පඤ්හාපුච්ඡකවණ්ණනා අට්ඨකථා
පඤ්හාපුච්ඡකවණ්ණනා
ප්‍රශ්න විචාරක වර්ණනාව
පඤ්හාපුච්ඡකෙ චතුන්නම්පි සච්චානං ඛන්ධවිභඞ්ගෙ වුත්තනයානුසාරෙනෙව කුසලාදිභාවො වෙදිතබ්බො. ආරම්මණත්තිකෙසු පන සමුදයසච්චං කාමාවචරධම්මෙ අස්සාදෙන්තස්ස පරිත්තාරම්මණං හොති, මහග්ගතධම්මෙ අස්සාදෙන්තස්ස මහග්ගතාරම්මණං, පඤ්ඤත්තිං අස්සාදෙන්තස්ස නවත්තබ්බාරම්මණං. දුක්ඛසච්චං කාමාවචරධම්මෙ ආරබ්භ උප්පන්නං පරිත්තාරම්මණං, රූපාරූපාවචරධම්මෙ ආරබ්භ උප්පත්තිකාලෙ මහග්ගතාරම්මණං, නව ලොකුත්තරධම්මෙ පච්චවෙක්ඛණකාලෙ අප්පමාණාරම්මණං, පණ්ණත්තිං පච්චවෙක්ඛණකාලෙ නවත්තබ්බාරම්මණං. මග්ගසච්චං සහජාතහෙතුවසෙන සබ්බදාපි මග්ගහෙතුකං වීරියං වා වීමංසං වා ජෙට්ඨකං කත්වා මග්ගභාවනාකාලෙ මග්ගාධිපති, ඡන්දචිත්තෙසු අඤ්ඤතරාධිපතිකාලෙ නවත්තබ්බං නාම හොති. දුක්ඛසච්චං අරියානං මග්ගපච්චවෙක්ඛණකාලෙ මග්ගාරම්මණං, තෙසංයෙව මග්ගං ගරුං කත්වා පච්චවෙක්ඛණකාලෙ මග්ගාධිපති, සෙසධම්මපච්චවෙක්ඛණකාලෙ නවත්තබ්බං හොති.
ප්‍රශ්න විචාරයෙහි චතුස්සත්යද ස්කන්ධ විභාගයෙහි කියන ලද ආකාරයෙන්ම කුසලාදිභාවය දතයුතුය. ආරම්මණ ත්‍රිකයෙහි වනාහි සමුදය සත්‍යය කාමාවචර ධර්මයෙහි ආශ්වාදනය කරන්නාට කුඩා අරමුණක් වේ. මාර්ග ධර්මයෙහි ආශ්වාදනය කරන්නාට මහග්ගත අරමුණක් වේ. ප්රඥප්තිය ආශ්වාදනය කරන්නාට අරමුණ කිවහැකි නොවේ. දුක්ඛ සත්‍යය කාමාවචර ධර්ම අරමුණු කරගෙන උපන්නේ සුළු අරමුණක් වේ. රූපාරූප ධර්මයන් අරමුණුකැර උපන්නේ මහග්ගත අරමුණකි. නව ලෝකෝත්තර ධර්මයන් ප්රත්යවේක්ෂා කරන කාලයේ අප්‍රමාණ අරමුණකි. ප්රඥප්තිය ප්රත්යවේක්ෂා කරන කාලයෙහි අරමුණ කිවහැකි නොවේ. මාර්ග සත්‍යය සහජාත හේතු වශයෙන් හැමකාලයේම මාර්ග හේතුක වේ. විරිය හෝ විමංසය හෝ ප්‍රධානකොට මාර්ග භාවනා කාලයෙහි මාර්‍ගාධිපති වේ. ඡන්ද චිත්තවල වෙනත් අධිපතියකු ඇති කාලයෙහි කිවහැකි නොවේ. දුක්ඛ සත්‍ය ආර්යන් ප්රත්යවේක්ෂා කරන කාලයෙහි මාර්ගාරම්මණය වේ. ගරුකොට ප්රත්යවේක්ෂා කරන කාලයෙහි මාර්‍ගාධිපති වේ. සෙසු ධර්ම ප්රත්යවේක්ෂා කරන කාලයෙහි කිවහැකි නොවේ.
ද්වෙ සච්චානීති දුක්ඛසමුදයසච්චානි. එතානි හි අතීතාදිභෙදෙ ධම්මෙ ආරබ්භ උප්පත්තිකාලෙ අතීතාදිආරම්මණානි හොන්ති. සමුදයසච්චං අජ්ඣත්තාදිභෙදෙ ධම්මෙ අස්සාදෙන්තස්ස අජ්ඣත්තාදිආරම්මණං හොති, දුක්ඛසච්චං ආකිඤ්චඤ්ඤායතනකාලෙ නවත්තබ්බාරම්මණම්පීති වෙදිතබ්බං. ඉති ඉමස්මිං පඤ්හාපුච්ඡකෙ ද්වෙ සච්චානි ලොකියානි හොන්ති, ද්වෙ ලොකුත්තරානි. යථා ච ඉමස්මිං, එවං පුරිමෙසුපි ද්වීසු. සම්මාසම්බුද්ධෙන හි තීසුපි සුත්තන්තභාජනීයාදීසු ලොකියලොකුත්තරානෙව සච්චානි කථිතානි. එවමයං සච්චවිභඞ්ගොපි තෙපරිවට්ටං නීහරිත්වාව භාජෙත්වා දස්සිතොති.
ද්වෙ සච්චානි දුක්ඛ සමුදය සත්‍ය, මේවා අතීත ධර්ම අරබයා උපදින කල අතීත අරමුණු වේ. සමුදය සත්‍යය අධ්‍යාත්ම ධර්ම ආශ්වාදනය කරනවිට අධ්‍යාත්ම අරමුණු වේ. දුක්ඛ සත්‍යය ආකිඤ්චඤ්ඤායතන කාලයෙහි අරමුණ කිව නොහැකි යයි දතයුතුය. මෙසේ මේ ප්‍රශ්න විචාරයෙහි සත්‍ය දෙකක් ලෞකික වේ. සත්‍ය දෙකක් ලෝකෝත්තර වේ. මෙහි මෙසේ පෙර දෙකෙහි සම්බුදුන් විසින් සූත්‍රාන්ත භාජනියාදි තුනෙහිද ලෞකික ලෝකෝත්තර නයෙන් සත්‍ය කියන ලදි.
සම්මොහවිනොදනීයා විභඞ්ගට්ඨකථාය සච්චවිභඞ්ගවණ්ණනා නිට්ඨිතා.
සම්මෝහ විනෝදනී නම් විභංග අර්ථ වර්ණනාවේ සතරවන සච්ච විභංග නිද්දේසයයි.