යෙදුමෙන් කියවන්න

සුත‍්තන‍්තභාජනීයවණ‍්ණනා අට‍්ඨකථා

සූත්‍රාන්ත භාජනීය වර්ණනාව

ඉදානි තදනන‍්තරෙ සච‍්චවිභඞ‍්ගෙ චත‍්තාරීති ගණනපරිච‍්ඡෙදො. අරියසච‍්චානීති පරිච‍්ඡින‍්නධම‍්මනිදස‍්සනං. දුක‍්ඛං අරියසච‍්චන‍්තිආදිම‍්හි පන උද‍්දෙසවාරෙ –

අනතුරුව සත්‍ය විභංගයෙහි චත්තාරි ගණන වෙන්කිරීමය. අරිය සච්චානි සීමා කරගත් දහම් කොටසය. දුක්ඛං අරිය සච්චං ආදියේ උද්දේස වාරයෙහි:-

විභාගතො නිබ‍්බචන-ලක‍්ඛණාදිප‍්පභෙදතො; අත්‍ථත්‍ථුද‍්ධාරතො චෙව, අනූනාධිකතො තථා.

ලකුණු ඈ බෙදුමෙන් - නිරුවචන පිරියෙසුමෙන් අරුත් ඉදිරීමෙන් - අඩු වැඩි නැතිව එලෙසේ

කමතො අරියසච‍්චෙසු, යං ඤාණං තස‍්ස කිච‍්චතො; අන‍්තොගධානං පභෙදො, උපමාතො චතුක‍්කතො.

සිව්සස් පිළිවෙළින් - නැණ එහි වන කිස ලෙසින් බෙදුම් ඇතුළත් වන - උවමින් සතර වගුවෙන්

සුඤ‍්ඤතෙකවිධාදීහි, සභාගවිසභාගතො; විනිච‍්ඡයො වෙදිතබ‍්බො, විඤ‍්ඤුනා සාසනක‍්කමෙ.

එක්විදි හිස්බැවින් - ඈ සම විසම විලසින් දතයුතු විනිස මෙහි - වියතුන් සසුන් නයෙහි

තත්‍ථ ‘විභාගතො’ති දුක‍්ඛාදීනඤ‍්හි චත‍්තාරො චත‍්තාරො අත්‍ථා විභත‍්තා තථා අවිතථා අනඤ‍්ඤථා, යෙ දුක‍්ඛාදීනි අභිසමෙන‍්තෙහි අභිසමෙතබ‍්බා. යථාහ, “දුක‍්ඛස‍්ස පීළනට‍්ඨො, සඞ‍්ඛතට‍්ඨො, සන‍්තාපට‍්ඨො, විපරිණාමට‍්ඨො – ඉමෙ චත‍්තාරො දුක‍්ඛස‍්ස දුක‍්ඛට‍්ඨා තථා අවිතථා අනඤ‍්ඤථා. සමුදයස‍්ස ආයූහනට‍්ඨො, නිදානට‍්ඨො, සංයොගට‍්ඨො, පලිබොධට‍්ඨො…පෙ… නිරොධස‍්ස නිස‍්සරණට‍්ඨො, විවෙකට‍්ඨො, අසඞ‍්ඛතට‍්ඨො, අමතට‍්ඨො…පෙ… මග‍්ගස‍්ස නිය්‍යානට‍්ඨො, හෙත්‍වට‍්ඨො, දස‍්සනට‍්ඨො, ආධිපතෙය්‍යට‍්ඨො – ඉමෙ චත‍්තාරො මග‍්ගස‍්ස මග‍්ගට‍්ඨා තථා අවිතථා අනඤ‍්ඤථා”ති (පටි· ම· 2.8). තථා “දුක‍්ඛස‍්ස පීළනට‍්ඨො, සඞ‍්ඛතට‍්ඨො, සන‍්තාපට‍්ඨො, විපරිනාමට‍්ඨො, අභිසමයට‍්ඨො”ති (පටි· ම· 2.11) එවමාදි. ඉති එවං විභත‍්තානං චතුන‍්නං චතුන‍්නං අත්‍ථානං වසෙන දුක‍්ඛාදීනි වෙදිතබ‍්බානීති. අයං තාවෙත්‍ථ විභාගතො විනිච‍්ඡයො වෙදිතබ‍්බො.

එහි විභාග වශයෙන් දුක්ඛාදියෙහි සතර සතර වූ අර්ථ බෙදන ලදි. දුක්ඛාදිය අවබෝධ කරගන්නන් විසින් තථ අවිතථ අනඤ්ඤථ වශයෙන් අවබෝධ කළයුතුය. මෙසේ කීහ:- දුකෙහි පෙළීම් සංස්කරණය කිරීම් තැවීම් වෙනස්වීම් සතර අර්ථය සත්‍ය වේ. අසත්‍ය නොවේ. අන් පරිද්දකින් නොවේ. සමුදයෙහි රැස්කිරීම්, නිධාන, සංයෝග, පළිබෝධ අර්ථ, නිරෝධයෙහි නිදහස, විවේකය, අසංස්කරණය, අමෘතය, අර්ථ මාර්ගයෙහි පැමිණවීම්, හේතු, දර්ශන අර්ථ තථ අවිතථ අනඤ්ඤථ වශයෙන් අවබෝධ කළයුතුය. මේ සතර මාර්ගයෙහි මාර්ගස්ථ වූ සත්‍ය වූ අසත්‍ය නොවූ අන් ලෙස නොවූ යයි එසේම දුකෙහි පෙළීම් ආදිය සමුදයෙහි රැස්කිරීම් ආදිය නිරෝධයෙහි නිදහස ආදිය මාර්ගයෙහි පැමිණවීම් ආදිය යයි මේ ආදිය මෙසේ බෙදනලද සතර සතර අරුත් විසින් දතයුතුය. මෙසේ විභාග වශයෙන් දතයුතුය.

‘නිබ‍්බචනලක‍්ඛණාදිප‍්පභෙදතො’ති එත්‍ථ පන ‘නිබ‍්බචනතො’ තාව ඉධ ‘දු’ඉති අයං සද‍්දො කුච‍්ඡිතෙ දිස‍්සති; කුච‍්ඡිතඤ‍්හි පුත‍්තං දුපුත‍්තොති වදන‍්ති. ‘ඛං’සද‍්දො පන තුච‍්ඡෙ; තුච‍්ඡඤ‍්හි ආකාසං ඛන‍්ති වුච‍්චති. ඉදඤ‍්ච පඨමසච‍්චං කුච‍්ඡිතං අනෙකඋපද‍්දවාධිට‍්ඨානතො, තුච‍්ඡං බාලජනපරිකප‍්පිතධුවසුභසුඛත‍්තභාවවිරහිතතො. තස‍්මා කුච‍්ඡිතත‍්තා තුච‍්ඡත‍්තා ච දුක‍්ඛන‍්ති වුච‍්චති. ‘සං’ඉති ච අයං සද‍්දො “සමාගමො සමෙත”න‍්තිආදීසු (විභ· 199; දී· නි· 2.396) සංයොගං දීපෙති; ‘උ’ඉති අයං සද‍්දො “උප‍්පන‍්නං උදිත”න‍්තිආදීසු (පාරා· 172; චූළනි· ඛග‍්ගවිසාණසුත‍්තනිද‍්දෙස 141) උප‍්පත‍්තිං. ‘අය’සද‍්දො පන කාරණං දීපෙති. ඉදඤ‍්චාපි දුතියසච‍්චං අවසෙසපච‍්චයසමායොගෙ සති දුක‍්ඛස‍්සුප‍්පත‍්තිකාරණං. ඉති දුක‍්ඛස‍්ස සංයොගෙ උප‍්පත‍්තිකාරණත‍්තා දුක‍්ඛසමුදයන‍්ති වුච‍්චති.

නිර්වචන ලක්‍ෂණ ප්‍රභේද වශයෙන් මෙහි පළමුව:- දු යන මේ ශබ්දය නින්දිත යන්නෙහි, ‘ඛ’ ශබ්දය හිස්බවෙහි අහස මෙන් හිස්බව මෙහි පළමු සත්‍ය නින්දිත නොයෙක් උපද්‍රව සහිත හිස් මෝඩ මිනිසුන් හිතන ස්ථිර සැප ආත්ම රහිත බැවින්, නින්දිතබව හිස්බවද දුකයයි කියනු ලැබේ. ‘සං’ මේ ශබ්දය සමාගමෙහි, සමෙතං ආදියෙහි සංයෝගය දක්වයි. ‘උ’ ශබ්දය උදිතං ආදියෙහි ඉපදීම දක්වයි. ‘අය’ ශබ්දය හේතුව පෙන්වයි. මේ දෙවන සත්‍යය සෙසු ප්‍රත්‍ය සමායෝගය ඇතිවූ කල්හි දුක් ඉපදීමට හේතුවේ මෙසේ දුක් සංයෝගවීමට හේතුවන බැවින් දුක්ඛ සමුදය යයි කියනු ලැබේ.

තතියසච‍්චං පන යස‍්මා ‘නි’සද‍්දො අභාවං ‘රොධ’සද‍්දො ච චාරකං දීපෙති, තස‍්මා අභාවො එත්‍ථ සංසාරචාරකසඞ‍්ඛාතස‍්ස දුක‍්ඛරොධස‍්ස සබ‍්බගතිසුඤ‍්ඤත‍්තා, සමධිගතෙ වා තස‍්මිං සංසාරචාරකසඞ‍්ඛාතස‍්ස දුක‍්ඛරොධස‍්ස අභාවො හොති තප‍්පටිපක‍්ඛත‍්තාතිපි දුක‍්ඛනිරොධන‍්ති වුච‍්චති, දුක‍්ඛස‍්ස වා අනුප‍්පාදනිරොධපච‍්චයත‍්තා දුක‍්ඛනිරොධන‍්ති. චතුත්‍ථසච‍්චං පන යස‍්මා එතං දුක‍්ඛනිරොධං ගච‍්ඡති ආරම‍්මණවසෙන තදභිමුඛීභූතත‍්තා, පටිපදා ච හොති දුක‍්ඛනිරොධප‍්පත‍්තියා, තස‍්මා දුක‍්ඛනිරොධගාමිනී පටිපදාති වුච‍්චති.

