යෙදුමෙන් කියවන්න

ජාතිජරාමරණාදිපදනිද‍්දෙසො අට‍්ඨකථා

ජාතිජරාමරණාදිපදනිද‍්දෙසො

ජාතිජරාමරණාදිපදනිද්දෙසො

භවපච‍්චයා ජාතිනිද‍්දෙසාදීසු ජාතිආදීනං විනිච‍්ඡයො සච‍්චවිභඞ‍්ගෙ වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බො. භවොති පනෙත්‍ථ කම‍්මභවොව අධිප‍්පෙතො. සො හි ජාතියා පච‍්චයො, න උපපත‍්තිභවො. සො පන කම‍්මපච‍්චයඋපනිස‍්සයපච‍්චයවසෙන ද‍්විධාව පච‍්චයො හොතීති.

භව පච්චයා ජාති නිද්දේසාදියෙහි :- ජාති ආදියෙහි විනිස සච්ච විභංගයෙහි කී නයින් දැනගත යුතුය. භවො යන මෙහි කම්මභව අදහස් කරයි. එය ජාතියට ප්‍රත්‍යය වේ. උප්පත්ති භවය නොවේ. එයම කම්ම පච්චය උපනිස්සය පච්චය වශයෙන් දෙයාකාරයකින් ප්‍රත්‍ය වේ.

තත්‍ථ සියා – කථං පනෙතං ජානිතබ‍්බං “භවො ජාතියා පච‍්චයො”ති චෙ? බාහිරපච‍්චයසමත‍්තෙපි හීනපණීතතාදිවිසෙසදස‍්සනතො. බාහිරානඤ‍්හි ජනකජනෙත‍්තිසුක‍්කසොණිතාහාරාදීනං පච‍්චයානං සමත‍්තෙපි සත‍්තානං යමකානම‍්පි සතං හීනපණීතතාදිවිසෙසො දිස‍්සති. සො ච න අහෙතුකො , සබ‍්බදා ච සබ‍්බෙසඤ‍්ච අභාවතො; න කම‍්මභවතො අඤ‍්ඤහෙතුකො, තදභිනිබ‍්බත‍්තකසත‍්තානං අජ‍්ඣත‍්තසන‍්තානෙ අඤ‍්ඤස‍්ස කාරණස‍්ස අභාවතොති කම‍්මභවහෙතුකොව. කම‍්මඤ‍්හි සත‍්තානං හීනපණීතාදිවිසෙසහෙතු. තෙනාහ භගවා – “කම‍්මං සත‍්තෙ විභජති යදිදං හීනප‍්පණීතතායා”ති (ම· නි· 3.289). තස‍්මා ජානිතබ‍්බමෙතං – “භවො ජාතියා පච‍්චයො”ති.

එහි මෙය කෙසේ දැනගත හැකිද? භවය ජාතියට ප්‍රත්‍යය වනවා කියා බාහිර ප්‍රත්‍ය පමණකින් හීන ප්‍රණීතාදී විශේෂ දැකීමකින් ද දැනගත හැකි වේ. බාහිරයෙහි පියා මව ශුක්‍ර ශ්‍රෝණිත ආකාරාදියෙන් සමාන වූ සත්ත්වයන් දෙදෙනෙකු අතර ද සිය ගණන් හීන ප්‍රණීත විශේෂයෙන් දක්නා ලැබේ. එය අහේතුකව නොවේ. හැමදාම හැමදෙනාටම නොවේ. කම්ම භවයෙන් අන් හේතුවකින් නොවේ. එයින් උපදවන සත්ත්වයන්ගේ අජ්ඣත්ත සන්තානයෙහි අනිත් කරුණක් නොමැතිවීමද කම්මභව හේතුවෙන්මය. සත්ත්වයන්ගේ හීන ප්‍රණීතාදි විශේෂ හේතු කර්මයයි. එයින් කීහ. සත්ත්වයා හීන ප්‍රණීත වශයෙන් දෙන්නේ කර්මයයි. එනිසා භවය ජාතියට ප්‍රත්‍යය වේයයි දතයුතුය.

යස‍්මා ච අසති ජාතියා ජරාමරණං නාම න හොති, සොකාදයො ච ධම‍්මා න හොන‍්ති, ජාතියා පන සති ජරාමරණඤ‍්චෙව ජරාමරණසඞ‍්ඛාතදුක‍්ඛධම‍්මඵුට‍්ඨස‍්ස ච බාලස‍්ස ජරාමරණාභිසම‍්බන්‍ධා වා තෙන තෙන දුක‍්ඛධම‍්මෙන ඵුට‍්ඨස‍්ස අනභිසම‍්බන්‍ධා වා සොකාදයො ච ධම‍්මා හොන‍්ති, තස‍්මා අයං ජාතිජරාමරණස‍්ස චෙව සොකාදීනඤ‍්ච පච‍්චයො හොතීති වෙදිතබ‍්බා. සා පන උපනිස‍්සයකොටියා එකධාව පච‍්චයො හොතීති.

යම්කිසි විදියකින් ජාතිය නොමැති නම් ජරා මරණ නොවේ. සෝකාදි ධර්මයෝද නොවෙති. ජාතිය පවතිනවිට ජරා මරණද ජරාමරණ සංඛ්‍යාත දුක්ඛ ධර්මයන්ගෙන් පෙළෙන මෝඩයන්ගේ ජරාමරණ සම්බන්ධව හෝ එයින් ඒ ඒ දුක් ධර්මයන්ගෙන් පෙළන සම්බන්ධයක් නැතිව හෝ සෝකාදි ධර්ම වේ. ඒ නිසා මෙය ජාති ජරා මරණාදියට මෙන්ම සෝකාදියටද ප්‍රත්‍ය වේයයි දතයුතුය. එය වනාහි උපනිස්සය කෙළවරින් එක් අයුරකින්ම ප්‍රත්‍ය වේ.

භවපච‍්චයා ජාතිආදිපදනිද‍්දෙසො.

භව පච්චයා ජාති ආදි නිර්දේශයයි.

එවමෙතස‍්සාතිආදීනං අත්‍ථො උද‍්දෙසවාරෙ වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බො. සඞ‍්ගතිආදීනි සමුදයවෙවචනානෙව.

එවමෙතස්සාති ආදියේ අර්ථය උද්දේස වාරයෙහි කියූ නයින් දැනගත යුතුය. සංගති ආදිය සමුදයෙහි සමාන වචන වේ.

යස‍්මා පනෙත්‍ථ සොකාදයො අවසානෙ වුත‍්තා, තස‍්මා යා සා අවිජ‍්ජා “අවිජ‍්ජාපච‍්චයා සඞ‍්ඛාරා”ති එවමෙතස‍්ස භවචක‍්කස‍්ස ආදිම‍්හි වුත‍්තා, සා –

මෙහි සෝකාදිය අවසානයෙහි කියන ලදි. එහෙයින් යම් අවිද්‍යාවෙක් අවිජ්ජා පච්චයා සංඛාරා යන මෙසේ භව චක්‍රයේ මුලින්ම කියන ලදි. එය -

සොකාදීහි අවිජ‍්ජා, සිද‍්ධා භවචක‍්කමවිදිතාදිමිදං; කාරකවෙදකරහිතං, ද‍්වාදසවිධසුඤ‍්ඤතාසුඤ‍්ඤං.

සෝකාදියෙන් අවිද්‍යාව සිද්ධය. නොදන්නා ලද මෙම භව චක්‍රය කාරකයක කරන්නකු වේදකයකු විඳින්නකු රහිතව දොළොස් ආකාර වූ සුඤ්ඤත වූද අසුඤ්ඤ වූද

සතතං සමිතං පවත‍්තතීති වෙදිතබ‍්බං. කථං පනෙත්‍ථ සොකාදීහි අවිජ‍්ජා සිද‍්ධා? කථමිදං භවචක‍්කං අවිදිතාදි? කථං කාරකවෙදකරහිතං? කථං ද‍්වාදසවිධසුඤ‍්ඤතාසුඤ‍්ඤන‍්ති චෙ? එත්‍ථ හි සොකදුක‍්ඛදොමනස‍්සුපායාසා අවිජ‍්ජාය අවියොගිනො, පරිදෙවො ච නාම මූළ‍්හස‍්සාති තෙසු තාව සිද‍්ධෙසු සිද‍්ධාව හොති අවිජ‍්ජා. අපිච “ආසවසමුදයා අවිජ‍්ජාසමුදයො”ති හි වුත‍්තං. ආසවසමුදයා චෙතෙ සොකාදයො හොන‍්ති. කථං? වත්‍ථුකාමවියොගෙ තාව සොකො කාමාසවසමුදයො හොති? යථාහ –

නිතර සංසිඳවමින් හෝ පවතී යයි දතයුතුය. සෝකාදියෙන් අවිජ්ජා සිදුවූයේ කෙසේද? මේ භව චක්‍රය කෙසේ නම් අවිදිතද? නොදතහැකිද? කාරක වේදක රහිත වන්නේ කෙසේද? ද්වාදසවිධ සුඤ්ඤතාසුඤ්ඤ වන්නේ කෙසේද? මෙහි සෝක දුක්ඛ දෝමනස්ස උපායාස අවිජ්ජාවෙන් වෙන් නොවී ඇත. පරිදේවය ඒවා අතරින් මුළාවක් වන්නේ යයි සිද්ධ වූ පසු ඒවාද අවිජ්ජාවෙන් සිද්ධය, තවද ආසව සමුදයා ආසව සමුදයෙන් අවිජ්ජාව ඇතිවේ. අවිජ්ජා සමුදයො යයි කියන ලදි. ආසව සමුදයෙන් මේ සෝකාදිය ඇතිවේ. කෙසේද? වස්තුකාම වෙන්වීමෙහි සෝකය ඇතිවේ. එසේම කාමාසව හටගැනීම ඇතිවේ. කීහ.

“තස‍්ස චෙ කාමයානස‍්ස, ඡන්‍දජාතස‍්ස ජන‍්තුනො; තෙ කාමා පරිහායන‍්ති, සල‍්ලවිද‍්ධොව රුප‍්පතී”ති. (සු· නි· 773);

කම් යාගෙහි කැමති - පුඟුලා එම කාමයන් පිරිහෙන විට කිපේ - සර පහර ලදුවකු මෙන්

යථා චාහ – “කාමතො ජායතී සොකො”ති (ධ· ප· 215). සබ‍්බෙපි චෙතෙ දිට‍්ඨාසවසමුදයා හොන‍්ති, යථාහ – “තස‍්ස අහං රූපං, මම රූපන‍්ති පරියුට‍්ඨට‍්ඨායිනො තං රූපං විපරිණමති අඤ‍්ඤථා හොති. තස‍්ස රූපවිපරිණාමඤ‍්ඤථාභාවා උප‍්පජ‍්ජන‍්ති සොකපරිදෙවදුක‍්ඛදොමනස‍්සුපායාසා”ති (සං· නි· 3.1). යථා ච දිට‍්ඨාසවසමුදයා එවං භවාසවසමුදයාපි, යථාහ – “යෙපි තෙ දෙවා දීඝායුකා වණ‍්ණවන‍්තො සුඛබහුලා උච‍්චෙසු විමානෙසු චිරට‍්ඨිතිකා තෙපි තථාගතස‍්ස ධම‍්මදෙසනං සුත්‍වා යෙභුය්‍යෙන භයං සංවෙගං සන‍්තාසං ආපජ‍්ජ”න‍්ති (සං· නි· 3.78; අ· නි· 4.33) පඤ‍්ච පුබ‍්බනිමිත‍්තානි දිස‍්වා මරණභයෙන සන‍්තජ‍්ජිතානං දෙවානං වියාති. යථා ච භවාසවසමුදයා එවං අවිජ‍්ජාසවසමුදයාපි, යථාහ – “ස ඛො සො, භික‍්ඛවෙ, බාලො දිට‍්ඨෙව ධම‍්මෙ තිවිධං දුක‍්ඛදොමනස‍්සං පටිසංවෙදෙතී”ති (ම· නි· 3.246).

