යෙදුමෙන් කියවන්න

සඞ‍්ඛාරපදනිද‍්දෙසො අට‍්ඨකථා

සඞ‍්ඛාරපදනිද‍්දෙසො

සඞ්ඛාරපදනිද්දෙසො

සඞ‍්ඛාරපදෙ හෙට‍්ඨා වුත‍්තසඞ‍්ඛාරෙසු සඞ‍්ඛාරසද‍්දෙන ආගතසඞ‍්ඛාරෙ අනාමසිත්‍වා අවිජ‍්ජාපච‍්චයා සඞ‍්ඛාරෙයෙව දස‍්සෙන‍්තො තත්‍ථ කතමෙ අවිජ‍්ජාපච‍්චයා සඞ‍්ඛාරා? පුඤ‍්ඤාභිසඞ‍්ඛාරොතිආදිමාහ. තත්‍ථ පුනාති අත‍්තනො කාරකං, පූරෙති චස‍්ස අජ‍්ඣාසයං, පුජ‍්ජඤ‍්ච භවං නිබ‍්බත‍්තෙතීති පුඤ‍්ඤො. අභිසඞ‍්ඛරොති විපාකං කටත‍්තාරූපඤ‍්චාති අභිසඞ‍්ඛාරො. පුඤ‍්ඤොව අභිසඞ‍්ඛාරො පුඤ‍්ඤාභිසඞ‍්ඛාරො. පුඤ‍්ඤපටිපක‍්ඛතො අපුඤ‍්ඤො. අපුඤ‍්ඤොව අභිසඞ‍්ඛාරො අපුඤ‍්ඤාභිසඞ‍්ඛාරො. න ඉඤ‍්ජතීති ආනෙඤ‍්ජං. ආනෙඤ‍්ජමෙව අභිසඞ‍්ඛාරො, ආනෙඤ‍්ජඤ‍්ච භවං අභිසඞ‍්ඛරොතීති ආනෙඤ‍්ජාභිසඞ‍්ඛාරො. කායෙන පවත‍්තිතො, කායතො වා පවත‍්තො, කායස‍්ස වා සඞ‍්ඛාරොති කායසඞ‍්ඛාරො. වචීසඞ‍්ඛාරචිත‍්තසඞ‍්ඛාරෙසුපි එසෙව නයො.

සංස්කාර පදයෙහි යට කියන ලද සංස්කාරවල සංස්කාර ශබ්දයෙන් ආ සංස්කාරයන් ස්පර්ශ නොකොට (සම්බන්ධ) අවිජ්ජාපච්චයා සංඛාරයම දක්වන්නේ තත්‍ථ කතමෙ අවිජ්ජා පච්චයා සංඛාරා? පුඤ්ඤාභි සංඛාරො යන ආදිය කීහ. එහි නැවත තමාගේ අදහස හා ක්‍රියාව සම්පූර්ණ කරමින් පින ද සිදුකරන්නේ උපදවන්නේ පුඤ්ඤ නම් වේ. විපාකය අභිසංස්කරණය කරයි කරන ලදැයි යනු අභිසංඛාර වේ. පුඤ්ඤ ද අභිසංඛාරය ද පුඤ්ඤාභිසංඛාර වේ. පුඤ්ඤ ප්‍රතිපක්‍ෂ බැවින් අපුඤ්ඤාභි සංඛාර වේ. කැමති නොවේ යනු ආනෙඤ්ජ වේ. ආනෙඤ්ජයව අභිසංඛාර වූයේ ආනෙඤ්ජ භවය අභිසංස්කරණය කරයි යන ආනෙඤ්ජාභිසංඛාර වේ. කයින් පවත්වන කයින් පැවතුන හෝ සංඛාර යයි කාය සංඛාර වේ. වචී සංඛාර චිත්ත සංඛාරවල ද මෙම නයයි.

තත්‍ථ පඨමත‍්තිකො පරිවීමංසනසුත‍්තවසෙන ගහිතො. තත්‍ථ හි “පුඤ‍්ඤඤ‍්චෙ සඞ‍්ඛාරං අභිසඞ‍්ඛරොති, පුඤ‍්ඤූපගං හොති විඤ‍්ඤාණං. අපුඤ‍්ඤඤ‍්චෙ සඞ‍්ඛාරං අභිසඞ‍්ඛරොති, අපුඤ‍්ඤුපගං හොති විඤ‍්ඤාණං. ආනෙඤ‍්ජඤ‍්චෙ සඞ‍්ඛාරං අභිසඞ‍්ඛරොති, ආනෙඤ‍්ජුපගං හොති විඤ‍්ඤාණ”න‍්ති (සං· නි· 2.51) වුත‍්තං. දුතියත‍්තිකො තදනන‍්තරස‍්ස විභඞ‍්ගසුත‍්තස‍්ස වසෙන ගහිතො, සම‍්මාදිට‍්ඨිසුත‍්තපරියායෙන (ම· නි· 1.102) ගහිතොතිපි වත‍්තුං වට‍්ටතියෙව. තත්‍ථ හි “තයොමෙ, භික‍්ඛවෙ, සඞ‍්ඛාරා. කතමෙ තයො? කායසඞ‍්ඛාරො, වචීසඞ‍්ඛාරො, චිත‍්තසඞ‍්ඛාරො”ති (සං· නි· 2.2) වුත‍්තං. කස‍්මා පනෙතෙසං සුත‍්තානං වසෙන තෙ ගහිතාති? අයං අභිධම‍්මො නාම න අධුනාකතො, නාපි බාහිරකඉසීහි වා සාවකෙහි වා දෙවතාහි වා භාසිතො. සබ‍්බඤ‍්ඤුජිනභාසිතො පන අයං. අභිධම‍්මෙපි හි සුත‍්තෙපි එකසදිසාව තන‍්ති නිද‍්දිට‍්ඨාති ඉමස‍්සත්‍ථස‍්ස දීපනත්‍ථං.

එහි ප්‍රථම ත්‍රිකය පරිවිමංස සූත්‍ර වශයෙන් ගන්නා ලදි. එහි පුඤ්ඤ සංඛාරය අභිසංඛරණය කරයි. විඤ්ඤාණය පින එලවන ලද්දේ වෙයි. අපුඤ්ඤ සංඛාර අභිසංස්කරණ කරයි. විඤ්ඤාණය අපඤ්ඤූපගමො ආනෙඤ්ජ සංඛාර සංස්කරණය කරයි. විඤ්ඤාණය ආනෙඤ්ඤුපග වේ යයි කියන ලදි. ඊළඟ දෙවැනි ත්‍රිකය විභංග සූත්‍රයේ ආකාරයේ ගන්නා ලදි. සම්මා දිට්ඨි සූත්‍ර පරියායෙන් ගන්නා ලදැයි කීම වටීමය. එහි “තයො මෙ භික්ඛවෙ සංඛාරා කතමෙ තයො? කාය සංඛාර වචී සංඛාර චිත්ත සංඛාර යයි කියන ලදි. මේවා සූත්‍ර වශයෙන් ගන්නා ලද්දේ කුමක් හෙයින්ද? මෙය අභිධර්ම නය දැන් නොකියයි. බාහිර සෘෂිවරුන් හෝ ශ්‍රාවකයන් හෝ දෙවියන් හෝ නොකියන ලද්දේය. සර්වඥ වූ ජින භාෂිතයකි මෙය. අභිධර්මයෙහි ද සූත්‍රයෙහි ද එක සමානව පවතී. මේ අර්ථය දැක්වීම සඳහා නිදර්ශිතය.

ඉදානි තෙ සඞ‍්ඛාරෙ පභෙදතො දස‍්සෙතුං තත්‍ථ කතමො පුඤ‍්ඤාභිසඞ‍්ඛාරොතිආදිමාහ. තත්‍ථ කුසලා චෙතනාති අනියමතො චතුභූමිකචෙතනාපි වුත‍්තා. කාමාවචරා රූපාවචරාති නියමිතත‍්තා පන අට‍්ඨ කාමාවචරකුසලචෙතනා, පඤ‍්ච රූපාවචරකුසලචෙතනාති තෙරස චෙතනා පුඤ‍්ඤාභිසඞ‍්ඛාරො නාම. දානමයාතිආදීහි තාසංයෙව චෙතනානං පුඤ‍්ඤකිරියවත්‍ථුවසෙන පවත‍්ති දස‍්සිතා. තත්‍ථ අට‍්ඨ කාමාවචරාව දානසීලමයා හොන‍්ති. භාවනාමයා පන තෙරසපි. යථා හි පගුණං ධම‍්මං සජ‍්ඣායමානො එකං ද‍්වෙ අනුසන්‍ධිගතෙපි න ජානාති, පච‍්ඡා ආවජ‍්ජන‍්තො ජානාති; එවමෙව කසිණපරිකම‍්මං කරොන‍්තස‍්ස පගුණජ‍්ඣානං පච‍්චවෙක‍්ඛන‍්තස‍්ස පගුණකම‍්මට‍්ඨානඤ‍්ච මනසිකරොන‍්තස‍්ස ඤාණවිප‍්පයුත‍්තාපි භාවනා හොති. තෙන වුත‍්තං “භාවනාමයා පන තෙරසපී”ති.

