යෙදුමෙන් කියවන්න

6

6.

6.

1074. දෙවාති තයො දෙවා: සම‍්මුති දෙවා, උප‍්පත‍්ති දෙවා, විසුද‍්ධි දෙවා. සම‍්මුතිදෙවා නාම රාජානො, දෙවියො, කුමාරා. උප‍්පත‍්තිදෙවා නාම චාතුම‍්මහාරාජිකෙ දෙවෙ උපාදාය තදුපරි දෙවා. විසුද‍්ධිදෙවා නාම අරහන‍්තො වුච‍්චන‍්ති.

1074. දේවා යනු: දෙවියෝ තුන්දෙනෙකි. සම්මුතිදෙවියෝ යැ, උත්පත්තිදෙවියෝ යැ, විශුද්ධිදෙවියෝ යි. සම්මුතිදෙවියෝ නම්: අභිෂේක ලත් රජවරු යැ, රාජදේවීහු යැ, රාජකුමාරයෝ යි. උත්පත්තිදෙවියෝ නම්: සිවුමහරජයෙහි දෙවියන් පටන් කොට එයින් මතුයෙහි දෙවියෝ යැ. විශුද්ධිදෙවියෝ නම්: රහත්හු යි.

1075. දානං දත්‍වා සීලං සමාදියිත්‍වා උපොසථකම‍්මං කත්‍වා කත්‍ථ උප‍්පජ‍්ජන‍්ති.

1075. දන් දී සිල් සමාදන් වැ පෙහෙවස්කම් කොට කොහි උපදී ද යත්:

දානං දත්‍වා සීලං සමාදියිත්‍වා උපොසථකම‍්මං කත්‍වා අප‍්පෙකච‍්චෙ ගහපතිමහාසාළානං සහව්‍යතං උපපජ‍්ජන‍්ති, අප‍්පෙකච‍්චෙ බ්‍රාහ‍්මණමහාසාළානං සහව්‍යතං උපපජ‍්ජන‍්ති, අප‍්පෙකච‍්චෙ ඛත‍්තියමහාසළානං සහව්‍යතං උපපජ‍්ජන‍්ති, අප‍්පෙකච‍්චෙ චාතුම‍්මහාරාජිකානං දෙවානං සහව්‍යතං උපපජ‍්ජන‍්ති, අප‍්පෙකච‍්චෙ තාවතිංසානං දෙවානං සහව්‍යතං උපපජ‍්ජන‍්ති. අප‍්පෙකච‍්චෙ යාමානං දෙවානං සහව්‍යතං උපපජ‍්ජන‍්ති, අප‍්පෙකච‍්චෙ තුසිතානං දෙවානං සහව්‍යතං උපපජ‍්ජන‍්ති, අප‍්පෙකච‍්චෙ නිම‍්මාණරතීනං දෙවානං සහව්‍යතං උපපජ‍්ජන‍්ති, අප‍්පෙකච‍්චෙ පරනිම‍්මිත වසවත‍්තීනං දෙවානං සහව්‍යතං උපපජ‍්ජන‍්ති.

දන් දී සිල් සමාදන් වැ පෙහෙවස්කම් කොට ඇතැම් කෙනෙක් ගෘහපතිමහාසාරයන්ගේ සහභාවයට පැමිණෙති. ඇතැම් කෙනෙක් බ්‍රාහ්මණමහාසාරයන්ගේ සහභාවයට පැමිණෙති. ඇතැම් කෙනෙක් ක්‍ෂත්‍රිය මහාසාරයන්ගේ සහභාවයට පැමිණෙත්. ඇතැම් කෙනෙක් චාතුම්මහාරාජිකදෙවියන්ගේ සහභාවයට පැමිණෙති. ඇතැම් කෙනෙක් තාවතිංසදෙවියන්ගේ සහභාවයට පැමිණෙති. ඇතැම් කෙනෙක් යාමදෙවියන්ගේ සහභාවයට පැමිණෙති. ඇතැම් කෙනෙක් තුසිතදෙවියන්ගේ සහභාවයට පැමිණෙති. ඇතැම් කෙනෙක් නිම්මාණරතීදෙවියන්ගේ සහභාවයට පැමිණෙති. ඇතැම් කෙනෙක් පරනිම්මිතවසවත්තීදෙවියන්ගේ සහභාවයට පැමිණෙත්.

