සුත‍්තන‍්තභාජනියං
572. ‘ඉධා’ති ඉමිස‍්සා දිට‍්ඨියා ඉමිස‍්සා ඛන‍්තියා ඉමිස‍්සා රුචියා ඉමස‍්මිං ආදායෙ ඉමස‍්මිං ධම‍්මෙ ඉමස‍්මිං විනයෙ ඉමස‍්මිං ධම‍්මවිනයෙ ඉමස‍්මිං පාවචනෙ ඉමස‍්මිං බ්‍රහ‍්මචරියෙ ඉමස‍්මිං සත්‍ථුසාසනෙ. තෙන වුච‍්චති ඉධාති.
572. ‘ඉධ’ යනු: මේ දෘෂ්ටියෙහි, මේ ක්‍ෂාන්තියෙහි, මේ රුචියෙහි, මේ ග්‍රහණයෙහි, මේ ධර්‍මයෙහි, මේ විනයයෙහි, මේ ධර්‍මවිනයයෙහි, මේ ප්‍රවචනයෙහි, මේ බ්‍රහ්මචර්‍ය්‍යයෙහි, මේ ශාස්තෘශාසනයෙහි, එයින් කියනු ලැබෙයි ‘ඉධ’ යි.
573. ‘භික‍්ඛූ’ති සමඤ‍්ඤාය භික‍්ඛු, පටිඤ‍්ඤාය භික‍්ඛු, භික‍්ඛතී’ති භික‍්ඛු, භික‍්ඛකො’ති භික‍්ඛු, භික‍්ඛාචරියං අජ‍්ඣූපගතො’ති භික‍්ඛු, භින‍්නපටධරො’ති භික‍්ඛු, භින්‍දති පාපකෙ අකුසලෙ ධම‍්මෙ’ති භික‍්ඛු, භින‍්නත‍්තා පාපකානං අකුසලානං ධම‍්මානං භික‍්ඛු, ඔධිසො කිලෙසානං පහානා භික‍්ඛු, අනොධිසො කිලෙසානං පහානා භික‍්ඛු, සෙක‍්ඛො භික‍්ඛු, අසෙක‍්ඛො භික‍්ඛු, නෙවසෙක‍්ඛො නා සෙක‍්ඛො භික‍්ඛු, අග‍්ගො භික‍්ඛූ භද්‍රො භික‍්ඛු, මණ‍්ඩො භික‍්ඛු, සාරො භික‍්ඛු, සමග‍්ගෙන සඞ‍්ඝෙන ඤත‍්තිචතුත්‍ථෙන කම‍්මෙන අකුප‍්පෙන ඨානාරහෙන උපසම‍්පන‍්නො භික‍්ඛු.
573. ‘භික්ඛු’ යනු: ව්‍යවහාරයෙන් භික්‍ෂු ය, ප්‍රතිඥායෙන් භික්‍ෂු ය, භික්‍ෂාටනය කෙරේනු යි භික්‍ෂු ය, භික්‍ෂාටනය කරනුයේ නු යි භික්‍ෂු ය, භික්‍ෂාචර්‍ය්‍යාවට පැමිණියේ නු යි භික්‍ෂු ය, භින්න වූ වස්ත්‍ර දරනුයේ නු යි භික්‍ෂු ය, ලාමක අකුශලධර්‍මයන් බිඳී නු යි භික්‍ෂු ය, ලාමක අකුශලධර්‍මයන් බිඳහළ හෙයින් භික්‍ෂු ය, අවධි වශයෙන් ක්ලේශයන්ගේ ප්‍රහාණයෙන් භික්‍ෂු ය, අනවධි (සීමාරහිත) වශයෙන් ක්ලේශයන්ගේ ප්‍රහාණයෙන් භික්‍ෂු ය, ශෛක්‍ෂ භික්‍ෂු ය, අශෛක්‍ෂ භික්‍ෂු ය, නො ම ශෛක්‍ෂ වූ අශෛක්‍ෂ ද නො වූ භික්‍ෂු ය, (සීලසමාධිප්‍රඥාවිමුක්තියෙන්) අග්‍රවූයේ භික්‍ෂු ය, භද්‍ර භික්‍ෂු ය, මණ්ඩ (ප්‍රසන්න) භික්‍ෂු ය, සාර භික්‍ෂු ය, සමගසඞ්ඝයා විසින් අකෝප්‍ය වූ ස්ථානාර්‍හ වූ ඤත්තිචතුත්‍ථ කර්‍මයෙන් උපසම්පන්න වූයේ භික්‍ෂු යි.
574. ‘පාතිමොක‍්ඛ’න‍්ති සීලං පතිට‍්ඨා ආදි චරණං සඤ‍්ඤමො සංවරො මුඛං පමුඛං කුසලානං ධම‍්මානං සමාපත‍්තියා. සංවරො’ති කායිකො අවීතික‍්කමො, වාචසිකො අවීතික‍්කමො, කායිකවාචසිකො අවීතික‍්කමො. සංවුතො’ති ඉමිනා පාතිමොක‍්ඛසංවරෙන උපෙතො හොති සමුපෙතො උපගතො සමුපගතො උපපන‍්නො සමුපපන‍්නො සමන‍්නාගතො. තෙන වුච‍්චති පාතිමොක‍්ඛසංවරසංවුතොති.
574. ‘පාතිමොක්ඛ’ යනු: ශීල ය කුශලධර්‍මයන්ගේ ප්‍රතිලාභයට ප්‍රතිෂ්ඨා ය, ආදි ය, චරණ (පාද) ය, සංයම ය, සංවර ය, ද්වාර ය, ප්‍රමුඛ යි. ‘සංවර’ යනු: කායිකඅව්‍යතික්‍රම ය, වාචසිකඅව්‍යතික්‍රම ය, කායිකවාචසිකඅව්‍යතික්‍රම යි. ‘සංවුත’ යනු: මේ පාතිමොක්ඛසංවරයෙන් උපේත, සමුපේත, උපගත, සමුපගත, උපපන්න, සමුපපන්න, සමන්නාගත වූයේ වෙයි. එහෙයින් කියනු ලැබෙයි ‘පාතිමොක්ඛසංවරසංවුතො’ යි.
575. ‘විහරතී’ති ඉරීයති වත‍්තති පාලෙති යපෙති යාපෙති චරති විහරති. තෙන වුච‍්චති විහරතී’ති.
575. ‘විහරති’ යනු: ඉරියවු පවත්වයි, වැටෙයි, පාලනය කෙරෙයි, යැපෙයි, යපනය කෙරෙයි, හැසිරෙයි, වාසය කෙරේ. එහෙයින් කියනු ලැබෙයි ‘විහරති’ යි.
576. ‘ආචාර ගොචර සම‍්පන‍්නො’ති අත්‍ථි ආචාරො, අත්‍ථි අනාචාරො. තත්‍ථ කතමො අනාචාරො: කායිකො වීතික‍්කමො වාචසිකො වීතික‍්කමො කායිකවාචසිකො වීතික‍්කමො, අයං වුච‍්චති අනාචාරො. සබ‍්බම‍්පි දුස‍්සීල්‍යං අනාචාරො: ඉධෙකච‍්චො වෙළුදානෙන වා පත‍්තදානෙන වා පුප‍්ඵදානෙන වා ඵලදානෙන වා සිනානදානෙන වා දන‍්තකට‍්ඨදානෙන වා චාටුකම්‍යතාය වා මුග‍්ගසුප‍්පතාය වා පාරිභට‍්ටතාය වා ජඞ‍්ඝපෙසනියෙන වා, අඤ‍්ඤතරඤ‍්ඤතරෙන වා බුද‍්ධපතිකුට‍්ඨෙන මිච‍්ඡාජීවෙන ජීවිකං කප‍්පෙති, අයං වුච‍්චති අනාචාරො. තත්‍ථ කතමො ආචාරො: කායිකො අවීතික‍්කමො වාචසිකො අවීතික‍්කමො කායිකවාචසිකො අවීතික‍්කමො, අයං වුච‍්චති ආචාරො, සබ‍්බොපි සීලසංවරො ආචාරො. ඉධෙකච‍්චො න වෙළුදානෙන න පත‍්තදානෙන න පුප‍්ඵදානෙන න ඵලදානෙන න සිනානදානෙන න දන‍්තකට‍්ඨදානෙන න චාටුකම්‍යතාය න මුග‍්ගසුප‍්පතාය න පාරිභට‍්ටතාය න ජඞ‍්ඝපෙසනියෙන න අඤ‍්ඤතරඤ‍්ඤතරෙන බුද‍්ධපතිකුට‍්ඨෙන මිච‍්ඡාජීවෙන ජීවිකං කප‍්පෙති, අයං වුච‍්චති ආචාරො.
576. ‘ආචාරගෝචරසම්පන්න’ යනු: ආචාරයෙක් ඇත, අනාචාරයෙක් ඇති. එහි අනාචාරය කවරෙ යත්: කායිකව්‍යතික්‍රම ය, වාචසිකව්‍යතික්‍රම ය, කායිකවාචසිකව්‍යතික්‍රම යි. මේ ‘අනාචාර’ යි කියනු ලැබේ. හැම දුශ්ශිල්‍යය අනාචාර යි. මෙ සස්නෙහි කිසිවෙක් හුණුදඬු දීමෙන් හෝ, පත්‍රදානයෙන් හෝ, පුෂ්පදානයෙන් හෝ, ඵලදානයෙන් හෝ, නහනු දීමෙන් හෝ, දැහැටිදඬු දීමෙන් හෝ, චාටුබස් කීමෙන් හෝ මුද්ගසූපය වැනි බොරු මුසු කථායෙන් හෝ, (දරුවන් නැලවීම් ආදි) පාරිභට්ටතායෙන් හෝ, (ගෙන්ගෙට) හසුන්පත් ගෙන යෑමෙන් හෝ, බුදුන් විසින් පිළිකුල් කරන ලද එක්තරාමිථ්‍යාජීවයෙකින් ජීවිකාව කෙරෙයි. මේ ‘අනාචාර’ යි කියනු ලැබේ. එහි ආචාර කවරෙ යත්: කායික අව්‍යතික්‍රම ය, වාචසික අව්‍යතික්‍රම ය, කායිකවාචසික අව්‍යතික්‍රම යි. මේ ‘ආචාර’ යි කියනු ලැබේ. හැම ශීලසංවරය ‘ආචාර’ යි. මෙ සස්නෙහි කිසිවෙක් හුණුදඬු දීමෙන්, පත්‍රදානයෙන්, පුෂ්පදානයෙන්, ඵලදානයෙන්, නහනු දීමෙන්, දැහැටිදඬු දීමෙන්, චාටුකම්‍යතායෙන්, මුද්ගසූප්‍යතායෙන්, පාරිභට්ටතායෙන්, ජඞ්ඝපෙසනියයෙන් යන බුදුන් විසින් පිළිකුල් කරන ලද අන්‍යතරාන්‍යතර මිථ්‍යාජීවයෙකින් ජීවිකාව නො කෙරේ. මේ ‘ආචාර’ යි කියනු ලැබේ.
‘ගොචරො’ති අත්‍ථි ගොචරො, අත්‍ථි අගොචරො. තත්‍ථ කතමො අගොචරො: ඉධෙකච‍්චො වෙසියගොචරො වා හොති. විධවාගොචරො වා, ථුල‍්ලකුමාරීගොචරො වා, පණ‍්ඩකගොචරො වා, භික‍්ඛුනීගොචරො වා, පානාගාරගොචරො වා, සංසට‍්ඨො විහරති රාජූහි රාජමහාමත‍්තෙහි තිත්‍ථියෙහි තිත්‍ථියසාවකෙහි අනනුලොමිකෙන සංසග‍්ගෙන. යානි වා පන තානි කුලානි අස‍්සද‍්ධානි අප‍්පසන‍්නානි අනොපානභූතානි අක‍්කොසක පරිභාසකානි අනත්‍ථකාමානි අහිතකාමානි අඵාසුකකාමානි අයොගක‍්ඛෙමකාමානි භික‍්ඛූනං භික‍්ඛුනීනං උපාසකානං උපාසිකානං. තථාරූපානි කුලානි සෙවති භජති පයිරුපාසති, අයං වුච‍්චති අගොචරො.
‘ගෝචර’ යනු: ගෝචරයෙක් ඇත, අගෝචරයෙක් ඇති. එහි අගෝචර කවරෙ යත්: මෙ සස්නෙහි කිසිවෙක් වේශ්‍යාවන් ගෝචර කොට ඇත්තේ හෝ, වැන්දඹුවන් ගෝචර කොට ඇත්තේ හෝ, මැහැලි කුමාරිකාවන් ගෝචර කොට ඇත්තේ හෝ, පණ්ඩකයන් ගෝචර කොට ඇත්තේ හෝ, භික්‍ෂුණීන් ගෝචර කොට ඇත්තේ හෝ, අවන්හල් ගෝචර කොට ඇත්තේ හෝ වේ ද, රජුන් හා රජමහඇමැතියන් හා තීර්‍ත්‍ථකයන් හා තීර්‍ත්‍ථකශ්‍රාවකයන් හා අනනුලෝමික වූ සංසර්‍ගයෙන් සංසෘෂ්ට ව වෙසේ ද, යලි යම් ඒ කුලකෙනෙක් (බුද්ධාදීන් කෙරෙහි) හැදැහැලි නැත්තාහු ද, අප්‍රසන්න වූවාහු ද, ඕපානයක් (සතරමංසැල කැණිළිඳක්) වැනි නො වූවාහු ද, මහණ - මෙහෙණ - උවසු - උවැසියනට ආක්‍රෝශපරිභව කරන්නාහු, අවැඩ කැමැත්තාහු, අහිත කැමැත්තාහු, නො සුව කැමැත්තාහු, උපද්‍රව කැමැත්තාහු වෙත් ද, එබඳු කුලයන් සේවනභජනපර්‍ය්‍යුපාසන කෙරේ ද, මේ ‘අගෝචර’ යි කියනු ලැබේ.
තත්‍ථ කතමො ගොචරො: ඉධෙකච‍්චො න වෙසියගොචරො හොති. න විධවාගොචරො න ථුල‍්ලකුමාරීගොචරො න පණ‍්ඩකගොචරො න භික‍්ඛුනීගොචරො න පානාගාරගොචරො, අසංසට‍්ඨො විහරති රාජූ හි රාජමහාමත‍්තෙහි තිත්‍ථියෙහි තිත්‍ථියසාවකෙහි අනනුලොමිකෙන සංසග‍්ගෙන. යානි වා පන තානි කුලානි සද‍්ධානි පසන‍්නානි ඔපානභූතානි කාසාවපජ‍්ජොතානි ඉසිවාතපටිවාතානි අත්‍ථකාමානි හිතකාමානි ඵාසුකකාමානි යොගක‍්ඛෙමකාමානි භික‍්ඛූනං භික‍්ඛුනීනං උපාසකානං උපාසිකානං. තථා රූපානි කුලානි සෙවති භජති පයිරුපාසති, අයං වුච‍්චති ගොචරො. ඉති ඉමිනා ච ආචාරෙන ඉමිනා ච ගොචරෙන උපෙතො හොති -පෙ- සමන‍්නාගතො. තෙන වුච‍්චති ආචාරගොචර සම‍්පන‍්නොති.
එහි ‘ගෝචර’ කවරෙ යත්: මෙහි එකෙක් වේශ්‍යාවන් ගෝචර (යායුතුතැන්) කොට නැත්තේ වේ ද, වැන්දඹුවන් ගෝචර කොට නැත්තේ, මැහැලි කුමාරිකාවන් ගෝචර කොට නැත්තේ, පණ්ඩකයන් ගෝචර කොට නැත්තේ, භික්‍ෂුණීන් ගෝචර කොට නැත්තේ, සුරාගාරයන් ගෝචර කොට නැත්තේ වේ ද, රජුන් හා රජමහඇමැතියන් හා තීර්‍ත්‍ථකයන් හා තීර්‍ත්‍ථකශ්‍රාවකයන් හා අනනුලෝමික වූ සංසර්‍ගයෙන් අසංසෘෂ්ට ව වෙසේ ද, යලි යම් ඒ කුල කෙනෙක් (බුද්ධාදීන් කෙරෙහි) හැදැහැලි ඇත්තාහු, ප්‍රසන්න වූවාහු, ඕපානයක් වැනි වූවාහු, (මහණමෙහෙණන් හන් පෙරැවි) කහවත්හි ප්‍රභායෙන් එකාලොක වෙත් ද, (ගෙට වදන නික්මෙන මහණ මෙහෙණ සඞ්ඛ්‍යාත) ඍෂීන්ගේ චීවරවාතයෙන් පරිවාත වෙද්ද, භික්‍ෂුණී උපාසක උපාසිකාවනට වැඩ කැමැත්තාහු, හිත කැමැත්තාහු, සුව කැමැත්තාහු, නිර්‍භය කැමැත්තාහු වෙත් ද, එබඳු කුලයන් සේවනභජනපර්‍ය්‍යුපාසන කෙරේ ද, මේ ‘ගෝචර’ යි කියනු ලැබේ. මෙසේ මේ ආචාරයෙන් ද, මේ ගෝචරයෙන් ද උපේත වූයේ ... සමන්‍වාගත වේ. එහෙයින් කියනු ලැබෙයි. ‘ආචාරගෝචරසම්පන්නෝ’ යි.
577. ‘අණුමත‍්තෙසු වජ්ජෙසු භයදස‍්සාවී’ති තත්‍ථ කතමෙ අණුමත‍්තා වජ‍්ජා: යානි තානි වජ‍්ජානි අප‍්පමත‍්තකානි ඔරමත‍්තකානි ලහුසානි ලහුසම‍්මතානි සංයමකරණීයානි සංවරකරණීයානි චිත‍්තුප‍්පාදකරණීයානි මනසිකාරපටිබද‍්ධානි, ඉමෙ වුච‍්චන‍්ති අණුමත‍්තා වජ‍්ජා. ඉති ඉමෙසු අණුමත‍්තෙසු වජ‍්ජෙසු වජ‍්ජදස‍්සාවී ච හොති භයදස‍්සාවී ච ආදීනවදස‍්සාවී ච නිස‍්සරණදස‍්සාවී ච. තෙන වුච‍්චති අණුමත‍්තෙසු වජ‍්ජෙසු භයදස‍්සාවීති.
577. ‘අණුමත්තෙසු වජ්ජෙසු භයදස්සාවී’ යනු: එහි අනුමාත්‍රවද්‍යයෝ කවරහ යත්: යම් ඒ වද්‍ය කෙනෙක් අල්පමාත්‍ර වූවාහු ද, ස්වල්පමාත්‍ර වූවාහු ද, ලඝු වූවාහු ද, ලඝු යයි සම්මත වූවාහු ද, සංයම කළ යුතු වූවාහු ද, සංවර කළ යුතු වූවාහු ද, චිත්තෝත්පාදමාත්‍රයෙන් පිළියම් කළයුතු වූවාහු ද, ආවර්ජිතමාත්‍රයෙන් පිළියම් කළයුතු වූවාහු ද, මොහු අණුමාත්‍ර වද්‍යයෝ යි කියනු ලැබෙත්. මෙසේ මේ අනුමාත්‍රවද්‍යයන්හි වරද වශයෙන් දක්නාසුලු වූයේත්, භය වශයෙන් දක්නාසුලු වූයේත්, ආදීනව වශයෙන් දක්නාසුලු වූයේත්, නිස්සරණය දක්නාසුලු වූයේත් වේ. එහෙයින් කියනු ලැබෙයි ‘අණුමත්තෙසු වජ්ජෙසු භය දස්සාවී’ යි.
