යෙදුමෙන් කියවන්න

සුත‍්තන‍්තභාජනියං

347. අවිජ‍්ජාපච‍්චයා සඞ‍්ඛාරා, සඞ‍්ඛාරපච‍්චයා විඤ‍්ඤාණං, විඤ‍්ඤාණපච‍්චයා නාමරූපං, නාමරූපපච‍්චයා සළායතනං, සළායතනපච‍්චයා ඵස‍්සො, ඵස‍්සපච‍්චයා වෙදනා, වෙදනාපච‍්චයා තණ‍්හා, තණ‍්හාපච‍්චයා උපාදානං, උපාදානපච‍්චයා භවො, භවපච‍්චයා ජාති, ජාතිපච‍්චයා ජරාමරණං සොකපරිදෙවදුක‍්ඛදොමනස‍්සුපායාසා සම‍්භවන‍්ති, එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස සමුදයො හොති.

347. අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරයෝ වෙති, සංස්කාරප්‍රත්‍යයෙන් (විපාක) විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් නාමරූපය වෙයි, නාමරූපප්‍රත්‍යයෙන් ෂඩායතනය වෙයි, ෂඩායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් තෘෂ්ණාව වෙයි, තෘෂ්ණාප්‍රත්‍යයෙන් උපාදානය වෙයි, උපාදානප්‍රත්‍යයෙන් (උපප්‍රාප්ති) භවය වෙයි, (කර්‍ම) භවප්‍රත්‍යයෙන් ජාතිය වෙති, ජාතිප්‍රත්‍යයෙන් ජරා-මරණ ද සෝකපරිදේවදුක්ඛදෝමනස්සුපායාසයෝ ද වෙත්. මෙසේ තෙල සියලු දුඃඛස්කන්‍ධයාගේ ඉපදීම වේ.

348. තත්‍ථ කතමා අවිජ‍්ජා: දුක‍්ඛෙ අඤ‍්ඤාණං, දුක‍්ඛසමුදයෙ අඤ‍්ඤාණං, දුක‍්ඛනිරොධෙ අඤ‍්ඤාණං, දුක‍්ඛනිරොධගාමිනියා පටිපදාය අඤ‍්ඤාණං, අයං වුච‍්චති අවිජ‍්ජා.

348. එහි අවිද්‍යා කවර යත්: දුඃඛසත්‍යයෙහි නො දැනීම ය, දුඃඛසමුදයසත්‍යයෙහි නො දැනීම ය, දුඃඛනිරෝධසත්‍යයෙහි නො දැනීම ය, දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදාසත්‍යයෙහි නො දැනීම යි. මේ අවිද්‍යා යි කියනු ලැබේ.

තත්‍ථ කතමෙ අවිජ‍්ජාපච‍්චයා සඞ‍්ඛාරා: පුඤ‍්ඤාභිසඞ‍්ඛාරො අපුඤ‍්ඤාභිසඞ‍්ඛාරො ආනෙඤ‍්ජාභිසඞ‍්ඛාරො කායසඞ‍්ඛාරො වචීසඞ‍්ඛාරො චිත‍්තසඞ‍්ඛාරො.

එහි අවිද්‍යාප්‍රත්‍යයෙන් (උපාදාන) සංස්කාරයෝ කවරහ යත්: පුණ්‍යාභිසංස්කාර ය, අපුණ්‍යාභිසංස්කාර ය, ආනඤ්ජාභිසංසස්කාර ය, කායසංස්කාර ය, වාක්සංස්කාරය, චිත්තසංස්කාර යි.

තත්‍ථ කතමො පුඤ‍්ඤාභිසඞ‍්ඛාරො: කුසලාචෙතනා කාමාවචරා රූපාවචරා දානමයා සීලමයා භාවනාමයා, අයං වුච‍්චති පුඤ‍්ඤාභිසඞ‍්ඛාරො.

එහි පුණ්‍යාභිසංස්කාර කවරෙ යත්: දානමය වූ ද ශීලමය වූ ද භාවනාමය වූ ද කාමාවචර වූ රූපාවචර වූ කුශලචේතනා යි. මේ පුණ්‍යාභිසංස්කාර යි කියනු ලැබේ.

