යෙදුමෙන් කියවන්න

අභිධම‍්මභාජනීයවණ‍්ණනා අට‍්ඨකථා

සම්පූර්ණ පරිච්ඡේදය

අභිධම‍්මභාජනීයවණ‍්ණනා

අභිධර්ම භාජනීය වර්ණනාව

එවං මහාපථවිං පත්‍ථරන‍්තො විය ආකාසං විත්‍ථාරයන‍්තො විය ච සබ‍්බධම‍්මෙසු අප‍්පටිහතඤාණො සත්‍ථා සුත‍්තන‍්තභාජනීයෙ නිග‍්ගණ‍්ඨිං නිජ‍්ජටං පච‍්චයාකාරං නානාචිත‍්තවසෙන දස‍්සෙත්‍වා ඉදානි යස‍්මා න කෙවලං අයං පච‍්චයාකාරො නානාචිත‍්තෙසුයෙව හොති, එකචිත‍්තෙපි හොතියෙව, තස‍්මා අභිධම‍්මභාජනීයවසෙන එකචිත‍්තක‍්ඛණිකං පච‍්චයාකාරං නානප‍්පකාරතො දස‍්සෙතුං අවිජ‍්ජාපච‍්චයා සඞ‍්ඛාරොතිආදිනා නයෙන මාතිකං තාව ඨපෙසි. එවං ඨපිතාය පන මාතිකාය –

මෙසේ මහා පෘථිවිය පැතිරෙන්නා සේ ආකාශය දිගහැරී යන්නා සේද සියළු ධර්මයන් කෙරෙහි අප්‍රතිහත ඤාණයක් ඇති ශාස්තෲන් වහන්සේ සූත්‍රාන්ත භාජනියෙහි ගැට නැතිව අවුල් නැතිව ප්‍රත්‍යයාකාරය නා නා චිත්ත වශයෙන් දක්වා දැන් යම්හෙයකින් මේ ප්‍රත්‍යයාකාරය කේවල වූයේද නා නා සිත්වල වූයේද වෙයි. එක් සිතකම වූයේද වෙයි. එහෙයින් අභිධම්ම භාජනිය වශයෙන් එක චිත්ත ක්‍ෂණික වූ පච්චයාකාරය නානාප්පකාරයෙන් දැක්වීමට “අවිජ්ජා පච්චයා සංඛාරොති” ආදි නයින් මාතෘකාව තැබූහ. මෙසේ තබන ලද මාතෘකාවෙහි :-

අවිජ‍්ජාදීහි මූලෙහි, නව මූලපදා නව; නයා තත්‍ථ චතුක‍්කානි, වාරභෙදඤ‍්ච දීපයෙ.

අවිදු ඈ මුල්හී - නව මුල්පද නවය වේ නය එහි සතරෙකී - වාර බේදද දැක්වේ

තත්‍රායං දීපනා – එත්‍ථ හි අවිජ‍්ජාසඞ‍්ඛාරවිඤ‍්ඤාණනාමඡට‍්ඨායතනඵස‍්සවෙදනාතණ‍්හාඋපාදානප‍්පභෙදෙහි අවිජ‍්ජාදීහි නවහි මූලපදෙහි අවිජ‍්ජාදිකො, සඞ‍්ඛාරාදිකො, විඤ‍්ඤාණාදිකො, නාමාදිකො, ඡට‍්ඨායතනාදිකො, ඵස‍්සාදිකො, වෙදනාදිකො, තණ‍්හාදිකො, උපාදානාදිකොති ඉමෙ නව මූලපදා නව නයා හොන‍්ති.

මේ එහි විස්තරයයි. මෙහි අවිජ්ජා සංඛාර විඤ්ඤාණ නාම ඡට්ඨායතන ඵස්ස වේදනා තණ්හා උපාදාන භේදයෙන් අවිජ්ජාදි නව මූල පදයෙහි අවිජ්ජාදිකො........උපාදානාදිකො යයි මේ මූලපද නවය නය නවයක් වේ.

තෙසු යො තාව අයං අවිජ‍්ජාදිකො නයො, තත්‍ථ පච‍්චයචතුක‍්කං, හෙතුචතුක‍්කං, සම‍්පයුත‍්තචතුක‍්කං, අඤ‍්ඤමඤ‍්ඤචතුක‍්කන‍්ති චත‍්තාරි චතුක‍්කානි හොන‍්ති. යථා චෙත්‍ථ එවං සෙසෙසුපීති එකෙකස‍්මිං නයෙ චතුන‍්නං චතුන‍්නං චතුක‍්කානං වසෙන ඡත‍්තිංස චතුක‍්කානි. තත්‍ථ එකෙකෙන චතුක‍්කෙන චතුන‍්නං චතුන‍්නං වාරානං සඞ‍්ගහිතත‍්තා චතුන‍්නම‍්පි චතුක‍්කානං වසෙන එකෙකස‍්මිං නයෙ සොළස සොළස වාරාති චතුචත‍්තාලීසාධිකං වාරසතං හොතීති වෙදිතබ‍්බං.

ඒවා අතරෙන් පළමුකොට මේ අවිජ්ජාදික නය වේ. එහි පච්චය චතුක්කය හේතු චතුක්කය සම්පයුත්ත චතුක්කය අඤ්ඤමඤ්ඤ චතුක්කය යයි චතුක්ක සතරක් වේ. මෙහි යම් සේද එසේ සෙසු ඒවායෙහිද එක එකේ නය සතර සතර චතුක්ක වශයෙන් චතුක්ක තිස්හයක් වේ. එහි එක එක චතුක්කයෙන් වාර සතර සතර සංග්‍රහ කළ බැවින් සතර චතුක්කයන්ගේ වශයෙන් එක එකේ නයෙහි සොළොස් සොළොස් වාර සය හතලිස් හතරක් අධික කොට ඇති වාර සියයක් වේ යයි දතයුතුය.

පච‍්චයචතුක‍්කං

පච්චයචතුක්කං

තත්‍ථ යදෙතං සබ‍්බපඨමෙ අවිජ‍්ජාමූලකෙ නයෙ පච‍්චයචතුක‍්කං, තස‍්මිං පඨමො නාමරූපට‍්ඨානෙ නාමස‍්ස, සළායතනට‍්ඨානෙ ඡට‍්ඨායතනස‍්ස ච වුත‍්තත‍්තා අපරිපුණ‍්ණඅඞ‍්ගද‍්වයයුත‍්තො ද‍්වාදසඞ‍්ගිකවාරො නාම. දුතියො නාමරූපට‍්ඨානෙ නාමස‍්සෙව, සළායතනට‍්ඨානෙ ච න කස‍්සචි වුත‍්තත‍්තා අපරිපුණ‍්ණඑකඞ‍්ගයුත‍්තො එකාදසඞ‍්ගිකවාරො නාම. තතියො සළායතනට‍්ඨානෙ ඡට‍්ඨායතනස‍්ස වුත‍්තත‍්තා පරිපුණ‍්ණඑකඞ‍්ගයුත‍්තො ද‍්වාදසඞ‍්ගිකවාරො නාම. චතුත්‍ථො පන පරිපුණ‍්ණද‍්වාදසඞ‍්ගිකොයෙව.

එහි සියල්ලටම පළමු අවිජ්ජා මූලක නයෙහි පච්චය චතුක්කය. එහි පළමු නාමරූප ස්ථානයෙහි නාමයම සළායතන ස්ථානයෙහිද කිසිවක් නොකී බැවින් අසම්පූර්ණ ඒකාංගයෙන් යුක්ත වූයේ ඒකාදසංගික වාර නම් වේ. තුන්වන සළායතන ස්ථානයෙහි ඡට්ඨායතනයට කියන ලද බැවින් සම්පූර්ණ එකංගයෙන් යුක්ත වූයේ ද්වාදසංගික වාර නම් වේ. සතරවැන්න සම්පූර්ණ ද්වාදසංගිකම වාර නම් වේ.

තත්‍ථ සියා – අයම‍්පි ඡට‍්ඨායතනපච‍්චයා ඵස‍්සොති වුත‍්තත‍්තා අපරිපුණ‍්ණෙකඞ‍්ගයුත‍්තොයෙවාති? න, තස‍්ස අනඞ‍්ගත‍්තා. ඵස‍්සොයෙව හෙත්‍ථ අඞ‍්ගං, න ඡට‍්ඨායතනං. තස‍්මා තස‍්ස අනඞ‍්ගත‍්තා නායං අපරිපුණ‍්ණෙකඞ‍්ගයුත‍්තොති. අට‍්ඨකථායං පන වුත‍්තං – “පඨමො සබ‍්බසඞ‍්ගාහිකට‍්ඨෙන , දුතියො පච‍්චයවිසෙසට‍්ඨෙන, තතියො ගබ‍්භසෙය්‍යකසත‍්තානං වසෙන, චතුත්‍ථො ඔපපාතිකසත‍්තානං වසෙන ගහිතො. තථා පඨමො සබ‍්බසඞ‍්ගාහිකට‍්ඨෙන, දුතියො පච‍්චයවිසෙසට‍්ඨෙන, තතියො අපරිපුණ‍්ණායතනවසෙන, චතුත්‍ථො පරිපුණ‍්ණායතනවසෙන ගහිතො. තථා පඨමො සබ‍්බසඞ‍්ගාහිකට‍්ඨෙන, දුතියො මහානිදානසුත‍්තන‍්තවසෙන (දී· නි· 2.95 ආදයො), තතියො රූපභවවසෙන, චතුත්‍ථො කාමභවවසෙන ගහිතො”ති.

එහි ඡට්ඨායතන පච්චය ඵස්ස යයි කියන ලද බැවින් මෙයද අසම්පූර්ණ අංග යුක්ත වන්නේද නැත. එය අනංග බැවිනි. එහි අංගය වන්නේ ඵස්සමය. ඡට්ඨායතන නොවේ. එහෙයින් එය අනංග බැවින් අසම්පූර්ණ අංග යුක්ත නොවේ. අට්ඨ කථාවෙහි කියන ලදි. පළමුව සර්ව සංගාහික අර්ථයෙන්. දෙවනුව ප්‍රත්‍යය විශේෂාර්ථයෙන්. තුන්වනුව ගබ්භසෙය්‍යක සත්ත්වයන්ගේ වශයෙන්. සතරවනුව ඕපපාතික සත්ත්වයන්ගේ වශයෙන් ගන්නා ලදි. එසේම පළමුව සර්වසංග්‍රාහික අර්ථයෙන්, දෙවනුව ප්‍රත්‍යය විශේෂාර්ථයෙන්. තෙවනුව අසම්පූර්ණ ආයතන වශයෙන්. සිව්වනුව සම්පූර්ණ ආයතන වශයෙන් ගන්නා ලදි. එසේම පළමුව සර්වසංග්‍රාහිකාර්ථයෙන්, දෙවනුව මහානිදාන සූත්‍රය වශයෙන් තෙවනුව රූප භව වශයෙන් සිව්වනුව කාමභව වශයෙන් ගන්නා ලදැයි

තත්‍ථ පඨමො ඉමෙසු දුතියාදීසු තීසු වාරෙසු න කත්‍ථචි න පවිසතීති සබ‍්බසඞ‍්ගාහිකොති වුත‍්තො. සෙසානං විසෙසො පරතො ආවිභවිස‍්සති. තස‍්සාවිභාවත්‍ථං –

එහි පළමු දුතියාදියෙහි තුන්වාරයෙහි කිසිවෙක් නොපිවිසේ යයි සර්ව සංග්‍රාහිකයයි කියන ලදි. සෙසු ඒවායේ විශේෂ පසුව එන්නේය. එය දැක්වීම සඳහා -

යං යත්‍ථ අඤ‍්ඤථා වුත‍්තං, අවුත‍්තඤ‍්චාපි යං යහිං; යං යථා පච‍්චයො යස‍්ස, තං සබ‍්බමුපලක‍්ඛයෙ.