578. ‘සමාදාය සික‍්ඛති සික‍්ඛාපදෙසූ’ති තත්‍ථ කතමා සික‍්ඛා: චතස‍්සො සික‍්ඛා: භික‍්ඛූනං භික‍්ඛූසික‍්ඛා, භික‍්ඛුනීනං භික‍්ඛුනීසික‍්ඛා, උපාසකානං උපාසකසික‍්ඛා, උපාසිකානං උපාසිකාසික‍්ඛා. ඉමා වුච‍්චන‍්ති සික‍්ඛායො. ඉති ඉමාසු සික‍්ඛාසු සබ‍්බෙන සබ‍්බං සබ‍්බථා සබ‍්බං අසෙසං නිස‍්සෙසං සමාදාය වත‍්තති. තෙන වුච‍්චති සමාදාය සික‍්ඛති සික‍්ඛාපදෙසූති.
578. ‘සමාදාය සික්ඛති සික්ඛාපදෙසු’ යනු: එහි ශික්‍ෂා කවර යත්: ශික්‍ෂා සතරෙකි: භික්‍ෂූන්ට භික්‍ෂුශික්‍ෂා ය, භික්‍ෂූණීන්ට භික්‍ෂුණීශික්‍ෂා ය, උපාසකයන්ට උපාසකශික්‍ෂා ය, උපාසිකාවන්ට උපාසිකාශික්‍ෂා යි. මොහු ‘ශික්‍ෂා’ යි කියනු ලැබෙත්. මෙසේ මේ ශික්‍ෂාවන්හි සියල්ලෙන් සියල්ල සර්‍වප්‍රකාරයෙන් සියල්ල අශේෂ කොට නිරවශේෂ කොට සමාදන් ව පවතියි. එහෙයින් කියනු ලැබෙයි ‘සමාදාය සික්ඛති සික්ඛාපදෙසු’ යි.
579. ‘ඉන්‍ද්‍රියෙසු ගුත‍්තද‍්වාරො’ති අත්‍ථි ඉන්‍ද්‍රියෙසු ගුත‍්තද‍්වාරතා, අත්‍ථි අගුත‍්තද‍්වාරතා. තත්‍ථ කතමා ඉන්‍ද්‍රියෙසු අගුත‍්තද‍්වාරතා: ඉධෙකච‍්චො චක‍්ඛුනා රූපං දිස‍්වා නිමිත‍්තග‍්ගාහී හොති අනුබ්‍යඤ‍්ජනග‍්ගාහී. යත්‍වාධිකරණමෙනං චක‍්ඛුන්‍ද්‍රියං අසංවුතං විහරන‍්තං අභිජ‍්ඣාදොමනස‍්සා පාපකා අකුසලා ධම‍්මා අන්‍වාස‍්සවෙය්‍යුං, තස‍්ස සංවරාය න පටිපජ‍්ජති න රක‍්ඛති චක‍්ඛුන්‍ද්‍රියං, චක‍්ඛුන්‍ද්‍රියෙ න සංවරං ආපජ‍්ජති. සොතෙන සද‍්දං සුත්‍වා -පෙ- ඝානෙන ගන්‍ධං ඝායිත්‍වා -පෙ- ජිව‍්හාය රසං සායිත්‍වා -පෙ- කායෙන ඵොට‍්ඨබ‍්බං ඵුසිත්‍වා -පෙ- මනසා ධම‍්මා විඤ‍්ඤාය නිමිත‍්තග‍්ගාහී හොති අනුබ්‍යඤ‍්ජනග‍්ගාහී. යත්‍වාධිකරණමෙනං මනින්‍ද්‍රියං අසංවුතං විහරන‍්තං අභිජ‍්ඣාදොමනස‍්සා පාපකා අකුසලා ධම‍්මා අන්‍වාස‍්සවෙය්‍යුං. තස‍්ස සංවරාය න පටිපජ‍්ජති, න රක‍්ඛති මනින්‍ද්‍රියං මනින්‍ද්‍රියෙ න සංවරං ආපජ‍්ජති. යා ඉමෙසං ඡන‍්නං ඉන්‍ද්‍රියානං අගුත‍්ති අගොපනා අනාරක‍්ඛා අසංවරො, අයං වුච‍්චති ඉන්‍ද්‍රියෙසු අගුත‍්තද‍්වාරතා. තත්‍ථ කතමා ඉන්‍ද්‍රියෙසු ගුත‍්තද‍්වාරතා: ඉධෙකච‍්චො චක‍්ඛුනා රූපං දිස‍්වා න නිමිත‍්තග‍්ගාහී හොති නානුබ්‍යඤ‍්ජනග‍්ගාහී. යත්‍වාධිකරණමෙනං චක‍්ඛුන්‍ද්‍රියං අසංවුතං විහරන‍්තං අභිජ‍්ඣාදොමනස‍්සා පාපකා අකුසලා ධම‍්මා අන්‍වාස‍්සවෙය්‍යුං. තස‍්ස සංවරාය පටිපජ‍්ජති. රක‍්ඛති චක‍්ඛුන්‍ද්‍රියං චක‍්ඛුන්‍ද්‍රියෙ සංවරං ආපජ‍්ජති. සොතෙන සද‍්දං සුත්‍වා -පෙ- ඝානෙන ගන්‍ධං ඝායිත්‍වා -පෙ- ජිව‍්හාය රසං සායිත්‍වා කායෙන ඵොට‍්ඨබ‍්බං ඵුසිත්‍වා මනසා ධම‍්මං විඤ‍්ඤාය න නිමිත‍්තග‍්ගාහී හොති. නානුබ්‍යඤ‍්ජනග‍්ගාහී. යත්‍වාධිකරණමෙනං මනින්‍ද්‍රියං සංවුතං විහරන‍්තං අභිජ‍්ඣාදොමනස‍්සා පාපකා අකුසලා ධම‍්මා අන්‍වාස‍්සවෙය්‍යුං. තස‍්ස සංවරාය පටිපජ‍්ජති. රක‍්ඛති මනින්‍ද්‍රියං. මනින්‍ද්‍රියෙ සංවරං ආපජ‍්ජති. යා ඉමෙසං ඡන‍්නං ඉන්‍ද්‍රියානං ගුත‍්ති ගොපනා ආරක‍්ඛා සංවරො, අයං වුච‍්චති ඉන්‍ද්‍රියෙසු ගුත‍්තද‍්වාරතා. ඉමාය ඉන්‍ද්‍රියෙසු ගුත‍්තද‍්වාරතාය උපෙතො හොති සමුපෙතො -පෙ- සමන‍්නාගතො. තෙන වුච‍්චති ඉන්‍ද්‍රියෙසු ගුත‍්තද‍්වාරොති.
579. ‘ඉන්‍ද්‍රියෙසු ගුත්තද්වාරො’ යනු: ඉන්‍ද්‍රියයන්හි ගුත්තද්වාරතායෙක් ඇත. අගුත්තද්වාරතායෙක් ඇති. එහි ඉන්‍ද්‍රියයන්හි අගුත්තද්වාරතා කවර යත්: මෙ සස්නෙහි කිසිවෙක් චක්‍ෂුර්විඥානයෙන් රූපයක් දැක (ක්ලේශවස්තු වූ) නිමිති ගන්නේ වෙයි, (හස්තපාදාදි) ආකාර විසින් ගන්නේ වෙයි, යම් කරුණෙකින් චක්‍ෂුරින්‍ද්‍රියය අසංවෘත ව වසන මොහු අභිධ්‍යාදෞර්‍මනස්‍ය සඞ්ඛ්‍යාත ලාමක අකුශලධර්‍මයෝ අනුබඳනාහු නම් ඒ චක්‍ෂුරින්‍ද්‍රියයාගේ සංවරය පිණිස නො පිළිපදියි, චක්‍ෂුරින්‍ද්‍රිය නො රකී. චක්‍ෂුරින්‍ද්‍රියයෙහි සංවරයට නො පැමිණෙයි. ශ්‍රෝත්‍රයෙන් ශබ්දයක් අසා ... ඝ්‍රාණයෙන් ගන්‍ධයක් ආඝ්‍රාණය කොට ... ජිහ්වායෙන් රසයක් විඳ ... කයින් පහසක් පැහැස ... මනසින් දහමක් දැන නිමිති ගන්නේ වෙයි, ආකාර විසින් ගන්නේ වෙයි, යම් කරුණෙකින් මනින්‍ද්‍රියය අසංවෘත ව වසන මොහු අභිධ්‍යාදෞර්‍මනස්‍ය සඞ්ඛ්‍යාත ලාමක අකුශලධර්‍මයෝ අනුබඳනාහු නම් ඒ මනින්‍ද්‍රියයාගේ සංවරය පිණිස නො පිළිපදියි, මනින්‍ද්‍රියය නො රකියි, මනින්‍ද්‍රියයෙහි සංවරයට නො පැමිණෙයි. මේ ෂඩ්ඉන්‍ද්‍රියයන්ගේ යම් අගුප්තියෙක්, අගෝපනයෙක්, අනාරක්‍ෂායෙක්, අසංවරයෙක් වේ ද, මේ ‘ඉන්‍ද්‍රියයන්හි අගුත්තද්වාරතා’ යි කියනු ලැබේ. එහි ඉන්‍ද්‍රියයන්හි ගුත්තද්වාරතා කවර යත්: මෙ සස්නෙහි කිසිවෙක් ඇසින් රූපයක් දැක (ක්ලේශවස්තු වූ) නිමිති නො ගන්නේ වෙයි, ආකාර විසින් නො ගන්නේ වෙයි. යම් කරුණෙකින් චක්‍ෂුරින්‍ද්‍රියය අසංවෘත ව වාසය කරන මොහු අභිධ්‍යාදෞර්‍මනස්‍ය සඞ්ඛ්‍යාත ලාමක අකුශලධර්‍මයෝ අනුබඳනාහු නම් ඒ චක්‍ෂුරින්‍ද්‍රියයාගේ සංවරය පිණිස පිළිපදියි, චක්‍ෂුරින්‍ද්‍රියය රකී, චක්‍ෂුරින්‍ද්‍රියයෙහි සංවරයට පැමිණෙයි. ශ්‍රෝත්‍රයෙන් ශබ්දයක් අසා ... ඝ්‍රාණයෙන් ගන්‍ධයක් ආඝ්‍රාණය කොට ... දිවින් රසයක් විඳ ... කයින් පහසක් පැහැස ... මනසින් ධර්‍මයක් දැන නිමිති නො ගන්නේ වෙයි, ආකාර විසින් නො ගන්නේ වෙයි. යම් කරුණෙකින් මනින්‍ද්‍රියය අසංවෘත ව වසන මොහු අභිධ්‍යාදෞර්‍මනස්‍ය සඞ්ඛ්‍යාත ලාමක අකුශලධර්‍මයෝ අනුබඳනාහු නම් ඒ මනින්‍ද්‍රියයාගේ සංවරය පිණිස පිළිපදියි, මනින්‍ද්‍රියය රකියි, මනින්‍ද්‍රියයෙහි සංවරයට පැමිණෙයි. මේ ෂඩ්ඉන්‍ද්‍රියයන්ගේ යම් ගුප්තියෙක් ගෝපනයෙක් ආරක්‍ෂායෙක් සංවරයෙක් වේ ද මේ ‘ඉන්‍ද්‍රියයන්හි ගුප්තද්වාරතා’ යි කියනු ලැබේ. මේ ඉන්‍ද්‍රියයන්හි ගුප්තද්වාරතායෙන් උපේත වූයේ සමුපේත වූයේ සමන්‍වාගත වූයේ වේ. එහෙයින් කියනු ලැබෙයි ‘ඉන්‍ද්‍රියෙසු ගුත්තද්වාරො’ යි.
580. ‘භොජනෙ මත‍්තඤ‍්ඤූ’ති අත්‍ථි භොජනෙ මත‍්තඤ‍්ඤුතා, අත්‍ථි අමත‍්තඤ‍්ඤුතා. තත්‍ථ කතමා භොජනෙ අමත‍්තඤ‍්ඤුතා: ඉධෙකච‍්චො අප‍්පටිසඞ‍්ඛා අයොනිසො ආහාරං ආහාරෙති දවාය මදාය මණ‍්ඩනාය විභූසනාය යා තත්‍ථ අසන‍්තුට‍්ඨිතා අමත‍්තඤ‍්ඤුතා අප‍්පටිසංඞ‍්ඛා භොජනෙ, අයං වුච‍්චති භොජනෙ අමත‍්තඤ‍්ඤුතා. තත්‍ථ කතමා භොජනෙ මත‍්තඤ‍්ඤුතා: ඉධෙකච‍්චො පටිසඞ‍්ඛා යොනිසො ආහාරං ආහාරෙති නෙව දවාය න මදාය න මණ‍්ඩනාය න විභූසනාය යාවදෙව ඉමස‍්ස කායස‍්ස ඨිතියා යාපනාය විහිංසූපරතියා බ්‍රහ‍්මචරියානුග‍්ගහාය ඉති පුරාණඤ‍්ච වෙදනං පටිහඞ‍්ඛාමි, නවඤ‍්ච වෙදනං න උප‍්පාදෙස‍්සාමි, යාත්‍රා ච මෙ භවිස‍්සති අනවජ‍්ජතා ච ඵාසුවිහාරො චාති. යා තත්‍ථ සන‍්තුට‍්ඨිතා මත‍්තඤ‍්ඤුතා පටිසඞ‍්ඛා භොජනෙ, අයං වුච‍්චති භොජනෙ මත‍්තඤ‍්ඤුතා. ඉමාය භොජනෙ මත‍්තඤ‍්ඤුතාය උපෙතො හොති -පෙ- සමන‍්නාගතො. තෙන වුච‍්චති භොජනෙ මත‍්තඤ‍්ඤූති.
580. ‘භෝජනෙ මත්තඤ්ඤූ’ යනු: භෝජනයෙහි මාත්‍රඥතායෙක් ඇත, භෝජනයෙහි අමාත්‍රඥතායෙක් ඇති. එහි භෝජනයෙහි අමාත්‍රඥතා කවර යත්: මෙ සස්නෙහි කිසිවෙක් ප්‍රත්‍යවේක්‍ෂා නො කොට නුනුවණින් කෙලි පිණිස, මද පිණිස, අලඞ්කාර පිණිස, සැරහුම් පිණිස ආහාර ගනී. ඒ භෝජනයෙහි යම් අසන්තුෂ්ට බවෙක්, අමාත්‍රඥ බවෙක්, ප්‍රත්‍යවේක්‍ෂා රහිත බවෙක් වේ ද, මේ ‘භෝජනයෙහි අමාත්‍රඥතා’ යි කියනු ලැබේ. එහි භෝජනයෙහි මාත්‍රඥතා කවර යත්: මෙ සස්නෙහි කිසිවෙක් ප්‍රත්‍යවේක්‍ෂා කොට නුවණින් අහර වළඳයි: කෙළි පිණිස නො ම වළඳයි, මද පිණිස, අලඞ්කාර පිණිස, සැරසුම් පිණිස නො ම වළඳයි. යම්තාක් මේ කය පැවැත්ම පිණිස, යැපීම පිණිස, බඩගිනි වේදනා නැසීම පිණිස, බඹසරට අනුග්‍රහ පිණිස වළඳයි. මෙසේ පැරණි බඩගිනි වේදනා නසමි, අළුත් වේදනාත් නූපදවමි, මාගේ යැපීම ද වන්නේ ය, අනවද්‍යභාවය ද, සැපවිහරණය ද වන්නේ යි. ඒ භෝජනයෙහි යම් සන්තුෂ්ට බවෙක් මාත්‍රඥ බවෙක් ප්‍රත්‍යවේක්‍ෂායෙක් වේ ද, මේ ‘භෝජනයෙහි මාත්‍රඥතා’ යි කියනු ලැබේ. මේ භෝජනයෙහි මාත්‍රඥතායෙන් යුක්ත වූයේ ... සමන්‍වාගත වූයේ වේ.
581. කථඤ‍්ච භික‍්ඛු පුබ‍්බරත‍්තාපරරත‍්තං ජාගරියානුයොගමනුයුත‍්තො හොති: ඉධ භික‍්ඛු දිවසං චඞ‍්කමෙන නිසජ‍්ජාය ආවරණීයෙහි ධම‍්මෙහි චිත‍්තං පරිසොධෙති. රත‍්තියා පඨමං යාමං චඞ‍්කමෙන නිසජ‍්ජාය ආවරණීයෙහි ධම‍්මෙහි චිත‍්තං පරිසොධෙති. රත‍්තියා මජ‍්ඣිමං යාමං දක‍්ඛිණෙන පස‍්සෙන සීහසෙය්‍යං කප‍්පෙති පාදෙ පාදං අච‍්චාධාය සතො සම‍්පජානො වුට‍්ඨානසඤ‍්ඤං මනසි කරිත්‍වා. රත‍්තියා පච‍්ඡිමං යාමං පච‍්චුට‍්ඨාය චඞ‍්කමෙන නිසජ‍්ජාය ආවරණීයෙහි ධම‍්මෙහි චිත‍්තං පරිසොධෙති. එවං භික‍්ඛු පුබ‍්බරත‍්තාපරරත‍්තං ජාගරියානුයොගමනුයුත‍්තො.
581. කිසෙයින් මහණ පූර්‍වරාත්‍රාපරරාත්‍රයෙහි ජාගර්‍ය්‍යානුයෝගයෙහි යෙදුණේ වේ ද යත්: මෙ සස්නෙහි මහණ දහවල්හි සක්මනින් ද, හිඳීමෙන් ද නීවරණ ධර්‍මයන්ගෙන් සිත පිරිසිදු කෙරෙයි. රාත්‍රියෙහි පෙරයම සක්මනින් ද, හිඳීමෙන් ද ආවරණීයධර්‍මයන්ගෙන් සිත පිරිසිදු කෙරෙයි. රෑ මැදියම දකුණුපයෙහි වම්පය මඳක් ඇද තබා, සිහිනුවණ ඇතියේ, උත්‍ථානසංඥාව මෙනෙහි කොට දකුණැලයෙන් සිංහශය්‍යාව කෙරෙයි. රෑ අලුයම නැගීසිට චඞ්ක්‍රමණයෙන්, නිෂද්‍යායෙන්, ආවරණීයධර්‍මයන්ගෙන් සිත පිරිසිදු කෙරෙයි. මෙසේ මහණ ‘පූර්‍වරාත්‍රාපරරාත්‍රයෙහි ජාගර්‍ය්‍යානුයෝගයෙහි යෙදුණේ’ වේ.
582. ‘සාතච‍්ච’න‍්ති යො චෙතසිකො විරියාරම‍්භො -පෙ- සම‍්මාවායාමො.
582. ‘සාතච්චං’ යනු: යම් චෛතසික වූ වීර්‍ය්‍යාරම්භයෙක් ... සම්‍යග්ව්‍යායාමයෙක් වේ ද එය යි.
583. ‘නෙපක‍්ක’න‍්ති යා පඤ‍්ඤා පජානනා -පෙ- අමොහො ධම‍්ම විචයො සම‍්මාදිට‍්ඨි.
583. ‘නෙපක්කං’ යනු: යම් ප්‍රඥාවක් පජානනාකාරයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියක් වේ ද එය යි.
584. බොධිපක‍්ඛියානං ධම‍්මානං භාවනානුයොගමනුයුත‍්තො’ති: තත්‍ථ කතමෙ බොධිපක‍්ඛියා ධම‍්මා: සත‍්තබොජ‍්ඣඞ‍්ගා: සතිසම‍්බොජ‍්ඣඞ‍්ගො, ධම‍්මවිචයසම‍්බොජ‍්ඣඞ‍්ගො විරියසම‍්බොජ‍්ඣඞ‍්ගො පීතිසම‍්බොජ‍්ඣඞ‍්ගො පස‍්සද‍්ධිසම‍්බොජ‍්ඣඞ‍්ගො සමාධිසම‍්බොජ‍්ඣඞ‍්ගො උපෙක‍්ඛාසම‍්බොජ‍්ඣඞ‍්ගො, ඉමෙ වුච‍්චන‍්ති බොධිපක‍්ඛියා ධම‍්මා. ඉති ඉමෙ බොධිපක‍්ඛියෙ ධම‍්මෙ ආසෙවති භාවෙති බහුලීකරොති. තෙන වුච‍්චති බොධිපක‍්ඛියානං ධම‍්මානං භාවනානුයොගමනුයුත‍්තො’ති.
