යෙදුමෙන් කියවන්න

අවිජ‍්ජාපදනිද‍්දෙසො අට‍්ඨකථා

අවිජ‍්ජාපදනිද‍්දෙසො

අවිජ්ජාපදනිද්දෙසො

ඉදානි නිද‍්දෙසවාරවසෙන විත්‍ථාරකථා හොති. “අවිජ‍්ජා පච‍්චයා සඞ‍්ඛාරා”ති හි වුත‍්තං. තත්‍ථ අවිජ‍්ජාපච‍්චයෙසු සඞ‍්ඛාරෙසු දස‍්සෙතබ‍්බෙසු යස‍්මා පුත‍්තෙ කථෙතබ‍්බෙ පඨමං පිතා කථීයති. එවඤ‍්හි සති ‘මිත‍්තස‍්ස පුත‍්තො, දත‍්තස‍්ස පුත‍්තො’ති පුත‍්තො සුකථිතො හොති. තස‍්මා දෙසනාකුසලො සත්‍ථා සඞ‍්ඛාරානං ජනකත්‍ථෙන පිතුසදිසං අවිජ‍්ජං තාව දස‍්සෙතුං තත්‍ථ කතමා අවිජ‍්ජා? දුක‍්ඛෙ අඤ‍්ඤාණන‍්තිආදිමාහ.

දැන් නිද්දේස වශයෙන් විස්තර කථාව වෙයි. “අවිජ්ජා පච්චයා සංඛාරා” යයි කියන ලදි. එහි අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංඛාර දැක්විය යුතු කල්හි පුතා ගැන කිවයුතු කල්හි පියා ගැන යම්සේ කියයිද මෙසේ ඇතිකල්හි මිතුරාගේ පුතා දත්තගේ පුතා යයි පුතා ගැන පැහැදිලිව කිව්වා නම් වේ. එහෙයින් දේශනා දක්‍ෂ වූ ශාස්තෲන් වහන්සේ සංස්කාර ජනනය කළ අර්ථයෙන් පියා සමාන අවිජ්ජාව පළමුකොට දැක්වීමට “තත්‍ථ කතමා අවිජ්ජා” දුක්ඛෙ අඤ්ඤාණං” යයි වදාළහ.

තත්‍ථ යස‍්මා අයං අවිජ‍්ජා දුක‍්ඛසච‍්චස‍්ස යාථාවසරසලක‍්ඛණං ජානිතුං පස‍්සිතුං පටිවිජ‍්ඣිතුං න දෙති, ඡාදෙත්‍වා පරියොනන්‍ධිත්‍වා ගන්‍ථෙත්‍වා තිට‍්ඨති, තස‍්මා “දුක‍්ඛෙ අඤ‍්ඤාණ”න‍්ති වුච‍්චති. තථා යස‍්මා දුක‍්ඛසමුදයස‍්ස දුක‍්ඛනිරොධස‍්ස දුක‍්ඛනිරොධගාමිනියා පටිපදාය යාථාවසරසලක‍්ඛණං ජානිතුං පස‍්සිතුං පටිවිජ‍්ඣිතුං න දෙති, ඡාදෙත්‍වා පරියොනන්‍ධිත්‍වා ගන්‍ථෙත්‍වා තිට‍්ඨති, තස‍්මා දුක‍්ඛනිරොධගාමිනියා පටිපදාය අඤ‍්ඤාණන‍්ති වුච‍්චති. ඉමෙසු චතූසු ඨානෙසු සුත‍්තන‍්තිකපරියායෙන අඤ‍්ඤාණං අවිජ‍්ජාති කථිතං.

