං පච්චනුභවෙය්ය, මාලාගන්ධවිලෙපනං ධාරෙය්ය, ජාතරූපරජතං සාදියෙය්යා’ති.
20. ස. පු: පුහුදුනට අශුචි ශුක්‍රවිසෘෂ්ටි ඇත, පුහුදුන් මෙවුන්දම් සෙවුනේ වේ ද, මෙවුන්දම් උපදවනු වේ ද, පුත්‍රසම්බාධශයනයෙහි වාස කෙරේ ද, කසීසඳුන් වළඳ කෙරේ ද, මල්ගඳවිලෙවුන් දරා ද, රන්රිදී පිළිගනී ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අත්ථී අරහතො අසුචි සුක්කවිසට්ඨි, අරහා මෙථුනං ධම්මං පටිසෙවෙය්ය, මෙථුනං ධම්මං උප්පාදෙය්ය, පුත්තසම්බාධසයනං අජ්ඣාවසෙය්ය, කායිකචන්දනං පච්චනුභවෙය්ය, මාලාගන්ධවිලෙපනං ධාරෙය්ය, ජාතරූපරජතං සාදියෙය්යා’ති.
ස. අනු: රහත්හට අශුචි ශුක්‍රවිසෘෂ්ටි ඇත. රහත් මෙවුන් දම් සෙවුනේ වේ ද, මෙවුන්දම් උපදවනු වේ ද, පුත්‍රසම්බාධශයනයෙහි වාස කෙරේ ද, කසීසඳුන් වළඳ කෙරේ ද, මල්ගඳවිලෙවුන් දරා ද, රන්රිදී පිළිගනීද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
21. ස. පු: අත්ථී අරහතො අසුචි සුක්කවිසට්ඨි, න ච අරහා මෙථුනං ධම්මං පටිසෙවෙය්ය, මෙථුනං ධම්මං උප්පාදෙය්ය, පුත්තසම්බාධසයනං අජ්ඣාවසෙය්ය, කාසිකචන්දනං පච්චනුභවෙය්ය, මාලාගන්ධවිලෙපනං ධාරෙය්ය, ජාතරූපරජතං සාදියෙය්යා’ති.
21. ස. පු: රහත්හට අශුචි ශුක්‍රවිසෘෂ්ටි ඇත, රහත් මෙවුන්දම් නො සෙවුනේ වේ ද, මෙවුන්දම් නො උපදවනු වේ ද, පුත්‍රසම්බාධශයනයෙහි වාස නො කරනු වේ ද, කසීසඳුන් වළඳ නො කරනු වේ ද, මල්ගඳවිලෙවුන් නො ධරනු වේ ද, රන්රිදී නො පිළිගනු වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අත්ථී පුථුජ්ජනස්ස අසුචි සුක්කවිසට්ඨි, න ච පුථුජ්ජනො මෙථුනං ධම්මං පටිසෙවෙය්ය, මෙථුනං ධම්මං උප්පාදෙය්ය, පුත්තසම්බාධසයනං අජ්ඣාවසෙය්ය, කාසිකචන්දනං පච්චනුභවෙය්ය, මාලාගන්ධවිලෙපනං ධාරෙය්ය, ජාතරූපරජතං සාදියෙය්යා’ති.
ස. අනු: පුහුදුනට අශුචි ශුක්‍රවිසෘෂ්ටි ඇත, පුහුදුන් මෙවුන්දම් නො සෙවුනේ වේ ද, මෙවුන්දම් නො උපදවනු වේ ද, පුත්‍රසම්බාධශයනයෙහි වාස නො කෙරේ ද, කසීසඳුන් වළඳ නො කරනු වේ ද, මල්ගඳවිලෙවුන් නො දරනු වේ ද, රන්රිදී නො පිළිගනු වේ ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
22. ස. පු: අත්ථී අරහතො අසුචි සුක්කවිසට්ඨි’ති.