584. ‘බෝධිපක්ඛියානං ධම්මානං භාවනානුයෝගමනුයුත්තො’ යනු: එහි බෝධිපාක්‍ෂිකධර්‍මයෝ කවරහ යත්: සප්තබෝධ්‍යඞ්ගයෝ ය: ස්මෘතිසම්බොධ්‍යඞ්ග ය, ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ග ය, වීර්‍ය්‍යසම්බෝධ්‍යඞ්ග ය, ප්‍රීතිසම්බෝධ්‍යඞ්ග ය, ප්‍රශ්‍රබ්ධිසම්බෝධ්‍යඞ්ග ය, සමාධිසම්බොධ්‍යඞ්ග ය, උපේක්‍ෂාසම්බෝධ්‍යඞ්ග යි. මොහු ‘බෝධිපාක්‍ෂිකධර්‍මයෝ’ යි කියනු ලැබෙත්. මෙසේ මේ බෝධිපාක්‍ෂිකධර්‍මයන් ආසෙවනය කෙරෙයි, භාවනා කෙරෙයි, බහුල කෙරෙයි. එහෙයින් කියනු ලැබෙයි: ‘බෝධිපක්ඛියානං ධම්මානං භාවනානුයෝගමනුයුත්තො’ යි.
585. කථඤ‍්ච භික‍්ඛු අභික‍්කන‍්තෙ පටික‍්කන‍්තෙ සම‍්පජානකාරී හොති, ආලොකිතෙ විලොකිතෙ සම‍්පජානකාරී හොති, සම‍්මිඤ‍්ජිතෙ පසාරිතෙ සම‍්පජානකාරී හොති, සංඝාටිපත‍්තචීවරධාරණෙ සම‍්පජානකාරී හොති, අසිතෙ පීතෙ ඛායිතෙ සායිතෙ සම‍්පජානකාරී හොති, උච‍්චාරපස‍්සාවකම‍්මෙ සම‍්පජානකාරී හොති, ගතෙ ඨිතෙ නිසින‍්නෙ සුත‍්තෙ ජාගරිතෙ භාසිතෙ තුණ‍්හීභාවෙ සම‍්පජානකාරී හොති: ඉධ භික‍්ඛුසතො සම‍්පජානො අභික‍්කමති, සතො සම‍්පජානො පටික‍්කමති, සතො සම‍්පජානො ආලොකෙති, සතො සම‍්පජානො විලොකෙති, සතො සම‍්පජානො සම‍්මිඤ‍්ජෙති සතො සම‍්පජානො පසාරෙති, සතො සම‍්පජානකාරී හොති සංඝාටිපත‍්තචීවරධාරණෙ, සතො සම‍්පජානකාරී හොති අසිතෙ පීතෙ ඛායිතෙ සායිතෙ, සතො සම‍්පජානකාරී හොති උච‍්චාරපස‍්සාවකම‍්මෙ, සතො සම‍්පජානකාරී හොති ගතෙ ඨිතෙ නිසින‍්නෙ සුත‍්තෙ ජාගරිතෙ භාසිතෙ තුණ‍්හීභාවෙ.
585. කිසෙයින් මහණ ඉදිරියට යෑමෙහි, නැවැත්මෙහි සම්පජානකාරී වේ ද, ඉදිරිය බැලීමෙහි, හාත්පස බැලීමෙහි සම්පජානකාරී වේ ද, අත්පා හැකිළීමෙහි, දිගු කිරීමෙහි සම්පජානකාරී වේ ද, සඟල - පා - සිවුරු දැරීමෙහි සම්පජානකාරී වේ ද, භෝජනයෙහි, පානයෙහි, කෑමෙහි, රසවිඳීමෙහි සම්පජානකාරී වේ ද, මල - මූ කිරීමෙහි සම්පජානකාරී වේ ද, ගමනෙහි, සිටීමෙහි, හිඳීමෙහි, නිදීමෙහි, නිදිවැරීමෙහි, බිණීමෙහි, නො බිණීමෙහි සම්පජානකාරී වේ ද යත්: මෙ සස්නෙහි මහණ සිහි ඇති ව, නුවණ ඇති ව ඉදිරියට යෙයි, සිහි ඇති ව, නුවණ ඇති ව පෙරළා එයි, සිහිනුවණ ඇති ව ඉදිරිය බලයි, සිහිනුවණ ඇති ව හාත්පස බලයි, සිහිනුවණ ඇති ව අත්පා හකුළ යි, සිහිනුවණ ඇති ව අත්පා දිගු කෙරෙ යි, සඟල - පා - සිවුරු දැරීමෙහි සිහි ඇති ව නුවණින් කරනසුලු වෙයි. වැළඳීමෙහි, පීමෙහි, කෑමෙහි, රසවිඳීමෙහි සිහි ඇතිව නුවණින් කරනසුලු වෙයි. මල - මූ කිරීමෙහි සිහි ඇතිව නුවණින් කරනසුලු වෙයි. ගමනෙහි, සිටීමෙහි, හිඳීමෙහි, නිදීමෙහි, නිදිවැරීමෙහි, බිණීමෙහි, නො බිණීමෙහි සිහි ඇතිව නුවණින් කරනසුලු වේ.
‘සතො’ති තත්‍ථ කතමා සති: යා සති අනුස‍්සති -පෙ- සම‍්මාසති, අයං වුච‍්චති සති.
‘සතෝ’ යනු: එහි සති කවර යත්: යම් ස්මෘතියක් අනුස්මෘතියක් ... සම්‍යක්ස්මෘතියක් වේ ද, මේ ‘සති’ යි කියනු ලැබේ.
‘සම‍්පජානො’ති තත්‍ථ කතමං සම‍්පජඤ‍්ඤං: යා පඤ‍්ඤා පජානනා -පෙ- අමොහො ධම‍්මවිචයො සම‍්මාදිට‍්ඨි, ඉදං වුච‍්චති සම‍්පජඤ‍්ඤං. ඉති ඉමාය ච සතියා ඉමිනා ච සම‍්පජඤ‍්ඤෙන උපෙතො හොති -පෙ- සමන‍්නාගතො. එවං භික‍්ඛු සතො සම‍්පජානො අභික‍්කමති සතො සම‍්පජානො පටික‍්කමති, සතො සම‍්පජානො ආලොකෙති. සතො සම‍්පජානො විලොකෙති, සතො සම‍්පජානො සම‍්මිඤ‍්ජෙති සතො සම‍්පජානො පසාරෙති, සතො සම‍්පජානකාරී හොති සංඝාටිපත‍්තචීවරධාරණෙ, සතො සම‍්පජානකාරී හොති අසිතෙ පීතෙ ඛායිතෙ සායිතෙ, සතො සම‍්පජානකාරී හොති උච‍්චාරපස‍්සාව කම‍්මෙ, සතො සම‍්පජානකාරී හොති ගතෙ ඨිතෙ නිසින‍්නෙ සුත‍්තෙ ජාගරිතෙ භාසිතෙ තුණ‍්හීභාවෙ.
‘සම්පජානෝ’ යනු: එහි ‘සම්පජඤ්ඤ’ කවරෙ යත්: යම් ප්‍රඥාවක්, පජානනාකාරයෙක් ... අමෝහයෙක්, ධර්‍මවිචයෙක්, සම්‍යග්දෘෂ්ටියක් වේ ද, මේ ‘සම්පජඤ්ඤ’ යි කියනු ලැබේ. මෙසේ මේ සතියෙන් ද, සම්පජඤ්ඤයෙන් ද උපේත වූයේ ... සමන්‍වාගත වූයේ වේ. මෙ සෙයින් මහණ සිහි නුවණ ඇතියේ ඉදිරියට යෙයි, සිහි නුවණ ඇතියේ පෙරළා එයි. සිහි නුවණ ඇතියේ ඉදිරිය බලයි. සිහි නුවණ ඇතියේ හාත්පස බලයි, සිහි නුවණ ඇතියේ අත්පා හකුළයි, සිහි නුවණ ඇතියේ අත්පා දිගු කෙරෙයි, සඟල - පා - සිවුරු දැරීමෙහි සිහි ඇති ව නුවණින් කරනසුලු වෙයි, වැළඳීමෙහි පීමෙහි කෑමෙහි රසවිඳීමෙහි සිහි ඇතිව නුවණින් කරනසුලු වෙයි, මල - මූ කිරීමෙහි සිහි ඇතිව නුවණින් කරනසුලු වෙයි. ගමනෙහි, සිටීමෙහි, හිඳීමෙහි, නිදීමෙහි, නිදිවැරීමෙහි, බිණීමෙහි, නො බිණීමෙහි සිහි ඇති ව නුවණින් කරනසුලු වේ.
586. ‘විවිත‍්ත’න‍්ති සන‍්තිකෙ චෙ’පි සෙනාසනං හොති. තං ච අනාකිණ‍්ණං ගහට‍්ඨෙහි පබ‍්බජිතෙහි, තෙන තං විවිත‍්තං. දූරෙ චෙ’පි සෙනාසනං හොති, තං ච අනාකිණ‍්ණං ගහට‍්ඨෙහි පබ‍්බජිතෙහි, තෙන තං විවිත‍්තං.
586. ‘විවිත්තං’ යනු: සමීපයෙහි සෙනසුනක් වේ නමුදු එ ද ගිහියන්ගෙන් පැවිද්දන්ගෙන් අනාකීර්‍ණ වේ නම් එ කරුණින් එය විවික්ත ය. දුරෙහි වූ සෙනසුනක් වේ නමුදු එ ද ගිහියන්ගෙන් පැවිද්දන්ගෙන් අනාකීර්‍ණ වේ නම් එ කරුණින් එය විවික්ත යි.
587. ‘සෙනාසන’න‍්ති මඤ‍්චො’පි සෙනාසනං, පීඨම‍්පි සෙනාසනං භිසි’පි සෙනාසනං, භිසි’පි සෙනාසනං, බිම‍්බොහනම‍්පි සෙනාසනං, විහාරො’පි සෙනාසනං අඩ‍්ඪයොගො’පි සෙනාසනං, පාසාදො’පි සෙනාසනං, අට‍්ටො’පි සෙනාසනං, මාලො’පි සෙනාසනං, ලෙනම‍්පි සෙනාසනං, ගුහා’පි සෙනාසනං, රුක‍්ඛමූලම‍්පි සෙනාසනං, වෙළුගුම‍්බො’පි සෙනාසනං, යත්‍ථ වා පන භික‍්ඛූ පටික‍්කමන‍්ති සබ‍්බමෙතං සෙනාසනං.
587. ‘සේනාසනං’ යනු: ඇඳ ද සෙනසුනෙක, පුටුව ද සෙනසුනෙක, බිස්ස ද සෙනසුනෙක, බිම්බෝහනය ද සෙනසුනෙක, විහාරය ද සෙනසුනෙක, ගුරුළුවක් සෙවෙනි ඇති ගෙය ද සෙනසුනෙක, පහය ද සෙනසුනෙක, අටල්ල ද සෙනසුනෙක, මහල ද සෙනසුනෙක, ලෙන ද සෙනසුනෙක, ගුහාව ද සෙනසුනෙක, රුක්මුල ද සෙනසුනෙක, හුණුලැහැබ ද සෙනසුනෙකි. තවද යම් තැනෙක භික්‍ෂූහු රැස්වෙත් නම් එ හැම සෙනසුනි.
588. ‘භජතී’ති ඉමං විවිත‍්තං සෙනාසනං භජති සම‍්භජති සෙවති නිසෙවති සංසෙවති, තෙන වුච‍්චති විවිත‍්තං සෙනාසනං භජතී’ති.
588. ‘භජති’ යනු: මේ විවික්තසේනාසනය භජනය කෙරෙයි, සම්භජනය කෙරෙයි, සේවනය කෙරෙයි, නිසේවනය කෙරෙයි, සංසේවනය කෙරේ. එයින් කියනු ලැබෙයි ‘විවිත්තං සේනාසනං භජති’ යි.
589. ‘අරඤ‍්ඤ’න‍්ති නික‍්ඛමිත්‍වා බහිඉන්‍දඛීලා සබ‍්බමෙතං අරඤ‍්ඤං.
589. ‘අරඤ්ඤං’ යනු: ඉන්‍ද්‍රඛීලයෙන් පිටත නික්ම තෙල සියල්ල අරණ්‍ය යි.
590. රුක‍්ඛමූල’න‍්ති රුක‍්ඛමූලඤ‍්ඤෙ’ව රුක‍්ඛමූලං. පබ‍්බතොයෙව පබ‍්බතො. කන්‍දරායෙව කන්‍දරා. ගිරිගුහායෙව ගිරිගුහා. සුසානංයෙව සුසානං. අබ‍්භොකාසොයෙව අබ‍්භොකාසො. පලාලපුඤ‍්ජො එව පලාලපුඤ‍්ජො.
590. ‘රුක්ඛමූලං’ යනු: වෘක්‍ෂමූලය ම ‘රුක්ඛමුල’ යි. පබ්බතය ම පර්‍වත යි. කන්‍දරා ම කඳුරැලි යි. ගිරිගුහා ම ගිරිගුහා යි. සුසානය ම සොහොන යි. අබ්භෝකාසය ම අභ්‍යවකාශ යි. පලාලපුඤ්ජය ම පලාලපුඤ්ජ යි.
591. ‘වනපත්‍ථ’න‍්ති දූරානමෙතං සෙනාසනානං අධිවචනං, ‘වනපත්‍ථ’න‍්ති වනසණ‍්ඩානමෙතං සෙනාසනානං අධිවචනං, ‘වනපත්‍ථ’න‍්ති භිංසනකානමෙතං සෙනාසනානං අධිවචනං, ‘වනපත්‍ථ’න‍්ති සලොමහංසානමෙතං සෙනාසනානං අධිවචනං, ‘වනපත්‍ථ’න‍්ති පරියන‍්තානමෙතං සෙනාසනානං අධිවචනං, ‘වනපත්‍ථ’න‍්ති න මනුස‍්සුපචාරානමෙතං සෙනාසනානං අධිවචනං, ‘වනපත්‍ථ’න‍්ති දුරභිසම‍්භවානමෙතං සෙනාසනානං අධිවචනං.
591. ‘වනපත්‍ථං’ යනු: තෙල දුරැ වූ සෙනසුන්වලට නමෙකි. ‘වනපත්‍ථං’ යනු: තෙල වනලැහැබ් සෙනසුන්වලට නමෙකි. ‘වනපත්‍ථං’ යනු: තෙල බිහිසුණු සෙනසුන්වලට නමෙකි. ‘වනපත්‍ථං’ යනු: ලොමුදහගැනුම් සහිත සෙනසුන්වලට නමෙකි. ‘වනපත්‍ථං’ යනු: තෙල වනකෙළවර වූ සෙනසුන්වලට නමෙකි. ‘වනපත්‍ථං’ යනු: තෙල මිනිසුන්ගේ හැසිරීම් නැති සෙනසුන්වලට නමෙකි. ‘වනපත්‍ථං’ යනු: තෙල නො ලත් විවේකසුව ඇතියන් විසින් නො විසිය හැකි සෙනසුනට නමෙකි.
592. ‘අප‍්පසද‍්ද’න‍්ති සන‍්තිකෙ චෙ’පි සෙනාසනං හොති තං ච අනාකිණ‍්ණං ගහට‍්ඨෙහි පබ‍්බජිතෙහි, තෙන තං අප‍්පසද‍්දං. දූරෙ චෙපි සෙනාසනං හොති තඤ‍්ච අනාකිණ‍්ණං ගහට‍්ඨෙහි පබ‍්බජිතෙහි, තෙන තං අප‍්පසද‍්දං.
592. ‘අප්පසද්දං’ යනු: සමීපයෙහි සෙනසුනක් වේ නමුදු එ ද ගිහියන්ගෙන් පැවිද්දන්ගෙන් අනාකීර්‍ණ වේ නම් එ කරුණින් එය අල්පශබ්ද ය, දුරැ සෙනසුනක් වේ නමුදු එ ද ගිහියන්ගෙන් පැවිද්දන්ගෙන් අනාකීරණ වේ නම් එ කරුණින් එය අල්පශබ්ද යි.
593. ‘අප‍්පනිග‍්ඝොස’න‍්ති යදෙව තං අප‍්පසද‍්දං තදෙව ත අප‍්පනිග‍්ඝොසං, යදෙවතං අප‍්පනිග‍්ඝොසං තදෙව තං විජනවාතං, යදෙව තං විජනවාතං තදෙව තං මනුස‍්සරාහසෙය්‍යකං, යදෙව තං මනුස‍්සරාහසෙය්‍යකං තදෙව තං පටිසල‍්ලානසාරුප‍්පං.
593. ‘අප්පනිග්ඝෝසං’ යනු: යමෙක් ම අල්පශබ්ද වේ නම් එ ම අල්පනිර්ඝෝෂ යි, යමෙක් ම අල්පනිර්ඝෝෂ නම් එ ම විජනවාත යි. යමෙක් ම විජනවාත නම් එ ම මනුස්ස රාහසෙය්‍යක යි, යමෙක් ම මනුෂ්‍යරාහසෙය්‍යක නම් එ ම ප්‍රතිසංලීනයට සුදුසුයි.
594. අරඤ‍්ඤගතො වා රුක්ඛමූලගතො වා සුඤ‍්ඤාගාරගතොවා’ති අරඤ‍්ඤගතො වා හොති රුක‍්ඛමූලගතො වා සුඤ්ඤාගාරගතො වා.
594. ‘අරඤ්ඤගතො වා රුක්ඛමූලගතො වා සුඤ්ඤාගාරගතො වා’ යනු: අරණ්‍යයකට ගියේ හෝ, වෘක්‍ෂමූලයකට ගියේ හෝ, ශුන්‍යාගාරකට ගියේ හෝ වේ.
595. නිසීදති පල්ලඞ්කං ආභුජිත්‍වා’ති නිසින‍්නො හොති පල‍්ලඞ‍්කං ආභුජිත්‍වා.
595. ‘නිසීදති පල්ලඞ්කං ආභුජිත්‍වා’ යනු: පලක් බැඳ හුන්නේ වේ.
596. ‘උජුං කායං පනිධායා’ති උජුකො හොති කායො ඨිතො පණිහිතො.
596. ‘උජුං කායං පණිධාය’ යනු: කය ඍජුව සිටියේ පිහිටුවන ලද්දේ වේ.
597. ‘පරිමුඛං සතිං උපට‍්ඨපෙත්‍වා’ති තත්‍ථ කතමා සති: යා සති අනුස‍්සති -පෙ- සම‍්මාසති, අයං වුච‍්චති සති. අයං සති උපට‍්ඨිතා හොති සූපට‍්ඨිතා නාසිකග‍්ගෙ වා මුඛනිමිත‍්තෙ වා. තෙන වුච‍්චති ‘පරිමුඛං සතිං උපට‍්ඨපෙත්‍වා’ති.
597. ‘පරිමුඛං සතිං උපට්ඨපෙත්‍වා’ යනු: එහි ‘සති’ කවර යත්: යම් ස්මෘතියක්, අනුස්මෘතියක් ... සම්‍යක්ස්මෘතියක් වේ ද, මේ ‘සති’ යි කියනු ලැබේ. මේ ‘සතිය’ නාසිකාග්‍රයෙහි හෝ මුඛනිමිත්තෙහි හෝ එළඹ සිටියා මැනැවින් එළඹ සිටියා වේ. එහෙයින් කියනු ලැබෙයි ‘පරිමුඛං සතිං උපට්ඨපෙත්‍වා’ යි.
