5. ඉන්ද්රියවිභඞ්ගො අට්ඨකථා
5. ඉන්ද්රිය විභංගය
අභිධම්මභාජනීයවණ්ණනා
අභිධර්ම භාජනීය වර්ණනාව
ඉදානි තදනන්තරෙ ඉන්ද්රියවිභඞ්ගෙ බාවීසතීති ගණනපරිච්ඡෙදො. ඉන්ද්රියානීති පරිච්ඡින්නධම්මනිදස්සනං. ඉදානි තානි සරූපතො දස්සෙන්තො චක්ඛුන්ද්රියන්තිආදිමාහ. තත්ථ චක්ඛුද්වාරෙ ඉන්දට්ඨං කාරෙතීති චක්ඛුන්ද්රියං. සොතඝානජිව්හාකායද්වාරෙ ඉන්දට්ඨං කාරෙතීති කායින්ද්රියං. විජානනලක්ඛණෙ ඉන්දට්ඨං කාරෙතීති මනින්ද්රියං. ඉත්ථිභාවෙ ඉන්දට්ඨං කාරෙතීති ඉත්ථින්ද්රියං. පුරිසභාවෙ ඉන්දට්ඨං කාරෙතීති පුරිසින්ද්රියං. අනුපාලනලක්ඛණෙ ඉන්දට්ඨං කාරෙතීති ජීවිතින්ද්රියං. සුඛලක්ඛණෙ ඉන්දට්ඨං කාරෙතීති සුඛින්ද්රියං. දුක්ඛසොමනස්ස දොමනස්ස උපෙක්ඛාලක්ඛණෙ ඉන්දට්ඨං කාරෙතීති උපෙක්ඛින්ද්රියං. අධිමොක්ඛලක්ඛණෙ ඉන්දට්ඨං කාරෙතීති සද්ධින්ද්රියං. පග්ගහලක්ඛණෙ ඉන්දට්ඨං කාරෙතීති වීරියින්ද්‍රියං. උපට්ඨානලක්ඛණෙ ඉන්දට්ඨං කාරෙතීති සතින්ද්රියං. අවික්ඛෙපලක්ඛණෙ ඉන්දට්ඨං කාරෙතීති සමාධින්ද්රියං. දස්සනලක්ඛණෙ ඉන්දට්ඨං කාරෙතීති පඤ්ඤින්ද්රියං. අනඤ්ඤාතඤ්ඤස්සාමීති පවත්තෙ ජානනලක්ඛණෙ ඉන්දට්ඨං කාරෙතීති අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං. ඤාතානංයෙව ධම්මානං පුන ආජානනෙ ඉන්දට්ඨං කාරෙතීති අඤ්ඤින්ද්රියං. අඤ්ඤාතාවීභාවෙ ඉන්දට්ඨං කාරෙතීති අඤ්ඤාතාවින්ද්රියං.
ඊට අනතුරුව දැන් ඉන්ද්රිය විභංගයෙහි බාවීසතී යනු ගණන පිරිසිඳීමයි. ඉන්ද්රියානි යනු වෙන්කරන ලද ධර්මය දැක්වීමයි. දැන් ඒවා ස්වරූප වශයෙන් දැක්වෙන්නේ චක්ඛු ඉන්ද්රියං ආදිය කීහ. එහි චක්ෂු ද්වාරයෙහි ප්‍රධානත්වය දරනුයේ චක්ඛු ඉන්ද්රිය වේ. සෝත, ඝාන, ජිව්හා, කාය ද්වාරවල ඉන්ද්රියාර්ථය කෙරේනුයි සෝතාදි ඉන්ද්රිය දැනගැනීමේ ලක්ෂණයෙහි ප්‍රධානත්වය ඇති නිසා මනින්‍ද්‍රිය වේ. ස්ත්‍රීභාවයෙහි ප්‍රධානත්වය නිසා ඉත්‍ථින්‍ද්‍රිය වේ. පුරුෂභාවයෙහි ප්‍රධානත්වය නිසා පුරුෂින්ද්රිය වේ. අනුපාලන ලක්ෂණයෙහි ප්‍රධානත්වය නිසා ජීවිතේන්ද්රිය වේ. සැප ලක්ෂණයෙහි ප්‍රධානත්වය නිසා සුඛින්ද්රිය වේ. දුක්ඛ, සෝමනස්ස, දෝමනස්ස, උපේක්ඛා ලක්ෂණවල ඉන්ද්රියාර්ථය නිසා දුක්ඛින්ද්රිය ආදි වශයෙන් වේ. නිශ්චය ලක්ෂණය නිසා සද්ධින්ද්රිය වේ. උදව්දීමේ ප්‍රධානත්වය නිසා විරියින්ද්රිය වේ. වැටහෙන ලක්ෂණයෙහි ප්‍රධානත්වය නිසා සතින්ද්රිය වේ. අවික්‍ෂේප ලක්ෂණයෙහි ප්‍රධානත්වය නිසා සමාධින්ද්රිය වේ. දර්ශන ලක්ෂණයෙහි ප්‍රධානත්වය නිසා පඤ්ඤින්ද්රිය වේ. අනඤ්ඤථ-පවතින දැනගන්නා ලක්ෂණයෙහි ප්‍රධානත්වය දරණ නිසා අනඤ්ඤතඤ්ඤස්සාමීතින්ද්රිය වේ. දැනගන්නා ධර්මවල මනාසේ දැනගැනීමේ කෘත්‍යයෙහි ප්‍රධානත්වය නිසා අඤ්ඤින්‍ද්‍රිය වේ. සම්පූර්ණයෙන්ම දැනගැනීමේ ප්‍රධානත්වය නිසා අඤ්ඤතාවින්ද්රිය වේ.
