සුත‍්තන‍්තභාජනියං
280. චත‍්තාරි අරියසච‍්චානි: දුක‍්ඛං අරියසච‍්චං, දුක‍්ඛසමුදයො අරියසච‍්චං, දුක‍්ඛනිරොධො අරියසච‍්චං, දුක‍්ඛනිරොධගාමිනී පටිපදා අරියසච‍්චං.
280. ආර්‍ය්‍යසත්‍යයෝ සතර දෙනෙකි: දුඃඛාර්‍ය්‍යසත්‍යය, දුඃඛසමුදයාර්‍ය්‍යසත්‍යය, දුඃඛනිරෝධාර්‍ය්‍යසත්‍යය, දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදාර්‍ය්‍යසත්‍ය යි.
281. තත්‍ථ කතමං දුක‍්ඛං අරියසච‍්චං: ජාතිපි දුක‍්ඛා, ජරාපි දුක‍්ඛා, මරණම‍්පි දුක‍්ඛං, සොකපරිදෙවදුක‍්ඛදොමනස‍්සුපායාසාපි දුක‍්ඛා, අප‍්පියෙහි සම‍්පයොගො දුක‍්ඛො, පියෙහි විප‍්පයොගො දුක‍්ඛො, යම‍්පිච‍්ඡං න ලභති තම‍්පි දුක‍්ඛං, සඞ‍්ඛිත‍්තෙන පඤ‍්චුපාදානක‍්ඛන්‍ධා දුක‍්ඛා.
281. එහි දුඃඛාර්‍ය්‍යසත්‍යය කවරෙ යත්: ජාතිය ද දුක් ය, ජරාව ද දුක් ය, මරණය දුක් ය, සෝකපරිදේවදුක්ඛදෝමනස්සුපායාසයෝ ද දුක්, අප්‍රියසම්ප්‍රයෝගය දුක් ය, ප්‍රියවිප්‍රයෝගය දුක් ය, කැමැති වූයේ යමක් නො ලබා නම් හෙ ද දුක් ය, සැකෙවින් පඤ්චෝපාදානස්කන්‍ධයෝ දුඃඛයෝ යි.
තත්‍ථ කතමා ජාති: යා තෙසං තෙසං සත‍්තානං තම‍්හි තම‍්හි සත‍්තනිකායෙ ජාති සඤ‍්ජාති ඔක‍්කන‍්ති අභිනිබ‍්බත‍්ති ඛන්‍ධානං පාතුභාවො ආයතනානං පටිලාභො, අයං වුච‍්චති ජාති.
එහි ‘ජාති’ කවර යත්: ඒ ඒ සත්ත්‍වයන්ගේ ඒ ඒ සත්ත්‍වනිකායයෙහි (අපරිපූර්‍ණායතන විසින්) යම් ඉපැද්මෙක් (පරිපූර්‍ණායතන විසින්) මොනොවට ඉපැද්මෙක් (අණ්ඩජජරායුජ විසින්) අවක්‍රාන්තියෙක් (සංස්වේදජ උපපාදුක විසින්) වෙසෙසින් ඉපැද්මෙක් ස්කන්‍ධයන්ගේ පහළවීමෙක් ආයතනයන්ගේ ප්‍රතිලාභයෙක් වේ ද, මේ ‘ජාති’ යි කියනු ලැබේ.
තත්‍ථ කතමා ජරා: යා තෙසං තෙසං සත‍්තානං තම‍්හි තම‍්හි සත‍්තනිකායෙ ජරා ජීරණතා ඛණ‍්ඩිච‍්චං පාලිච‍්චං වලිත‍්තචතා ආයුනො සංහානි ඉන්‍ද්‍රියානං පරිපාකො, අයං වුච‍්චති ජරා.
එහි ‘ජරා’ කවර යත්: ඒ ඒ සත්ත්‍වනිකායයෙහි ඒ ඒ සත්ත්‍වයන්ගේ යම් දිරීමෙක් දිරන අයුරෙක් (දන්තනඛාදීන්ගේ) ඛණ්ඩිත බවෙක් (කේශාදීන්ගේ) පැසුණු බවෙක් රැලි නැඟුණු සම ඇති බවෙක් ආයුෂයාගේ පිරිහීමෙක් ඉඳුරන් මිහිකිරීමෙක් වේ ද, මේ ‘ජරා’ යි කියනු ලැබේ.
තත්‍ථ කතමං මරණං: යා තෙසං තෙසං සත‍්තානං තම‍්හා තම‍්හා සත‍්තනිකායා චුති චවනතා භෙදො අන‍්තරධානං මච‍්චු මරණං කාලකිරියා ඛන්‍ධානං භෙදො කලෙබරස‍්ස නික‍්ඛෙපො ජීවිතින්‍ද්‍රියස‍්ස උපච‍්ඡෙදො, ඉදං වුච‍්චති මරණං.
එහි ‘මරණ’ කවරෙ යත්: ඒ ඒ සත්ත්‍වයන්ගේ ඒ ඒ සත්ත්‍වනිකායයෙන් යම් ච්‍යුතියක් ච්‍යුතවන බවෙක් බිඳීමෙක් අතුරුදහන් වීමෙක් මෘත්‍යු සංඛ්‍යාත මරණයෙක් කලුරිය කිරීමෙක් ස්කන්‍ධයන්ගේ බිඳීමෙක් කලෙවරයාගේ බහා තැබීමෙක් ජීවිතේන්‍ද්‍රියයාගේ සිඳීමෙක් වේ ද, මේ ‘මරණ’ යි කියනු ලැබේ.
තත්‍ථ කතමො සොකො: ඤාතිව්‍යසනෙන වා ඵුට‍්ඨස‍්ස භොග ව්‍යසනෙන වා ඵුට‍්ඨස‍්ස රොගව්‍යසනෙන වා ඵුට‍්ඨස‍්ස සීලව්‍යසනෙන වා ඵුට‍්ඨස‍්ස දිට‍්ඨිව්‍යසනෙන වා ඵුට‍්ඨස‍්ස අඤ‍්ඤතරඤ‍්ඤතරෙන ව්‍යසනෙන සමන‍්නාගතස‍්ස අඤ‍්ඤතරඤ‍්ඤතරෙන දුක‍්ඛධම‍්මෙන ඵුට‍්ඨස‍්ස සොකො සොචනා සොචිතත‍්තං අන‍්තො සොකො අන‍්තො පරිසොකො චෙතසො පරිජ‍්ඣායනා දොමනස‍්සං සොකසල‍්ලං, අයං වුච‍්චති සොකො.
එහි ‘සෝක’ කවරෙ යත්: ඥාතිව්‍යසනයෙන් පහස්නා ලද්දහුගේ වේවයි භෝගව්‍යසනයෙන් පහස්නා ලද්දහුගේ වේවයි රෝගව්‍යසනයෙන් පහස්නා ලද්දහුගේ වේවයි ශීලව්‍යසනයෙන් පහස්නා ලද්දහුගේ වේවයි දෘෂ්ටිව්‍යසනයෙන් පහස්නා ලද්දහුගේ වේවයි අන්‍යතරාන්‍යතරව්‍යසනයෙකින් සමන්‍විත වූවහුගේ අන්‍යතරාන්‍යතර දුඃඛ හේතුවකින් පහස්නා ලද්දහුගේ ශෝකයෙක් ශෝකාකාරයෙක් ශෝක කළ බවෙක් ඇතුළත ශෝකයෙක් ඇතුළත පරිශෝකයෙක් සිත දවන අයුරෙක් දොම්නසෙක් ශෝක ශල්‍යයෙක් වේ ද, මේ ‘සෝක’ යයි කියනු ලැබේ.
තත්‍ථ කතමො පරිදෙවො: ඤාතිව්‍යසනෙන වා ඵුට‍්ඨස‍්ස භොගව්‍යසනෙන වා ඵුට‍්ඨස‍්ස රොගව්‍යසනෙන වා ඵුට‍්ඨස‍්ස සීලව්‍යසනෙන වා ඵුට‍්ඨස‍්ස දිට‍්ඨිව්‍යසනෙන වා ඵුට‍්ඨස‍්ස අඤ‍්ඤතරඤ‍්ඤතරෙන ව්‍යසනෙන සමන‍්නාගතස‍්ස අඤ‍්ඤතරඤ‍්ඤතරෙන දුක‍්ඛධම‍්මෙන ඵුට‍්ඨස‍්ස ආදෙවො පරිදෙවො ආදෙවනා පරිදෙවනා ආදෙවිතත‍්තං පරිදෙවිතත‍්තං වාචාපලාපො විප‍්පලාපො ලාලප‍්පො ලාලප‍්පනා ලාලප‍්පිතත‍්තං, අයං වුච‍්චති පරිදෙවො.