598. ‘අභිජ‍්ඣං ලොකෙ පහායා’ති තත්‍ථ කතමා අභිජ‍්ඣා: යො රාගො සාරාගො -පෙ- චිත‍්තස‍්ස සාරාගො, අයං වුච‍්චති අභිජ‍්ඣා. තත්‍ථ කතමො ලොකො: පඤ‍්චුපාදානක‍්ඛන්‍ධා ලොකො, අයං වුච‍්චති ලොකො. අයං අභිජ‍්ඣා ඉමම‍්හි ලොකෙ සන‍්තා හොති සමිතා වූපසන‍්තා අත්‍ථඞ‍්ගතා අබ‍්භත්‍ථඞ‍්ගතා අප‍්පිතා ව්‍යප‍්පිතා සොසිතා විසොසිතා ව්‍යන‍්තීකතා, තෙන වුච‍්චති ‘අභිජ‍්ඣං ලොකෙ පහායා’ති.
598. ‘අභිජ්ඣං ලෝකේ පහාය’ යනු: එහි අභිධ්‍යා කවර යත්: යම් රාගයෙක් සංරාගයෙක් ... චිත්තයාගේ සංරාගයෙක් වේ ද, මේ ‘අභිධ්‍යා’ යි කියනු ලැබේ. එහි ලෝකය කවරෙ යත්: පඤ්චෝපාදානස්කන්‍ධයෝ ලෝක යි. මේ ‘ලෝක’ යි කියනු ලැබේ. මේ අභිධ්‍යාව මේ උපාදානස්කන්‍ධලෝකයෙහි ශාන්ත - ශමිත - ව්‍යුපශාන්ත - අස්තඞ්ගත - අභ්‍යස්තඞ්ගත - අර්පිත - ව්‍යර්පිත - ශොෂිත - විශොෂිත - ව්‍යන්තීකෘත වේ. එහෙයින් කියනු ලැබෙයි ‘අභිජ්ඣං ලෝකේ පහාය’ යි.
599. ‘විගතාභිජ‍්ඣෙන චෙතසා’ති තත්‍ථ කතමං චිත‍්තං: යං චිත‍්තං මනො මානසං -පෙ- තජ‍්ජාමනොවිඤ‍්ඤාණධාතු, ඉදං වුච‍්චති චිත‍්තං. ඉදං චිත‍්තං විගතාභිජ‍්ඣං හොති. තෙන වුච‍්චති ‘විගතාභිජ‍්ඣෙන චෙතසා’ති.
599. ‘විගතාභිජ්ඣෙන චේතසා’ යනු: එහි චිත්තය කවරෙ යත්: යම් චිත්තයෙක්, මනසෙක්, මානසයෙක් ... තදනුරූපමනෝවිඥානධාතුයෙක් වේ ද, මේ ‘චිත්ත’ යි කියනු ලැබේ. මේ සිත පහ වූ අභිධ්‍යා ඇත්තේ වේ. එහෙයින් කියනු ලැබෙයි ‘විගතාභිජ්ඣෙන චේතසා’ යි.
600. ‘විහරතී’ති ඉරීයති වත‍්තති පාලෙති යපෙති යාපෙති චරති විහරති. තෙන වුච‍්චති ‘විහරතී’ති.
600. ‘විහරති’ යනු: ඉරියවු පවත්වයි, වැටෙයි, පාලනය කෙරෙයි, යැපෙයි, යාපනය කෙරෙයි, හැසිරෙයි, වෙසේ. එහෙයින් කියනු ලැබෙයි ‘විහරති’ යි.
601. ‘අභිජ‍්ඣාය චිත‍්තං පරිසොධෙතී’ති තත්‍ථ කතමා අභිජ‍්ඣා: යො රාගො සාරාගො -පෙ- චිත‍්තස‍්ස සාරාගො අයං වුච‍්චති අභිජ‍්ඣා. තත්‍ථ කතමං චිත‍්තං: යං චිත‍්තං මනො මානසං -පෙ- තජ‍්ජා මනොවිඤ‍්ඤාණධාතු, ඉදං වුච‍්චති චිත‍්තං. ඉදං චිත‍්තං ඉමාය අභිජ‍්ඣාය සොධෙති විසොධෙති පරිසොධෙති මොචෙති විමොචෙති පරිමොචෙති, තෙන වුච‍්චති ‘අභිජ‍්ඣාය චිත‍්තං පරිසොධෙතී’ති.
601. ‘අභිජ්ඣාය චිත්තං පරිසෝධෙති’ යනු: එහි අභිධ්‍යා කවර යත්: යම් රාගයෙක්, සංරාගයෙක් ... චිත්තයාගේ බලවත් රාගයෙක් වේ ද, මේ ‘අභිධ්‍යා’ යි කියනු ලැබේ. එහි චිත්තය කවරෙ යත්: යම් චිත්තයෙක්, මනසෙක්, මානසයෙක් ... තදනුරූපමනෝවිඥානධාතුයෙක් වේ ද, මේ ‘චිත්ත’ යි කියනු ලැබේ. මේ සිත මේ අභිධ්‍යාව කෙරෙන් ශෝධනය කෙරෙයි. විශෝධනය කෙරෙයි, පරිශෝධනය කෙරෙයි, මුදයි, වෙසෙසින් මුදයි, හාත්පසින් මුදයි. එහෙයින් කියනු ලැබෙයි ‘අභිජ්ඣාය චිත්තං පරිසෝධෙති’ යි.
602. ‘ව්‍යාපාදපදොසං පහායා’ති අත්‍ථි ව්‍යාපාදො අත්‍ථි පදොසො. තත්‍ථ කතමො ව්‍යාපාදො: යො චිත‍්තස‍්ස ආඝාතො පටිඝාතො පටිඝං පටිවිරොධො කොපො පකොපො සම‍්පකොපො දොසො පදොසො සම‍්පදොසො චිත‍්තස‍්ස ව්‍යාපත‍්ති මනොපදොසො කොධො කුජ‍්ඣනා කුජ‍්ඣිතත‍්තං දොසො දුස‍්සනා දුස‍්සිතත‍්තං ව්‍යාපත‍්ති ව්‍යාපජ‍්ජනා ව්‍යාපජ‍්ජිතත‍්තං විරොධො පටිවිරොධො චණ‍්ඩික‍්කං අසුරොපො අනත‍්තමනතා චිත‍්තස‍්ස, අයං වුච‍්චති ව්‍යාපාදො.
602. ‘ව්‍යාපාදපදෝසං පහාය’ යනු: ව්‍යාපාදයෙක් ඇත, ප්‍රද්වේෂයෙක් ඇති. එහි ව්‍යාපාදය කවරෙ යත්: චිත්තයාගේ යම් ආඝාතයෙක්, ප්‍රතිඝාතයෙක්, ප්‍රතිඝයෙක්, ප්‍රතිවිරෝධයෙක්, කොපයෙක්, ප්‍රකෝපයෙක්, සම්ප්‍රකෝපයෙක්, ද්වේෂයෙක්, ප්‍රද්වේෂයෙක්, සම්ප්‍රද්වේෂයෙක්, චිත්තයාගේ ව්‍යාපත්තියෙක්, මනඃප්‍රද්වේෂයෙක්, ක්‍රෝධයෙක්, ක්‍රෝධාකාරයෙක්, කිපුණු බවෙක්, ද්වේෂයෙක්, දූෂ්‍යාකාරයෙක්, දූෂිත බවෙක්, ව්‍යාපතියෙක්, ව්‍යාපාද අයුරෙක්, ව්‍යාපන්න බවෙක්, විරෝධයෙක්, ප්‍රතිවිරෝධයෙක් සැඬ බවෙක්, නො පිරිපුන් වචන ඇති බවෙක්, චිත්තයාගේ නො සතුටු බවෙක් වේද, මේ ‘ව්‍යාපාද’ යි කියනු ලැබේ.
තත්‍ථ කතමො පදොසො: යො ව්‍යාපාදො සො පදොසො, යො පදොසො සො ව්‍යාපාදො, ඉති අයං ච ව්‍යාපාදො අයං ච පදොසො සන‍්තා හොන‍්ති සමිතා වූපසන‍්තා අත්‍ථඞ‍්ගතා අබ‍්භත්‍ථඞ‍්ගතා අප‍්පිතා ව්‍යප‍්පිතා සොසිතා විසොසිතා ව්‍යන‍්තීකතා. තෙන වුච‍්චති ‘ව්‍යාපාදපදොසං පහායා’ති.
එහි ප්‍රද්වේෂය කවරෙ යත්: යම් ව්‍යාපාදයෙක් වේ ද, හේ ප්‍රද්වේෂ යි, යම් ප්‍රද්වේෂයෙක් වේද, හේ ව්‍යාපාද යි. මෙසේ මේ ව්‍යාපාදයත් මේ ප්‍රද්වේෂයත් ශාන්ත වෙයි, ශමිත - ව්‍යුපශාන්ත - අස්තඞ්ගත - අභ්‍යස්තඞ්ගත - අර්පිත - ව්‍යර්පිත - ශොෂිත - විශොෂිත - ව්‍යාන්තිකෘත වේ. එහෙයින් කියනු ලැබෙයි ‘ව්‍යාපාදපදෝසං පහාය’ යි.
603. ‘අව්‍යාපන‍්නචිත‍්තො’ති තත්‍ථ කතමං චිත‍්තං: යං චිත‍්තං මනො මානසං -පෙ- තජ‍්ජාමනොවිඤ‍්ඤාණධාතු, ඉදං වුච‍්චති චිත‍්තං. දං චිත‍්තං අව්‍යාපන‍්නං හොති. තෙන වුච‍්චති ‘අව්‍යාපන‍්නචිත‍්තො’ති විහරතී’ති -පෙ- තෙන වුච‍්චති ‘විහරතී’ති.
603. ‘අව්‍යාපන්න චිත්තෝ’ යනු: එහි චිත්තය කවරෙ යත්: යම් චිත්තයෙක්, මනසෙක්, මානසයෙක් ... තදනුරූපමනෝවිඥානධාතුයෙක් වේ ද, මේ ‘චිත්ත’ යි කියනු ලැබේ. මේ සිත අව්‍යාපන්න වූයේ වේ. එහෙයින් කියනු ලැබෙයි ‘අව්‍යාපන්න චිත්තෝ’ යි. ‘විහරති’ යනු ... එහෙයින් කියනු ලැබෙයි ‘විහරති’ යි.
604. ‘ව්‍යාපාදපදොසා චිත‍්තං පරිසොධෙතී’ති අත්‍ථි ව්‍යාපාදො අත්‍ථි පදොසො. තත්‍ථ කතමො ව්‍යාපාදො: යො චිත‍්තස‍්ස ආඝාතො පටිඝාතො -පෙ- චණ‍්ඩික‍්කං අසුරොපො අනත‍්තමනතා. චිත‍්තස‍්ස, අයං වුච‍්චති ව්‍යාපාදො. තත්‍ථ කතමො පදොසො: යො ව්‍යාපාදො සො පදොසො, යො පදොසො සො ව්‍යාපාදො. තත්‍ථ කතමං චිත‍්තං: යං චිත‍්තං මනො මානසං -පෙ- තජ‍්ජාමනොවිඤ‍්ඤාණධාතු, ඉදං වුච‍්චති චිත‍්තං, ඉදං චිත‍්තං ඉමම‍්හා ව්‍යාපාදපදොසා සොධෙති විසොධෙති පරිසොධෙති මොචෙති විමොචෙති පරිමොචෙති. තෙන වුච‍්චති ‘ව්‍යාපාදපදොසා චිත‍්තං පරිසොධෙතී’ති.
604. ‘ව්‍යාපාදපදෝසා චිත්තං පරිසෝධෙති’ යනු: ව්‍යාපාදයෙක් ඇත, ප්‍රද්වේෂයෙක් ඇති. එහි ව්‍යාපාදය කවරෙ යත්: චිත්තයාගේ යම් ආඝාතයෙක් ... සැඬ බවෙක්, නො පිරිපුන් වචන ඇති බවෙක්, චිත්තයාගේ නො සතුටු බවෙක් වේ ද, මේ ‘ව්‍යාපාද’ යි කියනු ලැබේ. එහි ප්‍රද්වේෂය කවරෙ යත්: යමෙක් ව්‍යාපාද නම් හේ ප්‍රද්වේෂ ය. යමෙක් ප්‍රද්වේෂ නම් හේ ව්‍යාපාද යි. එහි චිත්තය කවරෙ යත්: යම් සිතෙක්, මනසෙක්, මානසයෙක් ... තදනුරූපමනෝවිඥානධාතුයෙක් වේ ද, මේ ‘චිත්ත’ යි කියනු ලැබේ. මේ චිත්තය මේ ව්‍යාපාද සඞ්ඛ්‍යාත ප්‍රද්වේෂය කෙරෙන් ශෝධනය කෙරෙයි, විශෝධනය කෙරෙයි, පරිශෝධනය කෙරෙයි, මුදයි, වෙසෙසින් මුදයි, හාත්පසින් මුදයි. එහෙයින් කියනු ලැබෙයි ‘ව්‍යාපාදපදෝසා චිත්තං පරිසෝධෙති’ යි.
605. ‘ථීනමිද‍්ධං පහායා’ති අත්‍ථි ථීනං අත්‍ථි මිද‍්ධං. තත්‍ථ කතමං ථීනං: යා චිත‍්තස‍්ස අකල්‍යතා අකම‍්මඤ‍්ඤතා ඔලීයනා සල‍්ලීයනා ලීනං ලීයනා ලීයිතත‍්තං ථීනං ථීයනා ථියිතත‍්තං චිත‍්තස‍්ස, ඉදං වුච‍්චති, ථීනං. තත්‍ථ කතමං මිද‍්ධං: යා කායස‍්ස අකල්‍යතා අකම‍්මඤ‍්ඤතා ඔනාහො පරියොනාහො අන‍්තොසමොරොධො මිද‍්ධං සොප‍්පං පචලායිකා සොප‍්පං සුපනා සුපිතත‍්තං, ඉදං වුච‍්චති මිද‍්ධං. ඉති ඉදං ච ථීනං ඉදං ච මිද‍්ධං සන‍්තා හොන‍්ති සමිතා වූපසන‍්තා -පෙ- සොසිතා විසොසිතා ව්‍යන‍්තීකතා. තෙන වුච‍්චති ‘ථීනමිද‍්ධං පහායා’ති.
605. ‘ථීනමිද්ධං පහාය’ යනු: ථීනයෙක් ඇත, මිද්ධයෙක් ඇති. එහි ථීනය කවරෙ යත්: චිත්තයාගේ යම් ගිලන් බවෙක් අකර්‍මණ්‍ය බවෙක් හැකිළෙන අයුරෙක්, හැකිළෙන බවෙක්, ලීනයෙක්, ලීනාකාරයෙක්, හැකුළුණු බවෙක්, චිත්තයාගේ නො පැතිරීමෙක්, නො පැතිරෙන අයුරෙක්, නො පැතිරුණු බවෙක් වේ ද, මේ ‘ථීන’ යි කියනු ලැබේ. එහි මිද්ධය කවරෙ යත්: නාමකායයාගේ යම් ගිලන් බවෙක්, අකර්‍මණ්‍ය බවෙක්, බැඳීමෙක්, හාත්පසින් බැඳීමෙක්, ඇතුළත ඇවිරීමෙක්, පෙළීමෙක්, නිදීමෙක්, කපිනිද්‍රාවක්, ශයනයෙක්, ශයනාකාරයෙක්, ශයනය කළ බවෙක් වේ ද, මේ ‘මිද්ධ’ යි කියනු ලැබේ. මෙසේ මේ ථීනයත්, මේ මිද්ධයත් ශාන්ත වෙයි. ශමිත - ව්‍යුපශාන්ත - ශොෂිත - විශොෂිත - ව්‍යන්තීකෘත වේ. එහෙයින් කියනු ලැබෙයි ‘ථීනමිද්ධං පහාය’ යි.
606. ‘විගතථිනමිද‍්ධො’ති තස‍්ස ථීනමිද‍්ධස‍්ස චත‍්තත‍්තා වන‍්තත‍්තා මුත‍්තත‍්තා පහීනත‍්තා පටිනිස‍්සට‍්ඨත‍්තා පහීනපටිනිස‍්සට‍්ඨත‍්තා. තෙන වුච‍්චති ‘විගතථීනමිද‍්ධො’ති. ‘විහරතී’ති ඉරීයති -පෙ- විහරති. තෙන වුච‍්චති විහරතී’ති.
606. ‘විගතථීනමිද්ධො’ යනු: ඒ ථීනමිද්ධය හළ බැවින්, වමනය කළ බැවින්, මිදු බැවින්, පුහුන් බැවින්, බැහැර කළ බැවින්, පැහීමෙන්, බැහැර කළ බැවින්, එහෙයින් කියනු ලැබෙයි ‘විගතථීනමිද්ධො’ යි. ‘විහරති’ යනු: ඉරියවු පවත්ව යි ... වෙසේ. එහෙයින් කියනු ලැබෙයි ‘විහරති’ යි.
607. ‘ආලොකසඤ‍්ඤී’ති තත්‍ථ කතමා සඤ‍්ඤා: යා සඤ‍්ඤා සඤ‍්ජානනා සඤ‍්ජානිතත‍්තං. අයං වුච‍්චති සඤ‍්ඤා. අයං සඤ‍්ඤා ආලොකා හොති විවටා පරිසුද‍්ධා පරියොදාතා. තෙන වුච‍්චති ‘ආලොකසඤ‍්ඤී’ති.
607. ‘ආලෝකසඤ්ඤී’ යනු: එහි සංඥා කවර යත්: යම් හැඳිනීමෙක් හඳුනන අයුරෙක්, හැඳිනගත් බවෙක් වේ ද, මේ ‘සංඥා’ යි කියනු ලැබේ. මේ සංඥාව සප්‍රභ - විවෘත - පරිශුද්ධ - පර්‍ය්‍යවදාත වේ. එහෙයින් කියනු ලැබෙයි ‘ආලෝකසඤ්ඤී’ යි.
608. ‘සතො සම‍්පජානො’ති තත්‍ථ කතමා සති: යා සති අනුස‍්සති -පෙ- සම‍්මා සති, අයං වුච‍්චති සති. තත්‍ථ කතමං සම‍්පජඤ‍්ඤං: යා පඤ‍්ඤා පජානනා -පෙ- අමොහො ධම‍්මවිචයො සම‍්මාදිට‍්ඨි, ඉදං වුච‍්චති සම‍්පජඤ‍්ඤං. ඉති ඉමාය ච සතියා ඉමිනා ච සම‍්පජඤ‍්ඤෙන උපෙතො හොති -පෙ- සමන‍්නාගතො. තෙන වුච‍්චති ‘සතො සම‍්පජානො’ති.
608. ‘සතෝ සම්පජානෝ’ යනු: එහි සති කවර යත්: යම් ස්මෘතියෙක්, අනුස්මෘතියෙක් ... සම්‍යක් ස්මෘතියෙක් වේ ද, මේ ‘සති’ යි කියනු ලැබේ. එහි සම්පජඤ්ඤ කවරෙ යත්: යම් ප්‍රඥායෙක් පජානනාකාරයෙක් ... අමෝහයෙක් ධර්‍මවිචයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද, මේ ‘සම්පජඤ්ඤ’ යි කියනු ලැබේ. මෙසේ මේ සතියෙන් ද, මේ සම්පජඤ්ඤයෙන් ද යුක්ත වෙයි ... සමන්‍වාගත වේ. එහෙයින් කියනු ලැබෙයි ‘සතෝ සම්පජානෝ’ යි.