එහි යම්හෙයකින් මේ අවිද්‍යාව තත්වූ පරිදි ලක්‍ෂණ දැනගැනීමට බැලීමට අවබෝධ කරගැනීමට නොදෙයි. වසා හාත්පසින් වෙලා ගැටගසා සිටියි. ඒ නිසා දුක්ඛ අඤ්ඤාණ කියයි. එසේම දුක්ඛ සමුදයේ දුක්ඛ නිරෝධයේ දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාවේ තත්වූ පරිදි ලක්‍ෂණ දැනගැනීමට බැලීමට අවබෝධ කරගැනීමට නොදෙයි. වසා හාත්පසින් වෙලා ගැටගසා සිටියි. ඒ නිසා දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය අඤ්ඤාණං නයයි කියයි. මේ සතර ස්ථානයෙහිම අඤ්ඤාණය අවිජ්ජා යයි සූත්‍රාන්ත පරියායෙන් (ක්‍රමයෙන්) කියන ලදි.

නික‍්ඛෙපකණ‍්ඩෙ (ධ· ස· 1067) පන අභිධම‍්මපරියායෙන “පුබ‍්බන‍්තෙ අඤ‍්ඤාණ”න‍්ති අපරෙසුපි චතූසු ඨානෙසු අඤ‍්ඤාණං ගහිතං. තත්‍ථ පුබ‍්බන‍්තෙති අතීතො අද‍්ධා, අතීතානි ඛන්‍ධධාතුආයතනානි. අපරන‍්තෙති අනාගතො අද‍්ධා, අනාගතානි ඛන්‍ධධාතුආයතනානි. පුබ‍්බන‍්තාපරන‍්තෙති තදුභයං. ඉදප‍්පච‍්චයතාති සඞ‍්ඛාරාදීනං කාරණානි අවිජ‍්ජාදීනි අඞ‍්ගානි. පටිච‍්චසමුප‍්පන‍්නධම‍්මාති අවිජ‍්ජාදීහි නිබ‍්බත‍්තා සඞ‍්ඛාරාදයො ධම‍්මා. තත්‍රායං අවිජ‍්ජා යස‍්මා අතීතානං ඛන්‍ධාදීනං යාථාවසරසලක‍්ඛණං ජානිතුං පස‍්සිතුං පටිවිජ‍්ඣිතුං න දෙති, ඡාදෙත්‍වා පරියොනන්‍ධිත්‍වා ගන්‍ථෙත්‍වා තිට‍්ඨති, තස‍්මා “පුබ‍්බන‍්තෙ අඤ‍්ඤාණ”න‍්ති වුච‍්චති. තථා යස‍්මා අනාගතානං ඛන්‍ධාදීනං, අතීතානාගතානං ඛන්‍ධාදීනං ඉදප‍්පච‍්චයතාය චෙව පටිච‍්චසමුප‍්පන‍්නධම‍්මානඤ‍්ච යාථාවසරසලක‍්ඛණං ජානිතුං පස‍්සිතුං පටිවිජ‍්ඣිතුං න දෙති, ඡාදෙත්‍වා පරියොනන්‍ධිත්‍වා ගන්‍ථෙත්‍වා තිට‍්ඨති, තස‍්මා ඉදප‍්පච‍්චයතාපටිච‍්චසමුප‍්පන‍්නෙසු ධම‍්මෙසු අඤ‍්ඤාණන‍්ති වුච‍්චති. ඉමෙසු අට‍්ඨසු ඨානෙසු අභිධම‍්මපරියායෙන අඤ‍්ඤාණං අවිජ‍්ජාති කථිතං.

