චතුක්කං
820. තත්ථ කතමං කම්මස්සකතං ඤාණං: අත්ථි දින්නං, අත්ථි යිට්ඨං, අත්ථි හුතං, අත්ථි සුකටදුක්කමානං කම්මානං ඵලං විපාකො, අත්ථි අයං ලොකො, අත්ථි පරො ලොකො, අත්ථි මාතා, අත්ථි පිතා, අත්ථි සත්තා ඔපපාතිකා, අත්ථි ලොකෙ සමණබ්රාහ්මණා සම්මග්ගතා සම්මා පටිපන්නා, යෙ ඉමං ච ලොකං පරං ච ලොකං සයං අභිඤ්ඤා සච්ඡිකත්වා පවෙදෙන්තීති යා එවරූපා පඤ්ඤා පජානනා -පෙ- අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි ඉදං වුච්චති කම්මස්සකතං ඤාණං. ඨපෙත්වා සච්චානුලොමිකං ඤාණං සබ්බාපි සාසවා කුසලා පඤ්ඤා කම්මස්සකතං ඤාණං. තත්ථ කතමං සච්චානුලොමිකං ඤාණං: රූපං අනිච්චන්ති වා වෙදනා -පෙ- සඤ්ඤා -පෙ- සඞ්ඛාරා -පෙ- විඤ්ඤාණං අනිච්චන්ති වා යා එවරූපී අනුලොමිකා ඛන්ති දිට්ඨි රුචි මුති පෙක්ඛා ධම්මනිජ්ඣානක්ඛන්ති ඉදං වුච්චති සච්චානුලොමිකං ඤාණං. චතුසු මග්ගෙසු පඤ්ඤා මග්ගසමඞ්ගිස්ස ඤාණං. චතුසු ඵලෙසු පඤ්ඤා ඵලසමඞ්ගිස්ස ඤාණං. මග්ගසමඞ්ගිස්ස ඤාණං දුක්ඛෙපෙතං ඤාණං, දුක්ඛසමුදයෙපෙතං ඤාණං, දුක්ඛනිරොධෙපෙතං ඤාණං, දුක්ඛනිරොධගාමිනියා පටිපදායපෙතං ඤාණං.
820. එහි කර්මස්වකෘතඥාන කවරෙ යත්: ‘දුන් දැයෙහි ඵල ඇත, යාගයෙහි ඵල ඇත, පූජායෙහි ඵල ඇත, සුකෘතදුෂ්කෘතකර්මයන්ගේ ඵල විපාක ඇත, මෙ ලොව ඇත, පරලොව ඇත, මව් ඇත, පියා ඇත, ඕපපාතිකසත්වයෝ ඇත, යම් කෙනෙක් මෙ ලොව ද පරලොව ද තුමූ විශිෂ්ටඥානයෙන් දැන ප්රත්යක්ෂ කොට ප්‍රකාශ කෙරෙත් ද, එබඳු වූ සම්‍යග්ගත වූ සම්‍යක්ප්‍රතිපන්න වූ මහණබමුණෝ ඇතැ’ යි යම් මෙ බඳු වූ ප්‍රඥාවක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද, මේ ‘කර්මස්වකෘතඥාන’ යි කියනු ලැබේ. සත්‍යානුලෝමිකඥානය තබා සියලු ම සාස්රවකුශලප්රඥාව කර්මස්වකෘතඥාන නම. එහි සත්‍යානුලෝමිකඥානය කවරෙ යත්: රූපය අනිත්‍ය යි හෝ වේදනාව - සංඥාව - සංස්කාරය - විඥානය අනිත්‍ය යි හෝ යම් මෙබඳු අනුලෝමික වූ ක්ෂාන්තියක් දෘෂ්ටියක් රුචියක් මුතියක් ප්රේක්ෂාවක් ධර්මනිධ්යානක්ෂාන්තියක් වේ ද, මේ ‘සත්යානුලෝමිකඥාන’ යි කියනු ලැබේ. සතර මාර්ගයෙහි ප්‍රඥාව මාර්ගසමඞ්ගීහුගේ ඥාන යි. සතර ඵලයෙහි ප්‍රඥාව ඵලසමඞ්ගීහුගේ ඥාන යි. මාර්ග සමඞ්ගීහුගේ (යම්) ඥානයෙක් වේ ද, තෙල දුඃඛයෙහි ඥාන ද වෙයි, දුඃඛසමුදයෙහි ඥාන ද වෙයි, දුඃඛනිරෝධයෙහි ඥාන ද වෙයි, දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදායෙහි ඥාන ද වේ.
තත්ථ කතමං දුක්ඛෙ ඤාණං: දුක්ඛං ආරබ්භ යා උප්පජ්ජති පඤ්ඤා පජානනා -පෙ- අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි, ඉදං වුච්චති දුක්ඛෙ ඤාණං. දුක්ඛසමුදයං ආරබ්භ -පෙ- දුක්ඛනිරොධං ආරබ්භ -පෙ- දුක්ඛනිරොධගාමිනිං පටිපදං ආරබ්භ යා උප්පජ්ජති පඤ්ඤාපජානනා -පෙ- අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි, ඉදං වුච්චති දුක්ඛ නිරොධගාමිනියා පටිපදාය ඤාණං.
එහි දුඃඛයෙහි ඥාන කවරෙ යත්: දුඃඛය නිසා යම් ප්‍රඥායෙක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද, මේ ‘දුඃඛයෙහි ඥාන’ යි කියනු ලැබේ. දුඃඛසමුදය නිසා දුඃඛනිරෝධය නිසා දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදාව නිසා යම් ප්‍රඥායෙක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් උපදී ද, මේ ‘දුක්ඛනිරෝධගාමිනීප්‍රතිපදායෙහි ඥාන’ යි කියනු ලැබේ.
