දසකං
821. තත්ථ කතමො පඤ්චඞ්ගිකො සම්මාසමාධි: පීතිඵරණතා සුඛ ඵරණතා චෙතොඵරණතා ආලොකඵරණතා පච්චවෙක්ඛනානිමිත්තං. ද්වීසු ඣානෙසු පඤ්ඤා පීතිඵරණතා, තීසු ඣානෙසු පඤ්ඤා සුඛඵරණතා, පරචිත්තෙ ඤාණං චෙතොඵරණතා, දිබ්බචක්ඛු ආලොකඵරණතා, තම්හා තම්හා සමාධිම්හා වුට්ඨිතස්ස පච්චවෙක්ඛනාඤාණං පච්චවෙක්ඛනා නිමිත්තං, අයං වුච්චති පඤ්චඞ්ගිකො සම්මාසමාධි.
821. එහි පඤ්චාඞ්ගික වූ සම්‍යක්සමාධි කවරෙ යත්: පීතිඵරණතා ය, සුඛඵරණතා ය, චේතෝඵරණතා ය, ආලෝකඵරණතා ය, පච්චවෙක්ඛණානිමිත්ත යි. (ප්‍රථම ද්විතීය) ධ්යානද්වයෙහි ප්‍රඥාව පීතිඵරණතා ය, ධ්යානත්රයෙහි ප්‍රඥාව සුඛඵරණතා ය, පරචිත්තයෙහි ප්‍රඥාව චේතෝඵරණතා ය, දිව්‍යචක්‍ෂුස ආලෝකඵරණතා ය, ඒ ඒ සමාධියෙන් නැඟීසිටියහුගේ ප්රත්යවේක්ෂාඥානය පච්චවෙක්ඛණානිමිත්ත යි. මේ ‘පඤ්චාඞ්ගික වූ සම්‍යක්සමාධි’ යි කියනු ලැබේ.
තත්ථ කතමො පඤ්චඤාණිකො සම්මාසමාධි: අයං සමාධි පච්චුප්පන්නසුඛො චෙව ආයතිඤ්ච සුඛවිපාකොති පච්චත්තඤ්ඤෙව ඤාණං උප්පජ්ජති, අයං සමාධි අරියො නිරාමිසොති පච්චත්තඤ්ඤෙව ඤාණං උප්පජ්ජති, අයං සමාධි අකාපුරිසසෙවිතොති පච්චත්තඤ්ඤෙව ඤාණං උප්පජ්ජති, අයං සමාධි සන්තො පණීතො පටිප්පස්සද්ධලද්ධො එකොදිභාවාධිගතො න සසඞ්ඛාරනිග්ගය්හ වාරිතවතොති පච්චත්තඤ්ඤෙව ඤාණං උප්පජ්ජති. සො ඛො පනාහං ඉමං සමාධිං සතො සමාපජ්ජාමි සතො උට්ඨහාමීති පච්චත්තඤ්ඤෙව ඤාණං උප්පජ්ජති. අයං පඤ්චඤාණිකො සම්මාසමාධි, එවං පඤ්චවිධෙන ඤාණවත්ථු.
එහි පඤ්චඥානික වූ සම්‍යක්සමාධිය කවරෙ යත්: මේ (අර්හත්ඵල) සමාධිය ප්රත්යුත්පන්නසුඛයත් ආයතිසුඛවිපාකත් ඇත්තේ යයි තමා කෙරෙහි ම ඥානය උපදී, මේ සමාධිය ආර්‍ය්‍ය ය, නිරාමිෂ යයි තමා කෙරෙහි ම ඥානය උපදී, මේ සමාධිය මහාපුරුෂයන් විසින් සෙවුනා ලදැ යි තමා කෙරෙහි ම ඥානය උපදී. මේ සමාධිය ශාන්ත ය, ප්‍රණීත ය, කෙලෙසුන් සන්හිඳුවීමෙන් ලබන ලද ය. එකඟ බැවින් පැමිණෙන ලද ය, සප්රෙයෝග සිතින් නිග්‍රහ කොට කෙලෙස් වරා පැමිණියේ නො වේ යයි තමා කෙරෙහි ඥානය උපදී. ඒ මම මේ සමාධියට සිහි ඇති ව සමවදිමි සිහි ඇති ව (ඉන්) නැඟෙමී තමා කෙරෙහි ම ඥානය උපදී. මේ පඤ්චඥානික වූ සම්‍යක්සමාධිය වේ. මෙසේ පඤ්චප්‍රකාරයෙන් ඥානවස්තු වේ.
822. තත්ථ කතමා ඡසු අභිඤ්ඤාසු පඤ්ඤා: ඉද්ධිවිධෙ ඤාණං, සොතධාතු විසුද්ධියා ඤාණං, පරචිත්තෙ ඤාණං, පුබ්බෙනිවාසානුස්සතියා ඤාණං, සත්තානං චුතූපපාතෙ ඤාණං, ආසවානං ඛයෙ ඤාණං, ඉමා ඡසු අභිඤ්ඤාසු පඤ්ඤා. එවං ඡබ්බිධෙන ඤාණවත්ථු.
822. එහි ෂට් - අභිඥාවන්හි ප්‍රඥා කවර යත්: ඍද්ධිවිධයෙහි ඥානය, ශ්‍රෝතධාතු විශුද්ධියෙහි ඥාන ය, පරචිත්තයෙහි ඥාන ය, පූර්වනිවාසානුස්මෘතියෙහි ඥාන ය, සත්ත්වයන්ගේ ච්‍යුති - උපපාතයෙහි ඥාන ය, ආස්රවක්ෂයයෙහි ඥාන යි. මේ ෂට් - අභිඥාවන්හි ප්‍රඥා යි. මෙසේ ෂට්ප්‍රකාරයෙන් ඥානවස්තු වේ.
823. තත්ථ කතමානි සත්තසත්තති ඤාණවත්ථූනි: ජාතිපච්චයා ජරාමරණන්ති ඤාණං. අසති ජාතියා නත්ථි ජරාමරණන්ති ඤාණං. අතීතම්පි අද්ධානං ජාතිපච්චයා ජරාමරණන්ති ඤාණං. අසති ජාතියා නත්ථි ජරාමරණන්ති ඤාණං. අනාගතම්පි අද්ධානං ජාතිපච්චයා ජරාමරණන්ති ඤාණං, අසති ජාතියා නත්ථි ජරාමරණන්ති ඤාණං. යම්පිස්ස තං ධම්මට්ඨිති ඤාණං, තම්පි ඛයධම්මං වයධම්මං විරාගධම්මං නිරොධධම්මන්ති ඤාණං. භවපච්චයා ජාතීති ඤාණං -පෙ- උපාදාන පච්චයා භවොති ඤාණං -පෙ- තණ්හාපච්චයා උපාදානන්ති ඤාණං -පෙ- වෙදනාපච්චයා තණ්හාති ඤාණං -පෙ- ඵස්සපච්චයා වෙදනාති ඤාණං -පෙ- සළායතනපච්චයා ඵස්සොති ඤාණං -පෙ- නාමරූප පච්චයා සළායතනන්ති ඤාණං -පෙ- විඤ්ඤාණපච්චයා නාමරූපන්ති ඤාණං -පෙ- සඞ්ඛාරපච්චයා විඤ්ඤාණන්ති ඤාණං -පෙ- අවිජ්ජා පච්චයා සඞ්ඛාරාති ඤාණං, අසති අවිජ්ජාය නත්ථි සඞ්ඛාරාති ඤාණං. අතීතම්පි අද්ධානං අවිජ්ජාපච්චයා සඞ්ඛාරාති ඤාණං, අසති අවිජ්ජාය නත්ථි සඞ්ඛාරාති ඤාණං, අනාගතම්පි අද්ධානං අවිජ්ජාපච්චයා සඞ්ඛාරාති ඤාණං, අසති අවිජ්ජාය නත්ථි සඞ්ඛාරාති ඤාණං. යම්පිස්ස තං ධම්මට්ඨිති ඤාණං, තම්පි ඛයධම්මං වයධම්මං විරාහධම්මං නිරොධධම්මන්ති ඤාණං. ඉමානි සත්තසත්තති ඤාණවත්ථූනි. එවං සත්තවිධෙන ඤාණවත්ථු.
823. එහි සත්සැත්තෑ ඥානවස්තුහු කවරහ යත්: ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ යැ යි ඥානයෙක, ජාතිය නැති කල්හි ජරාමරණ නැතැ යි ඥානයෙක, අතීතකාලයෙහිදු ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ යැ යි ඥානයෙක, ජාතිය නැති කල්හි ජරාමරණ නැතැ යි ඥානයෙක, අනාගතකාලයෙහිදු ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ යැ යි ඥානයෙක, ජාතිය නැති කල්හි ජරාමරණ නැතැ යි ඥානයෙක, යම් ඒ ධර්මස්ථිති (ප්‍රත්‍යයාකාර) ඥානයෙකුත් වන්නේ නම් හෙ ද ක්ෂයස්වභාව ඇත්තේ ය, ව්‍යයස්වභාව ඇත්තේ ය, විරාගස්වභාව ඇත්තේ ය, නිරෝධස්වභාව ඇත්තේ යැ යි ඥානයෙක, භවප්‍රත්‍යයෙන් ජාතිය වේ යැ යි ඥානයෙක ... උපාදානප්‍රත්‍යයෙන් භවය වේ යැ යි ඥානයෙක ... තෘෂ්ණාප්‍රත්‍යයෙන් උපාදානය වේ යැ යි ඥානයෙක ... වේදනාප්‍රත්‍යයෙන් තෘෂ්ණාව වේ යැ යි ඥානයෙක ... ස්පර්ශප්රත්යයෙන් වේදනා වේ යැ යි ඥානයෙක ... ෂඩායතනප්‍රත්‍යයෙන් ස්පර්ශය වේ යැ යි ඥානයෙක ... නාමරූපප්‍රත්‍යයෙන් ෂඩායතනය වේ යැ යි ඥානයෙක ... විඥානප්‍රත්‍යයෙන් නාමරූප වේ යැ යි ඥානයෙක ... සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වේ යැ යි ඥානයෙක ... අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරයෝ වෙතැ යි ඥානයෙක. අවිද්‍යාව නැති කල්හි සංස්කාරයෝ නැතැ යි ඥානයෙක, අතීතකාලයෙහිදු අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරයෝ වූහ යි ඥානයෙක. අවිද්‍යාව නැති කල්හි සංස්කාරයෝ නැතැ යි ඥානයෙක, අනාගතකාලයෙහිදු අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරයෝ වන්නාහ යි ඥානයෙක. අවිද්‍යාව නැති කල්හි සංස්කාරයෝ නැතැ යි ඥානයෙක, යම් ඒ ධර්මස්ථිතිඥානයෙකුත් වන්නේ නම් හෙ ද ක්ෂයස්වභාව ඇත්තේ ය, ව්‍යයස්වභාව ඇත්තේ ය, විරාගස්වභාව ඇත්තේ ය, නිරෝධස්වභාව ඇත්තේ යැ යි ඥානයෙකි. මොහු සත්සැත්තෑ ඥානවස්තූහු වෙත්. මෙසේ සප්තප්‍රකාරයෙන් ඥානවස්තු වේ.
824. තත්ථ කතමා චතුසු මග්ගෙසු චතුසු ඵලෙසු පඤ්ඤා: සොතාපත්ති මග්ගෙ පඤ්ඤා, සොතාපත්ති ඵලෙ පඤ්ඤා, සකදාගාමී මග්ගෙ පඤ්ඤා, සකදාගාමී ඵලෙ පඤ්ඤා, අනාගාමිමග්ගෙ පඤ්ඤා, අනාගාමිඵලෙ පඤ්ඤා, අරහත්තමග්ගෙ පඤ්ඤා, අරහත්තඵලෙ පඤ්ඤා. ඉමා චතුසු මග්ගෙසු චතුසු ඵලෙසු පඤ්ඤා. එවං අට්ඨවිධෙන ඤාණවත්ථු.
