4: චතුක්කනිද්දෙසවණ්ණනා අට්ඨකථා
(4:) චතුක්කනිද්දෙසවණ්ණනා
(4:) චතුක්කනිද්දෙසවණ්ණනා
චතුබ්බිධෙන ඤාණවත්ථුනිද්දෙසෙ අත්ථි දින්නන්තිආදීසු දින්නපච්චයා ඵලං අත්ථීති ඉමිනා උපායෙන අත්ථො වෙදිතබ්බො. ඉදං වුච්චතීති යං ඤාණං ‘ඉදං කම්මං සකං, ඉදං නො සක’න්ති ජානාති – ඉදං කම්මස්සකතඤාණං නාම වුච්චතීති අත්ථො. තත්ථ තිවිධං කායදුච්චරිතං, චතුබ්බිධං වචීදුච්චරිතං, තිවිධං මනොදුච්චරිතන්ති ඉදං න සකකම්මං නාම. තීසු ද්වාරෙසු දසවිධම්පි සුචරිතං සකකම්මං නාම. අත්තනො වාපි හොතු පරස්ස වා සබ්බම්පි අකුසලං න සකකම්මං නාම. කස්මා? අත්ථභඤ්ජනතො අනත්ථජනනතො ච. අත්තනො වා හොතු පරස්ස වා සබ්බම්පි කුසලං සකකම්මං නාම. කස්මා? අනත්ථභඤ්ජනතො අත්ථජනනතො ච. එවං ජානනසමත්ථෙ ඉමස්මිං කම්මස්සකතඤාණෙ ඨත්වා බහුං දානං දත්වා සීලං පූරෙත්වා උපොසථං සමාදියිත්වා සුඛෙන සුඛං සම්පත්තියා සම්පත්තිං අනුභවිත්වා නිබ්බානං පත්තානං ගණනපරිච්ඡෙදො නත්ථි. යථා හි සධනො පුරිසො පඤ්චසු සකටසතෙසු සප්පිමධුඵාණිතාදීනි චෙව ලොණතිලතණ්ඩුලාදීනි ච ආරොපෙත්වා කන්තාරමග්ගං පටිපන්නො කෙනචිදෙව කරණීයෙන අත්ථෙ උප්පන්නෙ සබ්බෙසං උපකරණානං ගහිතත්තා න චින්තෙති, න පරිතස්සති, සුඛෙනෙව ඛෙමන්තං පාපුණාති; එවමෙව ඉමස්මිම්පි කම්මස්සකතඤාණෙ ඨත්වා බහුං දානං දත්වා…පෙ… නිබ්බානං පත්තානං ගණනපථො නත්ථි. ඨපෙත්වා සච්චානුලොමිකං ඤාණන්ති මග්ගසච්චස්ස පරමත්ථසච්චස්ස ච අනුලොමනතො සච්චානුලොමිකන්ති ලද්ධනාමං විපස්සනාඤාණං ඨපෙත්වා අවසෙසා සබ්බාපි සාසවා කුසලා පඤ්ඤා කම්මස්සකතඤාණමෙවාති අත්ථො.
සතරාකාරයෙන් ඤාණ වස්තු නිර්දේශයෙහි අත්ථිදින්නං යනාදියෙහි දෙන ලද හෙයින් ඵලය ඇතැයි මේ උපායෙන් අර්ථය දතයුතුය. ඉදං වුච්චති යම් ඤාණයක් මේ ක්‍රියාව තමාගේද අනුන්ගේදැයි දනී. මෙය කම්මස්සකත ඤාණයයි කියනු ලැබේය යන අර්ථයය. එය කාය දුශ්චරිත ත්‍රිවිධය. වචී දුශ්චරිත චතුර්විධය. මනෝ දුශ්චරිත ත්‍රිවිධය. මෙය ස්වකීය කර්ම නොවේ. තුන්දොරෙහි දසවිධ සුචරිතය ස්වකීය කර්ම නම් වේ. තමාගේ හෝ වේවා අනුන්ගේ හෝ සියළු අකුසල ස්වකීය කර්ම නොවේ. කුමක් නිසාද? අර්ථය බිඳින නිසාද අනර්ථය උපදවන නිසාද වේ. තමාගේ හෝ අනුන්ගේ හෝ වේවා සියළු කුසලය ස්වකීය කර්ම වේ. කුමක් හෙයින්ද? අනර්ථය බිඳින නිසාත් අර්ථය උපදවන නිසාත්ය. මෙසේ දැනගැනීම සමත් මේ කම්මස්සකත ඤාණයෙහි සිට බොහෝ දන් දී සිල් පුරා පෙහෙවස් සමාදන්ව සැපයෙන් සැපයට සම්පත්තියෙන් සම්පත්තියට පැමිණීමෙන් අනුභව කොට නිවනට පැමිණි ගණන් සීමාවක් නැත. යම්සේ ධනවත් පුරුෂයෙක් ගැල් පන්සියයක ගිතෙල් පැණි ආදියද ලුනු තල සහල් ආදියද පුරවා කාන්තාර මාර්ගයට පිළිපන්නේ කිසියම් කරුණකින් ධනය ලැබුණු කල්හි සියළු උපකරණ ගන්නා ලද්දේ. සිතිවිල්ලක තැති ගැනීමකට නොපැමිණ සැපයෙන් ක්ෂේම ස්ථානයට පැමිණෙයි. එසේසම මෙම කම්මස්සකත ඤාණයෙහි සිට බොහෝ දන් දී..... නිවනට පැමිණිය අයගේ ගණන් සීමාවක් නැත. ඨපෙත්වා සච්චානු ලොමිකං ඤාණං මාර්ග සත්‍යයේද පරමාර්ථ සත්‍යයේද අනුලෝම වශයෙන් සත්යානුලෝමක නය ලද නම් ඇති විපස්සනා ඤාණය හැර අවසේස සියළු ආශ්‍රව සහිත කුසල ප්‍රඥා කම්මස්ස කත ඤාණයම යයි අර්ථයයි.
