යෙදුමෙන් කියවන්න

සුත‍්තන‍්තභාජනීයං උද‍්දෙසවාරවණ‍්ණනා අට‍්ඨකථා

සුත‍්තන‍්තභාජනීයං උද‍්දෙසවාරවණ‍්ණනා

සූත්‍රාන්ත භාජනීය උද්දේශ වර්ණනාව

ඉදානි තදනන‍්තරෙ පටිච‍්චසමුප‍්පාදවිභඞ‍්ගෙ යා “අයං අවිජ‍්ජාපච‍්චයා සඞ‍්ඛාරා”තිආදිනා නයෙන තන‍්ති නික‍්ඛිත‍්තා, තස‍්සා අත්‍ථසංවණ‍්ණනං කරොන‍්තෙන විභජ‍්ජවාදිමණ‍්ඩලං ඔතරිත්‍වා ආචරියෙ අනබ‍්භාචික‍්ඛන‍්තෙන සකසමයං අවොක‍්කමන‍්තෙන පරසමයං අනායූහන‍්තෙන සුත‍්තං අප‍්පටිබාහන‍්තෙන විනයං අනුලොමෙන‍්තෙන මහාපදෙසෙ ඔලොකෙන‍්තෙන ධම‍්මං දීපෙන‍්තෙන අත්‍ථං සඞ‍්ගහන‍්තෙන තමෙවත්‍ථං පුන ආවත‍්තෙත්‍වා අපරෙහිපි පරියායෙහි නිද‍්දිසන‍්තෙන ච යස‍්මා අත්‍ථසංවණ‍්ණනා කාතබ‍්බා හොති, පකතියාපි ච දුක‍්කරාව පටිච‍්චසමුප‍්පාදස‍්ස අත්‍ථසංවණ‍්ණනා, යථාහු පොරාණා –

ඊට අනතුරුව දැන් පටිච්ච සමුප්පාද විභංගයෙහි අයං අවිජ්ජා පච්චයා සංඛාරා යන ආදි නයෙන් පාලිය හැර එහි අර්ථ සංවර්ණනාව කරන්නේ විභජ්ජවාදී මණ්ඩලයට බැස ආචාර්යවරයන් නොඉක්මවා ස්ව සමය නොඉක්මවමින් පරසමය රැස් නොකරමින් සූත්‍ර ප්‍රතිබාහය නොකරමින් විනයට විරුද්ධ නොවෙමින් මහාපදේස විමසා බලමින් ධර්මය විස්තර කරමින් අර්ථය සංග්‍රහ කරමින් එම අර්ථයම නැවත පරිවර්තනය කොට අන්‍ය වූ සමාන වූ නිදර්ශනවල සසඳමින් යම්සේ අර්ථ වර්ණනාව කළයුතු වෙයි. ප්‍රකෘතියෙන් මද දුෂ්කර වූ පටිච්ච සමුප්පාදයේ අර්ථ සංවර්ණනාව පැරැන්නෝ යම්සේ (පොරාණයෝ) කීවාහුද.

“සච‍්චං සත‍්තො පටිසන්‍ධි, පච‍්චයාකාරමෙව ච; දුද‍්දසා චතුරො ධම‍්මා, දෙසෙතුඤ‍්ච සුදුක‍්කරා”ති.

සස් සත් පිළිසිඳුම් - පස අයුරු යන මේවා දුදිස් සතර දහම් - දෙසීමද දුස්කර වේ

තස‍්මා “අඤ‍්ඤත්‍ර ආගමාධිගමප‍්පත‍්තෙහි න සුකරා පටිච‍්චසමුප‍්පාදස‍්ස අත්‍ථවණ‍්ණනා”ති පරිතුලයිත්‍වා –

එහෙයින් ආගමාධිගමයට පත්වූවකු හැර ඉතා අපහසු වූ පටිච්ච සමුප්පාදයේ අර්ථ වර්ණනාව කිරා බලා,

වත‍්තුකාමො අහං අජ‍්ජ, පච‍්චයාකාරවණ‍්ණනං; පතිට‍්ඨං නාධිගච‍්ඡාමි, අජ‍්ඣොගාළ‍්හොව සාගරං.

කියැටිවනු අද මම - පස අයුරු වන වැනුමෙක් සයුරැ ගිලුනකු සේ - සිටිමි පිහිටක් නොලබා

සාසනං පනිදං නානා-දෙසනානයමණ‍්ඩිතං; පුබ‍්බාචරියමග‍්ගො ච, අබ‍්බොච‍්ඡින‍්නො පවත‍්තති.

මෙ සසුනද නෙක නෙක - දෙසුම් නිය ලකරින් යුත් පෙරැදුරුවරුන් මග - නො සිඳි පවතිනු (පෙනේ)

යස‍්මා තස‍්මා තදුභයං, සන‍්නිස‍්සායත්‍ථවණ‍්ණනං; ආරභිස‍්සාමි එතස‍්ස, තං සුණාථ සමාහිතා.

එ කරුණු දෙක ඇසුරු - කරමින් අරුත් විවරණ අරඹමි අසනු එය - සිත් එකඟකර (සැදැහෙන්)

වුත‍්තඤ‍්හෙතං පුබ‍්බාචරියෙහි –

[missing trans]

“යො කොචිමං අට‍්ඨිං කත්‍වා සුණෙය්‍ය, ලභෙථ පුබ‍්බාපරියං විසෙසං; ලද‍්ධාන පුබ‍්බාපරියං විසෙසං, අදස‍්සනං මච‍්චුරාජස‍්ස ගච‍්ඡෙ”ති.

යම් ඒ කෙනෙක් මේ සිහි කල්පනාවෙන් අසාද හේ ඉන් ලබමින් විසේසත් ලබා විසේසත් පෙර සේ පසුත් යම් නොදැක්මටයි දැන් මරුගේ යැවෙන්නේ

අවිජ‍්ජාපච‍්චයා සඞ‍්ඛාරාතිආදීසු හි ආදිතොයෙව තාව –

අවිජ්ජා පච්චයා සංඛාරා ආදියෙහි මුලින්ම,

දෙසනාභෙදතො අත්‍ථ-ලක‍්ඛණෙකවිධාදිතො; අඞ‍්ගානඤ‍්ච වවත්‍ථානා, විඤ‍්ඤාතබ‍්බො විනිච‍්ඡයො.

දෙසුම් බේද අරුත් - ලකුණින් ද එක් විදි යේ අඟ හා නියමයන් - දැනගත යුතුය විනිසේ

තත්‍ථ ‘දෙසනාභෙදතො’ති භගවතො හි වල‍්ලිහාරකානං චතුන‍්නං පුරිසානං වල‍්ලිග‍්ගහණං විය ආදිතො වා මජ‍්ඣතො වා පට‍්ඨාය යාව පරියොසානං, තථා පරියොසානතො වා මජ‍්ඣතො වා පට‍්ඨාය යාව ආදීති චතුබ‍්බිධා පටිච‍්චසමුප‍්පාදදෙසනා. යථා හි වල‍්ලිහාරකෙසු චතූසු පුරිසෙසු එකො වල‍්ලියා මූලමෙව පඨමං පස‍්සති, සො තං මූලෙ ඡෙත්‍වා සබ‍්බං ආකඩ‍්ඪිත්‍වා ආදාය කම‍්මෙ උපනෙති, එවං භගවා “ඉති ඛො, භික‍්ඛවෙ, අවිජ‍්ජාපච‍්චයා සඞ‍්ඛාරා…පෙ… ජාතිපච‍්චයා ජරාමරණ”න‍්ති ආදිතො (ම· නි· 1.402) පට‍්ඨාය යාව පරියොසානාපි පටිච‍්චසමුප‍්පාදං දෙසෙති.

