3: තිකනිද්දෙසවණ්ණනා අට්ඨකථා
(3:) තිකනිද්දෙසවණ්ණනා
(3:) තිකනිද්දෙසවණ්ණනා
තිවිධෙන ඤාණවත්ථුනිද්දෙසෙ යොගවිහිතෙසූති යොගො වුච්චති පඤ්ඤා; පඤ්ඤාවිහිතෙසු පඤ්ඤාපරිණාමිතෙසූති අත්ථො. කම්මායතනෙසූති එත්ථ කම්මමෙව කම්මායතනං; අථ වා කම්මඤ්ච තං ආයතනඤ්ච ආජීවාදීනන්තිපි කම්මායතනං. සිප්පායතනෙසුපි එසෙව නයො. තත්ථ දුවිධං කම්මං – හීනඤ්ච උක්කට්ඨඤ්ච. තත්ථ හීනං නාම වඩ්ඪකීකම්මං, පුප්ඵඡඩ්ඩකකම්මන්ති එවමාදි. උක්කට්ඨං නාම කසි, වණිජ්ජා, ගොරක්ඛන්ති එවමාදි. සිප්පම්පි දුවිධං හීනඤ්ච උක්කට්ඨඤ්ච. තත්ථ හීනං සිප්පං නාම නළකාරසිප්පං, පෙසකාරසිප්පං, කුම්භකාරසිප්පං, චම්මකාරසිප්පං, න්හාපිතසිප්පන්ති එවමාදි. උක්කට්ඨං නාම සිප්පං මුද්දා, ගණනා, ලෙඛඤ්චාති එවමාදි විජ්ජාව විජ්ජාට්ඨානං. තං ධම්මිකමෙව ගහිතං. නාගමණ්ඩලපරිත්තසදිසං, ඵුධමනකමන්තසදිසං, සාලාකියං , සල්ලකත්තියන්තිආදීනි පන වෙජ්ජසත්ථානි “ඉච්ඡාමහං, ආචරිය, සිප්පං සික්ඛිතු”න්ති (මහාව· 329) සිප්පායතනෙ පවිට්ඨත්තා න ගහිතානි.
ත්‍රිවිධ වූ ඤාණවත්ථු නිද්දේසයෙහි යොග විහිතෙසු යෝගය ප්‍රඥාව කියයි. පඤ්ඤා විහිතෙසු ප්‍රඥා පරිණාමිත යෙන යන අර්ථයයි. කම්මායතනෙසු මෙහි කර්මයම කම්මායතනයයි. නොහොත් කර්මයද ඒ ආයතනද ජීවිකාව ගෙනයෑමද කම්මායතන වේ. සිප්පායතනෙසු මෙහිද එම නයයි. හීන උත්කෘෂ්ට වශයෙන් කර්මය දෙපරිදිය. එහි හීන නම් වඩු කර්මය, මල බැහැරලීම් ආදියයි. උත්කෘෂ්ට කෘෂි වණික් ගවපාලනය ආදියයි. ශිල්පයද හීන උත්කෘෂ්ට වශයෙන් ද්විධය. එහි හීන සිල්ප නම් නළකාර ශිල්ප පේෂකාර ශිල්පය කුම්භකාර චම්මකාර කරණවෑම් ආදියයි. උත්කෘෂ්ට ශිල්ප නම් මුද්‍රණ, ගණක, ලේඛක ආදියයි. විද්‍යාවම විජ්ජාට්ඨාන වේ. එය ධාර්මික වශයෙන්ම ගන්නා ලදි. නා මඬල පිරිත සමාන සර්ප දමන මන්ත්‍රයක් වැනි සැත්කටු වෙදකම ශල්‍ය වෛද්‍ය විධි ආදිය වෛද්‍ය ශාස්ත්‍ර, ආචාර්යන් වහන්ස ශිල්ප ඉගෙනීමට කැමති වෙතියි ශිල්පායතනයට ඇතුල් වූවහු නොගන්නා ලදි.
