දුක්ඛසච්චනිද්දෙසවණ්ණනා අට්ඨකථා
දුක්ඛසච්චනිද්දෙසවණ්ණනා
දුක්ඛසච්චනිද්දෙසවණ්ණනා
ජාතිනිද්දෙසො
ජාතිනිද්දෙසො
ඉදානි සඞ්ඛෙපතො උද්දිට්ඨානි දුක්ඛාදීනි විභජිත්වා දස්සෙතුං අයං තත්ථ කතමං දුක්ඛං අරියසච්චං ජාතිපි දුක්ඛාති නිද්දෙසවාරො ආරද්ධො. තත්ථ ජාති වෙදිතබ්බා, ජාතියා දුක්ඛට්ඨො වෙදිතබ්බො; ජරා, මරණං, සොකො , පරිදෙවො, දුක්ඛං, දොමනස්සං, උපායාසො, අප්පියසම්පයොගො, පියවිප්පයොගො වෙදිතබ්බො; අප්පියසම්පයොගස්ස පියවිප්පයොගස්ස දුක්ඛට්ඨො වෙදිතබ්බො; ඉච්ඡා වෙදිතබ්බා, ඉච්ඡාය දුක්ඛට්ඨො වෙදිතබ්බො; ඛන්ධා වෙදිතබ්බා, ඛන්ධානං දුක්ඛට්ඨො වෙදිතබ්බො.
දැන් සංක්ෂෙප වශයෙන් දක්වන ලද දුක්ඛාදිය බෙදා දැක්වීමට තත්ථ කතමං දුක්ඛං අරිය සච්චං ජාතිපි දුක්ඛා යයි මේ නිද්දේස වාරය අරඹන ලද්දේය. එහි ජාතිය දතයුතුය. ජාතියෙන් දුක්ඛාර්ථය දතයුතුය. ජරා මරණ සෝක පරිදේව දුක් දොම්නස් සිත් තැවුල් අප්‍රියයන් සමග එක්වීම් ප්‍රියයන්ගෙන් වෙන්වීම දතයුතුය. අප්‍රිය සම්ප්‍රයෝගයේ සහ ප්‍රිය විප්‍රයෝගයේ දුක්ඛාර්ථය දතයුතුය. ආශාව දතයුතුය. ආශාවේ දුක්ඛාර්ථය දතයුතුය. ස්කන්ධ දතයුතුය. ස්කන්ධයන්ගේ දුක්ඛාර්ථය දතයුතුය.
තත්ථ දුක්ඛස්ස අරියසච්චස්ස කථනත්ථාය අයං මාතිකා – ඉදඤ්හි දුක්ඛං නාම අනෙකං නානප්පකාරං, සෙය්යථිදං – දුක්ඛදුක්ඛං, විපරිණාමදුක්ඛං, සඞ්ඛාරදුක්ඛං, පටිච්ඡන්නදුක්ඛං, අප්පටිච්ඡන්නදුක්ඛං, පරියායදුක්ඛං, නිප්පරියායදුක්ඛන්ති.
දුක්ඛාර්ථය සත්‍යය කීම සඳහා මේ මාතෘකා වේ. මේ දුක නම් අනේකය. නානාප්රකාරය. කෙසේද? දුක්ඛ දුක් වෙනස්වීමේ දුක සංඛාර දුක වැසුණු දුක නොවැසුණු දුක පර්යාය දුක නිෂ්පර්යාය දුක
තත්ථ කායිකචෙතසිකා දුක්ඛවෙදනා සභාවතො ච නාමතො ච දුක්ඛත්තා ‘දුක්ඛදුක්ඛං’ නාම. සුඛවෙදනා විපරිණාමෙන දුක්ඛුප්පත්තිහෙතුතො ‘විපරිණාමදුක්ඛං’ නාම. උපෙක්ඛාවෙදනා චෙව අවසෙසා ච තෙභූමකා සඞ්ඛාරා උදයබ්බයපීළිතත්තා ‘සඞ්ඛාරදුක්ඛං’ නාම. තථා පීළනං පන මග්ගඵලානම්පි අත්ථි. තස්මා එතෙ ධම්මා දුක්ඛසච්චපරියාපන්නත්තෙන සඞ්ඛාරදුක්ඛං නාමාති වෙදිතබ්බා. කණ්ණසූලදන්තසූලරාගජපරිළාහදොසජපරිළාහාදි කායිකචෙතසිකො ආබාධො පුච්ඡිත්වා ජානිතබ්බතො උපක්කමස්ස ච අපාකටභාවතො ‘පටිච්ඡන්නදුක්ඛං’ නාම, අපාකටදුක්ඛන්තිපි වුච්චති. ද්වත්තිංසකම්මකාරණාදිසමුට්ඨානො ආබාධො අපුච්ඡිත්වාව ජානිතබ්බතො උපක්කමස්ස ච පාකටභාවතො ‘අප්පටිච්ඡන්නදුක්ඛං’ නාම, පාකටදුක්ඛන්තිපි වුච්චති. ඨපෙත්වා දුක්ඛදුක්ඛං සෙසං දුක්ඛසච්චවිභඞ්ගෙ ආගතං ජාතිආදි සබ්බම්පි තස්ස තස්ස දුක්ඛස්ස වත්ථුභාවතො ‘පරියායදුක්ඛං’ නාම. දුක්ඛදුක්ඛං ‘නිප්පරියායදුක්ඛං’ නාම.
එහි කායික චෛතසික දුක් වේදනා ස්වභාවයෙන්ද නාමයෙන්ද දුක් බව දුක්ඛ දුක නම් වේ. සැප වේදනාව වෙනස්වීමෙන් විපරිණාම දුක වේ. උපේක්ෂා වේදනාව සෙසු ත්‍රෛභූමික සංස්කාර උදයව්‍ය වශයෙන් පෙළන බැවින් සංඛාර දුක් නම් වේ. පීළනය වනාහි මාර්ග ඵලස්ථයනටද ඇත. එනිසා මේ ධර්ම දුක්ඛ සත්‍යයට ඇතුළත් බැවින් සංස්කාර දුක් යයි දැනගත යුතුය. කන් කැක්කුම දත් කැක්කුම රාගයෙන් උපදින දැවිල්ල දෝසයෙන් උපදින දැවිල්ල ආදී කායික චෛතසික ආබාධ විචාරා දැනගත යුතු හෙයින් උපක්‍රමයේද අප්‍රකට බැවින් පටිච්ඡන්න දුක් වේ. අප්‍රකට දුක් යයි කියනු ලැබේ. දෙතිස්වද කාරණාදිය නිසා උපදින ආබාධ නොවිචාරාම දැනගත හැකි බැවින් සහ උපක්‍රමයද ප්‍රකට බැවින් අපටිච්ඡින්න දුක් වේ. ප්‍රකට දුක් යයිද කියනු ලැබේ. දුක්ඛ දුක්ඛය හැර සෙසු ඒවා දුක්ඛ සච්ච විභංගයෙහි ආ ජාති ආදි සියළු ඒ ඒ දුක්වල වස්තු භාවයෙන් පරියාය දුක් වේ.
තත්ථ පරියායදුක්ඛං නිප්පරියායදුක්ඛන්ති ඉමස්මිං පදද්වයෙ ඨත්වා දුක්ඛං අරියසච්චං කථෙතබ්බං. අරියසච්චඤ්ච නාමෙතං පාළියං සඞ්ඛෙපතොපි ආගච්ඡති විත්ථාරතොපි. සඞ්ඛෙපතො ආගතට්ඨානෙ සඞ්ඛෙපෙනපි විත්ථාරෙනපි කථෙතුං වට්ටති . විත්ථාරතො ආගතට්ඨානෙ පන විත්ථාරෙනෙව කථෙතුං වට්ටති, න සඞ්ඛෙපෙන. තං ඉදං ඉමස්මිං ඨානෙ විත්ථාරෙන ආගතන්ති විත්ථාරෙනෙව කථෙතබ්බං. තස්මා යං තං නිද්දෙසවාරෙ “තත්ථ කතමං දුක්ඛං අරියසච්චං? ජාතිපි දුක්ඛා”තිආදීනි පදානි ගහෙත්වා “ජාති වෙදිතබ්බා, ජාතියා දුක්ඛට්ඨො වෙදිතබ්බො”තිආදි වුත්තං. තත්ථ ජාතිආදීනි තාව “තත්ථ කතමා ජාති? යා තෙසං තෙසං සත්තානං තම්හි තම්හි සත්තනිකායෙ ජාති සඤ්ජාතී”ති ඉමස්ස පන පදභාජනීයස්ස වසෙන වෙදිතබ්බානි.
එහි පරියාය දුක් නිප්පරියාය දුක් යන මේ පද දෙකේ සිට දුක්ඛාර්ය සත්‍ය කථාකළ යුතුය. පෙලෙහි අරියසච්ච යයි සංක්‍ෂේපයෙන්ද විස්තරයෙන්ද එයි. සංක්ෂේපයෙන් ආ තැන සංක්‍ෂේපයෙන්ද විස්තරයෙන්ද කීමට වටී. විස්තරයෙන් ආ තැන විස්තරයෙන් කීමට වටී. සංක්ෂේපයෙන් නොවටී. මේ ස්ථානයෙහි විස්තරයෙන් ආ බැවින් විස්තරයෙන්ම කිවයුතුය. එහෙයින් විස්තර කරන වාරයෙහි “එහි දුක්ඛාර්ය සත්‍යය කවරේද?” ජාතිපි දුක්ඛා ආදිය යයි ආදි පද ගෙන ජාතිය දතයුතුය. ජාතියේ දුක්ඛාර්ථය දතයුතුයි ආදිය කියන ලදි. එහි ජාති ආදිය පළමුව:- එහි ජාතිය නම් කවරේද? එය ඒ ඒ සතුන්ගේ ඒ ඒ සත්ත්ව කොටස්වල ඉපදීම පහළවීම යන මේ පද භාජනිය වශයෙන් දතයුතුය.
තත්රායං අත්ථවණ්ණනා – තෙසං තෙසං සත්තානන්ති අයං සඞ්ඛෙපතො අනෙකෙසං සත්තානං සාධාරණනිද්දෙසො. යා දෙවදත්තස්ස ජාති, යා සොමදත්තස්ස ජාතීති එවඤ්හි දිවසම්පි කථියමානෙ නෙව සත්තා පරියාදානං ගච්ඡන්ති, න සබ්බං අපරත්ථදීපනං සිජ්ඣති. ඉමෙහි පන ද්වීහි පදෙහි න කොචි සත්තො අපරියාදින්නො හොති, න කිඤ්චි අපරත්ථදීපනං න සිජ්ඣති. තෙන වුත්තං – “යා තෙසං තෙසං සත්තාන”න්ති. තම්හි තම්හීති අයං ජාතිගතිවසෙන අනෙකෙසං සත්තනිකායානං සාධාරණනිද්දෙසො. සත්තනිකායෙති සත්තානං නිකායෙ, සත්තඝටායං සත්තසමූහෙති අත්ථො.
එහි මේ අර්ථ වර්ණනාවය. තෙසං තෙසං සත්තානං මෙය සංක්ෂේපයෙන් නොයෙක් සතුන්ගේ සාධාරණ විස්තරයකි. දේවදත්තගේ ඉපදීම සෝමදත්ගේ ඉපදීම යයි කියන කල්හි සම්පූර්ණ සතුන්ගේ ගැනීමක් නොවේ. සියල්ල පසුව සිදුවේ. මේ පද දෙකෙන් කිසි සතෙක් නොගෙන නැත. පසුව කිසි දැන්වීමක් නොවන්නේ නොවේ. එහෙයින් කියන ලදි. ඒ ඒ සතුන්ගේ තමහී තමහී උපන් ගති වශයෙන් නොයෙක් සත්ත්ව කොටස්වල සාධාරණ විස්තරයයි. සත්ත නිකායෙ යනු සත්වයින්ගේ කොටසෙහි සත්ව සමූහයෙහි යන අර්ථයයි.
ජාතීති අයං ජාතිසද්දො අනෙකත්ථො. තථා හෙස “එකම්පි ජාතිං, ද්වෙපි ජාතියො”ති (පාරා· 12; ම· නි· 2.257) එත්ථ භවෙ ආගතො. “අත්ථි විසාඛෙ , නිගණ්ඨා නාම සමණජාතිකා”ති (අ· නි· 3.71) එත්ථ නිකායෙ. “තිරියා නාම තිණජාති නාභියා උග්ගන්ත්වා නභං ආහච්ච ඨිතා අහොසී”ති (අ· නි· 5.196) එත්ථ පඤ්ඤත්තියං. “ජාති ද්වීහි ඛන්ධෙහි සඞ්ගහිතා”ති (ධාතු· 71) එත්ථ සඞ්ඛතලක්ඛණෙ. “යං, භික්ඛවෙ, මාතුකුච්ඡිම්හි පඨමං චිත්තං උප්පන්නං, පඨමං විඤ්ඤාණං පාතුභූතං, තදුපාදාය සාවස්ස ජාතී”ති (මහාව· 124) එත්ථ පටිසන්ධියං. “සම්පතිජාතො, ආනන්ද, බොධිසත්තො”ති (ම· නි· 3.207) එත්ථ පසූතියං. “අනුපක්කුට්ඨො ජාතිවාදෙනා”ති (දී· නි· 1.331) එත්ථ කුලෙ. “යතොහං, භගිනි, අරියාය ජාතියා ජාතො”ති (ම· නි· 2.351) එත්ථ අරියසීලෙ. ඉධ පනායං සවිකාරෙසු පඨමාභිනිබ්බත්තක්ඛන්ධෙසු වත්තති. තස්මා ජායමානකවසෙන ජාතීති ඉදමෙත්ථ සභාවපච්චත්තං. සඤ්ජායනවසෙන සඤ්ජාතීති උපසග්ගෙන පදං වඩ්ඪිතං. ඔක්කමනවසෙන ඔක්කන්ති. ජායනට්ඨෙන වා ජාති, සා අපරිපුණ්ණායතනවසෙන යුත්තා. සඤ්ජායනට්ඨෙන සඤ්ජාති, සා පරිපුණ්ණායතනවසෙන යුත්තා. ඔක්කමනට්ඨෙන ඔක්කන්ති, සා අණ්ඩජජලාබුජවසෙන යුත්තා. තෙ හි අණ්ඩකොසඤ්ච වත්ථිකොසඤ්ච ඔක්කමන්ති, ඔක්කමන්තාපි පවිසන්තා විය පටිසන්ධිං ගණ්හන්ති. අභිනිබ්බත්තනට්ඨෙන අභිනිබ්බත්ති. සා සංසෙදජඔපපාතිකවසෙන යුත්තා. තෙ හි පාකටා එව හුත්වා නිබ්බත්තන්ති. අයං තාව සම්මුතිකථා.
ජාති මේ ජාති ශබ්දය නොයෙක් අර්ථ ඇත. එක් ජාතියක ජාති දෙකක මෙය භවයෙහි එයි. ‘විසාඛ, නිගණ්ඨ නම් ශ්‍රමණ ජාතියක් ඇත’ මෙය කොටසෙහිය. ‘තිරි නම් තෘණ විශේෂයකි. නැබින් නැගී අහසෙහි ගැටී පැවති සේය.’ මෙහි පැනවීමෙහි. ජාති ස්කන්ධ දෙකක සංගෘහිතය මෙය සංඛත ලක්ෂණයෙහි. මහණෙනි, මව්කුස පළමුව උපන් සිතක් පළමු විඤ්ඤාණය පහළවීමයි. එය ගෙන ඔහුගේ ජාති වේ. මෙහි ප්‍රතිසන්ධියයි. ආනන්ද, දැන් බෝධිසත්ත්වයෝ ජාතය, මෙහි ප්රසූතයෙහි. ජාතිවාදයෙන්, මෙහි කුලයෙහි. යම් හෙයකින් මම නැගනියෙනි, ආර්ය ජාතියෙහි, මෙහි ආර්ය සීලයෙහි එහෙයින් ජායමානවසෙන මෙහි වෙන්වූ ස්වභාවයෙහි. මනාව ඉපදීම් වශයෙන් සඤ්ජාති උපසර්ගය පදාර්ථය වඩන ලදි. බැසගැනීම් වශයෙන් ඔක්කන්ති. සංජායන අර්ථයෙන් සඤ්ජාති. එය සම්පූර්ණ ආයතන වශයෙන් කියන ලදි. ඔක්කමන අර්ථයෙන් ඔක්කන්ති, එටය අණ්ඩජ ජලාබුජ වශයෙන් කියන ලදි. ඔව්හු බිත්තරයෙන්ද වැදෑමසින්ද බැස ගනිති. බැසගන්නවුන්ද පිවිසෙන්නාක් මෙන් ප්රතිසන්ධිය ගනු ලැබේ. අභිනිබ්බත්තන අර්ථයෙන් අභිනිබ්බත්ති, එය සංසේදජ ඕපපාතික වශයෙන් යුක්ත වේ.
