මග්ගසච්චනිද්දෙසවණ්ණනා අට්ඨකථා
මග්ගසච්චනිද්දෙසවණ්ණනා
මග්ගසච්චනිද්දෙසවණ්ණනා
මග්ගසච්චනිද්දෙසෙ අයමෙවාති අඤ්ඤමග්ගපටික්ඛෙපනත්ථං නියමනං. අරියොති තංතංමග්ගවජ්ඣෙහි කිලෙසෙහි ආරකත්තා අරියභාවකරත්තා අරියඵලපටිලාභකරත්තා ච අරියො. අට්ඨඞ්ගානි අස්සාති අට්ඨඞ්ගිකො. ස්වායං චතුරඞ්ගිකා විය සෙනා, පඤ්චඞ්ගිකං විය තූරියං අඞ්ගමත්තමෙව හොති, අඞ්ගවිනිමුත්තො නත්ථි. නිබ්බානත්ථිකෙහි මග්ගීයති, නිබ්බානං වා මග්ගති, කිලෙසෙ වා මාරෙන්තො ගච්ඡතීති මග්ගො. සෙය්යථිදන්ති සො කතමොති චෙති අත්ථො.
මාර්ග සත්‍යය නිද්දේසයෙහි අයමෙව යනු අන්‍ය මාර්ග ප්‍රතික්ෂේප කිරීමේ නියමයයි. අරියො යනු ඒ ඒ මාර්ගයෙන් නසන ලද කෙලෙසුන්ගෙන් ඈත්වූ බැවින්ද ආර්යභාවය සිදුකරන බැවින්ද ආර්ය ඵල ප්‍රතිලාභය කරන බැවින්ද අරිය නම් වේ. අංග අටක් ඇති නිසා අට්ඨංගිකො වේ. එය චතුරංග සේනාව මෙන් පංචාංගික තුරිය මෙන් අංගය පමණක් වේ. අංගවලින් වෙන්වීමක් නැත. නිර්වාණය කැමැත්තෙන් ගමන් කෙරෙතියි නිවන හෝ පෙන්වයි. කෙලෙසුන් හෝ නසමින් යන්නේ යයි මග්ගො වේ. සෙය්යථීදං? එය කවරේද?
ඉදානි අඞ්ගමත්තමෙව මග්ගො හොති, අඞ්ගවිනිම්මුත්තො නත්ථීති දස්සෙන්තො සම්මාදිට්ඨි…පෙ… සම්මාසමාධීති ආහ. තත්ථ සම්මා දස්සනලක්ඛණා සම්මාදිට්ඨි. සම්මා අභිනිරොපනලක්ඛණො සම්මාසඞ්කප්පො. සම්මා පරිග්ගහලක්ඛණා සම්මාවාචා. සම්මා සමුට්ඨාපනලක්ඛණො සම්මාකම්මන්තො. සම්මා වොදානලක්ඛණො සම්මාආජීවො. සම්මා පග්ගහලක්ඛණො සම්මාවායාමො. සම්මා උපට්ඨානලක්ඛණා සම්මාසති. සම්මා සමාධානලක්ඛණො සම්මාසමාධි.
අංගය පමණක් මාර්ගය වේ. අංගය නැතිව මාර්ගය නොවේ යයි දක්වන්නේ සම්මා දිට්ඨි.......සම්මා සමාධි යයි කීහ. මනාව දක්නා ලක්ෂණය සම්මා දිට්ඨි වේ. සිත මනාව අරමුණට යොමුකිරීමේ ලක්ෂණය සම්මා සංකප්ප වේ. මනාව ගැනීමේ ලක්ෂණය සම්මා වාචා වේ. මනාව තැබීමේ ලක්ෂණය සම්මා කම්මන්ත වේ. මනාව පිරිසිදු වීමේ ලක්ෂණය සම්මා ආජීව වේ. මනාව ආධාර කිරීමේ ලක්ෂණය සම්මා වායාම වේ. මනාව වැටහීමේ ලක්ෂණය සම්මා සති වේ. මනාව එකඟ කිරීමේ ලක්ෂණය සම්මා සමාධි වේ.
තෙසු ච එකෙකස්ස තීණි තීණි කිච්චානි හොන්ති, සෙය්යථිදං – සම්මාදිට්ඨි තාව අඤ්ඤෙහිපි අත්තනො පච්චනීකකිලෙසෙහි සද්ධිං මිච්ඡාදිට්ඨිං පජහති, නිරොධං ආරම්මණං කරොති, සම්පයුත්තධම්මෙ ච පස්සති තප්පටිච්ඡාදකමොහවිධමනවසෙන අසම්මොහතො. සම්මාසඞ්කප්පාදයොපි තථෙව මිච්ඡාසඞ්කප්පාදීනි ච පජහන්ති, නිරොධඤ්ච ආරම්මණං කරොන්ති. විසෙසතො පනෙත්ථ සම්මාසඞ්කප්පො සහජාතධම්මෙ අභිනිරොපෙති, සම්මාවාචා සම්මා පරිග්ගණ්හාති, සම්මාකම්මන්තො සම්මා සමුට්ඨාපෙති, සම්මාආජීවො සම්මා වොදාපෙති, සම්මාවායාමො සම්මා පග්ගණ්හාති, සම්මාසති සම්මා උපට්ඨාති, සම්මාසමාධි සම්මා පදහති.
ඒවායේ එකිනෙකේ කෘත්‍යය තුන තුන පවතී. කෙසේද? සම්මා දිට්ඨිය තමාගේ අනිත් කෙලෙස් සතුරන් සමග මිථ්‍යා දෘෂ්ටිය දුරුකරයි. නිවන අරමුණු කරයි. එකට යෙදෙන ධර්මද බලයි. සම්මා සංකප්පාදියද එසේම මිථ්‍යා සංකප්පාදිය දුරුකරයි. නිවන අරමුණු කරයි. මෙහි විශේෂය නම් සම්මා සංකප්පය සහජාත ධර්මයන් අරමුණට යොමුකරයි. [missing trans]
අපිචෙසා සම්මාදිට්ඨි නාම පුබ්බභාගෙ නානාක්ඛණා නානාරම්මණා හොති, මග්ගකාලෙ එකක්ඛණා එකාරම්මණා, කිච්චතො පන දුක්ඛෙ ඤාණන්තිආදීනි චත්තාරි නාමානි ලභති. සම්මාසඞ්කප්පාදයොපි පුබ්බභාගෙ නානාක්ඛණා නානාරම්මණා හොන්ති, මග්ගකාලෙ එකක්ඛණා එකාරම්මණා. තෙසු සම්මාසඞ්කප්පො කිච්චතො නෙක්ඛම්මසඞ්කප්පොතිආදීනි තීණි නාමානි ලභති. සම්මාවාචාදයො තයො පුබ්බභාගෙ නානාක්ඛණා නානාරම්මණා විරතියොපි හොන්ති චෙතනායොපි, මග්ගක්ඛණෙ පන විරතියොව. සම්මාවායාමො සම්මාසතීති ඉදම්පි ද්වයං කිච්චතො සම්මප්පධානසතිපට්ඨානවසෙන චත්තාරි නාමානි ලභති. සම්මාසමාධි පන පුබ්බභාගෙපි මග්ගක්ඛණෙපි සම්මාසමාධියෙව.