කාමාවචරකුසලාබ්යාකතෙ පඤ්ඤා කාමාවචරා පඤ්ඤා, රූපාවචර කුසලාබ්යාකතෙ පඤ්ඤා රූපාවචරා පඤ්ඤා, අරූපාවචරකුසලාබ්යාකතෙ පඤ්ඤා අරූපාවචරා පඤ්ඤා, චතුසු මග්ගෙසු චතුසු ඵලෙසු පඤ්ඤා අපරියාපන්නා පඤ්ඤා.
කාමාවචරකුශලාව්‍යාකෘතයෙහි ප්‍රඥාව කාමාවචරප්‍රඥා ය, රූපාවචරකුශලාව්යාකෘතයෙහි ප්‍රඥාව රූපාවචරප්‍රඥා ය, අරූපාවචරකුශලාව්යාකෘතයෙහි ප්‍රඥාව අරූපාවචරප්‍රඥා ය, සතර මාර්ගයෙහි සතර ඵලයෙහි ප්‍රඥාව අපර්‍ය්‍යාපන්නප්‍රඥා යි.
තත්ථ කතමං ධම්මෙ ඤාණං: චතුසු මග්ගෙසු චතුසු ඵලෙසු පඤ්ඤා ධම්මෙ ඤාණං.
එහි ‘ධර්මයෙහි ඥාන’ කවරෙ යත්: සතර මාර්ගයෙහි සතර ඵලයෙහි ප්‍රඥාව ධර්මයෙහි ඥානය යි.
සො ඉමිනා ධම්මෙන ඤාතෙන දිට්ඨෙන පත්තෙන විදිතෙන පරියොගාළ්හෙන අතීතානාගතෙ නයං නෙති යෙ පි කෙචි අතීතමද්ධානං සමණා වා බ්රාහ්මණා වා දුක්ඛං අබ්භඤ්ඤංසු, දුක්ඛසමුදයං අබ්භඤ්ඤංසු, දුක්ඛනිරොධං අබ්භඤ්ඤංසු, දුක්ඛනිරොධගාමිනීපටිපදං අබ්භඤ්ඤංසු, ඉමඤ්ඤෙව තෙ දුක්ඛං අබ්භඤ්ඤංසු, ඉමඤ්ඤෙව තෙ දුක්ඛසමුදයං අබ්භඤ්ඤංසු, ඉමඤ්ඤෙව තෙ දුක්ඛනිරොධං අබ්භඤ්ඤංසු, ඉමඤ්ඤෙව තෙ දුක්ඛනිරොධගාමිනිං පටිපදං අබ්භඤ්ඤංසු. යෙපි කෙචි අනාගතමද්ධානං සමණා වා බ්රාහ්මණා වා දුක්ඛං අභිජානිස්සන්ති, දුක්ඛසමුදයං අභිජානිස්සන්ති, දුක්ඛනිරොධං අභිජානිස්සන්ති, දුක්ඛනිරොධගාමිනී පටිපදං අභිජානිස්සන්ති, ඉමඤ්ඤෙව තෙ දුක්ඛං අභිජානිස්සන්ති. ඉමඤ්ඤෙව තෙ දුක්ඛසමුදයං අභිජානිස්සන්ති, ඉමඤ්ඤෙව තෙ දුක්ඛ නිරොධං අභිජානිස්සන්ති, ඉමඤ්ඤෙව තෙ දුක්ඛනිරොධගාමිනීපටිපදං අභිජානිස්සන්තීති යා තත්ථ පඤ්ඤා පජානනා -පෙ- අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි, ඉදං වුච්චති අන්වයෙ ඤාණං.
හෙතෙම මේ දන්නා ලද, දක්නා ලද පැමිණෙන ලද ප්‍රකට කරන ලද බැසැගෙන සිටි මාර්ගඥාන සඞ්ඛ්‍යාත ධර්මයෙන් අතීතානාගතයෙහි නයසඞ්ඛ්යාත ප්රත්යවේක්ෂාඥානයට පමුණුවයි. ‘අතීතකාලයෙහි යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ දුඃඛය ප්‍රතිවේධ කළාහු ද, දුඃඛසමුදය ප්‍රතිවේධ කළාහු ද, දුඃඛනිරෝධය ප්‍රතිවේධ කළාහු ද, දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදාව ප්‍රතිවේධ කළාහු ද, ඔහු මෙ ම දුඃඛය ප්‍රතිවේධ කළහ, මෙ ම දුඃඛසමුදය ප්‍රතිවේධ කළහ, මෙ ම දුඃඛනිරෝධය ප්‍රතිවේධ කළහ, මෙ ම දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදාව ප්‍රතිවේධ කළහ. අනාගතකාලයෙහි යම් කිසි මහණ කෙනෙක් හෝ බමුණු කෙනෙක් හෝ දුඃඛය ප්‍රතිවේධ කරන්නාහු ද, දුඃඛසමුදය ප්‍රතිවේධ කරන්නාහු ද, දුඃඛනිරෝධය ප්‍රතිවේධ කරන්නාහු ද, දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදාව ප්‍රතිවේධ කරන්නාහු ද, ඔහු මෙ ම දුඃඛය ප්‍රතිවේධ කරන්නාහ, මෙ ම දුඃඛසමුදය ප්‍රතිවේධ කරන්නාහ, මෙ ම දුඃඛනිරෝධය ප්‍රතිවේධ කරන්නාහ, මෙ ම දුඃඛනිරෝධගාමිනී ප්‍රතිපදාව ප්‍රතිවේධ කරන්නාහ’ යි. එහි යම් ප්‍රඥායෙක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද, මේ ‘අන්වයෙහි ඥාන’ යි කියනු ලැබේ.