මග්ගසමඞ්ගිස්ස ඤාණං දුක්ඛෙපෙතං ඤාණන්ති එත්ථ එකමෙව මග්ගඤාණං චතූසු සච්චෙසු එකපටිවෙධවසෙන චතූසු ඨානෙසු සඞ්ගහිතං.
මග්ගසමංගිස්ස ඤාණං දුක්ඛෙපෙතං ඤාණං මෙහි එකම මග්ග ඤාණය චතුස්සත්‍යයෙහි එකම ප්‍රතිවේධය වශයෙන් ස්ථාන සතරක සංග්‍රහ විය.
ධම්මෙ ඤාණන්ති එත්ථ මග්ගපඤ්ඤා තාව චතුන්නං සච්චානං එකපටිවෙධවසෙන ධම්මෙ ඤාණං නාම හොතු; ඵලපඤ්ඤා කථං ධම්මෙ ඤාණං නාමාති? නිරොධසච්චවසෙන. දුවිධාපි හෙසා පඤ්ඤා අපරප්පච්චයෙ අත්ථපච්චක්ඛෙ අරියසච්චධම්මෙ කිච්චතො ච ආරම්මණතො ච පවත්තත්තා ධම්මෙ ඤාණන්ති වෙදිතබ්බා. සො ඉමිනා ධම්මෙනාති එත්ථ මග්ගඤාණං ධම්මගොචරත්තා ගොචරවොහාරෙන ධම්මොති වුත්තං, උපයොගත්ථෙ වා කරණවචනං; ඉමං ධම්මං ඤාතෙනාති අත්ථො; චතුසච්චධම්මං ජානිත්වා ඨිතෙන මග්ගඤාණෙනාති වුත්තං හොති. දිට්ඨෙනාති දස්සනෙන; ධම්මං පස්සිත්වා ඨිතෙනාති අත්ථො. පත්තෙනාති චත්තාරි අරියසච්චානි පත්වා ඨිතත්තා ධම්මං පත්තෙන. විදිතෙනාති මග්ගඤාණෙන චත්තාරි අරියසච්චානි විදිතානි පාකටානි කතානි. තස්මා තං ධම්මං විදිතං නාම හොති. තෙන විදිතධම්මෙන. පරියොගාළ්හෙනාති චතුසච්චධම්මං පරියොගාහෙත්වා ඨිතෙන. නයං නෙතීති අතීතෙ ච අනාගතෙ ච නයං නෙති හරති පෙසෙති. ඉදං පන න මග්ගඤාණස්ස කිච්චං, පච්චවෙක්ඛණඤාණස්ස කිච්චං. සත්ථාරා පන මග්ගඤාණං අතීතානාගතෙ නයං නයනසදිසං කතං. කස්මා? මග්ගමූලකත්තා. භාවිතමග්ගස්ස හි පච්චවෙක්ඛණා නාම හොති. තස්මා සත්ථා මග්ගඤාණමෙව නයං නයනසදිසං අකාසි. අපිච එවමෙත්ථ අත්ථො දට්ඨබ්බො – යදෙතං ඉමිනා චතුසච්චගොචරං මග්ගඤාණං අධිගතං, තෙන ඤාණෙන කාරණභූතෙන අතීතානාගතෙ පච්චවෙක්ඛණඤාණසඞ්ඛාතං නයං නෙති.