609. ‘ථීනමිද‍්ධා චිත‍්තං පරිසොධෙතී’ති අත්‍ථි ථීනං අත්‍ථි මිද‍්ධං. තත්‍ථ කතමං ථීනං: යං චිත‍්තස‍්ස අකල්‍යතා -පෙ- ථීයිතත‍්තං චිත‍්තස‍්ස, ඉදං වුච‍්චති, ථීනං. තත්‍ථ කතමං මිද‍්ධං: යා කායස‍්ස අකල්‍යතා -පෙ- සුපිතත‍්තං, ඉදං වුච‍්චති මිද‍්ධං. තත්‍ථ කතමං චිත‍්තං: යං චිත‍්තං මනො -පෙ- තජ‍්ජාමනොවිඤ‍්ඤාණධාතු, ඉදං වුච‍්චති චිත‍්තං. ඉදං චිත‍්තං ඉමම‍්හා ථීනමිද‍්ධා සොධෙති විසොධෙති පරිසොධෙති මොචෙති විමොචෙති පරිමොචෙති. තෙන වුච‍්චති ‘ථීනමිද‍්ධා චිත‍්තං පරිසොධෙතී’ති.
609. ‘ථීනමිද්ධා චිත්තං පරිසෝධෙති’ යනු: ථීනයෙක් ඇත, මිද්ධයෙක් ඇති. එහි ථීනය කවරෙ යත්: චිත්තයාගේ යම් ගිලන් බවෙක් ... චිත්තයාගේ නො පැතුරුණු බවෙක් වේ ද, මේ ‘ථීන’ යි කියනු ලැබේ. එහි මිද්ධය කවරෙ යත්: නාමකායයාගේ යම් ගිලන් බවෙක් ... සුප්ත බවෙක් වේ ද, මේ ‘මිද්ධ’ යි කියනු ලැබේ. එහි චිත්තය කවරෙ යත්: යම් චිත්තයෙක්, මනසෙක් ... තදනුරූපමනෝවිඥානධාතුයෙක් වේ ද, මේ ‘චිත්ත’ යි කියනු ලැබේ. මේ චිත්තය මේ ථීනමිද්ධය කෙරෙන් ශුද්ධ කෙරෙයි, විශුද්ධ කෙරෙයි, පරිශුද්ධ කෙරෙයි, මුදයි, වෙසෙසින් මුදයි, හාත්පසින් මුදයි. එහෙයින් කියනු ලැබෙයි ‘ථීනමිද්ධා චිත්තං පරිසෝධෙති’ යි.
610. ‘උද‍්ධච‍්චකුක‍්කුච‍්චං පහායා’ති අත්‍ථි උද‍්ධච‍්චං අත්‍ථි කුක‍්කුච‍්චං. තත්‍ථ කතමං උද‍්ධච‍්චං: යං චිත‍්තස‍්ස උද‍්ධච‍්චං අවුපසමො චෙතසො වික‍්ඛෙපො භන‍්තත‍්තං චිත‍්තස‍්ස, ඉදං වුච‍්චති උද‍්ධච‍්චං. තත්‍ථ කතමං කුක‍්කුච‍්චං: අකප‍්පියෙ කප‍්පියසඤ‍්ඤිතා කප‍්පියෙ අකප‍්පියසඤ‍්ඤිතා අවජ‍්ජෙ වජ‍්ජසඤ‍්ඤිතා වජ‍්ජෙ අවජ‍්ජසඤ‍්ඤිතා. යං එවරූපං කුක‍්කුච‍්චං කුක‍්කුච‍්චායනා කුක‍්කුච‍්චායිතත‍්තං චෙතසො විප‍්පටිසාරො මනොවිලෙඛො, ඉදං වුච‍්චති කුක‍්කුච‍්චං. ඉති ඉදං ච උද‍්ධච‍්චං ඉදං ච කුක‍්කුච‍්චං සන‍්තා හොන‍්ති සමිතා වූපසන‍්තා අත්‍ථඞ‍්ගතා අබ‍්භත්‍ථඞ‍්ගතා අප‍්පිතා ව්‍යප‍්පිතා සොසිතා විසොසිතා ව්‍යන‍්තීකතා. තෙන වුච‍්චති ‘උද‍්ධච‍්ච කුක‍්කුච‍්චං පහායා’ති.
610. ‘උද්ධච්චකුක්කුච්චං පහාය’ යනු: උද්ධච්චයෙක් ඇත. කුක්කුච්චයෙක් ඇති. එහි උද්ධච්චය කවරෙ යත්: චිත්තයාගේ යම් ඖදධතයෙක්, අව්‍යුපශමයෙක්, චිත්තයාගේ වික්‍ෂේපයෙක්, චිත්තයාගේ භ්‍රාන්ත බවෙක් වේ ද, මේ ‘උද්ධච්ච’ යි කියනු ලැබේ. එහි කුක්කුච්චය කවරෙ යත්: අකැපයෙහි කැපය යන සංඥා ඇති බව ය, කැපයෙහි අකැපය යන සංඥා ඇති බව ය, නිවරදෙහි වරදය යන සංඥා ඇති බව ය, වරදෙහි නිවරදය යන සංඥා ඇති බව යි. මෙබඳු යම් කුකුසෙක්, කුකුස්නා අයුරෙක්, කුකුස් කළ බවෙක්, චිත්තයාගේ විපිළිසරයෙක්, සිත ඉරිතැළීමෙක් වේ ද, මේ ‘කුක්කුච්ච’ යි කියනු ලැබේ. මෙසේ මේ උද්ධච්චය ද, මේ කුක්කුච්චය ද ශාන්ත වෙයි. ශමිත - ව්‍යුපශාන්ත - අස්තඞ්ගත - අභ්‍යස්තඞ්ගත - අර්පිත - ව්‍යර්පිත - ශොෂිත - විශොෂිත - ව්‍යන්තීකෘත වේ. එහෙයින් කියනු ලැබෙයි ‘උද්ධච්චකුක්කුච්චං පහාය’ යි.
611. ‘අනුද‍්ධතො’ති තස‍්ස උද‍්ධච‍්චකුක‍්කුච‍්චස‍්ස චත‍්තත‍්තා වන‍්තත‍්තා මුත‍්තත‍්තා පහීනත‍්තා පටිනිස‍්සට‍්ඨත‍්තා පහීනපටිනිස‍්සට‍්ඨත‍්තා. තෙන වුච‍්චති ‘අනුද‍්ධතො’ති. විහරතීති -පෙ- තෙන වුච‍්චති ‘විහරතී’ති.
611. ‘අනුද්ධතො’ යනු: ඒ උද්ධච්චකුක්කුච්චය හළ බැවින්, වමනය කළ බැවින්, මිදූ බැවින්, ප්‍රහීණ බැවින්, ප්‍රතිනිසෘෂ්ට බැවින්, ප්‍රහාණයෙන් බැහැර කළ බැවින්, එහෙයින් කියනු ලැබෙයි ‘අනුද්ධතො’ යි. ‘විහරති’ යනු ... එහෙයින් කියනු ලැබෙයි ‘විහරති’ යි.
612. ‘අජ‍්ඣත‍්ත’න‍්ති යං අජ‍්ඣත‍්තං පච‍්චත‍්තං. ‘වූපසන‍්තචිත‍්තො’ති. තත්‍ථ කතමං චිත‍්තං: යං චිත‍්තං මනො මානසං -පෙ- තජ‍්ජා මනො විඤ‍්ඤාණධාතු, ඉදං වුච‍්චති චිත‍්තං, ඉදං චිත‍්තං අජ‍්ඣත‍්තං සන‍්තං හොති සමිතං වූපසන‍්තං. තෙන වුච‍්චති, අජ‍්ඣත‍්තං වූපසන‍්තචිත‍්තො’ති.
612. ‘අජ්ඣත්තං’ යනු: යම් අධ්‍යාත්මයෙක්, ප්‍රත්‍යාත්මයෙක් වේ ද, එය යි. ‘වූපසන්තචිත්තෝ’ යනු: එහි චිත්තය කවරෙ යත්: යම් චිත්තයෙක්, මනසෙක්, මානසයෙක් ... තදනුරූපමනෝවිඥානධාතුයෙක් වේ ද, මේ ‘චිත්ත’ යි කියනු ලැබේ. මේ සිත අධ්‍යාත්මයෙහි ශාන්ත වෙයි, ශමිත - ව්‍යුපශාන්ත වේ. එහෙයින් කියනු ලැබෙයි ‘අජ්ඣත්තං වූපසන්තචිත්තෝ’ යි.
613. ‘උද‍්ධච‍්චකුක‍්කුච‍්චා චිත‍්තං පරිසොධෙතී’ති අත්‍ථි උද‍්ධච‍්චං අත්‍ථි කුක‍්කුච‍්චං. තත්‍ථ කතමං උද‍්ධච‍්චං: යං චිත‍්තස‍්ස උද‍්ධච‍්චං අවුප සමො චෙතසො වික‍්ඛෙපො භන‍්තත‍්තං චිත‍්තස‍්ස, ඉදං වුච‍්චති උද‍්ධච‍්චං. තත්‍ථ කතමං කුක‍්කුච‍්චං: අකප‍්පියෙ කප‍්පියසඤ‍්ඤිතා -පෙ- වජ‍්ජෙ අවජ‍්ජසඤ‍්ඤිතා. යං එවරූපං කුක‍්කුච‍්චං කුක‍්කුච‍්චායනා කුක‍්කුච‍්චායිතත‍්තං චෙතසො විප‍්පටිසාරො මනොවිලෙඛො, ඉදං වුච‍්චති කුක‍්කුච‍්චං තත්‍ථ කතමං චිත‍්තං: -පෙ- ඉදං වුච‍්චති චිත‍්තං. ඉදං චිත‍්තං ඉමමභා උද‍්ධච‍්චකුක‍්කුච‍්චා සොධෙති විසොධෙති පරිසොධෙති මොචෙති විමොචෙති පරිමොචෙති. තෙන වුච‍්චති ‘උද‍්ධච‍්චකුක‍්කුච‍්චා චිත‍්තං පරිසොධෙතී’ති.
613. ‘උද්ධච්චකුක්කුච්චා චිත්තං පරිසෝධෙති’ යනු: ඖද්ධත්‍යයෙක් ඇත, කෞකෘත්‍යයෙක් ඇති. එහි ඖද්ධත්‍යය කවරෙ යත්: චිත්තයාගේ යම් නො සන්හුන් බවෙක් අව්‍යුපශමයෙක්, චිත්තයාගේ විසිරීමෙක්, චිත්තයාගේ භ්‍රාන්ත බවෙක් වේ ද, මේ ‘ඖද්ධත්‍ය’ යි කියනු ලැබේ. එහි කෞකෘත්‍ය කවරෙ යත්: අකැපයෙහි කැපය යන සංඥා ඇති බව ය ... වරදෙහි නිවරද ය යන සංඥා ඇති බව යි. මෙ බඳු යම් කෞකෘත්‍යයෙක්, කුකුස් අයුරෙක්, කුකුස් කළ බවෙක්, චිත්තයාගේ විපිළිසරයෙක්, සිත හිරිගැසීමෙක් වේ ද, මේ ‘කෞකෘත්‍ය’ යි කියනු ලැබේ. එහි චිත්තය කවරෙ යත්: ... මේ ‘චිත්ත’ යි කියනු ලැබේ. මේ සිත මේ ඖද්ධත්‍යකෞකෘත්‍යය කෙරෙන් ශුද්ධ කෙරෙයි, විශුද්ධ කෙරෙයි, පරිශුද්ධ කෙරෙයි, මුදයි, වෙසෙසින් මුදයි, හාත්පසින් මුදයි. එහෙයින් කියනු ලැබෙයි ‘උද්ධච්චකුක්කුච්චා චිත්තං පරිසෝධෙති’ යි.
614. ‘විචිකිච‍්ඡං පහායා’ති තතත්‍ථ කතමා විචිකිච‍්ඡා: යා කඞ‍්ඛා කඞ‍්ඛායනා කඞ‍්ඛායිතත‍්තං විමති විචිකිච‍්ඡා ද‍්වෙළ‍්හකං ද‍්විධාපථො සංසයො අනෙකංසගාහො ආසප‍්පනා පරිසප‍්පනා අපරියොගාහනා ථම‍්භිතත‍්තං චිත‍්තස‍්ස මනොවිලෙඛො, අයං වුච‍්චති විචිකිච‍්ඡා. අයං විචිකිච‍්ඡා සන‍්තා හොති සමිතා වූපසන‍්තා අත්‍ථඞ‍්ගතා අබ‍්භත්‍ථඞ‍්ගතා අප‍්පිතා ව්‍යප‍්පිතා සොසිතා විසොසිතා ව්‍යන‍්තීකතා. තෙන වුච‍්චති ‘විචිකිච‍්ඡං පහායා’ති.
614. ‘විචිකිච්ඡං පහාය’ යනු: එහි විචිකිත්සා කවර යත්: යම් සැකයෙක්, සැක අයුරෙක්, සැක කළ බවෙක්, විමතියෙක්, විචිකිත්සායෙක්, ද්වෙළ්හකයෙක්, ද්විධාපථයෙක්, ශංසයෙක්, අනෛකාන්තග්‍රාහයෙක්, පැකිළීමෙක්, හාත්පසින් පැකිළීමෙක්, නො බැස ගැන්මෙක්, චිත්තයාගේ තද බවෙක්, සිත හිරිගැසීමෙක් වේ ද, මේ ‘විචිකිත්සා’ යි කියනු ලැබේ. මේ විචිකිත්සාව ශාන්ත වෙයි, ශමිත - ව්‍යුපශාන්ත - අස්තඞ්ගත - අභ්‍යස්තඞ්ගත - අර්පිත - ව්‍යර්පිත - ශොෂිත - විශොෂිත - ව්‍යන්තීකෘත වේ. එහෙයින් කියනු ලැබෙයි ‘විචිකිච්ඡං පහාය’ යි.
615. ‘තිණ‍්ණවිචිකිච‍්ඡො’ති ඉමං විචිකිච‍්ඡං තිණ‍්ණො හොති උත‍්තිණ‍්ණො නිත‍්තිණ‍්ණො පාරං ගතො පාරමනුප‍්පත‍්තො. තෙන වුච‍්චති ‘තිණ‍්ණවිචිකිච‍්ඡො’ති. ‘විහරතී’ති -පෙ- තෙන වුච‍්චති ‘විහරතී’ති.
615. ‘තිණ්ණවිචිකිච්ඡො’ යනු: මේ චිකිත්සාව තරණය කළේ වෙයි. එතෙර වූයේ උවදුරු මැඩගෙන තරණය කෙළේ, පරතෙරට ගියේ, පරතෙරට පැමිණියේ වේ. එහෙයින් කියනු ලැබෙයි ‘තිණ්ණවිචිකිච්ඡො’ යි. ‘විහරති’ යනු: ... එහෙයින් කියනු ලැබෙයි ‘විහරති’ යි.
616. ‘අකථංකථී කුසලෙසු ධම‍්මෙසු’ති ඉමාය විචිකිච‍්ඡාය කුසලෙසු ධම‍්මෙසු න කඞ‍්ඛති න විචිකිච‍්ඡති. අකථංකථී හොති. නික‍්කථඞ‍්කථො විගතකථඞ‍්කථො. තෙන වුච‍්චති අකථංකථී කුසලෙසු ධම‍්මෙසූති.
616. ‘අකථංකථී කුසලෙසු ධම්මේසු’ යනු: මේ විචිකිත්සායෙන් නිරවද්‍ය ධර්‍මයන්හි සැක නො කෙරෙයි, විචිකිත්සා නො කෙරෙයි, සැක නැත්තේ වෙයි, නික්මගිය කථංකථා (සැක) ඇත්තේ, පහව ගිය කථංකථා ඇත්තේ වේ. එහෙයින් කියනු ලැබෙයි ‘අකථංකථී කුසලෙසු ධම්මේසු’ යි.
617. ‘විචිකිච‍්ඡාය චිත‍්තං පරිසොධෙතී’ති තත්‍ථ කතමා විචිකිච‍්ඡා: යා කඞ‍්ඛා කඞ‍්ඛායනා කඞ‍්ඛායිතත‍්තං -පෙ- ථම‍්භිතත‍්තං චිත‍්තස‍්ස මනොවිලෙඛො අයං වුච‍්චති විචිකිච‍්ඡා. තත්‍ථ කතමං චිත‍්තං: යං චිත‍්තං මනො මානසං -පෙ- තජ‍්ජාමනොවිඤ‍්ඤාණධාතු, ඉදං වුච‍්චති චිත‍්තං. ඉදං චිත‍්තං ඉමාය විචිකිච‍්ඡාය සොධෙති විසොධෙති පරිසොධෙති මොචෙති විමොචෙති පරිමොචෙති. තෙන වුච‍්චති ‘විචිකිච‍්ඡාය චිත‍්තං පරිසොධෙතී’ති.
617. ‘විචිකිච්ඡාය චිත්තං පරිසෝධෙති’ යනු: එහි විචිකිත්සා කවර යත්: යම් සැකයෙක්, සැක අයුරෙක්, සැක කළ බවෙක් ... චිත්තයාගේ තද බවෙක්, සිත හිරිගැසීමෙක් වේ ද, මේ ‘විචිකිත්සා’ යි කියනු ලැබේ. එහි චිත්තය කවරෙ යත්: යම් චිත්තයෙක්, මනසෙක්, මානසයෙක් ... තදනුරූපමනෝවිඥානධාතුයෙක් වේ ද, මේ ‘චිත්ත’ යි කියනු ලැබේ. මේ චිත්තය මේ විචිකිත්සාව කෙරෙන් ශුද්ධ කෙරෙයි, විශුද්ධ කෙරෙයි, පරිශුද්ධ කෙරෙයි, මුදයි, වෙසෙසින් මුදයි, හාත්පසින් මුදයි. එහෙයින් කියනු ලැබෙයි ‘විචිකිච්ඡාය චිත්තං පරිසෝධෙති’ යි.
618. ‘ඉමෙ පඤ‍්චනීවරණෙ පහායා’ති ඉමෙ පඤ‍්චනීවරණා සන‍්තා හොන‍්ති සමිතා වූපසන‍්තා අත්‍ථඞ‍්ගතා අබ‍්භත්‍ථඞ‍්ගතා අප‍්පිතා ව්‍යප‍්පිතා සොසිතා විසොසිතා ව්‍යන‍්තීකතා. තෙන වුච‍්චති ‘ඉමෙ පඤ‍්චනීවරණෙ පහායා’ති.
618. ‘ඉමෙ පඤ්චනීවරණෙ පහාය’ යනු: මේ පඤ්චනීවරණයෝ සන්හිඳුනාහු වෙති. ශමිත - ව්‍යුපශාන්ත - අස්තඞ්ගත - අභ්‍යස්තඞ්ගත - අර්පිත - ව්‍යර්පිත - ශොෂිත - විශොෂිත - ව්‍යන්තීකෘත වූවාහු වෙත්. එහෙයින් කියනු ලැබෙයි ‘ඉමෙ පඤ්චනීවරණෙ පහාය’ යි.
619. ‘චෙතසො උපක‍්කිලෙසෙ’ති ඉමෙ පඤ‍්චනීවරණා චිත‍්තස‍්ස උපක‍්කිලෙසා.
619. ‘චෙතසො උපක්කිලේසෙ’ යනු: මේ පඤ්චනීවරණයෝ චිත්තයට උපක්ලේශයෝ යි.
620. ‘පඤ‍්ඤාය දුබ‍්බලීකරණෙ’ති ඉමෙහි පඤ‍්චහි නීවරණෙහි අනුප‍්පන‍්නා චෙව පඤ‍්ඤා න උප‍්පජ‍්ජති උප‍්පන‍්නා ච පඤ‍්ඤා නිරුජ‍්ඣති. තෙන වුච‍්චති ‘පඤ‍්ඤාය දුබ‍්බලීකරණෙ’ති.