1076. මනුස‍්සානං කිත‍්තකං ආයුප‍්පමාණං: වස‍්සසතං අප‍්පං වා භිය්‍යො.

1076. මිනිසුන්ගේ ආයුප්‍රමාණය කෙතෙක යත්: අවුරුදු සියයෙකි. මඳක් වැඩි වූ හෝ යි. (දෙසියයට නො පැමිණි යයි සේ යි.)

1077. චාතුම‍්මහාරාජිකානං දෙවානං කිත‍්තකං ආයුප‍්පමාණං: යානි මානුස‍්සකානි පඤ‍්ඤාසවස‍්සානි චාතුම‍්මහාරාජිකානං දෙවානං එසො එකො රත‍්තින්‍දිවො. තාය රත‍්තියා තිංස රත‍්තියො මාසො. තෙන මාසෙන ද‍්වාදසමාසියො සංවච‍්ඡරො. තෙන සංවච‍්ඡරෙන දිබ‍්බානි පඤ‍්ච වස‍්සසතානි චාතුම‍්මහාරාජිකානං දෙවානං ආයුප‍්පමාණං. මනුස‍්සානං ගණනාය කිත‍්තකං හොති: නවුතිවස‍්සසතසහස‍්සානි.

1077. චාතුම්මහාරාජික දෙවියනට ආයුප්‍රමාණය කෙතෙක යත්: මිනිසුන්ගේ අවුරුදු පනසෙක් සියුමහරජයෙහි වැසි දෙවියනට එක් රෑදාවලෙක් වෙයි. ඒ රාත්‍රියෙන් තිස්රැයෙක් මසෙක් වෙයි. ඒ මාසයෙන් දොළොස්මසක් ඇති සංවත්සරයෙක් වෙයි. ඒ සංවත්සරයෙන් දිව්‍ය වූ පන්සියක් හවුරුදු චාතුම්මහාරාජික දෙවියනට ආයුප්‍රමාණ යි. මිනිස්ගණනින් කෙතෙක් වෙයි යත්: අවුරුදු අනූලක්‍ෂයෙකි.

1078. තාවතිංසානං දෙවානං කිත‍්තකං ආයුප‍්පමාණං: යං මානුස‍්සකං වස‍්සසතං, තාවතිංසානං දෙවානං එසො එකො රත‍්තින්‍දිවො. තාය රත‍්තියා තිංස රත‍්තියො මාසො, තෙන මාසෙන ද‍්වාදසමාසියො සංවච‍්ඡරො, තෙන සංවච‍්ඡරෙන දිබ‍්බං වස‍්සසහස‍්සං තාවතිංසානං දෙවානං ආයුප‍්පමාණං. මනුස‍්සානං ගණනාය කිත‍්තකං හොති: තිස‍්සො ච වස‍්සකොටියො සට‍්ඨි ච වස‍්සසතසහස‍්සානි.

1078. තව්තිසාවැසි දෙවියනට ආයුප්‍රමාණ කෙතෙක යත්: මිනිසුන් පිළිබඳ යම් අවුරුදු සියයෙක් වේ ද, තෙල තව්තිසා වැසි දෙවියනට එක් රෑදාවලෙක් වෙයි. ඒ රාත්‍රියෙන් තිස්රැයෙක් මාසයෙක. ඒ මසින් දොළොස්මසක් ඇති සංවත්සරයෙක් වෙයි. ඒ සංවත්සරයෙන් හවුරුදු දහසෙක් තාවතිංසදෙවියනට ආයුප්‍රමාණ යි. මිනිස් ගණනින් කෙතෙක් වෙයි යත්: හවුරුදු තුන්කෙළසැටලක්‍ෂයෙකි.

1079. යාමානං දෙවානං කිත‍්තකං ආයුප‍්පමාණං: යානි මානුස‍්සකානි ද‍්වෙ වස‍්සසතානි, යාමානං දෙවානං එසො එකො රත‍්තින්‍දිවො. තාය රත‍්තියා තිංසරත‍්තියො මාසො තෙන මාසෙන ද‍්වාදසමාසියො සංවච‍්ඡරො. තෙ සංවච‍්ඡරෙන දිබ‍්බානි ද‍්වෙ වස‍්සසහස‍්සානි යාමානං දෙවානං ආයුප‍්පමාණං. මනුස‍්සානං ගණනාය කිත‍්තකං හොති: චුද‍්දස ච වස‍්සකොටියො චත‍්තාරීසඤ‍්ච වස‍්සසතසහස‍්සානි.