824. එහි සතර මාර්ගයෙහි සතර ඵලයෙහි ප්‍රඥා කවර යත්: ශ්රෝතාපත්තිමාර්ගයෙහි ප්‍රඥා ය, ශ්රොතාපත්තිඵලයෙහි ප්‍රඥා ය, සකෘදාගාමීමාර්ගයෙහි ප්‍රඥා ය, සකෘදාගාමීඵලයෙහි ප්‍රඥා ය, අනාගාමිමාර්ගයෙහි ප්‍රඥා ය, අනාගාමීඵලයෙහි ප්‍රඥා ය, අර්‍හන්මාර්‍ගයෙහි ප්‍රඥා ය, අර්හත්ඵලයෙහි ප්‍රඥා යි. මේ සතර මාර්ගයෙහි සතර ඵලයෙහි ප්‍රඥායි. මෙසේ අෂ්ප්රකාරයෙන් ඥානවස්තු වේ.
825. තත්ථ කතමා නවසු අනුපුබ්බවිහාරසම්පත්තීසු පඤ්ඤා: පඨමජ්ඣානසමාපත්තියා පඤ්ඤා, දුතියජ්ඣානසමාපත්තියා පඤ්ඤා, තතියජ්ඣානසමාපත්තියා පඤ්ඤා, චතුත්ථජ්ඣානසමාපත්තියා පඤ්ඤා, ආකාසානඤ්චායතනසමාපත්තියා පඤ්ඤා, විඤ්ඤාණඤ්චායතනසමාපත්තියා පඤ්ඤා, ආතිඤ්චඤ්ඤායතනසමාපත්තියා පඤ්ඤා, නෙවසඤ්ඤා නාසඤ්ඤායතනසමාපත්තියා පඤ්ඤා සඤ්ඤාවෙදයිතනිරොධසමාපත්තියා වුට්ඨිතස්ස පච්චවෙක්ඛනාඤාණං. ඉමා නවසු අනුපුබ්බවිහාරසමාපත්තීසු පඤ්ඤා. එවං නවවිධෙන ඤාණවත්ථු.
825. එහි නව අනුපූර්වවිහාරසමාපත්තීන්හි ප්‍රඥා කවර යත්: ප්රඥමධ්යානසමාපත්තියෙහි ප්‍රඥා ය, ද්විතීයධ්යානසමාපත්තියෙහි ප්‍රඥා ය, තෘතීයධ්යානසමාපත්තියෙහි ප්‍රඥා ය, චතුර්ත්ථධ්යානසමාපත්තියෙහි ප්‍රඥා ය, ආකාසානඤ්චායතනසමාපත්තියෙහි ප්‍රඥා ය, විඤ්ඤාණඤ්චායතනසමාපත්තියෙහි ප්‍රඥා ය, ආකිඤ්චඤ්ඤායතනසමාපත්තියෙහි ප්‍රඥා ය, නේවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්තියෙහි ප්‍රඥා ය, සංඥාවේදයිතනිරෝධසමාපත්තියෙන් නැඟීසිටියහු ගේ ප්රත්යවෙක්ෂණාඥාන යි. මේ අනුපූර්වවිහාරසමාපත්තීන්හි ප්‍රඥා යි. මෙසේ නවප්‍රකාරයෙන් ඥානවස්තු වේ.
826. තත්ථ කතමාං තථාගතස්ස ඨානං ච ඨානතො අට්ඨානඤ්ච අට්ඨානතො යථාභූතං ඤාණං: ඉධ තථාගතො අට්ඨානමෙතං අනවකාසො යං දිට්ඨිසම්පන්නො පුග්ගලො කඤ්චි සඞ්ඛාරං නිච්චතෙ උපගච්ඡෙය්ය නෙතං ඨානං විජ්ජතීති පජානාති, ඨානඤ්ච ඛො එතං විජ්ජති යං පුථුජ්ජනො කඤ්චි සඞ්ඛාරං නිච්චතො උපගච්ඡෙය්ය ඨානමෙතං විජ්ජතීති පජානාති. අට්ඨානමෙතං අනවකාසො යං දිට්ඨිසම්පන්නො පුග්ගලො කඤ්චි සඞ්ඛාරං සුඛතො උපගච්ඡෙය්ය නෙතං ඨානං විජ්ජතීති පජානාති, ඨානඤ්ච ඛො එතං විජ්ජති යං පුථුජ්ජනො කඤ්චි සඞ්ඛාරං සුඛතො උපගච්ඡෙය්ය ඨානමෙතං විජ්ජතීති පජානාති, අට්ඨානමෙතං අනවකාසො යං දිට්ඨිසම්පන්නො පුග්ගලො කඤ්චි ධම්මං අත්තතො උපගච්ඡෙය්ය නෙතං ඨානං විජ්ජතීති පජානාති, ඨානඤ්ච ඛො එතං විජ්ජති යං පුථුජ්ජනො කඤ්චි ධම්මං අත්තතො උපගච්ඡෙය්ය ඨානමෙතං විජ්ජතීති පජානාති.
826. එහි තථාගතයන්ගේ කාරණය කාරණ හෙයින් ද අකාරණය අකාරණ හෙයින් ද ඇති සැටියෙන් දන්නා නුවණ කවරෙ යත්: යම් කරුණෙකින් දෘෂ්ටිසම්පන්න (සෝවන්) පුද්ගල තෙමේ කිසි සංස්කාරයක් නිත්‍ය විසින් ගන්නේ නම් මෙය අහේතුක ය, අනවකාශ ය. මෙ කරුණ නො පැනේ යයි මෙහි තථාගත තෙමේ දනියි. යම් කරුණෙකින් පෘථග්ජන තෙමේ කිසි සංස්කාරයක් නිත්‍ය විසින් ගන්නේ නම් මෙ කරුණ වූකලී ඇත්තේ ය, මෙ කරුණ විද්‍යමාන වේ යයි දනියි. යම් කරුණෙකින් දෘෂ්ටිසම්පන්නපුද්ගල තෙමේ කිසි සංස්කාරයක් සුඛ විසින් ගන්නේ නම් මේ අස්ථාන ය, අනවකාශ ය, මෙ කරුණ නො පැනේ යයි දනියි. යම් කරුණෙකින් පෘථග්ජන තෙමේ කිසි සංස්කාරයක් සුඛ විසින් ගන්නේ නම් මෙ කරුණ වූකලී ඇත්තේ ය, මෙ කරුණ විද්‍යමාන වේ යයි දනී. යම් කරුණෙකින් දෘෂ්ටිසම්පන්නපුද්ගල තෙමේ කිසි සංස්කාරයක් ආත්ම විසින් ගන්නේ නම් මේ අස්ථාන ය, අනවකාශ ය, මෙ කරුණ නො පැනේ යයි දනියි. යම් කරුණෙකින් පෘථග්ජන තෙමේ කිසි සංස්කාරයක් ආත්ම විසින් ගන්නේ නම් මෙ කරුණ වූකලී ඇත්තේ ය, මෙ කරුණ විද්‍යමාන වේ යයි දනී.
අට්ඨානමෙතං අනවකාසො යං දිට්ඨිසම්පන්නො පුග්ගලො මාතරං ජීවිතා වොරොපෙය්ය නෙතං ඨානං විජ්ජතීති පජානාති, ඨානඤ්ච ඛො එතං විජ්ජති යං පුථුජ්ජනො මාතරං ජීවිතා වොරොපෙය්ය ඨානමෙතං විජ්ජතීති පජානාති. අට්ඨානමෙතං අනවකාසො යං දිට්ඨිසම්පන්නො පුග්ගලො පිතරං ජීවිතා වොරොපෙය්ය -පෙ- අරහන්තං ජීවිතා වොරොපෙය්ය -පෙ- දුට්ඨෙන චිත්තෙන තථාගතස්ස ලොහිතං උප්පාදෙය්ය -පෙ- සඞ්ඝං භින්දෙය්ය -පෙ- අඤ්ඤං සත්ථාරං උද්දිසෙය්ය -පෙ- අට්ඨමං භවං නිබ්බත්තෙය්ය නෙතං ඨානං විජ්ජතීති පජානාති, ඨානඤ්ච ඛො එතං විජ්ජති යං පුථුජ්ජනො අට්ඨමං භවං නිබ්බත්තෙය්ය ඨානමෙතං විජ්ජතීති පජානාති.
යම් කරුණෙකින් දෘෂ්ටිසම්පන්නපුද්ගල තෙම මව දිවි ගලවන්නේ නම් මේ හේතු රහිතය, ප්‍රත්‍යය රහිතය, මෙ කරුණ නො පැනේ යයි දනියි. යම් කරුණෙකින් පෘථග්ජන තෙම මව දිවිගලවන්නේ නම් මෙ කරුණ වූකලී ඇත්තේ ය, මෙ කරුණ විද්‍යමාන වේ යයි දනී. යම් කරුණෙකින් දෘෂ්ටිසම්පන්නපුද්ගල තෙම පියා දිවිගලවන්නේ නම් ... රහත්හු දිවිගලවන්නේ නම් ... දුෂ්ට වූ සිතින් බුදුන් සිරිරින් ලෙහෙ සොලවා නම් ... සඞ්ඝභේද කෙරේ නම් ... අන් ශාස්තෘවක්හු උදෙසා නම් ... අට වැනි භවයෙක උපදනේ නම් හේතු රහිත ය, ප්‍රත්‍යය රහිත ය, මෙ කරුණ නො පැනේ යයි දනී. යම් කරුණෙකින් පෘථග්ජන තෙම අටවැනි භවයෙක උපදනේ නම් මෙ කරුණ වූකලී ඇත්තේ ය, මෙ කරුණ විද්‍යමාන වේ යයි දනී.
අට්ඨානමෙතං අනවකාසො යං එකිස්සා ලොකධාතුයා ද්වෙ අරහන්තො සම්මාසම්බුද්ධා අපුබ්බං අචරිමං උප්පජ්ජෙය්යුං නෙතං ඨානං විජ්ජතීති පජානාති, ඨානඤ්ච ඛො එතං විජ්ජති යං එකිස්සා ලොකධාතුයා එකො අරහං සම්මාසම්බුද්ධො උප්පජෙය්ය ඨානමෙතං විජ්ජතීති පජානාති. අට්ඨානමෙතං අනවකාසො යං එකිස්සා ලොක ධාතුයා ද්වෙ රාජානො චක්කවත්තී අපුබ්බං අචරිමං උප්පජ්ජෙය්යුං නෙතං ඨානං විජ්ජතීති පජානාති, ඨානඤ්ච ඛො එතං විජ්ජති යං එකිස්සා ලොකධාතුයා එකො රාජා චක්කවත්තී උප්පජ්ජෙය්ය ඨානමෙතං විජ්ජතීති පජානාති. අට්ඨානමෙතං අනවකාසො යං ඉත්ථී අරහං අස්ස සම්මාසම්බුද්ධො නෙතං ඨානං විජ්ජතීති පජානාති, ඨානඤ්ච ඛො එතං විජ්ජති යං පුරිසො අරහං අස්ස සම්මාසම්බුද්ධො ඨානමෙතං විජ්ජතීති පජානාති. අට්ඨානමෙතං අනවකාසො යං ඉත්ථි රාජා අස්ස චක්කවත්තී නෙතං ඨානං විජ්ජතීති පජානාති, ඨානඤ්ච ඛො එතං විජ්ජති යං පුරිසො රාජා අස්ස චක්කවත්තී ඨානමෙතං විජ්ජතීති පජානාති අට්ඨානමෙතං අනවකාසො යං ඉත්ථි සක්කත්තං කරෙය්ය මාරත්තං කරෙය්ය බ්රහ්මත්තං කරෙය්ය නෙතං ඨානං විජ්ජතීති පජානාති -පෙ- ඨානඤ්ච ඛො එතං විජ්ජති යං පුරිසො බ්රහ්මත්තං කරෙය්ය ඨානමෙතං විජ්ජතීති පජානාති.