එහි දෙසනා භෙදතො යන භාග්‍යවතුන් වහන්සේගේ දේශනා ක්‍රමයයි. වැල් ගෙනයන පුරුෂයන් සතරදෙනාගේ වැල් ඇදීම මෙන් මුලින් මැදින් හෝ අවසානය දක්වා එසේ අග මැද සිට හෝ මුල දක්වා යයි පටිච්ච සමුප්පාද දේශනා සතරාකාරය. යම් සේ වැල්ගෙන යන මිනිසුන් සතරදෙනාගෙන් එක්කෙනෙක් වැලේ මුල පළමුව දකියි. හේ එහි මුල් සිඳ සම්පූර්ණ වැල ඇද කර්මාන්තයේ යොදයි. එසේම භාග්‍යවතුන් වහන්සේ ඉති ඛො භික්ඛවේ අවිජ්ජා පච්චයා සංඛාරා..........ජාති පච්චයා ජරා මරණංති මුලපටන් අවසානය දක්වා පටිච්ච සමුප්පාදය දේශනා කරති.

යථා පන තෙසු පුරිසෙසු එකො වල‍්ලියා මජ‍්ඣං පඨමං පස‍්සති, සො මජ‍්ඣෙ ඡින්‍දිත්‍වා උපරිභාගංයෙව ආකඩ‍්ඪිත්‍වා ආදාය කම‍්මෙ උපනෙති, එවං භගවා “තස‍්ස තං වෙදනං අභිනන්‍දතො අභිවදතො අජ‍්ඣොසාය තිට‍්ඨතො උප‍්පජ‍්ජති නන්‍දී; යා වෙදනාසු නන්‍දී, තදුපාදානං, තස‍්සුපාදානපච‍්චයා භවො, භවපච‍්චයා ජාතී”ති (ම· නි· 1.409; සං· නි· 3.5) මජ‍්ඣතො පට‍්ඨාය යාව පරියොසානාපි දෙසෙති.

යම්සේ වනාහි ඒ පුරුෂයන්ගෙන් එකෙක් වැලේ මැද පළමුව දකී. හේ මැදින් කපා උපරිභාගයම ඇද කර්මාන්තයේ යොදයි. එසේම භාග්‍යවතුන් වහන්සේ “තස්ස තං වෙදනං අභිනන්දතො අභිවදතො අජ්ඣොසාය තිට්ඨතො උප්පජ්ජති තන්‍දි, යා වේදනාසු තන්‍දි තදුපාදානං තස්සුපාදාන පටිච්චයා භවො, භව පච්චයා ජාති” යන මැදින් පටන්ගෙන අවසානය දක්වා දේශනා කරති.

යථා ච තෙසු පුරිසෙසු එකො වල‍්ලියා අග‍්ගං පඨමං පස‍්සති, සො අග‍්ගෙ ගහෙත්‍වා අග‍්ගානුසාරෙන යාව මූලා සබ‍්බං ආදාය කම‍්මෙ උපනෙති, එවං භගවා “ජාතිපච‍්චයා ජරාමරණන‍්ති ඉති ඛො පනෙතං වුත‍්තං, ජාතිපච‍්චයා නු ඛො, භික‍්ඛවෙ, ජරාමරණං නො වා කථං වා එත්‍ථ හොතී”ති? “ජාතිපච‍්චයා, භන‍්තෙ, ජරාමරණං; එවං නො එත්‍ථ හොති – ජාතිපච‍්චයා ජරාමරණ”න‍්ති. “භවපච‍්චයා ජාති…පෙ… අවිජ‍්ජාපච‍්චයා සඞ‍්ඛාරාති ඉති ඛො පනෙතං වුත‍්තං, අවිජ‍්ජාපච‍්චයා නු ඛො, භික‍්ඛවෙ, සඞ‍්ඛාරා නො වා කථං වා එත්‍ථ හොතී”ති? “අවිජ‍්ජාපච‍්චයා, භන‍්තෙ, සඞ‍්ඛාරා; එවං නො එත්‍ථ හොති – අවිජ‍්ජාපච‍්චයා සඞ‍්ඛාරා”ති පරියොසානතො පට‍්ඨාය යාව ආදිතොපි පටිච‍්චසමුප‍්පාදං දෙසෙති.

යම්සේ ඒ පුරුෂයන්ගෙන් එකෙක් වැලේ අග පළමුව දකියි. හේ අග ගෙන අග අනුසාරයෙන් මුල දක්වා හෝ කපා කර්මාන්තයේ යොදයි. එසේම භාග්‍යවතුන් වහන්සේ “ජාති පච්චයා ජරාමරණංති ඉතිඛො පනෙතං වුත්තං ජාතිපච්චයා නු ඛො භික්ඛවෙ ජරා මරණං නොවා කථං වා එත්‍ථ හොතීති? ජාති පච්චයා භන්තෙ ජරාමරණං, එවං නො එත්‍ථ හොති ජාති පච්චයා ජරාමරණන්ති භව පච්චයා ජාති........ අවිජ්ජා පච්චයා සංඛාරාති ඉති ඛො පනෙතං වුත්තං, අවිජ්ජා පච්චයා නු ඛො භික්ඛවෙ සංඛාරා නො වා කථං වා එත්‍ථ හොති! අවිජ්ජා පච්චයා භන්තෙ සංඛාරා එවං නො එත්‍ථ හොති! අවිජ්ජා පච්චයා සංඛාරාති පරියොසානතො පටිච්ච යාව ආදිතොපි පටිච්ච සමුප්පාදං දෙසෙති.

යථා පන තෙසු පුරිසෙසු එකො වල‍්ලියා මජ‍්ඣමෙව පඨමං පස‍්සති, සො මජ‍්ඣෙ ඡින්‍දිත්‍වා හෙට‍්ඨා ඔතරන‍්තො යාව මූලා ආදාය කම‍්මෙ උපනෙති , එවං භගවා “ඉමෙ, භික‍්ඛවෙ, චත‍්තාරො ආහාරා කිං නිදානා, කිං සමුදයා, කිං ජාතිකා, කිං පභවා? ඉමෙ චත‍්තාරො ආහාරා තණ‍්හානිදානා, තණ‍්හාසමුදයා, තණ‍්හාජාතිකා, තණ‍්හාපභවා. තණ‍්හා චායං, භික‍්ඛවෙ, කිං නිදානා? වෙදනා, ඵස‍්සො, සළායතනං, නාමරූපං, විඤ‍්ඤාණං. සඞ‍්ඛාරා කිං නිදානා…පෙ… සඞ‍්ඛාරා අවිජ‍්ජානිදානා, අවිජ‍්ජාසමුදයා, අවිජ‍්ජාජාතිකා, අවිජ‍්ජාපභවා”ති (සං· නි· 2.11) මජ‍්ඣතො පට‍්ඨාය යාව ආදිතො දෙසෙති.

යම්සේ ඒ පුරුෂයන්ගෙන් එකෙක් වැලේ මැදම පළමුව දකියි. හේ වැල මැදින් කපා යට සිට බලන්නේ මුලට විත් කපා කර්මාන්තයේ යොදවයි. එසේම භාග්‍යවතුන් වහන්සේ ඉමේව භික්ඛවෙ චත්තාරො ආහාරා කිං නිදානා? කිං සමුදයා? කිං ජාතිකා? කිං පභවා? ඉමෙ චත්තාරො ආහාරා තණ්හා නිදානා තණ්හා සමුදයා තණ්හා ජාතිකා තණ්හා විඵභවා තණ්හා කිං නිදානා? වෙදනා ඵස්සා සළායතනං නාමරූපං විඤ්ඤාණං සංඛාරා කිං නිදානා? සංඛාරා අවිජ්ජා නිදානං අවිජ්ජා පභවාති මජ්ඣතො පට්ඨාය යාව මුල දක්වා දේශනා කරති.