1079. යාමදෙවියනට ආයුප්‍රමාණ කෙතෙක යත්: මිනිසුන් පිළිබඳ හවුරුදු දෙසියයෙක් යාමදෙවියනට එක් රෑදාවලෙක් වෙයි. ඒ රාත්‍රියෙන් තිස්රැයෙක් මසෙක. ඒ මසින් දොළොස්මසක් ඇති හවුරුද්දෙක් වෙයි. ඒ හවුරුද්දෙන් දිව්‍ය වූ දෙදහසෙක් හවුරුදු යාමදෙවියනට ආයුප්‍රමාණ යි. මිනිස්ගණනින් කෙතෙක් වෙයි යත්: හවුරුදු තුදුස්කෙළසතලිස්ලක්‍ෂයෙකි.

1080. තුසිතානං දෙවානං කිත‍්තකං ආයුප‍්පමාණං: යානි මානුස‍්සකානි චත‍්තාරිවස‍්සසතානි, තුසිතානං දෙවානං එසො එකො රත‍්තින්‍දිවො. තාය රත‍්තියා තිංසරත‍්තියො මාසො තෙන මාසෙන ද‍්වාදසමාසියො සංවච‍්ඡරො. තෙන සංවච‍්ඡරෙන දිබ‍්බානි චත‍්තාරි වස‍්සසහස‍්සානි තුසිතානං දෙවානං ආයුප‍්පමාණං. මනුස‍්සානං ගණනාය කිත‍්තකං හොති: සත‍්තපඤ‍්ඤාස වස‍්සකොටියො සට‍්ඨි ච වස‍්සසතසහස‍්සානි.

1080. තුසිතදෙවියනට ආයුප්‍රමාණ කෙතෙක යත්: මිනිසුන් පිළිබඳ හවුරුදු සාරසියයෙක් තුසිත දෙවියනට එක් රාත්‍රින්‍දිවයෙක් වෙයි. ඒ රාත්‍රියෙන් තිස්රැයෙක් මාසයෙක. ඒ මසින් දොළොස්මසක් ඇති හවුරුද්දෙක් වෙයි. ඒ හවුරුද්දෙන් දිව්‍ය වූ හවුරුදු සාරදහසක් තුසිත දෙවියනට ආයුප්‍රමාණ යි. මිනිස් ගණනින් කෙතෙක් වෙයි යත්: සත්පනස්කෙළසැටලක්‍ෂයක් හවුරුදු වේ.

1081. නිම‍්මාණරතීනං දෙවානං කිත‍්තකං ආයුප‍්පමාණං: යානි මානුස‍්සකානි අට‍්ඨවස‍්සසතානි, නිම‍්මාණරතීනං දෙවානං එසො එකො රත‍්තින්‍දිවො. තාය රත‍්තියා තිංස රත‍්තියො මාසො. තෙන මාසෙන ද‍්වාදසමාසියො සංවච‍්ඡරො, තෙන සංවච‍්ඡරෙන දිබ‍්බානි අට‍්ඨ වස‍්සසහස‍්සානි නිම‍්මාණරතීනං දෙවානං ආයුප‍්පමාණං. මනුස‍්සානං ගණනාය කිත‍්තකං හොති: ද‍්වෙ වස‍්සකොටිසතානි තිංසා ච වස‍්සකොටියො චත‍්තාරීසඤ‍්ච වස‍්සසතසහස‍්සානි.

1081. නිම්මාණරතීදෙවියනට ආයුප්‍රමාණ කෙතෙක යත්: මිනිසුන්ගේ හවුරුදු අටසියයක් නිම්මාණරතීදෙවියනට එක් රෑදාවලෙක් වෙයි. ඒ රාත්‍රියෙන් තිස්රැයෙක් මාසයෙක. ඒ මසින් දොළොස්මසක් ඇති හවුරුද්දෙක් වෙයි. ඒ හවුරුද්දෙන් දිව්‍ය වූ අටදහසක් හවුරුදු නිම්මාණරතීදෙවියනට ආයුප්‍රමාණ යි. මිනිස්ගණනින් කෙතෙක් හවුරුදු වෙයි යත්: දෙසියතිස්කෙළසතලිස්ලක්‍ෂයක් හවුරුදු වේ.

