උප්පාදකකම්මආයුප්පමාණවාරවණ්ණනා අට්ඨකථා
උප්පාදකකම්මආයුප්පමාණවාරවණ්ණනා
(1:) උප්පාදකකම්මං
(1:) උප්පාදකකම්මං
ඡට්ඨවාරෙ පඤ්චහි කාමගුණෙහි නානප්පකාරෙහි වා ඉද්ධිවිසෙසෙහි දිබ්බන්තීති දෙවා. සම්මුතිදෙවාති ‘දෙවො, දෙවී’ති එවං ලොකසම්මුතියා දෙවා. උපපත්තිදෙවාති දෙවලොකෙ උප්පන්නත්තා උපපත්තියා දෙවා. විසුද්ධිදෙවාති සබ්බෙසං දෙවානං පූජාරහා සබ්බකිලෙසවිසුද්ධියා දෙවා. රාජානොති මුද්ධාභිසිත්තඛත්තියා. දෙවියොති තෙසං මහෙසියො. කුමාරාති අභිසිත්තරාජූනං අභිසිත්තදෙවියා කුච්ඡිස්මිං උප්පන්නකුමාරා.
පස්වන වාරයෙහි කියයුතු යමක් වේනම් ඒ සියල්ල ධම්මසංගහ අටුවාවේ කියන ලදමය. සයවන වාරයෙහි කාමගුණ පහේ නොයෙක් ආකාරයෙන් හෝ සෘද්ධි විශේෂයෙන් හෝ ක්‍රීඩා කෙරේනුයි දේවා නම් වේ. සම්මති දෙවා යනු දෙවියා දේවිය මෙසේ ලෝක සම්මුති දෙවියෝ. උප්පත්ති දෙවා යනු දෙව්ලොව උපන් හෙයින් උත්පත්ති දෙවියෝය. විසුද්ධි දෙවා යනු සියළු දෙවියන්ගේ පූජාවට සුදුසු වූ සියළු කෙලෙස්වලින් විසුද්ධ වූ දෙවියෝය. රාජානො යනු මුදුනෙහි අභිසේක කළ ක්ෂත්රියාය. දෙවියො යනු ඔවුන්ගේ මෙහෙසියෝය. කුමාරා යනු අභිසේක රජවරුන්ගේ අභිසේක කළ දේවියගේ කුසයෙහි උපන් කුමාරයා.
උපොසථකම්මං කත්වාති චාතුද්දසාදීසු අට්ඨඞ්ගසමන්නාගතං උපොසථං උපවසිත්වා. ඉදානි යස්මා පරිත්තදානාදිපුඤ්ඤකම්මං මනුස්සසොභග්යතාය පච්චයො, මත්තසො කතං මනුස්සසොභග්යතාය අධිමත්තං, අධිමත්තභාවෙපි නානප්පකාරභෙදතො නානප්පකාරස්ස ඛත්තියමහාසාලාදිභාවස්ස පච්චයො, තස්මා තස්ස වසෙන උපපත්තිභෙදං දස්සෙන්තො අප්පෙකච්චෙ ගහපතිමහාසාලානන්තිආදිමාහ. තත්ථ මහාසාරො එතෙසන්ති මහාසාරා; ර-කාරස්ස පන ල-කාරං කත්වා මහාසාලාති වුත්තං. ගහපතියොව මහාසාලා, ගහපතීසු වා මහාසාලාති ගහපතිමහාසාලා. සෙසෙසුපි එසෙව නයො. තත්ථ යස්ස ගෙහෙ පච්ඡිමන්තෙන චත්තාලීසකොටිධනං නිධානගතං හොති, කහාපණානඤ්ච පඤ්ච අම්බණානි දිවසවළඤ්ජො නික්ඛමති – අයං ගහපතිමහාසාලො නාම. යස්ස පන ගෙහෙ පච්ඡිමන්තෙන අසීතිකොටිධනං නිධානගතං හොති, කහාපණානඤ්ච දසඅම්බණානි දිවසවළඤ්ජො නික්ඛමති – අයං බ්රාහ්මණමහාසාලො නාම. යස්ස පන ගෙහෙ පච්ඡිමන්තෙන කොටිසතධනං නිධානගතං හොති, කහාපණානඤ්ච වීසති අම්බණානි දිවසවළඤ්ජො නික්ඛමති – අයං ඛත්තියමහාසාලො නාම.