යම් කරුණෙකින් එක් ලෝකධාතුයෙක්හි අර්හත් සම්මාසම්බුදුවරයෝ දෙදෙනෙක් පෙරපසු නො ව උපදනාහු නම් මෙ කරුණ හේතු රහිත ය, ප්‍රත්‍යය රහිත ය, මෙ කරුණ විද්‍යමාන නො වේ යයි දනී. යම් කරුණෙකින් එක් ලෝකධාතුයෙක්හි එක් අර්හත් සම්මාසම්බුදුවරයෙක් උපදනේ නම් මෙ කරුණ වූකලී ඇත්තේ ය, මෙ කරුණ විද්‍යමාන වේ යයි දනී. යම් කරුණෙකින් එක් ලෝකධාතුයෙක්හි සක්විතිරජවරු දෙදෙනෙක් පෙරපසු නො ව උපදනාහු නම් මේ හේතු රහිත ය, ප්‍රත්‍යය රහිත ය, මෙ කරුණ විද්‍යමාන නො වේ යයි දනී. යම් කරුණෙකින් එක් ලෝකධාතුයෙක්හි එක් සක්විතිරජෙක් උපදනේ නම් මෙ කරුණ වූකලී ඇත්තේ ය, මෙ කරුණ විද්‍යමාන වේ යයි දනී. යම් කරුණෙකින් මාගමක් අර්හත් සම්මාසම්බුදු වේ නම් මේ හේතු රහිත ය, ප්‍රත්‍යය රහිත ය, මෙ කරුණ විද්‍යමාන නො වේ යයි දනී. යම් කරුණෙකින් පිරිම්නියෙක් අර්හත් සම්මාසම්බුදු වේ නම් මෙ කරුණ වූකලී ඇත්තේ ය, මෙ කරුණ විද්‍යමාන වේ යයි දනී. යම් කරුණෙකින් මාගමක් සක්විතිරජ වේ නම් මේ හේතු රහිත ය, ප්‍රත්‍යය රහිත ය, මෙ කරුණ විද්‍යමාන නො වේ යයි දනී. යම් කරුණෙකින් පිරිම්නියෙක් සක්විතිරජ වේ නම් මෙ කරුණ වූකලී ඇත්තේ ය, මෙ කරුණ විද්‍යමාන වේ යයි දනී. යම් කරුණෙකින් මාගමක් ශක්‍ර බව ... මාර බව ... බ්‍රහ්ම බව කෙරේ නම් මේ හේතු රහිත ය, ප්‍රත්‍යය රහිත ය, මෙ කරුණ විද්‍යමාන නො වේ යයි දනී. යම් කරුණෙකින් පිරිම්නියෙක් බ්‍රහ්ම බව කෙරේ නම් මෙ කරුණ වූකලී ඇත්තේ ය, මෙ කරුණ විද්‍යමාන වේ යයි දනී.
අට්ඨානමෙතං අනවකාසො යං කායදුච්චරිතස්ස ඉට්ඨො කන්තො මනාපො විපාකො නිබ්බත්තෙය්ය නෙතං ඨානං විජ්ජතීති පජානාති, ඨානඤ්ච ඛො එතං විජ්ජති යං කායදුච්චරිතස්ස අනිට්ඨො අකන්තො අමනාපො විපාකො නිබ්බත්තෙය්ය ඨානමෙතං විජ්ජතීති පජානාති. අට්ඨානමෙතං අනවකාසො යං වචීදුච්චරිතස්ස -පෙ- යං මනොදුච්චරිතස්ස ඉට්ඨො කන්තො මනාපො විපාකො නිබ්බත්තෙය්ය නෙතං ඨානං විජ්ජතීති පජානාති -පෙ- ඨානඤ්ච ඛො එතං විජ්ජති යං මනොදුච්චරිතස්ස අනිට්ඨො අකන්තො අමනාපො විපාකො නිබ්බත්තෙය්ය ඨානමෙතං විජ්ජතීති පජානාති. අට්ඨානමෙතං අනවකාසො යං කායසුචරිතස්ස අනිට්ඨො අකන්තො අමනාපො විපාකො නිබ්බත්තෙය්ය නෙතං ඨානං විජ්ජතීති පජානාති, ඨානඤ්ච ඛො එතං විජ්ජති යං කායසුචරිතස්ස ඉට්ඨො කන්තො මනාපො විපාකො නිබ්බත්තෙය්ය ඨානමෙතං විජ්ජතීති පජානාති. අට්ඨානමෙතං අනවකාසො යං වචීසුචරිතස්ස -පෙ- යං මනොසුචරිතස්ස අනිට්ඨො අකන්තො අමනාපො විපාකො නිබ්බත්තෙය්ය, නෙතං ඨානං විජ්ජතීති පජානාති -පෙ- ඨානඤ්ච ඛො එතං විජ්ජති යං මනොසුචරිතස්ස ඉට්ඨො කන්තො මනාපො විපාකො නිබ්බත්තෙය්ය ඨානමෙතං විජ්ජතීති පජානාති.
යම් කරුණෙකින් කායදුශ්චරිතයාගේ ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ විපාකය උපදනේ නම් මේ හේතු රහිත ය, ප්‍රත්‍යය රහිත ය, මෙ කරුණ විද්‍යමාන නො වේ යයි දනියි. යම් කරුණෙකින් කායදුශ්චරිතයාගේ අනිෂ්ට වූ අකාන්ත වූ අමනාප වූ විපාක උපදනේ නම් මෙ කරුණ වූකලී ඇත්තේ ය, මෙ කරුණ විද්‍යමාන වේ යයි දනියි. යම් කරුණෙකින් වාග්දුශ්චරිතයාගේ ... මනෝදුශ්චරිතයාගේ ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ විපාකය උපදනේ නම් මේ හේතු රහිත ය, ප්‍රත්‍යය රහිත ය, මෙ කරුණ විද්‍යමාන නො වේ යයි දනී. යම් කරුණෙකින් මනෝදුශ්චරිතයාගේ අනිෂ්ට වූ අකාන්ත වූ අමනාප වූ විපාකය උපදනේ නම් මෙ කරුණ වූකලී ඇත්තේ ය, මෙ කරුණ විද්‍යමාන වේ යයි දනියි. යම් කරුණෙකින් කායසුචරිතයාගේ අනිෂ්ට වූ අකාන්ත වූ අමනාප වූ විපාකය උපදනේ නම් මේ හේතු රහිත ය, ප්‍රත්‍යය රහිත ය, මෙ කරුණ විද්‍යමාන නො වේ යයි දනියි. යම් කරුණෙකින් කායසුචරිතයාගේ ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ විපාකය උපදනේ නම් මෙ කරුණ වූකලී ඇත්තේ ය, මෙ කරුණ විද්‍යමාන වේ යයි දනියි. යම් කරුණෙකින් වාක්සුචරිතයාගේ ... මනස්සුචරිතයාගේ අනිෂ්ට වූ අකාන්ත වූ අමනාප වූ විපාකය උපදනේ නම් මේ හේතු රහිත ය, ප්‍රත්‍යය රහිත ය, මෙ කරුණ විද්‍යමාන නො වේ යයි දනී. යම් කරුණෙකින් මනස්සුචරිතයාගේ ඉෂ්ට වූ කාන්ත වූ මනාප වූ විපාකය උපදනේ නම් මෙ කරුණ වූකලී ඇත්තේ ය, මෙ කරුණ විද්‍යමාන වේ යයි දනී.
අට්ඨානමෙතං අනවකාසො යං කායදුච්චරිතසමඞ්ගී තංනිදානා තප්පච්චයා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජෙය්ය නෙතං ඨානං විජ්ජතීති පජානාති, ඨානඤ්ච ඛො එතං විජ්ජති යං කායදුච්චරිතසමඞ්ගී තංනිදානා තප්පච්චයා කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජෙය්ය ඨානමෙතං විජ්ජතීති පජානාති, අට්ඨානමෙතං අනවකාසො යං වචීදුච්චරිතසමඞ්ගී -පෙ- යං මනොදුච්චරිතසමඞ්ගී තංනිදානා තප්පච්චයා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජෙය්ය නෙතං ඨානං විජ්ජතීති පජානාති -පෙ- ඨානඤ්ච ඛො එතං විජ්ජති යං මනොදුච්චරිතසමඞ්ගී තංනිදානා තප්පච්චයා කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජෙය්ය ඨානමෙතං විජ්ජතීති පජානාති.
යම් කරුණෙකින් කායදුශ්චරිතසමඞ්ගී වූ පුද්ගල තෙම එ කරුණෙන් ඒ හේතුයෙන් කාබුන් මරණින් මත්තෙහි සැපයට ගති වූ ස්වර්ගලෝකයෙහි උපදනේ නම් මේ හේතු රහිත ය, ප්‍රත්‍යය රහිත ය, මෙ කරුණ විද්‍යමාන නො වේ යයි දනියි. යම් කරුණෙකින් කායදුශ්චරිතසමඞ්ගී වූ පුද්ගල තෙම එ කරුණෙන් ඒ හේතුයෙන් කාබුන්මරණින් මත්තෙහි සැපයෙන් පහ වූ දුකට ගති වූ විවස ව පතිත වන නිරයට පැමිණෙන්නේ නම් මෙ කරුණ වූකලී ඇත්තේ ය, මෙ කරුණ විද්‍යමාන වේ යයි දනියි. යම් කරුණෙකින් වාග්දුශ්චරිතසමඞ්ගී වූ ... මනෝදුශ්චරිතසමඞ්ගී වූ පුද්ගල තෙම එ කරුණෙන් ඒ හේතුයෙන් කාබුන් මරණින් මත්තෙහි සැපයට ගති වූ ස්වර්ගලෝකයෙහි උපදනේ නම් මේ හේතු රහිත ය, ප්‍රත්‍යය රහිත ය, මෙ කරුණ විද්‍යමාන නො වේ යයි දනියි. යම් කරුණෙකින් මනෝදුශ්චරිතසමඞ්ගී වූ පුද්ගල තෙම එ කරුණෙන් ඒ හේතුයෙන් කාබුන්මරණින් මත්තෙහි සැපයෙන් පහ වූ දුකට ගති වූ විවස ව පතිත වන නිරයෙහි උපදනේ නම් මෙ කරුණ වූකලී ඇත්තේ ය, මෙ කරුණ විද්‍යමාන වේ යයි දනී.
අට්ඨානමෙතං අනවකාසො යං කායසුචරිතසමඞ්ගී තංනිදානා තප්පච්චයා කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජෙය්ය නෙතං ඨානං විජ්ජතීති පජානාති, ඨානඤ්ච ඛො එතං විජ්ජති යං කායසුචරිතසමඞ්ගී තංනිදානා තප්පච්චයා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජෙය්ය ඨානමෙතං විජ්ජතීති පජානාති. අට්ඨානමෙතං අනවකාසො යං වචීසුචරිතසමඞ්ගී -පෙ- යං මනොසුචරිතසමඞ්ගී තංනිදානා තප්පච්චයා කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපජ්ජෙය්ය, නෙතං ඨානං විජ්ජතීති පජානාති -පෙ- ඨානඤ්ච ඛො එතං විජ්ජති යං මනොසුචරිතසමඞ්ගී තංනිදානං තප්පච්චයා කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපජ්ජෙය්ය, ඨානමෙතං විජ්ජතීති පජානාති යෙ යෙ ධම්මා යෙසං යෙසං ධම්මානං හෙතු පච්චයා උපාදාය තං තං ඨානං යෙ යෙ ධම්මා යෙසං යෙසං ධම්මානං න හෙතු අප්පච්චයා උපාදාය තං තං අට්ඨානන්ති යා තත්ථ පඤ්ඤා පජානනා -පෙ- අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි, ඉදං තථාගතස්ස ඨානඤ්ච ඨානතො අට්ඨානඤ්ච අට්ඨානතො යථාභූතං ඤාණං.
