යෙදුමෙන් කියවන්න

අභිඤ‍්ඤෙය්‍යාදිවාරවණ‍්ණනා අට‍්ඨකථා

අභිඤ‍්ඤෙය්‍යාදිවාරවණ‍්ණනා

අභිඤ්ඤෙය්යාදිවාරවණ්ණනා

සත‍්තමවාරෙ සලක‍්ඛණපරිග‍්ගාහිකාය අභිඤ‍්ඤාය වසෙන අභිඤ‍්ඤෙය්‍යතා වෙදිතබ‍්බා. ඤාතතීරණපහානපරිඤ‍්ඤානං වසෙන පරිඤ‍්ඤෙය්‍යතා. සා ච රූපක‍්ඛන්‍ධො අභිඤ‍්ඤෙය්‍යො පරිඤ‍්ඤෙය්‍යො න පහාතබ‍්බොතිආදීසු ඤාතතීරණපරිඤ‍්ඤාවසෙනෙව වෙදිතබ‍්බා. සමුදයසච‍්චං අභිඤ‍්ඤෙය්‍යං පරිඤ‍්ඤෙය්‍යං පහාතබ‍්බන‍්තිආදීසු පහානපරිඤ‍්ඤාවසෙන.

සත්ත කාමාවචරවල ලක්‍ෂණ සහිත විමසීමෙන් අභිඤ්ඤා වශයෙන් අභිඤ්ඤෙය්‍යතා දතයුතුය. ඤාත තීරණ පහාණ පරිඥා වශයෙන් පරිඤ්ඤෙය්‍යතා එයද රූපස්කන්ධය අභිඤ්ඤෙය්‍ය පරිඤ්ඤෙය්‍ය න පහාතබ්බ යනාදියෙහි ඤාත තීරණ පරිඤ්ඤා වශයෙන්ම දතයුතුය. සමුදය සත්‍යය අභිඤ්ඤෙය්‍ය පරිඤ්ඤෙය්‍ය පහාතබ්බ ආදියෙහි ප්‍රහාණ පරිඤ්ඤා වශයෙන්.

අට‍්ඨමවාරෙ රූපාදිආරම‍්මණානං චක‍්ඛුවිඤ‍්ඤාණාදීනං වසෙන සාරම‍්මණානාරම‍්මණතා වෙදිතබ‍්බා. නවමවාරො උත‍්තානත්‍ථොයෙව. දසමවාරෙපි යං වත‍්තබ‍්බං සියා තං සබ‍්බං තත්‍ථ තත්‍ථ පඤ‍්හාපුච‍්ඡකවාරෙ වුත‍්තමෙවාති.

අටවන වාරයෙහි රූපාදි අරමුණුවල චක්ඛු විඤ්ඤාණාදීන්ගේ වශයෙන් අනාරම්මණ ආරම්මණ ස්වභාවය වශයෙන් දතයුතුය. නවවන වාරය ප්‍රකටය. දසවන වාරයෙහිද කිවයුතු දේ ඒ ඒ තැන ප්‍රශ්න ඇසූ වාරයෙහි කියන ලද්දේමය.

සම‍්මොහවිනොදනියා විභඞ‍්ගට‍්ඨකථාය ධම‍්මහදයවිභඞ‍්ගවණ‍්ණනා නිට‍්ඨිතා.

සම්මෝහ විනෝදනී නම් විභංග අර්ථ වර්ණනාවේ අටළොස්වන ධම්මපදය විභංග නිද්දේසයයි.

නිගමනකථා

නිගමන කථා

එත‍්තාවතා ච –

මෙපමණකින් -

අභිධම‍්මං දෙසෙන‍්තො, ධම‍්මගරු ධම‍්මගාරවයුත‍්තානං; දෙවානං දෙවපුරෙ, දෙවගණසහස‍්සපරිවාරො.

බිදම් දෙසමින් දම් - ගරුදම් ගරු යුතු නිසා දෙව්පුරෙහි දෙවිඳුන් - දහසක් පිරිවරන ලද

දුතියං අදුතියපුරිසො, යං ආහ විභඞ‍්ගපකරණං නාථො; අට‍්ඨාරසහි විභඞ‍්ගෙහි, මණ‍්ඩිතමණ‍්ඩපෙය්‍යගුණො.

ලොවැ උතුම් මුනිසඳු - දෙසූ විබඟ නම් පකරණ අටළොස් විබඟකින් - සැරසූ සැරසිය යුතු

අත්‍ථප‍්පකාසනත්‍ථං, තස‍්සාහං යාචිතො ඨිතගුණෙන; යතිනා අදන්‍ධගතිනා, සුබුද‍්ධිනා බුද‍්ධඝොසෙන.

අරුත් පවසනු වස් - ඇරයුම් ලදිමි ගුණපිරි යති අදඳ ගති ඇති - බුදුගොස් පැණසරු වෙතින්

යං ආරභිං රචයිතුං, අට‍්ඨකථං සුනිපුණෙසු අත්‍ථෙසු; සම‍්මොහවිනොදනතො, සම‍්මොහවිනොදනිං නාම.

සපිරි නිපුණ’රුතින් - රැසයුම් ඇරඹි අටුවා මුළා විනොයනු වස් - “සම්මෝහවිනෝදනී”

පොරාණට‍්ඨකථානං, සාරං ආදාය සා අයං නිට‍්ඨං; පත‍්තා අනන‍්තරායෙන, පාළියා භාණවාරෙහි.

ගෙන නිමාවිය මෙය - පොරණ අටුවා සාරය අනතුරකින් තොරව - පෙලෙහි සතලිස් බණවර

චත‍්තාලීසාය යථා, එකෙන ච එවමෙව සබ‍්බෙපි; නිට‍්ඨං වජන‍්තු විමලා, මනොරථා සබ‍්බසත‍්තානං.