නික්‍ෂෙප කාණ්ඩයෙහි අභිධර්ම පරියායෙන් “පුබ්බන්තෙ අඤ්ඤාණ” නය අපරයෙහි සමාන සතරේ අඤ්ඤාණය ද ගන්නා ලදි. එහි පුබ්බන්තෙ යනු අතීත මාර්ගයයි. අතීත ස්කන්ධ ධාතු ආයතනයෝය. අපරන්තෙ යනු අනාගත මාර්ගය. අනාගත ස්කන්ධ ධාතු ආයතනයෝය. පුබ්බත්තාපරන්තෙ ඒ දෙකමය. ඉදපටිච්චයතා යනු සංස්කාරාදියේ හේතුවන අවිජ්ජාදි අංගයෝය. පටිච්ච සමුප්පන්න ධම්මා යනු අවිජ්ජාදියෙන් නිපදවන ලද සංස්කාරාදි ධර්මයෝය. එහි මේ අවිජ්ජාව යම් හෙයකින් අතීත ස්කන්ධාදීන්ගේ තත්වූ පරිදි ලක්‍ෂණ දැනගැනීමට බැලීමට අවබෝධ කරගැනීමට නොදෙයි. වසා හාත්පසින් වෙලා ගැටගසා සිටියි. ඒ නිසා පුබ්බන්තෙ අඤ්ඤාණං යයි කියනු ලැබේ. එසේම අනාගත, අතීතානාගත ස්කන්ධාදීන්ගේ ඉදප්පච්චයතාවද පටිච්චසමුප්පන්න ධර්මද තත්වූ පරිදි ලක්‍ෂණ දැනගැනීමට බැලීමට අවබෝධ කරගැනීමට නොදෙයි. වසා හාත්පසින් වෙලා ගැටගසා සිටියි. එයින් ඉදප්පච්චයතා පටිච්චසමුප්පන්න ධම්මෙසු අඤ්ඤාණං යයි කියනු ලැබේ. මේ ස්ථාන අටේ අභිධර්ම පරියායෙන් අඤ්ඤාණය අවිජ්ජා යයි කියන ලදි.

එවං කිං කථිතං හොති? කිච‍්චතො චෙව ජාතිතො ච අවිජ‍්ජා කථිතා නාම හොති. කථං ? අයඤ‍්හි අවිජ‍්ජා ඉමානි අට‍්ඨ ඨානානි ජානිතුං පස‍්සිතුං පටිවිජ‍්ඣිතුං න දෙතීති කිච‍්චතො කථිතා; උප‍්පජ‍්ජමානාපි ඉමෙසු අට‍්ඨසු ඨානෙසු උප‍්පජ‍්ජතීති ජාතිතොපි කථිතා. එවං කථෙත්‍වා පුන “යං එවරූපං අඤ‍්ඤාණං අදස‍්සන”න‍්තිආදීනි පඤ‍්චවීසති පදානි අවිජ‍්ජාය ලක‍්ඛණං දස‍්සෙතුං ගහිතානි.

මෙසේ කුමට කියන ලදද? කෘත්‍ය වශයෙන් හා ජාති වශයෙන් අවිජ්ජාව කියන ලදි. කෙසේද? මේ අවිජ්ජාව මේ අට ස්ථානයන් දැනගැනීමට බැලීමට අවබෝධ කරගැනීමට නොදෙයි යනු කෘත්‍ය වශයෙන් කියන ලදි. උප්පජ්ජමානාපි ඉමෙසු අට්ඨාසු ඨානෙසු උප්පජ්ජතීති යනු ඉපදීම් වශයෙන් කියන ලදි. මෙසේ කියා නැවත යං එවරූපං අඤ්ඤාණං දස්සනං ආදි පදවිසිපහකින් අවිද්‍යාවේ ලක්‍ෂණ දැක්වීමට ගනී.