යම් කරුණෙකින් කායසුචරිතසමඞ්ගී වූ පුද්ගල තෙම එ කරුණෙන් ඒ හේතුයෙන් කාබුන්මරණින් මත්තෙහි සැපයෙන් පහ වූ දුකට ගති වූ විවස ව පතිත වන නිරයෙහි උපදනේ නම් මේ හේතු රහිත ය, ප්‍රත්‍යය රහිත ය, මෙ කරුණ විද්‍යමාන නො වේ යයි දනියි. යම් කරුණෙකින් කායසුචරිතසමඞ්ගී වූ පුද්ගල තෙම එ කරුණෙන් ඒ හේතුයෙන් කාබුන්මරණින් මත්තෙහි සැපයට ගති වූ ස්වර්ගලෝකයෙහි උපදනේ නම් මෙ කරුණ වූකලී ඇත්තේ ය, මෙ කරුණ විද්‍යමාන වේ යයි දනියි. යම් කරුණෙකින් වාක්සුචරිතසමඞ්ගී වූ ... මනස්සුචරිතසමඞ්ගී වූ පුද්ගල තෙම එ කරුණෙන් ඒ හේතුයෙන් කාබුන්මරණින් මත්තෙහි සැපයෙන් පහවූ දුකට ගති වූ නිරයෙහි උපදනේ නම් මේ හේතු රහිත ය, ප්‍රත්‍යය රහිත ය, මෙ කරුණ විද්‍යමාන නො වේ යයි දනියි. යම් කරුණෙකින් මනස්සුචරිතසමඞ්ගී වූ පුද්ගල තෙම එ කරුණෙන් ඒ හේතුයෙන් කාබුන්මරණින් මත්තෙහි සැපයට ගති වූ ස්වර්ගලෝකයෙහි උපදනේ නම් මෙ කරුණ වූකලී ඇත්තේ ය, මෙ කරුණ විද්‍යමාන වේ යයි දනී. යම් යම් ධර්ම කෙනෙක් යම් යම් ධර්ම කෙනෙකුන්ට හේතු වෙත් ද ප්‍රත්‍යය වෙත් ද, ඒ ඒ ධර්මය පිණිස කාරණ ය, යම් යම් ධර්ම කෙනෙක් යම් යම් ධර්ම කෙනෙකුන්ට හේතු නො වෙත් ද, ප්‍රත්‍යය නො වෙත් ද, ඒ ඒ ධර්මය පිණිස අකාරණ යැ යි එහි යම් ප්‍රඥායෙක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද, මේ ‘තථාගතයන්ගේ කාරණය කාරණ හෙයින් ද අකාරණය අකාරණ හෙයින් ද ඇති සැටියෙන් දන්නා නුවණ’ වේ.
827. තත්ථ කතමං තථාගතස්ස අතීතානාගතපච්චුප්පන්නානං කම්ම සමාදානානං ඨානසො හෙතුසො විපාකං යථාභූතං ඤාණං: ඉධ තථාගතො පජානාති අත්ථෙකච්චානි පාපකානි කම්මසමාදානානි ගති සම්පත්තිපතිබාළ්හානි න විපච්චන්ති. අත්ථෙකච්චානි පාපකානි කම්ම සමාදානානි උපධිසම්පත්තිපතිබාළ්හානි න විපච්චන්ති. අත්ථෙකච්චානි පාපකානි කම්මසමාදානානි කාලසම්පත්තිපතිබාළ්හානි න විපච්චන්ති. අත්ථෙකච්චානි පාපකානි කම්මසමාදානානි පයොගසම්පත්තිපතිබාළ්හානි න විපච්චන්ති. අත්ථෙකච්චානි පාපකානි කම්මසමාදානානි ගතිවිපත්තිං ආගම්ම විපච්චන්ති. අත්ථෙකච්චානි පාපකානි කම්මසමාදානානි උපධිවිපත්තිං ආගම්ම විපච්චන්ති. අත්ථෙකච්චානි පාපකානි කම්මසමාදානානි කාලවිපත්තිං ආගම්ම විපච්චන්ති. අත්ථෙ කච්චානි පාපකානි කම්මසමාදානානි පයොගවිපත්තිං ආගම්ම විපච්චන්ති. අත්ථෙකච්චානි කල්‍යාණානි කම්මසමාදානානි ගතිවිපත්තිපතිබාළ්හානි න විපච්චන්ති. අත්ථෙකච්චානි කල්‍යාණානි කම්මසමාදානානි උපධිවිපත්තිපතිබාළ්හානි න විපච්චන්ති. අත්ථෙකච්චානි කල්‍යාණානි කම්මසමාදානානි කාලවිපත්තිපතිබාළ්හානි න විපච්චන්ති. අත්ථෙකච්චානි කල්‍යාණානි කම්මසමාදානානි පයොගවිපත්තිපතිබාළ්හානි න විපච්චන්ති. අත්ථෙකච්චානි කල්‍යාණානි කම්මසමාදානානි ගතිසම්පත්තිං ආගම්ම විපච්චන්ති. අත්ථෙකච්චානි කල්‍යාණානි කම්මසමාදානානි උපධිසම්පත්තිං ආගම්ම විපච්චන්ති. අත්ථෙකච්චානි කල්‍යාණානි කම්මසමාදානානි කාලසම්පත්තිං ආගම්ම විපච්චන්ති. අත්ථෙකච්චානි කල්‍යාණානි කම්මසමාදානානි පයොගසම්පත්තිං ආගම්ම විපච්චන්තීති යා තත්ථ පඤ්ඤා පජානනා -පෙ- අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි, ඉදං තථාගතස්ස අතීතානාගතපච්චුප්පන්නානං කම්මසමාදානානං ඨානසො හෙතුසො විපාකං යථාභූතං ඤාණං.
827. එහි තථාගතයන්ගේ කාරණ විසින් හේතු විසින් අතීත - අනාගත - ප්‍රත්‍යුත්පන්න කර්මසමාදානයන්ගේ විපාකය ඇතිසැටියෙන් දන්නා නුවණ කවරෙ යත්: මෙහි තථාගත තෙම මෙසේ දනී. කෙසේ ද යත්: ‘ගතිසම්පත්තීන් බාධිත ව විපාක නො දෙත් නම් එබඳු වූ ඇතැම් ලාමක කර්මසමාදාන කෙනෙක් ඇත, උපධිසම්පත්තීන් බාධිත ව විපත නො දෙත් නම් එබඳු වූ ඇතැම් ලාමක කර්මසමාදාන කෙනෙක් ඇත, කාලසම්පත්තීන් බාධිත ව විපාක නො දෙත් නම් එබඳු වූ ඇතැම් ලාමක කර්මසමාදාන කෙනෙක් ඇත. ප්රයෝගසම්පත්තීන් බාධිත ව විපාක නො දෙත් නම් එබඳු වූ ඇතැම් ලාමක කර්මසමාදාන කෙනෙක් ඇත, ගතිවිපත්තියට පැමිණ විපාක දෙත් නම් එබඳු වූ ඇතැම් ලාමක කර්මසමාදාන කෙනෙක් ඇත, උපධිවිපත්තියට පැමිණ විපාක දෙත් නම් එබඳු වූ ඇතැම් ලාමක කර්මසමාදාන කෙනෙක් ඇත, කාලවිපත්තියට පැමිණ විපාක දෙත් නම් එබඳු වූ ඇතැම් ලාමක කර්මසමාදාන කෙනෙක් ඇත, ප්රයෝගවිපත්තියට පැමිණ විපාක දෙත් නම් එබඳු වූ ඇතැම් ලාමක කර්මසමාදාන කෙනෙක් ඇත, ගතිවිපත්තීන් බාධිත ව විපාක නො දෙත් නම් එබඳු වූ ඇතැම් කල්‍යාණ කර්මසමාදාන කෙනෙක් ඇත, උපධිවිපත්තීන් බාධිතව විපාක නො දෙත් නම් එබඳු වූ ඇතැම් කල්‍යාණ කර්මසමාදාන කෙනෙක් ඇත, කාලවිපත්තීන් බාධිතව විපාක නො දෙත් නම් එබඳු වූ ඇතැම් කල්‍යාණ කර්මසමාදාන කෙනෙක් ඇත, ප්රයෝගවිපත්තීන් බාධිත ව විපාක නො දෙත් නම් එබඳු වූ ඇතැම් කල්‍යාණ කර්මසමාදාන කෙනෙක් ඇත, ගතිසම්පත්තියට පැමිණ විපාක දෙත් නම් එබඳු වූ ඇතැම් කල්‍යාණ කර්මසමාදාන කෙනෙක් ඇත, උපධිසම්පත්තියට පැමිණ විපාක දෙත් නම් එබඳු වූ ඇතැම් කල්‍යාණ කර්මසමාදාන කෙනෙක් ඇත, කාලසම්පත්තියට පැමිණ විපාක දෙත් නම් එබඳු වූ ඇතැම් කල්‍යාණ කර්මසමාදාන කෙනෙක් ඇත, ප්රයෝගසම්පත්තියට පැමිණ විපාක දෙත් නම් එබඳු වූ ඇතැම් කල්‍යාණ කර්මසමාදාන කෙනෙක් ඇතැ’ යි. එහි යම් ප්‍රඥායෙක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද, මේ ‘තථාගතයන්ගේ කාරණ විසින් හේතු විසින් අතීතානාගතප්‍රත්‍යුත්පන්න කර්මසමාදානයන්ගේ විපාකය ඇති සැටියෙන් දන්නා නුවණ’ වේ.
828. තත්ථ කතමං තථාගතස්ස සබ්බත්ථගාමිනීපටිපදං යථාභූතං ඤාණං: ඉධ තථාගතො අයං මග්ගො අයං පටිපදා නිරයගාමිනීති පජානාති. අයං මග්ගො අයං පටිපදා තිරච්ඡානයොනිගාමිනීති පජානාති. අයං මග්ගො අයං පටිපදා පෙත්තිවිසයගාමිනීති පජානාති. අයං මග්ගො අයං පටිපදා මනුස්සලොකගාමිනීති පජානාති අයං මග්ගො අයං පටිපදා දෙවලොකගාමිනීති පජානාති. අයං මග්ගො අයං පටිපදා නිබ්බානාගාමිනීති පජානාතීති යා තත්ථ පඤ්ඤා පජානනා -පෙ- අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි, ඉදං තථාගතස්ස සබ්බත්ථගාමිනීපටිපදං යථාභූතං ඤාණං.
828. එහි තථාගතයන්ගේ සර්වත්රගාමිනීප්රතිපදාව ඇතිසැටියෙන් දන්නානුවණ කවරෙ යත්: මෙහි තථාගත තෙම මේ මඟ මේ පිළිවෙත නිරයගාමී යි දැනගනී. මේ මඟ මේ පිළිවෙත තිර්ය්යග්යෝනිගාමී යි දැනගනී. මේ මඟ මේ පිළිවෙත ප්රෙත්යවිෂයගාමී යි දැනගනී. මේ මඟ මේ පිළිවෙත මනුෂ්‍යලෝකගාමී යි දැනගනී. මේ මඟ මේ පිළිවෙත දිව්යලෝකගාමී යි දැනගනී. මේ මඟ මේ පිළිවෙත නිර්වාණගාමී යි දැනගනී යි එහි යම් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද, මේ තථාගතයන්ගේ සර්වත්රගාමිනීප්රතිපදාව ඇතිසැටියෙන් දන්නා නුවණ වේ.
829. තත්ථ කතමං තථාගතස්ස අනෙකධාතුනානාධාතුලොකං යථා භූතං ඤාණං: ඉධ තථාගතො ඛන්ධනානත්තං පජානාති, ආයතන නානත්තං පජානාති: ධාතුනානත්තං පජානාති, අනෙකධාතුනානාධාතුලොකනානත්තං පජානාතීති යා තත්ථ පඤ්ඤා පජානනා -පෙ- අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි, ඉදං තථාගතස්ස අනෙකධාතුනානා ධාතුලොකං යථාභූතං ඤාණං.