යම්සේ කීහ. “කාමතො ජාතී සොකො” යන මේ සියල්ල දිට්ඨාශව සමුදය වේ, කීහ. ඒ මම මගේ රූපය යයි නැගිටීමෙන් රූප විපරිණාමයේ අන්‍යථා භවයට පැමිණ සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපදී. දිට්ඨාශව සමුදය මෙන් භවාශව සමුදයද වේ. කීහ:- යම් ඒ දේවතාවෝ දීර්ඝායුෂව වර්ණ වන්නට සැප බහුලව උසස් විමානවල බොහෝ කලක් සිටිති. ඔව්හුද තථාගත ධර්ම දේශනා අසා භය වී සන්ත්‍රාසයට සංවේගයට පැමිණෙති. පස් පෙරනිමිති දැක මරබියෙන් සන්තාපයට පත් දෙවියන් මෙන් යම් භවාශව සමුදයෙන් මෙසේ අවිජ්ජා සමුදය වේ. කීහ:- මහණෙනි, ඒ මෝඩයා මෙම ජීවිතයේම ත්‍රිවිධ වූ දුක් දොම්නස් විඳී.

ඉති යස‍්මා ආසවසමුදයා එතෙ හොන‍්ති, තස‍්මා එතෙ සිජ‍්ඣමානා අවිජ‍්ජාය හෙතුභූතෙ ආසවෙ සාධෙන‍්ති. ආසවෙසු ච සිද‍්ධෙසු පච‍්චයභාවෙ භාවතො අවිජ‍්ජාපි සිද‍්ධාව හොතීති. එවං තාවෙත්‍ථ ‘සොකාදීහි අවිජ‍්ජා සිද‍්ධා’ හොතීති වෙදිතබ‍්බා.

යන මෙහි ආසව සමුදයෝ මේවා වෙති. එහෙයින් අවිජ්ජාව හේතුවීමෙන් ආසව ඇතිවේ. ආසව ඇතිවූ විට අවිජ්ජාවද සිද්ධ වේ යයි දතයුතුය.

යස‍්මා පන එවං පච‍්චයභාවෙ භාවතො අවිජ‍්ජාය සිද‍්ධාය පුන “අවිජ‍්ජාපච‍්චයා සඞ‍්ඛාරා, සඞ‍්ඛාරපච‍්චයා විඤ‍්ඤාණ”න‍්ති එවං හෙතුඵලපරම‍්පරාය පරියොසානං නත්‍ථි, තස‍්මා තං හෙතුඵලසම‍්බන්‍ධවසෙන පවත‍්තං ද‍්වාදසඞ‍්ගං ‘භවචක‍්කං අවිදිතාදී’ති සිද‍්ධං හොති.

යම්හෙයකින් මෙසේ ප්‍රත්‍යභාවය ලබමින් අවිජ්ජාවෙන් සිදුවී නැවත අවිජ්ජා පච්චයා සංඛාරා සංඛාර පච්චයා විඤ්ඤාණං යයි මෙසේ හේතුඵල පරම්පරාවේ අවසානයක් නැත. කුමක් හෙයින්ද? හේතුඵල සම්බන්ධ වශයෙන් පවතින ද්වාදසාංග භවචක්‍රය අවබෝධ නොකළ හෙයින් සිදු වේ.

එවං සති “අවිජ‍්ජාපච‍්චයා සඞ‍්ඛාරා”ති ඉදං ආදිමත‍්තකථනං විරුජ‍්ඣතීති චෙ? නයිදං ආදිමත‍්තකථනං, පධානධම‍්මකථනං පනෙතං. තිණ‍්ණඤ‍්හි වට‍්ටානං අවිජ‍්ජා පධානා. අවිජ‍්ජාග‍්ගහණෙන හි අවසෙසං කිලෙසවට‍්ටඤ‍්ච කම‍්මාදීනි ච බාලං පලිවෙඨෙන‍්ති, සප‍්පසිරග‍්ගහණෙන සෙසං සප‍්පසරීරං විය බාහං. අවිජ‍්ජාසමුච‍්ඡෙදෙ පන කතෙ තෙහි විමොක‍්ඛො හොති, සප‍්පසිරච‍්ඡෙදෙ කතෙ පලිවෙඨිතබාහාවිමොක‍්ඛො විය. යථාහ – “අවිජ‍්ජායත්‍වෙව අසෙසවිරාගනිරොධා සඞ‍්ඛාරනිරොධො”තිආදි (සං· නි· 2.1; මහාව· 1). ඉති යං ගණ‍්හතො බන්‍ධො මුඤ‍්චතො ච මොක‍්ඛො හොති, තස‍්ස පධානධම‍්මස‍්ස කථනමිදං, න ආදිමත‍්තකථනන‍්ති එවමිදං භවචක‍්කං අවිදිතාදීති වෙදිතබ‍්බං. තයිදං යස‍්මා අවිජ‍්ජාදීහි කාරණෙහි සඞ‍්ඛාරාදීනං පවත‍්ති, තස‍්මා තතො අඤ‍්ඤෙන “බ්‍රහ‍්මා මහාබ්‍රහ‍්මා සෙට‍්ඨො සජිතා”ති එවං පරිකප‍්පිතෙන බ්‍රහ‍්මාදිනා වා සංසාරස‍්ස කාරකෙන “සො ඛො පන මෙ අයං අත‍්තා වදො වෙදෙය්‍යො”ති එවං පරිකප‍්පිතෙන අත‍්තනා වා සුඛදුක‍්ඛානං වෙදකෙන රහිතං. ඉති ‘කාරකවෙදකරහිත’න‍්ති වෙදිතබ‍්බං.

මෙසේ ඇතිකල්හි අවිජ්ජා පච්චයා සංඛාරා යයි මෙය ආදි අර්ථ කථනය විරුද්ධ වන්නේද? ආදි අර්ථකථනය නොවේ. මෙහි ප්‍රධාන ධර්ම කථනය වනාහි තුන් වෘත්තයන්ගේ අවිජ්ජාව ප්‍රධානය. අවිජ්ජා ග්‍රහණයෙන් අවශේෂ කෙලෙස් වෘත්තද කර්මාදියද බාලයන් වෙලයි. සර්පයාගේ හිස අල්ලා ගැනීමෙන් සෙසු ශරීරයද අල්ලාගත්තා මෙනි. අවිජ්ජාව සමුච්ඡේද කළ කල්හි ඒවායින් විමෝක්‍ෂය වේ. සර්ප හිස කැපූ විට වෙළාගත් බාහුවෙන් මිදෙනවා මෙනි. කීහ:- අවිජ්ජාවේම සියළු වෙන්වීමේ නිරෝධය සංඛාර නිරෝධය වේ ආදි වශයෙනි. මෙසේ යමක් ගැනීමෙන් බැඳීමෙන් මිදීමක් මෝක්‍ෂය වේ. ඒ ප්‍රධාන ධර්ම මේ අර්ථකථනයයි. ආදිමාත්‍ර කථනයක් නොවේ. මෙසේ මේ භවචක්‍රය අවිදිතදියයි දතයුතුය. අවිජ්ජාදි හේතු නිසා සංඛාරාදිය පවතී. එහෙයින් අනිකකු විසින් බ්‍රහ්මනම් මහාබ්‍රහ්ම සෙට්ඨො සජ්ජිතා යයි මෙසේ කල්පනා කරන බ්‍රහ්මාදීන් හෝ සසර කරන්නා විසින් ඒ මගේ ආත්මය කියන්නාය. විඳින්නා යයි මෙසේ පරිකල්පනය කරන තමා විසින් හෝ සැපදුක් විඳින්නෙක් නොවේ. මෙසේ කාරක වේදක රහිත යයි දතයුතුය.

යස‍්මා පනෙත්‍ථ අවිජ‍්ජා උදයබ‍්බයධම‍්මකත‍්තා ධුවභාවෙන, සංකිලිට‍්ඨත‍්තා සංකිලෙසිකත‍්තා ච සුභභාවෙන, උදයබ‍්බයපටිපීළිතත‍්තා සුඛභාවෙන, පච‍්චයායත‍්තවුත‍්තිත‍්තා වසවත‍්තනභූතෙන අත‍්තභාවෙන ච සුඤ‍්ඤා, තථා සඞ‍්ඛාරාදීනිපි අඞ‍්ගානි; යස‍්මා වා අවිජ‍්ජා න අත‍්තා, න අත‍්තනො , න අත‍්තනි, න අත‍්තවතී, තථා සඞ‍්ඛාරාදීනිපි අඞ‍්ගානි; තස‍්මා ‘ද‍්වාදසවිධසුඤ‍්ඤතාසුඤ‍්ඤමිදං’ භවචක‍්කන‍්ති වෙදිතබ‍්බං.

මෙහි අවිද්‍යාව ස්ථිර භවයක් නැති උදයව්‍ය ධර්ම ස්වභාවයෙන් යුක්තය. සුභ භවයක් නැති කිලිටි හා කෙලෙස්වලින් යුක්තය. සුවබවක් නැති උදයව්‍යය වශයෙන් පෙළෙන ස්වභාවයෙන් යුක්තය. ප්‍රත්‍යයට අයත් පැවතුම් ඇති බැවින් තමාගේ වසඟයට පත්නොවන නිසාද ආත්ම භාවයෙන් ද ශූන්‍ය වේ. සංඛාරාදි සෙසු අංගයෝද මෙසේම වන්නාහ. අවිජ්ජාව ආත්ම නොවේ. තමා නොවේ. තමා කෙරෙහි නොවේ. අත්තවතී ද නොවේ. සංඛාරාදියද එසේය. ඒ නිසා ද්වාදසවිධ වූ මේ භවචක්‍රය ශූන්‍යයන් අතුරෙන් ද ශූන්‍ය වේ යයි දතයුතුය.

එවඤ‍්ච විදිත්‍වා පුන –

මෙසේ දැන නැවත

තස‍්ස අවිජ‍්ජාතණ‍්හා, මූලමතීතාදයො තයො කාලා; ද‍්වෙ අට‍්ඨ ද‍්වෙ එව ච, සරූපතො තෙසු අඞ‍්ගානි.