තත්ථ කතමං පරිච්ඡෙදෙ ඤාණං: ඉධ භික්ඛු පරසත්තානං පරපුග්ගලානං චෙතසා චෙතො පරිච්ච පජානාති. සරාගං වා චිත්තං සරාගං චිත්තන්ති පජානාති වීතරාගං වා චිත්තං වීතරාගං චිත්තන්ති පජානාති. සදොසං වා චිත්තං -පෙ- වීතදොසං වා චිත්තං -පෙ- සමොහං වා චිත්තං -පෙ- වීතමොහං වා චිත්තං -පෙ- සංඛිත්තං වා චිත්තං -පෙ- වික්ඛිත්තං වා චිත්තං -පෙ- මහග්ගතං වා චිත්තං -පෙ- අමහග්ගතං වා චිත්තං -පෙ- සඋත්තරං වා චිත්තං -පෙ- අනුත්තරං වා චිත්තං -පෙ- සමාහිතං වා චිත්තං -පෙ- අසමාහිතං වා චිත්තං -පෙ- විමුත්තං වා චිත්තං -පෙ- අවිමුත්තං වා චිත්තං අවිමුත්තං චිත්තන්ති පජානාතීති යා තත්ථ පඤ්ඤා පජානනා -පෙ- අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි, ඉදං වුච්චති පරිච්ඡෙදෙ ඤාණං.
එහි ‘පරිච්ඡේදයෙහි ඥාන’ කවරෙ යත්: මෙ සස්නෙහි මහණ තෙම පරසත්ත්වයන්ගේ පරපුද්ගලයන්ගේ සිත (තමාගේ) සිතින් පිරිසිඳ දැනගනියි. සරාග වූ හෝ සිත සරාග වූ සිතැ යි දැනගනියි, වීතරාග වූ හෝ සිත වීතරාග වූ සිතැයි දැනගනියි, සදෝස වූ හෝ සිත ... වීතදෝෂ වූ හෝ සිත ... සමෝහ වූ හෝ සිත ... වීතමෝහ වූ හෝ සිත ... සංක්ෂිප්ත වූ හෝ සිත ... වික්ෂිප්ත වූ හෝ සිත ... මහද්ගත වූ හෝ සිත ... මහද්ගත නො වූ හෝ සිත ... සඋත්තර වූ හෝ සිත ... අනුත්තර වූ හෝ සිත ... සමාහිත වූ හෝ සිත ... සමාහිත නො වූ හෝ සිත ... විමුක්ත වූ හෝ සිත ... විමුක්ත නො වූ හෝ සිත විමුක්ත නො වූ සිතැ යි දැනගනී යයි. එහි යම් ප්‍රඥායෙක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද, මේ ‘පරිච්ඡේදයෙහි ඥාන’ යි කියනු ලැබේ.
ඨපෙත්වා ධම්මෙ ඤාණං අන්වයෙ ඤාණං පරිච්ඡෙදෙ ඤාණං අවසෙසා පඤ්ඤා සම්මුතිඤාණං.
ධර්මයෙහි ඥානය තබා අන්වයෙහි ඥානය තබා පරිච්ඡේදයෙහි ඥානය තබා අවශේෂ ඥානය සංවෘතිඥාන යි.
තත්ථ කතමා පඤ්ඤා ආචයාය නො අපචයාය: කාමාවචරකුසලෙ පඤ්ඤා ආචයාය නො අපචායාය, චතුසු මග්ගෙසු පඤ්ඤා අපචයාය නො ආචයාය, රූපාවචරාරූපාවචරකුසලෙ පඤ්ඤා ආචයාය චෙව අපචයාය ච, අවසෙසා පඤ්ඤා නෙව ආචයාය නො අපචයාය.
එහි ආචය පිණිස වූ අපචය පිණිස නො වූ ප්‍රඥා කවර යත්: කාමාවචරකුශලයෙහි ප්‍රඥාව ආචය පිණිස වෙයි, අපචය පිණිස නො වෙයි, සතර මාර්ගයෙහි ප්‍රඥාව අපචය පිණිස වෙයි, ආචය පිණිස නො වෙයි. රූපාවචරඅරූපාවචරකුශලයෙහි ප්‍රඥාව ආචය පිණිසත් අපචය පිණිසත් වෙයි. අවශේෂප්රඥාව නො ම ආචය පිණිස නො ද අපචය පිණිස වේ.
තත්ථකතමා පඤ්ඤා නිබ්බිදාය නො පටිවෙධාය: යාය පඤ්ඤාය කාමෙසු වීතරාගො හොති න ච අභිඤ්ඤායො පටිවිජ්ඣති න ච සච්චානි, අයං වුච්චති පඤ්ඤා නිබ්බිදාය නො පටිවෙධාය, ස්වෙව පඤ්ඤාය කාමෙසු වීතරාගො සමානො අභිඤ්ඤායො පටිවිජ්ඣති න ච සච්චානි, අයං වුච්චති පඤ්ඤා පටිවෙධාය නො නිබ්බිදාය. චතුසු මග්ගෙසු පඤ්ඤා නිබ්බිදාය චෙව පටිවෙධාය ච, අවසෙසා පඤ්ඤා නෙව නිබ්බිදාය නො පටිවෙධාය.
