යෙදුමෙන් කියවන්න

නාමරූපපදනිද‍්දෙසො අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

නාමරූපපදනිද‍්දෙසො

නාමරූපපදනිද්දෙසො

විඤ‍්ඤාණපච‍්චයා නාමරූපනිද‍්දෙසෙ –

විඤ්ඤාණ පච්චයා නාමරූපං නිර්දේශයෙහි

දෙසනාභෙදතො සබ‍්බ-භවාදීසු පවත‍්තිතො; සඞ‍්ගහා පච‍්චයනයා, විඤ‍්ඤාතබ‍්බො විනිච‍්ඡයො.

දෙසුම් බේයෙන් හැම - බව ආදියෙහි පවතින සඟහා පසද නය - දැනගත යුතුය විනිසය

‘දෙසනාභෙදතො’ති “තත්‍ථ කතමං රූපං? චත‍්තාරො ච මහාභූතා චතුන‍්නඤ‍්ච මහාභූතානං උපාදාය රූප”න‍්ති (සං· නි· 2.2; ම· නි· 1.100) එවං තාව සුත‍්තන‍්තෙ ච ඉධ රූපපදස‍්ස අභෙදතො එකසදිසා දෙසනා කතා; නාමපදස‍්ස පන භෙදතො.

දේශනා භේදයෙන් නය “එහි රූපය කවරේද? මහාභූත හතරද මහා භූතවල උපාදාය රූපයයි” මෙසේ සූත්‍රාන්තයෙහි ද මෙහිද රූප පදයාගේ අභේද වශයෙන් එකසමාන දේශනා කරන ලදි. නාමපද වනාහි වෙනස්ව

සුත‍්තන‍්තස‍්මිඤ‍්හි “තත්‍ථ කතමං නාමං? වෙදනා සඤ‍්ඤා චෙතනා ඵස‍්සො මනසිකාරො”ති වුත‍්තං. ඉධ “වෙදනාක‍්ඛන්‍ධො සඤ‍්ඤාක‍්ඛන්‍ධො සඞ‍්ඛාරක‍්ඛන්‍ධො”ති. තත්‍ථ හි යම‍්පි චක‍්ඛුවිඤ‍්ඤාණපච‍්චයා නාමං උප‍්පජ‍්ජති, උප‍්පන‍්නඤ‍්ච චිත‍්තස‍්ස ඨිති අරූපීනං ධම‍්මානං ආයූති එවං අඤ‍්ඤධම‍්මසන‍්නිස‍්සයෙන අග‍්ගහෙතබ‍්බතො පාකටං, තං දස‍්සෙන‍්තො චෙතනාඵස‍්සමනසිකාරවසෙන සඞ‍්ඛාරක‍්ඛන්‍ධං තිධා භින්‍දිත්‍වා ද‍්වීහි ඛන්‍ධෙහි සද‍්ධිං දෙසෙසි. ඉධ පන තත්‍ථ වුත‍්තඤ‍්ච අවුත‍්තඤ‍්ච සබ‍්බං නාමං සඞ‍්ගණ‍්හන‍්තො “තයො ඛන්‍ධා – වෙදනාක‍්ඛන්‍ධො සඤ‍්ඤාක‍්ඛන්‍ධො සඞ‍්ඛාරක‍්ඛන්‍ධො”ති ආහ.

සූත්‍රාන්තයෙහි “එහි නාමය කවරේද? වේදනා, සඤ්ඤා, චේතනා, ස්පර්ශ මනසිකාරය කියන ලදි. මෙහි “වේදනා ස්කන්ධය, සංඥා ස්කන්ධය, සංඛාර ස්කන්ධය” යයි එහි යම් චක්ඛු විඤ්ඤාණ ප්‍රත්‍යයාගේ නාමය උපදී. ඉපදුනා වූද සිතේ ඨිතිය අරූපී ධර්මයන්ගේ ආයුෂයයි. මෙසේ අන්‍ය ධර්ම සන්නිශ්‍රයේ නොගන්නා ලද බැවින් ප්‍රකටය. එය දක්වන්නේ චේතනා ඵස්ස මනසිකාර වශයෙන් සංඛාර ඛන්‍ධය තුනට බෙදා ස්කන්ධ දෙකක් සමග දේශනා කළේය. මෙහි වනාහි එහි කියන ලදද නොකියන ලදද සියල්ල නාමයට සංග්‍රහ කරන්නේ වේදනා ස්කන්ධ සඤ්ඤා ඛන්ධ සංඛාර ඛන්ධ යයි ස්කන්ධ තුනක් කීහ.

කිං පන ඉමෙ තයො ඛන්‍ධාව නාමං, විඤ‍්ඤාණං නාමං නාම න හොතීති? නො න හොති. තස‍්මිං පන විඤ‍්ඤාණෙ ගය‍්හමානෙ නාමවිඤ‍්ඤාණස‍්ස ච පච‍්චයවිඤ‍්ඤාණස‍්ස චාති ද‍්වින‍්නං විඤ‍්ඤාණානං සහභාවො ආපජ‍්ජති. තස‍්මා විඤ‍්ඤාණං පච‍්චයට‍්ඨානෙ ඨපෙත්‍වා පච‍්චයනිබ‍්බත‍්තං නාමං දස‍්සෙතුං තයොව ඛන්‍ධා වුත‍්තාති. එවං තාව ‘දෙසනාභෙදතො’ විඤ‍්ඤාතබ‍්බො විනිච‍්ඡයො.

මේ ස්කන්ධ තුනටම නාම කියන්නේ කුමක් නිසාද? විඤ්ඤාණය යන නම නොවේද? නොවන්නේ නොවේ. එහි විඤ්ඤාණය ගත්කල නාම විඤ්ඤාණයටද ප්‍රත්‍ය විඤ්ඤාණයටද යන විඤ්ඤාණයන් දෙකම එකම සභාව භවයට පැමිණේ. එනිසා විඤ්ඤාණයෙන් ප්‍රත්‍යයන් නොහඳුන්වා ප්‍රත්‍ය නිපදවීම නම් කිරීමට දැක්වීමට ප්‍රත්‍යයන ස්ථානයෙහි තබා ප්‍රත්‍ය නිපදවන ලද බව දැක්වීමට ස්කන්ධ තුන කියන ලදි. මෙසේ දේශනා භේදයෙන් විනිස දතයුතුය.

‘සබ‍්බභවාදීසු පවත‍්තිතො’ති එත්‍ථ පන නාමං එකං සත‍්තාවාසං ඨපෙත්‍වා සබ‍්බභවයොනිගතිවිඤ‍්ඤාණට‍්ඨිතිසෙසසත‍්තාවාසෙසු පවත‍්තති. රූපං ද‍්වීසු භවෙසු, චතූසු යොනීසු, පඤ‍්චසු ගතීසු, පුරිමාසු චතූසු විඤ‍්ඤාණට‍්ඨිතීසු, පඤ‍්චසු ච සත‍්තාවාසෙසු පවත‍්තති. එවං පවත‍්තමානෙ චෙතස‍්මිං නාමරූපෙ යස‍්මා අභාවකගබ‍්භසෙය්‍යකානං අණ‍්ඩජානඤ‍්ච පටිසන්‍ධික‍්ඛණෙ වත්‍ථුකායවසෙන රූපතො ද‍්වෙ සන‍්තතිසීසානි තයො ච අරූපිනො ඛන්‍ධා පාතුභවන‍්ති, තස‍්මා තෙසං විත්‍ථාරෙන රූපරූපතො වීසති ධම‍්මා තයො ච අරූපිනො ඛන්‍ධාති එතෙ තෙවීසති ධම‍්මා විඤ‍්ඤාණපච‍්චයා නාමරූපන‍්ති වෙදිතබ‍්බා. අග‍්ගහිතග‍්ගහණෙන පන එකසන‍්තතිසීසතො නව රූපධම‍්මෙ අපනෙත්‍වා චුද‍්දස, සභාවකානං භාවදසකං පක‍්ඛිපිත්‍වා තෙත‍්තිංස. තෙසම‍්පි අගහිතග‍්ගහණෙන සන‍්තතිසීසද‍්වයතො අට‍්ඨාරස රූපධම‍්මෙ අපනෙත්‍වා පන‍්නරස.

සියළු භවයන්හි පවතී යයි යන මෙහි නාමය එක සත්තාවාසයක් හැර සියළු භව යෝනි ගති විඤ්ඤාණඨිති සෙස් සත්තාවාසවල පවතී. රූපය භව දෙකක යෝනි සතරෙහි ගති පහේ විඤ්ඤාණ ඨිති පෙර සතරෙහි සත්තාවාස පහක පවතී. මෙසේ පවතින ඒ නාමරූපයෙහි යමකින් හිස්වූ ගැබට එන්නන්ගේ බිජුවටින් උපදින්නන්ගේද ප්‍රතිසන්ධි ක්‍ෂණයෙහි වස්තු කාය වශයෙන් රූප දෙකකින් පරම්පරා වශයෙන් අරූප ස්කන්ධ තුනකින්ද පහළවීම සිදුවේ. එහෙයින් ඒවායේ විස්තර වශයෙන් රූප අරූප වශයෙන් විස්සක් ද අරූප ස්කන්ධ තුන ද යන මේ විසිතුන විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් නාමරූප යයි දතයුතුය. අගහිතගහණ නය ක්‍රමයෙන් එක සන්තති ශීර්ෂයකින් රූප ධර්ම නවයක් හැර දාහතරක් වේ. ස්වභාවකයන්ගේ භාව දසකයද වහා තිස්තුනක් ද ඔවුන්ගේ අගහිත ගහණයෙන් සන්තති ශීර්ෂ දෙකින් රූප ධර්ම දහඅටක් හැර පහලොවක්ද

යස‍්මා ච ඔපපාතිකසත‍්තෙසු බ්‍රහ‍්මකායිකාදීනං පටිසන්‍ධික‍්ඛණෙ චක‍්ඛුසොතවත්‍ථුදසකානං ජීවිතින්‍ද්‍රියනවකස‍්ස ච වසෙන රූපරූපතො චත‍්තාරි සන‍්තතිසීසානි තයො ච අරූපිනො ඛන්‍ධා පාතුභවන‍්ති, තස‍්මා තෙසං විත්‍ථාරෙන රූපරූපතො එකූනචත‍්තාලීස ධම‍්මා තයො ච අරූපිනො ඛන්‍ධාති එතෙ ද‍්වාචත‍්තාලීස ධම‍්මා විඤ‍්ඤාණපච‍්චයා නාමරූපන‍්ති වෙදිතබ‍්බා. අගහිතග‍්ගහණෙන පන සන‍්තතිසීසත‍්තයතො සත‍්තවීසති ධම‍්මෙ අපනෙත්‍වා පන‍්නරස.

බ්‍රහ්මකායකාදි ඕපපාතික සතුන්ගේ ප්‍රතිසන්ධි ක්‍ෂණයෙහි චක්ඛු සෝත වත්‍ථු දසක සහ ජීවිතේන්‍ද්‍රිය නවකය ද වශයෙන් රූප අරූප වශයෙන් සන්තති ශීර්ෂ සතරකින් අරූපී ස්කන්ධ තුනකින් පහළ වේ. එහෙයින් ඔවුන්ගේ විස්තර වශයෙන් රූපාරූපවලින් තිස්නවයක්ද අරූපී ස්කන්ධ තුනද මේ සතලිස් දෙවැදෑරුම් ධර්ම විඤ්ඤාණ ප්‍රත්‍යයේ නාමරූප වේයයි දතයුතුය. අගහිත ගහණයෙන් සන්තති ශීර්ෂ තුනකින් විසිහතක් අත්හැර පහලොවක්ද වේ.

කාමභවෙ පන යස‍්මා සෙසඔපපාතිකානං වා සංසෙදජානං වා සභාවකපරිපුණ‍්ණායතනානං පටිසන්‍ධික‍්ඛණෙ රූපරූපතො සත‍්ත සන‍්තතිසීසානි තයො ච අරූපිනො ඛන්‍ධා පාතුභවන‍්ති, තස‍්මා තෙසං විත්‍ථාරෙන රූපරූපතො සත‍්තති ධම‍්මා තයො ච අරූපිනො ඛන්‍ධාති එතෙ තෙසත‍්තති ධම‍්මා විඤ‍්ඤාණපච‍්චයා නාමරූපන‍්ති වෙදිතබ‍්බා. අග‍්ගහිතග‍්ගහණෙන පන සන‍්තතිසීසඡක‍්කතො චතුපඤ‍්ඤාස ධම‍්මෙ අපනෙත්‍වා එකූනවීසති. එස උක‍්කංසතො. අවකංසෙන පන තංතංරූපසන‍්තතිසීසවිකලානං තස‍්ස තස‍්ස වසෙන හාපෙත්‍වා හාපෙත්‍වා සඞ‍්ඛෙපතො ච විත්‍ථාරතො ච පටිසන්‍ධිවිඤ‍්ඤාණපච‍්චයා නාමරූපසඞ‍්ඛාතා වෙදිතබ‍්බා. අරූපීනං පන තයොව අරූපිනො ඛන්‍ධා. අසඤ‍්ඤීනං රූපතො ජීවිතින්‍ද්‍රියනවකමෙවාති. එස තාව පටිසන්‍ධියං නයො.

කාමභවයෙහි සෙසු ඕපපාතිකයන්ගේ හෝ සංසේදජයන්ගේ හෝ සභාවක (භාව) පරිපූර්ණව ප්‍රතිසන්ධි ක්‍ෂණයෙහි රූපාරූපවලින් සන්තති ශීර්ෂ සතද අරූප ස්කන්ධ තුනද පහළ වේ. එනිසා ඔවුන්ගේ විස්තර වශයෙන් රූපාරූපවලින් හැත්තෑව ද අරූපී ඛන්ධ තුනද යන මේ සැත්තෑ තුන විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් නාමරූප යයි දතයුතුය. අගහිත ගහණයෙන් සන්තති ශීර්ෂ හයකින් පනස් හතරක් හැර දහනවයක් වේ. මේ උපරිම වශයෙනි. අවම වශයෙන් ඒ ඒ රූප සන්තති ශීර්ෂ විකල වූවන්ගේ ඒ ඒ හැටියට අඩුකර සංක්‍ෂෙප වශයෙන්ද විස්තර වශයෙන්ද ප්‍රතිසන්ධි විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් නාමරූප සංඛ්‍යාතය දතයුතුය. අරූපීන්ට වනාහි අරූපී ස්කන්ධ තුන ද අසඥීන්ට රූපවලින් ජීවිත නවක රූපය දැන මේ ප්‍රතිසන්ධි ක්‍රමයයි.

පවත‍්තෙ පන සබ‍්බත්‍ථ රූපප‍්පවත‍්තිදෙසෙ පටිසන්‍ධිචිත‍්තස‍්ස ඨිතික‍්ඛණෙ පටිසන්‍ධිචිත‍්තෙන සහ පවත‍්තඋතුතො උතුසමුට‍්ඨානං සුද‍්ධට‍්ඨකං පාතුභවති. පටිසන්‍ධිචිත‍්තං පන රූපං න සමුට‍්ඨාපෙති. තඤ‍්හි යථා පපාතෙ පතිතපුරිසො පරස‍්ස පච‍්චයො හොතුං න සක‍්කොති, එවං වත්‍ථුදුබ‍්බලතාය දුබ‍්බලත‍්තා රූපං සමුට‍්ඨාපෙතුං න සක‍්කොති. පටිසන්‍ධිචිත‍්තතො පන උද‍්ධං පඨමභවඞ‍්ගතො පභුති චිත‍්තසමුට‍්ඨානකං සුද‍්ධට‍්ඨකං. සද‍්දපාතුභාවකාලෙ පටිසන්‍ධික‍්ඛණතො උද‍්ධං පවත‍්තඋතුතො චෙව චිත‍්තතො ච සද‍්දනවකං. යෙ පන කබළිකාරාහාරූපජීවිනො ගබ‍්භසෙය්‍යකසත‍්තා තෙසං –

පැවතීම වනාහි රූප පවතින සියළු ස්ථානවල ප්‍රතිසන්ධි සිත පිහිටි ක්‍ෂණයෙහි ප්‍රතිසන්ධි සිත සමග පවතින සෘතුවෙන් සෘතු සමුට්ඨානා සුද්ධාස්මකය පහළ වේ. ප්‍රතිසන්ධි සිත රූප නො උපදවයි. යම්සේ එය වැටුණු කල්හි වැටුණු පුරුෂයා අනුන්ගේ ප්‍රත්‍යය වන්නට නොහැකි වේ. මෙසේ වස්තු දුර්වල තායෙන් දුර්වල බැවින් රූප ඉපදවීමට නොහැකි වේ. ප්‍රතිසන්ධි සිතෙන් මත්තෙහි ප්‍රථම භවංග සේ පටන් සිතින් උපදවන ශුද්ධාෂ්ඨකය වේ. ශබ්දය පහළවන ප්‍රතිසන්ධි ක්‍ෂණයෙන් මත්තෙහි පවතින සෘතුවෙන් හා සිතින්ද ශබ්ද නවක රූප කලාපය වේ. යම් කබලිංකාර ආහාර රූප ජීවි ගැබ් පිළිසිඳ ගන්න සත්ත්වයෝ ඔවුන්ගේ -

“යඤ‍්චස‍්ස භුඤ‍්ජතී මාතා, අන‍්නං පානඤ‍්ච භොජනං; තෙන සො තත්‍ථ යාපෙති, මාතුකුච‍්ඡිගතො නරො”ති. (සං· නි· 1.235);

බුදින මව ඔහුගේ - අහර පැන් යම් බොදුනක් එයින් හේ එහි යැපේ - මව්කුසට වන් පුඟුලා

වචනතො මාතරා අජ‍්ඣොහරිතාහාරෙන අනුගතෙ සරීරෙ, ඔපපාතිකානං සබ‍්බපඨමං අත‍්තනො මුඛගතං ඛෙළං අජ‍්ඣොහරණකාලෙ ආහාරසමුට‍්ඨානං සුද‍්ධට‍්ඨකන‍්ති ඉදං ආහාරසමුට‍්ඨානස‍්ස සුද‍්ධට‍්ඨකස‍්ස උතුචිත‍්තසමුට‍්ඨානානඤ‍්ච උක‍්කංසතො ද‍්වින‍්නං නවකානං වසෙන ඡබ‍්බීසතිවිධං, පුබ‍්බෙ එකෙකචිත‍්තක‍්ඛණෙ තික‍්ඛත‍්තුං උප‍්පජ‍්ජමානං වුත‍්තං කම‍්මසමුට‍්ඨානං සත‍්තතිවිධන‍්ති ඡන‍්නවුතිවිධං රූපං තයො ච අරූපිනො ඛන්‍ධාති සමාසතො නවනවුති ධම‍්මා. යස‍්මා වාසද‍්දො අනියතො කදාචිදෙව පාතුභාවතො, තස‍්මා දුවිධම‍්පි තං අපනෙත්‍වා ඉමෙ සත‍්තනවුති ධම‍්මා යථාසම‍්භවං සබ‍්බසත‍්තානං විඤ‍්ඤාණපච‍්චයා නාමරූපන‍්ති වෙදිතබ‍්බා. තෙසඤ‍්හි සුත‍්තානම‍්පි පමත‍්තානම‍්පි චරන‍්තානම‍්පි ඛාදන‍්තානම‍්පි පිවන‍්තානම‍්පි දිවා ච රත‍්තිඤ‍්ච එතෙ විඤ‍්ඤාණපච‍්චයා පවත‍්තන‍්ති. තඤ‍්ච තෙසං විඤ‍්ඤාණපච‍්චයභාවං පරතො වණ‍්ණයිස‍්සාම.