829. එහි තථාගතයන්ගේ අනේකධාතුනානාධාතුලෝකය ඇතිසැටියෙන් දන්නා නුවණ කවරෙ යත්: මෙහි තථාගත තෙම ස්කන්ධනානාත්වය දැනගනී. ආයතනනානාත්වය දැනගනී. ධාතුනානාත්‍වය දැනගනී. අනේකධාතුනානාධාතුලෝකනානාත්වය දැනගනී යි එහි යම් ප්‍රඥායෙක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද, මේ තථාගතයන්ගේ අනෙධාතුනානාධාතුලෝකය ඇතිසැටියෙන් දන්නා නුවණ වේ.
830. තත්ථ කතමං තථාගතස්ස සත්තානං නානාධිමුත්තිකතං යථාභූතං ඤාණං: ඉධ තථාගතො පජානාති: සන්ති සත්තා හීනාධිමුත්තිකා, සන්ති සත්තා පණීතාධිමුත්තිකා, හීනාධිමුත්තිකා සත්තා හීනාධිමුත්තිකෙ සත්තෙ සෙවන්ති, භජන්ති, පයිරුපාසන්ති, පණීතාධිමුත්තිකා සත්තා පණීතාධිමුත්තිකෙ සත්තෙ සෙවන්ති, භජන්ති, පයිරුපාසන්ති, අතීතම්පි අද්ධානං හීනාධිමුත්තිකා සත්තා හීනාධිමුත්තිකෙ සත්තෙ සෙවිංසු, භජිංසු, පයිරුපාසිංසු, පණීතාධිමුත්තිකා සත්තා පණීතාධිමුත්තිකෙ සත්තෙ සෙවිංසු, භජිංසු, පයිරුපාසිංසු, අනාගතම්පි අද්ධානං හීනාධිමුත්තිකා සත්තා හීනාධිමුත්තිකෙ සත්තෙ සෙවිස්සන්ති, භජිස්සන්ති, පයිරුපාසිස්සන්ති, පණීතාධිමුත්තිකා සත්තා පණීතාධිමුත්තිකෙ සත්තෙ සෙවිස්සන්ති, භජිස්සන්ති, පයිරුපාසිස්සන්තීති යා තත්ථ පඤ්ඤා පජානනා -පෙ- අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි, ඉදං තථාගතස්ස සත්තානං නානාධිමුත්තිකතං යථාභූතං ඤාණං.
830. එහි තථාගතයන් සත්ත්වයන්ගේ නානාධිමුක්තික බව ඇතිසැටියෙන් දන්නා නුවණ කවරෙ යත්: මෙහි තථාගත තෙම මෙසේ දැනගනි යි. කෙසේ ද යත්: හීනාධිමුක්තික සත්ත්වයෝ වෙති, ප්‍රණීතාධිමුක්තිකසත්ත්වයෝ වෙත්, හීනාධිමුක්තිකසත්ත්වයෝ හීනාධිමුක්තිකසත්ත්වයන් සේවනය කෙරෙති, භජනය කෙරෙති, පර්ය්යුපාසනය කෙරෙත්. ප්‍රණීතාධිමුක්තිකසත්ත්වයෝ ප්‍රණීතාධිමුක්තිකසත්ත්වයන් සේවනය කෙරෙති, භජනය කෙරෙති, පර්ය්යුපාසනය කෙරෙත්, අතීතකාලයෙහිදු හීනාධිමුක්තිකසත්ත්වයෝ හීනාධිමුක්තිකසත්ත්වයන් සේවනය කළහ, භජනය කළහ, පර්ය්යුපාසනය කළහ, ප්‍රණීතාධිමුක්තිකසත්ත්වයෝ ප්‍රණීතාධිමුක්තිකසත්ත්වයන් සේවනය කළහ, භජනය කළහ, පර්ය්යුපාසනය කළහ, අනාගතකාලයෙහිදු හීනාධිමුක්තිකසත්ත්වයෝ හීනාධිමුක්තිකසත්ත්වයන් සේවනය කරන්නාහ, භජනය කරන්නාහ, පර්ය්යුපාසනය කරන්නාහු ය. ප්‍රණීතාධිමුක්තිකසත්ත්වයෝ ප්‍රණීතාධිමුක්තිකසත්ත්වයන් සේවනය කරන්නාහ, භජනය කරන්නාහ, පර්ය්යුපාසනය කරන්නාහු යි එහි යම් ප්‍රඥායෙක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද, මේ තථාගතයන් සත්ත්වයන්ගේ හීනාධිමුක්තික බව ඇතිසැටියෙන් දන්නා නුවණ වේ.
831. තත්ථ කතමං තථාගතස්ස පරසත්තානං පරපුග්ගලානං ඉන්ද්රියපරොපරියත්තං යථාභූතං ඤාණං: ඉධ තථාගතො සත්තානං ආසයං පජානාති, අනුසයං පජානාති, චරිතං පජානාති, අධිමුත්තිං පජානාති, අප්පරජක්ඛෙ මහාරජක්ඛෙ තික්ඛින්ද්රියෙ මුදින්ද්රියෙ ස්වාකාරෙ ද්වාකාරෙ සුවිඤ්ඤාපයෙ දුවිඤ්ඤාපයෙ භබ්බාභබ්බෙ සත්තෙ පජානාති.
831. එහි තථාගතයන් පරසත්ත්වයන්ගේ පරපුද්ගලයන්ගේ ඉන්ද්රියපරාවරතා ඇතිසැටියෙන් දන්නා නුවණ කවරෙ යත්: මෙහි තථාගත තෙම සත්ත්වයන්ගේ ආසය දැනගනී, අනුසය දැනගනියි, චරිතය දැනගනියි, අධ්‍යාශය දැනගනියි, අල්පරජස්ක වූ මහාරජස්ක වූ (ශ්‍රද්ධාදි) තියුණු වූ ඉන්ද්රිය ඇති මෘදු වූ ඉන්ද්රිය ඇති සුන්දර වූ ආකාර ඇති නපුරු වූ ආකාර ඇති සුවසේ හැඟැවිය හැකි දුකසේ හැඟැවිය හැකි භව්‍යාභව්‍ය වූ සත්ත්වයන් දැනගනී.
කතමො ච සත්තානං ආසයො: සස්සතො ලොකොති වා අසස්සතො ලොකොති වා අන්තවා ලොකොති වා අනන්තවා ලොකොති වා තං ජීවං තං සරීරන්ති වා, අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරන්ති වා හොති තථාගතො පරම්මරණාති වා, න හොති තථාගතො පරම්මරණාති වා, හොති ච න ච හොති තථාගතො පරම්මරණාති වා, නෙව හොති න න හොති තථාගතො පරම්මරණාති වා, ඉති භවදිට්ඨිසන්නිස්සිතා වා සත්තා හොන්ති, විභවදිට්ඨිසන්නිස්සිතා වා, එතෙ වා පන උභො අන්තෙ අනුපගම්ම ඉදප්පච්චයතා පටිච්චසමුප්පන්නෙසු ධම්මෙසු අනුලොමිකා ඛන්ති පටිලද්ධා හොති යථාභූතං වා ඤාණං, අයං සත්තානං ආසයො.
සත්ත්වයන්ගේ ආසය කවරෙ යත්: ලෝකය ශාස්වත යැ හෝ ලෝකය අශාස්වත යැ හෝ ලෝකය අන්තවත් යැ හෝ ලෝකය අනන්තවත් යැ හෝ එ ම ජීව යැ එ ම ශරීර යැ හෝ ජීවය අනෙකෙක ශරීරය අනෙකෙකැ යි හෝ සත්ත්ව තෙමේ මරණින් මත්තෙහි වන්නේ යැ හෝ සත්ත්ව තෙමේ මරණින් මත්තෙහි නො වන්නේ යැ හෝ සත්ත්ව තෙමේ මරණින් මත්තෙහි වන්නේත් නො වන්නේත් වේ යැ හෝ සත්ත්ව තෙමේ මරණින් මත්තෙහි නො ම වන්නේත් නො ද නො වන්නේත් වේ යැ හෝ මෙසේ ශාස්වත දෘෂ්ටිනිශ්ශ්රිත වූ හෝ උච්ඡේදදෘෂ්ටිනිශ්ශ්රිත වූ හෝ සත්ත්වයෝ වෙති. මේ අන්තද්වයට නො පැමිණ ඉදංප්රත්යයභාවයෙහි ද ප්රතීත්යසමුත්පන්නධර්මයන්හි ද විදර්ශනාඥාන සඞ්ඛ්‍යාත අනුලෝමක්‍ෂාන්තිය ලබන ලද වෙයි. යථාභූතඥානය හෝ ලබන ලද වේ. මේ ‘සත්ත්වයන්ගේ ආසය’ යි.
කතමො ච සත්තානං අනුසයො: සත්තානුසයා: කාමරාගානුසයො පටිඝානුසයො මානානුසයො දිට්ඨානුසයො විචිකිච්ඡානුසයො භවරාගානුසයො අවිජ්ජානුසයො, යං ලොකෙ පියරූපං සාතරූපං එත්ථ සත්තානං රාගානුසයො අනුසෙති. යං ලොකෙ අප්පියරූපං අසාතරූපං එත්ථ සත්තානං පටිඝානුසයො අනුසෙති ඉති ඉමෙසු ද්වීසු ධම්මෙසු අවිජ්ජානුපතිතා තදෙකට්ඨො මානො ච දිට්ඨි ච විචිකිච්ඡා ච දට්ඨබ්බා, අයං සත්තානං අනුසයො.
සත්ත්වයන්ගේ අනුසය කවරෙ යත්: අනුශයයෝ සත් දෙනෙකි: කාමරාගානුශය ය, ප්‍රතිඝානුශය ය, මානානුශය ය, දෘෂ්ට්‍යනුශය ය, විචිකිත්සානුශය ය, භවරාගානුශය ය, අවිද්‍යානුශය යි. යමෙක් ලෝකයෙහි ප්‍රියරූප සාතරූප වේ ද, මෙහි සත්ත්වයන්ගේ රාගානුශය පවතී. යමෙක් ලෝකයෙහි අප්රියරූප අසාතරූප වේ ද, මෙහි සත්ත්වයන්ගේ ප්‍රතිඝානුශය පවතී. මෙසේ මේ දෙ දහම්හි අවිද්‍යාව (අරමුණු වශයෙන්) පතිත වෙයි. තදේකස්ථ වූ මානය ද දෘෂ්ටිය ද විචිකිත්සාව ද දතයුතු. මේ සත්ත්වයන්ගේ අනුශය යි.
කතමඤ්ච සත්තානං චරිතං: පුඤ්ඤාභිසඞ්ඛාරො අපුඤ්ඤාභිසඞ්ඛාරො ආනෙඤ්ජාභිසඞ්ඛාරො පරිත්තභූමකො වා මහාභූමකො වා, ඉදං සත්තානං චරිතං.
සත්ත්වයන්ගේ චරිතය (කරන ලද්ද) කවරෙ යත්: පරිත්තභූමක වූ හෝ මහද්ගතභූමක වූ හෝ පුණ්‍යාභිසංස්කාර ය, අපුණ්‍යාභිසංස්කාර ය, ආනෙඤ්ජාභිසංස්කාර යි. මේ සත්ත්වයන්ගේ චරිත යි.
කතමා ච සත්තානං අධිමුත්ති: සන්ති සත්තා හීනාධිමුත්තිකා සන්ති සත්තා පණීතාධිමුත්තිකා, හීනාධිමුත්තිකා සත්තා හීනාධිමුත්තිකෙ සත්තෙ සෙවන්ති, භජන්ති පයිරුපාසන්ති, පණීතාධිමුත්තිකා සත්තා පණීතාධිමුත්තිකෙ සත්තෙ සෙවන්ති භජන්ති පයිරුපාසන්ති. අතීතම්පි අද්ධානං -පෙ- අනාගතම්පි අද්ධානං හීනාධිමුත්තිකා සත්තා හීනාධිමුත්තිකෙ සත්තෙ සෙවිස්සන්ති, භජිස්සන්ති පයිරුපාසිස්සන්ති, පණීතාධිමුත්තිකා සත්තා පණීතාධිමුත්තිකෙ සත්තෙ සෙවිස්සන්ති, භජිස්සන්ති, පයිරුපාසිස්සන්ති. අයං සත්තානං අධිමුත්ති.