මේ සම්මා දිට්ඨිය මුලදී නානා ක්ෂණ නානා අරමුණු වේ. මාර්ග කාලයෙහි ඒකක්ෂණ ඒකාරම්මණ වේ. කෘත්‍ය වශයෙන් දුක්ඛෙ ඤාණං ආදි නම් සතර ලබයි. සම්මා සංකප්ප ආදියද මාර්ගයට පෙර නානා ක්ෂණ නානා අරමුනු වේ. මාර්ග අවස්ථාවේ ඒකක්ෂණ එක අරමුණය. සම්මා සංකප්පය කෘත්‍ය වශයෙන් නෙක්ඛම්මාදි නම් තුනක් ලබයි. සම්මා වාචාදි තුනේ පූර්ව භාගයේදී නානා ක්ෂණ නානා අරමුණු වේ. මාර්ග ක්ෂණයෙහි විරතිය පමණකි. චේතනාවද විරතිය පමණකි. සම්මා වායාම සති යන මේ දෙක සම්‍යක් ප්‍රධාන සතිපට්ඨාන වශයෙන් නම් සතරක් ලබයි. සම්මා සමාධිය පෙරද මාර්ග ක්‍ෂණයෙහිද සම්මා සමාධියම වේ.
ඉති ඉමෙසු අට්ඨසු ධම්මෙසු භගවතා නිබ්බානාධිගමාය පටිපන්නස්ස යොගිනො බහූපකාරත්තා පඨමං සම්මාදිට්ඨි දෙසිතා. අයඤ්හි “පඤ්ඤාපජ්ජොතො පඤ්ඤාසත්ථ”න්ති (ධ· ස· 16, 20, 29, 34) ච වුත්තා. තස්මා එතාය පුබ්බභාගෙ විපස්සනාඤාණසඞ්ඛාතාය සම්මාදිට්ඨියා අවිජ්ජන්ධකාරං විද්ධංසෙත්වා කිලෙසචොරෙ ඝාතෙන්තො ඛෙමෙන යොගාවචරො නිබ්බානං පාපුණාති. තෙන වුත්තං “නිබ්බානාධිගමාය පටිපන්නස්ස යොගිනො බහූපකාරත්තා පඨමං සම්මාදිට්ඨි දෙසිතා”ති.
නිවන් ලැබීම පිණිස පිළිපන් යෝගීන්ට බොහෝ උපකාර වන හෙයින් පළමුව සම්මා දිට්ඨිය දේසනා කරන ලදි. මෙය ප්‍රඥා ප්‍රදීප පඤ්ඤා ආවුධ යයි කියන ලදි. මෙහි මුලදී විපස්සනා ඤාණ සහිත සම්මා දිට්ඨිය අවිදු අඳුර බිඳ කෙලෙස් සොරුන් නසමින් ආරක්ෂාව දෙමින් යෝගාවචරයා නිවනට පමුණුවයි.
සම්මාසඞ්කප්පො පන තස්සා බහූපකාරො, තස්මා තදනන්තරං වුත්තො. යථා හි හෙරඤ්ඤිකො හත්ථෙන පරිවත්තෙත්වා පරිවත්තෙත්වා චක්ඛුනා කහාපණං ඔලොකෙන්තො ‘අයං කූටො, අයං ඡෙකො’ති ජානාති, එවං යොගාවචරොපි පුබ්බභාගෙ විතක්කෙන විතක්කෙත්වා විපස්සනාපඤ්ඤාය ඔලොකයමානො ‘ඉමෙ ධම්මා කාමාවචරා, ඉමෙ ධම්මා රූපාවචරාදයො’ති ජානාති. යථා වා පන පුරිසෙන කොටියං ගහෙත්වා පරිවත්තෙත්වා පරිවත්තෙත්වා දින්නං මහාරුක්ඛං තච්ඡකො වාසියා තච්ඡෙත්වා කම්මෙ උපනෙති, එවං විතක්කෙන විතක්කෙත්වා විතක්කත්වා දින්නධම්මෙ යොගාවචරො පඤ්ඤාය ‘ඉමෙ ධම්මා කාමාවචරා, ඉමෙ ධම්මා රූපාවචරා’තිආදිනා නයෙන පරිච්ඡින්දිත්වා කම්මෙ උපනෙති. තෙන වුත්තං ‘සම්මාසඞ්කප්පො පන තස්සා බහූපකාරො, තස්මා තදනන්තරං වුත්තො”ති.
බොහෝ උපකාර බැවින් සම්මා සංකප්පය ඊළඟට කියන ලදි. රන්කරුවෙක් අතට ගත් කහවණුව පෙරළ පෙරළා බලන්නේ හොර එකක්ද ඇත්ත එකක්ද කියා දැනගැනීමටය. යෝගාවචරයාද පූර්ව භාගයෙහි විචාරයෙන් විචාර විචාරා විදර්ශනා ප්‍රඥාවෙන් බලන්නේ මේ ධර්මයෝ කාමාවචරය, මේ ධර්මයෝ රූපාවචරයයි දැනගැනීමටය. යම්කිසි පුරුෂයෙක් කෙළවරක් ගෙන පෙරළ පෙරළා දෙනලද මහගස වඩුවෙක් වෑයෙන් සැස කාර්යයෙහි යොදවයි. එසේ විතර්කයෙන් විචාරා දෙන ලද ධර්මයෙහි යෝගාවචරයා මේ ධර්මයෝ කාමාවචර වේ. මේ ධර්මයෝ රූපාවචර ආදියයි දැන කාර්යයෙහි යොදවයි.
ස්වායං යථා සම්මාදිට්ඨියා, එවං සම්මාවාචායපි උපකාරකො. යථාහ – “පුබ්බෙ ඛො, ගහපති, විතක්කෙත්වා විචාරෙත්වා පච්ඡා වාචං භින්දතී”ති (ම· නි· 1.463). තස්මා තදනන්තරං සම්මාවාචා වුත්තා.
සම්මා සංකප්පය සම්මා දිට්ඨියට මෙන්ම සම්මා වාචාවටද උපකාර වේ. එනිසා ඊළඟට සම්මා වාචා කියන ලදි.
යස්මා පන ‘ඉදඤ්චිදඤ්ච කරිස්සාමා’ති පඨමං වාචාය සංවිදහිත්වා ලොකෙ කම්මන්තෙ පයොජෙන්ති, තස්මා වාචා කායකම්මස්ස උපකාරිකාති සම්මාවාචාය අනන්තරං සම්මාකම්මන්තො වුත්තො.
පළමුව වචනයෙන් සංවිධානය කර ලෝකයේ කර්මාන්ත ආදිය යොදවනු ලැබේ. එනිසා අනතුරුව සම්මා කම්මන්ත කියන ලදි.
චතුබ්බිධං පන වචීදුච්චරිතං, තිවිධං කායදුච්චරිතං පහාය උභයං සුචරිතං පූරෙන්තස්සෙව යස්මා ආජීවට්ඨමකසීලං පූරති, න ඉතරස්ස, තස්මා තදුභයානන්තරං සම්මාආජීවො වුත්තො.
වචී දුශ්චරිතය සතරාකාරය. කාය දුශ්චරිතය තුන් ආකාරය. මේ දෙකම දුරුකොට සුචරිතය පුරන්නා සමහරවිට ආජීවාෂ්ටමක සීලය පුරයි. එහෙයින් අනතුරුව සම්මා ආජීවය කියන ලදි.
එවං සුද්ධාජීවෙන ‘පරිසුද්ධො මෙ ආජීවො’ති එත්තාවතා පරිතොසං අකත්වා සුත්තප්පමත්තෙන විහරිතුං න යුත්තං, අථ ඛො සබ්බඉරියාපථෙසු ඉදං වීරියමාරභිතබ්බන්ති දස්සෙතුං තදනන්තරං සම්මාවායාමො වුත්තො.
මෙසේ සුද්ධ වූ ආජීවයෙන් මගේ ජීවිතය පිරිසිදු යයි මෙපමණකින් සන්තෝෂ කොට සියළු ඉරියව්වල වීර්ය ආරම්භ කළයුතු යයි දැක්වීමට අනතුරුව සම්මා වායාම කියන ලදි.