යන වචනයෙන් මව විසින් ගත් ආහාරය ශරීරානුගතව, ඕපපාතිකයන්ගේ පළමුවෙන් තමාගේ කටට ආ කෙල ගන්නා කාලයෙහි ආහාරය උපදවන ශුද්ධාෂ්ඨකය මේ ආහාර උපදවන ශුද්ධාෂ්ඨකයට සෘතු චිත්ත ආහාර ඉපදවීමද උපරිම වශයෙන් නවක දෙකකින් වශයෙන් විසිහය විධ වූ සිත්වලට පෙර එක් එක් චිත්තක්‍ෂණයෙහි තුන්වරක් ඉපිදෙමින් කියන ලද කර්ම සමුට්ඨානය සැත්තෑවිද අනූහයාකාර වූ රූපයද අරූපී ස්කන්ධ තුනද කෙටියෙන් අනූනමයක් ද ධර්මයෝ වෙති. වා ශබ්දය අනිතය. ඇතැම්කලක පහළ වේ. එනිසා ඒ දෙකම අත්හැර මේ අනූහත් ධර්ම සුදුසු ලෙස සියළු සත්වයින්ගේ විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් නාමරූපයි දතයුතුය. නිදන හැසිරෙන කන බොන දිවා රෑ හැම අවස්ථාවකම ඔවුන්ගේ විඤ්ඤාණය ප්‍රත්‍ය පවතී. ඔවුන්ගේ ඒ විඤ්ඤාණය ප්‍රත්‍යභාවය පසුව විස්තර කරමි.

යං පනෙතමෙත්‍ථ කම‍්මජරූපං තං භවයොනිගතිවිඤ‍්ඤාණට‍්ඨිතිසත‍්තාවාසෙසු සබ‍්බපඨමං පතිට‍්ඨහන‍්තම‍්පි තිසමුට‍්ඨානිකරූපෙන අනුපත්‍ථද‍්ධං න සක‍්කොති සණ‍්ඨාතුං, නාපි තිසමුට‍්ඨානිකං තෙන අනුපත්‍ථද‍්ධං. අථ ඛො වාතබ‍්භාහතාපි චතුද‍්දිසවවත්‍ථාපිතා නළකලාපියො විය, ඌමිවෙගබ‍්භාහතාපි මහාසමුද‍්දෙ කත්‍ථචි ලද‍්ධපතිට‍්ඨා භින‍්නවාහනිකා විය ච අඤ‍්ඤමඤ‍්ඤූපත්‍ථද‍්ධානෙවෙතානි අපතමානානි සණ‍්ඨහිත්‍වා එකම‍්පි වස‍්සං ද‍්වෙපි වස‍්සානි…පෙ… වස‍්සසතම‍්පි යාව තෙසං සත‍්තානං ආයුක‍්ඛයො වා පුඤ‍්ඤක‍්ඛයො වා තාව පවත‍්තන‍්තීති. එවං ‘සබ‍්බභවාදීසු පවත‍්තිතො’පෙත්‍ථ විඤ‍්ඤාතබ‍්බො විනිච‍්ඡයො.

මේ අවස්ථාවේ කර්මජ රූප ගැන විස්තර කරමි. එය භව යෝනි ගති විඤ්ඤාණ ඨිති සත්තාවාසවල සියල්ලටම මුලින් පිහිටි ත්‍රි සමුට්ඨානික රූපයෙන් ඉතා දැඩිවූ නිසා සිටීමට නොහැකි විය. එයින් දැඩි වූ ත්‍රි සමුට්ඨානිකවලට නොහැකිය. වාතයෙන් පහරන ලද සතර දිසාවට නැමෙන බට පඳුරක් මෙන් රළ වේගයෙන් පහරන ලද මුහුදේ ප්‍රතිෂ්ඨාව ලැබූ වාතයක් මෙන්ද මේවා ඔවුනොවුන්ගෙන්ම දැඩි විය. නොවැටෙන ලෙස සංග්‍රහ කොට එක් වර්ෂයක් වර්ෂ දෙකක් වර්ෂ සියයක්ද ඒ සතුන්ගේ ආයුක්‍ෂය හෝ පුඤ්ඤක්ඛය දක්වා පවත්වයි. මෙසේ සියළු භවවල පවත්වන්නේ යයි විනිස දැනගත යුතුය.

‘සඞ‍්ගහා’ති එත්‍ථ ච යං ආරුප‍්පෙ පවත‍්තිපටිසන්‍ධීසු පඤ‍්චවොකාරභවෙ ච පවත‍්තියා විඤ‍්ඤාණපච‍්චයා නාමමෙව, යඤ‍්ච අසඤ‍්ඤීසු සබ‍්බත්‍ථ පඤ‍්චවොකාරභවෙ ච පවත‍්තියා විඤ‍්ඤාණපච‍්චයා රූපමෙව, යඤ‍්ච පඤ‍්චවොකාරභවෙ සබ‍්බත්‍ථ විඤ‍්ඤාණපච‍්චයා නාමරූපං, තං සබ‍්බං නාමඤ‍්ච රූපඤ‍්ච නාමරූපඤ‍්ච නාමරූපන‍්ති එවං එකදෙසසරූපෙකසෙසනයෙන සඞ‍්ගහෙත්‍වා විඤ‍්ඤාණපච‍්චයා නාමරූපන‍්ති වෙදිතබ‍්බං. අසඤ‍්ඤීසු විඤ‍්ඤාණාභාවා අයුත‍්තන‍්ති චෙ නායුත‍්තං. ඉදඤ‍්හි –

සංගානිකා යනු මෙහි අරූපයෙහි පවතින ප්‍රතිසන්ධිවල පංචවෝකාර භවයෙහි ද පවතින විඤ්ඤාණ ප්‍රත්‍යයේ නාමයම වේ. අසඥ සත්වයෙහි ද ඇත්තේ සියළු පංචවෝකාර නාමවල පවත්නා විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් වූ රූපයම වේ. සියළු පංචවෝකාර භවයෙහි විඤ්ඤාණ පච්චයා නාමරූපං වේ. ඒ සියල්ල නාමඤ්ච රූපඤ්ච නාමරූපඤ්ච නාමරූපං යයි එක් ආකාරයක සමාන දේ ඒකසේස නයින් සංග්‍රහකොට විඤ්ඤාණ පච්චයා නාමරූපං යයි දතයුතුය. අසඥයෙහි විඤ්ඤාණයක් නොමැතිවීම අයුත්තක් වේද? අයුත්තක් නොවේ. මෙය :-

නාමරූපස‍්ස යං හෙතු, විඤ‍්ඤාණං තං ද‍්විධා මතං; විපාකමවිපාකඤ‍්ච, යුත‍්තමෙව යතො ඉදං.

නම්රූවල හේතු - විනැණය එය හඟින්නේ දෙකෙන් විවා’විවා - යුතුවෙයි යමකින්ද මෙය

යඤ‍්හි නාමරූපස‍්ස හෙතු විඤ‍්ඤාණං තං විපාකාවිපාකභෙදතො ද‍්විධා මතං. ඉදඤ‍්ච අසඤ‍්ඤසත‍්තෙසු කම‍්මසමුට‍්ඨානත‍්තා පඤ‍්චවොකාරභවෙ පවත‍්තඅභිසඞ‍්ඛාරවිඤ‍්ඤාණපච‍්චයා රූපං, තථා පඤ‍්චවොකාරෙ පවත‍්තියං කුසලාදිචිත‍්තක‍්ඛණෙ කම‍්මසමුට‍්ඨානන‍්ති යුත‍්තමෙව ඉදං. එවං ‘සඞ‍්ගහතො’පෙත්‍ථ විඤ‍්ඤාතබ‍්බො විනිච‍්ඡයො.

නාමරූපවල හේතුව විඤ්ඤාණය වේ. එය විපාක අවිපාක භේදයෙන් දෙයාකාර වේයයි හඟී. මෙයද අසඤ්ඤ සත්තවල පංචවෝකාර භවයෙහි පවතින අභිසංඛාර විඤ්ඤාණය ප්‍රත්‍ය වූ රූපය මෙන් එසේම පංචවෝකාර භවයෙහි පවතින යම් කුසල චිත්තක්‍ෂණයක කර්මයෙන් උපදින රූප නිසාත් මෙහි විඤ්ඤාණයක් නොමැතිවීම අයුත්තක් නොවේ. මෙසේ සංග්‍රහ කරන ලද මෙහි විනිස දතයුතුය.

‘පච‍්චයනයා’ති එත්‍ථ හි –

පච්චය නය යයි මෙහි:-

නාමස‍්ස පාකවිඤ‍්ඤාණං, නවධා හොති පච‍්චයො; වත්‍ථුරූපස‍්ස නවධා, සෙසරූපස‍්ස අට‍්ඨධා.

නාම විවා විනැණ - පස වේ නව අයුරකින් වත් රූ නච’යුරූ - සෙසු රූ වේ අට’යුරූ

අභිසඞ‍්ඛාරවිඤ‍්ඤාණං, හොති රූපස‍්ස එකධා; තදඤ‍්ඤං පන විඤ‍්ඤාණං, තස‍්ස තස‍්ස යථාරහං.

අධිසකර විනැණට - වේ රූ එක් අයුරකින් සෙසු විනැණ සඳහා - සුදුසු පරිදිම සිදුවේ.

යඤ‍්හෙතං පටිසන්‍ධියං පවත‍්තියං වා විපාකසඞ‍්ඛාතං නාමං, තස‍්ස රූපමිස‍්සස‍්ස වා රූපඅමිස‍්සස‍්ස වා පටිසන්‍ධිකං වා අඤ‍්ඤං වා විපාකවිඤ‍්ඤාණං සහජාතඅඤ‍්ඤමඤ‍්ඤනිස‍්සයසම‍්පයුත‍්තවිපාකආහාරඉන්‍ද්‍රියඅත්‍ථිඅවිගතපච‍්චයෙහි නවධා පච‍්චයො හොති. වත්‍ථුරූපස‍්ස පටිසන්‍ධියං සහජාතඅඤ‍්ඤමඤ‍්ඤනිස‍්සයවිපාකආහාරඉන්‍ද්‍රියවිප‍්පයුත‍්තඅත්‍ථිඅවිගතපච‍්චයෙහි නවධා පච‍්චයො හොති. ඨපෙත්‍වා පන වත්‍ථුරූපං සෙසරූපස‍්ස ඉමෙසු නවසු අඤ‍්ඤමඤ‍්ඤපච‍්චයං අපනෙත්‍වා සෙසෙහි අට‍්ඨහි පච‍්චයෙහි පච‍්චයො හොති. අභිසඞ‍්ඛාරවිඤ‍්ඤාණං පන අසඤ‍්ඤසත‍්තරූපස‍්ස වා පඤ‍්චවොකාරෙ වා කම‍්මජස‍්ස සුත‍්තන‍්තිකපරියායෙන උපනිස‍්සයවසෙන එකධාව පච‍්චයො හොති. අවසෙසං පඨමභවඞ‍්ගතො පභුති සබ‍්බම‍්පි විඤ‍්ඤාණං තස‍්ස තස‍්ස නාමරූපස‍්ස යථාරහං පච‍්චයො හොතීති වෙදිතබ‍්බං. විත්‍ථාරතො පන තස‍්ස පච‍්චයනයෙ දස‍්සියමානෙ සබ‍්බාපි පට‍්ඨානකථා විත්‍ථාරෙතබ‍්බා හොතීති න තං ආරභාම.

මෙය ප්‍රතිසන්ධියේ පැවතීම හෝ විපාක සංඛ්‍යාත නාමය වේ. එහි රූප මිශ්‍රව හෝ අමිශ්‍රව හෝ ප්‍රතිසන්ධියක් හෝ අන්‍ය වූ හෝ විපාක විඤ්ඤාණයට සහජාත, අඤ්ඤමඤ්ඤ, නිස්සය, සම්පයුක්ත, විපාක, ආහාර, ඉන්‍ද්‍රිය, අත්ථි අවිගත ප්‍රත්‍යවලින් නව ආකාරයකින් ප්‍රත්‍ය වේ. වස්තු රූපයේ ප්‍රතිසන්ධියට සහජාත අඤ්ඤමඤ්ඤ නිස්සය විපාක ආහාර ඉන්‍ද්‍රිය විප්පයුත්ත අත්‍ථි අවිගත ප්‍රත්‍යවලින් නව ආකාරයකින් ප්‍රත්‍ය වේ. වස්තු රූපය හැර සෙසු රූපවලට අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍යය බැහැර කර සෙසු ප්‍රත්‍ය අටෙන් ප්‍රත්‍ය වේ. අභිසංඛාර විඤ්ඤාණය වනාහි අසඤ්ඤසත්ත රූපය හෝ පංච වෝකාරයෙහි හෝ කර්මජයට සූත්‍රාන්ත ක්‍රමයෙන් උපනිශ්‍රය වශයෙන් එක් ආකාරයකින්ම ප්‍රත්‍ය වේ. අවසේස පළමු භවංගයේ සිට අවසේස සියළු විඤ්ඤාණවලට ඒ ඒ නාමරූපවලට සුදුසු පරිදි ප්‍රත්‍ය වේ යයි දතයුතුය. විස්තර වශයෙන් ඒ ප්‍රත්‍ය නයෙහි දැක්විය යුතු සියල්ල පට්ඨාන කථාවේ විස්තර කළ බැවින් එය නො අරඹමු.

තත්‍ථ සියා – කථං පනෙතං ජානිතබ‍්බං “පටිසන්‍ධිනාමරූපං විඤ‍්ඤාණපච‍්චයා හොතී”ති? සුත‍්තතො යුත‍්තිතො ච. සුත‍්තෙ හි “චිත‍්තානුපරිවත‍්තිනො ධම‍්මා”තිආදිනා (ධ· ස· දුකමාතිකා 62) නයෙන බහුධා වෙදනාදීනං විඤ‍්ඤාණපච‍්චයතා සිද‍්ධා. යුත‍්තිතො පන –

එහි ප්‍රතිසන්ධි නාමරූපය විඤ්ඤාණය ප්‍රත්‍යයෙන් සිදුවේ යයි කෙසේ දැනගත හැකි වන්නේද? සූත්‍රවලින් සහ යුක්ති වශයෙන් දැනගත හැකිය. සූත්‍රවලින් චිත්තානු පරිවත්තිනො ධම්මාති ආදි නයින් බොහෝ වේදනාදීන්ගේ විඤ්ඤාණ ප්‍රත්‍යතාව සිදුවී ඇත. යුත්ති වශයෙන්

චිත‍්තජෙන හි රූපෙන, ඉධ දිට‍්ඨෙන සිජ‍්ඣති; අදිට‍්ඨස‍්සාපි රූපස‍්ස, විඤ‍්ඤාණං පච‍්චයො ඉති.

සිදුවේ සිතින් රූ - මෙහි දුටු දෙයින් නුදුටුව පිළිසිඳ රූපයට - විනැණ පස යයි දන්නේ

චිත‍්තෙ හි පසන‍්නෙ අප‍්පසන‍්නෙ වා තදනුරූපානි රූපානි උප‍්පජ‍්ජමානානි දිට‍්ඨානි. දිට‍්ඨෙන ච අදිට‍්ඨස‍්ස අනුමානං හොතීති ඉමිනා ඉධ දිට‍්ඨෙන චිත‍්තජරූපෙන අදිට‍්ඨස‍්සාපි පටිසන්‍ධිරූපස‍්ස විඤ‍්ඤාණං පච‍්චයො හොතීති ජානිතබ‍්බමෙතං. කම‍්මසමුට‍්ඨානස‍්සාපි හි තස‍්ස චිත‍්තසමුට‍්ඨානස‍්සෙව විඤ‍්ඤාණපච‍්චයතා පට‍්ඨානෙ (පට‍්ඨා· 1.1.53, 419) ආගතාති. එවං පච‍්චයනයතො පෙත්‍ථ විඤ‍්ඤාතබ‍්බො විනිච‍්ඡයො.