ඉදානි පරමත්ථකථා හොති. ඛන්ධා එව හි පරමත්ථතො පාතුභවන්ති, න සත්තා. තත්ථ ච ඛන්ධානන්ති එකවොකාරභවෙ එකස්ස, චතුවොකාරභවෙ චතුන්නං, පඤ්චවොකාරභවෙ පඤ්චන්නං ගහණං වෙදිතබ්බං. පාතුභාවොති උප්පත්ති. ආයතනානන්ති එත්ථ තත්ර තත්ර උප්පජ්ජමානායතනවසෙන සඞ්ගහො වෙදිතබ්බො. පටිලාභොති සන්තතියං පාතුභාවොයෙව; පාතුභවන්තානෙව හි තානි පටිලද්ධානි නාම හොන්ති. අයං වුච්චති ජාතීති අයං ජාති නාම කථියති. සා පනෙසා තත්ථ තත්ථ භවෙ පඨමාභිනිබ්බත්තිලක්ඛණා, නීය්යාතනරසා, අතීතභවතො ඉධ උම්මුජ්ජනපච්චුපට්ඨානා, ඵලවසෙන දුක්ඛවිචිත්තතාපච්චුපට්ඨානා වා.
දැන් පරමාර්ථ කතා වේ. පරමාර්ථ වශයෙන් ස්කන්ධම පහළ වේ. සත්ත්වයෝ නොවෙති. එහි ඒකවෝකාර භවයක එක් ස්කන්ධයක්ද චතුවෝකාර භවයක ස්කන්ධ සතරක්ද පංචවෝකාර භවයෙහි ස්කන්ධ පහක්ද යන ගණන දැනගත යුතුය. පාතුභාවො උපත, ආයතනං යන මෙහි ඒ ඒ උපදින ආයතන වශයෙන් සංග්‍රහය දතයුතුය. පටිලාභො පරම්පරාව පහළවීමය. පහළවන්නේ ඒවා ලබාගන්නෝ නොවෙති. අයං වුච්චති ජාති මෙය ජාති යයි කියනු ලැබේ. එය වනාහි ඒ ඒ භවයෙහි පළමු ඉපදීම ලක්ෂණ කොට ඇත්තේය. අතීත භවයෙන් මෙහි වැටහෙන ආකාරයයි.
ඉදානි ‘ජාතියා දුක්ඛට්ඨො වෙදිතබ්බො’ති අයඤ්හි ජාති සයං න දුක්ඛා, දුක්ඛුප්පත්තියා පන වත්ථුභාවෙන දුක්ඛාති වුත්තා. කතරදුක්ඛස්ස පනායං වත්ථූති? යං තං බාලපණ්ඩිතසුත්තාදීසු (ම· නි· 3.246 ආදයො) භගවතාපි උපමාවසෙන පකාසිතං ආපායිකංදුක්ඛං, යඤ්ච සුගතියං මනුස්සලොකෙ ගබ්භොක්කන්තිමූලකාදිභෙදං දුක්ඛං උප්පජ්ජති, තස්ස සබ්බස්සාපි එසා වත්ථු. තත්රිදං ගබ්භොක්කන්තිමූලකාදිභෙදං දුක්ඛං – අයඤ්හි සත්තො මාතුකුච්ඡිම්හි නිබ්බත්තමානො න උප්පලපදුමපුණ්ඩරීකාදීසු නිබ්බත්තති. අථ ඛො හෙට්ඨා ආමාසයස්ස උපරි පක්කාසයස්ස උදරපටලපිට්ඨිකණ්ඩකානං වෙමජ්ඣෙ පරමසම්බාධෙ තිබ්බන්ධකාරෙ නානාකුණපගන්ධපරිභාවිතෙ අසුචිපරමදුග්ගන්ධපවනවිචරිතෙ අධිමත්තජෙගුච්ඡෙ කුච්ඡිප්පදෙසෙ පූතිමච්ඡපූතිකුම්මාසචන්දනිකාදීසු කිමි විය නිබ්බත්තති. සො තත්ථ නිබ්බත්තො දස මාසෙ මාතුකුච්ඡිසම්භවෙන උස්මනා පුටපාකං විය පච්චමානො පිට්ඨපිණ්ඩි විය සෙදියමානො සමිඤ්ජනපසාරණාදිරහිතො අධිමත්තං දුක්ඛං පච්චනුභොතීති. ඉදං තාව ‘ගබ්භොක්කන්තිමූලකං’ දුක්ඛං.
දැන් ජාතියේ දුක්ඛ අර්ථය දැනගත යුතුය. මේ ජාතිය තමාම දුක් නොවේ. දුක්ඛ උත්පත්තිය වනාහි වස්තුභාවයෙන් දුක් වේයයි කියන ලදි. ‘දුකෙහි වස්තු කවෙර්ද? එය භාග්‍යවතුන් වහන්සේ විසින් උපමා වශයෙන් බාල පණ්ඩිත සූත්‍රාදියෙහි දේශනා කරන ලදි. අපායිකයන්ට දුක් වේ. සුගතියෙහිද මිනිස්ලොව ගැබ්බැස ගන්නා මූලාකාදි දුක් උපදී. එහි සියළු වස්තු මෙසේය. මෙය ගබ්භොක්කන්ති මූලක භේද දුකය. මේ සත්ත්වයා මව්කුස උපදින්නේ උපුල් පියුම් හෙලපියුම් ආදියේ නූපදියි. ආමාසයට යට ඇලදිව මත පිටකටුව මැද උදරපටලයෙහි (ගර්භාසය) පරම සම්බාධක වූ දැඩි අඳුරෙහි නොයෙක් කුණපගඳින් වැඩුණු අසූචියෙන් පරම දුර්ගන්ධ වායුව ඇති ඉතා පිළිකුල් වූ කුසේ පෙදෙසක කුණුමාළු කුණුකොමුපිඩු ඇති ගවර වලක පණුවෙකු මෙන් උපදී. හේ එහි ඉපිද දසමසක් මව්කුසෙහි හටගැනෙමින් මුල්බැඳ උෂ්ණයෙන් තැම්බුවාක් මෙන් පැසෙමින් පිටිගුලියක් මෙන් තැම්බෙමින් හකුලන දිගහැරීම් නැතිව අධිකවූ දුකක් අනුභව කරයි. මේ ගස්භාවක්රාන්ති දුක්ඛයයි.
යං පන සො මාතු සහසා උපක්ඛලනගමනනිසීදනඋට්ඨානපරිවත්තනාදීසු සුරාධුත්තහත්ථගතො එළකො විය අහිගුණ්ඨිකහත්ථගතො සප්පපොතකො විය ච ආකඩ්ඪනපරිකඩ්ඪනඔධුනනනිද්ධුනනාදිනා උපක්කමෙන අධිමත්තං දුක්ඛමනුභවති, යඤ්ච මාතු සීතුදකපානකාලෙ සීතනරකූපපන්නො විය, උණ්හයාගුභත්තාදිඅජ්ඣොහරණකාලෙ අඞ්ගාරවුට්ඨිසම්පරිකිණ්ණො විය, ලොණම්බිලාදිඅජ්ඣොහරණකාලෙ ඛාරාපටිච්ඡකාදිකම්මකාරණප්පත්තො විය තිබ්බං දුක්ඛමනුභොති – ඉදං ‘ගබ්භපරිහරණමූලකං’ දුක්ඛං.
ඒ මව වහා පය හැපීම් ගමන්කිරීම් හිඳීම් නැගිටීම් ඉරියව්වලදී සුරා ධූර්තයකු අතට පත් එළුවකු මෙන්ද අහිකුණ්ඨිකයකු අතටපත් සර්ප පැටවකු මෙන්ද ඇදීම් එහාමෙහා ඇදීම් සෙලවීම් ගසාදැමීම් ආදි උපක්‍රමයෙන් අධික දුක් විඳී. මව සිහිල්පැන් පානය කරනවිට සීත නරකයෙහි උපන්නකු මෙන්ද, උණුසුම් කැඳබත් ආදිය අනුභව කරනවිට ගිනිඅඟුරු වැස්සකින් ආකීර්ණ වූවාක් මෙන්ද ලුණුඇඹුල් කනවිට ඛාර කර්මාදියට පත්වූවකු මෙන්ද ශරීරය අතුල් පතුල් පලා ලුණුඇඹුල් ගැල්වීම් වධයෙන් ඉතා දැඩිදුක් විඳියි. මෙය ගබ්භපරිහරණ දුකයි.
යං පනස්ස මූළ්හගබ්භාය මාතුයා මිත්තාමච්චසුහජ්ජාදීහිපි අදස්සනාරහෙ දුක්ඛුප්පත්තිට්ඨානෙ ඡෙදනඵාලනාදීහි දුක්ඛං උප්පජ්ජති – ඉදං ‘ගබ්භවිපත්තිමූලකං’ දුක්ඛං. යං විජායමානාය මාතුයා කම්මජෙහි වාතෙහි පරිවත්තෙත්වා නරකපපාතං විය අතිභයානකං යොනිමග්ගං පටිපාතියමානස්ස පරමසම්බාධෙන යොනිමුඛෙන තාළච්ඡිග්ගළෙන විය නික්කඩ්ඪියමානස්ස මහානාගස්ස නරකසත්තස්ස විය ච සඞ්ඝාටපබ්බතෙහි විචුණ්ණියමානස්ස දුක්ඛං උප්පජ්ජති – ඉදං ‘විජායනමූලකං’ දුක්ඛං. යං පන ජාතස්ස තරුණවණසදිසස්ස සුකුමාරසරීරස්ස හත්ථග්ගහණන්හාපනධොවනචොළපරිමජ්ජනාදිකාලෙ සූචිමුඛඛුරධාරවිජ්ඣනඵාලනසදිසං දුක්ඛං උප්පජ්ජති – ඉදං මාතුකුච්ඡිතො ‘බහි නික්ඛමනමූලකං’ දුක්ඛං. යං තතො පරං පවත්තියං අත්තනාව අත්තානං වධන්තස්ස, අචෙලකවතාදිවසෙන ආතාපනපරිතාපනානුයොගමනුයුත්තස්ස, කොධවසෙන අභුඤ්ජන්තස්ස, උබ්බන්ධන්තස්ස ච දුක්ඛං හොති – ඉදං ‘අත්තූපක්කමමූලකං’ දුක්ඛං.
මූඪගර්භ වූ (දරු ගැබ විපතට පත්) මවගේ මිතුරු සුහදයින් දැකීම නුසුදුසු කාලයෙහි දුක් ඇතිකල්හි සිඳීම් පැලීම් ආදියෙහි දුක් උපදී. මෙය ගබ්භවිපත්ති මූලක දුකයි. මව වදන කාලයේ කර්මජ වාතයෙන් කැරකී නරක ප්‍රපාතයට මෙන් ඉතා බිහිසුණු යෝනි මාර්ගයට වැටෙන්නේ ඉතාමත් සම්බාධ සහිත වූ යෝනි මුඛයෙන් යතුරු කපොල්ලකින් අදින්නාක් මෙන් ද මහා නරකයෙහි සතකු මෙන්ද සංඝාට පර්වතවලින් කූඩුකරනු ලබන්නේ මහත් දුක් උපදී. මෙය විජායන මූලක දුකයි. උපන්නහුගේ වනාහි ශරීරය අලුත් තුවාලයක් මෙන් අතට ගන්න නාවන සෝදන රෙදිවලින් පිසින පිරිමදින කාලයෙහි ඉඳිකටු මූනත දැලිපිහි මුවත්වලින් විදින පලන සමාන දුක් උපදී. මෙය මව්කුසින් බිහිවන මූලික දුකයි. ඉන්පසුව පැවතීමේදී තමා තමාටම වධ පමුණුවා ගන්නේ අචේලක ව්‍රත වශයෙන් තැවීම් රත්කිරීම් යෝගයන්හි යෙදීමෙන් ක්‍රෝධ වශයෙන් ආහාර නොගැනීමෙන් එල්ලී නැහෙන්නේ දුක් ඇති වෙයි. මෙය අත්තූපක්කම මූලක දුකයි.
යං පන පරතො වධබන්ධනාදීනි අනුභවන්තස්ස දුක්ඛං උප්පජ්ජති – ඉදං ‘පරූපක්කමමූලකං’ දුක්ඛන්ති. ඉති ඉමස්ස සබ්බස්සාපි දුක්ඛස්ස අයං ජාති වත්ථුමෙව හොතීති. තෙනෙතං වුච්චති –
අනුන්ගේ වධබන්ධකවලට භාජනය වීමෙන් දුක් උපදී. මෙය පරූපක්කම මූලදුකයි. මේ සියළු දුක්වලට ජාතිය (උපත) ම වස්තු වේ. එහෙයින් මෙය කියනු ලැබේ.
ජායෙථ නො චෙ නරකෙසු සත්තො, තත්ථග්ගිදාහාදිකමප්පසය්හං; ලභෙථ දුක්ඛං නු කුහිං පතිට්ඨං, ඉච්චාහ දුක්ඛාති මුනීධ ජාති.
නිරය සත්වග මහ - දුක් ලබති ගිනි තැවුලෙන් නැත දැය දුක් කොයින් - මුනි කී ජාතිය දුකයි
දුක්ඛං තිරච්ඡෙසු කසාපතොද- දණ්ඩාභිඝාතාදිභවං අනෙකං; යං තං කථං තත්ථ භවෙය්ය ජාතිං, විනා තහිං ජාති තතොපි දුක්ඛා.
කස කෙවිටි දඬුවෙන් - ලබත් තිරිසන් මහදුක් දැය හැර නැත දුකක් - එනිසා දැය දුක්ම වේ
පෙතෙසු දුක්ඛං පන ඛුප්පිපාසා- වාතාතපාදිප්පභවං විචිත්තං; යස්මා අජාතස්ස න තත්ථ අත්ථි, තස්මාපි දුක්ඛං මුනි ජාතිමාහ.
පේත විසයෙහි වන - සා පවස අව් සුළඟින් දැය නැත නැතැයි දුක් - මුනි යු ජාතිය දුකයි
තිබ්බන්ධකාරෙ ච අසය්හසීතෙ, ලොකන්තරෙ යං අසුරෙසු දුක්ඛං; න තං භවෙ තත්ථ න චස්ස ජාති, යතො අයං ජාති තතොපි දුක්ඛා.
ලොව අතුරු’සර දුක් - දැඩි’ඳුර අසහන සිහිල් දැය නැත නොමැත දුක් - එයින් දැය වේ මහදුක්
යඤ්චාපි ගූථනරකෙ විය මාතුගබ්භෙ, සත්තො වසං චිරමතො බහි නික්ඛමනඤ්ච; පප්පොති දුක්ඛමතිඝොරමිදම්පි නත්ථි, ජාතිං විනා ඉතිපි ජාතිරයඤ්හි දුක්ඛා.
වැස’විත් සත පිටත - මව්ගබ’සුචි නිරය මෙන් පැමිණෙත් දරුණු දුක් - නැත දුක් දැය නොමැති නම්
කිං භාසිතෙන බහුනා නනු යං කුහිඤ්චි, අත්ථීධ කිඤ්චිදපි දුක්ඛමිදං කදාචි; නෙවත්ථි ජාතිවිරහෙ යදතො මහෙසී, දුක්ඛාති සබ්බපඨමං ඉමමාහ ජාතින්ති.