ඉධ සුත්තන්තභාජනීයං නාම න ගහිතං. කස්මා? සුත්තන්තෙ ඉමාය පටිපාටියා බාවීසතියා ඉන්ද්රියානං අනාගතත්තා. සුත්තන්තස්මිඤ්හි කත්ථචි ද්වෙ ඉන්ද්රියානි කථිතානි, කත්ථචි තීණි, කත්ථචි පඤ්ච. එවං පන නිරන්තරං ද්වාවීසති ආගතානි නාම නත්ථි. අයං තාවෙත්ථ අට්ඨකථානයො. අයං පන අපරො නයො – එතෙසු හි
මෙහි සූත්‍රාන්ත භාජනීයෙහි නොගන්නා ලද්දේ කුමක් නිසාද? සූත්‍රාන්තයෙහි මේ පිළිවෙලේ ඉන්ද්රිය විසිදෙකක් නොආ බැවිනි. සූත්‍රාන්තයෙහි කිසිතැනක ඉන්ද්රිය දෙකක් කියන ලදි. කිසිතැනක තැනක්, කිසිතැනක පහක්, මෙසේ නිතර විසිදෙකක් ආවේ නැත. මෙය අටුවා නයයි. මෙය වනාහි වෙනත් නයකි.
අත්ථතො ලක්‍ඛණාදීහි, කමතො ච විජානියා; භෙදාභෙදා තථා කිච්චා, භූමිතො ච විනිච්ඡයං.
අරුත් ලකුණුද ඈ - පිළිවෙලින් එය දන්නේ භේද අබේද කිස - බූමි විසින් විනිස වේ
තත්ථ චක්ඛාදීනං තාව “චක්ඛතීති චක්ඛූ”තිආදිනා නයෙන අත්ථො පකාසිතො. පච්ඡිමෙසු පන තීසු පඨමං ‘පුබ්බභාගෙ අනඤ්ඤාතං අමතං පදං චතුසච්චධම්මං වා ජානිස්සාමී’ති එවං පටිපන්නස්ස උප්පජ්ජනතො ඉන්ද්රියට්ඨසම්භවතො ච අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියන්ති වුත්තං. දුතියං ආජානනතො ච ඉන්ද්රියට්ඨසම්භවතො ච අඤ්ඤින්ද්රියං. තතියං අඤ්ඤාතාවිනො චතූසු සච්චෙසු නිට්ඨිතඤාණකිච්චස්ස ඛීණාසවස්සෙව උප්පජ්ජනතො ඉන්ද්රියට්ඨසම්භවතො ච අඤ්ඤාතාවින්ද්රියං.
මේ චක්ඛාදි නම් පළමුකොට බලානුයි ඇස ආදි නයින් අර්ථය පවසන ලදි. පසුව ප්‍රකාශකළ තුනෙහි පළමුවැන්න පූර්ව භාගයෙහි නොදන්නා අමුර්ථ පදය වූ චතුරාර්ය ධර්මය හෝ දන්නෙමැයි මෙසේ පිළිපදින්නාට උපදින බැවින් ප්‍රධානත්වය පහළවන බැවින් ද අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රි යයි කියන ලදි. දෙවැන්න නොදන්නා බැවින් ප්‍රධානත්වය පහළවන බැවින් ද අඤ්ඤින්‍ද්‍රිය වේ. තුන්වැන්න සම්පූර්ණයෙන් දැනගන්නා චතුස්සත්‍යයෙහි අවසාන ඤාණකෘත්යය රහතන් වහන්සේට උපදින බැවින් ප්‍රධානත්වය පහළවන බැවින්ද අඤ්ඤාථාවින්ද්රිය වේ.