සිතෙහි ප්‍රසන්න අප්‍රසන්න හෝ තදානුරූපව උපදින රූපයෙන් දුටු දෙයින් නොදුටු දේ අනුමාන වේ” යන මෙයින් මෙහි දකින ලද චිත්තජ රූපවලින් නොදක්නා ලද ප්‍රතිසන්ධි රූපයට විඤ්ඤාණය ප්‍රත්‍ය වේය යන මෙය දැනගත යුතුය. කර්මජ රූපයන්ට මෙන්ම චිත්තජ රූපයන්ටද විඤ්ඤාණය ප්‍රත්‍යතාව පට්ඨානයෙහි ආවේ යයි මෙසේ පච්චය නය වශයෙන් ද මෙහි විනිස දතයුතුය.

එත්‍ථ ච “විඤ‍්ඤාණපච‍්චයා නාමරූප”න‍්ති භාසමානෙන භගවතා යස‍්මා උපපරික‍්ඛමානානං පණ‍්ඩිතානං පරමත්‍ථතො නාමරූපමත‍්තමෙව පවත‍්තමානං දිස‍්සති, න සත‍්තො, න පොසො; තස‍්මා අප‍්පටිවත‍්තියං සමණෙන වා බ්‍රාහ‍්මණෙන වා දෙවෙන වා මාරෙන වා බ්‍රහ‍්මුනා වා කෙනචි වා ලොකස‍්මිං අනුත‍්තරං ධම‍්මචක‍්කං පවත‍්තිතං හොතීති.

මෙහිද විඤ්ඤාණ පච්චයා නාමරූපං යයි කියන භාග්‍යවතුන් වහන්සේ පරීක්‍ෂා කරන්නා වූ පණ්ඩිතයන්ගේ පරමාර්ථ වශයෙන් නාමරූප මාත්‍රය පමණක් පවතින්නේ යයි කියනු ලැබේ. සත්වයෙක් නැත. පුරුෂයෙක් නැත. එනිසා නොපවතින සමණ බ්‍රාහ්මණ දේව මාර බ්‍රහ්ම කෙනචි - ලෝකයෙහි අනුත්තර වූ ධම්ම චක්කයම පැවතීය.

විඤ‍්ඤාණපච‍්චයා නාමරූපපදනිද‍්දෙසො.

විඤ්ඤාණ පච්චයා නාමරූප නිර්දේශය

සළායතනපදනිද‍්දෙසො

සළායතනපදනිද්දෙසො

නාමරූපපච‍්චයා සළායතනනිද‍්දෙසෙ –

නාමරූප පච්චයා සළායතන නිර්දේශයෙහි

නාමං ඛන්‍ධත‍්තයං රූපං, භූතවත්‍ථාදිකං මතං; කතෙකසෙසං තං තස‍්ස, තාදිසස‍්සෙව පච‍්චයො.

නාමය කඳ තුනය - රූපය බූ වන් ඈ එක්සෙස්ව කළ එය - එයට පස වේ දන්නේ

යඤ‍්හෙතං සළායතනස‍්ස පච‍්චයභූතං නාමරූපං, තත්‍ථ නාමන‍්ති වෙදනාදික‍්ඛන්‍ධත‍්තයං, රූපං පන සකසන‍්තතිපරියාපන‍්නං නියමතො චත‍්තාරි භූතානි ඡ වත්‍ථූනි ජීවිතින්‍ද්‍රියන‍්ති එවං භූතවත්‍ථාදිකං මතන‍්ති වෙදිතබ‍්බං. තං පන “නාමඤ‍්ච රූපඤ‍්ච නාමරූපඤ‍්ච නාමරූප”න‍්ති එවං කතෙකසෙසං “ඡට‍්ඨායතනඤ‍්ච සළායතනඤ‍්ච සළායතන”න‍්ති එවං කතෙකසෙසස‍්සෙව සළායතනස‍්ස පච‍්චයොති වෙදිතබ‍්බං. කස‍්මා? යස‍්මා ආරුප‍්පෙ නාමමෙව පච‍්චයො. තඤ‍්ච ඡට‍්ඨායතනස‍්සෙව, න අඤ‍්ඤස‍්ස. “නාමපච‍්චයා ඡට‍්ඨායතන”න‍්ති හි අබ්‍යාකතවාරෙ වක‍්ඛති. ඉධ සඞ‍්ගහිතමෙව හි තත්‍ථ විභත‍්තන‍්ති වෙදිතබ‍්බං.

මේ සළායතනය ප්‍රත්‍ය වන්නේ නාමරූපයයි. එහි නාමය යනු වේදනාදි ස්කන්ධ තුනයි. රූපය වනාහි ස්වකීය සන්තතියට ඇතුළත් නියමයෙන් භූත සතර වස්තු සය ජීවිතේන්‍ද්‍රියදැයි මෙසේ භූත වස්තු යයි දතයුතුය. එය නාමඤ්ච රූපඤ්ච නාමරූපඤ්ච නාමරූපං මෙන් ඡට්ඨායතනඤ්ච සළායතනඤ්ච සළායතනය (ඒකසේස කළ නිසාද සමාහාර ද්වන්ධ සමාසය) සළායතනයට ප්‍රත්‍ය වේයයි දතයුතුය. කුමක් හෙයින්ද? යම් හෙයකින් ආරුප්පයෙහි නාමයම ප්‍රත්‍ය වේ. එහිද ඡට්ඨායතනම වේ. අනිකක් නොවේ. නාම ප්‍රත්‍යය ඡට්ඨායතනවල අව්‍යාකත වාරයෙහි කියනු ලැබේ. මෙහි සංග්‍රහ කිරීමකි. එහි බෙදා දැක්වීමකි නය දතයුතුය.

තත්‍ථ සියා – කථං පනෙතං ජානිතබ‍්බං “නාමරූපං සළායතනස‍්ස පච‍්චයො”ති? නාමරූපභාවෙ භාවතො. තස‍්ස තස‍්ස හි නාමස‍්ස රූපස‍්ස ච භාවෙ තං තං ආයතනං හොති, න අඤ‍්ඤථා. සා පනස‍්ස තබ‍්භාවභාවීභාවතා පච‍්චයනයස‍්මිඤ‍්ඤෙව ආවිභවිස‍්සති. තස‍්මා –

එය එහි කෙසේ වන්නේදැයි දැනගත හැකිද? නාමරූප සළායතනයට ප්‍රත්‍ය වේයයි නාමරූප භවයක් පවතින හෙයින් ඒ ඒ නාමයද රූපයද පවතිනවිට ඒ ඒ ආයතන වේ. වෙනත් ආකාරයකින් නොවේ. ඒ වනාහි එහි තබ්භාව භාවිභාවතා (ඒ භවයම වැඩීමෙන් අන්තිම භවය) ප්‍රත්‍ය නයෙහිම එන්නේය. එහෙයින් :-

පටිසන්‍ධියං පවත‍්තෙ වා, හොති යං යස‍්ස පච‍්චයො; යථා ච පච‍්චයො හොති, තථා නෙය්‍යං විභාවිනා.

පිළිසිඳුම් ඇතිවිට - යමක් යමකට පස වේ පසවන ලෙසට එහි - පැමිණවිය යුතු විදුවන්

තත්‍රායං අත්‍ථදීපනා –

මෙය එහි අර්ථය දැක්වීය.

නාමමෙව හි ආරුප‍්පෙ, පටිසන්‍ධිපවත‍්තිසු; පච‍්චයො සත‍්තධා ඡට‍්ඨා, හොති තං අවකංසතො.

නාමයම අරූසේ - පිළිසිඳුම් ලෙස පවතී. අවමයෙන් එය සත් - සය වෙයි පස (නියමයෙන්)

කථං? ‘පටිසන්‍ධියං’ තාව අවකංසතො සහජාතඅඤ‍්ඤමඤ‍්ඤනිස‍්සයසම‍්පයුත‍්තවිපාකඅත්‍ථිඅවිගතපච‍්චයෙහි සත‍්තධා නාමං ඡට‍්ඨායතනස‍්ස පච‍්චයො හොති. කිඤ‍්චි පනෙත්‍ථ හෙතුපච‍්චයෙන, කිඤ‍්චි ආහාරපච‍්චයෙනාති එවං අඤ‍්ඤථාපි පච‍්චයො හොති. තස‍්ස වසෙන උක‍්කංසාවකංසො වෙදිතබ‍්බො.

කෙසේද? අවම වශයෙන් ප්‍රතිසන්ධිය සහජාත අඤ්ඤමඤ්ඤ නිස්සය සම්පයුත්ත විපාක අත්‍ථි අවිගත ප්‍රත්‍යවලින් සත් ආකාරයකින් නාමය ඡට්ඨායතනයට ප්‍රත්‍ය වේ. කිසිවිට මෙහි හේතු ප්‍රත්‍යයෙන් ද කිසිවිට ආහාර ප්‍රත්‍යයෙන්දැයි මෙසේ අන්‍ය ආකාරයකින් ප්‍රත්‍ය වේ. ඒ අයුරින් උපරිම අවම වශයෙන් දැනගත යුතුය.

‘පවත‍්තෙ’පි විපාකං වුත‍්තනයෙනෙව පච‍්චයො හොති. ඉතරං පන අවකංසතො වුත‍්තප‍්පකාරෙසු පච‍්චයෙසු විපාකපච‍්චයවජ‍්ජෙහි ඡහි පච‍්චයො හොති. කිඤ‍්චි පනෙත්‍ථ හෙතුපච‍්චයෙන, කිඤ‍්චි ආහාරපච‍්චයෙනාති එවං අඤ‍්ඤථාපි පච‍්චයො හොති. තස‍්ස වසෙන උක‍්කංසාවකංසො වෙදිතබ‍්බො.

පවතින විපාකද කියන ලද නයින්ම ප්‍රත්‍ය වේ. අවම වශයෙන් ඉතිරි එකේ කියන ලද ආකාර ප්‍රත්‍යවල විපාක ප්‍රත්‍යය හැර ප්‍රත්‍ය සයක් වේ. මෙහි කිසිවිට හේතු ප්‍රත්‍යයෙන්ද කිසිවිට ආහාර ප්‍රත්‍යයෙන්දැයි අන් ආකාරයකින් ද ප්‍රත්‍ය වේ. ඒ අයුරින් උපරිම අවම වශයෙන් දතයුතුය.

අඤ‍්ඤස‍්මිම‍්පි භවෙ නාමං, තථෙව පටිසන්‍ධියං; ඡට‍්ඨස‍්ස ඉතරෙසං තං, ඡහාකාරෙහි පච‍්චයො.

අන් බවයෙහි නාම - එමලෙසමය පිළිසිඳුම් ඉතිරි මෙ සවැනියට - සය අයුරකින් පස වේ

ආරුප‍්පතො හි අඤ‍්ඤස‍්මිම‍්පි පඤ‍්චවොකාරභවෙ තං විපාකනාමං හදයවත්‍ථුනො සහායං හුත්‍වා ඡට‍්ඨස‍්ස මනායතනස‍්ස යථා ආරුප‍්පෙ වුත‍්තං තථෙව අවකංසතො සත‍්තධා පච‍්චයො හොති. ඉතරෙසං පනෙතං පඤ‍්චන‍්නං චක‍්ඛායතනාදීනං චතුමහාභූතසහායං හුත්‍වා සහජාත නිස‍්සයවිපාකවිප‍්පයුත‍්තඅත්‍ථිඅවිගතවසෙන ඡහාකාරෙහි පච‍්චයො හොති. කිඤ‍්චි පනෙත්‍ථ හෙතුපච‍්චයෙන, කිඤ‍්චි ආහාරපච‍්චයෙනාති එවං අඤ‍්ඤථාපි පච‍්චයො හොති. තස‍්ස වසෙන උක‍්කංසාවකංසො වෙදිතබ‍්බො.

ආරුප්පයෙන් අන්‍ය වූ පංචවෝකාර භවයෙහි ඒ විපාක නාමය හෘදය වස්තුවට සහාය වී සවැනි මනායතනයට ආරුප්පයෙහි කියන ලද ආකාරයෙන් වේ. එසේම අවම වශයෙන් සත් ආකාරයකින් ප්‍රත්‍ය වේ. ඉතිරි ඒ චක්ඛු ආදි පසට සතර මහා භූත සහායව සහජාත නිස්සය විපාක විප්පයුත්ත අත්‍ථි අවිගත වශයෙන් සය ආකාරයකින් ප්‍රත්‍ය වේ. කිසිවිට හේතු ප්‍රත්‍යයෙන් ද කිසිවිට ආහාර ප්‍රත්‍යයෙන්දැයි අන් ආකාරයකින් ප්‍රත්‍ය වේ. ඒ අයුරින් උපරිම අවම වශයෙන් දැනගත යුතුය.

පවත‍්තෙපි තථා හොති, පාකං පාකස‍්ස පච‍්චයො; අපාකං අවිපාකස‍්ස, ඡධා ඡට‍්ඨස‍්ස පච‍්චයො.

පවතින එසේ මෙය - විවා විවයට පස වේ අවිවා අවිවාට - සයට සය’යුරු පස වේ

පවත‍්තෙපි හි පඤ‍්චවොකාරභවෙ යථා පටිසන්‍ධියං, තථෙව විපාකනාමං විපාකස‍්ස ඡට‍්ඨායතනස‍්ස අවකංසතො සත‍්තධා පච‍්චයො හොති. අවිපාකං පන අවිපාකස‍්ස ඡට‍්ඨස‍්ස අවකංසතොව තතො විපාකපච‍්චයං අපනෙත්‍වා ඡධාව පච‍්චයො හොති. වුත‍්තනයෙනෙව පනෙත්‍ථ උක‍්කංසාවකංසො වෙදිතබ‍්බො.

පවත්නා පංචවෝකාර භවයෙහි ප්‍රතිසන්ධිය යම්සේද විපාකයට විපාක නාමයද එසේය. ඡට්ඨායතනයට අවම වශයෙන් සත් ආකාරයකින් ප්‍රත්‍ය වේ. අවිපාකය වනාහි අවිපාක ඡට්ඨායතනයට විපාක ප්‍රත්‍ය අත්හැර අවම වශයෙන් සයාකාරයකින් ප්‍රත්‍ය වේ. කියන ලද නයින්ම උපරිම අවම දැනගත යුතුය.

තත්‍ථෙව සෙසපඤ‍්චන‍්නං, විපාකං පච‍්චයො භවෙ; චතුධා අවිපාකම‍්පි, එවමෙව පකාසිතං.

එහිම සෙසු පහට ද - විපාකයටද සිව් ලෙස පස වේ එලෙසින්ම - අවිවායටද වන්නේ

තත්‍ථෙව හි පවත‍්තෙ සෙසානං චක‍්ඛායතනාදීනං පඤ‍්චන‍්නං චක‍්ඛුප‍්පසාදාදිවත්‍ථුකම‍්පි ඉතරම‍්පි විපාකනාමං පච‍්ඡාජාතවිප‍්පයුත‍්තඅත්‍ථිඅවිගතපච‍්චයෙහි චතුධා පච‍්චයො හොති. යථා ච විපාකං, අවිපාකම‍්පි එවමෙව පකාසිතං. තස‍්මා කුසලාදිභෙදම‍්පි තෙසං චතුධා පච‍්චයො හොතීති වෙදිතබ‍්බං. එවං තාව නාමමෙව පටිසන්‍ධියං පවත‍්තෙ වා යස‍්ස යස‍්ස ආයතනස‍්ස පච‍්චයො හොති, යථා ච හොති, තථා වෙදිතබ‍්බං.

එහිම පවතින සෙසු චක්ඛු ආදි පහද චක්ඛුප්පසාදාදි වස්තුද විපාක නමින් වූ ඉතිරියද පච්ඡාජාත, විප්පයුත්ත, අත්‍ථි, අවිගත ප්‍රත්‍යවලින් සිව් ආකාරයකින් ප්‍රත්‍ය වේ. විපාක සේ අවිපාකද එසේම ප්‍රකාශිතය. එහෙයින් කුසලාදි භේදද ඔවුන්ගේ සිව්ආකාර ප්‍රත්‍ය වේ. මෙසේ නාම පටිසන්ධිය යමකට පවතීනම් ඒ ඒ ආයතනවලට ප්‍රත්‍ය වේ. යම් සේ වෙයිද එසේ දතයුතුය.

රූපං පනෙත්‍ථ ආරුප‍්ප-භවෙ භවති පච‍්චයො; න එකායතනස‍්සාපි, පඤ‍්චක‍්ඛන්‍ධභවෙ පන.

මෙහි රූපය අරූ - බවයෙහි නම් වෙය පස නැත එක් ආයතන - ඉදින් පස්කඳ වේ නම්

රූපතො සන්‍ධියං වත්‍ථු, ඡධා ඡට‍්ඨස‍්ස පච‍්චයො; භූතානි චතුධා හොන‍්ති, පඤ‍්චන‍්නං අවිසෙසතො.

රූපයෙන් පිළිසිදුම් - වත්රූ මතට සවිදිව පස වේ සිව් බූ ද - පහට අවිසෙස් සිව්’යුරු

රූපතො හි පටිසන්‍ධියං වත්‍ථුරූපං ඡට‍්ඨස‍්ස මනායතනස‍්ස සහජාතඅඤ‍්ඤමඤ‍්ඤනිස‍්සයවිප‍්පයුත‍්තඅත්‍ථිඅවිගතපච‍්චයෙහි ඡධා පච‍්චයො හොති. චත‍්තාරි පන භූතානි අවිසෙසතො පටිසන්‍ධියං පවත‍්තෙ ච යං යං ආයතනං උප‍්පජ‍්ජති, තස‍්ස තස‍්ස වසෙන පඤ‍්චන‍්නම‍්පි චක‍්ඛායතනාදීනං සහජාතනිස‍්සයඅත්‍ථිඅවිගතපච‍්චයෙහි චතුධා පච‍්චයා හොන‍්ති.