දැන් ඒ සංඛාරයෙහි ප්‍රභේද දැක්වීමට “තත්‍ථ කතමා පුඤ්ඤාභිසංඛාරා” යන ආදිය කීහ. එහි කුසල චේතනා නියමයක් නොමැති බැවින් චතුභූමක චේතනාද කියන ලදි. කාමාවචර රූපාවචර නියම බැවින් කාමාවචර කුසල චේතනා අට රූපාවචර කුසල චේතනා පස යන චේතනා දහතුන පුඤ්ඤාභිසංඛාර නම් වේ. දානමය ආදියෙන් ඒ චේතනාවල පුඤ්ඤකිරිය වස්තු වශයෙන් පවතීයයි දක්වන ලදි. එහි කාමාවචර අට ද දාන සීලමය වෙයි. දහතුන භාවනාමය වේ. ප්‍රගුණ වූ ධර්මය සජ්ඣායනය කරන්නා ගැලපීම එකක් දෙකක් වෙනස් වූ බව නොදනී. පසුව ආවර්ජනා කරනවිට දැනගනී. එසේම කසිණ මූලික භාවනාව කරන්නාට ද ප්‍රගුණ වූ ධ්‍යානය ප්‍රත්‍යවෙක්‍ෂා කරන්නාව ද මෙනෙහි කරන්නාට ද ඤාණවිප්‍රයුක්ත වූ භාවනාවක් වෙයි. භාවනාමය වශයෙන් කුසල් සිත් දහතුනේම යෙදෙනවාක් කීවේ ඒ නිසාය.

තත්‍ථ දානමයාදීසු “දානං ආරබ‍්භ දානමධිකිච‍්ච යා උප‍්පජ‍්ජති චෙතනා සඤ‍්චෙතනා චෙතයිතත‍්තං – අයං වුච‍්චති දානමයො පුඤ‍්ඤාභිසඞ‍්ඛාරොති. සීලං ආරබ‍්භ…පෙ… භාවනං ආරබ‍්භ භාවනමධිකිච‍්ච යා උප‍්පජ‍්ජති චෙතනා සඤ‍්චෙතනා චෙතයිතත‍්තං – අයං වුච‍්චති භාවනාමයො පුඤ‍්ඤාභිසඞ‍්ඛාරො”ති (විභ· 769) අයං සඞ‍්ඛෙපදෙසනා.

එය දානමය ආදියෙහි “දානය අරබයා අධික දාන ක්‍රියාවක් උපදින චේතනාව ..... සංචේතනාව චිත්තබව යන ලක්‍ෂණ ඇති මෙය භාවනාමය පුඤ්ඤාභිසංඛාරයයි කියනු ලැබේ” මෙය සංක්‍ෂෙප දේශනාවය.

චීවරාදීසු පන චතූසු පච‍්චයෙසු රූපාදීසු වා ඡසු ආරම‍්මණෙසු අන‍්නාදීසු වා දසසු දානවත්‍ථූසු තං තං දෙන‍්තස‍්ස තෙසං උප‍්පාදනතො පට‍්ඨාය පුබ‍්බභාගෙ පරිච‍්චාගකාලෙ පච‍්ඡා සොමනස‍්සචිත‍්තෙන අනුස‍්සරණෙ චාති තීසු කාලෙසු පවත‍්තා චෙතනා දානමයා නාම. සීලං පරිපූරණත්‍ථාය පන ‘පබ‍්බජිස‍්සාමී’ති විහාරං ගච‍්ඡන‍්තස‍්ස පබ‍්බජන‍්තස‍්ස මනොරථං මත්‍ථකං පාපෙත්‍වා ‘පබ‍්බජිතො වතම‍්හි, සාධු සුට‍්ඨූ’ති ආවජ‍්ජන‍්තස‍්ස පාතිමොක‍්ඛං සංවරන‍්තස‍්ස චීවරාදයො පච‍්චයෙ පච‍්චවෙක‍්ඛන‍්තස‍්ස ආපාථගතෙසු රූපාදීසු චක‍්ඛුද‍්වාරාදීනි සංවරන‍්තස‍්ස ආජීවං සොධෙන‍්තස‍්ස ච පවත‍්තා චෙතනා සීලමයා නාම. පටිසම‍්භිදායං වුත‍්තෙන විපස‍්සනාමග‍්ගෙන චක‍්ඛුං අනිච‍්චතො දුක‍්ඛතො අනත‍්තතො භාවෙන‍්තස‍්ස රූපෙ…පෙ… ධම‍්මෙ, චක‍්ඛුවිඤ‍්ඤාණං…පෙ… මනොවිඤ‍්ඤාණං, චක‍්ඛුසම‍්ඵස‍්සං…පෙ… මනොසම‍්ඵස‍්සං, චක‍්ඛුසම‍්ඵස‍්සජං වෙදනං…පෙ… මනොසම‍්ඵස‍්සජං වෙදනං, රූපසඤ‍්ඤං …පෙ… ධම‍්මසඤ‍්ඤං ජරාමරණං අනිච‍්චතො දුක‍්ඛතො අනත‍්තතො භාවෙන‍්තස‍්ස පවත‍්තා චෙතනා භාවනාමයා නාමාති අයං විත්‍ථාරකථා.

චීවරාදී සතර පසයෙහිද රූපාදි අරමුණු සයෙහිද ආහාරාදි දස දාන වස්තුවලින්ද යම් යම් දෙයක් දෙන්නාට ඒ අවස්ථාවේ ඉපදීමේ සිට පරිත්‍යාග කාලයේ පෙර භාගයෙහිද පසුව සොම්නස් සිතින් සිහිකරන කාලයෙහිද යන තුන් කාලයෙහි පවත්නා චේතනා දානමය නම් වේ. සීලය සම්පූර්ණ කිරීමට පැවිදි වන්නෙමුයි විහාරයට යන්නාට පැවිදිවන අදහස මුදුන්පමුණුවා පැවිදි වූයේ එය ඉතා යහපතියි ආවර්ජනා කරන්නාට පාමොක් සංවරණය වන්නාට චීවරාදි ප්‍රත්‍ය ප්‍රත්‍යවේක්‍ෂා කරන්නාට චක්‍ෂුද්වාර ආදියෙහි රූපාදිය ගැටෙනවිට සංවර වන්නාට ආජීවය පිරිසිදු කරන්නාට පවත්වන චේතනා සීලමය නම් වේ. පටිසම්භිදාවෙහි කියන ලද ආකාරයෙන් විපස්සනා මාර්ගයෙන් ඇස අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් වඩන්නාට රූපයේ..........ධර්මයේ, චක්ඛු විඤ්ඤාණ.....මනෝ විඤ්ඤාණ, චක්ඛු සම්ඵස්ස...... මනෝ සම්ඵස්ස, චක්ඛු සම්ඵස්සජ වේදනා........මනෝ සම්ඵස්සජ වේදනා, රූප සඤ්ඤං.......ධම්ම සුඤ්ඤං, ජරා මරණ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් වඩන්නාට පවත්නා චේතනාව භාවනාවමය නම් වේ. මේ විස්තර කථාවයි.

අපුඤ‍්ඤාභිසඞ‍්ඛාරනිද‍්දෙසෙ අකුසලා චෙතනාති ද‍්වාදසඅකුසලචිත‍්තසම‍්පයුත‍්තා චෙතනා. කාමාවචරාති කිඤ‍්චාපි තත්‍ථ ඨපෙත්‍වා ද‍්වෙ දොමනස‍්සසහගතචෙතනා සෙසා රූපාරූපභවෙපි උප‍්පජ‍්ජන‍්ති, තත්‍ථ පන පටිසන්‍ධිං න ආකඩ‍්ඪන‍්ති, කාමාවචරෙයෙව පටිසන්‍ධිවසෙන විපාකං අවචාරෙන‍්තීති කාමාවචරාත්‍වෙව වුත‍්තා.

අපුඤ්ඤාභි සංඛාර විස්තරයෙහි අකුසලා චේතනා යනු දොළොස් අකුසල සිත් සම්ප්‍රයුක්ත වූ චේතනාවය. කාමාවචරා යනු එහි කිසියම් දෙයක් හැර දොම්නස් චේතනා දෙක සෙසු රූප අරූප භවවල ද උපදී. එහි ප්‍රතිසන්ධිය නොදේ. කාමාවචරයෙහිම ප්‍රතිසන්ධි වශයෙන් විපාකය හැසිරේය යනුවෙන් කාමාවචරයයි කියනු ලැබේ.