කො පනෙස ඉන්‍ද්‍රියට්ඨො නාමාති? ඉන්දලිඞ්ගට්ඨො ඉන්‍ද්‍රියට්ඨො, ඉන්දදෙසිතට්ඨො ඉන්‍ද්‍රියට්ඨො, ඉන්දදිට්ඨට්ඨො ඉන්‍ද්‍රියට්ඨො, ඉන්දසිට්ඨට්ඨො ඉන්‍ද්‍රියට්ඨො, ඉන්දජුට්ඨට්ඨො ඉන්‍ද්‍රියට්ඨො. සො සබ්බොපි ඉධ යථායොගං යුජ්ජති. භගවා හි සම්මාසම්බුද්ධො පරමිස්සරියභාවතො ඉන්දො. කුසලාකුසලඤ්ච කම්මං කම්මෙසු කස්සචි ඉස්සරියාභාවතො. තෙනෙවෙත්ථ කම්මසඤ්ජනිතානි ඉන්ද්රියානි කුසලාකුසලකම්මං උල්ලිඞ්ගෙන්ති. තෙන ච සිට්ඨානීති ඉන්දලිඞ්ගට්ඨෙන ඉන්දසිට්ඨට්ඨෙන ච ඉන්ද්රියානි. සබ්බානෙව පනෙතානි භගවතා යථාභූතතො පකාසිතානි ච අභිසම්බුද්ධානි චාති ඉන්දදෙසිතට්ඨෙන ඉන්දදිට්ඨට්ඨෙන ච ඉන්ද්රියානි. තෙනෙව භගවතා මුනින්දෙන කානිචි ගොචරාසෙවනාය, කානිචි භාවනාසෙවනාය සෙවිතානීති ඉන්දජුට්ඨට්ඨෙනපි ඉන්ද්රියානි. අපිච ආධිපච්චසඞ්ඛාතෙන ඉස්සරියට්ඨෙනාපි එතානි ඉන්ද්රියානි. චක්ඛුවිඤ්ඤාණාදිප්පවත්තියඤ්හි චක්ඛාදීනං සිද්ධමාධිපච්චං; තස්මිං තික්ඛෙ තික්ඛත්තා මන්දෙ ච මන්දත්තාති. අයං තාවෙත්ථ ‘අත්ථතො’ විනිච්ඡයො.
ඉන්ද්රියට්ඨ යනු කුමක්ද? ඉන්දලිංගට්ඨො ප්‍රධානත්වය සහ අර්ථයෙන් ඉන්ද්රියට්ඨ වේ. ප්‍රධානත්වය දේසිත හෙයින් ඉඳුරන් විසින් දක්නා ලද හෙයින් ඉන්ද්රියට්ඨ වේ. ඉන්දසිට්ඨො ඉන්දජුට්ඨො ප්‍රධාන ආඥාව ප්‍රධාන සංඥාව යන අර්ථවලින් ද ඉන්ද්රියට්ඨ වේ. ඒ සියල්ල මෙහි සුදුසු පරිදි යෙදේ. භාග්‍යවත් සම්මාසම්බුද්ධයන් වහන්සේ පරම ඓශ්වර්ය බැවින් ඉන්ද්‍ර නම් වේ. කුසලාකුසලවලද කර්මය කර්මවලද කිසිවකගේ ඓශ්වර්ය භාවයෙන් එයින්ම මෙහි කර්මය දැනගන්නා ඉන්ද්රිය කුසලාකුසල කර්මය ඉක්මවා යයි. එයින් ආඥා කෙරේය යන අර්ථයෙන් ඉන්ද්රියාර්ථ වේ. මේ සියල්ල භාග්‍යවතුන් වහන්සේ යථා පරිදි දෙසූහ යන ඉන්දදේසිනාර්ථයෙන් ඉන්දදේසිතට්ඨෙන ඉන්දට්ඨෙන වා ඉන්ද්රියානි. එහෙයින්ම භාග්‍යවතුන් වහන්සේ කිසිවකුට ගෝචර අසේවනයෙහිද කිසිවකුට භාවනා අසේවනයෙහිද ඇසුරු කරන ලදැයි ඉන්ද්‍රියයි දෙසන ලදි.
‘ලක්ඛණාදීහී’ති ලක්ඛණරසපච්චුපට්ඨානපදට්ඨානෙහිපි චක්ඛාදීනං විනිච්ඡයං විජානියාති අත්ථො. තානි නෙසං ලක්ඛණාදීනි හෙට්ඨා වුත්තනයානෙව. පඤ්ඤින්ද්රියාදීනි හි චත්තාරි අත්ථතො අමොහොයෙව. සෙසානි තත්ථ සරූපෙනෙවාගතානි.