තුන්වන සත්‍යයෙහි ‘නි’ ශබ්දය අභාවයෙහිද ‘රොධ’ ශබ්දය හසුරුවන අර්ථය දක්වයි. එහෙයින් මෙහි සසර හැසිරවීම් සංඛ්‍යාත දුක්ඛ රෝධයේ අභාවය වේ. සියළු ගති ශූන්‍යභාවයෙන් හෝ සංසිඳීමෙන් හෝ ඒනිසා සසර හසුරුවන දුක්රෝධයේ අභාවය වේ. ඊට ප්‍රතිපක්‍ෂභාවයෙන් දුක්ඛ නිරෝධ යයි කියනු ලැබේ. දුකේ නොඉපදීම නිරෝධයට ප්‍රත්‍ය වන බැවින් දුක්ඛ නිරෝධ වේ. සතරවන සත්‍යය, යමකින් මේ දුක්ඛ නිරෝධයට යයිද අරමුණු වශයෙන් ඊට අභිමුඛ බැවින් දුක්ඛ නිරෝධයට පැමිණීමේ ප්‍රතිපදාවද වේ. එහෙයින් දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාවයයි කියනු ලැබේ.

යස‍්මා පනෙතානි බුද‍්ධාදයො අරියා පටිවිජ‍්ඣන‍්ති, තස‍්මා අරියසච‍්චානීති වුච‍්චන‍්ති. යථාහ – “චතාරිමානි, භික‍්ඛවෙ, අරියසච‍්චානි (සං· නි· 5.1097). කතමානි…පෙ… ඉමානි ඛො, භික‍්ඛවෙ, චත‍්තාරි අරියසච‍්චානි. අරියා ඉමානි පටිවිජ‍්ඣන‍්ති, තස‍්මා අරියසච‍්චානීති වුච‍්චන‍්තී”ති. අපිච අරියස‍්ස සච‍්චානීතිපි අරියසච‍්චානි. යථාහ – “සදෙවකෙ, භික‍්ඛවෙ, ලොකෙ…පෙ… සදෙවමනුස‍්සාය තථාගතො අරියො, තස‍්මා අරියසච‍්චානීති වුච‍්චන‍්තී”ති. අථ වා එතෙසං අභිසම‍්බුද‍්ධත‍්තා අරියභාවසිද‍්ධිතොපි අරියසච‍්චානි. යථාහ – “ඉමෙසං ඛො, භික‍්ඛවෙ, චතුන‍්නං අරියසච‍්චානං යථාභූතං අභිසම‍්බුද‍්ධත‍්තා තථාගතො අරහං සම‍්මාසම‍්බුද‍්ධො ‘අරියො’ති වුච‍්චතී”ති. අපිච ඛො පන අරියානි සච‍්චානීතිපි අරියසච‍්චානි; අරියානීති තථානි අවිතථානි අවිසංවාදකානීති අත්‍ථො. යථාහ – “ඉමානි ඛො, භික‍්ඛවෙ, චත‍්තාරි අරියසච‍්චානි තථානි අවිතථානි අනඤ‍්ඤථානි, තස‍්මා අරියසච‍්චානීති වුච‍්චන‍්තී”ති. එවමෙත්‍ථ නිබ‍්බචනතො විනිච‍්ඡයො වෙදිතබ‍්බො.

එහෙයින් කීහ:- චත්තාරිමානි භික්ඛවෙ අරියසච්චානි කතමානි......... ඉමානි ඛො භික්ඛවෙ චත්තාරි අරිය සච්චානි, අරියා ඉමානි සච්චානි පටිවජ්ජන්ති, තස්මා අරිය සච්චානීති වුච්චන්ති! මහණෙනි, මේ ආර්ය සත්‍යයෝ සතර දෙනෙක් වෙති. කවරේද?......මහණෙනි, මේ ආර්ය සත්‍යයෝ සතරදෙනා වෙති. ආර්යයෝ මේවා අවබෝධ කරති. එහෙයින් ආර්ය සත්‍යයයි කියනු ලැබේ. තවද ආර්යයන්ගේ සත්‍යයයි ආර්ය සත්‍ය වේ. යම්සේ කීහ:- “සදෙවකෙ භික්ඛවෙ ලොකෙ........ මනුස්සාය තථාගතො අරියො තස්මා අරියසච්චානීති වුච්චන්ති” මහණෙනි, දෙවියන් සහිත ලෝකයෙහි...... මිනිසාට තථාගතයන් වහන්සේ ආර්ය වන සේක. එහෙයින් ආර්ය සත්‍යයයි කියනු ලැබේ. එසේ නැතහොත් මේවා අවබෝධ කළබැවින් ආර්යභාවය සිද්ධවූ බැවින් ආර්ය සත්‍ය වේ. යම්සේ කීහ:- “මහණෙනි, මේ චතුරාර්ය සත්‍ය ඇතිසැටියේ අවබෝධ කළබැවින් තථාගතයන් වහන්සේ අර්හත් සම්මා සම්බුද්ධ ආර්යයෝ යයි කියනු ලැබේ. තවද ආර්ය වූ සත්‍ය නිසා ආර්ය සත්‍ය යයි කියනු ලැබේ. අරිය යනු සත්‍ය වූ වෙනස් නොවන්නා වූ අසත්‍ය නොවේ යන අර්ථයයි. එහෙයින් කීහ. මහණෙනි, මේ ආර්ය සත්‍ය සත්‍ය වේ. අසත්‍ය නොවේ වෙනස් නොවේ. එනිසා ආර්ය සත්‍යයයි කියනු ලැබේ. මෙසේ මෙහි නිර්වචන විනිස දැනගත යුතුය.

කථං ‘ලක‍්ඛණාදිප‍්පභෙදතො’? එත්‍ථ හි බාධනලක‍්ඛණං දුක‍්ඛසච‍්චං, සන‍්තාපනරසං, පවත‍්තිපච‍්චුපට‍්ඨානං. පභවලක‍්ඛණං සමුදයසච‍්චං, අනුපච‍්ඡෙදකරණරසං, පලිබොධපච‍්චුපට‍්ඨානං. සන‍්තිලක‍්ඛණං නිරොධසච‍්චං, අච‍්චුතිරසං, අනිමිත‍්තපච‍්චුපට‍්ඨානං . නිය්‍යානලක‍්ඛණං මග‍්ගසච‍්චං, කිලෙසප‍්පහානකරණරසං, වුට‍්ඨානපච‍්චුපට‍්ඨානං. අපිච පවත‍්තිපවත‍්තකනිවත‍්තිනිවත‍්තකලක‍්ඛණානි පටිපාටියා. තථා සඞ‍්ඛතතණ‍්හාඅසඞ‍්ඛතදස‍්සනලක‍්ඛණානි චාති එවමෙත්‍ථ ‘ලක‍්ඛණාදිප‍්පභෙදතො’ විනිච‍්ඡයො වෙදිතබ‍්බො.

ලක්‍ෂණාදි ප්‍රභේද වහයෙන් කෙසේද? මෙහි දුක්ඛ සත්‍යයේ ලක්‍ෂණය පෙළීමය, එහි කෘත්‍යය තැවීමය, වැටහෙන ආකාරය පැවතීමය. සමුදය සත්‍යයෙහි ලක්‍ෂණය ප්‍රභව යයි. කෘත්‍යය සිඳදැමීම් කරණයයි. වැටහෙන ආකාරය පළිබෝධය. නිරෝධ සත්‍යයේ ලක්‍ෂණය සාන්ත බවය. කෘත්‍යය චුතිය නැතිකිරීමය, වැටහෙන ආකාරය නිමිති නැතිකමය. මාර්ග සත්‍යයේ ලක්‍ෂණය පැමිණවීමය. රසය කෙලෙස් නැතිකිරීමය, වැටහෙන ආකාරය ක්‍රියාත්මක වීමය. තවද පැවැත්ම පවත්වන්නා නැවැත්ම නවත්වන්නා පිළිවෙලින් ලක්‍ෂණ වශයෙන්ද සංඛත තෘෂ්ණාව අසංඛත නිවන ලක්‍ෂණ වශයෙන්දැයි මෙසේ මෙහි ලක්‍ෂණාදි ප්‍රභේද වශයෙන් විනිස දතයුතුය.

‘අත්‍ථත්‍ථුද‍්ධාරතො චෙවා’ති එත්‍ථ පන අත්‍ථතො තාව කො සච‍්චට‍්ඨොති චෙ? යො පඤ‍්ඤාචක‍්ඛුනා උපපරික‍්ඛමානානං මායාව විපරීතකො, මරීචීව විසංවාදකො, තිත්‍ථියානං අත‍්තාව අනුපලබ‍්භසභාවො ච න හොති; අථ ඛො බාධනපභවසන‍්තිනිය්‍යානප‍්පකාරෙන තච‍්ඡාවිපරීතභූතභාවෙන අරියඤාණස‍්ස ගොචරො හොතියෙව; එස අග‍්ගිලක‍්ඛණං විය, ලොකපකති විය ච තච‍්ඡාවිපරීතභූතභාවො සච‍්චට‍්ඨොති වෙදිතබ‍්බො. යථාහ – “ඉදං දුක‍්ඛන‍්ති ඛො, භික‍්ඛවෙ, තථමෙතං අවිතථමෙතං අනඤ‍්ඤථමෙත”න‍්ති (සං· නි· 5.1090) විත්‍ථාරො. අපිච –

අර්ථ උදුරා දැක්වීම් වශයෙන් පළමුව අර්ථ වශයෙන්:- සත්‍යාර්ථය කවරේද? යමෙක් නුවණැසින් පරීක්‍ෂා කරන්නේ මායාව මෙන් මිරිඟුව මෙන් වෙනස්වන, තීර්ථකයින්ගේ ආත්මය මෙන් මුළාකරන නොලැබෙන තත්ත්වයක්ද නොවේ. බාධාකිරීම් ප්‍රභව ශාන්තිය පමුණුවන වෙනස් නොවූ ආකාරයෙන් සත්‍ය වූ ආර්ය ඤාණයට ගෝචර වේ. මෙය ගිනි ලක්‍ෂණය මෙන් ලෝක ප්‍රකෘතිය මෙන්ද විපරීත නොවන නිසා සත්‍ය වූ සත්‍යාර්ථය දැනගත යුතුය. කීහ:- මහණෙනි, මෙය දුකය, මෙය සත්‍යය, මෙය අසත්‍යය නොවේ. මෙය වෙනස් නොවේ. තවද:-

නාබාධකං යතො දුක‍්ඛං, දුක‍්ඛා අඤ‍්ඤං න බාධකං; බාධකත‍්තනියාමෙන, තතො සච‍්චමිදං මතං.