ආනෙඤ‍්ජාභිසඞ‍්ඛාරනිද‍්දෙසෙ කුසලා චෙතනා අරූපාවචරාති චතස‍්සො අරූපාවචරකුසලචෙතනා. එතා හි චතස‍්සො අනිඤ‍්ජනට‍්ඨෙන අනිඤ‍්ජනස‍්ස ච අභිසඞ‍්ඛරණට‍්ඨෙන ආනෙඤ‍්ජාභිසඞ‍්ඛාරොති වුච‍්චන‍්ති. රූපාවචරචතුත්‍ථජ‍්ඣානතො හි තිස‍්සො කුසලවිපාකකිරියාචෙතනා ද‍්වාදස අරූපාවචරචෙතනාති පඤ‍්චදස ධම‍්මා අනිච‍්චලට‍්ඨෙන අඵන්‍දනට‍්ඨෙන ආනෙඤ‍්ජා නාම. තත්‍ථ රූපාවචරා කුසලා චෙතනා අනිඤ‍්ජා සමානාපි අත‍්තනා සරික‍්ඛකම‍්පි අසරික‍්ඛකම‍්පි සඉඤ‍්ජනම‍්පි අනිඤ‍්ජනම‍්පි රූපාරූපං ජනෙතීති ආනෙඤ‍්ජාභිසඞ‍්ඛාරො නාම න හොති. විපාකකිරියචෙතනා පන අවිපාකත‍්තා විපාකං න අභිසඞ‍්ඛරොන‍්ති, තථා අරූපාවචරා විපාකකිරියචෙතනාපීති එකාදසාපි එතා චෙතනා ආනෙඤ‍්ජාව න අභිසඞ‍්ඛාරා. චතුබ‍්බිධා පන අරූපාවචරකුසලචෙතනා යථා හත්‍ථිඅස‍්සාදීනං සදිසාව ඡායා හොන‍්ති, එවං අත‍්තනා සදිසං නිච‍්චලං අරූපමෙව ජනෙතීති ආනෙඤ‍්ජාභිසඞ‍්ඛාරොති වුච‍්චතීති.

ආනෙඤ්ජාභි සංඛාර නිර්දේශයෙහි කුසල චේතනා අරූපා යයි අරූපාවචර කුසල චේතනා සතරය. මේ සතර සිදුනොවන අර්ථයෙන් නොසිදුවීම සංස්කරණය යන අර්ථයෙන් ආනෙඤ්ජාභිසංඛාරයයි කියනු ලැබේ. රූපාවචර චතුර්ථ ධ්‍යානයෙන් කුසල විපාක කිරිය තුන ද අරූපාවචර දොළොසද යන චේතනා පහළොව නිශ්චල අර්ථයෙන් සහ ස්පන්දනය නොවන අර්ථයෙන් ආනෙඤ්ජ නම් වේ. එහි රූපාවචර කුසල චේතනා නොසිදුවීමට සමානව තමා විසින් සමාන වූද අසමාන වූද සිදුවනද නොසිදුවනද රූප සහ අරූප උපදවනු ලැබේ යන්න ආනෙඤ්ජාභි සංඛාර නම් නොවේ. විපාක කිරිය චේතනා වනාහි අවිපාක බැවින් විපාක සංස්කරණය නොකරයි. එසේම අරූපාවචර විපාක කිරිය චේතනා වන එකොළහක් වූ ද මේ චේතනා ආනෙඤ්ජද වේ, සංස්කරණය නොවේ. සතරාකාර වූ අරූපාවචර කුසල චේතනා යම්සේ ඇත් අස් ආදීන් මෙන් ඡායාව වේද තමා සමාන නිශ්චල අරූපම උපදවයි යනු ආනෙඤ්ජාභි සංඛාරයයි කියනු ලැබේ.

එවං පුඤ‍්ජාභිසඞ‍්ඛාරවසෙන තෙරස, අපුඤ‍්ඤාභිසඞ‍්ඛාරවසෙන ද‍්වාදස, ආනෙඤ‍්ජාභිසඞ‍්ඛාරවසෙන චතස‍්සොති සබ‍්බාපෙතා පරිපිණ‍්ඩිතා එකූනතිංස චෙතනා හොන‍්ති. ඉති භගවා අපරිමාණෙසු චක‍්කවාළෙසු අපරිමාණානං සත‍්තානං උප‍්පජ‍්ජනකකුසලාකුසලචෙතනා මහාතුලාය ධාරයමානො විය, නාළියං පක‍්ඛිපිත්‍වා මිනමානො විය ච සබ‍්බඤ‍්ඤුතඤාණෙන පරිච‍්ඡින්‍දිත්‍වා එකූනතිංසමෙව දස‍්සෙසි.

මෙසේ පුඤ්ඤාභිසංඛාර වහයෙන් දහතුනද අපුඤ්ඤාභිසංඛාර වශයෙන් දොළහද ආනෙඤ්ජාභිසංඛාර වශයෙන් සතරද යන සියල්ල පිඬු කිරීමෙන් එකුන්තිස් චේතනා වෙයි. මෙසේ භාග්‍යවත්හු අප්‍රමාණ සක්වල අප්‍රමාණ සත්ත්වයන් උපදවන කුසල අකුසල චේතනා මහා තරාදියකින් කිරන ලද මෙන් නැළියකට දමා මනිනවා මෙන් සර්වඥ ඤාණයෙන් පිරිසිඳ තිස් එකක්ම දැක්වූහ.

ඉදානි අපරිමාණෙසු චක‍්කවාළෙසු අපරිමාණා සත‍්තා කුසලාකුසලකම‍්මං ආයූහමානා යෙහි ද‍්වාරෙහි ආයූහන‍්ති, තානි තීණි කම‍්මද‍්වාරානි දස‍්සෙන‍්තො තත්‍ථ කතමො කායසඞ‍්ඛාරො? කායසඤ‍්චෙතනාතිආදිමාහ. තත්‍ථ කායසඤ‍්චෙතනාති කායවිඤ‍්ඤත‍්තිං සමුට‍්ඨාපෙත්‍වා කායද‍්වාරතො පවත‍්තා අට‍්ඨ කාමාවචරකුසලචෙතනා ද‍්වාදස අකුසලචෙතනාති සමවීසති චෙතනා; කායද‍්වාරෙ ආදානග‍්ගහණචොපනං පාපයමානා උප‍්පන‍්නා වීසති කුසලාකුසලචෙතනාතිපි වත‍්තුං වට‍්ටති.

දැන් අප්‍රමාණ සක්වල අප්‍රමාණ සත්ත්වයන් කුසලාකුසල කර්ම රැස් කරන්නෝ දොරවල්වලින්ම රැස්කරති. ඒ කර්ම ද්වාර තුන දක්වන්නේ කත්‍ථ කතමා කාය සංඛාරො! කාය සංචේතනා යයි කීහ. එහි කාය සංචේතනා යනු කාය විඥප්තිය උපදවා කාය ද්වාරයෙන් පවත්වන කාමාවචර කුසල චේතනා අට අකුසල චේතනා දොළහ යන චේතනා විස්ස වේ. කාය ද්වාරයෙහි ගෙන අල්ලා සොලවා පමුණුවමින් උපදින කුසලාකුසල චේතනා විස්ස යයි කීමද වටී.

වචීසඤ‍්චෙතනාති වචීවිඤ‍්ඤත‍්තිං සමුට‍්ඨාපෙත්‍වා වචීද‍්වාරතො පවත‍්තා තායෙව වීසති චෙතනා; වචීද‍්වාරෙ හනුසඤ‍්චොපනං වාක්‍යභෙදං පාපයමානා උප‍්පන‍්නා වීසති චෙතනාතිපි වත‍්තුං වට‍්ටති. අභිඤ‍්ඤාචෙතනා පනෙත්‍ථ පරතො විඤ‍්ඤාණස‍්ස පච‍්චයො න හොතීති න ගහිතා. යථා ච අභිඤ‍්ඤාචෙතනා, එවං උද‍්ධච‍්චචෙතනාපි න හොති. තස‍්මා සාපි විඤ‍්ඤාණස‍්ස පච‍්චයභාවෙ අපනෙතබ‍්බා. අවිජ‍්ජාපච‍්චයා පන සබ‍්බාපෙතා හොන‍්ති.

වචී සංචේතනා යනු වචී විඥප්තිය උපදවා වචී ද්වාරයෙහි පවතින ඒ වචී ද්වාරයෙහි හනු සොලවමින් වචන බවට පමුණුවමින් උපදින චේතනා විස්ස යයි කීමද වටී. අභිඤ්ඤා චේතනා වනාහි මෙහි අනුන්ගෙන් විඤ්ඤාණයට ප්‍රත්‍ය නොවේ යයි නොගන්නා ලදි. අභිඤ්ඤා චේතනාව මෙන් උද්ධච්ච චේතනාවද නොවේ. ඒ නිසා එයද විඤ්ඤාණයේ ප්‍රත්‍යභාවයෙන් ඉවත්කළ යුතුය. අවිජ්ජා පච්චයාහි මේ සියල්ලද වේ.

මනොසඤ‍්චෙතනාති උභොපි විඤ‍්ඤත‍්තියො අසමුට‍්ඨාපෙත්‍වා මනොද‍්වාරෙ උප‍්පන‍්නා සබ‍්බාපි එකූනතිංස චෙතනා. ඉති භගවා අපරිමාණෙසු චක‍්කවාළෙසු අපරිමාණා සත‍්තා කුසලාකුසලකම‍්මං ආයූහමානා ඉමෙහි තීහි ද‍්වාරෙහි ආයූහන‍්තීති ආයූහනකම‍්මද‍්වාරං දස‍්සෙසි.

මනෝ සංචේතනා යනු විඤ්ඤත්ති දෙකම නොඋපදවා මනෝද්වාරයෙහි උපන් සියළු එකුන් තිස් චේතනාය. මෙසේ භගවත්හු අප්‍රමාණ සක්වල අප්‍රමාණ සත්ත්වයන් කුසලාකුසල කර්ම රැස්කරන්නේ මේ දොරවල් තුනෙන් රැස්කරන්නේ යයි රැස්කරන දොරද දැක්වූහ.