උපොසථ කම්මං කරිත්වා යනු තුදුස්වකාදියෙහි අටඟින් සමන්විත උපොසථය සමාදන්ව. දැන් කුඩා දානාදි පුණ්යකර්ම මිනිස් සුභගභාවය පිණිස ප්‍රත්‍ය ප්‍රමාණ වශයෙන් කරන ලදි. මිනිස් සුභගභාවය පිණිස අධි ප්‍රමාණයක්, අධිප්‍රමාණ භාවයෙහිද නානාප්‍රකාර භේදයෙන් යුත් නානාප්‍රකාර ක්ෂත්රිය මහාසාරාදි භාවයට ප්‍රත්‍ය වේ. එහෙයින් ඒ අනුව උත්පත්ති භේද දක්වමින් අප්පෙකච්චෙ ගහපති මහාසාළානං යනාදිය කීහ. එහි මහාසාර මොවුන්ටය මහාසාරා නම් වේ. රකාරයට ළ කාරය කොට මහාසාළා යයි කියන ලදි. ගෘහපතීහු ද මහාසාළ වෙති. ගහපති මහාසාළ යනු ඔව්හුය. යමෙකුගේ ගෙයි අඩු තරමින් සතළිස් කෝටියක ධනයක් නිධානගතව ඇත. කහවනු අමුණු පහක් දවසේ වියදම වේ. මේ ගහපති මහාසාළ නම් වේ. යමෙකුගේ ගෙයි අඩු තරමින් අසූකෝටියක ධනය නිධන්ගතව ඇත. දස අමුණක කහවනු දවසේ වියදම වේ. මේ බ්‍රාහ්මණ මහාසාළ නම් වේ. යමෙකුගේ ගෙයි කෝටි සියයක ධනයක් නිධන්ගතව ඇත. විසි අමුණක කහවනු දවසේ වියදම වේ. මේ ක්ෂත්රිය මහාසාළ නම් වේ.
සහබ්යතන්ති සහභාවං; සභාගා හුත්වා නිබ්බත්තන්තීති අත්ථො. චාතුමහාරාජිකානන්තිආදීසු චාතුමහාරාජිකා නාම සිනෙරුපබ්බතස්ස වෙමජ්ඣෙ හොන්ති. තෙසු පබ්බතට්ඨකාපි අත්ථි, ආකාසට්ඨාපි; තෙසං පරම්පරා චක්කවාළපබ්බතං පත්තා. ඛිඩ්ඩාපදොසිකා, මනොපදොසිකා, සීතවලාහකා, උණ්හවලාහකා, චන්දිමා දෙවපුත්තො, සූරියො දෙවපුත්තොති එතෙ සබ්බෙපි චාතුමහාරාජිකදෙවලොකට්ඨකා එව.
සහබ්යතං යනු සහභාවයයි. සභාගව උපදියි යන අර්ථයයි. චාතුම්මහාරාජිකානං යනාදියෙහි චාතුම්මහාරාජික නම් මහාමේරු පර්වතයෙහි මැද වෙයි. ඒවා අතර පර්වත ස්ථාන ආකාශයෙහි ද ඇත. ඒවායේ පරම්පරා සක්වලගලට පැමිණ ඇත. ඛිඩ්ඩා පදොසිකා මනොපදොසිකා සීත වලාහකා උෂ්ණ වලාහකා චන්දිමා දේවපුත්ත සුරිය දේවපුත්ත මේ සියල්ලෝම චාතුම්මහාරාජික දේවලෝකවාසීහු වෙති.