බාදක නැත දුකට - පරහට දුකෙන් එලෙසම නියාමය බාදක - එයින් සස් යයි දන්නේ

තං විනා නාඤ‍්ඤතො දුක‍්ඛං, න හොති න ච තං තතො; දුක‍්ඛහෙතුනියාමෙන, ඉති සච‍්චං විසත‍්තිකා.

එය හැර නොවේ දුක් - නැත කිසිවක් නැතිව එය දුක් හේතුව එයයි - මෙසේ සමුදය නම් වේ.

නාඤ‍්ඤා නිබ‍්බානතො සන‍්ති, සන‍්තං න ච න තං යතො; සන‍්තභාවනියාමෙන, තතො සච‍්චමිදං මතං.

හැර නිවන සෙත් නැත - නැත සෙත් එයින් අනිකක් සෙත්බව් නියාමය - මෙසස් නිවනයි දන්නේ

මග‍්ගා අඤ‍්ඤං න නිය්‍යානං, අනිය්‍යානො න චාපි සො; තච‍්ඡනිය්‍යානභාවත‍්තා, ඉති සො සච‍්චසම‍්මතො.

යවන අන් මග නැත - එය නොයවන්නෙද නොවේ සස් යැවෙන බවකින් - සස් සම්මුතිය වන්නේ

ඉති තච‍්ඡාවිපල‍්ලාස-භූතභාවං චතූසුපි; දුක‍්ඛාදීස‍්වවිසෙසෙන, සච‍්චට‍්ඨං ආහු පණ‍්ඩිතාති.

මෙසස් නොවෙනස් වන - ඇතිවේමය සතරෙහිද දුක් ඇහි නො වෙසෙස් - කීහ පඬිවරු සසරුත

එවං ‘අත්‍ථතො’ විනිච‍්ඡයො වෙදිතබ‍්බො.

මෙසේ අරුත් වශයෙන් විනිස දතයුතුය.

කථං ‘අත්‍ථුද‍්ධාරතො’? ඉධායං ‘සච‍්ච’සද‍්දො අනෙකෙසු අත්‍ථෙසු දිස‍්සති, සෙය්‍යථිදං – “සච‍්චං භණෙ, න කුජ‍්ඣෙය්‍යා”තිආදීසු (ධ· ප· 224) වාචාසච‍්චෙ. “සච‍්චෙ ඨිතා සමණබ්‍රාහ‍්මණා චා”තිආදීසු (ජා· 2.21.433) විරතිසච‍්චෙ. “කස‍්මා නු සච‍්චානි වදන‍්ති නානා, පවාදියාසෙ කුසලාවදානා”තිආදීසු (සු· නි· 891) දිට‍්ඨිසච‍්චෙ. “එකඤ‍්හි සච‍්චං න දුතියමත්‍ථී”තිආදීසු (සු· නි· 890) පරමත්‍ථසච‍්චෙ නිබ‍්බානෙ චෙව මග‍්ගෙ ච. “චතුන‍්නං අරියසච‍්චානං කති කුසලා”තිආදීසු (විභ· 216) අරියසච‍්චෙ. ස‍්වායමිධාපි අරියසච‍්චෙ වත‍්තතීති එවමෙත්‍ථ ‘අත්‍ථුද‍්ධාරතො’පි විනිච‍්ඡයො වෙදිතබ‍්බො.

අරුත් ඉදිරීම් වශයෙන් කෙසේද? මෙහි මේ සච්ච ශබ්දය නොයෙක් අර්ථවල දක්නා ලැබේ. කෙසේද යත්? සත්‍ය කියන්න. නොකිපෙන්න ආදියෙහි වාක් සත්‍යයෙහිද මහණ බමුණෝ සත්‍යයෙහි සිටියහ. ආදියෙහි වෙන්වීමෙහිද නොයෙක් සත්‍ය කුමට කියත්ද? කුසල් සිරිතම කියන්න. ආදියෙහි දෘෂ්ටයෙහිද සත්‍යය එකක්මය, දෙකක් නැත. ආදියෙහි පරම සත්‍ය වූ නිවනෙහි මෙන්ම මාර්ගයෙහිද සිව් අරිය සස්වල කුසල් කෙතෙක්ද? ආදියෙහි ආර්ය සත්‍යයෙහිද එයද මෙහි ආර්ය සත්‍යයෙහි වැටේ යයි මෙසේ මෙහි අරුත් ඉදිරීමෙහි විනිස දතයුතුය.

‘අනූනාධිකතො’ති කස‍්මා පන චත‍්තාරෙව අරියසච‍්චානි වුත‍්තානි, අනූනානි අනධිකානීති චෙ? අඤ‍්ඤස‍්සාසම‍්භවතො, අඤ‍්ඤතරස‍්ස ච අනපනෙය්‍යභාවතො; න හි එතෙහි අඤ‍්ඤං අධිකං වා එතෙසං වා එකම‍්පි අපනෙතබ‍්බං සම‍්භොති. යථාහ – “ඉධ, භික‍්ඛවෙ, ආගච‍්ඡෙය්‍ය සමණො වා බ්‍රාහ‍්මණො වා ‘නෙතං දුක‍්ඛං අරියසච‍්චං, අඤ‍්ඤං දුක‍්ඛං අරියසච‍්චං යං සමණෙන ගොතමෙන දෙසිතං. අහමෙතං දුක‍්ඛං අරියසච‍්චං ඨපෙත්‍වා අඤ‍්ඤං දුක‍්ඛං අරියසච‍්චං පඤ‍්ඤපෙස‍්සාමී’ති නෙතං ඨානං විජ‍්ජතී”තිආදි. යථා චාහ – “යො හි කොචි, භික‍්ඛවෙ, සමණො වා බ්‍රාහ‍්මණො වා එවං වදෙය්‍ය ‘නෙතං දුක‍්ඛං පඨමං අරියසච‍්චං, යං සමණෙන ගොතමෙන දෙසිතං. අහමෙතං දුක‍්ඛං පඨමං අරියසච‍්චං පච‍්චක‍්ඛාය අඤ‍්ඤං දුක‍්ඛං පඨමං අරියසච‍්චං පඤ‍්ඤපෙස‍්සාමී’ති නෙතං ඨානං විජ‍්ජතී”තිආදි (සං· නි· 5.1086).

අඩුවැඩි නොවීම් වශයෙන් ආර්ය සත්‍ය සතරක්ම කියන ලද්දේ කුමක් නිසාද? අනිකකින් සම්භව නොවන නිසාත් අනිකකට ඉවත් නොකළහැකි නිසාත් මේවායින් අධික එකක් හෝ මේවායේ එකක්වත් අඩුවැඩි වශයෙන් වෙනස් නොකළ හැකි නිසාත් වේ. එයින් කීහ:- මහණෙනි, මෙහි ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් එන්නේය. ශ්‍රමණ භවත් ගෞතමයන් දෙසනලද මෙය දුක්ඛාර්ය සත්‍ය නොවේ. දුක්ඛාර්ය සත්‍ය අනිකකි, මේ දුක්ඛාර්ය සත්‍ය හැර වෙනත් දුක්ඛාර්ය සත්‍යයක් මම පනවමියි. කියා නම් එය සිදුනොවේ. මෙයද ශ්‍රමණ ගෞතමයන් දෙසූ ප්‍රථම දුක්ඛාර්ය සත්‍ය මෙය නොවේ, මේ දුක්ඛාර්ය සත්‍ය ඉවත්කොට වෙනත් දුක්ඛාර්ය සත්‍යයක් මම පනවමියි ශ්‍රමණයෙක් හෝ බ්‍රාහ්මණයෙක් කියන්නේද එය සිදු නොවේ.

අපිච පවත‍්තිමාචික‍්ඛන‍්තො භගවා සහෙතුකං ආචික‍්ඛි, නිවත‍්තිඤ‍්ච සඋපායං. ඉති පවත‍්තිනිවත‍්තිතදුභයහෙතූනං එතප‍්පරමතො චත‍්තාරෙව වුත‍්තානි. තථා පරිඤ‍්ඤෙය්‍ය පහාතබ‍්බ සච‍්ඡිකාතබ‍්බ භාවෙතබ‍්බානං, තණ‍්හාවත්‍ථුතණ‍්හාතණ‍්හානිරොධතණ‍්හානිරොධුපායානං, ආලයාලයරාමතාආලයසමුග‍්ඝාතආලයසමුග‍්ඝාතූපායානඤ‍්ච වසෙනාපි චත‍්තාරෙව වුත‍්තානීති. එවමෙත්‍ථ ‘අනූනාධිකතො’ විනිච‍්ඡයො වෙදිතබ‍්බො.

තවද භාග්‍යවතුන් වහන්සේ පැවැත්ම සහේතුකවම කීහ. උපාය සහිතව නැවැත්මද කීහ. මෙසේ පැවැත්ම නැවැත්ම ඒ දෙකෙහි හේතු මේවා පරම යයි සතරක්ම කියන ලදි. එසේම දැනගත යුතු ප්‍රහාණය කළයුතු අවබෝධ කළයුතු වැඩිය යුතු, තෘෂ්ණාවස්තු තෘෂ්ණාව තෘෂ්ණා නිරෝධය තෘෂ්ණා නිරෝධ උපාය, ඇලීම ඇලීමෙහි ගැලෙන බව ඇලීමෙහි විනාශය ඇලීම විනාශ කරන උපාය වශයෙන්ද සතරක්ම කියන ලදි. මෙසේ මෙහි අඩුවැඩි නොවීම් වශයෙන් විනිස දතයුතුය.