කස‍්මා පනෙවං දෙසෙතීති? පටිච‍්චසමුප‍්පාදස‍්ස සමන‍්තභද‍්දකත‍්තා, සයඤ‍්ච දෙසනාවිලාසප‍්පත‍්තත‍්තා. සමන‍්තභද‍්දකො හි පටිච‍්චසමුප‍්පාදො තතො තතො ඤායප‍්පටිවෙධාය සංවත‍්තතියෙව. දෙසනාවිලාසප‍්පත‍්තො ච භගවා චතුවෙසාරජ‍්ජප‍්පටිසම‍්භිදායොගෙන චතුබ‍්බිධගම‍්භීරභාවප‍්පත‍්තියා ච. සො දෙසනාවිලාසප‍්පත‍්තත‍්තා නානානයෙහෙව ධම‍්මං දෙසෙති. විසෙසතො පනස‍්ස යා ආදිතො පට‍්ඨාය අනුලොමදෙසනා, සා පවත‍්තිකාරණවිභාගසම‍්මූළ‍්හං වෙනෙය්‍යජනං සමනුපස‍්සතො යථාසකෙහි කාරණෙහි පවත‍්තිසන්‍දස‍්සනත්‍ථං උප‍්පත‍්තික‍්කමසන්‍දස‍්සනත්‍ථඤ‍්ච පවත‍්තිතාති ඤාතබ‍්බා.

කුමක් හෙයින් මෙසේ දේශනා කරන සේක්ද? පටිච්ච සමුප්පාදයේ හාත්පසින් සොඳුරු බව නිසා සහ තමන්වහන්සේගේ දේශනා විලාසය නිසාද පටිච්ච සමුප්පාදය හාත්පසින්ම සුන්දර නිසා ඒ ඒ පැත්තෙන් අවබෝධය පිණිස පවතී. දේශනා විලාශයට පැමිණි භාග්‍යවතුන් වහන්සේ සිව්වෙසරද පිළිසිඹු යෝගයෙන් සිව්වැදෑරුම් ගැඹුරුබවට පැමිණි නිසාද ඒ දේශනා විලාශයට පැමිණ අනේක නය ක්‍රමවලින් ධර්මය දේශනා කරති. මෙහි විශේෂය නම් මුලපටන් කරන අනුලෝම දේශනාවය. එය පවතින කරුණෙහි විනය පිළිබඳ මුලාවූ විනේය ජනයන් බලමින් යම්සේ ස්වකීය කරුණුවලින් ප්‍රවෘත්තිය දැක්වීම සඳහාත් උපත් ක්‍රම දැක්වීම සඳහාත් පවතින බව දතයුතුය.

යා පරියොසානතො පට‍්ඨාය පටිලොමදෙසනා, සා “කිච‍්ඡං වතායං ලොකො ආපන‍්නො ජායති ච ජීයති ච මීයති චා”ති (දී· නි· 2.57) ආදිනා නයෙන කිච‍්ඡාපන‍්නං ලොකමනුවිලොකයතො පුබ‍්බභාගප‍්පටිවෙධානුසාරෙන තස‍්ස තස‍්ස ජරාමරණාදිකස‍්ස දුක‍්ඛස‍්ස අත‍්තනාධිගතකාරණසන්‍දස‍්සනත්‍ථං. යා පන මජ‍්ඣතො පට‍්ඨාය යාව ආදි, සා ආහාරනිදානවවත්‍ථාපනානුසාරෙන යාව අතීතං අද‍්ධානං අතිහරිත්‍වා පුන අතීතද‍්ධතො පභුති හෙතුඵලපටිපාටිසන්‍දස‍්සනත්‍ථං. යා පන මජ‍්ඣතො පට‍්ඨාය යාව පරියොසානා පවත‍්තා, සා පච‍්චුප‍්පන‍්නෙ අද‍්ධානෙ අනාගතද‍්ධහෙතුසමුට‍්ඨානතො පභුති අනාගතද‍්ධසන්‍දස‍්සනත්‍ථං. තාසු යා සා පවත‍්තිකාරණසම‍්මූළ‍්හස‍්ස වෙනෙය්‍යජනස‍්ස යථාසකෙහි කාරණෙහි පවත‍්තිසන්‍දස‍්සනත්‍ථං උප‍්පත‍්තික‍්කමසන්‍දස‍්සනත්‍ථඤ‍්ච ආදිතො පට‍්ඨාය අනුලොමදෙසනා වුත‍්තා, සා ඉධ නික‍්ඛිත‍්තාති වෙදිතබ‍්බා.

අවසානයෙහි සිට මුල දක්වා වූ යම් පටිලෝම දේශනාවක් වෙයිද එය අපහසුවෙන් මෙලොවට පැමිණියේය. උපදී. දිරයි මැරෙයි යනාදි නයින් දුකසේ පැමිණි ලෝකය අනුව බලන්නේ පූර්වභාග ප්‍රතිවේදය අනුසාරයෙන් ඒ ඒ ජරාමරණ ආදි දුකට තමාට මුල්වන කරුණු දැක්වීම් සඳහාද, මැද පටන් මුල දක්වා කරන දේශනා එය ආහාර නිදාන නියමයන් අනුසාරයෙන් අතීත මාර්ගය හැර දක්වා නැවත අතීත මාර්ගයේ සිට හේතුඵල පිළිවෙල දැක්වීම සඳහාද මැද සිට අවසානය දක්වා පවත්නා දේශනා වර්තමාන මාර්ගයේ අනාගත හේතු හටගැන්ම පටන් අනාගත මාර්ගය දැක්වීම සඳහාද අනුලෝම දේශනාව එහි බැහැර කළ බවද දැනගත යුතුය.

කස‍්මා පනෙත්‍ථ අවිජ‍්ජා ආදිතො වුත‍්තා? කිං පකතිවාදීනං පකති විය අවිජ‍්ජාපි අකාරණං මූලකාරණං ලොකස‍්සාති? න අකාරණං. “ආසවසමුදයා අවිජ‍්ජාසමුදයො”ති හි අවිජ‍්ජාය කාරණං වුත‍්තං. අත්‍ථි පන පරියායො යෙන මූලකාරණං සියා. කො පන සොති? වට‍්ටකථාය සීසභාවො. භගවා හි වට‍්ටකථං කථෙන‍්තො ද‍්වෙ ධම‍්මෙ සීසං කත්‍වා කථෙසි – අවිජ‍්ජං වා භවතණ‍්හං වා. යථාහ – “පුරිමා, භික‍්ඛවෙ, කොටි න පඤ‍්ඤායති අවිජ‍්ජාය ‘ඉතො පුබ‍්බෙ අවිජ‍්ජා නාහොසි, අථ පච‍්ඡා සමභවී’ති. එවඤ‍්චෙතං, භික‍්ඛවෙ, වුච‍්චති, අථ ච පන පඤ‍්ඤායති ‘ඉදප‍්පච‍්චයා අවිජ‍්ජා”ති (අ· නි· 10.61); භවතණ‍්හං වා, යථාහ – “පුරිමා, භික‍්ඛවෙ, කොටි න පඤ‍්ඤායති භවතණ‍්හාය ‘ඉතො පුබ‍්බෙ භවතණ‍්හා නාහොසි, අථ පච‍්ඡා සමභවී’ති. එවඤ‍්චෙතං, භික‍්ඛවෙ, වුච‍්චති, අථ ච පන පඤ‍්ඤායති ‘ඉදප‍්පච‍්චයා භවතණ‍්හා”ති (අ· නි· 10.62).

කුමක් හෙයින් අවිජ්ජාව මුලින් කියන ලදද? ප්‍රකෘති වාදීන්ගේ ප්‍රකෘතිය මෙන් අවිද්‍යාවද ලෝකයේ අකාරණ මූ මූලකාරණයද අකාරණ නොවේ. ආසව සමුදයා අවිජ්ජා සමුදයොති අවිජ්ජාවට කාරණය කියන ලදි. යම් මූල කරුණක් වන්නේ නම් ඊට පර්යාය වන්නේය. එය කුමක්ද? සසර කතාවට ශීර්ෂ වශයෙනි. භාග්‍යවතුන් වහන්සේ සංසාර කථාව කියන්නේ ධර්ම දෙකක් ශීර්ෂ කොට දේශනා කළහ. අවිද්‍යාව සහ භව තෘෂ්ණාව වශයෙනි. යම්සේ කීහ. මහණෙනි, අවිද්‍යාවේ මුල් කොන නොපෙනේ. මෙයින් පෙර අවිද්‍යාව නොවීය. ඉක්බිති පසුව පහළවීය. මෙය මෙසේ කියනු ලැබේ. මීට හේතුව අවිද්‍යාවයයි ඉන්පසු පෙනී යයි. මහණෙනි, භව තෘෂ්ණාවේ මෙයින් පෙර තෘෂ්ණාව නොවීය. ඉන්පසු ඇතිවී යයි ආදි කෙළවර නොපෙනේ. මීට හේතුව භව තෘෂ්ණාවයයි පෙනේ.