තත්ථ එකො පණ්ඩිතො මනුස්සානං ඵාසුවිහාරත්ථාය අත්තනො ච ධම්මතාය ගෙහපාසාදයානනාවාදීනි උප්පාදෙති. සො හි ‘ඉමෙ මනුස්සා වසනට්ඨානෙන විනා දුක්ඛිතා’ති හිතකිරියාය ඨත්වා දීඝචතුරස්සාදිභෙදං ගෙහං උප්පාදෙති, සීතුණ්හපටිඝාතත්ථාය එකභූමිකද්විභූමිකාදිභෙදෙ පාසාදෙ කරොති, ‘යානෙ අසති අනුසඤ්චරණං නාම දුක්ඛ’න්ති ජඞ්ඝාකිලමථපටිවිනොදනත්ථාය වය්හසකටසන්දමානිකාදීනි උප්පාදෙති, ‘නාවාය අසති සමුද්දාදීසු සඤ්චාරො නාම නත්ථී’ති නානප්පකාරං නාවං උප්පාදෙති. සො සබ්බම්පෙතං නෙව අඤ්ඤෙහි කයිරමානං පස්සති, න කතං උග්ගණ්හාති, න කථෙන්තානං සුණාති, අත්තනො පන ධම්මතාය චින්තාය කරොති. පඤ්ඤවතා හි අත්තනො ධම්මතාය කතම්පි අඤ්ඤෙහි උග්ගණ්හිත්වා කරොන්තෙහි කතසදිසමෙව හොති. අයං තාව හීනකම්මෙ නයො.
එහි එක් පණ්ඩිතයෙක් මිනිසුන්ගේ පහසු වාසය සඳහා තමාගේද ධර්මතා වශයෙන් ගෙවල් ප්‍රාසාද යාන නැව් ආදිය උපදවයි. මේ මිනිස්සු විසීමට තැනක් නැතිව දුකට පැමිණියෝ යයි හිතවත්කමින් සිට දීඝ චතුරස්ස ආදි භේදයෙන් යුත් ගෙයක් හදයි. සීත උෂ්ණ වැළැක්වීමට එක් බුමු දෙබුමු භේදයෙන් යුත් ප්‍රාසාද කරයි. යානයක් නැතිව සංචාරය කිරීම දුකය. දඟ වෙහෙස දුරුකිරීමට දෝලා කරත්ත (ගමනාන්තය) සන්දමානික (අසුන් යොදන රථය) ආදිය නිර්මාණය කරයි. නැව් නැති කල්හි මුහුදු ගමන් නැතැයි නානාප්‍රකාර වූ නැව් නිපදවයි. ඔහු මේ සියල්ල කරන්නේ කවුරුවත් කරන දිහා බලාගෙන සිට නොවේ. කාගේවත් ඉගැන්වීමකින්ද නොවේ. තමාගේ ධර්මතාවයෙන් චින්තනයෙන් කරයි. ප්‍රඥාවන්ත වූ තමාගේ ධර්මතාවෙන් කළත් අන්‍යයන් ගෙන් ඉගෙන කලාක් මෙන් වේ. මෙය හීන කර්ම නයයි.
උක්කට්ඨකම්මෙපි ‘කසිකම්මෙ අසති මනුස්සානං ජීවිතං න පවත්තතී’ති එකො පණ්ඩිතො මනුස්සානං ඵාසුවිහාරත්ථාය යුගනඞ්ගලාදීනි කසිභණ්ඩානි උප්පාදෙති; තථා නානප්පකාරං වාණිජකම්මං ගොරක්ඛඤ්ච උප්පාදෙති. සො සබ්බම්පෙතං නෙව අඤ්ඤෙහි කරියමානං පස්සති…පෙ… කතසදිසමෙව හොති. අයං උක්කට්ඨකම්මෙ නයො.
උත්කෘෂ්ට කර්මයෙහිද කෘෂිකර්මය නොමැතිවිට මිනිසුන්ගේ ජීවිතය නොපවතී යයි සිතූ එක් පණ්ඩිතයෙක් මිනිසුන්ට පහසුවෙන් විසීමට නගුල් වියගස් ආදි කෘෂි උපකරණ උපදවයි. එසේම නානා ප්‍රකාර වණික් කර්ම ගවපාලන උපකරණයද නිපදවයි. මේ සියල්ල ඔහු තමාගේ චින්තනයෙන් පරිකල්පනයෙන්ම කරයි. වෙන කෙනෙකුගෙන් ඉගෙන කලා මෙන් පවතී. මෙය උත්කෘෂ්ට කර්ම නයයි.
දුවිධෙපි පන සිප්පායතනෙ එකො පණ්ඩිතො මනුස්සානං ඵාසුවිහාරත්ථාය නළකාරසිප්පාදීනි හීනසිප්පානි, හත්ථමුද්දාය ගණනසඞ්ඛාතං මුද්දං, අච්ඡින්නකසඞ්ඛාතං ගණනං, මාතිකාප්පභෙදකාදිභෙදඤ්ච ලෙඛං උප්පාදෙති. සො සබ්බම්පෙතං නෙව අඤ්ඤෙහි කරියමානං පස්සති…පෙ… කතසදිසමෙව හොති. අයං සිප්පායතනෙ නයො.
