විඤ්ඤාණපදනිද්දෙසො අට්ඨකථා
විඤ්ඤාණපදනිද්දෙසො
විඤ්ඤාණපදනිද්දෙසො
සඞ්ඛාරපච්චයා විඤ්ඤාණපදනිද්දෙසෙ චක්ඛුවිඤ්ඤාණන්තිආදීසු චක්ඛුවිඤ්ඤාණං කුසලවිපාකං අකුසලවිපාකන්ති දුවිධං හොති. තථා සොතඝානජිව්හාකායවිඤ්ඤාණානි. මනොවිඤ්ඤාණං පන කුසලාකුසලවිපාකා ද්වෙ මනොධාතුයො, තිස්සො අහෙතුකමනොවිඤ්ඤාණධාතුයො, අට්ඨ සහෙතුකානි කාමාවචරවිපාකචිත්තානි, පඤ්ච රූපාවචරානි, චත්තාරි අරූපාවචරානීති බාවීසතිවිධං හොති. ඉති ඉමෙහි ඡහි විඤ්ඤාණෙහි සබ්බානිපි බාත්තිංස ලොකියවිපාකවිඤ්ඤාණානි සඞ්ගහිතානි හොන්ති. ලොකුත්තරානි පන වට්ටකථායං න යුජ්ජන්තීති න ගහිතානි.
සංඛාර පච්චයා විඤ්ඤාණ පද නිර්දේශයෙහි චක්ඛුවිඤ්ඤාණං ආදියෙහි චක්ඛු විඤ්ඤාණය කුසල විපාකය අකුසල විපාකය යයි දෙපරිදි වේ. සෝත ඝාන ජිව්හා කාය විඤ්ඤාණයද එසේය. මනෝ විඤ්ඤාණය වනාහි කුසලාකුසල විපාක මනෝදාතු දෙක අහේතුක මනෝ විඤ්ඤාණ ධාතු තුන සහේතුක කාමාවචර සිත් අට රූපාවචර පහ අරූපාවචර සතර යයි දෙවිසි වැදෑරුම් වේ. මෙසේ මේ විඤ්ඤාණ සයෙහි සියළු ලෞකික විපාක විඤ්ඤාණ ලෙස දෙතිස සංග්‍රහ වේ. ලෝකෝත්තර වනාහි සසර කතාවට නොගැලපේයයි නොගන්නා ලදි.
තත්ථ සියා – කථං පනෙතං ජානිතබ්බං ‘ඉදං වුත්තප්පකාරං විඤ්ඤාණං සඞ්ඛාරපච්චයා හොතී’ති? උපචිතකම්මාභාවෙ විපාකාභාවතො. විපාකඤ්හෙතං, විපාකඤ්ච න උපචිතකම්මාභාවෙ උප්පජ්ජති. යදි උප්පජ්ජෙය්ය, සබ්බෙසං සබ්බවිපාකානි උප්පජ්ජෙය්යුං; න ච උප්පජ්ජන්තීති ජානිතබ්බමෙතං – ‘සඞ්ඛාරපච්චයා ඉදං විඤ්ඤාණං හොතී’ති.
එහි මෙය කෙසේ දන්නේද? කියන ලද මේ විඤ්ඤාණ සංඛාර ප්‍රත්‍ය වේ. රැස්කරන ලද කර්මයක් නැතිකල්හි විපාකයක් නැති බැවින්ය. රැස්කරන ලද කර්මයන් නැති බැවින් විපාකයද නූපදී. යම්හෙයකින් උපදින්නේ නම් සියල්ලන්ගේ සියළු විපාකයෝ උපදින්නාහුය. නොඋපදීයයි මෙසේ දතයුතුය. සංඛාර ප්‍රත්‍යයෙන් මේ විඤ්ඤාණය වේ.
කතරසඞ්ඛාරපච්චයා කතරවිඤ්ඤාණන්ති චෙ? කාමාවචරපුඤ්ඤාභිසඞ්ඛාරපච්චයා තාව කුසලවිපාකානි පඤ්ච චක්ඛුවිඤ්ඤාණාදීනි, මනොවිඤ්ඤාණෙ එකා මනොධාතු, ද්වෙ මනොවිඤ්ඤාණධාතුයො, අට්ඨ කාමාවචරමහාවිපාකානීති සොළස. යථාහ –
කවර නම් සංඛාර ප්‍රත්‍යයෙන් කවර නම් විඤ්ඤාණයක් වේද? කාමාවචර පුඤ්ඤාභිසංඛාර ප්‍රත්‍යයෙන් චක්ඛු විඤ්ඤාණාදි කුසල විපාක පසද මනෝ විඤ්ඤාණයෙහි මනෝධාතු එකද මනෝවිඤ්ඤාණ ධාතු දෙකද කාමාවචර විපාක අටද යන දහසයයි. යම්සේ කීහ.
“කාමාවචරස්ස කුසලස්ස කම්මස්ස කතත්තා උපචිතත්තා විපාකං චක්ඛුවිඤ්ඤාණං උප්පන්නං හොති. තථා සොතඝානජිව්හාකායවිඤ්ඤාණං උප්පන්නං හොති, විපාකා මනොධාතු උප්පන්නා හොති, මනොවිඤ්ඤාණධාතු උප්පන්නා හොති සොමනස්සසහගතා, මනොවිඤ්ඤාණධාතු උප්පන්නා හොති උපෙක්ඛාසහගතා, මනොවිඤ්ඤාණධාතු උප්පන්නා හොති සොමනස්සසහගතා ඤාණසම්පයුත්තා, සොමනස්සසහගතා ඤාණසම්පයුත්තා සසඞ්ඛාරෙන, සොමනස්සසහගතා ඤාණවිප්පයුත්තා, සොමනස්සසහගතා ඤාණවිප්පයුත්තා සසඞ්ඛාරෙන, උපෙක්ඛාසහගතා ඤාණසම්පයුත්තා, උපෙක්ඛාසහගතා ඤාණසම්පයුත්තා සසඞ්ඛාරෙන, උපෙක්ඛාසහගතා ඤාණවිප්පයුත්තා, උපෙක්ඛාසහගතා ඤාණවිප්පයුත්තා සසඞ්ඛාරෙනා”ති (ධ· ස· 431, 498).
කාමාවචර කුසල කර්මය කළ බැවින් රැස්කළ බැවින් විපාකය වූ චක්ඛු විඤ්ඤාණය උපන්නේ වෙයි. එසේම සෝත ඝාන ජිව්හා කාය විඤ්ඤාණ උපන්නේ වෙයි. විපාක මනේධාතුවද උපන්නේ වෙයි. මනෝවිඤ්ඤාණ ධාතුවද උපන්නේ වෙයි. සොම්නස් සහගත මනෝවිඤ්ඤාණ ධාතු උපන්නේ වෙයි. උපේක්ඛා සහගත මනෝවිඤ්ඤාණ ධාතු උපන්නේ වෙයි. සොම්නස් සහගත ඤාණ සම්ප්‍රයුක්ත, සොම්නස් සහගත ඤාණ සම්ප්‍රයුක්ත අසංඛාරික, සොම්නස් සහගත ඤාණ විප්පයුත්ත, සොම්නස් සහගත ඤාණවිප්පයුත්ත සසංඛාරික උපේක්ඛා සහගත ඤාණ විප්පයුත්ත සසංඛාර යයි.
රූපාවචරපුඤ්ඤාභිසඞ්ඛාරපච්චයා පන පඤ්ච රූපාවචරවිපාකානි. යථාහ –
රූපාවචර සංස්කාර ප්‍රත්‍යයෝ රූපාවචර විපාක පහද කීහ.
“තස්සෙව රූපාවචරස්ස කුසලස්ස කම්මස්ස කතත්තා උපචිතත්තා විපාකං විවිච්චෙව කාමෙහි…පෙ… පඨමං ඣානං…පෙ… පඤ්චමං ඣානං උපසම්පජ්ජ විහරතී”ති (ධ· ස· 499).
රූපාවචර කුසල කර්මය කළ බැවින් රැස්කළ බැවින් කර්මයෙන් වෙන්ව පඨම ඣාන දුතිය තතිය චතුර්ථ පංචම ඣානං උපසම්පජ්ජ විහරති.
එවං පුඤ්ඤාභිසඞ්ඛාරපච්චයා එකවීසතිවිධං විඤ්ඤාණං හොති.
මෙසේ පුඤ්ඤාභිසංඛාර ප්‍රත්‍යයෙන් විඤ්ඤාණ විසිඑකක් උපදී.
අපුඤ්ඤාභිසඞ්ඛාරපච්චයා පන අකුසලවිපාකානි පඤ්ච චක්ඛුවිඤ්ඤාණාදීනි, එකා මනොධාතු, එකා මනොවිඤ්ඤාණධාතූති එවං සත්තවිධං විඤ්ඤාණං හොති. යථාහ –
අපුඤ්ඤාභිසංඛාර ප්‍රත්‍යයෝ චක්ඛු විඤ්ඤාණාදි අකුසල විපාක පහ මනෝ ධාතු එක මනෝවිඤ්ඤාණ ධාතු එක යයි මෙසේ සත්ආකාර විඤ්ඤාණය වේ. කීහ.
“අකුසලස්ස කම්මස්ස කතත්තා උපචිතත්තා විපාකං චක්ඛුවිඤ්ඤාණං උප්පන්නං හොති. තථා සොතඝානජිව්හාකායවිඤ්ඤාණං , විපාකා මනොධාතු, විපාකා මනොවිඤ්ඤාණධාතු උප්පන්නා හොතී”ති (ධ· ස· 556).
අකුසල කර්ම කළ බැව් රැස්කළ බැවින් චක්ඛු විඤ්ඤාණය හා විපාකය ඉපදුනේ වෙයි. එසේම සෝත ඝාන ජිව්හා කාය විඤ්ඤාණද වේ. මනෝධාතු විපාකය හා මනෝවිඤ්ඤාණ ධාතු විපාකය ඉපදුනේය.
ආනෙඤ්ජාභිසඞ්ඛාරපච්චයා පන චත්තාරි අරූපවිපාකානීති එවං චතුබ්බිධං විඤ්ඤාණං හොතීති. යථාහ –
ආනෙඤ්ජාභිසංඛාර ප්‍රත්‍යයෙන් සතර අරූප විපාක වශයෙන් විඤ්ඤාණය සතරාකාරය. යථාහ.
“තස්සෙව අරූපාවචරස්ස කුසලස්ස කම්මස්ස කතත්තා උපචිතත්තා විපාකං සබ්බසො රූපසඤ්ඤානං සමතික්කමා ආකාසානඤ්චායතනසඤ්ඤාසහගතං…පෙ… විඤ්ඤාණඤ්චායතනසඤ්ඤාසහගතං…පෙ… ආකිඤ්චඤ්ඤායතනසඤ්ඤාසහගතං…පෙ… නෙවසඤ්ඤානාසඤ්ඤායතනසඤ්ඤාසහගතං සුඛස්ස ච පහානා…පෙ… චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරතී”ති (ධ· ස· 501).
ඒ අරූපාවචර කුසල කර්මය කළ බැවින් රැස්කළ බැවින් සියළු ආකාරයේ රූප සංඥාව ඉක්මවූ විපාකය ආකාසානඤ්චායතන සංඥාවෙන් යුක්ත, විඤ්ඤාණ..........නේවසඤ්ඤානාසඤ්ඤායතන සංඥාවෙන් සුඛ විපාක.......චතුත්ථජ්ඣානං උපසම්පජ්ජ විහරති මෙසේ සංඛාර ප්‍රත්‍යය යම් විඤ්ඤාණයෙක් වේද එය දැන එහි පැවැත්ම දැනගත යුතුය.
එවං යං සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං හොති, තං ඤත්වා ඉදානිස්ස එවං පවත්ති වෙදිතබ්බා – සබ්බමෙව හි ඉදං පවත්තිපටිසන්ධිවසෙන ද්විධා පවත්තති. තත්ථ ද්වෙ පඤ්චවිඤ්ඤාණානි, ද්වෙ මනොධාතුයො, සොමනස්සසහගතාහෙතුකමනොවිඤ්ඤාණධාතූති ඉමානි තෙරස පඤ්චවොකාරභවෙ පවත්තියංයෙව පවත්තන්ති. සෙසානි එකූනවීසති තීසු භවෙසු යථානුරූපං පවත්තියම්පි පටිසන්ධියම්පි පවත්තන්ති.
එහි සියල්ලේම පැවැත්ම පටිසන්ධි වශයෙන් දෙයාකාරයකින් පවතී. එහි පඤ්ච විඤ්ඤාණ දෙක (දෙපස් විඤ්ඤාණය) සෝමනස්ස සහගත අහේතුක යන මනෝධාතු දෙක මනෝ විඤ්ඤාණ ධාතුවය යන දහතුන පංචවෝකාර (ස්කන්ධ පහක්) භවයේ පැවතීම් වශයෙන් පවතී. සෙසු එකුන්විසි විඤ්ඤාණ භවත්‍රයෙහි සුදුසු පරිදි පවතින්නේ ප්රතිසන්ධිය සඳහාද පවතී.
කථං? කුසලවිපාකානි තාව චක්ඛුවිඤ්ඤාණාදීනි පඤ්ච කුසලවිපාකෙන වා අකුසලවිපාකෙන වා නිබ්බත්තස්ස යථාක්කමං පරිපාකමුපගතින්ද්රියස්ස චක්ඛාදීනං ආපාථගතං ඉට්ඨං වා ඉට්ඨමජ්ඣත්තං වා රූපාදිආරම්මණං ආරබ්භ චක්ඛාදිපසාදං නිස්සාය දස්සනසවනඝායනසායනඵුසනකිච්චං සාධයමානානි පවත්තන්ති. තථා අකුසලවිපාකානි පඤ්ච. කෙවලඤ්හි තෙසං අනිට්ඨං අනිට්ඨමජ්ඣත්තං වා රූපාදිආරම්මණං හොති, අයමෙව විසෙසො. දසාපි චෙතානි නියතද්වාරාරම්මණවත්ථුට්ඨානානි නියතකිච්චානෙව ච භවන්ති.
කෙසේද? කුසලවිපාක වූ චක්ඛු විඤ්ඤාණාදි පස කුසල විපාකයෙන් හෝ අකුසල විපාකයෙන් හෝ උපන්නාට, ක්‍රමයෙන් ඉන්ද්‍රියන් පරිපාකයට පැමිණි පසු චක්ඛු ආදීන්ට ආපාතගත වත්ථු (අරමුණු වූ) ඉෂ්ට හෝ ඉෂ්ට මධ්‍යස්ථ වූ හෝ රූපාදි අරමුණු අරබයා චක්ෂු ආදීන්ගේ ප්‍රත්‍යයන්ද රූපය නිසා දැකීම ඇසීම ගඳ සුවඳ දැනීම රස දැනීම ස්පර්ශය කෘත්‍ය සිදුකරමින් පවතී. අකුසල විපාක සහ කේවලවූ ඒවායේ අනිෂ්ට හෝ අනිෂ්ට මධ්‍යම වූ හෝ රූපාදි අරමුණුද වේ. මෙහි විශේෂය නම් මේ චේතනා දහය නියත ද්වාර ආරම්මණ වත්ථු ඨාන ඇතිව නියත වූ කෘත්‍ය සිදුකරමින් පැවතීමය.
තතො කුසලවිපාකානං චක්ඛුවිඤ්ඤාණාදීනං අනන්තරං කුසලවිපාකමනොධාතු තෙසඤ්ඤෙව ආරම්මණමාරබ්භ හදයවත්ථුං නිස්සාය සම්පටිච්ඡනකිච්චං සාධයමානා පවත්තති. තථා අකුසලවිපාකානං අනන්තරං අකුසලවිපාකා . ඉදඤ්ච පන ද්වයං අනියතද්වාරාරම්මණං නියතවත්ථුට්ඨානං නියතකිච්චඤ්ච හොති.
එයින් කුසල විපාක චක්ඛු විඤ්ඤාණාදියට අනතුරුව විපාක මනෝධාතුව ඒ අරමුණු අරබයා හෘදයවස්තුව නිසා (ඇසුරුකර) සම්පටිච්ඡන කෘත්‍යය සිදුකරමින් පවතී, අකුසල විපාක චක්ඛු විඤ්ඤාණාදියට අනතුරුවද එසේමය. මේ දෙක අනියත ද්වාර ආරම්මණ සහ නියත වස්තු ඨාන කෘත්‍ය වේ.