තෙත්තිංස ජනා තත්ථ උපපන්නාති තාවතිංසා. අපිච තාවතිංසාති තෙසං දෙවානං නාමමෙවාති වුත්තං. තෙපි අත්ථි පබ්බතට්ඨකා, අත්ථි ආකාසට්ඨකා. තෙසං පරම්පරා චක්කවාළපබ්බතං පත්තා. තථා යාමාදීනං. එකදෙවලොකෙපි හි දෙවානං පරම්පරා චක්කවාළපබ්බතං අප්පත්තා නාම නත්ථි. තත්ථ දිබ්බං සුඛං යාතා පයාතා සම්පත්තාති යාමා. තුට්ඨා පහට්ඨාති තුසිතා. පකතිපටියත්තාරම්මණතො අතිරෙකෙන රමිතුකාමකාලෙ යථාරුචිතෙ භොගෙ නිම්මිනිත්වා රමන්තීති නිම්මානරතී. චිත්තාචාරං ඤත්වා පරෙහි නිම්මිතෙසු භොගෙසු වසං වත්තෙන්තීති පරනිම්මිතවසවත්තී.
තිස්තුන් දෙනෙක් ජනයා එහි උපන් නිසා තාවතිංසා වේ. තවද තාවතිංස යනු ඒ දෙවියන්ගේ නාමයම යයි කියන ලදි. ඔව්හු පර්වතවල ආකාශයේ වෙති. ඔවුන්ගේ පරම්පරාද සක්වලගල දක්වා ඇත. යමාදීන්ද එසේය. එකම දිව්‍ය ලෝකය තවත් දෙවියන්ගේ පරම්පරා සක්වල පව්වට නොපැමිණ නැත. එහි දිවසැප හෝ අයිති වූ නිසා යාමා වේ. තුටුපහටු වන නිසා තුසිතා වේ. ප්‍රකෘතියෙන් පිළියෙල කළ අරමුණින් අතිරේකව කාම රමණයෙහි කැමති භොගයන් මවා රමණය කෙරේනුයි නිම්මාණාරති වේ. සිතේ හැසිරීම දැන අනුන් නිර්මාණය කළ භොගවල බලය පතුරුවන නිසා පරනිම්මිත වසවත්ති.
(2:) ආයුප්පමාණං
(2:) ආයුප්පමාණං
අප්පං වා භිය්යොති දුතියං වස්සසතං අප්පත්වා වීසාය වා තිංසාය වා චත්තාලීසාය වා පඤ්ඤාසාය වා සට්ඨියා වා වස්සෙහි අධිකම්පි වස්සසතන්ති අත්ථො. සබ්බම්පි හෙතං දුතියං වස්සසතං අප්පත්තත්තා අප්පන්ති වුත්තං.
අප්පංවා භීය්‍යොවා යනු දෙවන වර්ෂ සියයට නොපැමිණ විස්සකින් හෝ තිහකින් හෝ හතලිහකින් හෝ පනහකින් හෝ හැටකින් හෝ වර්ෂවලින් අධික වර්ෂ සියයක් යන අර්ථයයි දෙවන වස් සියයට නොපත්බව අප්පං යයි කියන ලදි.
බ්රහ්මපාරිසජ්ජාදීසු මහාබ්රහ්මානං පාරිසජ්ජා පරිචාරිකාති බ්රහ්මපාරිසජ්ජා. තෙසං පුරොහිතභාවෙ ඨිතාති බ්රහ්මපුරොහිතා. වණ්ණවන්තතාය චෙව දීඝායුකතාය ච මහන්තො බ්‍රහ්මාති මහාබ්රහ්මා, තෙසං මහාබ්රහ්මානං. ඉමෙ තයොපි ජනා පඨමජ්ඣානභූමියං එකතලෙ වසන්ති; ආයුඅන්තරං පන නෙසං නානා.