ද්විධ වූ ශිල්පායතනයෙහි එක් පණ්ඩිතයෙක් මිනිසුන්ගේ පහසු විහරණය පිණිස නළකාර ශිල්පාදි හීන ශිල්පාදි හස්තමුද්‍රා ගණන සංඛ්‍යාත මුද්‍රා අච්ඡින්න සංඛ්‍යාත ගණන මාතෘකා ප්‍රභේද වූ ලේඛන උපදවයි. මේවා තමාගේම චින්තනයෙන් උපදවයි. වෙන කෙනෙකුගෙන් ඉගෙන කළා සේම වෙයි. මෙය ශිල්පායතන නයයි.
එකච්චො පන පණ්ඩිතො අමනුස්සසරීසපාදීහි උපද්දුතානං මනුස්සානං තිකිච්ඡනත්ථාය ධම්මිකානි නාගමණ්ඩලමන්තාදීනි විජ්ජාට්ඨානානි උප්පාදෙති, තානි නෙව අඤ්ඤෙහි කරියමානානි පස්සති, න කතානි උග්ගණ්හාති, න කථෙන්තානං සුණාති, අත්තනො පන ධම්මතාය චින්තාය කරොති. පඤ්ඤවතා හි අත්තනො ධම්මතාය කතම්පි අඤ්ඤෙහි උග්ගණ්හිත්වා කරොන්තෙහි කතසදිසමෙව හොති.
ඇතැම් පණ්ඩිතයෙක් අමනුස්ස සර්ප ආදීන්ගෙන් මිනිසුන්ට වන උපද්‍රවවලින් බේරීම සඳහා පිළියම් පිණිස නාගමණ්ඩල මන්ත්‍රාදි විජ්ජාඨාන උපදවයි. ඒවා තමාගේ චින්තනයෙන්ම උපදවයි. [missing trans]
කම්මස්සකතං වාති “ඉදං කම්මං සත්තානං සකං, ඉදං නො සක”න්ති එවං ජානනඤාණං. සච්චානුලොමිකං වාති විපස්සනාඤාණං. තඤ්හි චතුන්නං සච්චානං අනුලොමනතො සච්චානුලොමිකන්ති වුච්චති. ඉදානිස්ස පවත්තනාකාරං දස්සෙතුං රූපං අනිච්චන්ති වාතිආදි වුත්තං. එත්ථ ච අනිච්චලක්ඛණමෙව ආගතං, න දුක්ඛලක්ඛණඅනත්තලක්ඛණානි, අත්ථවසෙන පන ආගතානෙවාති දට්ඨබ්බානි – යඤ්හි අනිච්චං තං දුක්ඛං, යං දුක්ඛං තදනත්තාති.
කම්මස්ස කතං වා මේ කර්මය සත්ත්වයන්ගේ ස්වකීය වේ. මෙය ස්වකීය නොවේ යයි දැකීම් නුවණ සච්චානුලෝමිකං වා විපස්සනා ඤාණය එය සතර සත්‍යවලට අනුලෝම වන බැවින් සච්චානුලෝමික යයි කියනු ලැබේ. දැන් ඒවායෙහි පවත්නා ආකාරය දැක්වීමට රූපං අනිච්චන්ති වා යනාදිය කියන ලදි. මෙහිම අනිත්‍ය ලක්ෂණම ආවේය. දුක්ඛ ලක්ෂණ අනාත්ම ලක්ෂණ නොවේ. අර්ථ වශයෙන් ආ ඒවායි දතයුතුය. යමක් අනිත්‍යද [missing trans]
යං එවරූපින්ති යං එවං හෙට්ඨා නිද්දිට්ඨසභාවං අනුලොමිකං. ඛන්තින්තිආදීනි සබ්බානි පඤ්ඤාවෙවචනානෙව. සා හි හෙට්ඨා වුත්තානං කම්මායතනාදීනං පඤ්චන්නං කාරණානං අපච්චනීකදස්සනෙන අනුලොමෙතීති අනුලොමිකා. තථා සත්තානං හිතචරියාය අනුලොමෙති, මග්ගසච්චස්ස අනුලොමෙති, පරමත්ථසච්චස්ස නිබ්බානස්ස අනුලොමනතො අනුලොමෙතීතිපි අනුලොමිකා. සබ්බානිපි එතානි කාරණානි ඛමති සහති දට්ඨුං සක්කොතීති ඛන්ති, පස්සතීති දිට්ඨි, රොචෙතීති රුචි, මුදතීති මුදි, පෙක්ඛතීති පෙක්ඛා. සබ්බෙපිස්සා තෙ කම්මායතනාදයො ධම්මා නිජ්ඣානං ඛමන්ති, විසෙසතො ච පඤ්චක්ඛන්ධසඞ්ඛාතා ධම්මා පුනප්පුනං අනිච්චදුක්ඛානත්තවසෙන නිජ්ඣායමානා තං නිජ්ඣානං ඛමන්තීති ධම්මනිජ්ඣානඛන්තී.