සොමනස්සසහගතා පන අහෙතුකමනොවිඤ්ඤාණධාතු කුසලවිපාකමනොධාතුයා අනන්තරං තස්සා එව ආරම්මණං ආරබ්භ හදයවත්ථුං නිස්සාය සන්තීරණකිච්චං සාධයමානා ච ඡසු ද්වාරෙසු බලවාරම්මණෙ කාමාවචරසත්තානං යෙභුය්යෙන ලොභසම්පයුත්තජවනාවසානෙ භවඞ්ගවීථිං පච්ඡින්දිත්වා ජවනෙන ගහිතාරම්මණෙ තදාරම්මණවසෙන ච සකිං වා ද්වික්ඛත්තුං වා පවත්තති. චිත්තප්පවත්තිගණනායං පන සබ්බද්වාරෙසු තදාරම්මණෙ ද්වෙ එව චිත්තවාරා ආගතා. ඉදං පන චිත්තං තදාරම්මණන්ති ච පිට්ඨිභවඞ්ගන්ති චාති ද්වෙ නාමානි ලභති, අනියතද්වාරාරම්මණං නියතවත්ථුකං අනියතට්ඨානකිච්චඤ්ච හොතීති. එවං තාව තෙරස පඤ්චවොකාරභවෙ පවත්තියංයෙව පවත්තන්තීති වෙදිතබ්බානි. සෙසෙසු එකූනවීසතියා චිත්තෙසු න කිඤ්චි අත්තනො අනුරූපාය පටිසන්ධියා න පවත්තති.
සෝමනස්ස සහගත අහේතුක මනෝවිඤ්ඤාණ ධාතුව කුසල විපාක මනෝධාතුවද අනතුරුව ඒ අරමුණුම අරබයා හෘදය වස්තුවම ඇසුරුකර සන්තීරණ කෘත්‍යය සිදුකරමින් ද්වාර හයෙහි බලවත් අරමුණෙහි කාමාවචර සත්ත්වයන්ගේ බොහෝ සෙයින් ලෝභ යුක්ත ජවන අවසානයෙහි භංගවීථියට යයි ද ජවනය ගත් අරමුණෙහි තදාරම්මණ වශයෙන් වරක් හෝ දෙවරක් පවතී. සිත් පැවැත්ම ගණනයෙහි සියළු ද්වාරවල තදාරම්මණයෙහි චිත්තවාර දෙකක්ම පැමිණියේය. මේ සිත වනාහි තදාරම්මණ යයිද පිට්ඨිභවංගයයිද නම් දෙකක් ලබයි. අනියත ද්වාර ආරම්මණ නියත වස්තු අනියත ඨාන කෘත්‍ය වේයයි මෙසේ පංචවෝකාර භවයෙහි දහතුන පවතීයයි දතයුතුය. සෙසු එකුන්විසි සිත්වල තමාට අනුරූප නොවූ කිසි ප්‍රතිසන්ධියක් නොපනවතී.
පවත්තියං පන කුසලාකුසලවිපාකා තාව ද්වෙ අහෙතුකමනොවිඤ්ඤාණධාතුයො පඤ්චද්වාරෙ කුසලාකුසලවිපාකමනොධාතූනං අනන්තරං සන්තීරණකිච්චං , ඡසු ද්වාරෙසු පුබ්බෙ වුත්තනයෙනෙව තදාරම්මණකිච්චං, අත්තනා දින්නපටිසන්ධිතො උද්ධං අසති භවඞ්ගුපච්ඡෙදකෙ චිත්තුප්පාදෙ භවඞ්ගකිච්චං, අන්තෙ චුතිකිච්චඤ්චාති චත්තාරි කිච්චානි සාධයමානා නියතවත්ථුකා අනියතද්වාරාරම්මණට්ඨානකිච්චා හුත්වා පවත්තන්ති.
කුසලාකුසල විපාකවල පළමුව පැවතීම - අහේතුක මනෝවිඤ්ඤාණ ධාතු දෙක පස්දොරෙහි කුසලාකුසල විපාක මනෝ විඤ්ඤාණ ධාතුවට අනතුරුව සන්තීරණ කෘත්‍යයද දොරවල් සයෙහි පෙර කී නය ලෙසින්ම තදාරම්මණ කෘත්ය්යද තමා දෙන ලද ප්රතිසන්ධියෙන් මතුයෙහි භවංගය කැඩීමත් ඇති චිත්තුප්පාදයෙහි භවංග කෘත්‍යයද අතීතයෙහි චුති කෘත්යද කෘත්‍ය සතරක් සිදුකරමින් නියත වස්තු සහ අනියත ද්වාර ආරම්මණ ඨාන කෘත්යව පවතී.
අට්ඨ කාමාවචරසහෙතුකචිත්තානි පවත්තියං වුත්තනයෙනෙව ඡසු ද්වාරෙසු තදාරම්මණකිච්චං, අත්තනා දින්නපටිසන්ධිතො උද්ධං අසති භවඞ්ගුපච්ඡෙදකෙ චිත්තුප්පාදෙ භවඞ්ගකිච්චං, අන්තෙ චුතිකිච්චඤ්චාති තීණි කිච්චානි සාධයමානානි නියතවත්ථුකානි අනියතද්වාරාරම්මණට්ඨානකිච්චානි හුත්වා පවත්තන්ති.
සහේතුක කාමාවචර සිත් අට පැවතීමෙහි කියන ලද නය අනුවම දොරවල් සයේ තදාරම්මණ කෘත්‍යයද තමා දෙන ලද ප්රතිසන්ධියෙහි මතුයෙහි භවංගය කැඩෙන චිත්තුප්පාදයෙහි භවංග කෘත්‍යයද අතීතයෙහි චුති කෘත්‍යයද යන කෘත්‍ය තුනක් සිදුකරමින් නියත වස්තුවල අනියත ද්වාර ආරම්මණ ඨාන කෘත්යව පවතී.
පඤ්ච රූපාවචරානි චත්තාරි ච අරූපාවචරානි අත්තනා දින්නපටිසන්ධිතො උද්ධං අසති භවඞ්ගුපච්ඡෙදකෙ චිත්තුප්පාදෙ භවඞ්ගකිච්චං, අන්තෙ චුතිකිච්චඤ්චාති කිච්චද්වයං සාධයමානානි පවත්තන්ති. තෙසු රූපාවචරානි නියතවත්ථාරම්මණානි අනියතට්ඨානකිච්චානි, ඉතරානි අවත්ථුකානි නියතාරම්මණානි අනියතට්ඨානකිච්චානි හුත්වා පවත්තන්තීති. එවං තාව බාත්තිංසවිධම්පි විඤ්ඤාණං පවත්තියං සඞ්ඛාරපච්චයා පවත්තති. තත්රස්ස තෙ තෙ සඞ්ඛාරා කම්මපච්චයෙන ච උපනිස්සයපච්චයෙන ච පච්චයා හොන්ති.
රූපාවචර පහ අරූපාවචර සතර තමා දෙන ලද පටිසන්ධියෙන් මතුයෙහි භවංගය කැඩෙන චිත්තුප්පාදය නොමැති කල්හි භවංග කෘත්‍යයද අන්තයෙහි චුති කෘත්‍යයද කෘත්‍ය දෙකක් සිදුකරමින් පවතී. ඒ අතරෙන් රූපාවචර නියත වත්ථු ආරම්මණ සහ අනියත ඨාන කෘත්‍ය වේ. ඉතිරි ර්වා අවස්තුව නියත අරමුණුව අනියත ඨාන කෘත්යව පවතී. මෙසේ තිස්දෙවැදෑරුම් විඤ්ඤාණය පැවතීමෙහි සංඛාර ප්‍රත්‍ය පවතී. ඒ ඒ සංඛාරයෝ කර්ම ප්‍රත්‍යයෙන් ද උපනිශ්‍රය ප්‍රත්‍යයෙන්ද ප්‍රත්‍ය වෙයි.
තත්ථ යානෙතානි එකාදස තදාරම්මණචිත්තානි වුත්තානි, තෙසු එකම්පි රූපාරූපභවෙ තදාරම්මණං හුත්වා න පවත්තති. කස්මා? බීජාභාවා. තත්ථ හි කාමාවචරවිපාකසඞ්ඛාතං පටිසන්ධිබීජං නත්ථි, යං රූපාදීසු ආරම්මණෙසු පවත්තියං තස්ස ජනකං භවෙය්ය. චක්ඛුවිඤ්ඤාණාදීනම්පි රූපභවෙ අභාවො ආපජ්ජතීති චෙ? න; ඉන්ද්රියප්පවත්තිආනුභාවතො ද්වාරවීථිභෙදෙ චිත්තනියමතො ච.
එහි යම් එකොළොස් තදාරම්මණ සිත් කියන ලද්දේද ඒවායින් එකක්වත් රූපාරූප භවවල තදාරම්මණව නොපවතී. කුමක් හෙයින්ද? බීජ අභාවයයි. එහි වනාහි කාමාවචර විපාක සංඛාරා ප්රතිසන්ධි බීජ නැත. යම් රූපාදි අරමුණුවල පැවතීමෙහි එය උපදින්නේය. රූප භවයෙහි චක්ඛු විඤ්ඤාණාදියද අභාවයට පැමිණියේද නැත. ඉන්ද්රිය පැවතීමේ බලයෙන් ද්වාර වීථි භේදයෙහි චිත්ත නියාමය නිසා
යථා චෙතං තදාරම්මණං එකන්තෙන රූපාරූපභවෙ නප්පවත්තති තථා සබ්බෙපි අකාමාවචරෙ ධම්මෙ නානුබන්ධති. කස්මා? අජනකත්තා චෙව ජනකස්ස ච අසදිසත්තා. තඤ්හි යථා නාම ගෙහා නික්ඛමිත්වා බහි ගන්තුකාමො තරුණදාරකො අත්තනො ජනකං පිතරං වා අඤ්ඤං වා පිතුසදිසං හිතකාමං ඤාතිං අඞ්ගුලියං ගහෙත්වා අනුබන්ධති, න අඤ්ඤං රාජපුරිසාදිං, තථා එතම්පි භවඞ්ගාරම්මණතො බහි නික්ඛමිතුකාමං සභාගතාය අත්තනො ජනකං පිතරං වා පිතුසදිසං වා කාමාවචරජවනමෙව අනුබන්ධති, න අඤ්ඤං මහග්ගතං අනුත්තරං වා.
ඒ තදාරම්මණ රූපාරූප භවයෙහි ඒකාන්තයෙන් නොපනවතී. එසේම සියලු අකාමාවචර ධර්මවල ලුහු නොබඳී. කුමක් නිසාද? නූපදවන ලද බැවින්ද ඉපිදවූවකුගේ අසදෘශ බැවින්ද වේ. යම් සේ ගෙයින් නික්මී බැහැර යන ළදරුවෙක් තමාගේ පියා හෝ අන්‍ය වූ පියා සමාන නෑයෙකුගේ ඇඟලිවලින් අල්ලාගෙන (ලුහුබඳියි.) අනුව යයි. වෙනත් රාජ පුරුෂාදි කෙනෙකුගේ නොවේ. එසේම මෙයද භවංග අරමුණකින් පිටතට යනු කැමැත්තේ සභාවට පැමිණි තමාගේ ජනිත පියා හෝ පියා සමාන හෝ කාමාවචර ජවන් අනුව යයි. අනිත් මාර්ගයක හෝ අනුත්තර හෝ නොවේ.
යථා චෙතං මහග්ගතලොකුත්තරෙ ධම්මෙ නානුබන්ධති, තථා යදා එතෙ කාමාවචරධම්මාපි මහග්ගතාරම්මණා හුත්වා පවත්තන්ති තදා තෙපි නානුබන්ධති. කස්මා? අපරිචිතදෙසත්තා අච්චන්තපරිත්තාරම්මණත්තා ච. තඤ්හි යථා පිතරං වා පිතුසදිසං වා ඤාතිං අනුබන්ධන්තොපි තරුණදාරකො ඝරද්වාරඅන්තරවීථිචතුක්කාදිම්හි පරිචිතෙයෙව දෙසෙ අනුබන්ධති, න අරඤ්ඤං වා යුද්ධභූමිං වා ගච්ඡන්තං; එවං කාමාවචරධම්මෙ අනුබන්ධන්තම්පි අමහග්ගතාදිම්හි පරිචිතෙයෙව දෙසෙ පවත්තමානෙ ධම්මෙ අනුබන්ධති, න මහග්ගතලොකුත්තරධම්මෙ ආරබ්භ පවත්තමානෙති.
යම්සේ එය මහග්ගත හෝ ලෝකෝත්තර ධර්ම අනුව නොයයි. යම්සේ මේ කාමාවචර ධර්මද මහග්ගත අරමුණු වී පවතීද, එකල ඒවාද අනුව නොයයි. කුමක් නිසාද? නුපුරුදු දේශයක් බැවින්ද අතිශයින් සියලු අරමුණු බැවින් වේ. එහි යම්සේ පියා හෝ පියා හා සමාන ඥාතියකු අනුව යන ළමයා ගෙය දොරටුව ඇතුළු වීදිය සතරමංසන්ධිය ආදි පුරුදු ප්‍රදේශවලට අනුව යයි. කැලයට හෝ යුදබිමට හෝ නොයයි. මෙසේ කාමාවචර ධර්මයන් අනුගමනය කරන අමහග්ගත වූ පුරුදු ප්‍රදේශයේම පවතින ධර්ම අනුව යයි. මහග්ගත ලෝකෝත්තර ධර්ම පවතින ප්‍රදේශයෙහි නොවේ.
යස්මා චස්ස “සබ්බො කාමාවචරවිපාකො කිරියමනොධාතු කිරියඅහෙතුකමනොවිඤ්ඤාණධාතු සොමනස්සසහගතා ඉමෙ ධම්මා පරිත්තාරම්මණා”ති එවං අච්චන්තපරිත්තමෙව ආරම්මණං වුත්තං, තස්මාපෙතං මහග්ගතලොකුත්තරාරම්මණෙ කාමාවචරධම්මෙපි නානුබන්ධතීති වෙදිතබ්බං.
සියළු කාමාවචර විපාක සෝමනස්ස සහගත වූ යන මේ ධර්මයෝ පරිත්තාරම්මණ වේ. එනිසා අච්චන්ත පරිත්තාරම්මණ යයි කියන ලදි. ඒ නිසා මේ මහග්ගත ලෝකුත්තර අරමුණු වූ කාමාවචර ධර්මද අනුව නොයන බව දතයුතුය.
කිං වා ඉමාය යුත්තිකථාය? අට්ඨකථායඤ්හි එකන්තෙනෙව වුත්තං – එකාදස තදාරම්මණචිත්තානි නාමගොත්තං ආරබ්භ ජවනෙ ජවිතෙ තදාරම්මණං න ගණ්හන්ති. පණ්ණත්තිං ආරබ්භ ජවනෙ ජවිතෙ තදාරම්මණං න ලබ්භති. තිලක්ඛණාරම්මණිකවිපස්සනාය තදාරම්මණං න ලබ්භති. වුට්ඨානගාමිනියා බලවවිපස්සනාය තදාරම්මණං න ලබ්භති. රූපාරූපධම්මෙ ආරබ්භ ජවනෙ ජවිතෙ තදාරම්මණං න ලබ්භති. මිච්ඡත්තනියතධම්මෙසු තදාරම්මණං න ලබ්භති. සම්මත්තනියතධම්මෙසු තදාරම්මණං න ලබ්භති. ලොකුත්තරධම්මෙ ආරබ්භ ජවනෙ ජවිතෙ තදාරම්මණං න ලබ්භති. අභිඤ්ඤාඤාණං ආරබ්භ ජවනෙ ජවිතෙ තදාරම්මණං න ලබ්භති. පටිසම්භිදාඤාණං ආරබ්භ ජවනෙ ජවිතෙ තදාරම්මණං න ලබ්භති. කාමාවචරෙ දුබ්බලාරම්මණෙ තදාරම්මණං න ලබ්භති, ඡසු ද්වාරෙසු බලවාරම්මණෙ ආපාථගතෙයෙව ලබ්භති, ලබ්භමානඤ්ච කාමාවචරෙයෙව ලබ්භති. රූපාරූපභවෙ තදාරම්මණං නාම නත්ථීති.
