යෙදුමෙන් කියවන්න

9

9.

9.

1105. පඤ‍්චන‍්නං ඛන්‍ධානං කති දිට‍්ඨා, කති සුතා, කති මුතා, කති විඤ‍්ඤාතා, කති න දිට‍්ඨා, න සුතා, න මුතා, න විඤ‍්ඤාතා, -පෙ- සත‍්තන‍්නං චිත‍්තානං කති දිට‍්ඨා, කති සුතා, කති මුතා, කති විඤ‍්ඤාතා, කති න දිට‍්ඨා, න සුතා, න මුතා, න විඤ‍්ඤාතා:

1105. පඤ්චස්කන්‍ධයන් අතුරෙහි දෘෂ්ටයෝ (ඇසින් බලා දතහැක්කාහු) කෙතෙක, ශ්‍රැතයෝ (කනින් අසා දතහැක්කාහු) කෙතෙක, මුතයෝ (ස්පර්‍ශ කොට දත හැක්කාහු) කෙතෙක, විඥාතයෝ (මනෝවිඥානයෙන් දතයුත්තාහු) කෙතෙක, දෘෂ්ට නො වූවාහු කෙතෙක, ශ්‍රැත නො වූවාහු කෙතෙක, මුත නො වූවාහු කෙතෙක, විඥාත නො වූවාහු කෙතෙක ... සප්තචිත්තයන් අතුරෙහි දෘෂ්ටයෝ කෙතෙක, ශ්‍රැතයෝ කෙතෙක, මුතයෝ කෙතෙක, විඥාතයෝ කෙතෙක, දෘෂ්ට නො වූවාහු කෙතෙක, ශ්‍රැත නො වූවාහු කෙතෙක, මුත නො වූවාහු කෙතෙක, විඥාත නො වූවාහු කෙතෙක යත්:

1106. රූපක‍්ඛන්‍ධො සියා දිට‍්ඨො, සියා සුතො, සියා මුතො, සියා විඤ‍්ඤාතො, සියා න දිට‍්ඨො, න සුතො, න මුතො, න විඤ‍්ඤාතො. චත‍්තාරො ඛන්‍ධා න දිට‍්ඨා, න සුතා, න මුතා, විඤ‍්ඤාතා.

1106. රූපස්කන්‍ධය දෘෂ්ට වියහෙයි, ශ්‍රැත වියහෙයි, මුත වියහෙයි, විඥාත වියහෙයි, දෘෂ්ට නො වියහෙයි, ශ්‍රැත නො වියහෙයි, මුත නො වියහෙයි, විඥාත නො වියහෙයි, (වේදනාදී) සතර ස්කන්‍ධයෝ දෘෂ්ට නො වෙති, ශ්‍රැත නො වෙති, මුත නො වෙති, විඥාතයෝ යි.

රූපායතනං දිට‍්ඨං, න සුතං, න මුතං, විඤ‍්ඤාතං. සද‍්දායතනං න දිට‍්ඨං, සුතං, න මුතං, විඤ‍්ඤාතං. ගන්‍ධායතනං රසායතනං ඵොට‍්ඨබ‍්බායතනං න දිට‍්ඨං, න සුතං, මුතං, විඤ‍්ඤාතං. සත‍්තායතනා න දිට‍්ඨා, න සුතා, න මුතා, විඤ‍්ඤාතා.

රූපායතනය දෘෂ්ට යැ, ශ්‍රැත නො වෙයි, මුත නො වෙයි, විඥාත යි. ශබ්දායතනය දෘෂ්ට නො වෙයි, ශ්‍රැත යැ, මුත නො වෙයි, විඥාත යි. ගන්‍ධායතනය රසායතනය ස්ප්‍රෂ්ටව්‍යායතනය දෘෂ්ට නො වෙයි, ශ්‍රැත නො වෙයි, මුත යැ, විඥාත යි. (අවශේෂ) සප්තායතනයෝ දෘෂ්ට නො වෙති, ශ්‍රැත නො වෙති, මුත නො වෙති, විඥාතයෝ යි.

රූපධාතු දිට‍්ඨා, න සුතා, න මුතා, විඤ‍්ඤාතා. සද‍්දධාතු න දිට‍්ඨා, සුතා, න මුතා, විඤ‍්ඤාතා. ගන්‍ධධාතු රසධාතු ඵොට‍්ඨබ‍්බධාතු න දිට‍්ඨා, න සුතා, මුතා, විඤ‍්ඤාතා. තෙරස ධාතුයො න දිට‍්ඨා, න සුතා, න මුතා, විඤ‍්ඤාතා.

රූපධාතු දෘෂ්ට යැ, ශ්‍රැත නො ව මුත නො ව විඥාත යි. ශබ්දධාතු දෘෂ්ට නො වෙයි, ශ්‍රැත යැ, මුත නොව විඥාත යි. ගන්‍ධධාතු රසධාතු ස්ප්‍රෂ්ටව්‍යධාතු දෘෂ්ට නොව, ශ්‍රැත නොව මුත යැ, විඥාත යි. (අවශේෂ) තෙළෙස් ධාතූහු දෘෂ්ට නොව, ශ්‍රැත නොව, මුත නොව, විඥාතයෝ යි.

තීණි සච‍්චානි න දිට‍්ඨා, න සුතා, න මුතා, විඤ‍්ඤාතා. දුක‍්ඛසච‍්චං සියා දිට‍්ඨං, සියා සුතං, සියා මුතං, සියා විඤ‍්ඤාතං, සියා න දිට‍්ඨං, න සුතං, න මුතං, විඤ‍්ඤාතං.

(සමුදයාදී) තුන් සත්‍යයෝ දෘෂ්ට නොව, ශ්‍රැත නොව, මුත නොව, විඥාතයෝ යි. දුඃඛසත්‍යය දෘෂ්ට වියහෙයි, ශ්‍රැත වියහෙයි, මුත වියහෙයි, විඥාත වියහෙයි, දෘෂ්ට ශ්‍රැත මුත විඥාත නො වියහේ.

බාවීසතින්‍ද්‍රියා න දිට‍්ඨා, න සුතා, න මුතා, විඤ‍්ඤාතා.

දෙවිසි ඉන්‍ද්‍රියයෝ දෘෂ්ට නොව ශ්‍රැත නොව මුත නොව විඥාතයෝ යි.

නව හෙතූ න දිට‍්ඨා, න සුතා, න මුතා, විඤ‍්ඤාතා.

නව හේතූහු දෘෂ්ට නොව ශ්‍රැත නොව මුත නොව විඥාතයෝ යි.

චත‍්තාරො ආහාරා න දිට‍්ඨා, න සුතා, න මුතා, විඤ‍්ඤාතා.

සතර ආහාරයෝ දෘෂ්ට නොව ශ්‍රැත නොව මුත නොව විඥාතයෝ යි.

සත‍්ත ඵස‍්සා න දිට‍්ඨා, න සුතා, න මුතා, විඤ‍්ඤාතා.

සප්තස්පර්‍ශයෝ දෘෂ්ට නොව ශ්‍රැත නොව මුත නොව විඥාතයෝ යි.

සත‍්ත වෙදනා, සත‍්ත සඤ‍්ඤා, සත‍්ත චෙතනා, සත‍්ත චිත‍්තා, න දිට‍්ඨා, න සුතා, න මුතා, විඤ‍්ඤාතා.

සප්තවේදනාවෝ - සප්තසංඥාවෝ - සප්තචේතනාවෝ - සප්ත චිත්තයෝ දෘෂ්ට නොව ශ්‍රැත නොව මුත නොව විඥාතයෝ යි.