එහි නිර්වේදය පිණිස වූ, ප්‍රතිවේධය නො වූ ප්‍රඥා කවර යත්: යම් ප්‍රඥායෙකින් කාමයෙහි පහ වූ රාග ඇත්තේ වේ ද, නො ද අභිඥාවන් නො ද සත්‍යයන් ප්‍රතිවේධ කෙරේ ද, මේ ‘නිර්වේදය පිණිස වූ ප්‍රතිවේධය පිණිස නො වූ ප්‍රඥා’ යි කියනු ලැබේ. හෙ ම ප්‍රඥායෙන් කාමයෙහි පහ වූ රාග ඇත්තේ අභිඥාවන් ප්‍රතිවේධ කෙරෙයි. නො ද සත්‍යයන් ප්‍රතිවේධ කෙරෙයි. මේ ‘ප්‍රතිවේධය පිණිස වූ නිර්වේදය පිණිස නො වූ ප්‍රඥා’ යි කියනු ලැබේ. සතර මාර්ගයෙහි ප්‍රඥාව නිර්වේදය පිණිසත් ප්‍රතිවේධය පිණිසත් වෙයි. අවශේෂප්රඥාව නො ම නිර්වේදය පිණිස නො ද ප්‍රතිවේධය පිණිස වේ.
තත්ථ කතමා හානභාගිනී පඤ්ඤා: පඨමස්ස ඣානස්ස ලාභිං කාමසහගතා සඤ්ඤා මනසිකාරා සමුදාචරන්ති හානභාගිනී පඤ්ඤා. තදනුධම්මතා සති සන්තිට්ඨති ඨිතිභාගිනී පඤ්ඤා අවිතක්කසහගතා සඤ්ඤාමනසිකාරා සමුදාචරන්ති විසෙසභාගිනී පඤ්ඤා, නිබ්බිදාසහගතා සඤ්ඤාමනසිකාරා සමුදාචරන්ති විරාගූපසංහිතා නිබ්බෙධභාගිනී පඤ්ඤා.
එහි හානභාගිනීප්‍රඥා කවර යත්: ප්රථමධ්යානලාභීහු කාමසහගතසංඥාමනසිකාරයෝ පෙළත් නම් හානභාගීනීප්රඥා ය. තදනුරූප වූ (මිථ්‍යා) ස්මෘතිය සිටී නම් ස්ථිතිභාගිනී ප්‍රඥා ය, අවිතර්ක (ද්විතීයධ්‍යාන) සහගත වූ සංඥාමනසිකාරයෝ පෙළත් නම් විශේෂභාගිනීප්‍රඥා ය, නිර්වේද සඞ්ඛ්‍යාත විදර්ශනාඥාන සහගත වූ විරාගයෙන් යුක්ත වූ සංඥා මනසිකාරයෝ (නිවන් පසක් කරනු පිණිස) පෙළත් නම් නිර්වේදභාගිනීප්‍රඥා යි.
දුතියස්ස ඣානස්ස ලාභිං විතක්කසහගතා සඤ්ඤාමනසිකාරා සමුදාචරන්ති හානභාගිනී පඤ්ඤා, තදනුධම්මතා සති සන්තිට්ඨති ඨිති භාගිනී පඤ්ඤා, උපෙක්ඛාසහගතා සඤ්ඤාමනසිකාරා සමුදාචරන්ති විසෙසභාගිනී පඤ්ඤා. නිබ්බිදාසහගතා සඤ්ඤාමනසිකාරා සමුදාචරන්ති විරාගූපසංහිතා නිබ්බෙධ භාගිනී පඤ්ඤා.
ද්වීතීයධ්යානලාභීහු විතර්කසහගත වූ සංඥාමනසිකාරයෝ පෙළත් නම් හානභාගිනී ප්‍රඥා ය, තදනුරූප වූ ස්මෘතිය සිටී නම් ස්ථිතිභාගිනීප්‍රඥා ය, උපේක්ෂාසහගතසංඥාමනසිකාරයෝ පෙළත් නම් විශේෂභාගිනීප්‍රඥා ය, නිර්වේදසහගත වූ විරාගයෙන් යුත් සංඥාමනසිකාරයෝ පෙළත් නම් නිර්වේදභාගිනීප්‍රඥා යි.
තතියස්ස ඣානස්සලාභිං පීතිසුඛසහගතා සඤ්ඤාමනසිකාරා සමුදාචරන්ති හානභාගිනී පඤ්ඤා, තදනුධම්මතා සති සන්තිට්ඨති ඨිතිභාගිනී පඤ්ඤා, අදුක්ඛමසුඛසහගතා සඤ්ඤාමනසිකාරා සමුදාචරන්ති විසෙසභාගිනී පඤ්ඤා, නිබ්බිදාසහගතා සඤ්ඤාමනසිකාරා සමුදාචරන්ති විරාගූපසංහිතා නිබ්බෙධභාගිනී පඤ්ඤා.
තෘතීයධ්යානලාභීහු ප්‍රීතිසුඛසහගත වූ සංඥාමනසිකාරයෝ පෙළත් නම් හානභාගිනී ප්‍රඥා ය, තදනුරූප වූ ස්මෘතිය සිටී නම් ස්ථිතිභාගිනීප්‍රඥා ය, උපේක්ෂාසහගත වූ සංඥාමනසිකාරයෝ පෙළත් නම් විශේෂභාගිනීප්‍රඥා ය, නිර්වේදසහගත වූ විරාගයෙන් යුත් සංඥාමනසිකාරයෝ පෙළත් නම් නිර්වේදභාගිනීප්‍රඥා යි.