කස‍්මා පන භගවා වට‍්ටකථං කථෙන‍්තො ඉමෙ ද‍්වෙව ධම‍්මෙ සීසං කත්‍වා කථෙසීති? සුගතිදුග‍්ගතිගාමිනො කම‍්මස‍්ස විසෙසහෙතුභූතත‍්තා. දුග‍්ගතිගාමිනො හි කම‍්මස‍්ස විසෙසහෙතු අවිජ‍්ජා. කස‍්මා? යස‍්මා අවිජ‍්ජාභිභූතො පුථුජ‍්ජනො, අග‍්ගිසන‍්තාපලගුළාභිඝාතපරිස‍්සමාභිභූතා වජ‍්ඣගාවී තාය පරිස‍්සමාතුරතාය නිරස‍්සාදම‍්පි අත‍්තනො අනත්‍ථාවහම‍්පි ච උණ‍්හොදකපානං විය, කිලෙසසන‍්තාපතො නිරස‍්සාදම‍්පි දුග‍්ගතිවිනිපාතතො ච අත‍්තනො අනත්‍ථාවහම‍්පි පාණාතිපාතාදිමනෙකප‍්පකාරං දුග‍්ගතිගාමිකම‍්මං ආරභති. සුගතිගාමිනො පන කම‍්මස‍්ස විසෙසහෙතු භවතණ‍්හා. කස‍්මා? යස‍්මා භවතණ‍්හාභිභූතො පුථුජ‍්ජනො, යථා වුත‍්තප‍්පකාරා ගාවී සීතුදකතණ‍්හාය සඅස‍්සාදං අත‍්තනො පරිස‍්සමවිනොදනඤ‍්ච සීතුදකපානං විය, කිලෙසසන‍්තාපවිරහතො සඅස‍්සාදං සුගතිසම‍්පාපනෙන අත‍්තනො දුග‍්ගතිදුක‍්ඛපරිස‍්සමවිනොදනඤ‍්ච පාණාතිපාතාවෙරමණීආදිමනෙකප‍්පකාරං සුගතිගාමිකම‍්මං ආරභති.

මේ ධර්ම දෙක ශීර්ෂ කළේ ඇයි? සුගති දුගති ගාමීන්ගේ කර්මයේ විශේෂ හේතුව වන නිසාය. දුගතිගාමීන්ගේ කර්මයේ විශේෂ හේතුව අවිජ්ජාය. කුමක් හෙයින්ද? යම්හෙයකින් අවිජ්ජාවෙන් පුහුදුන් තෙමේ ගින්නෙන් තැවීමෙන් පොලුපහර ලැබීමෙන් උත්සාහයෙන් මැඩපවත්වන ලද්දේ වැදු දෙනක් ඒ උත්සාහයෙන් ආශ්වාද රහිතව හිතට අනර්ථයක් ගෙන දෙන්නේද උණුදිය පානය කිරීමක් මෙන් කෙලෙස් සන්තාපයෙන් ආශ්වාදරහිත වූ දුගතියට වැටෙන්නා වූද තමාට අනර්ථය ගෙනදෙන්නා වූද ප්‍රාණඝාතාදි අනේකප්‍රකාර වූ දුර්ගතිගාමී කර්මවල යෙදෙයි. සුගතිගාමීන්ගේ කර්මයේ විශේෂ හේතුව භව තෘෂ්ණාවය. කුමක් හෙයින්ද? යම් හෙයකින් භව තෘෂ්ණාවෙන් යුත් පෘථග්ජනයා කියන ලද ආකාරයෙන් දෙන සිසිල් ජලයට ආශාවෙන් එය ආශ්වාදනය කරන්නේ තමාගේ දුක දුරුකිරීමට සිහිල් ජලය පානය කරන්නාක් මෙන් කෙලෙස් සන්තාප නැතිව ආශ්වාද සහිතව සුගතියට පැමිණෙන තමාගේ දුර්ගති දුක දුරුකිරීමට සතුන් මැරීමෙන් වැළකීම ආදි අනෙකප්‍රකාර සුගතිගාමී කර්මවල යෙදෙයි.

එතෙසු පන වට‍්ටකථාය සීසභූතෙසු ධම‍්මෙසු කත්‍ථචි භගවා එකධම‍්මමූලිකං දෙසනං දෙසෙති, සෙය්‍යථිදං – “ඉති ඛො, භික‍්ඛවෙ, අවිජ‍්ජූපනිසා සඞ‍්ඛාරා, සඞ‍්ඛාරූපනිසං විඤ‍්ඤාණ”න‍්තිආදි (සං· නි· 2.23). තථා “උපාදානීයෙසු, භික‍්ඛවෙ, ධම‍්මෙසු අස‍්සාදානුපස‍්සිනො විහරතො තණ‍්හා පවඩ‍්ඪති, තණ‍්හාපච‍්චයා උපාදාන”න‍්තිආදි (සං· නි· 2.52). කත්‍ථචි උභයමූලිකම‍්පි, සෙය්‍යථිදං – “අවිජ‍්ජානීවරණස‍්ස, භික‍්ඛවෙ, බාලස‍්ස තණ‍්හාය සම‍්පයුත‍්තස‍්ස එවමයං කායො සමුදාගතො. ඉති අයඤ‍්චෙව කායො බහිද‍්ධා ච නාමරූපං ඉත්‍ථෙතං ද‍්වයං, ද‍්වයං පටිච‍්ච ඵස‍්සො, සළෙවායතනානි යෙහි ඵුට‍්ඨො බාලො සුඛදුක‍්ඛං පටිසංවෙදෙතී”තිආදි (සං· නි· 2.19). තාසු තාසු දෙසනාසු “අවිජ‍්ජාපච‍්චයා සඞ‍්ඛාරා”ති අයමිධ අවිජ‍්ජාවසෙන එකධම‍්මමූලිකා දෙසනාති වෙදිතබ‍්බා. එවං තාවෙත්‍ථ දෙසනාභෙදතො විඤ‍්ඤාතබ‍්බො විනිච‍්ඡයො.

මේ සංසාර කථාවට ශීර්ෂභූත වූ ධර්ම අතරෙන් කිසිවිට භාග්‍යවත්හු එක් ධර්මයක් මූලික කොටද දේශනා කරති. කෙසේද? ඉති ඛො භික්ඛවෙ අවිජ්ජූපනිසා සංඛාරා සංඛාර නිසා විඤ්ඤාණං” ආදිය. එසේම මහණෙනි, උපාදාන ධර්මවල ආශ්වාද වශයෙන් බලන්නාට තෘෂ්ණාව වැඩේ. තෘෂ්ණා ප්‍රත්‍යයෙන් උපාදාන වේ යන ආදි කිසිතැනක උභයමූලිකවද කෙසේද? අවිජ්ජා නීවරණය නිසා තෘෂ්ණාවේ යුක්ත බාලයාට මෙසේ මේ ශරීරය හටගත්තේය යන මේ කයද බාහිර නාමරූප යන මෙහි ඒ දෙක නිසා ස්පර්ශය සළායතන එය ස්පර්ශ කරන බාලයා සැපදුක් විඳියි යන ආදි ඒ ඒ දේශනාවල අවිජ්ජා පච්චයා සංඛාරාති වේ. මෙහි අවිජ්ජා වශයෙන් එක් ධර්මයක් මුල්කොට කළ දේශනා වේ යයි දතයුතුය. මෙහි දේශනා භේදයෙන් විනිස දතයුතුය.