තතො ආරද්ධවීරියෙනාපි කායාදීසු චතූසු වත්ථූසු සති සුප්පතිට්ඨිතා කාතබ්බාති දස්සනත්ථං තදනන්තරං සම්මාසති දෙසිතා.
එයින් ආරම්භ කරන ලද වීර්යයෙහි කායාදි සතර වස්තුවෙහි සිහිය හොඳින් පිහිටුවිය යුතුයයි දැක්වීමට ඉන් අනතුරුව සම්මා සතිය කියන ලදි.
යස්මා පන එවං සුප්පතිට්ඨිතා සති සමාධිස්ස උපකාරානුපකාරානං ධම්මානං ගතියො සමන්වෙසිත්වා පහොති එකත්තාරම්මණෙ චිත්තං සමාධාතුං, තස්මා සම්මාසතිඅනන්තරං සම්මාසමාධි දෙසිතොති වෙදිතබ්බො.
මෙසේ පිහිටුවන ලද සිහිය සමාධියට උපකාර වන හෙයින් අනතුරුව සම්මා සමාධිය කියන ලදි.
සම්මාදිට්ඨිනිද්දෙසෙ “දුක්ඛෙ ඤාණ”න්තිආදිනා චතුසච්චකම්මට්ඨානං දස්සිතං. තත්ථ පුරිමානි ද්වෙ සච්චානි වට්ටං, පච්ඡිමානි විවට්ටං. තෙසු භික්ඛුනො වට්ටෙ කම්මට්ඨානාභිනිවෙසො හොති, විවට්ටෙ නත්ථි අභිනිවෙසො. පුරිමානි හි ද්වෙ සච්චානි “පඤ්චක්ඛන්ධා දුක්ඛං, තණ්හා සමුදයො”ති එවං සඞ්ඛෙපෙන ච “කතමෙ පඤ්චක්ඛන්ධා? රූපක්ඛන්ධො”තිආදිනා නයෙන විත්ථාරෙන ච ආචරියස්ස සන්තිකෙ උග්ගණ්හිත්වා වාචාය පුනප්පුනං පරිවත්තෙන්තො යොගාවචරො කම්මං කරොති; ඉතරෙසු පන ද්වීසු සච්චෙසු “නිරොධසච්චං ඉට්ඨං කන්තං මනාපං, මග්ගසච්චං ඉට්ඨං කන්තං මනාප”න්ති එවං සවනෙනෙව කම්මං කරොති. සො එවං කම්මං කරොන්තො චත්තාරි සච්චානි එකෙන පටිවෙධෙන පටිවිජ්ඣති, එකාභිසමයෙන අභිසමෙති; දුක්ඛං පරිඤ්ඤාපටිවෙධෙන පටිවිජ්ඣති, සමුදයං පහානපටිවෙධෙන, නිරොධං සච්ඡිකිරියපටිවෙධෙන, මග්ගං භාවනාපටිවෙධෙන පටිවිජ්ඣති; දුක්ඛං පරිඤ්ඤාභිසමයෙන…පෙ… මග්ගං භාවනාභිසමයෙන අභිසමෙති.
සම්මා දිට්ඨි නිද්දේසයෙහි දුක්ඛෙ ඤාණං ආදියෙන් චතුරාර්‍ය්‍ය සත්‍ය කර්මස්ථාන දක්වන ලදි. එහි පෙර සත්‍ය දෙක ලෞකිකය. අවසන් දෙක ලෝකෝත්තරය. භික්ෂුව ඒවායින් ලෞකිකයෙහි කර්මස්ථාන පිහිටුවයි. ලෝකෝත්තරයෙහි එසේ කර්මස්ථාන අරමුණු කිරීමක් නැත. පළමු දෙක පංචස්කන්ධය දුක්ය, තෘෂ්ණාවෙන් පහළවේ යයි මෙසේ සංක්ෂේපයෙන් ද පංචස්කන්ධ කවරේද රූපස්කන්ධාදි විස්තර නයින්ද ආචාර්යවරයා සමීපයෙහි ඉගෙන වචනයෙන් නැවත නැවතත් කියමින් යෝගාවචරයා භාවනා කරයි. ඉතිරි සත්‍ය දෙකෙහි නිරෝධ සත්‍යය ඉෂ්ටය, කාන්තය, මනාපය. මාර්ග සත්‍යය ඉෂ්ටය, මනාපයයි මෙසේ කනෙන්ම අසා පුරුදු කළයුතුය. මෙසේ පුරුදුකර චතුරාර්ය සත්‍ය ප්රතිවේධයෙන්ම අවබෝධ කරගනී. ඒකාභිසමයෙන් අවබෝධ කරයි. දුක දැනගත යුතුය යන ප්‍රතිවේධයෙන් අවබෝධ කරගනී. සමුදය ප්‍රහාණ ප්රතිවේධයෙන්ද මාර්ගය භාවනා ප්රතිවේධයෙන්ද නිර්වාණය සාක්ෂාත් ප්රතිවේධයෙන්ද අවබෝධ කරගනී. දුක දැනගත යුතුය යන අවබෝධයෙන්...... මාර්ගය භාවනා අවබෝධයෙන් දැනගනී.
එවමස්ස පුබ්බභාගෙ ද්වීසු සච්චෙසු උග්ගහපරිපුච්ඡාසවනධාරණසම්මසනපටිවෙධො හොති, ද්වීසු සවනපටිවෙධොයෙව; අපරභාගෙ තීසු කිච්චතො පටිවෙධො හොති, නිරොධෙ ආරම්මණපටිවෙධො. තත්ථ සබ්බම්පි පටිවෙධඤාණං ලොකුත්තරං, සවනධාරණසම්මසනඤාණං ලොකියං කාමාවචරං, පච්චවෙක්ඛණා පන පත්තසච්චස්ස හොති. අයඤ්ච ආදිකම්මිකො. තස්මා සා ඉධ න වුත්තා. ඉමස්ස ච භික්ඛුනො පුබ්බෙ පරිග්ගහතො ‘දුක්ඛං පරිජානාමි , සමුදයං පජහාමි, නිරොධං සච්ඡිකරොමි, මග්ගං භාවෙමී’ති ආභොගසමන්නාහාරමනසිකාරපච්චවෙක්ඛණා නත්ථි, පරිග්ගහතො පට්ඨාය හොති; අපරභාගෙ පන දුක්ඛං පරිඤ්ඤාතමෙව හොති…පෙ… මග්ගො භාවිතොව හොති.
මෙසේ ඔහුට පූර්වභාගයෙහි සත්‍ය දෙක ඉගෙනීම, විචාරීම, ඇසීම, ධාරණය කිරීම, විමසීම වශයෙන් ප්‍රතිවේධය වෙයි. නිරෝධයෙහි ආරම්මණ ප්‍රතිවේධයයි. එහි සියළු ප්‍රතිවේධ ඤාණය ලෝකෝත්තරය. අසන දරණ විමසන නුවණ ලෞකිකය. කාමාවචරය. ප්රත්යවෙක්ෂාව පැමිණි සත්‍ය අනුව වේ. මේ තෙමේද ආදිකර්මිකය. එනිසා මෙහි නොකියන ලදි. මේ භික්ෂුවගේ පෙර අල්ලාගත් දුක දනිමි. සමුදය දුරුකරමි. මාර්ගය වඩමි යන සිතාබැලීම එකඟ කිරීම මෙනෙහි කිරීම ප්රත්යවේක්ෂා කිරීම් නැත. අල්ලා ගැනීමේ සිට ආරම්භ කරයි. පසුව දුක දැනගන්නා ලද්දේමය. මාර්ගය වඩන ලද්දේ වේ.