ඉමෙසං පන ද‍්වින‍්නම‍්පි තිකානං අඤ‍්ඤමඤ‍්ඤං සම‍්පයොගො වෙදිතබ‍්බො. කථං? පුඤ‍්ඤාභිසඞ‍්ඛාරො හි කායදුච‍්චරිතා විරමන‍්තස‍්ස සියා කායසඞ‍්ඛාරො, වචීදුච‍්චරිතා විරමන‍්තස‍්ස සියා වචීසඞ‍්ඛාරො. එවං අට‍්ඨ කුසලචෙතනා කාමාවචරා පුඤ‍්ඤාභිසඞ‍්ඛාරො ච හොති කායසඞ‍්ඛාරො ච වචීසඞ‍්ඛාරො ච. මනොද‍්වාරෙ උප‍්පන‍්නා පන තෙරස චෙතනා පුඤ‍්ඤාභිසඞ‍්ඛාරො ච හොති චිත‍්තසඞ‍්ඛාරො ච. අපුඤ‍්ඤාභිසඞ‍්ඛාරොපි කායදුච‍්චරිතවසෙන පවත‍්තියං සියා කායසඞ‍්ඛාරො, වචීදුච‍්චරිතවසෙන පවත‍්තියං සියා වචීසඞ‍්ඛාරො, ද‍්වෙ ද‍්වාරානි මුඤ‍්චිත්‍වා මනොද‍්වාරෙ පවත‍්තියං සියා චිත‍්තසඞ‍්ඛාරොති. එවං අපුඤ‍්ඤාභිසඞ‍්ඛාරො කායසඞ‍්ඛාරොපි හොති වචීසඞ‍්ඛාරොපි චිත‍්තසඞ‍්ඛාරොපි.

මේ ත්‍රික දෙකේ ද අන්‍යොන්‍යව සමග යෙදීමද දතයුතුය. කෙසේද? කාය දුශ්චරිතයෙන් වෙන්වන්නාව කාය සංඛාරය ඇතිවන්නේය. වචී දුශ්චරිතයෙන් වෙන්වන්නාව වචී සංඛාරය ඇතිවන්නේය. මෙසේ කාමාවචර අට කුසල් චේතනා පුඤ්ඤාභි සංඛාර ද කාය සංඛාර ද වචී සංඛාර ද වේ. මනෝද්වාරයෙහි උපන් චේතනා දහතුන පුඤ්ඤාභිසංඛාරද චිත්ත සංඛාරද වේ. අපුඤ්ඤාභිසංඛාරයද කාය දුශ්චරිත වශයෙන් කාය සංඛාරය වන්නේය. වචී දුශ්චරිත වශයෙන් වචී සංඛාරය වන්නේය. දොරවල් දෙක මුදා මනෝද්වාරයෙහි චිත්ත සංඛාරය වන්නේය යයි මෙසේ අපුඤ්ඤාභි සංඛාර කාය වචී චිත්ත සංඛාර වන්නේය.

කායසඞ‍්ඛාරො පන සියා පුඤ‍්ඤාභිසඞ‍්ඛාරො, සියා අපුඤ‍්ඤාභිසඞ‍්ඛාරො, න ආනෙඤ‍්ජාභිසඞ‍්ඛාරො. තථා වචීසඞ‍්ඛාරො. චිත‍්තසඞ‍්ඛාරො පන සියා පුඤ‍්ඤාභිසඞ‍්ඛාරො , සියා අපුඤ‍්ඤාභිසඞ‍්ඛාරො, සියා ආනෙඤ‍්ජාභිසඞ‍්ඛාරොති. ඉමෙ අවිජ‍්ජාපච‍්චයා සඞ‍්ඛාරා නාම.

කාය සංඛාරය පුඤ්ඤාභිසංඛාර අපුඤ්ඤාභිසංඛාර වේ. අනෙඤ්ජාභි සංඛාර නොවේ. වචී සංඛාරයද එසේය. චිත්ත සංඛාරය වනාහි පුඤ්ඤ අපුඤ්ඤ ආනෙඤ්ජ සංඛාර තුනම වන්නේය. මෙය අවිජ්ජා පච්චයා සංඛාර නම් වේ.

කථං පනෙතං ජානිතබ‍්බං – ඉමෙ සඞ‍්ඛාරා අවිජ‍්ජාපච‍්චයා හොන‍්තීති? අවිජ‍්ජාභාවෙ භාවතො. යස‍්ස හි දුක‍්ඛාදීසු අවිජ‍්ජාසඞ‍්ඛාතං අඤ‍්ඤාණං අප‍්පහීනං හොති, සො දුක‍්ඛෙ තාව පුබ‍්බන‍්තාදීසු ච අඤ‍්ඤාණෙන සංසාරදුක‍්ඛං සුඛසඤ‍්ඤාය ගහෙත්‍වා තස‍්ස හෙතුභූතෙ තිවිධෙපි සඞ‍්ඛාරෙ ආරභති , සමුදයෙ අඤ‍්ඤාණෙන දුක‍්ඛහෙතුභූතෙපි තණ‍්හාපරික‍්ඛාරෙ සඞ‍්ඛාරෙ සුඛහෙතුතො මඤ‍්ඤමානො ආරභති, නිරොධෙ පන මග‍්ගෙ ච අඤ‍්ඤාණෙන දුක‍්ඛස‍්ස අනිරොධභූතෙපි ගතිවිසෙසෙ දුක‍්ඛනිරොධසඤ‍්ඤී හුත්‍වා නිරොධස‍්ස ච අමග‍්ගභූතෙසුපි යඤ‍්ඤාමරතපාදීසු නිරොධමග‍්ගසඤ‍්ඤී හුත්‍වා දුක‍්ඛනිරොධං පත්‍ථයමානො යඤ‍්ඤාමරතපාදිමුඛෙන තිවිධෙපි සඞ‍්ඛාරෙ ආරභති.

මේ සංස්කාර අවිද්‍යා ප්‍රත්‍යයෙන් වේ යයි කෙසේ දැනගත හැකිද? අවිද්‍යාවෙහි සිට වඩන්නා වූ යමෙකුට දුක්ඛාදියෙහි අවිද්‍යා සංඛ්‍යාත අඤ්ඤාණය ප්‍රහීණ නොවේ. පුබ්බන්තාදි දුකෙහි අඤ්ඤාණයෙන් සසර දුක් සැප සංඥාවෙන් ගෙන ඊට හේතුව ත්‍රිවිධ සංස්කාරයන් සිදුකරයි. සමුදයෙහි නොදැනීමෙන් දුකට හේතුවූ තෘෂ්ණා පිරිවර වූ සංස්කාර සැපයට හේතුවන්නේ යයි හඟිමින් සිදුකරයි. නිරෝධයෙහි ද මාර්ගයෙහිද නොදැනීමෙන් අනිරෝධය හේතුවූ දුකේ ගති විශේෂයෙහි දුක්ඛ නිරෝධ යයි සංඥා ඇතිව අමාර්ගය වූ යඤ්ඤාමරතපා ආදියෙහි නිරෝධ මාර්ග සඤ්ඤා ඇතිව දුක්ඛ නිරෝධය ප්‍රාර්ථනා කරමින් යඤ්ඤාමරතපා ආදී මුඛයෙන් ත්‍රිවිධ සංවර සිදුකරයි.

අපිච සො තාය චතූසු සච‍්චෙසු අප‍්පහීනාවිජ‍්ජතාය විසෙසතො ජාතිජරාරොගමරණාදිඅනෙකාදීනවවොකිණ‍්ණං පුඤ‍්ඤඵලසඞ‍්ඛාතං දුක‍්ඛං දුක‍්ඛතො අජානන‍්තො තස‍්ස අධිගමාය කායවචීචිත‍්තසඞ‍්ඛාරභෙදං පුඤ‍්ඤාභිසඞ‍්ඛාරං ආරභති දෙවච‍්ඡරකාමකො විය මරුපපාතං; සුඛසම‍්මතස‍්සාපි ච තස‍්ස පුඤ‍්ඤඵලස‍්ස අන‍්තෙ මහාපරිළාහජනකං විපරිණාමදුක‍්ඛතං අප‍්පස‍්සාදතඤ‍්ච අපස‍්සන‍්තොපි තප‍්පච‍්චයං වුත‍්තප‍්පකාරමෙව පුඤ‍්ඤාභිසඞ‍්ඛාරං ආරභති සලභො විය දීපසිඛාභිනිපාතං, මධුබින්‍දුගිද‍්ධො විය ච මධුලිත‍්තසත්‍ථධාරාලෙහනං.