එහි ‘පරිදේව’ කවරෙ යත්: ඥාතිව්‍යසනයෙන් පහස්නා ලද්දහුගේ වේවයි භෝග ව්‍යසනයෙන් පහස්නා ලද්දහුගේ වේවයි රෝගව්‍යසනයෙන් පහස්නා ලද්දහුගේ වේවයි ශිලව්‍යසනයෙන් පහස්නා ලද්දහුගේ වේවයි දෘෂ්ටිව්‍යසනයෙන් පහස්නා ලද්දහුගේ වේවයි අන්‍යතරාන්‍යතරව්‍යසනයෙකින් සමන්‍විත වූවහුගේ අන්‍යතරාන්‍යතර දුඃඛහේතුවකින් පහස්නා ලද්දහුගේ නම කියා හැඬීමෙක් ගුණ කියා හැඬීමෙක් නම කියා හඬන අයුරෙක් ගුණ කියා හඬන අයුරෙක් නම කියා හඬන බවෙක් ගුණ කියා හඬන බවෙක් වචනයෙක් ප්‍රලාපයෙක් විප්‍රලාපයෙක් පුනපුනා කීමෙක් පුනපුනා කියන අයුරෙක් පුනපුනා කී බවෙක් වේ ද මේ ‘පරිදේව’ යි කියනු ලැබේ.
තත්‍ථ කතමං දුක‍්ඛං: යං කායිකං අසාතං කායිකං දුක‍්ඛං කායසම‍්ඵස‍්සජං අසාතං දුක‍්ඛං වෙදයිතං, කායසම‍්ඵස‍්සජා අසාතා දුක‍්ඛා වෙදනා, ඉදං වුච‍්චති දුක‍්ඛං.
එහි ‘දුඃඛය’ කවරෙ යත්: කායික වූ යම් නො සුවයෙක් කායික වූ දුකෙක් කාපහසින් උපන් නො සුව වූ දුක් වූ වේදයිතයෙක් කාපහසින් උපන් නො සුව වූ දුක් වූ වේදනායෙක් වේ ද, මේ ‘දුඃඛ’ යි කියනු ලැබේ.
තත්‍ථ කතමං දොමනස‍්සං: යං චෙතසිකං අසාතං චෙතසිකං දුක‍්ඛං චෙතොසම‍්ඵස‍්සජං අසාතං දුක‍්ඛං වෙදයිතං චෙතොසම‍්ඵස‍්සජා අසාතා දුක‍්ඛා වෙදනා, ඉදං වුච‍්චති දොමනස‍්සං.
එහි ‘දෝමනස්ස’ කවරෙ යත්: චෛතසික වූ යම් නො සුවයෙක් චෛතසික වූ දුකෙක් සිත් පහසින් උපන් නො සුව වූ දුක් වූ වේදයිතයෙක් දුක්පහසින් උපන් නො සුව වූ දුක් වූ වේදනායෙක් වේ ද, මේ ‘දෝමනස්ස’ යයි කියනු ලැබේ.
තත්‍ථ කතමො උපායාසො: ඤාතිව්‍යසනෙන වා ඵුට‍්ඨස‍්ස භොගව්‍යසනෙන වා ඵුට‍්ඨස‍්ස රොගව්‍යසනෙන වා ඵුට‍්ඨස‍්ස සීලව්‍යසනෙන වා ඵුට‍්ඨස‍්ස දිට‍්ඨිව්‍යසනෙන වා ඵුට‍්ඨස‍්ස අඤ‍්ඤතරඤ‍්ඤතරෙන ව්‍යසනෙන සමන‍්නාගතස‍්ස අඤ‍්ඤතරඤ‍්ඤතරෙන දුක‍්ඛධම‍්මෙන ඵුට‍්ඨස‍්ස ආයාසො උපායාසො ආයාසිතත‍්තං උපායාසිතත‍්තං, අයං වුච‍්චති උපායාසො.
එහි ‘උපායාස’ කවරෙ යත්: ඥාතිව්‍යසනයෙන් පහස්නා ලද්දහුගේ වේවයි භෝග ව්‍යසනයෙන් පහස්නා ලද්දහුගේ වේවයි රෝගව්‍යසනයෙන් පහස්නා ලද්දහුගේ වේවයි ශීලව්‍යසනයෙන් පහස්නා ලද්දහුගේ වේවයි දෘෂ්ටිව්‍යසනයෙන් පහස්නා ලද්දහුගේ වේවයි අන්‍යතරාන්‍යතරව්‍යසනයෙකින් සමන්‍වාගත වූවහුගේ, අන්‍යතරාන්‍යතරදුඃඛ හේතුවකින් පහස්නා ලද්දහුගේ ආයාසයෙක් බලවත් ආයාසයෙක් ආයසයට පැමිණි බවෙක් උපායාසයට පැමිණි බවෙක් වේ ද, මේ ‘උපායාස’ යයි කියනු ලැබේ.
තත්‍ථ කතමො අප‍්පියෙහි සම‍්පයොගො දුක‍්ඛො: ඉධ යස‍්ස තෙ හොන‍්ති අනිට‍්ඨා අකන‍්තා අමනාපා රූපා සද‍්දා ගන්‍ධා රසා ඵොට‍්ඨබ‍්බා, යෙ වා පනස‍්ස තෙ හොන‍්ති අනත්‍ථකාමා අහිතකාමා අඵාසුකකාමා අයොගක‍්ඛෙමකාමා, යා තෙහි සඞ‍්ගති සමාගමො සමොධානං මිස‍්සීභාවො, අයං වුච‍්චති අප‍්පියෙහි සම‍්පයොගො දුක‍්ඛො.
එහි ‘අප්‍රියසම්ප්‍රයෝගදුඃඛය’ කවරෙ යත්: මෙලොව අනිෂ්ට වූ අකාන්ත වූ අමනාප වූ රූප, ශබ්ද, ගන්‍ධ, රස, ස්ප්‍රෂ්ටව්‍ය කෙනෙක් වෙත් ද, යළි අනර්‍ත්‍ථය කැමැති වූ අහිතය කැමැති වූ නො සුවය කැමැති වූ අයෝගක්‍ෂේමය කැමැති වූ යම් කෙනෙක් හෝ වෙත් ද, ඔවුන් සමග යම් එක්වීමෙක් සමාගමයෙක් සංයෝගයෙක් මිශ්‍රීභාවයෙක් වේ ද, මේ ‘අප්‍රියසම්ප්‍රයෝගදුඃඛය’ යි කියනු ලැබේ.
තත්‍ථ කතමො පියෙහි විප‍්පයොගො දුක‍්ඛො: ඉධ යස‍්ස තෙ හොන‍්ති ඉට‍්ඨා කන‍්තා මනාපා රූපා සද‍්දා ගන්‍ධා රසා ඵොට‍්ඨබ‍්බා, යෙ වා පනස‍්ස තෙ හොන‍්ති අත්‍ථකාමා හිතකාමා ඵාසුකකාමා යොගක‍්ඛෙමකාමා, මාතා වා පිතා වා භාතා වා භගිනී වා මිත‍්තාමච‍්චා වා ඤාතිසාලොහිතා වා, යා තෙහි අසඞ‍්ගති අසමාගමො අසමොධානං අමිස‍්සීභාවො, අයං වුච‍්චති පියෙහි විප‍්පයොගො දුක‍්ඛො.
එහි ‘ප්‍රියවිප්‍රයෝගදුඃඛය’ කවරෙ යත්: මෙලොව ඉෂ්ට වූ කානත් වූ මනාප වූ යම් රූප, ශබ්ද, ගන්‍ධ, රස, ස්ප්‍රෂ්ටව්‍ය කෙනෙක් වෙත් ද, යළි වැඩ කැමැති වූ හිත කැමැති වූ මව හෝ පියා හෝ බෑයා හෝ බුනැණිය හෝ සගයහළුවෝ හෝ නෑසහලේ නෑයෝ හෝ යන යම් කෙනෙක් හෝ වෙත් ද, ඔවුන් සමග යම් අසංගමයෙක් අසමාගමයෙක් අසමවධානයෙක් අමිශ්‍රීභාවයෙක් වේ ද, මේ ‘ප්‍රියවිප්‍රයෝගදුඃඛය’ යි කියනු ලැබේ.