කියනු කිම බෝ සේ - වෙද කිසිකල කිසි දුකක් දැය නැත නැත මුනිඳු - යු දැය හැම දුකට මුල්
ජරානිද්දෙසො
ජරානිද්දෙසො
ජරානිද්දෙසෙ ජරාති සභාවපච්චත්තං. ජීරණතාති ආකාරනිද්දෙසො. ඛණ්ඩිච්චන්තිආදයො තයො කාලාතික්කමෙ කිච්චනිද්දෙසා. පච්ඡිමා ද්වෙ පකතිනිද්දෙසා. අයඤ්හි ජරාති ඉමිනා පදෙන සභාවතො දීපිතා, තෙනස්සා ඉදං සභාවපච්චත්තං. ජීරණතාති ඉමිනා ආකාරතො , තෙනස්සායං ආකාරනිද්දෙසො. ඛණ්ඩිච්චන්ති ඉමිනා කාලාතික්කමෙ දන්තනඛානං ඛණ්ඩිතභාවකරණකිච්චතො. පාලිච්චන්ති ඉමිනා කෙසලොමානං පලිතභාවකරණකිච්චතො. වලිත්තචතාති ඉමිනා මංසං මිලාපෙත්වා තචෙ වලිත්තභාවකරණකිච්චතො දීපිතා. තෙනස්සා ඉමෙ ඛණ්ඩිච්චන්ති ආදයො තයො කාලාතික්කමෙ කිච්චනිද්දෙසා. තෙහි ඉමෙසං විකාරානං දස්සනවසෙන පාකටීභූතාති පාකටජරා දස්සිතා. යථෙව හි උදකස්ස වා වාතස්ස වා අග්ගිනො වා තිණරුක්ඛාදීනං සංසග්ගපලිභග්ගතාය වා ඣාමතාය වා ගතමග්ගො පාකටො හොති, න ච සො ගතමග්ගො තානෙව උදකාදීනි, එවමෙව ජරාය දන්තාදීසු ඛණ්ඩිච්චාදිවසෙන ගතමග්ගො පාකටො, චක්ඛුං උම්මීලෙත්වාපි ගය්හති. න ච ඛණ්ඩිච්චාදීනෙව ජරා; න හි ජරා චක්ඛුවිඤ්ඤෙය්යා හොති.
ජරා නිද්දේසයෙහි ජරා යනු ස්වභාව පැවැත්මයි. ජීරණතා යනු ආකාරය විස්තර කිරීමයි. ඛණ්ඩිච්චං ආදිය කාලාතික්රමණයෙන් වන කෘත්‍ය විස්තරයයි. පසු දෙක ප්‍රකෘති විස්තරයයි. අයං ජරා යන මේ පදයෙන් ස්වභාවය දක්වන ලදි. එයින් එහි මේ ස්වභාව පැවැත්මයි. ජීරණතා යන මෙයින් ආකාර වශයෙන්. එහෙයින් මෙය ආකාර විස්තරයයි. ඛණ්ඩිච්චං යන මෙහි කල් ඉක්මයෑමෙන් දත්, නිය, ආදිය කඩා බිඳ දමන බවට පත්කරයි. වලිත්තචතා යන මෙයින් මස් වියලවා සම රැලිබවට පත්කිරීම දක්වන ලදි. පාලිච්චං කෙස් ලොම්වල පැසුණුබව ඇතිකිරීම. මේ ඛණ්ඩිච්චං ආදි තුන කල් ඉකුත්වීමෙන් කෘත්‍ය විස්තරයයි. ඒවායේ දැකීම් වශයෙන් මේ වෙනස්වීම් ප්‍රකට නිසා ප්‍රකට ජරාව දක්වන ලදි. ජලයේ හෝ වාතයේ හෝ ගින්නේ හෝ තෘණ රුක් සමග එක්වීමෙන් ඒවා කඩාබිඳ දමා හෝ දැවීමෙන් හෝ ගිය මග ප්රකටය. ඒ ගියමග ඒවා සමග ජලය ආදිය නොවේ. එසේම ජරාවෙන් දත් ආදිය කඩාබිඳ දැමීමෙන් ගියමග ප්රකටය. ඇසහැර බලාගනී. කැඩීම් ආදියද ජරාවද එසේ බලාගත නොහැකිය. ජරාව චක්ඛු විඤ්ඤාණයෙන් දැකගත නොහැක.
ආයුනො සංහානි ඉන්ද්රියානං පරිපාකොති ඉමෙහි පන පදෙහි කාලාතික්කමෙයෙව අභිබ්යත්තාය ආයුක්ඛයචක්ඛාදිඉන්ද්රියපරිපාකසඞ්ඛාතාය පකතියා දීපිතා. තෙනස්සිමෙ පච්ඡිමා ද්වෙ පකතිනිද්දෙසාති වෙදිතබ්බා. තත්ථ යස්මා ජරං පත්තස්ස ආයු හායති තස්මා ජරා “ආයුනො සංහානී”ති ඵලූපචාරෙන වුත්තා. යස්මා දහරකාලෙ සුප්පසන්නානි සුඛුමම්පි අත්තනො විසයං සුඛෙනෙව ගණ්හනසමත්ථානි චක්ඛාදීනි ඉන්ද්රියානි ජරං පත්තස්ස පරිපක්කානි ආලුළිතානි අවිසදානි ඔළාරිකම්පි අත්තනො විසයං ගහෙතුං අසමත්ථානි හොන්ති, තස්මා “ඉන්ද්රියානං පරිපාකො”ති ඵලූපචාරෙනෙව වුත්තා.
ආයුනො සංහානි ඉන්ද්රියානං පරිපාකො යන මේ පදවලින් කාලය ඉකුත්වීමේ ස්වභාවය ආයුෂය ක්ෂයවීම චක්ඛු ආදි ඉන්ද්‍රියවල මේරීම් සංඛ්‍යාත ප්‍රකෘතිය දක්වන ලදි. ඒවායින් අවසන් දෙක ප්‍රකෘති විස්තර යයි දතයුතුය. එහි ජරාවට පත්වන්නාගේ ආයු පිරිහේ. එනිසා ජරාව ආයු විනාශ කෙරේ යයි පලූපචාර වශයෙන් කියන ලදි. තරුණ කාලයෙහි ප්‍රසන්නය. තමාට අවශ්‍ය සියුම් දේද ගැනීමට සමත් වේ. චක්ඛු ආදි ඉන්ද්රිය පරිපාකයට පැමිණ ජරාවෙන් අලලා අපැහැදිලි වූ විට තමාට අවශ්‍ය ඕලාරික දෙයක්ද ගැනීමට අසමත් වේ. එහෙයින් ඉන්ද්‍රියන්ගේ පරිපාකය එලූපචාරයෙන් කියන ලදි.
සා පනෙසා එවං නිද්දිට්ඨා සබ්බාපි ජරා පාකටා පටිච්ඡන්නාති දුවිධා හොති. තත්ථ දන්තාදීසු ඛණ්ඩාදිභාවදස්සනතො රූපධම්මෙසු ජරා ‘පාකටජරා’ නාම. අරූපධම්මෙසු පන ජරා තාදිසස්ස විකාරස්ස අදස්සනතො ‘පටිච්ඡන්නජරා’ නාම. තත්ථ ය්වායං ඛණ්ඩාදිභාවො දිස්සති, සො තාදිසානං දන්තාදීනං සුවිඤ්ඤෙය්යත්තා වණ්ණොයෙව. තං චක්ඛුනා දිස්වා මනොද්වාරෙන චින්තෙත්වා “ඉමෙ දන්තා ජරාය පහටා”ති ජරං ජානාති, උදකට්ඨානෙ බද්ධානි ගොසිඞ්ගාදීනි ඔලොකෙත්වා හෙට්ඨා උදකස්ස අත්ථිභාවං ජානනං විය. පුන අවීචි සවීචීති එවම්පි අයං ජරා දුවිධා හොති. තත්ථ මණිකනකරජතපවාළචන්දසූරියාදීනං මන්දදසකාදීසු පාණීනං විය ච පුප්ඵඵලපල්ලවාදීසු අපාණීනං විය ච අන්තරන්තරා වණ්ණවිසෙසාදීනං දුබ්බිඤ්ඤෙය්යත්තා ජරා ‘අවීචිජරා’ නාම, නිරන්තරජරාති අත්ථො. තතො අඤ්ඤෙසු පන යථාවුත්තෙසු අන්තරන්තරා වණ්ණවිසෙසාදීනං සුවිඤ්ඤෙය්යත්තා ජරා ‘සවීචිජරා’ නාම.
එසේ දක්වන ලද සියළුම ජරාව ප්‍රකට අප්‍රකට යයි දෙපරිදිය. එහි දත් ආදිය බිඳුණු බව දැකීමෙන් රූප ධර්මවල ජරාව ප්‍රකට ජරා වේ. අරූපාදියෙහි ජරාව එබඳු වෙනස්වීම් නොපෙනෙන හෙයින් අප්‍රකට ජරා වේ. එහි දත් ආදියේ පැහැදිලි වර්ණය නිසා එය බිඳුණු බව පෙනේ. එය ඇසින් දැක මනසින් සිතා මේ දත් ජරාවෙන් පහර දෙනලදැයි ජරාව දනියි. ජලය ඇතිතැන බැඳුණු ගෝසිංගාදිය (ඊතණාදි පඳුරු) බලා යට ජලය ඇති බව දැනගන්නාක් මෙනි. අවීචි සවීචි යයි ජරාව මෙසේද දෙපරිදිය. එහි මැණික් රන් ප්‍රවාල සඳ හිරු ආදියේ සහ අඩු දසක ආදියෙහි සතුන් මෙන්ද මල් ගෙඩි කොළ ආදියෙහි අප්රාණීන් මෙන්ද අතරතුර වර්ණ විශේෂාදිය දැනගැනීමට අපහසු වූ බැවින් එම ජරාව අවීචි ජරා වේ. නිරන්තර ජරා යන අර්ථයයි.
තත්ථ සවීචිජරා උපාදින්නානුපාදින්නකවසෙන එවං දීපෙතබ්බා – දහරකුමාරකානඤ්හි පඨමමෙව ඛීරදන්තා නාම උට්ඨහන්ති, න තෙ ථිරා. තෙසු පන පතිතෙසු පුන දන්තා උට්ඨහන්ති. තෙ පඨමමෙව සෙතා හොන්ති, ජරාවාතෙන පන පහටකාලෙ කාළකා හොන්ති. කෙසා පන පඨමමෙව තම්බාපි හොන්ති කාළකාපි සෙතාපි. ඡවි පන සලොහිතිකා හොති. වඩ්ඪන්තානං වඩ්ඪන්තානං ඔදාතානං ඔදාතභාවො, කාළකානං කාළකභාවො පඤ්ඤායති, ජරාවාතෙන පන පහටකාලෙ වළිං ගණ්හාති. සබ්බම්පි සස්සං වපිතකාලෙ සෙතං හොති, පච්ඡා නීලං, ජරාවාතෙන පන පහටකාලෙ පණ්ඩුකං හොති. අම්බඞ්කුරෙනාපි දීපෙතුං වට්ටති එව. අයං වුච්චති ජරාති අයං ජරා නාම කථියති. සා පනෙසා ඛන්ධපරිපාකලක්ඛණා, මරණූපනයනරසා, යොබ්බනවිනාසපච්චුපට්ඨානා.
සවීචි ජරාව උපාදින්න අනුපාදින්න වශයෙන් මෙසේ දැක්විය යුතුය. බාල දරුවන්ගේ පළමුවෙන් කිරිදත් නැගේ. ඒවා ස්ථිර නොවේ. ඒවා වැටුණු පසු නැවත දත් හටගනී. ඒවා පළමුව සුදුය. ජරා වාතයෙන් පහර දුන්විට කලු වේ. කෙස් පළමුවෙන් තඹ කලු හෝ සුදු වේ. සම ලේ පැහැ වේ. වැඩෙනවිට සුදුපාට සහ පසුව කළුපාට වේ. ජරාවෙන් මැඩුණු කල රැලි ඇතිවේ. සියළුම සස්‍ය වපුරන කල සුදුපාට වේ. පසුව නිල්වේ. ජරාවෙන් මැඩුණු කල පඬුපැහැ වේ. අඹ අංකුරයද දැක්වීම වටී. අයං වුච්චති ජරා මේ ජරා යයි කියනු ලැබේ. එය වනාහි ස්කන්ධයන්ගේ පරිපාක ලක්ෂණයයි. මරණය කරා පැමිණවීම එහි කෘත්‍යයයි. තරුණබව විනාශය එහි වැටහෙන ආකාර යයි.
‘ජරාය දුක්ඛට්ඨො වෙදිතබ්බො’ති එත්ථ පන අයම්පි සයං න දුක්ඛා, දුක්ඛස්ස පන වත්ථුභාවෙන දුක්ඛාති වුත්තා. කතරස්ස දුක්ඛස්ස? කායදුක්ඛස්ස චෙව දොමනස්සදුක්ඛස්ස ච. ජිණ්ණස්ස හි අත්තභාවො ජරසකටං විය දුබ්බලො හොති, ඨාතුං වා ගන්තුං වා නිසීදිතුං වා වායමන්තස්ස බලවං කායදුක්ඛං උප්පජ්ජති; පුත්තදාරෙ යථාපුරෙ අසල්ලක්ඛෙන්තෙ දොමනස්සං උප්පජ්ජති. ඉති ඉමෙසං ද්වින්නම්පි දුක්ඛානං වත්ථුභාවෙන දුක්ඛාති වෙදිතබ්බා. අපිච –
ජරාවේ දුක්ඛාර්ථය දැනගත යුතුය යන මෙහි මේ ජරාව තමාම දුක් නොවේ. දුකට වස්තුවන බැවින් දුක් යයි කියන ලදි. කවර දුකකටද? කායික දුක සහ දොම්නස් දුකයි. දිරූ ශරීරය දිරූ කරත්තයක් දුබල වේ. සිටගැනීමට ඇවිදීමට හිදගැනීමට උත්සාහ කරන්නාට බලවත් කායික දුක් උපදී. මෙසේ මේ දෙකේම දුක් වස්තුභාවයෙන් දුක් යයි දතයුතු. තවද:-
අඞ්ගානං සිථිලභාවා, ඉන්ද්රියානං විකාරතො; යොබ්බනස්ස විනාසෙන, බලස්ස උපඝාතතො.
අඟපසඟ අවසඟ - ඉඳුරන් විකල් වීමෙන් යොවුන්බව වැනසී - බලයද යයි පිරිහිලා
විප්පවාසා සතාදීනං, පුත්තදාරෙහි අත්තනො; අපසාදනීයතො චෙව, භීය්‍යො බාලත්තපත්තියා.
සියසුතනඹුවගෙන් - වෙන්වේය සිය ගණන්වර නින්දාද ලබමින් - පැමිණෙයි මෝඩකම්වල
පප්පොති දුක්ඛං යං මච්චො, කායිකං මානසං තථා; සබ්බමෙතං ජරාහෙතු, යස්මා තස්මා ජරා දුඛාති.
යම් දුකක් වේවිද - කායික මානසික වූ ජරාවෙන් මෙසියල් - එනිසා ජරා දුකමය
මරණනිද්දෙසො
මරණනිද්දෙසො
මරණනිද්දෙසෙ චවනකවසෙන චුති; එකචතුපඤ්චක්ඛන්ධාය චුතියා සාමඤ්ඤවචනමෙතං. චවනතාති භාවවචනෙන ලක්ඛණනිදස්සනං. භෙදොති චුතිඛන්ධානං භඞ්ගුප්පත්තිපරිදීපනං . අන්තරධානන්ති ඝටස්ස විය භින්නස්ස භින්නානං චුතිඛන්ධානං යෙන කෙනචි පරියායෙන ඨානාභාවපරිදීපනං. මච්චු මරණන්ති මච්චුසඞ්ඛාතං මරණං. කාලො නාම අන්තකො, තස්ස කිරියා කාලකිරියා. එත්තාවතා සම්මුතියා මරණං දීපිතං හොති.
මරණය පිළිබඳ විස්තරයෙහි වෙන්වී යෑම් වශයෙන් චුති එක, සතර ස්කන්ධවල චුතියට සමාන වචනයකි. මෙය චවන්තා භාව වචනයෙන් ලක්ෂණ දැක්වීමය. භෙදො ස්කන්ධවල බිඳීම වෙන්වීම දැක්වීමය. අන්තරධානං තලයක් බිඳුනාක් මෙන් ස්කන්ධවල බිඳීම අභාවය දැක්වීමය. මච්චුමරණං මච්චු සංඛ්‍යාත මරණය, කාලය නම් අන්තකය, ඔහුගේ ක්‍රියාව කාලකිරියා වේ. මෙපමණකින් දක්වන ලද්දේ සම්මුති මරණයයි.
ඉදානි පරමත්ථෙන දීපෙතුං ඛන්ධානං භෙදොතිආදිමාහ. පරමත්ථෙන හි ඛන්ධායෙව භිජ්ජන්ති, න සත්තො නාම කොචි මරති. ඛන්ධෙසු පන භිජ්ජමානෙසු සත්තො මරති භින්නෙසු මතොති වොහාරො හොති. එත්ථ ච චතුපඤ්චවොකාරවසෙන ඛන්ධානං භෙදො, එකවොකාරවසෙන කළෙවරස්ස නික්ඛෙපො; චතුවොකාරවසෙන වා ඛන්ධානං භෙදො, සෙසද්වයවසෙන කළෙවරස්ස නික්ඛෙපො වෙදිතබ්බො. කස්මා? භවද්වයෙපි රූපකායසඞ්ඛාතස්ස කළෙවරස්ස සම්භවතො. යස්මා වා චාතුමහාරාජිකාදීසු ඛන්ධා භිජ්ජන්තෙව, න කිඤ්චි නික්ඛිපති, තස්මා තෙසං වසෙන ඛන්ධානං භෙදො. මනුස්සාදීසු කළෙවරස්ස නික්ඛෙපො. එත්ථ ච කළෙවරස්ස නික්ඛෙපකරණතො මරණං “කළෙවරස්ස නික්ඛෙපො”ති වුත්තං.
