යෙදුමෙන් කියවන්න

අභිධම‍්මභාජනියං

309. බාවීසතින්‍ද්‍රියානි, චක‍්ඛුන්‍ද්‍රියං: සොතින්‍ද්‍රියං, ඝානින්‍ද්‍රියං, ජිව‍්හින්‍ද්‍රියං, කායින්‍ද්‍රියං, මනින්‍ද්‍රියං, ජීවිතින්‍ද්‍රියං, ඉත්‍ථින්‍ද්‍රියං, පුරිසින්‍ද්‍රියං, සුඛින්‍ද්‍රියං, දුක‍්ඛින්‍ද්‍රියං, සොමනස‍්සින්‍ද්‍රියං, දොමනස‍්සින්‍ද්‍රියං, උපෙක‍්ඛින්‍ද්‍රියං, සද‍්ධින්‍ද්‍රියං, විරියින්‍ද්‍රියං, සතින්‍ද්‍රියං, සමාධින්‍ද්‍රියං, පඤ‍්ඤින්‍ද්‍රියං, අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං, අඤ‍්ඤින්‍ද්‍රියං, අඤ‍්ඤාතාවින්‍ද්‍රියං.

309. ඉන්‍ද්‍රියයෝ දෙවිසි දෙනෙකි: චක්ඛුන්‍ද්‍රිය ය, සෝතින්‍ද්‍රිය ය, ඝානින්‍ද්‍රිය ය, ජිව්හින්‍ද්‍රිය ය, කායින්‍ද්‍රිය ය, මනින්‍ද්‍රිය ය, ජීවිතින්‍ද්‍රිය ය, ඉත්‍ථින්‍ද්‍රිය ය, පුරිසින්‍ද්‍රිය ය, සුඛින්‍ද්‍රිය ය, දුක්ඛින්‍ද්‍රිය ය, සෝමනස්සින්‍ද්‍රිය ය, දෝමනස්සින්‍ද්‍රිය ය, උපෙක්ඛින්‍ද්‍රිය ය, සද්ධින්‍ද්‍රිය ය, විරියින්‍ද්‍රිය ය, සතින්‍ද්‍රිය ය, සමාධින්‍ද්‍රිය ය, පඤ්ඤින්‍ද්‍රිය ය. අනඤ්ඤාතඤ්ඤාස්සාමීතින්‍ද්‍රිය ය, අඤ්ඤින්‍ද්‍රිය ය, අඤ්ඤාතාවින්‍ද්‍රිය යි.

310. තත්‍ථ කතමං චක‍්ඛුන්‍ද්‍රියං: යං චක‍්ඛු චතුන‍්නං මහාභූතානං උපාදාය පසාදො -පෙ- සුඤ‍්ඤො ගාමොපෙසො. ඉදං වුච‍්චති චක‍්ඛුන්‍ද්‍රියං.

310. එහි චක්ඛුන්‍ද්‍රිය කවරෙ යත්: යම් ඇසෙක් සතර මහාභූතයන් නිසා උපන් ප්‍රසාදය වේ ද … තෙල ‘ශුන්‍යග්‍රාම’ නමුදු වේ. මේ චක්ඛුන්‍ද්‍රිය යි කියනු ලැබේ.

311-314. තත්‍ථ කතමං සොතින්‍ද්‍රියං -පෙ- ඝානින්‍ද්‍රියං -පෙ- ජිව‍්හින්‍ද්‍රියං -පෙ- කායින්‍ද්‍රියං: යො කායො චතුන‍්නං මහාභූතානං උපාදාය පසාදො -පෙ- සුඤ‍්ඤො ගාමොපෙසො. ඉදං වුච‍්චති කායින්‍ද්‍රියං.

311-314. එහි සෝතින්‍ද්‍රිය කවරෙ යත්: … ඝානින්‍ද්‍රිය … ජිව්හින්‍ද්‍රිය … කායින්‍ද්‍රිය කවරෙ යත්: යම් කයෙක් සතර මහාභූතයන් නිසා උපන් ප්‍රසාදය වේ ද … තෙල ශුන්‍යග්‍රාම නමුදු වේ. මේ කායින්‍ද්‍රිය යි කියනු ලැබේ.

315. තත්‍ථ කතමං මනින්‍ද්‍රියං: එකවිධෙන මනින්‍ද්‍රියං: ඵස‍්සසම‍්පයුත‍්තං.