තත්‍ථ කතමං යංපිච‍්ඡං න ලභති තම‍්පි දුක‍්ඛං: ජාතිධම‍්මානං සත‍්තානං එවං ඉච‍්ඡා උප‍්පජ‍්ජති: අහො වත මයං න ජාතිධම‍්මා අස‍්සාම, න ච වත නො ජාති ආගච‍්ඡෙය්‍යාති, න ඛො පනෙතං ඉච‍්ඡාය පත‍්තබ‍්බං, ඉදම‍්පි යම‍්පිච‍්ඡං න ලභති තම‍්පි දුක‍්ඛං, ජරාධම‍්මානං සත‍්තානං -පෙ- ව්‍යාධිධම‍්මානං සත‍්තානං -පෙ- මරණධම‍්මානං සත‍්තානං -පෙ- සොකපරිදෙවදුක‍්ඛදොමනස‍්සුපායාසධම‍්මානං සත‍්තානං එවං ඉච‍්ඡා උප‍්පජ‍්ජති: අහො වත මයං න සොකපරිදෙවදුක‍්ඛදොමනස‍්සුපායාසධම‍්මා අස‍්සාම, න ච වත නො සොකපරිදෙවදුක‍්ඛදොමනස‍්සුපායාසා ආගච‍්ඡෙය්‍යුන‍්ති, න ඛො පනෙතං ඉච‍්ඡාය පත‍්තබ‍්බං. ඉදම‍්පි යම‍්පිච‍්ඡං න ලභති තම‍්පි දුක‍්ඛං.
එහි ‘යමක් කැමැති වනුයේ එය නො ලබා නම් හෙ ද දුකය’ යනු කවරෙ යත්: ජාතිය ස්වභාවය කොට ඇති සත්නට මෙබඳු තෘෂ්ණායෙක් උපදී. “ඇපි ජාතිය ස්වභාව කොට ඇති නො වමෝ වා, අපට ජාතිය නො ද පැමිණේ ව” යි. එතෙකුදුවත් තෙල ප්‍රාර්‍ත්‍ථනායෙන් නො ලැබිය යුතු ය. මෙ ද ‘යමක් කැමැති වනුයේ නො ලබ් නම් හෙ දුකැ’ යි කියනු ලැබේ. ජරාව ස්වභාව කොට ඇති සත්නට ... ව්‍යාධිය ස්වභාව කොට ඇති සත්නට … මරණය ස්වභාව කොට ඇති සත්නට … සෝකපරිදේවදුක්ඛදෝමනස්සුපායාස ස්වභාව කොට ඇති සත්නට මෙසේ තෘෂ්ණාව උපදී. ‘අපි සෝකපරිදේව දුක්ඛදෝමනස්සුපායාස ස්වභාව කොට ඇති නොවමෝ වා’, අපට සෝකපරිදේවදුක්ඛ දෝමනස්සුපායාසයෝ නො ද පැමිණෙත්ව’ යි. එතෙකුදුවත් තෙල ප්‍රාර්‍ත්‍ථනායෙන් නො ලැබිය යුත්තේ ය. මෙ ද ‘යමක් කැමැති වනුයේ නො ලබා නම් හෙ ද දුකැ’ යි කියනු ලැබේ.
තත්‍ථ කතමෙ සංඛිත‍්තෙන පඤ‍්චුපාදානක‍්ඛන්‍ධා දුක‍්ඛා. සෙය්‍යථීදං: රූපූපාදානක‍්ඛන්‍ධො, වෙදනූපාදානක‍්ඛන්‍ධො, සඤ‍්ඤූපාදානක‍්ඛන්‍ධො, සඞ‍්ඛාරූපාදානක‍්ඛන්‍ධො, විඤ‍්ඤාණුපාදානක‍්ඛන්‍ධො, ඉමෙ වුච‍්චන‍්ති සංඛිත‍්තෙන පඤ‍්චුපාදානක‍්ඛන්‍ධා දුක‍්ඛා.
එහි සැකෙවින් පඤ්චෝපාදානස්කන්‍ධදුඃඛයෝ කවරහ යත්: ඒ මෙසේ ය: රූපෝපාදානස්කන්‍ධ ය, වේදනෝපාදානස්කන්‍ධ ය, සංඥෝපාදානස්කන්‍ධ ය, සංස්කාරෝපාදානස්කන්‍ධ ය, විඥානෝපාදානස්කන්‍ධ යි. මේ සැකෙවින් පඤ්චෝපාදානස්කන්‍ධ දුඃඛයෝ ය යි කියනු ලැබෙත්.
ඉදං වුච‍්චති දුක‍්ඛං අරියසච‍්චං.
මේ දුඃඛාර්‍ය්‍යසත්‍යය යි කියනු ලැබේ.
282. තත්‍ථ කතමං දුක‍්ඛසමුදයො අරියසච‍්චං: යායං තණ‍්හා පොනොභවිකා නන්‍දිරාගසහගතා තත්‍ර තත්‍රාභිනන්‍දිනී, සෙය්‍යථීදං: කාමතණ‍්හා, භවතණ‍්හා, විභවතණ‍්හා.
282. එහි දුඃඛසමුදයාර්‍ය්‍යසත්‍යය කවරෙ යත්: පුනර්‍භවය පිණිස පවත්නා වූ නන්‍දිරාගය සමග පවත්නා වූ රූපාදි ඒ ඒ අරමුණෙහි ඇලෙන්නා වූ යම් තෘෂ්ණාවක් වේ ද, ඒ මෙසේ ය: කාමතණ්හා ය, භවතණ්හා ය, විභවතණ්හා යි.
සා ඛො පනෙසා තණ‍්හා කත්‍ථ උප‍්පජ‍්ජමානා උප‍්පජ‍්ජති, කත්‍ථ නිවිසමානා නිවිසති. යං ලොකෙ පියරූපං සාතරූපං එත්‍ථෙසා තණ‍්හා උප‍්පජ‍්ජමානා උප‍්පජ‍්ජති, එත්‍ථ නිවිසමානා නිවිසති.
ඒ තෙල තෘෂ්ණාව උපදනී කොහි උපදී ද පිහිටා සිටිනී කොහි පිහිටා සිටී ද යත්: ලොව යම් ප්‍රියස්වභාවයෙක් මධුරස්වභායෙක් වේ ද උපදනා වූ තෙල තෘෂ්ණාව මෙහි උපදී. පිහිටා සිටිනී (පුනපුනා පැවැතුම් විසින්) මෙහි පිහිටා සිටී.
කිඤ‍්ච ලොකෙ පියරූපං සාතරූපං: චක‍්ඛුං ලොකෙ පියරූපං සාතරූපං, එත්‍ථෙසා තණ‍්හා උප‍්පජ‍්ජමානා උප‍්පජ‍්ජති, එත්‍ථ නිවිසමානා නිවිසති. සොතං ලොකෙ -පෙ- ඝානං ලොකෙ -පෙ- ජිව‍්හා ලොකෙ -පෙ- කායො ලොකෙ -පෙ- මනො ලොකෙ -පෙ- පියරූපං සාතරූපං, එත්‍ථෙ’සා තණ‍්හා උප‍්පජ‍්ජමානා උප‍්පජ‍්ජති, එත්‍ථ නිවිසමානා නිවිසති.
ලොව ප්‍රියස්වභාවය, මධුරස්වභාවය කවරෙ යත්: ලෝකයෙහි ඇස ප්‍රිය ස්වභාව මධුරස්වභාව වෙයි. තෙල තෘෂ්ණාව උපදනී මෙහි උපදී. පිහිටා සිටිනී මෙහි පිහිටා සිටී. ලොව ශ්‍රෝත්‍රය … ලොව ඝ්‍රාණය … ලොව ජිව්හාව … ලොව කය … ලොව මනස ප්‍රියරූප ය, සාතරූප යි. උපදනා වූ තෙල තෘෂ්ණාව මෙහි උපදි. පිහිටා සිටිනී මෙහි පිහිටා සිටී.
රූපා- ලොකෙ පියරූපං සාතරූපං, එත්‍ථෙ’සා තණ‍්හා උප‍්පජ‍්ජමානා උප‍්පජ‍්ජති, එත්‍ථ නිවිසමානා නිවිසති. සද‍්දා ලොකෙ -පෙ- ගන්‍ධා ලොකෙ -පෙ- රසා ලොකෙ -පෙ- ඵොට‍්ඨබ‍්බා ලොකෙ -පෙ- ධම‍්මා ලොකෙ පියරූපං සාතරූපං, එත්‍ථෙ’සා තණ‍්හා උප‍්පජ‍්ජමානා උප‍්පජ‍්ජති, එත්‍ථ නිවිසමානා නිවිසති.
ලොව රූපයෝ ප්‍රියරූප ය, සාතරූප යි. මෙහි උපදනා වූ තෙල තෘෂ්ණාව උපදී. පිහිටා සිටිනී මෙහි පිහිටා සිටී. ලොව ශබ්දයෝ … ලොව ගන්‍ධයෝ … ලොව රසයෝ … ලොව ස්ප්‍රෂ්ටව්‍යයෝ ලොව ධර්‍මයෝ ප්‍රියරූප ය, සාතරූප යි. උපදනා වූ තෙල තෘෂ්ණාව මෙහි උපදි. පිහිටා සිටිනී මෙහි පිහිටා සිටී.
