යෙදුමෙන් කියවන්න

5: පඤ‍්චකනිද‍්දෙසවණ‍්ණනා අට‍්ඨකථා

(5:) පඤ‍්චකනිද‍්දෙසවණ‍්ණනා

(5:) පඤ්චකනිද්දෙසවණ්ණනා

පඤ‍්චවිධෙන ඤාණවත්‍ථුනිද‍්දෙසෙ පීතිඵරණතාදීසු පීතිං ඵරමානා උප‍්පජ‍්ජතීති ද‍්වීසු ඣානෙසු පඤ‍්ඤා පීතිඵරණතා නාම. සුඛං ඵරමානා උප‍්පජ‍්ජතීති තීසු ඣානෙසු පඤ‍්ඤා සුඛඵරණතා නාම. පරෙසං චෙතොඵරමානා උප‍්පජ‍්ජතීති චෙතොපරියපඤ‍්ඤා චෙතොඵරණතා නාම. ආලොකං ඵරමානා උප‍්පජ‍්ජතීති දිබ‍්බචක‍්ඛුපඤ‍්ඤා ආලොකඵරණතා නාම. පච‍්චවෙක‍්ඛණඤාණං පච‍්චවෙක‍්ඛණානිමිත‍්තං නාම. තෙනෙව වුත‍්තං “ද‍්වීසු ඣානෙසු පඤ‍්ඤා පීතිඵරණතා”තිආදි. තත්‍ථ ච පීතිඵරණතා සුඛඵරණතා ද‍්වෙ පාදා විය, චෙතොඵරණතා ආලොකඵරණතා ද‍්වෙ හත්‍ථා විය, අභිඤ‍්ඤාපාදකජ‍්ඣානං මජ‍්ඣිමකායො විය, පච‍්චවෙක‍්ඛණානිමිත‍්තං සීසං විය. ඉති භගවා පඤ‍්චඞ‍්ගිකං සම‍්මාසමාධිං අඞ‍්ගපච‍්චඞ‍්ගසම‍්පන‍්නං පුරිසං විය කත්‍වා දස‍්සෙසි. අයං පඤ‍්චඞ‍්ගිකො සම‍්මාසමාධීති අයං හත්‍ථපාදසීසසදිසෙහි පඤ‍්චහි අඞ‍්ගෙහි යුත‍්තො සම‍්මාසමාධීති පාදකජ‍්ඣානසමාධිං කථෙසි.

පස් ආකාරයකින් ඤාණවස්තු නිද්දේසයෙහි පීතඵරණතා ආදියෙහි ප්‍රීතිය පතුරුවමින් උපදිපි යන ධ්‍යාන දෙකෙහි ප්‍රඥාව පීතිඵරණතා නම් වේ. සැපය පතුරුවමින් උපදියි යන ධ්‍යාන තුනෙහි ප්‍රඥාව සුඛඵරණතා නම් වේ. අන්‍යයන්ගේ සිත පතුරුවමින් උපදියි යන චෙතොපරිය ප්‍රඥාව චෙතො ඵරණතා නම් වේ. ආලෝකය පතුරුවමින් උපදියි යන දිබ්බචක්ඛු ප්‍රඥාව ආලොක ඵරණතා නම් වේ. ප්‍රත්‍යවේක්‍ෂණ ඤාණය පච්චවෙක්ඛණා නිමිත්තං නම් වේ. එහෙයින්ම කියන ලදි. ද්වීසු ඤාණෙසු පඤ්ඤා පීති ඵරණතා යනාදිය. එහි ප්‍රීති පැතිරවී සැපය පැතිරවීම පා දෙක මෙනි. සිත පැතිරවීම ආලෝකය පැතිරවීම දෑත මෙනි. අභිඥාපාදක ධ්‍යානය මධ්‍යම කය මෙනි. ප්‍රත්‍යවේක්‍ෂා නිමිත්ත හිස මෙනි. මෙසේ භාග්‍යවතුන් වහන්සේ අංගපසකින් යුත් සම්මා සමාධිය අඟපසඟින් යුත් පුරුෂයකු කොට දැක්වූහ. අයං පඤ්චංගිකො සම්මා සමාධි යයි මෙය අත් පා හිස යන අංග පසකින් යුත් සමාධිය යයි පාදක ධ්‍යානය කීහ.