මෙහි යුක්ති කථාව කුමක්ද? අට්ඨ කථාවල ඒකාන්තයෙන්ම කියන ලදි. තදාරම්මණ සිත් එකොළහ නම්ගොත් අරබයා ජවනයන් දුවනවිට තදාරම්මණ නොගනියි. පැණවීම් අරබයා ජවන් යනවිට තදාරම්මණ නොලබයි. තිලකුණු අරමුණු කරගත් විදර්ශනාවෙන් තදාරම්මණ නොලබයි. උට්ඨානගාමිනී බලවත් විදර්ශනාවෙන් තදාරම්මණ නො ලබති. රූපාරූප ධර්ම අරබයා ජවන යනවිට තදාරම්මණ නොලබයි. මිථ්‍යා නියත ධර්මවල තදාරම්මණ නොලබයි. නිවැරදි නියත ධර්මවල තදාරම්මණ නොලබයි. ලෝකෝත්තර ධර්ම අරබයා ජවන යනවිට තදාරම්මණ නොලබයි. අභිඥාන ධර්මයන් අරබයා ජවන් දුවනවිට තදාරම්මණ නොලබයි. පටිසම්භිදා ඤාණය අරබයා ජවන දුවනවිට තදාරම්මණ නොලබයි. කාමාවචර දුර්වල අරමුණෙහි තදාරම්මණ නොලබයි. ද්වාර සයේ බලවත් අරමුණෙහි ආපාතගත කල්හිම ලබයි. ලබන්නේද කාමාවචරයෙහි පමණය. රූපාරූප භවයෙහි තදාරම්මණ නැතැයි
යං පන වුත්තං “සෙසෙසු එකූනවීසතියා චිත්තෙසු න කිඤ්චි අත්තනො අනුරූපාය පටිසන්ධියා න පවත්තතී”ති, තං අතිසංඛිත්තත්තා දුබ්බිජානං. තෙනස්ස විත්ථාරනයදස්සනත්ථං වුච්චති – “කති පටිසන්ධියො? කති පටිසන්ධිචිත්තානි? කෙන කත්ථ පටිසන්ධි හොති? කිං පටිසන්ධියා ආරම්මණ”න්ති?
යමක් කියන ලදද සෙසු එකුන්විසි සිත්වල තමාගේ කිසිම අනුරූප ප්‍රතිසන්ධියක් නොපවතී යයි එය අතිසංක්ෂේප බැවින් දැනගැනීම අපහසුය. එහෙයින් එහි විස්තර ක්‍රමය දැක්වීම සඳහා කියනු ලැබේ. ප්රතිසන්ධි කීයද? ප්රතිසන්ධි සිත් කීයද? කුමකින් කොහි ප්රතිසන්ධි වේද? ප්‍රතිසන්ධියේ අරමුණු මොනවාද?
අසඤ්ඤපටිසන්ධියා සද්ධිං වීසති පටිසන්ධියො. වුත්තප්පකාරානෙව එකූනවීසති පටිසන්ධිචිත්තානි. තත්ථ අකුසලවිපාකාය අහෙතුකමනොවිඤ්ඤාණධාතුයා අපායෙසු පටිසන්ධි හොති, කුසලවිපාකාය මනුස්සලොකෙ ජච්චන්ධජාතිබධිරජාතිඋම්මත්තකඑළමූගනපුංසකාදීනං. අට්ඨහි සහෙතුකමහාවිපාකෙහි කාමාවචරදෙවෙසු චෙව මනුස්සෙසු ච පුඤ්ඤවන්තානං පටිසන්ධි හොති, පඤ්චහි රූපාවචරවිපාකෙහි රූපීබ්රහ්මලොකෙ, චතූහි අරූපාවචරවිපාකෙහි අරූපලොකෙති. යෙන ච යත්ථ පටිසන්ධි හොති, සා එව තස්සා අනුරූපපටිසන්ධි නාම.
අසංඥ ප්රතිසන්ධිය සමග ප්රතිසන්ධි විස්සෙක් වේ. කියන ලද ආකාරයෙන්ම ප්රතිසන්ධි සිත් එකුන් විස්සකි. එහි අකුසල විපාකයෙන් අහේතුක මනෝවිඤ්ඤාණ ධාතුවෙන් අපායවලද ප්රතිසන්ධිය වේ. කුසල විපාකයෙන් මනුෂ්‍ය ලෝකයෙහි ජාතිඅන්ධ ජාතිබිහිරි ජාති උම්මත්තක (කියන්ට අසන්ට නොහැක) ඒලමූග නපුංශකාදීන්ටද ප්රතිසන්ධිය වේ. රූපාවචර විපාක සිත් පහෙන් රූපී බ්‍රහ්ම ලෝකයෙහිද අරූපාවචර විපාක සිත් සතරින් අරූප ලෝකයෙහිද ප්රතිසන්ධිය වේ. එයම එහි අනුරූප පටිසන්ධි නම් වේ.
සඞ්ඛෙපතො පටිසන්ධියා තීණි ආරම්මණානි හොන්ති – කම්මං, කම්මනිමිත්තං , ගතිනිමිත්තන්ති. තත්ථ කම්මං නාම ආයූහිතා කුසලාකුසලචෙතනා. කම්මනිමිත්තං නාම යං වත්ථුං ආරම්මණං කත්වා කම්මං ආයූහති. තත්ථ අතීතෙ කප්පකොටිසතසහස්සමත්ථකස්මිම්පි කම්මෙ කතෙ තස්මිං ඛණෙ කම්මං වා කම්මනිමිත්තං වා ආගන්ත්වා උපට්ඨාති.
සංක්ෂේපයෙන් ප්රතිසන්ධියෙහි කර්ම කර්ම නිමිති ගති නිමිති යයි අරමුණු තුනෙක් වේ. එහි කර්ම නම් රැස්කරන ලද කුසලාකුසල චේතනාය. කම්ම නිමිත්ත නම් යම් වස්තුවක් අරමුණුකර කර්ම රැස්කිරීම වේ. එහි අතීත කල්ප කෝටි ලක්ෂයක් එහාද කරන ලද කර්මයෙන් ඒ ක්ෂණයෙහි කර්මය හෝ කර්ම නිමිත්ත පැමිණ වැටහේ.
තත්රිදං කම්මනිමිත්තස්ස උපට්ඨානෙ වත්ථු – ගොපකසීවලී කිර නාම තාලපිට්ඨිකවිහාරෙ චෙතියං කාරෙසි. තස්ස මරණමඤ්චෙ නිපන්නස්ස චෙතියං උපට්ඨාසි. සො තදෙව නිමිත්තං ගණ්හිත්වා කාලංකත්වා දෙවලොකෙ නිබ්බත්ති. අඤ්ඤා සම්මූළ්හකාලකිරියා නාම හොති. පරම්මුඛං ගච්ඡන්තස්ස හි පච්ඡතො තිඛිණෙන අසිනා සීසං ඡින්දන්ති. නිපජ්ජිත්වා නිද්දායන්තස්සාපි තිඛිණෙන අසිනා සීසං ඡින්දන්ති. උදකෙ ඔසීදාපෙත්වා මාරෙන්ති. එවරූපෙපි කාලෙ අඤ්ඤතරං කම්මං වා කම්මනිමිත්තං වා උපට්ඨාති. අඤ්ඤං ලහුකමරණං නාම අත්ථි. නිඛාදනදණ්ඩකමත්ථකස්මිඤ්හි නිලීනමක්ඛිකං මුග්ගරෙන පහරිත්වා පිසන්ති. එවරූපෙපි කාලෙ කම්මං වා කම්මනිමිත්තං වා උපට්ඨාති. එවං පිසියමානාය පන මක්ඛිකාය පඨමං කායද්වාරාවජ්ජනං භවඞ්ගං නාවට්ටෙති, මනොද්වාරාවජ්ජනමෙව ආවට්ටෙති. අථ ජවනං ජවිත්වා භවඞ්ගං ඔතරති. දුතියවාරෙ කායද්වාරාවජ්ජනං භවඞ්ගං ආවට්ටෙති. තතො කායවිඤ්ඤාණං, සම්පටිච්ඡනං, සන්තීරණං, වොට්ඨපනන්ති වීථිචිත්තානි පවත්තන්ති. ජවනං ජවිත්වා භවඞ්ගං ඔතරති. තතියවාරෙ මනොද්වාරාවජ්ජනං භවඞ්ගං ආවට්ටෙති. අථ ජවනං ජවිත්වා භවඞ්ගං ඔතරති. එතස්මිං ඨානෙ කාලකිරියං කරොති. ඉදං කිමත්ථං ආභතං? අරූපධම්මානං විසයො නාම එවං ලහුකොති දීපනත්ථං.
එහි මෙය කර්ම නිමිත්ත වැටහීමේ වස්තුවයි. ගොපක සීවලී තල්පිටි වෙහෙර චෛත්‍යක් කරවයි. ඔහුගේ මරණ මංචකයෙහිදී චෛත්‍යය වැටහුණේය. හේ ඒ නිමිත්තම ගෙන කළුරිය කොට දෙව්ලොව උපන්නේය. අන්‍ය ඒවා මුළාව කළුරිය නම් වේ. පිටිපා යනවිට පිටුපසින් තියුණු කඩුවකින් හිස සිඳියි. වැදහෙව නිදන්නහුගේ ද තියුණු කඩුවෙන් හිස සිඳියි. දියෙහි ගිල්වා මරයි. මෙබඳු කාලයෙහිද එක්තරා කර්මයක් හෝ කර්ම නිමිත්තක් වැටහේ. අන්‍ය වූ ලහුක (වහා) මරණ ඇත. නියන් මිටේ සැඟවුණු මැස්සා මුගුරකින් පහරදී කුඩු කරයි. මෙබඳු කාලයෙහිද කර්මය හෝ කර්ම නිමිත්ත වැටහේ. මෙසේ කුඩුකරන ලද මැස්සාගේ පළමුව කායද්වාරාවජ්ජන භවංගය නොවැටේ. මනෝද්වාරාවජ්ජනයටම වැටේ. ඉක්බිති ජවන දුව භවංගයට බැස ගනී. දෙවෙනිවර කාය ද්වාරාවජ්ජන භවංගය වැටේ. ඉන්පසු කාය විඤ්ඤාණය සම්පටිච්ඡන සන්තීරණ වොත්ථපන යයි වීථි සිත් පවතී. ජවන දුව භවංගයට වැටේ. තුන්වන වර මනෝද්වාරාවජ්ජන භවංගය ඇතිවේ. පසුව ජවන ඇතිවී භවංග පතනය මේ මේ ස්ථානයෙහි කලුරිය කරයි. මෙය කුමක් සඳහා ගෙනෙන ලදද? අරූප ධර්ම විෂයෙහි නම් මෙසේ ඉක්මන් බව විස්තර කිරීම සඳහාය.
ගතිනිමිත්තං නාම නිබ්බත්තනකඔකාසෙ එකො වණ්ණො උපට්ඨාති. තත්ථ නිරයෙ උපට්ඨහන්තෙ ලොහකුම්භිසදිසො හුත්වා උපට්ඨාති. මනුස්සලොකෙ උපට්ඨහන්තෙ මාතුකුච්ඡිකම්බලයානසදිසා හුත්වා උපට්ඨාති. දෙවලොකෙ උපට්ඨහන්තෙ කප්පරුක්ඛවිමානසයනාදීනි උපට්ඨහන්ති. එවං කම්මං, කම්මනිමිත්තං, ගතිනිමිත්තන්ති සඞ්ඛෙපතො පටිසන්ධියා තීණි ආරම්මණානි හොන්ති.
ගති නිමිත්ත නම් උපදින ස්ථානයෙහි එක් වර්ණයක් වැටහේ. එහි නිරයේ නම් ලෝහ හැලි මෙන් වැටහේ. මිනිස්ලොවේ නම් මව්කුස කම්බිලි යාන සමාන වස්තු වැටහේ. දෙව්ලොව නම් කල්ප වෘක්ෂ විමාන යහන් ආදිය වැටහේ. මෙසේ කර්මය කර්ම නිමිත්ත ගති නිමිත්ත යයි සංක්ෂේපයෙන් ප්‍රතිසන්ධියේ අරමුණු තුනක් වේ.
අපරො නයො – පටිසන්ධියා තීණි ආරම්මණානි හොන්ති? අතීතං, පච්චුප්පන්නං , නවත්තබ්බඤ්ච. අසඤ්ඤීපටිසන්ධි අනාරම්මණාති. තත්ථ විඤ්ඤාණඤ්චායතනනෙවසඤ්ඤානාසඤ්ඤායතනපටිසන්ධීනං අතීතමෙව ආරම්මණං. දසන්නං කාමාවචරානං අතීතං වා පච්චුප්පන්නං වා. සෙසානං නවත්තබ්බං. එවං තීසු ආරම්මණෙසු පවත්තමානා පන පටිසන්ධි යස්මා අතීතාරම්මණස්ස වා නවත්තබ්බාරම්මණස්ස වා චුතිචිත්තස්ස අනන්තරමෙව හොති. පච්චුප්පන්නාරම්මණං පන චුත්තිචිත්තං නාම නත්ථි. තස්මා ද්වීසු ආරම්මණෙසු අඤ්ඤතරාරම්මණාය චුතියා අනන්තරං තීසු ආරම්මණෙසු අඤ්ඤතරාරම්මණාය පටිසන්ධියා සුගතිදුග්ගතිවසෙන පවත්තනාකාරො වෙදිතබ්බො.
තවත් නය ක්‍රමයක් ප්‍රතිසන්ධියේ අරමුණු තුනක් වේ. අතීත වර්තමාන නොකිවහැකි යයි අරමුණු තුන වේ. අසංඥ ප්රතිසන්ධිය ආරම්මණයයිද එහි විඤ්ඤාණඤ්චායතන නේවසඤ්ඤානාසඤ්ඤායතන ප්රතිසන්ධිවල අතීත අරමුණු වේ. දස කාමාවචර අතීත හෝ වර්තමාන අරමුණු වේ. සෙසු ඒවායේ නොකිය හැකිය. මෙසේ මේ අරමුණු තුනෙහි පවතින ප්රතිසන්ධිය අතීත හෝ නොකිව හැකි හෝ අරමුණේ චුති සිතට අනතුරුවම ඇති වේ. වර්තමාන අරමුණට චුති සිතක් නැත. මේ අරමුණුවල එක්තරා අරමුණක චුති සිතට අනතුරුවද තුන් අරමුණුවල එක්තරා අරමුණක ප්රතිසන්ධියෙන් සුගති දුගති වශයෙන් පවත්නාකාරය දැනගත යුතුය.
සෙය්යථිදං – කාමාවචරසුගතියං තාව ඨිතස්ස පාපකම්මිනො පුග්ගලස්ස “තානිස්ස තම්හි සමයෙ ඔලම්බන්තී”තිආදිවචනතො (ම· නි· 3.248) මරණමඤ්චෙ නිපන්නස්ස යථූපචිතං පාපකම්මං වා කම්මනිමිත්තං වා මනොද්වාරෙ ආපාථමාගච්ඡති. තං ආරබ්භ උප්පන්නාය තදාරම්මණපරියොසානාය සුද්ධාය වා ජවනවීථියා අනන්තරං භවඞ්ගවිසයං ආරම්මණං කත්වා චුතිචිත්තං උප්පජ්ජති. තස්මිං නිරුද්ධෙ තදෙව ආපාථගතං කම්මං වා කම්මනිමිත්තං වා ආරබ්භ අනුපච්ඡින්නකිලෙසබලවිනාමිතං දුග්ගතිපරියාපන්නං පටිසන්ධිචිත්තං උප්පජ්ජති. අයං අතීතාරම්මණාය චුතියා අනන්තරා අතීතාරම්මණා පටිසන්ධි.