තත්‍ථ කතමො අපුඤ‍්ඤාභිසඞ‍්ඛාරො: අකුසලා චෙතනා කාමාවචරා, අයං වුච‍්චති අපුඤ‍්ඤාභිසඞ‍්ඛාරො.

එහි අපුණ්‍යාභිසංස්කාර කවරෙ යත්: කාමාවචර අකුශලචේතනා යි. මේ අපුණ්‍යාභිසංස්කාර යි කියනු ලැබේ.

තත්‍ථ කතමො ආනෙඤ‍්ජාභිසඞ‍්ඛාරො: කුසලා චෙතනා අරූපාවචරා, අයං වුච‍්චති ආනෙඤ‍්ජාභිසඞ‍්ඛාරො.

එහි ආනඤ්ජාභිසංස්කාර කවරෙ යත්: අරූපාවචර කුශලචේතනා යි. මේ ආනඤ්ජාභිසංස්කාර යි කියනු ලැබේ.

තත්‍ථ කතමො කායසඞ‍්ඛාරො: කායසඤ‍්චෙතනා කායසඞ‍්ඛාරො, වචීසඤ‍්චෙතනා වචීසඞ‍්ඛාරො, මනොසඤ‍්චෙතනා චිත‍්තසඞ‍්ඛාරො. ඉමෙ වුච‍්චන‍්ති අවිජ‍්ජාපච‍්චයා සඞ‍්ඛාරා.

එහි කායසංස්කාර කවරෙ යත්: කායසඤ්චේතනාව කායසංස්කාර ය, වාක්සඤ්චේතනාව වාක්සංස්කාර ය, මනස්සඤ්චේතනාව චිත්තසංස්කාර යි. මොහු අවිද්‍යාප්‍රත්‍යයෙන් උපදනා සංස්කාරහ යි කියනු ලැබෙත්.

349. තත්‍ථ කතමං සඞ‍්ඛාරපච‍්චයා විඤ‍්ඤාණං: චක‍්ඛුවිඤ‍්ඤාණං සොතවිඤ‍්ඤාණං ඝානවිඤ‍්ඤාණං ජිව‍්හාවිඤ‍්ඤාණං කායවිඤ‍්ඤාණං මනොවිඤ‍්ඤාණං, ඉදං වුච‍්චති සඞ‍්ඛාරපච‍්චයා විඤ‍්ඤාණං.

349. එහි සංස්කාරප්‍රත්‍යයෙන් උපදනා විඥානය කවරෙ යත්: චක්‍ෂුර්විඥාන ය, ශ්‍රෝත්‍රවිඥාන ය, ඝ්‍රාණවිඥාන ය, ජිහ්වාවිඥාන ය, කායවිඥාන ය, මනෝවිඥාන යි. මේ සංස්කාරප්‍රත්‍යයෙන් උපදනා ‘විඥාන’ යි කියනු ලැබේ.

350. තත්‍ථ කතමං විඤ‍්ඤාණපච‍්චයා නාමරූපං: අත්‍ථි නාමං, අත්‍ථි රූපං.

350. එහි විඥානප්‍රත්‍යයෙන් උපදනා නාමරූප කවරෙ යත්: නාමයෙක් ඇත, රූපයෙක් ඇති.

තත්‍ථ කතමං නාමං: වෙදනාක‍්ඛන්‍ධො සඤ‍්ඤාක‍්ඛන්‍ධො සඞ‍්ඛාරක‍්ඛන්‍ධො, ඉදං වුච‍්චති නාමං.

එහි නාම කවරෙ යත්: වේදනාස්කන්‍ධ ය, සංඥාස්කන්‍ධ ය, සංස්කාරස්කන්‍ධ යි. මේ ‘නාම’ යි කියනු ලැබේ.

තත්‍ථ කතමං රූපං: චත‍්තාරො ච මහාභූතා චතුන‍්නං ච මහාභූතානං උපාදාය රූපං, ඉදං වුච‍්චති රූපං. ඉති ඉදං ච නාමං ඉදං ච රූපං, ඉදං වුච‍්චති විඤ‍්ඤාණපච‍්චයා නාමරූපං.