‘කමතො’ති අයම‍්පි දෙසනාක‍්කමොව. එත්‍ථ ච ඔළාරිකත‍්තා සබ‍්බසත‍්තසාධාරණත‍්තා ච සුවිඤ‍්ඤෙය්‍යන‍්ති දුක‍්ඛසච‍්චං පඨමං වුත‍්තං, තස‍්සෙව හෙතුදස‍්සනත්‍ථං තදනන‍්තරං සමුදයසච‍්චං, හෙතුනිරොධා ඵලනිරොධොති ඤාපනත්‍ථං තතො නිරොධසච‍්චං, තදධිගමුපායදස‍්සනත්‍ථං අන‍්තෙ මග‍්ගසච‍්චං. භවසුඛස‍්සාදගධිතානං වා සත‍්තානං සංවෙගජනනත්‍ථං පඨමං දුක‍්ඛමාහ. තං නෙව අකතං ආගච‍්ඡති, න ඉස‍්සරනිම‍්මානාදිතො හොති, ඉතො පන හොතීති ඤාපනත්‍ථං තදනන‍්තරං සමුදයං. තතො සහෙතුකෙන දුක‍්ඛෙන අභිභූතත‍්තා සංවිග‍්ගමානසානං දුක‍්ඛනිස‍්සරණගවෙසීනං නිස‍්සරණදස‍්සනෙන අස‍්සාසජනනත්‍ථං නිරොධං. තතො නිරොධාධිගමත්‍ථං නිරොධසම‍්පාපකං මග‍්ගන‍්ති එවමෙත්‍ථ ‘කමතො’ විනිච‍්ඡයො වෙදිතබ‍්බො.

පිළිවෙල වශයෙන් මෙයද දේශනා ක්‍රමයකි. මෙහිද ඕලාරික බව සියළු සතුන්ට සාධාරණ බව පහසුවෙන් දැනගත හැකියයි දුක්ඛ සත්‍යය පළමුවෙන් කියන ලදි. එහිම හේතු දැක්වීම පිණිස ඊට අනතුරුව සමුදය සත්‍යයද හේතු නිරෝධයෙන් ඵල නිරෝධය වේයයි දැනවීම සඳහා නිරෝධ සත්‍යයද එය අවබෝධ කරගැනීමේ මාර්ගය දැක්වීම සඳහා අවසානයේ මාර්ග සත්‍යයද බව සැපයෙහි ඇලුනු සත්ත්වයින්ට සංවේග දැනවීම සඳහා පළමුව දුක්ඛ සත්‍ය කීහ. නොකළ දෙයින් එය නොපැමිණේ. ඊශ්වර නිර්මාණ ආදියක් නොවේ. මෙයින් සිදුවීයයි දැනවීම සඳහා ඉන් අනතුරුව සමුදය ද ඉන්පසු සහේතුකව දුකින් මැඩගත් නිසා කලකිරුණු සිත් ඇති දුකින් ඉවත්වම ගවේෂණය කරන්නාට ගැලවීම දැකීමෙන් ආශ්වාදනය ඇතිකිරීම සඳහා නිරෝධයද ඉක්බිති නිරෝධ අධිගමනය කරන මාර්ගයද දක්වන ලදි. මෙය මෙහි ක්‍රම වශයෙන් විනිස දතයුතුය.

‘අරියසච‍්චෙසු යං ඤාණං තස‍්ස කිච‍්චතො’ති සච‍්චඤාණකිච‍්චතොපි විනිච‍්ඡයො වෙදිතබ‍්බොති අත්‍ථො. දුවිධඤ‍්හි සච‍්චඤාණං – අනුබොධඤාණඤ‍්ච පටිවෙධඤාණඤ‍්ච. තත්‍ථ අනුබොධඤාණං ලොකියං අනුස‍්සවාදිවසෙන නිරොධෙ මග‍්ගෙ ච පවත‍්තති. පටිවෙධඤාණං ලොකුත‍්තරං නිරොධාරම‍්මණං කත්‍වා කිච‍්චතො චත‍්තාරිපි සච‍්චානි පටිවිජ‍්ඣති. යථාහ – “යො, භික‍්ඛවෙ, දුක‍්ඛං පස‍්සති දුක‍්ඛසමුදයම‍්පි සො පස‍්සති, දුක‍්ඛනිරොධම‍්පි පස‍්සති, දුක‍්ඛනිරොධගාමිනිං පටිපදම‍්පි පස‍්සතී”ති (සං· නි· 5.1100) සබ‍්බං වත‍්තබ‍්බං. යං පනෙතං ලොකියං, තත්‍ථ දුක‍්ඛඤාණං පරියුට‍්ඨානාභිභවනවසෙන පවත‍්තමානං සක‍්කායදිට‍්ඨිං නිවත‍්තෙති, සමුදයඤාණං උච‍්ඡෙදදිට‍්ඨිං, නිරොධඤාණං සස‍්සතදිට‍්ඨිං, මග‍්ගඤාණං අකිරියදිට‍්ඨිං; දුක‍්ඛඤාණං වා ධුවසුභසුඛත‍්තභාවරහිතෙසු ඛන්‍ධෙසු ධුවසුභසුඛත‍්තභාවසඤ‍්ඤාසඞ‍්ඛාතං ඵලෙ විප‍්පටිපත‍්තිං, සමුදයඤාණං ඉස‍්සරප‍්පධානකාලසභාවාදීහි ලොකො පවත‍්තතීති අකාරණෙ කාරණාභිමානප‍්පවත‍්තං හෙතුම‍්හි විප‍්පටිපත‍්තිං, නිරොධඤාණං අරූපලොකලොකථූපිකාදීසු අපවග‍්ගග‍්ගාහභූතං නිරොධෙ විප‍්පටිපත‍්තිං, මග‍්ගඤාණං කාමසුඛල‍්ලිකඅත‍්තකිලමථානුයොගප‍්පභෙදෙ අවිසුද‍්ධිමග‍්ගෙ විසුද‍්ධිමග‍්ගග‍්ගාහවසෙන පවත‍්තං උපායෙ විප‍්පටිපත‍්තිං නිවත‍්තෙති. තෙනෙතං වුච‍්චති –

ආර්ය සත්‍යවල යම් ඤාණයක් වේද එහි කිස යයිද සත්‍ය ඤාණයේ කිසදැයි විනිස දැනගත යුතුය. අනුබෝධ ඤාණය පටිවේධ ඤාණය යයි ඤාණය දෙයාකාරය. එහි අනුබෝධ ඤාණය ලෞකික ඇසීම් වශයෙන් මාර්ගයෙහිද නිරෝධයෙහිද වේ. පටිවේධ ඤාණය ලෝකෝත්තරය. නිරෝධය අරමුණුකොට කෘත්‍ය වශයෙන් සත්‍ය සතර අවබෝධ කරයි. යම්සේ කීහ:- මහණෙනි, යමෙක් දුක දකීද දුක්ඛ සමුදයද හේ දකී. දුක්ඛ නිරෝධයද දකී. දුක්ඛනිරෝධගාමිනී ප්‍රතිපදාවද දකීයයි සියල්ල කිවයුතුය. යමක් වනාහි ලෞකිකද එහි දුක්ඛ ඤාණය නැගී සිටීම් ප්‍රවේශවීම් වශයෙන් පවතින සක්කාය දිට්ඨිය නවත්වයි. සමුදය ඤාණය උච්ඡේද දෘෂ්ටියද නිරෝධ ඤාණය සාස්වත දෘෂ්ටියද මාර්ග ඤාණය අකිරිය දෘෂ්ටියද නවත්වයි. දුක්ඛ ඤාණය නිත්‍ය සැප ආත්ම විරහිත ස්කන්ධවල නිත්‍ය සැප ආත්ම සංඥාව සංඛ්‍යාත ඵලයෙහි වැරදි ප්‍රතිපත්තියද සමුදය ඤාණය ඊශ්වර ප්‍රධාන කාලස්වභාව ආදියෙන් ලෝකය පවත්නේය යන අහේතුවෙහි හේතුව යන මානය පවතින වැරදි ප්‍රතිපත්තියද නිරෝධ ඤාණය අරූප ලෝක මුදුන්වල මිදීම යන නිරෝධයෙහි වැරදි ප්‍රතිපත්තියද මාර්ග ඤාණය කාමසුඛල්ලික අත්තකිලමථ යෝගයෙහි අපිරිසිදු මාර්ගයෙහි පිරිසිදු මාර්ගයයි ගැනීම් වශයෙන් පවතින උපායෙහි වැරදි ප්‍රතිපත්තියද නවත්වයි. එයින් කියන ලදි:-

ලොකෙ ලොකප‍්පභවෙ, ලොකත්‍ථගමෙ සිවෙ ච තදුපායෙ; සම‍්මුය‍්හති තාව නරො, න විජානාති යාව සච‍්චානීති.

ලොව ලොව පබව ලෝ - නැතිවන සුව එහි උපා මුළාවන තුරු ඔහු - නො දකිත් සස් එතෙක් කල්

එවමෙත්‍ථ ‘ඤාණකිච‍්චතො’පි විනිච‍්ඡයො වෙදිතබ‍්බො.

මෙසේ මෙහි ඤාණ කෘත්‍ය වශයෙන් විනිශ්චය දතයුතුය.