1082. පරනිම‍්මිතවසවත‍්තීනං දෙවානං කිත‍්තකං ආයුප‍්පමාණං: යානි මානුස‍්සකානි සොළසවස‍්සසතානි, පරනිම‍්මිතවසවත‍්තීනං දෙවානං එසො එකො රත‍්තින්‍දිවො. තාය රත‍්තියා තිංස රත‍්තියො මාසො, තෙන මාසෙන ද‍්වාදසමාසියො සංවච‍්ඡරො, තෙන සංවච‍්ඡරෙන දිබ‍්බානි සොළසවස‍්සසහස‍්සානි පරනිම‍්මිතවසවත‍්තීනං දෙවානං ආයුප‍්පමාණං. මනුස‍්සානං ගණනාය කිත‍්තකං හොති: නව ච වස‍්සකොටි සතානි එකවීසඤ‍්ච වස‍්සකොටියො සට‍්ඨි ච වස‍්සසතසහස‍්සානී’ති.

1082. පරනිම්මිතවසවත්තී දෙවියනට කෙතෙක් ආයුප්‍රමාණ වෙයි යත්: මිනිසුන් පිළිබඳ එක්දහස්සසියක් හවුරුදු පරනිම්මිතවසවත්තී දෙවියනට එක් රාත්‍රින්‍දිවයෙක් වෙයි. ඒ රාත්‍රියෙන් තිස්රැයෙක් මාසයෙක. ඒ මසින් දොළොස්මසක් ඇති සංවත්සරයෙක් වෙයි. ඒ සංවත්සරයෙන් දිව්‍ය වූ සොළොස්දහසක් හවුරුදු පරනිම්මිතවසවර්තී දෙවියනට ආයුප්‍රමාණ වෙයි. මිනිස්ගණනින් කෙතෙක් වෙයි යත්: නවසියඑක්විසිකෙළසැටලක්‍ෂයක් හවුරුදු වේ යයි.

1083. ඡ එතෙ කාමාවචරා- සබ‍්බකාමසමිද‍්ධිනො. සබ‍්බෙසං එකසඞ‍්ඛාතො- ආයු භවති කිත‍්තකො, ද‍්වාදස කොටිසතං තෙසං -අට‍්ඨවීසඤ‍්ච කොටියො, පඤ‍්ඤාස සතසහස‍්සානි - වස‍්සග‍්ගෙන පකාසිතා’ති.

1083. තෙල ෂට්කාමාවචරයෝ සියලු පඤ්චකාමයෙන් සමෘද්ධ වූවාහු වෙති. සියලු කාමාවචරයන්ගේ එක්රැස් කොට පුඬුකළ ආයුප්‍රමාණය කෙතෙක් වෙයි යත්: ඒ ෂට්කාමාවචර දෙවියන්ගේ ආයු මිනිසුන්ගේ හවුරුදු ගණනායෙන් දොළොස්සියඅටවිසිකෙළපනස්ලක්‍ෂ (1228,50,00,000) කැයි ප්‍රකාශ කරන ලදැයි.

1084. පඨමං ඣානං පරිත‍්තං භාවෙත්‍වා කත්‍ථ උප‍්පජ‍්ජන‍්ති: පඨමං ඣානං පරිත‍්තං භාවෙත්‍වා බ්‍රහ‍්මපාරිසජ‍්ජානං දෙවානං සහව්‍යතං උපපජ‍්ජන‍්ති. තෙසං කිත‍්තකං ආයුප‍්පමාණං: කප‍්පස‍්ස තතියො භාගො. පඨමං ඣානං මජ‍්ඣිමං භාවෙත්‍වා කත්‍ථ උප‍්පජ‍්ජන‍්ති: පඨමං ඣානං මජ‍්ඣිමං භාවෙත්‍වා බ්‍රහ‍්මපුරොහිතානං දෙවානං සහව්‍යතං උපපජ‍්ජන‍්ති, තෙසං කිත‍්තකං ආයුප‍්පමාණං: උපඩ‍්ඪකප‍්පො. පඨමං ඣානං පණීතං භාවෙත්‍වා කත්‍ථ උප‍්පජ‍්ජන‍්ති: පඨමං ඣානං පණීතං භාවෙත්‍වා මහාබ්‍රහ‍්මානං දෙවානං සහව්‍යතං උපපජ‍්ජන‍්ති, තෙසං කිත‍්තකං ආයුප‍්පමාණං: කප‍්පො.