එහි රූප කවරෙ යත්: සතර මහාභූතයෝ ද සතර මහාභූතයන් නිසා උපන් රූපය දැ යි මේ ‘රූප’ යි කියනු ලැබේ. මෙසේ මේ නාමය ද මේ රූපය දැ යි මේ විඥානප්‍රත්‍යයෙන් උපදනා ‘නාමරූප’ යි කියනු ලැබේ.

351. තත්‍ථ කතමං නාමරූපපච‍්චයා සළායතනං: චක‍්ඛායතනං සොතායතනං ඝානායතනං ජිව‍්හායතනං කායායතනං මනායතනං, ඉදං වුච‍්චති නාමරූපපච‍්චයා සළායතනං.

351. එහි නාමරූපප්‍රත්‍යයෙන් උපදනා ෂඩායතන කවරෙ යත්: චක්ඛායතන ය, සෝතායතන ය, ඝානායතන ය, ජිව්හායතන ය, කායාතන ය, මනායතන යි. මේ නාමරූපප්‍රත්‍යයෙන් උපදනා ෂඩායතන යි කියනු ලැබේ.

352. තත්‍ථ කතමො සළායතනපච‍්චයා ඵස‍්සො: චක‍්ඛුසම‍්ඵස‍්සො සොතසම‍්ඵස‍්සො ඝානසම‍්ඵස‍්සො ජිව‍්හාසම‍්ඵස‍්සො කායසම‍්ඵස‍්සො මනොසම‍්ඵස‍්සො, අයං වුච‍්චති සළායතනපච‍්චයා ඵස‍්සො.

352. එහි ෂඩායතනප්‍රත්‍යයෙන් උපදනා ස්පර්‍ශය කවරෙ යත්: චක්ඛුසම්ඵස්ස ය, සෝතසම්ඵස්ස ය, ඝානසම්ඵස්ස ය, ජිව්හාසම්ඵස්ස , කායසම්ඵස්ස ය, මනෝසම්ඵස්ස යි. මේ ෂඩායතනප්‍රත්‍යයෙන් උපදනා ස්පර්‍ශ යි කියනු ලැබේ.

353. තත්‍ථ කතමා ඵස‍්සපච‍්චයා වෙදනා: චක‍්ඛුසම‍්ඵස‍්සජා වෙදනා සොතසම‍්ඵස‍්සජා වෙදනා ඝානසම‍්ඵස‍්සජා වෙදනා ජිව‍්හාසම‍්ඵස‍්සජා වෙදනා කායසම‍්ඵස‍්සජා වෙදනා මනොසම‍්ඵස‍්සජා වෙදනා, අයං වුච‍්චති ඵස‍්සපච‍්චයා වෙදනා.

353. එහි ස්පර්‍ශප්‍රත්‍යයෙන් උපදනා වේදනා කවර යත්: චක්ඛුසම්ඵස්සයෙන් උපන් වේදනා ය සෝතසම්ඵස්සයෙන් උපන් වේදනා ය, ඝානසම්ඵස්සයෙන් උපන් වේදනා ය, ජිව්හාසම්ඵස්සයෙන් උපන් වේදනා ය, කායසම්ඵස්සයෙන් උපන් වේදනා ය, මනෝසම්ඵස්සයෙන් උපන් වේදනා යි. මේ ස්පර්‍ශප්‍රත්‍යයෙන් උපදනා වේදනා යි කියනු ලැබේ.

354. තත්‍ථ කතමා වෙදනාපච‍්චයා තණ‍්හා: රූපතණ‍්හා සද‍්දතණ‍්හා ගන්‍ධතණ‍්හා රසතණ‍්හා ඵොට‍්ඨබ‍්බතණ‍්හා ධම‍්මතණ‍්හා, අයං වුච‍්චති වෙදනාපච‍්චයා තණ‍්හා.