‘අන‍්තොගධානං පභෙදා’ති දුක‍්ඛසච‍්චස‍්මිඤ‍්හි, ඨපෙත්‍වා තණ‍්හඤ‍්චෙව අනාසවධම‍්මෙ ච, සෙසා සබ‍්බධම‍්මා අන‍්තොගධා; සමුදයසච‍්චෙ ඡත‍්තිංස තණ‍්හාවිචරිතානි; නිරොධසච‍්චං අසම‍්මිස‍්සං; මග‍්ගසච‍්චෙ සම‍්මාදිට‍්ඨිමුඛෙන වීමංසිද‍්ධිපාදපඤ‍්ඤින්‍ද්‍රියපඤ‍්ඤාබලධම‍්මවිචයසම‍්බොජ‍්ඣඞ‍්ගානි. සම‍්මාසඞ‍්කප‍්පාපදෙසෙන තයො නෙක‍්ඛම‍්මවිතක‍්කාදයො, සම‍්මාවාචාපදෙසෙන චත‍්තාරි වචීසුචරිතානි, සම‍්මාකම‍්මන‍්තාපදෙසෙන තීණි කායසුචරිතානි, සම‍්මාආජීවමුඛෙන අප‍්පිච‍්ඡතා සන‍්තුට‍්ඨිතා ච, සබ‍්බෙසංයෙව වා එතෙසං සම‍්මාවාචාකම‍්මන‍්තාජීවානං අරියකන‍්තසීලත‍්තා සීලස‍්ස ච සද‍්ධාහත්‍ථෙන පටිග‍්ගහෙතබ‍්බත‍්තා තෙසං අත්‍ථිතාය ච අත්‍ථිභාවතො සද‍්ධින්‍ද්‍රියසද‍්ධාබලඡන්‍දිද‍්ධිපාදා, සම‍්මාවායාමාපදෙසෙන චතුබ‍්බිධසම‍්මප‍්පධානවීරියින්‍ද්‍රියවීරියබලවීරියසම‍්බොජ‍්ඣඞ‍්ගානි, සම‍්මාසතිඅපදෙසෙන චතුබ‍්බිධසතිපට‍්ඨානසතින්‍ද්‍රියසතිබලසතිසම‍්බොජ‍්ඣඞ‍්ගානි, සම‍්මාසමාධිඅපදෙසෙන සවිතක‍්කසවිචාරාදයො තයො තයො සමාධී, චිත‍්තසමාධිසමාධින්‍ද්‍රියසමාධිබලපීතිපස‍්සද‍්ධිසමාධිඋපෙක‍්ඛාසම‍්බොජ‍්ඣඞ‍්ගානි අන‍්තොගධානීති. එවමෙත්‍ථ ‘අන‍්තොගධානං පභෙදා’පි විනිච‍්ඡයො වෙදිතබ‍්බො.

ඇතුළත් ප්‍රභේද වශයෙන් දුක්ඛ සත්‍යයෙහි තෘෂ්ණාවද අනාශ්‍රව ධර්මයන්ද හැර සෙසු සියළු ධර්ම ඇතුළත් වේ. සමුදය සත්‍යයෙහි සතිසක් වූ තෘෂ්ණාව හැසිරේ. නිරෝධ සත්‍යය අසම්මිශ්‍රය. මාර්ග සත්‍යයෙහි සම්‍යක් දෘෂ්ටි මුඛයෙන් විමංසා ඉද්ධිපාදය පඤ්ඤා ඉන්‍ද්‍රිය පඤ්ඤා බලය ධම්මවිචය සම්බොජ්ඣංගය සම්මා සංකප්පයේ නෙක්ඛම්මාදි කල්පනා තුන සම්මා වාචාහි වචී සුචරිත සතර සම්මා කම්මන්තවල කාය සුචරිත තුන සම්මා ආජීවයෙන් අපිස් සතොස් බවද ඒවා ඇතුළත් ආර්ය සීලයද සද්ධින්‍ද්‍රිය සද්ධාබල ඡන්‍දිද්ධිපාද සම්මා වායාම වශයෙන් සම්මප්පධාන වීර්යද විරියින්‍ද්‍රිය විරියබල විරිය සම්බොජ්ඣංගයද සම්මා සතිවලින් සතර සතිපට්ඨාන සතින්‍ද්‍රිය සතිබල සතිසම්බොජ්ඣංගයද සම්මා සමාධියෙන් විතක්ක විචාරාදි සමාධි තුන චිත්ත සමාධිය සමාධින්‍ද්‍රිය සමාධිබල පීති පස්සද්ධි සමාධි උපෙක්ඛා සම්බොජ්ඣංගයද ඇතුළත් වේ. මෙසේ මෙහි ඇතුළත් ප්‍රභේද දතයුතුය.

‘උපමාතො’ති භාරො විය හි දුක‍්ඛසච‍්චං දට‍්ඨබ‍්බං, භාරාදානමිව සමුදයසච‍්චං, භාරනික‍්ඛෙපනමිව නිරොධසච‍්චං, භාරනික‍්ඛෙපනූපායො විය මග‍්ගසච‍්චං; රොගො විය ච දුක‍්ඛසච‍්චං, රොගනිදානමිව සමුදයසච‍්චං, රොගවූපසමො විය නිරොධසච‍්චං, භෙසජ‍්ජමිව මග‍්ගසච‍්චං; දුබ‍්භික‍්ඛමිව වා දුක‍්ඛසච‍්චං, දුබ‍්බුට‍්ඨි විය සමුදයසච‍්චං, සුභික‍්ඛමිව නිරොධසච‍්චං , සුවුට‍්ඨි විය මග‍්ගසච‍්චං. අපිච වෙරීවෙරමූලවෙරසමුග‍්ඝාතවෙරසමුග‍්ඝාතුපායෙහි, විසරුක‍්ඛරුක‍්ඛමූලමූලුපච‍්ඡෙදතදුපච‍්ඡෙදුපායෙහි, භයභයමූලනිබ‍්භයතදධිගමුපායෙහි, ඔරිමතීරමහොඝපාරිමතීරතංසම‍්පාපකවායාමෙහි ච යොජෙත්‍වාපෙතානි උපමාතො වෙදිතබ‍්බානීති. එවමෙත්‍ථ ‘උපමාතො’ විනිච‍්ඡයො වෙදිතබ‍්බො.

උපමා වශයෙන් දුක්ඛ සත්‍යය බරක් මෙන් දැක්ක යුතුය. සමුදය සත්‍යය බර දෙන්නා ලෙසද නිරෝධ සත්‍යය බර බහාතැබීම මෙන්ද මාර්ග සත්‍යය බර බහාතබන උපාය මෙන්ද දුක්ඛ සත්‍යය රෝගයක් මෙන්ද සමුදය සත්‍යය රෝග නිදානය මෙන්ද නිරෝධ සත්‍යය රෝග ව්‍යපසමනය මෙන්ද මාර්ග සත්‍යය බෙහෙත් මෙන්ද දුක්ඛ සත්‍යය දුර්භික්‍ෂයක් මෙන්ද සමුදය සත්‍යය නියඟය මෙන්ද නිරෝධ සත්‍යය සුභික්‍ෂය මෙන්ද මාර්ග සත්‍යය වර්ෂාව මෙන්ද තවද වෛරය වෛරයට මුල වෛරය නැසීම වෛරය නසන උපාය වශයෙන්ද විස ගස විසගසට හේතුව විසගස මුලින් සිඳීම සිඳීමේ උපාය වශයෙන්ද බිය බියට මුල නිර්භය නිර්භයට උපාය වශයෙන්ද මෙතෙර මහ ජනප්‍රවාහයද එතෙරට පැමිණීමේ උත්සාහයද වශයෙන් යොදා මේවා උපමා වශයෙන් විනිස දතයුතුය.

‘චතුක‍්කතො’ති අත්‍ථි චෙත්‍ථ දුක‍්ඛං න අරියසච‍්චං, අත්‍ථි අරියසච‍්චං න දුක‍්ඛං, අත්‍ථි දුක‍්ඛඤ‍්චෙව අරියසච‍්චඤ‍්ච, අත්‍ථි නෙව දුක‍්ඛං න අරියසච‍්චං. එස නයො සමුදයාදීසු. තත්‍ථ මග‍්ගසම‍්පයුත‍්තා ධම‍්මා සාමඤ‍්ඤඵලානි ච “යදනිච‍්චං තං දුක‍්ඛ”න‍්ති (සං· නි· 3.15) වචනතො සඞ‍්ඛාරදුක‍්ඛතාය දුක‍්ඛං න අරියසච‍්චං. නිරොධො අරියසච‍්චං න දුක‍්ඛං. ඉතරං පන අරියසච‍්චද‍්වයං සියා දුක‍්ඛං අනිච‍්චතො, න පන යස‍්ස පරිඤ‍්ඤාය භගවති බ්‍රහ‍්මචරියං වුස‍්සති තථත්‍ථෙන. සබ‍්බාකාරෙන පන උපාදානක‍්ඛන්‍ධපඤ‍්චකං දුක‍්ඛඤ‍්චෙව අරියසච‍්චඤ‍්ච අඤ‍්ඤත්‍ර තණ‍්හාය. මග‍්ගසම‍්පයුත‍්තා ධම‍්මා සාමඤ‍්ඤඵලානි ච යස‍්ස පරිඤ‍්ඤත්‍ථං භගවති බ්‍රහ‍්මචරියං වුස‍්සති තථත්‍ථෙන නෙව දුක‍්ඛං න අරියසච‍්චං. එවං සමුදයාදීසුපි යථායොගං යොජෙත්‍වා ‘චතුක‍්කතො’පෙත්‍ථ විනිච‍්ඡයො වෙදිතබ‍්බො.

චතුක්ක වශයෙන් මෙහි දුක ඇත. ආර්ය සත්‍ය නැත. ආර්ය සත්‍ය ඇත දුක නැත. දුක ද ආර්ය සත්‍යය ද ඇත. දුකද ආර්ය සත්‍යය ද නැත. සමුදයාදියෙහිද මෙම නයයි. එහි මාර්ග සම්ප්‍රයුක්ත ධර්ම සාමඤ්ඤ (පැවිදි) පල වේ. ‘යමක් අනිත්‍ය නම් එය දුක් වේ’ වචනයෙන් සංස්කාර දුකින් දුක් වේ. ආර්ය සත්‍ය නොවේ. නිරෝධය ආර්ය සත්‍යයකි. දුක් නොවේ. ඉතිරි ආර්ය සත්‍ය දෙක අනිත්‍ය බැවින් දුක් වේ. යමක් දැනගැනීම සඳහා භාග්‍යවතුන් වහන්සේ බඹසරෙහි නොවෙසෙති. එබඳු බැවින් උපදනා ස්කන්ධ පහ තෘෂ්ණාව හැර සියළු ආකාරයෙන් දුක්ද ආර්ය සත්‍යයද වේ. මාර්ග සම්ප්‍රයුක්ත ධර්ම සාමඤ්ඤ ඵල වේ. යමක් දැනගැනීම සඳහා භාග්‍යවතුන් වහන්සේ බඹසර විසීද එබඳු බැවින් දුක් නොවේ ආර්ය සත්‍ය නොවේ. මෙසේ සමුදයාදියෙහිද සුදුසු පරිදි යොදා මෙහි චතුක්ක වශයෙන් විනිශ්චය දතයුතුය.