චක‍්ඛුවිඤ‍්ඤාණං ලොකෙ පියරූපං සාතරූපං, එත්‍ථෙ’සා තණ‍්හා උප‍්පජ‍්ජමානා උප‍්පජ‍්ජති, එත්‍ථ නිවිසමානා නිවිසති. සොතවිඤ‍්ඤාණං ලොකෙ -පෙ- ඝානවිඤ‍්ඤාණං ලොකෙ -පෙ- ජිව‍්හාවිඤ‍්ඤාණං ලොකෙ -පෙ- කායවිඤ‍්ඤාණං ලොකෙ -පෙ- මනොවිඤ‍්ඤාණං ලොකෙ පියරූපං සාතරූපං, එත්‍ථෙ’සා තණ‍්හා උප‍්පජ‍්ජමානා උප‍්පජ‍්ජති, එත්‍ථ නිවිසමානා නිවිසති.
ලොව චක්‍ෂුර්විඥානය ප්‍රියරූප ය, සාතරූප යි. උපදනා වූ තෙල තෘෂ්ණාව මෙහි උපදී. පිහිටා සිටිනී මෙහි පිහිටා සිටී … ලොව ශ්‍රෝත්‍රවිඥානය … ලොව ඝ්‍රාණවිඥානය … ලොව ජිහ්වාවිඥානය … ලොව කායවිඥානය … ලොව මනෝවිඥානය ප්‍රියරූප ය, සාතරූප යි. උපදනා වූ තෙල තෘෂ්ණාව මෙහි උපදී. පිහිටා සිටිනී මෙහි පිහිටා සිටී.
චක‍්ඛුසම‍්ඵස‍්සො ලොකෙ පියරූපං සාතරූපං, එත්‍ථෙ’සා තණ‍්හා උප‍්පජ‍්ජමානා උප‍්පජ‍්ජති, එත්‍ථ නිවිසමානා නිවිසති. සොතසම‍්ඵස‍්සො ලොකෙ -පෙ- ඝානසම‍්ඵස‍්සො ලොකෙ -පෙ- ජිව‍්හාසම‍්ඵස‍්සො ලොකෙ -පෙ- කායසම‍්ඵස‍්සො ලොකෙ -පෙ- මනොසම‍්ඵස‍්සො ලොකෙ පියරූපං සාතරූපං, එත්‍ථෙ’සා තණ‍්හා උප‍්පජ‍්ජමානා උප‍්පජ‍්ජති, එත්‍ථ නිවිසමානා නිවිසති.
ලොවැ චක්ඛුසම්ඵස්සය ප්‍රියරූප ය, සාතරූප යි. උපදනා වූ තෙල තෘෂ්ණාව මෙහි උපදී. පිහිටා සිටිනී මෙහි පිහිටා සිටී. ලොවැ සෝතසම්ඵස්සය … ලොවැ ඝානසම්ඵස්සය … ලොවැ ජිව්හාසම්ඵස්සය … ලොවැ කායසම්ඵස්සය … ලොවැ මනෝසම්ඵස්සය ප්‍රියරූප ය, සාතරූප යි. උපදනා වූ තෙල තෘෂ්ණාව මෙහි උපදී. පිහිටා සිටිනී මෙහි පිහිටා සිටී.
චක‍්ඛුසම‍්ඵස‍්සජා වෙදනා ලොකෙ පියරූපං සාතරූපං, එත්‍ථෙ’සා තණ‍්හා උප‍්පජ‍්ජමානා උප‍්පජ‍්ජති, එත්‍ථ නිවිසමානා නිවිසති. සොතසම‍්ඵස‍්සජා වෙදනා ලොකෙ -පෙ- ඝානසම‍්ඵස‍්සජා වෙදනා ලොකෙ -පෙ- ජිව‍්හාසම‍්ඵස‍්සජා වෙදනා ලොකෙ -පෙ- කායසම‍්ඵස‍්සජා වෙදනා ලොකෙ -පෙ- මනොසම‍්ඵස‍්සජා වෙදනා ලොකෙ පියරූපං සාතරූපං, එත්‍ථෙ’සා තණ‍්හා උප‍්පජ‍්ජමානා උප‍්පජ‍්ජති, එත්‍ථ නිවිසමානා නිවිසති.
ලොවැ චක්ඛුසම්ඵස්සජ වේදනාව ප්‍රියරූප ය, සාතරූප යි. උපදනා වූ තෙල තෘෂ්ණාව මෙහි උපදී, පිහිටා සිටිනී මෙහි පිහිටා සිටී. ලොවැ සෝතසම්ඵස්සජ වේදනාව … ලොවැ ඝානසම්ඵස්සජ වේදනාව ලොවැ ජිව්හාසම්ඵස්සජවේදනාව … ලොවැ කායසම්ඵස්සජවේදනාව … ලොවැ මනෝසම්ඵස්සජවේදනාව ප්‍රියරූප ය, සාතරූප යි. උපදනා වූ තෙල තෘෂ්ණාව මෙහි උපදී. පිහිටා සිටිනී මෙහි පිහිටා සිටී.
රූපසඤ‍්ඤා ලොකෙ පියරූපං සාතරූපං. එත්‍ථෙ’සා තණ‍්හා උප‍්පජ‍්ජමානා උප‍්පජ‍්ජති, එත්‍ථ නිවිසමානා නිවිසති. සද‍්දසඤ‍්ඤා ලොකෙ -පෙ- ගන්‍ධසඤ‍්ඤා ලොකෙ -පෙ- රසසඤ‍්ඤා ලොකෙ -පෙ- ඵොට‍්ඨබ‍්බසඤ‍්ඤා ලොකෙ -පෙ- ධම‍්මසඤ‍්ඤා ලොකෙ පියරූපං සාතරූපං, එත්‍ථෙ’සා තණ‍්හා උප‍්පජ‍්ජමානා උප‍්පජ‍්ජති, එත්‍ථ නිවිසමානා නිවිසති.
ලොවැ රූපසංඥාව ප්‍රියරූප ය, සාතරූප යි. උපදනා වූ තෙල තෘෂ්ණාව මෙහි උපදී. පිහිටා සිටිනී මෙහි පිහිටා සිටී. ලොවැ ශබ්ද සංඥාව … ලොවැ ගන්‍ධසංඥාව …. ලොවැ රසසංඥාව … ලොව ස්ප්‍රෂ්ටව්‍යසංඥාව … ලොවැ ධර්‍මසංඥාව ප්‍රියරූප ය, සාතරූප යි. උපදනා වූ තෙල තෘෂ්ණාව මෙහි උපදී. පිහිටා සිටිනී මෙහි පිහිටා සිටී.
රූපසඤ‍්චෙතනා ලොකෙ පියරූපං සාතරූපං, එත්‍ථෙ’සා තණ‍්හා උප‍්පජ‍්ජමානා උප‍්පජ‍්ජති, එත්‍ථ නිවිසමානා නිවිසති. සද‍්දසඤ‍්චෙතනා ලොකෙ -පෙ- ගන්‍ධසඤ‍්චෙතනා ලොකෙ -පෙ- රසසඤ‍්චෙතනා ලොකෙ -පෙ- ඵොට‍්ඨබ‍්බසඤ‍්චෙතනා ලොකෙ -පෙ- ධම‍්මසඤ‍්චෙතනා ලොකෙ පියරූපං සාතරූපං, එත්‍ථෙසා තණ‍්හා උප‍්පජ‍්ජමානා උප‍්පජ‍්ජති, එත්‍ථ නිවිසමානා නිවිසති.
ලොවැ රූපසංචේතනාව ප්‍රියරූප ය, සාතරූප යි. උපදනා වූ තෙල තෘෂ්ණාව මෙහි උපදී. පිහිටා සිටිනී මෙහි පිහිටා සිටී. ලොවැ සද්දසංචේතනාව … ලොවැ ගන්‍ධ සඤ්චේතනාව … ලොවැ රසසඤ්චේතනාව … ලොවැ ඵොට්ඨබ්බසඤ්චේතනාව … ලොවැ ධම්මසඤ්චේතනාව ප්‍රියරූප ය, සාතරූප යි. උපදනා වූ තෙල තෘෂ්ණාව මෙහි උපදී. පිහිටා සිටිනී මෙහි පිහිටා සිටී.
රූපතණ‍්හා ලොකෙ පියරූපං සාතරූපං, එත්‍ථෙසා තණ‍්හා උප‍්පජ‍්ජමානා උප‍්පජ‍්ජති, එත්‍ථ නිවිසමානා නිවිසති. සද‍්දතණ‍්හා ලොකෙ -පෙ- ගන්‍ධතණ‍්හා ලොකෙ -පෙ- රසතණ‍්හා ලොකෙ -පෙ- ඵොට‍්ඨබ‍්බතණ‍්හා ලොකෙ -පෙ- ධම‍්මතණ‍්හා ලොකෙ පියරූපං සාතරූපං, එත්‍ථෙසා තණ‍්හා උප‍්පජ‍්ජමානා උප‍්පජ‍්ජති, එත්‍ථ නිවිසමානා නිවිසති.