චතුත්ථස්ස ඣානස්ස ලාභිං උපෙක්ඛාසහගතා සඤ්ඤා මනසිකාරා සමුදාචරන්ති හානභාගිනී පඤ්ඤා, තදනුධම්මතා සති සන්තිට්ඨති ඨිතිභාගිනී පඤ්ඤා, ආකාසානඤ්චායතනසහගතා සඤ්ඤාමනසිකාරා සමුදාචරන්ති විසෙසභාගිනී පඤ්ඤා, නිබ්බිදාසහගතා සඤ්ඤා මනසිකාරා සමුදාචරන්ති විරාගූපසංහිතා නිබ්බෙධභාගිනී පඤ්ඤා.
චතුර්ත්ථධ්යානලාභීහු උපේක්ෂාසහගත වූ සංඥාමනසිකාරයෝ පෙළත් නම් හානභාගිනී ප්‍රඥා ය, තදනුරූප වූ ස්මෘතිය සිටී නම් ස්ථිතිභාගිනීප්‍රඥා ය, ආකාසානඤ්චායතනසහගත වූ සංඥාමනසිකාරයෝ පෙළත් නම් විශේෂභාගිනීප්‍රඥා ය, නිර්වේදසහගත වූ විරාගයෙන් යුත් සංඥාමනසිකාරයෝ පෙළත් නම් නිර්වේදභාගිනීප්‍රඥා යි.
ආකාසානඤ්චායතනස්ස ලාභිං රූපසහගතා සඤ්ඤාමනසිකාරා සමුදාචරන්ති හානභාගිනී පඤ්ඤා, තදනුධම්මතා සති සන්තිට්ඨති ඨිතිභාගිනී පඤ්ඤා, විඤ්ඤාණඤ්චායතනසහගතා සඤ්ඤාමනසිකාරා සමුදාචරන්ති විසෙසභාගිනී පඤ්ඤා, නිබ්බිදාසහගතා සඤ්ඤාමනසිකාරා සමුදාචරන්ති විරාගූපසංහිතා නිබ්බෙධභාගිනී පඤ්ඤා.
ආකාසානඤ්චායතනලාභීහු රූපසහගත වූ සංඥාමනසිකාරයෝ පෙළත් නම් හානභාගිනී ප්‍රඥා ය, තදනුරූප වූ ස්මෘතිය සිටී නම් ස්ථිතිභාගිනීප්‍රඥා ය, විඤ්ඤාණඤ්චායතන සහගත වූ සංඥාමනසිකාරයෝ පෙළත් නම් විශේෂභාගිනීප්‍රඥා ය, නිර්වේදසහගත වූ විරාගයෙන් යුත් සංඥාමනසිකාරයෝ පෙළත් නම් නිර්වේදභාගිනීප්‍රඥා යි.
විඤ්ඤාණඤ්චායතනස්ස ලාභිං ආකාසානඤ්චායතනසහගතා සඤ්ඤා මනසිකාරා සමුදාචරන්ති හානභාගිනී පඤ්ඤා, තදනුධම්මතා සති සන්තිට්ඨති ඨිතිභාගිනී පඤ්ඤා, ආකිඤ්චඤ්ඤායතනසහගතා සඤ්ඤා මනසිකාරා සමුදාචරන්ති විසෙසභාගිනී පඤ්ඤා, නිබ්බිදාසහගතා සඤ්ඤා මනසිකාරා සමුදාචරන්ති විරාගූපසංහිතා නිබ්බෙධභාගිනී පඤ්ඤා.
විඤ්ඤාණඤ්චායතනලාභීහු ආකාසානඤ්චායතනසහගත වූ සංඥාමනසිකාරයෝ පෙළත් නම් හානභාගිනීප්‍රඥා ය, තදනුරූප වූ ස්මෘතිය සිටී නම් ස්ථිතිභාගිනීප්‍රඥා ය, ආකිඤ්චඤ්ඤායතනසහගත වූ සංඥාමනසිකාරයෝ පෙළත් නම් විශේෂභාගිනීප්‍රඥා ය, නිර්වේදසහගත වූ විරාගයෙන් යුත් සංඥාමනසිකාරයෝ පෙළත් නම් නිර්වේදභාගිනීප්‍රඥා යි.
ආකිඤ්චඤ්ඤායතනස්ස ලාභිං විඤ්ඤාණඤ්චායතනසහගතා සඤ්ඤා මනසිකාරා සමුදාචරන්ති හානභාගිනී පඤ්ඤා, තදනුධම්මතා සති සන්තිට්ඨති ඨිතිභාගිනී පඤ්ඤා, නෙවසඤ්ඤානාසඤ්ඤායතනසහගතා සඤ්ඤාමනසිකාරා සමුදාචරන්ති විසෙසභාගිනී පඤ්ඤා, නිබ්බිදාසහගතා සඤ්ඤාමනසිකාරා සමුදාචරන්ති විරාගූපසංහිතා නිබ්බෙධභාගිනී පඤ්ඤා.
ආකිඤ්චඤ්ඤායතනලාභීහු විඤ්ඤාණඤ්චායතනසහගත වූ සංඥාමනසිකාරයෝ පෙළත් නම් හානභාගිනීප්‍රඥා ය, තදනුරූප වූ ස්මෘතිය සිටී නම් ස්ථිතිභාගිනීප්‍රඥා ය, නේවසඤ්ඤානාසඤ්ඤායතනසහගත වූ සංඥාමනසිකාරයෝ පෙළත් නම් විශේෂභාගිනීප්‍රඥා ය, නිර්වේදසහගත වූ විරාගයෙන් යුත් සංඥාමනසිකාරයෝ පෙළත් නම් නිර්වේදභාගිනීප්‍රඥා යි.