රූපයෙන් වන ප්‍රතිසන්ධිය වස්තුරූප සවැනි මනායතනයට සහජාත අඤ්ඤමඤ්ඤ නිස්සය විප්පයුත්ත අත්‍ථි අවිගත ප්‍රත්‍යවලින් සයාකාරයකින් ප්‍රත්‍ය වේ. ප්‍රතිසන්ධිය පවතින යම් යම් ආයතනවල සතරමහා භූත අවිශේෂයෙන් උපදියි. ඒ ඒ හැටියට චක්ඛු ආදි ආයතන පහම සහජාත නිස්සය අත්‍ථි අවිගත ප්‍රත්‍යවලින් සිව් ආකාරයකින් ප්‍රත්‍ය වේ.

තිධා ජීවිතමෙතෙසං, ආහාරො ච පවත‍්තියං; තානෙව ඡධා ඡට‍්ඨස‍්ස, වත්‍ථු තස‍්සෙව පඤ‍්චධා.

පවතින මොවුනගේ - ජීවිත අහර සඳහා තෙපරිදිව පස වේ - සයට සවිදි පහට සිව්

එතෙසං පන චක‍්ඛාදීනං පඤ‍්චන‍්නං පටිසන්‍ධියං පවත‍්තෙ ච අත්‍ථිඅවිගතඉන්‍ද්‍රියවසෙන රූපජීවිතං තිධා පච‍්චයො හොති.

චක්ඛු ආදි මොවුන්ගේ ප්‍රතිසන්ධිය පවතින කල්හි අත්‍ථි අවිගත ඉන්‍ද්‍රිය වශයෙන් රූප ජීවිතේන්‍ද්‍රියට තුන් ආකාරයකින් ප්‍රත්‍ය වේ.

‘ආහාරො චා’ති ආහාරො ච අත්‍ථිඅවිගතආහාරවසෙන තිධා පච‍්චයො හොති. සො ච ඛො යෙ සත‍්තා ආහාරූපජීවිනො, තෙසං ආහාරානුගතෙ කායෙ පවත‍්තියංයෙව, නො පටිසන්‍ධියං. තානි පන පඤ‍්ච චක‍්ඛායතනාදීනි ඡට‍්ඨස‍්ස චක‍්ඛුසොතඝානජිව‍්හාකායවිඤ‍්ඤාණසඞ‍්ඛාතස‍්ස මනායතනස‍්ස නිස‍්සයපුරෙජාතඉන්‍ද්‍රියවිප‍්පයුත‍්තඅත්‍ථිඅවිගතවසෙන ඡහාකාරෙහි පච‍්චයා හොන‍්ති පවත‍්තෙ, නො පටිසන්‍ධියං. ඨපෙත්‍වා පන පඤ‍්ච විඤ‍්ඤාණානි තස‍්සෙව අවසෙසමනායතනස‍්ස වත්‍ථුරූපං නිස‍්සයපුරෙජාතවිප‍්පයුත‍්තඅත්‍ථිඅවිගතවසෙන පඤ‍්චධා පච‍්චයො හොති පවත‍්තෙ, නො පටිසන්‍ධියං. එවං රූපමෙව පටිසන්‍ධියං පවත‍්තෙ වා යස‍්ස යස‍්ස ආයතනස‍්ස පච‍්චයො හොති යථා ච හොති තථා වෙදිතබ‍්බං.

ආහාරයටද ආහාර අත්‍ථි අවිගත වශයෙන් තුන් ආකාරයකින් ප්‍රත්‍ය වේ. යම් සත්ත්වයෙක් ආහාර රූප ජීවියෙක් නම් ඔහුගේ ආහාර අනුගත ශරීරයම පවතී. ප්‍රතිසන්ධියක් නැත. චක්ඛු ආයතනාදී පහ සහ චක්ඛු විඤ්ඤාණාදි ආයතන හයට නිස්සය, පුරෙජාත, ඉන්‍ද්‍රිය, විප්පයුත්ත, අත්‍ථි අවිගත වශයෙන් සයාකාරයකින් ප්‍රත්‍ය පවතී නමි, ප්‍රතිසන්ධිය නැත. පඤ්චවිඤ්ඤාණ හැර එහිම අවසේස වූ මනායතනයට වස්තුරූපය නිසා පුරෙජාත, විප්පයුත්ත, අත්‍ථි අවිගත වශයෙන් පස් ආකාරයකින් ප්‍රත්‍ය පවතී නමි, ප්‍රතිසන්ධිය නැත. මෙසේ රූපයම ප්‍රතිසන්ධියව පවතින හෝ ඒ ඒ ආයතනවලට ප්‍රත්‍ය වේ. යම්සේ වේද එසේ දන්නේය.

නාමරූපං පනුභයං, හොති යං යස‍්ස පච‍්චයො; යථා ච තම‍්පි සබ‍්බත්‍ථ, විඤ‍්ඤාතබ‍්බං විභාවිනා.

යම් නම් රූ දෙකම - යමකට පසය වන්නේ සැම තැනම සුදුසුම - යොදා පඬුවන් දන්නේ

සෙය්‍යථිදං – පටිසන්‍ධියං තාව පඤ‍්චවොකාරභවෙ ඛන්‍ධත‍්තයවත්‍ථුරූපසඞ‍්ඛාතං නාමරූපං ඡට‍්ඨායතනස‍්ස සහජාතඅඤ‍්ඤමඤ‍්ඤනිස‍්සයවිපාකසම‍්පයුත‍්තවිප‍්පයුත‍්තඅත්‍ථිඅවිගතපච‍්චයාදීහි පච‍්චයො හොතීති ඉදමෙත්‍ථ මුඛමත‍්තං. වුත‍්තනයානුසාරෙන පන සක‍්කා සබ‍්බං යොජෙතුන‍්ති න එත්‍ථ විත්‍ථාරො දස‍්සිතොති.

කෙසේද යත්? පංච වෝකාර භවයෙහි ප්‍රතිසන්ධිය පවතිනවිට ස්කන්ධ තුන වස්තුරූප සංඛ්‍යාත නාමරූපය ඡට්ඨායතනයට සහජාත අඤ්ඤමඤ්ඤ නිස්සය විපාක සම්පයුත්ත විප්පයුත්ත අත්‍ථි අවිගත ප්‍රත්‍යාදියෙන් ප්‍රත්‍ය වේ. මෙය මෙහි මාතෘකාව පමණය. කියන ලද නය අනුසාරයෙන් සියල්ල යොදා ගැනීමට හැකි වේ. මෙහි විස්තර නොදැක්වීය.

නාමරූපපච‍්චයා සළායතනපදනිද‍්දෙසො.

නාමරූප පච්චයා සළායතන නිර්දේශයයි.

ඵස‍්සපදනිද‍්දෙසො

ඵස්සපදනිද්දෙසො

සළායතනපච‍්චයා ඵස‍්සනිද‍්දෙසෙ –

සළායතන පච්චයා ඵස්ස නිර්දේශයෙහි :-

ඡළෙව ඵස‍්සා සඞ‍්ඛෙපා, චක‍්ඛුසම‍්ඵස‍්සආදයො; විඤ‍්ඤාණමිව බත‍්තිංස, විත්‍ථාරෙන භවන‍්ති තෙ.

ස වෙ පහස් කෙටියෙන් - අක් පහස් ඈ ලෙසිනේ දෙතිස් විනැණ වැනිව - විතර විසින් වේ දනූ

‘සඞ‍්ඛෙපතො’ හි පාළියං චක‍්ඛුසම‍්ඵස‍්සොති ආදයො ඡළෙව ඵස‍්සා ආගතා. විත්‍ථාරෙන පන චක‍්ඛුසම‍්ඵස‍්සාදයො පඤ‍්ච කුසලවිපාකා පඤ‍්ච අකුසලවිපාකාති දස, සෙසා බාවීසති ලොකියවිපාකවිඤ‍්ඤාණසම‍්පයුත‍්තා ච බාවීසතීති එවං සබ‍්බෙපි සඞ‍්ඛාරපච‍්චයා වුත‍්තවිඤ‍්ඤාණමිව බාත‍්තිංස හොන‍්ති. යං පනෙතස‍්ස බාත‍්තිංසවිධස‍්සාපි ඵස‍්සස‍්ස පච‍්චයො සළායතනං. තත්‍ථ –

පාලියෙහි සංක්‍ෂෙපයෙන් චක්ඛු සම්ඵස්සති යන ආදි ස්පර්ශ සයක්ම ආවේය. විස්තර වශයෙන් වනාහි චක්ඛු සම්ඵස්සාදි කුසල විපාක පහද අකුසල විපාක පහද යන දහයද සෙසු ලෞකික විපාක විඤ්ඤාණ සම්ප්‍රයුක්ත වූ විසිදෙක දැයි යන මේ සියල්ල සංඛාර ප්‍රත්‍යයෙන් යුත් කියන ලද විඤ්ඤාණය මෙන් තිස්දෙකක් වේ. යම් ඒ මේ තිස්දෙවැදෑරුම් වූ ස්පර්ශයට සළායතන ප්‍රත්‍ය වේ. එහි

ඡට‍්ඨෙන සහ අජ‍්ඣත‍්තං, චක‍්ඛාදිං බාහිරෙහිපි; සළායතනමිච‍්ඡන‍්ති, ඡහි සද‍්ධිං විචක‍්ඛණා.

සක් ආදි අබතුර - බාහිර ද සයෙකින් වන සළායතන වේ යයි - කැමතිවෙති මෙහි විදුවෝ

තත්‍ථ යෙ තාව “උපාදින‍්නකපවත‍්තිකථා අය”න‍්ති එකසන‍්තතිපරියාපන‍්නමෙව පච‍්චයං පච‍්චයුප‍්පන‍්නඤ‍්ච දීපෙන‍්ති, තෙ ඡට‍්ඨායතනපච‍්චයා ඵස‍්සොති පාළිඅනුසාරතො ආරුප‍්පෙ ඡට‍්ඨායතනඤ‍්ච අඤ‍්ඤත්‍ථ සබ‍්බසඞ‍්ගහතො සළායතනඤ‍්ච ඵස‍්සස‍්ස පච‍්චයොති එකදෙසසරූපෙකසෙසං කත්‍වා ඡට‍්ඨෙන සහ අජ‍්ඣත‍්තං චක‍්ඛාදිං සළායතනන‍්ති ඉච‍්ඡන‍්ති. තඤ‍්හි ඡට‍්ඨායතනඤ‍්ච සළායතනඤ‍්ච සළායතනන‍්ත්‍වෙව සඞ‍්ඝං ගච‍්ඡති. යෙ පන පච‍්චයුප‍්පන‍්නමෙව එකසන‍්තතිපරියාපන‍්නං දීපෙන‍්ති, පච‍්චයං පන භින‍්නසන‍්තානම‍්පි, තෙ යං යං ආයතනං ඵස‍්සස‍්ස පච‍්චයො හොති තං සබ‍්බං දීපෙන‍්තා බාහිරම‍්පි පරිග‍්ගහෙත්‍වා තදෙව ඡට‍්ඨෙන සහ අජ‍්ඣත‍්තං බාහිරෙහිපි රූපායතනාදීහි සද‍්ධිං සළායතනන‍්ති ඉච‍්ඡන‍්ති. තම‍්පි හි ඡට‍්ඨායතනඤ‍්ච සළායතනඤ‍්ච සළායතනන‍්ති එතෙසං එකසෙසෙ කතෙ සළායතනන‍්ත්‍වෙව සඞ‍්ඛං ගච‍්ඡති.

එහි යමෙක් තමාගේ යයි සිතා පැවැත්ම කථා වේ යයි එක් පරම්පරාවකට අයත් ප්‍රත්‍ය හා ප්‍රත්‍යුත්පන්න පලද දැක්වේ. ඒවා ඡට්ඨායතන පච්චයා ඵස්සො යන පෙල ඇසුරෙන් ආරුප්පයෙහි ඡට්ඨායතන ද අන් තන්හි සර්ව සංග්‍රහ වශයෙන් සළායතනද ස්පර්ශයෙහි ප්‍රත්‍යයයි එක් ආකාරයකින් සමාන වූ දේ එකක් වශයෙන් ගෙන ඡට්ඨය සමග ආධ්‍යාත්ම වූ ශරීරයෙන් සහ චක්ඛු ආදිය සළායතනයයි කැමති වෙති. එය ඡට්ඨායතනද සළායතනද සළායතන ලෙස ගණන් ගැනේ. යමෙක් ප්‍රත්‍යුත්පන්නයම එක් සන්තතියකට ඇතුළත් කොට දක්වති. බිඳුණු සන්තතියකද ප්‍රත්‍යය වෙයි. යම් යම් ආයතන ස්පර්ශයට ප්‍රත්‍ය වේ. ඒ සියල්ලම දක්වන්නේ බාහිරයද අල්වාගෙන එයම ඡට්ඨය සමග අජ්ඣත්තය බාහිර වූ රූපායතනාදිය සමග සළායතනයයි කැමතිවෙති. එයද ඡට්ඨායතනඤ්ච සළායතනඤ්ච සළායතනය යන මේවා ඒක සේසයක් කළ කල්හි සළායතන යන සංඛ්‍යාව යයි

එත්‍ථාහ – න සබ‍්බායතනෙහි එකො ඵස‍්සො සම‍්භොති, නාපි එකම‍්හා ආයතනා සබ‍්බෙ ඵස‍්සා, අයඤ‍්ච සළායතනපච‍්චයා ඵස‍්සොති එකොව වුත‍්තො, සො කස‍්මාති? තත්‍රිදං විස‍්සජ‍්ජනං – සච‍්චමෙතං. සබ‍්බෙහි එකො එකම‍්හා වා සබ‍්බෙ න සම‍්භොන‍්ති, සම‍්භොති පන අනෙකෙහි එකො; යථා චක‍්ඛුසම‍්ඵස‍්සො චක‍්ඛායතනා රූපායතනා චක‍්ඛුවිඤ‍්ඤාණසඞ‍්ඛාතා මනායතනා අවසෙසා සම‍්පයුත‍්තධම‍්මායතනා චාති එවං සබ‍්බත්‍ථ යථානුරූපං යොජෙතබ‍්බං. තස‍්මා එව හි –

මෙහි කීහ. සියළු ආයතනයන් එක් ස්පර්ශයක් සම්භෝග නොකෙරේ. (හටගන්වනු ලැබේ.) එක් ආයතනයකින් සියළු ස්පර්ශ ඇති නොවේ. මෙයද, සළායතන පච්චයා ඵස්සො යයි එකක්ම කියන ලදි. ඒ කුමක් නිසාද? එහි විසඳුම මෙයයි. මෙය සත්‍යයයි. සියල්ල විසින් එකක් හෝ එකකින් සියල්ලම හෝ නොහටගනී. අනේකයෙන් එකක් හට ගනී. යම්සේ චක්ඛු සම්ඵස්සො චක්ඛායතනා රූපායතනා චක්ඛු විඤ්ඤාණ සංඛාතා මනායතනා අවසේස සම්පයුත්ත ධම්මායතන යයි මෙසේ සියළු තන්හි සුදුසු පරිදි යෙදිය යුතුයි. එහෙයින්ම :-

එකො පනෙකායතන-ප‍්පභවො ඉති දීපිතො; ඵස‍්සොයං එකවචන-නිද‍්දෙසෙනිධ තාදිනා.

එකක් එක් ආයත-නයකින් ඇතිවෙතැයි කී පහස එක් වදනින් - මෙහි නිදසනුයෙ එනිසා

‘එකවචනනිද‍්දෙසෙනා’ති සළායතනපච‍්චයා ඵස‍්සොති ඉමිනා හි එකවචනනිද‍්දෙසෙන අනෙකෙහි ආයතනෙහි එකො ඵස‍්සො හොතීති තාදිනා දීපිතොති අත්‍ථො. ආයතනෙසු පන –

ඒක වචන නිර්දේශයෙන් යන සළායතන පච්චයා ඵස්සො යන මෙහි ඒකවචන නිර්දේශයෙන් නොයෙක් ආයතනවලින් එක ස්පර්ශයෙක් වේ යයි එයින් දැක්වීය යන අර්ථයයි. ආයතන වනාහි :-

ඡධා පඤ‍්ච තතො එකං, නවධා බාහිරානි ඡ; යථාසම‍්භවමෙතස‍්ස, පච‍්චයත‍්තෙ විභාවයෙ.

පහට සය අයුරින් - එකට නව විදි බිහියට සය විදි වෙතැයි පස - දැක්විය යුතු නිපන් සේ

තත්‍රායං විභාවනා – චක‍්ඛායතනාදීනි තාව පඤ‍්ච චක‍්ඛුසම‍්ඵස‍්සාදිභෙදතො පඤ‍්චවිධස‍්ස ඵස‍්සස‍්ස නිස‍්සයපුරෙජාතඉන්‍ද්‍රියවිප‍්පයුත‍්තඅත්‍ථිඅවිගතවසෙන ඡධා පච‍්චයා හොන‍්ති. තතො පරං එකං විපාකමනායතනං අනෙකභෙදස‍්ස විපාකමනොසම‍්ඵස‍්සස‍්ස සහජාතඅඤ‍්ඤමඤ‍්ඤනිස‍්සයවිපාකආහාරඉන්‍ද්‍රියසම‍්පයුත‍්තඅත්‍ථිඅවිගතවසෙන නවධා පච‍්චයො හොති. බාහිරෙසු පන රූපායතනං චක‍්ඛුසම‍්ඵස‍්සස‍්ස ආරම‍්මණපුරෙජාතඅත්‍ථිඅවිගතවසෙන චතුධා පච‍්චයො හොති. තථා සද‍්දායතනාදීනි සොතසම‍්ඵස‍්සාදීනං. මනොසම‍්ඵස‍්සස‍්ස පන තානි ධම‍්මායතනඤ‍්ච තථා ච ආරම‍්මණපච‍්චයමත‍්තෙනෙව චාති එවං බාහිරානි ඡ යථාසම‍්භවමෙතස‍්ස පච‍්චයත‍්තෙ විභාවයෙති.