315. එහි මනින්‍ද්‍රිය කවරෙ යත්: එක් ප්‍රකාරයෙකින් මනින්‍ද්‍රිය වෙයි. ස්පර්‍ශය හා සම්ප්‍රයුක්ත වූයේ යි.

දුවිධෙන මනින්‍ද්‍රියං: අත්‍ථි සහෙතුකං, අත්‍ථි අහෙතුකං.

ද්විප්‍රකාරෙයකින් මනින්‍ද්‍රිය වෙයි: සහේතුකයෙක් ඇත, අහේතුකයෙක් ඇති.

තිවිධෙන මනින්‍ද්‍රියං: අත්‍ථි කුසලං, අත්‍ථි අකුසලං, අත්‍ථි අව්‍යාකතං.

ත්‍රිප්‍රකාරයෙකින් මනින්‍ද්‍රිය වෙයි: කුශල වූයෙක් ඇත, අකුශල වූයෙක් ඇත, අව්‍යාකෘත වූයෙක් ඇති.

චතුබ‍්බිධෙන මනින්‍ද්‍රියං: අත්‍ථි කාමාවචරං, අත්‍ථි රූපාවචරං, අත්‍ථි අරූපාවචරං, අත්‍ථි අපරියාපන‍්නං.

චතුස්ප්‍රකාරයෙකින් මනින්‍ද්‍රිය වෙයි: කාමාවචර වූයෙක් ඇත, රූපාවචර වූයෙක් ඇත, අරූපාවචර වූයෙක් ඇත, අපර්‍ය්‍යාපන්න වූයෙක් ඇති.

පඤ‍්චවිධෙන මනින්‍ද්‍රියං: අත්‍ථි සුඛින්‍ද්‍රියසම‍්පයුත‍්තං අත්‍ථි දුක‍්ඛින්‍ද්‍රියසම‍්පයුත‍්තං, අත්‍ථි සොමනස‍්සින්‍ද්‍රියසම‍්පයුත‍්තං, අත්‍ථි දොමනස‍්සින්‍ද්‍රියසම‍්පයුත‍්තං, අත්‍ථි උපෙක‍්ඛින්‍ද්‍රියසම‍්පයුත‍්තං.

පඤ්චප්‍රකාරයෙකින් මනින්‍ද්‍රිය වෙයි: සුඛින්‍ද්‍රිය හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, දුක්ඛින්‍ද්‍රිය හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, සෝමනස්සින්‍ද්‍රිය හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, දෝමනස්සින්‍ද්‍රිය හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇත, උපේක්‍ෂේන්‍ද්‍රිය හා සම්ප්‍රයුක්ත වූයෙක් ඇති.

ඡබ‍්බිධෙන මනින්‍ද්‍රියං: චක‍්ඛුවිඤ‍්ඤාණං, සොතවිඤ‍්ඤාණං, ඝානවිඤ‍්ඤාණං, ජිව‍්හාවිඤ‍්ඤාණං, කායවිඤ‍්ඤාණං, මනොවිඤ‍්ඤාණං. එවං ඡබ‍්බිධෙන මනින්‍ද්‍රියං.

ෂට් ප්‍රකාරයෙකින් මනින්‍ද්‍රිය වෙයි: චක්‍ෂුර්විඥාන ය, ශ්‍රෝත්‍රවිඥාන ය, ඝාණවිඥාන ය, ජිහ්වාවිඥාන ය, කායවිඥාන ය, මනෝවිඥානය යි. මෙසේ ෂට් ප්‍රකාරයෙන් මනින්‍ද්‍රිය වේ.

සත‍්තවිධෙන මනින්‍ද්‍රියං: චක‍්ඛුවිඤ‍්ඤාණං, -පෙ- කායවිඤ‍්ඤාණං, මනොධාතු, මනොවිඤ‍්ඤාණධාතු. එවං සත‍්තවිධෙන මනින්‍ද්‍රියං.

සප්තප්‍රකාරයෙකින් මනින්‍ද්‍රිය වෙයි: චක්‍ෂුර්විඥාන ය … කායවිඥාන ය මනෝධාතු ය මනෝවිඥානධාතු යි. මෙසේ සප්තප්‍රකාරයෙන් මනින්‍ද්‍රිය වේ.