තත්ථ ද්වෙ සච්චානි දුද්දසත්තා ගම්භීරානි, ද්වෙ ගම්භීරත්තා දුද්දසානි. දුක්ඛසච්චඤ්හි උප්පත්තිතො පාකටං; ඛාණුකණ්ටකප්පහාරාදීසු ‘අහො දුක්ඛ’න්ති වත්තබ්බතම්පි ආපජ්ජති. සමුදයම්පි ඛාදිතුකාමතාභුඤ්ජිතුකාමතාදිවසෙන උප්පත්තිතො පාකටං. ලක්ඛණපටිවෙධතො පන උභයම්පි ගම්භීරං. ඉති තානි දුද්දසත්තා ගම්භීරානි. ඉතරෙසං පන ද්වින්නං දස්සනත්ථාය පයොගො භවග්ගගහණත්ථං හත්ථප්පසාරණං විය, අවීචිඵුසනත්ථං පාදප්පසාරණං විය, සතධා භින්නවාලස්ස කොටියා කොටිං පටිපාදනං විය ච හොති. ඉති තානි ගම්භීරත්තා දුද්දසානි. එවං දුද්දසත්තා ගම්භීරෙසු ගම්භීරත්තා ච දුද්දසෙසු චතූසු සච්චෙසු උග්ගහාදිවසෙන පුබ්බභාගඤාණුප්පත්තිං සන්ධාය ඉදං “දුක්ඛෙ ඤාණ”න්තිආදි වුත්තං. පටිවෙධක්ඛණෙ පන එකමෙව ඤාණං හොති.
එහි සත්‍ය දෙක දැකීමට අපහසු බැවින් ගැඹුරුය. ඒ දෙක ගැඹුරුබැවින් දැකීමට අපහසුය. දුක්ඛ සත්‍යයෙහි උපත ප්රකටය. කණුකටු පහරවලදී අහෝ දුක යයි කියයි. සමුදය සත්‍යයද කනු කැමතිබව බුදිනු කැමතිබව ආදී වශයෙන් ප්රකටය. ලක්ෂණ අවබෝධ කරගැනීම් වශයෙන් දෙකම ගැඹුරුය. දැකීම අපහසුය. ඉතිරි දෙක දැකීම පිණිස ප්‍රයෝගය භවාග්‍රය අල්ලා ගැනීමට අත දිගහරින්නාක් මෙන් අතරක් නැති තැන ස්පර්ශ කිරීමට පය දිගුකරනවා මෙන් සියයකට බෙදූ ලෝමයේ කොනකින් කොනක් සැපයීමක් මෙන් වෙයි. මෙසේ ඒවා ගැඹුරු බැවින් දැකීමට අපහසුය. මෙසේ ගැඹුරෙහි දුර්දෘෂ්ය වේ. චතුරාර්ය සත්‍යයෙහි ඉගෙනීම් වශයෙන් පූර්වභාග ඤාණය සඳහා දුක්ඛෙ ඤාණං ආදිය කියන ලදි.
සම්මාසඞ්කප්පනිද්දෙසෙ කාමතො නිස්සටොති නෙක්ඛම්මසඞ්කප්පො. බ්යාපාදතො නිස්සටොති අබ්යාපාදසඞ්කප්පො. විහිංසාය නිස්සටොති අවිහිංසාසඞ්කප්පො. තත්ථ නෙක්ඛම්මවිතක්කො කාමවිතක්කස්ස පදඝාතං පදච්ඡෙදං කරොන්තො උප්පජ්ජති, අබ්යාපාදවිතක්කො බ්යාපාදවිතක්කස්ස, අවිහිංසාවිතක්කො විහිංසාවිතක්කස්ස. නෙක්ඛම්මවිතක්කො ච කාමවිතක්කස්ස පච්චනීකො හුත්වා උප්පජ්ජති, අබ්යාපාදඅවිහිංසාවිතක්කා බ්යාපාදවිහිංසාවිතක්කානං.
සම්මා සංකප්ප නිද්දේසයෙහි කාමතො නිස්සටො යනු නෙක්ඛම්ම සංකප්පයයි. ව්යාපාදතො නිස්සටො යනු අව්‍යාපාද සංකප්පයයි. විහිංසාය නිස්සටො යනු අවිහිංසා සංකප්පයයි. එහි නෙක්ඛම්ම විතර්කය කාම විතර්කයේ අරමුණ නසමින් වෙන්කරමින් උපදී. අව්‍යාපාද විතර්කය ව්‍යාපාද විතර්කයේද අවිහිංසා විතර්කය විහිංසා විතර්කයේද පිහිටි තැන නසා වෙන් කරමින් උපදී. නෙක්ඛම්ම විතක්කය කාම විතක්කයට පසමිතුරුව උපදී. අව්‍යාපාද විතක්කය ව්‍යාපාද විතක්කයටද අවිහිංසා විතක්කය විහිංසා විතක්කයට ද පසමිතුරුව උපදී.
තත්ථ යොගාවචරො කාමවිතක්කස්ස පදඝාතනත්ථං කාමවිතක්කං වා සම්මසති අඤ්ඤං වා පන කිඤ්චි සඞ්ඛාරං. අථස්ස විපස්සනාක්ඛණෙ විපස්සනාසම්පයුත්තො සඞ්කප්පො තදඞ්ගවසෙන කාමවිතක්කස්ස පදඝාතං පදච්ඡෙදං කරොන්තො උප්පජ්ජති, විපස්සනං උස්සුක්කාපෙත්වා මග්ගං පාපෙති. අථස්ස මග්ගක්ඛණෙ මග්ගසම්පයුත්තො සඞ්කප්පො සමුච්ඡෙදවසෙන කාමවිතක්කස්ස පදඝාතං පදච්ඡෙදං කරොන්තො උප්පජ්ජති; බ්යාපාදවිතක්කස්සාපි පදඝාතනත්ථං බ්යාපාදවිතක්කං වා අඤ්ඤං වා සඞ්ඛාරං සම්මසති; විහිංසාවිතක්කස්ස පදඝාතනත්ථං විහිංසාවිතක්කං වා අඤ්ඤං වා සඞ්ඛාරං සම්මසති. අථස්ස විපස්සනාක්ඛණෙති සබ්බං පුරිමනයෙනෙව යොජෙතබ්බං.
එහි යෝගාවචරයා කාම විතක්කයේ අරමුණ වෙනස් කිරීම සඳහා කාම විතක්කය හෝ වෙනත් සංස්කාරයක් හෝ විමසයි. ඉක්බිතිව ඔහුට විදර්ශනා ක්ෂණයෙහි විදර්ශනා සම්ප්‍රයුක්ත සංකප්පය කාම විතක්කයේ අරමුණ නසමින් වෙන් කරමින් තදංග වශයෙන් උපදී. විදර්ශනාව උත්සාහවත් කරවා මාර්ගයට පමුණුවයි. ඉක්බිති ඔහුට මාර්ග ක්ෂණයෙහි මාර්ගය හා යෙදුණු සංකප්පය කාම විතක්කයේ අරමුණ සමුච්ඡේද වශයෙන් නසමින් වෙන් කරමින් උපදී. ව්‍යාපාද විතක්ක විහිංසා විතක්ක පෙර පරිදිම යොදාගත යුතුය.