ධම්මෙ ඤාණං මෙහි මාර්ග ඤාණය චතුස්සත්යවල එකම ප්‍රතිවේධය වශයෙන් ධර්මයෙහි ඤාණය නම් වේ. හේතුඵල ප්‍රඥාව කෙසේ ධර්මයෙහි ඤාණය වේද? නිරෝධ සත්‍ය වශයෙනි. මේ ප්‍රඥාව දෙයාකාරය. අපර ප්‍රත්‍යයෙහි ධර්මය ප්රත්යක්ෂ කිරීමෙහි ද ආර්ය සත්‍ය ධර්මයෙහි කෘත්‍ය වශයෙන්ද අරමුණු වශයෙන් ද පවත්වන ලද ධර්මයෙහි ඤාණයයි දතයුතුය. සො ඉමිනා ධම්මෙන මෙහි මාර්ග ඤාණය ධර්මයට ගෝචරවන බැවින් ගෝචර ව්‍යවහාරයෙන් ධර්මය යයි කියන ලදි. උපයෝග අර්ථයෙහි හෝ කරණ වචනයයි. මේ ධර්මය දැනගන්නා විසින් යන අර්ථයයි. චතුසත්‍ය දැන සිටින්නා විසින් මාර්ග ඤාණයෙන් යයි කියන ලද්දේ වේ. දිට්ඨෙන දැකීමෙන්, ධර්ම දැක සිටින්නා විසින් යන අර්ථයයි. පත්තෙන චතුරාර්ය සත්‍යයට පැමිණ සිටි බව. ධර්මයට පැමිණි තැනැත්තා විසින්. විදිතෙන මාර්ග ඤාණයෙන් ආර්ය සත්‍ය දැනගන්නා ලද්ද ප්‍රකට කරන ලදි. එහෙයින් එය ධර්ම විදිත නම් වේ. එම දැනගන්නා ලද ධර්මයෙන්. පරියොගාළ්හෙන චතුසත්‍ය ධර්මය සම්පූර්ණයෙන් අවබෝධ කොට සපයනු පෙනේ. නයං හොති අතීතයෙහිද අනාගතයෙහිද නය පමුණුවයි ගෙනයයි යවයි. මෙය වනාහි මාර්ග ඤාණයේ කෘත්‍ය නොවේ. ප්රත්යවේක්ෂා ඤාණයේ කෘත්‍යයයි. ශාස්තෲන් වහන්සේ විසින් මාර්ග ඤාණය අතීත අනාගතයෙහි නය ඇස් හා සමාන කරන ලදි. කුමක් හෙයින්ද? මාර්ගය මූලික බැවිනි. භාවිත මාර්ගය ප්රත්යවේක්ෂාව මෙනි. එහෙයින් ශාස්තෲන්වහන්සේ මග්ග ඤාණයව ඇස් හා සමාන කළහ. තවද මේ අර්ථය මෙසේ දතයුතුය. චතුසත්‍ය ගෝචර වේ. අවබෝධ කළ මාර්ග ඤාණය ඒ ඤාණයෙන් අතීත අනාගතයෙහි ප්රත්යවේක්ෂා සංඛ්‍යාත නය පමුණුවයි.
ඉදානි යථා තෙන නයං නෙති, තං ආකාරං දස්සෙතුං යෙ හි කෙචි අතීතමද්ධානන්තිආදිමාහ. තත්ථ අබ්භඤ්ඤංසූති ජානිංසු පටිවිජ්ඣිංසු. ඉමඤ්ඤෙවාති යං දුක්ඛං අතීතෙ අබ්භඤ්ඤංසු, යඤ්ච අනාගතෙ අභිජානිස්සන්ති, න තඤ්ඤෙව ඉමං; සරික්ඛට්ඨෙන පන එවං වුත්තං. අතීතෙපි හි ඨපෙත්වා තණ්හං තෙභූමකක්ඛන්ධෙයෙව දුක්ඛසච්චන්ති පටිවිජ්ඣිංසු, තණ්හංයෙව සමුදයසච්චන්ති නිබ්බානමෙව නිරොධසච්චන්ති අරියමග්ගමෙව මග්ගසච්චන්ති පටිවිජ්ඣිංසු, අනාගතෙපි එවමෙව පටිවිජ්ඣිස්සන්ති, එතරහිපි එවමෙව පටිවිජ්ඣන්තීති සරික්ඛට්ඨෙන “ඉමඤ්ඤෙවා”ති වුත්තං. ඉදං වුච්චති අන්වයෙ ඤාණන්ති ඉදං අනුගමනඤාණං නයනඤාණං කාරණඤාණන්ති වුච්චති.