22. ස. පු: රහත්හට අශුචි ශුක්‍රවිසෘෂ්ටි ඇද්ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: නනු අරහතො රාගො පහීනො උච්ඡින්නමූලො තාලාවත්ථුකතො අනභාවකතො ආයතිං අනුප්පාදධම්මො’ති.
ස. අනු: රහත්හට රාගය ප්‍රහීණ නො වේ ද, උසුන්මුල් නො වේ ද, මුදුන්සුන් තලක් සෙයින් කළ අවස්තුකභාව ඇති නො වේ ද, කළ අභාව ඇති නො වේ ද, මතු නූපදනා සැහැවි ඇති නො වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: හඤ්චි අරහතො රාගො පහීනො උච්ඡින්නමූලො තාලාවත්ථුකතො අනභාවකතො ආයතිං අනුප්පාදධම්මො,
අනු ඨ: ඉදින් රහත්හට රාගය ප්‍රහීණ වේ නම්, තාලවස්තු කෘත වේ නම්, අභාවකෘත වේ නම්, මතුයෙහි අනුත්පාදධර්‍ම වේ නම්,
අනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ: අත්ථී අරහතො අසුචි සුක්කවිසට්ඨි’ති.
අනු. පා: භවත, ‘රහත්හට අශුචි ශුක්‍රවිසෘෂ්ටි ඇති’ යනු නො කියැයුතු මැ යැ ...
23. ස. පු: අත්ථී අරහතො අසුචි සුක්කවිසට්ඨි’ති.
23. ස. පු: රහත්හට අශුචි ශුක්‍රවිසෘෂ්ටි ඇද්ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: නනු අරහතො දොසො පහීනො -පෙ- මොහො පහීනො -පෙ- මානො පහීනො -පෙ- දිට්ඨී පහීනා -පෙ- විචිකිච්ඡා පහීනා -පෙ- ථිනං පහීනං -පෙ- මිද්ධං පහීනං -පෙ- උද්ධච්චං පහීනං -පෙ- අහිරිකං පහීනං -පෙ- අනොත්තප්පං පහීනං උච්ඡින්නමූලං තාලාවත්ථුකතං අනභාවකතං ආයතිං අනුප්පාදධම්මන්ති.
ස. අනු: රහත්හට ද්වේෂය ප්‍රහීණ නො වේ ද ... මෝහය ප්‍රහීණ නො වේ ද ... මානය ප්‍රහීණ නො වේ ද ... දෘෂ්ටි ප්‍රහීණ නො වේ ද ... විචිකිත්සා ප්‍රහීණ නො වේ ද ... සත්‍යාන ප්‍රහීණ නො වේ ද ... මිද්ධය ප්‍රහීණ නො වේ ද ... ඖද්ධත්‍ය ප්‍රහීණ නො වේ ද ... අහ්‍රීක ප්‍රහීණ නො වේ ද ... අනපත්‍රපා ප්‍රහීණ නො වේ ද උසුන්මුල් නො වේ ද, තාලාවස්තුකෘත නො වේ ද, අභාවකෘත නො වේ ද, මතුයෙහි අනුත්පාදධර්‍ම නො වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: හඤ්චි අරහතො අනොත්තප්පං පහීනං උච්ඡින්නමූලං තාලාවත්ථුකතං අනභාවකතං ආයතිං අනුප්පාදධම්මං.
අනු. ඨ: ඉදින් රහත්හට අනපත්‍රපා ප්‍රහීණ වේ නම්, උසුන්මුල් වේ නම්, මුදුන්සුන් තලක් සෙයින් කළ අවස්තුකභාව ඇත් නම්, පුනපුනා කළ අභාව ඇත් නම්, මතුයෙහි නූපදනා සැහැවි ඇත් නම්,
අනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ: අත්ථී අරහතො අසුචි සුක්කවිසට්ඨී’ති.
අනු. පා: භවත, ‘රහත්හට අශුචි ශුක්‍රවිසෘෂ්ටි ඇති’යි නො කියැයුතු යැ.
24. ස. පු: අත්ථී අරහතො අසුචි සුක්කවිසට්ඨි’ති.
24. ස. පු: රහත්හට අශුචි ශුක්‍රවිසෘෂ්ටිය ඇද්ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: නනු අරහතො රාගප්පහානාය මග්ගො භාවිතො’ති.
ස. අනු: රහත්හු විසින් රාගප්‍රහාණය පිණිස මාර්ගය භාවිත නො වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: හඤ්චි අරහතො රාගප්පහානාය මග්ගො භාවිතො,
අනු. ඨ: ඉදින් රහත්හු විසින් රාගප්‍රහාණය පිණිස මාර්ගය භාවිත වේ නම්,
අනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ: අත්ථී අරහතො අසුචි සුක්කවිසට්ඨි’ති.
අනු. පා: භවත, ‘රහත්හට අශුචි ශුක්‍රවිසෘෂ්ටිය ඇති’ යනු නො කියැයුතු මැ යැ.
25. ස. පු: අත්ථී අරහතො අසුචි සුක්කවිසට්ඨි’ති.
25. ස. පු: රහත්හට අශුචි ශුක්‍රවිසෘෂ්ටිය ඇද්ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: නනු අරහතො රාගප්පහානාය සතිපට්ඨානං භාවිතා -පෙ- සම්මප්පධානා භාවිතා -පෙ- ඉද්ධිපාදා භාවිතා -පෙ- ඉන්ද්රියා භාවිතා -පෙ- බලා භාවිතා -පෙ- බොජ්ඣඞ්ගා භාවිතා’ති.
ස. අනු: රහත්හට රාගප්‍රහාණය පිණිස සීවටන්හු භාවිත නො? ... සම්‍යක්ප්‍රධානයෝ භාවිත නො? ... ඍද්ධිපාදයෝ භාවිත නො? ... ඉන්ද්රියයෝ භාවිත නො? ... බල භාවිත නො? ... බෝධ්‍යඞ්ගයෝ භාවිත නො?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: හඤ්චි අරහතො රාගප්පහානාය බොජ්ඣඞ්ගා භාවිතා,
අනු. ඨ: ඉදින් රහත්හට රාගප්‍රහාණය පිණිස බෝධ්‍යඞ්ගයෝ භාවිත වෙත් නම්,
අනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ: අත්ථී අරහතො අසුචි සුක්කවිසට්ඨී’ති.
අනු. පා: භවත, ‘රහත්හට අශුචි ශුක්‍රවිසෘෂ්ටි ඇත’ යනු නො කියැයුතු මැ යැ.
26. ස. පු: අත්ථී අරහතො අසුචි සුක්කවිසට්ඨී’ති.
26. ස. පු: රහත්හට අශුචි ශුක්‍රවිසෘෂ්ටි ඇද්ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: නනු අරහතො දොසප්පහානාය -පෙ- මොහප්පනාය -පෙ- අනොත්තප්පප්පහානාය -පෙ- මග්ගො භාවිතො -පෙ- බොජ්ඣඞ්ගා භාවිතා’ති.
ස. අනු: රහත්හට ද්වේෂප්‍රහාණය පිණිස ... මෝහප්රහාණය පිණිස ... අනපත්‍රපාප්‍රහාණය පිණිස මාර්ගය භාවිත නො වේ ද ... බෝධ්‍යඞ්ග භාවිත නො වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: හඤ්චි අරහතො අනොත්තප්පහානාය බොජ්ඣඞ්ගා භාවිතා,
අනු. ඨ: ඉදින් රහත්හට අනපත්‍රපාප්‍රහාණය පිණිස බෝධ්‍යඞ්ගයෝ භාවිත වෙත් නම්,
අනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ: අත්ථී අරහතො අසුචි සුක්කවිසට්ඨි’ති.
අපු. පා: භවත, ‘රහත්හට අශුචි ශුක්‍රවිසෘෂ්ටිය ඇත’ යනු නො කියැයුතු මැ යැ.