620. ‘පඤ්ඤාය දුබ්බලීකරණෙ’ යනු: මේ පඤ්චනීවරණයන් කරණකොට ගෙන නූපන්නා වූ ද ප්‍රඥාව නූපදියි. උපන්නාවූද ප්‍රඥාව නිරුද්ධ වේ. එහෙයින් කියනු ලැබෙයි ‘පඤ්ඤාය දුබ්බලීකරණෙ’ යි.
621. ‘විවිච‍්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම‍්මෙහී’ති: තත්‍ථ කතමෙ කාමා: ඡන්‍දො කාමො රාගො කාමො ඡන්‍දරාගො කාමො සඞ‍්කප‍්පො කාමො රාගො කාමො සඞ‍්කප‍්පරාගො කාමො, - ඉමෙ වුච‍්චන‍්ති කාමා. තත්‍ථ කතමෙ අකුසලා ධම‍්මා: කාමච‍්ඡන්‍දො ව්‍යාපාදො ථීනං මිද‍්ධං උද‍්ධච‍්චං කුක‍්කුච‍්චං විචිකිච‍්ඡා ඉමෙ වුච‍්චන‍්ති අකුසලා ධම‍්මා, ඉති ඉමෙහි ච කාමෙහි ඉමෙහි ච අකුසලෙහි ධම‍්මෙහි විවිත‍්තො හොති තෙන වුච‍්චති ‘විවිච‍්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම‍්මෙහී’ති:
621. ‘විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මේහි’ යනු: එහි කාම කවරෙ යත්: ඡන්‍දය කාම ය, රාගය කාම ය, ඡන්‍දරාගය කාම ය, සංකල්පය කාම ය, රාගය කාම ය, සංකල්පරාගය කාම යි. මොහු ‘කාමයෝ’ යි කියනු ලැබෙත්. එහි අකුශලධර්‍මයෝ කවරහ යත්: කාමච්ඡන්‍ද ය, ව්‍යාපාද ය, ස්ත්‍යානමිද්ධ ය, ඖද්ධත්‍ය ය, කෞකෘත්‍ය ය, විචිකිත්සා යි. මොහු ‘අකුශලධර්‍මයෝ’ යි කියනු ලැබෙත්. මෙසේ මේ කාමයන් කෙරෙන් ද, මේ අකුශලධර්‍මයන් කෙරෙන් ද, වෙන් වූයේ වේ. එහෙයින් කියනු ලැබෙයි ‘විවිච්චෙව කාමෙහි විවිච්ච අකුසලෙහි ධම්මේහි’ යි.
622. ‘සවිතක‍්කං සවිචාර’න‍්ති අත්‍ථි විතක‍්කො අත්‍ථි විචාරො. තත්‍ථ කතමො විතක‍්කො: යො තක‍්කො විතක‍්කො සඞ‍්කප‍්පො අප‍්පනා ව්‍යප‍්පනා චෙතසො අභිනිරොපනා සම‍්මාසඞ‍්කප‍්පො, අයං වුච‍්චති විතක‍්කො. තත්‍ථ කතමො විචාරො: යො චාරො විචාරො අනුවිචාරො උපවිචාරො චිත‍්තස‍්ස අනුසන්‍ධානතා අනුපෙක‍්ඛනතා. අයං වුච‍්චති විචාරො. ඉති ඉමිනා ච විතක‍්කෙන ඉමිනා ච විචාරෙන උපෙතො හොති -පෙ- සමන‍්නාගතො. තෙන වුච‍්චති ‘සවිතක‍්කං සවිචාර’න‍්ති.
622. ‘සවිතක්කං සවිචාරං’ යනු: විතර්‍කයෙක් ඇත, විචාරයෙක් ඇති. එහි විතර්‍ක කවරෙ යත්: යම් තර්‍කයෙක්, විතර්‍කයෙක්, සංකල්පයෙක්, අර්‍පණයෙක්, ව්‍යර්‍පණයෙක්, සිත අරමුණට නැගීමෙක්, සම්‍යක්සංකල්පයෙක් වේ ද, මේ ‘විතර්‍ක’ යි කියනු ලැබේ. එහි විචාරය කවරෙ යත්: යම් චාරයෙක්, විචාරයෙක්, අනුවිචාරයෙක්, උපවිචාරයෙක්, සිත අරමුණෙහි ගළපන බවෙක්, අනුව බලන බවෙක් වේ ද, මේ ‘විචාර’ යි කියනු ලැබේ. මෙසේ මේ විතර්‍කයෙන් ද, මේ විචාරයෙන් ද, යුක්ත වූයේ වෙයි ... සමන්‍වාගත වූයේ වේ. එහෙයින් කියනු ලැබෙයි ‘සවිතක්කං සවිචාරං’ යි.
623. ‘විවෙකජ’න‍්ති විතක‍්කො විචාරො පීති සුඛං චිත‍්තස‍්ස එකග‍්ගතා, තෙ ඉමම‍්හි විවෙකෙ ජාතා හොන‍්ති සඤ‍්ජාතා නිබ‍්බත‍්තා අභිනිබ‍්බත‍්තා පාතුභූතා. තෙන වුච‍්චති ‘විවෙකජ’න‍්ති.
623. ‘විවේකජං’ යනු: විතර්‍කය, විචාරය, ප්‍රීතිය, සුඛය, චිත්තයාගේ ඒකාග්‍රතා යි. ඔහු මේ විවේකයෙහි හටගත්තාහු වෙති. ප්‍රත්‍යයසමවායයෙන් හටගත්තාහු, නිපන්නාහු, පහළ වූවාහු වෙත්. එහෙයින් කියනු ලැබෙයි ‘විවේකජං’ යි.
624. ‘පීතිසුඛ’න‍්ති: අත්‍ථි පීති, අත්‍ථි සුඛං. තත්‍ථ කතමා පීති: යා පීති පාමොජ‍්ජං ආමොදනා පමොදනා හාසො පහාසො විත‍්ති ඔදග්‍යං අත‍්තමනතා චිත‍්තස‍්ස, අයං වුච‍්චති පීති. තත්‍ථ කතමං සුඛං: යං චෙතසිකං සාතං චෙතසිකං සුඛං චෙතොසම‍්ඵස‍්සජං සාතං සුඛං වෙදයිතං චෙතොසම‍්ඵස‍්සජා සාතා සුඛා වෙදනා, ඉදං වුච‍්චති සුඛං ඉදං සුඛං ඉමාය පීතියා සහගතං හොති සහජාතං සංසට‍්ඨං සම‍්පයුත‍්තං. තෙන වුච‍්චති ‘පීතිසුඛ’න‍්ති.
624. ‘පීතිසුඛං’ යනු: ප්‍රීතියක් ඇත, සුඛයෙක් ඇති. එහි ප්‍රීතිය කවර යත්: යම් ප්‍රීතියක්, තරුණප්‍රීතියක්, ආමොදනයෙක්, ප්‍රමෝදනයෙක්, හර්‍ෂයෙක්, ප්‍රහර්‍ෂයෙක්, සතුටක්, ඔදවැඩි බවෙක්, චිත්තයාගේ සියමනබවෙක් වේ ද, මේ ‘ප්‍රීති’ යි කියනු ලැබේ. එහි සුඛය කවරෙ යත්: යම් චෛතසික වූ මිහිරෙක්, චෛතසික වූ සුඛයෙක්, චිත්තසංස්පර්‍ශයෙන් උපන් සාතසුඛවේදයිතයෙක්, චිත්තසංස්පර්‍ශයෙන් උපන් සාතසුඛවේදනාවක් වේ ද, මේ ‘සුඛය’ යි කියනු ලැබේ. මේ සුඛය, මේ ප්‍රීතිය සහගියේ වෙයි, සහජාත වූයේ, සංසෘෂ්ට වූයේ, සම්ප්‍රයුක්ත වූයේ වේ. එහෙයින් කියනු ලැබෙයි ‘පීතිසුඛං’ යි.
625. ‘පඨම’න‍්ති ගණනානුපුබ‍්බතා පඨමං, ඉදං පඨමං සමාජ‍්ජතීති පඨමං.
625. ‘පඨමං’ යනු: ගණනානුපූර්‍වතායෙන් පඨම ය, මේ ධ්‍යානයට පළමුකොට සමවදී නු යි පඨම යි.
626. ‘ඣාන’න‍්ති විතක‍්කො විචාරො පීති සුඛං චිත‍්තස‍්ස එකග‍්ගතා.
626. ‘ඣානං’ යනු: විතර්‍කය, විචාරය, ප්‍රීතිය, සුඛය, චිත්තෛකාග්‍රතා යි.
627. ‘උපසම‍්පජ‍්ජා’ති යො පඨමස‍්ස ඣානස‍්ස ලාභො පටිලාභො පත‍්ති සම‍්පත‍්ති ඵුසනා සච‍්ඡිකිරියා උපසම‍්පදා.
627. ‘උපසම්පජ්ජ’ යනු: ප්‍රථමධ්‍යානයාගේ යම් ලාභයෙක්, ප්‍රතිලාභයෙක්, ප්‍රාප්තියක්, සම්ප්‍රාප්තියක්, ස්පර්‍ශයෙක්, සාක්‍ෂාත් කිරීමෙක්, පැමිණීමෙක් වේ ද එය යි.
628. ‘විහරතී’ති ඉරීයති -පෙ- තෙන වුච‍්චති ‘විහරතී’ති.
628. ‘විහරති’ යනු: ඉරියවු පවත්වයි ... එහෙයින් කියනු ලැබෙයි ‘විහරති’ යි.
629. ‘විතක‍්කවිචාරානං වූපසමා’ති අත්‍ථි විතක‍්කො අත්‍ථි විචාරො. තත්‍ථ කතමො විතක‍්කො: යො තක‍්කො විතක‍්කො -පෙ- සම‍්මාසඞ‍්කප‍්පො. අයං වුච‍්චති විතක‍්කො. තත්‍ථ කතමො විචාරො: යො චාරො විචාරො අනුවිචාරො උපවිචාරො චිත‍්තස‍්ස අනුසන්‍ධානතා අනුපෙක‍්ඛනතා, අයං වුච‍්චති විචාරො. ඉති අයඤ‍්ච විතක‍්කො අයඤ‍්ච විචාරො සන‍්තා හොන‍්ති සමිතා වූපසන‍්තා අත්‍ථඞ‍්ගතා අබ‍්භත්‍ථඞ‍්ගතා අප‍්පිතා ව්‍යප‍්පිතා සොසිතා විසොසිතා බ්‍යන‍්තීකතා. තෙන වුච‍්චති ‘විතක‍්කවිචාරානං වූපසමා’ති.
629. ‘විතක්කවිචාරානං වූපසමා’ යනු: විතර්‍කයෙක් ඇත, විචාරයෙක් ඇති. එහි විතර්‍ක කවරෙ යත්: යම් තර්‍කයෙක්, විතර්‍කයෙක් ... සම්‍යක්සංකල්පයෙක් වේ ද, මේ ‘විතර්‍ක’ යි කියනු ලැබේ. එහි විචාර කවරෙ යත්: යම් චාරයෙක්, විචාරයෙක්, අනුවිචාරයෙක්, උපවිචාරයෙක්, සිත අරමුණෙහි ගළපන බවෙක් අනුප්‍රේක්‍ෂණතායෙක් වේ ද, මේ ‘විචාර’ යි කියනු ලැබේ. මෙසේ මේ විතර්‍කය ද, මේ විචාරය ද සන්හිඳුනාහු වෙති. සන්හිඳුවන ලද්දාහු, වෙසෙසින් සන්හිඳිනාහු, අස්තයට ගියාහු, වෙසෙසින් අස්තයට ගියාහු, අර්පිත වූවාහු, වෙසෙසින් අර්පිත වූවාහු, වියලන ලද්දාහු, වෙසෙසින් වියලන ලද්දාහු, විගතාන්ත කරන ලද්දාහු වෙත්. එහෙයින් කියනු ලැබෙයි ‘විතක්කවිචාරානං වූපසමා’ යි.
630. ‘අජ‍්ඣත‍්ත’න‍්ති යං අජ‍්ඣත‍්තං පච‍්චත‍්තං.
630. ‘අජ්ඣත්තං’ යනු: යම් අධ්‍යාත්මයෙක්, ප්‍රත්‍යාත්මයෙක් වේ ද, එය යි.
631. ‘සම‍්පසාදන’න‍්ති යා සද‍්ධා සද‍්දහනා ඔකප‍්පනා අභිප‍්පසාදො.
631. ‘සම්පසාදනං’ යනු: යම් හැදැහීමෙක්, හදහන අයුරෙක්, අරමුණෙහි බැසගැන්මෙක්, අභිප්‍රසාදයෙක් වේ ද, එය යි.
632. ‘චෙතසො එකොදිභාව’න‍්ති යා චිත‍්තස‍්ස ඨිති -පෙ- සම‍්මාසමාධි.
632. ‘චෙතසො ඒකෝදිභාවං’ යනු: චිත්තයාගේ යම් සිටීමෙක් ... සම්‍යක් සමාධියෙක් වේ ද, එයයි.
633. ‘අවිතක‍්කං අවිචාර’න‍්ති අත්‍ථි විතක‍්කො, අත්‍ථි විචාරො. තත්‍ථ කතමො විතක‍්කො: යො තක‍්කො විතක‍්කො -පෙ- සම‍්මාසඞ‍්කප‍්පො අයං වුච‍්චති විතක‍්කො. තත්‍ථ කතමො විචාරො: යො චාරො -පෙ- අනුපෙක‍්ඛනතා. අයං වුච‍්චති විචාරො. ඉති අයඤ‍්ච විතක‍්කො අයඤ‍්ච විචාරො සන‍්තා හොන‍්ති සමිතා වූපසන‍්තා අත්‍ථඞ‍්ගතා අබ‍්භත්‍ථඞ‍්ගතා අප‍්පිතා ව්‍යප‍්පිතා සොසිතා විසොසිතා ව්‍යන‍්තීකතා. තෙන වුච‍්චති ‘අවිතක‍්කං අවිචාර’න‍්ති.
633. ‘අවිතක්කං අවිචාරං’ යනු: විතර්‍කයෙක් ඇත, විචාරයෙක් ඇති. එහි විතර්‍ක කවරෙ යත්: යම් තර්‍කයෙක්, විතර්‍කයෙක් ... සම්‍යක්සඞ්කල්පයෙක් වේ ද, මේ ‘විතර්‍ක’ යි කියනු ලැබේ. එහි විචාර කවරෙ යත්: යම් චාරයෙක් ... අනුප්‍රේක්‍ෂණතායෙක් වේ ද, මේ ‘විචාර’ යි කියනු ලැබේ. මෙසේ මේ විතර්‍කය ද, මේ විචාරය ද ශාන්ත වූවාහු වෙති, ශමිත - ව්‍යුපශාන්ත - අස්තඞ්ගත - අභ්‍යස්තඞ්ගත - අර්පිත - ව්‍යර්පිත - ශොෂිත - විශොෂිත - ව්‍යන්තීකෘත වූවාහු වෙත්. එහෙයින් කියනු ලැබෙයි ‘අවිතක්කං අවිචාරං’ යි.
634. ‘සමාධිජ’න‍්ති සම‍්පසාදො පීතිසුඛං, තෙ ඉමම‍්හි සමාධිම‍්හි ජාතා හොන‍්ති සඤ‍්ජාතා නිබ‍්බත‍්තා අභිනිබ‍්බත‍්තා පාතුභූතා. තෙන වුච‍්චති ‘සමාධිජ’න‍්ති.
634. ‘සමාධිජං’ යනු: සම්ප්‍රසාද ය, ප්‍රීතිය හා සුඛය (යන) ඒ ධර්‍මයෝ මේ සමාධියෙහි හටගත්තාහු වෙති, ප්‍රත්‍යයසමවායයෙන් හටගත්තාහු නිපන්නාහු වෙසෙසින් නිපන්නාහු, පහළ වූවාහු වෙත්. එහෙයින් කියනු ලැබෙයි ‘සමාධිජං’ යි.
635. ‘ පීතිසුඛ’න‍්ති අත්‍ථි පීති, අත්‍ථි සුඛං. තත්‍ථ කතමා පීති -පෙ- අයං වුච‍්චති පීති. තත්‍ථ කතමං සුඛං -පෙ- ඉදං වුච‍්චති සුඛං. ඉදං සුඛං ඉමාය පීතියා සහගතං හොති සහජාතං සංසට‍්ඨං සම‍්පයුත‍්තං. තෙන වුච‍්චති ‘පීතිසුඛ’න‍්ති.
635. ‘පීතිසුඛං’ යනු: ප්‍රීතියක් ඇත, සුඛයෙක් ඇති. එහි ප්‍රීති කවර යත් ... මේ ‘ප්‍රීති’ යි කියනු ලැබේ. එහි සුඛ කවර යත් ... මේ ‘සුඛ’ යි කියනු ලැබේ. මේ සුඛය මේ ප්‍රීතිය සහගියා වෙයි, සහජාත - සංසෘෂ්ට - සම්ප්‍රයුක්ත වේ. එහෙයින් කියනු ලැබෙයි ‘ප්‍රීතිසුඛං’ යි.
636. ‘දුතිය’න‍්ති ගණනානුපුබ‍්බතා දුතියං. ඉදං දුතියං සමාපජ‍්ජතීති දුතියං.
636. ‘දුතියං’ යනු: ගණනානුපූර්‍වතායෙන් ද්විතීය ය. මේ ධ්‍යානයට දෙ වැනිව සමවදී නු යි ද්විතීය යි.
637. ‘ඣාන’න‍්ති සම‍්පසාදො පීතිසුඛං චිත‍්තස‍්ස එකග‍්ගතා.
637. ‘ඣානං’ යනු: සම්ප්‍රසාද ය, ප්‍රීතිය හා සුඛය, චිත්තෛකාග්‍රතා යි.
638. ‘උපසම‍්පජ‍්ජා’ති යො දුතියස‍්ස ඣානස‍්ස ලාභො පටිලාභො පත‍්ති සම‍්පත‍්ති ඵුසනා සච‍්ඡිකිරියා උපසම‍්පදා.
638. ‘උපසම්පජ්ජ’ යනු: ද්විතීයධ්‍යානයාගේ යම් ලාභයෙක්, ප්‍රතිලාභයෙක්, ප්‍රාප්තියක්, සම්ප්‍රාප්තියක්, ස්පර්‍ශයෙක්, සාක්‍ෂාත්ක්‍රියාවක්, පැමිණීමෙක් වේ ද, එයයි.
639. ‘විහරතී’ති -පෙ- තෙන වුච‍්චති ‘විහරතී’ති.
639. ‘විහරති’ යනු ... එහෙයින් කියනු ලැබෙයි ‘විහරති’ යි.
640. ‘පීතියා ච විරාගා’ති තත්‍ථ කතමා පීති: යා පීති පාමොජ‍්ජං ආමොදනා පමොදනා හාසො පහාසො විත‍්ති ඔදග්‍යං අත‍්තමනතා චිත‍්තස‍්ස. අයං වුච‍්චති පීති. අයං පීති සන‍්තා හොති සමිතා වූපසන‍්තා අත්‍ථඞ‍්ගතා අබ‍්භත්‍ථඞ‍්ගතා අප‍්පිතා ව්‍යප‍්පිතා සොසිතා විසොසිතා ව්‍යන‍්තී කතා. තෙන වුච‍්චති ‘පීතියා ච විරාගා’ති.
640. ‘පීතියා ච විරාගා’ යනු: එහි ප්‍රීති කවර යත්: යම් ප්‍රීතියක්, ප්‍රමෝද බවෙක්, ආමොදනයෙක්, ප්‍රමෝදනයෙක්, හර්‍ෂයෙක්, ප්‍රහර්‍ෂයෙක්, සන්තෝෂයෙක්, ඔදවැඩි බවෙක්, චිත්තයාගේ සියමනබවෙක් වේ ද, මේ ‘ප්‍රීති’ යි කියනු ලැබේ. මේ ප්‍රීතිය ශාන්ත - ශමිත - ව්‍යුපශාන්ත - අස්තඞ්ගත - අභ්‍යස්තඞ්ගත - අර්පිත - ව්‍යර්පිත - ශොෂිත - විශොෂිත - ව්‍යන්තීකෘත වෙත්. එහෙයින් කියනු ලැබෙයි ‘පීතියා ව විරාගා’ යි.