තත්ථ කතමා චතස්සො පටිසම්භිදා: අත්ථපටිසම්භිදා ධම්මපටිසම්භිදා නිරුත්තිපටිසම්භිදා පටිභානපටිසම්භිදා. අත්ථෙ ඤාණං අත්ථපටිසම්භිදා, ධම්මෙ ඤාණං ධම්මපටිසම්භිදා, තත්ථ ධම්මනිරුත්තාභිලාපෙ ඤාණං නිරුත්තිපටිසම්භිදා, ඤාණෙසු ඤාණං පටිභානපටිසම්භිදා, ඉමා චතස්සො පටිසම්භිදා.
එහි සතර ප්‍රතිසංවිදා කවර යත්: අර්‍ත්‍ථප්‍රතිසංවිදා ය, ධර්‍මප්‍රතිසංවිදා ය, නිරුක්තිප්‍රතිසංවිදා ය, ප්‍රතිභානප්‍රතිසංවිදා යි. අර්ත්ථ(හේතුඵල)යෙහි ඥානය අර්‍ත්‍ථප්‍රතිසංවිදා ය, ධර්ම(හේතු)යෙහි ඥානය ධර්‍මප්‍රතිසංවිදා ය, එහි ස්වභාවනිරුක්ත්‍යභිලාපයෙහි ඥානය නිරුක්තිප්‍රතිසංවිදා ය, ඥානයන්හි ඥානය ප්‍රතිභානප්‍රතිසංවිදා යි. මොහු සතර ප්‍රතිසංවිදාවෝ යි.
තත්ථ කතමා චතස්සො පටිපදා: දුක්ඛා පටිපදා දන්ධාභිඤ්ඤා පඤ්ඤා, දුක්ඛා පටිපදා ඛිප්පාභිඤ්ඤා පඤ්ඤා, සුඛා පටිපදා දන්ධාභිඤ්ඤා පඤ්ඤා, සුඛා පටිපදා ඛිප්පාභිඤ්ඤා පඤ්ඤා.
එහි සතර ප්‍රතිපදා කවරහයත්: දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ ප්‍රඥා ය, දුඃඛප්‍රතිපත් ඇති ක්‍ෂිප්‍රාභිඥ වූ ප්‍රඥා ය, සුඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ ප්‍රඥා ය, සුඛප්‍රතිපත් ඇති ක්‍ෂිප්‍රාභිඥ වූ ප්‍රඥා යි.
තත්ථ කතමා දුක්ඛා පටිපදා දන්ධාභිඤ්ඤා පඤ්ඤා: කිච්ඡෙන කසිරෙන සමාධිං උප්පාදෙන්තස්ස දන්ධං තණ්ඨානං අභිජානන්තස්ස යා උප්පජ්ජති පඤ්ඤා පජානනා -පෙ- අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි, අයං වුච්චති දුක්ඛා පටිපදා දන්ධාභිඤ්ඤා පඤ්ඤා.
එහි දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ ප්‍රඥා කවර යත්: දුකින් ආයාසයෙන් (ලෝකෝත්තර) සමාධිය උපදවන්නහුට, ලැසි ව ඒ ලෝකොත්තරසමාධි සඞ්ඛ්‍යාත ස්ථානය ප්‍රතිවේධ කරන්නහුට යම් ප්‍රඥායෙක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් උපදී ද, මේ ‘දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ ප්‍රඥා’ යි කියනු ලැබේ.
තත්ථ කතමා දුක්ඛා පටිපදා2 ඛිප්පාභිඤ්ඤා පඤ්ඤා: කිච්ඡෙන කසිරෙන සමාධිං උප්පාදෙන්තස්ස ඛිප්පං තණ්ඨානං අභිජානන්තස්ස යා උප්පජ්ජති පඤ්ඤා පජානනා -පෙ- අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි, අයං වුච්චති දුක්ඛා පටිපදා ඛිප්පාභිඤ්ඤා පඤ්ඤා.
එහි දුඃඛප්‍රතිපත් ඇති ක්‍ෂිප්‍රාභිඥ වූ ප්‍රඥා කවර යත්: දුකින් ආයාසයෙන් සමාධිය උපදවන්නහුට, නො ලස් ව ඒ ස්ථානය ප්‍රතිවේධ කරන්නහුට යම් ප්‍රඥායෙක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් උපදී ද, මේ ‘දුඃඛප්‍රතිපත් ඇති ක්‍ෂිප්‍රාභිඥ වූ ප්‍රඥා’ යි කියනු ලැබේ.
තත්ථ කතමා සුඛා පටිපදා දන්ධාභිඤ්ඤා පඤ්ඤා: අකිච්ඡෙන අකසිරෙන සමාධිං උප්පාදෙන්තස්ස දන්ධං තණ්ඨානං අභිජානන්තස්ස යා උප්පජ්ජති පඤ්ඤා පජානනා -පෙ- අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි, අයං වුච්චති සුඛා පටිපදා දන්ධාභිඤ්ඤා පඤ්ඤා.
එහි සුඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ ප්‍රඥා කවර යත්: නිදුකින් අනායාසයෙන් සමාධිය උපදවන්නහුට, ලැසි ව ඒ සමාධිස්ථානය ප්‍රතිවේධ කරන්නහුට යම් ප්‍රඥායෙක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් උපදී ද, මේ ‘සුඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ ප්‍රඥා’ යි කියනු ලැබේ.