1084. ප්‍රථමධ්‍යානය පරිත්ත (අල්පගුණ) කොට වඩා කොහි උපදිත් ද යත්: ප්‍රථම ධ්‍යානය පරිත්ත කොට වඩා බ්‍රහ්මපාරිසජ්ජ දෙවියන්ගේ සහභාවයට පැමිණෙත්. ඔවුනට ආයුප්‍රමාණ කෙතෙක යත්: කල්පයක තුන්වැනි භාග යයි. (කල්පයකින් තුනෙන් කොටසකැයි සේයි.) ප්‍රථමධ්‍යානය මධ්‍යම කොට වඩා කොහි උපදිත් ද යත්: ප්‍රථම ධ්‍යානය මධ්‍යම කොට වඩා බ්‍රහ්මපුරෝහිත දෙවියන්ගේ සහභාවයට පැමිණෙති. ඔවුනට ආයුප්‍රමාණ කෙතෙක යත්: අඩකපෙකි. ප්‍රථමධ්‍යානය ප්‍රණීත කොට වඩා කොහි උපදිති යත්: ප්‍රථමධ්‍යානය ප්‍රණීත කොට වඩා මහාබ්‍රහ්මයන්ගේ සහභාවයට පැමිණෙති. ඔවුනට ආයුප්‍රමාණ කෙතෙක යත්: කල්පයෙකි.

1085. දුතියං ඣානං පරිත‍්තං භාවෙත්‍වා කත්‍ථ උප‍්පජ‍්ජන‍්ති: දුතියං ඣානං පරිත‍්තං භාවෙත්‍වා පරිත‍්තාභානං දෙවානං සහව්‍යතං උපපජ‍්ජන‍්ති. තෙසං කිත‍්තකං ආයුප‍්පමාණං: ද‍්වෙ කප‍්පා. දුතියං ඣානං මජ‍්ඣිමං භාවෙත්‍වා කත්‍ථ උප‍්පජ‍්ජන‍්ති: දුතියං ඣානං මජ‍්ඣිමං භාවෙත්‍වා අප‍්පමාණාභානං දෙවානං සහව්‍යතං උපපජ‍්ජන‍්ති. තෙසං කිත‍්තකං ආයුප‍්පමාණං: චත‍්තාරො කප‍්පා. දුතියං ඣානං පණීතං භාවෙත්‍වා කත්‍ථ උප‍්පජ‍්ජන‍්ති: දුතියං ඣානං පණීතං භාවෙත්‍වා ආභස‍්සරානං දෙවානං සහව්‍යතං උපපජ‍්ජන‍්ති. තෙසං කිත‍්තකං ආයුප‍්පමාණං: අට‍්ඨ කප‍්පා.

1085. ද්විතීයධ්‍යානය ගුණයෙන් අල්ප කොට වඩා කොහි උපදිති යත්: ද්විතීය ධ්‍යානය අල්පගුණ කොට වඩා පරිත්තාභ දෙවියන්ගේ සහභාවයට පැමිණෙති. ඔවුනට ආයුප්‍රමාණ කෙතෙක යත්: දෙ කල්පයෙකි. ද්විතීයධ්‍යානය මධ්‍යම කොට වඩා කොහි උපදිති යත්: ද්විතීයධ්‍යානය මධ්‍යම කොට වඩා අප්පමාණාභ දෙවියන්ගේ සහභාවයට පැමිණෙති. ඔවුනට ආයුප්‍රමාණ කෙතෙක යත්: කල්ප සතරෙකි. ද්විතීයධ්‍යානය ප්‍රණීත කොට වඩා කොහි උපදිති යත්: ද්විතීයධ්‍යානය ප්‍රණීත කොට වඩා ආභස්සර දෙවියන්ගේ සහභාවයට පැමිණෙති. ඔවුනට ආයුප්‍රමාණ කෙතෙක යත්: අට කල්පයෙකි.