අන’යුරු කියූ යම් - යම් තැන නොකියූ යමක් පස වන සෙ යමකට - වෙන්කොට එ සව් දක්වනු

තත්‍රායං නයො – අවිසෙසෙන තාව චතූසුපි එතෙසු සුත‍්තන‍්තභාජනියෙ විය සඞ‍්ඛාරාති අවත්‍වා සඞ‍්ඛාරොති වුත‍්තං, තං කස‍්මාති? එකචිත‍්තක‍්ඛණිකත‍්තා. තත්‍ර හි නානාචිත‍්තක‍්ඛණිකො පච‍්චයාකාරො විභත‍්තො. ඉධ එකචිත‍්තක‍්ඛණිකො ආරද‍්ධො. එකචිත‍්තක‍්ඛණෙ ච බහූ චෙතනා න සන‍්තීති සඞ‍්ඛාරාති අවත්‍වා සඞ‍්ඛාරොති වුත‍්තං.

මේ ඒ නයයි. සූත්‍රාන්ත භාජනියෙහි මෙන් අවිශේෂයෙන් මේ සතරෙහි සංඛාරා යයි නොකියා සංඛාරො යයි කියන ලදි. ඒ කුමක් නිසාද? ඒක චිත්තක්‍ෂණික බැවිනි. එහි නා නා චිත්තක්‍ෂණික ප්‍රත්‍යාකාරය බෙදන ලදි. එහි ඒක චිත්තක්‍ෂණිකය අරඹන ලදි. ඒක චිත්තක්‍ෂණයෙහි බොහෝ චේතනා නොවේ යයි සංඛාරා යයි නොකියා සංඛාරො යයි කියන ලදි.

පඨමවාරෙ පනෙත්‍ථ එකචිත‍්තක‍්ඛණපරියාපන‍්නධම‍්මසඞ‍්ගහණතො සබ‍්බට‍්ඨානසාධාරණතො ච රූපං ඡඩ‍්ඩෙත්‍වා “විඤ‍්ඤාණපච‍්චයා නාම”න‍්ත්‍වෙව වුත‍්තං. තඤ‍්හි එකචිත‍්තක‍්ඛණපරියාපන‍්නං සබ‍්බට‍්ඨානසාධාරණඤ‍්ච, න කත්‍ථචි විඤ‍්ඤාණප‍්පවත‍්තිට‍්ඨානෙ න පවත‍්තති. යස‍්මා ච එකචිත‍්තක‍්ඛණපරියාපන‍්නො එකොවෙත්‍ථ ඵස‍්සො, තස‍්මා තස‍්සානුරූපං පච‍්චයභූතං ආයතනං ගණ‍්හන‍්තො සළායතනට‍්ඨානෙ “නාමපච‍්චයා ඡට‍්ඨායතන”න‍්ති එකං මනායතනංයෙව ආහ. තඤ‍්හි එකස‍්ස අකුසලඵස‍්සස‍්ස අනුරූපං පච‍්චයභූතං. කාමඤ‍්චෙතං සඞ‍්ඛාරපච‍්චයා විඤ‍්ඤාණන‍්ති එත්‍ථාපි වුත‍්තං, හෙතුඵලවිසෙසදස‍්සනත්‍ථං පන අඞ‍්ගපුණ‍්ණත්‍ථඤ‍්ච පුන ඉධ ගහිතං. තත්‍ර හි එතස‍්ස විසෙසෙන සඞ‍්ඛාරො හෙතු, අවිසෙසෙන නාමං ඵලං. ඉධ පනස‍්ස අවිසෙසෙන නාමං හෙතු, විසෙසෙන ඵස‍්සො ඵලන‍්ති. සොකාදයො පන යස‍්මා සබ‍්බෙ එකචිත‍්තක‍්ඛණෙ න සම‍්භවන‍්ති, සබ‍්බස‍්මිඤ‍්ච චිත‍්තප‍්පවත‍්තිට‍්ඨානෙ චෙව චිත‍්තෙ ච න පවත‍්තන‍්ති, තස‍්මා න ගහිතා. ජාතිජරාමරණානි පන අචිත‍්තක‍්ඛණමත‍්තානිපි සමානානි චිත‍්තක‍්ඛණෙ අන‍්තොගධත‍්තා අඞ‍්ගපරිපූරණත්‍ථං ගහිතානි. එවං තාවෙත්‍ථ ‘යං අඤ‍්ඤථා වුත‍්තං. යඤ‍්ච අවුත‍්තං’ තං වෙදිතබ‍්බං.

මෙහි පළමුවන වාරයෙහි වනාහි ඒක චිත්තක්‍ෂණය ඇතුළත් ධර්ම සංග්‍රහණය බැවින් සියළු ස්ථානයෙහි සාධාරණ වූද රූප හැර විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් නාමයම කියන ලදි. එහි ඒක චිත්තක්‍ෂණයට ඇතුළත් සියළු ස්ථාන සාධාරණද විඤ්ඤාණය පවතින කිසිතැනක නොපවතී. ඒක චිත්තක්‍ෂණ පරියාපන්න මෙහි එකද ස්පර්ශය වේ. එහෙයින් ඊට අනුරූප ප්‍රත්‍ය වූ ආයතන ගන්නේ සළායතන ස්ථානයෙහි නාම ප්‍රත්‍යයෙන් ඡට්ඨායතනං යයි එකම මනායතනයම කීය. එහි එක් අකුසල ස්පර්ශයකට අනුරූපව ප්‍රත්‍යය විය. මේ කැමැත්ත සංඛාරපච්චයා විඤ්ඤාණං යන මෙහිද කියන ලදි. හේතුඵල විශේෂ දැක්වීම් සඳහා අංග පරිපූර්ණ වූයේද නැවත මෙහි ගන්නා ලදි. එහි මේ විශේෂයෙන් සංඛාරය හේතු වේ. අවිශේෂයෙන් නාමය ඵලය වේ. මෙහි වනාහි අවිශේෂයෙන් නාමය හේතු වේ. විශේෂයෙන් ස්පර්ශය ඵලය වේ. සෝකාදි සියල්ල ඒක චිත්තක්‍ෂණයෙහි නොහට ගනී. සියළු සිත් පවත්නා ස්ථානයෙහිද සිතෙහිද නොපවතී. එනිසා නොගන්නා ලදි. ජාති ජරා මරණාදිය අචිත්තක්‍ෂණ මාත්‍රයට සමාන වූ චිත්තක්‍ෂණයෙහි ඇතුළත් බැවින් අංග සම්පූර්ණ කිරීමට ගන්නා ලදි. මෙසේ මෙහි යමක් අන්‍යාකාරයකින් කියන ලදද යමක් නොකියන ලදද එය දතයුතුය.

යං පනෙත්‍ථ ඉතො පරෙසු වාරෙසු වුත‍්තං, තස‍්සත්‍ථො වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බො. යස‍්මිං යස‍්මිං පන වාරෙ යො යො විසෙසො ආගතො, තං තං තත්‍ථ තත්‍ථෙව පකාසයිස‍්සාම.

මෙහි යමක් මෙයින් පසු වාරයන්හි කියන ලදද? එහි අර්ථය කියන ලද නයින්ම දතයුතුය. යම් යම් වාරවල යම් යම් විශේෂයක් ආවේ නම් ඒවා ඒ ඒ තැන ප්‍රකාශ කරන්නෙමි.

‘යං යථා පච‍්චයො යස‍්සා’ති එත්‍ථ පන සඞ‍්ඛාරස‍්ස අවිජ‍්ජා සම‍්පයුත‍්තධම‍්මසාධාරණෙහි සහජාතඅඤ‍්ඤමඤ‍්ඤනිස‍්සයසම‍්පයුත‍්තඅත්‍ථිඅවිගතපච‍්චයෙහි ඡහි හෙතුපච‍්චයෙන චාති සත‍්තධා පච‍්චයො. තත්‍ථ යස‍්මා පරතො හෙතුචතුක‍්කාදීනි තීණි චතුක‍්කානි අවිගතසම‍්පයුත‍්තඅඤ‍්ඤමඤ‍්ඤපච‍්චයවසෙන වුත‍්තානි, තස‍්මා ඉධ තානි අපනෙත්‍වා අවසෙසානං වසෙන අවිජ‍්ජා සඞ‍්ඛාරස‍්ස චතුධා පච‍්චයොති වෙදිතබ‍්බො.

යං යථා පච්චයො යස්ස යන යම්සේ යමකට යම් ප්‍රත්‍යයක් වේද? මෙහි වනාහි සංඛාරයට අවිජ්ජා සම්ප්‍රයුක්ත ධර්ම සාධාරණයෙන් සහජාත අඤ්ඤමඤ්ඤ නිස්සය සම්පයුත්ත අත්‍ථි අවිගත ප්‍රත්‍යවලින් හේතුප්‍රත්‍ය සයකින්ද යයි සත් ආකාරයකින් ප්‍රත්‍ය වේ. එහි යමකින් පසුව හේතු චතුක්කාදි චතුක්ක තුන අවිගත සම්පයුත්ත අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය වශයෙන් කියන ලදි. එහෙයින් මෙහි ඒවා බැහැර කර අවශේෂ වශයෙන් අවිජ්ජාව සංඛාරයට සිව් ආකාරයකින් ප්‍රත්‍යවේදැයි දතයුතුය.

සඞ‍්ඛාරො විඤ‍්ඤාණස‍්ස සාධාරණෙහි ඡහි, කම‍්මාහාරපච‍්චයෙහි චාති අට‍්ඨධා පච‍්චයො. ඉධ පන තෙයෙව තයො අපනෙත්‍වා පඤ‍්චධා. විඤ‍්ඤාණං නාමස‍්ස සාධාරණෙහි ඡහි, ඉන්‍ද්‍රියාහාරාධිපතීහි චාති නවධා. ඉධ පන තයො අපනෙත්‍වා ඡධා. නාමං ඡට‍්ඨායතනස‍්ස සාධාරණෙහි ඡහි. කිඤ‍්චි පනෙත්‍ථ අධිපතිපච‍්චයෙන, කිඤ‍්චි ආහාරපච‍්චයාදීහීති අනෙකධා. ඉධ පන තෙයෙව තයො අපනෙත්‍වා තිධා චතුධා පඤ‍්චධා වා. ඡට‍්ඨායතනං ඵස‍්සස‍්ස යථා විඤ‍්ඤාණං නාමස‍්ස. එවං ඵස‍්සො වෙදනාය සාධාරණෙහි ඡහි ආහාරපච‍්චයෙන චාති සත‍්තධා. ඉධ පන තෙයෙව තයො අපනෙත්‍වා චතුධා. වෙදනා තණ‍්හාය සාධාරණෙහි ඡහි ඣානින්‍ද්‍රියපච‍්චයෙහි චාති අට‍්ඨධා. ඉධ පන තෙයෙව තයො අපනෙත්‍වා පඤ‍්චධා. තණ‍්හා උපාදානස‍්ස, යථා අවිජ‍්ජා සඞ‍්ඛාරස‍්ස. එවං උපාදානං භවස‍්ස සාධාරණෙහි ඡහි මග‍්ගපච‍්චයෙන චාති සත‍්තධා. ඉධ පන තෙයෙව තයො අපනෙත්‍වා චතුධා. භවො ජාතියා, යස‍්මා ජාතීති ඉධ සඞ‍්ඛතලක‍්ඛණං අධිප‍්පෙතං, තස‍්මා පරියායෙන උපනිස‍්සයපච‍්චයෙනෙව පච‍්චයො. තථා ජාති ජරාමරණස‍්සාති.