641. ‘උපෙක‍්ඛකො’ති තත්‍ථ කතමා උපෙක‍්ඛා: යා උපෙක‍්ඛා උපෙක‍්ඛනා අජ‍්ඣුපෙක‍්ඛනා මජ‍්ඣත‍්තතා චිත‍්තස‍්ස, අයං වුච‍්චති උපෙක‍්ඛා. ඉමාය උපෙක‍්ඛාය උපෙතො හොති -පෙ- සමන‍්නාගතො. තෙන වුච‍්චති ‘උපෙක‍්ඛකො’ති.
641. ‘උපෙක්ඛකො’ යනු: එහි උපේක්‍ෂා කවර යත්: යම් උපේක්‍ෂාවක්, උපේක්‍ෂා අයුරෙක්, අධ්‍යුපේක්‍ෂණයෙක්, චිත්තයාගේ මැදහත් බවෙක් වේ ද, මේ ‘උපේක්‍ෂා’ යි කියනු ලැබේ. මේ උපේක්‍ෂායෙන් යුක්ත වූයේ වෙයි ... සමන්‍වාගත වූයේ වේ. එහෙයින් කියනු ලැබෙයි ‘උපෙක්ඛකො’ යි.
642. ‘විහරතී’ති -පෙ- තෙන වුච‍්චති ‘විහරතී’ති.
642. ‘විහරති’ යනු: ... එහෙයින් කියනු ලැබෙයි ‘විහරති’ යි.
643. ‘සතො ච සම‍්පජානො’ති තත්‍ථ කතමා සති: යා සති අනුස‍්සති -පෙ- සම‍්මාසති, අයං වුච‍්චති සති. තත්‍ථ කතමං සම‍්පජඤ‍්ඤං: යා පඤ‍්ඤා පජානනා -පෙ- අමොහො ධම‍්මවිචයො සම‍්මාදිට‍්ඨි, ඉදං වුච‍්චති සම‍්පජඤ‍්ඤං. ඉති ඉමාය ච සතියා ඉමිනා ච සම‍්පජඤ‍්ඤෙන උපෙතො හොති -පෙ- සමන‍්නාගතො. තෙන වුච‍්චති ‘සතො ච සම‍්පජානො’ති.
643. ‘සතෝ ච සම්පජානෝ’ යනු: එහි ‘සති’ කවර යත්: යම් ස්මෘතියක්, අනුස්මෘතියක් ... සම්‍යක්ස්මෘතියක් වේ ද, මේ ‘සති’ යි කියනු ලැබේ. එහි සම්පජඤ්ඤ කවරෙ යත්: යම් ප්‍රඥාවක් දන්නා අයුරෙක් ... අමෝහයෙක්, ධර්‍මවිචයයෙක්, සම්‍යග්දෘෂ්ටියක්, වේ ද, මේ ‘සම්පජඤ්ඤ’ යි කියනු ලැබේ. මෙසේ මේ සතියෙන් ද, මේ සම්පජඤ්ඤයෙන් ද යුක්ත වූයේ වෙයි ... සමන්‍වාගත වූයේ වේ. එහෙයින් කියනු ලැබෙයි ‘සතෝ ච සම්පජානෝ’ යි.
644. ‘සුඛං ච කායෙන පටිසංවෙදෙතී’ති තත්‍ථ කතමං සුඛං: යං චෙතසිකං සාතං චෙතසිකං සුඛං චෙතො සම‍්ඵස‍්සජං සාතං සුඛං වෙදයිතං චෙතොසම‍්ඵස‍්සජා සාතා සුඛා වෙදනා, ඉදං වුච‍්චති සුඛං. තත්‍ථ කතමො කායො: සඤ‍්ඤාක‍්ඛන්‍ධො සඞ‍්ඛාරක‍්ඛන්‍ධො විඤ‍්ඤාණක‍්ඛන්‍ධො, අයං වුච‍්චති කායො. ඉදං සුඛං ඉමිනා කායෙන පටිසංවෙදෙති. තෙන වුච‍්චති ‘සුඛං ච කායෙන පටිසංවෙදෙතී’ති.
644. ‘සුඛං ච කායේන පටිසංවේදේති’ යනු: එහි ‘සුඛ’ කවරෙ යත්: යම් චෛතසික වු මිහිරෙක්, චෛතසික වූ සුවයෙක්, චේතෝසම්ඵස්සයෙන් උපන් මිහිරි වූ සුව වූ වේදයිතයෙක්, චේතෝසම්ඵස්සයෙන් උපන් සාතසුඛවේදනාවක් වේ ද, මේ ‘සුඛ’ යි කියනු ලැබේ. එහි කාය කවරෙ යත්: සංඥාස්කන්‍ධ ය, සංස්කාරස්කන්‍ධ ය, විඥානස්කන්‍ධ යි. මේ ‘කාය’ යි කියනු ලැබේ. මේ සුඛය මේ කයින් විඳියි. එහෙයින් කියනු ලැබෙයි ‘සුඛං ච කායේන පටිසංවේදේති’ යි.
645. ‘යං තං අරියා ආචික‍්ඛන‍්තී’ති තත්‍ථ කතමෙ අරියා: අරියා වුච‍්චන‍්ති බුද‍්ධා ච බුද‍්ධසාවකා ච, තෙ ඉමං ආචික‍්ඛන‍්ති දෙසෙන‍්ති පඤ‍්ඤාපෙන‍්ති පට‍්ඨපෙන‍්ති විචරන‍්ති විභජන‍්ති උත‍්තානීකරොන‍්ති පකාසෙන‍්ති. තෙන වුච‍්චති ‘යං තං අරියා ආචික‍්ඛන‍්තී’ති.
645. ‘යං තං අරියා ආචික්ඛන්ති’ යනු: එහි ආර්‍ය්‍යයෝ කවරහ යත්: බුදුවරු ද, බුද්ධශ්‍රාවකයෝ ද, ‘ආර්‍ය්‍යයෝ’ යි කියනු ලැබෙත්. ඔහු මේ පුද්ගලයා උදෙසති, දෙසති, පනවති, පිහිටුවති, ප්‍රකට කෙරෙති, විභාග කෙරෙති, නො ගැඹුරු කෙරෙති, ප්‍රකාශ කෙරෙත්. එහෙයින් කියනු ලැබෙයි ‘යං තං අරියා ආචික්ඛන්ති’ යි.
646. ‘උපෙක‍්ඛකො සතිමා සුඛවිහාරී’ති තත්‍ථ කතමා උපෙක‍්ඛා: යා උපෙක‍්ඛා උපෙක‍්ඛනා අජ‍්ඣුපෙක‍්ඛනා මජ‍්ඣත‍්තතා චිත‍්තස‍්ස, අයං වුච‍්චති උපෙක‍්ඛා. තත්‍ථ කතමා සති: යා සති අනුස‍්සති -පෙ- සම‍්මාසති, අයං වුච‍්චති සති. තත්‍ථ කතමං සුඛං: යා චෙතසිකං සාතං -පෙ- ඉදං වුච‍්චති සුඛං. ඉති ඉමාය ච උපෙක‍්ඛාය ඉමාය ච සතියා ඉමිනා ච සුඛෙන සමන‍්නාගතො ඉරීයති වත‍්තති පාලෙති යාපෙති චරති විහරති. තෙන වුච‍්චති ‘උපෙක‍්ඛකො සතිමා සුඛවිහාරී’ති.
646. ‘උපෙක්ඛකො සතිමා සුඛවිහාරී’ යනු: එහි උපේක්‍ෂා කවර යත්: යම් උපේක්‍ෂායෙක්, උපේක්‍ෂාකාරයෙක්, අධ්‍යුපේක්‍ෂණයෙක්, චිත්තයාගේ මැදහත් බවෙක් වේ ද, මේ ‘උපේක්‍ෂා’ යි කියනු ලැබේ. එහි සති කවර යත්: යම් ස්මෘතියෙක්, අනුස්මෘතියෙක් ... සම්‍යක්ස්මෘතියෙක් වේ ද, මේ ‘සති’ යි කියනු ලැබේ. එහි සුඛය කවරෙ යත්: යම් චෛතසික වූ සාතයෙක් ... මේ ‘සුඛ’ යි කියනු ලැබේ. මෙසේ මේ උපේක්‍ෂායෙන් ද, මේ ස්මෘතියෙන් ද, මේ සුඛයෙන් ද, සමන්‍වාගත වූයේ, ඉරියවු පවත්වයි, වැටෙයි, පාලනය කෙරෙයි, යැපෙයි, හැසිරෙයි, වෙසේ. එහෙයින් කියනු ලැබෙයි ‘උපෙක්ඛකො සතිමා සුඛවිහාරී’ යි.
647. ‘තතිය’න‍්ති ගණනානුපුබ‍්බතා තතියං, ඉදං තතියං සමාපජ‍්ජතී’ති තතියං.
647. ‘තතියං’ යනු: ගණනානුපූර්‍වතායෙන් තෘතීය යි. මේ ධ්‍යානයට තුන්වැනි ව සමවදී නු යි තෘතීය යි.
648. ‘ඣාන’න‍්ති උපෙක‍්ඛාසතිසම‍්පජඤ‍්ඤං සුඛං චිත‍්තස‍්ස එකග‍්ගතා.
648. ‘ඣානං’ යනු: උපේක්‍ෂායෙන් උපන් ස්මෘතිසම්ප්‍රජන්‍ය ය, සුඛ ය, චිත්තෛකාග්‍රතා යි.
649. ‘උපසම‍්පජ‍්ජා’ති යො තතියස‍්ස ඣානස‍්ස ලාභො පටිලාභො පත‍්ති සම‍්පත‍්ති ඵුසනා සච‍්ඡිකිරියා උපසම‍්පදා.
649. ‘උපසම්පජ්ජ’ යනු: තෘතීයධ්‍යානයාගේ යම් ලාභයෙක්, ප්‍රතිලාභයෙක්, ප්‍රාප්තියක්, සම්ප්‍රාප්තියක්, ස්පර්‍ශයෙක්, සාක්‍ෂාත්ක්‍රියායෙක්, පැමිණීමෙක් වේ ද එය යි.
650. ‘විහරතී’ති -පෙ- තෙන වුච‍්චති විහරතී’ති.
650. ‘විහරති’ යනු: ... එහෙයින් කියනු ලැබෙයි ‘විහරති’ යි.
651. ‘සුඛස‍්ස ච පහානා දුක්ඛස්ස ච පහානා’ති අත්‍ථි සුඛං, අත්‍ථි දුක‍්ඛං. තත්‍ථ කතමං සුඛං: යං කායිකං සාතං කායිකං සුඛං කායසම‍්ඵස‍්සජං සාතං සුඛං වෙදයිතං කායසම‍්ඵස‍්සජා සාතා සුඛා වෙදනා, ඉදං වුච‍්චති සුඛං. තත්‍ථ කතමං දුක‍්ඛං: යං කායිකං අසාතං කායිකං දුක‍්ඛං කායසම‍්ඵස‍්සජං අසාතං දුක‍්ඛං වෙදයිතං කායසම‍්ඵස‍්සජා අසාතා දුක‍්ඛා වෙදනා, ඉදං වුච‍්චති දුක‍්ඛං. ඉති ඉදඤ‍්ච සුඛං ඉදඤ‍්ච දුක‍්ඛං සන‍්තා හොන‍්ති සමිතා වූපසන‍්තා අත්‍ථඞ‍්ගතා අබ‍්භත්‍ථඞ‍්ගතා අප‍්පිතා ව්‍යප‍්පිතා සොසිතා විසොසිතා ව්‍යන‍්තීකතා. තෙන වුච‍්චති ‘සුඛස‍්ස ච පහානා දුක්ඛස්ස ච පහානා’ති.
651. ‘සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා’ යනු: සුඛයෙක් ඇත, දුඃඛයෙක් ඇති. එහි ‘සුඛ’ කවරෙ යත්: යම් කායික වූ මිහිරෙක්, කායික වූ සුවයෙක්, කායසම්ඵස්සයෙන් උපන් මිහිරි වූ, සුව වූ වේදයිතයෙක්, කායසම්ඵස්සයෙන් උපන් මිහිරි වූ, සුව වූ වේදනාවක් වේ ද, මේ ‘සුඛ’ යි කියනු ලැබේ. එහි දුඃඛ කවරෙ යත්: යම් කායික වූ අමිහිරෙක්, කායික වූ දුකෙක්, කායසම්ඵස්සයෙන් උපන් අමිහිරි වූ, දුක් වූ වේදයිතයෙක්, කායසම්ඵස්සයෙන් උපන් අමිහිරි වූ, දුක් වූ වේදනායෙක් වේ ද, මේ ‘දුඃඛ’ යි කියනු ලැබේ. මෙසේ මේ සුඛය ද, මේ දුඃඛය ද සන්හිඳුනාහු වෙති. ශමිත වූවාහු, ව්‍යුපශාන්ත වූවාහු, අස්තයට ගියාහු, වෙසෙසින් අස්තයට ගියාහු, අර්පිත වූවාහු, වෙසෙසින් අර්පිත වූවාහු, වියළන ලද්දාහු, වෙසෙසින් වියළන ලද්දාහු, විගතාන්ත කරන ලද්දාහු වෙත්. එහෙයින් කියනු ලැබෙයි ‘සුඛස්ස ච පහානා දුක්ඛස්ස ච පහානා’ යි.
652. ‘පුබ‍්බෙව සොමනස‍්ස දොමනස‍්සානං අත්‍ථඞ‍්ගමා’ති අත්‍ථි සොමනස‍්සං, අත්‍ථි දොමනස‍්සං. තත්‍ථ කතමං සොමනස‍්සං: යං චෙතසිකං සාතං චෙතසිකං සුඛං චෙතොසම‍්ඵස‍්සජං සාතං සුඛං වෙදයිතං චෙතො සම‍්ඵස‍්සජා සාතා සුඛා වෙදනා, ඉදං වුච‍්චති සොමනස‍්සං. තත්‍ථ කතමං දොමනස‍්සං: යං චෙතසිකං අසාතං චෙතසිකං දුක‍්ඛං චෙතොසම‍්ඵස‍්සජං අසාතං දුක‍්ඛං වෙදිතං චෙතොසම‍්ඵස‍්සජා අසාතා දුක‍්ඛා වෙදනා, ඉදං වුච‍්චති දොමනස‍්සං. ඉති ඉදං ච සොමනස‍්සං ඉදං ච දොමනස‍්සං පුබ‍්බෙව සන‍්තා හොන‍්ති සමිතා වූපසන‍්තා අත්‍ථඞ‍්ගතා අබ‍්භත්‍ථඞ‍්ගතා අප‍්පිතා ව්‍යප‍්පිතා සොසිතා විසොසිතා ව්‍යන‍්තීකතා. තෙන වුච‍්චති ‘පුබ‍්බෙව සොමනස‍්ස දොමනස‍්සානං අත්‍ථඞ‍්ගමා’ති.
652. ‘පුබ්බේව සෝමනස්ස දොමනස්සානං අත්‍ථඞ්ගමා’ යනු: සෝමනස්සයෙක් ඇත, දොමනස්සයෙක් ඇති. එහි සෝමනස්ස කවරෙ යත්: යම් චෛතසික වූ මිහිරෙක්, චෛතසික වූ සුවයෙක්, චේතෝසම්ඵස්සයෙන් උපන්, මිහිරි වු, සුව වූ, වේදයිතයෙක්, චේතෝසම්ඵස්සයෙන් උපන්, මිහිරි වු, සුව වූ, වේදනායෙක් වේ ද, මේ ‘සෝමනස්ස’ යි කියනු ලැබේ. එහි දෝමනස්ස කවරෙ යත්: යම් චෛතසික වූ අමිහිරෙක්, චෛතසික වූ දුකෙක්, චේතෝසම්ඵස්සයෙන් උපන්, අමිහිරි වු, දුක් වූ, වේදයිතයෙක්, චේතෝසම්ඵස්සයෙන් උපන්, අමිහිරි වු, දුක් වූ, වේදනායෙක් වේ ද, මේ ‘දෝමනස්ස’ යි කියනු ලැබේ. මෙසේ මේ සෝමනස්සය ද, මේ දෝමනස්සය ද, පෙර ම සන්හිඳුනාහු වෙති. ශමිත වූවාහු, ව්‍යුපශාන්ත වූවාහු, අස්තයට ගියාහු, වෙසෙසින් අස්තයට ගියාහු, අර්පිත වූවාහු, වෙසෙසින් අර්පිත වූවාහු, වියළන ලද්දාහු, වෙසෙසින් වියළන ලද්දාහු, විගතාන්ත කරන ලද්දාහු වෙත්. එහෙයින් කියනු ලැබෙයි ‘පුබ්බේව සෝමනස්සදෝමනස්සානං අත්‍ථඞ්ගමා’ යි.
653. ‘අදුක‍්ඛමසුඛ’න‍්ති යං චෙතසිකං නෙව සාතං නාසාතං චෙතොසම‍්ඵස‍්සං අදුක‍්ඛමසුඛං වෙදයිතං චෙතොසම‍්ඵස‍්සජා අදුක‍්ඛමසුඛා වෙදනා. තෙන වුච‍්චති ‘අදුක‍්ඛමසුඛ’න‍්ති.
653. ‘අදුක්ඛමසුඛං’ යනු: යම් චෛතසික වූ, නො ම සාත වූ, අසාත නො වූ, චේතෝසම්ඵස්සයෙන් උපන් නො දුක්, නො සුව වේදයිතයෙක්, චේතෝසම්ඵස්සයෙන් උපන් නො දුක්, නො සුව වේදනායෙක් වේ ද, එය යි. එහෙයින් කියනු ලැබෙයි ‘අදුක්ඛමසුඛං’ යි.
654. ‘උපෙක‍්ඛාසතිපාරිසුද‍්ධි’න‍්ති තත්‍ථ කතමා උපෙක‍්ඛා: යා උපෙක‍්ඛා උපෙක‍්ඛනා අජ‍්ඣුපෙක‍්ඛනා මජ‍්ඣත‍්තතා චිත‍්තස‍්ස, අයං වුච‍්චති උපෙක‍්ඛා. තත්‍ථ කතමා සති: යා සතිඅනුස‍්සති -පෙ- සම‍්මාසති. අයං වුච‍්චති සති. අයං සති ඉමාය උපෙක‍්ඛාය විවටා හොති පරිසුද‍්ධා පරියොදාතා. තෙ වුච‍්චති ‘උපෙක‍්ඛාසතිපාරිසුද‍්ධි’න‍්ති.
654. ‘උපෙක්ඛාසතිපාරිසුද්ධිං’ යනු: එහි උපේක්‍ෂා කවර යත්: යම් උපේක්‍ෂායෙක්, උපේක්‍ෂාකාරයෙක්, අධ්‍යුපේක්‍ෂණයෙක්, චිත්තයාගේ මැදහත් බවෙක් වේ ද, මේ ‘උපේක්‍ෂා’ යි කියනු ලැබේ. එහි ‘සති’ කවර යත්: යම් ස්මෘතියෙක්, අනුස්මෘතියෙක් ... සම්‍යක්ස්මෘතියෙක් වේ ද, මේ ‘සති’ යි කියනු ලැබේ. මේ ස්මෘතිය මේ උපේක්‍ෂායෙක් විවෘත වූවා පරිශුද්ධ වූවා පර්‍ය්‍යවදාත වූවා වෙයි. එහෙයින් කියනු ලැබෙයි ‘උපෙක්ඛා සති පාරිසුද්ධිං’ යි.