1086. තතියං ඣානං පරිත‍්තං භාවෙත්‍වා කත්‍ථ උප‍්පජ‍්ජන‍්ති: තතියං ඣානං පරිත‍්තං භාවෙත්‍වා පරිත‍්තසුභානං දෙවානං සහව්‍යතං උපපජ‍්ජන‍්ති. තෙසං කිත‍්තකං ආයුප‍්පමාණං: සොළස කප‍්පා. තතියං ඣානං මජ‍්ඣිමං භාවෙත්‍වා කත්‍ථ උප‍්පජ‍්ජන‍්ති: තතියං ඣානං මජ‍්ඣිමං භාවෙත්‍වා අප‍්පමාණසුභානං දෙවානං සහව්‍යතං උපපජ‍්ජන‍්ති. තෙසං කිත‍්තකං ආයුප‍්පමාණං: ද‍්වත‍්තිංස කප‍්පා. තතියං ඣානං පණීතං භාවෙත්‍වා සුභකිණ‍්හානං දෙවානං සහව්‍යතං උපපජ‍්ජන‍්ති. තෙසං කිත‍්තකං ආයුප‍්පමාණං: චතුසට‍්ඨිකප‍්පො.

1086. තෘතීයධ්‍යානය පරිත්ත කොට වඩා කොහි උපදිති යත්: තෘතීයධ්‍යානය පරිත්ත කොට වඩා පරිත්තසුභ දෙවියන්ගේ සහභාවයට පැමිණෙති. ඔවුනට ආයුප්‍රමාණ කෙතෙක යත්: සොළොස් කල්පයෙකි. තෘතීයධ්‍යානය මධ්‍යම කොට වඩා කොහි උපදිති යත්: තෘතීයධ්‍යානය මධ්‍යම කොට වඩා අප්පමාණසුභ දෙවියන්ගේ සහභාවයට පැමිණෙති. ඔවුනට ආයුප්‍රමාණ කෙතෙක යත්: දෙතිස්කල්පයෙකි. තෘතීයධ්‍යානය ප්‍රණීත කොට වඩා කොහි උපදිති යත්: තෘතීයධ්‍යානය ප්‍රණීත කොට වඩා සුභකින්හ දෙවියන්ගේ සහභාවයට පැමිණෙති. ඔවුනට ආයුප්‍රමාණ කෙතෙක යත්: සූසැට කල්පයෙකි.

1087. චතුත්‍ථං ඣානං භාවෙත්‍වා ආරම‍්මණනානත‍්තතා මනසිකාර නානත‍්තතා ඡන්‍දනානත‍්තතා පණීධිනානත‍්තතා අධිමොක‍්ඛනානත‍්තතා අභිනීහාරනානත‍්තතා පඤ‍්ඤානානත‍්තතා අප‍්පෙකච‍්චෙ අසඤ‍්ඤසත‍්තානං දෙවානං සහව්‍යතං උපපජ‍්ජන‍්ති, අප‍්පෙකච‍්චෙ වෙහප‍්ඵලානං දෙවානං සහව්‍යතං උපපජ‍්ජන‍්ති, අප‍්පෙකච‍්චෙ අවිහානං දෙවානං සහව්‍යතං උපපජ‍්ජන‍්ති, අප‍්පෙකච‍්චෙ අතප‍්පානං දෙවානං සහව්‍යතං උපපජ‍්ජන‍්ති, අප‍්පෙකච‍්චෙ සුදස‍්සානං දෙවානං සහව්‍යතං උපපජ‍්ජන‍්ති, අප‍්පෙකච‍්චෙ සුදස‍්සීනං දෙවානං සහව්‍යතං උපපජ‍්ජන‍්ති, අප‍්පෙකච‍්චෙ අකනිට‍්ඨානං දෙවානං සහව්‍යතං උපපජ‍්ජන‍්ති. අප‍්පෙකච‍්චෙ ආකාසානඤ‍්චායතනූපගානං දෙවානං සහව්‍යතං උප‍්පජ‍්ජන‍්ති, අප‍්පෙකච‍්චෙ විඤ‍්ඤාණඤ‍්චායතනූපගානං දෙවානං සහව්‍යතං උපපජ‍්ජන‍්ති, අප‍්පෙකච‍්චෙ ආකිඤ‍්චඤ‍්ඤායතනූපගානං දෙවානං සහව්‍යතං උපපජ‍්ජන‍්ති අප‍්පෙකච‍්චෙ නෙවසඤ‍්ඤානාසඤ‍්ඤායතනූපගානං දෙවානං සහව්‍යතං උපපජ‍්ජන‍්ති.