[missing trans] දක්වන ලද අනුලෝමික ස්වභාවය ඛන්ති ආදි සියල්ල ප්‍රඥාවේ සමාන වචනම වේ. එය යට කියන ලද කම්මායතනාදි කරුණු පහේ විරුද්ධ නොවනු දැකීමෙන් අනුලෝමිකා එසේම සත්ත්වයින්ගේ හිත පිණිස හැසිරීමෙන් පිළිවෙල යයි මාර්ග සත්‍යයේ අනුලෝම වෙයි. පරමාර්ථ සත්‍ය වූ නිර්වාණයේ පිළියෙල වීමෙන් අනුලෝමෙති යනුද අනුලෝමිකා නම් වේ. මේ සියළු කරුණු ක්ෂමා කරයි. ඉවසයි. දැකීමට හැකිවෙයි යනු ඛන්ති වේ. බලයි. යනු දිට්ඨි වේ. රුචිකරයි යනු රුචි මිදේ යනු මුති මුදයි යනු මුදි යනුද පාඨයකි. බලයි යනු පෙක්ඛා ඒ කර්මායතනාදි සියළු දහම් මෙනෙහි කරමින් ඉවසයි. විශේෂයෙන් පඤ්චස්කන්ධ සංඛ්‍යාත ධර්ම අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් නැවත නැවත මෙනෙහි කරන්නේ ඉවසයි යනු ධම්ම නිජ්ඣානක්ඛන්ති.
පරතො අස්සුත්වා පටිලභතීති අඤ්ඤස්ස උපදෙසවචනං අස්සුත්වා සයමෙව චින්තෙන්තො පටිලභති. අයං වුච්චතීති අයං චින්තාමයා පඤ්ඤා නාම වුච්චති. සා පනෙසා න යෙසං කෙසඤ්චි උප්පජ්ජති, අභිඤ්ඤාතානං පන මහාසත්තානමෙව උප්පජ්ජති. තත්ථාපි සච්චානුලොමිකඤාණං ද්වින්නංයෙව බොධිසත්තානං උප්පජ්ජති. සෙසපඤ්ඤා සබ්බෙසම්පි පූරිතපාරමීනං මහාපඤ්ඤානං උප්පජ්ජතීති වෙදිතබ්බා.
පරතො අසුත්වා පටිලභති අන්‍යයකුගේ උපදේශ වචන නොඅසා තමාම සිතමින් ලබයි. අයං වුච්චති මෙය චින්තාමය ප්‍රඥාව යයි කියනු ලැබේ. එය වනාහි හැමදෙනාටම උපදින්නේ නැත. මනාසේ දත්තා වූ මහා සත්ත්වයන්ටම උපදී. එහිද සත්තානුලෝමික ඤාණය බෝධි සත්ත්වයන්ට දෙගුණව උපදී. සෙසු ප්‍රඥා (පුරන ලද පාරමිතා ඇති) සියළු දෙනාටම මනා ප්‍රඥාවන්තයන්ට ම උපදීයයි දතයුතුය.
පරතො සුත්වා පටිලභතීති එත්ථ කම්මායතනාදීනි පරෙන කරියමානානි වා කතානි වා දිස්වාපි යස්ස කස්සචි කථයමානස්ස වචනං සුත්වාපි ආචරියස්ස සන්තිකෙ උග්ගහෙත්වාපි පටිලද්ධා සබ්බා පරතො සුත්වායෙව පටිලද්ධා නාමාති වෙදිතබ්බා.
පරතො සුත්වා පටිලභති යන මෙහි කර්මායතනාදි අන්‍යයන් විසින් කරනු ලබන හෝ කියන ලබන හෝ දේ දැකීමෙන් අන්‍යයන් කියනු ලබන දේ ඇසීමෙන් ගුරුවරයෙකු ළඟ ඉගෙනීමෙන් ලබන ලද සියල්ල අනුන්ගෙන් අසාම ලබාගන්නා ලදැයි දතයුතුය.
සමාපන්නස්සාති සමාපත්තිසමඞ්ගිස්ස; අන්තොසමාපත්තියං පවත්තා පඤ්ඤා භාවනාමයා නාමාති අත්ථො.
සමාපන්නස්ස සමාපත්තියෙන් යුක්ත වූ තැනැත්තාගේ ඇතුළ සමාපත්තියෙහි පවත්නා ප්‍රඥාව භාවනාමය නම් යයි අර්ථය.