අයං සමාධි පච‍්චුප‍්පන‍්නසුඛො චෙවාතිආදීසු අරහත‍්තඵලසමාධි අධිප‍්පෙතො. සො හි අප‍්පිතප‍්පිතක‍්ඛණෙ සුඛත‍්තා පච‍්චුප‍්පන‍්නසුඛො. පුරිමො පුරිමො පච‍්ඡිමස‍්ස පච‍්ඡිමස‍්ස සමාධිසුඛස‍්ස පච‍්චයත‍්තා ආයතිං සුඛවිපාකො. සන‍්තං සුඛුමං ඵලචිත‍්තං පණීතං මධුරරූපං සමුට‍්ඨාපෙති. ඵලසමාපත‍්තියා වුට‍්ඨිතස‍්ස හි සබ‍්බකායානුගතං සුඛසම‍්ඵස‍්සං ඵොට‍්ඨබ‍්බං පටිච‍්ච සුඛසහගතං කායවිඤ‍්ඤාණං උප‍්පජ‍්ජති. ඉමිනාපි පරියායෙන ආයතිං සුඛවිපාකො. කිලෙසෙහි ආරකත‍්තා අරියො. කාමාමිසවට‍්ටාමිසලොකාමිසානං අභාවා නිරාමිසො. බුද‍්ධාදීහි මහාපුරිසෙහි සෙවිතත‍්තා අකාපුරිසසෙවිතො. අඞ‍්ගසන‍්තතාය ආරම‍්මණසන‍්තතාය සබ‍්බකිලෙසදරථසන‍්තතාය ච සන‍්තො. අතප‍්පනීයට‍්ඨෙන පණීතො. කිලෙසපටිප‍්පස‍්සද‍්ධියා ලද‍්ධත‍්තා කිලෙසපටිප‍්පස‍්සද‍්ධිභාවස‍්ස වා ලද‍්ධත‍්තා පටිප‍්පස‍්සද‍්ධිලද‍්ධො. පටිප‍්පස‍්සද‍්ධං පටිප‍්පස‍්සද‍්ධීති හි ඉදං අත්‍ථතො එකං. පටිප‍්පස‍්සද‍්ධකිලෙසෙන වා අරහතා ලද‍්ධත‍්තාපි පටිප‍්පස‍්සද‍්ධිලද‍්ධො. එකොදිභාවෙන අධිගතත‍්තා එකොදිභාවමෙව වා අධිගතත‍්තා එකොදිභාවාධිගතො. අප‍්පගුණසාසවසමාධි විය සසඞ‍්ඛාරෙන සප‍්පයොගෙන චිත‍්තෙන පච‍්චනීකධම‍්මෙ නිග‍්ගය‍්හ කිලෙසෙ වාරෙත්‍වා අනධිගතත‍්තා න සසඞ‍්ඛාරනිග‍්ගය‍්හවාරිතගතො. තඤ‍්ච සමාධිං සමාපජ‍්ජන‍්තො තතො වා වුට‍්ඨහන‍්තො සතිවෙපුල‍්ලප‍්පත‍්තත‍්තා සතොව සමාපජ‍්ජති සතොව වුට‍්ඨහති. යථාපරිච‍්ඡින‍්නකාලවසෙන වා සතො සමාපජ‍්ජති සතො වුට‍්ඨහති. තස‍්මා යදෙත්‍ථ “අයං සමාධි පච‍්චුප‍්පන‍්නසුඛො චෙව ආයතිඤ‍්ච සුඛවිපාකො”ති එවං පච‍්චවෙක‍්ඛමානස‍්ස පච‍්චත‍්තංයෙව අපරප‍්පච‍්චයං ඤාණං උප‍්පජ‍්ජති – තං එකමඞ‍්ගං. එස නයො සෙසෙසුපි. එවමිමෙහි පඤ‍්චහි පච‍්චවෙක‍්ඛණඤාණෙහි අයං සමාධි පඤ‍්චඤාණිකො සම‍්මාසමාධි නාම වුත‍්තොති.