27. ස. පු: අත්ථී අරහතො අසුචි සුක්කවිසට්ඨි’ති.
27. ස. පු: රහත්හට අශුචි ශුක්‍රවිසෘෂ්ටි ඇද්ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: නනු අරහා වීතරාගො වීතදොසො වීතමොහො කතකරණීයො ඔහිතභාරො අනුප්පත්තසදත්ථො පරික්ඛීණභවසඤ්ඤොජනො සම්මදඤ්ඤා විමුත්තො උක්ඛිත්තපලිඝො සංකිණ්ණපරිඛො අබ්බූළ්හෙසිකො නිරග්ගළො අරියො පන්නධජො පන්නභාරො විසඤ්ඤුත්තො සුවිජිතවිජයො, දුක්ඛං තස්ස පරිඤ්ඤාතං සමුදයො පහීනො නිරොධො සච්ඡිකතො මග්ගො භාවිතො, අභිඤ්ඤෙය්යං අභිඤ්ඤාතං පරිඤ්ඤෙය්යං පරිඤ්ඤාතං පහාතබ්බං පහීනං භාවෙතබ්බං භාවිතං සච්ඡිකාතබ්බං සච්ඡිකතන්ති.
ස. අනු: රහත් වනාහි වීතරාග වූයේ වීතද්වේෂ වූයේ වීතමෝහ වූයේ කළ කරණී ඇතියේ බහාලූ කෙලෙස්බර ඇතියේ පැමිණි රහත්ඵල ඇතියේ පරික්ෂීණභවසංයෝජන ඇතියේ මොනොවට දැන මිදී සිටියේ පෙරළු කෙලෙස් කනයම ඇතියේ විසුරුවාලූ කෙලෙස් පිරි ඇතියේ උගුළුවාලූ කෙලෙස් නමැති ඉන්ද්‍රකීල ඇතියේ අපගත ක්ලේශාර්ගල ඇතියේ ආර්‍ය්‍ය වූයේ හෙළු මානධ්වජ ඇතියේ ගිලිහුණු කෙලෙස්බර ඇතියේ විසංයුක්ත වූයේ මොනවට දුනු කෙලෙස්විජය ඇතියේ නො වේ ද? ඔහු විසින් දුඃඛය පරිඥාත නො වේ ද? සමුදය ප්‍රහීණ නො වේ ද? නිරෝධය සාක්‍ෂාත්කෘත නො වේ ද? මාර්ගය භාවිත නො වේ ද? අභිඥෙයධර්ම අභිඥාත නො වේ ද? පරිඥෙයධර්‍ම පරිඥාත නො වේ ද? ප්‍රහාතව්‍ය ධර්ම ප්‍රහීණ නො වේ ද? භාවිතව්‍යධර්‍ම භාවිත නො නො වේ ද? සාක්‍ෂාත්කර්‍තව්‍යධර්‍ම සාක්‍ෂාත්කෘත නො වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු: ඨ: හඤ්චි අරහා වීතරාගො වීතදොසො වීතමොහො කතකරණීයො -පෙ- සච්ඡිකාතබ්බං සච්ඡිකතං,
අනු: ඨ: ඉදින් රහත් වීතරාග වීතද්වේෂ වීතමෝහ කෘතකරණීය වේ නම් ... (ඔහු විසින්) සාක්‍ෂාත්කර්‍තව්‍යධර්‍ම සාක්‍ෂාත්කෘත වේ නම්,
අනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ: අත්ථී අරහතො අසුචි සුක්කවිසට්ඨී’ති.
අනු. පා: භවත, ‘රහත්හට අශුචි ශුක්‍රවිසෘෂ්ටි ඇති’ යනු නො කියැයුතු මැ යැ.
28. ස. පු: අත්ථී අරහතො අසුචි සුක්කවිසට්ඨී’ති.
28. ස. පු: රහත්හට අශුචි ශුක්‍රවිසෘෂ්ටි ඇද් ද?