354. එහි වේදනාප්‍රත්‍යයෙන් උපදනා තෘෂ්ණා කවර යත්: රූපතෘෂ්ණා ය, ශබ්දතෘෂ්ණා ය, ගන්‍ධතෘෂ්ණා ය, රසතෘෂ්ණාය, ස්ප්‍රෂ්ටව්‍යතෘෂ්ණා ය, ධර්‍මතෘෂ්ණා යි. මේ වේදනාප්‍රත්‍යයෙන් උපදනා තෘෂ්ණා යි කියනු ලැබේ.

355. තත්‍ථ කතමං තණ‍්හාපච‍්චයා උපාදානං: කාමූපාදානං දිට‍්ඨූපාදානං සීලබ‍්බතූපාදානං අත‍්තවාදූපාදානං, ඉදං වුච‍්චති තණ‍්හාපච‍්චයා උපාදානං.

355. එහි තෘෂ්ණාප්‍රත්‍යයෙන් උපදනා උපාදාන කවරෙ යත්: කාමොපාදාන ය, දෘෂ්ට්‍යුපාදාන ය, ශීලව්‍රතොපාදාන ය, ආත්මවාදෝපාදාන යි. මේ තෘෂ්ණාප්‍රත්‍යයෙන් උපදනා උපාදාන යි කියනු ලැබේ.

356. තත්‍ථ කතමො උපාදානපච‍්චයා භවො: භවො දුවිධෙන. අත්‍ථි කම‍්මභවො අත්‍ථි උප‍්පත‍්තිභවො.

356. එහි උපාදානප්‍රත්‍යයෙන් උපදනා භවය කවරෙ යත්: භවය ද්විප්‍රකාරයෙන් වෙයි: කර්‍මභවයෙක් ඇත, උපප්‍රාප්තිභවයෙක් ඇති.

තත්‍ථ කතමො කම‍්මභවො: පුඤ‍්ඤාභිසඞ‍්ඛාරො අපුඤ‍්ඤාභිසඞ‍්ඛාරො ආනෙඤ‍්ජාභිසඞ‍්ඛාරො, අයං වුච‍්චති කම‍්මභවො. සබ‍්බම‍්පි භවගාමීකම‍්මං කම‍්මභාවො.

එහි කර්‍මභව කවරෙ යත්: පුණ්‍යාභිසංස්කාර ය, අපුණ්‍යාභිසංස්කාර ය, ආනඤ්ඣාභිසංස්කාර යි. මේ කර්‍මභව යි කියනු ලැබේ. හැම භවගාමීකර්‍මය කර්‍මභව වේ.

තත්‍ථ කතමො උපපත‍්තිභවො: කාමභවො රූපභවො අරූපභවො සඤ‍්ඤාභවො අසඤ‍්ඤාභවො නෙවසඤ‍්ඤානාසඤ‍්ඤාභවො එකවොකාරභවො චතුවොකාරභවො පඤ‍්චවොකාරභවො, අයං වුච‍්චති උප‍්පත‍්තිභවො. අයං වුච‍්චති උපාදානපච‍්චයා භවො.

එහි උපප්‍රාප්තිභව කවරෙ යත්: කාමභව ය, රූපභව ය, අරූපභව ය, සංඥාභව ය, අසංඥාභව ය, නෛවසංඥානාසංඥා භව ය, ඒකවෝකාරභව ය, චතුවෝකාරභව ය, පඤ්චවෝකාරභව යි, මේ උපප්‍රාප්තිභව යි කියනු ලැබේ. මේ උපාදානප්‍රත්‍යයෙන් උපදනා භව යි කියනු ලැබේ.

357. තත්‍ථ කතමා භවපච‍්චයා ජාති: යා තෙසං තෙසං සත‍්තානං තම‍්හි තම‍්හි සත‍්තනිකායෙ ජාති සඤ‍්ජාති ඔක‍්කන‍්ති අභිනිබ‍්බත‍්ති ඛන්‍ධානං පාතුභාවො ආයතනානං පටිලාභො. අයං වුච‍්චති භවපච‍්චයා ජාති.