ඒ අවිදු තණ මුල - තීත ඈ තුන් කල් වේ දෙක අට දෙකම එහි - අඟ වේ දනු සරූපෙන්

තස‍්ස ඛො පනෙතස‍්ස භවචක‍්කස‍්ස අවිජ‍්ජා තණ‍්හා චාති ද‍්වෙ ධම‍්මා මූලන‍්ති වෙදිතබ‍්බා. තදෙතං පුබ‍්බන‍්තාහරණතො අවිජ‍්ජාමූලං වෙදනාවසානං, අපරන‍්තසන‍්තානතො තණ‍්හාමූලං ජරාමරණාවසානන‍්ති දුවිධං හොති. තත්‍ථ පුරිමං දිට‍්ඨිචරිතවසෙන වුත‍්තං, පච‍්ඡිමං තණ‍්හාචරිතවසෙන. දිට‍්ඨිචරිතානඤ‍්හි අවිජ‍්ජා, තණ‍්හාචරිතානං තණ‍්හා සංසාරනායිකා. උච‍්ඡෙදදිට‍්ඨිසමුග‍්ඝාතාය වා පඨමං, ඵලුප‍්පත‍්තියා හෙතූනං අනුපච‍්ඡෙදපකාසනතො; සස‍්සතදිට‍්ඨිසමුග‍්ඝාතාය දුතියං, උප‍්පන‍්නානං ජරාමරණපකාසනතො; ගබ‍්භසෙය්‍යකවසෙන වා පුරිමං, අනුපුබ‍්බපවත‍්තිදීපනතො; ඔපපාතිකවසෙන පච‍්ඡිමං සහුප‍්පත‍්තිදීපනතො.

ඒ බව සකේ අවිජ්ජා තණ්හා යයි ධර්ම දෙක මූලයයි දතයුතුය. එය එහි මුල අග දැක්වීමෙන් අවිජ්ජාව මුලයි. වේදනාව අවසානයයි. අපරාන්ත පරපුරින් තණ්හාව මුලයි. ජරාමරණ අවසානයයි ද්විධ වේ. එහි මුල් කොටස දෘෂ්ටි චරිත වශයෙන් කියන ලදි. අග කොටස තෘෂ්ණා චරිත වශයෙන් කියන ලදි. දෘෂ්ටි චරිතයන්ගේ අවිජ්ජාවද තෘෂ්ණා චරිතයන්ගේ තණ්හාවද සංසාරයේ නායිකාවෝය. උච්ඡේද දෘෂ්ටිය නැසීම සඳහා හෝ ප්‍රථම ඵලයේ හේතු සිඳදැමීම ප්‍රකාශයේ ශාස්වත දෘෂ්ටිය නැසීම් සඳහා දෙවන. උපන් ජරාමරණ ප්‍රකාශ කිරීමෙන් ගබ්භසෙය්‍යක වශයෙන් හෝ පෙර ප්‍රකාශ කිරීමෙන් ඕපපාතික වශයෙන් පැසුළු සහ උපත දැක්වීමෙන්

අතීතපච‍්චුප‍්පන‍්නානාගතා චස‍්ස තයො කාලා. තෙසු පාළියං සරූපතො ආගතවසෙන අවිජ‍්ජා සඞ‍්ඛාරා චාති ද‍්වෙ අඞ‍්ගානි අතීතකාලානි , විඤ‍්ඤාණාදීනි භවාවසානානි අට‍්ඨ පච‍්චුප‍්පන‍්නකාලානි, ජාති චෙව ජරාමරණඤ‍්ච ද‍්වෙ අනාගතකාලානීති වෙදිතබ‍්බානි. පුන –

අතීත වර්තමාන අනාගත තුන් කාලය පෙලෙහි ආ ස්වරූපයෙන් අවිජ්ජා සංඛාර අංග දෙක අතීත කාලයයි. විඤ්ඤාණය ආදිකොට භවය අවසන් කොට ඇති අට වර්තමානයයි. ජාති ජරාමරණ දෙක අනාගතයයි දතයුතුය.

හෙතුඵලහෙතුපුබ‍්බක-තිසන්‍ධිචතුභෙදසඞ‍්ගහඤ‍්චෙතං; වීසතිආකාරාරං, තිවට‍්ටමනවට‍්ඨිතං භමති.

හේ පල හේ පෙරටු - තෙ සඳ සිව් වේ සඟරා විසි අයුරු තෙවටින් - (නිතර) කැරකේ නොසිටා

ඉතිපි වෙදිතබ‍්බං. තත්‍ථ සඞ‍්ඛාරානඤ‍්ච පටිසන්‍ධිවිඤ‍්ඤාණස‍්ස ච අන‍්තරා එකො හෙතුඵලසන්‍ධි නාම. වෙදනාය ච තණ‍්හාය ච අන‍්තරා එකො ඵලහෙතුසන්‍ධි නාම. භවස‍්ස ච ජාතියා ච අන‍්තරා එකො හෙතුඵලසන්‍ධීති. එවමිදං හෙතුඵලහෙතුපුබ‍්බකතිසන්‍ධීති වෙදිතබ‍්බං. සන්‍ධීනං ආදිපරියොසානවවත්‍ථිතා පනස‍්ස චත‍්තාරො සඞ‍්ගහා හොන‍්ති, සෙය්‍යථිදං – අවිජ‍්ජාසඞ‍්ඛාරා එකො සඞ‍්ගහො, විඤ‍්ඤාණනාමරූපසළායතනඵස‍්සවෙදනා දුතියො, තණ‍්හුපාදානභවා තතියො, ජාතිජරාමරණං චතුත්‍ථොති. එවමිදං චතුභෙදසඞ‍්ගහන‍්ති වෙදිතබ‍්බං.

මෙසේද දතයුතුය. එහි සංඛාර පටිසන්‍ධි විඤ්ඤාණ අතර එක් හේතුඵල සන්ධියකි. වේදනා තණ්හා අතර එක් හේතුඵල සන්ධියකි. භව ජාති අතර එක් හේතුඵල සන්ධියකි. මෙසේ මෙය හේතුඵල හේතුපූර්වක තුන් සන්ධියයි දතයුතුය. සන්ධිවල ආදි අවසාන නියමයන් සතරකට සංග්‍රහ වේ. කෙසේද? අවිජ්ජා සංඛාර මුල එකකි. විඤ්ඤාණ නාමරූප සළායතන ඵස්ස වේදනා දෙවැන්නය. තණ්හා උපාදාන භව තෙවැන්නය. ජාති ජරා මරණ සිව්වැන්නය. මෙසේ මෙය සිව්බේද ඇතැයි දතයුතුය.

අතීතෙ හෙතවො පඤ‍්ච, ඉදානි ඵලපඤ‍්චකං; ඉදානි හෙතවො පඤ‍්ච, ආයතිං ඵලපඤ‍්චකන‍්ති.

අයූහි හේ පසින් - දැන් පල පහ වන්නේ දැන් හේ පහෙන් මතු - පල පහක් වනු දන්නේ

එතෙහි පන වීසතියා ආකාරෙහි අරෙහි වීසතිආකාරාරන‍්ති වෙදිතබ‍්බං. තත්‍ථ ‘අතීතෙ හෙතවො පඤ‍්චා’ති අවිජ‍්ජා සඞ‍්ඛාරා චාති ඉමෙ තාව ද‍්වෙ වුත‍්තා එව. යස‍්මා පන අවිද‍්වා පරිතස‍්සති, පරිතසිතො උපාදියති, තස‍්ස උපාදානපච‍්චයා භවො, තස‍්මා තණ‍්හුපාදානභවාපි ගහිතා හොන‍්ති. තෙනාහ “පුරිමකම‍්මභවස‍්මිං මොහො අවිජ‍්ජා, ආයූහනා සඞ‍්ඛාරා, නිකන‍්ති තණ‍්හා, උපගමනං උපාදානං, චෙතනා භවො, ඉමෙ පඤ‍්ච ධම‍්මා පුරිමකම‍්මභවස‍්මිං ඉධ පටිසන්‍ධියා පච‍්චයා”ති (පටි· ම· 1.47).

මේ විසිආකාර අරවලින් ගරාදි විසි ආකාරයයි කියා දතයුතුය. එහි අතීත හේතු පස සහ අවිජ්ජා සංඛාර යන දෙක කියන ලද දේමය. නොදැන බිය වේ. බිය වන්නා අල්ලා ගනී. ඒ උපාදාන ප්‍රත්‍යයේ භාවය වේ. එයින් කීහ. පෙර කර්ම භවයෙහි මෝහය අවිජ්ජා ආයූහන සංඛාරය. නිකන්තනය කරන තණ්හාව උපගමන වූ උපාදානය, චේතනා කම්මභව වන මේ පංච ධර්ම මෙහි ප්‍රතිසන්ධිය දීමට පෙර භවයෙහි හේතු වේ.

තත්‍ථ පුරිමකම‍්මභවස‍්මින‍්ති පුරිමෙ කම‍්මභවෙ, අතීතජාතියං කම‍්මභවෙ කරියමානෙති අත්‍ථො. මොහො අවිජ‍්ජාති යො තදා දුක‍්ඛාදීසු මොහො, යෙන මූළ‍්හො කම‍්මං කරොති, සා අවිජ‍්ජා. ආයූහනා සඞ‍්ඛාරාති තං කම‍්මං කරොතො පුරිමචෙතනායො, යථා ‘දානං දස‍්සාමී’ති චිත‍්තං උප‍්පාදෙත්‍වා මාසම‍්පි සංවච‍්ඡරම‍්පි දානූපකරණානි සජ‍්ජෙන‍්තස‍්ස උප‍්පන‍්නා පුරිමචෙතනායො. පටිග‍්ගාහකානං පන හත්‍ථෙ දක‍්ඛිණං පතිට‍්ඨාපයතො චෙතනා භවොති වුච‍්චති. එකාවජ‍්ජනෙසු වා ඡසු ජවනෙසු චෙතනා ආයූහනසඞ‍්ඛාරා නාම. සත‍්තමා චෙතනා භවො. යා කාචි වා පන චෙතනා භවො, තංසම‍්පයුත‍්තා ආයූහනසඞ‍්ඛාරා නාම. නිකන‍්ති තණ‍්හාති යා කම‍්මං කරොන‍්තස‍්ස තස‍්ස ඵලෙ උප‍්පත‍්තිභවෙ නිකාමනා පත්‍ථනා සා තණ‍්හා නාම. උපගමනං උපාදානන‍්ති යං කම‍්මං භවස‍්ස පච‍්චයභූතං; ‘ඉදං කත්‍වා අසුකස‍්මිං නාම ඨානෙ කාමෙ සෙවිස‍්සාමි උච‍්ඡිජ‍්ජිස‍්සාමී’තිආදිනා නයෙන පවත‍්තං උපගමනං ගහණං පරාමසනං – ඉදං උපාදානං නාම. චෙතනා භවොති ආයූහනාවසානෙ වුත‍්තචෙතනා භවොති එවමත්‍ථො වෙදිතබ‍්බො.