කෙසේද? කාමාවචර සුගතියෙහි සිටි පවිටු පුද්ගලයෙකුට “එසමයෙහි ඔහුට ඒවාද එල්බේ” ආදි වචනයෙන් මරණ මංචකයෙහි හොත් තැනැත්තාට රැස්කළ පරිදි පාප කර්මයක් හෝ කර්ම නිමිත්තක් හෝ මනෝද්වාරයෙහි අපාගත වේ. (ඉදිරියට පැමිණ විෂය වේ) එය අරබයා උපන් තදාරම්මණ අවසානයෙහි සුද්ධ වූ ජවන වීථියට අනතුරුව භවංග විසය අරමුණුකර චුති සිත උපදී. එය නිරුද්ධ වූ පසු එම අරමුණම ආපාථගතව කර්මය හෝ කර්ම නිමිත්ත හෝ අරබයා නොසිඳින ලද කෙලෙස් බලයෙන් තැවුණු දුගතියට ඇතුළත් ප්රතිසන්ධි සිත උපදී. මෙය අතීත අරමුණෙන් චුතියට අනතුරුව අතීත අරමුණු ප්‍රතිසන්ධියයි.
අපරස්ස මරණසමයෙ වුත්තප්පකාරකම්මවසෙන නරකාදීසු අග්ගිජාලවණ්ණාදිකං දුග්ගතිනිමිත්තං මනොද්වාරෙ ආපාථමාගච්ඡති. තස්ස ද්වික්ඛත්තුං භවඞ්ගෙ උප්පජ්ජිත්වා නිරුද්ධෙ තං ආරම්මණං ආරබ්භ එකං ආවජ්ජනං, මරණස්ස ආසන්නභාවෙන මන්දීභූතවෙගත්තා පඤ්ච ජවනානි, ද්වෙ තදාරම්මණානීති තීණි වීථිචිත්තානි උප්පජ්ජන්ති. තතො භවඞ්ගවිසයං ආරම්මණං කත්වා එකං චුතිචිත්තං. එත්තාවතා එකාදස චිත්තක්ඛණා අතීතා හොන්ති. අථාවසෙසපඤ්චචිත්තක්ඛණායුකෙ තස්මිංයෙව ආරම්මණෙ පටිසන්ධිචිත්තං උප්පජ්ජති. අයං අතීතාරම්මණාය චුතියා අනන්තරා පච්චුප්පන්නාරම්මණා පටිසන්ධි.
අනෙකෙකුට මැරෙනවිට කියන ලද ආකාරයේ කර්ම වශයෙන් නරකාදියෙහි ගිනිදැල් වර්ණනාව දුගති නිමිත්ත මනෝද්වාරයෙහි අපාථගත වේ. ඔහුට දෙවරක් භවංගය ඉපදී නිරුද්ධ වූ විට ඒ අරමුණ අරබයා එක් ආවර්ජනයක් මරණයට ආසන්න වීමෙන් වේගය මඳ බැවින් පස් ජවනයක් තදාරම්මණ දෙකක් යයි වීථි සිත් තුනක් උපදී. (උදා:- කී ජ ජ ජ ජ ජ ත ත චු) ඉන්පසු භවංග විසය අරමුණුකර එක් චුති සිතක් වේ. මෙපමණකින් එකොළොස් චිත්තක්ෂණ අතීත වේ. ඉක්බිති අවසේස චිත්තක්ෂණ පහේ ආයුකාලයේ ඒ අරමුණෙහිම ප්රතිසන්ධි සිත උපදී, මේ අතීත අරමුණේ චුතියට අනතුරුව වර්තමාන අරමුණු ප්‍රතිසන්ධියයි.
අපරස්ස මරණසමයෙ පඤ්චන්නං ද්වාරානං අඤ්ඤතරස්මිං ද්වාරෙ රාගාදිහෙතුභූතං හීනාරම්මණං ආපාථමාගච්ඡති. තස්ස යථාක්කමෙන උප්පන්නවොට්ඨබ්බනාවසානෙ මරණස්ස ආසන්නභාවෙන මන්දීභූතවෙගත්තා පඤ්ච ජවනානි ද්වෙ තදාරම්මණානි ච උප්පජ්ජන්ති. තතො භවඞ්ගවිසයමාරම්මණං කත්වා එකං චුතිචිත්තං. එත්තාවතා ද්වෙ භවඞ්ගානි, ආවජ්ජනං, දස්සනං, සම්පටිච්ඡනං, සන්තීරණං, වොට්ඨබ්බනං, පඤ්ච ජවනානි, ද්වෙ තදාරම්මණානි, එකං චුතිචිත්තන්ති පඤ්චදස චිත්තක්ඛණා අතීතා හොන්ති. අථාවසෙසඑකචිත්තක්ඛණායුකෙ තස්මිං යෙව ආරම්මණෙ පටිසන්ධිචිත්තං උප්පජ්ජති. අයම්පි අතීතාරම්මණාය චුතියා අනන්තරා පච්චුප්පන්නාරම්මණා පටිසන්ධි. එස තාව අතීතාරම්මණාය සුගතිචුතියා අනන්තරා අතීතපච්චුප්පන්නාරම්මණාය දුග්ගතිපටිසන්ධියා පවත්තනාකාරො.
තවකෙකුට මැරෙනවිට පස්දොරෙන් එකකට රාගාදි හේතුවෙන් හීන අරමුණක් අපාථගත වේ. ඔහුට පිළිවෙලින් උපන් ඔත්ථපනය අවසානයේ මරණයට ආසන්න බැවින් මදවේග ඇති පස් ජවන තදාරම්මණ දෙකක් උපදී. ඉක්බිති භවංග විෂයේ අරමුණක් කර එක් චුති සිතක් ඇතිවේ. මෙපමණකින් භවංග දෙකක් ආවර්ජනය දර්ශනය සම්පටිච්ඡන සන්තීරණය වොත්ථපන පස් ජවන තදාරම්මණ දෙක චුති සිත් එක යයි චිත්තක්ෂණ පහළොවක් අතීතය. ඉක්බිති අවසේස එක් චිත්තක්ෂණ ආයු කාලයෙහි එම අරමුණෙහිම ප්රතිසන්ධි සිත උපදී. මෙය අතීත අරමුණින් චුතියට අනතුරුව වර්තමාන අරමුණු ප්‍රතිසන්ධියයි. එය අතීතාරම්මණ හෝ සුගති චුතියට අනතුරුව අතීත වර්තමාන අරමුණක් දුගති ප්‍රතිසන්ධියේ පවතින ආකාරයයි.
දුග්ගතියං ඨිතස්ස පන උපචිතානවජ්ජකම්මස්ස වුත්තනයෙනෙව තං අනවජ්ජකම්මං වා කම්මනිමිත්තං වා මනොද්වාරෙ ආපාථමාගච්ඡතීති කණ්හපක්ඛෙ සුක්කපක්ඛං ඨපෙත්වා සබ්බං පුරිමනයෙනෙව වෙදිතබ්බං. අයං අතීතාරම්මණාය දුග්ගතිචුතියා අනන්තරා අතීතපච්චුප්පන්නාරම්මණාය සුගතිපටිසන්ධියා පවත්තනාකාරො.
දුගතියෙහි සිටියහුට රැස්කරන ලද අනවද්‍ය කර්මයේ කියන ලද කර්මයෙන් ඒ අනවද්‍ය කර්මය හෝ කර්ම නිමිත්ත හෝ මනෝද්වාරයට අපාථගත වේ. කෘෂ්ණ පක්ෂයෙහි ශුක්ල පක්ෂය හැර සියල්ල පෙර නයින්ම දතයුතුය. මෙය අතීත අරමුණින් දුගති චුතියෙන් අනතුරුව අතීත වර්තමාන අරමුණේ සුගති ප්රතිසන්ධිය පවතින ආකාරයයි.
සුගතියං ඨිතස්ස පන උපචිතානවජ්ජකම්මස්ස “තානිස්ස තම්හි සමයෙ ඔලම්බන්තී”තිආදිවචනතො මරණමඤ්චෙ නිපන්නස්ස යථූපචිතං අනවජ්ජකම්මං වා කම්මනිමිත්තං වා මනොද්වාරෙ ආපාථමාගච්ඡති. තඤ්ච ඛො උපචිතකාමාවචරානවජ්ජකම්මස්සෙව. උපචිතමහග්ගතකම්මස්ස පන කම්මනිමිත්තමෙව ආපාථමාගච්ඡති. තං ආරබ්භ උප්පන්නාය තදාරම්මණපරියොසානාය සුද්ධාය වා ජවනවීථියා අනන්තරං භවඞ්ගවිසයං ආරම්මණං කත්වා චුතිචිත්තමුප්පජ්ජති. තස්මිං නිරුද්ධෙ තදෙව ආපාථගතං කම්මං වා කම්මනිමිත්තං වා ආරබ්භ අනුපච්ඡින්නකිලෙසබලවිනාමිතං සුගතිපරියාපන්නං පටිසන්ධිචිත්තමුප්පජ්ජති. අයං අතීතාරම්මණාය චුතියා අනන්තරා අතීතාරම්මණා නවත්තබ්බාරම්මණා වා පටිසන්ධි.
සුගතියෙහි සිටියහුට රැස්කරන ලද අනවද්‍ය කර්මයේ “කපනිවතස්ස තස්මිං සංස් ඕලම්ඛන්ති” ආදි වචනයේ මර ඇඳෙහි නිපන්නහුට රැස්කරන ලද පරිදි අනවද්‍ය කර්මය හෝ කර්ම නිමිත්ත හෝ මනෝද්වාරයෙහි ඉදිරියට පැමිණේ. එයද රැස්කරන ලද කාමාවචර අනුවද්‍ය කර්මයම වේ. රැස්කරන ලද මහග්ගත කර්මය වනාහි කර්ම නිමිත්තම ඉදිරියට පැමිණේ. එය අරබයා උපන් තදාරම්මණ අවසානයේ සුද්ධ වූ හෝ ජවන වීථියට අනතුරුව භවංග විසය අරමුණුකර චුති සිත උපදී. එය නිරුද්ධ වූ විට එම අරමුණම ඉදිරියට පැමිණ කර්මය හෝ කර්ම නිමිත්ත අරබයා නොසිඳන ලද කෙලෙස් බලයෙන් නැමුණු සුගතියට ඇතුළත් ප්රතිසන්ධි සිත උපදී. මෙය අතීත අරමුණේ චුතියෙන් අනතුරුව අතීතාරම්මණ වූ නොකිවහැකි අරමුණේ හෝ ප්‍රතිසන්ධියයි.
අපරස්ස මරණසමයෙ කාමාවචරානවජ්ජකම්මවසෙන මනුස්සලොකෙ මාතුකුච්ඡිවණ්ණසඞ්ඛාතං වා දෙවලොකෙ උය්යානකප්පරුක්ඛාදිවණ්ණසඞ්ඛාතං වා සුගතිනිමිත්තං මනොද්වාරෙ ආපාථමාගච්ඡති. තස්ස දුග්ගතිනිමිත්තෙ දස්සිතානුක්කමෙනෙව චුතිචිත්තානන්තරං පටිසන්ධිචිත්තං උප්පජ්ජති. අයං අතීතාරම්මණාය චුතියා අනන්තරා පච්චුප්පන්නාරම්මණා පටිසන්ධි.
තවකෙකුට මැරුණවිට කාමාවචර අනවද්‍ය කර්ම වශයෙන් මිනිස්ලොව මව්කුස වර්ණ සංඛ්‍යාත හෝ දෙව්ලොව උයන කල්ප වෘක්ෂය ආදි වර්ණ සංඛ්‍යාත හෝ සුගති නිමිත්තක් මනෝද්වාරයේ ඉදිරියට එයි. ඒ දුගති නිමිතියෙහි දැක්වූ අනුක්රමයෙන්ම චුති සිතට අනතුරුව ප්රතිසන්ධි සිත උපදී, මෙය අතීත අරමුණේ චුතියට අනතුරුව වර්තමාන අරමුණු ප්‍රතිසන්ධියයි.
අපරස්ස මරණසමයෙ ඤාතකා ‘අයං, තාත, තවත්ථාය බුද්ධපූජා කරීයති, චිත්තං පසාදෙහී’ති වත්වා පුප්ඵදාමධජපටාකාදිවසෙන රූපාරම්මණං වා ධම්මස්සවනතූරියපූජාදිවසෙන සද්දාරම්මණං වා ධූමවාසගන්ධාදිවසෙන ගන්ධාරම්මණං වා ‘ඉදං, තාත, සායස්සු, තවත්ථාය දාතබ්බං දෙය්‍යධම්ම’න්ති වත්වා මධුඵාණිතාදිවසෙන රසාරම්මණං වා ‘ඉදං, තාත, ඵුසස්සු, තවත්ථාය දාතබ්බං දෙය්‍යධම්ම’න්ති වත්වා චීනපටසොමාරපටාදිවසෙන ඵොට්ඨබ්බාරම්මණං වා පඤ්චද්වාරෙ උපසංහරන්ති. තස්ස තස්මිං ආපාථගතෙ රූපාදිආරම්මණෙ යථාක්කමෙන උප්පන්නවොට්ඨපනාවසානෙ මරණස්ස ආසන්නභාවෙන මන්දීභූතවෙගත්තා පඤ්ච ජවනානි ද්වෙ තදාරම්මණානි ච උප්පජ්ජන්ති. තතො භවඞ්ගවිසයං ආරම්මණං කත්වා එකං චුතිචිත්තං, තදවසානෙ තස්මිඤ්ඤෙව එකචිත්තක්ඛණට්ඨිතිකෙ ආරම්මණෙ පටිසන්ධිචිත්තං උප්පජ්ජති. අයම්පි අතීතාරම්මණාය චුතියා අනන්තරා පච්චුප්පන්නාරම්මණා පටිසන්ධි.
තවකෙකු මැරෙනවිට තාත්තේ, මේ ඔබ සඳහා බුද්ධපූජාව කරනු ලැබේ. සිත පහදවා ගන්නැයි කියා මල්දම් කොඩි පතාක වශයෙන් රූප අරමුණක් හෝ ධර්ම ශ්‍රවණ තූර්ය පූජා වශයෙන් ශබ්දාරම්මණයක් හෝ දුම් සුවඳ වශයෙන් ගන්ධ අරමුණක් හෝ තාත්තේ මෙය රස අහරයක්. ඔබ සඳහා දියහැකි දෙය ධර්මයක් යයි මීපැණි ආදි වශයෙන් රස අරමුණක් ඉන් තාත්තේ මේක ස්පර්ශ වස්තුවක්. ඔබ සඳහා දිය යුතු දෙය ධර්මයක් යයි චීන සෝමාර පටාදි වශයෙන් ඵොට්ඨබ්බ අරමුණෙක් හෝ පංචද්වාරයේ එළඹෙයි. ඔහුව ඒ අවස්ථාවේ ඉදිරියෙන් පැමිණි රූපාදි අරමුණෙහි පිළිවෙලින් උපන් නෙක්ඛම්ම අවසානයේ මරණයට ආසන්න බැවින් මඳවේග හෙයින් පස් ජවනයන් තදාරම්මණ දෙකක්ද උපදී. ඉන්පසු භවංග විෂය අරමුණුකොට එක් චුති සිතක් එය අවසානයෙහි එහි එක් චිත්තක්ෂණයක් සිටි අරමුණෙහි ප්රතිසන්ධි සිත උපදී. මෙයද අතීත අරමුණෙහිම චුතියෙන් අනතුරුව වර්තමාන අරමුණු ප්‍රතිසන්ධියයි.
