අභිධම්මභාජනීයවණ්ණනා අට්ඨකථා
අභිධම්මභාජනීයවණ්ණනා
අභිධර්ම භාජනීය වර්ණනාව
ඉදානි අභිධම්මභාජනීයං හොති. තත්ථ “අරියසච්චානී”ති අවත්වා නිප්පදෙසතො පච්චයසඞ්ඛාතං සමුදයං දස්සෙතුං “චත්තාරි සච්චානී”ති වුත්තං . අරියසච්චානීති හි වුත්තෙ අවසෙසා ච කිලෙසා, අවසෙසා ච අකුසලා ධම්මා, තීණි ච කුසලමූලානි සාසවානි, අවසෙසා ච සාසවා කුසලා ධම්මා න සඞ්ගය්හන්ති. න ච කෙවලං තණ්හාව දුක්ඛං සමුදානෙති, ඉමෙපි අවසෙසා ච කිලෙසාදයො පච්චයා සමුදානෙන්තියෙව. ඉති ඉමෙපි පච්චයා දුක්ඛං සමුදානෙන්තියෙවාති නිප්පදෙසතො පච්චයසඞ්ඛාතං සමුදයං දස්සෙතුං “අරියසච්චානී”ති අවත්වා “චත්තාරි සච්චානී”ති වුත්තං.
දැන් අභිධර්ම භාජනීය වේ. මෙහි ආර්ය සත්‍යයයි නොකියා සියල්ල ඇතුළත් හෙයින් ප්‍රත්‍ය සංඛ්‍යාත සමුදය දැක්වීමට චත්තාරි සච්චානි යයි කියන ලදි. අරිය සච්චානි යයි කීකල්හි අවසේස කෙලෙස්, අවසේස අකුසල දහම්, කුසල් මුල් තුනද අවසේස ආශ්‍රව, අවසේස කුසල දහම්ද සංග්‍රහ නොවේ. මේ අවසේස කෙලෙස් ආදියද දුක් උපදවයි. කේවලවූ තෘෂ්ණාවම දුක්ඛ සමුදය නොවේ. මෙසේ මේ ප්‍රත්‍යයෙන්ද දුක් ඇතිවේමයයි සියල්ල ඇතුළත් හෙයින් ප්‍රත්‍ය සංඛ්‍යාත සමුදය දැක්වීමට අරිය සච්චානි යයි නොකියා චත්තාරි සච්චානි යයි කියන ලදි.
නිද්දෙසවාරෙ ච නෙසං පඨමං දුක්ඛං අනිද්දිසිත්වා තස්සෙව දුක්ඛස්ස සුඛනිද්දෙසත්ථං දුක්ඛසමුදයො නිද්දිට්ඨො. තස්මිඤ්හි නිද්දිට්ඨෙ “අවසෙසා ච කිලෙසා”තිආදිනා නයෙන දුක්ඛසච්චං සුඛනිද්දෙසං හොති. නිරොධසච්චම්පෙත්ථ තණ්හාය පහානං “තණ්හාය ච අවසෙසානඤ්ච කිලෙසානං පහාන”න්ති එවං යථාවුත්තස්ස සමුදයස්ස පහානවසෙන පඤ්චහාකාරෙහි නිද්දිට්ඨං. මග්ගසච්චං පනෙත්ථ පඨමජ්ඣානිකසොතාපත්තිමග්ගවසෙන ධම්මසඞ්ගණියං විභත්තස්ස දෙසනානයස්ස මුඛමත්තමෙව දස්සෙන්තෙන නිද්දිට්ඨං. තත්ථ නයභෙදො වෙදිතබ්බො. තං උපරි පකාසයිස්සාම.
විස්තර කිරීමේදී ඒවායේ ප්‍රථම දුක්ඛය විස්තර නොකොට ඒ දුකේ සැප විස්තර කිරීම සඳහා දුක්ඛ සමුදය විස්තර කරන ලදි. එහිද විස්තර කරන ලද අවසෙසා කිලෙසා ආදි නයින් දුක්ඛ සත්‍ය සුඛ නිර්දේශයක් වේ. මෙහි නිරෝධ සත්‍යයද තෘෂ්ණා ප්‍රත්‍යයද තෘෂ්ණාවේ සෙසු කෙලෙසුන් හෝ ප්රත්යදැයි මෙසේ කියන සමුදයේ ප්‍රහානය වශයෙන් පස් ආකාරයකින් විස්තර කරන ලදි. මෙහි මාර්ග සත්‍යය වනාහි ප්‍රථම ධ්‍යානික සෝවාන් මාර්ග වශයෙන් ධම්මසංගණියෙහි බෙදනලද දේසනා නයේ මුඛමාත්ර වශයෙන් දක්වමින් දේසනා කරන ලදි. එහි නය භේදය දතයුතුය. එය මතුයෙහි ප්‍රකාශ කරමි.
යස්මා පන න කෙවලං අට්ඨඞ්ගිකො මග්ගොව පටිපදා “පුබ්බෙව ඛො පනස්ස කායකම්මං වචීකම්මං ආජීවො සුපරිසුද්ධො හොතී”ති (ම· නි· 3.433) වචනතො පන පුග්ගලජ්ඣාසයවසෙන පඤ්චඞ්ගිකොපි මග්ගො පටිපදා එවාති දෙසිතො, තස්මා තං නයං දස්සෙතුං පඤ්චඞ්ගිකවාරොපි නිද්දිට්ඨො. යස්මා ච න කෙවලං අට්ඨඞ්ගිකපඤ්චඞ්ගිකමග්ගාව පටිපදා, සම්පයුත්තකා පන අතිරෙකපඤ්ඤාසධම්මාපි පටිපදා එව, තස්මා තං නයං දස්සෙතුං තතියො සබ්බසඞ්ගාහිකවාරොපි නිද්දිට්ඨො. තත්ථ “අවසෙසා ධම්මා දුක්ඛනිරොධගාමිනියා පටිපදාය සම්පයුත්තා”ති ඉදං පරිහායති. සෙසං සබ්බත්ථ සදිසමෙව.