බ්‍රහ්ම පාරිසජ්ජාදියෙහි මහා බ්‍රහ්මයින්ගේ පිරිස් පිරිවර බ්‍රහ්ම පාරිසජ්ජා ඔවුන්ගේ පුරෝහිත තනතුරේ සිටියෝ බ්‍රහ්ම පුරෝහිතයෝය. වර්ණයෙන් ද දීර්ඝායුෂ්කයෙන් ද මහත් බ්‍රහ්ම මහාබ්රහ්මා වේ. ඔවුන්ගේ මහා බ්‍රහ්මයින්ගේ. මේ තුන්දෙනා ප්‍රථමධ්‍යාන භූමියේ එකම තලයක වසති. ආයුෂ අන්තරය විවිධය.
පරිත්තා ආභා එතෙසන්ති පරිත්තාභා. අප්පමාණා ආභා එතෙසන්ති අප්පමාණාභා. දණ්ඩදීපිකාය අච්චි විය එතෙසං සරීරතො ආභා ඡිජ්ජිත්වා ඡිජ්ජිත්වා පතන්තී විය සරති විසරතීති ආභස්සරා. ඉමෙපි තයො ජනා දුතියජ්ඣානභූමියං එකතලෙ වසන්ති; ආයුඅන්තරං පන නෙසං නානා.
පරිත්ත (ටිකක්) ආභා නිසා පරිත්තාභ ය. අප්පමාණ ආභා නිසා අප්පමාණභා ය. ගිනි සුලක ගිනි දැල් මෙන් එළිය ඔවුන්ගේ ශරීරයෙන් බිඳි බිඳී වැටෙන්නාක් මෙන් පැතිරේ. (සරති විසරති) යයි ආභස්සරා ය. මේ තුන්දෙනා දෙවන ධ්‍යාන භූමියේ එක්තලයක වසති. ඔවුන්ගේ ආයු අන්තරය විවිධය.
පරිත්තා සුභා එතෙසන්ති පරිත්තසුභා. අප්පමාණා සුභා එතෙසන්ති අප්පමාණසුභා. සුභෙන ඔකිණ්ණා විකිණ්ණා, සුභෙන සරීරප්පභාවණ්ණෙන එකග්ඝනා, සුවණ්ණමඤ්ජුසාය ඨපිතසම්පජ්ජලිතකඤ්චනපිණ්ඩසස්සිරීකාති සුභකිණ්හා. ඉමෙපි තයො ජනා තතියජ්ඣානභූමියං එකතලෙ වසන්ති; ආයුඅන්තරං පන නෙසං නානා.
පරිත්ත සුභ අප්පමාණ සුභ සුභකිණ්ණ මේ තුන්දෙන තුන්වන ධ්‍යාන භූමියේ එක් තලයක වසති. ආයුෂය විවිධය. [missing trans]
ආරම්මණනානත්තතාති ආරම්මණස්ස නානත්තභාවො. මනසිකාරනානත්තතාදීසුපි එසෙව නයො. එත්ථ එකස්ස පථවීකසිණං ආරම්මණං හොති…පෙ… එකස්ස ඔදාතකසිණන්ති ඉදං ආරම්මණනානත්තං. එකො පථවීකසිණං මනසි කරොති…පෙ… එකො ඔදාතකසිණන්ති ඉදං මනසිකාරනානත්තං. එකස්ස පථවීකසිණෙ ඡන්දො හොති…පෙ… එකස්ස ඔදාතකසිණෙති ඉදං ඡන්දනානත්තං. එකො පථවීකසිණෙ පත්ථනං කරොති…පෙ… එකො ඔදාතකසිණෙති ඉදං පණිධිනානත්තං. එකො පථවීකසිණවසෙන අධිමුච්චති…පෙ… එකො ඔදාතකසිණවසෙනාති ඉදං අධිමොක්ඛනානත්තං. එකො පථවීකසිණවසෙන චිත්තං අභිනීහරති…පෙ… එකො ඔදාතකසිණවසෙනාති ඉදං අභිනීහාරනානත්තං. එකස්ස පථවීකසිණපරිච්ඡින්දනකපඤ්ඤා හොති…පෙ… එකස්ස ඔදාතකසිණපරිච්ඡින්දනකපඤ්ඤාති ඉදං පඤ්ඤානානත්තං. තත්ථ ආරම්මණමනසිකාරා පුබ්බභාගෙන කථිතා. ඡන්දපණිධිඅධිමොක්ඛාභිනීහාරා අප්පනායපි වත්තන්ති උපචාරෙපි. පඤ්ඤා පන ලොකියලොකුත්තරමිස්සකා කථිතා.
