මාතිකා
571. ඉධ භික්ඛු පාතිමොක්ඛසංවරසංවුතො විහරති ආචාරගොචර සම්පන්නො අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවී සමාදාය සික්ඛති සික්ඛාපදෙසු ඉන්ද්රියෙසු ගුත්තද්වාරො භොජනෙ මත්තඤ්ඤූ පුබ්බරත්තා’පර රත්තං ජාගරියානුයොගමනුයුත්තො සාතච්චං නෙපක්කං බොධිපක්ඛියානං ධම්මානං භාවනානුයොගමනුයුත්තො. සො අභික්කන්තෙ පටික්කන්තෙ සම්පජානකාරී හොති, ආලොකිතෙ විලොකිතෙ සම්පජානකාරී හොති, සම්මිඤ්ජිතෙ පසාරිතෙ සම්පජානකාරී හෙති, සඞ්ඝාටිපත්තචීවරධාරණෙ සම්පජානකාරී හොති, අසිතෙ පීතෙ ඛායිතෙ සායිතෙ සම්පජානකාරී හොති, උච්චාරපස්සාවකම්මෙ සම්පජානකාරී හොති, ගතෙ ඨිතෙ නිසින්නෙ සුත්තෙ ජාගරිතෙ භාසිතෙ තුණ්හීභාවෙ සම්පජානකාරී හොති. සො විවිත්තං සෙනාසනං භජති: අරඤ්ඤං රුක්ඛමූලං පබ්බතං කන්දරං ගිරිගුහං සුසානං වනපත්ථං අබ්භොකාසං පලාලපුඤ්ජං අප්පසද්දං අප්පනිග්ඝොසං විජනවාතං මනුස්සරාහසෙය්යකං පටිසල්ලානසාරුප්පං. සො අරඤ්ඤගතො වා රුක්ඛමූලගතො වා සුඤ්ඤාගාරගතො වා නිසීදති පල්ලඞ්කං ආභුජිත්වා උජුං කායං පනිධාය පරිමුඛං සතිං උපට්ඨපෙත්වා. සො අභිජ්ඣං ලොකෙ පහාය විගතාභිජ්ඣෙන චෙතසා විහරති අභිජ්ඣාය චිත්තං පරිසොධෙති. ව්යාපාදපදොසං පහාය අව්යාපන්නචිත්තො විහරති සබ්බපාණභූතහිතානුකම්පී, ව්යාපාදපදොසා චිත්තං පරිසොධෙති. ථීනමිද්ධං පහාය විගතථිනමිද්ධො විහරති. ආලොකසඤ්ඤී සතො සම්පජානො, ථීනමිද්ධා චිත්තං පරිසොධෙති. උද්ධච්චකුක්කුච්චං පහාය අනුද්ධතො විහරති අජ්ඣත්තං වූපසන්තචිත්තො, උද්ධච්චකුක්කුච්චා චිත්තං පරිසොධෙති. විචිකිච්ඡං පහාය තිණ්ණවිචිකිච්ඡො විහරති අකථංකථී කුසලෙසු ධම්මෙසු, විචිකිච්ඡාය චිත්තං පරිසොධෙති. සො ඉමෙ පඤ්චනීවරණෙ පහාය චෙතසො උපක්කිලෙසෙ පඤ්ඤාය දුබ්බලීකරණෙ විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරති. විතක්ක විචාරානං වූපසමා අජ්ඣත්තං සම්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක්කං අවිචාරං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං උපසම්පජ්ජ විහරති. පීතියා ච විරාගා උපෙක්ඛකො ච විහරති සතො ච සම්පජානො සුඛඤ්ච කායෙන පටිසංවෙදෙති, යං තං අරියා ආචික්ඛන්ති උපෙක්ඛකො සතිමා සුඛවිහාරීති තං තතියං ඣානං උපසම්පජ්ජ විහරති. සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා පුබ්බෙ’ව සොමනස්සදොමනස්සානං අත්ථඞ්ගමා අදුක්ඛමසුඛං උපෙක්ඛාසතිපාරිසුද්ධිං චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති. සබ්බසො රූපසඤ්ඤානං සමතික්කමා පටිඝසඤ්ඤානං අත්ථඞ්ගමා නානත්තසඤ්ඤානං අමනසිකාරා අනන්තො ආකාසො’ති ආකාසානඤ්චායතනං උපසම්පජ්ජ විහරති. සබ්බසො ආකාසානඤ්චායතනං සමතික්කම්ම අනන්තං විඤ්ඤාණන්ති විඤ්ඤාණඤ්චායතනං උපසම්පජ්ජ විහරති. සබ්බසො විඤ්ඤාණඤ්චායතනං සමතික්කම්ම නත්ථි කිඤ්චීති ආකිඤ්චඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති. සබ්බසො ආකිඤ්චඤ්ඤායතනං සමතික්කම්ම නෙවසඤ්ඤානාසඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති.