දැන් එයින් යම්සේ නය පමුණුවයිද ඒ ආකාරය දැක්වීමට යෙහි කෙචි අතීත මද්ධානං යනාදිය කීහ. එහි අබ්භඤ්ඤංසු යනු දැනගත්හ. අවබෝධ කළහ. ඉමඤ්ඤෙවා යම් දෙයක් අතීතයෙහි දැනගත්හ. අනාගතයෙහි දැනගන්නේය. එයම දැන් නැත. සමාන අර්ථයෙන් මෙසේ කියන ලදි. අතීතයෙහිද තණ්හාව හැර ත්‍රෛභූමික ස්කන්ධයෙහිම දුක්ඛ සත්‍යය අවබෝධ කළහ. තණ්හාව සමුදය සත්‍යයේ නිබ්බාණය නිරෝධ සත්‍යයයි. ආර්ය මාර්ගයම මාර්ග සත්‍යය අවබෝධ කළහ. අනාගතයෙහිද මෙසේම අවබෝධ කරන්නෝය. දැන්ද මෙසේම අවබෝධ කරති. සමාන අර්ථයෙන් ඉමඤ්ඤො යයි කියන ලදි. ඉදං වුච්චති අන්වයෙ ඤාණං මේ අනුගමන ඤාණය, නයන ඤාණය කරණ ඤාණ යයි කියනු ලැබේ.
පරියෙ ඤාණන්ති චිත්තපරිච්ඡෙදඤාණං. පරසත්තානන්ති ඨපෙත්වා අත්තානං සෙසසත්තානං. ඉතරං තස්සෙව වෙවචනං. චෙතසා චෙතො පරිච්ච පජානාතීති අත්තනො චිත්තෙන තෙසං චිත්තං සරාගාදිවසෙන පරිච්ඡින්දිත්වා නානප්පකාරතො ජානාති. සරාගං වාතිආදීසු යං වත්තබ්බං, තං හෙට්ඨා සතිපට්ඨානවිභඞ්ගෙ වුත්තමෙව. අයං පන විසෙසො – ඉධ අනුත්තරං වා චිත්තං විමුත්තං වා චිත්තන්ති එත්ථ ලොකුත්තරම්පි ලබ්භති. අවිපස්සනූපගම්පි හි පරචිත්තඤාණස්ස විසයො හොතියෙව.
පරිච්ඡේද ඤාණං සිතේ පරිච්ඡේද ඤාණයයි. පරසත්තානං තමා හැර සෙසු සත්ත්වයන්ගේ අනික ඊටම සමාන වචනයකි. චෙතසා චෙතො පරිච්ච පජානාති තමාගේ සිතින් ඔවුන්ගේ සිත සරාගාදි වශයෙන් පිරිසිඳ නොයෙක් ආකාරයෙන් දනී. සරාගංවා යනාදියෙහි කිවයුතු දේ සතිපට්ඨාන විභංගයෙහි කියන ලදි. මෙය විශේෂයකි. මෙහි අනුත්තරං වා චිත්තං විමුත්තං වා චිත්තං මෙහි ලෝකෝත්තරයද ලබයි. විපස්සනාවට නොපැමිණද පරසිත් දැනගැනීම ඤාණයේ විෂය වේමය.
අවසෙසා පඤ්ඤාති ධම්මෙ ඤාණාදිකා තිස්සො පඤ්ඤා ඨපෙත්වා සෙසා සබ්බාපි පඤ්ඤා ඤාණන්ති සම්මතත්තා සම්මුතිඤාණං නාම හොති. වචනත්ථො පනෙත්ථ සම්මුතිම්හි ඤාණන්ති සම්මුතිඤාණං.
අවසේසා පඤ්ඤා යනු ඤාණාදික වූ පඤ්ඤා තුන හැර සෙසු සියළු ප්‍රඥා ඤාණයය. සම්මත හෙයින් සම්මත ඤාණ නම් වේ. මෙහි වචනාර්ථය වනාහි සම්මතයෙහි ඤාණය සම්මති ඤාණය වේ.
කාමාවචරකුසලෙ පඤ්ඤාති අයඤ්හි එකන්තෙන වට්ටස්මිං චුතිපටිසන්ධිං ආචිනතෙව, තස්මා “ආචයාය නො අපචයායා”ති වුත්තා. ලොකුත්තරමග්ගපඤ්ඤා පන යස්මා චුතිපටිසන්ධිං අපචිනතෙව, තස්මා “අපචයාය නො ආචයායා”ති වුත්තා. රූපාවචරාරූපාවචරපඤ්ඤා චුතිපටිසන්ධිම්පි ආචිනති, වික්ඛම්භනවසෙන කිලෙසෙ චෙව කිලෙසමූලකෙ ච ධම්මෙ අපචිනති, තස්මා “ආචයාය චෙව අපචයාය චා”ති වුත්තා. සෙසා නෙව චුතිපටිසන්ධිං ආචිනති න අපචිනති, තස්මා “නෙව ආචයාය නො අපචයායා”ති වුත්තා.