තත්ථ කතමා සුඛා පටිපදා ඛිප්පාභිඤ්ඤා පඤ්ඤා: අකිච්ඡෙන අකසිරෙන සමාධිං උප්පාදෙන්තස්ස ඛිප්පං තණ්ඨානං අභිජානන්තස්ස යා උප්පජ්ජති පඤ්ඤා පජානනා -පෙ- අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි, අයං වුච්චති සුඛා පටිපදා ඛිප්පාභිඤ්ඤා පඤ්ඤා. ඉමා චතස්සො පටිපදා.
එහි සුඛප්‍රතිපත් ඇති ක්ෂිප්රාභිඥප්රඥා කවර යත්: නිදුකින් අනායාසයෙන් සමාධිය උපදවන්නහුට, නො ලස් ව ඒ සමාධිස්ථානය ප්‍රතිවේධ කරන්නහුට යම් ප්‍රඥායෙක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් උපදී ද, මේ ‘සුඛප්‍රතිපත් ඇති ක්ෂිප්රාභිඥප්රඥා’ යි කියනු ලැබේ. මොහු සතර ප්‍රතිපදාවෝ යි.
තත්ථ කතමානි චත්තාරි ආරම්මණානි: පරිත්තා පරිත්තාරම්මණා පඤ්ඤා, පරිත්තා අප්පමාණාරම්මණා පඤ්ඤා, අප්පමාණා පරිත්තාරම්මණා පඤ්ඤා, අප්පමාණා අප්පමාණාරම්මණා පඤ්ඤා.
එහි සතර ආලම්බනයෝ කවරහ යත්: පරිත්ත වූ පරිත්තාලම්බනප්‍රඥා ය, පරිත්ත වූ අප්‍රමාණාලම්බනප්‍රඥා ය, අප්‍රමාණ වූ පරිත්තාලම්බනප්‍රඥා ය, අප්‍රමාණ වූ අප්‍රමාණාලම්බනප්‍රඥා යි.
තත්ථ කතමා පරිත්තා පරිත්තාරම්මණා පඤ්ඤා: සමාධිස්ස න නිකාමලාභිස්ස ආරම්මණං ථොකං ඵරන්තස්ස යා උප්පජ්ජති පඤ්ඤා පජානනා -පෙ- අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි, අයං වුච්චති පරිත්තා පරිත්තාරම්මණා පඤ්ඤා.
එහි පරිත්ත වූ පරිත්තාලම්බනප්‍රඥා කවර යත්: නිකාමලාභී (කැමැති සේ ලබන සුලු) නො වූ සමාධිහුගේ අරමුණ අල්ප ව ස්පර්ශ කරන්නහුට යම් ප්‍රඥායෙක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද, මේ ‘පරිත්ත වූ පරිත්තාලම්බන ප්‍රඥා’ යි කියනු ලැබේ.
තත්ථ කතමා පරිත්තා අප්පමාණාරම්මණා පඤ්ඤා: සමාධිස්ස න නිකාමලාභිස්ස ආරම්මණං විපුලං ඵරන්තස්ස යා උප්පජ්ජති පඤ්ඤා පජානනා -පෙ- අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි, අයං වුච්චති පරිත්තා පරිත්තාරම්මණා පඤ්ඤා.
එහි පරිත්ත වූ අප්‍රමාණාලම්බනප්‍රඥා කවර යත්: නිකාමලාභී නො වූ සමාධිහුගේ අරමුණ විපුල ව ස්පර්ශ කරන්නහුට යම් ප්‍රඥායෙක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද, මේ ‘පරිත්ත වූ අප්‍රමාණාලම්බන ප්‍රඥා’ යි කියනු ලැබේ.
තත්ථ කතමා අප්පමාණා පරිත්තාරම්මණා පඤ්ඤා: සමාධිස්ස නිකාමලාභිස්ස ආරම්මණං ථොකං ඵරන්තස්ස යා උප්පජ්ජති පඤ්ඤා පජානනා -පෙ- අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි, අයං වුච්චති පරිත්තා පරිත්තාරම්මණා පඤ්ඤා.
එහි අප්‍රමාණ වූ පරිත්තාලම්බනප්‍රඥා කවර යත්: නිකාමලාභීසමාධිහුගේ අරමුණ අල්ප ව ස්පර්ශ කරන්නහුට යම් ප්‍රඥායෙක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද, මේ ‘අප්‍රමාණ වූ පරිත්තාලම්බනප්‍රඥා’ යි කියනු ලැබේ.
තත්ථ කතමා අප්පමාණා අප්පමාණාරම්මණා පඤ්ඤා: සමාධිස්ස නිකාමලාභිස්ස ආරම්මණං විපුලං ඵරන්තස්ස යා උප්පජ්ජති පඤ්ඤා පජානනා -පෙ- අමොහො ධම්මවිචයො සම්මා දිට්ඨි, අයං වුච්චති අප්පමාණා අප්පමාණාරම්මණා පඤ්ඤා. ඉමානි චත්තාරි ආරම්මණානි.
එහි අප්‍රමාණ වූ අප්‍රමාණාලම්බනප්‍රඥා කවර යත්: නිකාමලාභීසමාධිහුගේ අරමුණ විපුල ව ස්පර්ශ කරන්නහුට යම් ප්‍රඥායෙක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් වේ ද, මේ ‘අප්‍රමාණ වූ අප්‍රමාණාලම්බනප්‍රඥා’ යි කියනු ලැබේ. මොහු සතර ආලම්බනයෝ යි.