එහි පෙර භවය යනු පෙර කර්ම භවයෙහි. අතීත ජාති කර්ම භවයෙහි කරන ලදැයි යන අර්ථයය. මුළාව අවිජ්ජාවය. යමෙක් දුක්ඛාදියෙහි මුලාවෙන් යම්කිසි මුළා වී කර්මයක් කරයි. ඒ අවිජ්ජාවය. රැස්කිරීම සංඛාරයයි. ඒ කර්මය කරන්නාගේ පෙර චේතනාවයි. දානයක් දෙමියි සිත උපදවා මාසයක්ද වසරක්ද දාන උපකරණ සපයා ගන්නා විට උපදින චේතනා පුරිම චේතනා වේ. ප්‍රතිග්‍රාහකයන් ගේ අතේ දාන වස්තුව තබනවිට පහළවන චේතනා භවයයි කියනු ලැබේ. එක ජවනයක හෝ ජවන හයක චේතනා සංඛාර නම් වේ. සත්වන ජවනය චේතනා භව යයි. යම් චේතනා භවයක් වේ නම් ඒ හා සම්ප්‍රයුක්ත වූ රැස්කිරීම සංඛාර නම් වේ. බලවත් ආශාව තෘෂ්ණාවයි. ක්‍රියාවක් කරන්නා එහි ඵලය ගැන ඇතිවන බලවත් ආශාව ප්‍රාර්ථනා එය තණ්හා නම් වේ. එළඹීම උපාදානය භවයට හේතුව යම් කර්මයක් කොට අසවල් ස්ථානයෙහි කාමයන් සේවනය කරමියි උච්ඡිජ්ජිස්සාමි ආදි නයින් පවතින උපගමනය උපාදානයයි. චේතනා භවනම් ආයූහනාවසානයේ කියන ලද චේතනා භවයයි මෙසේ අර්ථය දතයුතුය.

‘ඉදානි ඵලපඤ‍්චක’න‍්ති විඤ‍්ඤාණාදි වෙදනාවසානං පාළියං ආගතමෙව. යථාහ “ඉධ පටිසන්‍ධි විඤ‍්ඤාණං, ඔක‍්කන‍්ති නාමරූපං, පසාදො ආයතනං, ඵුට‍්ඨො ඵස‍්සො, වෙදයිතං වෙදනා ඉමෙ පඤ‍්ච ධම‍්මා ඉධූපපත‍්තිභවස‍්මිං පුරෙකතස‍්ස කම‍්මස‍්ස පච‍්චයා”ති (පටි· ම· 1.47). තත්‍ථ පටිසන්‍ධි විඤ‍්ඤාණන‍්ති යං භවන‍්තරපටිසන්‍ධානවසෙන උප‍්පන‍්නත‍්තා පටිසන්‍ධීති වුච‍්චති, තං විඤ‍්ඤාණං. ඔක‍්කන‍්ති නාමරූපන‍්ති යා ගබ‍්භෙ රූපාරූපධම‍්මානං ඔක‍්කන‍්ති, ආගන‍්ත්‍වා පවිසනං විය – ඉදං නාමරූපං. පසාදො ආයතනන‍්ති ඉදං චක‍්ඛාදිපඤ‍්චායතනවසෙන වුත‍්තං. ඵුට‍්ඨො ඵස‍්සොති යො ආරම‍්මණං ඵුට‍්ඨො ඵුසන‍්තො උප‍්පන‍්නො – අයං ඵස‍්සො. වෙදයිතං වෙදනාති යං පටිසන්‍ධිවිඤ‍්ඤාණෙන වා සළායතනපච‍්චයෙන වා ඵස‍්සෙන සහුප‍්පන‍්නං විපාකවෙදයිතං, සා වෙදනාති එවමත්‍ථො වෙදිතබ‍්බො.

දැන් පල පස යයි විඤ්ඤාණාදිය වේදනා අවසන්කොට අති පෙලෙහි ආවේය යථාහ:- මෙහි ප්‍රතිසන්ධි විඤ්ඤාණ වේ. පිහිටීම නාමරූපයයි. ප්‍රසාදය ආයතනයි. පහස ස්පර්ශයයි. විඳින දෙය වේදනාවය. මේ පස්දහම් මෙම උප්පත්ති භවයෙහි පෙර කරන ලද කර්මයේ හේතුවෙන් එහි ප්‍රතිසන්ධි විඤ්ඤාණය භව අතර ගැලපීම වශයෙන් උපන් බැවින් පටිසන්ධි යයි කියනු ලැබේ. ඒ විඤ්ඤාණය පටිසන්ධි විඤ්ඤාණයයි. ඔක්කන්ති නාමරූපයයි යම් තැනෙක රූපාරූප ධර්ම (බැසගනියි) පිහිටයි. පැමිණ පිවිසීමක් මෙන්ය. මේ නාමරූප ආයතන ප්‍රසාදයන් චක්ඛු ආදි ආයතන පහ වශයෙන් කියන ලදි. පහස ස්පර්ශයයි. යමක් අරමුණ ස්පර්ශ කරන ලද්දේ ස්පර්ශ උපන්නේ මේ ස්පර්ශයෙනි. විඳීම වේදනා යයි. ප්‍රතිසන්ධි විඤ්ඤාණය සමග හෝ සළායතන සමග හෝ ස්පර්ශය සමග උපන් යම් විපාක විඳීමක් වේද එය වේදනාව යයි අර්ථ දතයුතුය.

‘ඉදානි හෙතවො පඤ‍්චා’ති තණ‍්හාදයො පාළියං ආගතාව තණ‍්හුපාදානභවා. භවෙ පන ගහිතෙ තස‍්ස පුබ‍්බභාගා තංසම‍්පයුත‍්තා වා සඞ‍්ඛාරා ගහිතාව හොන‍්ති, තණ‍්හුපාදානග‍්ගහණෙන ච තංසම‍්පයුත‍්තා, යාය වා මූළ‍්හො කම‍්මං කරොති සා අවිජ‍්ජා ගහිතාව හොතීති එවං පඤ‍්ච. තෙනාහ “ඉධ පරිපක‍්කත‍්තා ආයතනානං මොහො අවිජ‍්ජා, ආයූහනා සඞ‍්ඛාරා, නිකන‍්ති තණ‍්හා, උපගමනං උපාදානං, චෙතනා භවො. ඉමෙ පඤ‍්ච ධම‍්මා ඉධ කම‍්මභවස‍්මිං ආයතිං පටිසන්‍ධියා පච‍්චයා”ති (පටි· ම· 1.47). තත්‍ථ ඉධ පරිපක‍්කත‍්තා ආයතනානන‍්ති පරිපක‍්කායතනස‍්ස කම‍්මකරණකාලෙ සම‍්මොහො දස‍්සිතො. සෙසං උත‍්තානමෙව.

ඉදානි හේතුවො පංච යයි පෙලෙහි ආ තණ්හා උපාදාන භව. භව ගැනීමෙන් එහි පෙර භාගය වූ එය සමග වූ හෝ සංඛාරද ගත්තා වේ. තණ්හූපාදාන ගැනීමෙන් එය සමග වූ හෝ යමකින් මුළාවී කර්ම කරයිද ඒ අවිජ්ජාව සමග වේ. මෙසේ පහකි. එනම් තණ්හා උපාදාන භව සංඛාර අවිජ්ජා යනුයි. එයින් කීහ. මෙහි පරිපාකයට ගිය බැවින් ආයතන යයි. පරිපාක ආයතනයෙහි කර්ම කරන ලෙස මුළාව දක්වන ලදි. සෙස්ස කියන ලදි.

‘ආයතිං ඵලපඤ‍්චක’න‍්ති විඤ‍්ඤාණාදීනි පඤ‍්ච. තානි ජාතිග‍්ගහණෙන වුත‍්තානි. ජරාමරණං පන තෙසංයෙව ජරාමරණං. තෙනාහ “ආයතිං පටිසන්‍ධි විඤ‍්ඤාණං, ඔක‍්කන‍්ති නාමරූපං, පසාදො ආයතනං, ඵුට‍්ඨො ඵස‍්සො, වෙදයිතං වෙදනා. ඉමෙ පඤ‍්ච ධම‍්මා ආයතිං උපපත‍්තිභවස‍්මිං ඉධ කතස‍්ස කම‍්මස‍්ස පච‍්චයා”ති (පටි· ම· 1.47). එවමිදං වීසතිආකාරාරං හොති.

ආයතිං ඵලං පංචකං යනු විඤ්ඤාණාදි පසය. ඒවා ජාති ගැනීමෙන් කියන ලදි. ජරාමරණ ඒවායේම ජරාමරණ වේ. එයින් කීහ. ආයතිං පටිසන්ධි විඤ්ඤාණං, ඔක්කන්ති නාමරූපං, පසාදො ආයතනං, ඵුට්ඨො ඵස්සො, වෙදයිතං වේදනා. මෙසේ මේ පස් ධර්ම අනාගත උප්පත්ති භවයෙහි මෙහි කරන ලද කර්මයේ හේතුවයි. මෙසේ මෙය විසිආකාර වේ.

තත්‍ථ පුරිමභවස‍්මිං පඤ‍්ච කම‍්මසම‍්භාරා, එතරහි පඤ‍්ච විපාකසම‍්භාරා, එතරහි පඤ‍්ච කම‍්මසම‍්භාරා, අනාගතෙ පඤ‍්ච විපාකධම‍්මාති දස ධම‍්මා කම‍්මං, දස විපාකොති. ද‍්වීසු ඨානෙසු කම‍්මං කම‍්මං නාම, ද‍්වීසු ඨානෙසු විපාකො විපාකො නාමාති සබ‍්බම‍්පෙතං භවචක‍්කං පච‍්චයාකාරවට‍්ටං කම‍්මඤ‍්චෙව කම‍්මවිපාකො ච. තථා ද‍්වීසු ඨානෙසු කම‍්මං කම‍්මසඞ‍්ඛෙපො, ද‍්වීසු ඨානෙසු විපාකො විපාකසඞ‍්ඛෙපොති සබ‍්බම‍්පෙතං කම‍්මසඞ‍්ඛෙපො චෙව විපාකසඞ‍්ඛෙපො ච. ද‍්වීසු ඨානෙසු කම‍්මං කම‍්මවට‍්ටං, ද‍්වීසු ඨානෙසු විපාකො විපාකවට‍්ටන‍්ති සබ‍්බම‍්පෙතං කම‍්මවට‍්ටඤ‍්චෙව විපාකවට‍්ටඤ‍්ච. තථා ද‍්වීසු ඨානෙසු කම‍්මං කම‍්මභවො, ද‍්වීසු ඨානෙසු විපාකො විපාකභවොති සබ‍්බම‍්පෙතං කම‍්මභවො චෙව විපාකභවො ච. ද‍්වීසු ඨානෙසු කම‍්මං කම‍්මපවත‍්තං , ද‍්වීසු ඨානෙසු විපාකො විපාකපවත‍්තන‍්ති සබ‍්බම‍්පෙතං කම‍්මපවත‍්තඤ‍්චෙව විපාකපවත‍්තඤ‍්ච. තථා ද‍්වීසු ඨානෙසු කම‍්මං කම‍්මසන‍්තති, ද‍්වීසු විපාකො විපාකසන‍්තතීති සබ‍්බම‍්පෙතං කම‍්මසන‍්තති චෙව විපාකසන‍්තති ච. ද‍්වීසු ඨානෙසු කම‍්මං කිරියා නාම, ද‍්වීසු විපාකො කිරියාඵලං නාමාති සබ‍්බම‍්පෙතං කිරියා චෙව කිරියාඵලඤ‍්චාති.