තවද හේ ඒ චතුස්සත්‍යයෙහි අප්‍රහීණ වූ අවිජ්ජා විසේසයෝ ජාති ජරා රෝග මරණාදි අනේක ආදීනව ආකීර්ණ වූ පුඤ්ඤඵල සංඛ්‍යාත දුක දුකයයි නොදන්නේ එහි අවිශේස (අවබෝධය) සඳහා කාය වචී, චිත්ත සංඛාර භේද වූ පුඤ්ඤාභිසංඛාර සිදුකරති. දෙවඟනන් කැමැත්තෙන් වැලිකතරට වැටෙන්නේ මෙන් සැපය සම්මත වුවත් ඒ පිනේ කෙළවර මහා පීඩාදායක විපරිණාම දුක්ඛාදි ආශ්වාදරහිතවද නොදක්නේද ඒ සඳහා කියන ලද ආකාරයෙන්ම පුඤ්ඤාභිසංඛාර සිදුකරයි. පහන් දැල්ලට වැටෙන පළගැටියකු මෙන් මීබිඳුයෙහි ගිජුව මී තැවරූ සැත් මුවහත ලොවින්නාක් මෙන්

කාමූපසෙවනාදීසු ච සවිපාකෙසු ආදීනවං අපස‍්සන‍්තො සුඛසඤ‍්ඤාය චෙව කිලෙසාභිභූතතාය ච ද‍්වාරත‍්තයප‍්පවත‍්තම‍්පි අපුඤ‍්ඤාභිසඞ‍්ඛාරං ආරභති බාලො විය ගූථකීළනං, මරිතුකාමො විය ච විසඛාදනං. ආරුප‍්පවිපාකෙසු චාපි සඞ‍්ඛාරවිපරිණාමදුක‍්ඛතං අනවබුජ‍්ඣමානො සස‍්සතාදිවිපල‍්ලාසෙන චිත‍්තසඞ‍්ඛාරභූතං ආනෙඤ‍්ජාභිසඞ‍්ඛාරං ආරභති දිසාමූළ‍්හො විය පිසාචනගරාභිමුඛමග‍්ගගමනං.

කාමසේවනාදියෙහි ද විපාක සහිත ආදීනව නොදක්නේ සුව සංඥාවෙන් මෙන්ම කාම කෙලෙස්වලින් යුක්ත බැවින්ද ද්වාරත්‍රයෙහි පවත්නා වූද අපුඤ්ඤාභි සංඛාර සිදුකරයි. අසූචි කෙලියෙහි යෙදුණු ළදරුවකු මෙන් මැරෙනු කැමති විස කන්නකු මෙන් අරූප විපාකවලද සංඛාර විපරිණාමය දුක්බවද අවබෝධ නැත්තේ සාස්වතාදි විපර්යාසයෙන් චිත්ත සංඛාර ආනෙඤ්ජාභිසංඛාර සිදුකරයි. (පටන් ගනියි) මංමුළා වූවෙක් ප්‍රේත නගරයට යන ගමනක් මෙන්

එවං යස‍්මා අවිජ‍්ජාභාවතොව සඞ‍්ඛාරභාවො, න අභාවතො; තස‍්මා ජානිතබ‍්බමෙතං – ඉමෙ සඞ‍්ඛාරා අවිජ‍්ජාපච‍්චයා හොන‍්තීති. වුත‍්තම‍්පි චෙතං – “අවිද‍්වා, භික‍්ඛවෙ, අවිජ‍්ජාගතො පුඤ‍්ඤාභිසඞ‍්ඛාරම‍්පි අභිසඞ‍්ඛරොති, අපුඤ‍්ඤාභිසඞ‍්ඛාරම‍්පි අභිසඞ‍්ඛරොති, ආනෙඤ‍්ජාභිසඞ‍්ඛාරම‍්පි අභිසඞ‍්ඛරොති. යතො ඛො, භික‍්ඛවෙ, භික‍්ඛුනො අවිජ‍්ජා පහීනා, විජ‍්ජා උප‍්පන‍්නා, සො අවිජ‍්ජාවිරාගා විජ‍්ජුප‍්පාදා නෙව පුඤ‍්ඤාභිසඞ‍්ඛාරං අභිසඞ‍්ඛරොතී”ති.

මෙසේ අවිජ්ජා භවයෙන් සංඛාර භවය වේ. මේ සංඛාර අවිජ්ජා ප්‍රත්‍යයේ වේයයි. එනිසා දතයුතුය. කියන ලදි. “අවිද්වා භික්ඛවෙ අවිජ්ජාගතො පුඤ්ඤාභි සංඛාරම්පි කරොති”......... මහණෙනි, නොදැන අවිජ්ජාව පැමිණියේ පුඤ්ඤාභිසංඛාර ද කරයි.

එත්‍ථාහ – ගණ‍්හාම තාව එතං ‘අවිජ‍්ජා සඞ‍්ඛාරානං පච‍්චයො’ති. ඉදං පන වත‍්තබ‍්බං – ‘කතමෙසං සඞ‍්ඛාරානං කථං පච‍්චයො හොතී’ති? තත්‍රිදං වුච‍්චති –

[missing trans]

පච‍්චයො හොති පුඤ‍්ඤානං, දුවිධානෙකධා පන; පරෙසං පච‍්ඡිමානං සා, එකධා පච‍්චයො මතා.

පස වේය පින්වල - යෙදේ දෙපරිදි නේ විදි එය පැසුළු අන්හට - එක්විදි පසයි වන්නේ

තත්‍ථ ‘පුඤ‍්ඤානං දුවිධා’ති ආරම‍්මණපච‍්චයෙන ච උපනිස‍්සයපච‍්චයෙන චාති ද‍්වෙධා පච‍්චයො හොති. සා හි අවිජ‍්ජං ඛයතො වයතො සම‍්මසනකාලෙ කාමාවචරානං පුඤ‍්ඤාභිසඞ‍්ඛාරානං ආරම‍්මණපච‍්චයෙන පච‍්චයො හොති, අභිඤ‍්ඤාචිත‍්තෙන සමොහචිත‍්තජානනකාලෙ රූපාවචරානං, අවිජ‍්ජාසමතික‍්කමනත්‍ථාය පන දානාදීනි චෙව කාමාවචරපුඤ‍්ඤකිරියවත්‍ථූනි පූරෙන‍්තස‍්ස රූපාවචරජ‍්ඣානානි ච උප‍්පාදෙන‍්තස‍්ස ද‍්වින‍්නම‍්පි තෙසං උපනිස‍්සයපච‍්චයෙන පච‍්චයො හොති; තථා අවිජ‍්ජාසම‍්මූළ‍්හත‍්තා කාමභවරූපභවසම‍්පත‍්තියො පත්‍ථෙත්‍වා තානෙව පුඤ‍්ඤානි කරොන‍්තස‍්ස.

එහි පින් දෙවිදි යයි යනු ආරම්මණ උපනිසය ප්‍රත්‍ය වශයෙනි. එය අවිජ්ජාව ක්‍ෂය ව්‍යය වශයෙන් විමසනවිට කාමාවචර පුඤ්ඤාභිසංඛාර ආරම්මණ ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වේ. අභිඤ්ඤා සිතින් මුළා සිත් දැනගන්නාවිට රූපාවචර පුඤ්ඤාභිසංඛාර ආරම්මණ ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වේ. අවිජ්ජාව ඉක්මවීමට දානාදි කාමාවචර පින්කිරිය වත් පුරන්නාට සහ රූපාවචර ධ්‍යාන උපදවන්නාට යන දෙදෙනාටම උපනිශ්‍රය ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වේ. එසේම අවිජ්ජාවෙන් මුළා වී කාම භව රූපභව සම්පත් ප්‍රාර්ථනා කොට එම පින්කම් කරන්නාට ද එසේය.

‘අනෙකධා පන පරෙස’න‍්ති අපුඤ‍්ඤාභිසඞ‍්ඛාරානං අනෙකධා පච‍්චයො හොති. කථං? එසා හි අවිජ‍්ජං ආරබ‍්භ රාගාදීනං උප‍්පජ‍්ජනකාලෙ ආරම‍්මණපච‍්චයෙන, ගරුං කත්‍වා අස‍්සාදනකාලෙ ආරම‍්මණාධිපතිආරම‍්මණූපනිස‍්සයෙහි, අවිජ‍්ජාසම‍්මූළ‍්හස‍්ස අනාදීනවදස‍්සාවිනො පාණාතිපාතාදීනි කරොන‍්තස‍්ස උපනිස‍්සයපච‍්චයෙන, දුතියජවනාදීනං අනන‍්තරසමනන‍්තරානන‍්තරූපනිස‍්සයාසෙවනනත්‍ථිවිගතපච‍්චයෙහි, යං කිඤ‍්චි අකුසලං කරොන‍්තස‍්ස හෙතුසහජාතඅඤ‍්ඤමඤ‍්ඤනිස‍්සයසම‍්පයුත‍්තඅත්‍ථිඅවිගතපච‍්චයෙහීති අනෙකධා පච‍්චයො හොති.