‘සුඤ‍්ඤතෙකවිධාදීහී’ති එත්‍ථ සුඤ‍්ඤතො තාව පරමත්‍ථෙන හි සබ‍්බානෙව සච‍්චානි වෙදකකාරකනිබ‍්බුතගමකාභාවතො සුඤ‍්ඤානීති වෙදිතබ‍්බානි. තෙනෙතං වුච‍්චති –

ඒකවිධාදි ශූන්‍යතාව යන මෙහි ශූන්‍යතා වශයෙන් සියළු සත්‍යයන් පරමාර්ථයෙන් දක්වන ලදි. විඳින කාරක නිවෙන ගමික අභාවයෙන් ශූන්‍යයයි දැනගත යුතුය. එසේ හෙයින් කියන ලදි.

දුක‍්ඛමෙව හි න කොචි දුක‍්ඛිතො, කාරකො න කිරියාව විජ‍්ජති; අත්‍ථි නිබ‍්බුති න නිබ‍්බුතො පුමා, මග‍්ගමත්‍ථි ගමකො න විජ‍්ජතීති.

දුක්ම වේය නැත දුක් විඳින්නෙකු නැත්මැ කත්රූ කිරියාව ඇත්තෙමැයි සන්සිඳීම ඇත නැත නිවෙන්නෙකු පාර නම් ඇතත් යන්නෙකු නොමැත්

අථ වා –

නැතහොත් -

ධුවසුභසුඛත‍්තසුඤ‍්ඤං, පුරිමද‍්වයමත‍්තසුඤ‍්ඤමමතපදං; ධුවසුඛඅත‍්තවිරහිතො, මග‍්ගො ඉති සුඤ‍්ඤතො තෙසු.

ඒ ශූන්‍යතා අතරින් නිත්‍ය සුඛ ආත්ම ශූන්‍ය වේ. නිති සුබ සුව සතුව - නැත ආත්මයන් පවතින නිවන පෙර දෙක හා - වෙන්වේමය ආත්මයෙන් නිති සුව ආත්මය - විරහිත වේ මගෙහි නම්

නිරොධසුඤ‍්ඤානි වා තීණි, නිරොධො ච සෙසත‍්තයසුඤ‍්ඤො. ඵලසුඤ‍්ඤො වා එත්‍ථ හෙතු සමුදයෙ දුක‍්ඛස‍්සාභාවතො මග‍්ගෙ ච නිරොධස‍්ස, න ඵලෙන සගබ‍්භො පකතිවාදීනං පකති විය. හෙතුසුඤ‍්ඤඤ‍්ච ඵලං දුක‍්ඛසමුදයානං නිරොධමග‍්ගානඤ‍්ච අසමවායා, න හෙතුසමවෙතං හෙතුඵලං හෙතුඵලසමවායවාදීනං ද‍්විඅණුකාදීනි විය. තෙනෙතං වුච‍්චති –

නිරෝධය හෝ නිත්‍ය සුභ සුඛ ආත්ම හෝ ශූන්‍ය වේ. නිරෝධය හෝ සෙසු මාර්ග තුන ශූන්‍ය වේ. නිරෝධයද සෙසු මාර්ග තුන ශූන්‍ය වීමෙන් ඵලය හෝ ශූන්‍ය වේ. මෙහි හේතු ඇතිවිට දුකේ අභාවයෙන් ප්‍රකෘතිවාදීන්ගේ ප්‍රකෘතිය මෙන් නිරෝධයේ මාර්ගය ගර්භ නොවේ. (ඵලය හේතුවෙහි ගැබ්නොවේ යයි කී සේය) හේතු ශූන්‍යයෙන් ඵලයද ශූන්‍ය වේ. දුක්ඛ සමුදයන්ගේ හා නිරෝධ මාර්ගයන්ගේ අසමවායයෙන් (එක්තැන් නොවීමෙන්) සමයවාදීන්ගේ ද්වි අනුකය මෙන් හේතු සමවායෙන් හේතුඵල සමවාය නොවේ. එයින් කියන ලදි:-

තයමිධ නිරොධසුඤ‍්ඤං, තයෙන තෙනාපි නිබ‍්බුති සුඤ‍්ඤා; සුඤ‍්ඤො ඵලෙන හෙතු, ඵලම‍්පි තං හෙතුනා සුඤ‍්ඤන‍්ති.

මෙතුනින් නිවන සහ - නිවුමද වන්නෙ හිස්බව හිස්බව පලෙන් හේ - එපලද හෙයින් එලෙසම

එවං තාව ‘සුඤ‍්ඤතො’ විනිච‍්ඡයො වෙදිතබ‍්බො.

මෙසේ ශූන්‍යතා වශයෙන් විනිස දතයුතුය.

(ශූන්‍යතා වාදීන් විසින් පුද්ගල නෛරාත්මය මෙන්ම ධර්ම නෛරාත්මය ද පිළිගන්නා ලදි. ඵලය හේතුව තුළ ගර්භව ඇති නිසා හේතුව නැතිවීමෙන් ඵලයද නැතිවේ. මේ ඔවුන්ගේ න්‍යායයි. ප්‍රකෘතිවාදය කපිලගේ සාංඛ්‍ය දර්ශනයෙන් ඉදිරිපත් කරන ලදි. ප්‍රකෘතිය නිත්‍ය පැවැත්මකි. ඵලය විකෘතියකි. ඵලය ප්‍රකෘතියට පැමිණීමෙන් මෝක්‍ෂය වේ. විකෘතිය ප්‍රකෘතියෙහි ගැබ්ව ඇතැයි යනු ඔවුන්ගේ ඉගැන්වීමයි. සමයවාදීන්ගේ ද්වි අනුකයද ඊට සමානය. පරමාත්ම පෘථගාත්මද එම සංකල්පයම වේ. බුදුගොස් හිමියන් මෙහිදී පෙන්වා දෙන්නේ චතුරාර්ය සත්‍යයෙහි ඵලය හේතුව තුළ ගැබ් නොවන බවය. හේතු සමවාය සහ ඵල සමවාය වෙන වෙනම ඇතිමුත් හේතු සමවාය තුළ ඵල සමවාය වෙන වෙනම ඇතිමුත් හේතු සමවාය තුළ ඵල සමවාය නැතැයි පෙන්වීමට දුක්ඛ සමුදය (හේතු) සහ නිරෝධ මාර්ග (ඵල) අතර සමවායක් නැතැයි කියන ලදි. – (පරිවර්තක)

‘එකවිධාදීහී’ති සබ‍්බමෙව චෙත්‍ථ දුක‍්ඛං එකවිධං පවත‍්තිභාවතො, දුවිධං නාමරූපතො, තිවිධං කාමරූපාරූපූපපතිභවභෙදතො, චතුබ‍්බිධං චතුආහාරභෙදතො, පඤ‍්චවිධං පඤ‍්චුපාදානක‍්ඛන්‍ධභෙදතො. සමුදයොපි එකවිධො පවත‍්තකභාවතො, දුවිධො දිට‍්ඨිසම‍්පයුත‍්තාසම‍්පයුත‍්තතො, තිවිධො කාමභවවිභවතණ‍්හාභෙදතො, චතුබ‍්බිධො චතුමග‍්ගප‍්පහෙය්‍යතො, පඤ‍්චවිධො රූපාභිනන්‍දනාදිභෙදතො, ඡබ‍්බිධො ඡතණ‍්හාකායභෙදතො. නිරොධොපි එකවිධො අසඞ‍්ඛතධාතුභාවතො, පරියායෙන පන දුවිධො සඋපාදිසෙසඅනුපාදිසෙසතො, තිවිධො භවත‍්තයවූපසමතො, චතුබ‍්බිධො චතුමග‍්ගාධිගමනීයතො, පඤ‍්චවිධො පඤ‍්චාභිනන්‍දනවූපසමතො, ඡබ‍්බිධො ඡතණ‍්හාකායක‍්ඛයභෙදතො. මග‍්ගොපි එකවිධො භාවෙතබ‍්බතො, දුවිධො සමථවිපස‍්සනාභෙදතො දස‍්සනභාවනාභෙදතො වා , තිවිධො ඛන්‍ධත‍්තයභෙදතො. අයඤ‍්හි සප‍්පදෙසත‍්තා නගරං විය රජ‍්ජෙන නිප‍්පදෙසෙහි තීහි ඛන්‍ධෙහි සඞ‍්ගහිතො. යථාහ –

ඒකවිධාදි වශයෙන් සියළු දුක් පැවතීම් වශයෙන් ඒකවිධය. නාමරූප වශයෙන් ද්විධය. කාම රූප අරූප උප්පත්ති භේද වශයෙන් ත්‍රිවිධය. ආහාර භේදයෙන් චතුර්විධය. ස්කන්ධ භේදයෙන් පංචවිධය. සමුදයද පැවතීම් වශයෙන් ඒකවිධය. දිට්ඨි සම්පයුත්ත විප්පයුත්ත වශයෙන් ද්විධය. කාම භව විභව වශයෙන් ත්‍රිවිධය. සිව්මගින් ප්‍රහාණ වශයෙන් චතුර්විධය. රූප අභිනන්දනාදි භේදයෙන් පංචවිධය. තෘෂ්ණා කාය භේදයෙන් ෂඩ්විධය. නිරෝධය අසංඛත ධාතු භේදයෙන් ඒකවිධය. සවුපාදිසේස අනුපාදිසේස භේදයෙන් ද්විධය භවත්‍රය සංසිඳීම් වශයෙන් ත්‍රිවිධය. සිව්මගින් අවබෝධ කිරීම් භේදයෙන් චතුර්විධය. පංච අභිනන්දන උපසමයෙන් පංචවිධය. සවැදෑරුම් තෘෂ්ණාකය ක්‍ෂයකිරීම් වශයෙන් ෂඩ්විධය. මාර්ගයද වැඩීම් වශයෙන් ඒකවිධය. සමථ විපස්සනා භේදයෙන් ද්විධය. ස්කන්ධ භේදයෙන් ත්‍රිවිධය. ප්‍රදේශ සහිත ඇළුම කරන නගරයක් මෙන් ප්‍රදේශ රහිත ස්කන්ධ තුනින් සංග්‍රහ කරන ලදි. යම්සේ කීහ:-