කාමාවචර කුසලෙ පඤ්ඤා මෙය ඒකාන්තයෙන් සසරෙහි චුති පටිසන්ධි රැස්කරයි. එහෙයින් ආචයාය නො අපචයාය යයි කියන ලදි. ලෝකෝත්තර මාර්ග ප්‍රඥාව වනාහි චුති පටිසන්ධි යම්සෙයකින් රැස්කරයිද එහෙයින් අපචයාය හෝ ආචයාය යයි කියන ලදි. රූපාවචර අරූපාවචර ප්‍රඥාව චුති පටිසන්ධි රැස්කරයි. විෂ්කම්භන වශයෙන් කෙලෙස්ද කෙලෙස් මූලයද ධර්මයෙහි රැස්කරයි. එහෙයින් ආචයාය චෙව අපචයාය යයි කියන ලදි. සෙස්ස චුති පටිසන්ධි රැස් නොකරත්මය. විනාශ නොකරයි. එහෙයින් නෙව ආචයාය නො අපචයාය යයි කියන ලදි.
න ච අභිඤ්ඤායො පටිවිජ්ඣතීති ඉදං පඨමජ්ඣානපඤ්ඤං සන්ධාය වුත්තං. සා හිස්ස කාමවිවෙකෙන පත්තබ්බත්තා කිලෙසනිබ්බිදාය සංවත්තති. තාය චෙස කාමෙසු වීතරාගො හොති, අභිඤ්ඤාපාදකභාවං පන අප්පත්තතාය නෙව පඤ්ච අභිඤ්ඤායො පටිවිජ්ඣති, නිමිත්තාරම්මණත්තා න සච්චානි පටිවිජ්ඣති. එවමයං පඤ්ඤා නිබ්බිදාය හොති නො පටිවෙධාය. ස්වෙවාති පඨමජ්ඣානං පත්වා ඨිතො. කාමෙසු වීතරාගො සමානොති තථා වික්ඛම්භිතානංයෙව කාමානං වසෙන වීතරාගො. අභිඤ්ඤායො පටිවිජ්ඣතීති පඤ්ච අභිඤ්ඤායො පටිවිජ්ඣති. ඉදං චතුත්ථජ්ඣානපඤ්ඤං සන්ධාය වුත්තං. චතුත්ථජ්ඣානපඤ්ඤා හි අභිඤ්ඤාපාදකභාවෙනාපි පඤ්ච අභිඤ්ඤායො පටිවිජ්ඣති, අභිඤ්ඤාභාවප්පත්තියාපි පටිවිජ්ඣති එව. තස්මා සා පටිවෙධාය හොති. පඨමජ්ඣානපඤ්ඤාය එව පන කිලෙසෙසුපි නිබ්බින්දත්තා නො නිබ්බිදාය. යා පනායං දුතියතතියජ්ඣානපඤ්ඤා, සා කතරකොට්ඨාසං භජතීති? සොමනස්සවසෙන පඨමජ්ඣානම්පි භජති, අවිතක්කවසෙන චතුත්ථජ්ඣානම්පි. එවමෙසා පඨමජ්ඣානසන්නිස්සිතා වා චතුත්ථජ්ඣානසන්නිස්සිතා වා කාතබ්බා. නිබ්බිදාය චෙව පටිවෙධාය චාති මග්ගපඤ්ඤා සබ්බස්මිම්පි වට්ටෙ නිබ්බින්දනතො නිබ්බිදාය, ඡට්ඨං අභිඤ්ඤං පටිවිජ්ඣනතො පටිවෙධාය ච හොති.
න ච අභිඤ්ඤා යො පටිවිජ්ඣති යන මෙය ප්‍රථම ධ්‍යාන සංඥාව සඳහා කියන ලදි. එය කාම විවේකයෙන් පැමිණිය යුතු බැවින් කෙලෙසුන් ගැන කලකිරීම පිණිස පවතී. එයද මේ කාමයන්හි වීතරාග වේ. අභිඤ්ඤාපාද භවයට නොපැමිණි හෙයින් පඤ්චාභිඥා අවබෝධ නොකරයි. නිමිති අරමුණු බැවින් සත්‍ය අවබෝධ නොකරයි. මෙසේ මේ ප්‍රඥාව කළකිරීම පිණිස වේ. ප්‍රතිවේධය පිණිස නොවේ. ස්වෙවා යන ප්‍රථම ධ්‍යානයට පැමිණ සිටියේ කාමෙසු වීතරාගො සමානො එසේ විෂ්කම්භිත කාම වශයෙන්ම වීතරාග වේ. අභිඤ්ඤායො පටිවිජ්ජති අභිඥා පහ අවබෝධ කරයි. මෙය චතුර්ථ ධ්‍යාන ප්‍රඥාව අරභයා කියන ලදි. චතුර්ථධ්යාන ප්‍රඥාව අභිඥාපාදක භවයෙන් පඤ්ච අභිඤ්ඤා අවබෝධ කරයි. අභිඥාභාවයට පිවිසීමද අවබෝධ කරයි. එහෙයින් එය ප්‍රතිවේධය පිණිස පවතී. [missing trans]
පඨමස්ස ඣානස්ස ලාභීතිආදීසු ය්වායං අප්පගුණස්ස පඨමජ්ඣානස්ස ලාභී. තං තතො වුට්ඨිතං ආරම්මණවසෙන කාමසහගතා හුත්වා සඤ්ඤාමනසිකාරා සමුදාචරන්ති තුදන්ති චොදෙන්ති. තස්ස කාමානුපක්ඛන්දානං සඤ්ඤාමනසිකාරානං වසෙන සා පඨමජ්ඣානපඤ්ඤා හායති පරිහායති; තස්මා හානභාගිනීති වුත්තා. තදනුධම්මතාති තදනුරූපසභාවා. සති සන්තිට්ඨතීති ඉදං මිච්ඡාසතිං සන්ධාය වුත්තං, න සම්මාසතිං. යස්ස හි පඨමජ්ඣානානුරූපසභාවා පඨමජ්ඣානං සන්තතො පණීතතො දිස්වා අස්සාදයමානා අභිනන්දමානා නිකන්ති උප්පජ්ජති, තස්ස නිකන්තිවසෙන සා පඨමජ්ඣානපඤ්ඤා නෙව හායති, න වඩ්ඪති, ඨිතිකොට්ඨාසිකා හොති. තෙන වුත්තං ඨිතිභාගිනී පඤ්ඤාති. අවිතක්කසහගතාති අවිතක්කං දුතියජ්ඣානං සන්තතො පණීතතො මනසිකරොතො ආරම්මණවසෙන අවිතක්කසහගතා. සමුදාචරන්තීති පගුණතො පඨමජ්ඣානතො වුට්ඨිතං දුතියජ්ඣානාධිගමත්ථාය තුදන්ති චොදෙන්ති. තස්ස උපරි දුතියජ්ඣානානුපක්ඛන්දානං සඤ්ඤාමනසිකාරානං වසෙන සා පඨමජ්ඣානපඤ්ඤා විසෙසභූතස්ස දුතියජ්ඣානස්ස උප්පත්තිට්ඨානතාය විසෙසභාගිනීති වුත්තා. නිබ්බිදාසහගතාති තමෙව පඨමජ්ඣානතො වුට්ඨිතං නිබ්බිදාසඞ්ඛාතෙන විපස්සනාඤාණෙන සහගතා. විපස්සනාඤාණඤ්හි ඣානඞ්ගභෙදෙ වත්තන්තෙ නිබ්බින්දති උක්කණ්ඨති, තස්මා නිබ්බිදාති වුච්චති. සමුදාචරන්තීති නිබ්බානසච්ඡිකිරියත්ථාය තුදන්ති චොදෙන්ති. විරාගූපසඤ්හිතාති විරාගසඞ්ඛාතෙන නිබ්බානෙන උපසංහිතා. විපස්සනාඤාණම්හි සක්කා ඉමිනා මග්ගෙන විරාගං නිබ්බානං සච්ඡිකාතුන්ති පවත්තිතො “විරාගූපසඤ්හිත”න්ති වුච්චති. තංසම්පයුත්තා සඤ්ඤාමනසිකාරාපි විරාගූපසඤ්හිතා එව නාම. තස්ස තෙසං සඤ්ඤාමනසිකාරානං වසෙන සා පඨමජ්ඣානපඤ්ඤා අරියමග්ගපටිවෙධස්ස පදට්ඨානතාය නිබ්බෙධභාගිනීති වුත්තා. එවං චතූසු ඨානෙසු පඨමජ්ඣානපඤ්ඤාව කථිතා. දුතියජ්ඣානපඤ්ඤාදීසුපි ඉමිනාව නයෙන අත්ථො වෙදිතබ්බො.