අයං සමාධි පච්චුප්පන්න සුඛොචෙව යනාදියෙහි අරහත්ත ඵල සමාධිය අභිප්‍රේතය. එය වනාහි අර්පිත අර්පිත ක්‍ෂණයෙහි සැප ඇතිවේ. පච්චුප්පන්න සුඛො පෙර ඒවා පසු සමාධි සැපයට ප්‍රත්‍ය වේ. ආයතිං සුඛ විපාකො සාන්ත වූ සියුම් වූ ඵල හිත ප්‍රණීත වූ මිහිරි රූ උපදවයි. ඵල සමාපත්තියෙන් නැගිටීමෙන් සියළු ශරීරය අනුගත වූ සැප ස්පර්ශය ඵොට්ඨබ්බය නිසා සුඛ සහගත කාය විඤ්ඤාණය උපදවයි. මේ ආකාරයෙන් ආයතිං සුඛ විපාකො කෙලෙසුන්ගෙන් දුරු බැවින් අරියො. කාම ආමිස සසර ආමිස ලෝක ආමිසවලින් අභාවය නිසා නිරාමිසො. බුද්ධාදි මහා පුරුෂයින් සේවනා ලද බැවින් මහා පුරිස සෙවිතො. අංග සාන්ත බැවින්, අරමුණු සාන්ත බැවින් සියළු කෙලෙස් දැවිලි සාන්ත කළ බැවින් සන්තො. තෘප්තිමත් නොව අර්ථයෙන් පණීත කෙලෙස්වලින් සංසිඳීමක් ලත් බැවින් කෙලෙස් සංසිඳීම් ස්වභාවය හෝ ලත් බැවින් පටිප්පස්සද්ධි ලද්ධො පටිප්පස්සද්ධං පටිප්පස්සද්ධි යන මෙය අර්ථ වශයෙන් එකය. සංසිඳුණු කෙලෙසුන්ගෙන් හෝ අරහත්බව ලැබීම වූ පටිප්පස්සද්ධි ලද්ධා වේ. එකඟ බවෙන් අවබෝධ කළ එකඟබවම හෝ අවබෝධ කළ එකොදිභාවාධිගත වේ. අල්ප ගුණ ආසව සහිත සමාධි මෙන් සසංඛාරයෙන් ප්‍රයෝග සහිත සිතින් විරුද්ධ දහම් නිග්‍රහකොට කෙලෙස් වලකා අවබෝධ නොකළ නිසා න සසංඛාර නිග්ගය්හ වාරිතගතො වේ. ඒ සමාධියට සමවදින්නේ එයින් නැගී සිටින්නේ සිහිය මහත්බවට පැමිණ ඇති බැවින් සිහියෙන්ම සමවදියි. සිහියෙන්ම නැගී සිටියි. නියමකරගත් කාල වශයෙන් හෝ සිහියෙන් සමවදියි. සිහියෙන් නැගිටියි. එහෙයින් මෙහි මේ සමාධිය වර්තමාන සැපයද පසුව සැපවිපාකදැයි මෙසේ ප්‍රත්‍යවේක්‍ෂා කරන්නාට තමාටම අපර ප්‍රත්‍ය වූ ඤාණය උපදී. එය එක් අංගයකි. සෙස්සෙහි ද මෙම නයයි. මෙසේ මේ ප්‍රත්‍යවේක්‍ෂා ඤාණ පහෙන් මේ සමාධිය පඤ්ච ඤාණික සම්මා සමාධි නමැයි කියන ලදි.

පඤ‍්චකනිද‍්දෙසවණ‍්ණනා.

පඤ්චකං