සංඛාරය විඤ්ඤාණයට සාධාරණයෙන් කම්ම ආහාර ප්‍රත්‍ය සයෙන්ද අට ආකාරයකින් ප්‍රත්‍ය වේ. මෙහි ඒ තුනම බැහැර කර පස් ආකාරයකින්ද විඤ්ඤාණය නාමයට ඉන්‍ද්‍රිය ආහාර අධිපති සාධාරණ වූ හය ආකාරයකින් දැයි නව ආකාරයකින්ද මෙහි ඒ තුන හැර සයාකාරයකින්ද නාමය ඡට්ඨායතනයට සාධාරණ වූ හයෙන්ද මෙහි සමහරවිට අධිපති ප්‍රත්‍යයෙන්ද සමහරවිට ආහාර ප්‍රත්‍යයෙන්දැයි නොයෙක් ආකාර වේ. මෙහි ඒ තුන හැර තුන් ආකාර සතරාකාර පස්ආකාර හෝ වේ. ඡට්ඨායතනය ස්පර්ශයට විඤ්ඤාණය නාමයට මෙසේ ස්පර්ශය වේදනාවට සාධාරණ වූ සයෙන් ආහාර ප්‍රත්‍යයෙන් යයි සත් ආකාරයකින්ද මෙහි ඒ තුන හැර සතරාකාරයකින් වේදනා තණ්හාවලට සාධාරණ වූ සයෙන් ඣාන ඉන්‍ද්‍රිය ප්‍රත්‍යවලින්දැයි අට ආකාරයකින්ද මෙහි ඒ තුනම අත්හැර පස් ආකාරයකින්ද තණ්හා උපාදානයට අවිජ්ජා සංඛාරයට මෙනි. මෙසේ උපාදානය භවයට සාධාරණ සයෙන් සහ මග්ග ප්‍රත්‍යයෙන් දැයි සත් ආකාරයකින්ද මෙහි ඒ තුන හැර සතරාකාරයකින්, භවය ජාතියට මෙහි ජාතිය යයි සංඛත ලක්‍ෂණය අදහස් කරයි. ඒ නිසා පරියායේ උපනිශ්‍රය ප්‍රත්‍යයේම ප්‍රත්‍ය වේ. ජාතිය ජරාමරණවලට ද එසේය.

යෙ පන එවං වදන‍්ති – “ඉමස‍්මිං චතුක‍්කෙ සබ‍්බෙසම‍්පි සඞ‍්ඛාරාදීනං අවිජ‍්ජාදයො සහජාතපච‍්චයෙන පච‍්චයා හොන‍්ති. සහජාතපච‍්චයවසෙනෙව හි පඨමවාරො ආරද‍්ධො”ති, තෙ භවාදීනං තථා අභාවං සෙසපච‍්චයානඤ‍්ච සම‍්භවං දස‍්සෙත්‍වා පටික‍්ඛිපිතබ‍්බා. න හි භවො ජාතියා සහජාතපච‍්චයො හොති, න ජාති ජරාමරණස‍්ස. යෙ චෙතෙසං සඞ‍්ඛරාදීනං අවසෙසා පච‍්චයා වුත‍්තා, තෙපි සම‍්භවන‍්තියෙව. තස‍්මා න සක‍්කා ඡඩ‍්ඩෙතුන‍්ති. එවං තාව පඨමවාරෙ යං යත්‍ථ අඤ‍්ඤථා වුත‍්තං, අවුත‍්තඤ‍්චාපි යං යහිං, යඤ‍්ච යථා යස‍්ස පච‍්චයො හොති, තං වෙදිතබ‍්බං. දුතියවාරාදීසුපි එසෙව නයො.

යමෙක් මෙසේ කියති. “මේ චතුෂ්කයෙහි සියළු සංඛාරාදියේ අවිජ්ජා ආදිය සහජාත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වේ. සහජාත ප්‍රත්‍යය වශයෙන්ම පළමු වාරය අරඹන ලදි.” ඒවා භවාදියේ එසේ අභාවයද සෙසු ප්‍රත්‍යයන්ගේ සම්භවයද දක්වා ප්‍රතික්‍ෂේප කළයුතුය. භවය ජාතිය සමග සහජාත ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය නොවේ. ජාති ජරා මරණ සමග ද නොවේ. ඒ සංඛාරාදීන්ගේ අවශේෂ ප්‍රත්‍ය කියන ලදද ඒවා ද හටගන්නේ යම්තැනක අන්‍යාකාරයකින් කියන ලදද නොකියන ලද යමක් යම් මේ නයමය.

අයං පන විසෙසො – දුතියවාරෙ “නාමපච‍්චයා ඵස‍්සො”ති වත්‍වා සළායතනට‍්ඨානෙ න කිඤ‍්චි වුත‍්තං, තං කිමත්‍ථන‍්ති? පච‍්චයවිසෙසදස‍්සනත්‍ථඤ‍්චෙව මහානිදානදෙසනාසඞ‍්ගහත්‍ථඤ‍්ච. ඵස‍්සස‍්ස හි න කෙවලඤ‍්ච ඡට‍්ඨායතනමෙව පච‍්චයො, වෙදනාක‍්ඛන්‍ධාදයො පන තයො ඛන්‍ධාපි පච‍්චයායෙව. මහානිදානසුත‍්තන‍්තෙ චස‍්ස “අත්‍ථි ඉදප‍්පච‍්චයා ඵස‍්සොති ඉති පුට‍්ඨෙන සතා, ආනන්‍ද, අත්‍ථීතිස‍්ස වචනීයං. කිං පච‍්චයා ඵස‍්සොති? ඉති චෙ වදෙය්‍ය, නාමපච‍්චයා ඵස‍්සොති ඉච‍්චස‍්ස වචනීය”න‍්ති (දී· නි· 2.96). එවං සළායතනං ඡඩ‍්ඩෙත්‍වා එකාදසඞ‍්ගිකො පටිච‍්චසමුප‍්පාදො වුත‍්තො. තස‍්මා ඉමස‍්ස පච‍්චයවිසෙසස‍්ස දස‍්සනත්‍ථං ඉමිස‍්සා ච මහානිදානසුත‍්තන‍්තදෙසනාය පරිග‍්ගහත්‍ථං දුතියවාරෙ “නාමපච‍්චයා ඵස‍්සො”ති වත්‍වා සළායතනට‍්ඨානෙ න කිඤ‍්චි වුත‍්තන‍්ති. එස තාව දුතියවාරෙ විසෙසො.

මෙය විශේෂයකි. දෙවන වාරයෙහි නාමප්‍රත්‍ය ඵස්ස යයි ප්‍රත්‍යය විශේෂය දැක්වීමට ද මහානිදාන දේශනාව සංග්‍රහ කිරීමට ද වේ. ස්පර්ශයට කේවල වූ ඡට්ඨායතනය පමණක් ප්‍රත්‍ය නොවේ. වෙදනක්ඛන්ධාදි ස්කන්ධ තුනම ප්‍රත්‍ය වේ. මහා නිදාන සූත්‍රාන්තයෙහිද ඊට අත්‍ථි ඉදප්පච්චයා (මෙය ප්‍රත්‍යය කොට ඇති බැවින්) ඵස්ස වේ. මෙසේ ස්පර්ශයෙන් සත් ආනන්ද ඇතැයි මෙහි වචනීය වේ. කුමන ප්‍රත්‍යයක් ස්පර්ශ වේද මෙසේ කිපෙන්නේය. නාම ප්‍රත්‍යයෙන් ඵස්ස වේ යනු වචනීය වේ. මෙසේ සළායතන හැර එකාදසංගික පටිච්ච සමුප්පාදය කියන ලදි. එනිසා මේ ප්‍රත්‍යය විශේෂයේ දැක්වීම සඳහා වේ. මහා නිදාන සූත්‍රාන්ත දේශනාවෙන් ගන්නා ලද දෙවන වාරයෙහි නාම ප්‍රත්‍යයෙන් ඵස්ස වේ යයි කියා සළායතන ස්ථානයෙහි කිසිවක් නොකියන ලදි. දෙවන වාරයෙහි මෙය විශේෂයකි.

තතියවාරෙ පන “විඤ‍්ඤාණපච‍්චයා නාමරූප”න‍්ති සුත‍්තන‍්තභාජනීයෙ ආගතමෙව චතුත්‍ථමඞ‍්ගං වුත‍්තං, තං එකචිත‍්තක‍්ඛණිකත‍්තා පච‍්චයාකාරස‍්ස ඉධ අයුත‍්තන‍්ති චෙ? තං නායුත‍්තං. කස‍්මා? සකක‍්ඛණෙ පච‍්චයභාවතො. සචෙපි හි තත්‍ථ රූපං චිත‍්තක‍්ඛණතො උද‍්ධං තිට‍්ඨති, තථාපිස‍්ස තං විඤ‍්ඤාණං සකක‍්ඛණෙ පච‍්චයො හොති. කථං? පුරෙජාතස‍්ස තාව චිත‍්තසමුට‍්ඨානස‍්ස අඤ‍්ඤස‍්ස වා පච‍්ඡාජාතපච‍්චයෙන. වුත‍්තඤ‍්චෙතං “පච‍්ඡාජාතා චිත‍්තචෙතසිකා ධම‍්මා පුරෙජාතස‍්ස ඉමස‍්ස කායස‍්ස පච‍්ඡාජාතපච‍්චයෙන පච‍්චයො”ති (පට‍්ඨා· 1.1.11). සහජාතස‍්ස පන චිත‍්තසමුට‍්ඨානස‍්ස නිස‍්සයපච‍්චයෙන පච‍්චයො. යථාහ “චිත‍්තචෙතසිකා ධම‍්මා චිත‍්තසමුට‍්ඨානානං රූපානං නිස‍්සයපච‍්චයෙන පච‍්චයො”ති (පට‍්ඨා· 1.1.8).

තුන්වන වාරයෙහි වනාහි විඤ්ඤාණ පච්චයා නාමරූපං යන සූත්‍රාන්ත භාජනියෙහි ආ පරිදිමය. සතරවන අංගය කියන ලදි. එය එක චිත්තක්‍ෂණික බැවින් පච්චයාකාරයට මෙය අයුත්තක් වේද? එය අයුත්තක් නොවේ. කුමක් හෙයින්ද? ස්වකීය ක්‍ෂණයෙහි ප්‍රත්‍යවන බැවිනි. ඉදින් එහි රූපය චිත්තක්‍ෂණයට ඉහළින් සිටීද? එසේ වුවද ඒ විඤ්ඤාණය ස්වකීය ක්‍ෂණයෙහි ප්‍රත්‍ය වේ. කෙසේද? පුනර්ජාත චිත්ත සමුට්ඨානයට හෝ අතික්කම හෝ පච්ඡා ජාත පච්චයේ ප්‍රත්‍ය හෝ මෙය කියන ලදි. පසුව උපන් චිත්ත චෛතසික ධර්මයෝ පෙර උපන් මේ කය පච්ඡාජාත ප්‍රත්‍යයෝ ප්‍රත්‍ය වෙති. සහජාත චිත්ත සමුට්ඨානයට නිස්සය ප්‍රත්‍යයෙන් ප්‍රත්‍ය වේ. යමක් කීහ. “චිත්ත චෛතසික ධර්මයෝ චිත්ත සමුට්ඨාන රූපවලට නිස්සය පච්චයෙන් ප්‍රත්‍ය වෙති.”