ආරම්මණ නානත්තා අරමුණේ විවිධත්වය. මනසිකාර නානත්තා මෙනෙහි කිරීමේ විවිධත්වය. මෙහි එක්කෙනෙකුට පඨවි කසිණය අරමුණු වේ. එක්කෙනෙකුට ඕදාත කසිණය අරමුණු වේ. මේ අරමුණු නානත්තය. කෙනෙක් පඨවි කසිණය මෙනෙහි කරති. කෙනෙක් ඕදාත කසිණය මෙනෙහි කරති. මෙය මනසිකාර නානත්වයයි. කෙනෙකුට පඨවි කසිණයෙහි කැමැත්ත වේ. කෙනෙකුට ඕදාත කසිණයේ යයි මෙය පණධි නානත්තයයි. කෙනෙක් පඨවි කසිණ වශයෙන් මිදෙති. කෙනෙක් ඕදාත කසිණ වශයෙන් යයි මෙය අධිමොක්ඛ නානත්තයයි. කෙනෙක් පඨවි කසිණ වශයෙන් සිත ඉදිරියට ගෙනේ. කෙනෙක් ඕදාත කසිණ වශයෙනි. මෙය අභිනීහාර නානත්තයයි. කෙනෙකුට පඨවි කසිණ පිරිසිඳින ප්‍රඥාව වේ. කෙනෙකුට ඕදාත කසිණ පිරිසිඳිනා ප්‍රඥාව වේ. මෙය පඤ්ඤා නානත්තයයි. එහි ආරම්මණ මනසිකාර මුලින් කියන ලදි. ඡන්ද පණිධි අධිමොක්ඛ අභිනීහාර අප්පණාවෙහි ද උපචාරයෙහිද පවතී. පඤ්ඤා වනාහි ලෞකික ලෝකෝත්තර මිශ්‍රව කියන ලදි.
අසඤ්ඤසත්තානන්ති සඤ්ඤාවිරහිතානං සත්තානං. එකච්චෙ හි තිත්ථායතනෙ පබ්බජිත්වා ‘චිත්තං නිස්සාය රජ්ජනදුස්සනමුය්හනානි නාම හොන්තී’ති චිත්තෙ දොසං දිස්වා ‘අචිත්තකභාවො නාම සොභනො, දිට්ඨධම්මනිබ්බානමෙත’න්ති සඤ්ඤාවිරාගං ජනෙත්වා තත්රූපගං පඤ්චමං සමාපත්තිං භාවෙත්වා තත්ථ නිබ්බත්තන්ති. තෙසං උපපත්තික්ඛණෙ එකො රූපක්ඛන්ධොයෙව නිබ්බත්තති. ඨත්වා නිබ්බත්තො ඨිතකො එව හොති, නිසීදිත්වා නිබ්බත්තො නිසින්නකොව නිපජ්ජිත්වා නිබ්බත්තො නිපන්නොව. චිත්තකම්මරූපකසදිසා හුත්වා පඤ්ච කප්පසතානි තිට්ඨන්ති. තෙසං පරියොසානෙ සො රූපකායො අන්තරධායති, කාමාවචරසඤ්ඤා උප්පජ්ජති; තෙන ඉධ සඤ්ඤුප්පාදෙන තෙ දෙවා තම්හා කායා චුතාති පඤ්ඤායන්ති.