අපරස්ස පන පථවීකසිණජ්ඣානාදිවසෙන පටිලද්ධමහග්ගතස්ස සුගතියං ඨිතස්ස මරණසමයෙ කාමාවචරකුසලකම්ම-කම්මනිමිත්ත-ගතිනිමිත්තානං අඤ්ඤතරං පථවීකසිණාදිකං වා නිමිත්තං මහග්ගතචිත්තං වා මනොද්වාරෙ ආපාථමාගච්ඡති. චක්ඛුසොතානං වා අඤ්ඤතරස්මිං කුසලුප්පත්තිහෙතුභූතං පණීතමාරම්මණං ආපාථමාගච්ඡති. තස්ස යථාක්කමෙන උප්පන්නවොට්ඨබ්බනාවසානෙ මරණස්ස ආසන්නභාවෙන මන්දීභූතවෙගත්තා පඤ්ච ජවනානි උප්පජ්ජන්ති. මහග්ගතගතිකානං පන තදාරම්මණං නත්ථි. තස්මා ජවනානන්තරංයෙව භවඞ්ගවිසයං ආරම්මණං කත්වා එකං චුතිචිත්තං උප්පජ්ජති . තස්සාවසානෙ කාමාවචරමහග්ගතසුගතීනං අඤ්ඤතරසුගතිපරියාපන්නං යථූපට්ඨිතෙසු ආරම්මණෙසු අඤ්ඤතරාරම්මණං පටිසන්ධිචිත්තං උප්පජ්ජති. අයං නවත්තබ්බාරම්මණාය සුගතිචුතියා අනන්තරා අතීතපච්චුප්පන්නනවත්තබ්බානං අඤ්ඤතරාරම්මණා පටිසන්ධි.
අනෙකෙකුට වනාහි පඨවි කසින ධ්‍යාන වශයෙන් ලැබූ මහග්ගත සුගතිය ඇත්තාට මැරෙන වේලාවේ කාමාවචර කුසල කම්ම කම්ම නිමිත්ත ගති නිමිත්තවලින් එකක් වූ පඨවි කසිනාදියක් හෝ මහග්ගත නිමිති සිතක් හෝ මනෝද්වාරය ඉදිරියට එයි. චක්ඛු සෝතාදිය හෝ කුසල ඉපදීමට හේතුවූ වෙනත් ප්‍රණීත අරමුණක් ඉදිරියේ එයි. එය පිළිවෙලින් උපන් වොත්ථපන අවසානයෙහි මරණය ආසන්න බැවින් වේගය මදහෙයින් ජවන පහක් උපදියි. මහග්ගත ගතිකයන්ට තදාරම්මණ නැත. කවර හෙයින්ද? ජවනයට අනතුරුව භවංග විසය අරමුණුකර එක් චුති සිතක් උපදී. එය අවසානයෙහි කාමාවචර මහග්ගත සුගති අතරෙන් එක් සුගතියක් ඇතුළත් පැමිණි අරමුණුවලින් එකක් අරමුණුකර ප්රතිසන්ධි සිත උපදී. මෙය නොකිවහැකි අරමුණක සුගති චුතියෙන් අනතුරුව අතීත වර්තමාන නොකිවහැකි අරමුණක ප්‍රතිසන්ධියයි.
එතෙනානුසාරෙන ආරුප්පචුතියාපි අනන්තරා පටිසන්ධි වෙදිතබ්බා. අයං අතීතනවත්තබ්බාරම්මණාය සුගතිචුතියා අනන්තරා අතීතනවත්තබ්බපච්චුප්පන්නාරම්මණාය පටිසන්ධියා පවත්තනාකාරො.
මේ අනුසාරයෙන් අරූපාවචර චුතියේද අනතුරු ප්රතිසන්ධි දතයුතුය. මෙය අතීත නොකිවහැකි අරමුණේ සුගති චුතියෙන් අනතුරුව අතීත නොකිවහැකි වර්තමාන අරමුණෙන් ප්රතිසන්ධිය පවතින ආකාරයයි.
දුග්ගතියං ඨිතස්ස පන පාපකම්මිනො වුත්තනයෙනෙව තං කම්මං කම්මනිමිත්තං ගතිනිමිත්තං වා මනොද්වාරෙ, පඤ්චද්වාරෙ පන අකුසලුප්පත්තිහෙතුභූතං ආරම්මණං ආපාථමාගච්ඡති. අථස්ස යථාක්කමෙන චුතිචිත්තාවසානෙ දුග්ගතිපරියාපන්නං තෙසු ආරම්මණෙසු අඤ්ඤතරාරම්මණං පටිසන්ධිචිත්තං උප්පජ්ජති. අයං අතීතාරම්මණාය දුග්ගතිචුතියා අනන්තරා අතීතපච්චුප්පන්නාරම්මණාය පටිසන්ධියා පවත්තනාකාරොති. එත්තාවතා එකූනවීසතිවිධස්සාපි විඤ්ඤාණස්ස පටිසන්ධිවසෙන පවත්ති දීපිතා හොති.
දුගතියෙහි පව් කරන්නාට කියන ලද තමන්ම එය කර්මය කර්ම නිමිත්ත ගති නිමිත්ත හෝ මනෝ ද්වාරයේ ඉදිරියේ පැමිණීමෙන් සිදුවේ. පංච ද්වාරයෙහි අකුසල උපතට හේතු වූ අරමුණු ඉදිරියට එයි. ඉක්බිති ඔහුට පිළිවෙලින් චුති සිත අවසානයෙහි දුගතිය අයත් ඒ අරමුණු අතරෙන් එකක ප්රතිසන්ධි සිත උපදී. මෙය අතීත අරමුණේ දුගති චුති හෝ අනතුරුව අතීත වර්තමාන අරමුණේ ප්රතිසන්ධිය පවතින ආකාරයයි. එකුන්විසි වූ විඤ්ඤාණයේ ප්රතිසන්ධි වශයෙන් පැවැත්ම දක්වන ලදි.
තයිදං සබ්බම්පි එවං –
ඒ සියල්ල මෙසේය:-
පවත්තමානං සන්ධිම්හි, ද්විධා කම්මෙන වත්තති; මිස්සාදීහි ච භෙදෙහි, භෙදස්ස දුවිධාදිකො.
පවතින පිළිසිඳුම් - කර්මයෙන් දෙපරිදි වේ මුසු ඈ බේදයෙන් - බෙදුමෙහි දෙවිදි ඈ වේ
ඉදඤ්හි එකූනවීසතිවිධම්පි විපාකවිඤ්ඤාණං පටිසන්ධිම්හි පවත්තමානං ද්විධා කම්මෙන වත්තති. යථාසකඤ්හි එතස්ස ජනකං කම්මං නානාක්ඛණිකකම්මප්පච්චයෙන චෙව උපනිස්සයපච්චයෙන ච පච්චයො හොති. වුත්තඤ්හෙතං “කුසලාකුසලං කම්මං විපාකස්ස උපනිස්සයපච්චයෙන පච්චයො”ති (පට්ඨා· 1.1.423). එවං වත්තමානස්ස පනස්ස මිස්සාදීහි භෙදෙහි දුවිධාදිකොපි භෙදො වෙදිතබ්බො, සෙය්යථිදං – ඉදඤ්හි පටිසන්ධිවසෙන එකධා වත්තමානම්පි රූපෙන සහ මිස්සාමිස්සභෙදතො දුවිධං, කාමරූපාරූපභවභෙදතො තිවිධං, අණ්ඩජජලාබුජසංසෙදජඔපපාතිකයොනිවසෙන චතුබ්බිධං, ගතිවසෙන පඤ්චවිධං, විඤ්ඤාණට්ඨිතිවසෙන සත්තවිධං, සත්තාවාසවසෙන අට්ඨවිධං හොති. තත්ථ –
මෙය වනාහි එක්විසි විදි වූ ප්රතිසන්ධියෙහි පවතින විපාක විඤ්ඤාණය කර්මයෙන් දෙපරිදිව පවතී. ස්වකීය ජනක කර්මයට මෙයම නානා ක්ෂණික ප්‍රත්‍යයෙන්ද උපනිශ්‍රය ප්‍රත්‍යයෙන් ද ප්‍රත්‍ය වේ. මෙය කියන ලදි. “කුසලා කුසල කර්මය විපාකයට උපනිශ්‍රය ආශ්රයෙන් ප්‍රත්‍ය වේ” මෙසේ පවතින මෙහි මිශ්රාදි භේදයෙන් අවිඤ්ඤාණික භේදයද දතයුතුය. කෙසේද? මෙය ප්රතිසන්ධි වශයෙන් ඒකාකාරව පවතින රූපය සමාන මිශ්‍ර අමිශ්‍ර භේද වශයෙන් දෙපරිදි වේ. කාම රූප අරූප භේදයෙන් තෙපරිදිය. අණ්ඩජ ජලාබුජ සංසේදජ ඕපපාතික උපත් වශයෙන් සිව්වැදෑරුම්ය. ගති වශයෙන් පස්වැදෑරුම්ය. විඤ්ඤාණාඨිති වශයෙන් සත් වැදෑරුම්ය. සත්තාවාස වශයෙන් අටවැදෑරුම් වේ. එහි:-
මිස්සං ද්විධා භාවභෙදා, සභාවං තත්ථ ච ද්විධා; ද්වෙ වා තයො වා දසකා, ඔමතො ආදිනා සහ.
මුසු දෙවිදි බව බේ - එහි සබා දෙපරිදි වේ අඩු විසින් දසකය - දෙ තුන් විදි හෝ වන්නේ
‘මිස්සං ද්විධා භාවභෙදා’ති යඤ්හෙතමෙත්ථ අඤ්ඤත්ර අරූපභවා රූපමිස්සං පටිසන්ධිවිඤ්ඤාණං උප්පජ්ජති, තං රූපභවෙ ඉත්ථින්ද්රියපුරිසින්ද්රියසඞ්ඛාතෙන භාවෙන විනා උප්පත්තිතො කාමභවෙ අඤ්ඤත්ර ජාතිපණ්ඩකපටිසන්ධියා භාවෙන සහ උප්පත්තිතො සභාවං අභාවන්ති දුවිධං හොති.
භාව භේදයෙන් මිශ්රය. ද්විධය. මෙහි අරූප භවයෙන් වෙනත් තැන්වල යම් ප්රතිසන්ධි විඤ්ඤාණයක් උපදී, එය රූප භවයෙහි උපතින් ස්ත්‍රී පුරුෂ භාවයන් හැරද කාම භවයෙහි ජාති පණ්ඩකභාවය හැර උපතින් ස්වභාවය අභාව යයි දෙපරිදි වේ.
‘සභාවං තත්ථ ච ද්විධා’ති තත්ථාපි ච යං සභාවං තං ඉත්ථිපුරිසභාවානං අඤ්ඤතරෙන සහ උප්පත්තිතො දුවිධමෙව හොති.
එහි ස්වභාවයද දෙපරිදි වේ. එහිද යම් ස්වභාවයක් එය ස්ත්‍රී පුරුෂ භාව එකක් යයි උපතින් ද්විධ වේ.
‘ද්වෙ වා තයො වා දසකා, ඔමතො ආදිනා සහා’ති යඤ්හෙතමෙත්ථ මිස්සං අමිස්සන්ති ද්වයෙ ආදිභූතං රූපමිස්සං පටිසන්ධිවිඤ්ඤාණං, තෙන සහ වත්ථුකායදසකවසෙන ද්වෙ වා වත්ථුකායභාවදසකවසෙන තයො වා දසකා ඔමතො උප්පජ්ජන්ති, නත්ථි ඉතො පරං රූපපරිහානීති. තං පනෙතං එවං ඔමකපරිමාණං උප්පජ්ජමානං අණ්ඩජජලාබුජනාමිකාසු ද්වීසු යොනීසු ජාතිඋණ්ණාය එකෙන අංසුනා උද්ධතතෙලසප්පිමණ්ඩප්පමාණං කලලන්ති ලද්ධසඞ්ඛං හුත්වා උප්පජ්ජති. තත්ථ යොනීනං ගතිවසෙන සම්භවභෙදො වෙදිතබ්බො. එතාසු හි –
යනු අඩු විසින් දසකය දෙතුන් විසි හෝ වන්නේ යුන එහි යම් මිශ්‍ර අමිශ්‍ර දෙකෙහි ආදිය වූ රූපමිශ්ර පටිසන්ධි විඤ්ඤාණය සමග වස්තු දසක කාය දසකයෝ දෙපරිදි හෝ වස්තු දසක කාය දසකයෝ භාව දසකයෝ යැයි තෙපරිදි හෝ යටත් පිරිසෙයින් උපදින්නෝය. මෙයින් පසුව රූප පරිහානියක් නැතැයි යනු එය වනාහි මෙසේ අණ්ඩජ ජලාබුජ නම් යෝනි දෙකේ උපදින්නේ සිහින් රෝමයක් එක් අංශුවක් වූ කැලඹුණු ගිතෙල් බිඳක් ප්‍රමාණ වූ කලලයයි ලැබූ නමින් උපදී. එහි යෝනියේ ගති වශයෙන් භේදය දැනගත යුතුය.
නිරයෙ භුම්මවජ්ජෙසු, දෙවෙසු ච න යොනියො; තිස්සො පුරිමිකා හොන්ති, චතස්සොපි ගතිත්තයෙ.
දෙවි නිරය බිම් නැති - ඕපපාතික පේතය පේත තිරිසන් මිනිස් - තුන්ගති සිව් යෝනි වේ
තත්ථ දෙවෙසු චාති චසද්දෙන යථා නිරයෙ ච භුම්මවජ්ජෙසු ච දෙවෙසු, එවං නිජ්ඣාමතණ්හිකපෙතෙසු ච පුරිමිකා තිස්සො යොනියො න සන්තීති වෙදිතබ්බා. ඔපපාතිකා එව හි තෙ හොන්ති. සෙසෙ පන තිරච්ඡානපෙත්තිවිසයමනුස්සසඞ්ඛාතෙ ගතිත්තයෙ පුබ්බෙ වජ්ජිතභුම්මදෙවෙසු ච චතස්සො යොනියො හොන්ති. තත්ථ –
එහි දේවෙසු චාති, ච ශබ්ද හෝ නිරයෙහිද බිම්නැති දෙවියන් කෙරෙහි මෙසේ නිජ්ඣාමතණ්හික පේතයන්ටද මුලින් කී සිව් යෝනිවලින් මුල් යෝනි තුන නැත. ඔවුන්ට ඇත්තේ ඕපපාතික වේ. සෙසු තිරිසන් ප්‍රේත මිනිස් ගති තුනට සහ පෙර අත්හල භූමි දෙවියන්ටද යෝනි සතර වේ. එහි
තිංස නව චෙව රූපීසු, සත්තති උක්කංසතොව රූපානි; සංසෙදජොපපාතීසු, අථ වා අවකංසතො තිංස.
රූ බවැ තිස නවය-උපරිම සැත්තෑ වේ එහි සංසේදජ ඕප-පාතික තිසකි අවමය
රූපීබ්රහ්මෙසු තාව ඔපපාතිකයොනිකෙසු චක්ඛුසොතවත්ථුදසකානං ජීවිතනවකස්ස චාති චතුන්නං කලාපානං වසෙන තිංස ච නව ච පටිසන්ධිවිඤ්ඤාණෙන සහ රූපානි උප්පජ්ජන්ති. රූපීබ්රහ්මෙ පන ඨපෙත්වා අඤ්ඤෙසු සංසෙදජඔපපාතිකෙසු උක්කංසතො චක්ඛුසොතඝානජිව්හාකායභාවවත්ථුදසකානං වසෙන සත්තති. තානි ච නිච්චං දෙවෙසු. තත්ථ වණ්ණො ගන්ධො රසො ඔජා චතස්සො චාපි ධාතුයො චක්ඛුපසාදො ජීවිතින්ද්රියන්ති අයං දසරූපපරිමාණො රූපපුඤ්ජො චක්ඛුදසකො නාම. එවං සෙසා වෙදිතබ්බා. අවකංසතො පන ජච්චන්ධබධිරඅඝානකනපුංසකස්ස ජිව්හාකායවත්ථුදසකානං වසෙන තිංස රූපානි උප්පජ්ජන්ති. උක්කංසාවකංසානං පන අන්තරෙ අනුරූපතො විකප්පො වෙදිතබ්බො.