කාමවිතක්කාදීනං පන තිණ්ණං පාළියං විභත්තෙසු අට්ඨතිංසාරම්මණෙසු එකකම්මට්ඨානම්පි අපච්චනීකං නාම නත්ථි. එකන්තතො පන කාමවිතක්කස්ස තාව අසුභෙසු පඨමජ්ඣානමෙව පච්චනීකං, බ්යාපාදවිතක්කස්ස මෙත්තාය තිකචතුක්කජ්ඣානානි, විහිංසාවිතක්කස්ස කරුණාය තිකචතුක්කජ්ඣානානි. තස්මා අසුභෙ පරිකම්මං කත්වා ඣානං සමාපන්නස්ස සමාපත්තික්ඛණෙ ඣානසම්පයුත්තො සඞ්කප්පො වික්ඛම්භනවසෙන කාමවිතක්කස්ස පච්චනීකො හුත්වා උප්පජ්ජති. ඣානං පාදකං කත්වා විපස්සනං පට්ඨපෙන්තස්ස විපස්සනාක්ඛණෙ විපස්සනාසම්පයුත්තො සඞ්කප්පො තදඞ්ගවසෙන කාමවිතක්කස්ස පච්චනීකො හුත්වා උප්පජ්ජති. විපස්සනං උස්සුක්කාපෙත්වා මග්ගං පාපෙන්තස්ස මග්ගක්ඛණෙ මග්ගසම්පයුත්තො සඞ්කප්පො සමුච්ඡෙදවසෙන කාමවිතක්කස්ස පච්චනීකො හුත්වා උප්පජ්ජති. එවං උප්පන්නො නෙක්ඛම්මසඞ්කප්පොති වුච්චතීති වෙදිතබ්බො.
කාම විතක්කාදි තුනටද පෙළෙහි බෙදන ලද අටතිස් අරමුණුවලින් එක් කමටහනක්වත් විරුද්ධ නොවූයේ නොවේ. අසුභවල කාම විතර්කයට ප්‍රථම ධ්‍යානයම ඒකාන්තයෙන් සතුරු වේ. ව්‍යාපාද විතර්කයට මෛත්‍රියද තුන්වන සතරවන ධ්‍යානද විහිංසා විතර්කයට කරුණාවද තුන්වන සතරවන ධ්‍යානද සතුරු වේ. එහෙයින් අසුභයෙහි පරිකර්මකොට ධ්‍යාන සම්පන්න වූවහුට සමාපත්ති ක්ෂණයෙහි ධ්‍යාන සම්ප්‍රයුක්ත සංකප්පය විෂ්කම්භන වශයෙන් කාම විතර්කයට සතුරුව උපදී. ධ්‍යාන පාදක කරගෙන විපස්සනාව පිහිටුවන්නාට විපස්සනා ක්ෂණයෙහි විපස්සනා සම්ප්‍රයුක්ත සංකප්පය තදංග වශයෙන් කාම විතර්කයට සතුරුව උපදී. විපස්සනාව බලවත්කොට මාර්ගයට පමුණුවන්නාට මාර්ග ක්ෂණයෙහි මාර්ග සම්ප්‍රයුක්ත සංකප්පය සමුච්ඡේද වශයෙන් කාම විතර්කයට සතුරුව උපදී. මෙසේ උපන්නේ නෙක්ඛම්ම සංකප්ප යයි දතයුතුය.
මෙත්තාය පන පරිකම්මං කත්වා, කරුණාය පරිකම්මං කත්වා ඣානං සමාපජ්ජතීති සබ්බං පුරිමනයෙනෙව යොජෙතබ්බං. එවං උප්පන්නො අබ්යාපාදසඞ්කප්පොති වුච්චති, අවිහිංසාසඞ්කප්පොති ච වුච්චතීති වෙදිතබ්බො. එවමෙතෙ නෙක්ඛම්මසඞ්කප්පාදයො විපස්සනාඣානවසෙන උප්පත්තීනං නානත්තා පුබ්බභාගෙ නානා; මග්ගක්ඛණෙ පන ඉමෙසු තීසු ඨානෙසු උප්පන්නස්ස අකුසලසඞ්කප්පස්ස පදච්ඡෙදතො අනුප්පත්තිසාධනවසෙන මග්ගඞ්ගං පූරයමානො එකොව කුසලසඞ්කප්පො උප්පජ්ජති. අයං සම්මාසඞ්කප්පො නාම.
මෙත්තා කරුණාවලින් පරිකර්මකොට ධ්‍යානයට සමවදී යන සියල්ල පෙර ක්‍රමයෙන්ම යෙදිය යුතුය. එසේ උපන්නේ අව්‍යාපාද සංකප්ප යයි. අවිහිංසා සංකප්පයයි කියනු ලැබේයයි දතයුතුය. මේ නෙක්ඛම්ම සංකප්පාදිය විපස්සනා ධ්‍යාන වශයෙන් උපත්වල පූර්වභාග නානාවිධය. මාර්ග ක්ෂණයෙහි මේ තුන්තැන උපන් අකුසල සංකල්පයට පදච්ඡේද වශයෙන් නොපදීම් වශයෙන් සාධන වශයෙන් මාර්ගාංග සම්පූර්ණ කරමින් හුදෙකලාව කුසල සංකප්පය උපදී. මෙය සම්මා සංකප්ප නම් වේ.
සම්මාවාචානිද්දෙසෙපි යස්මා අඤ්ඤෙනෙව චිත්තෙන මුසාවාදා විරමති, අඤ්ඤෙනඤ්ඤෙන පිසුණවාචාදීහි, තස්මා චතස්සොපෙතා වෙරමණියො පුබ්බභාගෙ නානා; මග්ගක්ඛණෙ පන මිච්ඡාවාචාසඞ්ඛාතාය චතුබ්බිධාය අකුසලදුස්සීල්යචෙතනාය පදච්ඡෙදතො අනුප්පත්තිසාධනවසෙන මග්ගඞ්ගං පූරයමානා එකාව සම්මාවාචාසඞ්ඛාතා කුසලවෙරමණී උප්පජ්ජති. අයං සම්මාවාචා නාම.
සම්මා වාචා නිද්දේසයෙහිද යම්හෙයකින් අනිත් සිතකින් මුසාවාදයෙන් වෙන් වේ. අනිත් අනිත් සිත්වලින් පිසුනාදියෙන් වෙන් වේ. එහෙයින් සතරාකාර වූ මේ විරමනය පූර්වභාගයෙහි විවිධය. මාර්ග ක්ෂණයෙහි මිථ්‍යා වාචා සංඛ්‍යාත සතරාකාර අකුසල දුසිල් චේතනාව වෙන්කිරීම් වශයෙන් නොඉපදවීම් සාධන වශයෙන් මාර්ගාංගය සම්පූර්ණ කරමින් හුදෙකලාව සම්මා වාචා සංඛ්‍යාත කුසල වේරමණිය උපදී. මෙය සම්මා වාචා නම් වේ.
සම්මාකම්මන්තනිද්දෙසෙපි යස්මා අඤ්ඤෙනෙව චිත්තෙන පාණාතිපාතා විරමති, අඤ්ඤෙන අදින්නාදානා, අඤ්ඤෙන කාමෙසුමිච්ඡාචාරා, තස්මා තිස්සොපෙතා වෙරමණියො පුබ්බභාගෙ නානා; මග්ගක්ඛණෙ පන මිච්ඡාකම්මන්තසඞ්ඛාතාය තිවිධාය අකුසලදුස්සීල්යචෙතනාය පදච්ඡෙදතො අනුප්පත්තිසාධනවසෙන මග්ගඞ්ගං පූරයමානා එකාව සම්මාකම්මන්තසඞ්ඛාතා අකුසලවෙරමණී උප්පජ්ජති. අයං සම්මාකම්මන්තො නාම.
සම්මා කම්මන්ත නිද්දේසයෙහිද අනිත් සිතක් පාණාතිපාතාවෙන් වෙන් වේ. අනිත් සිතකින් අදින්නාදානා අනිත් සිතකින් කාමේසුමිච්ඡාචාරා වෙන්වීම වේ. එනිසා පූර්වභාගයෙහි විවිධය. මාර්ග ක්ෂණයෙහි මිථ්‍යා කර්මාන්ත සංඛ්‍යාත ත්රිවිධන අකුසල දුස්සීල චේතනා නැසීමෙන් අනුත්පත්ති සාධන වශයෙන් මාර්ගාංග සම්පූර්ණ කරමින් එකලාව සම්මා කම්මන්ත සංඛ්‍යාත කුසල වේරමණිය උපදී. මෙය සම්මා කම්මන්ත නම් වේ.