ප. වි: සධම්මකුසලස්ස අරහතො අත්ථී අසුචි සුක්කවිසට්ඨි, පරධම්මකුසලස්ස අරහතො නත්ථී අසුචි සුක්කවිසට්ඨී’ති.
ප. වි: ස්වධර්‍මකුශල (ප්රඥාවිමුක්ත) වූ රහත්හට අශුචි ශුක්‍රවිසෘෂ්ටි ඇත. පරධර්‍මකුශල (උභතොභාගවිමුක්ත) වූ රහත්හට අශුචි ශුක්‍රවිසෘෂ්ටි නැත.
ස. පු: සධම්මකුසලස්ස අරහතො අත්ථී අසුචි සුක්කවිසට්ඨීති.
ස. පු: ස්වධර්‍මකුශල (තමා සතු රහත්දහම් මතුයෙහි දක්ෂ) වූ රහත්හට අශුචි ශුක්‍රවිසෘෂ්ටි ඇද් ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: පරධම්මකුසලස්ස අරහතො අත්ථී අසුචි සුක්කවිසට්ඨී’ති.
ස. අනු: පරධර්‍මකුශල (සිය දහමින් අන්‍ය වූ අෂ්ටසමාපත්ති ධර්මයෙහි දක්ෂ) රහත්හට අශුචි ශුක්‍රවිසෘෂ්ටි ඇද්ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
29. ස. පු: පරධම්මකුසලස්ස අරහතො නත්ථී අසුචි සුක්කවිසට්ඨී’ති.
29. ස. පු: පරධර්‍මකුශල රහත්හට අශුචි ශුක්‍රවිසෘෂ්ටි නැද්ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සධම්මකුසලස්ස අරහතො නත්ථි අසුචිසුක්කවිසට්ඨී’ති.
ස. අනු: ස්වධර්‍මකුශල රහත්හට අශුචි ශුක්‍රවිසෘෂ්ටි නැද්ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
30. ස. පු: සධම්මකුසලස්ස අරහතො රාගො පහීනො, අත්ථී තස්ස අසුචි සුක්කවිට්ඨි’ති.
30. ස. පු: ස්වධර්‍මකුශල රහත්හට රාගය ප්‍රහීණ වෙයි. ඔහුට අශුචි ශුක්‍රවිසෘෂ්ටි ඇද් ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: පරධම්මකුසලස්ස අරහතො රාගො පහීනො, අත්ථී තස්ස අසුචි සුක්කවිසට්ඨී’ති.
ස. අනු: පරධර්‍මකුශල රහත්හට රාගය ප්‍රහීණ වෙයි. ඔහුට අශුචි ශුක්‍රවිසෘෂ්ටි ඇද්ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
31. ස. පු: සධම්මකුසලස්ස අරහතො දොසො පහීනො -පෙ- මොහො පහීනො -පෙ- අනොත්තප්පං පහීනං, අත්ථී තස්ස අසුචි සුක්කවිසට්ඨී’ති.
31. ස. පු: ස්වධර්‍මකුශල රහත්හට ද්වේෂ ප්‍රහීණ වෙයි ... මෝහ ප්‍රහීණ වෙයි … අනපත්‍රපා ප්‍රහීණ වෙයි. ඔහුට අශුචි ශුක්‍රවිසෘෂ්ටි ඇද් ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: පරධම්මකුසලස්ස අරහතො අනොත්තප්පං පහීනං, අත්ථී තස්ස අසුචි සුක්කවිසට්ඨී’ති.
ස. අනු: පරධර්‍මකුශල රහත්හට අනපත්‍රපා ප්‍රහීණ වෙයි, ඔහුට අශුචි ශුක්‍රවිසෘෂ්ටි ඇද්ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
32. ස. පු: සධම්මකුසලස්ස අරහතො රාගප්පහානාය මග්ගො භාවිතො -පෙ- බොජ්ඣඞ්ගා භාවිතා -පෙ- දොසප්පහානාය -පෙ- මොහප්පහානාය -පෙ- අනොත්තප්පප්පහානාය මග්ගො භාවිතො -පෙ- බොජ්ඣඞ්ගා භාවිතා, අත්ථී තස්ස අසුචි සුක්කවිසට්ඨී’ති.