ලොවැ රූපතණ්හාව ප්‍රියරූප ය, සාතරූප යි. උපදනා වූ තෙල තෘෂ්ණාව මෙහි උපදී. පිහිටා සිටිනී මෙහි පිහිටා සිටී. ලොවැ සද්දතණ්හාව … ලොවැ ගන්‍ධතණ්හාව … ලොවැ රසතණ්හාව … ලොවැ ඵොට්ඨබ්බතණ්හාව … ලොවැ ධම්මතණ්හාව ප්‍රියරූප ය, සාතරූප යි. උපදනා වූ තෙල තෘෂ්ණාව මෙහි උපදී. පිහිටා සිටිනී මෙහි පිහිටා සිටී.
රූපවිතක‍්කො ලොකෙ පියරූපං සාතරූපං, එත්‍ථෙසා තණ‍්හා උප‍්පජ‍්ජමානා උප‍්පජ‍්ජති, එත්‍ථ නිවිසමානා නිවිසති. සද‍්දවිතක‍්කො ලොකෙ -පෙ- ගන්‍ධවිතක‍්කො ලොකෙ -පෙ- රසවිතක‍්කො ලොකෙ -පෙ- ඵොට‍්ඨබ‍්බවිතක‍්කො ලොකෙ -පෙ- ධම‍්මවිතක‍්කො ලොකෙ පියරූපං සාතරූපං, එත්‍ථෙසා තණ‍්හා උප‍්පජ‍්ජමානා උප‍්පජ‍්ජති, එත්‍ථ නිවිසමානා නිවිසති.
ලොවැ රූපවිතර්‍කය ප්‍රියරූප ය, සාතරූප යි. උපදනා වූ තෙල තෘෂ්ණාව මෙහි උපදී. පිහිටා සිටිනී මෙහි පිහිටා සිටී. ලොවැ ශබ්දවිතර්‍කය … ලොවැ ගන්‍ධවිතර්‍කය … ලොවැ රසවිතර්‍කය … ලොවැ ස්ප්‍රෂ්ටව්‍යවිතර්‍කය … ලොවැ ධර්‍මවිතර්‍කය ප්‍රියරූප ය, සාතරූප යි. උපදනා වූ තෙල තෘෂ්ණාව මෙහි උපදී. පිහිටා සිටිනී මෙහි පිහිටා සිටී.
රූපවිචාරො ලොකෙ පියරූපං සාතරූපං, එත්‍ථෙසා තණ‍්හා උප‍්පජ‍්ජමානා උප‍්පජ‍්ජති, එත්‍ථ නිවිසමානා නිවිසති. සද‍්දවිචාරො ලොකෙ පියරූපං සාතරූපං, එත්‍ථෙසා තණ‍්හා උප‍්පජ‍්ජමානා උප‍්පජ‍්ජති, එත්‍ථ නිවිසමානා නිවිසති. ගන්‍ධවිචාරො ලොකෙ පියරූපං සාතරූපං, එත්‍ථෙසා තණ‍්හා උප‍්පජ‍්ජමානා උප‍්පජ‍්ජති, එත්‍ථ නිවිසමානා නිවිසති. රසවිචාරො ලොකෙ පියරූපං සාතරූපං, එත්‍ථෙසා තණ‍්හා උප‍්පජ‍්ජමානා උප‍්පජ‍්ජති, එත්‍ථ නිවිසමානා නිවිසති. ඵොට‍්ඨබ‍්බවිචාරො ලොකෙ පියරූපං සාතරූපං, එත්‍ථෙසා තණ‍්හා උප‍්පජ‍්ජමානා උප‍්පජ‍්ජති, එත්‍ථ නිවිසමානා නිවිසති. ධම‍්මවිචාරො ලොකෙ පියරූපං සාතරූපං, එත්‍ථෙසා තණ‍්හා උප‍්පජ‍්ජමානා උප‍්පජ‍්ජති, එත්‍ථ නිවිසමානා නිවිසති.
රූපවිචාරය ලෝකයෙහි ප්‍රියරූප ය, සාතරූප යි. උපදනා වූ තෙල තෘෂ්ණාව මෙහි උපදී. පිහිටා සිටිනී මෙහි පිහිටා සිටී. ශබ්දවිචාරය ලෝකයෙහි ප්‍රියරූප ය, සාතරූප යි. උපදනා වූ තෙල තෘෂ්ණාව මෙහි උපදී. පිහිටා සිටිනී මෙහි පිහිටා සිටී. ගන්‍ධවිචාරය ලෝකයෙහි ප්‍රියරූප ය, සාතරූප යි. උපදනා වූ තෙල තෘෂ්ණාව මෙහි උපදී. පිහිටා සිටිනී මෙහි පිහිටා සිටී. රසවිචාරය ලෝකයෙහි ප්‍රියරූප ය, සාතරූප යි. උපදනා වූ තෙල තෘෂ්ණාව මෙහි උපදී. පිහිටා සිටිනී මෙහි පිහිටා සිටී. ස්ප්‍රෂ්ටව්‍යවිචාරය ලෝකයෙහි ප්‍රියරූප ය, සාතරූප යි. උපදනා වූ තෙල තෘෂ්ණාව මෙහි උපදී. පිහිටා සිටිනී මෙහි පිහිටා සිටී. ධර්‍මවිචාරය ලෝකයෙහි ප්‍රියරූප ය, සාතරූප යි. උපදනා වූ තෙල තෘෂ්ණාව මෙහි උපදී. පිහිටා සිටිනී මෙහි පිහිටා සිටී.
ඉදං වුච‍්චති දුක‍්ඛසමුදයො අරියසච‍්චං.
මේ දුඃඛසමුදයාර්‍ය්‍යසත්‍යය යි කියනු ලැබේ.
283. තත්‍ථ කතමං දුක‍්ඛනිරොධො අරියසච‍්චං: යො තස‍්සායෙව තණ‍්හාය අසෙසවිරාගනිරොධො චාගො පටිනිස‍්සග‍්ගො මුත‍්ති අනාලයො.
283. එහි දුඃඛනිරෝධාර්‍ය්‍යසත්‍යය කවරෙ යත්: ඒ තෘෂ්ණාවගේ මැ යම් අසේස විරාගනිරෝධයෙක් ත්‍යාගයෙක් දුරැලීමෙක් මිදීමෙක් නො ඇලීමෙක් වේ ද, එය යි.
සා ඛො පනෙසා තණ‍්හා කත්‍ථ පහීයමානා පහීයති, කත්‍ථ නිරුජ‍්ඣමානා නිරුජ‍්ඣති, යං ලොකෙ පියරූපං සාතරූපං, එත්‍ථෙසා තණ‍්හා පහීයමානා පහීයති. එත්‍ථ නිරුජ‍්ඣමානා නිරුජ‍්ඣති.
ප්‍රහීණ වන්නා වූ තෙල තෘෂ්ණාව කොහි ප්‍රහීණ වේ ද, නිරුද්ධ වන්නී කොහි නිරුද්ධ වේ ද යත්: යමෙක් ලෝකයෙහි ප්‍රියස්වභාව මධුරස්වභාව වූයේ ද, ප්‍රහීණ වන තෙල තෘෂ්ණාව මෙහි ප්‍රහීණ වෙයි, නිරුද්ධ වන්නී මෙහි නිරුද්ධ වේ.
කිඤ‍්ච ලොකෙ පියරූපං සාතරූපං: චක‍්ඛුං ලොකෙ පියරූපං සාතරූපං, එත්‍ථෙසා තණ‍්හා පහීයමානා පහීයති, එත්‍ථ නිරුජ‍්ඣමානා නිරුජ‍්ඣති. සොතං ලොකෙ -පෙ- ඝානං ලොකෙ -පෙ- ජිව‍්හා ලොකෙ -පෙ- කායො ලොකෙ -පෙ- මනො ලොකෙ පියරූපං සාතරූපං එත්‍ථෙසා තණ‍්හා පහීයමානා පහීයති, එත්‍ථ නිරුජ‍්ඣමානා නිරුජ‍්ඣති.
කුමක් ලෝකයෙහි ප්‍රියස්වභාව මධුරස්වභාව වූයේ ද යත්: ඇස ලෝකයෙහි ප්‍රිය රූප ය, සාතරූප යි. ප්‍රහීණ වන තෙල තෘෂ්ණාව මෙහි ප්‍රහීණ වෙයි, නිරුද්ධ වන්නී මෙහි නිරුද්ධ වේ. කන ලෝකයෙහි … නැහැය ලෝකයෙහි … දිව ලෝකයෙහි … කය ලෝකයෙහි … මනස ලෝකයෙහි ප්‍රියරූප ය, සාතරූප යි. ප්‍රහීණ වන තෙල තෘෂ්ණාව මෙහි ප්‍රහීණ වෙයි, නිරුද්ධ වන්නී මෙහි නිරුද්ධ වේ.