එහි පෙර භවයෙහි පහ කම්ම සම්භාරයෙන් දැන් විපාක පහකි. දැන් කම්ම සම්භාරයෙන් අනාගතයෙහි විපාක ධර්ම පහයයි දසධර්ම කර්ම වේ. දස විපාකය ස්ථාන දෙකක කම්මං කම්මං නාම වේ. ස්ථාන දෙකක විපාකො විපාකො නාම වේ. සියල්ල භව වෘත්තය. ප්‍රත්‍යයාකාර වෘත්තය. කර්මයද කර්ම විපාකයද වේ. එසේම දෙපලක කර්මය කර්ම සංක්‍ෂේපයකි. දෙපලක විපාකය විපාක සංක්‍ෂේපයයි. මේ සියල්ල කම්ම සංඛෙප හා විපාක සංඛෙප වේ. දෙපලක කර්මය කම්ම වට්ටය. දෙපලක විපාකය විපාක වට්ටය. මේ සියල්ල කම්ම වට්ටද විපාක වට්ටද වේ. එසේම දෙපලක කර්මය කර්ම භවයද දෙපලක විපාකය විපාක භවයද මේ සියල්ල කම්ම භව හා විපාක භව වේ. දෙපලක කර්මයද කර්ම පවත්තනයද දෙපලක විපාකයද විපාක පවත්තනයද මේ සියල්ල කම්ම පවත්තන විපාක පවත්තනද වේ. එසේම දෙපලක කම්ම කම්ම සන්තති දෙපලක විපාක විපාක සන්තති වේ. සියල්ල කම්ම සන්තති ද විපාක සන්තති ද වේ. දෙපලක කම්ම කිරියා නමි. දෙපලක විපාකය කිරියා පල නමැයි මේ සියල්ල කිරියාවද පලයද වේ.

එවං සමුප‍්පන‍්නමිදං සහෙතුකං, දුක‍්ඛං අනිච‍්චං චලමිත‍්තරද‍්ධුවං; ධම‍්මෙහි ධම‍්මා පභවන‍්ති හෙතුසො, න හෙත්‍ථ අත‍්තාව පරොව විජ‍්ජති.

මේවා උපන්නේ ද සහේතුවෙන්ම වේ දුක්හා අනිත්මය් නැත නිත් බවක් ද යම් හේතු නියාමය් මෙ දහම් ද වන්නෙ නම් නැත්තේ තමාවත් වෙන යම් අයෙක් ද හෝ

ධම‍්මා ධම‍්මෙ සඤ‍්ජනෙන‍්ති, හෙතුසම‍්භාරපච‍්චයා; හෙතූනඤ‍්ච නිරොධාය, ධම‍්මො බුද‍්ධෙන දෙසිතො; හෙතූසු උපරුද‍්ධෙසු, ඡින‍්නං වට‍්ටං න වට‍්ටති.

හේතු රැස පස වී - දහමින් දහම් උපදී නැවතුම පිණිස හේ - දෙසිණි දහම් බුදුරදුන් හේතු නැවතුණු පසු - බිඳි සසර යළි නොවැටේ

එවං දුක‍්ඛන‍්තකිරියාය, බ්‍රහ‍්මචරියීධ විජ‍්ජති; සත‍්තෙ ච නූපලබ‍්භන‍්තෙ, නෙවුච‍්ඡෙදො න සස‍්සතං.

බඹසර ඇත මෙහී - දුක් කෙළවර කිරීමට සතුන් නොලැබේ උස් - සෙද සස්සත ද නැත එහි

තිවට‍්ටමනවට‍්ඨිතං භමතීති එත්‍ථ පන සඞ‍්ඛාරභවා කම‍්මවට‍්ටං, අවිජ‍්ජාතණ‍්හූපාදානානි කිලෙසවට‍්ටං, විඤ‍්ඤාණනාමරූපසළායතනඵස‍්සවෙදනා විපාකවට‍්ටන‍්ති ඉමෙහි තීහි වට‍්ටෙහි තිවට‍්ටමිදං භවචක‍්කං යාව කිලෙසවට‍්ටං න උපච‍්ඡිජ‍්ජති තාව අනුපච‍්ඡින‍්නපච‍්චයත‍්තා අනවට‍්ඨිතං පුනප‍්පුනං පරිවට‍්ටනතො භමතියෙවාති වෙදිතබ‍්බං.

ත්‍රිවෘත්තිය නොනැවතී කැරකේය යන මෙහි සංඛාර භවය කර්ම වෘත්තත වේ. අවිජ්ජා තණ්හා උපාදාන ක්ලේශ වෘත්ත වේ. විඤ්ඤාණ නාමරූප සළායතන ඵස්ස වේදනා විපාක වෘත්ත වේ. මේ වෘත්ත තුනෙන් මේ භව චක්‍රය තිපරිවෘත්ත වේ. ක්ලේශ වෘත්තය නිවෙනතුරු නොසිඳේ. හේතු තිබෙන තාක් නොසිඳී නොනැවතී භ්‍රමණය වේයයි දතයුතුය.

තයිදමෙවං භමමානං –

එය මෙසේ භ්‍රමණය වෙමින් :-

සච‍්චප‍්පභවතො කිච‍්චා, වාරණා උපමාහි ච; ගම‍්භීරනයභෙදා ච, විඤ‍්ඤාතබ‍්බං යථාරහං.

කිස සස්වලින් එයි - චරණ උවමින් ගැඹරින් නය බෙදුම් මෙහි එන - සුදුසු ලෙස දැනගන්නේ

තත්‍ථ යස‍්මා කුසලාකුසලකම‍්මං අවිසෙසෙන සමුදයසච‍්චන‍්ති සච‍්චවිභඞ‍්ගෙ වුත‍්තං, තස‍්මා අවිජ‍්ජාපච‍්චයා සඞ‍්ඛාරාති අවිජ‍්ජාය සඞ‍්ඛාරා දුතියසච‍්චප‍්පභවං දුතියසච‍්චං, සඞ‍්ඛාරෙහි විඤ‍්ඤාණං දුතියසච‍්චප‍්පභවං පඨමසච‍්චං, විඤ‍්ඤාණාදීහි නාමරූපාදීනි විපාකවෙදනාපරියොසානානි පඨමසච‍්චප‍්පභවං පඨමසච‍්චං, වෙදනාය තණ‍්හා පඨමසච‍්චප‍්පභවං දුතියසච‍්චං, තණ‍්හාය උපාදානං දුතියසච‍්චප‍්පභවං දුතියසච‍්චං, උපාදානතො භවො දුතියසච‍්චප‍්පභවං පඨමදුතියසච‍්චද‍්වයං, භවතො ජාති දුතියසච‍්චප‍්පභවං පඨමසච‍්චං, ජාතියා ජරාමරණං පඨමසච‍්චප‍්පභවං පඨමසච‍්චන‍්ති. එවං තාවිදං ‘සච‍්චප‍්පභවතො’ විඤ‍්ඤාතබ‍්බං යථාරහං.

එහි කුසලාකුසල කර්ම අවිශේෂයෙන් සමුදය සත්‍ය යයි සච්ච විභංගයෙහි කියන ලදි. එහෙයින් අවිජ්ජා පච්චයා සංඛාරා යන අවිද්‍යාවෙන් සංඛාරයේ දෙවන සත්‍යය ප්‍රභව කොට ඇති දෙවන සත්‍යයයි. සංඛාරයන්ගෙන් විඤ්ඤාණය දෙවන සත්‍යය ප්‍රභව කොට ඇති පළමුවන සත්‍යයයි. විඤ්ඤාණාදියෙන් නාමරූපාදිය විපාක වේදනා අවසන්කොට ඇති ප්‍රථම සත්‍යය ප්‍රභව කොට ඇති ප්‍රථම සත්‍යයයි. වේදනාවෙන් තණ්හාව ප්‍රථම සත්‍යය ප්‍රභව කොට ඇති දෙවන සත්‍යයයි. තණ්හාවෙන් උපාදාන දෙවන සත්‍යය ප්‍රභවකොට ඇති දෙවන සත්‍යයයි. උපාදානයෙන් භවය දෙවන සත්‍යය ප්‍රභවකොට ඇති පළමුවන දෙවන සත්‍ය දෙකයි. භවයෙන් ජාති දෙවන සත්‍යය ප්‍රභවකොට ඇති පළමුවන සත්‍යයයි. ජාතියෙන් ජරාමරණ ප්‍රථම සත්‍යය ප්‍රභවකොට ඇති ප්‍රථම සත්‍යයයි. මෙසේ සත්‍ය ප්‍රභවයන් සුදුසු පරිදි දතයුතුය.

යස‍්මා පනෙත්‍ථ අවිජ‍්ජා වත්‍ථූසු ච සත‍්තෙ සම‍්මොහෙති පච‍්චයො ච හොති සඞ‍්ඛාරානං පාතුභාවාය, තථා සඞ‍්ඛාරා සඞ‍්ඛතඤ‍්ච අභිසඞ‍්ඛරොන‍්ති පච‍්චයා ච හොන‍්ති විඤ‍්ඤාණස‍්ස, විඤ‍්ඤාණම‍්පි වත්‍ථුඤ‍්ච පටිජානාති පච‍්චයො ච හොති නාමරූපස‍්ස, නාමරූපම‍්පි අඤ‍්ඤමඤ‍්ඤඤ‍්ච උපත්‍ථම‍්භෙති පච‍්චයො ච හොති සළායතනස‍්ස, සළායතනම‍්පි සවිසයෙ ච වත‍්තති පච‍්චයො ච හොති ඵස‍්සස‍්ස, ඵස‍්සොපි ආරම‍්මණඤ‍්ච ඵුසති පච‍්චයො ච හොති වෙදනාය, වෙදනාපි ආරම‍්මණරසඤ‍්ච අනුභවති පච‍්චයො ච හොති තණ‍්හාය, තණ‍්හාපි රජ‍්ජනීයෙ ච ධම‍්මෙ රජ‍්ජති පච‍්චයො ච හොති උපාදානස‍්ස, උපාදානම‍්පි උපාදානීයෙ ච ධම‍්මෙ උපාදියති පච‍්චයො ච හොති භවස‍්ස, භවොපි නානාගතීසු ච වික‍්ඛිපති පච‍්චයො ච හොති ජාතියා, ජාතිපි ඛන්‍ධෙ ච ජනෙති තෙසං අභිනිබ‍්බත‍්තිභාවෙන පවත‍්තතා පච‍්චයො ච හොති ජරාමරණස‍්ස, ජරාමරණම‍්පි ඛන්‍ධානං පාකභෙදභාවඤ‍්ච අධිතිට‍්ඨති පච‍්චයො ච හොති භවන‍්තරපාතුභාවාය සොකාදීනං අධිට‍්ඨානත‍්තා, තස‍්මා සබ‍්බපදෙසු ද‍්විධා පවත‍්ත‘කිච‍්චතො’පි ඉදං විඤ‍්ඤාතබ‍්බං යථාරහං.