ලක්‍ඛණාදීහි යනු ලක්ඛණ රස පච්චුපට්ඨාන පදට්ඨාන වශයෙන් චක්ඛු ආදියේ විනිස දැනගනී යන අර්ථයි. එහි ලක්ෂණාදිය යට කියන ලදි. පඤ්ඤින්ද්රියාදියෙහි සතර අර්ථ අතුරින් අමෝහයමය. සෙස්ස එහි ස්වරූපයෙන්ම පැමිණියේය.
‘කමතො’ති අයම්පි දෙසනාක්කමොව. තත්ථ අජ්ඣත්තධම්මං පරිඤ්ඤාය අරියභූමිපටිලාභො හොතීති අත්තභාවපරියාපන්නානි චක්ඛුන්ද්රියාදීනි පඨමං දෙසිතානි. සො පනත්තභාවො යං ධම්මං උපාදාය ඉත්ථීති වා පුරිසොති වා සඞ්ඛං ගච්ඡති, අයං සොති නිදස්සනත්ථං තතො ඉත්ථින්ද්රියං පුරිසින්ද්රියඤ්ච . සො දුවිධොපි ජීවිතින්ද්රියපටිබද්ධවුත්තීති ඤාපනත්ථං තතො ජීවිතින්ද්රියං. යාව තස්ස පවත්ති තාව එතෙසං වෙදයිතානං අනිවත්ති. යං කිඤ්චි වෙදයිතං සබ්බං තං සුඛදුක්ඛන්ති ඤාපනත්ථං තතො සුඛින්ද්රියාදීනි. තංනිරොධත්ථං පන එතෙ ධම්මා භාවෙතබ්බාති පටිපත්තිදස්සනත්ථං තතො සද්ධාදීනි. ඉමාය පටිපත්තියා එස ධම්මො පඨමං අත්තනි පාතුභවතීති පටිපත්තියා අමොඝභාවදස්සනත්ථං තතො අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියං. තස්සෙව ඵලත්තා තතො අනන්තරං භාවෙතබ්බත්තා ච තතො අඤ්ඤින්ද්රියං. ඉතො පරං භාවනාය ඉමස්ස අධිගමො, අධිගතෙ ච පනිමස්මිං නත්ථි කිඤ්චි උත්තරි කරණීයන්ති ඤාපනත්ථං අන්තෙ පරමස්සාසභූතං අඤ්ඤාතාවින්ද්රියං දෙසිතන්ති අයමෙත්ථ කමො.
කමතො යන මෙයද දේශනා ක්රමයකි. එහි අජ්ඣත්ත ධර්මය දැන ආර්යභූමි ප්‍රතිලාභය වන්නේ යයි ආත්ම භාවයට ඇතුළත් වූ චක්ඛුන්ද්රියාදිය පළමුව දෙසන ලදි. ඒ ආත්මභාවය වනාහි යම් ධර්මයක් නිසා ස්ත්‍රියයි පුරුෂයයි ගණන් ගැනීම ඇතිවේ. එය මෙයයයි දැක්වීමට ඉත්‍ථීන්‍ද්‍රිය පුරිසින්‍ද්‍රිය වේ. ජීවිතේන්ද්රිය රූප දෙකකි. රූප ජීවිතේන්ද්රිය සහ නාම ජීවිතේන්ද්රිය වශයෙනි. විඳිනු ලබන සියල්ල සැප දුක් වශයෙන් දැක්වීම සුඛින්ද්රිය, සැපඉන්ද්රිය වශයෙන් පෙන්වා ඇත. දැකීම නිවැරදි කිරීමට මේ ධර්මයන් වැඩිය යුතුයයි දැක්වීම එයින් පසු සද්ධාදි ඉන්ද්‍රියද වෙයි. පිළිවෙලින් මේ ධර්ම තමා කෙරෙහි පළමුව හටගත්තේය. ප්‍රතිපත්තියේ නොසිස්බව දැක්වීම සඳහා ඉන්පසු අනඤ්ඤාතඤ්ඤස්සාවීතින්ද්රියද වේ. ඉන්පසු භාවනාවෙන් මෙය අධිගමනය කළේයයි මේ අධිගමය වේ. මේ අධිගත කල්හි ඊට පසු කිරීමට දෙයක් නැතැයි දැක්වීම සඳහා අවසානයේ පරම වින්දනය වූ අඤ්ඤතාඉන්ද්රිය දෙසන ලදි. මෙහි ක්‍රමය මෙසේ වන්නේය.