දානං ආරබ්භාති දානං පටිච්ච; දානචෙතනාපච්චයාති අත්ථො. දානාධිගච්ඡාති දානං අධිගච්ඡන්තස්ස; පාපුණන්තස්සාති අත්ථො. යා උප්පජ්ජතීති යා එවං දානචෙතනාසම්පයුත්තා පඤ්ඤා උප්පජ්ජති, අයං දානමයා පඤ්ඤා නාම. සා පනෙසා ‘දානං දස්සාමී’ති චින්තෙන්තස්ස, දානං දෙන්තස්ස, දානං දත්වා තං පච්චවෙක්ඛන්තස්ස පුබ්බචෙතනා, මුඤ්චචෙතනා, අපරචෙතනාති තිවිධෙන උප්පජ්ජති.
දානය ආරබ්භ යනු දානය නිසා දාන චේතනාවට ප්‍රත්‍ය වීමෙන් යන අර්ථයය. යා උප්පජ්ජති මෙසේ මේ දාන චේතනාවකින් යුක්ත වූ ප්‍රඥාව උපදී. මෙය දානමය ප්‍රඥා වේ. එය වනාහි දානයක් දෙන්නෙමියි සිතන්නාටද දානය දෙන්නාටද දාන දී එය සිහි කරන්නාටද පූර්ව චේතනා මුඤ්චන චේතනා අපර චේතනා යයි තුන් අවස්ථාවක උපදී. දානාධිගච්ඡා දානය පැමිණෙන්නාට.
සීලං ආරබ්භ සීලාධිගච්ඡාති ඉධාපි සීලචෙතනාසම්පයුත්තාව සීලමයා පඤ්ඤාති අධිප්පෙතා. අයම්පි ‘සීලං පූරෙස්සාමී’ති චින්තෙන්තස්ස, සීලං පූරෙන්තස්ස, සීලං පූරෙත්වා තං පච්චවෙක්ඛන්තස්ස පුබ්බචෙතනා, මුඤ්චචෙතනා, අපරචෙතනාති තිවිධෙනෙව උප්පජ්ජති. භාවනාමයා හෙට්ඨා වුත්තායෙව.
සීලං ආරබ්භ සීලාධිගච්ඡ මෙහිද සීල චේතනා සම්ප්‍රයුක්ත වූ සීලමය ප්‍රඥාවයයි අදහස් කරන ලදි. මෙයද සීලය පුරමියි සිතන්නට සීලය පුරන්නාට පසුව සිහි කරන්නාට පුබ්බ මුඤ්චන අපර චේතනා යයි ත්‍රිවිධ චේතනා උපදී. භාවනාමය යට කියන ලදි.
අධිසීලපඤ්ඤාදීසු සීලාදීනි දුවිධෙන වෙදිතබ්බානි – සීලං, අධිසීලං; චිත්තං, අධිචිත්තං; පඤ්ඤා, අධිපඤ්ඤාති. තත්ථ “උප්පාදා වා තථාගතානං අනුප්පාදා වා තථාගතානං ඨිතාව සා ධාතු ධම්මට්ඨිතතා ධම්මනියාමතා”ති (සං· නි· 2.20; අ· නි· 3.137) ඉමාය තන්තියා සඞ්ගහිතවසෙන පඤ්චපි සීලානි දසපි සීලානි සීලං නාම. තඤ්හි තථාගතෙ උප්පන්නෙපි අනුප්පන්නෙපි හොති. අනුප්පන්නෙ කෙ පඤ්ඤාපෙන්තීති? තාපසපරිබ්බාජකා, සබ්බඤ්ඤුබොධිසත්තා, චක්කවත්තිරාජානො ච පඤ්ඤාපෙන්ති. උප්පන්නෙ සම්මාසම්බුද්ධෙ භික්ඛුසඞ්ඝො, භික්ඛුනීසඞ්ඝො, උපාසකා, උපාසිකායො ච පඤ්ඤාපෙන්ති. පාතිමොක්ඛසංවරසීලං පන සබ්බසීලෙහි අධිකං උප්පන්නෙයෙව තථාගතෙ උප්පජ්ජති, නො අනුප්පන්නෙ. සබ්බඤ්ඤුබුද්ධායෙව ච නං පඤ්ඤාපෙන්ති. “ඉමස්මිං වත්ථුස්මිං වීතික්කමෙ ඉදං නාම හොතී”ති පඤ්ඤාපනඤ්හි අඤ්ඤෙසං අවිසයො, බුද්ධානංයෙව එස විසයො, බුද්ධානං බලං. ඉති යස්මා පාතිමොක්ඛසංවරො අධිසීලං, තස්මා තං අධිසීලපඤ්ඤං දස්සෙතුං පාතිමොක්ඛසංවරං සංවරන්තස්සාතිආදි වුත්තං.