රූපා ලොකෙ පියරූපං සාතරූපං, එත්‍ථෙසා තණ‍්හා පහීයමානා පහීයති, එත්‍ථ නිරුජ‍්ඣමානා නිරුජ‍්ඣති. සද‍්දා ලොකෙ -පෙ- ගන්‍ධා ලොකෙ -පෙ- රසා ලොකෙ -පෙ- ඵොට‍්ඨබ‍්බා ලොකෙ -පෙ- ධම‍්මා ලොකෙ පියරූපං සාතරූපං එත්‍ථෙසා තණ‍්හා පහීයමානා පහීයති, එත්‍ථ නිරුජ‍්ඣමානා නිරුජ‍්ඣති.
රූපයෝ ලෝකයෙහි ප්‍රියරූප ය, සාතරූප යි, ප්‍රහීණ වන තෙල තෘෂ්ණාව මෙහි ප්‍රහීණ වෙයි, නිරුද්ධ වන්නී මෙහි නිරුද්ධ වේ. ශබ්දයෝ ලෝකයෙහි … ගන්‍ධයෝ ලෝකයෙහි … රසයෝ ලෝකයෙහි … ස්ප්‍රෂ්ටව්‍යයෝ ලෝකයෙහි … ධර්‍මයෝ ලෝකයෙහි ප්‍රියරූප ය, සාතරූප යි. ප්‍රහීණ වන තෙල තෘෂ්ණාව මෙහි ප්‍රහීණ වෙයි, නිරුද්ධ වන්නී මෙහි නිරුද්ධ වේ.
චක‍්ඛුවිඤ‍්ඤාණං ලොකෙ පියරූපං සාතරූපං, එත්‍ථෙසා තණ‍්හා පහීයමානා පහීයති, එත්‍ථ නිරුජ‍්ඣමානා නිරුජ‍්ඣති. සොතවිඤ‍්ඤාණං ලොකෙ -පෙ- ඝානවිඤ‍්ඤාණං ලොකෙ -පෙ- ජිව‍්හාවිඤ‍්ඤාණං ලොකෙ -පෙ- කායවිඤ‍්ඤාණං ලොකෙ -පෙ- මනොවිඤ‍්ඤාණං ලොකෙ පියරූපං සාතරූපං, එත්‍ථෙසා තණ‍්හා පහීයමානා පහීයති, එත්‍ථ නිරුජ‍්ඣමානා නිරුජ‍්ඣති.
චක්‍ෂුර්විඥානය ලෝකයෙහි ප්‍රියරූප ය, සාතරූප යි, ප්‍රහීණ වන තෙල තෘෂ්ණාව මෙහි ප්‍රහීණ වෙයි, නිරුද්ධ වන්නී මෙහි නිරුද්ධ වේ. ශ්‍රෝත්‍රවිඥානය ලෝකයෙහි … ඝ්‍රාණවිඥානය ලෝකයෙහි … ජිහ්වාවිඥානය ලෝකයෙහි … කායවිඥානය ලෝකයෙහි … මනෝවිඥානය ලෝකයෙහි ප්‍රියරූප ය, සාතරූප යි. ප්‍රහීණ වන තෙල තෘෂ්ණාව මෙහි ප්‍රහීණ වෙයි, නිරුද්ධ වන්නී මෙහි නිරුද්ධ වේ.
චක‍්ඛුසම‍්ඵස‍්සො ලොකෙ පියරූපං සාතරූපං, එත්‍ථෙසා තණ‍්හා පහීයමානා පහීයති, එත්‍ථ නිරුජ‍්ඣමානා නිරුජ‍්ඣති. සොතසම‍්ඵස‍්සො ලොකෙ -පෙ- ඝානසම‍්ඵස‍්සො ලොකෙ -පෙ- ජිව‍්හාසම‍්ඵස‍්සො ලොකෙ -පෙ- කායසම‍්ඵස‍්සො ලොකෙ -පෙ- මනොසම‍්ඵස‍්සො ලොකෙ පියරූපං සාතරූපං, එත්‍ථෙසා තණ‍්හා පහීයමානාපහීයති, එත්‍ථ නිරුජ‍්ඣමානා නිරුජ‍්ඣති.
චක්ඛුසම්ඵස්සය ලෝකයෙහි ප්‍රියරූප ය, සාතරූප යි, ප්‍රහීණ වන තෙල තෘෂ්ණාව මෙහි ප්‍රහීණ වෙයි, නිරුද්ධ වන්නී මෙහි නිරුද්ධ වේ. සෝතසම්ඵස්සය ලෝකයෙහි … ඝානසම්ඵස්සය ලෝකයෙහි … ජිහ්වාසම්ඵස්සය ලෝකයෙහි … කායසම්ඵස්සය ලෝකයෙහි … මනෝසම්ඵස්සය ලෝකයෙහි ප්‍රියරූප ය, සාතරූප යි. ප්‍රහීණ වන තෙල තෘෂ්ණාව මෙහි ප්‍රහීණ වෙයි, නිරුද්ධ වන්නී මෙහි නිරුද්ධ වේ.
චක‍්ඛුසම‍්ඵස‍්සජා වෙදනා ලොකෙ පියරූපං සාතරූපං, එත්‍ථෙසා තණ‍්හා පහීයමානා පහීයති, එත්‍ථ නිරුජ‍්ඣමානා නිරුජ‍්ඣති. සොතසම‍්ඵස‍්සජා වෙදනා ලොකෙ -පෙ- ඝානසම‍්ඵස‍්සජා වෙදනා ලොකෙ -පෙ- ජිව‍්හාසම‍්ඵස‍්සජා වෙදනා ලොකෙ -පෙ- කායසම‍්පඵස‍්සජා වෙදනා ලොකෙ -පෙ- මනොසම‍්ඵස‍්සජා වෙදනා ලොකෙ පියරූපං සාතරූපං, එත්‍ථෙසා තණ‍්හා පහීයමානා පහීයති, එත්‍ථ නිරුජ‍්ඣමානා නිරුජ‍්ඣති.
චක්ඛුසම්ඵස්සයෙන් උපන් වේදනාව ලෝකයෙහි ප්‍රියරූප ය, සාතරූප යි, ප්‍රහීණ වන තෙල තෘෂ්ණාව මෙහි ප්‍රහීණ වෙයි, නිරුද්ධ වන්නී මෙහි නිරුද්ධ වේ. සෝතසම්ඵස්සජවේදනාව ලෝකයෙහි … ඝානසම්ඵස්සජවේදනාව ලෝකයෙහි … ජිහ්වාසම්ඵස්සජවේදනාව ලෝකයෙහි … කායසම්ඵස්සජවේදනාව ලෝකයෙහි … මනෝසම්ඵස්සජවේදනාව ලෝකයෙහි ප්‍රියරූප ය, සාතරූප යි. ප්‍රහීණ වන තෙල තෘෂ්ණාව මෙහි ප්‍රහීණ වෙයි, නිරුද්ධ වන්නී මෙහි නිරුද්ධ වේ.
රූපසඤ‍්ඤා ලොකෙ -පෙ- සද‍්දසඤ‍්ඤා ලොකෙ -පෙ- ගන්‍ධසඤ‍්ඤා ලොකෙ -පෙ- රසසඤ‍්ඤා ලොකෙ -පෙ- ඵොට‍්ඨබ‍්බසඤ‍්ඤා ලොකෙ -පෙ- ධම‍්මසඤ‍්ඤා ලොකෙ පියරූපං සාතරූපං, එත්‍ථෙසා තණ‍්හා පහීයමානා පහීයති, එත්‍ථ නිරුජ‍්ඣමානා නිරුජ‍්ඣති.
රූපසංඥාව ලෝකයෙහි … ශබ්දසංඥාව ලෝකයෙහි … ගන්‍ධසංඥාව ලෝකයෙහි … රසසංඥාව ලෝකයෙහි … ස්ප්‍රෂ්ටව්‍යසංඥාව ලෝකයෙහි … ධර්‍මසංඥාව ලෝකයෙහි ප්‍රියරූප ය, සාතරූප යි. ප්‍රහීණ වන තෙල තෘෂ්ණාව මෙහි ප්‍රහීණ වෙයි, නිරුද්ධ වන්නී මෙහි නිරුද්ධ වේ.
රූපසඤ‍්චෙතනා ලොකෙ -පෙ- සද‍්දසඤ‍්චෙතනා ලොකෙ -පෙ- ගන්‍ධසඤ‍්චෙතනා ලොකෙ -පෙ- රසසඤ‍්චෙතනා ලොකෙ -පෙ- ඵොට‍්ඨබ‍්බසඤ‍්චෙතනා ලොකෙ -පෙ- ධම‍්මසඤ‍්චෙතනා ලොකෙ පියරූපං සාතරූපං, එත්‍ථෙසා තණ‍්හා පහීයමානා පහීයති, එත්‍ථ නිරුජ‍්ඣමානා නිරුජ‍්ඣති.