සත්ත්වයන්ගේ අධ්‍යාශය කවරෙ යත්: හීන වූ අධ්‍යාශය ඇති සත්ත්වයෝ ඇත. ප්‍රණීත වූ අධ්‍යාශය ඇති සත්ත්වයෝ ඇති. හීන වූ අධ්‍යාශය ඇති සත්ත්වයෝ හීන වූ අධ්‍යාශය ඇති සත්ත්වයන් සේවනය කෙරෙති, භජනය කෙරෙති, පර්ය්යුපාසනය කෙරෙත්. ප්‍රණීත වූ අධ්‍යාශය ඇති සත්ත්වයෝ ප්‍රණීත වූ අධ්‍යාශය ඇති සත්ත්වයන් සේවනය කෙරෙති භජනය කෙරෙති, පර්ය්යුපාසනය කෙරෙත්. අතීතකාලයෙහි දු ... අනාගත කාලයෙහි දු හීනාධිමුක්තිකසත්ත්වයෝ හීනාධිමුක්තිකසත්ත්වයන් සේවනය කරන්නාහ, භජනය කරන්නාහ, පර්ය්යුපාසනය කරන්නාහු ය. ප්‍රණීතාධිමුක්තික සත්ත්වයෝ ප්‍රණීතාධිමුක්තික සත්ත්වයන් සේවනය කරන්නාහ, භජනය කරන්නාහ, පර්ය්යුපාසනය කරන්නාහු යි. මේ සත්ත්වයන්ගේ අධිමුක්ති යි.
කතමෙ තෙ සත්තා මහාරජක්ඛා: දසකිලෙසවත්ථුනි: ලොභො දොසො මොහො මානො දිට්ඨි විචිකිච්ඡා ථීනං උද්ධච්චං අහිරිකං අනොත්තප්පං. යෙසං සත්තානං ඉමානි දසකිලෙසවත්ථූනි ආසෙවිතානි භාවිතානි බහුලීකතානි උස්සදගතානි. ඉමෙ තෙ සත්තා මහාරජක්ඛා.
ඒ මහාරජස්කසත්ත්වයෝ කවරහ යත්: කෙලේශවස්තූහු දශදෙනෙකි: ලෝභ ය ද්වේෂ ය මෝහ ය මාන ය දෘෂ්ටි ය විචිකිත්සා ය ස්ත්‍යාන ය ඖද්ධත්‍ය ය අහ්‍රීකය ය අනපත්‍රපා යි. යම් සත්ත්ව කෙනෙකුන් විසින් මේ දශක්ලේශවස්තූහු සෙවුනා ලද්දාහු ද වඩනා ලද්දාහු ද බහුල කරන ලද්දාහු ද උත්සද (විපුල) කරන ලද්දාහු ද, මොහු ඒ මහාරජස්ක සත්ත්වයෝ යි.
කතමෙ තෙ සත්තා අප්පරජක්ඛා: යෙසං සත්තානං ඉමානි දස කිලෙසවත්ථූනි අනාසෙවිතානි අභාවිතානි අබහුලීකතානි අනුස්සදගතානි. ඉමෙ තෙ සත්තා අප්පරජක්ඛා.
එ අල්පරජස්කසත්ත්වයෝ කවරහ යත්: යම් සත්ත්ව කෙනෙකුන් විසින් මේ දශක්ලේශවස්තූහු නො සෙවුනා ලද්දාහු ද නො වඩනා ලද්දාහු ද බහුල නො කරන ලද්දාහු ද උත්සද නො කරන ලද්දාහු ද, මොහු ඒ අල්පරජස්කසත්ත්වයෝ යි.
කතමෙ තෙ සත්තා මුදින්ද්රියා: පඤ්චින්ද්රියානි: සද්ධින්ද්රියං විරියින්ද්රියං සතින්ද්රියං සමාධින්ද්රියං පඤ්ඤින්ද්රියං. යෙසං සත්තානං ඉමානි පඤ්චින්ද්රියානි අනාසෙවිතානි අභාවිතානි අබහුලීකතානි අනුස්සදගතානි, ඉමෙ තෙ සත්තා මුදින්ද්රියා.
එ මෘද්වින්ද්රියසත්ත්වයෝ කවරහ යත්: ඉන්ද්රියයෝ පස් දෙනෙකි: ශ්‍රද්ධේන්‍ද්‍රිය ය, වීර්‍ය්‍යෙන්‍ද්‍රිය ය, ස්මෘතින්ද්රිය ය, සමාධීන්‍ද්‍රිය ය, ප්‍රඥේන්‍ද්‍රිය යයි. යම් සත්ත්ව කෙනෙකුන් විසින් මේ පඤ්චේන්‍ද්‍රියයෝ නො සෙවුනා ලද්දාහු ද, නො වඩනා ලද්දාහු ද, බහුල නො කරන ලද්දාහු ද, උත්සද නො කරන ලද්දාහු ද, මොහු ඒ මෘද්වින්ද්රියසත්ත්වයෝ යි.
කතමෙ තෙ සත්තා තික්ඛින්ද්රියා: යෙසං සත්තානං ඉමානි පඤ්චින්ද්රියානි ආසෙවිතානි භාවිතානි බහුලීකතානි උස්සදගතානි, ඉමෙ තෙ සත්තා තික්ඛින්ද්රියා.
ඒ තීක්ෂෙණන්ද්රියසත්ත්වයෝ කවරහ යත්: යම් සත්ත්ව කෙනෙකුන් විසින් මේ පඤ්චේන්‍ද්‍රියයෝ සෙවුනා ලද්දාහු ද, වඩනා ලද්දාහු ද, බහුල කරන ලද්දාහු ද, උත්සද කරන ලද්දාහු ද, මොහු ඒ තීක්ෂෙණන්ද්රියසත්ත්වයෝ යි.
කතමෙ තෙ සත්තා ද්වාකාරා: යෙ තෙ සත්තා පාපාසයා පාපානුසයා පාපචරිතා පාපාධිමුත්තිකා මහාරජක්ඛා මුදින්ද්රියා ඉමෙ තෙ සත්තා ද්වාකාරා.
ඒ ද්වාකාරසත්ත්වයෝ කවරහ යත්: යම් ඒ සත්ත්ව කෙනෙක් අකුශලාධ්යාශය ඇත්තාහු ද, පාපානුශය ඇත්තාහු ද, ලාමකචරිත ඇත්තාහු ද, ලාමකඅධ්යාශය ඇත්තාහු ද, මහාරජස්කයෝ ද, මෘද්වින්ද්රිය ඇත්තාහු ද, මොහු ඒ ද්වාකාරසත්ත්වයෝ යි.
කතමෙ තෙ සත්තා ස්වාකාරා: යෙ තෙ සත්තා කල්යාණා කල්යාණාසයා කල්යාණචරිතා කල්යාණාධිමුත්තිකා අප්පරජක්ඛා තික්ඛින්ද්රියා, ඉමෙ තෙ සත්තා ස්වාකාරා.
ඒ ස්වාකාරසත්ත්වයෝ කවරහ යත්: යම් ඒ සත්ත්ව කෙනෙක් කල්‍යාණ ද, කල්‍යාණාධ්‍යාශය ඇත්තාහු ද, කල්‍යාණ චරිත ඇත්තාහු ද, කල්යාණාධිමුක්ති ඇත්තාහු ද, අල්පරජස්කයෝ ද, තීක්‍ෂෙණන්‍ද්‍රිය ඇත්තාහු ද, මොහු ඒ ස්වාකාරසත්ත්වයෝ යි.
කතමෙ තෙ සත්තා දුවිඤ්ඤාපයා: යෙව තෙ සත්තා ද්වාකාරා තෙව තෙ සත්තා දුවිඤ්ඤාපයා, යෙව තෙ සත්තා ස්වාකාරා, තෙව තෙ සත්තා සුවිඤ්ඤාපයා.
ඒ දුර්විඥාප්යසත්ත්වයෝ කවරහ යත්: යම් මැ කෙනෙක් ඒ ද්වාකාරසත්ත්වයෝ නම් ඔහු මැ ඒ දුර්විඥාප්යසත්ත්වයෝ යි. යම් මැ කෙනෙක් ඒ ස්වාකාරසත්ත්වයෝ නම් ඔහු මැ ඒ සුවිඥාප්යසත්ත්වයෝ යි.
කතමෙ තෙ සත්තා අභබ්බා: යෙ තෙ සත්තා කම්මාවරණෙන සමන්නාගතා, කිලෙසාවරණෙන සමන්නාගතා, විපාකාවරණෙන සමන්නාගතා, අස්සද්ධා අච්ඡන්දිකා දුප්පඤ්ඤා අභබ්බා නියාමං ඔක්කමිතුං කුසලෙසු ධම්මෙසු සම්මත්තං, ඉමෙ තෙ සත්තා අභබ්බා.
ඒ අභව්යසත්ත්වයෝ කවරහ යත්: යම් ඒ සත්ත්ව කෙනෙක් කර්මාවරණයෙන් සමන්වාගතයෝ ද, ක්ලේශාවරණයෙන් සමන්වාගතයෝ ද, විපාකාවරණයෙන් සමන්වාගතයෝ ද, අශ්රද්ධායෝ ද, කුශලච්ඡන්ද රහිතයෝ ද, දුෂ්ප්‍රාඥයෝ ද, කුශලධර්මයන්හි සම්යක්ත්වනියාම සඞ්ඛ්‍යාත මාර්ගයට බැසගන්නට අභව්‍ය වූවාහු ද, මොහු ඒ අභව්‍ය සත්ත්වයෝ යි.
කතමෙ තෙ සත්තා භබ්බා: යෙ තෙ සත්තා න කම්මාවරණෙන සමන්නාගතා, න කිලෙසාවරණෙන සමන්නාගතා, න විපාකාවරණෙන සමන්නාගතා, සද්ධා ඡන්දිකා පඤ්ඤාවන්තො භබ්බා නියාමං ඔක්කමිතුං කුසලෙසු ධම්මෙසු සම්මත්තං. ඉමෙ තෙ සත්තා භබ්බාති යා තත්ථ පඤ්ඤා පජානනා -පෙ- අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි, ඉදං තථාගතස්ස පරසත්තානං පරපුග්ගලානං ඉන්ද්රියපරොපරියත්තං යථාභූතං ඤාණං.
ඒ භව්යසත්ත්වයෝ කවරහ යත්: යම් ඒ සත්ත්ව කෙනෙක් කර්මාවරණයෙන් සමන්වාගත නො වූවාහු ද, ක්ලේශාවරණයෙන් සමන්වාගත නො වූවාහු ද, විපාකාවරණයෙන් සමන්වාගත නො වූවාහු ද, ශ්‍රද්ධා ඇත්තාහු ද, කුශලච්ඡන්ද ඇත්තාහු ද, ප්‍රඥා ඇත්තාහු ද, කුශලධර්මයන්හි සම්යක්ත්ව නියාම සඞ්ඛ්‍යාත මාර්ගයට බැසගන්නට භව්‍යයෝ ද, මොහු ඒ භව්යසත්ත්වයෝ යි. එහි යම් ප්‍රඥායෙක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්මවිචයයෙක්, සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද, මේ ‘තථාගතයන් පරසත්ත්වයන්ගේ පරපුද්ගලයන්ගේ ඉන්ද්රියපරාවරතා ඇතිසැටියෙන් දන්නා නුවණ’ යි.