මේ එහි විස්තරයයි. චක්ඛු ආදි ආයතන පහ චක්ඛු සම්ඵස්ස ආදි පංචවිධ භේදයෙන් ස්පර්ශයට නිස්සය පුරෙජාත ඉන්‍ද්‍රිය විප්පයුත්ත අත්‍ථි අවිගත වශයෙන් සයාකාරයකින් ප්‍රත්‍ය වේ. ඉන්පසුව එකක් වූ විපාක මනායතනය නොයෙක් භේදයන් ඇති විපාක මනෝ ස්පර්ශයට සහජාත අඤ්ඤමඤ්ඤ නිස්සය විපාක ආහාර ඉන්‍ද්‍රිය සම්පයුත්ත අත්‍ථි අවිගත වශයෙන් නවාකාරයකින් ප්‍රත්‍ය වේ. බාහිර ආයතන අතුරෙන් රූපායතන චක්ඛු සම්ඵස්සයට ආරම්මණ පුරෙජාත අත්‍ථි අවිගත වශයෙන් සිව් ආකාරයකින් ප්‍රත්‍ය වේ. සද්දායතනාදි සොතසම්ඵස්සාදියට ද එසේය. මනෝ සම්ඵස්සයේ වනාහි ඒවාද ධම්මායතනයද එසේම ආරම්මණ පච්චය පමණකින් යයි ද මෙසේ බාහිර හය මේවායේ සම්භවය අනුව ප්‍රත්‍ය බව දැක්විය යුතු වන්නේය.

සළායතනපච‍්චයා ඵස‍්සපදනිද‍්දෙසො.

සළායතන පච්චයා ඵස්ස නිර්දේශයයි.

වෙදනාපදනිද‍්දෙසො

වෙදනාපදනිද්දෙසො

ඵස‍්සපච‍්චයා වෙදනානිද‍්දෙසෙ –

ඵස්ස පච්චයා වේදනා නිර්දේශයෙහි:-

ද‍්වාරතො වෙදනා වුත‍්තා, චක‍්ඛුසම‍්ඵස‍්සජාදිකා; ඡළෙව තා පභෙදෙන, එකූනනවුතී මතා.

කීයැ විඳුම් දොරෙන් - සක් පහසින් නිපන් ඈ සයෙක් තෙල බෙදුමෙන් - එකුන් අනූ වේ දනූ

චක‍්ඛුසම‍්ඵස‍්සජාවෙදනාතිආදිනා හි නයෙන පාළියං ඉමා චක‍්ඛුසම‍්ඵස‍්සජාදිකා ද‍්වාරතො ඡළෙව වෙදනා වුත‍්තා. තා පන පභෙදෙන එකූනනවුතියා චිත‍්තෙහි සම‍්පයුත‍්තත‍්තා එකූනනවුතීති මතා.

චක්ඛු සම්ඵස්සජා වේදනා යන ආදි නයින් පෙලෙහි මෙය චක්ඛු සම්ඵස්සජාදිකය සදොරින්ම වේදනාව ඇතිවේ යයි කියන ලදි. එය ප්‍රභේද වශයෙන් එකුන් අනූ සිත්වලින් සම්ප්‍රයුක්ත වී අසූනවය යයි දන්නා ලදි.

වෙදනාසු පනෙතාසු, ඉධ බාත‍්තිංස වෙදනා; විපාකචිත‍්තයුත‍්තාව, අධිප‍්පෙතාති භාසිතා.

විඳුම් අතරින් මෙහි - දෙතිසක් වූ වේදනා විපාක සිත් සමග - අදහස් කළැයි පැවසේ

අට‍්ඨධා තත්‍ථ පඤ‍්චන‍්නං, පඤ‍්චද‍්වාරම‍්හි පච‍්චයො; සෙසානං එකධා ඵස‍්සො, මනොද‍්වාරෙපි සො තථා.

අට’යුරු එහි පහට - පස් දොරෙහි පස වන්නේ සෙසු පහස එකයුරු - මන දොරෙහි පෙර අට’යුරු

තත්‍ථ හි පඤ‍්චද‍්වාරෙ චක‍්ඛුපසාදාදිවත්‍ථුකානං පඤ‍්චන‍්නං වෙදනානං චක‍්ඛුසම‍්ඵස‍්සාදිකො ඵස‍්සො සහජාතඅඤ‍්ඤමඤ‍්ඤනිස‍්සයවිපාකආහාරසම‍්පයුත‍්තඅත්‍ථිඅවිගතවසෙන අට‍්ඨධා පච‍්චයො හොති. සෙසානං පන එකෙකස‍්මිං ද‍්වාරෙ සම‍්පටිච‍්ඡනසන‍්තීරණතදාරම‍්මණවසෙන පවත‍්තානං කාමාවචරවිපාකවෙදනානං චක‍්ඛුසම‍්ඵස‍්සාදිකො ඵස‍්සො උපනිස‍්සයවසෙන එකධාව පච‍්චයො හොති.

එහි පඤ්ච ද්වාරයෙහි චක්ඛු පසාදාදි වස්තු පසේ වේදනාවන්ගේ චක්ඛු සම්ඵස්සාදික වූ ස්පර්ශයට සහජාත අඤ්ඤමඤ්ඤ නිස්සය විපාක ආහාර සම්පයුත්ත අත්‍ථි අවිගත වශයෙන් අට ආකාරයකින් ප්‍රත්‍ය වේ. සෙසු එක එක දොරවල්වල සම්පටිච්ඡනා සන්තීරණ තදාරම්මණ වශයෙන් පවතින කාමාවචර විපාක වේදනාවන්ගේ චක්ඛු සම්ඵස්සාදි ස්පර්ශය උපනිස්සය වශයෙන් එක් අයුරින් ප්‍රත්‍ය වේ.

‘මනොද‍්වාරෙපි සො තථා’ති මනොද‍්වාරෙපි හි තදාරම‍්මණවසෙන පවත‍්තානං කාමාවචරවිපාකවෙදනානං සො සහජාතමනොසම‍්ඵස‍්සසඞ‍්ඛාතො ඵස‍්සො තථෙව අට‍්ඨධා පච‍්චයො හොති, පටිසන්‍ධිභවඞ‍්ගචුතිවසෙන ච පවත‍්තානං තෙභූමකවිපාකවෙදනානම‍්පි. යා පනෙතා මනොද‍්වාරෙ තදාරම‍්මණවසෙන පවත‍්තා කාමාවචරවෙදනා, තාසං මනොද‍්වාරෙ ආවජ‍්ජනසම‍්පයුත‍්තො මනොසම‍්ඵස‍්සො උපනිස‍්සයවසෙන එකධා පච‍්චයො හොතීති.

මනෝද්වාරයෙහි ද තදාරම්මණ වශයෙන් පවතින කාමාවචර විපාක වේදනාවන්ගේ ඒ සහජාත මනෝ සම්ඵස්ස සංඛ්‍යාත ස්පර්ශය පෙර මෙන් අට ආකාරයකින් ප්‍රත්‍ය වේ. ප්‍රතිසන්ධි භවංග චුති වශයෙන් පවත්නා ත්‍රෛභූමික විපාක වේදනාවන්ගේද මනෝ ද්වාරයෙහි යම් ඒ තදාරම්මණ වශයෙන් පවතින කාමාවචර වේදනා ඒවා මනෝද්වාරයෙහි ආවර්ජන ආවර්ජන සම්ප්‍රයුක්ත වූ මනෝ සම්ඵස්සය උපනිස්සය වශයෙන් එක් අයුරකින් ප්‍රත්‍ය වේ.

ඵස‍්සපච‍්චයා වෙදනාපදනිද‍්දෙසො.

තණ‍්හාපදනිද‍්දෙසො

ඵස්සපච්චයා වේදනා නිර්දේශයයි.

වෙදනාපච‍්චයා තණ‍්හානිද‍්දෙසෙ –

වේදනා පච්චයා තණ්හා නිර්දේශයෙහි :-

රූපතණ‍්හාදිභෙදෙන, ඡ තණ‍්හා ඉධ දීපිතා; එකෙකා තිවිධා තත්‍ථ, පවත‍්තාකාරතො මතා.

රූ තණ ඈ බෙයින් - ඇත මෙහි සයක් දක්වා එකක තුනකින් යුත් - පවතින අයුරු දන්නේ

ඉමස‍්මිඤ‍්හි වෙදනාපච‍්චයා තණ‍්හානිද‍්දෙසෙ ‘සෙට‍්ඨිපුත‍්තො බ්‍රාහ‍්මණපුත‍්තො’ති පිතිතො නාමවසෙන පුත‍්තො විය ඉමා රූපතණ‍්හා…පෙ… ධම‍්මතණ‍්හාති ආරම‍්මණතො නාමවසෙන ඡ තණ‍්හා දීපිතා පකාසිතා කථිතාති අත්‍ථො. තත්‍ථ රූපෙ තණ‍්හා රූපතණ‍්හාති ඉමිනා නයෙන පදත්‍ථො වෙදිතබ‍්බො.

මෙහි වේදනා පච්චයා තණ්හා නිර්දේශයෙහි සිටු පුතා බමුණු පුතා යන පියාගේ නමින් පුතා මෙන් මේ රූප තණ්හා....... ධම්ම තණ්හා යන අරමුණුවලින් නම් වශයෙන් තෘෂ්ණා සයක් දක්වන ලදැයි ප්‍රකාශ කරන ලදැයි කියන ලදැයි යන අර්ථයද එහි රූපයෙහි තෘෂ්ණාව රූප තණ්හායයි මේ නයින් පද අර්ථය දතයුතුය.

තාසු ච පන තණ‍්හාසු එකෙකා තණ‍්හා පවත‍්තිආකාරතො කාමතණ‍්හා, භවතණ‍්හා, විභවතණ‍්හාති එවං තිවිධා මතා. රූපතණ‍්හා එව හි යදා චක‍්ඛුස‍්ස ආපාථගතං රූපාරම‍්මණං කාමස‍්සාදවසෙන අස‍්සාදයමානා පවත‍්තති, තදා කාමතණ‍්හා නාම හොති. යදා තදෙවාරම‍්මණං ධුවං සස‍්සතන‍්ති පවත‍්තාය සස‍්සතදිට‍්ඨියා සද‍්ධිං පවත‍්තති, තදා භවතණ‍්හා නාම හොති. සස‍්සතදිට‍්ඨිසහගතො හි රාගො භවතණ‍්හාති වුච‍්චති. යදා පන තදෙවාරම‍්මණං “උච‍්ඡිජ‍්ජති විනස‍්සතී”ති පවත‍්තාය උච‍්ඡෙදදිට‍්ඨියා සද‍්ධිං පවත‍්තති, තදා විභවතණ‍්හා නාම හොති. උච‍්ඡෙදදිට‍්ඨිසහගතො හි රාගො විභවතණ‍්හාති වුච‍්චති. එසෙව නයො සද‍්දතණ‍්හාදීසුපීති එතා අට‍්ඨාරස තණ‍්හා හොන‍්ති.

ඒ තෘෂ්ණා අතරින් එක එකේ තණ්හාව පවතින ආකාරය කාම තණ්හා භව තණ්හා විභව තණ්හා යන තුන් ආකාරයෙන් දන්නා ලදි. යම්විට රූප තණ්හාවම ඇසට පැමිණි රූප අරමුණ කාමාශ්වාද වශයෙන් අරමුණු කරමින් පවතී. එවිට එය කාම තණ්හාව වේ. යම්විට ඒ අරමුණම ස්ථිරව සදාකාලිකව පවතී යයි සාස්වත දෘෂ්ටිය සමග පවතී. එවිට එය භව තණ්හාව වේ. සාස්වත දෘෂ්ටි සහගත රාගය භව තෘෂ්ණාවයි කියනු ලැබේ. යම්කලෙක ඒ අරමුණම සිඳදමනු ලබයි. විනාශ වන්නේ යයි උච්ඡේද දෘෂ්ටිය සමග පවතී. එවිට එය විභව තණ්හා නම් වෙයි. උච්ඡේද දෘෂ්ටි සහගත රාගය විභව තණ්හාවයයි කියනු ලැබේ. ශබ්ද තෘෂ්ණාදිය ද මේ නයින්මය. මේවා තෘෂ්ණා දහඅටක් වේ.

තා අජ‍්ඣත‍්තරූපාදීසු අට‍්ඨාරස, බහිද‍්ධා අට‍්ඨාරසාති ඡත‍්තිංස. ඉති අතීතා ඡත‍්තිංස, අනාගතා ඡත‍්තිංස, පච‍්චුප‍්පන‍්නා ඡත‍්තිංසාති අට‍්ඨසතං තණ‍්හා හොන‍්ති. තා පන සංඞ‍්ඛිප‍්පමානා රූපාදිආරම‍්මණවසෙන ඡ, කාමතණ‍්හාදිවසෙන වා තිස‍්සොව තණ‍්හා හොන‍්තීති වෙදිතබ‍්බා. යස‍්මා පනිමෙ සත‍්තා පුත‍්තං අස‍්සාදෙත්‍වා පුත‍්තෙ මමත‍්තෙන ධාතියා විය රූපාදිආරම‍්මණවසෙන උප‍්පජ‍්ජමානං වෙදනං අස‍්සාදෙත්‍වා වෙදනාය මමත‍්තෙන රූපාදිආරම‍්මණදායකානං චිත‍්තකාරගන්‍ධබ‍්බගන්‍ධිකසූදතන‍්තවායරසායනවිධායකවෙජ‍්ජාදීනං මහාසක‍්කාරං කරොන‍්ති, තස‍්මා සබ‍්බාපෙසා වෙදනාපච‍්චයා තණ‍්හා හොතීති වෙදිතබ‍්බා.

ඒවා අජ්ඣත්ත දහඅට බාහිර දහඅට යයි තිස්හයක් වේ. මෙසේ අතීත තිස්හය අනාගත තිස්හය වර්තමාන තිස්හය යයි එකසිය අටක් තෘෂ්ණා වේ. ඒවා වනාහි සංක්‍ෂෙප කරමින් රූපාදි අරමුණු වශයෙන් සය, කාම තණ්හාදි වශයෙන් තණ්හා තුනක් වේ යයි දතයුතුය. යම්හෙයකින් වනාහි මේ සත්ත්වයෝ පුතා සනසා පුතා කෙරෙහි මමත්වයෙන් කිරිමවක මෙන් රූපාදි අරමුණු වශයෙන් ඉපදෙන වේදනාව ආශ්වාදනය කොට වේදනාවෙහි මමත්වයෙන් රූපාදි අරමුණු දෙන්නන්ගේ චිත්‍ර ශිල්පියා නළුවා සුවඳ වෙළෙන්දා අරක්කැමියා පේෂකාරයා රසායන බෙහෙත් සාදන වෛද්‍යවරුන් ආදින්ට මහත් සත්කාර කරති. ඒ නිසා මේ සියල්ල වේදනා පච්චයා තණ්හා හොතීති දතයුතුය.

යස‍්මා චෙත්‍ථ අධිප‍්පෙතා, විපාකසුඛවෙදනා; එකාව එකධා චෙසා, තස‍්මා තණ‍්හාය පච‍්චයො.

‘එකධා’ති උපනිස‍්සයපච‍්චයෙන පච‍්චයො හොති. යස‍්මා වා –

දුක‍්ඛී සුඛං පත්‍ථයති, සුඛී භිය්‍යොපි ඉච‍්ඡති; උපෙක‍්ඛා පන සන‍්තත‍්තා, සුඛමිච‍්චෙව භාසිතා.

දුගියා සුව පතයි - සුගියා තව තව පතා මැදහතින් තැවුනෝ - එය සැපමයයි කියතී

තණ‍්හාය පච‍්චයා තස‍්මා, හොන‍්ති තිස‍්සොපි වෙදනා; වෙදනාපච‍්චයා තණ‍්හා, ඉති වුත‍්තා මහෙසිනා.

තණෙන් පසවීමෙන් - වෙයි මේ තුන් වේදනා වෙයින් තණ වේයයි - කී මහ ඉසිවර මෙසේ

වෙදනා පච‍්චයා චාපි, යස‍්මා නානුසයං විනා; හොති තස‍්මා න සා හොති, බ්‍රාහ‍්මණස‍්ස වුසීමතොති.

අනුසයක් නොමැතිව - වෙයින් පස නොවේමය එය නොමැති වේනම් - බමුණෙකි විසුවෙකි දනූ

වෙදනාපච‍්චයා තණ‍්හාපදනිද‍්දෙසො.

වේදනා පච්ච තණ්හා නිර්දේශයයි.

උපාදානපදනිද‍්දෙසො

උපාදානපදනිද්දෙසො

තණ‍්හාපච‍්චයා උපාදානනිද‍්දෙසෙ –

තණ්හා පච්චයා උපාදාන නිර්දේශයෙහි:-

උපාදානානි චත‍්තාරි, තානි අත්‍ථවිභාගතො; ධම‍්මසඞ‍්ඛෙපවිත්‍ථාරා, කමතො ච විභාවයෙ.