‘අත්‍ථතො’ති අවිජ‍්ජාදීනං පදානං අත්‍ථතො, සෙය්‍යථිදං – පූරෙතුං අයුත‍්තට‍්ඨෙන කායදුච‍්චරිතාදි අවින්‍දියං නාම; අලද‍්ධබ‍්බන‍්ති අත්‍ථො. තං අවින්‍දියං වින්‍දතීති අවිජ‍්ජා. තබ‍්බිපරීතතො කායසුචරිතාදි වින්‍දියං නාම. තං වින්‍දියං න වින්‍දතීති අවිජ‍්ජා. ඛන්‍ධානං රාසට‍්ඨං, ආයතනානං ආයතනට‍්ඨං, ධාතූනං සුඤ‍්ඤට‍්ඨං, සච‍්චානං තථට‍්ඨං, ඉන්‍ද්‍රියානං ආධිපතෙය්‍යට‍්ඨං අවිදිතං කරොතීති අවිජ‍්ජා. දුක‍්ඛාදීනං පීළනාදිවසෙන වුත‍්තං චතුබ‍්බිධං චතුබ‍්බිධං අත්‍ථං අවිදිතං කරොතීතිපි අවිජ‍්ජා. අන‍්තවිරහිතෙ සංසාරෙ සබ‍්බයොනිගතිභවවිඤ‍්ඤාණට‍්ඨිතිසත‍්තාවාසෙසු සත‍්තෙ ජවාපෙතීති අවිජ‍්ජා. පරමත්‍ථතො අවිජ‍්ජමානෙසු ඉත්‍ථිපුරිසාදීසු ජවති, විජ‍්ජමානෙසුපි ඛන්‍ධාදීසු න ජවතීති අවිජ‍්ජා. අපිච චක‍්ඛුවිඤ‍්ඤාණාදීනං වත්‍ථාරම‍්මණානං පටිච‍්චසමුප‍්පාදපටිච‍්චසමුප‍්පන‍්නානඤ‍්ච ධම‍්මානං ඡාදනතොපි අවිජ‍්ජා.

අර්ථ වශයෙන් යනු අවිජ්ජාදි පදයන්ගේ අර්ථ වශයෙන් කෙසේද? පිරීමට නුසුදුසු තැන්වල කාය දුශ්චරිතාදිය අවිද්‍යා නම් වේ. නොලද යුතුය යන අර්ථයයි. ඒ නොලද යුතු දේ ලබත්ය යනු අවිජ්ජා නම් වේ. ඊට විපරීත වූ කාය සුචරිතාදිය වින්‍දිය (ලැබිය යුතු දේ) නම් වේ. ඒ විඳිය යුතු දේ නොවිඳීනුයි අවිජ්ජා නම් වේ. ස්කන්ධයන්ගේ රාශිය අර්ථය. ආයතනවල ආයතන අර්ථය. ධාතූන්ගේ ශූන්‍යතා අර්ථය සත්‍යවල තථ්‍ය අර්ථය, ඉන්‍ද්‍රියවල අධිපති අර්ථය නොදැන ගැනීම අවිජ්ජා වේ. දුක්ඛාදියේ පෙළීම් වශයෙන් කියන ලද සතරාකාර සතරාකාර අර්ථය නොදැනීම කෙරේනුයිද අවිජ්ජා වේ. කෙළවරක් නැති සංසාරයෙහි සියළු යෝනි ගති භව විඤ්ඤාණය ඇති සත්තාවාසවල සත්ත්වයන් දුවවයි යනුද අවිජ්ජා වේ. පරමාර්ථ වශයෙන් අවිද්‍යමාන වූ ස්ත්‍රී පුරුෂයන් කෙරෙහි දුවයි විද්‍යමාන ඛන්‍ධ ආදිය කෙරෙහි නොදුවයි යනුද අවිජ්ජා වේ. තවද චක්ඛු විඤ්ඤාණාදියේ වස්තු අරමුණුවල හේතුඵල හේතුවකින් උපන් ධර්ම වසා තබන හෙයින්ද අවිජ්ජා වේ.

යං පටිච‍්ච ඵලමෙති සො පච‍්චයො. පටිච‍්චාති න විනා තෙන; තං අපච‍්චක‍්ඛිත්‍වාති අත්‍ථො. එතීති උප‍්පජ‍්ජති චෙව පවත‍්තති චාති අත්‍ථො. අපි ච උපකාරකට‍්ඨො පච‍්චයට‍්ඨො. අවිජ‍්ජා ච සා පච‍්චයො චාති අවිජ‍්ජාපච‍්චයො. තස‍්මා අවිජ‍්ජාපච‍්චයා.

යමක් නිසා ඵලයක් ඒද එය ප්‍රත්‍යය වේ. ප්‍රත්‍යය නැතිව එයින් නොවේ. එය ප්‍රත්‍යක්‍ෂ නොකළ යන අර්ථය වේ. එති යන ඉපදීම (හටගැනීම) ද පැවතීමද යන අර්ථය වේ. තවද උපකාරය යන අර්ථයෙන් ප්‍රත්‍යය යන අර්ථය වේ. අවිජ්ජාවද පච්චයද අවිජ්ජාපච්චය වේ. ඒ නිසා අවිජ්ජා පච්චයා

සඞ‍්ඛතමභිසඞ‍්ඛරොන‍්තීති සඞ‍්ඛාරා. අපිච අවිජ‍්ජාපච‍්චයා සඞ‍්ඛාරා, සඞ‍්ඛාරසද‍්දෙන ආගතසඞ‍්ඛාරා චාති දුවිධා සඞ‍්ඛාරා. තත්‍ථ පුඤ‍්ඤාපුඤ‍්ඤානෙඤ‍්ජාභිසඞ‍්ඛාරා තයො, කායවචීචිත‍්තසඞ‍්ඛාරා තයොති ඉමෙ ඡ අවිජ‍්ජාපච‍්චයා සඞ‍්ඛාරා . තෙ සබ‍්බෙපි ලොකියකුසලාකුසලචෙතනාමත‍්තමෙව හොන‍්ති.

සංඛත අභිසංස්කරණ කෙරේනුයි සංඛාර වේ. තවද අවිජ්ජා පච්චයා සංඛාරා සංඛාර ශබ්දයෙන් ආගත සංඛාර යන දෙපරිදිය. එහි පුඤ්ඤ අපුඤ්ඤ ආනෙඤ්ජ අභිසංඛාර තුන කායවචී චිත්ත සංඛාර තුන යයි හයක් අවිජ්ජාපච්චයා සංඛාරා වේ. ඒ සියල්ල ලෞකික කුසල අකුසල චේතනා පමණ වේ.

සඞ‍්ඛතසඞ‍්ඛාරො, අභිසඞ‍්ඛතසඞ‍්ඛාරො, අභිසඞ‍්ඛරණසඞ‍්ඛාරො, පයොගාභිසඞ‍්ඛාරොති ඉමෙ පන චත‍්තාරො සඞ‍්ඛාරසද‍්දෙන ආගතසඞ‍්ඛාරා. තත්‍ථ “අනිච‍්චා වත සඞ‍්ඛාරා”තිආදීසු (දී· නි· 2.221, 272; සං· නි· 1.186; 2.143) වුත‍්තා සබ‍්බෙපි සප‍්පච‍්චයා ධම‍්මා ‘සඞ‍්ඛතසඞ‍්ඛාරා’ නාම. කම‍්මනිබ‍්බත‍්තා තෙභූමකා රූපාරූපධම‍්මා ‘අභිසඞ‍්ඛතසඞ‍්ඛාරා’ති අට‍්ඨකථාසු වුත‍්තා. තෙපි “අනිච‍්චා වත සඞ‍්ඛාරා”ති එත්‍ථෙව සඞ‍්ගහං ගච‍්ඡන‍්ති. විසුං පන නෙසං ආගතට‍්ඨානං න පඤ‍්ඤායති. තෙභූමකකුසලාකුසලචෙතනා පන ‘අභිසඞ‍්ඛරණකසඞ‍්ඛාරො’ති වුච‍්චති. තස‍්ස “අවිජ‍්ජාගතොයං, භික‍්ඛවෙ, පුරිසපුග‍්ගලො පුඤ‍්ඤඤ‍්චෙ අභිසඞ‍්ඛරොතී”තිආදීසු (සං· නි· 2.51) ආගතට‍්ඨානං පඤ‍්ඤායති. කායිකචෙතසිකං පන වීරියං ‘පයොගාභිසඞ‍්ඛාරො’ති වුච‍්චති. සො “යාවතිකා අභිසඞ‍්ඛාරස‍්ස ගති, තාවතිකං ගන‍්ත්‍වා අක‍්ඛාහතං මඤ‍්ඤෙ අට‍්ඨාසී”තිආදීසු (අ· නි· 3.15) ආගතො.