මෙහි අවිජ්ජා වස්තු පවතින විට මුළාවෙයි. සංඛාරයන්ගේ පහළවීමට ප්‍රත්‍ය ද වේ. එසේම සංඛාර සංඛත ධර්ම අභිසංස්කරණය කරයි. විඤ්ඤාණයට ප්‍රත්‍යද වේ. විඤ්ඤාණයද වස්තු දැන ගනී. නාමරූපයට ප්‍රත්‍යය ද වේ. නාමරූප ඔවුනොවුන්ට උපස්ථම්භ වේ. සළායතනයට ප්‍රත්‍ය ද වේ. සළායතන ස්ව විෂයෙහි පවතී. ස්පර්ශයට ප්‍රත්‍ය ද වේ. ඵස්ස අරමුණු ස්පර්ශ කරයි. වේදනාවට ප්‍රත්‍යය ද වේ. වේදනාව අරමුණු රසය අනුභව කරයි. තණ්හාවට ප්‍රත්‍ය ද වේ. තණ්හාව ද ඇලිය යුතු දහමෙහි ඇලේ. උපාදානයට ප්‍රත්‍ය ද වේ. උපාදානය ද අල්වාගත යුතු ධර්ම අල්ලා ගනී. භවයට ප්‍රත්‍ය ද වේ. භවයද නානා ගති විසුරුවයි. ජාතියට ප්‍රත්‍ය ද වේ. ජාතිය ද ස්කන්ධයන් උපදවයි. ඔවුන්ගේ ඉපදීම් භවයෙන් පවතින ප්‍රත්‍ය ද ජරාමරණවලට වේ. ජරාමරණද ස්කන්ධවල විපාක භේද භවය ද පිහිටුවයි. භවාන්තර සෝකාදිය පහළවීමට ප්‍රත්‍ය ද වේ. එහෙයින් නාම පදයකම දෙවිධියකින් පවතින කෘත්‍යයන්ද සුදුසු පරිදි දතයුතුය.

යස‍්මා චෙත්‍ථ “අවිජ‍්ජාපච‍්චයා සඞ‍්ඛාරා”ති ඉදං කාරකදස‍්සනනිවාරණං, “සඞ‍්ඛාරපච‍්චයා විඤ‍්ඤාණ”න‍්ති අත‍්තසඞ‍්කන‍්තිදස‍්සනනිවාරණං, “විඤ‍්ඤාණපච‍්චයා නාමරූප”න‍්ති අත‍්තාතිපරිකප‍්පිතවත්‍ථුභෙදදස‍්සනතො ඝනසඤ‍්ඤානිවාරණං, “නාමරූපපච‍්චයා සළායතන”න‍්තිආදීසු “අත‍්තා පස‍්සති…පෙ… විජානාති ඵුසති වෙදයති තණ‍්හියති උපාදියති භවති ජායති ජීයති මීයතී”ති එවමාදිදස‍්සනනිවාරණං, තස‍්මා මිච‍්ඡාදස‍්සනනිවාරණතොපෙතං භවචක‍්කං ‘නිවාරණතො’ විඤ‍්ඤාතබ‍්බං යථාරහං.

මෙහි “අවිජ්ජා පච්චයා සංඛාරා” යන මෙය කාරකයකු දැක්වීම වැළැක්විය. විඤ්ඤාණය යනු ආත්ම සංක්‍රමණ දැකීම වැළැක්වීම සඳහාය. විඤ්ඤාණ පච්චයා නාමරූපං යනු ආත්මය යයි පරිකල්පනය කරන වස්තුවල බිඳීම දැක්වීම වශයෙනි. නාමරූප පච්චයා සළායතනං ආදියෙහි ආත්මය දකී. දැනගනියි. ස්පර්ශ කරයි. විඳියි. ආශා කරයි. දැඩිසේ ගනියි. වෙයි. උපදියි. දිරයි. මැරෙයි යන මේ ආදි දැකීම නීවරණයටයි. එනිසා මිථ්‍යා දැකීම් වැළකීමෙන් ද මේ භවචක්‍රය සුදුසු ලෙස දැනගත යුතුය.

යස‍්මා පනෙත්‍ථ සලක‍්ඛණසාමඤ‍්ඤලක‍්ඛණවසෙන ධම‍්මානං අදස‍්සනතො අන්‍ධො විය අවිජ‍්ජා, අන්‍ධස‍්ස උපක‍්ඛලනං විය අවිජ‍්ජාපච‍්චයා සඞ‍්ඛාරා, උපක‍්ඛලිතස‍්ස පතනං විය සඞ‍්ඛාරපච‍්චයා විඤ‍්ඤාණං, පතිතස‍්ස ගණ‍්ඩපාතුභාවො විය විඤ‍්ඤාණපච‍්චයා නාමරූපං, ගණ‍්ඩභෙදපීළකා විය නාමරූපපච‍්චයා සළායතනං, ගණ‍්ඩපීළකාඝට‍්ටනං විය සළායතනපච‍්චයා ඵස‍්සො, ඝට‍්ටනදුක‍්ඛං විය ඵස‍්සපච‍්චයා වෙදනා, දුක‍්ඛස‍්ස පටිකාරාභිලාසො විය වෙදනාපච‍්චයා තණ‍්හා, පටිකාරාභිලාසෙන අසප‍්පායග‍්ගහණං විය තණ‍්හාපච‍්චයා උපාදානං, උපාදින‍්නඅසප‍්පායාලෙපනං විය උපාදානපච‍්චයා භවො, අසප‍්පායාලෙපනෙන ගණ‍්ඩවිකාරපාතුභාවො විය භවපච‍්චයා ජාති, ගණ‍්ඩවිකාරතො ගණ‍්ඩභෙදො විය ජාතිපච‍්චයා ජරාමරණං.

යම් හෙයකින් මෙහි ස්වලක්‍ෂණ (බාහිර) සාමඤ්ඤ ලක්‍ෂණ (අනාගාමී) වශයෙන් ධර්මයන් (ස්වභාවය) නොදැකීමෙන් අවිජ්ජාව අන්ධයකු මෙනි. අන්ධයාගේ බාහිර ලක්‍ෂණ මෙනි. අවිජ්ජා පච්චයා සංඛාරා. හැපී වැටීඹක් මෙහි සංඛාර පච්චයා විඤ්ඤාණං. විඤ්ඤාණ පච්චයා නාමරූපං යනු වැටී පොලක් (ගඩුවක්) පහළවූවා මෙනි. නාමරූපං පච්චයා සළායතනං යනු ගඩුව බිඳී පිළාවන් (බිබිලි) මෙනි. සළායතන පච්චයා ඵස්ස බිබිලි ගැටීමක් මෙනි. ඵස්ස පච්චයා වේදනාව ගැටීම් දුකක් මෙනි. වේදනා පච්චයා තණ්හා දුකට ප්‍රතිකාරයක් මෙනි. තණ්හා පච්චයා උපාදානං ප්‍රතිකාරය සඳහා අපත්‍ය ආලේපනයක් මෙනි. උපාදාන පච්චයා භව අපත්‍ය ලේපනයෙන් ගඩුවේ විකාර මතුවූවා මෙනි. භව පච්චයා ජාති ගඩුව බිඳීමක් මෙනි. ජාති පච්චයා ජරාමරණං.

යස‍්මා වා පනෙත්‍ථ අවිජ‍්ජා අප‍්පටිපත‍්තිමිච‍්ඡාපටිපත‍්තිභාවෙන සත‍්තෙ අභිභවති පටලං විය අක‍්ඛීනි, තදභිභූතො ච බාලො පොනොබ‍්භවිකෙහි සඞ‍්ඛාරෙහි අත‍්තානං වෙඨෙති කොසකාරකිමි විය කොසප‍්පදෙසෙහි, සඞ‍්ඛාරපරිග‍්ගහිතං විඤ‍්ඤාණං ගතීසු පතිට‍්ඨං ලභති පරිණායකපරිග‍්ගහිතො විය රාජකුමාරො රජ‍්ජෙ, උපපත‍්තිනිමිත‍්තං පරිකප‍්පනතො විඤ‍්ඤාණං පටිසන්‍ධියං අනෙකප‍්පකාරං නාමරූපං අභිනිබ‍්බත‍්තෙති මායාකාරො විය මායං, නාමරූපෙ පතිට‍්ඨිතං සළායතනං වුද‍්ධිං විරූළ‍්හිං වෙපුල‍්ලං පාපුණාති සුභූමියං පතිට‍්ඨිතො වනප‍්පගුම‍්බො විය, ආයතනඝට‍්ටනතො ඵස‍්සො ජායති අරණීසහිතාභිමද‍්දනතො අග‍්ගි විය, ඵස‍්සෙන ඵුට‍්ඨස‍්ස වෙදනා පාතුභවති අග‍්ගිනා ඵුට‍්ඨස‍්ස ඩාහො විය, වෙදයමානස‍්ස තණ‍්හා වඩ‍්ඪති ලොණූදකං පිවතො පිපාසා විය, තසිතො භවෙසු අභිලාසං කරොති පිපාසිතො විය පානීයෙ, තදස‍්සුපාදානං උපාදානෙන භවං උපාදියති ආමිසලොභෙන මච‍්ඡො බළිසං විය, භවෙ සති ජාති හොති බීජෙ සති අඞ‍්කුරො විය, ජාතස‍්ස අවස‍්සං ජරාමරණං උප‍්පන‍්නස‍්ස රුක‍්ඛස‍්ස පතනං විය, තස‍්මා එවං ‘උපමාහි’ පෙතං භවචක‍්කං විඤ‍්ඤාතබ‍්බං යථාරහං.

අවිජ්ජාව අප්‍රතිපත්ති මිථ්‍යා ප්‍රතිපත්ති සත්ත්වයන් අභිභවනය කරයි. ඇසෙහි පටලයක් මෙනි. එයින් යුතුව මෝඩයින් පුනර්භව සංඛාරවලින් ආත්මය වෙළයි. කෝෂාකාර පණුවකු මෙනි. සංඛාරයෙන් යුක්ත විඤ්ඤාණය ගතිවල ප්‍රතිෂ්ඨාව ලබයි. රජ කුමරෙක් රාජ්‍යයෙහි පරිනායක රත්නයෙන් යුක්ත වූවා මෙනි. උත්පත්ති නිමිත්ත පරිකල්පනය කරන විඤ්ඤාණය ප්‍රතිසන්ධියෙහි අනෙකප්‍රකාර නාමරූප නිපදවන්නේ විජ්ජාකාරයෙකු කරන මායාව මෙනි. නාමරූපයෙහි පිහිටි සළායතන වෘද්ධිය විසාල බවට විපුල බවට පැමිණේ. සශ්‍රීක බිමක පිහිටි වන ගොමුවක් මෙනි. ආයතන ගැටුමෙන් ස්පර්ශයට ඇතිවන්නේ අරණි (ගිහිගානා දඬු) වලින් ගින්න මෙනි. ස්පර්ශයෙන් ස්පර්ශ වූවහුට වේදනාව ඇති වීමෙන් ගින්නෙන් ඇතිවන දැවිල්ල මෙනි. විඳින්නාට තෘෂ්ණාව ඇතිවන්නේ ලුණුවතුර බොන්නාට පිපාසය ඇතිවන්නා සේය. තැවෙන්නාහු භවයෙහි අභිලාශා ඇති කරවමින් ජලයෙහි පිපාස වූවන් මෙනි. උපාදානයෙන් භවය ඇතිවන්නේ ආමිස ලෝභයෙන් මසකු බිලියෙහි මෙනි. භවය ඇතිවිට ජාතිය වේ. බීජය ඇතිවිට අංකුරය මෙනි. උපන්නාහුට මරණය හටගත් ගසක් වැටෙන්නා සේය. එහෙයින් උපමාවලින් සුදුසු ලෙස භවචක්‍රය දැනගත යුතුය.