අධිසීල පඤ්ඤා ආදියෙහි සීලාදිය දෙයාකාරයකින් දතයුතුය. සීල අධි සීල චිත්ත අධි චිත්ත පඤ්ඤා අධිපඤ්ඤා වශයෙනි. එහි “උප්පාදා වා තථාගතානං අනුප්පාදා වා තථාගතානං ඨිතාව සා ධාතු ධම්මට්ඨිතිකා ධම්මනියාමිතා” යන මේ පෙලෙන් සංගෘහිත වශයෙන් පන්සිල් ද දසසිල් ද සිල් නම් වේ. එය තථාගතයන් වහන්සේ උපන් කල්හිදා නැති කල්හිද වේ. නූපන් කල්හි පෙන්වන්නේ කවුද? තාපස පරිබ්බාජකා සර්වඥ බෝධි සත්ත්වයෝද චක්කවත්ති රජතුමාද පෙන්වති. උපන් කල්හි භික්ඛු භික්ඛුණී සංඝයාද උපාසක උපාසිකාවෝද පෙන්වති. පාතිමොක්ඛ සංවර ශීලය සියල්ලටම අධිකය. තථාගතයන් වහන්සේ උපන් කල්හිම ඇති වේ. නූපන්කල්හි නොවේ. සර්වඥ සම්බුද්ධයන් වහන්සේම එය පෙන්වති. මේ වස්තුවල ව්යතික්රමයෙහි දී මෙය වේයයි පැනවීමට අනෙකෙකුට අවිෂය වේ. බුදුවරුන්ටම එය විෂය වේ. බුදුවරුන්ගේම බ ලය වේ. මෙසේ යමකින් ප්රාතිමෝක්ෂ සංවර සීලය අධිසීල වේ නම් එය අධිසීල පඤ්ඤා යයි දැක්වීමට පාතිමොක්ඛ සංවරං සංවරන්තස්ස යනාදිය කියන ලදි.
හෙට්ඨා වුත්තාය එව පන තන්තියා සඞ්ගහිතවසෙන වට්ටපාදිකා අට්ඨ සමාපත්තියො චිත්තං නාම. තඤ්හි තථාගතෙ උප්පන්නෙපි හොති අනුප්පන්නෙපි. අනුප්පන්නෙ කෙ නිබ්බත්තෙන්තීති? තාපසපරිබ්බාජකා චෙව සබ්බඤ්ඤුබොධිසත්තා ච චක්කවත්තිරාජානො ච. උප්පන්නෙ භගවති විසෙසත්ථිකා භික්ඛුආදයොපි නිබ්බත්තෙන්තියෙව. විපස්සනාපාදිකා පන අට්ඨ සමාපත්තියො සබ්බචිත්තෙහි අධිකා, උප්පන්නෙයෙව තථාගතෙ උප්පජ්ජන්ති, නො අනුප්පන්නෙ. සබ්බඤ්ඤුබුද්ධා එව ච එතා පඤ්ඤාපෙන්ති . ඉති යස්මා අට්ඨ සමාපත්තියො අධිචිත්තං, තස්මා අධිචිත්තපඤ්ඤං දස්සෙතුං රූපාවචරාරූපාවචරසමාපත්තිං සමාපජ්ජන්තස්සාතිආදි වුත්තං.
යට කියන ලද පරිදිම පෙලෙහි සංග්‍රහ කිරීම් වශයෙන් වට්ටපාදක අට්ඨ සමාපත්ති සිත නම් වේ. එය තථාගතයන් වහන්සේ උපන්නත් නැතත් ඇතිවේ. තථාගතයන් නැති කාලයේ එය උපදවන්නේ කවුද? තවුස්, පිරිවැජියෝද සර්වඥ බෝසත්ද සක්විති රජද වෙති. භගවත්හු උපන් කල විශේෂ ශක්ති ඇති භික්ෂු ආදීහු උපදවත්මය. විපස්සනා පාදක අට්ඨ සමාපත්තිය සියළු සිත්වලට වඩා අධිකය. තථාගතයන් වහන්සේ උපන් කාලයේම උපදවති. නූපන් කාලයෙහි නොවේ. සර්වඥ බුදුවරයෝම පනවති. මෙසේ අට්ඨ සමාපත්ති අධිචිත්ත වේ. එහෙයින් අධිසිත් ඇති ප්‍රඥාව දැක්වීම. රූපාවචරාරූපාවචර සමාපත්ති සමාපජ්ජන්තස්ස යනාදිය කියන ලදි.