අට‍්ඨවිධෙන මනින්‍ද්‍රියං: චක‍්ඛුවිඤ‍්ඤාණං, -පෙ- කායවිඤ‍්ඤාණං, අත්‍ථි සුඛසහගතං, අත්‍ථි දුක‍්ඛසහගතං, මනොධාතු, මනොවිඤ‍්ඤාණධාතු. එවං අට‍්ඨවිධෙන මනින්‍ද්‍රියං.

අෂ්ටප්‍රකාරයෙකින් මනින්‍ද්‍රිය වෙයි: චක්‍ෂුර්විඥාන ය … කායවිඥානය සුඛසහගත වූයෙක් ඇත, දුඃඛසහගත වූයෙක් ඇත, මනෝධාතු ය, මනෝවිඥානධාතු යි. මෙසේ අෂ්ටප්‍රකාරයෙන් මනින්‍ද්‍රිය වේ.

නවවිධෙන මනින්‍ද්‍රියං: චක‍්ඛුවිඤ‍්ඤාණං, -පෙ- කායවිඤ‍්ඤාණං, මනොධාතු, මනොවිඤ‍්ඤාණධාතු. අත්‍ථි කුසලා, අත්‍ථි අකුසලා, අත්‍ථි අව්‍යාකතා. එවං නවවිධෙන මනින්‍ද්‍රියං.

නවප්‍රකාරයෙකින් මනින්‍ද්‍රිය වෙයි: චක්‍ෂුර්විඥාන ය … කායවිඥාන ය, මනෝ ධාතු ය, මනෝවිඥානධාතුව කුශල වූයෙක් ඇත, අකුශල වූයෙක් ඇත, අව්‍යාකෘත වූයෙක් ඇති. මෙසේ නවප්‍රකාරයෙන් මනින්‍ද්‍රිය වේ.

දසවිධෙන මනින්‍ද්‍රියං: චක‍්ඛුවිඤ‍්ඤාණං, -පෙ- කායවිඤ‍්ඤාණං, අත්‍ථි සුඛසහගතං, අත්‍ථි දුක‍්ඛසහගතං, මනොධාතු, මනොවිඤ‍්ඤාණධාතු, අත්‍ථි කුසලා, අත්‍ථි අකුසලා, අත්‍ථි අව්‍යාකතා. එවං දසවිධෙන මනින්‍ද්‍රියං. (යථා විඤ‍්ඤාණක‍්ඛන්‍ධො තථා විත්‍ථාරො) -පෙ- එවං බහුවිධෙන මනින්‍ද්‍රියං. ඉදං වුච‍්චති මනින්‍ද්‍රියං.

දශප්‍රකාරයෙකින් මනින්‍ද්‍රිය වෙයි: චක්‍ෂුර්විඥාන ය … කායවිඥානය සුඛසහගත වූයෙක් ඇත, දුඃඛසහගත වූයෙක් ඇත, මනෝධාතු ය, මනෝවිඥානධාතුව කුශල වූයෙක් ඇත, අකුශල වූයෙක් ඇත, අව්‍යාකෘත වූයෙක් ඇති. මෙසේ දශප්‍රකාරයෙන් මනින්‍ද්‍රිය වේ. (විස්තරය විඥානස්කන්‍ධය මෙනි) … මෙසේ බහුප්‍රකාරයෙන් මනින්‍ද්‍රිය වේ. මේ මනින්‍ද්‍රිය යි කියනු ලැබේ.

316. තත්‍ථ කතමං ජීවිතින්‍ද්‍රියං: ජීවිතින්‍ද්‍රියං දුවිධෙන: අත්‍ථි රූපජීවිතින්‍ද්‍රියං, අත්‍ථි අරූපජීවිතින්‍ද්‍රියං.

316. එහි ජීවිතින්‍ද්‍රිය කවරෙ යත්: ද්විප්‍රකාරයෙකින් ජීවිතින්‍ද්‍රිය වෙයි: රූප ජීවිතේන්‍ද්‍රියයෙක් ඇත, අරූපජීවිතෙන්‍ද්‍රියයෙක් ඇත.

තත්‍ථ කතමං රූපජීවිතින්‍ද්‍රියං: යො තෙසං රූපීනං ධම‍්මානං ආයු ඨිති යපනා යාපනා ඉරීයනා වත‍්තනා පාලනා ජීවිතං ජීවිතින්‍ද්‍රියං, ඉදං වුච‍්චති රූපජීවිතින්‍ද්‍රියං.