357. එහි භවප්‍රත්‍යයෙන් උපදනා ජාති කවරෙ යත්: ඒ ඒ සත්ත්‍වයන්ගේ ඒ ඒ සත්ත්‍වනිකායෙයෙහි යම් ඉපැද්මෙක් (පරිපූර්‍ණායතණ විසින්) මොනොවට ඉපැද්මෙක් අවක්‍රාන්තියෙක් වෙසෙසින් ඉපැද්මෙක් ස්කන්‍ධයන්ගේ පහළ වීමෙක් ආයතනයන්ගේ ප්‍රතිලාභයෙක් වේ ද, මේ භවප්‍රත්‍යයෙන් ජාති යි කියනු ලැබේ.

358. තත්‍ථ කතමං ජාතිපච‍්චයා ජරාමරණං: අත්‍ථි ජරා, අත්‍ථි මරණං.

358. එහි ජාතිප්‍රත්‍යයෙන් උපදනා ජරාමරණ කවරෙ යත්: ජරායෙක් ඇත, මරණයෙක් ඇති.

තත්‍ථ කතමා ජරා: යා තෙසං තෙසං සත‍්තානං තම‍්හි තම‍්හි සත‍්තනිකායෙ ජරා ජීරණතා ඛණ‍්ඩිච‍්චං පාලිච‍්චං වලිත‍්තචතා ආයුනො සංහානි ඉන්‍ද්‍රියානං පරිපාකො. අයං වුච‍්චති ජරා.

එහි ජරා කවර යත්: ඒ ඒ සත්ත්‍වනිකායෙහි ඒ ඒ සත්ත්‍වයන්ගේ යම් දිරීමෙක් දිරනඅයුරෙක් ඛණ්ඩිත බවෙක් පැසුණු බවෙක් රැලිනැඟුණු සම ඇති බවෙක් ආයුෂයාගේ පිරිහීමෙක් ඉඳුරන් මිහි කිරීමෙක් වේ ද, මේ ජරා යි කියනු ලැබේ.

තත්‍ථ කතමා මරණං: යා තෙසං තෙසං සත‍්තානං තම‍්හා තම‍්හා සත‍්තනිකායා චුති චවනතා භෙදො අන‍්තරධානං මච‍්චු මරණං කාලකිරියා ඛන්‍ධානං භෙදො කලෙබරස‍්ස නික‍්ඛෙපො ජීවිතින්‍ද්‍රියස‍්ස උපච‍්ඡෙදො. ඉදං වුච‍්චති මරණං. ඉති අයං ච ජරා ඉදං ච මරණං, ඉදං වුච‍්චති ජාතිපච‍්චයා ජරාමරණං.

එහි මරණ කවරෙ යත්: ඒ ඒ සත්ත්‍වයන්ගේ ඒ ඒ සත්ත්‍වනිකායයෙන් යම් ච්‍යුතියෙක් ච්‍යුත වන බවෙක් බිඳීමෙක් අතුරුදහන් වීමෙක් මෘත්‍යුසඞ්ඛ්‍යාත මරණයෙක් කලුරිය කිරීමෙක් ස්කන්‍ධයන්ගේ බිඳීමෙක් කලෙවරයාගේ බහා තැබීමෙක් ජීවිතේන්‍ද්‍රියයාගේ සිඳීමෙක් වේ ද, මේ මරණ යි කියනු ලැබේ. මෙසේ මේ ජරාව ද මේ මරණය දැ යි මේ ජාතිප්‍රත්‍යයෙන් උපදනා ජරාමරණ යි කියනු ලැබේ.

359. තත්‍ථ කතමො සොකො: ඤාතිව්‍යසනෙන වා ඵුට‍්ඨස‍්ස, භොගව්‍යසනෙන වා ඵුට‍්ඨස‍්ස, රොගව්‍යසනෙන වා ඵුට‍්ඨස‍්ස, සීලව්‍යසනෙන වා ඵුට‍්ඨස‍්ස, දිට‍්ඨිව්‍යසනෙන වා ඵුට‍්ඨස‍්ස, අඤ‍්ඤතරඤ‍්ඤතරෙන ව්‍යසනෙන සමන‍්නාගතස‍්ස, අඤ‍්ඤතරඤ‍්ඤතරෙන දුක‍්ඛධම‍්මෙන ඵුට‍්ඨස‍්ස සොකො සොචනා සොචිතත‍්තං අන‍්තොසොකො අන‍්තොපරිසොකො චෙතසො පරිජ‍්ඣායනා දොමනස‍්සං සොකසල‍්ලං, අයං වුච‍්චති සොකො.