දැන් පරමාර්ථ වශයෙන් දැක්වීමට ඛන්ධානං භෙදො යනාදිය කීහ. පරමාර්ථ වශයෙන් ස්කන්ධයම බිඳේ. සතෙක් නම් කිසිවකු නොමරයි. ස්කන්ධ බිඳෙන කල්හි සතා මැරේ. බිඳුණු කල්හි මැරුණේ යයි ව්‍යවහාර වේ. මෙහිද චතු පංචවෝකාර වශයෙනි. ඛන්ධානං භෙදො ඒක වෝකාර වශයෙනි. කළෙබරස්ස නික්ඛෙපො චතු වෝකාර වශයෙන් හෝ ස්කන්ධයන්ගේ බිඳීම, සෙසු දෙක වශයෙන් කළේබරස්ස නික්ඛෙපෝ දතයුතුය. කුමක් හෙයින්ද? භව දෙකේම රූපකාය සංඛ්‍යාත කළේබරයේ හටගැනීම නිසාය. චාතුම්මහාරාජිකාදියෙහි ස්කන්ධ බිඳෙන්නේය. කිසිවක් හැර නොදමයි. එහෙයින් ඔවුන්ගේ වශයෙන් ස්කන්ධයන්ගේ බිඳීම වේ. මිනිස් ආදීන් කෙරෙහි කළේබරය හැරදැමීම වේ. මෙහිද කළේබරයේ හැරදැමීම කරන හෙයින් කළේබරස්ස නික්ඛෙපො යයි කියන ලදි.
ජීවිතින්ද්රියස්ස උපච්ඡෙදොති ඉමිනා ඉන්ද්රියබද්ධස්සෙව මරණං නාම හොති, අනින්ද්රියබද්ධස්ස මරණං නාම නත්ථීති දස්සෙති. ‘සස්සං මතං, රුක්ඛො මතො’ති ඉදං පන වොහාරමත්තමෙව. අත්ථතො පන එවරූපානි වචනානි සස්සාදීනං ඛයවයභාවමෙව දීපෙන්ති. ඉදං වුච්චති මරණන්ති ඉදං සබ්බම්පි මරණං නාම කථියති.
ජීවිතින්ද්රියස්ස උපච්ඡෙදො යන මෙයින් මරණය නම් ඉන්ද්රිය බද්ධම වේ. අනින්ද්රිය බද්ධ මරණයක් නම් නැතැයි දක්වයි. සස්‍ය මැරුණේය. ගස මළේය යන මේවා වනාහි ව්‍යවහාර මාත්‍රයකි. මේ වචනවල අර්ථ වශයෙන් ක්ෂය ව්‍යය දෙක දක්වයි. ඉදං වුච්චති මරණං මෙහි සියළු මරණම කියන ලදි.
අපිචෙත්ථ ඛණිකමරණං, සම්මුතිමරණං, සමුච්ඡෙදමරණන්ති අයම්පි භෙදො වෙදිතබ්බො. තත්ථ ‘ඛණිකමරණං’ නාම පවත්තෙ රූපාරූපධම්මානං භෙදො. ‘තිස්සො මතො, ඵුස්සො මතො’ති ඉදං ‘සම්මුතිමරණං’ නාම. ඛීණාසවස්ස අප්පටිසන්ධිකා කාලකිරියා ‘සමුච්ඡෙදමරණං’ නාම. ඉමස්මිං පනත්ථෙ සම්මුතිමරණං අධිප්පෙතං. ජාතික්ඛයමරණං, උපක්කමමරණං, සරසමරණං, ආයුක්ඛයමරණං, පුඤ්ඤක්ඛයමරණන්තිපි තස්සෙව නාමං. තයිදං චුතිලක්ඛණං, වියොගරසං, විප්පවාසපච්චුපට්ඨානං.
එසේ වුවද මෙහි ක්ෂණික මරණ සම්මුති මරණ සමුච්ඡේද මරණ යන මේවායේ භේදයද දතයුතුය. එහි ඛණික මරණ නම් පැවතෙන රූපාරූප ධර්මයන්ගේ බිඳීමය. තිස්ස මළා, ඵුස්ස මළා යනු සම්මුති මරණය වේ. ක්ෂීණාශ්රවයන් වහන්සේගේ ප්රතිසන්ධි රහිත වූ කාලක්‍රියාව සමුච්ඡේද මරණ නම් වේ. මෙහි වනාහි සම්මුති මරණය අදහස් කරයි. ජාතික්ඛය මරණය, උපක්‍රම මරණය, සරස (සියදිවි හානිය) මරණය, ආයුක්ඛය මරණය, පුඤ්ඤක්ඛය මරණය ඊටම නම් වේ. මෙහි ලක්ෂණය චුතියයි. කෘත්‍යය වෙන්කිරීමයි. වැටහෙන ආකාරය වෙන්ව විසීමය.
‘මරණස්ස දුක්ඛට්ඨො වෙදිතබ්බො’ති එත්ථ පන ඉදම්පි සයං න දුක්ඛං, දුක්ඛස්ස පන වත්ථුභාවෙන දුක්ඛන්ති වුත්තං. මරණන්තිකාපි හි සාරීරිකා වෙදනා, පටිවාතෙ ගහිතා ආදිත්තතිණුක්කා විය, සරීරං නිදහන්ති. නරකනිමිත්තාදීනං උපට්ඨානකාලෙ බලවදොමනස්සං උප්පජ්ජති. ඉති ඉමෙසං ද්වින්නම්පි දුක්ඛානං වත්ථුභාවෙන දුක්ඛන්ති වෙදිතබ්බං. අපි ච –
මරණයේ දුක්ඛාර්ථය දැනගත යුතුය. මෙහිද මරණය තමාම දුක් නොවේ. වස්තුභාවයෙන් දුක්යයි කියන ලදි. මරණ යයි කායික වේදනා යටි සුළඟට ඇල්ලූ ගිනිහුලක් මෙන් ශරීරය දවයි. නරක නිමිති අරමුණු වනවිට බලවත් දොම්නසක් උපදී, මෙසේ මේ දුක් දෙකම වස්තුවෙන් දුක් යයි දතයුතුය. තවද:-
පාපස්ස පාපකම්මාදි, නිමිත්තමනුපස්සතො; භද්දස්සාපසහන්තස්ස, වියොගං පියවත්ථුකං.
පව්කම් පව්කමේ - නිමිති අනුදැක්මෙහි දී සොඳුරු පිය වත්වල - වෙන්වුම නො මැඩලන්නා
මීයමානස්ස යං දුක්ඛං, මානසං අවිසෙසතො; සබ්බෙසඤ්චාපි යං සන්ධි-බන්ධනච්ඡෙදනාදිකං.
මියන කල යම් දුක් - මනසට වෙසෙස් නො වෙමින් සියළු එක්වීමෙහි - බැඳුම් සිඳුමෙන් ආදී
විතුජ්ජමානමම්මානං, හොති දුක්ඛං සරීරජං; අසය්හමප්පටිකාරං, දුක්ඛස්සෙතස්සිදං යතො; මරණං වත්ථු තෙනෙතං, දුක්ඛමිච්චෙව භාසිතන්ති.
මරු තැන් විදීමෙන් - දුක් වෙයි සිරුරෙහි උපන් නැත පිළියම් සහන - මෙදුකට යම් ලෙසින් වන එය මරණ වත් නම් - දුක්ම යයි යෙති එහෙයින්
අපිච ඉමානි ජාතිජරාමරණානි නාම ඉමෙසං සත්තානං වධකපච්චාමිත්තා විය ඔතාරං ගවෙසන්තානි විචරන්ති. යථා හි පුරිසස්ස තීසු පච්චාමිත්තෙසු ඔතාරාපෙක්ඛෙසු විචරන්තෙසු එකො වදෙය්ය – “අහං අසුකඅරඤ්ඤස්ස නාම වණ්ණං කථෙත්වා එතං ආදාය තත්ථ ගමිස්සාමි, එත්ථ මය්හං දුක්කරං නත්ථී”ති. දුතියො වදෙය්ය “අහං තව එතං ගහෙත්වා ගතකාලෙ පොථෙත්වා දුබ්බලං කරිස්සාමි, එත්ථ මය්හං දුක්කරං නත්ථී”ති. තතියො වදෙය්ය – “තයා එතස්මිං පොථෙත්වා දුබ්බලෙ කතෙ තිණ්හෙන අසිනා සීසච්ඡෙදනං නාම මය්හං භාරො හොතූ”ති. තෙ එවං වත්වා තථා කරෙය්යුං.
තවද මේ ජරා මරණ නම් සතුන්ගේ වධක පසමිතුරකු මෙන් සිදුරු සොයමින් හැසිරේ. යම්සේ පුරුෂයකුගේ සිදුරු සොයමින් හැසිරෙන පසමිතුරන් තිදෙනාගෙන් එකෙක් මෙසේ කියයි. මම අසවල් වනය වර්ණනා කර මොහු රැගෙන එහි යමි. මෙය මට දුෂ්කර නැත. දෙවැන්නා මෙසේ කියන්නේය. මොහු රැගෙන ගියකල මම තලා දුර්වල කරමි. එය මට දුෂ්කර නැත. තෙවැන්නා මෙසේ කියන්නේය. ඔබ විසින් තළා මොහු දුර්වල කළපසු තියුණු කඩුවකින් හිස සිඳීම මට බාර වේවා. ඔව්හු මෙසේ කියා එසේ කරන්නාහුය.
තත්ථ පඨමපච්චාමිත්තස්ස අරඤ්ඤස්ස වණ්ණං කථෙත්වා තං ආදාය තත්ථ ගතකාලො විය සුහජ්ජඤාතිමණ්ඩලතො නික්කඩ්ඪිත්වා යත්ථ කත්ථචි නිබ්බත්තාපනං නාම ජාතියා කිච්චං. දුතියස්ස පොථෙත්වා දුබ්බලකරණං විය නිබ්බත්තක්ඛන්ධෙසු නිපතිත්වා පරාධීනමඤ්චපරායණභාවකරණං ජරාය කිච්චං. තතියස්ස තිණ්හෙන අසිනා සීසච්ඡෙදනං විය ජීවිතක්ඛයපාපනං මරණස්ස කිච්චන්ති වෙදිතබ්බං.
එහි පළමු පසමිතුරා වනයෙහි වර්ණනාව කියා ඔහු රැගෙන ගිය කාලය මෙන් සුහද ඤාති සමූහයෙන් ඇද යම්කිසි තැනක ඉපදවීම ජාතියේ ක්‍රියාවයි. දෙවැන්නා තළා දුර්වල කරනවා මෙන් උපන් ස්කන්ධයන් වැටී පරාධීනව ඇඳට ඇදදැමීම ජරාවේ ක්‍රියාවයි. තෙවැන්නා සියුම් අවියෙන් හිස සිඳිනවා මෙන් ජීවිතක්ෂයට පැමිණවීම මරණයේ කාර්යයි. එසේ දතයුතුය.
අපිචෙත්ථ ජාතිදුක්ඛං සාදීනවමහාකන්තාරප්පවෙසො විය දට්ඨබ්බං. ජරාදුක්ඛං තත්ථ අන්නපානරහිතස්ස දුබ්බල්යං විය දට්ඨබ්බං. මරණදුක්ඛං දුබ්බලස්ස ඉරියාපථපවත්තනෙ විහතපරක්කමස්ස වාළාදීහි අනයබ්යසනාපාදනං විය දට්ඨබ්බන්ති.
තවද මෙහි ජාති දුක ආදීනව සහිත මහා කාන්තාරයකට ඇතුළු වූවා මෙනැයි දතයුතුය. මරණ දුක දුර්වලයාගේ ඉරියව් පැවැත්වීම නොහැකිවනු පිණිස නපුරු සතුන් විසින් නොයෙක් ව්‍යසන පැමිණවීම මෙනැයි දතයුතුය.
සොකනිද්දෙසො
සොකනිද්දෙසො
සොකනිද්දෙසෙ බ්යසතීති බ්යසනං; හිතසුඛං ඛිපති විද්ධංසෙතීති අත්ථො. ඤාතීනං බ්යසනං ඤාතිබ්යසනං; චොරරොගභයාදීහි ඤාතික්ඛයො ඤාතිවිනාසොති අත්ථො. තෙන ඤාතිබ්යසනෙන ඵුට්ඨස්සාති අජ්ඣොත්ථටස්ස අභිභූතස්ස සමන්නාගතස්සාති අත්ථො. සෙසෙසුපි එසෙව නයො. අයං පන විසෙසො – භොගානං බ්යසනං භොගබ්යසනං; රාජචොරාදිවසෙන භොගක්ඛයො භොගවිනාසොති අත්ථො. රොගොයෙව බ්යසනං රොගබ්යසනං; රොගො හි ආරොග්යං බ්යසති විනාසෙතීති බ්යසනං. සීලස්ස බ්යසනං සීලබ්යසනං; දුස්සීල්යස්සෙතං නාමං. සම්මාදිට්ඨිං විනාසයමානා උප්පන්නා දිට්ඨියෙව බ්යසනං දිට්ඨිබ්යසනං. එත්ථ ච පුරිමානි ද්වෙ අනිප්ඵන්නානි, පච්ඡිමානි තීණි නිප්ඵන්නානි තිලක්ඛණබ්භාහතානි. පුරිමානි ච තීණි නෙව කුසලානි න අකුසලානි. සීලදිට්ඨිබ්යසනද්වයං අකුසලං.
සෝක විස්තරයෙහි ව්යසතීති ව්යසනං යනු හිතේ සුවය ඉවත් කරයි. නසයි යන අර්ථ වේ. නෑයින්ගේ ව්‍යසනය ඤාති ව්‍යසන වේ. සොර රෝබිය ආදියෙන් නෑයින් විනාශවීම යන අර්ථයයි. එහෙයින් ඤාතිව්යසනෙන ඵුට්ඨස්ස වේ. වසා පැතිරගත් වෙළාගත් යුක්ත වූ යන අර්ථ වේ. සෙස්සෙහිද මෙම නයයි. මෙය විශේෂයකි. භෝගවල ව්‍යසනය භෝග ව්‍යසනයයි. රජ සොර ආදී වශයෙන් භෝග ක්ෂය, භෝග විනාශය යන අර්ථ වේ. රෝගයම රෝග ව්‍යසන යයි. රෝගො යනු ආරෝග්‍ය විනාශ කිරීමය. සීලයේ ව්‍යසනය සීල ව්‍යසනයයි. දුස්සීල බව මෙය නමකි. සම්‍යක් දෘෂ්ටිය විනාශ කරමින් උපන් දෘෂ්ටියම දිට්ඨි ව්‍යසනයයි. මෙහි පෙර දෙක අනිෂ්පන්න වේ. පසු තුන නිෂ්පන්න වේ. තිලකුණු මඩින ලදි. පෙර තුන කුසල් අකුසල් නොවේ. සීල දිට්ඨි දෙක අකුසල් වේ.
අඤ්ඤතරඤ්ඤතරෙනාති ගහිතෙසු වා යෙන කෙනචි අග්ගහිතෙසු වා මිත්තාමච්චබ්යසනාදීසු යෙන කෙනචි. සමන්නාගතස්සාති සමනුබන්ධස්ස අපරිමුච්චමානස්ස. අඤ්ඤතරඤ්ඤතරෙන දුක්ඛධම්මෙනාති යෙන කෙනචි සොකදුක්ඛස්ස උප්පත්තිහෙතුනා. සොකොති සොචනකවසෙන සොකො; ඉදං තෙහි කාරණෙහි උපජ්ජනකසොකස්ස සභාවපච්චත්තං. සොචනාති සොචනාකරො. සොචිතත්තන්ති සොචිතභාවො. අන්තොසොකොති අබ්භන්තරෙ සොකො. දුතියපදං උපසග්ගවසෙන වඩ්ඪිතං. සො හි අබ්භන්තරෙ සුක්ඛාපෙන්තො විය පරිසුක්ඛාපෙන්තො විය උප්පජ්ජතීති “අන්තොසොකො අන්තොපරිසොකො”ති වුච්චති.