යස‍්මා ච භගවතා අත්‍ථතොපි ධම‍්මතොපි දෙසනාතොපි පටිවෙධතොපි ගම‍්භීරභාවං සන්‍ධාය “ගම‍්භීරො චායං, ආනන්‍ද, පටිච‍්චසමුප‍්පාදො ගම‍්භීරාවභාසො චා”ති (දී· නි· 2.95; සං· නි· 2.60) වුත‍්තං, තස‍්මා ‘ගම‍්භීරභෙදතො’පෙතං භවචක‍්කං විඤ‍්ඤාතබ‍්බං යථාරහං.

භාග්‍යවතුන් වහන්සේ අර්ථ ධර්ම දේශනා ප්‍රතිවේද වශයෙන් ගැඹුරු බව උදෙසා “ආනන්දය, මේ පටිච්ච සමුප්පාදය ගැඹුරුය. ගැඹුරු බවින් අවභාසය” (බබළයි) කීහ. එහෙයින් ගැඹුරු බැවින් ද මේ භව චක්‍රය දැනගත යුතුය.

තත්‍ථ යස‍්මා න ජාතිතො ජරාමරණං න හොති, න ච ජාතිං විනා අඤ‍්ඤතො හොති, ඉත්‍ථඤ‍්ච ජාතිතො සමුදාගච‍්ඡතීති එවං ජාතිපච‍්චයසමුදාගතට‍්ඨස‍්ස දුරවබොධනීයතො ජරාමරණස‍්ස ජාතිපච‍්චයසම‍්භූතසමුදාගතට‍්ඨො ගම‍්භීරො, තථා ජාතියා භවපච‍්චය…පෙ… සඞ‍්ඛාරානං අවිජ‍්ජාපච‍්චයසම‍්භූතසමුදාගතට‍්ඨො ගම‍්භීරො, තස‍්මා ඉදං භවචක‍්කං අත්‍ථගම‍්භීරන‍්ති. අයං තාවෙත්‍ථ ‘අත්‍ථගම‍්භීරතා’ හෙතුඵලඤ‍්හි අත්‍ථොති වුච‍්චති, යථාහ “හෙතුඵලෙ ඤාණං අත්‍ථපටිසම‍්භිදා”ති (විභ· 720).

එහි ජාති නොමැති නම් ජරාමරණ නැත. ජාතිය හැර අනිකක් නොවේ. මෙසේද ජාතියෙන් හටගනී යයි යන ජාති ප්‍රත්‍යයෙන් හටගත්තහුට දුරවබෝධනීය බැවින් ජරාමරණයේ ජාති ප්‍රත්‍යයෙන් හටගත්තේ ගැඹුරුය. එසේම ජාතියෙන් භව ප්‍රත්‍යයෙන් සංඛාරයන්ගේ අවිජ්ජා ප්‍රත්‍ය හෝ හටගත්තේ ගැඹුරුය. එනිසා මේ භව චක්‍රය අර්ථ ගම්භීරය. මෙහි එහි අර්ථ ගම්භීරතාව හේතුඵලයෙහි අර්ථයයි කියනු ලැබේ. යථාහ:- “හේතුඵලෙ ඤාණං අත්‍ථපටිසම්භිදා” හේතුඵලයෙහි ඤාණය අර්ථ ප්‍රතිසම්භිදාවය

යස‍්මා පන යෙනාකාරෙන යදවත්‍ථා ච අවිජ‍්ජා තෙසං තෙසං සඞ‍්ඛාරානං පච‍්චයො හොති, තස‍්ස දුරවබොධනීයතො අවිජ‍්ජාය සඞ‍්ඛාරානං පච‍්චයට‍්ඨො ගම‍්භීරො, තථා සඞ‍්ඛාරානං…පෙ… ජාතියා ජරාමරණස‍්ස පච‍්චයට‍්ඨො ගම‍්භීරො, තස‍්මා ඉදං භවචක‍්කං ධම‍්මගම‍්භීරන‍්ති අයමෙත්‍ථ ‘ධම‍්මගම‍්භීරතා’ හෙතුනො හි ධම‍්මොති නාමං, යථාහ “හෙතුම‍්හි ඤාණං ධම‍්මපටිසම‍්භිදා”ති.

යම් හෙයකින් යම් ආකාරයකින් යාවත් වූ අවිජ්ජාව ඒ ඒ සංඛාරයන්ට ප්‍රත්‍ය වේද? එහි දුරවබෝධ හෙයින් අවිජ්ජාවෙන් සංඛාරවලට ප්‍රත්‍යවීම ගැඹුරුය. එසේම සංඛාරවලට......... ජාතියෙන් ජරාමරණවලට ප්‍රත්‍යවීම ගැඹුරුය. එනිසා මේ භවචක්‍රය ගැඹුරුය. මෙය මෙහි ධර්ම ගම්භීරතාවය. හේතු ධර්මයේ නමකි. කීහ. “හේතුම්හි ඤාණං ධම්මපටිසම්භිදා” යන හේතුවෙහි ඤාණය ධර්ම පටිසම්භිදාවය.

යස‍්මා චස‍්ස තෙන තෙන කාරණෙන තථා තථා පවත‍්තෙතබ‍්බත‍්තා දෙසනාපි ගම‍්භීරා, න තත්‍ථ සබ‍්බඤ‍්ඤුතඤාණතො අඤ‍්ඤං ඤාණං පතිට‍්ඨං ලභති, තථා හෙතං කත්‍ථචි සුත‍්තෙ අනුලොමතො, කත්‍ථචි පටිලොමතො; කත්‍ථචි අනුලොමපටිලොමතො, කත්‍ථචි වෙමජ‍්ඣතො පට‍්ඨාය අනුලොමතො වා පටිලොමතො වා, කත්‍ථචි තිසන්‍ධිචතුසඞ‍්ඛෙපං, කත්‍ථචි ද‍්විසන්‍ධිතිසඞ‍්ඛෙපං, කත්‍ථචි එකසන්‍ධිද‍්විසඞ‍්ඛෙපං දෙසිතං, තස‍්මා ඉදං භවචක‍්කං දෙසනාගම‍්භීරන‍්ති අයං දෙසනාගම‍්භීරතා.

ඒ ඒ හේතුවෙන් ඒ ඒ පැවතිය යුතු නිසා දේශනාවද ගැඹුරුය. එහි සර්වඥ ඤාණය හැර වෙන ඤාණයක් ප්‍රතිෂ්ඨාව නොලබයි. එසේම කිසියම් සූත්‍රයක අනුලෝම වශයෙනි. කිසියම් සූත්‍රයක ප්‍රතිලෝම වශයෙනි. කිසිවක අනුලෝම පටිලෝම වශයෙනි. කිසිවක මැද සිට අනුලෝම වශයෙන් හෝ පටිලෝම වශයෙනි. කිසිවක ත්‍රිසන්ධිය සතර සංක්‍ෂේපය. කිසිවක ත්‍රිසන්ධි ත්‍රිසංඛෙපය. කිසිවක ඒකසන්ධි ද්විසංඛෙපය. ඒ නිසා මේ භව චක්‍රය දේශනා ගම්භීරය. මෙය දේශනා ගම්භීරතාවයි.

යස‍්මා පනෙත්‍ථ යො අවිජ‍්ජාදීනං සභාවො, යෙන පටිවිද‍්ධෙන අවිජ‍්ජාදයො ධම‍්මා සලක‍්ඛණතො පටිවිද‍්ධා හොන‍්ති, සො දුප‍්පරියොගාහත‍්තා ගම‍්භීරො, තස‍්මා ඉදං භවචක‍්කං පටිවෙධගම‍්භීරං. තථා හෙත්‍ථ අවිජ‍්ජාය අඤ‍්ඤාණාදස‍්සනසච‍්චාසම‍්පටිවෙධට‍්ඨො ගම‍්භීරො, සඞ‍්ඛාරානං අභිසඞ‍්ඛරණායූහනසරාගවිරාගට‍්ඨො, විඤ‍්ඤාණස‍්ස සුඤ‍්ඤතඅබ්‍යාපාරඅසඞ‍්කන‍්තිපටිසන්‍ධිපාතුභාවට‍්ඨො , නාමරූපස‍්ස එකුප‍්පාදවිනිබ‍්භොගාවිනිබ‍්භොගනමනරුප‍්පනට‍්ඨො, සළායතනස‍්ස අධිපතිලොකද‍්වාරඛෙත‍්තවිසයවිසයීභාවට‍්ඨො, ඵස‍්සස‍්ස ඵුසනසඞ‍්ඝට‍්ටනසඞ‍්ගතිසන‍්නිපාතට‍්ඨො, වෙදනාය ආරම‍්මණරසානුභවනසුඛදුක‍්ඛමජ‍්ඣත‍්තභාවනිජ‍්ජීවවෙදයිතට‍්ඨො, තණ‍්හාය අභිනන්‍දිතජ‍්ඣොසානසරිතාලතානදීතණ‍්හාසමුද‍්දදුප‍්පූරණට‍්ඨො, උපාදානස‍්ස ආදානග‍්ගහණාභිනිවෙසපරාමාසදුරතික‍්කමනට‍්ඨො, භවස‍්ස ආයූහනාභිසඞ‍්ඛරණයොනිගතිඨිතිනිවාසෙසු ඛිපනට‍්ඨො, ජාතියා ජාතිසඤ‍්ජාතිඔක‍්කන‍්තිනිබ‍්බත‍්තිපාතුභාවට‍්ඨො, ජරාමරණස‍්ස ඛයවයභෙදවිපරිණාමට‍්ඨො ගම‍්භීරොති අයමෙත්‍ථ පටිවෙධගම‍්භීරතා.

අවිජ්ජාදීන්ගේ ස්වභාවය යමකින් අවබෝධ කළේ නම් අවිජ්ජාදී ධර්ම ස්වලක්‍ෂණ වශයෙන් අවබෝධ කළා වේ. එය අවබෝධ කිරීමට දුෂ්කර හෙයින් ගැඹුරුය. එනිසා මෙය භවචක්‍රයේ ප්‍රතිවේධ ගැඹුරයි. එසේම අවිජ්ජාවේ අඤ්ඤාණයට නොපෙනෙන සත්‍ය අවබෝධ නොවන අර්ථයෙන් ගැඹුරුය. සංඛාරයන්ගේ අභිසංඛරනය ආයුහනය සරාග විරාගාර්ථයෙන් ගැඹුරුය. විඤ්ඤාණයේ ශූන්‍යභාවය අව්‍යාපාර අසංඛන්ති ප්‍රතිසන්ධිය පහළවීම් අර්ථයෙන් ගැඹුරුය. නාමරූපවල එකට ඉපදීම වෙන්වීම එකතුවීම නැමෙන වෙනස්වන අර්ථයෙන් ගැඹුරුය. සළායතනයේ අධිපති ලෝක ද්වාර ඛෙත්ත විෂය විෂයීභාව අර්ථයෙන් ගැඹුරුය. ස්පර්ශයේ ඵුසන සංඝට්ටන සංඝති සන්නිපාත අර්ථයෙන් ගැඹුරුය. වේදනාවෝ රස අනුභවන සුඛ දුක්ඛ මජ්ඣත්තභාව නිජ්ජීව විඳීම් අර්ථයෙන් ගැඹුරුය. තණ්හාවේ අභිනන්දිත අජ්ඣොසාන, සරිතලතා නදී තණ්හා සමුද්ද පිරවීමට දුෂ්කරය යන අර්ථයෙන් ගැඹුරය. උපාදානයේ ගැනීම, ග්‍රහණය අභිනිවෙසය, පරාමර්ශනය, අතික්‍රමණයව දුෂ්කර යන අර්ථයෙන් ගැඹුරුය. භවයේ ආයුහන අභිසංඛරණ යෝනි ගති ඨිති නිවාස බිජන අර්ථයෙන්ද ජාතින් (ඉපදීමේ) සංජාති ඔක්කන්ති නිබ්බත්ති පහළවීම් අර්ථයේද ජරාමරණයේ ඛය වය භෙද විපරිණාම නාම අර්ථයෙන්ද ගැඹුරුය. මෙය මෙහි ප්‍රතිවේධ ගැඹුරුය.