“න ඛො, ආවුසො විසාඛ, අරියෙන අට‍්ඨඞ‍්ගිකෙන මග‍්ගෙන තයො ඛන්‍ධා සඞ‍්ගහිතා. තීහි ච ඛො, ආවුසො විසාඛ, ඛන්‍ධෙහි අරියො අට‍්ඨඞ‍්ගිකො මග‍්ගො සඞ‍්ගහිතො. යා චාවුසො විසාඛ, සම‍්මාවාචා, යො ච සම‍්මාකම‍්මන‍්තො, යො ච සම‍්මාආජීවො – ඉමෙ ධම‍්මා සීලක‍්ඛන්‍ධෙ සඞ‍්ගහිතා; යො ච සම‍්මාවායාමො, යා ච සම‍්මාසති, යො ච සම‍්මාසමාධි – ඉමෙ ධම‍්මා සමාධික‍්ඛන්‍ධෙ සඞ‍්ගහිතා; යා ච සම‍්මාදිට‍්ඨි, යො ච සම‍්මාසඞ‍්කප‍්පො – ඉමෙ ධම‍්මා පඤ‍්ඤාක‍්ඛන්‍ධෙ සඞ‍්ගහිතා”ති (ම· නි· 1.462).

ඇවැත්නි, විසාඛ ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් ස්කන්ධ තුන සංග්‍රහ කරන ලද්දේ නොවේ. විසාඛ තුන් කඳුවලින් ආර්ය අෂ්ටාංගික මාර්ගය සංග්‍රහ කරන ලදි. සම්මා වාචා කම්මන්ත ආජීව සීලස්කන්ධයෙන් සංග්‍රහ කරන ලදි. සම්මා වායාම සති සමාධි සමාධි ස්කන්ධයේ සංග්‍රහ කරන ලදි. සම්මා දිට්ඨි සංකප්ප පඤ්ඤා ස්කන්ධයේ සංග්‍රහ කරන ලදි.

එත්‍ථ හි සම‍්මාවාචාදයො තයො සීලමෙව. තස‍්මා තෙ සජාතිතො සීලක‍්ඛන්‍ධෙන සඞ‍්ගහිතා. කිඤ‍්චාපි හි පාළියං සීලක‍්ඛන්‍ධෙති භුම‍්මෙන නිද‍්දෙසො කතො, අත්‍ථො පන කරණවසෙනෙව වෙදිතබ‍්බො. සම‍්මාවායාමාදීසු පන තීසු සමාධි අත‍්තනො ධම‍්මතාය ආරම‍්මණෙ එකග‍්ගභාවෙන අප‍්පෙතුං න සක‍්කොති, වීරියෙ පන පග‍්ගහකිච‍්චං සාධෙන‍්තෙ සතියා ච අපිලාපනකිච‍්චං සාධෙන‍්තියා ලද‍්ධූපකාරො හුත්‍වා සක‍්කොති.

මෙහි සම්මා වාචා ආදී තුන සීලමය වේ. එනිසා ස්වජාති වශයෙන් සීලස්කන්ධයේ සංග්‍රහ කරන ලදි. කෙසේ වුවද පෙළෙහි සීලස්කන්ධ යයි ආධාර විභක්තියෙන් නිර්දේශ කරන ලදි. අර්ථය කරන විභක්ති වශයෙන් දතයුතු. සම්මා වායාමාදි තුන සමාධියට තමාගේ ධර්මතා බැවින් අරමුණෙහි එකඟ බැවින්ද පැමිණවීමට නොහැකිය. වීර්යයෙහි උදව් කිරීමේ කෘත්‍ය සිදුකරන කල්හි සිහියෙන් පානොවන කිස සිදුකරයි. උපකාර ලැබීමෙන් එය කළහැකි වේ.

තත්‍රායං උපමා – යථා හි නක‍්ඛත‍්තං කීළිස‍්සාමාති උය්‍යානං පවිට‍්ඨෙසු තීසු සහායෙසු එකො සුපුප‍්ඵිතං චම‍්පකරුක‍්ඛං දිස‍්වා හත්‍ථං උක‍්ඛිපිත්‍වාපි ගහෙතුං න සක‍්කුණෙය්‍ය. අථස‍්ස දුතියො ඔනමිත්‍වා පිට‍්ඨිං දදෙය්‍ය. සො තස‍්ස පිට‍්ඨියං ඨත්‍වාපි කම‍්පමානො ගහෙතුං න සක‍්කුණෙය්‍ය. අථස‍්ස ඉතරො අංසකූටං උපනාමෙය්‍ය. සො එකස‍්ස පිට‍්ඨියං ඨත්‍වා එකස‍්ස අංසකූටං ඔලුබ‍්භ යථාරුචි පුප‍්ඵානි ඔචිනිත්‍වා පිළන්‍ධිත්‍වා නක‍්ඛත‍්තං කීළෙය්‍ය. එවංසම‍්පදමිදං දට‍්ඨබ‍්බං.

මෙය ඊට උපමාවකි:- නැකත් කෙළියට උයනට ගිය යහළුවෝ තිදෙනෙක් පුෂ්පිත සපුගසක් දැක එතැනට පැමිණියහ. අත් එසවීමෙන් මල් කඩාගැනීමට නොහැකි විය. එකෙක් පිට නැමීය. අනිකෙක් පිටට නැගුනත් කැළඹීම නිසා මුල් කැඩීමට නොහැකි විය. අනිකා තම උරහිස දුන්නේය. හේ පිටේ සිට උරහිසේ එල්බී කැමති සේ මල්නෙලා නැකත් කෙළි කළහ. සමානබව මෙසේ දතයුතුය.

එකතො උය්‍යානං පවිට‍්ඨා තයො සහායා විය හි එකතො ජාතා සම‍්මාවායාමාදයො තයො ධම‍්මා, සුපුප‍්ඵිතචම‍්පකරුක‍්ඛො විය ආරම‍්මණං, හත්‍ථං උක‍්ඛිපිත්‍වාපි ගහෙතුං අසක‍්කොන‍්තො විය අත‍්තනො ධම‍්මතාය ආරම‍්මණෙ එකග‍්ගභාවෙන අප‍්පෙතුං අසක‍්කොන‍්තො සමාධි, පිට‍්ඨිං දත්‍වා ඔනතසහායො විය වායාමො, අංසකූටං දත්‍වා ඨිතසහායො විය සති. යථා තෙසු එකස‍්ස පිට‍්ඨියං ඨත්‍වා එකස‍්ස අංසකූටං ඔලුබ‍්භ ඉතරො යථාරුචි පුප‍්ඵං ගහෙතුං සක‍්කොති, එවමෙව වීරියෙ පග‍්ගහකිච‍්චං සාධෙන‍්තෙ සතියා ච අපිලාපනකිච‍්චං සාධෙන‍්තියා ලද‍්ධූපකාරො සමාධි සක‍්කොති ආරම‍්මණෙ එකග‍්ගභාවෙන අප‍්පෙතුං. තස‍්මා සමාධියෙවෙත්‍ථ සජාතිතො සමාධික‍්ඛන්‍ධෙන සඞ‍්ගහිතො. වායාමසතියො පන කිරියතො සඞ‍්ගහිතා හොන‍්ති.

උයනට ගිය යහළුවෝ තිදෙනා මෙනි. එකට උපන් සම්මා වායාමාදි තුන අරමුණු පිපුණු සල්ගස මෙනි. අරමුණෙහි එකඟබවට පැමිණීමට නොහැකිවීම අත ඔසවා මල් කැඩීමට නොහැකි වූවා මෙනි. වායාම පිටනමා ඉඩදීම මෙනි. සිහිය උරහිස දුන් යහළුවා මෙනි. එකෙක් පිටේ සිට උරහිසේ එල්බී මල් නෙලීමට හැකිවූවා සේ වීරියෙන් උපකාරයද සිහියෙන් පානොවීමද ඉටුකිරීමෙන් අරමුණේ එකඟවීමට සමාධියට හැකිවේ. එනිසා මෙහි සමාධියේ ස්වජාති බැවින් සමාධි ස්කන්ධයෙහි සංග්‍රහවිය.

සම‍්මාදිට‍්ඨිසම‍්මාසඞ‍්කප‍්පෙසුපි පඤ‍්ඤා අත‍්තනො ධම‍්මතාය ‘අනිච‍්චං දුක‍්ඛං අනත‍්තා’ති ආරම‍්මණං නිච‍්ඡෙතුං න සක‍්කොති, විතක‍්කෙ පන ආකොටෙත්‍වා ආකොටෙත්‍වා දෙන‍්තෙ සක‍්කොති. කථං? යථා හි හෙරඤ‍්ඤිකො කහාපණං හත්‍ථෙ ඨපෙත්‍වා සබ‍්බභාගෙසු ඔලොකෙතුකාමො සමානොපි න චක‍්ඛුතලෙනෙව පරිවත‍්තෙතුං සක‍්කොති, අඞ‍්ගුලිපබ‍්බෙහි පන පරිවත‍්තෙත්‍වා පරිවත‍්තෙත්‍වා ඉතො චිතො ච ඔලොකෙතුං සක‍්කොති; එවමෙව න පඤ‍්ඤා අත‍්තනො ධම‍්මතාය අනිච‍්චාදිවසෙන ආරම‍්මණං නිච‍්ඡෙතුං සක‍්කොති, අභිනිරොපනලක‍්ඛණෙන පන ආහනනපරියාහනනරසෙන විතක‍්කෙන ආකොටෙන‍්තෙන විය පරිවත‍්තෙන‍්තෙන විය ච ආදාය ආදාය දින‍්නමෙව නිච‍්ඡෙතුං සක‍්කොති. තස‍්මා ඉධාපි සම‍්මාදිට‍්ඨියෙව සජාතිතො පඤ‍්ඤාක‍්ඛන්‍ධෙන සඞ‍්ගහිතා, සම‍්මාසඞ‍්කප‍්පො පන කිරියතො සඞ‍්ගහිතො හොති. ඉති ඉමෙහි තීහි ඛන්‍ධෙහි මග‍්ගො සඞ‍්ගහං ගච‍්ඡති. තෙන වුත‍්තං – “තිවිධො ඛන්‍ධත‍්තයභෙදතො”ති. චතුබ‍්බිධො සොතාපත‍්තිමග‍්ගාදිවසෙන.