පඨමස්ස ඣානස්ස ලාභී යනාදියෙහි යමෙක් අල්පගුණ ඇති මේ ප්‍රථමධ්‍යාන ලාභීව ඔහු එයින් නැගිට අරමුණු වශයෙන් කාම සහගතව සංඥා මෙනෙහි කරමින් හැසිරේ. චෝදනා කරයි. පෙළයි. ඔහුගේ කමටහන් ලුහුබඳින්නේ සංඥා මනසිකාර වශයෙන් ප්‍රථම ධ්‍යාන ප්‍රඥාව පිරිහෙයි. එහෙයින් හානභාගිනී යයි කියන ලදි. තදනුධම්මා යනු ඊට අනුරූප ස්වභාවයයි. සති සත්තිට්ඨති යන මෙය මිච්ඡා සති සඳහා කියන ලදි. සම්මා සති සඳහා නොවේ. යමෙකුට ප්‍රථමධ්‍යාන අනුරූප ස්වභාවය ප්‍රථම ධ්‍යානය සාන්ත වශයෙන් ප්‍රණීත වශයෙන් දැක ආශ්වාදනය කරමින් සතුටුවෙමින් ලෝභය උපදී. ඔහුට ලෝභ වශයෙන් ඒ ප්‍රථම ධ්‍යාන ප්‍රඥාව නොපිරිහේ. නොවැඩේ. සිටි තැනම වෙයි. එහෙයින් ඨිති භාගිනී පඤ්ඤා යයි කියන ලදි. අවිතක්ක සහගතා යනු අවිතක්ක වූ දුතිය ධ්‍යාන සාන්ත වශයෙන් ප්‍රණීත වශයෙන් මෙනෙහි කරන්නේ අරමුණු වශයෙන්. අවිතක්ක සහගතය. සමුදා චරන්ති ප්‍රගුණ වශයෙන් ප්‍රථමධ්‍යානයෙන් නැගිට දුතිය ධ්‍යානය අවබෝධ කරනු පිණිස පෙළයි. චෝදනා කරයි. ඔහුට ඉහළ දෙවන ධ්‍යානයට පැන යන්නේ සඤ්ඤා මෙනෙහි කිරීම් වශයෙන් ඒ ප්‍රථම ධ්‍යාන ප්‍රඥාව විශේෂ වූ දෙවන ධ්‍යානයේ උපතට ස්ථාන වශයෙන් විසේසභාගිනී යයි කියන ලදි. නිබ්බිදා සහගතා යනු ඒ ප්‍රථම ධ්‍යානලාභී ධ්‍යානයෙන් නැගිට නිබ්බිදා සංඛ්‍යාත විපස්සනා ඤාණයෙන් යුක්ත වූයේ විපස්සනා ඤාණය ධ්‍යානාංග භේද පවතිනවිට කළකිරෙයි. උකටලී වෙයි. එනිසා නිබ්බිදා යයි කියනු ලැබේ. සමුදා චරන්ති නිර්වාණය සාක්ෂාත් කිරීම පිණිස චෝදනා කරයි. පෙළයි. විරාගූපසඤ්ඤතා විරාග සංඛ්‍යාත නිවනෙන් යුක්ත. මේ මගින් විරාග වූ නිවන අවබෝධ කරගැනීමට විපස්සනා ඤාණයට හැකි වේ. එසේ පැවතීම චිරාගූප සහිත යයි කියනු ලැබේ. ඒ සම්ප්‍රයුක්ත සංඥා මෙනෙහි කිරීම්ද විරාගයෙන් යුක්ත වේමය. ඔහුගේ ඒ සංඥා මෙනෙහි කිරීම් වශයෙන් ඒ ප්‍රථම ධ්‍යාන ප්‍රඥාව ආර්ය මාර්ගය ප්‍රතිවේධයට (අවබෝධයට) පාදක බැවින් නිබ්බෙධභාගිනී යයි කියන ලදි. මෙසේ ස්ථාන සතරෙහිම ප්‍රථමධ්‍යාන ප්‍රඥාව කියන ලදි. දුතිය ධ්‍යාන ප්‍රඥා ආදියෙහිද මෙම නයින් අර්ථය දැනගත යුතුය.
කිච්ඡෙන කසිරෙන සමාධිං උප්පාදෙන්තස්සාති ලොකුත්තරසමාධිං උප්පාදෙන්තස්ස පුබ්බභාගෙ ආගමනකාලෙ කිච්ඡෙන කසිරෙන දුක්ඛෙන සසඞ්ඛාරෙන සප්පයොගෙන කිලමන්තස්ස කිලෙසෙ වික්ඛම්භෙත්වා ආගතස්ස. දන්ධං තණ්ඨානං අභිජානන්තස්සාති වික්ඛම්භිතෙසු කිලෙසෙසු විපස්සනාපරිවාසෙ චිරං වසිත්වා තං ලොකුත්තරසමාධිසඞ්ඛාතං ඨානං දන්ධං සණිකං අභිජානන්තස්ස පටිවිජ්ඣන්තස්ස , පාපුණන්තස්සාති අත්ථො. අයං වුච්චතීති යා එසා එවං උප්පජ්ජති, අයං කිලෙසවික්ඛම්භනපටිපදාය දුක්ඛත්තා, විපස්සනාපරිවාසපඤ්ඤාය ච දන්ධත්තා මග්ගකාලෙ එකචිත්තක්ඛණෙ උප්පන්නාපි පඤ්ඤා ආගමනවසෙන දුක්ඛපටිපදා දන්ධාභිඤ්ඤා නාමාති වුච්චති. උපරි තීසු පදෙසුපි ඉමිනාව නයෙන අත්ථො වෙදිතබ්බො.