655. ‘චතුත්‍ථ’න‍්ති ගණනානුපුබ‍්බතා චතුත්‍ථං. ඉදං චතුත්‍ථං සමාපජ‍්ජතීති චතුත්‍ථං.
655. ‘චතුත්‍ථං’ යනු: ගණනානුපූර්‍වතායෙන් චතුර්‍ත්‍ථ ය. මේ ධ්‍යානයට සතරවැනි ව සමවදී නු යි චතුර්‍ත්‍ථ යි.
656. ‘ඣාන’න‍්ති උපෙක‍්ඛා සති චිත‍්තස‍්ස එකග‍්ගතා.
656. ‘ඣානං’ යනු: උපේක්‍ෂායෙන් උපන් ස්මෘති ය, චිත්තයාගේ ඒකාග්‍රතා යි.
657. ‘උපසම‍්පජ‍්ජා’ති, යො චතුත්‍ථස‍්ස ඣානස‍්ස ලාභො පටිලාභො පත‍්ති සම‍්පත‍්ති ඵුසනා සච‍්ඡිකිරියා උපසම‍්පදා.
657. ‘උපසම්පජ්ජ’ යනු: චතුර්‍ත්‍ථධ්‍යානයාගේ යම් ලාභයෙක්, ප්‍රතිලාභයෙක්, ප්‍රාප්තියක්, සම්ප්‍රාප්තියක්, ස්පර්‍ශයෙක්, සාක්‍ෂාත්ක්‍රියායෙක්, පැමිණීමෙක් වේ ද එය යි.
658. ‘විහරතී’ති -පෙ- තෙන වුච‍්චති ‘විහරතී’ති.
658. ‘විහරති’ යනු: ... එහෙයින් කියනු ලැබෙයි ‘විහරති’ යි.
659. ‘සබ‍්බසො රූපසඤ‍්ඤානං සමතික‍්කමා’ති. තත්‍ථ කතමා රූපසඤ‍්ඤා: රූපාවචරසමාපත‍්තිං සමාපන‍්නස‍්ස වා උපපන‍්නස‍්ස වා දිට‍්ඨධම‍්මසුඛවිහාරිස‍්ස වා සඤ‍්ඤා සඤ‍්ජානනා සඤ‍්ජානිතත‍්තං, ඉමා වුච‍්චන‍්ති රූපසඤ‍්ඤායො. ඉමා රූපසඤ‍්ඤායො අතික‍්කන‍්තො හොති වීතික‍්කන‍්තො සමතික‍්කන‍්තො. තෙන වුච‍්චති ‘සබ‍්බසො රූපසඤ‍්ඤානං සමතික‍්කමා’ති.
659. ‘සබ්බසො රූපසඤ්ඤාණං සමතික්කමා’ යනු: එහි ‘රූපසංඥා’ කවර යත්: රූපාවචරසමාපත්තියට සමවන්හුගේ හෝ පැමිණියහුගේ දෘෂ්ටධර්‍මසුඛවිහාර ඇත්තහුගේ හෝ හැඳිනීමෙක් හඳුනන අයුරෙක් හැඳිනගත් බවෙක් වේ ද, මොහු ‘රූපසංඥා’ යි කියනු ලැබෙත්. මේ රූපසංඥාවන් ඉක්මගියේ වෙයි, වෙසෙසින් ඉක්මගියේ, මොනවට ඉක්මගියේ වේ. එහෙයින් කියනු ලැබෙයි ‘සබ්බසො රූපසඤ්ඤාණං සමතික්කමා’ යි.
660. ‘පටිඝසඤ‍්ඤානං අත්‍ථඞ‍්ගමා’ති තත්‍ථ කතමා පටිඝසඤ‍්ඤා: රූපසඤ‍්ඤා සද‍්දසඤ‍්ඤා ගන්‍ධසඤ‍්ඤා රසසඤ‍්ඤා ඵොට‍්ඨබ‍්බසඤ‍්ඤා. ඉමා වුච‍්චන‍්ති පටිඝසඤ‍්ඤායො. ඉමා පටිඝසඤ‍්ඤායො සන‍්තා හොන‍්ති සමිතා වූපසන‍්තා අත්‍ථඞ‍්ගතා අබ‍්භත්‍ථඞ‍්ගගතා අප‍්පිතා ව්‍යප‍්පිතා සොසිතා විසොසිතා ව්‍යන‍්තී කතා, තෙන වුච‍්චති පටිඝසඤ‍්ඤානං අත්‍ථඞ‍්ගමාති.
660. ‘පටිඝසඤ්ඤාණං අත්‍ථඞ්ගමා’ යනු: එහි ‘ප්‍රතිඝසංඥා’ කවර යත්: රූපසංඥා ය, ශබ්දසංඥා ය, ගන්‍ධසංඥා ය, රසසංඥා ය, ස්පර්‍ශසංඥා යි. මොහු ‘ප්‍රතිඝසංඥා’ යි කියනු ලැබෙත්. මේ ප්‍රතිඝසංඥාවෝ සන්හිඳුණාහු වෙති, සන්හිඳුවන ලද්දාහු වෙසෙසින් සන්හිඳුණාහු, අස්තයට ගියාහු, වෙසෙසින් අස්තයට ගියාහු, අර්පිත වූවාහු, ව්‍යර්පිත වූවාහු, වියළන ලද්දාහු, වෙසෙසින් වියළන ලද්දාහු, විගතාන්ත කරන ලද්දාහු වෙත්. එහෙයින් කියනු ලැබෙයි ‘පටිඝසඤ්ඤාණං අත්‍ථඞ්ගමා’ යි.
661. ‘නානත‍්තසඤ‍්ඤානං අමනසිකාරා’ති. තත්‍ථ කතමා නානත‍්තසඤ‍්ඤා: අසමාපන‍්නස‍්ස මනොධාතුසමඞ‍්ගිස‍්ස වා මනොවිඤ‍්ඤාණධාතු සමඞ‍්ගිස‍්ස වා සඤ‍්ඤා සඤ‍්ජානනා සඤ‍්ජානිතත‍්තං, ඉමා වුච‍්චන‍්ති නානත‍්තසඤ‍්ඤායො. ඉමා නානත‍්තසඤ‍්ඤායො න මනසිකරොති. තෙන වුච‍්චති ‘නානත‍්තසඤ‍්ඤානං අමනසිකාරා’ති.
661. ‘නානත්තසඤ්ඤාණං අමනසිකාරා’ යනු: එහි ‘නානත්‍වසංඥා’ කවර යත්: මනෝධාතුසමඞ්ගී වූ හෝ මනෝවිඥානධාතුසමඞ්ගී වූ හෝ අසමාපන්නයාගේ සංඥායෙක් හඳුනන අයුරෙක්, හැඳිනගත් බවෙක් වේ ද, මොහු ‘නානත්‍වසංඥා’ යි කියනු ලැබෙත්. මේ නානාත්‍වසංඥාවන් නො මෙනෙහි කෙරෙයි. එහෙයින් කියනු ලැබෙයි ‘නානත්තසඤ්ඤාණං අමනසිකාරා’ යි.
662. ‘අනන‍්තො ආකාසො’ති තත්‍ථ කතමො ආකාසො: යො ආකාසො ආකාසගතං අඝං අඝගතං විවරො විවරගතං අසම‍්ඵුට‍්ඨං චතුහි මහාභූතෙහි, අයං වුච‍්චති ආකාසො. තස‍්මිං ආකාසෙ චිත‍්තං ඨපෙති සණ‍්ඨපෙති අනන‍්තං ඵරති. ‘තෙන වුච‍්චති අනන‍්තො ආකාසො’ති.
662. ‘අනන්තො ආකාසො’ යනු: එහි ආකාශය කවරෙ යත්: යම් ආකාශයෙක්, ආකාශගතයෙක්, (නො ගැටෙන හෙයින්) අඝයෙක්, අඝතයෙක්, විවරයෙක්, විවරගතයෙක්, සතර මහාභූතයන් විසින් නො පහස්නා ලද්දෙක් වේ ද, මේ ‘ආකාශ’ යි කියනු ලැබේ. ඒ ආකාශයෙහි සිත තබයි, මොනොවට තබයි, අනන්ත ව පතුරයි. එහෙයින් කියනු ලැබෙයි ‘අනන්තො ආකාසො’ යි.
663. ‘ආකාසානඤ‍්චායතන’න‍්ති ආකාසානඤ‍්චායතනං සමාපන‍්නස‍්ස වා උපපන‍්නස‍්ස වා දිට‍්ඨධම‍්මසුඛවිහාරිස‍්ස වා චිත‍්තචෙතසිකා ධම‍්මා.
663. ‘ආකාසානඤ්චායතනං’ යනු: අකාසානඤ්චායතනයට සමවන්හුගේ හෝ පැමිණියහුගේ හෝ ඉහාත්මසුඛවිහාර ඇත්තහුගේ හෝ චිත්තචෛතසික ධර්‍මයෝ යි.
664. ‘උපසම‍්පජ‍්ජා’ති යො ආකාසානඤ‍්චායතනස‍්ස ලාභො පටිලාභො පත‍්ති සම‍්පත‍්ති ඵුසනා සච‍්ඡිකිරියා උපසම‍්පදා.
664. ‘උපසම්පජ්ජ’ යනු: ආකාසානඤ්චායතනයාගේ යම් ලාභයෙක්, ප්‍රතිලාභයෙක්, ප්‍රාප්තියක්, සම්ප්‍රාප්තියක්, ස්පර්‍ශයෙක්, සාක්‍ෂාත්ක්‍රියායෙක්, පැමිණීමෙක් වේ ද එය යි.
665. ‘විහරතී’ති -පෙ- තෙන වුච‍්චති ‘විහරතී’ති.
665. ‘විහරති’ යනු: ... එහෙයින් කියනු ලැබෙයි ‘විහරති’ යි.
666. ‘සබ‍්බසො ආකාසානඤ‍්චායතනං සමතික‍්කම‍්මා’ති, ඉමං ආකාසානඤ‍්චායතනං අතික‍්කන‍්තො හොති වීතික‍්කන‍්තො සමතික‍්කන‍්තො. ‘තෙන වුච‍්චති සබ‍්බසො ආකාසානඤ‍්චායතනං සමතික‍්කම‍්මා’ති.
666. ‘සබ්බසො ආකාසානඤ්චායතනං සමතික්කම්ම’ යනු: මේ ආකාසානඤ්චායතනය ඉක්මගියේ වෙයි. වෙසෙසින් ඉක්මගියේ, මොනොවට ඉක්මගියේ වේ. එහෙයින් කියනු ලැබෙයි ‘සබ්බසො ආකාසානඤ්චායතනං සමතික්කම්ම’ යි.
667. ‘අනන‍්තං විඤ‍්ඤාණ’න‍්ති තං යෙව ආකාසං විඤ‍්ඤාණෙන ඵුට‍්ඨං මනසිකරොති අනන‍්තං ඵරති. තෙන වුච‍්චති ‘අනන‍්තං විඤ‍්ඤාණ’න‍්ති.
667. ‘අනන්ත විඤ්ඤාණං’ යනු: විඥානයෙන් පහස්නා ලද එම ආකාශය මෙනෙහි කෙරෙයි. අනන්ත යි පතුරයි. එහෙයින් කියනු ලැබෙයි ‘අනන්ත විඤ්ඤාණං’ යි.
668. ‘විඤ‍්ඤාණඤ‍්චායතන’න‍්ති විඤ‍්ඤාණඤ‍්චායතනං සමාපන‍්නස‍්ස වා උපපන‍්නස‍්ස වා දිට‍්ඨධම‍්මසුඛවිහාරිස‍්ස වා චිත‍්තචෙතසිකා ධම‍්මා.
668. ‘විඤ්ඤාණඤ්චායතනං’ යනු: විඤ්ඤාණඤ්චායතනයට සමවන්හුගේ හෝ පැමිණියහුගේ හෝ දෘෂ්ටධර්‍මසුඛවිහාර ඇත්තහුගේ හෝ චිත්තචෛසිකධර්‍මයෝ යි.
669. ‘උපසම‍්පජ‍්ජා’ති යො විඤ‍්ඤාණඤ‍්චායතනස‍්ස ලාභො පටිලාභො පත‍්ති සම‍්පත‍්ති ඵුසනා සච‍්ඡිකිරියා උපසම‍්පදා.
669. ‘උපසම්පජ්ජ’ යනු: විඤ්ඤාණඤ්චායතනයාගේ යම් ලාභයෙක්, ප්‍රතිලාභයෙක්, ප්‍රාප්තියක්, සම්ප්‍රාප්තියක්, පැහැස්මෙක්, පසක්කිරීමෙක්, පැමිණීමෙක් වේ ද එය යි.
670. ‘විහරතී’ති -පෙ- තෙන වුච‍්චති ‘විහරතී’ති.
670. ‘විහරති’ යනු: ... එහෙයින් කියනු ලැබෙයි ‘විහරති’ යි.
671. ‘සබ‍්බසො විඤ‍්ඤාණඤ‍්චායතනං සමතික‍්කම‍්මා’ති ඉමං විඤ‍්ඤාණඤ‍්චායතනං අතික‍්කන‍්තො හොති වීතික‍්කන‍්තො සමතික‍්කන‍්තො. තෙන වුච‍්චති ‘සබ‍්බසො විඤ‍්ඤාණඤ‍්චායතනං සමතික‍්කම‍්මා’ති.
671. ‘සබ්බසො විඤ්ඤාණඤ්චායතනං සමතික්කම්ම’ යනු: මේ විඤ්ඤාණඤ්චායතනය ඉක්මගියේ වෙයි, වෙසෙසින් ඉක්මගියේ, මැනැවින් ඉක්මගියේ වේ. එහෙයින් කියනු ලැබෙයි ‘සබ්බසො විඤ්ඤාණඤ්චායතනං සමතික්කම්ම’ යි.
672. ‘නත්‍ථි කිංචී’ති තං යෙව විඤ‍්ඤාණං භාවෙති විභාවෙති අන‍්තරධාපෙති නත්‍ථි කිඤ‍්චීති පස‍්සති. තෙන වුච‍්චති ‘නත්‍ථි කිඤ‍්චී’ති.
672. ‘නත්‍ථි කිඤ්චි’ යනු: එ ම විඥානය වඩයි, වෙසෙසින් වඩයි, අතුරුදහන් කෙරෙයි, ‘කිසිවක් නැතැ’ යි බලයි. එහෙයින් කියනු ලැබෙයි ‘නත්‍ථි කිඤ්චි’ යි.
673. ‘ආකිඤ‍්චඤ‍්ඤායතන’න‍්ති ආකිඤ‍්චඤ‍්ඤායතනං සමාපන‍්නස‍්ස වා උපපන‍්නස‍්ස වා දිට‍්ඨධම‍්මසුඛවිහාරිස‍්ස වා චිත‍්තචෙතසිකා ධම‍්මා.
673. ‘ආකිඤ්චඤ්ඤායතනං’ යනු: ආකිඤ්චඤ්ඤායතනයට සමවන්හුගේ හෝ පැමිණියහුගේ හෝ දෘෂ්ටධර්‍මසුඛවිහාර ඇත්තහුගේ හෝ චිත්තචෛසිකධර්‍මයෝ යි.
674. ‘උපසම‍්පජ‍්ජා’ති යො ආකිඤ‍්චඤ‍්ඤායතනස‍්ස ලාභො පටිලාභො පත‍්ති සම‍්පත‍්ති ඵුසනා සච‍්ඡිකිරියා උපසම‍්පදා.
674. ‘උපසම්පජ්ජ’ යනු: ආකිඤ්ඤචඤ්ඤායතනයාගේ යම් ලාභයෙක්, ප්‍රතිලාභයෙක්, ප්‍රාප්තියක්, සම්ප්‍රාප්තියක්, පැහැස්මෙක්, පසක්කිරීමෙක්, පැමිණීමෙක් වේ ද එය යි.
675. ‘විහරතී’ති -පෙ- තෙන වුච‍්චති ‘විහරතී’ති.
675. ‘විහරති’ යනු: ... එහෙයින් කියනු ලැබෙයි ‘විහරති’ යි.
676. ‘සබ‍්බසො ආකිඤ‍්චඤ‍්ඤායතනං සමතික‍්කම‍්මා’ති ඉමං ආකිඤ‍්චඤ‍්ඤායතනං අතික‍්කන‍්තො හොති වීතික‍්කන‍්තො සමතික‍්කන‍්තො. තෙන වුච‍්චති ‘සබ‍්බසො ආකිඤ‍්චඤ‍්ඤායතනං සමතික‍්කම‍්මා’ති.
676. ‘සබ්බසො ආකිඤ්චඤ්ඤායතනං සමතික්කම්ම’ යනු: මේ ආකිඤ්චත්තායතනය ඉක්මගියේ වෙයි, වෙසෙසින් ඉක්මගියේ, මැනැවින් ඉක්මගියේ වේ. එහෙයින් කියනු ලැබෙයි ‘සබ්බසො ආකිඤ්චඤ්ඤායතනං සමතික්කම්ම’ යි.
677. ‘නෙවසඤ‍්ඤීනාසඤ‍්ඤී’ති තං යෙව ආකිඤ‍්චඤ‍්ඤායතනං සන‍්තතො මනසිකරොති සඞ‍්ඛාරාවසෙසසමාපත‍්තිං භාවෙති. තෙන වුච‍්චති ‘නෙවසඤ‍්ඤීනාසඤ‍්ඤී’ති.
677. ‘නේවසඤ්ඤීනාසඤ්ඤී’ යනු: එ ම ආකිඤ්චඤ්ඤායතනය ශාන්ත වශයෙන් මෙනෙහි කෙරෙයි, සංස්කාරාවශේෂ සමාපත්තිය වඩයි, එහෙයින් කියනු ලැබෙයි ‘නේවසඤ්ඤීනාසඤ්ඤී’ යි.
678. ‘නෙවසඤ‍්ඤා නාසඤ‍්ඤායතන’න‍්ති නෙවසඤ‍්ඤා නාසඤ‍්ඤායතනං සමාපන‍්නස‍්ස වා උපපන‍්නස‍්ස වා දිට‍්ඨධම‍්මසුඛවිහාරිස‍්ස වා චිත‍්තචෙතසිකා ධම‍්මා.
678. ‘නේවසඤ්ඤානාසඤ්ඤායතනං’ යනු: නේවසඤ්ඤානාසඤ්ඤායතනයට සමවන්හුගේ හෝ පැමිණියහුගේ හෝ දෘෂ්ටධර්‍මසුඛවිහාර ඇත්තහුගේ හෝ චිත්තචෛසික ධර්‍මයෝ යි.
679. ‘උපසම‍්පජ‍්ජා’ති යො නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනස‍්ස ලාභො පටිලාභො පත‍්ති සම‍්පත‍්ති ඵුසනා සච‍්ඡිකිරියා උපසම‍්පදා.
679. ‘උපසම්පජ්ජ’ යනු: නේවසඤ්ඤානාඤ්ඤායතනයාගේ යම් ලාභයෙක්, ප්‍රතිලාභයෙක්, ප්‍රාප්තියක්, සම්ප්‍රාප්තියක්, ස්පර්‍ශයෙක්, සාක්‍ෂාත්ක්‍රියායෙක් පැමිණීමෙක් වේ ද එය යි.
680. ‘විහරතී’ති ඉරීයති වත‍්තති පාලෙති යපෙති යාපෙති චරති විහරති. තෙන වුච‍්චති ‘විහරතී’ති.
680. ‘විහරති’ යනු: ඉරියවු පවත්වයි, වැටෙයි, පාලනය කෙරෙයි, යැපෙයි, යාපනය කෙරෙයි, හැසිරෙයි, වෙසේ. එහෙයින් කියනු ලැබෙයි ‘විහරති’ යි.