යදි එවං, පුරිමවාරෙසු කස‍්මා එවං න වුත‍්තන‍්ති ? රූපප‍්පවත‍්තිදෙසං සන්‍ධාය දෙසිතත‍්තා. අයඤ‍්හි පච‍්චයාකාරො රූපප‍්පවත‍්තිදෙසෙ කාමභවෙ ගබ‍්භසෙය්‍යකානඤ‍්චෙව අපරිපුණ‍්ණායතනඔපපාතිකානඤ‍්ච රූපාවචරදෙවානඤ‍්ච වසෙන දෙසිතො. තෙනෙවෙත්‍ථ “නාමරූපපච‍්චයා සළායතන”න‍්ති අවත්‍වා ඡට‍්ඨායතනන‍්ති වුත‍්තං. තත්‍ථ නාමං හෙට‍්ඨා වුත‍්තනයමෙව. රූපං පන හදයරූපං වෙදිතබ‍්බං. තං පනෙතස‍්ස ඡට‍්ඨායතනස‍්ස නිස‍්සයපච‍්චයෙන චෙව පුරෙජාතපච‍්චයෙන චාති ද‍්විධා පච‍්චයො හොතීති එස තතියවාරෙ විසෙසො.

එසේ නම් පුරිම වාරවල කුමක් හෙයින් මෙසේ නොකියන ලදද? රූපය පවතින ප්‍රදේශය උදෙසා දේශනා කරන ලද බැවිනි. මේ පච්චයාකාරය රූපය පවතින කාම භවයෙහි ගැබ් පිළිසිඳ ගත්තන්ටම උපරි පුණ්‍යායතනවල ඕපපාතිකයන්ටද රූපාවචර දෙවියන්ටද වශයෙන් දේශනා කරන ලදි. එහෙයින්ම මෙහි නාමරූප පච්චයා සළායතනං නොකියා ඡට්ඨායතනය යයි කියන ලදි. එහි නාමය යට කියන ලද නය මෙනි. රූපය වනාහි හදය රූපය දතයුතුය. එය වනාහි මේ ඡට්ඨායතනවලට නිස්සය ප්‍රත්‍යයෙන් මෙන්ම පුරේජාත පච්චයෙන් යයි දෙයාකාරයකින් ප්‍රත්‍ය වේ. මෙය තුන්වන වාරයෙහි විශේෂයයි.

චතුත්‍ථවාරො පන යොනිවසෙන ඔපපාතිකානං, ආයතනවසෙන පරිපුණ‍්ණායතනානං, භවවසෙන කාමාවචරසත‍්තානං වසෙන වුත‍්තො. තෙනෙවෙත්‍ථ “නාමරූපපච‍්චයා සළායතන”න‍්ති වුත‍්තං. තත්‍ථ නාමං ඡට‍්ඨායතනස‍්ස සහජාතාදීහි, චක‍්ඛායතනාදීනං පච‍්ඡාජාතපච‍්චයෙන. රූපෙ හදයරූපං ඡට‍්ඨායතනස‍්ස නිස‍්සයපච‍්චයපුරෙජාතපච‍්චයෙහි, චත‍්තාරි මහාභූතානි චක‍්ඛායතනාදීනං සහජාතනිස‍්සයඅත්‍ථිඅවිගතෙහි. යස‍්මා පනෙස එකචිත‍්තක‍්ඛණිකො පච‍්චයාකාරො, තස‍්මා එත්‍ථ සළායතනපච‍්චයාති අවත්‍වා “ඡට‍්ඨායතනපච‍්චයා ඵස‍්සො”ති වුත‍්තොති අයං චතුත්‍ථවාරෙ විසෙසො.

සතරවන වාරය වනාහි යෝනි වශයෙන් ඕපපාතිකයන්ට ආයතන වශයෙන් සම්පූර්ණ ආයතන භව වශයෙන් කාමාවචර සත්ත්වයන්ගේ වශයෙන් කියන ලදි. එහෙයින්ම මෙහි නාමරූප පච්චයා සළායතනං යයි කියන ලදි. එහි නාමය ඡට්ඨායතනයට සහජාතාදියෙන්ද චක්ඛායතනාදියට පච්ඡාජාත ප්‍රත්‍යයෙන්ද ප්‍රත්‍ය වේ. රූපයෙහි හදයරූපය ඡට්ඨායතනය නිස්සය පච්චය පුරෙජාත ප්‍රත්‍යවලින් ප්‍රත්‍ය වේ. සතර මහාභූත චක්ඛායතනාදියට සහජාත නිස්සය අත්‍ථි අවිගත ප්‍රත්‍යවලින් ප්‍රත්‍ය වේ. යම්හෙයකින් මෙය එකචිත්තක්‍ෂණික පච්චයාකාරයක් නම් එහෙයින් මෙහි සළායතන පච්චයා යයි නොකියා ඡට්ඨායතන පච්චයා ඵස්ස යයි කියන ලදි. මෙය සතරවන වාරයෙහි විශේෂයයි.

එවමෙතෙසං නානාකරණං ඤත්‍වා පුන සබ‍්බෙස‍්වෙව තෙසු විසෙසෙන පඨමකා ද‍්වෙ වාරා අරූපභවෙ පච‍්චයාකාරදස‍්සනත්‍ථං වුත‍්තාති වෙදිතබ‍්බා. අරූපභවස‍්මිඤ‍්හි රූපෙන අසම‍්මිස‍්සානි පටිච‍්චසමුප‍්පාදඞ‍්ගානි පවත‍්තන‍්ති. තතියො රූපභවෙ පච‍්චයාකාරදස‍්සනත්‍ථං වුත‍්තො. රූපභවස‍්මිඤ‍්හි සතිපි රූපසම‍්මිස‍්සත‍්තෙ සළායතනං න පවත‍්තති. චතුත්‍ථො කාමභවෙ පච‍්චයාකාරදස‍්සනත්‍ථං වුත‍්තො. කාමභවස‍්මිඤ‍්හි සකලං සළායතනං පවත‍්තති. තතියො වා රූපභවෙ චෙව කාමභවෙ ච අපරිපුණ‍්ණායතනානං අකුසලප‍්පවත‍්තික‍්ඛණං සන්‍ධාය වුත‍්තො. චතුත්‍ථො වා කාමභවෙ පරිපුණ‍්ණායතනානං. පඨමො වා සබ‍්බත්‍ථගාමිතං සන්‍ධාය වුත‍්තො. සො හි න කත්‍ථචි චිත‍්තප‍්පවත‍්තිදෙසෙ න පවත‍්තති. දුතියො පච‍්චයවිසෙසං සන්‍ධාය වුත‍්තො. එකාදසඞ‍්ගිකත‍්තඤ‍්හෙත්‍ථ ඵස‍්සස‍්ස ච නාමපච‍්චයත‍්තං පච‍්චයවිසෙසො. තතියො පුරිමයොනිද‍්වයං සන්‍ධාය වුත‍්තො. පුරිමාසු හි ද‍්වීසු යොනීසු සො සම‍්භවති, තත්‍ථ සදා සළායතනස‍්ස අසම‍්භවතො. චතුත්‍ථො පච‍්ඡිමයොනිද‍්වයං සන්‍ධාය වුත‍්තො. පච‍්ඡිමාසු හි සො ද‍්වීසු යොනීසු සම‍්භවති, තත්‍ථ සදා සළායතනස‍්ස සම‍්භවතොති.

මෙසේ මේවායේ නා නා කරනය දැන නැවත ඒ සියල්ලේම විශේෂයෙන් පළමුවන වාර දෙක අරූප භවයෙහි පච්චයාකාරය දැක්වීම සඳහා කියන ලදැයි දතයුතුය. අරූප භවයෙහි රූපයෙන් අසම්මිශ්‍ර වූ පටිච්ච සමුප්පාද අංග පවතී. තුන්වන රූප භවයෙහි පච්චයාකාරය දැක්වීම සඳහා කියන ලදි. රූප භවය ඇතිකල්හිද රූප මිශ්‍ර භවයේ සළායතන නොපවතී. සතරවන කාම භවයෙහි පච්චයාකාරය දැක්වීමට කියන ලදි. කාම භවයෙහි සියළු සළායතන පවතී. තුන්වන හෝ රූප භවයෙහිද කාම භවයෙහිද අසම්පූර්ණ ආයතනවල අකුසල පවතින ක්‍ෂණය සඳහා කියන ලදි. සතරවන හෝ කාම භවයෙහි සම්පූර්ණ ආයතනවල පළමු හෝ සියළු තැන යන්නවුන් උදෙසා කියන ලදි. එය කිසිවකු චිත්තපවත්ති දේශයේ නොපවතී. දෙවන පච්චය විශේෂය උදෙසා කියන ලදි. මෙහි ඒකාදසංගික බව ස්පර්ශයට නාම ප්‍රත්‍ය බව ප්‍රත්‍යය විශේෂයයි. තුන්වන පළමු යෝනි දෙක උදෙසා කියන ලදි. පළමු යෝනි දෙකෙහි එය උපදී. එහි සැමදා සළායතනයකින් නොපහළවීම සතරවන අවසාන යෝනි දෙක උදෙසා කියන ලදි. එය අවසන් යෝනි දෙකෙහි හටගනී. එහි සැමදා සළායතන පහළ වේ.

එත‍්තාවතා ච යං වුත‍්තං චතූසුපි වාරෙසු –

මෙතෙකින් වාර සතරෙහි යමක් කියන ලදි.

යං යත්‍ථ අඤ‍්ඤථා වුත‍්තං, අවුත‍්තඤ‍්චාපි යං යහිං; යං යථා පච‍්චයො යස‍්ස, තං සබ‍්බමුපලක‍්ඛයෙති.

අනයුරු කියූ යම් - යම්තැන නොකියූ යමක් පස වන සෙ යමකට - වෙන්කොට එ සව් දක්වනු යයි

ගාථාය අත්‍ථදීපනා කතා හොති.

ගීයේ අර්ථ වර්ණනාව කරන ලදි.

එතෙනෙවානුසාරෙන, සබ‍්බමෙතං නයං ඉතො; විසෙසො යො ච තං ජඤ‍්ඤා, චතුක‍්කෙසු පරෙසුපි.

මෙම අනුසරෙන් මෙහි - ඒ සියළු මෙ නයේ මින් වෙසෙසින් යමෙක් එය - පසු චතුකවල දන්නේ

හෙතුචතුක‍්කං

හෙතුචතුක්කං

තත්‍ථ යො තාව ඉධ වුත‍්තො නයො, සො සබ‍්බත්‍ථ පාකටොයෙව. විසෙසො පන එවං වෙදිතබ‍්බො – හෙතුචතුක‍්කෙ තාව අවිජ‍්ජා හෙතු අස‍්සාති අවිජ‍්ජාහෙතුකො. අවිජ‍්ජා අස‍්ස සහවත‍්තනතො යාවභඞ‍්ගා පවත‍්තිකා ගමිකාති වුත‍්තං හොති. “අවිජ‍්ජාපච‍්චයා”ති ච එත‍්තාවතා සහජාතාදිපච‍්චයවසෙන සාධාරණතො සඞ‍්ඛාරස‍්ස අවිජ‍්ජා පච‍්චයොති දස‍්සෙත්‍වා, පුන “අවිජ‍්ජාහෙතුකො”ති එතෙනෙව විසෙසතො අවිගතපච‍්චයතා දස‍්සිතා. සඞ‍්ඛාරපච‍්චයා විඤ‍්ඤාණං සඞ‍්ඛාරහෙතුකන‍්තිආදීසුපි එසෙව නයො.