අඤ්ඤතරඤ්ඤතරෙන යනු මිතුරුව ව්‍යසනයකද යම්කිසි කෙනෙක් නොගැනීමෙන් හෝ යම්කිසි කෙනෙක් ගැනීමෙන් හෝ සමන්නාගතස්ස සමාන බැඳීමේ, අත් නොහැරීමේ. අඤ්ඤතරඤ්ඤතරෙන දුක්ඛධම්මෙන යනු යම්කිසි සෝක දුක් ඉපදීමේ හේතුවෙන්. සොකො සෝකවීම් වශයෙන් සෝකය. මෙය එයින් උපන් සෝකයේ ස්වභාව පැවැත්මය. සොචනා සෝකවන ආකාරය. සොචිතත්ත සෝකවන බව. අන්තො සොකො අභ්‍යන්තර සෝකය, දෙවන පදය උපසර්ග වශයෙන් වඩන ලදි. එය අභ්‍යන්තරය වියලන්නාක් උපදින හෙයින් අන්තෝ සොක අන්තෝ පරිසෝක යයි කියනු ලැබේ.
චෙතසො පරිජ්ඣායනාති චිත්තස්ස ඣායනාකාරො. සොකො හි උප්පජ්ජමානො අග්ගි විය චිත්තං ඣාපෙති පරිදහති, “චිත්තං මෙ ඣාමං, න මෙ කිඤ්චි පටිභාතී”ති වදාපෙති. දුක්ඛිතො මනො දුම්මනො, තස්ස භාවො දොමනස්සං. අනුපවිට්ඨට්ඨෙන සොකොව සල්ලන්ති සොකසල්ලං. අයං වුච්චති සොකොති අයං සොකො නාම කථියති. සො පනායං කිඤ්චාපි අත්ථතො දොමනස්සවෙදනාව හොති, එවං සන්තෙපි අන්තොනිජ්ඣානලක්ඛණො, චෙතසො පරිනිජ්ඣායනරසො, අනුසොචනපච්චුපට්ඨානො.
චෙතසො පරිජ්ඣායන්ති සිතේ දැවෙන ආකාරයයි. සෝකය ඉපදුණු විට ගින්න මෙන් සිත දවයි. මොනවට දවයි. මගේ සිත දැවෙයි. මට කිසිදෙයක් නොවැටහෙයි යයි කියවයි. දුකින් මනස දුම්මන වන නිසා දෝමනස්ස නම් වේ. ළඟට නොපැමිණි යන අර්ථයෙන් සෝකයටම උලයයි සොක සල්ලං වේ. අයං වුච්චති සොකො මෙය සෝක යයි කියනු ලැබේ. එය වනාහි කිසියම් අර්ථයකින් දොම්නස් වේදනාවම වේ. මෙසේ ඇතිකල්හි ඇතුළත දැවීම් ලක්ෂණයයි. නැවත නැවත ඇතිවන පසුතැවිල්ල කෘත්‍යයයි. අනුව සෝකවීම වැටහෙන ආකාරයයි.
‘සොකස්ස දුක්ඛට්ඨො වෙදිතබ්බො’ති එත්ථ පන අයං සභාවදුක්ඛත්තා චෙව දුක්ඛස්ස ච වත්ථුභාවෙන දුක්ඛොති වුත්තො. කතරදුක්ඛස්සාති? කායිකදුක්ඛස්ස චෙව ජවනක්ඛණෙ ච දොමනස්සදුක්ඛස්ස. සොකවෙගෙන හි හදයෙ මහාගණ්ඩො උට්ඨහිත්වා පරිපච්චිත්වා භිජ්ජති, මුඛතො වා කාළලොහිතං නික්ඛමති, බලවං කායදුක්ඛං උප්පජ්ජති. “එත්තකා මෙ ඤාතයො ඛයං ගතා, එත්තකා මෙ භොගා”ති චින්තෙන්තස්ස ච බලවං දොමනස්සං උප්පජ්ජති. ඉති ඉමෙසං ද්වින්නං දුක්ඛානං වත්ථුභාවෙනපෙස දුක්ඛොති වෙදිතබ්බො. අපිච –
සෝකයේ දුක්ඛාර්ථය දතයුතුය. මෙහි මෙය ස්වභාව දුක් බැවින්ද දුකට වස්තුවන බැවින්ද දුක යයි කියන ලදි. කවර දුකකටද? කායික දුකටද ජවන ක්ෂණයෙහි දොම්නස් දුකටද වස්තු වේ. සෝක වේගයෙන් හෘදයෙහි මහා ගඩුවක් ඇති වේ. එය නැගී පැසී බිඳෙයි. මුවින් කළු ලේ හෝ නික්මෙයි. බලවත් කායික දුකක් උපදී. මගේ ඤාතීහු මෙපමණක් මියගියහ. මගේ භෝග මෙපමණක් නැතිවිය. මෙසේ සිතන්නාට බලවත් දොම්නසක් උපදී. මේ දුක් දෙකම වස්තු භාවයෙන්ද දුක් යයි දතයුතුය. තවද:-
සත්තානං හදයං සොකො, සල්ලං විය විතුජ්ජති; අග්ගිතත්තොව නාරාචො, භුසඤ්ච ඩහතෙ පුන.
හදය සතුනගෙ සොව - උලකින්න විදින මෙන් වේ ගිනියම් යකඩ ලෙස - දවයි නැවතත් බෝ සේ
සමාවහති ච බ්යාධි-ජරාමරණභෙදනං; දුක්ඛම්පි විවිධං යස්මා, තස්මා දුක්ඛොති වුච්චතීති.
ගෙනදෙයි ලෙඩරෝග - ජර මර බිඳුම් ඇත්තේ ඇති හෙයින් නෙක දුක් - දුක් යයි මෙය කියනුයේ
පරිදෙවනිද්දෙසො
පරිදෙවනිද්දෙසො
පරිදෙවනිද්දෙසෙ ‘මය්හං ධීතා, මය්හං පුත්තො’ති එවං ආදිස්ස ආදිස්ස දෙවන්ති රොදන්ති එතෙනාති ආදෙවො. තං තං වණ්ණං පරිකිත්තෙත්වා පරිකිත්තෙත්වා දෙවන්ති එතෙනාති පරිදෙවො. තතො පරානි ද්වෙ ද්වෙ පදානි පුරිමද්වයස්සෙව ආකාරභාවනිද්දෙසවසෙන වුත්තානි. වාචාති වචනං. පලාපොති තුච්ඡං නිරත්ථකවචනං. උපඩ්ඪභණිතඅඤ්ඤභණිතාදිවසෙන විරූපො පලාපො විප්පලාපො. ලාලප්පොති පුනප්පුනං ලපනං. ලාලප්පනාකාරො ලාලප්පනා. ලාලප්පිතස්ස භාවො ලාලප්පිතත්තං. අයං වුච්චති පරිදෙවොති අයං පරිදෙවො නාම කථියති. සො ලාලප්පනලක්ඛණො, ගුණදොසපරිකිත්තනරසො, සම්භමපච්චුපට්ඨානො.
පරිදේව විස්තරයෙහි මගේ දුව මගේ පුතා පෙන්වමින් මෙයින් අඬයි දොඩයි යනු ආදෙව නම් වේ. ඒ ඒ ගුණ කියා ඇඬීම පරිදේව නම් වේ. එයින් පර දෙපදයෙන් පෙර දෙපදයේම ආකාරය ස්වභාවය විස්තර කිරීම් වශයෙන් කියන ලදි. වාචා වචනය. පලාප යනු හිස් නිරර්ථක වචනය. කොටසක් කීම, වෙනින් දෙයක් කීම වශයෙනි. වරූපී පලාපය විප්පලාප වේ. ලාලප්ප යනු නැවත නැවත කීමය. කියන ආකාරය ලලප්පනා වේ. ලාලප්පනයෙහි භාවය ලාලප්පිතත්තං වේ. අයං වුච්චති පරිදෙවො මෙය පරිදේව යයි කියනු ලැබේ. නැවත නැවත කීම එහි ලක්ෂණයයි. ගුණදොස් කීම කෘත්‍යයයි. කැරකීම වැටහෙන ආකාරයයි.
‘පරිදෙවස්ස දුක්ඛට්ඨො වෙදිතබ්බො’ති එත්ථ පන අයම්පි සයං න දුක්ඛො, කායදුක්ඛදොමනස්සදුක්ඛානං පන වත්ථුභාවෙන දුක්ඛොති වුත්තො. පරිදෙවන්තො හි අත්තනො ඛන්ධං මුට්ඨීහි පොථෙති, උභොහි හත්ථෙහි උරං පහරති පිංසති, සීසෙන භිත්තියා සද්ධිං යුජ්ඣති. තෙනස්ස බලවං කායදුක්ඛං උප්පජ්ජති. ‘එත්තකා මෙ ඤාතයො ඛයං වයං අබ්භත්ථං ගතා’තිආදීනි චින්තෙති. තෙනස්ස බලවං දොමනස්සං උප්පජ්ජති. ඉති ඉමෙසං ද්වින්නම්පි දුක්ඛානං වත්ථුභාවෙන දුක්ඛොති වෙදිතබ්බො. අපිච –
පරිදේවයේ දුක්ඛාර්ථය දතයුතුය. මෙය ද තමාම දුක් නොවේ. කායික දොම්නස්වලට වස්තුවන බැවින් දුක් යයි කියන ලදි. වැලපෙන්නා තමාගේ සිරුර අත්වලින් පෙළයි. දෑතින් පපුවට ගසා ගනී. උරච්චි කරයි. බිත්තියේ හිස ගසා ගනී. එයින් ඔහුට බලවත් කායික දුක් ඇතිවේ. මෙපමණ මගේ නෑයෝ මළහයි සිතයි. එයින් ඔහුට බලවත් දොම්නස උපදී, මේ දුක් දෙකම වස්තුභාවයෙන් දුක් යයි දතයුතුය. තවද:-
යං සොකසල්ලවිහතො පරිදෙවමානො, කණ්ඨොට්ඨතාලුතලසොසජමප්පසය්හං;
යම් සෝ සුලක් හද ඇනී වැලපෙන්නවුන්ගේ තල්ලත් තොලුත් ගෙල ගලත් වියලී අසානෙන්
භිය්යොධිමත්තමධිගච්ඡතියෙව දුක්ඛං, දුක්ඛොති තෙන භගවා පරිදෙවමාහාති.
ඒසා මහත් දුකකටයි සිත ගොස් වැටෙන්නේ ඒ හන්දමයි එපරිදේව දුකක් කියන්නේ
දුක්ඛදොමනස්සනිද්දෙසො
දුක්ඛදොමනස්සනිද්දෙසො
දුක්ඛදොමනස්සනිද්දෙසා හෙට්ඨා ධම්මසඞ්ගහට්ඨකථායං වණ්ණිතත්තා පාකටා එව. ලක්ඛණාදීනි පන තෙසං තත්ථ වුත්තානෙව.
දුක් දොම්නස් විස්තරය ධම්මසංගහ අටුවාවෙහි යට වර්ණනා කළ බැවින් ප්රකටය. ඒවායේ ලක්ෂණාදිය එහි කියන ලද්දේමය.
‘දුක්ඛස්ස දුක්ඛට්ඨො වෙදිතබ්බො, දොමනස්සස්ස දුක්ඛට්ඨො වෙදිතබ්බො’ති එත්ථ පන උභයම්පෙතං සයඤ්ච දුක්ඛත්තා කායිකචෙතසිකදුක්ඛානඤ්ච වත්ථුභාවෙන දුක්ඛන්ති වුත්තං. හත්ථපාදානඤ්හි කණ්ණනාසිකානඤ්ච ඡෙදනදුක්ඛෙන දුක්ඛිතස්ස , අනාථසාලායං උච්ඡිට්ඨකපාලං පුරතො කත්වා නිපන්නස්ස, වණමුඛෙහි පුළුවකෙසු නික්ඛමන්තෙසු බලවං කායදුක්ඛං උප්පජ්ජති; නානාරඞ්ගරත්තවත්ථමනුඤ්ඤාලඞ්කාරං නක්ඛත්තං කීළන්තං මහාජනං දිස්වා බලවදොමනස්සං උප්පජ්ජති. එවං තාව දුක්ඛස්ස ද්වින්නම්පි දුක්ඛානං වත්ථුභාවො වෙදිතබ්බො. අපිච –
දුක් දුක්ඛාර්ථය දතයුතුය. දොම්නස් දුක්ඛාර්ථයද දතයුතුය. මෙහි මේ දෙකම තෙමේද දුක් බැවින් වස්තුභාවයෙන් දුක් යයි කිනය ලදි. අත් පා කන් නාසා සිඳීමෙන් දුකට පැමිණ අනාථ සාලාවක ඉඳුල් කබලක් පෙරටුකොට නිදාගත්විට වණමුඛයෙන් පණුවන් පිටවනවිට බලවත් දුකක් උපදී. නොයෙක් පාට රතුවත්වලින් අලංකාර කරන ලද නැකත් කෙලියේ මිනිසුන් දැක බලවත් දොම්නස් උපදී. මෙසේ දුක් දෙකේම දුක්වල වස්තුභාවය දතයුතුය. තවද:-
පීළෙති කායිකමිදං, දුක්ඛං දුක්ඛඤ්ච මානසං භිය්යො; ජනයති යස්මා තස්මා, දුක්ඛන්ති විසෙසතො වුත්තන්ති.
පෙළයි කය දුක් මෙය - මනසද දුකින් බෝවේ උපදවයි දුක්රැස - දුකකැයි කියති එනිසා
චෙතොදුක්ඛසමප්පිතා පන කෙසෙ පකිරිය උරානි පතිපිසෙන්ති, ආවට්ටන්ති, විවට්ටන්ති, ඡින්නපපාතං පපතන්ති, සත්ථං ආහරන්ති, විසං ඛාදන්ති, රජ්ජුයා උබ්බන්ධන්ති, අග්ගිං පවිසන්ති . තං තං විපරීතං වත්ථුං තථා තථා විප්පටිසාරිනො පරිඩය්හමානචිත්තා චින්තෙන්ති. එවං දොමනස්සස්ස උභින්නම්පි දුක්ඛානං වත්ථුභාවො වෙදිතබ්බො. අපිච –
දුකින් යුත් සිත කෙස් විසුරුවයි. හෘදය පොඩිකරයි. එහාට මෙහාට පෙරලයි. සිඳුනු ප්‍රපාතවලට පෙරලයි. ආයුධ ගෙනඑයි. විස ගිලියි. රැහැණින් එල්ලෙයි. ගින්නට පනියි. ඒ ඒ වෙනස් වස්තු ඒ ඒ ලෙස විපිලිසරව දැවෙන සිතැත්තෝ සිතති. මෙසේ දොම්නස දෙපරිදිම දුක්බව දතයුතුය. තවද:-
පීළෙති යතො චිත්තං, කායස්ස ච පීළනං සමාවහති; දුක්ඛන්ති දොමනස්සම්පි, දොමනස්සං තතො අහූති.
සිත පෙළයි යමකින් - කයේ පෙළුම ද ගෙන දේ දොම්නස දුකක්මය - එ දොම්නස තෙ පරිදි වේ.
උපායාසනිද්දෙසො
උපායාසනිද්දෙසො
උපායාසනිද්දෙසෙ ආයාසනට්ඨෙන ආයාසො; සංසීදනවිසීදනාකාරප්පවත්තස්ස චිත්තකිලමථස්සෙතං නාමං. බලවං ආයාසො උපායාසො. ආයාසිතභාවො ආයාසිතත්තං. උපායාසිතභාවො උපායාසිතත්තං. අයං වුච්චති උපායාසොති අයං උපායාසො නාම කථියති. සො පනෙස බ්යාසත්තිලක්ඛණො, නිත්ථුනනරසො, විසාදපච්චුපට්ඨානො.
උපායාස විස්තරයෙහි ආයාසය යන අර්ථයෙන් ආයාස වේ. පසුබැසීම් ආකාරයෙන් පවතින සිතේ ක්ලාන්ත ගතියට මෙය නමකි. සිතේ බලවත් පසුතැවිලි බව උපායාසිතත්ත වේ. අයං වුච්චති උපායාසො මෙය උපායාස යයි කියනු ලැබේ. එහි ලක්ෂණය ඇලීමය, කෘත්‍යය කෙඳිරිගෑමය, වැටහෙන ආකාරය සිත්තැවුලය.