සම්මාආජීවනිද්දෙසෙ ඉධාති ඉමස්මිං සාසනෙ. අරියසාවකොති අරියස්ස බුද්ධස්ස සාවකො. මිච්ඡාආජීවං පහායාති පාපකං ආජීවං පජහිත්වා. සම්මාආජීවෙනාති බුද්ධපසත්ථෙන කුසලආජීවෙන. ජීවිකං කප්පෙතීති ජීවිතප්පවත්තිං පවත්තෙති. ඉධාපි යස්මා අඤ්ඤෙනෙව චිත්තෙන කායද්වාරවීතික්කමා විරමති; අඤ්ඤෙන වචීද්වාරවීතික්කමා, තස්මා පුබ්බභාගෙ නානාක්ඛණෙසු උප්පජ්ජති; මග්ගක්ඛණෙ පන ද්වීසු ද්වාරෙසු සත්තන්නං කම්මපථානං වසෙන උප්පන්නාය මිච්ඡාආජීවදුස්සීල්යචෙතනාය පදච්ඡෙදතො අනුප්පත්තිසාධනවසෙන මග්ගඞ්ගං පූරයමානා එකාව සම්මාආජීවසඞ්ඛාතා කුසලවෙරමණී උප්පජ්ජති. අයං සම්මාආජීවො නාම.
සම්මා ආජීව නිද්දේසයෙහි ඉධාති යනු මේ සාසනයෙහි අරිය සාවකො ආර්යවූ බුදුන්ගේ ශ්රාවකයා මිච්ඡා ආජීවං පහාය පවිටු දිවි පැවැත්ම දුරුකර සම්මා ආජීවෙන බුදුන් වර්ණනා කළ කුසල ආජීවයෙන් ජීවිකං කප්පෙති දිවි පවත්වයි. මෙහිද යම්හෙයකින් අනිත් සිතකින් කාය ද්වාර ව්යතික්රමයෙන් වෙන් වෙයි. අනිත් සිතකින් වචී ව්යතික්රමණයෙන් එනිසා පූර්වභාගය විවිධය. මාර්ග ක්ෂණයෙහි දොරවල් දෙකේ සත්කර්ම පථ වශයෙන් උපන්නා වූ මිථ්‍යා ආජීව දුස්සීල චේතනාවේ පදච්ඡේද වශයෙන් මාර්ගාංගය සම්පූර්ණ කරමින් එකලාව සම්මා ආජීව සංඛ්‍යාත කුසල වේරමණිය උපදී. මෙය සම්මා ආජීව නම් වේ.
සම්මාවායාමනිද්දෙසො සම්මප්පධානවිභඞ්ගෙ අනුපදවණ්ණනාවසෙන ආවිභවිස්සති. අයං පන පුබ්බභාගෙ නානාචිත්තෙසු ලභති. අඤ්ඤෙනෙව හි චිත්තෙන අනුප්පන්නානං පාපකානං අකුසලානං ධම්මානං අනුප්පාදාය වායාමං කරොති, අඤ්ඤෙන උප්පන්නානං පහානාය; අඤ්ඤෙනෙව ච අනුප්පන්නානං කුසලානං ධම්මානං උප්පාදාය, අඤ්ඤෙන උප්පන්නානං ඨිතියා; මග්ගක්ඛණෙ පන එකචිත්තෙයෙව ලබ්භති. එකමෙව හි මග්ගසම්පයුත්තං වීරියං චතුකිච්චසාධනට්ඨෙන චත්තාරි නාමානි ලබ්භති.
සම්මා වායාම නිද්දේසය සම්මප්පධාන විභංගයෙහි අනුපද වර්ණනා වශයෙන් එන්නේය. මෙය වනාහි පූර්වභාගයෙහි විවිධ සිත්වල ලැබේ. අනිත් සිතකින්ම නූපන් පවිටු අකුසල දහම් නොඉපදවීම සඳහා උත්සාහ කරයි. අනිත් සිතකින් උපන් අකුසල් ප්රහාණය පිණිස උත්සාහ කරයි. අනිත් සිතකින් නූපන් කුසල් උපදවාගැනීම සඳහා උත්සාහ කරයි. අනිත් සිතකින් උපන් කුසල් වැඩිදියුණු කරගැනීම සඳහා උත්සාහ කරයි. මාර්ග ක්ෂණයෙහි එකම සිතකින් ලබයි. එකක්ම වූ මාර්ග සම්ප්‍රයුක්ත වීර්යකෘත්ය සතරක් සිදුකරන අර්ථයෙන් නම් සතරක් ලබයි.
සම්මාසතිනිද්දෙසොපි සතිපට්ඨානවිභඞ්ගෙ අනුපදවණ්ණනාවසෙන ආවිභවිස්සති. අයම්පි ච පුබ්බභාගෙ නානාචිත්තෙසු ලබ්භති. අඤ්ඤෙනෙව හි චිත්තෙන කායං පරිග්ගණ්හාති, අඤ්ඤෙනඤ්ඤෙන වෙදනාදීනි; මග්ගක්ඛණෙ පන එකචිත්තෙයෙව ලබ්භති. එකායෙව හි මග්ගසම්පයුත්තා සති චතුකිච්චසාධනට්ඨෙන චත්තාරි නාමානි ලභති.
සම්මා සති නිද්දේසයද සතිපට්ඨාන විභංගයෙහි අනුපද වර්ණනා වශයෙන් එන්නේය. මෙයද පූර්වභාගයෙහි නොයෙක් සිත්වල ලැබේ. අනිත් සිතකින් කය පිළිගනී. අනිත් සිත්වලින් වේදනාදිය පිළිගනී, මාර්ග ක්ෂණයෙහි එකම සිතකින් ලබයි. මාර්ග සම්ප්‍රයුක්ත සිහිය එකක්ම වුවද කෘත්‍ය සතරක් සිදුකරන අර්ථයෙන් නම් සතරක් ලබයි.
සම්මාසමාධිනිද්දෙසෙ චත්තාරි ඣානානි පුබ්බභාගෙපි නානා, මග්ගක්ඛණෙපි. පුබ්බභාගෙ සමාපත්තිවසෙන නානා, මග්ගක්ඛණෙ නානාමග්ගවසෙන. එකස්ස හි පඨමමග්ගො පඨමජ්ඣානිකො හොති, දුතියමග්ගාදයොපි පඨමජ්ඣානිකා, දුතියාදීසු අඤ්ඤතරජ්ඣානිකා වා. එකස්ස පඨමමග්ගො දුතියාදීනං අඤ්ඤතරජ්ඣානිකො හොති, දුතියාදයොපි දුතියාදීනං අඤ්ඤතරජ්ඣානිකා වා පඨමජ්ඣානිකා වා. එවං චත්තාරොපි මග්ගා ඣානවසෙන සදිසා වා අසදිසා වා එකච්චසදිසා වා හොන්ති.
සම්මා සමාධි නිද්දේසයෙහි සතර ධ්‍යාන පූර්වභාගයෙහිද මාර්ග ක්‍ෂණයෙහිද නානාවිධය. පූර්වභාගයෙහි සමාපත්ති වශයෙන් විවිධය. මාර්ග ක්ෂණයෙහි නානා මාර්ග වශයෙන් විවිදය. ප්‍රථම මාර්ගය එකකි. ප්‍රථම ධ්‍යානයද වෙයි. දෙවන මාර්ග ආදියෙහිද ප්‍රථමධ්‍යානය වෙයි. දෙවන මාර්ග ආදියේ වෙනත් ධ්‍යානයක් හෝ වෙයි. ප්‍රථම මාර්ගය එකක් වෙයි. දෙවන මාර්ගාදියේ වෙනත් ධ්‍යානයක් හෝ වෙයි. දෙවන මාර්ගාදියේ දෙවන ධ්‍යාන ආදි වෙනත් ධ්‍යානයක් හෝ ප්‍රථම ධ්‍යානය හෝ වෙයි. මෙසේ සතර මාර්ගයෙහි ධ්‍යාන වශයෙන් සමාන හෝ අසමාන හෝ ඇතැම්විට සමාන හෝ වේ.