832. තත්ථ කතමං තථාගතස්ස ඣානවිමොක්ඛසමාධිසමාපත්තීනං සංකිලෙසං වොදානං වුට්ඨානං යථාභූතං ඤාණං. ඣායීති චත්තාරො ඣායී: අත්ථෙකච්චො ඣායී සම්පත්තිංයෙව සමානං විපත්තීති පච්චෙති. අත්ථෙකච්චො ඣායී විපත්තිංයෙව සමානං සම්පත්තීති පච්චෙති. අත්ථෙකච්චො ඣායී සම්පත්තිංයෙව සමානං සම්පත්තීති පච්චෙති. අත්ථෙකච්චො ඣායී විපත්තිංයෙව සමානං සම්පත්තීති පච්චෙති. ඉමෙ චත්තාරො ඣායී.
832. එහි තථාගතයන් ධ්‍යානවිමෝක්‍ෂසමාධිසමාපත්තීන්ගේ සංක්ලේශව්‍යවදාන ව්යුත්ථාන ඇතිසැටියෙන් දන්නා නුවණ කවරෙ යත්: ධ්‍යායී යනු: ධ්‍යායීහු සතර දෙනෙකි: සම්පත් වූයේ ම විපතැ යි ගනී නම් එබඳු ඇතැම් ධ්‍යාන කරන්නෙක් ඇත, විපත් වූයේ ම සම්පතැ යි ගනී නම් එබඳු ඇතැම් ධ්‍යාන කරන්නෙක් ඇත, සම්පත් වූයේ ම සම්පතැ යි ගනී නම් එබඳු ඇතැම් ධ්‍යාන කරන්නෙක් ඇත, විපත් වූයේ ම විපතැ යි ගනී නම් එබඳු ඇතැම් ධ්‍යාන කරන්නෙක් ඇති. මොහු සතර ධ්‍යායීහු ය.
අපරෙපි චත්තාරො ඣායී. අත්ථෙකච්චො ඣායී දව්ධං සමාපජ්ජති ඛිප්පං වුට්ඨාති, අත්ථෙකච්චො ඣායී. ඛිප්පං සමාපජ්ජති දන්ධං වුට්ඨාති, අත්ථෙකච්චො ඣායී දන්ධං සමාපජ්ජති දන්ධං වුට්ඨාති, අත්ථෙකච්චො ඣායී ඛිප්පං සමාපජ්ජති ඛිප්පං වුට්ඨාති. ඉමෙ චත්තාරො ඣායී.
අන්‍ය වූ ද ධ්‍යායීහු සතර දෙනෙකි: ලැසි ව සමවදී නම් වහා දැහැනින් නැඟේ නම් එබඳු ඇතැම් ධ්‍යාන කරන්නෙක් ඇත, වහා සමවදී නම් ලැසි ව දැහැනින් නැඟේ නම් එබඳු ඇතැම් ධ්‍යාන කරන්නෙක් ඇත, ලැසි ව සමවදී නම් ලැසිව දැහැනින් නැඟේ නම් එබඳු ඇතැම් ධ්‍යාන කරන්නෙක් ඇත, වහා සමවදී නම් වහා දැහැනින් නැඟේ නම් එබඳු ඇතැම් ධ්‍යාන කරන්නෙක් ඇති. මොහු සතර ධ්‍යායීහු ය.
අපරෙපි චත්තාරො ඣායී: අත්ථෙකච්චො ඣායී සමාධිස්මිං සමාධි කුසලො හොති න සමාධිස්මිං සමාපත්තිකුසලො, අත්ථෙකච්චො ඣායී සමාධිස්මිං සමාපත්තිකුසලො හොති න සමාධිස්මිං සමාධිකුසලො, අත්ථෙකච්චො ඣායී සමාධිස්මිං සමාධිකුසලො ච හොති සමාධිස්මිං සමාපත්ති කුසලො ච, අත්ථෙකච්චො ඣායී නෙව සමාධිස්මිං සමාධි කුසලො හොති න සමාධිස්මිං සමාපත්තිකුසලො. ඉමෙ චත්තාරො ඣායී.
අන්‍ය වූ ද ධ්‍යායීහු සතර දෙනෙකි: සමාධියෙහි සමාධිකුශල වේ නම්, සමාධියෙහි සමාපත්තිකුශල නො වේ නම් එබඳු ඇතැම් ධ්‍යාන කරන්නෙක් ඇත, සමාධියෙහි සමාපත්තිකුශල වේ නම් සමාධියෙහි සමාධිකුශල නො වේ නම් එබඳු ඇතැම් ධ්‍යාන කරන්නෙක් ඇත, සමාධියෙහි සමාධිකුශල වේ නම් සමාධියෙහි සමාපත්තිකුශල ද වේ නම් එබඳු ඇතැම් ධ්‍යාන කරන්නෙක් ඇත, සමාධියෙහි නො ම සමාධිකුශල වේ නම් සමාධියෙහි නො ද සමාපත්තිකුශල වේ නම් එබඳු ඇතැම් ධ්‍යාන කරන්නෙක් ඇති. මොහු සතර ධ්‍යායීහු වෙත්.
ඣානන්ති චත්තාරි ඣානානි: පඨමං ඣානං දුතියං ඣානං තතියං ඣානං චතුත්ථං ඣානං.
ධ්‍යාන යනු: ධ්‍යාන සතරෙකි: ප්‍රථමධ්‍යාන ය, ද්විතීයධ්‍යාන ය, තෘතීයධ්‍යාන ය, චතුර්ත්ථධ්යාන යි.
විමොක්ඛොති අට්ඨවිමොක්ඛා: රූපී රූපානි පස්සති, අයං පඨමො විමොක්ඛො. අජ්ඣත්තං අරූපසඤ්ඤී බහිද්ධා රූපානි පස්සති, අයං දුතියො විමොක්ඛො. සුභන්තෙව අධිමුත්තො හොති, අයං තතියො විමොක්ඛො. සබ්බසො රූපසඤ්ඤානං සමතික්කමා පටිඝසඤ්ඤානං අත්ථඞ්ගමා නානත්තසඤ්ඤානං අමනසිකාරා අනන්තො ආකාසොති ආකාසානඤ්චායතනං උපසම්පජ්ජ විහරති, අයං චතුත්ථො විමොක්ඛො. සබ්බසො ආකාසානඤ්චායතනං සමතික්කම්ම අනන්තං විඤ්ඤාණන්ති විඤ්ඤාණඤ්චායතනං උපසම්පජ්ජ විහරති, අයං පඤ්චමො විමොක්ඛො. සබ්බසො විඤ්ඤාණඤ්චායතනං සමතික්කම්ම නත්ථි කිඤ්චීති ආකිඤ්චඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති, අයං ඡට්ඨො විමොක්ඛො. සබ්බසො ආකිඤ්චඤ්ඤායතනං සමතික්කම්ම නෙවසඤ්ඤානාසඤ්ඤායතනං උපසම්පජ්ජ විහරති. අයං සත්තමො විමොක්ඛො. සබ්බසො නෙවසඤ්ඤා නාසඤ්ඤායතනං සමතික්කම්ම සඤ්ඤාවෙදයිතනිරොධං උපසම්පජ්ජ විහරති, අයං අට්ඨමො විමොක්ඛො.
විමෝක්ෂ යනු විමෝක්ෂ අටෙකි: රූපධ්‍යාන ඇත්තේ රූපයන් දකී. මේ ප්‍රථම විමෝක්ෂ ය, අධ්‍යාත්මයෙහි අරූපසංඥා ඇත්තේ බාහ්‍යරූපයන් දකී. මේ ද්විතීය විමෝක්ෂ ය. ශුභ යයි අධිමුක්ති ඇත්තේ වෙයි. මේ තෘතීය විමෝක්ෂ ය, සර්වප්රකාරයෙන් රූපසංඥාවන්ගේ ඉක්මවීමෙන් ප්‍රතිඝසංඥාවන්ගේ අස්තඞ්ගමයෙන් නානාත්වසංඥාවන් නො මෙනෙහි කිරීමෙන් ‘ආකාශය අනන්තය’ යි ආකාසානඤ්චායතනයට පැමිණ වාස කෙරෙයි. මේ චතුර්ත්ථවිමෝක්ෂ ය, සර්වප්රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්ම ‘විඥානය අනන්තය’ යි විඤ්ඤාණඤ්චායතනයට පැමිණ වාසය කෙරෙයි. මේ පඤ්චමවිමොක්ෂය යි. සර්වප්රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා ‘කිසිවක් නැතැ’ යි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වාසය කෙරෙයි. මේ ෂෂ්ඨවිමෝක්ෂය යි. සර්වප්රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නේවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ වාසය කෙරෙයි. මේ සප්තමවිමොක්ෂය යි. සර්වප්රකාරයෙන් නේවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා සංඥාවේදයිතනිරෝධයට පැමිණ වාස කෙරේ. මේ අෂ්ටමවිමෝක්ෂය යි.
සමාධීති තයො සමාධි: සවිතක්කසවිචාරො සමාධි, අවිතක්ක විචාරමත්තො සමාධි, අවිතක්කඅවිචාරො සමාධි.
සමාධි යනු: සමාධි තුනෙකි: සවිතර්කසවිචාරසමාධි ය, අවිතර්කවිචාරමාත්රසමාධි ය, අවිතර්කඅවිචාරසමාධි යි.
සමාපත්තීති නව අනුපුබ්බවිහාරසමාපත්තියො, පඨමජ්ඣානසමාපත්ති දුතියජ්ඣානසමාපත්ති තතියජ්ඣානසමාපත්ති චතුත්ථජ්ඣාන සමාපත්ති ආකාසානඤ්චායතනසමාපත්ති විඤ්ඤාණඤ්චායතනසමාපත්ති ආකිඤ්චඤ්ඤායතනසමාපත්ති, නෙවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්ති සඤ්ඤාවෙදයිතනිරොධසමාපත්ති.
සමාපත්ති යනු: අනුපූර්වවිහාරසමාපත්ති නවයෙකි. ප්රථමධ්යානසමාපත්ති ය, ද්වීතීයධ්යානසමාපත්ති ය, තෘතීයධ්යානසමාපත්ති ය, චතුර්ත්ථධ්යානසමාපත්ති ය, ආකාසානඤ්චායතනසමාපත්ති ය, විඤ්ඤාණඤ්චායතනසමාපත්ති ය, ආකිඤ්චඤ්ඤායතනසමාපත්ති ය, නේවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්ති ය, සඤ්ඤාවේදයිතනිරෝධසමාපත්ති යි.
සංකිලෙසන්ති හානභාගියො ධම්මො.
සංකෙලේශ යනු: හානභාගිය ධර්ම යි.
වොදානන්ති විසෙසභාගියො ධම්මො.
වෝදාන යනු: විශේෂභාගිය ධර්ම යි.
වුට්ඨානන්ති වොදානම්පිවුට්ඨානං, තම්හා තම්හා සමාධිම්හා වුට්ඨානම්පි වුට්ඨානන්ති යා තත්ථ පඤ්ඤා පජානනා -පෙ- අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි, ඉදං තථාගතස්ස ඣානවිමොක්ඛසමාධිසමාපත්තීනං සංකිලෙසං වොදානං වුට්ඨානං යථාභූතං ඤාණං.
ව්යුත්ථාන යනු: ව්‍යවදානය ද ව්යුත්ථාන ය, ඒ ඒ සමාධියෙන් නැඟීසිටීම ද ව්යුත්ථාන යි. එහි යම් ප්‍රඥායෙක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද, මේ ‘තථාගතයන් ධ්‍යානවිමෝක්‍ෂසමාධිසමාපත්තීන්ගේ සාංක්ලේශව්යවදානව්යුත්ථාන ඇති සැටියෙන් දන්නා නුවණ’ යි.