‘භෙදාභෙදා’ති ජීවිතින්ද්රියස්සෙව චෙත්ථ භෙදො. තඤ්හි රූපජීවිතින්ද්රියං අරූපජීවිතින්ද්රියන්ති දුවිධං හොති. සෙසානං අභෙදොති එවමෙත්ථ භෙදාභෙදතො විනිච්ඡයං විජානියා.
භේද අභේද යනු මෙහි භේදය ජීවිතේන්ද්රිය මය. එය රූප අරූපයයි දෙපරිදි වේ. සෙසු ඒවා අභේද වේ. මෙසේ මෙහි භේද අභේද වශයෙන් විනිශ්චය දතයුතුය.
‘කිච්චා’ති කිං ඉන්ද්රියානං කිච්චන්ති චෙ? චක්ඛුන්ද්රියස්ස තාව “චක්ඛායතනං චක්ඛුවිඤ්ඤාණධාතුයා තංසම්පයුත්තකානඤ්ච ධම්මානං ඉන්ද්රියපච්චයෙන පච්චයො”ති වචනතො යං තං ඉන්ද්රියපච්චයභාවෙන සාධෙතබ්බං අත්තනො තික්ඛමන්දාදිභාවෙන චක්ඛුවිඤ්ඤාණාදිධම්මානං තික්ඛමන්දාදිසඞ්ඛාතං අත්තාකාරානුවත්තාපනං ඉදං ‘කිච්චං’. එවං සොතඝානජිව්හාකායානං. මනින්ද්රියස්ස පන සහජාතධම්මානං අත්තනො වසවත්තාපනං, ජීවිතින්ද්රියස්ස සහජාතධම්මානුපාලනං, ඉත්ථින්ද්රියපුරිසින්ද්රියානං ඉත්ථිපුරිසනිමිත්තකුත්තාකප්පාකාරානුවිධානං, සුඛදුක්ඛසොමනස්සදොමනස්සින්ද්රියානං සහජාතධම්මෙ අභිභවිත්වා යථාසකං ඔළාරිකාකාරානුපාපනං, උපෙක්ඛින්ද්රියස්ස සන්තපණීතමජ්ඣත්තාකාරානුපාපනං, සද්ධාදීනං පටිපක්ඛාභිභවනං සම්පයුත්තධම්මානඤ්ච පසන්නාකාරාදිභාවසම්පාපනං, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියස්ස සංයොජනත්තයප්පහානඤ්චෙව සම්පයුත්තකානඤ්ච තප්පහානාභිමුඛභාවකරණං, අඤ්ඤින්ද්රියස්ස කාමරාගබ්යාපාදාදිතනුකරණපහානඤ්චෙව සහජාතානඤ්ච අත්තනො වසානුවත්තාපනං, අඤ්ඤාතාවින්ද්රියස්ස සබ්බකිච්චෙසු උස්සුක්කප්පහානඤ්චෙව අමතාභිමුඛභාවපච්චයතා ච සම්පයුත්තානන්ති එවමෙත්ථ කිච්චතො විනිච්ඡයං විජානියා.
කිච්ච යනු කිම ඉන්ද්‍රියන්ගේ කෘත්‍යයද චක්ඛුන්ද්‍රියේ චක්ඛායතනය චක්ඛු විඤ්ඤාණ ධාතුවෙන් හා ඊට ඇතුළත් ධර්මයන්ගේ ඉන්ද්රිය ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වේයැයි වචනයෙන් ඉන්ද්රිය ප්‍රත්‍යභාවයෙන් යමක් සෑදිය යුතුය. තමාගේ තීක්ෂණ මන්‍දභාවයෙන් චක්ඛු විඤ්ඤාණාදි ධර්මයන්ගේ තීක්ෂණ මන්ද සංඛ්‍යාත තමාගේ ආකාරය අනුව වේ. මෙම කෘත්‍යය මෙසේ සෝත, ඝාන, ජිව්හා, කාය ඉන්ද්රියවලද වේ. මනින්‍ද්‍රිය වනාහි සහජාත ධර්මයන් තමාගේ වසගයට පැමිණීම වේ. ජීවිතේන්ද්රිය සහජාත ධර්මයන්ගේ අනුපාලනය වේ. ස්ත්රින්ද්රිය පුරිසින්‍ද්‍රිය ස්ත්‍රී පුරුෂ ලක්ෂණ වශයෙන් ප්‍රධාන වේ. සුඛ, දුක්ඛ, සෝමනස්ස, දෝමනස්ස ඉන්ද්රිය සහජාත ධර්මයන් අභිබවනය නොකොට තමාමෙන් ඕලාරික ඕලාරික නොවන ආකාරයන් අනුව පැමිණීමයි. උපෙක්ඛා ඉන්ද්රිය ශාන්ත ප්‍රණීත මධ්‍යස්ථ ආකාරයන් අනුව පැමිණීමය. සද්ධාදිය ප්‍රතිපක්ෂයෙන් අභිබවනය කර සම්ප්‍රයුක්ත ධර්මයන් ප්රසන්නාකාර භාවයට පැමිණීමයි. අනඤ්ඤාතඤ්ඤස්සාවීතින්ද්රිය මුල් සංයෝජන තුන ප්රහාණය කිරීමෙන්ම වේ. සම්ප්‍රයුක්ත ධර්මයන්ද එය ප්රහාණය කිරීමට අභිමුඛ කිරීමට වේ. අඤ්ඤින්‍ද්‍රිය කාමරාග ව්‍යාපාදාදිය තුනීකරන ප්‍රහාණයද සහජාත ධර්මයන් තමාගේ වසගයට පත්කර ගැනීම අඤ්ඤතාවිතින්ද්රියේ සියළු කෘත්‍යවල ඉක්මන් ප්‍රහාණයද නිවන අභිමුඛයට පත්කිරීමද වේ.