තත්‍ථ යස‍්මා අයං අවිජ‍්ජා ඉමෙහි අට‍්ඨහි පදෙහි කථිතාපි පුන පඤ‍්චවීසතියා පදෙහි ලක‍්ඛණෙ අකථිතෙ සුකථිතා නාම න හොති, ලක‍්ඛණෙ පන කථිතෙයෙව සුකථිතා නාම හොති. යථා පුරිසො නට‍්ඨං ගොණං පරියෙසමානො මනුස‍්සෙ පුච‍්ඡෙය්‍ය – “අපි, අය්‍යා, සෙතං ගොණං පස‍්සථ, රත‍්තං ගොණං පස‍්සථා”ති? තෙ එවං වදෙය්‍යුං – “ඉමස‍්මිං රට‍්ඨෙ සෙතරත‍්තානං ගොණානං අන‍්තො නත්‍ථි, කිං තෙ ගොණස‍්ස ලක‍්ඛණ”න‍්ති? අථ තෙන ‘සඞ‍්ඝාටි’ වා ‘නඞ‍්ගලං’ වාති වුත‍්තෙ ගොණො සුකථිතො නාම භවෙය්‍ය; එවමෙව යස‍්මා අයං අවිජ‍්ජා අට‍්ඨහි පදෙහි කථිතාපි පුන පඤ‍්චවීසතියා පදෙහි ලක‍්ඛණෙ අකථිතෙ සුකථිතා නාම න හොති, ලක‍්ඛණෙ පන කථිතෙයෙව සුකථිතා නාම හොති. තස‍්මා යානස‍්සා ලක‍්ඛණදස‍්සනත්‍ථං පඤ‍්චවීසති පදානි කථිතානි, තෙසම‍්පි වසෙන වෙදිතබ‍්බා.

එහි මේ අවිද්‍යාව මේ අටපදයෙන් කියන ලදැයි නැවත පද විසිපහකින් ලක්‍ෂණ නොකියයි නම් එය හොඳින් කිව්වා නොවේ. ලක්‍ෂණ කිව්වොත් හොඳින් කිව්වා වේ. යම්සේ මිනිසෙක් නැතිවූ ගොනකු සොයන්නේ ඔහු, මිනිසුන් විචාරයි. ආර්යයෙනි, ඔබ සුදු ගොනෙකු දැක්කද රතු ගොනෙකු දැක්කදැයි ඔව්හු මෙසේ කියන්නාහුය. මේ රටේ සුදු රතු ගොන් කෙළවරක් නැත. ඔබේ ගොනාගේ ලක්‍ෂණ මොනවාද? ඉක්බිති ඔහු රවුමැති නගුලකැයි කීකල්හි ගොනා ගැන හොඳින් කිව්වා වෙයි. එසේම මේ අවිජ්ජාව පද අටකින් කීවේ මුත් නැවත පද විසිපහකින් නොකීවේ නම් හොදින් කිව්වා නම් නොවේ. ලක්‍ෂණ කී කල්හි පමණක් හොඳින් කිව්වා වෙයි. එහෙයින් මෙහි ලක්‍ෂණ දැක්වීමට පද විසිපහක් කියනලදි. ඒවා ඒ ආකාරයෙන් දතයුතුය.