1087. චතුර්‍ත්‍ථධ්‍යානය වඩා ආලම්බනනානාත්‍වයෙන් මනසිකාරනානාත්‍වයෙන් ඡන්‍දනානාත්‍වයෙන් ප්‍රණිධිනානාත්‍වයෙන් අධිමෝක්‍ෂනානාත්‍වයෙන් අභිනීහාරනානාත්‍වයෙන් ප්‍රඥානානාත්‍වයෙන් ඇතැම් කෙනෙක් අසඤ්ඤසත්ත දෙවියන්ගේ සහභාවයට පැමිණෙති. ඇතැම් කෙනෙක් වෙහප්ඵල දෙවියන්ගේ සහභාවයට පැමිණෙති. ඇතැම් කෙනෙක් අවිහ දෙවියන්ගේ සහභාවයට පැමිණෙති. ඇතැම් කෙනෙක් අතප්ප දෙවියන්ගේ සහභාවයට පැමිණෙති. ඇතැම් කෙනෙක් සුදස්ස දෙවියන්ගේ සහභාවයට පැමිණෙති. ඇතැම් කෙනෙක් සුදස්සී දෙවියන්ගේ සහභාවයට පැමිණෙති. ඇතැම් කෙනෙක් අකණිට්ඨ දෙවියන්ගේ සහභාවයට පැමිණෙති. ඇතැම් කෙනෙක් ආකාසානඤ්චායතනූපග දෙවියන්ගේ සහභාවයට පැමිණෙති. ඇතැම් කෙනෙක් විඤ්ඤාණඤ්චායතනූපග දෙවියන්ගේ සහභාවයට පැමිණෙති. ඇතැම් කෙනෙක් ආකිඤ්චඤ්ඤායතනූපග දෙවියන්ගේ සහභාවයට පැමිණෙති. ඇතැම් කෙනෙක් නේවසඤ්ඤානාසඤ්ඤායතනූපග දෙවියන්ගේ සහභාවයට පැමිණෙත්.

1088. අසඤ‍්ඤසත‍්තානඤ‍්ච වෙහප‍්ඵලානඤ‍්ච දෙවානං කිත‍්තකං ආයුප‍්පමාණං: පඤ‍්ච කප‍්පසතානි.

1088. අසඤ්ඤසත්ත වෙහප්ඵල දෙවියන්ට ආයුප්‍රමාණ කෙතෙක යත්: පන්සියක් කල්පයෙකි.

අවිහානං දෙවානං කිත‍්තකං ආයුප‍්පමාණං: කප‍්පසහස‍්සං.

අවිහ දෙවියන්ට ආයුප්‍රමාණ කෙතෙක යත්: කල්ප දහසෙකි.

අතප‍්පානං දෙවානං කිත‍්තකං ආයුප‍්පමාණං: ද‍්වෙ කප‍්පසහස‍්සානි.

අතප්ප දෙවියන්ට ආයුප්‍රමාණ කෙතෙක යත්: කල්ප දෙදහසෙකි.

සුදස‍්සානං දෙවානං කිත‍්තකං ආයුප‍්පමාණං: චත‍්තාරි කප‍්පසහස‍්සානි.

සුදස්ස දෙවියන්ට ආයුප්‍රමාණ කෙතෙක යත්: කල්ප සාරදහසෙකි.

සුදස‍්සීනං දෙවානං කිත‍්තකං ආයුප‍්පමාණං: අට‍්ඨ කප‍්පසහස‍්සානි.

සුදස්සී දෙවියන්ට ආයුප්‍රමාණ කෙතෙක යත්: කල්ප අටදහසෙකි.

අකනිට‍්ඨකානං දෙවානං කිත‍්තකං ආයුප‍්පමාණං: සොළස කප‍්පසහස‍්සානි.