අයං පනස්ස විසෙසො පාදකජ්ඣානනියාමෙන හොති. පාදකජ්ඣානනියාමෙන තාව පඨමජ්ඣානලාභිනො පඨමජ්ඣානා වුට්ඨාය විපස්සන්තස්ස උප්පන්නමග්ගො පඨමජ්ඣානිකො හොති; මග්ගඞ්ගබොජ්ඣඞ්ගානි පනෙත්ථ පරිපුණ්ණානෙව හොන්ති. දුතියජ්ඣානතො උට්ඨාය විපස්සන්තස්ස උප්පන්නො මග්ගො දුතියජ්ඣානිකො හොති; මග්ගඞ්ගානි පනෙත්ථ සත්ත හොන්ති. තතියජ්ඣානතො උට්ඨාය විපස්සන්තස්ස උප්පන්නො මග්ගො තතියජ්ඣානිකො හොති; මග්ගඞ්ගානි පනෙත්ථ සත්ත, බොජ්ඣඞ්ගානි ඡ හොන්ති. එස නයො චතුත්ථජ්ඣානතො පට්ඨාය යාව නෙවසඤ්ඤානාසඤ්ඤායතනා.
පාදක ධ්‍යාන වශයෙන් මෙහි විශේෂයක් වේ. ප්‍රථම ධ්‍යානලාභියා ප්‍රථම ධ්‍යානයෙන් නැගිට විපස්සනාවෙන් උපන් මාර්ගය ප්‍රථම ධ්‍යානික වේ. මෙහි බොජ්ඣංග මාර්ගාංග සතක් වේ. තුන්වන ධ්‍යානයෙන් නැගිට විපස්සනා වඩන්නාට උපන් මාර්ගය තෘතීය ධ්‍යානික වේ. මෙහි බොජ්ඣංග සහ මාර්ගාංග හයක් වේ. සතරවන ධ්‍යානයේ සිට නේවසඤ්ඤානාසඤ්ඤායතනය දක්වා මෙම ක්‍රමය වේ.
ආරුප්පෙ චතුක්කපඤ්චකජ්ඣානං උප්පජ්ජති. තඤ්ච ඛො ලොකුත්තරං නො ලොකියන්ති වුත්තං. එත්ථ කථන්ති? එත්ථාපි පඨමජ්ඣානාදීසු යතො උට්ඨාය සොතාපත්තිමග්ගං පටිලභිත්වා ආරුප්පසමාපත්තිං භාවෙත්වා යො ආරුප්පෙ උප්පන්නො, තංඣානිකාව තස්ස තත්ථ තයො මග්ගා උප්පජ්ජන්ති . එවං පාදකජ්ඣානමෙව නියාමෙති. කෙචි පන ථෙරා “විපස්සනාය ආරම්මණභූතා ඛන්ධා නියාමෙන්තී”ති වදන්ති. කෙචි “පුග්ගලජ්ඣාසයො නියාමෙතී”ති වදන්ති. කෙචි “වුට්ඨානගාමිනීවිපස්සනා නියාමෙතී”ති වදන්ති. තෙසං වාදවිනිච්ඡයො හෙට්ඨා චිත්තුප්පාදකණ්ඩෙ ලොකුත්තරපදභාජනීයවණ්ණනායං (ධ· ස· අට්ඨ· 350) වුත්තනයෙනෙව වෙදිතබ්බො. අයං වුච්චති සම්මාසමාධීති යා ඉමෙසු චතූසු ඣානෙසු එකග්ගතා, අයං පුබ්බභාගෙ ලොකියො, අපරභාගෙ ලොකුත්තරො සම්මාසමාධි නාම වුච්චතීති. එවං ලොකියලොකුත්තරවසෙන භගවා මග්ගසච්චං දෙසෙසි.
ආරුප්පයෙහි සතරවන පස්වන ධ්‍යාන උපදී. ලෝකෝත්තර ලෞකික නැතැයි කියන ලදි. මෙහි කෙසේද? මෙහිද ප්‍රථමධ්‍යානාදියෙන් නැගිට සෝවාන් මාර්ගය ලබා අරූප සමාපත්ති වඩා අරූපයෙහි උපදී. විදර්ශනාවට අරමුණුවී ස්කන්ධ නියාමයෙන් වේ යයි ඇතැම් තෙර කෙනෙක් කියති. ඇතමෙක් පුද්ගලාධ්‍යාසය නියමයෙන් යයි කියති. ඔවුන්ගේ වාද විනිශ්චය යට චිත්තුප්පාද කාණ්ඩයෙහි ලෝකුත්තර පද භාජනය වර්ණනාවෙහි කී ආකාරයෙන් දැනගත යුතුය. මෙය සම්මා සමාධි යයි කියනු ලැබේ. මේ සතර ධ්‍යානයෙහි ඒකග්ගතාව පූර්වභාගයෙහි ලෞකිකය. අපරභාගයෙහි ලෝකෝත්තර සම්මා සමාධි වේ. භාග්‍යවතුන් වහන්සේ මෙසේ ලෞකික ලෝකෝත්තර වශයෙන් මාර්ග සත්‍යය දේශනා කළහ.
තත්ථ ලොකියමග්ගෙ සබ්බානෙව මග්ගඞ්ගානි යථානුරූපං ඡසු ආරම්මණෙසු අඤ්ඤතරාරම්මණානි හොන්ති. ලොකුත්තරමග්ගෙ පන චතුසච්චපටිවෙධාය පවත්තස්ස අරියස්ස නිබ්බානාරම්මණං අවිජ්ජානුසයසමුග්ඝාතකං පඤ්ඤාචක්ඛු සම්මාදිට්ඨි. තථා සම්පන්නදිට්ඨිස්ස තංසම්පයුත්තං තිවිධමිච්ඡාසඞ්කප්පසමුග්ඝාතකං චෙතසො නිබ්බානපදාභිනිරොපනං සම්මාසඞ්කප්පො. තථා පස්සන්තස්ස විතක්කෙන්තස්ස ච තංසම්පයුත්තාව චතුබ්බිධවචීදුච්චරිතසමුග්ඝාතිකාය මිච්ඡාවාචාය විරති සම්මාවාචා. තථා විරමන්තස්ස තංසම්පයුත්තාව මිච්ඡාකම්මන්තසමුච්ඡෙදිකා තිවිධකායදුච්චරිතවිරති සම්මාකම්මන්තො. තෙසංයෙව සම්මාවාචාකම්මන්තානං වොදානභූතා තංසම්පයුත්තාව කුහනාදිසමුච්ඡෙදිකා මිච්ඡාආජීවවිරති සම්මාආජීවො. ඉමිස්සා සම්මාවාචාකම්මන්තාජීවසංඛාතාය සීලභූමියං පතිට්ඨමානස්ස තදනුරූපො තංසම්පයුත්තොව කොසජ්ජසමුච්ඡෙදකො අනුප්පන්නුප්පන්නානං අකුසලකුසලානං අනුප්පාදපහානුප්පාදට්ඨිතිසාධකො ච වීරියාරම්භො සම්මාවායාමො. එවං වායමන්තස්ස තංසම්පයුත්තොව මිච්ඡාසතිවිනිද්ධුනනකො කායාදීසු කායානුපස්සනාදිසාධකො ච චෙතසො අසම්මොසො සම්මාසති. ඉති අනුත්තරාය සතියා සුවිහිතචිත්තාරක්ඛස්ස තංසම්පයුත්තාව මිච්ඡාසමාධිසමුග්ඝාතිකා චිත්තෙකග්ගතා සම්මාසමාධීති. එස ලොකුත්තරො අරියො අට්ඨඞ්ගිකො මග්ගො යො සහ ලොකියෙන මග්ගෙන දුක්ඛනිරොධගාමිනී පටිපදාති සඞ්ඛං ගතො.