‘භූමිතො’ති චක්ඛුසොතඝානජිව්හාකායඉත්ථිපුරිසසුඛදුක්ඛදොමනස්සින්ද්රියානි චෙත්ථ කාමාවචරානෙව . මනින්ද්රියජීවිතින්ද්රියඋපෙක්ඛින්ද්රියානි, සද්ධාවීරියසතිසමාධිපඤ්ඤින්ද්රියානි ච චතුභූමිපරියාපන්නානි. සොමනස්සින්ද්රියං කාමාවචර-රූපාවචර-ලොකුත්තරවසෙන භූමිත්තයපරියාපන්නං. අවසානෙ තීණි ලොකුත්තරානෙවාති එවං භූමිතො විනිච්ඡයං විජානියා. එවඤ්හි විජානන්තො –
භූමිතො යනු චක්ඛු, සෝත, ඝාන, ජිව්හා, කාය, ඉත්‍ථින්‍ද්‍රිය, සුඛ, දුක්ඛ, සෝමනස්ස, ඉන්ද්රිය මෙහි කාමාවචර වේ. මනින්‍ද්‍රිය ජීවිතේන්ද්රිය උපේක්ඛා ඉන්ද්රිය සද්ධා විරිය, සති, සමාධි, පඤ්ඤා, ඉන්ද්රිය චතු භූමියට ඇතුළත් වේ. සේමනස්ස ඉන්ද්රිය කාම, රූප, ලෝකෝත්තර වශයෙන් භූමි තුනකට ඇතුළත් වේ. අවසාන තුන ලෝකෝත්තර වෙයි. මෙසේ භූමි වශයෙන් විනිස දතයුතුය.
සංවෙගබහුලො භික්ඛු, ඨිතො ඉන්ද්රියසංවරෙ; ඉන්ද්රියානි පරිඤ්ඤාය, දුක්ඛස්සන්තං නිගච්ඡතීති.
සංවේග බහුලව - සිටි බිකු ඉඳුරන් දමා දැන සියළු ඉඳුරන් - දුක් කෙළවර කරන්නේ
නිද්දෙසවාරෙ “යං චක්ඛු චතුන්නං මහාභූතාන”න්තිආදි සබ්බං ධම්මසඞ්ගණියං පදභාජනෙ (ධ· ස· අට්ඨ· 595 ආදයො) වුත්තනයෙනෙව වෙදිතබ්බං. වීරියින්ද්රියසමාධින්ද්රියනිද්දෙසාදීසු ච සම්මාවායාමො මිච්ඡාවායාමො සම්මාසමාධි මිච්ඡාසමාධීතිආදීනි න වුත්තානි. කස්මා? සබ්බසඞ්ගාහකත්තා. සබ්බසඞ්ගාහකානි හි ඉධ ඉන්ද්රියානි කථිතානි. එවං සන්තෙපෙත්ථ දස ඉන්ද්රියානි ලොකියානි කාමාවචරානෙව, තීණි ලොකුත්තරානි, නව ලොකියලොකුත්තරමිස්සකානීති.
විස්තර කිරීම වාරයෙහි “යං චක්ඛු චතුන්තං මහා භූතානං” ආදි සියල්ල ධම්මසංගනියේ පද භාජනියෙහි කී ආකාරයෙන් දැනගත යුතුය. විරියින්ද්රිය, සමාධින්ද්රිය විස්තර ආදියෙහිද සම්මා වායාම සම්මා සමාධි මිච්ඡා සමාධි ආදිය නොකියන ලදි. කුමක් හෙයින්ද? සියල්ල සංග්‍රහ කරන ලද බැවිනි. සබ්බාසංගාහකයෙහි මෙහි ඉන්ද්රිය කියන ලදි. එහි මෙසේ ඇත. ඉන්ද්රිය දාහත කාමාවචරය තුනක් ලෝකෝත්තරය. නවයක් ලෞකික ලෝකෝත්තර මිශ්රය.