‘උපායාසස්ස දුක්ඛට්ඨො වෙදිතබ්බො’ති එත්ථ පන අයම්පි සයං න දුක්ඛො, උභින්නම්පි දුක්ඛානං වත්ථුභාවෙන දුක්ඛොති වුත්තො. කුපිතෙන හි රඤ්ඤා ඉස්සරියං අච්ඡින්දිත්වා හතපුත්තභාතිකානං ආණත්තවධානං භයෙන අටවිං පවිසිත්වා නිලීනානං මහාවිසාදප්පත්තානං දුක්ඛට්ඨානෙන දුක්ඛසෙය්යාය දුක්ඛනිසජ්ජාය බලවං කායදුක්ඛං උප්පජ්ජති. ‘එත්තකා නො ඤාතකා, එත්තකා භොගා නට්ඨා’ති චින්තෙන්තානං බලවදොමනස්සං උප්පජ්ජති. ඉති ඉමෙසං ද්වින්නම්පි දුක්ඛානං වත්ථුභාවෙන දුක්ඛොති වෙදිතබ්බොති. අපිච –
උපායාසයේ දුක්ඛාර්ථය දතයුතුය. මෙහිද තමාම දුක් නොවේ. දුක් දෙකම වස්තුභාවය නිසා දුක් යයි කියන ලදි. කෝපවූ රජතුමා ඓශ්වර්ය සිඳ නසන ලද වධයට බියෙන් පුතුන්ගෙන් එකෙක් වනයට පිවිස සැඟවී මහා පසුතැවිල්ලට පත්වේ. මෙයින් දුකට පත්ව මහත් දුකක් උපදී. මෙපමණ නෑයින් හා ධනය විනාශවී යයි සිතන්නාට බලවත් දොම්නසක් උපදී. මෙසේ දුක් දෙකම වස්තුභාවයෙන් සිදුවූ බව දතයුතුය. තවද:-
චිත්තස්ස පරිදහනා, කායස්ස විසාදනා ච අධිමත්තං; යං දුක්ඛමුපායාසො, ජනෙති දුක්ඛො තතො වුත්තො.
දැවීම ද සිතෙහි වන - පසුතැවුම් කය වැඩුමෙන් උපායාසය දුක් - දනවයි එයින් දුක් වේ
එත්ථ ච මන්දග්ගිනා අන්තොභාජනෙයෙව තෙලාදීනං පාකො විය සොකො. තික්ඛග්ගිනා පච්චමානස්ස භාජනතො බහිනික්ඛමනං විය පරිදෙවො. බහිනික්ඛන්තාවසෙසස්ස නික්ඛමිතුම්පි අප්පහොන්තස්ස අන්තොභාජනෙයෙව යාව පරික්ඛයා පාකො විය උපායාසො දට්ඨබ්බො.
මෙහි භාජනය තුළ තෙල් ආදියෙන් පැසෙන දෙයක් මෙන් සෝකයද දැඩි ගින්නෙන් පැසෙනවිට භාජනයෙන් පිටතට නික්මෙන්නාක් මෙන් පරිදේවයද පිටතට නික්මීමට නොහැකිව භාජනය තුළම පැසී ක්ෂයවී යන දෙයක් ලෙස උපායාසයද දතයුතුය.
අප්පියසම්පයොගනිද්දෙසො
අප්පියසම්පයොගනිද්දෙසො
අප්පියසම්පයොගනිද්දෙසෙ යස්සාති යෙ අස්ස. අනිට්ඨාති අපරියෙසිතා. පරියෙසිතා වා හොන්තු අපරියෙසිතා වා, නාමමෙවෙතං අමනාපාරම්මණානං. මනස්මිං න කමන්ති, න පවිසන්තීති අකන්තා. මනස්මිං න අප්පියන්ති, න වා මනං වඩ්ඪෙන්තීති අමනාපා. රූපාතිආදි තෙසං සභාවනිදස්සනං. අනත්ථං කාමෙන්ති ඉච්ඡන්තීති අනත්ථකාමා. අහිතං කාමෙන්ති ඉච්ඡන්තීති අහිතකාමා. අඵාසුකං දුක්ඛවිහාරං කාමෙන්ති ඉච්ඡන්තීති අඵාසුකකාමා. චතූහි යොගෙහි ඛෙමං නිබ්භයං විවට්ටං න ඉච්ඡන්ති, සභයං වට්ටමෙව නෙසං කාමෙන්ති ඉච්ඡන්තීති ආයොගක්ඛෙමකාමා.
අප්‍රිය සම්පයෝග විස්තරයෙහි යස්ස යමෙක්, ඔහුගේ අනිට්ඨා යනු නොසෙවීමය. සෙවීම හෝ නොසෙවීම හෝ වේ. මෙය අමනාප අරමුණට නමකි. සිතට මනාප නැති, නොපිවිසියේය යනු අකන්ත වේ. සිතට ප්‍රිය නැති මනස නොවැඩෙන්නේ අමනාප වේ. රූප ආදියේ ස්වභාවය පෙන්වීමය. අනර්ථය කැමති වෙයි. බලාපොරොත්තු වෙයි යන අර්ථයෙන් අනත්ථකාමා වේ. අහිත දේ කැමති වේ. බලාපොරොත්තු වේ යන අර්ථයෙන් අහිතකාමා වේ. පහසු නොවූ දුක් විහරණ කැමති වේ බලාපොරොත්තු වේ යන අර්ථයෙන් අඵාසුකාමා වේ. සිව් යෝගයෙන් බිය නැති නිවන කැමති නොවී බිය සහිත වූ සසරම කැමති වේ යන අරුතින් අයෝගක්ඛෙම කාමා වේ.
අපිච සද්ධාදීනං වුද්ධිසඞ්ඛාතස්ස අත්ථස්ස අකාමනතො තෙසංයෙව හානිසඞ්ඛාතස්ස අනත්ථස්ස ච කාමනතො අනත්ථකාමා. සද්ධාදීනංයෙව උපායභූතස්ස හිතස්ස අකාමනතො සද්ධාහානිආදීනං උපායභූතස්ස අහිතස්ස ච කාමනතො අහිතකාමා. ඵාසුකවිහාරස්ස අකාමනතො අඵාසුකවිහාරස්ස ච කාමනතො අඵාසුකකාමා. යස්ස කස්සචි නිබ්භයස්ස අකාමනතො භයස්ස ච කාමනතො අයොගක්ඛෙමකාමාති එවම්පෙත්ථ අත්ථො දට්ඨබ්බො.
[missing trans]
සඞ්ගතීති ගන්ත්වා සංයොගො. සමාගමොති ආගතෙහි සංයොගො. සමොධානන්ති ඨානනිසජ්ජාදීසු සහභාවො. මිස්සීභාවොති සබ්බකිච්චානං සහකරණං. අයං සත්තවසෙන යොජනා. සඞ්ඛාරවසෙන පන යං ලබ්භති තං ගහෙතබ්බං. අයං වුච්චතීති අයං අප්පියසම්පයොගො නාම කථියති. සො අනිට්ඨසමොධානලක්ඛණො, චිත්තවිඝාතකරණරසො, අනත්ථභාවපච්චුපට්ඨානො.
සංගති යනු ගොස් එකතුවීමය. සමාගමො යනු පැමිණ එකතුවීමය. සමොධානං යනු සිටීම් හිඳීම් ආදියෙන් සහභාගී වීමය. මිස්සීභාවො යනු සියළු කිසවල එකතුකිරීමය. මෙය සත්ත්වයන් වශයෙන් කරනු ලබන යෝජනාවයි. සංස්කාර වශයෙන් යමක් ලැබේ නම් එය ගතයුතුය. අයං වුච්චති මෙය අප්‍රිය සම්ප්රයෝගයයි කියනු ලැබේ. එය අනිට්ඨ සමෝධාන ලක්ෂණය වේ. සිත විනාශ කිරීම කෘත්‍යය යයි. අනර්ථභාවය වැටහෙන ආකාරයයි.
සො අත්ථතො එකො ධම්මො නාම නත්ථි. කෙවලං අප්පියසම්පයුත්තානං දුවිධස්සාපි දුක්ඛස්ස වත්ථුභාවතො දුක්ඛොති වුත්තො. අනිට්ඨානි හි වත්ථූනි සමොධානගතානි විජ්ඣනඡෙදනඵාලනාදීහි කායිකම්පි දුක්ඛං උප්පාදෙන්ති, උබ්බෙගජනනතො මානසම්පි. තෙනෙතං වුච්චති –
එය අර්ථ වශයෙන් එක් ධර්මයක් නැත. හුදෙක් අප්‍රිය සම්ප්‍රයුක්ත වූ දෙයාකාර දුකට වස්තුවන හෙයින් දුක යයි කියන ලදි. අනිට්ඨාවද වස්තුවල ඇතුළත් වූ විඳින සිඳින පලන ආදියෙන් කායික දුක්ද උපදවයි. උද්වේග ඇතිකිරීමෙන් මානසික දුක්ද උපදවයි. එනිසා මෙය කියන ලදි:-
දිස්වාව අප්පියෙ දුක්ඛං, පඨමං හොති චෙතසි; තදුපක්කමසම්භූත-මථ කායෙ යතො ඉධ.
දුටුමතින් අපියන් - සිතෙහි පළමුව ඇතිවේ උවකම් සමග වී - පසුව කයෙහි ද ඇති වේ
තතො දුක්ඛද්වයස්සාපි, වත්ථුතො සො මහෙසිනා; දුක්ඛො වුත්තොති විඤ්ඤෙය්යො, අප්පියෙහි සමාගමොති.
ඉන් දුක් දෙකම වත් - නිසා වනබව මහරිසි දෙසූබව දතයුතුය - අපියන් සමාගමයේ
පියවිප්පයොගනිද්දෙසො
පියවිප්පයොගනිද්දෙසො
පියවිප්පයොගනිද්දෙසො වුත්තපටිපක්ඛනයෙන වෙදිතබ්බො. මාතා වාතිආදි පනෙත්ථ අත්ථකාමෙ සරූපෙන දස්සෙතුං වුත්තං. තත්ථ මමායතීති මාතා. පියායතීති පිතා. භජතීති භාතා. තථා භගිනී. මෙත්තායන්තීති මිත්තා, මිනන්තීති වා මිත්තා; සබ්බගුය්හෙසු අන්තො පක්ඛිපන්තීති අත්ථො. කිච්චකරණීයෙසු සහභාවට්ඨෙන අමා හොන්තීති අමච්චා. අයං අම්හාකං අජ්ඣත්තිකොති එවං ජානන්ති ඤායන්තීති වා ඤාතී. ලොහිතෙන සම්බන්ධාති සාලොහිතා. එවමෙතානි පදානි අත්ථතො වෙදිතබ්බානි. අයං වුච්චතීති අයං පියෙහි විප්පයොගො නාම කථියති. සො ඉට්ඨවත්ථුවියොගලක්ඛණො, සොකුප්පාදනරසො, බ්යසනපච්චුපට්ඨානො.
ප්‍රිය විප්‍රයෝග දුක්ඛය කියන ලද්දෙහි ප්රතිපක්ෂ ක්‍රමයෙන් දතයුතුය. මාතා වා යන මෙහි දියුණුව කැමති ස්වරූපයෙන් දැක්වීමට කියන ලදි. එහි මමායනය මාතා වේ. පිය කෙරේ යනු පිතා වේ. ඇසුරු කෙරේ යයි භාතා වේ. භගිනියද එසේය. මෛත්‍රිය කෙරේ යයි මිත්තා. මනී යයි හෝ මිත්තා වේ සැඟවුණු සියළු ඇතුළත එළියට දමයි යන අර්ථයයි. කළයුතු කාර්යවල සහභාගි වන අර්ථයෙන් යහපත් වන්නේ යයි අමච්ච වේ. මේ තෙමේ අපගෙ ආධ්‍යාත්මයයි. මෙසේ දනියි. හැඳින ගනියි හෝ ඤාති වේ. ලෙයින් සම්බන්ධ වූයේ සාලොහිතා වේ. මෙසේ මේ පදවල අර්ථ දතයුතුය. අයං වුච්චති මෙය ප්‍රියයන්ගෙන් වෙන්වීම යයි කියනු ලැබේ. එය ඉෂ්ට වස්තුවල වෙන්වීම ලක්ෂණය වේ. සෝකය ඉපදීම කෘත්‍යයයි. ව්‍යසන වැටහෙන ආකාර යයි.
සො අත්ථතො එකො ධම්මො නාම නත්ථි. කෙවලං පියවිප්පයුත්තානං දුවිධස්සාපි දුක්ඛස්ස වත්ථුභාවතො දුක්ඛොති වුත්තො. ඉට්ඨානි හි වත්ථූනි වියුජ්ජමානානි සරීරස්ස සොසනමිලාපනාදිභාවෙන කායිකම්පි දුක්ඛං උප්පාදෙන්ති, ‘යම්පි නො අහොසි, තම්පි නො නත්ථී’ති අනුසොචාපනතො මානසම්පි. තෙනෙතං වුච්චති –
එහි අර්ථ වශයෙන් එක් ධර්මයක් නැත. කේවලවූ ප්‍රිය විප්රයෝගය දුක් දෙකම වස්තුභාවයෙන් දුක් යයි කියන ලදි. ඉෂ්ට වූ වස්තු වෙන්වනවිට ශරීරයේ විලීම් මැලවීම් ආදියෙන් කායික දුක් උපදවයි. අපට යමක් තිබී නැතිවෙයි. එයට සෝක කිරීමෙන් මානසිකවද දුක් ඇතිවේ. එහෙයින් මෙය කියනු ලැබේ:-
ඤාතිධනාදිවියොගා, සොකසරසමප්පිතා විතුජ්ජන්ති; බාලා යතො තතො යං, දුක්ඛොති මතො පියවියොගොති.
නෑ දන වියෝගය - විදියි ඊ සර සෝ නම් මැරුණු පිය වියොවින් - දුකින් තැවෙති බාලයෝ
ඉච්ඡානිද්දෙසො
ඉච්ඡානිද්දෙසො
ඉච්ඡානිද්දෙසෙ ජාතිධම්මානන්ති ජාතිසභාවානං ජාතිපකතිකානං. ඉච්ඡා උප්පජ්ජතීති තණ්හා උප්පජ්ජති. අහො වතාති පත්ථනා. න ඛො පනෙතං ඉච්ඡාය පත්තබ්බන්ති යං එතං “අහො වත මයං න ජාතිධම්මා අස්සාම, න ච වත නො ජාති ආගච්ඡෙය්‍යා”ති එවං පහීනසමුදයෙසු සාධූසු විජ්ජමානං අජාතිධම්මත්තං, පරිනිබ්බුතෙසු ච විජ්ජමානං ජාතියා අනාගමනං ඉච්ඡිතං, තං ඉච්ඡන්තස්සාපි මග්ගභාවනාය විනා අපත්තබ්බතො අනිච්ඡන්තස්ස ච භාවනාය පත්තබ්බතො න ඉච්ඡාය පත්තබ්බං නාම හොති. ඉදම්පීති එතම්පි; උපරි සෙසානි උපාදාය පිකාරො. යම්පිච්ඡන්ති යෙනපි ධම්මෙන අලබ්භනෙය්යං වත්ථුං ඉච්ඡන්තො න ලභති, තං අලබ්භනෙය්යවත්ථුඉච්ඡනං දුක්ඛන්ති වෙදිතබ්බං. ජරාධම්මානන්තිආදීසුපි එසෙව නයො. එවමෙත්ථ අලබ්භනෙය්යවත්ථූසු ඉච්ඡාව “යම්පිච්ඡං න ලභති තම්පි දුක්ඛ”න්ති වුත්තා. සා අලබ්භනෙය්යවත්ථුඉච්ඡනලක්ඛණා, තප්පරියෙසනරසා, තෙසං අප්පත්තිපච්චුපට්ඨානා.
කැමති විස්තරයෙහි ජාතිධම්මානං යනු ජාති ස්වභාවයන්ගේ ජාති ප්‍රත්‍යයන්ගේ ඉච්ඡා උප්පජ්ජති යනු තෘෂ්ණාව උපදී. අහොවත යනු ප්‍රාර්ථනාවය. න ඛො පනෙතං ඉච්ඡා පත්තබ්බා යනු යම් දෙයකින් අපි ඉපදීම් ධර්මයට නොපැමිණේම යයි පැතීම, අප ඉපදීමට නොපැමිණේවායි මෙසේ සමුදය ප්‍රහාණයෙන් සාධූන් කෙරෙහි විද්‍යමාන නොඉපදීම් ධර්ම වූ පරිනිර්වාණයෙහි විද්‍යමාන ඉපදීමේ නොපැමිණීම කැමතිවන ලදි. මාර්ග භාවනාවෙන් තොරව නොපැමිණිය හැකි බැවින් නොකැමති වන්නාටද භාවනාවෙන් පැමිණිය යුතු බැවින් කැමතිවීමෙන් පැමිණීම නම් දෙයක් නැත. (කැමතිවීමෙන් හෝ ප්‍රාර්ථනා කිරීමෙන් ඉපදීම නැතිකළ නොහැකිබව කී සේය) ඉදම්පි මෙයද, මත්තෙහි සෙස්ස ‘පි’ කාරයෙන් ගනී. යම්පිච්ඡං යම් ධර්මයකින් නොලැබිය හැකි වස්තු කැමතිවන්නා නොලබයි. නොලැබිය හැකි වස්තු කැමතිවීම දුක් යයි දතයුතුය. ජරාධම්මානං ආදියෙහිද මෙම නයයි. මෙසේ මෙහි නොලැබිය හැකි වස්තු කෙරෙහි කැමැත්තම යමක් නොලබයිද එය දුක්යයි කියන ලදි. එහි නොලැබිය හැකි වස්තු කැමතිවීම ලක්ෂණ යයි. ඒ ගැන සෙවීම කෘත්‍යයයි. ඒවායේ නොපැමිණීම වැටහෙන ආකාරයයි.