එහි යමෙක් මෙහි කියන ලද නය එය හැමතැනම ප්‍රකටය. විසේසය මෙසේ දතයුතුය. හේතු චතුක්කයෙහි අවිජ්ජාව එහි ඇති නිසා අවිජ්ජා හේතුක වේ. අවිජ්ජා මෙයම ස්වභාව පවතින බැවින් භංගය දක්වා පවතින්න ගමිකා යයි කියන ලද්දේ වෙයි. අවිජ්ජා පච්චය මෙපමණකින් සහජාතාදි පච්චය වශයෙන් සාධාරණ බැවින් සංඛාරයට අවිජ්ජා ප්‍රත්‍යය යයි දක්වා නැවත අවිජ්ජා හේතුක යයි මෙයින්ම විශේෂයේ අවිගත ප්‍රත්‍යය දක්වන ලදි. සංඛාර පච්චයා විඤ්ඤාණං සංඛාර හේතුක යන ආදියෙහිද මෙම නයයි.

කස‍්මා පන භවාදීසු හෙතුකග‍්ගහණං න කතන‍්ති? අවිගතපච‍්චයනියමාභාවතො අභාවතො ච අවිගතපච‍්චයස‍්ස. “තත්‍ථ කතමො උපාදානපච‍්චයා භවො? ඨපෙත්‍වා උපාදානං වෙදනාක‍්ඛන්‍ධො සඤ‍්ඤාක‍්ඛන්‍ධො සඞ‍්ඛාරක‍්ඛන්‍ධො විඤ‍්ඤාණක‍්ඛන්‍ධො – අයං වුච‍්චති උපාදානපච‍්චයා භවො”ති වචනතො උපාදානපච‍්චයා චතුන‍්නං ඛන්‍ධානං ඉධ භවොති නාමං. සඞ‍්ඛාරක‍්ඛන්‍ධෙ ච “ජාති ද‍්වීහි ඛන්‍ධෙහි සඞ‍්ගහිතා”තිආදිවචනතො (ධාතු· 71) ජාතිජරාමරණානි අන‍්තොගධානි.

කුමක් හෙයින් භවාදියෙහි හේතුගැනීම නොකරන ලදද අවිගත ප්‍රත්‍යයේ නියමයක් නොවීමෙනි. අවිගත ප්‍රත්‍යය අභාවයෙන් එහි උපාදාන ප්‍රත්‍යයෙන් භවය වන්නේ කෙසේද? උපාදානය හැර වේදනා සංඥා සංඛාර විඤ්ඤාණ යන මේ උපාදාන ප්‍රත්‍යය භවය වේ යන වචන බැවින් උපාදාන ප්‍රත්‍යයන් සතර ස්කන්ධ මෙහි භවය නම් වේ. සංඛාර ඛන්‍ධයෙහිම “ජාති ද්වීහි ඛන්ධෙහි සංගහිතා” ති ආදි වචනයෙන් ජාති ජරා මරණ ඇතුළත් වේ.

තත්‍ථ යාව උපාදානං තාව ජාතිජරාමරණානං අනුපලබ‍්භනතො උපාදානං භවස‍්ස න නියමතො අවිගතපච‍්චයො හොති. “යා තෙසං තෙසං ධම‍්මානං ජාතී”ති ආදිවචනතො සඞ‍්ඛතලක‍්ඛණෙසු ජාතියා ජරාමරණසඞ‍්ඛාතස‍්ස භවස‍්ස ජාතික‍්ඛණමත‍්තෙයෙව අභාවතො අවිගතපච‍්චයභාවො න සම‍්භවති. තථා ජාතියා ජරාමරණක‍්ඛණෙ අභාවතො . උපනිස‍්සයපච‍්චයෙනෙව පන භවො ජාතියා. ජාති ජරාමරණස‍්ස පච‍්චයොති සබ‍්බථාපි අවිගතපච‍්චයනියමාභාවතො අභාවතො ච අවිගතපච‍්චයස‍්ස භවාදීසු හෙතුකග‍්ගහණං න කතන‍්ති වෙදිතබ‍්බං.

එහි උපාදානය පවතිනතුරු ජාති ජරා මරණවල ලැබීම පවතින බැවින් උපාදානය. භවයේ නියමයක් නැති අවිගත පච්චය වේ. “යා තෙසං තෙසං ධම්මානං ජාති” යන ආදි වචනයෙන් සංඛත ලක්‍ෂණවල ජාතියෙන් ජරාමරණ සංඛ්‍යාත භවයට ජාතික්‍ෂණ මාත්‍රයෙහි අභාවයෙන් අවිගත පච්චයභාවය නොඋපදී. එසේම ජාතියෙන් ජරාමරණ ක්‍ෂණයේ අභාවයෙන් උපනිස්සය ප්‍රත්‍යයෙන්ම ජාතියෙන් භවය වේ. ජාති මරණයට ප්‍රත්‍යයයි සියළු ආකාරයෙන්ම අවිගත පච්චය නියමය අභාවයෙන් අභාවයෙන්ද අවිගත ප්‍රත්‍යයට ප්‍රත්‍ය වේ. භවාදියෙහි හේතු ගැනීම නොකළේ යයි දතයුතුය.

කෙචි පනාහු – “භවො දුවිධෙනා”ති වචනතො උපපත‍්තිමිස‍්සකො භවො, න ච උපපත‍්තිභවස‍්ස උපාදානං අවිගතපච‍්චයො හොතීති “උපාදානපච‍්චයා භවො උපාදානහෙතුකො”ති අවත්‍වා “උපාදානපච‍්චයා භවො”ති වුත‍්තො. ඉධ පච‍්ඡින‍්නත‍්තා පරතොපි න වුත‍්තන‍්ති. තං ඉධ උපපත‍්තිමිස‍්සකස‍්ස භවස‍්ස අනධිප‍්පෙතත‍්තා අයුත‍්තං. අරූපක‍්ඛන්‍ධා හි ඉධ භවොති ආගතා.

කිසිවෙක් කීහ:- භවය දෙයාකාර යයි වචනයේ උත්පත්ති මිශ්‍ර භවය උත්පත්ති භවයට උපාදානය අවිගත නොවේ. “උපාදාන පච්චයා භවො උපාදාන හේතුකො” යයි නොකියා උපාදාන පච්චයා භවො යයි කියන ලදි. මෙහි සිඳදමන ලද බැවින් පරතො න වුත්තන්ති. එය මෙහි උත්පත්ති මිශ්‍රවූ භවය අදහස් නොකළ බැවින් අයුතුය. අරූප ස්කන්ධ මෙහි භවයයි ආවේය.

භවපච‍්චයා ජාතීති එත්‍ථ ච ඨපෙත්‍වා ජාතිජරාමරණානි අවසෙසො භවො ජාතියා පච‍්චයොති වෙදිතබ‍්බො. කස‍්මා? ජාතිආදීනං ජාතියා අප‍්පච‍්චයත‍්තා. යදි එවං, ඨපෙත්‍වා ජාතිජරාමරණානි භවො ජාතියා පච‍්චයොති වත‍්තබ‍්බොති? ආම වත‍්තබ‍්බො, වත‍්තබ‍්බපදෙසාභාවතො පන න වුත‍්තො. දසමඞ‍්ගනිද‍්දෙසෙ හි උපාදානපච‍්චයසම‍්භූතො භවො වත‍්තබ‍්බො. එකාදසමඞ‍්ගනිද‍්දෙසෙ ජාති වත‍්තබ‍්බා. යො පන භවො ජාතියා පච‍්චයො, තස‍්ස වත‍්තබ‍්බපදෙසො නත්‍ථීති වත‍්තබ‍්බපදෙසාභාවතො න වුත‍්තො. අවුත‍්තොපි පන යුත‍්තිතො ගහෙතබ‍්බොති. විඤ‍්ඤාණපච‍්චයා නාමරූපන‍්තිආදීසු ච විඤ‍්ඤාණාදීනං අවිගතපච‍්චයභාවසම‍්භවතො විඤ‍්ඤාණහෙතුකාදිවචනං කතන‍්ති එස හෙතුචතුක‍්කෙ විසෙසො.

භව ප්‍රත්‍යයෙන් ජාති යයි මෙහිද හැර ජාති ජරාමරණාදි අවසේස භවය ජාතියෙන් ප්‍රත්‍ය වේයයි දතයුතුය. කුමක් හෙයින්ද? ජාති ආදියට ජාතියෙන් ප්‍රත්‍ය නොවන බැවිනි. මෙසේ හැර ජාති ජරා මරණ භවය ජාතියෙන් ප්‍රත්‍ය වේ යයි කිවයුතුද? එසේය, කිව යුතුය. කිවයුතු ප්‍රදේශයක් නැති හෙයින් නොකියන ලදි. දසමංග නිද්දේසයෙහි උපාදාන ප්‍රත්‍යයෙන් හටගත් භවය කිවයුතුය. ඒකාදස අංග නිද්දේසයෙහි ජාතිය කිවයුතුය. යම්හෙයකින් ජාතියෙන් ප්‍රත්‍ය වේ. එහි කිවයුතු ප්‍රදේශයක් නැතැයි කිවයුතු ප්‍රදේශයක් නැති බැවින් නොකියන ලදි. නොකියන ලද්ද යුත්ති වශයෙන් ගතයුතුය. විඤ්ඤාණ පච්චයා නාමරූපං යන ආදියෙහි විඤ්ඤාණාදීන්ගේ අවිගත පච්චය භවයෙන් උපන් හෙයින් විඤ්ඤාණ හේතුකාදි වචන කියන ලදි. මෙය හේතු චතුක්කයෙහි විශේෂයයි.

සම‍්පයුත‍්තචතුක‍්කං

සම්පයුත්තචතුක්කං

සම‍්පයුත‍්තචතුක‍්කෙපි අවිජ‍්ජාපච‍්චයාති එත‍්තාවතා සහජාතාදිපච‍්චයවසෙන සඞ‍්ඛාරස‍්ස අවිජ‍්ජාපච‍්චයතං දස‍්සෙත්‍වා පුන “අවිජ‍්ජාසම‍්පයුත‍්තො”ති සම‍්පයුත‍්තපච‍්චයතා දස‍්සිතා. සෙසපදෙසුපි එසෙව නයො. යස‍්මා පන අරූපීනං ධම‍්මානං රූපධම‍්මෙහි සම‍්පයොගො නත්‍ථි, තස‍්මා විඤ‍්ඤාණපච‍්චයා නාමරූපන‍්තිආදීසු තතියචතුත්‍ථවාරපදෙසු “විඤ‍්ඤාණසම‍්පයුත‍්තං නාම”න‍්තිආදිනා නයෙන යං ලබ‍්භති, තදෙව ගහිතන‍්ති එස සම‍්පයුත‍්තචතුක‍්කෙ විසෙසො.

සම්පයුත්ත චතුක්කයේද අවිජ්ජා පච්චයා යන මෙපමණකින් සහජාතාදි ප්‍රත්‍යය වශයෙන් සංඛාරයේ අවිජ්ජා පච්චය බව දක්වා නැවත අවිජ්ජා සම්පයුත්ත යයි සම්පයුත්ත පච්චය බව දක්වන ලදි. සෙසු පදවලද මෙම නයයි. අරූපී ධර්මවල රූප ධර්මවලින් සම්බන්ධයක් නැත. එහෙයින් විඤ්ඤාණ පච්චයා නාමරූපං ආදියෙහි තුන්වන සතරවන වාර පදවල විඤ්ඤාණ සම්පයුත්ත නාමං ආදි නයින් යමක් ලැබේද එයම ගන්නා ලදි. මෙය සම්පයුත්ත චතුක්කයෙහි විශේෂයයි.