රූප බ්‍රහ්මයන් කෙරෙහි ඕපපාතික යෝනිවල චක්ඛු සෝත වස්තු දසකවල ජීවිත නවකයදැයි සතර කලාප වශයෙන් තිසක්ද නවයක්ද ප්රතිසන්ධි විඤ්ඤාණය සමාන රූප උපදී. රූපී බ්‍රහ්මයන් හැර අන්‍ය වූ සංසේදජ ඕපපාතිකයන් කෙරෙහි උපරිම වශයෙන් චක්ඛු සෝත ජිව්හා කාය භාව චක්ෂු දසක වශයෙන් හැත්තෑවක්ද ඔවුන් කෙරෙහි නිත්‍ය දෙවියන් කෙරෙහිද එහි වර්ණ ගන්ධ රස ඕජා රස සතරද චක්ඛු පසාද ජීවිතින්ද්රිය මේ දස රූප පරිමාණයෙන් යුත් රූප පිණ්ඩය චක්ඛු දසක නම් වේ. සෙසු සෝතාදි දසක ද මෙසේ දතයුතුය. ජාති අන්ධ බිහිරි ගඳ සුවඳ දත නොහැකි (අඝානක) නපුංසකයන්ට ජිව්හා කාය වත්ථු දසක වශයෙන් අවම වශයෙන් රූප තිසක් ද උපදී. උපරිම අවම අතරෙහි විකල්ප වශයෙන් අනුරූප දතයුතුය.
එවං විදිත්වා පුන –
මෙසේ දැන නැවත:-
ඛන්ධාරම්මණගතිහෙතු-වෙදනාපීතිවිතක්කවිචාරෙහි; භෙදාභෙදවිසෙසො, චුතිසන්ධීනං පරිඤ්ඤෙය්යො.
කඳ අලඹ ගති හේ - විඳි හස විතක් විවරා චුති පිළිසිඳුම්වල - භේද අබේද දන්නේ
යාහෙසා මිස්සාමිස්සතො දුවිධා පටිසන්ධි, යා චස්සා අතීතානන්තරා චුති, තාසං ඉමෙහි ඛන්ධාදීහි භෙදාභෙදවිසෙසො ඤාතබ්බොති අත්ථො.
මිශ්‍ර අමිශ්‍ර වශයෙන් ප්රතිසන්ධිය ද්විධය. අතීත අනන්තර චුතිය යන ඒවා මේ ඛන්ධාදි භේද විශේෂයෙන් දතයුතුය යන අර්ථයයි.
කථං? කදාචි චතුක්ඛන්ධාය ආරුප්පචුතියා අනන්තරා චතුක්ඛන්ධාව ආරම්මණතොපි අභින්නා පටිසන්ධි හොති, කදාචි අමහග්ගතබහිද්ධාරම්මණාය මහග්ගතඅජ්ඣත්තාරම්මණා. අයං තාව අරූපභූමීසුයෙව නයො. කදාචි පන චතුක්ඛන්ධාය ආරුප්පචුතියා අනන්තරා පඤ්චක්ඛන්ධා කාමාවචරා පටිසන්ධි. කදාචි පඤ්චක්ඛන්ධාය කාමාවචරචුතියා රූපාවචරචුතියා වා අනන්තරා චතුක්ඛන්ධා ආරුප්පපටිසන්ධි. එවං අතීතාරම්මණචුතියා අතීතනවත්තබ්බපච්චුප්පන්නාරම්මණා පටිසන්ධි, එකච්චසුගතිචුතියා එකච්චදුග්ගතිපටිසන්ධි, අහෙතුකචුතියා සහෙතුකපටිසන්ධි, දුහෙතුකචුතියා තිහෙතුකපටිසන්ධි, උපෙක්ඛාසහගතචුතියා සොමනස්සසහගතපටිසන්ධි, අප්පීතිකචුතියා සප්පීතිකපටිසන්ධි, අවිතක්කචුතියා සවිතක්කපටිසන්ධි, අවිචාරචුතියා සවිචාරපටිසන්ධි, අවිතක්කඅවිචාරචුතියා සවිතක්කසවිචාරපටිසන්ධීති තස්ස තස්ස විපරීතතො ච යථායොගං යොජෙතබ්බං.
කෙසේද? කලක ස්කන්ධ සතරේ අරූප චුතියෙන් අනතුරුව ස්කන්ධ සතරේ අරමුණුවලින් නොබිඳී ප්රතිසන්ධිය වේ. කලෙක අමහග්ගත වූ බාහිර අපේක්ෂාවකින් මහග්ගත අභ්‍යන්තර අරමුණක් වේ. මෙය අරූප භූමිවල ක්‍රම වේදයයි. කලෙක ස්කන්ධ සතරේ අරූප චුතියෙන් අනතුරුව ස්කන්ධ පහේ කාමාවචර ප්රතිසන්ධිය වේ. කලෙක ස්කන්ධ පහේ කාමාවචර චුතියෙන් හෝ රූපාවචර චුතියෙන් හෝ අනතුරුව ස්කන්ධ සතරේ අරූප ප්‍රතිසන්ධියක් වේ. මෙසේ අතීතාරම්මණ චුතියෙන් අතීත නොකිවහැකි වර්තමාන අරමුණු ප්රතිසන්ධිය වේ. ඇතැම් සුගති චුතියෙන් දුගති ප්රතිසන්ධි වේ. අහේතුක චුතියෙන් සහේතුක ප්රතිසන්ධි වේ. දුහේතුක චුතියෙන් ත්‍රිහේතුක ප්රතිසන්ධි වේ. උපේක්ඛා සහගත චුතියෙන් සෝමනස්ස සහගත ප්රතිසන්ධි වේ. අප්පීතික චුතියෙන් සප්පීතික ප්රතිසන්ධි වේ. අචිත්තක චුතියෙන් සචිත්තක ප්රතිසන්ධි වේ. අවිචාර චුතියෙන් සවිචාර ප්රතිසන්ධි වේ. ඒ ඒ වෙනස්කම් සුදුසු පරිදි යෙදිය යුතුය.
ලද්ධප්පච්චයමිතිධම්ම-මත්තමෙතං භවන්තරමුපෙති; නාස්ස තතො සඞ්කන්ති, න තතො හෙතුං විනා හොති.
ලද පසය දම්මත් - මෙය යයි අතුරු බවයට නැත ඉන් සංකරම - නො ඒ ඉන් හේ නොමැතිව
ඉති හෙතං ලද්ධපච්චයං රූපාරූපධම්මමත්තං උප්පජ්ජමානං භවන්තරං උපෙතීති වුච්චති, න සත්තො, න ජීවො. තස්ස නාපි අතීතභවතො ඉධ සඞ්කන්ති අත්ථි, නාපි තතො හෙතුං විනා ඉධ පාතුභාවො. තයිදං පාකටෙන මනුස්සචුතිපටිසන්ධික්කමෙන පකාසයිස්සාම –
මෙසේ මෙය ප්‍රත්‍ය ලැබ රූපාරූප ධර්‍මමාත්‍රය උපදිමින් අන්තර භවයට පැමිණේයයි කියනු ලැබේ. සත්ත්වයෙක් ජීවියෙක් අතීත භවයෙන් එහි සංක්‍රමණය වීමක් නැත. එයින් හේතුවක් නැතිව මෙහි පහළවීමක්ද නැත. මනුස්ස චුති පටිසන්ධි ක්‍රමය ප්‍රකට වශයෙන් ප්‍රකාශ කරන්නෙමු.
අතීතභවස්මිඤ්හි සරසෙන උපක්කමෙන වා සමාසන්නමරණස්ස අසය්හානං සබ්බඞ්ගපච්චඞ්ගසන්ධිබන්ධනච්ඡෙදකානං මාරණන්තිකවෙදනාසත්තානං සන්නිපාතං අසහන්තස්ස ආතපෙ පක්ඛිත්තහරිතතාලපණ්ණමිව කමෙන උපසුස්සමානෙ සරීරෙ නිරුද්ධෙසු චක්ඛාදීසු ඉන්ද්රියෙසු හදයවත්ථුමත්තෙ පතිට්ඨිතෙසු කායින්ද්රියමනින්ද්රියජීවිතින්ද්රියෙසු තඞ්ඛණාවසෙසං හදයවත්ථුසන්නිස්සිතං විඤ්ඤාණං ගරුසමාසෙවිතාසන්නපුබ්බකතානං අඤ්ඤතරං ලද්ධාවසෙසපච්චයසඞ්ඛාරසඞ්ඛාතං කම්මං වා තදුපට්ඨාපිතං වා කම්මනිමිත්තගතිනිමිත්තසඞ්ඛාතං විසයමාරබ්භ පවත්තති. තදෙවං පවත්තමානං තණ්හාඅවිජ්ජානං අප්පහීනත්තා අවිජ්ජාපටිච්ඡාදිතාදීනවෙ තස්මිං විසයෙ තණ්හා නාමෙති, සහජාතසඞ්ඛාරා ඛිපන්ති. තං සන්තතිවසෙන තණ්හාය නාමියමානං සඞ්ඛාරෙහි ඛිප්පමානං ඔරිමතීරරුක්ඛවිනිබද්ධරජ්ජුමාලම්බිත්වා මාතිකාතික්කමකො විය පුරිමඤ්ච නිස්සයං ජහති, අපරඤ්ච කම්මසමුට්ඨාපිතං නිස්සයං අස්සාදයමානං වා අනස්සාදයමානං වා ආරම්මණාදීහියෙව පච්චයෙහි පවත්තති.
අතීත භවයෙහි ස්වකීය උපක්‍රමයෙන් හෝ ආසන්න මරණය නොඉවසීමෙන් සියළු අඟපසඟ සන්ධි බැදුම් සිඳින්නාගේ මාරාන්තික වේදනා ආයුධ එකතුව තැවෙන්නහුගේ අව්වට දවන ලද තණපතක් මෙන් ක්‍රමයෙන් වියලෙන ශරීරයේ චක්ඛු ආදි ඉන්ද්රියයන් නිරුද්ධ වූ කල්හි එකෙණෙහි හෘදය වස්තු ආශ්රයෙන් ඇති විඤ්ඤාණය ගරුවූ හෝ පුරුදු කරන ලද්දක් හෝ පෙර කරන ලද ආසන්නව ලැබූ සංඛාර ප්‍රත්‍ය සංඛ්‍යාත එළඹසිටි කර්මයක් හෝ කර්ම නිමිති ගති නිමිති සංඛ්‍යාත විෂය අරබයා පවතී. තෘෂ්ණා අවිද්‍යා ප්‍රහීන නොකරන ලද නිසා ඒ අරමුණෙහිම පවතී. අවිද්‍යාව සඟවන ලද බැවින් එහි ආදීනව වශයෙන් ඒ විෂයෙහි තෘෂ්ණාව පැමිණේ. සහජාත සංස්කාරය බහාලයි. එය සන්තති වශයෙන් තණ්හා නමින් නම්කරන සංඛාර විසින් දමමින් සිටින එගොඩ ගසක බඳනා ලද වැලක එල්ලී මෙගොඩ සිටි මිනිසෙක් ඇලකින් එගොඩට යන්නා සේ පෙර නිශ්රයන් අත්හරියි. අපරයෙහි කර්මය විසින් උපදවන ලද නිශ්‍රය ප්‍රත්‍යය ආශ්වාදනය කරමින් හෝ ආශ්වාදනය නොකරමින් ආරම්මණාදී ප්‍රත්‍ය විසින් පවත්වයි.
එත්ථ ච පුරිමං චවනතො චුති, පච්ඡිමං භවන්තරාදිපටිසන්ධානතො පටිසන්ධීති වුච්චති. තදෙතං නාපි පුරිමභවා ඉධ ආගතං, නාපි තතො කම්මසඞ්ඛාරනතිවිසයාදිහෙතුං විනා පාතුභූතන්ති වෙදිතබ්බං.
මෙහිද පෙර වචන ලෙසින් චුතිය පසුව අන්තර භව ප්රතිසන්ධි වශයෙන් ප්රතිසන්ධිය යයි කියනු ලැබේ. ඒ එය පෙර භවයෙන් මෙහි නොඑන ලදය. පෙර භවයේ කර්ම සංඛාරවලින් නැමුණු විෂයාදි හේතු නොමැතිව පහළ නොවූ බවද දතයුතුය.
සියුං නිදස්සනානෙත්ථ, පටිඝොසාදිකා අථ; සන්තානබන්ධතො නත්ථි, එකතා නාපි නානතා.
නිදසුන් විය මෙහී - පිළිරැව් ඈ (විසින් යුත්) දිගට යනෙකෙක් නැත - නැත අනිකෙක් ද වන්නේ
එත්ථ චෙතස්ස විඤ්ඤාණස්ස පුරිමභවතො ඉධ අනාගමනෙ අතීතභවපරියාපන්නහෙතූහි ච උප්පාදෙ පටිඝොසපදීපමුද්දාපටිබිම්බප්පකාරා ධම්මා නිදස්සනානි සියුං. යථා හි පටිඝොසපදීපමුද්දච්ඡායා සද්දාදිහෙතුකා අඤ්ඤත්ර අගන්ත්වා හොන්ති, එවමෙව ඉදං චිත්තං. එත්ථ ච ‘සන්තානබන්ධතො නත්ථි එකතා නාපි නානතා’. යදි හි සන්තානබන්ධෙ සති එකන්තමෙකතා භවෙය්ය, න ඛීරතො දධි සම්භූතං සියා. අථාපි එකන්තනානතා භවෙය්ය, න ඛීරස්සාධීනො දධි සියා. එස නයො සබ්බහෙතුහෙතුසමුප්පන්නෙසු. එවඤ්ච සති සබ්බලොකවොහාරලොපො සියා. සො ච අනිට්ඨො. තස්මා එත්ථ න එකන්තමෙකතා වා නානතා වා උපගන්තබ්බාති.
මෙහි පෙර භවයෙන් ඒ විඤ්ඤාණය නොඑන අතීත භවයට ඇතුළත් හේතු උපදින පිළිරැව් පාන මුදු පිළිබිඹු වන අයුරු දහම් නිදසුන්ද විය. යම්සේ ප්රතිරාව පහන් ඡායාව ශබ්දාදි හේතුවක් නැතිව නොපැමිණියේ වෙයි. එසේම මේ සිත මෙහි ඒකාබද්ධ වූ සන්තානයක් (පරම්පරාවක් පමණක්) නැත. අන්‍ය වූ සන්තාන පරම්පරාවක් ද නොවේ. යම් හෙයකින් සන්තාන බැඳුණු කල්හි ඒකාන්ත ඒකත්වයක් වන්නේය. කිරිවලින් දී හට නොගන්නේය. එසේ වුවත් ඒකාන්ත නානත්වය වන්නේය. දී කිරිවලින් අධීන නොවේ. හේතුවලින් හටගත් සියළු දේ කෙරෙහි - මෙම න්‍යාය බලපාන්නේය. මෙසේ ඇතිකල්හි සියළු ලෝක ව්‍යවහාරය නැති වන්නේය. එයද අනිස්ථිරය. ඒ නිසා මෙහි ඒකාන්ත හෝ නනාත්ත හෝ එළඹේද?
එත්ථාහ – නනු එවං අසඞ්කන්තිපාතුභාවෙ සති යෙ ඉමස්මිං මනුස්සත්තභාවෙ ඛන්ධා, තෙසං නිරුද්ධත්තා ඵලපච්චයස්ස ච කම්මස්ස තත්ථ අගමනතො අඤ්ඤස්ස අඤ්ඤතො ච තං ඵලං සියා? උපභුඤ්ජකෙ ච අසති කස්ස තං ඵලං සියා? තස්මා න සුන්දරමිදං විධානන්ති. තත්රිදං වුච්චති –
මෙහි කීහ. අසංක්රමණික පහළවීමක් ඇතිකල්හි මේ මනුෂ්‍යාත්ම භවයෙහි ස්කන්ධ නොවේද? ඒවා නිරුද්ධ වූ කල්හි ඵලප්රත්ය වූ කර්මයේද එහි නොවන බැවින් අනිකකුගේ අන්‍ය වූ ඵලයක් ද එය. පරිභෝග කරන්නෙක් නැතිකල්හි ඒ ඵලය කාගේ වන්නේද? එහෙයින් මේ නියමය සුන්දර නොවේ. එහි මෙය කියනු ලැබේ.
සන්තානෙ යං ඵලං එතං, නාඤ්ඤස්ස න ච අඤ්ඤතො; බීජානං අභිසඞ්ඛාරො, එතස්සත්ථස්ස සාධකො.