32. ස. පු: ස්වධර්‍මකුශල රහත්හට රාගප්‍රහාණය පිණිස මාර්ගය භාවිත වෙයි ... බෝධ්‍යඞ්ගයෝ භාවිතයහ ... ද්වේෂප්‍රහාණය පිණිස ... මෝහප්රහාණය පිණිස ... අනපත්‍රපාප්‍රහාණය පිණිස මාර්ගය භාවිත වෙයි … බෝධ්‍යඞ්ගයෝ භාවිතයහ, ඔහුට අශුචි ශුක්‍රවිසෘෂ්ටි ඇද්ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: පරධම්මකුසලස්ස අරහතො අනොත්තප්පප්පහානාය බොජ්ඣඞ්ගා භාවිතා, අත්ථී තස්ස අසුචි සුක්කවිසට්ඨී’ති.
ස. අනු: පරධර්‍මකුශල රහත්හට අනපත්‍රපාප්‍රහාණය පිණිස බෝධ්‍යඞ්ගයෝ භාවිතයහ. ඔහුට අශුචි ශුක්‍රවිසෘෂ්ටි ඇද්ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
33. ස. පු: සධම්මකුසලො අරහා වීතරාගො වීතදොසො වීතමොහො -පෙ- සච්ඡිකාතබ්බං සච්ඡිකතං, අත්ථී තස්ස අසුචි සුක්කවිසට්ඨී’ති.
33. ස. පු: ස්වධර්‍මකුශල රහත් වීතරාග වීතද්වේෂ වීතමෝහ වෙයි ... සාක්‍ෂාත්කර්‍තව්‍යධර්‍ම සාක්‍ෂාත්කෘත වෙයි. ඔහුට අශුචි ශුක්‍රවිසෘෂ්ටි ඇද්ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: පරධම්මකුසලො අරහා වීතරාගො වීතදොසො වීතමොහො -පෙ- සච්ඡිකාතබ්බං සච්ඡිකතං, අත්ථී තස්ස අසුචි සුක්කවිසට්ඨී’ති.
ස. අනු: පරධර්‍මකුශල රහත්හට වීතරාග වීතද්වේෂ වීතමෝහ වෙයි ... සාක්‍ෂාත්කර්‍තව්‍යධර්‍ම සාක්‍ෂාත්කෘත වෙයි. ඔහුට අශුචි ශුක්‍රවිසෘෂ්ටි ඇද්ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
34. ස. පු: පරධම්මකුසලස්ස අරහතො රාගො පහීනො නත්ථී තස්ස අසුචි සුක්කවිසට්ඨී’ති.
34. ස. පු: පරධර්‍මකුශල රහත්හට රාගය ප්‍රහීණ වෙයි. ඔහුට අශුචි ශුක්‍රවිසෘෂ්ටි නැද්ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සධම්මකුසලස්ස අරහතො රාගො පහීනො, නත්ථී තස්ස අසුචි සුක්කවිසට්ඨී’ති.
ස. අනු: ස්වධර්‍මකුශල රහත්හට රාගප්රහීණ වෙයි. ඔහුට අශුචි ශුක්‍රවිසෘෂ්ටි නැද්ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
35. ස. පු: පරධම්මකුසලස්ස අරහතො දොසො පහීනො -පෙ- මොහො පහීනො -පෙ- අනොත්තප්පං පහීනං, නත්ථී තස්ස අසුචි සුක්කවිට්ඨි’ති.
35. ස. පු: පරධර්‍මකුශල රහත්හට ද්වේෂය ප්‍රහීණ වෙයි ... මෝහය ප්‍රහීණ වෙයි … අනපත්‍රපා ප්‍රහීණ වෙයි. ඔහුට අශුචි ශුක්‍රවිසෘෂ්ටි නැද්ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සධම්මකුසලස්ස අරහතො අනොත්තප්පං පහීනං, නත්ථී තස්ස අසුචි සුක්කවිසට්ඨී’ති.