සෙය්‍යථිදං – ඤාණං නාම පඤ‍්ඤා. සා අත්‍ථත්‍ථං කාරණකාරණං චතුසච‍්චධම‍්මං විදිතං පාකටං කරොති. අයං පන අවිජ‍්ජා උප‍්පජ‍්ජිත්‍වා තං විදිතං පාකටං කාතුං න දෙතීති ඤාණපච‍්චනීකතො අඤ‍්ඤාණං. දස‍්සනන‍්තිපි පඤ‍්ඤා. සාපි තං ආකාරං පස‍්සති. අවිජ‍්ජා පන උප‍්පජ‍්ජිත්‍වා තං පස‍්සිතුං න දෙතීති අදස‍්සනං. අභිසමයොතිපි පඤ‍්ඤා. සා තං ආකාරං අභිසමෙති. අවිජ‍්ජා පන උප‍්පජ‍්ජිත්‍වා තං අභිසමෙතුං න දෙතීති අනභිසමයො. අනුබොධො සම‍්බොධො පටිවෙධොතිපි පඤ‍්ඤා. සා තං ආකාරං අනුබුජ‍්ඣති සම‍්බුජ‍්ඣති පටිවිජ‍්ඣති. අවිජ‍්ජා පන උප‍්පජ‍්ජිත්‍වා තං අනුබුජ‍්ඣිතුං සංබුජ‍්ඣිතුං පටිවිජ‍්ඣිතුං න දෙතීති අනනුබොධො අසම‍්බොධො අප‍්පටිවෙධො. සඞ‍්ගාහනාතිපි පඤ‍්ඤා. සා තං ආකාරං ගහෙත්‍වා ඝංසිත්‍වා ගණ‍්හාති. අවිජ‍්ජා පන උප‍්පජ‍්ජිත්‍වා තං ගහෙත්‍වා ඝංසිත්‍වා ගණ‍්හිතුං න දෙතීති අසඞ‍්ගාහනා. පරියොගාහනාතිපි පඤ‍්ඤා. සා තං ආකාරං ඔගාහිත්‍වා අනුපවිසිත්‍වා ගණ‍්හාති. අවිජ‍්ජා පන උප‍්පජ‍්ජිත්‍වා තං ඔගාහිත්‍වා අනුපවිසිත්‍වා ගණ‍්හිතුං න දෙතීති අපරියොගාහනා. සමපෙක‍්ඛනාතිපි පඤ‍්ඤා . සා තං ආකාරං සමං සම‍්මා ච පෙක‍්ඛති. අවිජ‍්ජා පන උප‍්පජ‍්ජිත්‍වා තං සමං සම‍්මා ච පෙක‍්ඛිතුං න දෙතීති අසමපෙක‍්ඛනා. පච‍්චවෙක‍්ඛණාතිපි පඤ‍්ඤා. සා තං ආකාරං පච‍්චවෙක‍්ඛති. අවිජ‍්ජා පන උප‍්පජ‍්ජිත්‍වා තං පච‍්චවෙක‍්ඛිතුං න දෙතීති අපච‍්චවෙක‍්ඛණා. නාස‍්සා කිඤ‍්චි කම‍්මං පච‍්චක‍්ඛං අත්‍ථි, සයඤ‍්ච අපච‍්චවෙක‍්ඛිත්‍වා කතං කම‍්මන‍්ති අපච‍්චක‍්ඛකම‍්මං. දුම‍්මෙධභාවතාය දුම‍්මෙජ‍්ඣං. බාලභාවතාය බාල්‍යං.

කෙසේද? ඤාණය නම් ප්‍රඥාවය. එය අත්‍යර්ථයෙන්ම චතුස්සත්‍ය ධර්ම වේ. හේතුකාරණා දැනගෙන ප්‍රකට කරයි. මේ අවිජ්ජාව ඇතිවී එය දැන ප්‍රකට කිරීමට නොදෙයි යන ඤාණයට විරුද්ධ වූ හෙයින් අඤ්ඤාණ වේ. දස්සනං යනුද ප්‍රඥාවය. එයද එහි ආකාරය දනියි. අවිජ්ජාව වනාහි ඉපද එය බැලීමට නොදෙයි යන අදස්සනය වේ. අභිසමය යනුද ප්‍රඥාවය. එය එහි ආකාරය අවබෝධ කරයි. අවිජ්ජාව ඉපදී එය අවබෝධ කිරීමට නොදෙයි යනු අනභිසමය යි. අනුබෝධ සම්බෝධ පටිවේද යනුද ප්‍රඥාවය. එය එහි ආකාරය අනුබෝධ කරයි. අවබෝධ කරයි. ප්‍රතිවේධ කරයි. අවිජ්ජා එය අනුබෝධ කරන්නට අවබෝධ කරවන ප්‍රතිවේධ කරන්නට ඉඩ නොදෙයි යනු අනනුබෝධ අසම්බෝධ අප්පටිවේද යනු වේ. සඞ්ගාහණා යනුද ප්‍රඥාවය. එය එහි ආකාරය ගෙන පරීක්‍ෂා කොට ගනියි. අවිජ්ජාව ඉපිද එය ගෙන පරීක්‍ෂා කොට ගැනීමට නොදෙයි යනු අසංගාහණා වේ. පරියොගහණ යනුද ප්‍රඥාවය. එය එහි ආකාරයට බැසගෙන ඇතුළට පිවිස ගනියි. අවිජ්ජාව ඉපිද ඊට බැස පිවිස ගැනීමට නොදෙති යයි අපරියෝගාහණා වේ. සමවෙක්ඛණා යනුද ප්‍රඥාවය. එය එහි ආකාරය සමව මනාව දකියි. අවිජ්ජාව ඉපිද එය සමව මනාව දැකීමට නොදෙයි යනු අසම්පෙක්ඛණා වේ. පච්චවෙක්ඛණා යනුද ප්‍රඥාවය. එය එහි ආකාරය ප්‍රත්‍යාකාරය. අවිජ්ජාව ඉපිද එය ප්‍රත්‍යක්‍ෂ කිරීමට නොදෙයි යනු අපච්චවෙක්ඛණා වේ. මොවුහු කිසි පච්චක්ක (ප්‍රත්‍යක්‍ෂ) කර්මයක් නැත. තෙමේ ප්‍රත්‍යවේක්‍ෂා නොකර කරන ලද කර්මය අපච්චක්ක කම්ම වේ. නුවණ නැතිකම දුම්මෙජ්ඣං වේ. මෝඩකම බාල්‍යං වේ.