අඤ‍්ඤමඤ‍්ඤචතුක‍්කං

අඤ්ඤමඤ්ඤචතුක්කං

අඤ‍්ඤමඤ‍්ඤචතුක‍්කෙපි අවිජ‍්ජාපච‍්චයාති සහජාතාදිපච‍්චයවසෙන සඞ‍්ඛාරස‍්ස අවිජ‍්ජාපච‍්චයතං දස‍්සෙත්‍වා “සඞ‍්ඛාරපච‍්චයාපි අවිජ‍්ජා”ති අඤ‍්ඤමඤ‍්ඤපච‍්චයතා දස‍්සිතා. සෙසපදෙසුපි එසෙව නයො. යස‍්මා පන භවො නිප‍්පදෙසො, උපාදානං සප‍්පදෙසං, සප‍්පදෙසධම‍්මො ච නිප‍්පදෙසධම‍්මස‍්ස පච‍්චයො හොති, න නිප‍්පදෙසධම‍්මො සප‍්පදෙසධම‍්මස‍්ස, තස‍්මා එත්‍ථ “භවපච‍්චයාපි උපාදාන”න‍්ති න වුත‍්තං; හෙට‍්ඨා වා දෙසනාය පච‍්ඡින‍්නත‍්තා එවං න වුත‍්තං . යස‍්මා ච නාමරූපපච‍්චයා සළායතනං අත්‍ථි, සළායතනපච‍්චයා එකචිත‍්තක‍්ඛණෙ නාමරූපං නත්‍ථි, යස‍්ස සළායතනං අඤ‍්ඤමඤ‍්ඤපච‍්චයො භවෙය්‍ය, තස‍්මා චතුත්‍ථවාරෙ “ඡට‍්ඨායතනපච‍්චයාපි නාමරූප”න‍්ති යං ලබ‍්භති තදෙව ගහිතන‍්ති එස අඤ‍්ඤමඤ‍්ඤචතුක‍්කෙ විසෙසො.

අඤ්ඤමඤ්ඤ චතුක්කයෙහිද අවිජ්ජා පච්චයා යන සහජාතාදි පච්චය වශයෙන් සංඛාරයට අවිජ්ජා පච්චය බව දක්වා සංඛාර පච්චයද අවිජ්ජා යයි අඤ්ඤමඤ්ඤ පච්චය බව දක්වන ලදි. සෙසු පදවලද මෙම නයයි. යම් හෙයකින් භවය නිප්පදේශද උපාදානය සප්පදේශද වේ. සප්පදේශ ධර්මද නිප්පදේශ ධර්මයට ප්‍රත්‍ය වේ. නිප්පදේශ ධර්ම සප්පදේශ ධර්මවලට ප්‍රත්‍ය නොවේ. එහෙයින් මෙහි භව පච්චය ද උපාදානය යයි නොකියන ලදි. යට කී දේශනාව සිඳින බැවින් නොකියන ලදි. යම්සේ නාමරූප ප්‍රත්‍යයෙන් සළායතන ඇත. සළායතන ප්‍රත්‍යයෙන් ඒකචිත්ත ක්‍ෂණයෙහි නාමරූප නැත. යමකට සළායතන අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය වන්නේද එහෙයින් සතරවන වාරයෙහි ඡට්ඨායතන පච්චයා නාමරූපං යයි යමක් ලබයිද එයම ගන්නා ලදි. මෙය අඤ්ඤමඤ්ඤ චතුක්කයෙහි විශේෂයයි.

අවිජ‍්ජාමූලකනයමාතිකා.

අවිජ්ජා මූලක නය මාතිකවය.

සඞ‍්ඛාරාදිමූලකනයමාතිකා

සඞ්ඛාරාදිමූලකනයමාතිකා

ඉදානි සඞ‍්ඛාරපච‍්චයා අවිජ‍්ජාති සඞ‍්ඛාරමූලකනයො ආරද‍්ධො. තත්‍ථාපි යථා අවිජ‍්ජාමූලකෙ එවං චත‍්තාරි චතුක‍්කානි සොළස ච වාරා වෙදිතබ‍්බා. පඨමචතුක‍්කෙ පන පඨමවාරමෙව දස‍්සෙත්‍වා දෙසනා සංඛිත‍්තා. යථා චෙත්‍ථ එවං විඤ‍්ඤාණමූලකාදීසුපි. තත්‍ථ සබ‍්බෙස‍්වෙව තෙසු සඞ‍්ඛාරමූලකාදීසු අට‍්ඨසු නයෙසු “සඞ‍්ඛාරපච‍්චයා අවිජ‍්ජා”තිආදිනා නයෙන සහජාතාදිපච‍්චයවසෙන අවිජ‍්ජාය සඞ‍්ඛාරාදිපච‍්චයතං දස‍්සෙත්‍වා පුන “අවිජ‍්ජාපච‍්චයා සඞ‍්ඛාරා”තිආදිනා නයෙන එකචිත‍්තක‍්ඛණෙපි පච‍්චයාකාරචක‍්කස‍්ස පවත‍්ති දස‍්සිතා.

දැන් සංඛාර පච්චයා අවිජ්ජා යයි සංඛාර මූලක නය අරඹන ලදි. එහිද අවිජ්ජා මූලකයෙහි මෙනි. මෙසේ චතුක්ක සතරද වාර දහසයද දතයුතුය. පළමු චතුක්කයෙහි පළමුවන වාරය දක්වා දේශනාව සංක්‍ෂෙප කරන ලදි. මෙහි මෙන් විඤ්ඤාණ මූලකාදියෙහිද එසේය. එහි සියළුම ඒ සංඛාර මූලකාදි නය අටෙහි සංඛාර පච්චයා අවිජ්ජා යන ආදි නයින් සහජාතාදි පච්චය වශයෙන් අවිජ්ජාවෙහි සංඛාරාදි ප්‍රත්‍යභාවය දක්වා නැවත අවිජ්ජා පච්චයා සංඛාරා යන ආදි නයින් ඒක චිත්තක්‍ෂණයෙහි ද පච්චයාකාර චක්‍රයාගේ පැවැත්ම දක්වන ලදි.

කස‍්මා පන භවමූලකා ජාතිජරාමරණමූලකා වා නයා න වුත‍්තා? කිං භවපච‍්චයා අවිජ‍්ජා න හොතීති? නො න හොති. “සඞ‍්ඛාරපච‍්චයා අවිජ‍්ජා”ති එවමාදීසු පන වුච‍්චමානෙසු න කොචි භවපරියාපන‍්නො ධම‍්මො අවිජ‍්ජාය පච‍්චයො න වුත‍්තො. තස‍්මා අපුබ‍්බස‍්ස අඤ‍්ඤස‍්ස අවිජ‍්ජාපච‍්චයස‍්ස වත‍්තබ‍්බස‍්ස අභාවතො භවමූලකො නයො න වුත‍්තො. භවග‍්ගහණෙන ච අවිජ‍්ජාපි සඞ‍්ගහං ගච‍්ඡති. තස‍්මා “භවපච‍්චයා අවිජ‍්ජා”ති වුච‍්චමානෙ “අවිජ‍්ජාපච‍්චයා අවිජ‍්ජා”තිපි වුත‍්තං සියා. න ච එකචිත‍්තක‍්ඛණෙ අවිජ‍්ජා අවිජ‍්ජාය පච‍්චයො නාම හොති. තත්‍ථ පච‍්ඡින‍්නත‍්තාව ජාතිජරාමරණමූලකාපි නයා න ගහිතා. අපිච භවෙ ජාතිජරාමරණානිපි අන‍්තොගධානි. න චෙතානි එකචිත‍්තක‍්ඛණෙ අවිජ‍්ජාය පච‍්චයා හොන‍්තීති භවමූලකා ජාතිජරාමරණමූලකා වා නයා න වුත‍්තාති.

භවමූලක හෝ ජාති ජරා මරණ මූලක හෝ නය කුමක් හෙයින් නොකියන ලදද? කිම භව ප්‍රත්‍යයෙන් අවිජ්ජා නොවේද? නොවන්නේ නොවේ. සංඛාර පච්චයා අවිජ්ජා යන මේ ආදිය කියන කල්හි භවයට ඇතුළත් කිසිම ධර්මයක් අවිජ්ජාවෙන් ප්‍රත්‍යය වේයයි නොකියන ලදි. එනිසා පෙර නොවූ අන්‍ය වූ අවිජ්ජා ප්‍රත්‍යයෙන් කිවයුතු වූවකගේ අභාවයෙන් භවමූලක නය නොකියන ලදි. භවය ගැනීමෙන් අවිජ්ජාවද සංග්‍රහ වේ. එහෙයින් භව පච්චයා අවිජ්ජා යයි කියන කල්හි අවිජ්ජා පච්චයා අවිජ්ජාවද කියන ලද වන්නේය. ඒක චිත්තක්‍ෂණයෙහි අවිජ්ජාව අවිජ්ජාවෙන් පච්චය නම් නොවේ. එහි සිඳින ලද බැවින් ජාති ජරා මරණ මූලක නයද නොගන්නා ලදි. තවද භවයෙහි ජාති ජරා මරණ ඇතුළත්ය. මේවා ඒක චිත්ත ක්‍ෂණයෙහි අවිජ්ජාවෙන් පච්ච නොවේ යයි භව මූලක ජාති ජරා මරණ මූලක හෝ නය නොකියන ලදි.

මාතිකාවණ‍්ණනා.

මාතිකා කථාවය.

අකුසලනිද‍්දෙසවණ‍්ණනා

අකුසලනිද්දෙසවණ්ණනා

ඉදානි යථා හෙට‍්ඨා චිත‍්තුප‍්පාදකණ‍්ඩෙ කුසලත‍්තිකං ආදිං කත්‍වා නික‍්ඛිත‍්තමාතිකාය පටිපාටියා පඨමං කුසලං භාජිතං, තථා ඉධ මාතිකාය අනික‍්ඛිත‍්තත‍්තා පඨමං කුසලං අනාමසිත්‍වා “අවිජ‍්ජාපච‍්චයා සඞ‍්ඛාරො”ති අකුසලධම‍්මවසෙන මාතිකාය නික‍්ඛිත‍්තත‍්තා නික‍්ඛෙපපටිපාටියාව අවිජ‍්ජාදීනි පටිච‍්චසමුප‍්පාදඞ‍්ගානි භාජෙත්‍වා දස‍්සෙතුං කතමෙ ධම‍්මා අකුසලාතිආදිමාහ. තස‍්සත්‍ථො හෙට‍්ඨා චිත‍්තුප‍්පාදකණ‍්ඩෙ (ධ· ස· අට‍්ඨ· 365) වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බො. යස‍්මා පන එකචිත‍්තක‍්ඛණෙ තණ‍්හාය ච කාමුපාදානස‍්ස ච සම‍්භවො නත්‍ථි, තස‍්මා යං එත්‍ථ තණ‍්හාපච‍්චයා උපාදානං ලබ‍්භති, තදෙව දස‍්සෙතුං දිට‍්ඨි දිට‍්ඨිගතන‍්තිආදි වුත‍්තං.