පරපුර පලය අනිකකුගේ නොවේ නො වෙනත් මෙහි බීජ සැකසුම - අරුත සැදුනයි දන්නේ
එකසන්තානස්මිඤ්හි ඵලමුප්පජ්ජමානං තත්ථ එකන්තං එකත්තනානත්තානං පටිසිද්ධත්තා අඤ්ඤස්සාති වා අඤ්ඤතොති වා න හොති. එතස්ස ච පනත්ථස්ස බීජානං අභිසඞ්ඛාරො සාධකො. අම්බබීජාදීනඤ්හි අභිසඞ්ඛාරෙසු කතෙසු තස්ස බීජස්ස සන්තානෙ ලද්ධපච්චයො කාලන්තරෙ ඵලවිසෙසො උප්පජ්ජමානො න අඤ්ඤබීජානං නාපි අඤ්ඤාභිසඞ්ඛාරපච්චයා උප්පජ්ජති, න ච තානි බීජානි තෙ අභිසඞ්ඛාරා වා ඵලට්ඨානං පාපුණන්ති. එවං සම්පදමිදං වෙදිතබ්බං. විජ්ජාසිප්පොසධාදීහි චාපි බාලසරීරෙ උපයුත්තෙහි කාලන්තරෙ වුඩ්ඪසරීරාදීසු ඵලදෙහි අයමත්ථො වෙදිතබ්බො.
එක් සිත් පරම්පරාවක ඵලය උපදවමින් එහි ඒකාන්තයෙන් එක් බවකින් නොයෙක් එකින් නැවත සිදුවීම අනිකෙකුගේ හෝ අනිකකුගෙන් හෝ නොවේ. මෙහි අර්ථය සිදුකිරීමට බීජවල සංස්කරණය සාධක වෙයි. අඹ ඇට සකස් කළවිට ඒ බීජ පරපුරේ ලැබූ ප්‍රත්‍ය නිසා කලකින් පල උපදවන්නේ වෙනත් බීජයකින් නොවේ. අනිත් එකුන් සංස්කාර ප්‍රත්‍යයෙන් නූපදී. එම බීජයම ඒ අභිසංස්කරණයෙන් ඵල ස්ථානයට නොපැමිණේ. මෙසේ සිදුවීම දතයුතුය. විද්‍යාව ශිල්ප ඖෂධ බාල කාලයේ ශරීරයේ උපයුක්ත කිරීමෙන් කාලයකින් වැඩුණු ශරීරයේ ඵල දේ යයි මේ අර්ථය දතයුතුය.
යම්පි වුත්තං ‘උපභුඤ්ජකෙ ච අසති කස්ස තං ඵලං සියා’ති? තත්ථ –
උපභෝගිකයෙක් නැතැයි යමක් කියන ලදද එවිට ඒ ඵලය ඇතිවන්නේ කාටද එහි:-
ඵලස්සුප්පත්තියා එව, සිද්ධා භුඤ්ජකසම්මුති; ඵලුප්පාදෙන රුක්ඛස්ස, යථා ඵලති සම්මුති.
පල උපත සිදුවේ - විඳින්නා සම්මතයකි පල උපදින ගසේ - පල දරයි යනු සම්මුති
යථා හි රුක්ඛසඞ්ඛාතානං ධම්මානං එකදෙසභූතස්ස රුක්ඛඵලස්ස උප්පත්තියා එව රුක්ඛො ඵලතීති වා ඵලිතොති වා වුච්චති, තථා දෙවමනුස්සසඞ්ඛාතානං ඛන්ධානං එකදෙසභූතස්ස උපභොගසඞ්ඛාතස්ස සුඛදුක්ඛඵලස්ස උප්පාදෙනෙව දෙවො වා මනුස්සො වා උපභුඤ්ජතීති වා සුඛිතොති වා දුක්ඛිතොති වා වුච්චති. තස්මා න එත්ථ අඤ්ඤෙන උපභුඤ්ජකෙන නාම කොචි අත්ථො අත්ථීති.
යම් සේ රුක් නම් දහමේ පල දැරීම එහි එක් කොටසකි. ගස පල දරයි හෝ ගස පලයෙන් යුක්ත වේ යනුවෙන් එය කියනු ලැබේ. එසේම දෙවි මිනිසුන් සංඛ්‍යාත ස්කන්ධයන්ගේ උපභෝග වූ සැප දුක් පල ඇතිවීම ඒවායේ එක් කොටසකි. දෙවියා හෝ මිනිසා අනුභව කරයි හෝ සැප ලබයි හෝ දුක් ලබයි හෝ කියනු ලැබේ. එහෙයින් මෙහි අනුභව කරන අනිකකු ඇතැයි යන කිසි අර්ථයක් නැත.
යොපි වදෙය්ය – ‘එවං සන්තෙපි එතෙ සඞ්ඛාරා විජ්ජමානා වා ඵලස්ස පච්චයා සියුං, අවිජ්ජමානා වා. යදි ච විජ්ජමානා පවත්තික්ඛණෙයෙව නෙසං විපාකෙන භවිතබ්බං. අථ අවිජ්ජමානා, පවත්තිතො පුබ්බෙ ච පච්ඡා ච නිච්චං ඵලාවහා සියු’න්ති. සො එවං වත්තබ්බො –
මෙසේ ඇතිකල්හි යමෙක් කියන්නේ නම් මේ සංඛාරයෝ විද්‍යමාන වූ අවිද්‍යමාන වූද ඵලයට ප්‍රත්‍ය වෙතියි කියා විද්‍යමානව පවතින කෙනෙහිම ඒවායේ විපාකයෙන් විය යුතුය. ඉක්බිති අවිද්‍යමානව පැවතීමෙන් පෙරද පසුවද නිත්‍ය පල ඇති කරන්නේය. හෙතෙම මෙසේ කිවයුතුය.
කතත්තා පච්චයා එතෙ, න ච නිච්චං ඵලාවහා; පාටිභොගාදිකං තත්ථ, වෙදිතබ්බං නිදස්සනං.
කළ හෙයින් පස මේ - නැත නිතර පල ගෙනදෙන ඇප ආදියක් එහි - නිදසුන් ලෙසින් දන්නේ
කතත්තා එව හි සඞ්ඛාරා අත්තනො ඵලස්ස පච්චයා හොන්ති, න විජ්ජමානත්තා වා අවිජ්ජමානත්තා වා. යථාහ “කාමාවචරස්ස කුසලස්ස කම්මස්ස කතත්තා උපචිතත්තා විපාකං චක්ඛුවිඤ්ඤාණං උප්පන්නං හොතී”තිආදි (ධ· ස· 431). යථාරහස්ස අත්තනො ඵලස්ස ච පච්චයා හුත්වා න පුන ඵලාවහා හොන්ති විපක්කවිපාකත්තා. එතස්ස චත්ථස්ස විභාවනෙ ඉදං පාටිභොගාදිකං නිදස්සනං වෙදිතබ්බං.
කරන ලද හෙයින්ම සංඛාර තමාගේ පලයට ප්‍රත්‍ය වේ. විද්‍යමාන බැවින් හෝ අවිද්‍යමාන බැවින් හෝ නොවේ. කියන ලදි” “කාමාවචර කුසල කර්මය කරන ලද බැවින් රැස්කරන ලද බැවින් විපාකය වූ චක්ඛු විඤ්ඤාණය උපන්නේ වේ.” ආදිය සුදුසු සේ තමාගේ ඵලයට ප්‍රත්‍ය වී නැවත ඵල ගෙන දීමක් නැත. විපාක බැවින් විපාක දුන් මෙහි අර්ථය පැහැදිලි කරගැනීමට පාටිභොගාදි නිදසුන් දතයුතුය.
යථා හි ලොකෙ යො කස්සචි අත්ථස්ස නිය්යාතනත්ථං පාටිභොගො හොති, භණ්ඩං වා කිණාති, ඉණං වා ගණ්හාති. තස්ස තං කිරියාකරණමත්තමෙව තදත්ථනිය්යාතනාදිම්හි පච්චයො හොති, න කිරියාය විජ්ජමානතා වා අවිජ්ජමානතා වා. න ච තදත්ථනිය්යාතනාදිතො පරම්පි ධාරකොව හොති. කස්මා? නිය්යාතනාදීනං කතත්තා. එවං කතත්තාව සඞ්ඛාරාපි අත්තනො ඵලස්ස පච්චයා හොන්ති, න ච යථාරහං ඵලදානතො පරම්පි ඵලාවහා හොන්තීති. එත්තාවතා මිස්සාමිස්සවසෙන ද්විධාපි පවත්තමානස්ස පටිසන්ධිවිඤ්ඤාණස්ස සඞ්ඛාරපච්චයා පවත්ති දීපිතා හොති.
යම්සේ ලෝකයෙහි යම් ධනයක් පවරාදීමේ ඇපයක් වෙයි. භාණ්ඩයක් මිලට ගැනීමේදී එය යොදා ගනී, එය ක්‍රියා මාත්‍රයක් වේ. එහි ප්‍රයෝජන අර්ථය පවරාදීමේ ප්‍රතිෂ්ඨාව වීමයි. (ප්රත්යවීම) ක්‍රියාවක් විද්‍යමාන හෝ අවිද්‍යමාන වීම නොවේ. පවරාදීමෙන් පසු එහි දැරීමක් නැත. කවරහෙයින්ද? පවරාදීම් ආදිය කළ බැවිනි. එසේම කරන ලද බැවින්ම සංඛාර තමාගේ පලයට ප්‍රත්‍ය වේ. සුදුසුසේ පලදීමෙන් පසුව නැවත පල ගෙනදීමක් නැත. මෙපමණකින් මිශ්‍ර අමිශ්‍ර දෙපරිද්දකින් පවත්නා වූ ප්රතිසන්ධි විඤ්ඤාණයේ සංඛාර ප්‍රත්‍ය පැවතීම දක්වන ලද්දේ වේ.
ඉදානි සබ්බෙස්වෙතෙසු බත්තිංසවිඤ්ඤාණෙසු සම්මොහවිඝාතත්ථං –
දැන් සියළු පිරිසිදු දෙපස් විඤ්ඤාණවල මුළාව නැසීමට
පටිසන්ධිප්පවත්තීනං , වසෙනෙතෙ භවාදිසු; විජානිතබ්බා සඞ්ඛාරා, යථා යෙසඤ්ච පච්චයා.
මේ බව ආදියෙහි - පවතින පිළිසිදුම් ලෙස එහි පස සකර දම් - දැනගත යුතුය නිසි සේ
තත්ථ තයො භවා, චතස්සො යොනියො, පඤ්ච ගතියො, සත්ත විඤ්ඤාණට්ඨිතියො, නව සත්තාවාසාති එතෙ භවාදයො නාම. එතෙසු භවාදීසු පටිසන්ධියං පවත්තෙ ච එතෙ යෙසං විපාකවිඤ්ඤාණානං පච්චයා යථා ච පච්චයා හොන්ති තථා විජානිතබ්බාති අත්ථො.
එහි භව තුනකි. යෝනි සතරකි. ගති පසකි. විඤ්ඤාණ ඨිති සතකි. සත්තාවාස නවයකි. මේවා භව නම් වේ. මේ භවවල ප්රතිසන්ධිය පැවතීම ද ඔවුන්ගේ විපාක විඤ්ඤාණයන් ගේ ප්‍රත්‍යද ප්‍රත්‍යවන ආකාරයද එසේ දතයුතුය යන අර්ථයයි.
තත්ථ – පුඤ්ඤාභිසඞ්ඛාරෙ තාව කාමාවචරඅට්ඨචෙතනාභෙදො පුඤ්ඤාභිසඞ්ඛාරො අවිසෙසෙන කාමභවෙ සුගතියං නවන්නං විපාකවිඤ්ඤාණානං පටිසන්ධියං නානාක්ඛණිකකම්මපච්චයෙන චෙව උපනිස්සයපච්චයෙන චාති ද්විධා පච්චයො. රූපාවචරපඤ්චකුසලචෙතනාභෙදො පුඤ්ඤාභිසඞ්ඛාරො රූපභවෙ පටිසන්ධියං එව පඤ්චන්නං. වුත්තප්පභෙදකාමාවචරො පන කාමභවෙ සුගතියං උපෙක්ඛාසහගතාහෙතුකමනොවිඤ්ඤාණධාතුවජ්ජානං සත්තන්නං පරිත්තවිපාකවිඤ්ඤාණානං වුත්තනයෙනෙව ද්විධා පච්චයො පවත්තෙ, නො පටිසන්ධියං. ස්වෙව රූපභවෙ පඤ්චන්නං විපාකවිඤ්ඤාණානං තථෙව පච්චයො පවත්තෙ, නො පටිසන්ධියං. කාමභවෙ පන දුග්ගතියං අට්ඨන්නම්පි පරිත්තවිපාකවිඤ්ඤාණානං තථෙව පච්චයො පවත්තෙ, නො පටිසන්ධියං.
එහි පුඤ්ඤාභිසංඛාරයෙහි කාමාවචර චේතනා භේද අට පුඤ්ඤාභිසංඛාරයයි. අවිශේෂයෙන් කාමභව සුගතියෙහි නව විපාක විඤ්ඤාණයක් වූ ප්‍රතිසන්ධියත් නා නා ක්ෂණික කර්ම ප්‍රත්‍යයෙන්ද උපනිශ්‍රය ප්රත්යයෙන්දැයි ප්‍රත්‍ය දෙකක් වේ. රූපාවචර කුසල චේතනා පහකින් යුත් පුඤ්ඤාභිසංඛාරය රූප භවයෙහි ප්රතිසන්ධි පහක්ම වේ. කියන ලද ප්‍රභේද ඇති කාමාවචරය වනාහි කාම සුගතියෙහි උපෙක්ඛා අහේතුක මනෝවිඤ්ඤාණ ධාතු හැර සතක් වූ පරිත්ත විපාක විඤ්ඤාණවල කියන ලද නයින් ප්‍රත්‍ය දෙකක් පවතී. ප්‍රතිසන්ධියක් නැත. රූප භවයෙහි පහක් වූ විපාක විඤ්ඤාණ එසේම ප්‍රත්‍ය පවතී. ප්‍රතිසන්ධියක් නැත.
තත්ථ නිරයෙ මහාමොග්ගල්ලානත්ථෙරස්ස නරකචාරිකාදීසු ඉට්ඨාරම්මණසමායොගෙ සො පච්චයො හොති. තිරච්ඡානෙසු පන නාගසුපණ්ණපෙතමහිද්ධිකෙසු ච ඉට්ඨාරම්මණං ලබ්භතියෙව. ස්වෙව කාමභවෙ සුගතියං සොළසන්නම්පි කුසලවිපාකවිඤ්ඤාණානං තථෙව පච්චයො පවත්තෙ ච පටිසන්ධියඤ්ච. අවිසෙසෙන පුඤ්ඤාභිසඞ්ඛාරො රූපභවෙ දසන්නං විපාකවිඤ්ඤාණානං තථෙව පච්චයො පවත්තෙ ච පටිසන්ධියඤ්ච.
මහමුගලන් තෙරුන් නිරයෙහි කළ චාරිකාවල එහි ඉෂ්ට අරමුණු සමායෝගයෙන් ප්‍රත්‍ය වේ. තිරිසන් භවවල නාග ගුරුළු පේත මහත් සෘද්ධි ඇතියවුන් කෙරෙහිද ඉෂ්ටාරම්මණ ලැබේමය. ඒ කාමභව සුගතියෙහි සොළසක් වූ කුසල විපාක විඤ්ඤාණවල එසේම ප්‍රත්‍ය පවතී. ප්රතිසන්ධියක්ද පවතී. අවිශේෂයෙන් රූප භවයෙහි පුඤ්ඤාභිසංඛාරය දසයක් වූ කුසල විපාක විඤ්ඤාණවල එසේම ප්‍රත්‍යද ප්රතිසන්ධියද පවතී.
ද්වාදසාකුසලචෙතනාභෙදො අපුඤ්ඤාභිසඞ්ඛාරො කාමභවෙ දුග්ගතියං එකස්ස විඤ්ඤාණස්ස තථෙව පච්චයො පටිසන්ධියං, නො පවත්තෙ; ඡන්නං පවත්තෙ, නො පටිසන්ධියං; සත්තන්නම්පි අකුසලවිපාකවිඤ්ඤාණානං පවත්තෙ ච පටිසන්ධියඤ්ච . කාමභවෙ පන සුගතියං තෙසංයෙව සත්තන්නං තථෙව පච්චයො පවත්තෙ, නො පටිසන්ධියං; රූපභවෙ චතුන්නං විපාකවිඤ්ඤාණානං තථෙව පච්චයො පවත්තෙ, නො පටිසන්ධියං. සො ච ඛො කාමාවචරෙ අනිට්ඨරූපදස්සනසද්දසවනවසෙන . බ්රහ්මලොකෙ පන අනිට්ඨා රූපාදයො නාම නත්ථි, තථා කාමාවචරදෙවලොකෙපි.