එහි රූපජීවිතේන්‍ද්‍රිය කවරෙ යත්: ඒ රූපී ධර්‍මයන්ගේ යම් ආයුෂයෙක් සිටීමෙක් යැපීමෙක් යැපෙන අයුරෙක් ඉරියව් පැවැත්මෙක් වැටුමෙක් පාලනයෙක් ජීවිතයෙක් ජීවිතේන්‍ද්‍රියයෙක් වේ ද, මේ රූපජීවිතේන්‍ද්‍රිය යි කියනු ලැබේ.

තත්‍ථ කතමං අරූපජීවිතින්‍ද්‍රියං: යො තෙසං අරූපීනං ධම‍්මානං ආයු ඨිති යපනා යාපනා ඉරීයනා වත‍්තනා පාලනා ජීවිතං ජීවිතින්‍ද්‍රියං, ඉදං වුච‍්චති අරූපජීවිතින්‍ද්‍රියං. ඉදං වුච‍්චති ජීවිතින්‍ද්‍රියං.

එහි අරූපජීවිතෙන්‍ද්‍රිය කවරෙ යත්: ඒ අරූපීධර්‍මයන්ගේ යම් ආයුෂයෙක් සිටීමෙක් යැපීමෙක් යැපෙන අයුරෙක් ඉරියව් පැවැත්මකේ වර්‍තනයෙක් පාලනයෙක් ජීවිතයෙක් ජීවිතේන්‍ද්‍රියයෙක් වේ ද, මේ අරූපජීවිතෙන්‍ද්‍රිය යි කියනු ලැබේ. මේ ජීවිතේන්‍ද්‍රිය යි කියනු ලැබේ.

317. තත්‍ථ කතමං ඉත්‍ථින්‍ද්‍රියං: යං ඉත්‍ථියා ඉත්‍ථිලිඞ‍්ගං ඉත්‍ථිනිමිත‍්තං ඉත්‍ථිකුත‍්තං ඉත්‍ථාකප‍්පො ඉත්‍ථත‍්තං ඉත්‍ථිභාවො, ඉදං වුච‍්චති ඉත්‍ථින්‍ද්‍රියං.

317. එහි ස්ත්‍රීන්‍ද්‍රිය කවරෙ යත්: ස්ත්‍රිය පිළිබඳ වූ යම් ස්ත්‍රීලිඞ්ගයෙක් ස්ත්‍රීනිමිත්තයෙක් ස්ත්‍රීක්‍රියායෙක් ස්ත්‍රීආකල්පයෙක් ස්ත්‍රීත්‍වයෙක් ස්ත්‍රීභාවයෙක් වේ ද, මේ ස්ත්‍රීන්‍ද්‍රිය යි කියනු ලැබේ.

318. තත්‍ථ කතමං පුරිසින්‍ද්‍රියං: යං පුරිසස‍්ස පුරිසලිඞ‍්ගං පුරිසනිමිත‍්තං පුරිසකුත‍්තං පුරිසාකප‍්පො පුරිසත‍්තං පුරිසභාවො, ඉදං වුච‍්චති පුරිසින්‍ද්‍රියං.

318. එහි පුරුෂේන්‍ද්‍රිය කවරෙ යත්: පුරුෂයා පිළිබඳ යම් පුරුෂලිඞ්ගයෙක් පුරුෂනිමිත්තයෙක් පුරුෂකෘත්‍යයෙක් පුරුෂාකල්පයෙක් පුරුෂත්‍වයෙක් පුරුෂභාවයෙක් වේ ද, මේ පුරුෂේන්‍ද්‍රිය යි කියනු ලැබේ.

319. තත්‍ථ කතමං සුඛින්‍ද්‍රියං: යං කායිකං සාතං කායිකං සුඛං කායසම‍්ඵස‍්සජං සාතං සුඛං වෙදයිතං කායසම‍්ඵස‍්සජා සාතා සුඛා වෙදනා, ඉදං වුච‍්චති සුඛින්‍ද්‍රියං.

319. එහි සුඛින්‍ද්‍රිය කවරෙ යත්: යම් කායික වූ මිහිරෙක් කායිකසුඛයෙක් කාය සංස්පර්‍ශයෙන් උපන් සාතසුඛවේදයිතයෙක් කායසංස්පර්‍ශයෙන් උපන් සාතසුඛවේදනාවක් වේ ද, මේ සුඛින්‍ද්‍රිය යි කියනු ලැබේ.