සංඛත සංඛාර, අභිසංඛත සංඛාර, අභිසංඛරණ සංඛාර, පයොගම්භි සංඛාර යයි මේ සතර වනාහි සංඛාර ශබ්දයෙන් ආගත සංඛාර නම් වේ. එහි අනිච්චා වත සංඛාරා යන ආදියෙහි කියන ලද සියළු සප්‍රත්‍ය ධර්මයන් සංඛත සංඛාර නම් වේ. කර්ම නිපදවන ත්‍රෛභූමික රූපාරූප ධර්ම අභිසංඛත සංඛාර යයි අටුවාවල කියන ලදි. ඒවා අනිච්චා වත සංඛාර යන මෙහිම ඇතුළත් වේ. වෙන්ව වනාහි ඒවා (පෙළෙහි) පැමිණි තැනක් නොපෙනේ. ත්‍රෛභූමික කුසල අකුසල චේතනා අභිසංඛරණ සංඛාර යයි කියනු ලැබේ. එය “අවිජ්ජාගතොයං භික්ඛවෙ පුරිස පුග්ගලො පුඤ්ඤඤ්චෙ අභිසංඛාරං අභිසංඛරොති” යන ආදියෙහි ආ තැන පෙනේ. කායික චෛතසික වීර්ය පයොගාභිසංඛාරයයි කියනු ලැබේ. එය “යාවතිකා අභිසංඛාරස්ස ගති තාවතිකා ගන්ත්‍වා අක්ඛාහතං මඤ්ඤෙ අට්ඨාසී” යන ආදියෙහි ආවේය.

න කෙවලඤ‍්ච එතෙයෙව, අඤ‍්ඤෙපි “සඤ‍්ඤාවෙදයිතනිරොධං සමාපජ‍්ජන‍්තස‍්ස ඛො, ආවුසො විසාඛ, භික‍්ඛුනො පඨමං නිරුජ‍්ඣති වචීසඞ‍්ඛාරො, තතො කායසඞ‍්ඛාරො, තතො චිත‍්තසඞ‍්ඛාරො”තිආදිනා (ම· නි· 1.464) නයෙන සඞ‍්ඛාරසද‍්දෙන ආගතා අනෙකසඞ‍්ඛාරා. තෙසු නත්‍ථි සො සඞ‍්ඛාරො, යො සඞ‍්ඛතසඞ‍්ඛාරෙ සඞ‍්ගහං න ගච‍්ඡෙය්‍ය. ඉතො පරං සඞ‍්ඛාරපච‍්චයා විඤ‍්ඤාණන‍්තිආදීසු යං වුත‍්තං තං වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බං.

හුදකලා මෙය පමණක් නොව අන්‍ය වූද “සංඥා වෙදයිත නිරොධ” සමවැදුණු භික්‍ෂුවට පළමුව වචීසංඛාර නිරුද්ධ වේ. ඉක්බිතිව කාය සංඛාරද ඉක්බිතිව චිත්ත සංඛාරයද ආදි ක්‍රමයෙන් සංඛාර ශබ්දයෙන් ආ නොයෙක් සංඛාර වේ. ඒවා අතරෙන් සංඛත සංඛාරයෙහි සංග්‍රහයට නොගිය සංඛාරයක් නැත. මෙයින් පසු සංඛාරපච්චයා විඤ්ඤාණං යන ආදියෙහි යමක් කියන ලදද එය කියන ලද ආකාරයෙන් දත යුතුය.

අවුත‍්තෙ පන විජානාතීති විඤ‍්ඤාණං. නමතීති නාමං. රුප‍්පතීති රූපං. ආයෙ තනොති, ආයතඤ‍්ච නයතීති ආයතනං. ඵුසතීති ඵස‍්සො. වෙදයතීති වෙදනා. පරිතස‍්සතීති තණ‍්හා. උපාදියතීති උපාදානං. භවති භාවයති චාති භවො. ජනනං ජාති. ජීරණං ජරා. මරන‍්ති එතෙනාති මරණං. සොචනං සොකො. පරිදෙවනං පරිදෙවො. දුක‍්ඛයතීති දුක‍්ඛං; උප‍්පාදට‍්ඨිතිවසෙන වා ද‍්වෙධා ඛණතීති දුක‍්ඛං. දුම‍්මනස‍්ස භාවො දොමනස‍්සං. භුසො ආයාසො උපායාසො.

නොකියන ලද්ද වනාහි දැනගනීනුයි විඤ්ඤාණං වේ. නැමේනුයි නාම නම් වේ. වෙනස්වේනුයි රූප නම් වේ. අය පතුරුවයි. ආයතනද පමුණුවයි ආයතන වේ. සපර්ශ කරයි. ඵස්ස. විඳීනුයි වේදනා. ආසාවෙහි අසීමිත වේනුයි තණ්හා. අල්වා ගනීනුයි උපාදාන වෙයි. භවො ඉපදවීම ජාති දිරීම ජරා. මරණය මෙයින්ය. මරණං. සොක කිරීම සොකො. විලාප කීම පරිදෙවො. දුකට පත්කිරීම දුක්ඛ. උත්පාද ඨිති වශයෙන් හෝ දෙයාකාරයෙන් කරයිද දුක්ඛ වේ. දුර්මනවීම දෝමනස්ස බොහෝ කරදර (ආයාස) උපායාස වේ.

සම‍්භවන‍්තීති නිබ‍්බත‍්තන‍්ති. න කෙවලඤ‍්ච සොකාදීහෙව, අථ ඛො සබ‍්බපදෙහි ‘සම‍්භවන‍්තී’ති සද‍්දස‍්ස යොජනා කාතබ‍්බා. ඉතරථා හි “අවිජ‍්ජාපච‍්චයා සඞ‍්ඛාරා”ති වුත‍්තෙ කිං කරොන‍්තීති න පඤ‍්ඤායෙය්‍යුං. “සම‍්භවන‍්තී”ති පන යොජනාය සති “අවිජ‍්ජා ච සා පච‍්චයො චාති අවිජ‍්ජාපච‍්චයො; තස‍්මා අවිජ‍්ජාපච‍්චයා සඞ‍්ඛාරා සම‍්භවන‍්තී”ති පච‍්චයපච‍්චයුප‍්පන‍්නවවත්‍ථානං කතං හොති. එස නයො සබ‍්බත්‍ථ.

සම්භවන්ති උපදී. තනිකර සෝක ආදිය නොවේ. සියළු පදවලට සම්භවන්ති ශබ්දය යෙදිය යුතු වේ. අවිජ්ජා පච්චයා සංඛාරා යයි කී කල්හි කුමක් කෙරේදැයි නො පෙන්වයි. සම්භවන්ති යෙදීමෙන් අවිජ්ජති සා පච්චයාති අවිජ්ජාපච්චයා එසේ හෙයින් “අවිජ්ජා පච්චයා සංඛාරා සම්භවන්ති” පච්චය පච්චුප්පන්න නියමය වෙයි. සියළු තන්හි මේ නයයි.