දැන් යට චිත්තුප්පාද කාණ්ඩයෙහි කුසලත්‍රිකය ආදි කොට තබන ලද මාතෘකාවේ පිළිවෙලින් පළමුව කුසලය බෙදන ලදි. එසේ මෙහි මාතෘකාව නොතබන ලද බැවින් පළමුව කුසලය අනාමර්ශනය කොට අවිජ්ජා පච්චයා සංඛාරො යයි අකුසල ධර්ම වශයෙන් මාතෘකාව තබන ලද බැවින් බහා තැබූ පිළිවෙලින්ම අවිජ්ජාදි පටිච්ච සමුප්පාද අංග බෙදා දැක්වීමට කතමෙ ධම්මා කුසලා? යන ආදිය කීහ. එහි අර්ථය යට චිත්තුප්පාද කාණ්ඩයෙහි කියන ලද නයින්ම දතයුතුය. යම්සේ ඒක චිත්තක්‍ෂණයෙහි තණ්හාවද කාම උපාදානයද හටගැනීමක් නැත. එහෙයින් මෙහි යමක් තණ්හා පච්චයා උපාදානය ලබයිද එයම දැක්වීමට දිට්ඨි දිට්ඨිගතං යන ආදිය කියන ලදි.

භවනිද‍්දෙසෙ ච යස‍්මා උපාදානං සඞ‍්ඛාරක‍්ඛන්‍ධෙ සඞ‍්ගහං ගච‍්ඡති, තස‍්මා “ඨපෙත්‍වා උපාදානං වෙදනාක‍්ඛන්‍ධො සඤ‍්ඤාක‍්ඛන්‍ධො සඞ‍්ඛාරක‍්ඛන්‍ධො විඤ‍්ඤාණක‍්ඛන්‍ධො”ති වුත‍්තං. එවඤ‍්හි වුච‍්චමානෙ උපාදානස‍්ස උපාදානපච‍්චයත‍්තං ආපජ‍්ජෙය්‍ය. න ච තදෙව තස‍්ස පච‍්චයො හොති. ජාතිආදිනිද‍්දෙසෙසු යස‍්මා එතෙ අරූපධම‍්මානං ජාතිආදයො, තස‍්මා “ඛණ‍්ඩිච‍්චං, පාලිච‍්චං, වලිත‍්තචතා, චුති, චවනතා”ති න වුත‍්තං.

භව නිද්දේශයෙහිද උපාදානය සංඛාර ස්කන්ධයෙහි සංග්‍රහ වේ. එහෙයින් ඨපෙත්‍වා උපාදානං වේදනාක්ඛන්‍ධො සඤ්ඤාක්ඛන්‍ධො සංඛාරක්ඛන්‍ධො විඤ්ඤාණක්ඛන්‍ධො යයි කියන ලදි. මෙසේ කියන කල්හි උපාදානයට උපාදාන පච්චයා බව පැමිණේ. එයම ඊට ප්‍රත්‍ය නොවේ. ජාති ආදි නිද්දේශයෙහි මේ ජාති ආදියෙහි අරූප ධර්මයන්ගේ ජාති ආදියයි. එහෙයින් ඛණ්ඩිච්චං පාලිච්චං වලිත්තචතා චුති වචන්තා යයි කියන ලදි.

එවං පඨමවාරං නිට‍්ඨපෙත්‍වා පුන දුතියවාරෙ යස‍්මිං සමයෙ පඨමවාරෙන පච‍්චයාකාරො දස‍්සිතො, තස‍්මිංයෙව සමයෙ අපරෙනපි නයෙන පච‍්චයාකාරං දස‍්සෙතුං විසුං සමයවවත්‍ථානවාරං අවත්‍වා තස‍්මිං සමයෙ අවිජ‍්ජාපච‍්චයා සඞ‍්ඛාරොතිආදිනාව නයෙන දෙසනා කතා. තත්‍ථ ඨපෙත්‍වා ඵස‍්සන‍්ති ඉදං යස‍්මා ඵස‍්සොපි නාමපරියාපන‍්නො, තස‍්මා ඵස‍්සස‍්ස නාමතො නීහරණත්‍ථං වුත‍්තං.

මෙසේ පළමු වාරය නිමවා නැවත දෙවන වාරයෙහි ප්‍රථම වාරයෙහි පච්චයාකාරය දැක්වූ කාලයෙහිම වෙනත් ක්‍රමයකින් පච්චයාකාරය දැක්වීමට වෙනත් කාල නියමයකින් වාරය නොකියා තස්මිං සමයෙ අවිජ්ජා පච්චයා සංඛාරො යනාදි නයින් දේශනා කරන ලදි. එහි ඨපෙත්‍වා ඵස්සං යන යම් ස්පර්ශයකින් නම ඇතුළත් වූයේ නම් ඒ ස්පර්ශයේ නම බැහැර කිරීම සඳහා කියන ලදි.

තතියවාරෙ යස‍්ස චිත‍්තසමුට‍්ඨානරූපස‍්ස විඤ‍්ඤාණං පච‍්චයො, තස‍්මිං පවත‍්තමානෙ යස‍්මා තෙනුපත්‍ථද‍්ධානං චක‍්ඛායතනාදීනං උපචිතත‍්තං පඤ‍්ඤායති, තස‍්මා චක‍්ඛායතනස‍්ස උපචයොතිආදි වුත‍්තං. යස‍්මා ච කම‍්මජරූපස‍්සපි තස‍්මිං සමයෙ වත‍්තමානස‍්ස විඤ‍්ඤාණං පච‍්ඡාජාතපච‍්චයෙන පච‍්චයො හොති, තස‍්මාපි එවං වුත‍්තං. තත්‍ථ කිඤ‍්චාපි කම‍්මජං චිත‍්තසමුට‍්ඨානන‍්ති ද‍්වෙව සන‍්තතියො ගහිතා, ඉතරාපි පන ද‍්වෙ සන‍්තතියො ගහෙතබ‍්බා. තාසම‍්පි හි විඤ‍්ඤාණං පච‍්චයො හොතියෙව.

තුන්වන වාරයෙහි යම් චිත්ත සමුට්ඨාන රූපයකට විඤ්ඤාණය ප්‍රත්‍ය වීනම් එය පවතින කාලයෙහි එයින් උපස්ථම්භක වූ චක්ඛායතනාදියේ රැස්කළ බව පෙනී යයි. එහෙයින් චක්ඛායතනස්ස උපචයො යනාදිය කියන ලදි. කම්මජ රූපයටද ඒ අවස්ථා පවතින විඤ්ඤාණයේ පච්චාජාත පච්චයෙන් ප්‍රත්‍ය වේද? එහෙයින්ද මෙසේ කියන ලදි. එහි කිසි කර්මජ සහ චිත්ත සමුට්ඨාන යයි සන්තති දෙකක් ගන්නා ලදි. ඉතිරි සන්තති දෙකද ගතයුතුය. ඒවායෙහිද විඤ්ඤාණය ප්‍රත්‍ය වේමය.

චතුත්‍ථවාරෙ පන යස‍්මා එකචිත‍්තක‍්ඛණෙපි මහාභූතරූපපච‍්චයා චක‍්ඛායතනාදීනි, හදයරූපපච‍්චයා ඡට‍්ඨායතනං, නාමපච‍්චයා ච පච‍්ඡාජාතසහජාතාදිවසෙන යථානුරූපං සබ‍්බානිපි පවත‍්තන‍්ති, තස‍්මා තත්‍ථ කතමං නාමරූපපච‍්චයා සළායතනං? චක‍්ඛායතනන‍්තිආදි වුත‍්තං.

සතරවන වාරයෙහි එක චිත්තක්‍ෂණයෙහිද මහාභූත රූප පච්චයෙන්ද චක්ඛායතනාදිය හදය රූප පච්චයෙන්ද ඡට්ඨායතන නාම පච්චයෙන් ද පච්ඡාජාත සහජාතාදි වශයෙන් යථානුරූපව සියල්ලම පවතී. එහෙයින් කත්‍ථ කතමං නාමරූප පච්චයා සළායතනං චක්ඛායතනං ආදිය කියන ලදි.

පඨම චතුක්ක නිද්දේසයයි.

දුතියචතුක‍්කෙ සබ‍්බං උත‍්තානමෙව.

දෙවන චතුක්කයෙහි සියල්ල කියන ලද්දේමය.

තතියචතුක‍්කෙ යස‍්ස සම‍්පයුත‍්තපච‍්චයභාවො න හොති, යස‍්ස ච හොති, තං විසුං විසුං දස‍්සෙතුං ඉදං වුච‍්චති විඤ‍්ඤාණපච‍්චයා නාමරූපං විඤ‍්ඤාණසම‍්පයුත‍්තං නාමන‍්තිආදි වුත‍්තං.

තුන්වන චතුක්කයෙහි සම්පයුත්ත පච්චයභාවය යමකට නැත. යමකට ඇත. එය වෙන්කොට දැක්වීමට ඉදං වුච්චති විඤ්ඤාණ පච්චයා නාම රූපං විඤ්ඤාණ සම්පයුත්තං නාමං යනාදිය කීහ.

තෘතීය චතුක්ක නිද්දේසයයි.

චතුත්‍ථචතුක‍්කෙ ඵස‍්සපච‍්චයා නාමනිද‍්දෙසෙ කිඤ‍්චාපි “ඨපෙත්‍වා ඵස‍්සං වෙදනාක‍්ඛන්‍ධො…පෙ… විඤ‍්ඤාණක‍්ඛන්‍ධො – ඉදං වුච‍්චති ඵස‍්සපච‍්චයා නාම”න‍්ති න වුත‍්තං, තථාපි අනන‍්තරාතීතපදනිද‍්දෙසෙ “ඨපෙත්‍වා ඵස‍්සං වෙදනාක‍්ඛන්‍ධො…පෙ… විඤ‍්ඤාණක‍්ඛන්‍ධො”ති වුත‍්තත‍්තා අවුත‍්තම‍්පි තං වුත‍්තමෙව හොති. යදෙව හි නාමං ඵස‍්සස‍්ස පච‍්චයො, ඵස‍්සොපි තස‍්සෙව පච‍්චයොති.

සතරවන චතුක්කයෙහි ඵස්ස පච්චය නාම නිද්දේසයෙහි කිසිවක් හැර ස්පර්ශය වේදනා ස්කන්ධය - විඤ්ඤාණ ස්කන්ධය යයි මෙය කියන ලදි. ස්පර්ශ ප්‍රත්‍යයෙන් නාමය යයි නොකියන ලදි. එසේ වුවද අනන්තර අතීත පද නිද්දේසයෙහි ඨපෙත්‍වා ඵස්සං වේදනාක්ඛන්‍ධො...... විඤ්ඤාණක්ඛන්‍ධො යයි කියන ලද බැවින් නොකියන ලද්දද කියන ලද්දේම වෙයි. මෙසේ නාමය ස්පර්ශයට ප්‍රත්‍ය වේ. ස්පර්ශය ද නාමයට ප්‍රත්‍ය වේ.

චතුත්‍ථ චතුක්ක නිද්දේසයයි.

යථා චායං චතුචතුක‍්කො සොළසවාරප‍්පභෙදො අවිජ‍්ජාමූලකො පඨමනයො එතස‍්මිං පඨමාකුසලචිත‍්තෙ පකාසිතො, එවං සඞ‍්ඛාරමූලකාදයො අට‍්ඨ නයාපි වෙදිතබ‍්බා. පාළි පන සංඛිත‍්තා. එවමෙව තස‍්මිං පඨමාකුසලචිත‍්තෙයෙව නව නයා, ඡත‍්තිංස චතුක‍්කානි, චතුචත‍්තාලීසාධිකඤ‍්ච වාරසතං හොතීති වෙදිතබ‍්බං.