320. තත්‍ථ කතමං දුක‍්ඛින්‍ද්‍රියං: යං කායිකං අසාතං කායිකං දුක‍්ඛං කායසම‍්ඵස‍්සජා අසාතං දුක‍්ඛං වෙදයිතං කායසම‍්ඵස‍්සජා අසාතා දුක‍්ඛා වෙදනා, ඉදං වුච‍්චති දුක‍්ඛින්‍ද්‍රියං.

320. එහි දුක්ඛින්‍ද්‍රිය කවරෙ යත්: යම් කායික වූ නො මිහිරෙක් කායික වූ දුඃඛයෙක් කායසංස්පර්‍ශයෙන් උපන් නො මිහිරි වූ දුක් වූ වේදයිතයෙක් කායසංස්පර්‍ශයෙන් උපන් නො මිහිරි වූ දුක් වූ වේදනාවක් වේ ද, මේ දුක්ඛින්‍ද්‍රිය යි කියනු ලැබේ.

321. තත්‍ථ කතමං සොමනස‍්සින්‍ද්‍රියං: යං චෙතසිකං සාතං චෙතසිකං සුඛං චෙතොසම‍්ඵස‍්සජං සාතං සුඛං වෙදයිතං චෙතොසම‍්ඵස‍්සජා සාතා සුඛා වෙදනා, ඉදං වුච‍්චති සොමනස‍්සින්‍ද්‍රියං.

321. එහි සෝමනස්සින්‍ද්‍රිය කවරෙ යත්: යම් චෛතසික වූ සාතයෙක් චෛතසික වූ සුඛයෙක් චිත්තසංස්පර්‍ශයෙන් උපන් සාතසුඛවේදයිතයෙක් චිත්තසංස්පර්‍ශයෙන් උපන් සාතසුඛවේදනාවක් වේ ද, මේ සෝමනස්සින්‍ද්‍රිය යි කියනු ලැබේ.

322. තත්‍ථ කතමං දොමනස‍්සින්‍ද්‍රියං: යං චෙතසිකං අසාතං චෙතසිකං දුක‍්ඛං චෙතොසම‍්ඵස‍්සජං අසාතං දුක‍්ඛං වෙදයිතං චෙතොසම‍්ඵස‍්සජා අසාතා දුක‍්ඛා වෙදනා, ඉදං වුච‍්චති දොමනස‍්සින්‍ද්‍රියං.

322. එහි දෝමනස්සින්‍ද්‍රිය කවරෙ යත්: යම් චෛතසික වූ අසාතයෙක් චෛතසික වූ දුඃඛයෙක් චිත්තසංස්පර්‍ශයෙන් උපන් අසාත වූ දුඃඛ වූ වේදයිතයෙක් චිත්තසංස්පර්‍ශයෙන් උපන් අසාත වූ දුඃඛ වූ වේදනායෙක් වේ ද, මේ දෝමනස්සින්‍ද්‍රිය යි කියනු ලැබේ.

323. තත්‍ථ කතමං උපෙක‍්ඛින්‍ද්‍රියං: යං චෙතසිකං නෙවසාතං නාසාතං චෙතොසම‍්ඵස‍්සජං අදුක‍්ඛමසුඛං වෙදයිතං චෙතොසම‍්ඵස‍්සජා අදුක‍්ඛමසුඛා වෙදනා, ඉදං වුච‍්චති උපෙක‍්ඛින්‍ද්‍රියං.

323. එහි උපෙක්ඛින්‍ද්‍රිය කවරෙ යත්: යම් චෛතසික වූ නො ම සාත වූ අසාත නො වූ වේදනායෙක් චිත්තසංස්පර්‍ශයෙන් උපන් නො දුක් නො සුව වේදයිතයෙක් චිත්තසංස්පර්‍ශයෙන් උපන් නො දුක් නො සුව වේදනායෙක් වේ ද, මේ උපෙක්ඛින්‍ද්‍රිය යි කියනු ලැබේ.

324. තත්‍ථ කතමං සද‍්ධින්‍ද්‍රියං: යා සද‍්ධා සද‍්දහනා ඔකප‍්පනා අභිප‍්පසාදො සද‍්ධා සද‍්ධින්‍ද්‍රියං සද‍්ධාබලං, ඉදං වුච‍්චති සද‍්ධින්‍ද්‍රියං.