උවාදන් සතරකි - බෙදුමෙන් අරුත් ඒවා දම් සැකෙවින් විතර - පිළිවෙල ලෙසින් දක්වනු

පාළියඤ‍්හි උපාදානන‍්ති කාමුපාදානං…පෙ… අත‍්තවාදුපාදානන‍්ති ඉමානි චත‍්තාරි උපාදානානි ආගතානි. තෙසං අයං අත්‍ථවිභාගො – වත්‍ථුසඞ‍්ඛාතං කාමං උපාදියතීති කාමුපාදානං. කාමො ච සො උපාදානඤ‍්චාතිපි කාමුපාදානං. උපාදානන‍්ති දළ‍්හග‍්ගහණං. දළ‍්හත්‍ථො හෙත්‍ථ උපසද‍්දො උපායාස-උපකට‍්ඨාදීසු විය. තථා දිට‍්ඨි ච සා උපාදානඤ‍්චාති දිට‍්ඨුපාදානං. දිට‍්ඨිං උපාදියතීති වා දිට‍්ඨුපාදානං . සස‍්සතො අත‍්තා ච ලොකො චාතිආදීසු හි පුරිමදිට‍්ඨිං උත‍්තරදිට‍්ඨි උපාදියති. තථා සීලබ‍්බතං උපාදියතීති සීලබ‍්බතුපාදානං. සීලබ‍්බතඤ‍්ච තං උපාදානඤ‍්චාතිපි සීලබ‍්බතුපාදානං. ගොසීලගොවතාදීනි හි එවං සුද‍්ධීති අභිනිවෙසතො සයමෙව උපාදානානීති. තථා වදන‍්ති එතෙනාති වාදො, උපාදියන‍්ති එතෙනාති උපාදානං. කිං වදන‍්ති උපාදියන‍්ති වා? අත‍්තානං. අත‍්තනො වාදුපාදානං අත‍්තවාදුපාදානං. අත‍්තවාදමත‍්තමෙව වා අත‍්තාති උපාදියන‍්ති එතෙනාති අත‍්තවාදුපාදානං. අයං තාව තෙසං අත්‍ථවිභාගො.

පෙලෙහි උපාදාන යනු කාම උපාදාන දිට්ඨි උපාදාන සීලබ්බත උපාදාන අත්තවාද උපාදාන යයි යන මේ සතර එයි. මේ ඒවායේ අර්ථ විභාගයයි. වස්තු සංඛ්‍යාත කාමය අල්ලාගනු ලැබේනුයි කාම උපාදාන වේ. කාමයද උපාදානයද කාමූපදාන වේ. උපාදාන යනු දැඩි ග්‍රහණයයි. මෙහි උප භේදය උපායාස උපක්කට්ඨ ආදියෙහි මෙනි. එසේම දිට්ඨියද උපාදානයද දිට්ඨි උපාදාන වේ. දෘෂ්ටිය ගනු ලැබේනුයි හෝ දිට්ඨි උපාදාන වේ. ආත්මයද ලෝකයද ශාස්වතය ආදියෙහි පුරිම දෘෂ්ටියද උත්තර දෘෂ්ටියද අල්ලා ගනී, එසේම සීල වත්ත අල්ලා ගනීනුයි සීලබ්බත උපාදාන වේ. සීලබ්බතය ද උපාදානය ද සීලබ්බතූපාදාන වේ. ගව සීල ගව වත්ත ආදිය මෙසේ පිරිසිදු වේ යයි සිතාගෙන වැළඳගෙන තමාම අල්ලාගෙන එසේ කියයි. මෙයින් වාද වේ. මෙයින් අල්ලා ගනීනුයි උඵාදාන වේ. කුමක් කියයිද? කුමක් අල්ලා ගනීද? යන මෙය උපාදානය වේ. තම තමාගේ වාදය උපාදානය කිරීම අත්තවාදූපාදානය වේ. අත්තවාදය පමණක් හෝ තමා යයි අල්ලා ගත්තේ මෙයින්ය යනු අත්තමවාදූපදාන වේ. මෙය ඒවායේ අර්ථ විභාගයයි.

‘ධම‍්මසඞ‍්ඛෙපවිත්‍ථාරෙ’ පන කාමුපාදානං තාව “තත්‍ථ කතමං කාමුපාදානං? යො කාමෙසු කාමච‍්ඡන්‍දො කාමරාගො කාමනන්‍දී කාමතණ‍්හා කාමස‍්නෙහො කාමපරිළාහො කාමමුච‍්ඡා කාමජ‍්ඣොසානං – ඉදං වුච‍්චති කාමුපාදාන”න‍්ති ආගතත‍්තා සඞ‍්ඛෙපතො තණ‍්හාදළ‍්හත‍්තං වුත‍්තං. තණ‍්හාදළ‍්හත‍්තං නාම පුරිමතණ‍්හාඋපනිස‍්සයපච‍්චයෙන දළ‍්හසම‍්භූතා උත‍්තරතණ‍්හා එව. කෙචි පනාහු – අප‍්පත‍්තවිසයපත්‍ථනා තණ‍්හා, අන්‍ධකාරෙ චොරස‍්ස හත්‍ථප‍්පසාරණං විය. සම‍්පත‍්තවිසයග‍්ගහණං උපාදානං, තස‍්සෙව භණ‍්ඩග‍්ගහණං විය. අප‍්පිච‍්ඡතාසන‍්තුට‍්ඨිතාපටිපක‍්ඛා ච තෙ ධම‍්මා. තථා පරියෙසනාරක‍්ඛදුක‍්ඛමූලාති. සෙසුපාදානත‍්තයං පන සඞ‍්ඛෙපතො දිට‍්ඨිමත‍්තමෙව.

ධම්මසංඛෙප විත්‍ථාරය වනාහි කාමූපාදානය මුලින්ම එහි කාම උපාදානය කුමක්ද? යමෙක් කාමයන්හි කාමයන් කැමැත්තෙක් වේද? ඇල්මක් වේද බැඳීමක් වේද සෙනෙහසක් වේද දැවීමක් වේද මූර්ඡාවීමක් වේද බලවත් ඇල්මක් වේද එය කාම උපාදානය කියනු ලැබේ. සංක්‍ෂේපයෙන් ආ බැවින් තණ්හාව ගොරෝසු ලෙස කියන ලදි. ගොරෝසු තණ්හාව නම් පුරිම තණ්හාව උපනිශ්‍රය ප්‍රත්‍යයෙන් දැඩිව හටගත් උත්තර තණ්හාවම වේ. කිසිවෙක් මෙසේ කීහ. නොපැමිණි විෂය පැතීම තණ්හාව වේ. අඳුරෙහි සොරාගේ අත දිගු කරන්නාක් මෙන් පැමිණි විෂය ගැනීම උපාදාන වේ. එහිම භාණ්ඩයක් ගැනීම මෙනි. අපිස් සතොස් බවට ඒ ධර්ම ප්‍රත්‍යක්‍ෂ වේ. එසේම ඒවා සෙවීම ආරක්ෂා කිරීම දුකට මුලකි. සෙසු උපාදාන තුන සැකෙවින් දෘෂ්ටි මාත්‍රයකි.

විත්‍ථාරතො පන පුබ‍්බෙ රූපාදීසු වුත‍්තාය අට‍්ඨසතප‍්පභෙදායපි තණ‍්හාය දළ‍්හභාවො කාමුපාදානං. දසවත්‍ථුකා මිච‍්ඡාදිට‍්ඨි දිට‍්ඨුපාදානං. යථාහ – “තත්‍ථ කතමං දිට‍්ඨුපාදානං? නත්‍ථි දින‍්නං, නත්‍ථි යිට‍්ඨං…පෙ… සච‍්ඡිකත්‍වා පවෙදෙන‍්තීති යා එවරූපා දිට‍්ඨි…පෙ… විපරියෙසග‍්ගාහො – ඉදං වුච‍්චති දිට‍්ඨුපාදාන”න‍්ති (ධ· ස· 1221; විභ· 938) සීලවතෙහි සුද‍්ධිපරාමසනං පන සීලබ‍්බතුපාදානං. යථාහ – “තත්‍ථ කතමං සීලබ‍්බතුපාදානං? ඉතො බහිද‍්ධා සමණබ්‍රාහ‍්මණානං සීලෙන සුද‍්ධි, වතෙන සුද‍්ධි, සීලබ‍්බතෙන සුද‍්ධීති යා එවරූපා දිට‍්ඨි…පෙ… විපරියෙසග‍්ගාහො – ඉදං වුච‍්චති සීලබ‍්බතුපාදාන”න‍්ති (ධ· ස· 1222; විභ· 938). වීසතිවත්‍ථුකා සක‍්කායදිට‍්ඨි අත‍්තවාදුපාදානං. යථාහ – “තත්‍ථ කතමං අත‍්තවාදුපාදානං? ඉධ අස‍්සුතවා පුථුජ‍්ජනො…පෙ… සප‍්පුරිසධම‍්මෙ අවිනීතො රූපං අත‍්තතො සමනුපස‍්සති…පෙ… විපරියෙසග‍්ගාහො – ඉදං වුච‍්චති අත‍්තවාදුපාදාන”න‍්ති (ධ· ස· 1223; විභ· 938). අයමෙත්‍ථ ධම‍්මසඞ‍්ඛෙපවිත්‍ථාරො.

විස්තර වශයෙන් පෙර රූපාදියෙහි කියන ලද එක්සිය අටක් ප්‍රභේද වූ තෘෂ්ණාවේ දැඩි බව කාමූපාදනා වේ. දස වස්තුක මිථ්‍යා දෘෂ්ටිය දිට්ඨි උපාදාන වේ. යම්සේ කීහ. තත්‍ථ කතමං දිට්ඨූපාදානං යි දෙන ලද දෙයක් පලක් නැත. යාගයෙන් පලක් නැත...... සාක්‍ෂාත් කර ප්‍රකාශ කරති. මේ පිළිබඳ යම් බඳු දෘෂ්ටියක්........ විපර්යාසයෙන් ගැනීමකි. දිට්ඨි උපාදානය මෙය යයි කියනු ලැබේ. සීල ව්‍රතවලින් ශුද්ධිය පරාමර්ශනය කිරීම සීලබ්බත උපාදානයයි. යම්සේ කීහ:- තත්‍ථ කතමං සීලබ්බතූපාදානං? සීලයෙන් ශුද්ධිය ව්‍රතයෙන් ශුද්ධිය සීලබ්බතයෙන් ශුද්ධිය යයි මෙබඳු වූ යම් දෘෂ්ටියක්......... විපර්යාශාව ගැනීමකි. සීලබ්බතූපාදානය මෙය යයි කියනු ලැබේ. වීසති වස්තු සක්කාය දිට්ඨි අත්තවාදූපාදානය. යථාහ....... කත්‍ථ කතුමං අත්තවාදුපාදානං? මෙහි අශ්‍රැතවත් පෘථග්ජනයා....... සත්පුරුෂ ධර්මයෙහි අවිනීතව රූපය තමාගෙන් යයි දකියි. විපර්යාසව ගැනීමකි. මෙය අත්තවාදූපාදානයයි කියනු ලැබේ. මෙහි මෙය ධර්ම සංක්‍ෂෙප විස්තරයයි.

‘කමතො’ති එත්‍ථ පන තිවිධො කමො – උප‍්පත‍්තික‍්කමො, පහානක‍්කමො, දෙසනාක‍්කමො ච. තත්‍ථ අනමතග‍්ගෙ සංසාරෙ ඉමස‍්ස පඨමං උප‍්පත‍්තීති අභාවතො කිලෙසානං නිප‍්පරියායෙන උප‍්පත‍්තික‍්කමො න වුච‍්චති. පරියායෙන පන යෙභුය්‍යෙන එකස‍්මිං භවෙ අත‍්තග‍්ගාහපුබ‍්බඞ‍්ගමො සස‍්සතුච‍්ඡෙදාභිනිවෙසො. තතො “සස‍්සතො අයං අත‍්තා”ති ගණ‍්හතො අත‍්තවිසුද‍්ධත්‍ථං සීලබ‍්බතුපාදානං, උච‍්ඡිජ‍්ජතීති ගණ‍්හතො පරලොකනිරපෙක‍්ඛස‍්ස කාමුපාදානන‍්ති එවං පඨමං අත‍්තවාදුපාදානං, තතො දිට‍්ඨිසීලබ‍්බතකාමුපාදානානීති අයමෙතෙසං එකස‍්මිං භවෙ උප‍්පත‍්තික‍්කමො.

කමතො යන මෙහි ක්‍රම තුනකි. උත්පත්ති ක්‍රමය ප්‍රහාන ක්‍රමය දේශනා ක්‍රමයද වශයෙන්. එහි මුලක් නැති සසරෙහි මෙය පළමුවන උපත යයි නැතිහෙයින් කෙලෙසුන්ගේ වෙනස් නොකළ හැකි බැවින් උත්පත්ති ක්‍රමය නො කියනු ලැබේ. වෙනස් කළ හැකි බැවින් බොහෝ සෙයින් එක් භවයක ආත්මය තැනීම පෙරටුව ශාස්වත උච්ඡේද එළඹ එයින් මේ ආත්මය ශාස්වතයි ගැනීමෙන් ආත්ම විසුද්ධාර්ථ සීලබ්බතූපාදා යයි මේ ආත්මය මෙයින් මතු නැතැයි ගැනීමෙන් පරලෝකය ගැන අපේක්‍ෂා නැති නිසා කාම උපාදානයයි. මෙසේ පළමුව අත්තවාද උපාදානයද එයින් පසු දිට්ඨි සීල කාම උපාදාන හෝ යයි මෙය ඔවුන්ගේ එක් භවයක උත්පත්ති ක්‍රමයයි.

දිට‍්ඨුපාදානාදීනි චෙත්‍ථ පඨමං පහීයන‍්ති සොතාපත‍්තිමග‍්ගවජ‍්ඣත‍්තා. කාමුපාදානං පච‍්ඡා අරහත‍්තමග‍්ගවජ‍්ඣත‍්තාති. අයමෙතෙසං පහානක‍්කමො.

දිට්ඨි උපාදානාදිය මෙහි පළමුව ප්‍රහීන වන්නේ සෝතාපත්ති මාර්ගයෙන් අවසන් වීමෙනි. අරහත්ත මාර්ගයෙන් වධයට පැමිණෙන බැවින් කාමූපාදානය පසුව ප්‍රහීන වේ. මෙය මේවායේ ප්‍රහාණ ක්‍රමයයි.

මහාවිසයත‍්තා පන පාකටත‍්තා ච එතෙසු කාමුපාදානං පඨමං දෙසිතං. මහාවිසයඤ‍්හි තං අට‍්ඨචිත‍්තසම‍්පයොගා. අප‍්පවිසයානි ඉතරානි චතුචිත‍්තසම‍්පයොගා. යෙභුය්‍යෙන ච ආලයරාමතාය පජාය පාකටං කාමුපාදානං, න ඉතරානි. කාමුපාදානවා වත්‍ථුකාමානං සමධිගමත්‍ථං කොතූහලමඞ‍්ගලාදිබහුලො හොති, න සස‍්සතදිට‍්ඨීති තදනන‍්තරං දිට‍්ඨුපාදානං. තං පභිජ‍්ජමානං සීලබ‍්බතඅත‍්තවාදුපාදානවසෙන දුවිධං හොති. තස‍්මිං ද‍්වයෙ ගොකිරියං වා කුක‍්කුරකිරියං වා දිස‍්වාපි වෙදිතබ‍්බතො ඔළාරිකන‍්ති සීලබ‍්බතුපාදානං පඨමං දෙසිතං, සුඛුමත‍්තා අන‍්තෙ අත‍්තවාදුපාදානන‍්ති අයමෙතෙසං දෙසනාක‍්කමො.

මහා විසය බැවින්ද ප්‍රකට නිසා ද මේවා අතුරෙන් කාමූපාදානය පළමුව දේශනා කරන ලදි. ඒ මහා විසය නම් අට සිත් එකතුවයි. සතර සිත් එකතුව ඉතිරි අල්ප විසයයි. ආලයෙන් වෙළුණු ප්‍රජාවගේ කාමූපාදානය බොහෝසෙයින් ප්‍රකටය. ඉතිරිවා එසේ නැත. කාමූපාදානය හෝ වස්තු කාමයන්ගේ දැනගැනීමට (ලබාගැනීමට) කුතුහල මංගල බොහෝ වේ. සාස්වත දෘෂ්ටි යයි. ඊට අනතුරුව දිට්ඨි උපාදානය. එය බෙදමින් සීලබ්බත අත්තවාද උපාදාන වශයෙන් දෙයාකාර වේ. ඒ දෙකෙහි ගව ක්‍රියාවක් හෝ සුනඛ ක්‍රියාවක් හෝ දැක දැනගන්නට ඕලාරික නිසා සීලබ්බත උපාදානය පළමුව දේශනා කරන ලදි. සියුම් නිසා අවසානයෙහි අත්තවාද උපාදානය දේශනා කරන ලදි. මේ මෙහි දේශනා ක්‍රමයයි.

තණ‍්හා ච පුරිමස‍්සෙත්‍ථ, එකධා හොති පච‍්චයො; සත‍්තධා අට‍්ඨධා වාපි, හොති සෙසත‍්තයස‍්ස සා.

මුලට ඇති කම් තණ - එක අයුරකින් පස වේ සෙසු තුනට සත හෝ අට හෝ ලෙසින් පස වේ

එත්‍ථ ච එවං දෙසිතෙ උපාදානචතුක‍්කෙ පුරිමස‍්ස කාමුපාදානස‍්ස කාමතණ‍්හා උපනිස‍්සයවසෙන එකධාව පච‍්චයො හොති තණ‍්හාභිනන්‍දිතෙසු විසයෙසු උප‍්පත‍්තිතො. සෙසත‍්තයස‍්ස පන සහජාතඅඤ‍්ඤමඤ‍්ඤනිස‍්සයසම‍්පයුත‍්තඅත්‍ථිඅවිගතහෙතුවසෙන සත‍්තධා වා උපනිස‍්සයෙන සහ අට‍්ඨධා වාපි පච‍්චයො හොති. යදා ච සා උපනිස‍්සයවසෙන පච‍්චයො හොති තදා අසහජාතාව හොතීති.