අසඤ්ඤ සත්තානං සංඥා නැති. සත්වයින්ගේ කෙනෙක් තීර්ථායතනයෙහි පැවිදිව සිත නිසා ඇලීම් දූෂ්‍යවීම් මුළාවීම් වෙයි යයි සිතෙහි දොස් දැක සිත නැතිකම සෝභනයයි දිට්ඨධම්ම නිබ්බාණ මෙය යයි සංඥා විරාගය උපදවා ඊට අදාළ සමාපත්ති වඩා එහි උපදිති. හිටගෙන ඉපදුනහොත් හිටගෙනම සිටිති. හිඳගෙන නම් හිඳගෙනම සිටිති. වැදහෙව නම් එසේම සිටිති. චිත්‍රකර්ම රූප සමානව කල්ප පන්සියයක් සිටිති. එහි අවසානයෙහි ඔවුන්ගේ රූපකාය අතුරුදහන් වේ. කාමාවචර සංඥා ඉපදුනහොත් ඒ දෙවියා ඒ කයින් චුත වේයයි පෙනේ.
විපුලා ඵලා එතෙසන්ති වෙහප්ඵලා. අත්තනො සම්පත්තියා න හායන්ති න විහායන්තීති අවිහා. න කඤ්චි සත්තං තප්පන්තීති අතප්පා. සුන්දරා දස්සනා අභිරූපා පාසාදිකාති සුදස්සා. සුට්ඨ පස්සන්ති, සුන්දරමෙතෙසං වා දස්සනන්ති සුදස්සී. සබ්බෙහි එව ගුණෙහි ච භවසම්පත්තියා ච ජෙට්ඨා, නත්ථෙත්ථ කනිට්ඨාති අකනිට්ඨා.
විපුල වූ ඵල මොවුන්ටනුයි වෙහප්ඵලා වේ. තමාගේ සම්පත් නොපිරිහේ යයි අවිහා වේ. කිසිකෙනෙකු නොතැවේ යනු අතප්පා වේ. සුන්දර දර්ශන අභිරූප පාසාදික නිසා සුදස්සා වේ. මනාව දකී සුන්දර මොවුන්ට අප ඒවා දකියි හෝ සුදස්සී වේ. සියළු ගුණවලින් භව සම්පත්තියේ ද දෙටු වූයේ මෙහි කනිෂ්ඨයෝ නැත්හුයයි අකනිට්ඨා වේ.
ආකාසානඤ්චායතනං උපගතාති ආකාසානඤ්චායතනූපගා. ඉතරෙසුපි එසෙව නයො . ඉති ඡ කාමාවචරා, නව බ්රහ්මලොකා, පඤ්ච සුද්ධාවාසා, චත්තාරො අරූපා අසඤ්ඤසත්තවෙහප්ඵලෙහි සද්ධිං ඡබ්බීසති දෙවලොකා; මනුස්සලොකෙන සද්ධිං සත්තවීසති.
ආකාසානඤ්චායතනයට පැමිණියා යනු ආකාසානඤ්චායතනූපගා වේ. ඉතිරි ඒවාද මේවායින්ම වේ. මෙසේ දෙව්ලෝ (කාමාවචර) සය බඹලෝ නවය සුද්ධාවාස පහ අරූප හතර අසඤ්ඤසත්ත වෙහප්ඵලය සමග විසිහයක් දෙව්ලෝ සහ මිනිස්ලොව සමග විසිහතක් වේ.
තත්ථ සම්මාසම්බුද්ධෙන මනුස්සානං දෙවානඤ්ච ආයුං පරිච්ඡින්දමානෙන චතූසු අපායෙසු භුම්මදෙවෙසු ච ආයු පරිච්ඡින්නං තං කස්මාති? නිරයෙ තාව කම්මමෙව පමාණං. යාව කම්මං න ඛීයති, න තාව චවන්ති. තථා සෙසඅපායෙසු. භුම්මදෙවානම්පි කම්මමෙව පමාණං. තත්ථ නිබ්බත්තා හි කෙචි සත්තාහමත්තං තිට්ඨන්ති, කෙචි අද්ධමාසං, කෙචි මාසං, කප්පං තිට්ඨමානාපි අත්ථියෙව.