යස‍්මා පනෙත්‍ථ එකත‍්තනයො, නානත‍්තනයො, අබ්‍යාපාරනයො, එවංධම‍්මතානයොති චත‍්තාරො අත්‍ථනයා හොන‍්ති, තස‍්මා ‘නයභෙදතො’පෙතං භවචක‍්කං විඤ‍්ඤාතබ‍්බං යථාරහං. තත්‍ථ “අවිජ‍්ජාපච‍්චයා සඞ‍්ඛාරා, සඞ‍්ඛාරපච‍්චයා විඤ‍්ඤාණ”න‍්ති එවං බීජස‍්ස අඞ‍්කුරාදිභාවෙන රුක‍්ඛභාවප‍්පත‍්ති විය සන‍්තානානුපච‍්ඡෙදො ‘එකත‍්තනයො’ නාම; යං සම‍්මා පස‍්සන‍්තො හෙතුඵලසම‍්බන්‍ධෙන පවත‍්තමානස‍්ස සන‍්තානස‍්ස අනුපච‍්ඡෙදාවබොධතො උච‍්ඡෙදදිට‍්ඨිං පජහති, මිච‍්ඡා පස‍්සන‍්තො හෙතුඵලසම‍්බන්‍ධෙන පවත‍්තමානස‍්ස සන‍්තානානුපච‍්ඡෙදස‍්ස එකත‍්තග‍්ගහණතො සස‍්සතදිට‍්ඨිං උපාදියති.

ඒකාන්ත නය නානත්ත නය අබ්‍යාපාර නය මෙසේ ධම්ම නය යයි අර්ථ නය සතරක් වේ. එනිසා නය භේද වශයෙන් මේ භවචක්‍රය සුදුසු පරිදි විනිස දතයුතුය. එහි අවිජ්ජා පච්චයා සංඛාරා, සංඛාර පච්චයා විඤ්ඤාණං යන මෙසේ බීජයේ අංකුරාදි භාවයෙන් ගස බවට පැමිණීම මෙන් සන්තානය (පරපුර) නොසිඳීම ඒකත්ත නය වේ. යමක් මනාව දකින්නේ හේතුඵල ස්කන්ධයෙන් පවතින සන්තානයේ නොකැඩුණු බව අවබෝධයෙන් උච්ඡේද දෘෂ්ටිය දුරුවෙයි. වැරදි දකින හේතුඵල සම්බන්ධයෙන් පවතිනා සන්තානයේ කැඩීම ඒකත්ත වශයෙන් ගැනීමෙන් සාස්වත දෘෂ්ටිය ගනියි.

අවිජ‍්ජාදීනං පන යථාසකලක‍්ඛණවවත්‍ථානං ‘නානත‍්තනයො’ නාම; යං සම‍්මා පස‍්සන‍්තො නවනවානං උප‍්පාදදස‍්සනතො සස‍්සතදිට‍්ඨිං පජහති, මිච‍්ඡා පස‍්සන‍්තො එකසන‍්තානපතිතස‍්ස භින‍්නසන‍්තානස‍්සෙව නානත‍්තග‍්ගහණතො උච‍්ඡෙදදිට‍්ඨිං උපාදියති.

අවිජ්ජාදියෙහි සියළු ස්වභාව ලක්‍ෂණ නියමය නානත්ත නය නම් වේ. යමක් මනාව දකින්නේ අළුත් ඉපදීම් දැකීමෙන් සාස්වත දෘෂ්ටිය දුරුකරයි. වැරදියට දකින්නේ එක් සන්තානයක් වැටුණු පසු බිඳුණු සන්තානයේම නානත්ත නය ගැනීමෙන් උච්ඡේද දෘෂ්ටිය අල්ලා ගනියි.

අවිජ‍්ජාය ‘සඞ‍්ඛාරා මයා උප‍්පාදෙතබ‍්බා’, සඞ‍්ඛාරානං වා ‘විඤ‍්ඤාණං අම‍්හෙහී’ති එවමාදිබ්‍යාපාරාභාවො ‘අබ්‍යාපාරනයො’ නාම; යං සම‍්මා පස‍්සන‍්තො කාරකස‍්ස අභාවාවබොධතො අත‍්තදිට‍්ඨිං පජහති, මිච‍්ඡා පස‍්සන‍්තො යො අසතිපි බ්‍යාපාරෙ අවිජ‍්ජාදීනං සභාවනියමසිද‍්ධො හෙතුභාවො තස‍්ස අග‍්ගහණතො අකිරියදිට‍්ඨිං උපාදියති.

අවිද්‍යාවෙන් සංඛාර මා විසින් ඉපදවිය යුතුය. අප විසින් සංඛාර හෝ විඤ්ඤාණ ඉපදවිය යුතුය යන ව්‍යවහාර බවෙන් අබ්‍යාපාර නය නම් වේ. යමක් මනාව දකින්නේ කාරකයකුගේ අභාවය අවබෝධයෙන් ආත්ම දෘෂ්ටිය දුරුකරයි. වැරදියට දකින්නේ යමෙක් නැති ව්‍යාපාරයෙහි අවිජ්ජාදියේ ස්වභාව නියම සිද්ධිය හේතු අභාවයන් වේ. එය නොගැනීමෙන් අකිරිය දෘෂ්ටිය ගනු ලැබේ.

අවිජ‍්ජාදීහි පන කාරණෙහි සඞ‍්ඛාරාදීනංයෙව සම‍්භවො ඛීරාදීහි දධිආදීනං විය, න අඤ‍්ඤෙසන‍්ති අයං ‘එවංධම‍්මතානයො’ නාම; යං සම‍්මා පස‍්සන‍්තො පච‍්චයානුරූපතො ඵලාවබොධතො අහෙතුකදිට‍්ඨිඤ‍්ච අකිරියදිට‍්ඨිඤ‍්ච පජහති, මිච‍්ඡා පස‍්සන‍්තො පච‍්චයානුරූපං ඵලප‍්පවත‍්තිං අග‍්ගහෙත්‍වා යතො කුතොචි යස‍්ස කස‍්සචි අසම‍්භවග‍්ගහණතො අහෙතුකදිට‍්ඨිඤ‍්චෙව නියතවාදඤ‍්ච උපාදියතීති එවමිදං භවචක‍්කං –

අවිජ්ජාදි හේතුවෙන් සංඛාරාදිය ඇතිවේ. කිරි ආදියෙන් දධි මෙනි. වෙනත් අයුරකින් නොවේ. මෙය මෙසේ ධර්මායතන නම් වේ. යමක් මනාව දකින්නේ ප්‍රත්‍ය අනුරූපයේ ඵල අවබෝධයෙන් අහේතුක දෘෂ්ටියද අකිරිය දෘෂ්ටියද අත්හරියි. වැරදියට දකින්නේ පච්චයානුරූපය පල පවතින අයුරු නොගෙන කොහෙන් හෝ සම්භවය නොගැනීමෙන් අහේතුක දෘෂ්ටියද නියතවාදයද ගනු ලැබේ. මෙබඳු භව චක්‍රය

සච‍්චප‍්පභවතො කිච‍්චා, වාරණා උපමාහි ච; ගම‍්භීරනයභෙදා ච, විඤ‍්ඤාතබ‍්බං යථාරහං.

කිස සස්වලින් එය - වරණ උවමින් ගැඹරින් නය බෙදුම් මෙහි එන - සුදුසු සේ දැන ගන්නේ

ඉදඤ‍්හි ගම‍්භීරතො අගාධං නානානයග‍්ගහණතො දුරභියානං ඤාණාසිනා සමාධිපවරසිලායං සුනිසිතෙන –

මෙහි ගැඹුරු නිසා අගාධය. නා නා නය ගහණ බැවින් දුෂ්කර අභියානයකි. නුවණ අභිමතෙන් සමාධි නමැති උතුම් ගලෙහි පණපොවා

භවචක‍්කමපදාලෙත්‍වා , අසනිවිචක‍්කමිව නිච‍්චනිම‍්මථනං; සංසාරභයමතීතො, න කොචි සුපිනන‍්තරෙප්‍යත්‍ථි.

බවසක බිඳ අසනියෙන් වෙන්කළ සක මෙන් නිතර කළඹන සසරබිය ඉක්මවූ කිසිවෙක් සිහිනවලද නැත.

වුත‍්තම‍්පි චෙතං භගවතා – “ගම‍්භීරො චායං, ආනන්‍ද, පටිච‍්චසමුප‍්පාදො ගම‍්භීරාවභාසො ච. එතස‍්ස, ආනන්‍ද, ධම‍්මස‍්ස අනනුබොධා අප‍්පටිවෙධා එවමයං පජා තන‍්තාකුලකජාතා කුලගණ‍්ඨිකජාතා මුඤ‍්ජපබ‍්බජභූතා අපායං දුග‍්ගතිං විනිපාතං සංසාරං නාතිවත‍්තතී”ති (දී· නි· 2.95; සං· නි· 2.60). තස‍්මා අත‍්තනො වා පරෙසං වා හිතාය සුඛාය පටිපන‍්නො අවසෙසකිච‍්චානි පහාය –

භගවත්හු මෙසේ කීහ. “ආනන්දය, පටිච්ච සමුප්පාදය ගැඹුරුය. ගැඹුරු අවභාෂයද ලබා ඇත.” ආනන්ද, මේ ධර්මයේ නොදැනුම අනවබෝධය අවබෝධ නොකිරීම මෙසේය. මෙය ප්‍රජාවගේ තන්තා කුලක ජාතා ගුණා ගුණාධික ජාතා මුඤ්ජ බබ්බජ භූතා අපායං දුග්ගතිං විනිපාතං සංසාරං නාතිවත්තති. එහෙයින් තමාගේ හෝ අනුන්ගේ හෝ දියුණුව පිණිස සැප පිණිස පිළිපන්නේ සෙසු කටයුතු අත්හැර,

ගම‍්භීරෙ පච‍්චයාකාර-ප‍්පභෙදෙ ඉධ පණ‍්ඩිතො; යථා ගාධං ලභෙථෙව-මනුයුඤ‍්ජෙ සදා සතොති.

පස අයුරු ගැඹුරුව - මෙහි බේද පණ්ඩිතයා ගැඹුර සේ ලබන්නේ - යොදනු සිහියෙන් සැම දා

සුත‍්තන‍්තභාජනීයවණ‍්ණනා.

සුත්තන්ත භාජනියයි.