රූපසඤ්චේතනාව ලෝකයෙහි … ශබ්දසඤ්චේතනාව ලෝකයෙහි … ගන්‍ධ සඤ්චේතනාව ලෝකයෙහි … රසසඤ්චේතනාව ලෝකයෙහි … ස්ප්‍රෂ්ටව්‍යසඤ්චේතනාව ලෝකයෙහි … ධර්‍මසඤ්චේතනාව ලෝකයෙහි ප්‍රියරූප ය, සාතරූප යි. ප්‍රහීණ වන තෙල තෘෂ්ණාව මෙහි ප්‍රහීණ වෙයි, නිරුද්ධ වන්නී මෙහි නිරුද්ධ වේ.
රූපතණ‍්හා ලොකෙ -පෙ- සද‍්දතණ‍්හා ලොකෙ -පෙ- ගන්‍ධතණ‍්හා ලොකෙ -පෙ- රසතණ‍්හා ලොකෙ -පෙ- ඵොට‍්ඨබ‍්බතණ‍්හා ලොකෙ -පෙ- ධම‍්මතණ‍්හා ලොකෙ පියරූපං සාතරූපං එත්‍ථෙසා තණ‍්හා පහීයමානා පහීයති, එත්‍ථ නිරුජ‍්ඣමානා නිරුජ‍්ඣති.
රූපතෘෂ්ණාව ලෝකයෙහි … ශබ්දතෘෂ්ණාව ලෝකයෙහි … ගන්‍ධතෘෂ්ණාව ලෝකයෙහි … රසතෘෂ්ණාව ලෝකයෙහි … ස්ප්‍රෂ්ටව්‍යතෘෂ්ණාව ලෝකයෙහි … ධර්‍මතෘෂ්ණාව ලෝකයෙහි ප්‍රියරූප ය, සාතරූප යි. ප්‍රහීණ වන තෙල තෘෂ්ණාව මෙහි ප්‍රහීණ වෙයි, නිරුද්ධ වන්නී මෙහි නිරුද්ධ වේ.
රූපවිතක‍්කො ලොකෙ -පෙ- සද‍්දවිතක‍්කො ලොකෙ -පෙ- ගන්‍ධවිතක‍්කො ලොකෙ -පෙ- රසවිතක‍්කො ලොකෙ -පෙ- ඵොට‍්ඨබ‍්බවිතක‍්කො ලොකෙ -පෙ- ධම‍්මවිතක‍්කො ලොකෙ පියරූපං සාතරූපං එත්‍ථෙසා තණ‍්හා පහීයමානා පහීයති, එත්‍ථ නිරුජ‍්ඣමානා නිරුජ‍්ඣති.
රූපවිතර්‍කය ලෝකයෙහි … ශබ්දවිතර්‍කය ලෝකයෙහි … ගන්‍ධවිතර්‍කය ලෝකයෙහි … රසවිතර්‍කය ලෝකයෙහි … ස්ප්‍රෂ්ටව්‍යවිතර්‍කය ලෝකයෙහි … ධර්‍මවිතර්‍කය ලෝකයෙහි ප්‍රියරූප ය, සාතරූප යි. ප්‍රහීණ වන තෙල තෘෂ්ණාව මෙහි ප්‍රහීණ වෙයි, නිරුද්ධ වන්නී මෙහි නිරුද්ධ වේ.
රූපවිචාරො ලොකෙ -පෙ- සද‍්දවිචාරො ලොකෙ -පෙ- ගන්‍ධවිචාරො ලොකෙ -පෙ- රසවිචාරො ලොකෙ -පෙ- ඵොට‍්ඨබ‍්බවිචාරො ලොකෙ -පෙ- ධම‍්මවිචාරො ලොකෙ පියරූපං සාතරූපං එත්‍ථෙසා තණ‍්හා පහීයමානා පහීයති, එත්‍ථ නිරුජ‍්ඣමානා නිරුජ‍්ඣති.
රූපවිචාරය ලෝකයෙහි … ශබ්දවිචාරය ලෝකයෙහි … ගන්‍ධවිචාරය ලෝකයෙහි … රසවිචාරය ලෝකයෙහි … ස්ප්‍රෂ්ටව්‍යවිචාරය ලෝකයෙහි … ධර්‍මවිචාරය ලෝකයෙහි ප්‍රියරූප ය, සාතරූප යි. ප්‍රහීණ වන තෙල තෘෂ්ණාව මෙහි ප්‍රහීණ වෙයි, නිරුද්ධ වන්නී මෙහි නිරුද්ධ වේ.
ඉදං වුච‍්චති දුක‍්ඛනිරොධො අරියසච‍්චං.
මේ දුඃඛනිරෝධාර්‍ය්‍යසත්‍යය යි කියනු ලැබේ
284. තත්‍ථ කතමං දුක‍්ඛනිරොධගාමිනීපටිපදා අරියසච‍්චං: අයමෙව අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො. සෙය්‍යථීදං: සම‍්මාදිට‍්ඨි, සම‍්මාසඞ‍්කප‍්පො, සම‍්මාවාචා, සම‍්මාකම‍්මන‍්තො, සම‍්මාආජීවො, සම‍්මාවායාමො, සම‍්මාසති, සම‍්මාසමාධි.
284. එහි ‘දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය’ කවරෙ යත්: මෙ මැ ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගිකමාර්‍ගය යි. ඒ කවරෙ යත්: සම්මාදිට්ඨි ය, සම්මාසඞ්කප්ප ය, සම්මාවාචා ය, සම්මාකම්මන්ත ය, සම්මාආජීව ය, සම්මාවායාම ය, සම්මාසති ය, සම්මාසමාධි යි.
තත්‍ථ කතමා සම‍්මාදිට‍්ඨි: දුක‍්ඛෙ ඤාණං දුක‍්ඛසමුදයෙ ඤාණං දුක‍්ඛනිරොධෙ ඤාණං දුක‍්ඛනිරොධගාමිනියා පටිපදාය ඤාණං, අයං වුච‍්චති සම‍්මාදිට‍්ඨි.
එහි ‘සම්මාදිට්ඨි’ කවර යත්: දුඃඛසත්‍යයෙහි ඥාන ය, දුඃඛසමුදයසත්‍යයෙහි ඥාන ය, දුඃඛනිරෝධසත්‍යයෙහි ඥාන ය, දුඃඛනිරෝධගාමිනීප්‍රතිපදාර්‍ය්‍යසත්‍යයෙහි ඥාන යයි. මේ ‘සම්මාදිට්ඨි’ යි කියනු ලැබේ.
තත්‍ථ කතමො සම‍්මාසඞ‍්කප‍්පො: නෙක‍්ඛම‍්මසඞ‍්කප‍්පො අව්‍යාපාදසඞ‍්කප‍්පො අවිහිංසාසංකප‍්පො, අයං වුච‍්චති සම‍්මාසඞ‍්කප‍්පො.
එහි ‘සම්මාසංකප්ප’ කවරෙ යත්: නෛෂ්ක්‍රම්‍යසංකල්ප ය, අව්‍යාපාදසංකල්ප ය, අවිහිංසාසංකල්ප යි. මේ ‘සම්මාසඞ්කප්ප’ යි කියනු ලැබේ.
තත්‍ථ කතමා සම‍්මාවාචා: මුසාවාදා වෙරමණී පිසුනාවාචා වෙරමණී ඵරුසාවාචා වෙරමණී සම‍්ඵප‍්පලා පාවෙරමණී, අයං වුච‍්චති සම‍්මාවාචා.
එහි ‘සම්මාවාචා’ කවරෙ යත්: මුසවායෙන් වෙන්වීම ය, පිසුනුබසින් වෙන්වීම ය, රළුබසින් වෙන්වීම ය, හිසබස්බිණීමෙන් වෙන්වීම යි. මේ ‘සම්මාවාචා’ යි කියනු ලැබේ.
තත්‍ථ කතමො සම‍්මාකම‍්මන‍්තො: පාණාතිපාතා වෙරමණී අදින‍්නාදානා වෙරමණී කාමෙසු මිච‍්ඡාචාරා වෙරමණී, අයං වුච‍්චති සම‍්මාකම‍්මන‍්තො.
එහි ‘සම්මාකම්මන්ත’ කවරෙ යත්: පණිවායෙන් වෙන්වීම ය, අයිනාදනින් වෙන්වීම ය, කාමයෙහි වරදවා හැසිරීමෙන් වෙන්වීම යි. මේ ‘සම්මාකම්මන්ත’ යි කියනු ලැබේ.
තත්‍ථ කතමො සම‍්මාආජීවො: ඉධ අරියසාවකො මිච‍්ඡා ආජීවං පහාය සම‍්මා ආජීවෙන ජීවිකං කප‍්පෙති, අයං වුච‍්චති සම‍්මාආජීවො.