571. මෙ සස්නෙහි මහණ ප්‍රාතිමෝක්‍ෂසංවරයෙන් යුක්ත වූයේ ආචාරයෙන් හා ගෝචරයෙන් යුක්තව වාස කෙරෙයි. ස්වල්පමාත්‍ර වූ වරදෙහි භය දක්නාසුලු වූයේ ශික්ෂාපදයන්හි සමාදන් ව හික්මෙයි. ඉන්ද්රියයන්හි පියූ දොර ඇති ව, භෝජනයෙහි මාත්‍රඥ ව පූර්‍වරාත්‍ර - අපරරාත්‍රයෙහි ජාගර්‍ය්‍යානුයෝගයෙහි යෙදුණේ වීර්‍ය්‍යයෙන් හා ප්‍රඥායෙන් යුක්ත ව, බෝධිපාක්ෂිකධර්මයන් වැඩීමෙහි යෙදුණේ වෙසෙයි. හෙතෙම ඉදිරියට යෑමෙහි හා නැවැත්මෙහි සම්‍යග්ඥානයෙන් යුක්තව කරන්නේ වෙයි. ඉදිරිබැල්මෙහි හා විදිසාවන් බැල්මෙහි ද, අවයව හැකිලීමෙහි හා දිගුකිරීමෙහි ද, සඟළ පාසිවුරු දැරීමෙහි ද, භෝජනයෙහි, පානයෙහි, කෑමෙහි, රසවිඳීමෙහි ද, මලමූකිරීමෙහි ද, ගමනෙහි, සිටීමෙහි, හිඳීමෙහි, නිදීමෙහි, නිදිවැරීමෙහි, බිණීමෙහි, තූෂ්ණීම්භාවයෙහි ද සම්‍යග්ඥානයෙන් යුක්තව කරන්නේ වෙයි. හෙතෙම අරණ්‍ය ය, වෘක්ෂමූල ය, පර්වත ය, කඳුරැලි ය, ගිරිගුහා ය, සොහොන ය, වනපත්ථ ය, අභ්‍යවකාශ ය, පිදුරුබිස්ස ය, යන ශබ්ද රහිත, නිර්ඝෝෂ රහිත වූ, ජනවාත රහිත වූ, මිනිසුන්ගේ රහස්යකරණයට ස්ථාන වූ, විවේකයට අනුරූප වූ, විවේකසේනසුනක් භජනය කෙරෙයි. හෙතෙම අරණ්‍යසෙනාසනයට ගියේ හෝ වෘක්ෂමූලසේනාසනයට ගියේ හෝ, ශුන්‍යාගාරයට ගියේ හෝ, පලක් බැඳ කය ඍජුව තබා, සිහිය කර්මස්ථානයට අභිමුඛකොට එළවා හිඳියි. හෙතෙම ස්කන්ධලෝකයෙහි අභිධ්‍යාව හැර පියා, පහ වූ අභිධ්‍යා ඇති සිතින් යුක්ත ව වෙසෙයි. අභිධ්‍යායෙන් සිත පිරිසිදු කෙරෙයි. ව්‍යාපාද ප්‍රදෝෂය දුරුකොට, ව්‍යාපාද රහිත සිත් ඇති ව සියලු ප්‍රාණීන් කෙරෙහි හිතානුකම්පී ව වෙසෙයි. ව්‍යාපාද ප්රදෝෂයෙන් සිත පිරිසිදු කෙරෙයි. ථීනමිද්ධය හැර පියා පහව ගිය ථීනමිද්ධ ඇති ව, ආලෝක සංඥා ඇති ව, සිහි ඇති ව, සම්‍යග්ඥාන ඇති ව වෙසෙයි. ථීනමිද්ධයෙන් සිත පිරිසිදු කෙරෙයි. උද්ධච්චකුක්කුච්චය හැර පියා උඩඟු නො වූයේ, අධ්‍යාත්මයෙහි සන්හුන් සිත් ඇතිව වෙසෙයි. උද්ධච්චකුක්කුච්චයෙන් සිත පිරිසිදු කෙරෙයි. විචිකිච්ඡාව