එහි ලෞකික මාර්ගයෙහි සියළු මාර්ගාංග අරමුණු හයේ අනුරූප අරමුණක් ඇති වේ. ලෝකෝත්තර මාර්ගයෙහි චතුරාර්ය සත්‍ය ප්‍රතිවේධය සඳහා පිළිපන් ආර්යාට අවිද්‍යා අනුසය විනාශ කරන සම්මා දිට්ඨියට නිවන අරමුණු වේ. අවිද්‍යා අනුසය විනාශ කරන ප්‍රඥා චක්ෂුවූ සම්මා දිට්ඨිය, සම්මා දිට්ඨියෙන් යුත් ත්‍රිවිධ මිථ්‍යා කල්පනා විනාශ කරන නිවනට පිවිසවන සම්මා සංකප්පය, ඊට සම්ප්‍රයුක්ත වූ සතරාකාර වචී දුශ්චරිත නැතිකරන මිච්ඡා විරතිය වූ සම්මා වාචා, ත්‍රිවිධ කාය දුශ්චරිත විනාශ කරන සම්මා කම්මන්ත, ඒ සම්මා කම්මන්තය පිරිසිදු කරන ඒ හා යෙදුණු කොහොන් වත් විනාශ කරන මිච්ඡා ආජීව විරතිය වූ සම්මා ආජීව, මේ සම්මා වාචා කම්මන්ත ආජීව සංඛ්‍යාත සීලයෙහි පිහිටි ඊට අනුරූප වූ එය හා බැඳුණු කුසීතබව විනාශ කරන නොඉපදුණු උපන් අකුසල් කුසල් නොඉපදවීම ප්රහාණය ඉපදවීම දියුණු කිරීම් සාධක වූ විරියාරම්භය වූ සම්මා වායාම, මෙසේ උත්සාහ කරන එය හා බැඳුණු මිච්ඡා සතිය දුරුකරන කායාදියෙහි කායානුපස්සනාවට සාධක වූ නුමුළා සිහි ඇති සම්මා සති, මෙසේ අනුත්තර වූ සිහියෙන් මනාව යෙදුණු සිතේ ආරක්ෂාව එය සමග වූ මිච්ඡා සමාධිය විනාශ කරන සිතේ එකඟබව වූ සම්මා සමාධි, මෙය ලොවුතුරා අරිය අටඟි මගයි. එය ලෞකික මාර්ගයෙන් දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව යයි හැඳින්වේ.
සො ඛො පනෙස මග්ගො සම්මාදිට්ඨිසඞ්කප්පානං විජ්ජාය, සෙසධම්මානං චරණෙන සඞ්ගහිතත්තා විජ්ජා චෙව චරණඤ්ච. තථා තෙසං ද්වින්නං විපස්සනායානෙන, ඉතරෙසං සමථයානෙන සඞ්ගහිතත්තා සමථො චෙව විපස්සනා ච. තෙසං වා ද්වින්නං පඤ්ඤාක්ඛන්ධෙන, තදනන්තරානං තිණ්ණං සීලක්ඛන්ධෙන, අවසෙසානං සමාධික්ඛන්ධෙන අධිපඤ්ඤාඅධිසීලඅධිචිත්තසික්ඛාහි ච සඞ්ගහිතත්තා ඛන්ධත්තයඤ්චෙව සික්ඛාත්තයඤ්ච හොති; යෙන සමන්නාගතො අරියසාවකො දස්සනසමත්ථෙහි චක්ඛූහි ගමනසමත්ථෙහි ච පාදෙහි සමන්නාගතො අද්ධිකො විය විජ්ජාචරණසම්පන්නො හුත්වා විපස්සනායානෙන කාමසුඛල්ලිකානුයොගං, සමථයානෙන අත්තකිලමථානුයොගන්ති අන්තද්වයං පරිවජ්ජෙත්වා මජ්ඣිමපටිපදං පටිපන්නො පඤ්ඤාක්ඛන්ධෙන මොහක්ඛන්ධං, සීලක්ඛන්ධෙන දොසක්ඛන්ධං, සමාධික්ඛන්ධෙන ච ලොභක්ඛන්ධං පදාලෙන්තො අධිපඤ්ඤාසික්ඛාය පඤ්ඤාසම්පදං, අධිසීලසික්ඛාය සීලසම්පදං, අධිචිත්තසික්ඛාය සමාධිසම්පදන්ති තිස්සො සම්පත්තියො පත්වා අමතං නිබ්බානං සච්ඡිකරොති, ආදිමජ්ඣපරියොසානකල්යාණං සත්තතිංසබොධිපක්ඛියධම්මරතනවිචිත්තං සම්මත්තනියාමසඞ්ඛාතං අරියභූමිඤ්ච ඔක්කන්තො හොතීති.
ඒ මාර්ගය සම්මා දිට්ඨි සංකප්ප දෙක විජ්ජාවද සෙසු ඒවා චරණද යයි විජ්ජාචරණ ද ඒ දෙක විපස්සනා යානයෙන්ද ඉතිරි ඒවා සමථ යානයෙන්ද සංග්‍රහ කළ බැවින් සමථ විපස්සනා ද දිට්ඨි සංකප්ප දෙක ප්‍රඥා ස්කන්ධයද අනතුරු තුන සීල ස්කන්ධයද ඉතිරි ඒවා සමාධි ස්කන්ධයද අධිපඤ්ඤා අධි සීල අධි චිත්ත ශික්ෂාවල සංග්‍රහකළ බැවින් ස්කන්ද තුනක් ද ශික්ෂා තුනක් ද වේ. එයින් සමන්වාගත ආර්ය ශ්රාවකයා දැකීමට සමත්වූ ඇස්වලින් සහ ගමනට සමත්වූ පාවලින්ද යුත් මගියකු මෙන් විජ්ජාචරණ සම්පන්නව විපස්සනා යානයෙන් කාමසුඛල්ලිකානු යෝගයද සමථ යානයෙන් අත්තකිලමථානුයෝගය ද යන අන්ත දෙක දුරුකොට මධ්‍යම ප්‍රතිපදාවට පැමිණ ප්‍රඥා ස්කන්ධයෙන් මෝහ ස්කන්ධය ද සීල ස්කන්ධයෙන් දෝස ස්කන්ධය ද සමාධි ස්කන්ධයෙන් ලෝභ ස්කන්ධය ද විදාරණය කරමින් අධිපඤ්ඤා අධි සීල අධිචිත්ත සංඛ්‍යාත ශික්ෂාවලින් ප්‍රඥා සම්පත්ති සීල සම්පත්ති සමාධි සම්පත්ති යන සම්පත් තුනට පැමිණ අමෘත මහා නිර්වාණය සාක්ෂාත් කරයි. මුල මැද අග කලණ වූ සත්තිස් බෝධිපාක්ෂික ධර්මරත්නයෙන් විචිත්‍ර වූ නිවැරදිව නියාම සංඛ්‍යාත ආර්යභූමියට බැසගත්තේ වේ.
සුත්තන්තභාජනීයවණ්ණනා.
සූත්‍රාන්ත භාජනිය වර්ණනාව