අන්‍ය වූ අනේකවිධ අපුඤ්ඤාභි සංඛාරවලට නොයෙක් ආකාර ප්‍රත්‍ය වේ. කෙසේද? අපුඤ්ඤාභිසංඛාරද කරයි. අනෙඤ්ජාභි සංඛාරද කරයි. මහණෙනි, යම්හෙයකින් භික්‍ෂුවගේ අවිජ්ජා ප්‍රහීණ වී විද්‍යාව උපන්නේද හේ අවිජ්ජා විරාගයෙන් විජ්ජාව උපදවා ගැනීමෙන් පුඤ්ඤාභි සංඛාර රැස් නොකෙරේමය. මෙහි කීහ. අවිජ්ජා සංඛාරයන්ගේ මේ ප්‍රත්‍යයයි ගන්නේ නම් මෙය කිවයුතුය. මේ සංඛාරයන්ගේ සත්‍ය වන්නේ කෙසේද? මේ අවිජ්ජාව අරබයා රාගාදිය උපදනවිට ආරම්මණ ප්‍රත්‍ය වශයෙන්ද ගරුකොට ආශ්වාදය කරනවිට ආරම්මණාධිපති ආරම්මණ උපනිශ්‍රය ප්‍රත්‍යයෙහි ද අවිජ්ජාවෙන් මුළාවී ආදීනව තුන දකිමින් ප්‍රාණඝාතාදී කරන්නාට උපනිශ්‍රය ප්‍රත්‍යයෙහිද දෙවන ජවනාදියට අනන්තර සමන්තර අනන්තර උපනිශ්‍රය ආසේවන නැතිව විගත ප්‍රත්‍යවලින්ද යම්කිසි අකුසලයක් කරන්නාට හේතු සහජාත අඤ්ඤමඤ්ඤ නිස්සය සම්ප්‍රයුක්ත අත්‍ථි අවිගත ප්‍රත්‍යවලින්දැයි අනේකාකාර ප්‍රත්‍ය වෙයි.

‘පච‍්ඡිමානං සා එකධා පච‍්චයො මතා’ති ආනෙඤ‍්ජාභිසඞ‍්ඛාරානං උපනිස‍්සයපච‍්චයෙනෙව එකධා පච‍්චයො මතා. සො පනස‍්සා උපනිස‍්සයභාවො පුඤ‍්ඤාභිසඞ‍්ඛාරෙ වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බොති.

පැසුළුවූවන්ට එය එකාකාරයකින් ප්‍රත්‍ය වේයයි කියන්නේ ආනෙඤ්ජාභි සංස්කාරවලට උපනිශ්‍රය ප්‍රත්‍යයෙන්ම නිසා එකාකාර ප්‍රත්‍ය වේ’ යයි දතයුතුය. ඒ උපනිශ්‍රයභාවය පුඤ්ඤාභිසංඛාරයෙහි කීනයින් දතයුතුය.

එත්‍ථාහ – ‘කිං පනායමෙකාව අවිජ‍්ජා සඞ‍්ඛාරානං පච‍්චයො උදාහු අඤ‍්ඤෙපි පච‍්චයා හොන‍්තී’ති? කිඤ‍්චෙත්‍ථ යදි තාව එකාව එකකාරණවාදො ආපජ‍්ජති. අථ ‘අඤ‍්ඤෙපි සන‍්ති අවිජ‍්ජාපච‍්චයා සඞ‍්ඛාරා’ති එකකාරණනිද‍්දෙසො නුපපජ‍්ජතීති? න නුපපජ‍්ජති. කස‍්මා? යස‍්මා –

මෙහි කීහ. කිම එකම අවිජ්ජාව සංඛාරවලට ප්‍රත්‍යවේද? නැතහොත් අන්‍ය වූ ප්‍රත්‍ය තිබේද? එකම ප්‍රත්‍යය වුවහොත් ඒකහේතුවාදයට පැමිණේ. සංඛාරවලට තවත් ප්‍රත්‍ය තිබේ යි කිවහොත් අවිජ්ජා පච්චයා සංඛාරා යයි කී ඒක හේතු නිර්දේශය නොවේද? නොවේ. කුමක් හෙයින්ද? යම් හෙයකින්-

එකං න එකතො ඉධ, නානෙකමනෙකතොපි නො එකං; ඵලමත්‍ථි අත්‍ථි පන එක-හෙතුඵලදීපනෙ අත්‍ථො.

එකකින් එකක් මෙන් - නේකින් නේකද නොවේ නැත එක් පලයක් ද - ඇත හේ පල අරුත එක

එකතො හි කාරණතො න ඉධ කිඤ‍්චි එකං ඵලමත්‍ථි, න අනෙකං. නාපි අනෙකෙහි කාරණෙහි එකං. අනෙකෙහි පන කාරණෙහි අනෙකමෙව හොති. තථා හි අනෙකෙහි උතුපථවීබීජසලිලසඞ‍්ඛාතෙහි කාරණෙහි අනෙකමෙව රූපගන්‍ධරසාදිඅඞ‍්කුරසඞ‍්ඛාතං ඵලමුප‍්පජ‍්ජමානං දිස‍්සති. යං පනෙතං “අවිජ‍්ජාපච‍්චයා සඞ‍්ඛාරා, සඞ‍්ඛාරපච‍්චයා විඤ‍්ඤාණ”න‍්ති එකෙකහෙතුඵලදීපනං කතං, තත්‍ථ අත්‍ථො අත්‍ථි, පයොජනං විජ‍්ජති.

මෙහි එක් හේතුවකින් කිසියම් එක් ඵලයක් නැත. අනේක ඵලද නැත. අනේක හේතුවලින් එක් ඵලයක් නැත. අනේක හේතුවලින් අනේක ඵල ඇතිවේ. එසේම අනේක සෘතු පස බීජ ජලය සංඛ්‍යාත හේතුවලින් අනේකවූ රූප ගන්ධ රසාදි වූ අංකුර සංඛ්‍යාත ඵල උපදවනු පෙනේ. යම් හෙයකින් මෙය අවිජ්ජාපච්චයා සංඛාරා සංඛාර පච්චයා විඤ්ඤාණං යයි එක එක හේතුඵල දැක්වීමක් කෙළේ නම් එහි අර්ථයක් නැත. ප්‍රයෝජනයක් ඇත.

භගවා හි කත්‍ථචි පධානත‍්තා, කත්‍ථචි පාකටත‍්තා, කත්‍ථචි අසාධාරණත‍්තා, දෙසනාවිලාසස‍්ස ච වෙනෙය්‍යානඤ‍්ච අනුරූපතො එකමෙවහෙතුං වා ඵලං වා දීපෙති; “ඵස‍්සපච‍්චයා වෙදනා”ති (දී· නි· 2.97) හි එකමෙව හෙතුං ඵලඤ‍්චාහ. ඵස‍්සො හි වෙදනාය පධානහෙතු යථාඵස‍්සං වෙදනාවවත්‍ථානතො. වෙදනා ච ඵස‍්සස‍්ස පධානඵලං යථාවෙදනං ඵස‍්සවවත්‍ථානතො.

භාග්‍යවතුන් වහන්සේ වනාහි කිසිවක ප්‍රධාන බවද කිසිවක ප්‍රකට බවද කිසිවක අසාධාරණ බවද දේසනා විලාසයද විනේය ජනයන්ට අනුරූප වශයෙන් වූ එකම හේතුව හෝ ඵලයක් හෝ පෙන්වති. ඵස්ස පච්චයා වේදනා යන මෙහි එක් හේතුවක් හා ඵලයක් කීහ. වේදනාවෙහි ප්‍රධාන හේතුව ස්පර්ශයයි. වේදනා නියමය නිසා වේදනාව ස්පර්ශයේ ප්‍රධාන ඵලයයි. යම්සේ වේදනාව ඵස්ස නියමයෙන් වන නිසා

“සෙම‍්හසමුට‍්ඨානා ආබාධා”ති (මහානි· 5) පාකටත‍්තා එකං හෙතුමාහ. පාකටො හෙත්‍ථ සෙම‍්හො, න කම‍්මාදයො. “යෙ කෙචි, භික‍්ඛවෙ, අකුසලා ධම‍්මා, සබ‍්බෙතෙ අයොනිසොමනසිකාරමූලකා”ති අසාධාරණත‍්තා එකං හෙතුමාහ; අසාධාරණො හි අයොනිසොමනසිකාරො අකුසලානං, සාධාරණානි වත්‍ථාරම‍්මණාදීනීති.

සෙම්හ සමුට්ඨානා ආබාධාති ප්‍රකට බැවින් එක් හේතුවක් කීහ. මෙහි සෙම ප්‍රකටය. කර්මාදිය ප්‍රකට නොවේ. මහණෙනි, යම්කිසි අකුසල ධර්මයක් වේනම් ඒ සියල්ල අයෝනිසෝමනසිකාරමූල වේ යයි අසාධාරණ බැවින් එක් හේතුවක් දැක්වූහ. අයෝනිසෝ මනසිකාරය අසාධාරණ වන අතර දෝස වස්තු ආරම්මණ ආදිය අකුසල්වලට සාධාරණය.