අභිධම්මභාජනීයවණ්ණනා.
අභිධම්මභාජනීය
පඤ්හාපුච්ඡකවණ්ණනා
ප්‍රශ්න විචාරක වර්ණනාව
පඤ්හාපුච්ඡකෙ සබ්බෙසම්පි ඉන්ද්රියානං කුසලාදිවිභාගො පාළිනයානුසාරෙනෙව වෙදිතබ්බො.
ප්‍රශ්න විචාරයෙහි සියළුම ඉන්ද්‍රියන්ගේ කුසලාදි විභාගය පෙළෙහි නයානුසාරයෙන්ම දැනගත යුතුය.
ආරම්මණත්තිකෙසු පන සත්තින්ද්රියා අනාරම්මණාති චක්ඛුසොතඝානජිව්හාකායඉත්ථිපුරිසින්ද්රියානි සන්ධාය වුත්තං. ජීවිතින්ද්රියං පන අරූපමිස්සකත්තා ඉධ අනාභට්ඨං. ද්වින්ද්රියාති ද්වෙ ඉන්ද්රියා; සුඛදුක්ඛද්වයං සන්ධායෙතං වුත්තං. තඤ්හි එකන්තපරිත්තාරම්මණං. දොමනස්සින්ද්රියං සියා පරිත්තාරම්මණං, සියා මහග්ගතාරම්මණන්ති කාමාවචරධම්මෙ ආරබ්භ පවත්තිකාලෙ පරිත්තාරම්මණං හොති , රූපාවචරාරූපාවචරෙ පන ආරබ්භ පවත්තිකාලෙ මහග්ගතාරම්මණං, පණ්ණත්තිං ආරබ්භ පවත්තිකාලෙ නවත්තබ්බාරම්මණං. නවින්ද්රියා සියා පරිත්තාරම්මණාති මනින්ද්රියජීවිතින්ද්රියසොමනස්සින්ද්රියඋපෙක්ඛින්ද්රියානි චෙව සද්ධාදිපඤ්චකඤ්ච සන්ධාය ඉදං වුත්තං. ජීවිතින්ද්රියඤ්හි රූපමිස්සකත්තා අනාරම්මණෙසු රූපධම්මෙසු සඞ්ගහිතම්පි අරූපකොට්ඨාසෙන සියාපක්ඛෙ සඞ්ගහිතං.
ආරම්මණ ත්‍රිකයෙහි සන්තින්ද්රියානි ආරම්මාණත යනු චක්ඛු සෝත ඝාන ජිව්හා කාය ඉත්ථි පුරිස ඉන්ද්රිය අරබයා කියන ලදි. ජීවිතින්ද්රිය අරූප මිශ්‍ර බැවින් මෙහි නොගන්නා ලදි. ද්වින්ද්රියා ඉන්ද්රිය දෙකක්. සුඛ දුක්ඛ සඳහා කියන ලදි. එහි ඒකාන්ත සුළු අරමුණකි. දොමනස්සින්ද්රියං සියා පරිත්ථාරමණං සියා මහග්ගතාරම්මණං කාමාවචර දහම් අරභයා පවතින කාලයෙහි සුළු අරමුණක් වේ. රූපාවචර අරූපාවචර අරභයා පවතින කාලයෙහි අරමුණ කිව නොහැක. නවින්ද්රියා සියා පරිත්තාරම්මණං යන්න මන ජීවිත සෝමනස්ස උපෙක්ඛාද ශ්‍රද්ධාදි පහද යන ඉන්ද්‍රියන් සඳහා කියන ලදි. ජීවිතේන්ද්රියෙහි රූප මිශ්‍ර බැවින් අණාරම්මණ වූ රූප ධර්මයන්හි සංග්‍රහ වූයේද අරූප කොටසේ එක් පක්ෂයක සංග්‍රහ විය.
චත්තාරි ඉන්ද්රියානීති සුඛදුක්ඛදොමනස්සඅඤ්ඤාතාවින්ද්රියානි. තානි හි මග්ගාරම්මණත්තිකෙ න භජන්ති. මග්ගහෙතුකන්ති සහජාතහෙතුං සන්ධාය වුත්තං. වීරියවීමංසාජෙට්ඨකකාලෙ සියා මග්ගාධිපති, ඡන්දචිත්තජෙට්ඨකකාලෙ සියා නවත්තබ්බා.