සම‍්පජඤ‍්ඤන‍්තිපි පඤ‍්ඤා. සා අත්‍ථත්‍ථං කාරණකාරණං චතුසච‍්චධම‍්මං සම‍්මා පජානාති. අවිජ‍්ජා පන උප‍්පජ‍්ජිත්‍වා තං ආකාරං පජානිතුං න දෙතීති අසම‍්පජඤ‍්ඤං. මොහනවසෙන මොහො. පමොහනවසෙන පමොහො. සම‍්මොහනවසෙන සම‍්මොහො. අවින්‍දියං වින්‍දතීතිආදිවසෙන අවිජ‍්ජා. වට‍්ටස‍්මිං ඔහනති ඔසීදාපෙතීති අවිජ‍්ජොඝො. වට‍්ටස‍්මිං යොජෙතීති අවිජ‍්ජායොගො. අප‍්පහීනවසෙන පුනප‍්පුනං උප‍්පජ‍්ජනතො ච අවිජ‍්ජානුසයො. මග‍්ගෙ පරියුට‍්ඨිතචොරා අද‍්ධිකෙ විය කුසලචිත‍්තං පරියුට‍්ඨාති ගණ‍්හාති විලුම‍්පතීති අවිජ‍්ජාපරියුට‍්ඨානං. යථා නගරද‍්වාරෙ පලිඝසඞ‍්ඛාතාය ලඞ‍්ගියා පතිතාය අන‍්තොනගරෙ මනුස‍්සානං බහිනගරගමනම‍්පි බහිනගරෙ මනුස‍්සානං අන‍්තොනගරපවෙසනම‍්පි පච‍්ඡිජ‍්ජති, එවමෙව යස‍්ස සක‍්කායනගරෙ අයං පතිතා තස‍්ස නිබ‍්බානසම‍්පාපකං ඤාණගමනං පච‍්ඡිජ‍්ජතීති අවිජ‍්ජාලඞ‍්ගී නාම හොති. අකුසලඤ‍්ච තං මූලඤ‍්ච, අකුසලානං වා මූලන‍්ති අකුසලමූලං. තං පන න අඤ‍්ඤං, ඉධාධිප‍්පෙතො මොහොති මොහො අකුසලමූලං. අයං වුච‍්චති අවිජ‍්ජාති අයං එවංලක‍්ඛණා අවිජ‍්ජා නාමාති වුච‍්චති. එවං පඤ‍්චවීසතිපදවසෙන අවිජ‍්ජාය ලක‍්ඛණං වෙදිතබ‍්බං.