මග්ගසමඞ්ගිස්ස ඤාණං ජරාමරණෙපෙතං ඤාණං, ජරාමරණ සමුදයෙපෙතං ඤාණං ජරාමරණනිරොධෙපෙතං ඤාණං, ජරාමරණ නිරොධගාමිනියා පටිපදායපෙතං ඤාණං.
මාර්ගසමඞ්ගීහුගේ යම් ඥානයෙක් වේ ද තෙල ජරාමරණයෙහි ඥාන ද වෙයි, තෙල ජරාමරණසමුදයෙහි ඥාන ද වෙයි, තෙල ජරාමරණනිරෝධයෙහි ඥාන ද වෙයි, තෙල ජරාමරණනිරෝධගාමිනීප්‍රතිපදායෙහි ඥාන ද වේ.
තත්ථ කතමං ජරාමරණෙ ඤාණං: ජරාමරණං ආරබ්භ යා උප්පජ්ජති පඤ්ඤා පජානනා -පෙ- අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි, ඉදං වුච්චති ජරාමරණෙ ඤාණං. ජරාමරණසමුදයං ආරබ්භ -පෙ- ජරාමරණ නිරොධං ආරබ්භ -පෙ- ජරාමරණනිරොධගාමිනිං පටිපදං ආරබ්භ යා උප්පජ්ජති පඤ්ඤා පජානනා -පෙ- අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි, ඉදං වුච්චති ජරාමරණනිරොධගාමිනියා පටිපදාය ඤාණං.
එහි ජරාමරණයෙහි ඥාන කවරෙ යත්: ජරාමරණය ඇරැබැ යම් ප්‍රඥායෙක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් උපදී ද, මේ ‘ජරාමරණයෙහි ඥාන’ යි කියනු ලැබේ. ජරාමරණසමුදය ඇරැබැ ... ජරාමරණනිරෝධය ඇරැබැ ... ජරාමරණනිරෝධගාමිනීප්‍රතිපදාව ඇරැබැ යම් ප්‍රඥායෙක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් උපදී ද, මේ ‘ජරාමරණනිරෝධගාමිනීප්‍රතිපදායෙහි ඥාන’ යි කියනු ලැබේ.
මග්ගසමඞ්ගිස්ස ඤාණං ජාතියාපෙතං ඤාණං -පෙ- භවෙපෙතං ඤාණං -පෙ- උපාදානෙපෙතං ඤාණං -පෙ- තණ්හායපෙතං ඤාණං -පෙ- වෙදනායපෙතං ඤාණං -පෙ- ඵස්සෙපෙතං ඤාණං -පෙ- සළායතනෙපෙතං ඤාණං -පෙ- නාමරූපෙපෙතං ඤාණං -පෙ- විඤ්ඤාණෙපෙතං ඤාණං -පෙ-
මාර්ගසමඞ්ගීහුගේ යම් ඥානයෙක් වේ ද තෙල ජාතියෙහි ඥානය ද වෙයි ... භවයෙහි ඥානය ද වෙයි ... උපාදානයෙහි ඥානය ද වෙයි ... තෘෂ්ණායෙහි ඥානය ද වෙයි ... වේදනායෙහි ඥානය ද වෙයි ... ස්පර්ශයෙහි ඥානය ද වෙයි ... ෂඩායතනයෙහි ඥානය ද වෙයි ... නාමරූපයෙහි ඥානය ද වෙයි ... විඥානයෙහි ඥානය ද වෙයි ...
සඞ්ඛාරෙසුපෙතං ඤාණං, සඞ්ඛාරසමුදයෙපෙතං ඤාණං, සඞ්ඛාර නිරොධෙපෙතං ඤාණං, සඞ්ඛාරනිරොධගාමිනියා පටිපදාය පෙතං ඤාණං. තත්ථ කතමං සඞ්ඛාරෙසු ඤාණං: සඞ්ඛාරෙ ආරබ්භ යා උප්පජ්ජති පඤ්ඤා පජානනා -පෙ- අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි, ඉද වුච්චති සඞ්ඛාරෙසු ඤාණං. සඞ්ඛාරසමුදයං ආරබ්භ -පෙ- සඞ්ඛාරනිරොධං ආරබ්භ -පෙ- සඞ්ඛාරනිරොධගාමිනිං පටිපදං ආරබ්භ යා උප්පජ්ජති පඤ්ඤා පජානනා -පෙ- අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි, ඉදං වුච්චති සඞ්ඛාරනිරොධගාමිනියා පටිපදාය ඤාණං.
තෙල සංස්කාරයන්හි ඥානය ද වෙයි, සංස්කාරසමුදයෙහි ඥානය ද වෙයි, සංස්කාරනිරෝධයෙහි ඥානය ද වෙයි, සංස්කාරනිරෝධගාමිනීප්‍රතිපදායෙහි ඥානය ද වේ. එහි සංස්කාරයන්හි ඥානය කවර යත්: සංස්කාරයන් නිසා යම් ප්‍රඥායෙක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් උපදී ද, මේ ‘සංස්කාරයන්හි ඥාන’ යි කියනු ලැබේ. සංස්කාරසමුදය නිසා ... සංස්කාරනිරෝධය නිසා ... සංස්කාරනිරෝධගාමිනීප්‍රතිපදාව නිසා යම් ප්‍රඥායෙක් ප්‍රජානනයෙක් ... අමෝහයෙක් ධර්මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් උපදී ද, මේ ‘සංස්කාරනිරෝධගාමිනීප්‍රතිපදායෙහි ඥාන’ යි කියනු ලැබේ.
එවං චතුබ්බිධෙන ඤාණවත්ථු.
මෙසේ චතුෂ්ප්‍රකාරයෙන් ඥානවස්තු වේ.