තස‍්මා අයමිධ අවිජ‍්ජා විජ‍්ජමානෙසුපි අඤ‍්ඤෙසු වත්‍ථාරම‍්මණසහජාතධම‍්මාදීසු සඞ‍්ඛාරකාරණෙසු “අස‍්සාදානුපස‍්සිනො තණ‍්හා පවඩ‍්ඪතී”ති (සං· නි· 2.52) ච “අවිජ‍්ජාසමුදයා ආසවසමුදයො”ති (ම· නි· 1.104) ච වචනතො අඤ‍්ඤෙසම‍්පි තණ‍්හාදීනං සඞ‍්ඛාරහෙතූනං හෙතූති පධානත‍්තා, “අවිද‍්වා, භික‍්ඛවෙ, අවිජ‍්ජාගතො පුඤ‍්ඤාභිසඞ‍්ඛාරම‍්පි අභිසඞ‍්ඛරොතී”ති පාකටත‍්තා අසාධාරණත‍්තා ච සඞ‍්ඛාරානං හෙතුභාවෙන දීපිතාති වෙදිතබ‍්බා. එතෙනෙව ච එකෙකහෙතුඵලදීපනපරිහාරවචනෙන සබ‍්බත්‍ථ එකෙකහෙතුඵලදීපනෙ පයොජනං වෙදිතබ‍්බන‍්ති.

එහෙයින් මෙහි මේ අවිජ්ජාව ඇතිකල්හි සෙසු වස්තු ආරම්මණ සහජාත ධර්මාදියෙහි සංඛාර හේතුඵල ආශ්වාද වශයෙන් බලන්නේ තෘෂ්ණාව වැඩේ යයිද අවිජ්ජාව ඇතිවීමෙන් ආශ්‍රව ඇති වේ යයි යන වචනයෙන් අඤ්ඤසෙම්පි තණ්හානං සංඛාරා හේතූනං හේතූති පධානත්තා මහණෙනි, නොදැන අවිජ්ජාවට පැමිණ පුඤ්ඤාභි සංඛාර උපදවයි යන්න ප්‍රකට වීද අසාධාරණ බැවින් අසාධාරණ බැවින්ද සංඛාරයන්ගේ හේතුභාව පෙන්වන ලදැයි දතයුතුය. එකහේතුඵල විස්තර කරන මේ වචනයෙන්ම සියළු ස්ථානවල ඒකහේතුඵල ප්‍රයෝජන දැනගත යුතුය.

එත්‍ථාහ – එවං සන‍්තෙපි එකන‍්තානිට‍්ඨඵලාය සාවජ‍්ජාය අවිජ‍්ජාය කථං පුඤ‍්ඤානෙඤ‍්ජාභිසඞ‍්ඛාරපච‍්චයත‍්තං යුජ‍්ජති? න හි නිම‍්බබීජතො උච‍්ඡු උප‍්පජ‍්ජතීති. කථං න යුජ‍්ජිස‍්සති? ලොකස‍්මිඤ‍්හි –

මෙහි කීහ. මෙසේ ඇතිකල්හි ඒකාන්ත අනිෂ්ට ඵල වූ සාවද්‍ය අවිද්‍යාවෙන් පුච්ච අනෙඤ්ජ අභිසංඛාර ප්‍රත්‍යභාවයෙන් යුක්ත වේද? කොසඹ බීජයකින් උක් නූපදී යයි කෙසේ නොයෙදේද? ලෝකයෙහි

විරුද‍්ධො චාවිරුද‍්ධො ච, සදිසාසදිසො තථා; ධම‍්මානං පච‍්චයො සිද‍්ධො, විපාකා එව තෙ ච න.

විරුදු අවිරුදුව ද - එලෙස සම අසමාහි ද සිදුවේ දමේ පස - එ විවා නම් නොවේමැය්

ධම‍්මානඤ‍්හි ඨානසභාවකිච‍්චාදිවිරුද‍්ධො ච අවිරුද‍්ධො ච පච‍්චයො ලොකෙ සිද‍්ධො. පුරිමචිත‍්තඤ‍්හි අපරචිත‍්තස‍්ස ඨානවිරුද‍්ධො පච‍්චයො, පුරිමසිප‍්පාදිසික‍්ඛා ච පච‍්ඡාපවත‍්තමානානං සිප‍්පාදිකිරියානං. කම‍්මං රූපස‍්ස සභාවවිරුද‍්ධො පච‍්චයො, ඛීරාදීනි ච දධිආදීනං. ආලොකො චක‍්ඛුවිඤ‍්ඤාණස‍්ස කිච‍්චවිරුද‍්ධො, ගුළාදයො ච ආසවාදීනං. චක‍්ඛුරූපාදයො පන චක‍්ඛුවිඤ‍්ඤාණාදීනං ඨානාවිරුද‍්ධා පච‍්චයා . පුරිමජවනාදයො පච‍්ඡිමජවනාදීනං සභාවාවිරුද‍්ධා කිච‍්චාවිරුද‍්ධා ච.

ධර්මවල ස්ථාන ස්වභාව කෘත්‍ය ආදිය විරුද්ධවද අවිරුද්ධවද ප්‍රත්‍යවීම ලෝකයෙහි සිදුවේ. පෙර සිත පසු සිතේ ස්ථාන විරුද්ධ ප්‍රත්‍ය වේ. පෙර ශිල්පාදිය හැදෑරීම පසුව පවතින ශිල්ප ක්‍රියාවලට ප්‍රත්‍යය වේ. කර්මය රූපයට ස්වභාව විරුද්ධ ප්‍රත්‍යය වේ. කිරි ආදියේ දී ආදියද එසේය. ආලෝකය චක්ඛු විඤ්ඤාණයට කෘත්‍ය විරුද්ධය. චක්ඛු රූපාදිය චක්ඛු විඤ්ඤාණාදියට ස්ථාන විරුද්ධ ප්‍රත්‍ය වේ. පෙර ජවන පසු ජවනවලට ස්වභාව විරුද්ධද කෘත්‍ය විරුද්ධද වේ.

යථා ච විරුද‍්ධාවිරුද‍්ධා පච‍්චයා සිද‍්ධා, එවං සදිසාසදිසාපි. සදිසමෙව හි උතුආහාරසඞ‍්ඛාතං රූපං රූපස‍්ස පච‍්චයො හොති, සාලිබීජාදීනි ච සාලිඵලාදීනං. අසදිසම‍්පි රූපං අරූපස‍්ස, අරූපඤ‍්ච රූපස‍්ස පච‍්චයො හොති; ගොලොමාවිලොමවිසාණදධිතිලපිට‍්ඨාදීනි ච දබ‍්බභූතිණකාදීනං. යෙසඤ‍්ච ධම‍්මානං යෙ විරුද‍්ධාවිරුද‍්ධා සදිසාසදිසා පච‍්චයා, න තෙ ධම‍්මා තෙසං ධම‍්මානං විපාකායෙව. ඉති අයං අවිජ‍්ජා විපාකවසෙන එකන‍්තානිට‍්ඨඵලසභාවවසෙන ච සාවජ‍්ජාපි සමානා සබ‍්බෙසම‍්පි එතෙසං පුඤ‍්ඤාභිසඞ‍්ඛාරාදීනං යථානුරූපං ඨානකිච‍්චසභාවවිරුද‍්ධාවිරුද‍්ධපච‍්චයවසෙන සදිසාසදිසපච‍්චයවසෙන ච පච‍්චයො හොතීති වෙදිතබ‍්බා.

විරුද්ධාවිරුද්ධ ප්‍රත්‍ය සිදුවීම මෙන් සමාන අසමාන ද සිදුවේ. සෘතු ආහාර රූපයට සමානව ප්‍රත්‍ය වේ. හැල් වී බීජ හැල්වී ඵල ආදියට ද එසේය. රූපය අරූපයට අසමානව ප්‍රත්‍ය වේ. අරූපය රූපයටද එසේය. ගවලොම් අං දී තලපිටි ආදියද ඊතණ සුවඳ තණ (සැවැන්දරා වැනි සුවඳ තෘණ) ආදියට අසමානව ප්‍රත්‍ය වේ. යම් විරුද්ධ අවිරුද්ධ සමාන අසමාන ධර්මයකට ප්‍රත්‍ය වේද ඒ ධර්ම ඒ ධර්මයන්ගේ විපාක නොවේ. මෙසේ මේ අවිජ්ජාව ඒකාන්ත අනිෂ්ට ඵල ස්වභාව වශයෙන්ද දෝස සහිත වූද මේ සියලු පුඤ්ඤාභි සංඛාරාදියට අනුරූප පරිදි ස්ථාන කෘත්‍ය ස්වභාව විරුද්ධ අවිරුද්ධ ප්‍රත්‍ය වශයෙන්ද සමාන අසමාන ප්‍රත්‍ය වශයෙන්ද ප්‍රත්‍ය වේයයි දතයුතුය.

සො චස‍්සා පච‍්චයභාවො “යස‍්ස හි දුක‍්ඛාදීසු අවිජ‍්ජාසඞ‍්ඛාතං අඤ‍්ඤාණං අප‍්පහීනං හොති, සො දුක‍්ඛෙ තාව පුබ‍්බන‍්තාදීසු ච අඤ‍්ඤාණෙන සංසාරදුක‍්ඛං සුඛසඤ‍්ඤාය ගහෙත්‍වා තස‍්ස හෙතුභූතෙ තිවිධෙපි සඞ‍්ඛාරෙ ආරභතී”තිආදිනා නයෙන වුත‍්තො එව.

යමෙකුගේ දුක්ඛාදියෙහි අවිජ්ජා සංඛ්‍යාත නොදැනීම දුරු නොවී පවතීනම් හෙතෙම පුබ්බන්තාදිය නොදැනීමෙන් සසර දුක සැප සංඥාවෙන් ගෙන ඊට හේතුවන ත්‍රිවිධ සංඛාර සිදුකරයි යන ආදි නයින් කියන ලදමය.