සම්මා දිට්ඨි සංකප්පවල ප්‍රඥාව තමාගේ ධර්මතාවෙන් අනිත්‍යාදි ත්‍රිලක්‍ෂණය නිශ්චය කිරීමට නොහැකි වේ. විතර්කයෙහි හැප්පීමෙන් හැකිවේ. කෙසේද? රන්කරුවෙක් කහවණුවක් අතේ තබා එහි සියළු කොටස් බලනු කැමතිව අත්ලෙන් එය පෙරළීමට නොහැක්කේ ඇඟිලිවලින් එය පෙරල පෙරලා බැලීමට හැකිවේ. එසේම ප්‍රඥාව ස්වකීය ධර්මතා බැවින් අනිච්චාදි වශයෙන් අරමුණ නිශ්චය කිරීමට නොහැකි වේ. සිතට අරමුණු කරන ලක්‍ෂණයෙන් හැප්පෙන නැවත හැප්පෙන කෘත්‍යයෙන් විතර්කයෙන් තට්ටු කරන්නාක් මෙන් පෙරලීමෙන් ගෙන දෙනලද දෙයම නිශ්චය කිරීමට හැකි වේ. එනිසා මෙහිද සම්මා දිට්ඨි දිට්ඨි ස්වජාති හෙයින් ප්‍රඥා ස්කන්ධයෙහි සංග්‍රහ කරන ලදි. සම්මා සංකප්පය කිරිය වශයෙන් සංග්‍රහ කරන ලද්දේ වේ. මෙසේ මේ කඳු තුනෙන් මාර්ගය සංග්‍රහ වේ. එයින් කියන ලදි:- බෙදීම් වශයෙන් ස්කන්ධ ත්‍රය ත්‍රිවිධ වේ. සෝවාන් මාර්ගාදිය වශයෙන් චතුර්විධය.

අපිච සබ‍්බානෙව සච‍්චානි එකවිධානි අවිතථත‍්තා අභිඤ‍්ඤෙය්‍යත‍්තා වා, දුවිධානි ලොකියලොකුත‍්තරතො සඞ‍්ඛතාසඞ‍්ඛතතො ච, තිවිධානි දස‍්සනභාවනාහි පහාතබ‍්බතො අප‍්පහාතබ‍්බතො නෙවපහාතබ‍්බනාපහාතබ‍්බතො ච, චතුබ‍්බිධානි පරිඤ‍්ඤෙය්‍යාදිභෙදතොති. එවමෙත්‍ථ ‘එකවිධාදීහි’ විනිච‍්ඡයො වෙදිතබ‍්බො.

තවද වෙනස් නොවන ලක්‍ෂණයෙන් හෝ අවබෝධ කරගැනීමේ ලක්‍ෂණයෙන් ඒකවිධ වේ. ලෞකික ලෝකෝත්තර හා සංඛත අසංඛත වශයෙන් ද්විධය දස්සන භාවනා ප්‍රහාන, වශයෙන් ත්‍රිවිධය. ප්‍රහාණය කළයුතු ප්‍රහාණය නොකළයුතු ප්‍රහාණය කළයුතුද නොකළයුතුද වශයෙන් ත්‍රිවිධය. දැනගත යුතු ආදි බේදයෙන් චතුර්විධය. මෙසේ මෙහි ඒකවිධාදි විනිස දතයුතුය.

‘සභාගවිසභාගතො’ති සබ‍්බානෙව ච සච‍්චානි අඤ‍්ඤමඤ‍්ඤං සභාගානි අවිතථතො අත‍්තසුඤ‍්ඤතො දුක‍්කරපටිවෙධතො ච. යථාහ –

සභාග විසභාග වශයෙන් අවිතථ ආත්ම ශූන්‍ය වශයෙන් දුෂ්කර ප්‍රතිවේධ වශයෙන් සියළුම සත්‍ය සමාන වේ. එහෙයින් කීහ:-

“තං කිං මඤ‍්ඤසි, ආනන්‍ද, කතමං නු ඛො දුක‍්කරතරං වා දුරභිසම‍්භවතරං වා – යො දූරතොව සුඛුමෙන තාලච‍්ඡිග‍්ගළෙන අසනං අතිපාතෙය්‍ය පොඞ‍්ඛානුපොඞ‍්ඛං අවිරාධිතං, යො වා සත‍්තධා භින‍්නස‍්ස වාලස‍්ස කොටියා කොටිං පටිවිජ‍්ඣෙය්‍යා”ති? “එතදෙව, භන‍්තෙ, දුක‍්කරතරඤ‍්චෙව දුරභිසම‍්භවතරඤ‍්ච – යො සත‍්තධා භින‍්නස‍්ස වාලස‍්ස කොටියා කොටිං පටිවිජ‍්ඣෙය්‍යා”ති. “තතො ඛො තෙ, ආනන්‍ද, දුප‍්පටිවිජ‍්ඣතරං පටිවිජ‍්ඣන‍්ති යෙ ඉදං දුක‍්ඛන‍්ති යථාභූතං පටිවිජ‍්ඣන‍්ති…පෙ… අයං දුක‍්ඛනිරොධගාමිනී පටිපදාති යථාභූතං පටිවිජ‍්ඣන‍්තී”ති (සං· නි· 5.1115).

‘ආනන්දයෙනි, ඔබ කුමක් සිතන්නේද? ඔබ වඩා දුෂ්කර ලෙස හෝ සිදුකිරීමට නොහැකි ලෙස හෝ සලකන්නේ කුමක්ද? යමෙක් යතුරු සිදුරකින් නිවැරදිව පිළිවෙලට ඊයක් විදීමද? යමෙක් සියයට පැලූ කෙස්ගසක අග කෙළවරට ඊයක් විදීමද? ස්වාමීනි, සියයට පැලූ කෙස් ගසක අග කෙළවරට ඊයක් විදීම අතිදුෂ්කර වේ. ආනන්දය, අවබෝධ කරගැනීම ඊටත් වඩා දුෂ්කර වන්නේය. යමෙක් මේ දුක යයි ඇති සැටියෙන් අවබෝධ කරත්ද........ මෙය දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාව යයි ඇති සැටියෙන් අවබෝධ කරත්ද එය අතිදුෂ්කර වේ.

විසභාගානි සලක‍්ඛණවවත්‍ථානතො. පුරිමානි ච ද‍්වෙ සභාගානි දුරවගාහත්‍ථෙන ගම‍්භීරත‍්තා ලොකියත‍්තා සාසවත‍්තා ච, විසභාගානි ඵලහෙතුභෙදතො පරිඤ‍්ඤෙය්‍යප‍්පහාතබ‍්බතො ච. පච‍්ඡිමානිපි ද‍්වෙ සභාගානි ගම‍්භීරත්‍ථෙන දුරවගාහත‍්තා ලොකුත‍්තරත‍්තා අනාසවත‍්තා ච, විසභාගානි විසයවිසයීභෙදතො සච‍්ඡිකාතබ‍්බභාවෙතබ‍්බතො ච. පඨමතතියානි චාපි සභාගානි ඵලාපදෙසතො, විසභාගානි සඞ‍්ඛතාසඞ‍්ඛතතො. දුතියචතුත්‍ථානි චාපි සභාගානි හෙතුඅපදෙසතො, විසභාගානි එකන‍්තකුසලාකුසලතො. පඨමචතුත්‍ථානි චාපි සභාගානි සඞ‍්ඛතතො, විසභාගානි ලොකියලොකුත‍්තරතො. දුතියතතියානි චාපි සභාගානි නෙවසෙක‍්ඛානාසෙක‍්ඛභාවතො, විසභාගානි සාරම‍්මණානාරම‍්මණතො.

විසභාගවල ස්වලක්‍ෂණ විභාග කිරීම් වශයෙන් පෙර දෙක ගැනීමට දුෂ්කර බැවින් ගැඹුරු බැවින් ලෞකික බැවින් ආශ්‍රව සහිත බැවින් ද සභාග වේ. ඵල හේතු වශයෙන් අවබෝධ කළයුතු ප්‍රහාණ කළයුතු වශයෙන් විසභාග වේ. අවසාන දෙක ගැඹුරු අර්ථ බැවින් ගැනීමට දුෂ්කර බැවින් ලෝකෝත්තර බැවින් ආශ්‍රව රහිත බැවින් සභාග වේ. විෂය විෂයී භේදයෙන් සාක්‍ෂාත් කළයුතු වැඩිය යුතු බැවින් විසභාග වේ. පල අපදේස වශයෙන් පළමු තුන්වන දෙක සභාග වේ. සංඛත අසංඛත වශයෙන් විසභාග වේ. හේතු කාරණයෙන් දෙවන සතරවන දෙක සභාග වේ. කුසල් අකුසල් වශයෙන් විසභාග වේ. සංඛත වශයෙන් පළමුවන සතරවන දෙක සභාග වේ. ලෞකික ලෝකෝත්තර වශයෙන් විසභාග වේ. දෙවන තුන්වන දෙක සේක නොවන අසේක නොවන බැවින් සභාග වේ. අරමුණු සහිත හා අරමුණු රහිත බැවින් විසභාග වේ.

ඉති එවං පකාරෙහි, නයෙහි ච විචක‍්ඛණො; විජඤ‍්ඤා අරියසච‍්චානං, සභාගවිසභාගතන‍්ති.

මෙසේ මෙම අයුරෙන් - නයෙහි ද සමත් වූවෙක් දන්නේ අරිය සස් - සම විසම ගිය තැන්හිද

සුත‍්තන‍්තභාජනීයඋද‍්දෙසවණ‍්ණනා නිට‍්ඨිතා.