චත්තාරි ඉන්ද්රියානි යනු සුඛ දුක්ඛ දෝමනස්ස අඤ්ඤතාඉන්ද්රිය යන සතරය. ඒවා මාර්ගාරම්මණ ත්‍රිකයේ නොපවතී. මග්ගහෙතුකං යන සහජාත හේතු සඳහා කියන ලදි. විරිය වීමංසා ජ්‍යෙෂ්ඨ කාලයෙහි මාර්‍ගාධිපති වේ. ඡන්ද චිත්ත ජ්‍යෙෂ්ඨ කාලයෙහි කිවහැකි නොවේ.
දසින්ද්රියා සියා උප්පන්නා, සියා උප්පාදිනොති සත්ත රූපින්ද්රියානි තීණි ච විපාකින්ද්රියානි සන්ධායෙතං වුත්තං. දසින්ද්රියානි දොමනස්සෙන සද්ධිං හෙට්ඨා වුත්තානෙව. තත්ථ දොමනස්සින්ද්රියං පණ්ණත්තිං ආරබ්භ පවත්තිකාලෙ නවත්තබ්බාරම්මණං, සෙසානි නිබ්බානපච්චවෙක්ඛණකාලෙපි. තීණින්ද්රියානි බහිද්ධාරම්මණානීති තීණි ලොකුත්තරින්ද්රියානි. චත්තාරීති සුඛදුක්ඛසොමනස්සදොමනස්සානි. තානි හි අජ්ඣත්තධම්මෙපි බහිද්ධාධම්මෙපි ආරබ්භ පවත්තන්ති. අට්ඨින්ද්රියාති මනින්ද්රියජීවිතින්ද්රියඋපෙක්ඛින්ද්රියානි චෙව සද්ධාදිපඤ්චකඤ්ච. තත්ථ ආකිඤ්චඤ්ඤායතනකාලෙ නවත්තබ්බාරම්මණතා වෙදිතබ්බා.
දසින්ද්රියා සියා උප්පණ්ණා සියා උප්පාදිනො රූප ඉන්ද්රිය සත සහ විපාක ඉන්ද්රිය තුන සඳහා කියන ලදි. දසින්ද්රිය දෝමනස්සය සමග යට කියන ලදි. එහි දොම්නස් පැනවීම සමග පවතින කාලයෙහි අරමුණ කිව නොහැක. සෙස්ස නිවන ප්රත්යවේක්ෂා කරන කාලයෙහි අරමුණක් කිව නොහැක. සෙස්ස නිවන ප්රත්යවේක්ෂා කරන කාලයෙහි අරමුණක් නැත. තීණි ඉන්ද්රියානි බහිද්ධාරම්මණානි තීණි ලෝකුත්තර ඉන්ද්රියාති චත්තාරි යනු සුඛ දුක්ඛ සෝමනස්ස දෝමනස්ස යන සතරය. ඒවා අජ්ඣත්ත මෙන්ම බහිද්ධා ධර්ම අරබයා පවතී. අට්ඨින්ද්රියානි යනු මන ජීවිත උපෙක්ඛා සහ ශ්‍රද්ධාදි පඤ්චඉන්ද්රියෝය. එහි ආකිඤ්චඤ්ඤායතන කාලයෙහි අරමුණ කිවහැකි නොවේ.
ඉති ඉමස්මිම්පි පඤ්හාපුච්ඡකෙ දසින්ද්රියානි කාමාවචරානි, තීණි ලොකුත්තරානි, නව ලොකියලොකුත්තරමිස්සකානෙව කථිතානීති. අයම්පි අභිධම්මභාජනීයෙන සද්ධිං එකපරිච්ඡෙදොව හොති. අයං පන ඉන්ද්රියවිභඞ්ගො ද්වෙපරිවට්ටං නීහරිත්වා භාජෙත්වා දස්සිතොති.
මෙසේ මේ ප්‍රශ්න විචාරකයෙහි ඉන්ද්රිය දහයක් කාමාවචරය. තුනක් ලෝකෝත්තරය. නවයක් ලෞකික ලෝකෝත්තර මිශ්‍රව කියන ලදි. මේ අභිධර්ම භාජනයෙහිද එක් පරිච්ඡේදයක් වේ. මේ ඉන්ද්රිය විභංගය ද්විවෘත්තකය ගෙනහැර බෙදා දක්වන ලදි.
සම්මොහවිනොදනියා විභඞ්ගට්ඨකථාය ඉන්ද්රියවිභඞ්ගවණ්ණනා නිට්ඨිතා.
සම්මෝහ විනෝදනී නම් විභංග අර්ථ වර්ණනාවේ පස්වන ඉන්ද්රිය විභංග නිර්දේශයයි.