කිච්ඡෙන කසිරෙන සමධිං උප්පාදෙන්තස්සා යනු ලෝකෝත්තර සමාධිය උපදවන්නේ මුල් අවස්ථාවේ අපහසුවෙන් දුකෙන් ප්‍රයෝගයෙන් ක්ලාන්ත වන්නේ කෙලෙසුන් විෂ්කම්භනය කොට පැමිණියහුගේ දන්ධං තණ්ඨානං අභිජානන්තස්ස කෙලෙස් විෂ්කම්භනය කළ කල්හි විපස්සනාවෙහි කලක් පරිවාසයෙන් වැසි ඒ ලෝකෝත්තර සමාධි සංඛ්‍යාත ස්ථානයට දන්ධව සෙමින් දැනගන්නේ අවබෝධ කරන්නේ පැමිණෙන්නේය යන අර්ථයයි. අයං වුච්චති එය එසේ උපදී. මේ කෙලෙස් විෂ්කම්භන ප්‍රතිපදාව දුක් බැවින් විපස්සනා පරිවාස ප්‍රඥාවද දන්ධ බැවින් මාර්ග කාලයෙහි ඒක චිත්තක්ෂණයෙහි උපන් ප්‍රඥාවද පැමිණීම් වශයෙන් දුක්ඛා පටිපදා දන්ධාභිඤ්ඤා නාම යයි කියනු ලැබේ. මතු පද තුනෙහිද මෙනයින් අර්ථය දතයුතුය.
සමාධිස්ස න නිකාමලාභිස්සාති යො සමාධිස්ස න නිකාමලාභී හොති, සො තස්ස න නිකාමලාභී නාම. යස්ස සමාධි උපරූපරි සමාපජ්ජනත්ථාය උස්සක්කිතුං පච්චයො න හොති, තස්ස අප්පගුණජ්ඣානලාභිස්සාති අත්ථො. ආරම්මණං ථොකං ඵරන්තස්සාති පරිත්තෙ සුප්පමත්තෙ වා සරාවමත්තෙ වා ආරම්මණෙ පරිකම්මං කත්වා තත්ථෙව අප්පනං පත්වා තං අවඩ්ඪිතං ථොකමෙව ආරම්මණං ඵරන්තස්සාති අත්ථො. සෙසපදෙසුපි එසෙව නයො. නනිකාමලාභීපටිපක්ඛතො හි පගුණජ්ඣානලාභී එත්ථ නිකාමලාභීති වුත්තො. අවඩ්ඪිතාරම්මණපටිපක්ඛතො ච වඩ්ඪිතාරම්මණං විපුලන්ති වුත්තං. සෙසං තාදිසමෙව.
සමාධිස්ස න නිකාමලාභිස්ස යමෙක් සමාධියට කැමති නොවේද හේ ඊට කැමති ලාභියෙක් නොවේ. යමෙකුට සමාධිය මතුමත්තෙහි සමවැදීමට උත්සාහවත් කරන ප්‍රත්‍ය නොවේද. ඔහු අල්පගුණ ධ්‍යානලාභී යන අර්ථයය. ආරම්මණං ථොකං එරන්තස්ස අඩු කුල්ලක් ගෙන සරාවක් පමණ අරමුණෙහි පරිකර්ම කොට එහිම අර්පණාවට පැමිණ එය නොවඩන ලද කුඩා අරමුණක් පතුරුවනවා යන අර්ථයයි. සෙසු පදවලද මෙම නයයි. නිකාමලාභීන්ට ප්රතිපක්ෂ නොවන ප්‍රගුණ ධ්‍යානලාභීන් මෙහි නිකාමලාභී යයි කියන ලදි. නොවඩන ලද අරමුණු ඇති ප්‍රතිපක්ෂයන්ට වඩන ලද අරමුණ විපුලං යයි කියන ලදි. සෙස්ස එබඳුමය.
ජරාමරණෙපෙතං ඤාණන්ති නිබ්බානමෙව ආරම්මණං කත්වා චතුන්නං සච්චානං එකපටිවෙධවසෙන එතං වුත්තං.
ජරාමරණපෙතං ඤාණං නිවනම අරමුණුකොට චතුස්සත්‍යයන්ගේ එක් ප්රතිවේධයක් වශයෙන් මෙය කියන ලදි.
ජරාමරණං ආරබ්භාතිආදීනි පන එකෙකං වත්ථුං ආරබ්භ පවත්තිකාලෙ පුබ්බභාගෙ සච්චවවත්ථාපනවසෙන වුත්තානි. සෙසං සබ්බත්ථ උත්තානත්ථමෙවාති.
ජරාමරණ ආරම්භ යනාදිය වනාහි එක එක වස්තුව අරබයා පවතින පෙර කාලයෙහි සත්‍ය මෙනෙහි කිරීම වශයෙන් කියන ලදි. සෙසු සියළු තැන ප්රකටය.
චතුක්කනිද්දෙසවණ්ණනා.
චතුක්කං