ද්වින්නං පන දුක්ඛානං වත්ථුභාවතො දුක්ඛාති වුත්තා. එකච්චො හි රාජා භවිස්සතීති සම්භාවිතො හොති. සො ඡින්නභින්නගණෙන පරිවාරිතො පබ්බතවිසමං වා වනගහනං වා පවිසති. අථ රාජා තං පවත්තිං ඤත්වා බලකායං පෙසෙති. සො රාජපුරිසෙහි නිහතපරිවාරො සයම්පි ලද්ධප්පහාරො පලායමානො රුක්ඛන්තරං වා පාසාණන්තරං වා පවිසති. තස්මිං සමයෙ මහාමෙඝො උට්ඨහති, තිබ්බන්ධකාරා කාළවද්දලිකා හොති. අථ නං සමන්තතො කාළකිපිල්ලිකාදයො පාණා පරිවාරෙත්වා ගණ්හන්ති. තෙනස්ස බලවකායදුක්ඛං උප්පජ්ජති. ‘මං එකං නිස්සාය එත්තකා ඤාතී ච භොගා ච විනට්ඨා’ති චින්තෙන්තස්ස බලවදොමනස්සං උප්පජ්ජති. ඉති අයං ඉච්ඡා ඉමෙසං ද්වින්නම්පි දුක්ඛානං වත්ථුභාවෙන දුක්ඛාති වෙදිතබ්බා. අපිච –
දුක් දෙකම වස්තු භාවයෙන් දුක් යයි කියන ලදි. එකෙක් රජවන්නේ යයි බුහුමන් ලබයි. හේ සිඳී බිඳී ගිය සමූහයා පිරිවරනු ලැබ විසම කඳුකරයට හෝ වනයට පිවිසෙයි. ඉක්බිති රජ ඒ පුවත දැන බලකා යවයි. රාජපුරුෂයන් විසින් නසන ලද පිරිවර ඇති හේ තමාද ලද පහර ඇත්තේ ගස් හෝ ගල් අතරට පිවිසේ. මේ වේලාවේ මහවැස්සක් ඇති වේ. ගණ අඳුරු කළුවලා නැගෙයි. ඉක්බිති ඔහු කළුකූඹි (කළුකඩි) පිරිවරා ගනිති. එයින් ඔහුට බලවත් දුක් උපදී. එකම මා නිසා මෙපමණ නෑයින් මෙපමණ ධනය විනාශ වී යයි. බලවත් දොම්නස උපදී. මේ ආශාව මේ දුක් දෙකටම වස්තුවන බැවින් දුක් යයි දතයුතු. තවද:-
තං තං පත්ථයමානානං, තස්ස තස්ස අලාභතො; යං විඝාතමයං දුක්ඛං, සත්තානං ඉධ ජායති.
ඒ ඒ දෙය පතන - අයහට වන අලාභය සතුන්හට මෙහි යම් - විනාසය දුක් උපදියි
අලබ්භනෙය්යවත්ථූනං, පත්ථනා තස්ස කාරණං; යස්මා තස්මා ජිනො දුක්ඛං, ඉච්ඡිතාලාභමබ්රවීති.
නොලැබිය හැකි වතුන් - පැතුමයි එයට හේතුව කැමති දෙය නොලැබෙනු - දුක් යයි මුනිසඳහු යු
උපාදානක්ඛන්ධනිද්දෙසො
උපාදානක්ඛන්ධනිද්දෙසො
උපාදානක්ඛන්ධනිද්දෙසෙ සංඛිත්තෙනාති දෙසනං සන්ධාය වුත්තං. දුක්ඛඤ්හි එත්තකානි දුක්ඛසතානීති වා එත්තකානි දුක්ඛසහස්සානීති වා එත්තකානි දුක්ඛසතසහස්සානීති වා සංඛිපිතුං න සක්කා, දෙසනා පන සක්කා, තස්මා “දුක්ඛං නාම අඤ්ඤං කිඤ්චි නත්ථි, සංඛිත්තෙන පඤ්චුපාදානක්ඛන්ධා දුක්ඛා”ති දෙසනං සඞ්ඛිපෙන්තො එවමාහ. සෙය්යථිදන්ති නිපාතො; තස්ස තෙ කතමෙති චෙති අත්ථො. රූපූපාදානක්ඛන්ධොතිආදීනං අත්ථො ඛන්ධවිභඞ්ගෙ වණ්ණිතොයෙව.
උපාදාන ස්කන්ධ විස්තරයෙහි සංඛිත්තෙන දේශනාව සඳහා කියන ලදි. දුක් නම් දුක් සියයක් පමණ යයි හෝ දහසක් පමණ යයි හෝ ලක්ෂයක් පමණ යයි හෝ ගණන් කිරීමට නොහැක. දේශනා කිරීමට හැකිය. එසේ හෙයින් දුක් නම් අන් කිසිවක් නොව කෙටියෙන් පංච උපාදානස්කන්ධ දුක් යිය දේශනය හකුළුවමින් මෙසේ කීහ. සෙය්යථීදං නිපාතයකි. ඒවා කවරේදැයි යන අර්ථයයි. රූප උපාදාන යන ස්කන්ධයන්ගේ අර්ථ ස්කන්ධ විභංගයෙහි වර්ණනා කරන ලද්දේය.
‘ඛන්ධානං දුක්ඛට්ඨො වෙදිතබ්බො’ති එත්ථ පන –
ස්කන්ධයන්ගේ දුක්ඛාර්ථය දැනගත යුතුය. මෙය වනාහි:-
ජාතිප්පභුතිකං දුක්ඛං, යං වුත්තං ඉධ තාදිනා; අවුත්තං යඤ්ච තං සබ්බං, විනා එතෙ න විජ්ජති.
ඉපදීම මුල්කොට - දුක් යයි කියන ලද මෙහි නොකියන ලද සියල් - ඇති නොවේ මෙය නොමැතිව
යස්මා තස්මා උපාදාන-ක්ඛන්ධා සඞ්ඛෙපතො ඉමෙ; දුක්ඛාති වුත්තා දුක්ඛන්ත-දෙසකෙන මහෙසිනා.
එනිසාම කෙටියෙන් - උපාදාන කඳු මෙහී දුක් යයි වදහළේ - මහරිසි වෙයි දුක් නැසූ
තථා හි ඉන්ධනමිව පාවකො, ලක්ඛමිව පහරණානි, ගොරූපමිව ඩංසමකසාදයො, ඛෙත්තමිව ලාවකා, ගාමං විය ගාමඝාතකා, උපාදානක්ඛන්ධපඤ්චකමෙව ජාතිආදයො නානප්පකාරෙහි බාධයමානා, තිණලතාදීනි විය භූමියං, පුප්ඵඵලපල්ලවාදීනි විය රුක්ඛෙසු, උපාදානක්ඛන්ධෙසුයෙව නිබ්බත්තන්ති. උපාදානක්ඛන්ධානඤ්ච ආදිදුක්ඛං ජාති, මජ්ඣෙදුක්ඛං ජරා, පරියොසානදුක්ඛං මරණං. මාරණන්තිකදුක්ඛාභිඝාතෙන පරිඩය්හමානදුක්ඛං සොකො, තදසහනතො ලාලප්පනදුක්ඛං පරිදෙවො. තතො ධාතුක්ඛොභසඞ්ඛාතඅනිට්ඨඵොට්ඨබ්බසමායොගතො කායස්ස ආබාධනදුක්ඛං දුක්ඛං. තෙන බාධියමානානං පුථුජ්ජනානං තත්ථ පටිඝුප්පත්තිතො චෙතොබාධනදුක්ඛං දොමනස්සං. සොකාදිවුඩ්ඪියා ජනිතවිසාදානං අනුත්ථුනනදුක්ඛං උපායාසො. මනොරථවිඝාතප්පත්තානං ඉච්ඡාවිඝාතදුක්ඛං ඉච්ඡිතාලාභොති එවං නානප්පකාරතො උපපරික්ඛියමානා උපාදානක්ඛන්ධාව දුක්ඛාති යදෙතං එකමෙකං දස්සෙත්වා වුච්චමානං අනෙකෙහි කප්පෙහි න සක්කා අසෙසතො වත්තුං, තං සබ්බම්පි දුක්ඛං එකජලබින්දුම්හි සකලසමුද්දජලරසං විය යෙසු කෙසුචි පඤ්චසු උපාදානක්ඛන්ධෙසු සඞ්ඛිපිත්වා දස්සෙතුං “සංඛිත්තෙන පඤ්චුපාදානක්ඛන්ධා දුක්ඛා”ති භගවා අවොචාති.
යම්සේ ගින්න ඉන්ධන මෙන් පහරට ඉලක්කය මෙන් ඩංස මකසයන්ට ගවරූපය මෙන් කපන්නන්ට (ගොයම්) කෙතක් මෙන් ජාති ආදියට උපාදාන ස්ක්නධ පංචකය මෙන් නොයෙක් ආකාරයේ බාධා කරනු ලබන තෘණ ලතාදියට බිමක් මෙන් ගස්වල මල් ගෙඩි කොළ ආදිය මෙන් උපාදානය ස්කන්ධවලම උපදී. උපාදාන ස්කන්ධවල මුල්ම දුක ඉපදීමය. මැද දුක ජරාවය. අවසාන දුක මරණයයි. මාරාන්තික දුක්වලින් පහර දෙනලද දවනු ලබන දුක සෝකයයි. එය නොඉවසන්නේ වැලපෙන දුක පරිදේවයයි. එයින් ධාතු කැළඹීම් වශයෙන් ඇතිවූ ශරීරයේ ආබාධ ඇතිකරන්නේ දුක්ඛ දුක වේ. එයින් බාධා පමුණුවන පෘථග්ජනයින් එහි තරහ ඉපදවීම් වශයෙන් ඇතිවන සිත පෙළන දුක දෝමනස්සයයි. සෝකාදිය වර්ධනය වීමෙන් ඇතිවන කලකිරීම ඇතිකරන දුක උඵායාසයයි. බලාපොරොත්තු ඉටු නොවී ඉච්ඡා භංගයට පත් දුක කැමති දේ නොලැබීමයි. මෙසේ නොයෙක් ආකාරයෙන් පරීක්ෂා කරනු ලබන උපාදාන ස්කන්ධයම දුක් යයි එක එක දක්වා කියන ලද නොයෙක් කල්පවලිනුත් සම්පූර්ණයෙන් කියා නිමකළ හැකි නොවේ. ඒ සියළු දුක් එක ජල බින්දුවක සියළු මුහුදෙහි ජල රසය මෙන් මේ පංචස්කන්ධයෙහි හකුළුවා දැක්වීමට සංඛිත්තෙන පංචූපාදානක්ඛන්ධා දුක්ඛා යයි භාග්‍යවතුන් වහන්සේ වදාළ සේක.
දුක්ඛසච්චනිද්දෙසවණ්ණනා නිට්ඨිතා.
දුක්ඛ සච්ච නිද්දේසයයි
සමුදයසච්චනිද්දෙසවණ්ණනා
සමුදයසච්චනිද්දෙසවණ්ණනා
සමුදයසච්චනිද්දෙසෙ යායං තණ්හාති යා අයං තණ්හා. පොනොබ්භවිකාති පුනබ්භවකරණං පුනොබ්භවො, පුනොබ්භවො සීලමස්සාති පොනොබ්භවිකා. අපිච පුනබ්භවං දෙති, පුනබ්භවාය සංවත්තති, පුනප්පුනං භවෙ නිබ්බත්තෙතීති පොනොබ්භවිකා. සා පනෙසා පුනබ්භවස්ස දායිකාපි අත්ථි අදායිකාපි, පුනබ්භවාය සංවත්තනිකාපි අත්ථි අසංවත්තනිකාපි, දින්නාය පටිසන්ධියා උපධිවෙපක්කමත්තාපි. සා පුනබ්භවං දදමානාපි අදදමානාපි, පුනබ්භවාය සංවත්තමානාපි අසංවත්තමානාපි, දින්නාය පටිසන්ධියා උපධිවෙපක්කමත්තාපි පොනොබ්භවිකා එවාති නාමං ලභති. අභිනන්දනසඞ්ඛාතෙන නන්දිරාගෙන සහගතාති නන්දිරාගසහගතා, නන්දිරාගෙන සද්ධිං අත්ථතො එකත්තමෙව ගතාති වුත්තං හොති. තත්රතත්රාභිනන්දිනීති යත්ර යත්ර අත්තභාවො තත්රතත්රාභිනන්දිනී, රූපාදීසු වා ආරම්මණෙසු තත්රතත්රාභිනන්දිනී; රූපාභිනන්දිනී සද්දගන්ධරසඵොට්ඨබ්බධම්මාභිනන්දිනීති අත්ථො. සෙය්යථිදන්ති නිපාතො; තස්ස සා කතමාති චෙති අත්ථො. කාමතණ්හාති කාමෙ තණ්හා කාමතණ්හා; පඤ්චකාමගුණිකරාගස්සෙතං අධිවචනං. භවෙ තණ්හා භවතණ්හා; භවපත්ථනාවසෙන උප්පන්නස්ස සස්සතදිට්ඨිසහගතස්ස රූපාරූපභවරාගස්ස ච ඣානනිකන්තියා චෙතං අධිවචනං. විභවෙ තණ්හා විභවතණ්හා; උච්ඡෙදදිට්ඨිසහගතස්ස රාගස්සෙතං අධිවචනං.
සමුදය සත්‍යය නිද්දේසයෙහි යායං තණ්හා යනු යම් මේ තෘෂ්ණාවක්. පොනොභවිකා යනු නැවත භවය ඇතිකරන, පුනර්භවය මෙහි ස්වභාවය වේ යයි යන අර්ථයෙන් පොනොභවික වේ. තවද පුනර්භවය දෙයි. පුනර්භවය පිණිස පවතියි. නැවත නැවත භවයෙහි උපදවයි යනුවෙන්ද පොනොභවික වේ. එය වනාහි පුනර්භවයට දායකද අදායකද වේ. මෙය පුනර්භවය පිණිස පැවතීමද නොපැවතීමද වේ. දෙනලද ප්රතිසන්ධියෙන් ස්කන්ධ විපාක නියමයද එය පුනර්භවය දේද නොදේද පුනර්භවය පිණිස පවතීද නොපවතීද දෙනලද ප්රතිසන්ධියෙහි විපාක ප්‍රමාණයද පොනොභවික නම ලබයි. සතුටුවීම් සංඛ්‍යාත නන්දි රාගයෙන් යුක්ත නිසා නන්දිරාග සහගතා වේ. නන්දිරාගය සමග යන අර්ථයෙන් ඒකාන්තයෙන්ම ගියා යයි කියන ලදි. තත්ර තත්රාභිනන්දිනී යනු ආත්මභාව තිබෙන තැන්වල ඇලෙන, සතුටුවන, රූපාදියෙහි හෝ අරමුණුවල ඇලෙන, සතුටුවන. රූපයෙහි සතුටුව ඇලෙන, ශබ්ද ගන්ධ රස ඵොට්ඨබ්බ ධම්ම යන මේවායේ සතුටුව ඇලීම යන අර්ථ වේ. සෙය්යථීදං? නිපාතයකි. එහි කවරේද? යන තේරුම වේ. කාම තණ්හා කාමයෙහි තෘෂ්ණාවය. පංචකාම ගුණයෙන් යුත් රාගයට පර්යාය වචනයකි. භවයෙහි තෘෂ්ණාව භව තෘෂ්ණා වේ. භවය ප්‍රාර්ථනා කිරීම් වශයෙන් උපන් ශාස්වත දෘෂ්ටි සහගත රූපාරූප රාගයෙහිද ධ්‍යාන ආශාවටද මෙය සමාන වචනයකි. විභවයෙහි තෘෂ්ණාව විභව තණ්හා වේ. උච්ඡේද දෘෂ්ටි සහගත රාගයට සමාන වචනයකි.