324. එහි සද්ධින්‍ද්‍රිය කවරෙ යත්: යම් හැදහීමෙක් හදහන අයුරෙක් (ගුණයෙහි) බැස ගැනීමෙක් අධිකප්‍රසාදයෙක් ශ්‍රද්ධාවක් ශ්‍රද්ධේන්‍ද්‍රියයෙක් ශ්‍රද්ධාබලයෙක් වේ ද, මේ සද්ධින්‍ද්‍රිය යි කියනු ලැබේ.

325. තත්‍ථ කතමං විරියින්‍ද්‍රියං: යො චෙතසිකො විරියාරම‍්භො, නික‍්කමො පරක‍්කමො උය්‍යාමො වායාමො උස‍්සාහො උස‍්සොළ‍්හි ථාමො ධිති අසිථිලපරක‍්කමතා අනික‍්ඛිත‍්තඡන්‍දතා අනික‍්ඛිත‍්තධුරතා ධුරසම‍්පග‍්ගාහො විරියං විරියින්‍ද්‍රියං විරියබලං, ඉදං වුච‍්චති විරියින්‍ද්‍රියං.

325. එහි විරියින්‍ද්‍රිය කවරෙ යත්: යම් චෛතසික වූ වීර්‍ය්‍යාරම්භයෙක් (කුසීත බැවින් නික්මීමෙක්) පරාක්‍රමයෙක් උද්‍යමයෙක් ව්‍යායාමයෙක් උත්සාහයෙක් අධිමාත්‍ර උත්සාහයෙක් ථාමයෙක් (කුශලසන්තානය) ධැරීමෙක් නො ලිහිල් පරාක්‍රම ඇති බවෙක් නො තැබූ (කුශල) ඡන්‍ද ඇති බවෙක් නො තැබූ (වීර්‍ය්‍ය) ධුර ඇති බවෙක් වීර්‍ය්‍ය දැඩි කොට ගැනීමෙක් වීර්‍ය්‍යයෙක් වීර්ය්‍යේන්‍ද්‍රියයෙක් වීර්‍ය්‍යබලයෙක් වේ ද, මේ වීර්‍ය්‍යෙන්‍ද්‍රිය යි කියනු ලැබේ.

326. තත්‍ථ කතමං සතින්‍ද්‍රියං: යා සති අනුස‍්සති පටිස‍්සති සතිසරණතා ධාරණතා අපිලාපනතා අසම‍්මුස‍්සනතා සති සතින්‍ද්‍රියං සතිබලං සම‍්මාසති, ඉදං වුච‍්චති සතින්‍ද්‍රියං.

326. එහි සතින්‍ද්‍රිය කවරෙ යත්: යම් ස්මෘතියක් අනුස්මෘතියක් ප්‍රතිස්මෘතියක් ස්මෘති සංඛ්‍යාත සරණතායෙක් ධරන බවෙක් (අරමුණෙහි) බැසගැනීමෙක් නො මුළා වන බවෙක් ස්මෘතියෙක් ස්මෘතින්‍ද්‍රියයෙක් ස්මෘතිබලයෙක් සම්‍යක්ස්මෘතියක් වේ ද, මේ සතින්‍ද්‍රිය යි කියනු ලැබේ.

327. තත්‍ථ කතමං සමාධින්‍ද්‍රියං: යා චිත‍්තස‍්ස ඨිති සණ‍්ඨිති අවට‍්ඨිති අවිසාහාරො අවික‍්ඛෙපො අවිසාහටමානසතා සමථො සමාධින්‍ද්‍රියං සමාධිබලං, සම‍්මාසමාධි, ඉදං වුච‍්චති සමාධින්‍ද්‍රියං.

327. එහි සමාධින්‍ද්‍රිය කවරෙ යත්: චිත්තයාගේ යම් සිටීමෙක් මොනොවට සිටීමෙක් බැසගෙන සිටීමෙක් නො විසිරීමෙක් අවික්‍ෂේපයෙක් නො විසුළසිත ඇති බවෙක් ශමථයෙක් සමාධීන්‍ද්‍රියයෙක් සමාධිබලයෙක් සම්‍යක් සමාධියෙක් වේ ද, මේ සමාධින්‍ද්‍රිය යි කියනු ලැබේ.