අකණිට්ඨක දෙවියන්ට ආයුප්‍රමාණ කෙතෙක යත්: කල්ප සොළොස්දහසෙකි.

ආකාසානඤ‍්චායතනූපගානං දෙවානං කිත‍්තකං ආයුප‍්පමාණං: වීසති කප‍්පසහස‍්සානි.

ආකාසානඤ්චායතනූපග දෙවියන්ට ආයුප්‍රමාණ කෙතෙක යත්: කල්ප විසිදහසෙකි.

විඤ‍්ඤාණඤ‍්චායතනූපගානං දෙවානං කිත‍්තකං ආයුප‍්පමාණං: චත‍්තාරීස කප‍්පසහස‍්සානි.

විඤ්ඤාණඤ්චායතනූපග දෙවියන්ට ආයුප්‍රමාණ කෙතෙක යත්: කල්ප සතලිස් දහසෙකි.

ආකිඤ‍්චඤ‍්ඤායතනූපගානං දෙවානං කිත‍්තකං ආයුප‍්පමාණං: සට‍්ඨි කප‍්පසහස‍්සානි.

ආකිඤ්චඤ්ඤායතනූපග දෙවියන්ට ආයුප්‍රමාණ කෙතෙක යත්: කල්ප හැටදහසෙකි.

නෙවසඤ‍්ඤානාඤ‍්ඤායතනූපගානං දෙවානං කිත‍්තකං ආයුප‍්පමාණං: චතුරාසීති කප‍්පසහස‍්සානි.

නේවසඤ්ඤානාසඤ්ඤායතනූපග දෙවියන්ට ආයුප්‍රමාණ කෙතෙක යත්: කල්ප සුවාසූදහසෙකි.

1089. උක‍්ඛිත‍්තා පුඤ‍්ඤතෙජෙන - කාමරූපගතිඞ‍්ගතා භවග‍්ගතම‍්පි සම‍්පත‍්තා - පුනාගච‍්ඡන‍්ති දුග‍්ගතිං.

1089. පින්තෙදින් උපරිභාවයට පමුණුවනලදුව මනුෂ්‍යාදි සප්තසුගතිභවයට හා එකොළොස් රූපභවයට පිළිසඳ විසින් ගියාහු ද, නේවසඤ්ඤානාසඤ්ඤායතන සඞ්ඛ්‍යාත භවාග්‍රයට පැමිණියාහු ද පෙරළා දුගතියට පැමිණෙත්.

තාව දීඝායුකා සත‍්තා - වචන‍්ති ආයුසඞ‍්ඛයා, නත්‍ථි කොචි භවො නිච‍්චො - ඉති වුත‍්තං මහෙසිනා.

කල්ප සුවාසූදහසක් පමණ දීර්‍ඝායුෂ්ක වූ සත්ත්‍වයෝ ආයු ගෙවීයෑමෙන් ච්‍යුත වෙති. නිත්‍ය වූ කිසි භවයෙක් නැතැ යි මහර්ෂී වූ සර්‍වඥයන් විසින් වදාරන ලදී.

තස‍්මා හි ධීරා නිපකා - නිපුණා අත්‍ථචින‍්තකා, ජරාමරණමොක‍්ඛාය - භාවෙන‍්ති මග‍්ගමුත‍්තමං.

එහෙයින් ම ධීර වූ එළඹසිටි සිහි ඇති නිපුණ වූ ස්වාර්‍ත්‍ථාදි අර්‍ත්‍ථචින්තකයෝ ජරාමරණමෝක්‍ෂයට කාරණ වූ නිවන පිණිස උතුම් වූ ආර්‍ය්‍යඅෂ්ටාංගිකමාර්‍ගය වඩත්.

භාවයිත්‍වා සුචිං මග‍්ගං - නිබ‍්බාණොගධගාමිනං, සබ‍්බාසවෙ පරිඤ‍්ඤාය - පරිනිබ‍්බන‍්ති අනාසවා’ති.

නිවනට පමුණුවන පවිත්‍ර වූ ආර්‍ය්‍යමාර්‍ගය ස්වසන්තානයෙහි උපදවා කාමාදි සියලු ආස්‍රවයන් ත්‍රිවිධ පරිඥායෙන් දැන ආස්‍රව රහිත වූවාහු පරිනිර්‍වාණය කෙරෙත්.