සම්පජඤ්ඤං යනු ද ප්‍රඥාවය. එය අර්ථය හේතුව සහිත චතුස්සත්‍ය මනාව දන්නේය. අවිජ්ජාව ඉපදී එහි ආකාර දැකීමට ඉඩ නොදෙයි යන්න අසම්පජඤ්ඤ වේ. මුළා කිරීම වශයෙන් මෝහ වේ. වඩා මුළාකිරීම පමොහ වේ. සිහිනැති වශයෙන් සම්මෝහ වේ. නොවිඳිය යුත්තක් විඳීනුයි අවිජ්ජා වේ. සංසාරයෙහි වෙන්වෙයි ගිල්වයි යනු අවිජ්ජොඝො වේ. සංසාරයෙහි යොදයි යනු අවිජ්ජායෙගො වේ. අප්‍රහීන වශයෙන් නැවත නැවත ඉපදවීමෙන් අවිජ්ජානුසය වේ. මාර්ගයෙහි නැගී සිටි සොරෙක් මගියකු අල්ලා ගන්නා සේ කුසල් සිත නැගිට පැහැරගනියි යන අවිජ්ජා පරියුට්ඨානං වේ. යම්සේ නගරද්වාරයෙහි දොරටු වසා පලිඝ ලඞ්ඝිය නම් (දොරවල් හරහා දමනා විසඳ දැව කඳ කෘත්‍රිම වැටුණු පසු ඇතුළු නගර වාසීන්ට පිටට ඒමටත් පිටතවාසීන්ට නගරය තුළට යෑමත් සිඳී යයි. එසේම යමෙකුගේ සක්කාය නගරද්වාරයෙහි මෙය (අවිජ්ජා) වැටුණුවිට නිවනට පමුණුවන ඔහුගේ ඤාණ ගමන සිඳී යයි යන අවිජ්ජාලංඝී නම් වේ. අකුසලයද මුල්ද එයමනුයි හෝ අකුසලයන්ගේ මුල අකුසල මූල වේ. එය අන් කිසිවක් නොවේ. මෙහි අදහස් කළ මෝහය යන මොහො අකුසල මූලං වේ. අයං වුච්චති අවිජ්ජාති මෙය මේ ලක්‍ෂණවලින් අවිජ්ජා යයි කියනු ලැබේ. මෙසේ පද විසිපහෙන් අවිජ්ජා ලක්‍ෂණ දැනගත යුතුය.

එවංලක‍්ඛණා පනායං අවිජ‍්ජා දුක‍්ඛාදීසු අඤ‍්ඤාණන‍්ති වුත‍්තාපි දුක‍්ඛසච‍්චස‍්ස එකදෙසො හොති, සහජාතා හොති, තං ආරම‍්මණං කරොති, ඡාදෙති; සමුදයසච‍්චස‍්ස න එකදෙසො හොති, සහජාතා හොති, තං ආරම‍්මණං කරොති, ඡාදෙති; නිරොධසච‍්චස‍්ස නෙව එකදෙසො හොති, න සහජාතා, න තං ආරම‍්මණං කරොති, කෙවලං ඡාදෙති; මග‍්ගසච‍්චස‍්සාපි න එකදෙසො, න සහජාතා, න තං ආරම‍්මණං කරොති, කෙවලං ඡාදෙති. දුක‍්ඛාරම‍්මණතා අවිජ‍්ජා උප‍්පජ‍්ජති, තඤ‍්ච ඡාදෙති. සමුදයාරම‍්මණතා අවිජ‍්ජා උප‍්පජ‍්ජති, තඤ‍්ච ඡාදෙති. නිරොධාරම‍්මණතා අවිජ‍්ජා නුප‍්පජ‍්ජති, තඤ‍්ච ඡාදෙති. මග‍්ගාරම‍්මණතා අවිජ‍්ජා නූප‍්පජ‍්ජති, තඤ‍්ච ඡාදෙති.