මෙසේ දේශනා කරන ලද මෙහි උපාදාන චතුෂ්කයෙහි පළමු කාමූපාදාන තෘෂ්ණාව උපනිශ්‍රය වශයෙන් එක් අයුරකින් ප්‍රත්‍යය වේ. තෘෂ්ණාවෙන් සතුටු විෂය කෙරෙන් උපන් හෙයින් සෙසු තුනට සහජාත අඤ්ඤමඤ්ඤ නිස්සය සම්පයුත්ත අත්‍ථි අවිගත හේතු වශයෙන් සත් ආකාරයකින් හෝ උපනිශ්‍රය ප්‍රත්‍යය සමග අට ආකාරයකින් හෝ ප්‍රත්‍ය වේ. උපනිශ්‍රය ප්‍රත්‍ය වන අවස්ථාවල සහජාත ප්‍රත්‍යය ඉවත් වේ.

තණ‍්හාපච‍්චයා උපාදානපදනිද‍්දෙසො.

තණ්හා පච්චයා උපාදාන නිර්දේශයයි.

භවපදනිද‍්දෙසො

භවපදනිද්දෙසො

උපාදානපච‍්චයා භවනිද‍්දෙසෙ –

උපාදාන පච්චයා භව නිර්දේශයෙහි :-

අත්‍ථතො ධම‍්මතො චෙව, සාත්‍ථතො භෙදසඞ‍්ගහා; යං යස‍්ස පච‍්චයො චෙව, විඤ‍්ඤාතබ‍්බො විනිච‍්ඡයො.

අරුතින් ද දහමින් - බෙදුම් වන ලෙස තේරුම් දතයුතු විනිස මෙහි - යමකට පස වන ලෙස ද

තත්‍ථ භවතීති භවො. දුවිධෙනාති ද‍්වීහි ආකාරෙහි පවත‍්තිතොති අත්‍ථො. අථවා දුවිධෙනාති පච‍්චතෙ කරණවචනං, දුවිධොති වුත‍්තං හොති. අත්‍ථීති සංවිජ‍්ජති. කම‍්මමෙව භවො කම‍්මභවො. උපපත‍්තියෙව භවො උපපත‍්තිභවො. එත්‍ථ ච උපපත‍්ති භවතීති භවො. කම‍්මං පන යථා සුඛකාරණත‍්තා “සුඛො බුද‍්ධානමුප‍්පාදො”ති (ධ· ප· 194) වුත‍්තො, එවං භවකාරණත‍්තා ඵලවොහාරෙන භවොති වෙදිතබ‍්බං. තත්‍ථ කතමො කම‍්මභවොති තෙසු ද‍්වීසු භවෙසු යො කම‍්මභවොති වුත‍්තො, සො කතමොති අත්‍ථො. පුඤ‍්ඤාභිසඞ‍්ඛාරාදයො වුත‍්තත්‍ථා එව. සබ‍්බන‍්ති අනවසෙසං. භවං ගච‍්ඡති ගමෙති චාති භවගාමි. ඉමිනා ලොකුත‍්තරං පටික‍්ඛිපති. අයඤ‍්හි වට‍්ටකථා, තඤ‍්ච විවට‍්ටනිස‍්සිතන‍්ති. කරීයතීති කම‍්මං.

එහි වේනුයි භව දුවිධෙන දෙයාකාරයකින් පවත්නේය යන අර්ථයයි. නොයෙක් දුවිධෙන යනු ප්‍රථමාවෙහි කරණ වචනයයි. දෙක යයි කියන ලදි. අත්‍ථි යනු ඇත. කර්මයම භව කම්මභව වේ. උත්පත්තියම භවය වූයේ උපපත්තිභාවො වේ. මෙහිද උපත වේ යනු භවයයි. යම් සුබ කරුණක් බැවින් සුඛො බුද්ධානං උප්පාදො බුදුවරුන්ගේ ඉපදීම සුවයයි කියන ලදි. මෙසේ බව හේතුවෙන් පල ව්‍යවහාරයෙන් භව යයි දතයුතුය. තත්‍ථ කතමො කම්ම භවො ව යන ඒ භව දෙක අතුරෙන් කර්මභවය කුමක්ද? යන්නය. පුඤ්ඤාභි සංඛාරාදිය කියන ලද අරුත් ඇත්තේමය. සබ්බං යනු සියල්ල. භවයට යයි, යවනු ලබයි භවගාමි. මෙයින් නිවන ප්‍රතික්‍ෂේප කරයි. මේ සසර කථාවයි. එයද විවට්ට නිශ්‍රිතය. කරනු ලැබේනුයි කර්ම.

කාමභවාදීසු කාමසඞ‍්ඛාතො භවො කාමභවො. එස නයො රූපාරූපභවෙසු. සඤ‍්ඤාවතං භවො, සඤ‍්ඤා වා එත්‍ථ භවෙ අත්‍ථීති සඤ‍්ඤාභවො. විපරියායෙන අසඤ‍්ඤාභවො. ඔළාරිකසඤ‍්ඤාය අභාවා සුඛුමාය ච භාවා නෙව සඤ‍්ඤා නාසඤ‍්ඤා අස‍්මිං භවෙති නෙවසඤ‍්ඤානාසඤ‍්ඤාභවො. එකෙන රූපක‍්ඛන්‍ධෙන වොකිණ‍්ණො භවො එකවොකාරභවො. එකො වා වොකාරො අස‍්ස භවස‍්සාති එකවොකාරභවො. එසෙව නයො චතුවොකාරපඤ‍්චවොකාරභවෙසු. අයං වුච‍්චති උපපත‍්තිභවොති එස නවවිධොපි උපපත‍්තිභවො නාම වුච‍්චතීති. එවං තාවෙත්‍ථ ‘අත්‍ථතො’ විඤ‍්ඤාතබ‍්බො විනිච‍්ඡයො.

කාම සංඛ්‍යාත කාම භවයන්හි භවය කාමභව වේ. රූපාරූප භවවලද මෙම නයයි. සංඥාවෙන් ඇතිවූ භවය හෝ සංඥාව මෙහි ඇතැයි යන අර්ථයෙන් හෝ සඤ්ඤාභව වේ. ඊට අසමාන වූයේ අසඤ්ඤා භව වේ. ඕලාරික සංඥාව නැති සියුම්ව ඇති සඤ්ඤා නැති අසඤ්ඤා නැති මේ භවයෙහිය යන නේවසඤ්ඤා නාසඤ්ඤා වේ. එක රූපස්කන්ධයකින් යුත් භවය එකවොකාර භව වේ. එක වෝකාරයක් මේ භවයෙ වේ යයි ද එකවෝකාර භව වේ. චතුවෝකාර පඤ්චවෝකාර භවවලද මෙම නයමය. අයං වුච්චති උප්පත්ති භවො මෙය නව විධව උත්පත්ති භවය කියනු ලැබේ. මෙසේ අර්ථ වශයෙන් විනිස දතයුතුය.

‘ධම‍්මතො’ පන එත්‍ථ හි පුඤ‍්ඤාභිසඞ‍්ඛාරො ධම‍්මතො තෙරස චෙතනා, අපුඤ‍්ඤාභිසඞ‍්ඛාරො ද‍්වාදස, ආනෙඤ‍්ජාභිසඞ‍්ඛාරො චතස‍්සො. “සබ‍්බම‍්පි භවගාමිකම‍්ම”න‍්ති එතෙන සබ‍්බෙපෙතෙ ධම‍්මා චෙතනා සම‍්පයුත‍්තා වා කම‍්මසඞ‍්ඛාතා ආචයගාමිනො ධම‍්මා සඞ‍්ගහිතා. කාමභවො පඤ‍්ච උපාදින‍්නක‍්ඛන්‍ධා, තථා රූපභවො, අරූපභවො චත‍්තාරො, සඤ‍්ඤාභවො චතුපඤ‍්ච, අසඤ‍්ඤාභවො එකො උපාදින‍්නක‍්ඛන්‍ධො, නෙවසඤ‍්ඤානාසඤ‍්ඤාභවො චත‍්තාරො. එකවොකාරභවාදයො එකචතුපඤ‍්චක‍්ඛන්‍ධා උපාදින‍්නක‍්ඛන්‍ධෙහීති එවමෙත්‍ථ ‘ධම‍්මතො’පි විඤ‍්ඤාතබ‍්බො විනිච‍්ඡයො.

ධම්මතො වනාහි පුඤ්ඤාභිසංඛාර ධර්ම වශයෙන් චේතනා දහතුනය. අපුඤ්ඤාභි සංඛාර චේතනා දොළහය. අනෙඤ්ජාභිසංඛාර සතරය. සියල්ල භවගාමී කර්ම නිසා මේ සියළු ධර්මයෝ චේතනා සම්පයුක්තව හෝ කර්ම සංඛ්‍යාත වූ රැස්කරමින් යන ධර්ම සංග්‍රහ කරන ලදි. කාමභවය උපාදින්න (තමාගේ යයි අල්ලාගත් ස්කන්ධ පහය, රූප භවයද එසේය. අරූප භවයෙහි සතරය. සඤ්ඤා භවය සතරකි. පහකි. අසඤ්ඤාභවයේ ඒක උපාදාන ස්කන්ධයකි. නේවසඤ්ඤා නාසඤ්ඤා සතරය සතරකි. ඒකවෝකාර භවාදියෙහි එක සතර පහ වශයෙන් උපාදින්න ස්කන්ධවලින් යුක්ත වේ. මෙසේ මෙහි ධර්මතා වශයෙන් ද විනිස දතයුතුය.

‘සාත්‍ථතො’ති යථා ච භවනිද‍්දෙසෙ තථෙව කාමඤ‍්ච සඞ‍්ඛාරනිද‍්දෙසෙපි පුඤ‍්ඤාභිසඞ‍්ඛාරාදයොව වුත‍්තා, එවං සන‍්තෙපි පුරිමා අතීතකම‍්මවසෙන ඉධ පටිසන්‍ධියා පච‍්චයත‍්තා වුත‍්තා. ඉමෙ පච‍්චුප‍්පන‍්නකම‍්මවසෙන ආයතිං පටිසන්‍ධියා පච‍්චයත‍්තාති පුනවචනං සාත්‍ථකමෙව. පුබ‍්බෙ වා “තත්‍ථ කතමො පුඤ‍්ඤාභිසඞ‍්ඛාරො? කුසලචෙතනා කාමාවචරා”ති එවමාදිනා නයෙන චෙතනාව සඞ‍්ඛාරාති වුත‍්තා. ඉධ පන “සබ‍්බම‍්පි භවගාමිකම‍්ම”න‍්ති වචනතො චෙතනාසම‍්පයුත‍්තාපි. පුබ‍්බෙ ච විඤ‍්ඤාණපච‍්චයමෙව කම‍්මං සඞ‍්ඛාරාති වුත‍්තං, ඉදානි අසඤ‍්ඤාභවනිබ‍්බත‍්තකම‍්පි. කිං වා බහුනා? “අවිජ‍්ජාපච‍්චයා සඞ‍්ඛාරා”ති එත්‍ථ පුඤ‍්ඤාභිසඞ‍්ඛාරාදයොව කුසලාකුසලධම‍්මා වුත‍්තා. “උපාදානපච‍්චයා භවො”ති ඉධ පන උපපත‍්තිභවස‍්සාපි සඞ‍්ගහිතත‍්තා කුසලාකුසලාබ්‍යාකතා ධම‍්මා වුත‍්තා. තස‍්මා සබ‍්බථාපි සාත්‍ථකමෙවිදං පුනවචනන‍්ති. එවමෙත්‍ථ ‘සාත්‍ථතො’පි විඤ‍්ඤාතබ‍්බො විනිච‍්ඡයො.

සාත්‍ථතො යන්න භව විස්තරයෙහි කියූ පරිදිය. කාමයද සංඛාර විස්තරයෙහි පුඤ්ඤාභි සංඛාරාදියම කියන ලදි. ඒ මෙසේ ඇතිකල්හි අතීත කර්ම වශයෙන් මෙහි ප්‍රතිසන්ධියට ප්‍රත්‍ය වූ බව පෙර කියන ලදි. වර්තමාන කර්ම වශයෙන් අනාගතයෙහි ප්‍රතිසන්ධියට ප්‍රත්‍යවත් වන බව නැවත වචනය සාත්‍ථක නම්ද වේ. පෙර හෝ එහි පුඤ්ඤාභිසංඛාර කවරේද? “කාමාවචර කුසල චේතනා” යයි මේ ආදි වශයෙන් වේ. එනම් සංඛාරවන බව කියන ලදි. මෙහි වනාහි සියල්ල භවගාමි කර්මය යන වචනයෙන් චේතනා සම්ප්‍රයුක්ත වූද විඤ්ඤාණ ප්‍රත්‍යය වූ කර්මයම සංඛාර නය කියන ලදි. අනිත් භවවල උපදවන කර්ම කිම බොහෝ වේද? අවිජ්ජා පච්චයා සංඛාරා යන එහි පුඤ්ඤාභිසංඛාරාදිය කුසලාකුසල ධර්මය යයි කියන ලදි. උපාදාන පච්චයා භගවා යන මෙහි උත්පත්ති භවයද සංග්‍රහ කළයුතු හෙයින් කුසලාකුසල අබ්‍යාකත ධර්ම කියන ලදි. එහෙයින් සියළු තැන මෙය සාර්ථක නැවත වචනය. මෙසේ මෙහි සත්‍ථතො යන්නෙහි විනිස දතයුතුය.

‘භෙදසඞ‍්ගහා’ති උපාදානපච‍්චයා භවස‍්ස භෙදතො චෙව සඞ‍්ගහතො ච. යඤ‍්හි කාමුපාදානපච‍්චයා කාමභවනිබ‍්බත‍්තකං කම‍්මං කරියති, සො කම‍්මභවො. තදභිනිබ‍්බත‍්තා ඛන්‍ධා උපපත‍්තිභවො. එස නයො රූපාරූපභවෙසු. එවං කාමුපාදානපච‍්චයා ද‍්වෙ කාමභවා, තදන‍්තොගධාව සඤ‍්ඤාභවපඤ‍්චවොකාරභවා; ද‍්වෙ රූපභවා, තදන‍්තොගධාව සඤ‍්ඤාභවඅසඤ‍්ඤාභවඑකවොකාරභවපඤ‍්චවොකාරභවා; ද‍්වෙ අරූපභවා, තදන‍්තොගධාව සඤ‍්ඤාභවනෙවසඤ‍්ඤානාසඤ‍්ඤාභවචතුවොකාරභවාති සද‍්ධිං අන‍්තොගධෙහි ඡ භවා. යථා ච කාමුපාදානපච‍්චයා සද‍්ධිං අන‍්තොගධෙහි ඡ භවා තථා සෙසුපාදානපච‍්චයාපීති එවං උපාදානපච‍්චයා භෙදතො සද‍්ධිං අන‍්තොගධෙහි චතුවීසති භවා.

භෙද සංගහාති උපාදාන ප්‍රත්‍යයෙන් භවයේ ප්‍රභේද මෙන්ම සංග්‍රහයද වේ. කාම උපාදාන ප්‍රත්‍යයෙන් කාම භවයෙහි උපදවන කර්මය කරනු ලැබීද එය කර්ම භවයයි. එහි උපන් ස්කන්ධ උත්පත්ති භාවයයි. රූපාරූප භවාදියෙහි ද මෙම නයමයි. මෙසේ කාමූපාදාන ප්‍රත්‍යයෙන් කාම භව දෙකෙක් වේ. සඤ්ඤා භව පංචවෝකාර භවද ඊට අන්තර්ගතය. රූප භව දෙකකි. සඤ්ඤා භව අසඤ්ඤා භව එකවොකාර භව පංචවෝකාර භව ඊට ඇතුළත්ය. අරූප භව දෙකකි. සඤ්ඤා භව නේවසඤ්ඤානාසඤ්ඤා භව චතුවෝකාර භවයක් සමග භව සයක් ඇතුළත් වේ. කාමූපාදාන ප්‍රත්‍යය සමග භව සයක් ඇතුළත් වන්නා සේ සෙසු උපාදාන ප්‍රත්‍යයන් සමගද සය බැගින් ඇතුළත් වේ. මෙසේ උපාදාන ප්‍රත්‍ය භේදයෙන් භව විසිහතරක් වේ.

සඞ‍්ගහතො පන කම‍්මභවං උපපත‍්තිභවඤ‍්ච එකතො කත්‍වා කාමුපාදානපච‍්චයා සද‍්ධිං අන‍්තොගධෙහි එකො කාමභවො, තථා රූපාරූපභවාති තයො භවා. තථා සෙසුපාදානපච‍්චයාපීති එවං උපාදානපච‍්චයා සඞ‍්ගහතො සද‍්ධිං අන‍්තොගධෙහි ද‍්වාදස භවා. අපිච අවිසෙසෙන උපාදානපච‍්චයා කාමභවූපගං කම‍්මං කම‍්මභවො. තදභිනිබ‍්බත‍්තා ඛන්‍ධා උපපත‍්තිභවො. එස නයො රූපාරූපභවෙසු. එවං උපාදානපච‍්චයා සද‍්ධිං අන‍්තොගධෙහි ද‍්වෙ කාමභවා, ද‍්වෙ රූපභවා, ද‍්වෙ අරූපභවාති අපරෙනපි පරියායෙන සඞ‍්ගහතො ඡ භවා. කම‍්මභවඋපපත‍්තිභවභෙදං වා අනුපගම‍්ම සද‍්ධිං අන‍්තොගධෙහි කාමභවාදිවසෙන තයො භවා හොන‍්ති. කාමභවාදිභෙදඤ‍්චාපි අනුපගම‍්ම කම‍්මභවඋපපත‍්තිභවවසෙන ද‍්වෙ භවා හොන‍්ති. කම‍්මුපපත‍්තිභෙදඤ‍්ච අනුපගම‍්ම උපාදානපච‍්චයා භවොති භවවසෙන එකො භවො හොතීති. එවමෙත්‍ථ උපාදානපච‍්චයස‍්ස භවස‍්ස භෙදසඞ‍්ගහාපි විඤ‍්ඤාතබ‍්බො විනිච‍්ඡයො.