එවන‍්ති නිද‍්දිට‍්ඨනයනිදස‍්සනං. තෙන අවිජ‍්ජාදීහෙව කාරණෙහි, න ඉස‍්සරනිම‍්මානාදීහීති දස‍්සෙති. එතස‍්සාති යථාවුත‍්තස‍්ස. කෙවලස‍්සාති අසම‍්මිස‍්සස‍්ස සකලස‍්ස වා. දුක‍්ඛක‍්ඛන්‍ධස‍්සාති දුක‍්ඛසමූහස‍්ස, න සත‍්තස‍්ස, න සුඛසුභාදීනං. සමුදයොති නිබ‍්බත‍්ති. හොතීති සම‍්භවති. එවමෙත්‍ථ අත්‍ථතො විඤ‍්ඤාතබ‍්බො විනිච‍්ඡයො.

එවං යනු දක්වන ලද ක්‍රම නිදර්ශනයයි. එහෙයින් අවිජ්ජාදී හේතුවෙන්ම. ඊශ්වර නිර්මාණාදියෙන් නොවේ යයි දක්වයි. එතස්ස යනු කියන ලද පරිදි. කෙවලස්ස සම්මිශ්‍ර නොවූ. සියල්ල හෝ දුක්ඛක්ඛන්‍ධස්ස දුක් සමූහය. සත්ත්‍වයින්ට සැප සුබ වශයෙන් නොවේ. සමුදය - උපදියි. හටගනියි. හොති සිදුවේ. මෙසේ මෙහි අර්ථ වශයෙන් දතයුතුය.

‘ලක‍්ඛණාදිතො’ති අවිජ‍්ජාදීනං ලක‍්ඛණාදිතො, සෙය්‍යථිදං – අඤ‍්ඤාණලක‍්ඛණා අවිජ‍්ජා, සම‍්මොහනරසා, ඡාදනපච‍්චුපට‍්ඨානා, ආසවපදට‍්ඨානා. අභිසඞ‍්ඛරණලක‍්ඛණා සඞ‍්ඛාරා, ආයූහනරසා, චෙතනාපච‍්චුපට‍්ඨානා, අවිජ‍්ජාපදට‍්ඨානා. විජානනලක‍්ඛණං විඤ‍්ඤාණං, පුබ‍්බඞ‍්ගමරසං, පටිසන්‍ධිපච‍්චුපට‍්ඨානං, සඞ‍්ඛාරපදට‍්ඨානං, වත්‍ථාරම‍්මණපදට‍්ඨානං වා. නමනලක‍්ඛණං නාමං, සම‍්පයොගරසං, අවිනිබ‍්භොගපච‍්චුපට‍්ඨානං, විඤ‍්ඤාණපදට‍්ඨානං. රුප‍්පනලක‍්ඛණං රූපං, විකිරණරසං, අබ්‍යාකතපච‍්චුපට‍්ඨානං, විඤ‍්ඤාණපදට‍්ඨානං. ආයතනලක‍්ඛණං සළායතනං, දස‍්සනාදිරසං, වත්‍ථුද‍්වාරභාවපච‍්චුපට‍්ඨානං , නාමරූපපදට‍්ඨානං. ඵුසනලක‍්ඛණො ඵස‍්සො, සඞ‍්ඝට‍්ටනරසො, සඞ‍්ගතිපච‍්චුපට‍්ඨානො, සළායතනපදට‍්ඨානො. අනුභවනලක‍්ඛණා වෙදනා, විසයරසසම‍්භොගරසා, සුඛදුක‍්ඛපච‍්චුපට‍්ඨානා, ඵස‍්සපදට‍්ඨානා. හෙතුලක‍්ඛණා තණ‍්හා, අභිනන්‍දනරසා, අතිත‍්තිභාවපච‍්චුපට‍්ඨානා, වෙදනාපදට‍්ඨානා. ගහණලක‍්ඛණං උපාදානං, අමුඤ‍්චනරසං, තණ‍්හාදළ‍්හත‍්තදිට‍්ඨිපච‍්චුපට‍්ඨානං, තණ‍්හාපදට‍්ඨානං. කම‍්මකම‍්මඵලලක‍්ඛණො භවො, භාවනභවනරසො, කුසලාකුසලාබ්‍යාකතපච‍්චුපට‍්ඨානො, උපාදානපදට‍්ඨානො. ජාතිආදීනං ලක‍්ඛණාදීනි සච‍්චවිභඞ‍්ගෙ වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බානි. එවමෙත්‍ථ ලක‍්ඛණාදිතොපි විඤ‍්ඤාතබ‍්බො විනිච‍්ඡයො.

ලක්ඛණාදි යනු අවිජ්ජාදි ලක්‍ෂණ වශයෙන් කෙසේද? අවිජ්ජාව නොදැනීම් ලක්‍ෂණය. මුළාකිරීම කෘත්‍යයයි. වැසීම වැටහෙන කාරණයයි. ආශ්‍රවය ආසන්න කාරණය සංඛාර අභිසංස්කරණය ලක්‍ෂණයයි. රැස්කිරීම කෘත්‍යයය. චේතනාව වැටහෙන කරුණය. අවිද්‍යාව ආසන්න කාරණය විඤ්ඤාණය දැනගැනීමේ ලක්‍ෂණ වේ. ඉදිරියෙන් යෑම කෘත්‍යය ප්‍රතිසන්ධිය වැටහෙන ආකාරයය. සංස්කාර ආසන්න කරණය. වස්තු අරමුණු කිරීම හෝ ආසන්න කාරණය. නාමය නැමීම ලක්‍ෂණයය. සම්ප්‍රයෝගය කෘත්‍යය වෙන් නොවීම වැටහෙන කාරණය. විඤ්ඤාණය ආසන්න කරුණය. රූපය වෙනස්වීම ලක්‍ෂණය. විසිරීම කෘත්‍යය. ප්‍රකාශ නොකරන වැටහෙන කරුණය. විඤ්ඤාණය ආසන්න කරුණය. සළායතන රැස්වන ස්ථානය ලක්‍ෂණයයි. දස්සනාදිය කෘත්‍යය වේ. වස්තු ද්වාරභාවය වැටහෙන ආකාරයයි. නාමරූප ආසන්න කරුණය. ඵස්ස ස්පර්ශ ලක්‍ෂණය යයි. ගැටුම කෘත්‍යයය. එක්වීම වැටහෙන ආකාරය සළායතන ආසන්න කරුණය. වේදනා අනුරූපවන (විඳීම) ලක්‍ෂණය විෂය රසය හා එක්වීම කෘත්‍යයය. සැප දුක් වැටහෙන ආකාරයය ස්පර්ශය ආසන්න කාරණය. තණ්හා හේතු ලක්‍ෂණය සතුටුවීම කෘත්‍යය තෘප්තිමත්භාවයට නොපැමිණීම වැටහෙන කාරණය වේදනා ආසන්න කරුණය. උපාදානය ග්‍රහණය කිරීම ලක්‍ෂණය. මුදා නොහැරීම කෘත්‍යයය. තෘෂ්ණා දෘඪ ආත්ම දෘෂ්ටිය වැටහෙන ආකාරය. තෘෂ්ණාව ආසන්න කාරණය. භවො කර්ම කර්මවල ලක්‍ෂණය (භව භවන) වීම කෘත්‍යයය කුසල අකුසල අව්‍යාකෘත වැටහෙන ආකාරය උපාදානය ආසන්න කරුණය. ජාති ආදියෙහි ලක්‍ෂණ සච්ච විභංගයෙහි කී ආකාරයෙන් දැනගන්න. මෙසේ මෙහි ලක්‍ෂණාදි වශයෙන් විනිස දතයුතුය.

‘එකවිධාදිතො’ති එත්‍ථ අවිජ‍්ජා අඤ‍්ඤාණාදස‍්සනමොහාදිභාවතො එකවිධා, අප‍්පටිපත‍්තිමිච‍්ඡාපටිපත‍්තිතො දුවිධා තථා සඞ‍්ඛාරාසඞ‍්ඛාරතො, වෙදනාත‍්තයසම‍්පයොගතො තිවිධා, චතුසච‍්චඅප‍්පටිවෙධතො චතුබ‍්බිධා, ගතිපඤ‍්චකාදීනවච‍්ඡාදනතො පඤ‍්චවිධා, ද‍්වාරාරම‍්මණතො පන සබ‍්බෙසුපි අරූපධම‍්මෙසු ඡබ‍්බිධතා වෙදිතබ‍්බා.