හැර පියා තරණයකළ විචිකිත්සා ඇති ව, කුශලධර්මයන්හි සැක රහිතව වෙසෙයි, විචිකිත්සායෙන් සිත පිරිසිදු කෙරෙයි. හෙතෙම චිත්තයට උපක්ලේශ වූ ප්‍රඥාව දුර්වල කරන මේ පඤ්ච නීවරණයන් හැර පියා කාමයන්ගෙන් වෙන් ව ම, අකුශල ධර්මයන්ගෙන් වෙන් ව ම, විතර්ක සහිත වූ විචාර සහිත වූ, විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සුඛය ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසෙයි. විතර්‍කවිචාරයන් සංහිඳීමෙන් අධ්‍යාත්මයෙහි පැහැදීම ඇති, චිත්තයාගේ එකඟ බව ඇති, අවිතර්ක වූ, අවිචාර වූ, සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සුඛය ඇති, ද්විතීයධ්‍යානයට පැමිණ වෙසෙයි. ප්‍රීතියගේ ද ඉක්මවීමෙන් උපේක්ෂා ඇත්තේ ද, සිහි ඇත්තේ ද, සම්‍යග්ඥාන ඇති ව නාමකයින් සුඛය ද විඳියි, යම් ධ්‍යානයක් හේතුකොටගෙන (බුද්ධාදී) ආර්‍ය්‍යයෝ ඒ ධ්යානසමඞ්ගීපුද්ගලයා ‘උපේක්ෂා ඇත්තේ ය, ස්මෘති ඇත්තේ ය, සුඛවිහරණ ඇත්තේ’ යි කියත් නම් ඒ තෘතීයධ්‍යානයට පැමිණ වෙසෙයි. (කායික) සුඛයාගේ ද ප්‍රහාණයෙන්, දුඃඛයාගේ ද ප්‍රහාණයෙන්, පළමු වැ සොම්නස් දොම්නසුන්ගේ ප්‍රහාණයෙන්, දුක් නො වූ, සුඛ නො වූ, උපේක්‍ෂායෙන් උපන් ස්මෘති පාරිශුද්ධිය ඇති චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසෙයි. සර්වප්රකාරයෙන් රූප සංඥාවන් ඉක්මවාලීමෙන්, ප්‍රතිඝසංඥාවන් දුරලීමෙන්, නානාත්වසංඥාවන් නො මෙනෙහි කිරීමෙන් ‘ආකාසය අනන්ත’ යි භාවනාකොට ආකාසානඤ්චායතනයට පැමිණ වෙසෙයි. සර්වප්රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා විඤ්ඤාණය අනන්තය යි භාවනා කොට විඤ්ඤාණඤ්චායතනයට පැමිණ වෙසෙයි. සර්වප්රකාරයෙන් විඤ්ඤාණාඤ්චායතනය ඉක්මවා ‘නත්ථි කිඤ්චි’ යි භාවනා කොට ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වෙසෙයි. සර්වප්රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නේවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ වෙසේ යි.