එකකින් සමන්විත - සව් සතුනගෙ පිරිසිදු සිතරුසි නිමාවට - එලෙසටම පැමිණේවා

සද‍්ධම‍්මස‍්ස ඨිතත්‍ථං, යඤ‍්ච ඉමං රචයතා මයා පුඤ‍්ඤං; පත‍්තං තෙන සමත‍්තං, පාපුණතු සදෙවකො ලොකො.

යම් මේ සියළු පිණ - මවිසින් එයින් රැසයු සදහම් පැවතුම ද - වේවා ලොවට සහ දෙවි

සුචිරං තිට‍්ඨතු ධම‍්මො, ධම‍්මාභිරතො සදා භවතු ලොකො; නිච‍්චං ඛෙමසුභික‍්ඛාදි-සම‍්පදා ජනපදා හොන‍්තූති.

සදහම් දිනේවා - ලෙව් දම් රසය වේවා බියනැති නිති සුබික් - සම්පත් දනව් වේවා.

පරමවිසුද‍්ධසද‍්ධාබුද‍්ධිවීරියපටිමණ‍්ඩිතෙන සීලාචාරජ‍්ජවමද‍්දවාදිගුණසමුදයසමුදිතෙන සකසමයසමයන‍්තරගහනජ‍්ඣොගාහණසමත්‍ථෙන පඤ‍්ඤාවෙය්‍යත‍්තියසමන‍්නාගතෙන තිපිටකපරියත‍්තිප‍්පභෙදෙ සාට‍්ඨකථෙ සත්‍ථුසාසනෙ අප‍්පටිහතඤාණප‍්පභාවෙන මහාවෙය්‍යාකරණෙන කරණසම‍්පත‍්තිජනිතසුඛවිනිග‍්ගතමධුරොදාරවචනලාවණ‍්ණයුත‍්තෙන යුත‍්තමුත‍්තවාදිනා වාදීවරෙන මහාකවිනා පභින‍්නපටිසම‍්භිදාපරිවාරෙ ඡළභිඤ‍්ඤාපටිසම‍්භිදාදිප‍්පභෙදගුණපටිමණ‍්ඩිතෙ උත‍්තරිමනුස‍්සධම‍්මෙ සුප‍්පතිට‍්ඨිතබුද‍්ධීනං ථෙරවංසප‍්පදීපානං ථෙරානං මහාවිහාරවාසීනං වංසාලඞ‍්කාරභූතෙන විපුලවිසුද‍්ධබුද‍්ධිනා බුද‍්ධඝොසොති ගරූහි ගහිතනාමධෙය්‍යෙන ථෙරෙන කතා අයං සම‍්මොහවිනොදනී නාම විභඞ‍්ගට‍්ඨකථා.

උතුම් පිරිසිදු ශ්‍රද්ධා බුද්ධි වීර්යයෙන් ප්‍රතිමණ්ඩිත වූ සිල්වත් සෘජු මෘදු ආදි ගුණයෙන් මූර්තිමත් වූ ස්වකීය සමය සමයාන්තර ග්‍රහණ අධ්‍යයන සමර්ථ වූ ප්‍රඥා ව්‍යක්තභාවයෙන් සමන්නාගත වූ අර්ථකථා සහිත ත්‍රිපිටක පර්යාප්ති ප්‍රභේද ශාස්තෲ ශාසනයෙහි අප්‍රතිහත ඥාන ප්‍රභාවයෙන් මහා ව්‍යාකරණඥව හේතු සම්පත්තියෙන් ජනිත වූ සැප ඇත්තා වූ නිර්දෝෂ වර්ණයෙන් යුත් මිහිරි උදාර වදනින් පෝසත් වූ කිවයුත්ත නිසිලෙස කීමෙහි වාදීවර මහා පඬිවර වූ අර්ථාදි ප්‍රභේදගත වූ පිළිසුඹුයෙහි පිරිවර වූ ෂඩ්භිඥාදි ගුණ ප්‍රතිමණ්ඩිත වූ උතුරු මිනිස් දම්හි සුප්‍රතිෂ්ඨිත බුද්ධියෙන් ස්ථවිර වංශයට ප්‍රදීපායමාන මහාවිහාර වාසීන්ගේ වංශයට අලංකාරයක් වූ මහත් වූ විශුද්ධ බුද්ධියෙන් බුද්ධඝෝෂ නම් වූ ගුරුවරුන් විසින් දෙනලද නාමයෙන් ප්‍රසිද්ධ වූ මහා ස්ථවිරපාදයන් වහන්සේ විසින් මේ සම්මෝහ විනෝදනී නම් විභංග අර්ථකථා වර්ණනාව කරන ලදි.

තාව තිට‍්ඨතු ලොකස‍්මිං, ලොකනිත්‍ථරණෙසිනං; දස‍්සෙන‍්තී කුලපුත‍්තානං, නයං පඤ‍්ඤාවිසුද‍්ධියා.

ලොවැ දෙටු මහරිසී - ‘බුදු’ නම පවතින තුරු ලොව තරණය සොයන - කුල පුතුනට පිරිසිදු

යාව බුද‍්ධොති නාමම‍්පි, සුද‍්ධචිත‍්තස‍්ස තාදිනො; ලොකම‍්හි ලොකජෙට‍්ඨස‍්ස, පවත‍්තති මහෙසිනොති.

එපමණ කල් ලොවේ - පෙන්වමින් සිත් ඇත්නට විසුදු පැණ නය මෙම - පවතීවා එළිය දී

සම‍්මොහවිනොදනී නාම විභඞ‍්ග-අට‍්ඨකථා නිට‍්ඨිතා.