එහි මිනිසුන්ගේ ද දෙවියන්ගේ ද ආයුෂ බුදුන් වහන්සේ විසින් පිරිසිඳ දක්වන ලදි. සතර අපායෙහි. භූමි දෙවියන්ගේ ආයුෂ පිරිසඳ නොදක්වන ලදි. එය කුමක් නිසාද? නිරයෙහි ප්‍රමාණය කර්මයමයි. කර්මය ක්ෂය වනතුරු චුත නොවෙති. සෙසු අපායවලද එසේය. භූමි දෙවිවරුන්ටද කර්මයම ප්‍රමාණ වේ. එහි උපන් සමහරෙක් සත් දවසක් පමණ සිටිති. සමහරු අඩමසක් කාලයක් සිටින්නෝද වෙති.
තත්ථ මනුස්සෙසු ගිහිභාවෙ ඨිතායෙව සොතාපන්නාපි හොන්ති, සකදාගාමිඵලම්පි අනාගාමිඵලම්පි අරහත්තඵලම්පි පාපුණන්ති. තෙසු සොතාපන්නාදයො යාවජීවං තිට්ඨන්ති. ඛීණාසවා පන පරිනිබ්බායන්ති වා පබ්බජන්ති වා. කස්මා? අරහත්තං නාම සෙට්ඨගුණො, ගිහිලිඞ්ගං හීනං, තං හීනතාය උත්තමං ගුණං ධාරෙතුං න සක්කොති. තස්මා තෙ පරිනිබ්බාතුකාමා වා පබ්බජිතුකාමා වා හොන්ති.
එහි ගිහි භාවයෙහි සිටි මනුෂ්‍යයන් මෙන් සෝවාන් වූවෝද වෙති. සකෘදාගාමි අනාගාමි අරහත් ඵලවලටද පැමිණෙති. ඔවුනතුරෙන් සෝවාන් වූවා දිවිතෙක් සිටිති. ඛීණාසවයන් පිරිනිවන්පාති. නැතහොත් පැවිදි වෙති. කවර හෙයින්ද? අරහත්බව ශේෂවූ ගුණයකි. ගිහිවේෂය හීනය. එය හීන නිසා උතුම් ගුණ දැරීමට නොහැකි වේ. එහෙයින් ඔව්හු පිරිනිවන් පෑමට හෝ පැවිදිවීමට කැමති වෙති.
භුම්මදෙවා පන අරහත්තං පත්වාපි යාවජීවං තිට්ඨන්ති. ඡසු කාමාවචරදෙවෙසු සොතාපන්නසකදාගාමිනො යාවජීවං තිට්ඨන්ති; අනාගාමිනා රූපභවං ගන්තුං වට්ටති, ඛීණාසවෙන පරිනිබ්බාතුං. කස්මා ? නිලීයනොකාසස්ස අභාවා. රූපාවචරාරූපාවචරෙසු සබ්බෙපි යාවජීවං තිට්ඨන්ති. තත්ථ රූපාවචරෙ නිබ්බත්තා සොතාපන්නසකදාගාමිනො න පුන ඉධාගච්ඡන්ති, තත්ථෙව පරිනිබ්බායන්ති. එතෙ හි ඣානඅනාගාමිනො නාම.