කම්ම භව උත්පත්ති භව එකක් කොට කාම උපාදාන ප්‍රත්‍යය සමග එක් කාම භවයක් සංග්‍රහකර ඇත. රූපාරූපාදි තුන් භවයෙහිද එසේය. සෙසු උපාදාන ප්‍රත්‍යවලද එසේය. මෙසේ උපාදාන ප්‍රත්‍ය සංග්‍රහ කිරීමෙන් භව දොළසක් ඇතුළත් වේ. තවද අවිශේෂයෙන් උපාදාන ප්‍රත්‍යයෙන් කාම භවයට පැමිණි කර්මය කාම භව වේ. එය ඇසුරුකොට උපන් ස්කන්ධ උත්පත්ති භව වේ. රූපාරූප භවවලද එසේය. මෙසේ උපාදාන ප්‍රත්‍යය සමග ඇතුළත් කාමභව දෙකකි. රූප භව දෙකකි. අරූප භව දෙකකැයි තවත් පරියායකින් සංග්‍රහ කිරීමෙන් භව සයක් වේ. කම්ම භව උත්පත්ති භේදය අනුව පැමිණි ඇතුළත් වූ කාමාදි වශයෙන් භව තුනක් වේ. කාම භවාදි භේදය අනුව කම්ම භව උත්පත්ති භව වශයෙන් භව දෙකක් වේ. කම්ම උප්පත්ති භේදය අනුව උපාදාන පච්චයා භවො යයි භව වශයෙන් එක් භවයක් වේයයි මෙසේ මෙහි උපාදාන ප්‍රත්‍ය භාවයේ භෙද සංග්‍රහයේ ද විනිස දතයුතුය.

‘යං යස‍්ස පච‍්චයො චෙවා’ති යඤ‍්චෙත්‍ථ උපාදානං යස‍්ස පච‍්චයො හොති, තතොපි විඤ‍්ඤාතබ‍්බො විනිච‍්ඡයොති අත්‍ථො. කිං පනෙත්‍ථ කස‍්ස පච‍්චයො හොති? යං කිඤ‍්චි යස‍්ස කස‍්සචි පච‍්චයො හොතියෙව. උම‍්මත‍්තකො විය හි පුථුජ‍්ජනො. සො ‘ඉදං යුත‍්තං, ඉදං අයුත‍්ත’න‍්ති අවිචාරෙත්‍වා යස‍්ස කස‍්සචි උපාදානස‍්ස වසෙන යං කිඤ‍්චි භවං පත්‍ථෙත්‍වා යං කිඤ‍්චි කම‍්මං කරොතියෙව. තස‍්මා යදෙකච‍්චෙ “සීලබ‍්බතුපාදානෙන රූපාරූපභවා න හොන‍්තී”ති වදන‍්ති, තං න ගහෙතබ‍්බං. සබ‍්බෙන පන සබ‍්බො හොතීති ගහෙතබ‍්බං, සෙය්‍යථිදං – ඉධෙකච‍්චො අනුස‍්සවවසෙන වා දිට‍්ඨානුසාරෙන වා “කාමා නාමෙතෙ මනුස‍්සලොකෙ චෙව ඛත‍්තියමහාසාලකුලාදීසු ඡකාමාවචරදෙවලොකෙ ච සමිද‍්ධා”ති චින‍්තෙත්‍වා තෙසං අධිගමත්‍ථං අසද‍්ධම‍්මසවනාදීහි වඤ‍්චිතො ‘ඉමිනා කම‍්මෙන කාමා සම‍්පජ‍්ජන‍්තී’ති මඤ‍්ඤමානො කාමුපාදානවසෙන කායදුච‍්චරිතාදීනිපි කරොති. සො දුච‍්චරිතපාරිපූරියා අපායෙ උප‍්පජ‍්ජති; සන්‍දිට‍්ඨිකෙ වා පන කාමෙ පත්‍ථයමානො පටිලද‍්ධෙ වා ගොපයමානො කාමුපාදානවසෙන කායදුච‍්චරිතාදීනිපි කරොති. සො දුච‍්චරිතපාරිපූරියා අපායෙ උප‍්පජ‍්ජති. තත්‍රාස‍්ස උපපත‍්තිහෙතුභූතං කම‍්මං කම‍්මභවො, කම‍්මාභිනිබ‍්බත‍්තා ඛන්‍ධා උපපත‍්තිභවො සඤ‍්ඤාභවපඤ‍්චවොකාරභවා පන තදන‍්තොගධා එව.

යං යස්ස පච්චයො ච එව යන මෙහි යම් උපාදානයක් යමකට ප්‍රත්‍ය වේද? එයින් ද විනිශ්චයේ අර්ථය දතයුතුය. යමකට යම්කිසි ප්‍රත්‍යයක් වේමය. පුහුදුන් තැනැත්තා උමතු වූවකු මෙන් මෙය යුතුයය මෙය අයුතුයයි නොවිමසා යම්කිසි උපාදානයක් වශයෙන් යම්කිසි භවයක් පතා යම්කිසි කර්මයක් කරන්නේමය. එහෙයින් ඇතැමෙක් සීලබ්බත උපාදානයෙන් රූපාරූප භව නැතැයි කියති. එය නොගත යුතුය. සියල්ලෙන් සියල්ල වන්නේ යයි ගතයුතුය. කෙසේද යත්? මෙහි ඇතමෙක් අනුස්සව වශයෙන් හෝ දෘෂ්ටි අනුසාරයෙන් හෝ කාමය නම් මේ මනුෂ්‍ය ලෝකයේ ක්‍ෂත්‍රිය මහාසාර කුලවල මෙන්ම කාමාවචර දිව්‍යලෝක සයේද සම්පූර්ණ යයි සිතා ඒවා ලබාගැනීම සඳහා අසද්ධර්මය ශ්‍රවණය කිරීමෙන් නොමග ගොස් (වඤ්චිතො) මේ ක්‍රියාවෙන් කර්මයන් සිදුකර ගත හැකියයි සිතන්නේ කාම උපාදාන වශයෙන් කාය දුශ්චරිතාදිය කරති. හේ දුසිරිත් පුරා අපායෙහි උපදියි. සාන්දෘෂ්ටික වශයෙන් කාමය ප්‍රාර්ථනා කරමින් එය ලැබුණු පසු ආරක්ෂා කිරීමට කාම උපාදාන වශයෙන් කාය දුශ්චරිතාදිය කරයි. හේ දුසිරිත් පිරීමෙන් අපායේ උපදී. එහි ඔහුගේ උත්පත්තියට හේතුව කර්මය කම්ම භව වේ. කර්මයෙන් උපන් ස්කන්ධ උත්පත්ති භව වේ. සඤ්ඤා භව පංචවෝකාර භව ඊට ඇතුළත් වේමය.

අපරො පන සද‍්ධම‍්මසවනාදීහි උපබ්‍රූහිතඤාණො “ඉමිනා කම‍්මෙන කාමා සම‍්පජ‍්ජන‍්තී”ති මඤ‍්ඤමානො කාමුපාදානවසෙන කායසුචරිතාදීනි කරොති. සො සුචරිතපාරිපූරියා දෙවෙසු වා මනුස‍්සෙසු වා උප‍්පජ‍්ජති. තත්‍රාස‍්ස උපපත‍්තිහෙතුභූතං කම‍්මං කම‍්මභවො, කම‍්මාභිනිබ‍්බත‍්තා ඛන්‍ධා උපපත‍්තිභවො. සඤ‍්ඤාභවපඤ‍්චවොකාරභවා පන තදන‍්තොගධා එව. ඉති කාමුපාදානං සප‍්පභෙදස‍්ස සාන‍්තොගධස‍්ස කාමභවස‍්ස පච‍්චයො හොති.

තවකෙක් වනාහි සද්ධර්ම ශ්‍රවණාදියෙන් වඩන ලද නුවණ ඇත්තේ මේ ක්‍රියාවෙන් (කර්මයෙන්) කාමයන් ලැබෙතැයි සිතන්නේ කාම උපාදාන වශයෙන් කාය සුචරිතාදිය කරයි. හේ සුචරිතය පුරා දෙව්ලොව හෝ මිනිස් ලොව උපදියි. එහි ඔහුට උත්පත්තියට හේතුව කර්මය කම්ම භවයයි. කර්මයෙන් උපන් ස්කන්ධ උප්පත්ති භවයයි. සඤ්ඤාභව පඤ්චවෝකාර භව වනාහි ඊට අන්තර්ගත වේමය. මෙසේ කාම උපාදානය ප්‍රභේද වූ ඇතුළත් වූ කාම භවයට ප්‍රත්‍යය වේ.

අපරො “රූපාරූපභවෙසු තතො සමිද‍්ධතරා කාමා”ති සුත්‍වා වා පරිකප‍්පෙත්‍වා වා කාමුපාදානවසෙනෙව රූපාරූපසමාපත‍්තියො නිබ‍්බත‍්තෙත්‍වා සමාපත‍්තිබලෙන රූපාරූපබ්‍රහ‍්මලොකෙ උප‍්පජ‍්ජති. තත්‍රාස‍්ස උපපත‍්තිහෙතුභූතං කම‍්මං කම‍්මභවො, කම‍්මාභිනිබ‍්බත‍්තා ඛන්‍ධා උපපත‍්තිභවො. සඤ‍්ඤාඅසඤ‍්ඤා නෙවසඤ‍්ඤා නාසඤ‍්ඤාඑකවොකාරචතුවොකාරපඤ‍්චවොකාරභවා පන තදන‍්තොගධා එව. ඉති කාමුපාදානං සප‍්පභෙදානං සාන‍්තොගධානං රූපාරූපභවානම‍්පි පච‍්චයො හොති .

තව කෙනෙක් රූපාරූප භවවල ඊට වඩා කාම සම්පත් ඇතැයි අසා හෝ සිතා හෝ කාම උපාදාන වශයෙන් රූපාරූප සමාපත්ති උපදවා සමාපත්ති බලයෙන් රූපාරූප බ්‍රහ්ම ලෝකයෙහි උපදිති. එහි ඔහුට උපතට හේතු වූ කර්මය කම්ම භවයයි. කර්මයෙන් උපදවන ලද ස්කන්ධ උප්පත්ති භවයයි. සඤ්ඤා අසඤ්ඤා නේවසඤ්ඤා නාසඤ්ඤා ඒකවෝකාර චතුවෝකාර පංචවෝකාර භව ඊට ඇතුළත් වේ. මෙසේ කාම උපාදානය බෙදීම් සහිත වූ ඇතුළත් වූ රූපාරූප භවවලටද ප්‍රත්‍යය වේ.

අපරො “අයං අත‍්තා නාම කාමාවචරසම‍්පත‍්තිභවෙ වා රූපාරූපභවානං වා අඤ‍්ඤතරස‍්මිං උච‍්ඡින‍්නො සුඋච‍්ඡින‍්නො හොතී”ති උච‍්ඡෙදදිට‍්ඨිං උපාදාය තදුපගං කම‍්මං කරොති. තස‍්ස තං කම‍්මං කම‍්මභවො, කම‍්මාභිනිබ‍්බත‍්තා ඛන්‍ධා උපපත‍්තිභවො. සඤ‍්ඤාභවාදයො පන තදන‍්තොගධා එව. ඉති දිට‍්ඨුපාදානං සප‍්පභෙදානං සාන‍්තොගධානං තිණ‍්ණම‍්පි කාමරූපාරූපභවානං පච‍්චයො හොති.

තව කෙනෙක් මේ ආත්මය නම් කාමාවචර සම්පත්ති භවයෙහි හෝ රූපාරූප භවවල හෝ වෙනත් තැනක හෝ සිඳින ලද්දේ මොනවට සිඳින ලද්දේ වෙයි. උච්ඡේද දෘෂ්ටිය ගෙන ඊට අනුව කර්ම කරති. ඔහුගේ ඒ කර්මය කම්ම භවයයි. කර්මයෙන් නිපන් ස්කන්ධ උප්පත්ති භවයයි. සඤ්ඤා භවාදිය ඊට ඇතුළත් වේ. මෙසේ දිට්ඨි උපාදානය භේද සහිත ඇතුළත් කාමරූපාරූප භව තුනටම ප්‍රත්‍යය වේ.

අපරො “අයං අත‍්තා නාම කාමාවචරසම‍්පත‍්තිභවෙ වා රූපාරූපභවානං වා අඤ‍්ඤතරස‍්මිං සුඛී හොති, විගතපරිළාහො හොතී”ති අත‍්තවාදුපාදානෙන තදුපගං කම‍්මං කරොති. තස‍්ස තං කම‍්මං කම‍්මභවො, තදභිනිබ‍්බත‍්තා ඛන්‍ධා උපපත‍්තිභවො. සඤ‍්ඤාභවාදයො පන තදන‍්තොගධා එව . ඉති අත‍්තවාදුපාදානං සප‍්පභෙදානං සාන‍්තොගධානං තිණ‍්ණං භවානං පච‍්චයො හොති.

යම් කෙනෙක් මේ ආත්මය නම් කාමාවචර සම්පත්ති භවයෙහි හෝ රූපාරූප භවවල හෝ අන් ස්ථානයක හෝ සැපවත් වේයයි ගන්නා ලද වැරදි අදහස් ඇත්තේ අත්තවාද උපාදානයට පැමිණ කර්ම කරති. ඒ ඒ කර්ම ඔහුගේ කර්ම භවයයි. එයින් නිපන් ස්කන්ධ උප්පත්ති භවයයි. සඤ්ඤා භවාදිය ඊට ඇතුළත් වේ. මෙසේ අත්තවාද උපාදානය බෙදීම් සහිතව සාන්තර්ගතව භව තුනට ප්‍රත්‍යය වේ.

අපරො “ඉදං සීලබ‍්බතං නාම කාමාවචරසම‍්පත‍්තිභවෙ වා රූපාරූපභවානං වා අඤ‍්ඤතරස‍්මිං පරිපූරෙන‍්තස‍්ස සුඛං පාරිපූරිං ගච‍්ඡතී”ති සීලබ‍්බතුපාදානවසෙන තදුපගං කම‍්මං කරොති. තස‍්ස තං කම‍්මං කම‍්මභවො, තදභිනිබ‍්බත‍්තා ඛන්‍ධා උපපත‍්තිභවො. සඤ‍්ඤාභවාදයො පන තදන‍්තොගධා එව. ඉති සීලබ‍්බතුපාදානම‍්පි සප‍්පභෙදානං සාන‍්තොගධානං තිණ‍්ණං භවානං පච‍්චයො හොතීති එවමෙත්‍ථ යං යස‍්ස පච‍්චයො හොති තතොපි විඤ‍්ඤාතබ‍්බො විනිච‍්ඡයො.

තව කෙනෙක් මේ සීලව්‍රත කාමාවචර සම්පත්ති භවයෙහි හෝ රූපාරූප භවවල හෝ වෙන තැනක හෝ සම්පූර්ණ කරනවිට සැප සම්පූර්ණ වේයයි සීලබ්බත උපාදාන වශයෙන් ඒ අනුව කර්ම කරති. ඔහුගේ ඒ කර්මය කම්ම භවයයි. එයින් උපදවන ස්කන්ධ උප්පත්ති භවයයි. සඤ්ඤා භවාදිය ඊට ඇතුළත් වේ. මෙසේ සීලබ්බත උපාදානයද බෙදීම් සහිත වූ සාන්තර්ගත වූ භව තුනට ප්‍රත්‍ය වේයයි මෙසේ මෙහි යං යස්ස පච්චයො හොති යන්නෙන් විනිස දතයුතුය.

කිං පනෙත්‍ථ කස‍්ස භවස‍්ස කථං පච‍්චයො හොතීති චෙ?

කුමන භවයකට කෙසේ ප්‍රත්‍ය වන්නේද?

රූපාරූපභවානං, උපනිස‍්සයපච‍්චයො උපාදානං; සහජාතාදීහිපි තං, කාමභවස‍්සාති විඤ‍්ඤෙය්‍යං.

රූඅරූ බවවල - උපනිස පසයි උවදන් සහදෑ ආදියෙන් - එ කම් බවයයි දන්නේ

රූපාරූපභවානඤ‍්හි කාමභවපරියාපන‍්නස‍්ස ච කාමභවෙ කුසලකම‍්මස‍්සෙව උපපත‍්තිභවස‍්ස චෙතං චතුබ‍්බිධම‍්පි උපාදානං උපනිස‍්සයපච‍්චයෙන එකධා පච‍්චයො හොති. කාමභවෙ අත‍්තනා සම‍්පයුත‍්තඅකුසලකම‍්මභවස‍්ස සහජාතඅඤ‍්ඤමඤ‍්ඤනිස‍්සයසම‍්පයුත‍්තඅත්‍ථිඅවිගතහෙතුපච‍්චයප‍්පභෙදෙහි සහජාතාදීහි පච‍්චයො හොති. විප‍්පයුත‍්තස‍්ස පන උපනිස‍්සයපච‍්චයෙනෙවාති.

රූපාරූප භව කාම භවයෙහි ඇතුළත් හෙයින් කාම භවයෙන් කුසල කර්මයක්ව උප්පත්ති භවය ද මේ සතරද උපනිස්සය ප්‍රත්‍යයෙන් ඒකවිධව ප්‍රත්‍ය වේ. කාම භවයෙහි තමා හා සත්ත්වයන් අකුසල කර්ම භවයට සහජාත අඤ්ඤමඤ්ඤ නිස්සය සම්පයුත්ත අත්‍ථි අවිගත හේතු ප්‍රත්‍ය භේදයෙන් සහජාතාදි ප්‍රත්‍ය වේ. විප්පයුත්තය උපනිස්සය ප්‍රත්‍යයෝ ප්‍රත්‍ය වේ.

උපාදානපච‍්චයා භවපදනිද‍්දෙසො.

උපාදාන පච්චයා භව නිර්දේශයයි.