දොළොස් අකුසල චේතනා ප්‍රභේද අපුඤ්ඤාභිසංඛාරය කාමභව දුගතියෙහි එක විඤ්ඤාණයක ප්රතිසන්ධියක්ද ප්‍රත්‍යද පවතී. නොපවත්වනවිට හයක් පවතී. ප්රතිසන්ධිය නැත. සත්ආකාර වූ අකුසල විපාක විඤ්ඤාණයේ ප්රතිසන්ධිය පවතී. කාම භව සුගතියෙහි ඒ සතේම එසේම ප්‍රත්‍ය පවතී. ප්‍රතිසන්ධියක් නැත. රූප භවයෙහි සතරාකාර විඤ්ඤාණවල එසේම ප්‍රත්‍ය පවතී. ප්රතිසන්ධිය නැත. එයම කාමාවචරයෙහි අනිෂ්ට රූප දැකීම ශබ්ද ශ්‍රවණය වශයෙන් පවතී. බ්‍රහ්ම ලෝකයෙහි වනාහි අනිෂ්ට රූපාදියක් නැත. කාමාවචර දේව ලෝකයෙහිද එසේය.
ආනෙඤ්ජාභිසඞ්ඛාරො අරූපභවෙ චතුන්නං විපාකවිඤ්ඤාණානං තථෙව පච්චයො පවත්තෙ ච පටිසන්ධියඤ්ච.
ආනෙඤ්ජාභි සංඛාරය අරූප භවයෙහි සතරාකාර විපාක විඤ්ඤාණවල එසේම ප්‍රත්‍යයද ප්රතිසන්ධියද පවතී.
කාමාවචරකුසලාකුසලතො පන සබ්බසඞ්ගාහිකනයෙන වීසතිචෙතනාභෙදොපි කායසඞ්ඛාරො කාමභවෙ දසන්නං විපාකවිඤ්ඤාණානං පටිසන්ධියං නානාක්ඛණිකකම්මපච්චයෙන චෙව උපනිස්සයපච්චයෙන චාති ද්විධා පච්චයො. ස්වෙව කාමභවෙ තෙරසන්නං, රූපභවෙ නවන්නං විපාකවිඤ්ඤාණානං තථෙව පච්චයො පවත්තෙ, නො පටිසන්ධියං. ස්වෙව කාමභවෙ තෙවීසතියා විපාකවිඤ්ඤාණානං තථෙව පච්චයො පවත්තෙ ච පටිසන්ධියඤ්ච. වචීසඞ්ඛාරෙපි එසෙව නයො.
කාමාවචර කුසල් අකුසල් වශයෙන් සර්ව සංගාහික නයෙන් චේතනා භේද විස්සක් වූ කාය සංඛාරය කාම භවයෙහි දහසක් වූ විපාක විඤ්ඤාණවල ප්රතිසන්ධිය නානා ගුණික කර්ම ප්‍රත්‍යයෙන් ද උපනිශ්‍රය ප්‍රත්‍යයෙන් ද යන ප්‍රත්‍ය දෙකෙන් සිදුවේ. කාම භවයෙහි දහතුනක් ද රූප භවයෙහි නවයක් ද විපාක විඤ්ඤාණ එසේම ප්‍රත්‍ය පවතී. ප්රතිසන්ධිය නැත. එම කාම භවයෙහි විසිතුනක් වූ විපාක විඤ්ඤාණවල එසේම ප්‍රත්‍ය ද ප්රතිසන්ධියද පවතී. වචී සංඛාරයෙහිද මෙම නයයි.
අට්ඨවීසතිඑකූනතිංසචෙතනාභෙදොපි පන චිත්තසඞ්ඛාරො තීසු භවෙසු එකූනවීසතියා විපාකවිඤ්ඤාණානං තථෙව පච්චයො පටිසන්ධියං, නො පවත්තෙ. ස්වෙව ද්වීසු භවෙසු හෙට්ඨාවුත්තානං තෙරසන්නඤ්ච නවන්නඤ්චාති ද්වාවීසතියා විපාකවිඤ්ඤාණානං තථෙව පච්චයො පවත්තෙ, නො පටිසන්ධියං. තීසු පන භවෙසු ද්වත්තිංසායපි විපාකවිඤ්ඤාණානං තථෙව පච්චයො පවත්තෙ චෙව පටිසන්ධියඤ්ච. එවං තාව භවෙසු පටිසන්ධිපවත්තීනං වසෙන තෙ සඞ්ඛාරා යෙසං පච්චයා, යථා ච පච්චයා හොන්ති තථා විජානිතබ්බා. එතෙනෙව නයෙන යොනිආදීසුපි වෙදිතබ්බා.
අටවිසි එකුන්තිස් චේතනා භේද වූ චිත්ත සංඛාරය තුන් භවයෙහි එකුන්විසි විපාක විඤ්ඤාණවල එසේම ප්‍රත්‍යයද ප්රතිසන්ධියද පවතී. නොපවතී. එම භව දෙකෙහි යට කියන ලද දහතුනද නවයද යන විසිදෙකක් වූ විපාක විඤ්ඤාණවල එසේම ප්‍රත්‍ය පවතී. ප්රතිසන්ධිය නැත. භව තුනෙහි තිස් දෙකක් වූ විපාක විඤ්ඤාණවල එසේම ප්‍රත්‍යයද පවතී. ප්රතිසන්ධියද පවතී. මෙසේ භවවල ප්රතිසන්ධීන්ගේ පැවතීම් වශයෙන් ත්‍රිවිධ සංකප්ප යම් ප්රත්යයක්ද වේ නම් යථා පරිදි ඒ ප්‍රත්‍ය වේ. එසේ දතයුතුය. යෝනි ආදියෙහිද මේ නයින්ම දැනගත යුතුය.
තත්රිදං ආදිතො පට්ඨාය මුඛමත්තප්පකාසනං – ඉමෙසු හි සඞ්ඛාරෙසු යස්මා පුඤ්ඤාභිසඞ්ඛාරො තාව ද්වීසු භවෙසු පටිසන්ධිං දත්වා සබ්බං අත්තනො විපාකං ජනෙති, තථා අණ්ඩජාදීසු චතූසු යොනීසු, දෙවමනුස්සසඞ්ඛාතාසු ද්වීසු ගතීසු, නානත්තකායනානත්තසඤ්ඤීනානත්තකායඑකත්තසඤ්ඤීඑකත්තකායනානත්තසඤ්ඤීඑකත්තකායඑකත්තසඤ්ඤීසඞ්ඛාතාසු මනුස්සානඤ්චෙව පඨමදුතියතතියජ්ඣානභූමීනඤ්ච වසෙන චතූසු විඤ්ඤාණට්ඨිතීසු. අසඤ්ඤසත්තාවාසෙ පනෙස රූපමත්තමෙවාභිසඞ්ඛරොතීති චතූසුයෙව සත්තාවාසෙසු ච පටිසන්ධිං දත්වා සබ්බං අත්තනො විපාකං ජනෙති. තස්මා එස එතෙසු ද්වීසු භවෙසු, චතූසු යොනීසු, ද්වීසු ගතීසු, චතූසු විඤ්ඤාණට්ඨිතීසු, චතූසු සත්තාවාසෙසු ච එකවීසතියා විපාකවිඤ්ඤාණානං වුත්තනයෙනෙව පච්චයො හොති යථාසම්භවං පටිසන්ධියං පවත්තෙ ච.
මෙය මුල පටන් ප්‍රධාන කරුණු පමණක් ප්‍රකාශ කිරීමකි. මේ සංඛාර අතරෙන් පුඤ්ඤාභිසංඛාර භව දෙකක ප්රතිසන්ධිය දී තමාගේ සියළු විපාක උපදවයි. එසේම අණ්ඩජාදි සිව් යෝනිවල දෙව් මිනිස් සංඛ්‍යාත ගති දෙකෙහි නානත්තකාය නානත්තසඤ්ඤී නානත්තකාය එකත්තසඤ්ඤී එකත්තකාය නානත්ත සඤ්ඤී එකත්තකාය එකත්තසඤ්ඤී සංඛ්‍යාත වූ මිනිසුන්ගේද පඨම දුතිය තතිය ධ්‍යාන භූමි වශයෙන් සතර විඤ්ඤාණ සිත්වලද අසඤ්ඤ සත්තාවාසයෙහි රූප මාත්‍රයම අභිසංඛාර යයි සතර සත්තාවාසයෙහි ප්රතිසන්ධිය දී තමාගේ සියළු විපාක උපදවයි. එහෙයින් මේ භව දෙකෙහි යෝනි සතරෙහි ගති දෙකෙහි විඤ්ඤාණ ඨිති සතරෙහි සත්තාවාස සතරෙහි එක්විසි විඤ්ඤාණවල කියන ලද නයින්ම ප්‍රත්‍ය වේ. සුදුසු පරිදි ප්රතිසන්ධිය හටගැන්මද පවතී.
අපුඤ්ඤාභිසඞ්ඛාරො පන යස්මා එකස්මිඤ්ඤෙව කාමභවෙ, චතූසු යොනීසු, අවසෙසාසු තීසු ගතීසු, නානත්තකායඑකත්තසඤ්ඤීසඞ්ඛාතාය එකිස්සා විඤ්ඤාණට්ඨිතියා, තාදිසෙයෙව ච එකස්මිං සත්තාවාසෙ පටිසන්ධිවසෙන විපච්චති, තස්මා එස එකස්මිං භවෙ චතූසු යොනීසු, තීසු ගතීසු, එකිස්සා විඤ්ඤාණට්ඨිතියා, එකම්හි ච සත්තාවාසෙ සත්තන්නං විපාකවිඤ්ඤාණානං වුත්තනයෙනෙව පච්චයො හොති පටිසන්ධියං පවත්තෙ ච.
අපුඤ්ඤාභිසංඛාරය වනාහි එකම කාම භවයෙහි සිව් යෝනියෙහි අවසේස වූ තුන් ගතියෙහි නානත්තකාය එකත්ත සඤ්ඤී සංඛ්‍යාත එකම විඤ්ඤාණ ඨිතියෙහි එබඳු වූ එකම සත්තාවාසයෙහි පටිසන්ධි වශයෙන් පැසේ. එහෙයින් මෙය එකම භවයෙහි යෝනි සතරෙහි ගති තුනෙහි එකම විඤ්ඤාණ ඨිතියෙහි එකම සත්තාවාසයෙහි සත්ආකාර වූ විපාක විඤ්ඤාණවල කියන ආකාරයෙන් ප්‍රත්‍යයද ප්රතිසන්ධියද පවතී.
ආනෙඤ්ජාභිසඞ්ඛාරො පන යස්මා එකස්මිං අරූපභවෙ, එකිස්සා ඔපපාතිකයොනියා, එකිස්සා දෙවගතියා, ආකාසානඤ්චායතනාදීසු තීසු විඤ්ඤාණට්ඨිතීසු, ආකාසානඤ්චායතනාදීසු ච චතූසු සත්තාවාසෙසු පටිසන්ධිවසෙන විපච්චති, තස්මා එස එකස්මිංයෙව භවෙ, එකිස්සා යොනියා, එකිස්සා දෙවගතියා, තීසු විඤ්ඤාණට්ඨිතීසු චතූසු සත්තාවාසෙසු, චතුන්නං විඤ්ඤාණානං වුත්තනයෙනෙව පච්චයො හොති පටිසන්ධියං පවත්තෙ ච.
ආනෙඤ්ජාභි සංඛාරය වනාහි එකම අරූප භවයෙහි එකම ඕපපාතික යෝනියෙහි එකම දේව ගතියෙහි ආකාසානඤ්චායතනාදී විඤ්ඤාණ ඨිති තුනෙහි ආකාසානඤ්චායතන ආදි සත්තාවාස සතරෙහි සතරාකාර විඤ්ඤාණවල කියන ලද ආකාරයෙන් ප්‍රත්‍ය වේ. ප්රතිසන්ධියද පවතී.
කායසඞ්ඛාරොපි යස්මා එකස්මිං කාමභවෙ, චතූසු යොනීසු, පඤ්චසු ගතීසු, ද්වීසු විඤ්ඤාණට්ඨිතීසු, ද්වීසු ච සත්තාවාසෙසු පටිසන්ධිං දත්වා සබ්බං අත්තනො විපාකං ජනෙති, තස්මා එස එකස්මිං භවෙ, චතූසු යොනීසු, පඤ්චසු ගතීසු, ද්වීසු විඤ්ඤාණට්ඨිතීසු, ද්වීසු ච සත්තාවාසෙසු තෙවීසතියා විපාකවිඤ්ඤාණානං තථෙව පච්චයො පටිසන්ධියං පවත්තෙ ච. වචීසඞ්ඛාරෙපි එසෙව නයො.
කාය සංඛාරයද එකම කාම භවයෙහි යෝනි සතරෙහි ගති පහේ විඤ්ඤාණ ඨිති දෙකේ සත්තාවාස දෙකේ ප්රතිසන්ධිය දී තමාගේ සියළු විපාක උපදවයි. එහෙයින් මේ එකම භවයෙහි සිව් යෝනියෙහි ගති පහේ විඤ්ඤාණ ඨිති දෙකේ සත්තාවාස දෙකේ විසිතුනක් වූ විපාක විඤ්ඤාණවල එසේම ප්‍රත්‍යය ප්රතිසන්ධි පවතී. වචී සංඛාරයෙහිද මෙම නයයි.
චිත්තසඞ්ඛාරො පන යස්මා එකං සත්තාවාසං ඨපෙත්වා න කත්ථචි න විපච්චති, තස්මා එස තීසු භවෙසු, චතූසු යොනීසු, පඤ්චසු ගතීසු, සත්තසු විඤ්ඤාණට්ඨිතීසු, අට්ඨසු සත්තාවාසෙසු යථායොගං ද්වත්තිංසාය විපාකවිඤ්ඤාණානං තථෙව පච්චයො පටිසන්ධියං පවත්තෙ ච. අවිඤ්ඤාණකෙ පන සත්තාවාසෙ සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං නත්ථි.
චිත්ත සංඛාරය වනාහි එක සත්තාවාසයක් හැර වෙන කිසිවක නොපැසේ. ඒ නිසා මේ තුන් භවයෙහි සිව් යෝනියෙහි පස් ගතියෙහි සත් විඤ්ඤාණවල සත්තාවාස අටෙහි යෝග්‍ය ලෙස තිස්දෙකක් වූ විපාක විඤ්ඤාණවල එසේම ප්‍රත්‍ය ප්රතිසන්ධිය පවතී. අවිඤ්ඤාණික වූ සත්තාවාසයෙහි සංඛාර පච්චයා විඤ්ඤාණයක් නැත.
අපිච පුඤ්ඤාභිසඞ්ඛාරො අසඤ්ඤසත්තෙසු කටත්තාරූපානං නානාක්ඛණිකකම්මපච්චයෙන පච්චයොති. එවං –
තවද පුඤ්ඤාභි සංඛාරය අසඤ්ඤ සත්තයෙහි කරන ලද රූපයෙන් නානා ක්ෂණික ප්‍රත්‍යයෙන් ප්රත්යවේය මෙසේ:-
පටිසන්ධිපවත්තීනං , වසෙනෙතෙ භවාදිසු; විජානිතබ්බා සඞ්ඛාරා, යථා යෙසඤ්ච පච්චයාති.
පිළිසිඳුම් පැවතුම් - වසයෙන් තුන් බවයෙහි සතරද ඔවුන් පස - නිසි සේ දැනගනු යෙහේ
සඞ්ඛාරපච්චයා විඤ්ඤාණපදනිද්දෙසො.
සංඛාර පච්චයා විඤ්ඤාණ විස්තර වර්ණනාවයි.