යෙදුමෙන් කියවන්න

10. හෙවත්‍ථිකථාවණ‍්ණනා අට‍්ඨකථා

10. හෙවත්‍ථිකථාවණ‍්ණනා

10. හෙවත්‍ථි කථා

ඉදානි හෙවත්‍ථිකථා නාම හොති. තත්‍ථ යෙසං “සබ‍්බෙපි අතීතාදිභෙදා ධම‍්මා රූපාදිවසෙන අත්‍ථි, අතීතං අනාගතපච‍්චුප‍්පන‍්නවසෙන, අනාගතපච‍්චුප‍්පන‍්නානි වා අතීතාදිවසෙන නත්‍ථි; තස‍්මා සබ‍්බමෙවිදං එවං අත්‍ථි එවං නත්‍ථී”ති ලද‍්ධි, සෙය්‍යථාපි එතරහි වුත‍්තප‍්පභෙදානං අන්‍ධකානං; තෙ සන්‍ධාය අතීතං අත්‍ථීති පුච‍්ඡා සකවාදිස‍්ස. හෙවත්‍ථි හෙව නත්‍ථීති විස‍්සජ‍්ජනං පරවාදිස‍්ස. තත්‍ථ හෙවාති එවං . අථ නං සකවාදී “යදි අතීතොව එවං අත්‍ථි, එවං නත්‍ථීති ලද‍්ධි, එවං සන‍්තෙ සොයෙව අත්‍ථි, සොයෙව නත්‍ථි නාමා”ති පුච‍්ඡන‍්තො සෙවත්‍ථි, සෙව නත්‍ථීති ආහ. ඉතරො තෙනෙව සභාවෙන අත්‍ථිතං, තෙනෙව නත්‍ථිතං සන්‍ධාය පටික‍්ඛිපති. දුතියං පුට‍්ඨො සකභාවෙනෙව අත්‍ථිතං, පරභාවෙනෙව නත්‍ථිතං සන්‍ධාය පටිජානාති. තතො පරං අත්‍ථට‍්ඨො නත්‍ථට‍්ඨොති අත්‍ථිසභාවො නත්‍ථිසභාවො නාම හොතීති පුච‍්ඡති. ඉමිනාවුපායෙන සබ‍්බවාරෙසු අත්‍ථො වෙදිතබ‍්බො. පරියොසානෙ පන “තෙන හි අතීතං හෙවත්‍ථි, හෙව නත්‍ථී”ති ච “තෙන හි රූපං හෙවත්‍ථි, හෙව නත්‍ථී”ති චාතිආදීනි වත්‍වා කිඤ‍්චාපි පරවාදිනා ලද‍්ධි පතිට‍්ඨාපිතා, අයොනිසො පතිට‍්ඨාපිතත‍්තා පනෙසා අප‍්පතිට‍්ඨාපිතායෙවාති.

දැන් හෙවත්‍ථි කථා වේ. එහි අතීතාදි භේද සියළු දහම් රූපාදි වශයෙන් ඇත. අතීත අනාගත වර්තමාන වශයෙන්, අනාගත වර්තමාන හෝ අතීතාදී වශයෙන් නැත. මේ සියල්ල මෙසේ ඇත. මෙසේ නැතැයි ලබ්ධිය, යම්සේ දැන කියන ලද අන්ධකයින්ගේ ප්‍රභේද මෙනි. ඔවුන් සඳහා අතීතං අත්‍ථි යයි විචාරීම සකවාදියාටය. හෙවත්‍ථි හෙවනත්‍ථි යන විසඳීම පරවාදියාටය. එහි හෙවා යනු මෙසේ යන්නය. ඉක්බිති සකවාදියා ඉදින් අතීතයම මෙසේ ඇත. මෙසේ නැතැයි ලබ්ධිය, මෙසේ ඇති කල්හි එයම ඇත එයම නැතැයි විචාරන්නේ සෙවත්‍ථි සෙව නත්‍ථි යයි ඔහුට කීය. අනිත් තැනැත්තා ඒ භාවයෙන් ඇති බව එයින්ම නැති බව සඳහා ප්‍රතික්‍ෂේප කරයි. දෙවනුව අසන ලද්දේ ස්වකීය ස්වභාවයෙන් ඇති බව පරභාවයෙන් නැතිබව සඳහා පිළිගනී. ඉන්පසු අත්‍ථට්ඨො නත්‍ථට්ඨො යයි ඇති ස්වභාවය නැති ස්වභාවය නම් වේ යයි විචාරයි. මේ උපායෙන් සියළු වාරවල අර්ථය දතයුතුය. අවසානයෙහි වනාහි තෙනහි අතීතං හෙවත්‍ථි හෙවනත්‍ථි යයි ද තෙනහි රූපං හෙවනත්‍ථි හෙනත්‍ථි යයි නුනුවණින් පිහිටුවන ලදැයි ද යන ආදිය කියා පරවාදිය විසින් පිහිටුවන ලද ලබ්ධිය කිසිසේත් පිහිටියේ නැත්තේමය.

හෙවත්‍ථිකථාවණ‍්ණනා.

මහාවග‍්ගො නිට‍්ඨිතො.

මහා වර්ගය නිමියේය.