359. එහි ශෝක කවරෙ යත්: ඥාතිව්‍යසනයෙන් පහස්නා ලද්දහුගේ වේවයි භෝගව්‍යසනයෙන් පහස්නා ලද්දහුගේ වේවයි රෝගව්‍යසනයෙන් පහස්නා ලද්දහුගේ වේවයි ශීලව්‍යසනයෙන් පහස්නා ලද්දහුගේ වේවයි දෘෂ්ටිව්‍යසනයෙන් පහස්නා ලද්දහුගේ වේවයි අන්‍යතරාන්‍යතරව්‍යසනයෙකින් සමන්‍විත වූවහුගේ අන්‍යතරාන්‍යතර දුඃඛහේතුවකින් පහස්නා ලද්දහුගේ ශෝකයෙක් ශෝකාකාරයෙක් ශෝක කළ බවෙක් ඇතුළත ශෝකයෙක් ඇතුළත පරිශෝකයෙක් සිත දවන අයුරෙක් දොම්නසෙක් ශෝකශල්‍යයෙක් වේ ද, මේ ‘ශෝක’ යි කියනු ලැබේ.

360. තත්‍ථ කතමො පරිදෙවො: ඤාතිව්‍යසනෙන වා ඵුට‍්ඨස‍්ස, භොගව්‍යසනෙන වා ඵුට‍්ඨස‍්ස, රොගව්‍යසනෙන වා ඵුට‍්ඨස‍්ස. සීලව්‍යසනෙන වා ඵුට‍්ඨස‍්ස, දිට‍්ඨිව්‍යසනෙන වා ඵුට‍්ඨස‍්ස, අඤ‍්ඤතරඤ‍්ඤතරෙන ව්‍යසනෙන සමන‍්නාගතස‍්ස, අඤ‍්ඤතරඤ‍්ඤතරෙන දුක‍්ඛධම‍්මෙන ඵුට‍්ඨස‍්ස, ආදෙවො පරිදෙවො ආදෙවනා පරිදෙවනා ආදෙවිතත‍්තං පරිදෙවිතත‍්තං වාචා පලාපො විප‍්පලාපො ලාලප‍්පො ලාලප‍්පනා ලාලප‍්පිතත‍්තං, අයං වුච‍්චති පරිදෙවො.

360. එහි පරිදේව කවරෙ යත්: ඥාතිව්‍යසනයෙන් පහස්නා ලද්දහුගේ වේවයි භෝගව්‍යසනයෙන් පහස්නා ලද්දහුගේ වේවයි රෝගව්‍යසනයෙන් පහස්නා ලද්දහුගේ වේවයි ශීලව්‍යසනයෙන් පහස්නා ලද්දහුගේ වේවයි දෘෂ්ටිව්‍යසනයෙන් පහස්නා ලද්දහුගේ වේවයි අන්‍යතරාන්‍යතරව්‍යසනයෙකින් සමන්‍විත වූවහුගේ අන්‍යතරාන්‍යතර දුඃඛහේතුවකින් පහස්නා ලද්දහුගේ (යම්) නම කියා හැඬීමෙක් නම කියා හඬන අයුරෙක් ගුණ කියා හඬන අයුරෙක් නම කියා හඬන බවෙක් ගුණ කියා හඬන බවෙක් වචනයෙක් ප්‍රලාපයෙක් විප්‍රලාපයෙක් පුනපුනා කීමෙක් පුනපුනා කියන අයුරෙක් පුනපුනා කී බවෙක් වේ ද, මේ ‘පරිදේව’ යි කියනු ලැබේ.

361. තත්‍ථ කතමං දුක‍්ඛං: යං කායිකං අසාතං කායිකං දුක‍්ඛං කායසම‍්ඵස‍්සජං අසාතං දුක‍්ඛං වෙදයිතං, කායසම‍්ඵස‍්සජා අසාතා දුක‍්ඛා වෙදනා, ඉදං වුච‍්චති දුක‍්ඛං.