හෙට්ඨා වුත්තාය එව පන තන්තියා සඞ්ගහිතවසෙන කම්මස්සකතඤාණං පඤ්ඤා නාම. තඤ්හි තථාගතෙ උප්පන්නෙපි හොති අනුප්පන්නෙපි. අනුප්පන්නෙ වෙලාමදානවෙස්සන්තරදානාදිවසෙන උප්පජ්ජති; උප්පන්නෙ තෙන ඤාණෙන මහාදානං පවත්තෙන්තානං පමාණං නත්ථි. මග්ගඵලපඤ්ඤා පන සබ්බපඤ්ඤාහි අධිකා, උප්පන්නෙයෙව තථාගතෙ විත්ථාරිකා හුත්වා පවත්තති, නො අනුප්පන්නෙ. ඉති යස්මා මග්ගඵලපඤ්ඤා අධිපඤ්ඤා, තස්මා අතිරෙකපඤ්ඤාය පඤ්ඤං දස්සෙතුං චතූසු මග්ගෙසූතිආදි වුත්තං.
යට කියන ලද පෙලෙහි සංගෘහිත වශයෙන් කම්මස්සකත ඤාණය ප්‍රඥාව නමි. එය තථාගතයන් වහන්සේ උපන්නත් නැතත් ඇතිවේ. නූපන් කාලයේ වේලාම දානය වෙස්සන්තර දානය ආදි වශයෙන් උපදී. තථාගතයන් උපන් කාලයේ ඒ නුවණින් මහාදාන පවත්වන්නන්ගේ ප්‍රමාණවත් නැත. මග්ගඵල ප්‍රඥාව වනාහි සියළු ප්රඥාවලින් අධික වේ. තථාගයන් උපන් කාලයේම විස්තර කරන්නක්ව පවත්වයි. නූපන් කාලයේ නොවේ. මෙසේ මග්ග ඵල පඤ්ඤා අධි පඤ්ඤා නිසා අධි ප්‍රඥාවෙන් ප්‍රඥාව දැක්වීමට චතුසුමග්ගෙසු ආදිය කියන ලදි.
තත්ථ සියා – සීලං, අධිසීලං; චිත්තං, අධිචිත්තං; පඤ්ඤා, අධිපඤ්ඤාති ඉමෙසු ඡසු කොට්ඨාසෙසු විපස්සනා පඤ්ඤා කතරසන්නිස්සිතාති? අධිපඤ්ඤාසන්නිස්සිතා. තස්මා යථා ඔමකතරප්පමාණං ඡත්තං වා ධජං වා උපාදාය අතිරෙකප්පමාණං අතිඡත්තං අතිධජොති වුච්චති, එවමිදම්පි පඤ්චසීලං දසසීලං උපාදාය පාතිමොක්ඛසංවරසීලං ‘අධිසීලං’ නාම; වට්ටපාදිකා අට්ඨ සමාපත්තියො උපාදාය විපස්සනාපාදිකා අට්ඨ සමාපත්තියො ‘අධිචිත්තං’ නාම, කම්මස්සකතපඤ්ඤං උපාදාය විපස්සනාපඤ්ඤා ච මග්ගපඤ්ඤා ච ඵලපඤ්ඤා ච ‘අධිපඤ්ඤා’ නාමාති වෙදිතබ්බා.
එහි සීල අධි සීල චිත්ත අධිචිත්ත පඤ්ඤා අධි පඤ්ඤා වන්නේය. මේ කොටස් හයෙහි විපස්සනා ප්‍රඥාව කුමන කොටසක පිහිටියේද? අධි ප්රඥාවේය. එහෙයින් අඩු කුමන ප්‍රමාණයේ වුවත් ඡත්රයක් හෝ කොඩියක් හෝ ගෙන සසඳා අති ප්‍රමාණ වූ අති ඡත්තං අතිධජ යයි කියනු ලැබේ. එසේම පඤ්ච සීලය දසසීලය ගෙන සසඳා ප්රාතිමෝක්ෂ සංවර සීලය අධිසීල වේ. සසරට පාදකවූ අෂ්ට සමාපත්තිය හා සසඳා විපස්සනා පාදක අෂ්ට සමාපත්තිය අධිචිත්ත නම් වේ. කම්මස්සකත ප්‍රඥාව ගෙන විපස්සනා ප්‍රඥාවද මාර්ග ප්‍රඥාවද ඵල ප්‍රඥාවද අධි ප්‍රඥා නම් යයි දතයුතුය.