ස. අනු: ස්වධර්‍මකුශල රහත්හට අනපත්‍රපා ප්‍රහීණ වෙයි. ඔහුට අශුචි ශුක්‍රවිසෘෂ්ටි නැද්ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පු: එසේ නො කියැයුතු මැ යැ ...
36. ස. පු: පරධම්මකුසලස්ස අරහතො රාගප්පහානාය මග්ගො භාවිතො -පෙ- බොජ්ඣඞ්ගා භාවිතා -පෙ- දොසප්පහානාය -පෙ- මොහප්පහානාය -පෙ- අනොත්තප්පප්පහානාය මග්ගො භාවිතො -පෙ- බොජ්ඣඞ්ගා භාවිතා, නත්ථී තස්ස අසුචි සුක්කවිසට්ඨී’ති.
36. ස. පු: පරධර්‍මකුශල රහත්හට රාගප්‍රහාණය පිණිස මාර්ගය භාවිත වෙයි … බෝධ්‍යඞ්ගයෝ භාවිතයහ ... ද්වේෂප්‍රහාණය පිණිස ... මෝහප්රහයාණය පිණිස ... අනපත්‍රපාප්‍රහාණය පිණිස මාර්ගය භාවිත වෙයි … බෝධ්‍යඞ්ගයෝ භාවිතයහ. ඔහුට අශුචි ශුක්‍රවිසෘෂ්ටි නැද්ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සධම්මකුසලස්ස අරහතො අනොත්තප්පප්පහානාය බොජ්ඣඞ්ගා භාවිතා, නත්ථී තස්ස අසුචි සුක්කවිසට්ඨී’ති.
ස. අනු: ස්වධර්‍මකුශල රහත්හට අනපත්‍රපාප්‍රහාණය පිණිස බෝධ්‍යඞ්ගයෝ භාවිතයහ. ඔහුට අශුචි ශුක්‍රවිසෘෂ්ටි නැද්ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
37. ස. පු: පරධම්මකුසලො අරහා වීතරාගො වීතදොසො වීතමොහො -පෙ- සච්ඡිකාතබ්බං සච්ඡිකතං, නත්ථී තස්ස අසුචි සුක්කවිසට්ඨී’ති.
37. ස. පු: පරධර්‍මකුශල රහත් වීතරාග වීතද්වේෂ වීතමෝහ වෙයි ... සාක්‍ෂාත්කර්‍තව්‍යධර්‍ම සාක්‍ෂාත්කෘත වෙයි. ඔහුට අශුචි ශුක්‍රවිසෘෂ්ටි නැද්ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: සධම්මකුසලො අරහා වීතරාගො වීතදොසො වීතමොහො -පෙ- සච්ඡිකාතබ්බං සච්ඡිකතං, නත්ථී තස්ස අසුචි සුක්කවිසට්ඨි’ති.
ස. අනු: ස්වධර්‍මකුශල රහත්හට වීතරාග වීතද්වේෂ වීතමෝහ වෙයි ... සාක්‍ෂාත්කර්‍තව්‍යධර්‍ම සාක්‍ෂාත්කෘත වෙයි. ඔහුට අශුචි ශුක්‍රවිසෘෂ්ටි නැද්ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
38. ස. පු: අත්ථී අරහතො අසුචි සුක්කවිසට්ඨි’ති.
38. ස. පු: රහත්හට අශුචි ශුක්‍රවිසෘෂ්ටි ඇද්ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: නනු වුත්තං භගවතා “යෙ කෙචි භික්ඛවෙ භික්ඛූ පුථුජ්ජනා සීලසම්පන්නා සතා සම්පජානා නිද්දං ඔක්කමන්ති, තෙසං අසුචි න මුච්චති. යෙ’පි තෙ භික්ඛවෙ, බාහිරකා ඉසයො කාමෙසු වීතරාගා, තෙසම්පි අසුචි න මුච්චති. අට්ඨානමෙතං භික්ඛවෙ, අනවකාසො යං අරහතො අසුචි මුච්චෙය්යා’ති” අත්ථෙ’ව සුත්තන්තොති.