එකවිධාදිතො යන මෙහි අවිජ්ජාව - නොදැනීම නොපෙනීම මෝහය ආදි වශයෙන් ඒකවිධය. ප්‍රතිපත්තියක් නැති මිථ්‍යා ප්‍රතිපත්ති වශයෙන් හා සසංඛාර අසංඛාර වශයෙන් ද්විධය. වේදනා තුනෙන් යුත් නිසා ත්‍රිවිධය. චතුස්සත්‍ය අප්‍රතිවේද වශයෙන් චතුර්විධය. ගති පඤ්චකාදිය වසන බැවින් පංචවිධය. ද්වාර ආරම්මණ වශයෙන් සියළු අරූප ධර්මවල ෂඩ්විධ නය දතයුතුය.

සඞ‍්ඛාරා සාසවවිපාකධම‍්මධම‍්මාදිභාවතො එකවිධා, කුසලාකුසලතො දුවිධා තථා පරිත‍්තමහග‍්ගතහීනමජ‍්ඣිමමිච‍්ඡත‍්තනියතානියතතො, තිවිධා පුඤ‍්ඤාභිසඞ‍්ඛාරාදිභාවතො, චතුබ‍්බිධා චතුයොනිසංවත‍්තනතො, පඤ‍්චවිධා පඤ‍්චගතිගාමිතො.

සංඛාරය - ආශ්‍රව සහිත විපාක ධර්මාදි භවයෙන් ඒකවිධය. කුසලාකුසල වශයෙන් ද්විධය. එසේම පරිත්ත මහග්ගත, හීන, මජ්ඣිම, මිච්ඡත්ත බොරු සම්මත්ත (නිවැරදිව) නියත අනියත වශයෙන් ද්විධය. පුඤ්ඤාදි සංස්කාර භාවයෙන් ත්‍රිවිධය. සතර යෝනි පැවතීම් වශයෙන් චතුර්විධය. පංචගතිගාමී හෙයින් පංචිවිධය.

විඤ‍්ඤාණං ලොකියවිපාකාදිභාවතො එකවිධං, සහෙතුකාහෙතුකාදිතො දුවිධං, භවත‍්තයපරියාපන‍්නතො වෙදනාත‍්තයසම‍්පයොගතො අහෙතුකදුහෙතුකතිහෙතුකතො ච තිවිධං, යොනිගතිවසෙන චතුබ‍්බිධං පඤ‍්චවිධඤ‍්ච.

විඤ්ඤාණය-ලෞකික විපාකාදි භාවයෙන් ඒකවිධය. සහේතුක අහේතුක භේදයෙන් ද්විධය. භවත්‍රය ඇතුළත් හෙයින් ද වේදනාත්‍රයෙහි යුක්ත හෙයින්ද අහේතුක දුහේතුක ත්‍රිහේතුක වශයෙන් ත්‍රිවිධය. යෝනි ගති වශයෙන් චතුර්විධ ද පංචවිධ ද වේ.

නාමරූපං විඤ‍්ඤාණසන‍්නිස‍්සයතො කම‍්මපච‍්චයතො ච එකවිධං, සාරම‍්මණානාරම‍්මණතො දුවිධං, අතීතාදිතො තිවිධං, යොනිගතිවසෙන චතුබ‍්බිධං පඤ‍්චවිධඤ‍්ච.

නාමරූපං විඤ්ඤාණය ඇසුරු කරන නිසාම කර්ම ප්‍රත්‍යයද නිසා ඒකවිධය. සාරම්මණ අනාරම්මණ වශයෙන් ද්විධය. අතීතාදි වශයෙන් ත්‍රිවිධය. යෝනි ගති වශයෙන් චතුර්විධ පංචවිධද වේ.

සළායතනං සඤ‍්ජාතිසමොසරණට‍්ඨානතො එකවිධං, භූතප‍්පසාදවිඤ‍්ඤාණාදිතො දුවිධං, සම‍්පත‍්තාසම‍්පත‍්තනොභයගොචරතො තිවිධං, යොනිගතිපරියාපන‍්නතො චතුබ‍්බිධං පඤ‍්චවිධඤ‍්චාති ඉමිනා නයෙන ඵස‍්සාදීනම‍්පි එකවිධාදිභාවො වෙදිතබ‍්බොති. එවමෙත්‍ථ එකවිධාදිතොපි විඤ‍්ඤාතබ‍්බො විනිච‍්ඡයො.

සළායතනය හටගැනීම බැසීම් ආසන්න අර්ථයෙන් ඒකවිධය. භූතප්‍රසාද විඤ්ඤාණ වශයෙන් ද්විධය. සම්පන්න අසම්පන්න උභයගෝචර නොවීමෙන් ත්‍රිවිධය. යෝනි ගති ඇතුළත් හෙයින් චතුර්විධ පංචවිධ වේ. මේ ක්‍රමයෙන් ඵස්සාදීන්ගේද ඒකවිධභාවය දැනගත යුතුය. මෙසේ මෙහි ඒකවිධාදි වශයෙන් විනිස දතයුතුය.

‘අඞ‍්ගානඤ‍්ච වවත්‍ථානා’ති සොකාදයො චෙත්‍ථ භවචක‍්කස‍්ස අවිච‍්ඡෙදදස‍්සනත්‍ථං වුත‍්තා. ජරාමරණබ‍්භාහතස‍්ස හි බාලස‍්ස තෙ සම‍්භවන‍්ති. යථාහ – “අස‍්සුතවා, භික‍්ඛවෙ, පුථුජ‍්ජනො සාරීරිකාය දුක‍්ඛාය වෙදනාය ඵුට‍්ඨො සමානො සොචති කිලමති පරිදෙවති උරත‍්තාළිං කන්‍දති සම‍්මොහමාපජ‍්ජතී”ති (සං· නි· 4.252). යාව ච තෙසං පවත‍්ති තාව අවිජ‍්ජායාති පුනපි අවිජ‍්ජාපච‍්චයා සඞ‍්ඛාරාති සම‍්බන්‍ධමෙව හොති භවචක‍්කං. තස‍්මා තෙසම‍්පි ජරාමරණෙනෙව එකසඞ‍්ඛෙපං කත්‍වා ද‍්වාදසෙව පටිච‍්චසමුප‍්පාදඞ‍්ගානීති වෙදිතබ‍්බානි. එවමෙත්‍ථ අඞ‍්ගානං වවත්‍ථානතොපි විඤ‍්ඤාතබ‍්බො විනිච‍්ඡයො. අයං තාවෙත්‍ථ උද‍්දෙසවාරවසෙන සඞ‍්ඛෙපකථා.

අංගද නියමයන්ද සෝකාදියද භවචක්‍රයේ නොකැඩීම දැක්වීම සඳහා කියන ලදි. ජරාමරණ කැඳවන බාලයාව ඒවා හටගනී. මෙසේ කීය. “මහණෙනි, අශ්‍රැතවත් පෘථග්ජනයා කායික දුක් වේදනාවෙන් ස්පර්ශ (පෙළුනේ) කරන ලද්දේ සෝක කරයි. ක්ලාන්ත වෙයි. වැලපෙයි. පපුවට ගසා ගනිමින් හඬයි. මුළාවට පැමිණෙයි. යම් තවත් ඒවා පවතී ද ඒතාක් අවිද්‍යාව ඇතැයි නැවතද “අවිජ්ජා පච්චයා සංඛාරා” යයි භව චක්‍රය සම්බන්ධ වෙයි. එහෙයින් ඒවා ජරාමරණවලට සාපේක්‍ෂ කොට පටිච්ච සමුප්පාද අංග දොළහ යයි දතයුතුය. මෙසේ එහි අංග නියමය වශයෙන්ද විනිස දැනගත යුතුය. මෙය මෙහි උද්දේස වශයෙන් සාපේක්‍ෂ කථාවය.

උද‍්දෙසවාරවණ‍්ණනා නිට‍්ඨිතා.