භූමි දෙවියෝ රහත්වූ ද යාවජීවව සිටිති. සදෙව්ලොව සෝවාන් සකෘදාගාමී යාවජීව සිටිති. අනාගාමි රූප භවයට යන්ට වටී. ක්ෂීණ භවයේ පිරින්වන් පාති ඇයි? සැඟව සිටීමට අවකාශ නැති හෙයින්. රූපාවචර අරූපාවචරවල සියළු දෙනාම යාව ජීවව සිටිති. එහි රූපාවචරයෙහි උපන් සෝවාන් සකෘදාගාමීන් යළි මෙහි නොඑති. එහිම පිරිනිවන් පාති. මෙහි ධ්‍යානලාභීහු අනාගාමි වෙති.
අට්ඨසමාපත්තිලාභීනං පන කිං නියමෙති? පගුණජ්ඣානං. යදෙවස්ස පගුණං හොති, තෙන උප්පජ්ජති. සබ්බෙසු පන පගුණෙසු කිං නියමෙති? පත්ථනා. යත්ථ උපපත්තිං පත්ථෙති තත්ථෙව උපපජ්ජති. පත්ථනාය අසති කිං නියමෙති? මරණසමයෙ සමාපන්නා සමාපත්ති. මරණසමයෙ සමාපන්නා නත්ථි, කිං නියමෙති? නෙවසඤ්ඤානාසඤ්ඤායතනසමාපත්ති. එකංසෙන හි සො නෙවසඤ්ඤානාසඤ්ඤායතනෙ උපපජ්ජති. නවසු බ්රහ්මලොකෙසු නිබ්බත්තඅරියසාවකානං තත්රූපපත්තිපි හොති උපරූපපත්තිපි න හෙට්ඨූපපත්ති. පුථුජ්ජනානං පන තත්රූපපත්තිපි හොති උපරූපපත්තිපි හෙට්ඨූපපත්තිපි. පඤ්චසු සුද්ධාවාසෙසු චතූසු ච අරූපෙසු අරියසාවකානං තත්රූපපත්තිපි හොති උපරූපපත්තිපි. පඨමජ්ඣානභූමියං නිබ්බත්තො අනාගාමී නව බ්රහ්මලොකෙ සොධෙත්වා මත්ථකෙ ඨිතො පරිනිබ්බාති. වෙහප්ඵලා, අකනිට්ඨා, නෙවසඤ්ඤානාසඤ්ඤායතනන්ති ඉමෙ තයො දෙවලොකා සෙට්ඨභවා නාම. ඉමෙසු තීසු ඨානෙසු නිබ්බත්තඅනාගාමිනො නෙව උද්ධං ගච්ඡන්ති, න අධො, තත්ථ තත්ථෙව පරිනිබ්බායන්තීති. ඉදමෙත්ථ පකිණ්ණකං.
අෂ්ට සමාපත්තිලාභීන්ගේ නියමය කුමක්ද? ප්‍රගුණ වූ තත්ත්වය වෙනස් නොවේ. සියල්ල ප්‍රගුණ වූවන්ගේ නියමය කෙසේද? ප්‍රාර්ථනාව යම්තැනක උපතටද එය සිදුවේ. ප්‍රාර්ථනාවක් නැත්නම්? මරණ සමයේ සමවැදුණු සමාපත්ති. ඒවා නොමැති නම් නේවසඤ්ඤා නාසඤ්ඤා සමාපත්ති. ඒකාන්තයෙන් ඔහු එහි උපදිති. බ්‍රහ්ම ලෝක නවයේ උපන්නේ එහි උපදිති. උඩ සිට යටට නොව යට සිට උඩටය. පෘථග්ජනයෝ උඩ යට මාරු වී උපදිති. සුද්ධාවාසවල අරූපතලවල එහිම හෝ ඉහළ තලවල උපදිති. ප්‍රථමධ්‍යාන භූමියේ උපන් අනාගාමි ඉහළ ඉහළ ඉපදී ඉහළම තලයේ සිටියේ පිරිනිවන්පායි. වෙහප්ඵල අකනිට්ඨ අසංඥ තලවල උපන් අනාගාමියා උඩ යට නොගොස් උපන් තලයේම පිරිනිවෙන්නේය. මේ ප්රකීර්ණකය.