ස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද මැ නු: “මහණෙනි, යම් මැ මහණ කෙනෙක් පුහුදුන් වූවාහු සිල් සපන් වූවාහු සිහි ඇතියාහු සම්ප්‍රඥාන ඇත්තාහු නිද්‍රාවට බැසගනිත් ද, උනට අසුචි නො මිදේ. මහණෙනි, කාමයෙහි වීතරාග වූ කාමවිෂයෙහි පැහු රාග ඇති යම් ඒ බාහිර ඍෂීහු වෙත් ද, උනට ද අසුචි නො මිදේ. මහණෙනි, ‘රහත්හට අසුචි මිදේ’ යන යම් කරුණෙක් ඇද්ද, තෙල කරුණ අස්ථාන යැ. වන්නට අවකාශ නැතැ”යි වදාළ සූත්‍රාන්ත ඇත්තේ මැ නො වේ ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
අනු. පා: තෙන හි න වත්තබ්බං: අත්ථී අරහතො අසුචි සුක්කවිසට්ඨි’ති.
අනු. පා: එකරුණින් ‘රහත්හට අශුචි ශුක්‍රවිසෘෂ්ටි ඇති, යනු නො කියැයුතු යැ.
39. ප. පු: න වත්තබ්බං අත්ථී අරහතො පරූපහාරො’ති.
39. ප. පු: ‘රහත්හට පරෝපහාර ඇති’යි නො කියැයුතු ද?
ස. පටිඤ්ඤා: ආමන්තා.
ස. පටිඤ්ඤා: එසේ යැ.
ප. අනු: නනු අරහතො චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරං පරෙ උපසංහරෙය්යුන්ති,
ප. අනු: රහත්හට සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත්පිරිකර අන්හු එළවාලන්නාහු නො වේ ද?
ස. පටිඤ්ඤා: ආමන්තා.
ස. පටිඤ්ඤා: එසේ යැ.
අනු. ඨ: හඤ්චි අරහතො චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරං පරෙ උපසංහරෙය්යුං,
අනු. ඨ: ඉදින් රහත්හට චීවර පිණ්ඩපාත ශයනාසන ග්ලානප්‍රත්‍යය භෛෂජ්‍යපරිෂ්කාර අන්හු එළවාලන්නාහු නම්,
අනු. පා: තෙන වත රෙ වත්තබ්බෙ “අත්ථී අරහතො පරූපහාරො”ති.
අනු. පා: භවත, එකරුණින් ‘රහත්හට පරෝපහාර ඇති’යි කියැයුතු මැ යැ.
40. ස. පු: “අරහතො චීවරපිණ්ඩපාතසෙනාසනගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරං පරෙ උපසංහරෙය්යුන්ති” අත්ථී අරහතො පරූපහාරො’ති.
40. ස. පු: ‘රහත්හට සිවුරු පිඬුවා සෙනසුන් ගිලන්පස බෙහෙත්පිරිකර අනුන් එළවතී’යි රහත්හට පරෝපහාර ඇද්ද?
ප. පටිඤ්ඤා: ආමන්තා.
ප. පටිඤ්ඤා: එසේ යැ.
ස. අනු: අරහතො සොතාපත්තිඵලං වා සකදාගාමිඵලං වා අනාගාමිඵලං වා අරහත්තං වා පරෙ උපසංහරෙය්යුන්ති.
ස. අනු: ‘රහත්හට සෝවත්ඵල වේවයි සෙදගැමිඵල වේවයි අනගැමිඵල වේවයි රහත්බව වේවයි පරහු එළවාලත් ද?
ප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
ප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
පරූපහාරකථා නිට්ඨිතා.
පරොපහාරකථා නිමි.