මෙබඳු ලක්‍ෂණවලින් යුත් අවිජ්ජාව දුක්ඛාදියෙහි අඤ්ඤාණ යයි කියන ලද්දේ මුත් දුක්ඛ සත්‍යය එක් දේශයක් පමණි. සහජාත වෙයි. එය අරමුණ කරයි. වසයි. සමුදය සත්‍යයේ ඒක දේශයක් නොවේ. සහජාත වෙයි. එය අරමුණු කරයි. වසයි. නිරෝධ සත්‍යයේ ඒකදේශයක් නොවේ. සහජාත නොවේ. එය අරමුණු නො කෙරේ. එම අරමුණ (නිවන) තනිව වසයි. මාර්ග සත්‍යයේද කොටසක් නොවේ. සහජාත නොවේ. එය අරමුණු නොකෙරේ. තනිව වසයි. දුක් අරමුණුවලින් අවිජ්ජා උපදී. එය වසයි. සමුදය අරමුණුවලින් අවිජ්ජා උපදී. එය වසයි. නිරෝධ අරමුණුවලින් අවිජ්ජාව නූපදියි. එය වසයි. මාර්ග අරමුණුවලින් අවිජ්ජාව නූපදී. එය වසයි.

ද‍්වෙ සච‍්චා දුද‍්දසත‍්තා ගම‍්භීරා. ද‍්වෙ සච‍්චා ගම‍්භීරත‍්තා දුද‍්දසා. අපිච ඛො පන දුක‍්ඛනිරොධං අරියසච‍්චං ගම‍්භීරඤ‍්චෙව දුද‍්දසඤ‍්ච. තත්‍ථ දුක‍්ඛං නාම පාකටං, ලක‍්ඛණස‍්ස පන දුද‍්දසත‍්තා ගම‍්භීරං නාම ජාතං. සමුදයෙපි එසෙව නයො. යථා පන මහාසමුද‍්දං මන්‍ථෙත්‍වා ඔජාය නීහරණං නාම භාරො, සිනෙරුපාදතො වාලිකාය උද‍්ධරණං නාම භාරො, පබ‍්බතං පීළෙත්‍වා රසස‍්ස නීහරණං නාම භාරො; එවමෙව ද‍්වෙ සච‍්චානි ගම‍්භීරතාය එව දුද‍්දසානි, නිරොධසච‍්චං පන අතිගම‍්භීරඤ‍්ච අතිදුද‍්දසඤ‍්චාති. එවං දුද‍්දසත‍්තා ගම‍්භීරානං ගම‍්භීරත‍්තා ච දුද‍්දසානං චතුන‍්නං අරියසච‍්චානං පටිච‍්ඡාදකං මොහන්‍ධකාරං අයං වුච‍්චති අවිජ‍්ජාති.

සත්‍ය දෙක දැකීමට අපහසු බැවින් ගැඹුරුය. සත්‍ය දෙක ගැඹුරු බැවින් දැකීමට අපහසුය. තවද නිරෝධ සත්‍යය ගැඹුරුද දැකීමට අපහසුද වේ. එහි දුක ප්‍රකටය. ලක්‍ෂණය වනාහි ගැඹුරු බැවින් දැකීමට අපහසුය. සමුදයෙහිද මෙම නයමය. මහා සමුදුර කළඹා ඕජස බැහැර ගැනීම අමාරුය. මහාමේරුව පාදයෙහි වැලි ඉවත්කිරීම අමාරුය. ජීවිතය පීඩනයට පත්කර රසය බැහැර කිරීම අමාරුය. එසේම සත්‍ය දෙක ගැඹුරු බැවින්ම දැකීම අපහසුය. නිරෝධ සත්‍යය අති ගැඹුරුද අති දුර්දසද වේ. මෙසේ දැකීමට අපහසු ගැඹුරෙනුත් ගැඹුරු බැවින් දැකීමට අපහසු වූ චතුරාර්ය සත්‍යය වසන මොහො අඳුර මේ අවිජ්ජාව යයි කියනු ලැබේ.

අවිජ‍්ජාපදනිද‍්දෙසො.