328. තත්‍ථ කතමං පඤ‍්ඤින්‍ද්‍රියං: යා පඤ‍්ඤා පජානනා විචයො පවිචයො -පෙ- අමොහො ධම‍්මවිචයො සම‍්මාදිට‍්ඨි, ඉදං වුච‍්චති පඤ‍්ඤින්‍ද්‍රියං.

328. එහි පඤ්ඤින්‍ද්‍රිය කවරෙ යත්: යම් ප්‍රඥාවක් පජානනාකාරයෙක් විමසීමෙක් ප්‍රකර්‍ෂයෙන් විමසීමෙක් … අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියක් වේ ද, මේ පඤ්ඤින්‍ද්‍රිය යි කියනු ලැබේ.

329. තත්‍ථ කතමං අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං: යා තෙසං ධම‍්මානං අනඤ‍්ඤාතානං අදිට‍්ඨානං අපත‍්තානං අවිදිතානං අසච‍්ඡිකතානං සච‍්ඡිකිරියාය පඤ‍්ඤා පජානනා -පෙ- අමොහො ධම‍්මවිචයො සම‍්මාදිට‍්ඨි ධම‍්මවිචයසම‍්බොජ‍්ඣඞ‍්ගො මග‍්ගඞ‍්ගං මග‍්ගපරියාපන‍්නං, ඉදං වුච‍්චති අනඤ‍්ඤාතඤ‍්ඤස‍්සාමීතින්‍ද්‍රියං.

329. එහි අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය කවරෙ යත්: නො දත් නො දුටු නො පැමිණි (නුවණින්) ප්‍රකට නො කළ ප්‍රත්‍යක්‍ෂ නො කළ ඒ ධර්‍මයන් සාක්‍ෂාත් කරනු පිණිස මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් ප්‍රඥාවක් පජානනාකාරයෙක් … අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියක් ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය යි කියනු ලැබේ.

330. තත්‍ථ කතමං අඤ‍්ඤින්‍ද්‍රියං: යා තෙසං ධම‍්මානං ඤාතානං දිට‍්ඨානං පත‍්තානං විදිතානං සච‍්ඡිකතානං සච‍්ඡිකිරියාය පඤ‍්ඤා පජානනා -පෙ- අමොහො ධම‍්මවිචයො සම‍්මාදිට‍්ඨි ධම‍්මවිචයසම‍්බොජ‍්ඣඞ‍්ගො මග‍්ගඞ‍්ගං මග‍්ගපරියාපන‍්නං, ඉදං වුච‍්චති අඤ‍්ඤින්‍ද්‍රියං.

330. එහි අඤ්ඤින්‍ද්‍රිය කවරෙ යත්: දන්නා ලද දක්නා ලද පැමිණි ප්‍රකට කළ ප්‍රත්‍යක්‍ෂ කළ ඒ ධර්‍මයන් සාක්‍ෂාත් කරනු පිණිස මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් ප්‍රඥාවක් පජානනාකාරයෙක් … අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියක් ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ අඤ්ඤින්‍ද්‍රිය යි කියනු ලැබේ.

331. තත්‍ථ කතමං අඤ‍්ඤාතාවින්‍ද්‍රියං: යා තෙසං ධම‍්මානං අඤ‍්ඤාතාවීනං දිට‍්ඨානං පත‍්තානං විදිතානං සච‍්ඡිකතානං සච‍්ඡිකිරියාය පඤ‍්ඤා පජානනා -පෙ- අමොහො ධම‍්මවිචයො සම‍්මාදිට‍්ඨි ධම‍්මවිචයසම‍්බොජ‍්ඣඞ‍්ගො මග‍්ගඞ‍්ගං මග‍්ගපරියාපන‍්නං, ඉදං වුච‍්චති අඤ‍්ඤාතාවින්‍ද්‍රියං.

331. එහි අඤ්ඤාතාවින්‍ද්‍රිය කවරෙ යත්: දැනසිටි දක්නා ලද අධිගමය කළ ප්‍රකට කළ ප්‍රත්‍යක්‍ෂ කළ ඒ ධර්‍මයන් සාක්‍ෂාත් කරනු පිණිස මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් ප්‍රඥාවක් ප්‍රජානනාකාරයෙක් … අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියක් ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ අඤ්ඤාතාවින්‍ද්‍රිය යි කියනු ලැබේ.

අභිධම‍්මභාජනියං.

අභිධර්‍මභාජනිය යි.