එහි ‘සම්මාආජීව’ කවරෙ යත්: මෙසස්නෙහි ආර්‍ය්‍යශ්‍රාවක තෙමේ මිථ්‍යාආජීවය හැර සම්‍යක් ආජීවයෙන් දිවි රකී ද, මේ ‘සම්‍යක් ආජීව’ යි කියනු ලැබේ.
තත්‍ථ කතමො සම‍්මාවායාමො: ඉධ භික‍්ඛු අනුප‍්පන‍්නානං පාපකානං අකුසලානං ධම‍්මානං අනුප‍්පාදාය ඡන්‍දං ජනෙති, වායමති විරියං ආරභති චිත‍්තං පග‍්ගණ‍්හාති පදහති, උප‍්පන‍්නානං පාපකානං අකුසලානං ධම‍්මානං පහානාය ඡන්‍දං ජනෙති වායමති විරියං ආරභති චිත‍්තං පග‍්ගණ‍්හාති පදහති, අනුප‍්පන‍්නානං කුසලානං ධම‍්මානං උප‍්පාදාය ඡන්‍දං ජනෙති, වායමති විරියං ආරභති, චිත‍්තං පග‍්ගණ‍්හාති පදහති, උප‍්පන‍්නානං කුසලානං ධම‍්මානං ඨිතියා අසම‍්මොසාය භිය්‍යොභාවාය වෙපුල‍්ලාය භාවනාය පාරිපූරියා ඡන්‍දං ජනෙති, වායමති, විරියං ආරභති, චිත‍්තං පග‍්ගණ‍්හාති පදහති, අයං වුච‍්චති සම‍්මාවායාමො.
එහි ‘සම්මාවායාම’ කවරෙ යත්: මෙසස්නෙහි මහණ තෙම නූපන් ලාමක අකුශල ධර්‍මයන් නො ඉපදවීම පිණිස ඡන්‍දය උපදවයි, ව්‍යායාම කෙරෙයි, වීර්‍ය්‍යාරම්භ කෙරෙයි, සිත දැඩි කොටගනියි, ප්‍රධන්වීර්‍ය්‍යය කෙරේ. උපන් ලාමක අකුශලධර්‍මයන්ගේ ප්‍රහාණය පිණිස ඡන්‍දය උපදවයි, ව්‍යායාම කෙරෙයි, වීර්‍ය්‍යාරම්භ කෙරෙයි, සිත දැඩිකොටගනියි, ප්‍රධන්වීර්‍ය්‍යය කෙරේ. නූපන් කුශලධර්‍මයන් ඉපැදවීම පිණිස ඡන්‍දය උපදවයි, ව්‍යායාම කෙරෙයි, වීර්‍ය්‍යාරම්භ කෙරෙයි, සිත දැඩිකොටගනියි, ප්‍රධන්වීර්‍ය්‍යය කෙරේ. උපන් කුශලධර්‍මයන්ගේ පැවැත්ම පිණිස නො නැසීම පිණිස බහුල බව පිණිස විපුල බව පිණිස වැඩීම පිණිස පරිපූර්‍ණ වීම පිණිස ඡන්‍දය උපදවයි, ව්‍යායාම කෙරෙයි, වීර්‍ය්‍යාරම්භ කෙරෙයි, සිත දැඩිකොටගනියි, ප්‍රධන්වීර්‍ය්‍යය කෙරේ. මේ ‘සම්මාවායාම’ යි කියනු ලැබේ.
තත්‍ථ කතමා සම‍්මාසති: ඉධ භික‍්ඛු කායෙ කායානුපස‍්සී විහරති ආතාපී සම‍්පජානො සතිමා විනෙය්‍ය ලොකෙ අභිජ‍්ඣා දොමනස‍්සං, වෙදනාසු -පෙ- චිත‍්තෙ -පෙ- ධම‍්මෙසු ධම‍්මානුපස‍්සී විහරති ආතාපී සම‍්පජානො සතිමා විනෙය්‍ය ලොකෙ අභිජ‍්ඣා දොමනස‍්සං, අයං වුච‍්චති සම‍්මාසති.
එහි ‘සම්මාසති’ කවර යත්: මෙසස්නෙහි මහණ තෙම කෙලෙසුන් තවන වීර්‍ය්‍ය ඇත්තේ, සම්‍යක්ප්‍රඥා ඇත්තේ සිහි ඇත්තේ කායලෝකයෙහි අභිධ්‍යාව හා දොම්නස දුරු කොට කයෙහි කය අනුව බලමින් වාසය කෙරෙයි, වේදනාවන්හි … චිත්තයෙහි … ධර්‍මයන්හි කෙලෙසුන් තවන වැර ඇතියේ සම්‍යග්ඥාන ඇතියේ සිහි ඇතියේ (ස්කන්‍ධාදි ධර්‍ම සංඛ්‍යාත) ලෝකයෙහි අභිධ්‍යාව හා දොම්නස දුරු කොට ධර්‍මානුදර්ශී ව වාසය කෙරේ. මේ ‘සම්මාසති’ යි කියනු ලැබේ.
තත්‍ථ කතමො සම‍්මාසමාධි: ඉධ භික‍්ඛු විවිච‍්චෙ’ව කාමෙහි විවිච‍්ච අකුසලෙහි ධම‍්මෙහි සවිතක‍්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ඣානං උපසම‍්පජ‍්ජ විහරති, විතක‍්කවිචාරානං වූපසමා අජ‍්ඣත‍්තං සම‍්පසාදනං චෙතසො එකොදිභාවං අවිතක‍්කං අවිචාරං සාමාධිජං පීතිසුඛං දුතියං ඣානං උපසම‍්පජ‍්ජ විහරති, පීතියා ච විරාගා උපෙක‍්ඛකො ච විහරති සතො’ච සම‍්පජානො සුඛඤ‍්ච කායෙන පටිසංවෙදෙති යං තං අරියා ආචික‍්ඛන‍්ති උපෙක‍්ඛකො ච සතිමා සුඛවිහාරීති තං තතියං ඣානං උපසම‍්පජ‍්ජ විහරති, සුඛස‍්ස ච පහානා දුක‍්ඛස‍්ස ච පහානා පුබ‍්බෙ’ව සොමනස‍්සදොමනස‍්සානං අත්‍ථඞ‍්ගමා, අදුක‍්ඛමසුඛං උපෙක‍්ඛාසති පාරිසුද‍්ධිං චතුත්‍ථං ඣානං උපසම‍්පජ‍්ජ විහරති, අයං වුච‍්චති සම‍්මා සමාධි.
එහි ‘සම්මාසමාධි’ කවරෙ යත්: මෙසස්නෙහි මහණ තෙම කාමච්ඡන්‍දනීවරණයෙන් වෙන් ව ම (ශේෂනීවරණ සංඛ්‍යාත) අකුශලධර්‍මයන්ගෙන් වෙන් ව ම විතර්‍ක සහිත වූ විචාර සහිත වූ විවේකයෙන් උපන් ප්‍රීතිය හා සුඛය ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසෙයි, විතර්‍කවිචාරයන්ගේ ඉක්මැවීමෙන් අධ්‍යාත්මයෙහි පැහැදීම ඇති චිත්තයාගේ ඒකෝදිභාවය (එකඟ බව) ඇති අවිතර්‍ක වූ අවිචාර වූ සමාධියෙන් උපන් ප්‍රීතිය හා සුඛය ඇති ද්විතීයධ්‍යානයට පැමිණ වෙසෙයි. ප්‍රීතියගේ ද ඉක්මැවීමෙන් උපේක්‍ෂා ඇත්තේ වෙසෙයි, සිහි ඇතියේ සම්‍යග්ඥාන ඇතියේ නාමකයින් සුඛය ද විඳී. ආර්‍ය්‍යයෝ යම් ධ්‍යානයක් හේතුකොටගෙන උපේක්‍ෂා ඇත්තේ ස්මෘතිමත් වූයේ සුඛවිහරණ ඇතැ යි ප්‍රකාශ කෙරෙත් ද, ඒ තෘතීයධ්‍යානයට පැමිණ වෙසෙයි. සුඛයාගේ ද ප්‍රහාණයෙන් දුඃඛයාගේ ද ප්‍රහාණයෙන් පළමු (උපචාරක්‍ෂණයෙහි) ම සොම්නස්දොම්නසුන්ගේ ප්‍රහාණයෙන් දුක් නො වූ උපේක්‍ෂායෙන් උපන් ස්මෘතිපාරිශුද්ධිය ඇති චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ. මේ ‘සම්මාසමාධි’ යි කියනු ලැබේ.
ඉදං වුච‍්චති දුක‍්ඛනිරොධගාමිනී පටිපදාඅරියසච‍්චං.
මේ දුඃඛනිරෝධ ගාමිනීප්‍රතිපදාර්‍ය්‍යසත්‍යය යි කියනු ලැබේ.