833. තත්ථ කතමං තථාගතස්ස පුබ්බෙනිවාසානුස්සති යථාභූතං ඤාණං: ඉධ තථාගතො අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරති. සෙය්යථීදං: එකම්පි ජාති, ද්වෙපි ජාතියො, තිස්සොපි ජාතියො, චතස්සොපි ජාතියො, පඤ්චපි ජාතියො, දසපි ජාතියො, වීසතිම්පි ජාතියො, තිංසම්පි ජාතියො, චත්තාළීසම්පි ජාතියො, පඤ්ඤාසම්පි ජාතියො, ජාතිසතම්පි ජාති සහස්සම්පි ජාති සතසහස්සම්පි අනෙකෙපි සංවට්ටකප්පෙ, අනෙකෙපි විවට්ටකප්පෙ, අනෙකෙපි සංවට්ටවිවට්ටකප්පෙ, අමුත්රාසිං එවංනාමො එවංගොත්තො එවංවණ්ණො, එවමාහාරො, එවංසුඛදුක්ඛපටිසංවෙදී, එවමායුපරියන්තො, සො තතො චුතො අමුත්ර උදපාදිං තත්රාපාසිං එවංනාමො එවංගොත්තො එවංවණ්ණො එවමාහාරො එවංසුඛදුක්ඛපටිසංවෙදී එවමායුපරියන්තො. සො තතො චුතො ඉධූපපන්නොති ඉති සාකාරං සඋද්දෙසං අනෙකවිහිතං පුබ්බෙනිවාසං අනුස්සරතීති යා තත්ථ පඤ්ඤා පජානනා -පෙ- අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි, ඉදං තථාගතස්ස පුබ්බෙනිවාසානුස්සති යථාභූතං ඤාණං.
833. එහි තථාගතයන්ගේ පූර්වනිවාසයන් (පෙරවිසූකඳපිළිවෙළ) ඇතිසැටියෙන් දන්නා නුවණ කවරෙ යත්: මෙහි තථාගත තෙම නන්වැදෑරුම් වූ පූර්වනිවාසය සිහි කෙරෙයි. හෙ මෙසේ යි: එක් ජාතියකුදු, ජාති දෙකකුදු, ජාති තුනකුදු, ජාති සතරකුදු, ජාති පසකුදු, ජාති දසයකුදු, ජාති විස්සකුදු, ජාති තිසකුදු, ජාති සතළිසකුදු, ජාති පනසකුදු, ජාති සියයකුදු, ජාති දහසකුදු, ජාති ලක්ෂයකුදු, නොයෙක් සංවර්තකල්පයනුදු, නොයෙක් විවර්තකල්පයනුදු, නොයෙක් සංවර්තවිවර්තකල්පයුනුදු, අසුවල් තැන මෙබඳු නම් ඇතියෙම් මෙබඳු ගෝත්‍ර ඇතියෙම් මෙබඳු පැහැසටහන් ඇතියෙම් මෙබඳු ආහාර ඇතියෙම් මෙබඳු සුවදුක් විඳුනාසුලුයෙම් මෙබඳු ආයුපර්‍ය්‍යන්ත ඇතියෙම් වීමි. මම එතැනින් ච්‍යුත වූයෙම් අසුවල් තැන උපන්මි. එහිදු මෙබඳු නම් ඇතියෙම් මෙබඳු ගෝත්‍ර ඇතියෙම් මෙබඳු පැහැසටහන් ඇතියෙම් මෙබඳු ආහාර ඇතියෙම් මෙබඳු සුවදුක් විඳුනාසුලුයෙම් මෙබඳු ආයුපර්‍ය්‍යන්ත ඇතියෙම් වීමි. මම එතැනින් ච්‍යුත වූයෙම් මෙහි උපන්මියි මෙසේ ආකාර සහිත ව උද්දේශ සහිත ව නන්වැදෑරුම් වූ පූර්වනිවාසය සිහි කෙරේ යයි, එහි යම් ප්‍රඥායෙක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද, මේ තථාගතයන්ගේ පූර්වනිවාසයන් ඇති සැටියෙන් දන්නා නුවණ යි.
834. තත්ථ කතමා තථාගතස්ස සත්තානං වූතූපපාතං යථාභූතං ඤාණං: ඉධ තථාගතො දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කමන්තමානුසකෙන සත්තෙ පස්සති චවමානෙ උපපජ්ජමානෙ හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ සුගතෙ දුග්ගතෙ යථාකම්මූපගෙ සත්තෙ පජානාති. ඉමෙ වත භොන්තො සත්තා කායදුච්චරිතෙන සමන්නාගතා වචීදුච්චරිතෙන සමන්නාගතා මනොදුච්චරිතෙන සමන්නාගතා අරියානං උපවාදකා මිච්ඡාදිට්ඨිකා මිච්ඡාදිට්ඨිකම්මසමාදානා, තෙ කායස්ස භෙදා පරම්මරණා අපායං දුග්ගතිං විනිපාතං නිරයං උපපන්නා. ඉමෙ වා පන භොන්තො සත්තා කායසුචරිතෙන සමන්නාගතා වචීසුචරිතෙන සමන්නාගතා මනොසුචරිතෙන සමන්නාගතා අරියානං අනුපවාදකා සම්මාදිට්ඨිකා සම්මාදිට්ඨිකම්මසමාදානා තෙ කායස්ස භෙදා පරම්මරණා සුගතිං සග්ගං ලොකං උපපන්නාති, ඉති දිබ්බෙන චක්ඛුනා විසුද්ධෙන අතික්කන්තමානුසකෙන සත්තෙ පස්සති චවමානෙ උපපජ්ජමානෙ හීනෙ පණීතෙ සුවණ්ණෙ දුබ්බණ්ණෙ සුගතෙ දුග්ගතෙ යථාකම්මූපගෙ සත්තෙ පජානාතීති, යා තත්ථ පඤ්ඤා පජානනා -පෙ- අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි, ඉදං තථාගතස්ස සත්තානං චුතූපපාතං යථාභූතං ඤාණං.
834. එහි තථාගතයන් සත්ත්වයන්ගේ ච්‍යුති - උත්පත්ති ඇතිසැටියෙන් දන්නා නුවණ කවරෙ යත්: මෙහි තථාගත තෙම මිනිස් බව ඉක්මගිය විශුද්ධ වූ දිවඇසින් ච්‍යුතවන්නා වූ හීන වූ ප්‍රණීත වූ ශෝභනවර්ණ වූ දුර්වර්ණ වූ සුන්දරගති ඇති නපුරුගති ඇති සත්ත්වයන් දකී. මේ භවත් සත්ත්වයෝ කායදුශ්චරිතයෙන් සමන්වාගතයහ, වාග්දුශ්චරිතයෙන් සමන්වාගතයහ, මනෝදුශ්චරිතයෙන් සමන්වාගතයහ, ආර්ය්යෝපවාදකයහ, මිථ්‍යාදෘෂ්ටි ඇත්තාහ. මිථ්යාදෘෂ්ටිකර්මසමාදාන ඇත්තාහ, ඔහු කාබුන් මරණින් මතු සැපයෙන් පහවූ දුකට ගති ඇති විවස ව පතිත වන නිරයෙහි උපන්නාහු ය. තවද මේ භවත් සත්ත්වයෝ කායසුචරිතයෙන් සමන්වාගතයහ, වාක්සුචරිතයෙන් සමන්වාගතයහ, මනස්සුචරිතයෙන් සමන්වාගතයහ, ආර්‍ය්‍යයන්ට උපවාද නො කරන්නාහ, සම්‍යග්දෘෂ්ටි ඇත්තාහ, සම්‍යග්දෘෂ්ටිකර්‍මසමාදාන ඇත්තාහ, ඔහු කාබුන් මරණින් මතු සුන්දරගති ඇති ස්වර්ගලෝකයෙහි උපන්නාහු යි මෙසේ මිනිස් බව ඉක්මගිය විශුද්ධ වූ දිව ඇසින් ච්‍යුත වන්නා වූ උපදනා වූ හීන වූ ප්‍රණීත වූ ශෝභනවර්ණ වූ දුර්වර්ණ වූ සුන්දරගති ඇති නපුරුගති ඇති සත්ත්වයන් දකී. කම්වූපරිද්දෙන් ගිය සත්ත්වයන් දැනගනී යයි එහි යම් ප්‍රඥායෙක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද, මේ ‘තථාගතයන් සත්ත්වයන්ගේ ච්‍යුති - උත්පත්ති ඇතිසැටියෙන් දන්නා නුවණ’ යි.
835. තත්ථ කතමං තථාගතස්ස ආසවානං ඛයෙ යථාභූතං ඤාණං: ඉධ තථාගතො ආසවානං ඛයා අනාසවං චෙතොවිමුත්තිං පඤ්ඤාවිමුත්තිං දිට්ඨෙව ධම්මෙ සයං අභිඤ්ඤා සච්ඡිකත්වා උපසම්පජ්ජ විහරතීති යා තත්ථ පඤ්ඤා පජානනා සල්ලක්ඛණා පච්චුපලක්ඛණා පණ්ඩිච්චං කොසල්ලං නෙපුඤ්ඤං වෙභව්යා චින්තා උපපරික්ඛා භූරි මෙධා පරිනායිකා විපස්සනා සම්පජඤ්ඤං පතොදො පඤ්ඤා පඤ්ඤින්ද්රියං පඤ්ඤාබලං පඤ්ඤාසත්ථං පඤ්ඤාපාසාදො පඤ්ඤාආලොකො පඤ්ඤාඔභාසො පඤ්ඤා පජ්ජොතො පඤ්ඤාරතනං අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි, ඉදං තථාගතස්ස ආසවානං ඛයෙ යථාභූතං ඤාණන්ති, ඉමානි දස තථාගතස්ස තථාගතබලානි, යෙහි බලෙහි සමන්නාගතො තථාගතො ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්රහ්මචක්කං පවත්තෙති.
835. එහි තථාගතයන්ගේ ආස්රවක්ෂයයෙහි යථාභූතඥානය කවරෙ යත්: මෙහි තථාගත තෙම ආස්‍රවයන්ගේ ක්ෂය වීමෙන් ආස්‍රව රහිත වූ චිත්තවිමුක්තියත් ප්‍රඥාවිමුක්තියත් මෙ අත්බැව්හි ම තෙමේ වෙසෙසින් දැන ප්රත්යක්ෂ කොට එයට පැමිණ වෙසේ යයි එහි යම් ප්‍රඥායෙක් ප්‍රජානනයෙක් සංලක්‍ෂණයෙක් ප්‍රත්‍යුපලක්‍ෂණයෙක් පාණ්ඩිත්‍යයෙක් කෞශල්‍යයෙක් නෛපුණ්‍යයෙක් (අනිත්‍යාදි) විභාවනයෙක් චින්තායෙක් උපපරීක්‍ෂායෙක් පෘථුලප්රඥායෙක් මේධායෙක් පරිණායිකායෙක් විදර්‍ශනායෙක් සම්‍යග්ඥානයෙක් පතෝදප්රඥායෙක් ප්රඥේන්ද්රියයෙක් ප්‍රඥාබලයෙක් ප්‍රඥාශස්ත්‍රයෙක් ප්‍රඥාප්‍රාසාදයෙක් ප්‍රඥාආලෝකයෙක් ප්‍රඥා - අවභාසයෙක් ප්‍රඥාප්‍රද්‍යොතයෙක් ප්‍රඥාරත්නයෙක් අමෝහයෙක් ධර්මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද, මේ ‘තථාගතයන්ගේ ආස්රවක්ෂයයෙහි යථාභූතඥාන’ යි. මොහු තථාගතයන්ගේ දශතථාගතබලයෝ යි. යම් බලකෙනකුන්ගෙන් සමන්වාගත වූ තථාගත තෙම ශ්‍රේෂ්ඨස්ථානය ප්‍රතිඥා කෙරේ නම් පිරිස්හි අභීතනාද කෙරේ නම් ශ්‍රේෂ්ඨ වු ධර්මචක්රය පවත්වා නම් ඔහු යි.
එවං දසවිධෙන ඤාණවත්ථු.
මෙසේ දශප්‍රකාරයෙන් ඥානවස්තු වේ.
දසකං.
දශක යි.
ඤාණවිභඞ්ගො නිට්ඨිතො.
ඥානවිභඞ්ග නිමි.