අෂ්ටාංගික මාර්ගය ප්‍රතිපදාවයි. මෙහි මුලින්ම කාය කර්ම වචීකර්ම ආජීව පිරිසිදු වේ. යන වචනයෙන් පුද්ගල අදහස් වශයෙන් අංග පසකින් වූ ද මාර්ගය ප්රතිපදාවමයි. එය දැක්වීමට පංචංගික වාරයද දක්වන ලදි. අට්ඨංගික පංචංගික මාර්ගයම ප්‍රතිපදාව නොවේ. සම්ප්‍රයුක්ත වූ පනස් ධර්මයෝම (චෛතසික) ප්‍රතිපදාවයි. එනිසා එය නය දැක්වීමට තුන්වනුව සබ්බසංගාහික වාරයද දක්වන ලදි. එහි අවසේස ධර්ම දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාවේ ඇතුළත් වේ යයි මෙය අත්හරියි. සෙසු සියළු තන්හි සමානය.
තත්ථ අට්ඨඞ්ගිකවාරස්ස “තණ්හාය අවසෙසානඤ්ච කිලෙසානං පහාන”න්තිආදීසු පඤ්චසු කොට්ඨාසෙසු පඨමකොට්ඨාසෙ තාව සොතාපත්තිමග්ගෙ ඣානාභිනිවෙසෙ සුද්ධිකපටිපදා, සුද්ධිකසුඤ්ඤතා, සුඤ්ඤතපටිපදා, සුද්ධිකඅප්පණිහිතං, අප්පණිහිතපටිපදාති ඉමෙසු පඤ්චසු වාරෙසු ද්වින්නං ද්වින්නං චතුක්කපඤ්චකනයානං වසෙන දස නයා හොන්ති. එවං සෙසෙසුපීති වීසතියා අභිනිවෙසෙසු ද්වෙ නයසතානි. තානි චතූහි අධිපතීහි චතුග්ගුණිතානි අට්ඨ . ඉති සුද්ධිකානි ද්වෙ සාධිපතී අට්ඨාති සබ්බම්පි නයසහස්සං හොති. යථා ච සොතාපත්තිමග්ගෙ, එවං සෙසමග්ගෙසුපීති චත්තාරි නයසහස්සානි හොන්ති. යථා ච පඨමකොට්ඨාසෙ චත්තාරි, එවං සෙසෙසුපීති අට්ඨඞ්ගිකවාරෙ පඤ්චසු කොට්ඨාසෙසු වීසති නයසහස්සානි හොන්ති. තථා පඤ්චඞ්ගිකවාරෙ සබ්බසඞ්ගාහිකවාරෙ චාති සබ්බානිපි සට්ඨි නයසහස්සානි සත්ථාරා විභත්තානි. පාළි පන සඞ්ඛෙපෙන ආගතා. එවමිදං තිවිධමහාවාරං පඤ්චදසකොට්ඨාසං සට්ඨිනයසහස්සපටිමණ්ඩිතං අභිධම්මභාජනීයං නාම නිද්දිට්ඨන්ති වෙදිතබ්බං.
එහි අට්ඨංගික වාරයෙහි තෘෂ්ණාවද අවසේස කෙලෙසුන්ගේ ප්‍රහාන යයි ආදියෙහි කොටස් පහ අතුරෙන් පළමු කොටසෙහි සෝවාන් මාර්ගයේ ධ්‍යාන අභිනිවේසයෙහි සුද්ධික පටිපදා, සුද්ධික සුඤ්ඤතා, සුඤ්ඤත පටිපදා, සුද්ධික අප්පණිහිතං, අප්පණිහිත පටිපදා යන මේ පස් වාරයෙහි දෙක දෙක චතුක්කපංචක නය වශයෙන් නය දහයක් වේ. මෙසේ සෙස්සෙහිද විසති අභිනිවේසවල නය දෙසීයක් ද ඒවා සතර අධිපතීන්ගේ වශයෙන් සතරින් ගුණකො අටසීයක්ද මෙසේ සුද්ධික දෙක අධිපති අට යයි සියල්ල නය දහසක් වේ. සෝවාන් මාර්ගයේ මෙන් සෙසු මාර්ගවලද නය හාරදහසක් වේ. පළමු කොටසෙහි සතරක්ද මෙසේ සෙසු කොටස්වලද අට්ඨංගික වාරයේ කොටස් පහේ නය විසිදහසක් වේ. එසේම පංචංගික වාරයෙහිද සබ්බසංගාහික වාරයෙහිද යන සියල්ල නය හැටදහසක් ශාස්තෲන් විසින් බෙදන ලදි. පෙලෙහි සංක්ෂේපයෙන් ආවේය. මෙසේ මෙය ත්‍රිවිධ මහා වාර පසලොස් කොටස් සැටදහසක් නය ප්‍රතිමණ්ඩිත වූ අභිධම්ම භාජනියෙහි විස්තර කරන ලදැයි දතයුතුය.
අභිධම්මභාජනීයවණ්ණනා.
අභිධම්ම භාජනිය වර්ණනාව