ඉදානි තස්සා තණ්හාය වත්ථුං විත්ථාරතො දස්සෙතුං සා ඛො පනෙසාතිආදිමාහ. තත්ථ උප්පජ්ජතීති ජායති. නිවිසතීති පුනප්පුනං පවත්තිවසෙන පතිට්ඨහති. යං ලොකෙ පියරූපං සාතරූපන්ති යං ලොකස්මිං පියසභාවඤ්චෙව මධුරසභාවඤ්ච. චක්ඛුං ලොකෙතිආදීසු ලොකස්මිඤ්හි චක්ඛාදීසු මමත්තෙන අභිනිවිට්ඨා සත්තා සම්පත්තියං පතිට්ඨිතා අත්තනො චක්ඛුං ආදාසාදීසු නිමිත්තග්ගහණානුසාරෙන විප්පසන්නපඤ්චපසාදං සුවණ්ණවිමානෙ උග්ඝාටිතමණිසීහපඤ්ජරං විය මඤ්ඤන්ති, සොතං රජතපනාළිකං විය පාමඞ්ගසුත්තකං විය ච මඤ්ඤන්ති, තුඞ්ගනාසාති ලද්ධවොහාරං ඝානං වට්ටෙත්වා ඨපිතහරිතාලවට්ටිං විය මඤ්ඤන්ති, ජිව්හං රත්තකම්බලපටලං විය මුදුසිනිද්ධමධුරරසදං මඤ්ඤන්ති, කායං සාලලට්ඨිං විය සුවණ්ණතොරණං විය ච මඤ්ඤන්ති, මනං අඤ්ඤෙසං මනෙන අසදිසං උළාරං මඤ්ඤන්ති, රූපං සුවණ්ණකණිකාරපුප්ඵාදිවණ්ණං විය , සද්දං මත්තකරවීකකොකිලමන්දධමිතමණිවංසනිග්ඝොසං විය, අත්තනා පටිලද්ධානි චතුසමුට්ඨානිකගන්ධාරම්මණාදීනි ‘කස්ස අඤ්ඤස්ස එවරූපානි අත්ථී’ති මඤ්ඤන්ති. තෙසං එවං මඤ්ඤමානානං තානි චක්ඛාදීනි පියරූපානි චෙව හොන්ති සාතරූපානි ච. අථ නෙසං තත්ථ අනුප්පන්නා චෙව තණ්හා උප්පජ්ජති, උප්පන්නා ච පුනප්පුනං පවත්තිවසෙන නිවිසති. තස්මා භගවා – “චක්ඛුං ලොකෙ පියරූපං සාතරූපං. එත්ථෙසා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජතී”තිආදිමාහ. තත්ථ උප්පජ්ජමානාති යදා උප්පජ්ජති තදා එත්ථ උප්පජ්ජතීති අත්ථො. එස නයො සබ්බත්ථාපීති.
තෘෂ්ණා වස්තු විස්තර වශයෙන් දැක්වීමට සා ඛො පනෙසා යනාදිය කීහ. එහි උප්පජ්ජති උපදී. නිවිසති නැවත නැවත පැවතීම් වශයෙන් පිහිටුවීමය. යං ලොකෙ පියරූපං සාතරූපං ලෝකයෙහි ප්‍රියවූද, මිහිරි වූද යමක්. චක්ඛුං ලොකෙ ලෝකයෙහි චක්ඛු ආදිය කෙරෙහි මමත්වයට සත්ත්වාය සම්පත්තියෙහි පිහිටා තමාගේ ඇස කැඩපත් ආදියෙහි නිමිති අනුසාරයෙන් ගෙන ප්‍රසන්න වූ පංච ප්‍රසාදය රන්විමනක අරින ලද මැණික් සීමැදුරු කවුළුවක් මෙන් හඟියි. කන රිදී කුප්පියක් මෙන් හවඩි නූලක් මෙන්ද සිතයි. උස නාසය යයි ව්‍යවහාර වන ඝාණය ගුලිකොට තැබූ රන්සිරියල් ගුලියකැයි හඟියි. දිව රත් කම්බිලි පටලයක් මෙන් මෘදු සිනිඳු මිහිරි රස දේ යයි හඟියි. කය සල්ගසක් මෙන් රන් තොරණක් මෙන්ද හඟියි. මනස අන්‍යයන්ගේ මනසට අසමාන සේ උදාර සේ සිතයි. රූපය රන් කිණිහිරි මල් වර්ණ මෙන්, ශබ්දය මත් කුරවි කොවුලන් මද නදැති මිණි වෙණින් නිකුත් නදක් මෙන්, තමා ලද චතු සමුට්ඨානික සුවඳ අරමුණු ආදිය ගැන මේවායේ තිබෙන්නේ කාටදැයි සිතයි. මෙසේ සිතන්නාට ඒ චක්ඛු ආදිය ප්‍රිය රූපද මිහිරි රූපද වේ. ඉක්බිති ඔවුන්ට එහි නූපන් තෘෂ්ණාව උපදී. උපන් තෘෂ්ණාව නැවත නැවත පැවතීම් වශයෙන් පිහිටුවයි. එහෙයින් භාග්‍යවතුන් වහන්සේ චක්ඛුං ලොකෙ පිය රූපං සාතං රූපං, එත්ථෙ සා තණ්හා උප්පජ්ජමානා උප්පජ්ජති ආදිය වදාළහ. එහි උප්පජ්ජමානා යනු යම්කලක උපදී නම් එකල මෙහි උපදී යන අර්ථයි. සියළු තැන මෙම නයයි.
සමුදයසච්චනිද්දෙසවණ්ණනා නිට්ඨිතා.
සමුදය සත්‍ය නිර්දේශය
නිරොධසච්චනිද්දෙසවණ්ණනා
නිරොධසච්චනිද්දෙසවණ්ණනා
නිරොධසච්චනිද්දෙසෙ යො තස්සායෙව තණ්හායාති එත්ථ ‘යො තස්සෙව දුක්ඛස්සා’ති වත්තබ්බෙ යස්මා සමුදයනිරොධෙනෙව දුක්ඛං නිරුජ්ඣති නො අඤ්ඤථා, යථාහ –
නිරෝධ සත්‍යය නිද්දේසයෙහි යො තස්සායෙව තණ්හාය යන මෙහි යමෙක් එම දුකෙහිම යයි කිවයුත්තෙහි සමුදය නිරෝධයෙන්ම දුක්ඛ නිරෝධය වේ. වෙනත් ආකාරයකින් නොවේ. එනිසා කීවේද:-
“යථාපි මූලෙ අනුපද්දවෙ දළ්හෙ, ඡින්නොපි රුක්ඛො පුනරෙව රූහති; එවම්පි තණ්හානුසයෙ අනූහතෙ, නිබ්බත්තති දුක්ඛමිදං පුනප්පුන”න්ති. (ධ· ප· 338);
යම්සේ ගසේ මුල් උදුරා නොදැම්මොත් කැපූ ගසක් මුත් නැවතත් වැඩේමැයි ඒ සේම ආසා’නුසයන් නො නැස්මෙහී මේ දුක්හි උත්පත්ති වේමැයි යළිත් යළිත්
තස්මා තං දුක්ඛනිරොධං දස්සෙන්තො සමුදයනිරොධෙන දස්සෙතුං එවමාහ. සීහසමානවුත්තිනො හි තථාගතා. තෙ දුක්ඛං නිරොධෙන්තා දුක්ඛනිරොධඤ්ච දස්සෙන්තා හෙතුම්හි පටිපජ්ජන්ති, න ඵලෙ. සුවානවුත්තිනො පන අඤ්ඤතිත්ථියා. තෙ දුක්ඛං නිරොධෙන්තා දුක්ඛනිරොධඤ්ච දස්සෙන්තා අත්තකිලමථානුයොගෙන චෙව තස්සෙව ච දෙසනාය ඵලෙ පටිපජ්ජන්ති, න හෙතුම්හීති. සීහසමානවුත්තිතාය සත්ථා හෙතුම්හි පටිපජ්ජන්තො යො තස්සායෙවාතිආදිමාහ.
එහෙයින් දුක්ඛ නිරෝධය දක්වන්නේ, සමුදය නිරෝධයෙන් දැක්වීමට මෙසේ කීහ. තථාගතයන් වහන්සේ සිංහයෙකුට සමාන පැවතුම් ඇත්තාහ. දුක් නැතිකරන්නේ දුක්ඛ නිරෝධයද දක්වන්නේ ඔවුහු පලයෙහි නොව හේතුවෙහි පිළිපදිති. අන්‍ය තීර්ථකයෝ සුවාන (බලු) ව්‍රතය පිළිපදිති. ඔවුහු දුක් නැති කරන්නේ දුක්ඛ නිරෝධය දක්වන්නේ අත්තකිලමථානු යෝගයෙන්ද ඒ දේසනාවෙන්ද ඵලයෙහි පිළිපදිති. හේතුවෙහි නොපිළිපදිති. හේතුව ඉවත් නොකර ඵලය ඉවත් කිරීමට උත්සාහ කරති. සිංහ සමාන පැවතුම් ඇති ශාස්තෲන් වහන්සේ හේතුවෙහි පිළිපදින්නේ යො තස්සායෙව යනාදිය කීහ.
තත්ථ තස්සායෙවාති යා සා උප්පත්ති නිවෙසවසෙන හෙට්ඨා පකාසිතා තස්සායෙව. අසෙසවිරාගනිරොධොතිආදීනි සබ්බානි නිබ්බානවෙවචනානෙව . නිබ්බානඤ්හි ආගම්ම තණ්හා අසෙසා විරජ්ජති නිරුජ්ඣති. තස්මා තං “තස්සායෙව තණ්හාය අසෙසවිරාගනිරොධො”ති වුච්චති. නිබ්බානඤ්ච ආගම්ම තණ්හා චජියති, පටිනිස්සජ්ජියති, මුච්චති, න අල්ලියති. තස්මා නිබ්බානං “චාගො පටිනිස්සග්ගො මුත්ති අනාලයො”ති වුච්චති. එකමෙව හි නිබ්බානං. නාමානි පනස්ස සබ්බසඞ්ඛතානං නාමපටිපක්ඛවසෙන අනෙකානි නිබ්බානවෙවචනානෙව හොන්ති, සෙය්යථිදං – අසෙසවිරාගනිරොධො, චාගො, පටිනිස්සග්ගො, මුත්ති, අනාලයො, රාගක්ඛයො, දොසක්ඛයො, මොහක්ඛයො, තණ්හාක්ඛයො, අනුප්පාදො, අප්පවත්තං, අනිමිත්තං, අප්පණිහිතං, අනායූහනං, අප්පටිසන්ධි, අනුපපත්ති, අගති, අජාතං, අජරං, අබ්යාධි, අමතං, අසොකං, අපරිදෙවං, අනුපායාසං, අසංකිලිට්ඨන්තිආදීනි.
එහි තස්සායෙව යන යම් ඒ උපත් ගැනීම් වශයෙන් යට කියන ලදි. අසෙසවිරාගනිරොධො යනාදි සියල්ල නිර්වාණයෙහි පර්යාය වචන වේ. නිවනට පැමිණ තෘෂ්ණාව නිරවශේෂයෙන් නිරුද්ධ වේ. එනිසා එය අසෙස විරාග නිරෝධා යයි කියනු ලැබේ. නිවනට පැමිණ තෘෂ්ණාව අත්හරී. බැහැර කරයි. මිදෙයි. නො ඇලෙයි. එනිසා නිවන වාගො පටිනිස්සග්ගො මුත්ති අනාලයො යයි කියනු ලැබේ. නිවන එකක්මය. සියළු සංඛත නාමයන්ගේ ප්රතිපක්ෂ වශයෙන් නිර්වාණයට නොයෙක් පර්යාය නම් තිබේ. කෙසේද? අසෙස විරාග නිරොධො, චාගො, මුත්ති, අනාලයො, රාගක්ඛයො, දොසක්ඛයො, මෝහක්ඛයො, තණ්හක්ඛයො, අනුප්පාදො, අප්පවත්තං, අනිමිත්තං, අප්පණිහිතං, අනායුහනං, අසංකිලිට්ඨං ආදිය වශයෙනි.
ඉදානි මග්ගෙන ඡින්නාය නිබ්බානං ආගම්ම අප්පවත්තිපත්තායපි ච තණ්හාය යෙසු වත්ථූසු තස්සා උප්පත්ති දස්සිතා, තත්ථෙව අභාවං දස්සෙතුං සා ඛො පනෙසාතිආදිමාහ. තත්ථ යථා පුරිසො ඛෙත්තෙ ජාතං තිත්තඅලාබුවල්ලිං දිස්වා අග්ගතො පට්ඨාය මූලං පරියෙසිත්වා ඡින්දෙය්ය, සා අනුපුබ්බෙන මිලායිත්වා අප්පවත්තිං ගච්ඡෙය්ය. තතො තස්මිං ඛෙත්තෙ තිත්තඅලාබු නිරුද්ධා පහීනාති වුච්චෙය්ය. එවමෙව ඛෙත්තෙ තිත්තඅලාබු විය චක්ඛාදීසු තණ්හා. සා අරියමග්ගෙන මූලච්ඡින්නා නිබ්බානං ආගම්ම අප්පවත්තිං ගච්ඡති. එවං ගතා පන තෙසු වත්ථූසු ඛෙත්තෙ තිත්තඅලාබු විය න පඤ්ඤායති. යථා ච අටවිතො චොරෙ ආනෙත්වා නගරස්ස දක්ඛිණද්වාරෙ ඝාතෙය්යුං, තතො අටවියං චොරා මතාති වා මාරිතාති වා වුච්චෙය්යුං; එවමෙව අටවියං චොරා විය යා චක්ඛාදීසු තණ්හා, සා දක්ඛිණද්වාරෙ චොරා විය නිබ්බානං ආගම්ම නිරුද්ධත්තා නිබ්බානෙ නිරුද්ධා. එවං නිරුද්ධා පන තෙසු වත්ථූසු අටවියං චොරා විය න පඤ්ඤායති. තෙනස්සා තත්ථෙව නිරොධං දස්සෙන්තො “චක්ඛුං ලොකෙ පියරූපං සාතරූපං, එත්ථෙසා තණ්හා පහීයමානා පහීයති, එත්ථ නිරුජ්ඣමානා නිරුජ්ඣතී”තිආදිමාහ. සෙසමෙත්ථ උත්තානත්ථමෙවාති.
මාර්ගයෙන් සිඳී නිවනට පැමිණ දැන් නො පැවැත්මට පැමිණියද තෘෂ්ණාව යම් වස්තුවල උපත දක්වන ලදි. එහිම අභාවය දැක්වීමට සා ඛො පනෙසා ආදිය කීහ. එහි යම් මිනිසෙක් කෙතෙහි හටගත් තිත්ත ලබුවැලක් දැක අග සිට මුල සොයා සිඳියි. එය කෙමෙන් මැලවී නො පැවැත්ම පත්වන්නේය. එයින් ඒ කෙතෙහි වූ ලබුවැල නිරුද්ධ විය. ප්‍රහීන වී යයි කියන්නේය. ඒ කෙතෙහි ලබුවැල මෙන් චක්ෂු ආදියෙහි තෘෂ්ණාව දතයුතුය. එය ආර්ය මාර්ගයෙන් මුලින් සිඳිනු ලැබ නිවනට පැමිණ නො පැවැත්මට පත්වන්නේය. එසේ පත්වූ විට කෙතේ ලබුවැල මෙන් නොපෙනේ. වනයෙහි ත්රස්තයන් අල්ලා ගෙනවුත් නගරයේ දකුණු දොරටුවේදී ඝාතනය කරති. එයින් ත්‍රස්තයින් මැරුවේ යයි කියති. චක්ඛු ආදියෙහි තෘෂ්ණාව වනයෙහි ත්‍රස්තයින් මෙනි. එය දකුණු දොර ත්‍රස්තයින් මෙන් නිවනට පැමිණ නිරුද්ධ විය. එසේ වීමෙන් වනයෙහි ත්‍රස්තයින් මෙන් නොපෙනේ. එහෙයින් එය එහිම නිරෝධය දක්වන්නේ, චක්ඛුං ලොකෙ පියරූපං සාතරූපං එත්ථෙ සා තණ්හා පහීයමානා පහීයති නිරුජ්ඣමානා නිරුජ්ඣති යනාදිය කීහ. සෙස්ස මෙහි කියන ලද පරිදි වේ.
නිරොධසච්චනිද්දෙසවණ්ණනා නිට්ඨිතා.
නිරෝධ සත්‍යය නිර්දේශය