අපිච අයං අඤ‍්ඤොපි පරියායො –

තවද මෙහි වෙනත් ක්‍රමයක් අනුව,

චුතූපපාතෙ සංසාරෙ, සඞ‍්ඛාරානඤ‍්ච ලක‍්ඛණෙ; යො පටිච‍්චසමුප‍්පන‍්න-ධම‍්මෙසු ච විමුය‍්හති.

මිය ඉපදෙන සසර - සකර ලකුණු ද කෙරෙහී යමෙක් පිළිසුමු වන - දහමෙහි මුළා වනුයෙ ද

අභිසඞ‍්ඛරොති සො එතෙ, සඞ‍්ඛාරෙ තිවිධෙ යතො; අවිජ‍්ජා පච‍්චයො තෙසං, තිවිධානම‍්පි යං තතොති.

සිදුකරයි හෙ සකර - තුන් විදි ලෙසින් දන්නා මෙ අවිදු පස වේය - තුනටම සකර නම් වන

කථං පන යො එතෙසු විමුය‍්හති, සො තිවිධෙපෙතෙ සඞ‍්ඛාරෙ කරොතීති චෙ? චුතියා තාව විමූළ‍්හො සබ‍්බත්‍ථ “ඛන්‍ධානං භෙදො මරණ”න‍්ති චුතිං අගණ‍්හන‍්තො ‘සත‍්තො මරති, සත‍්තස‍්ස දෙසන‍්තරසඞ‍්කමන’න‍්තිආදීනි විකප‍්පෙති. උපපාතෙ විමූළ‍්හො සබ‍්බත්‍ථ “ඛන්‍ධානං පාතුභාවො ජාතී”ති උපපාතං අගණ‍්හන‍්තො ‘සත‍්තො උපපජ‍්ජති, සත‍්තස‍්ස නවසරීරපාතුභාවො’තිආදීනි විකප‍්පෙති. සංසාරෙ විමූළ‍්හො යො එස –

මේවායෙහි ඔහු කෙසේ මුළා වන්නහුද? හේ මේ ත්‍රිවිධ සංඛාර කෙරේද? චුතියෙහිදී මුළාවී සියළු තැන ස්කන්ධයන්ගේ බිඳීම මරණයයි. චුතියෙහි නොගෙන සත්ත්වයා මැරෙයි. සත්ත්වයාගේ දෙහාන්තර සංක්‍රමණය ආදිය විකල්පනය කරයි. උත්පත්තියෙහි මුළාවී සියළු තැන ස්කන්ධයන්ගේ පහළවීම ජාති යයි උපත නොගෙන සත්ත්වයා උපදියි. සත්ත්වයාගේ අළුත ශරීරය පහළවීම ආදිය විකල්පනය කරයි. සසරෙහි මුළා වූ යමෙක්

“ඛන්‍ධානඤ‍්ච පටිපාටි, ධාතුආයතනාන ච; අබ‍්බොච‍්ඡින‍්නං වත‍්තමානා, සංසාරොති පවුච‍්චතී”ති.

කඳ පිළිවලෙ ආදි - දාතු ආයතන ද යන නොසිඳි පවතින මෙය - සසරයයි යෙති පඬුවෝ

එවං වණ‍්ණිතො සංසාරො. තං එවං අගණ‍්හන‍්තො ‘අයං සත‍්තො අස‍්මා ලොකා පරං ලොකං ගච‍්ඡති, පරස‍්මා ලොකා ඉමං ලොකං ආගච‍්ඡතී’තිආදීනි විකප‍්පෙති. සඞ‍්ඛාරානං ලක‍්ඛණෙ විමූළ‍්හො සඞ‍්ඛාරානං සභාවලක‍්ඛණං සාමඤ‍්ඤලක‍්ඛණඤ‍්ච අගණ‍්හන‍්තො සඞ‍්ඛාරෙ අත‍්තතො අත‍්තනියතො ධුවතො සුභතො සුඛතො ච විකප‍්පෙති. පටිච‍්චසමුප‍්පන‍්නධම‍්මෙසු විමූළ‍්හො අවිජ‍්ජාදීහි සඞ‍්ඛාරාදීනං පවත‍්තිං අගණ‍්හන‍්තො “අත‍්තා ජානාති වා න ජානාති වා, සො එව කරොති ච කාරෙති ච සො පටිසන්‍ධියං උපපජ‍්ජති, තස‍්ස අණුඉස‍්සරාදයො කලලාදිභාවෙන සරීරං සණ‍්ඨපෙත්‍වා ඉන්‍ද්‍රියානි සම‍්පාදෙන‍්ති, සො ඉන්‍ද්‍රියසම‍්පන‍්නො ඵුසති වෙදියති තණ‍්හියති උපාදියති ඝටියති, සො පුන භවන‍්තරෙ භවතී”ති වා “සබ‍්බෙ සත‍්තා නියතිසඞ‍්ගතිභාවපරිණතා”ති (දී· නි· 1.168) වා විකප‍්පෙති. සො එවං අවිජ‍්ජාය අන්‍ධීකතො එවං විකප‍්පෙන‍්තො යථා නාම අන්‍ධො පථවියං විචරන‍්තො මග‍්ගම‍්පි අමග‍්ගම‍්පි ථලම‍්පි නින‍්නම‍්පි සමම‍්පි විසමම‍්පි පටිපජ‍්ජති, එවං පුඤ‍්ඤම‍්පි අපුඤ‍්ඤම‍්පි ආනෙඤ‍්ජම‍්පි සඞ‍්ඛාරං අභිසඞ‍්ඛරොතීති. තෙනෙතං වුච‍්චති –

මෙසේ විවරණය කරන ලද සසර එසේ නොගන්නේ මෙලොවින් පරලොවට යයි. පරලොවින් මෙලොවට එයි යනාදිය විකල්පනය කරයි. සංස්කාර ලක්‍ෂණයෙහි මුළාවී සංස්කාරයන්ගේ සම්භව ලක්‍ෂණ සහ පල ලක්‍ෂණ නොගන්නේ සංස්කාරය ආත්ම වශයෙන්ද තමා කෙරෙහි ආත්මය ඇතැයිද ස්ථිර වශයෙන් සුභ වශයෙන් සැප වශයෙන්ද විකල්පනය කරයි. පටිච්ච සමුප්පන්න ධර්මයන්හි මුළාවී අවිජ්ජාදියෙන් සංඛාරාදිය පවතින්නේ යැයි නොගෙන ආත්මය දනී හෝ නොදනී හෝ හේ තෙමේම කරයි කරවයිද හෙතෙමේ පිළිසිඳ උපදීයයි සිතයි. ප්‍රධාන කලලාදි භාවයෙන් ශරීරය පිහිටුවා ඉන්‍ද්‍රියයන් සම්පාදනය කරයි. හෙතෙම ඉන්‍ද්‍රිය සම්පන්න වූයේ ස්පර්ශ කරයි. විඳියි. ආශා කරයි. අල්ලා ගනියි. ගැටෙයි. හෙතෙම නැවත භවයෙහි වන්නේයයි හෝ සියළු සතුන් නියත සංගති භවයෙන් පරිණාම වන්නේ යයිද කල්පනා කරයි. හෙතෙම මෙසේ අවිද්‍යාවෙන් අන්ධ කරන ලද්දේ මෙසේ කල්පනා කරන්නේ යම්සේ අහසෙහි පොළොවෙහි හැසිරෙන්නේ මගද නොමගද ගොඩද වලද සමතලා බිමද විසම බිමද නොදැන එළඹෙයිද එසේම පුඤ්ඤද අපුඤ්ඤද ආනෙඤ්ජ සංඛාර කරයි. එහෙයින් කියන ලදි.

යථාපි නාම ජච‍්චන්‍ධො, නරො අපරිනායකො; එකදා යාති මග‍්ගෙන, කුම‍්මග‍්ගෙනාපි එකදා.

යම් හෙයින් දෑ අඳ - මිනිසෙක් මග නොදක්නේ මගින් යයි දවසක් - දවසක් යයි නොමගිනුත්

සංසාරෙ සංසරං බාලො, තථා අපරිනායකො; කරොති එකදා පුඤ‍්ඤං, අපුඤ‍්ඤමපි එකදා.

සසරෙහි සැරිසරන - එසේ හොත් මෝඩයා පින් මෙන්ම පව්කම් - කරයි එක් එක් දිනෙහී

යදා ඤත්‍වා ච සො ධම‍්මං, සච‍්චානි අභිසමෙස‍්සති; තදා අවිජ‍්ජූපසමා, උපසන‍්තො චරිස‍්සතීති.

දහම් දැන යම් දින - හේ සස් අවබෝදයෙන් අවිදු උපසමයෙන් - හැසිරෙයි උපසාන්තව

අයං අවිජ‍්ජාපච‍්චයා සඞ‍්ඛාරාති පදස‍්මිං විත්‍ථාරකථා.

මෙය අවිජ්ජා පච්චයා සංඛාරො යන පදයෙහි විස්තර කථාවයි.

අවිජ‍්ජාපච‍්චයා සඞ‍්ඛාරපදනිද‍්දෙසො.