ආයකොසල්ලාදිනිද්දෙසෙ යස්මා ආයොති වුඩ්ඪි, සා අනත්ථහානිතො අත්ථුප්පත්තිතො ච දුවිධා; අපායොති අවුඩ්ඪි, සාපි අත්ථහානිතො අනත්ථුප්පත්තිතො ච දුවිධා; තස්මා තං දස්සෙතුං ඉමෙ ධම්මෙ මනසිකරොතොතිආදි වුත්තං. ඉදං වුච්චතීති යා ඉමෙසං අකුසලධම්මානං අනුප්පත්තිප්පහානෙසු කුසලධම්මානඤ්ච උප්පත්තිට්ඨිතීසු පඤ්ඤා – ඉදං ආයකොසල්ලං නාම වුච්චති. යා පනෙසා කුසලධම්මානං අනුප්පජ්ජනනිරුජ්ඣනෙසු අකුසලධම්මානඤ්ච උප්පත්තිට්ඨිතීසු පඤ්ඤා – ඉදං අපායකොසල්ලං නාමාති අත්ථො. ආයකොසල්ලං තාව පඤ්ඤා හොතු; අපායකොසල්ලං කථං පඤ්ඤා නාම ජාතාති? පඤ්ඤවායෙව හි ‘මය්හං එවං මනසිකරොතො අනුප්පන්නා කුසලා ධම්මා නුප්පජ්ජන්ති උප්පන්නා ච නිරුජ්ඣන්ති; අනුප්පන්නා අකුසලා ධම්මා උප්පජ්ජන්ති, උප්පන්නා පවඩ්ඪන්තී’ති පජානාති. සො එවං ඤත්වා අනුප්පන්නානං අකුසලානං ධම්මානං උප්පජ්ජිතුං න දෙති, උප්පන්නෙ පජහති; අනුප්පන්නෙ කුසලෙ උප්පාදෙති, උප්පන්නෙ භාවනාපාරිපූරිං පාපෙති. එවං අපායකොසල්ලම්පි පඤ්ඤා එවාති වෙදිතබ්බං. සබ්බාපි තත්රූපායා පඤ්ඤා උපායකොසල්ලන්ති ඉදං පන අච්චායිකකිච්චෙ වා භයෙ වා උප්පන්නෙ තස්ස තිකිච්ඡනත්ථං ඨානුප්පත්තියකාරණජානනවසෙනෙව වෙදිතබ්බං. සෙසං සබ්බත්ථ උත්තානත්ථමෙවාති.
ආයකොසල්ල නිද්දේසයෙහි ආයො යනු වෘද්ධියයි. එය අනර්ථයට හානි කරන සහ අර්ථ උත්පත්ති වශයෙන්ද දෙයාකාරය. අපායො අවෘද්ධියයි. එය අර්ථ හානි සහ අනර්ථ ඇතිකිරීම් වශයෙන් දෙයාකාරය. එහෙයින් එය දැක්වීමට ඉමෙ ධම්මා මනසිකරොතො යනාදිය කියන ලදි. ඉදං වුච්චති මෙ අකුසල ධර්මයන්ගේ ඉපදීම ප්රහාණය කිරීමෙහි සහ කුසල ධර්මයන්ගේ ඉපදවීමෙහි ප්‍රඥාව මේ ආය කෝසල්ල යයි කියනු ලැබේ. කුසල ධර්මයන්ගේ ඉපදීම වැළැක්වීමෙහි සහ අකුසල ධර්මයන්ගේ ඉපදවීමෙහි ප්‍රඥාව අපාය කොසල්ල නම් යයි කියනු ලැබේ. ආය කොසල්ල පඤ්ඤා වේ. අපාය කොසල්ලයට පඤ්ඤා නාමය කෙසේ ඇතිවේද? මාගේ ප්‍රඥාව යයි මෙනෙහි කරන්නාට නූපන් කුසල් නූපදී. උපන් කුසල් නැතිවේ. නූපන් අකුසල් ඉපදේ. උපන් අකුසල් වැඩේ යයි දකී. හෙතෙම මෙසේ දැන නූපන් අකුසල් ඉපදීමට නොදේ. උපන් අකුසල් දුරුකරයි. නූපන් කුසල් උපදවයි. උපන් කුසල් භාවනා වශයෙන් සම්පූර්ණ කරයි. මෙසේ අපාය කෝසල්ලයද ප්‍රඥාවම යයි දතයුතුය. එහි උපාය සියළු ප්‍රඥාවද උපාය කෝසල්ල වේ. මෙය වනාහි වහා කටයුතු කෘත්‍යයෙහි හෝ බියෙහි හෝ උපන් කල ඊට වහා ප්‍රතිකාර කිරීම ස්ථානෝත්පත්ති කරුණු දැනගැනීම් වශයෙන්ම දැනගත යුතුය. සෙසු සියල්ල ප්රකටය.
තිකනිද්දෙසවණ්ණනා.
තිකය.