361. එහි දුඃඛ කවරෙ යත්: යම් කායික වූ නො සුවයෙක් කායික වූ දුකෙක් කාපහසින් උපන් නො සුව වූ දුක් වූ වේදයිතයෙක් කාපහසින් උපන් නො සුව වූ දුක් වූ වේදනායෙක් වේ ද, මේ ‘දුඃඛ’ යි කියනු ලැබේ.

362. තත්‍ථ කතමං දොමනස‍්සං: යං චෙතසිකං අසාතං චෙතසිකං දුක‍්ඛං චෙතොසම‍්ඵස‍්සජං අසාතං දුක‍්ඛං වෙදයිතං, චෙතොසම‍්ඵස‍්සජා අසාතා දුක‍්ඛා වෙදනා, ඉදං වුච‍්චති දොමනස‍්සං.

362. එහි ‘දෝමනස්ස’ කවරෙ යත්: යම් චෛතසික වූ නො සුවයෙක් චෛතසික වූ දුකෙක් සිත්පහසින් උපන් නො සුව වූ දුක් වූ වේදයිතයෙක් සිත්පහසින් උපන් නො සුව වූ දුක වූ වේදනායෙක් වේ ද, මේ ‘දෝමනස්ස’ යි කියනු ලැබේ.

363. තත්‍ථ කතමො උපායාසො: ඤාතිව්‍යසනෙන වා ඵුට‍්ඨස‍්ස, භොගව්‍යසනෙන වා ඵුට‍්ඨස‍්ස, රොගව්‍යසනෙන වා ඵුට‍්ඨස‍්ස, සීලව්‍යසනෙන වා ඵුට‍්ඨස‍්ස, දිට‍්ඨිව්‍යසනෙන වා ඵුට‍්ඨස‍්ස, අඤ‍්ඤතරඤ‍්ඤතරෙන ව්‍යසනෙන සමන‍්නාගතස‍්ස, අඤ‍්ඤතරඤ‍්ඤතරෙන දුක‍්ඛධම‍්මෙන ඵුට‍්ඨස‍්ස, ආයාසො උපායාසො ආයාසිතත‍්තං උපායාසිතත‍්තං, අයං වුච‍්චති උපායාසො.

363. එහි ‘උපායාස’ කවරෙ යත්: ඥාතිව්‍යසනයෙන් පහස්නා ලද්දහුගේ වේවයි භෝගව්‍යසනයෙන් පහස්නා ලද්දහුගේ වේවයි රෝගව්‍යසනයෙන් පහස්නා ලද්දහුගේ වේවයි ශීලව්‍යසනයෙන් පහස්නා ලද්දහුගේ වේවයි දෘෂ්ටිව්‍යසනයෙන් පහස්නා ලද්දහුගේ වේවයි අන්‍යතරාන්‍යරව්‍යසනයෙකින් සමන්‍වාගත වූවහුගේ අන්‍යතරාන්‍යතර දුඃඛ හේතුවකින් පහස්නා ලද්දහුගේ ආයාසයෙක් බලවත් ආයාසයෙක් ආයාසයට පැමිණි බවෙක් උපායාසයට පැමිණි බවෙක් වේ ද, මේ ‘උපායාස’ යි කියනු ලැබේ.

364. එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස සමුදයො හොතීති: එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස සඞ‍්ගති හොති. සමාගමො හොති. සමොධානං හොති. පාතුභාවො හොති, තෙන වුච‍්චති එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස සමුදයො හොතීති.

364. ‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති’ යනු: මෙසේ අමිශ්‍ර වූ නොහොත් සියලු දුඃඛරාශිහුගේ එක්වීම වෙයි, සමාගමය වෙයි, සමවධානය වෙයි, ප්‍රාදුර්‍භාවය වේ. එහෙයින් කියනු ලැබෙයි: ‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති’ යි.

සුත‍්තන‍්තභාජනියං.

සූත්‍රාන්තභාජනිය යි.