මේ චතුක්කය සොළොස් වාරයකින් ප්‍රභේද වූ අවිජ්ජා මූලක ප්‍රථම නය මේ පළමු අකුසල සිතේ ප්‍රකාශිතය. මෙසේ සංඛාර මූලකාදි නය අටද දතයුතුය. පෙළෙහි වනාහි සංක්‍ෂේප කරන ලදි. එසේම ඒ පළමුවන අකුසල් සිතෙහිම නව නවයද චතුක්ක තිස් හයද වාර එකසිය හතලිස් හතරද වේ යයි දතයුතුය.

ඉදානි ඉමිනාව නයෙන සෙසාකුසලචිත‍්තෙසුපි පච‍්චයාකාරං දස‍්සෙතුං කතමෙ ධම‍්මා අකුසලාතිආදි ආරද‍්ධං. තත්‍ථ යස‍්මා දිට‍්ඨිවිප‍්පයුත‍්තෙසු තණ‍්හාපච‍්චයා උපාදානං නත්‍ථි, තස‍්මා උපාදානට‍්ඨානෙ උපාදානං විය දළ‍්හනිපාතිනා අධිමොක‍්ඛෙන පදං පූරිතං. දොමනස‍්සසහගතෙසු ච යස‍්මා වෙදනාපච‍්චයා තණ‍්හාපි නත්‍ථි, තස‍්මා තණ‍්හාට‍්ඨානෙ තණ‍්හා විය බලවකිලෙසෙන පටිඝෙන පදං පූරිතං. උපාදානට‍්ඨානෙ අධිමොක‍්ඛෙනෙව. විචිකිච‍්ඡාසම‍්පයුත‍්තෙ පන යස‍්මා සන‍්නිට‍්ඨානාභාවතො අධිමොක‍්ඛොපි නත්‍ථි, තස‍්මා තණ‍්හාට‍්ඨානෙ බලවකිලෙසභූතාය විචිකිච‍්ඡාය පදං පූරිතං. උපාදානට‍්ඨානං පරිහීනමෙව. උද‍්ධච‍්චසම‍්පයුත‍්තෙ පන යස‍්මා අධිමොක‍්ඛො අත්‍ථි, තස‍්මා තණ‍්හාට‍්ඨානෙ බලවකිලෙසෙන උද‍්ධච‍්චෙන පදං පූරිතං. උපාදානට‍්ඨානෙ අධිමොක‍්ඛෙනෙව. සබ‍්බත්‍ථෙව ච විසෙසමත‍්තං දස‍්සෙත්‍වා පාළි සංඛිත‍්තා. යො චායං විසෙසො දස‍්සිතො, තත්‍ථ කෙවලං අධිමොක‍්ඛනිද‍්දෙසොව අපුබ‍්බො. සෙසං හෙට‍්ඨා ආගතමෙව.

දැන් මේ නයින්ම සෙසු අකුසල සිත්වල ද පච්චයාකාරය දැක්වීමට කතමෙ ධම්මා අකුසලා යනාදිය අරඹන ලදි. එහි යම් දිට්ඨි විප්පයුත්තවලද තණ්හා ප්‍රත්‍යයෙන් උපාදාන නැත. එනිසා උපාදාන ස්ථානයේ උපාදානය මෙන් දැඩි සේ වැටුණු අධිමොක්ඛයෙන් පදය පුරවන ලදි. දෝමනස්ස සහගතවල ද වේදනා ප්‍රත්‍යයෙන් තණ්හාව ද නැත. එනිසා තණ්හා ස්ථානයේ තණ්හාවෙන් බලවත් ක්ලේශ පටිඝයෙන් පදය පුරවන ලදි. උපාදාන ස්ථානයෙහි අධිමොක්ඛයෙන් ද විචිකිච්ඡා සම්පයුත්තයෙහි වනාහි යම් සනිටුහන් බවකින් අධිමොක්ඛයයි නැත. එනිසා තණ්හා ස්ථානයෙහි බලවත් කෙලෙස් වූ විචිකිච්ඡාවෙන් පදය පුරවන ලදි. උපාදාන ස්ථානය පිරිහුනේමය. උද්ධච්ච සම්පයුත්තය වනාහි යම් අධිමොක්ඛයක් ඇත. එනිසා තණ්හා ස්ථානයෙහි බලවත් කෙලෙස් වූ උද්ධච්චයෙන් පදය පුරවන ලදි. උපාදාන ස්ථානයෙහි අධිමොක්ඛයෙන් පදය පුරවන ලදි. සියළු තන්හිම විශේෂතා පමණක් දක්වා පෙලෙහි සංක්‍ෂේප කරන ලදි. යම්තැනක විශේෂයක් දක්නව ලද නම් එහි කේවල වූ අධිමොක්ඛ නිද්දේසයයි.

අධිමොක‍්ඛනිද‍්දෙසෙ පන අධිමුච‍්චනවසෙන අධිමොක‍්ඛො. අධිමුච‍්චති වා තෙන ආරම‍්මණෙ චිත‍්තං නිබ‍්බිචිකිච‍්ඡතාය සන‍්නිට‍්ඨානං ගච‍්ඡතීති අධිමොක‍්ඛො. අධිමුච‍්චනාකාරො අධිමුච‍්චනා. තස‍්ස චිත‍්තස‍්ස, තස‍්මිං වා ආරම‍්මණෙ අධිමුත‍්තත‍්තාති තදධිමුත‍්තතා. සබ‍්බචිත‍්තෙසු ච පඨමචිත‍්තෙ වුත‍්තනයෙනෙව නයචතුක‍්කවාරප‍්පභෙදො වෙදිතබ‍්බො. කෙවලඤ‍්හි විචිකිච‍්ඡාසම‍්පයුත‍්තෙ උපාදානමූලකස‍්ස නයස‍්ස අභාවා අට‍්ඨ නයා, ද‍්වත‍්තිංස චතුක‍්කානි, අට‍්ඨවීසාධිකඤ‍්ච වාරසතං හොතීති.

අධි මිදීම් වශයෙන් අධිමොක්ඛො ඒ අරමුණෙන් සිත අධික සේ මිදේ. නිර්විචිකිච්ඡාවේ තීරණයට යයි යනු අධිමොක්ඛ යයි අධිකව මිදෙන ආකාරය අධිමුච්චනා ය. ඒ සිතේ ඒ අරමුණෙහි හෝ මිදුණු බව තදධිමුත්තා වේ. සියළු සිත්වලද පළමුවන සිතෙහි කියන ලද නයින්ම නය චතුක්ක වාර ප්‍රභේදය දතයුතුය. කේවල වූ විචිකිච්ඡා සම්පයුත්තයෙහි උපාදාන මූල වූ නයක් අභාවයෙන් අට නය දෙතිස් චතුක්ක ද වාර එක්සිය විසි අටක් ද වේ.

අකුසලනිද‍්දෙසවණ‍්ණනා.

අකුසල නිද්දේසයයි.

කුසලනිද‍්දෙසවණ‍්ණනා

කුසලනිද්දෙසවණ්ණනා

ඉදානි ඉමිනාව නයෙන කුසලචිත‍්තාදීසුපි පච‍්චයාකාරං දස‍්සෙතුං කතමෙ ධම‍්මා කුසලාතිආදි ආරද‍්ධං. යථා පන අකුසලෙ පඨමං මාතිකං නික‍්ඛිපිත්‍වා පච‍්ඡා නිද‍්දෙසො කතො, න තථා ඉධ. කස‍්මා? අප‍්පනාවාරෙ නානත‍්තසම‍්භවතො. ලොකියකුසලාදීසු හි තෙසං ධම‍්මානං දුක‍්ඛසච‍්චපරියාපන‍්නත‍්තා “එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්සා”ති අප‍්පනා හොති, ලොකුත‍්තරකුසලාදීසු “එවමෙතෙසං ධම‍්මාන”න‍්ති. තස‍්මා එත්‍ථ සාධාරණතො මාතිකං ඨපෙතුං න සක‍්කාති පාටියෙක‍්කං තෙසං තෙසං කුසලාදීනං මාතිකං උද‍්දිසිත්‍වාව නිද‍්දෙසො කතොති.

දැන් මේ නයින්ම කුසල චිත්තාදියෙහි ද පච්චයාකාරය දැක්වීමට කතමෙ ධම්මා කුසලා යනාදිය අරඹන ලදි. අකුසලයෙහි පළමුවන මාතෘකාව හැර පච්ඡා නිද්දේසය කරන ලදි. මෙහි එසේ නොවේ. කුමක් නිසාද? අප්පණා වාරයෙහි නානත්ත සම්භවය නිසාය. ලෞකික කුසලාදියෙහි ඒ ධර්මයන්ගේ දුක්ඛ සත්‍ය කෙළවරකොට ඇති බැවිනි. එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස යයි අර්පණා වෙයි. ලෝකෝත්තර කුසලාදියෙහි ඒ ධර්මවල එසේමය. එහෙයින් මෙහි සාධාරණව (දෙකටම) මාතෘකා තැබීමට නොහැකි යයි වෙන වෙනම ඒ ඒ කුසලාදීන්ට මාතෘකා උදෙසාම නිර්දේශ කරන ලදි.

තත්‍ථ යස‍්මා එකචිත‍්තක‍්ඛණෙ කුසලසඞ‍්ඛාරෙන සද‍්ධිං අවිජ‍්ජා නත්‍ථි, තස‍්මා තං අවත්‍වා, අවිජ‍්ජා විය අකුසලානං, කුසලානං මූලතො කුසලමූලං, තණ‍්හුපාදානානඤ‍්ච අභාවතො තණ‍්හාට‍්ඨානෙ තණ‍්හා විය ආරම‍්මණෙ අජ‍්ඣොගාළ‍්හො පසාදො, උපාදානට‍්ඨානෙ උපාදානං විය දළ‍්හනිපාතී නාම අධිමොක‍්ඛො වුත‍්තො. සෙසං හෙට‍්ඨා වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බන‍්ති.

එහි ඒක චිත්ත ක්‍ෂණයෙහි කුසල සංඛාර සමග අවිජ්ජාව නැත. එනිසා එය නොකියා අකුසලවල අවිජ්ජාව මෙන් කුසලයන්ගේ මූල වශයෙන් කුසල මූලං විය. තණ්හා උපාදාන අභාවයෙන් තණ්හා ස්ථානයේ තණ්හාව මෙන් අරමුණෙහි දැඩිසේ බැසගත් ප්‍රසාදය පසදො ද උපාදාන ස්ථානයෙහි දැඩිසේ වැටෙන අධිමොක්ඛො අධිමොක්ඛයද කියන ලදි. සෙස්ස යට කියන ලද නයින්ම දතයුතුය.

කුසලනිද‍්දෙසවණ‍්ණනා.

කුසල නිද්දේසයයි.

අබ්‍යාකතනිද‍්දෙසවණ‍්ණනා

අබ්යාකතනිද්දෙසවණ්ණනා

අබ්‍යාකතං හෙට‍්ඨා චිත‍්තුප‍්පාදකණ‍්ඩෙ ආගතපටිපාටියාව විභත‍්තං. සබ‍්බවාරෙසු ච අවිජ‍්ජාමූලකා නයා පරිහීනා. කස‍්මා? අවිජ‍්ජාට‍්ඨානෙ ඨපෙතබ‍්බස‍්ස අභාවතො. කුසලචිත‍්තෙසු හි අවිජ‍්ජාට‍්ඨානෙ ඨපෙතබ‍්බං කුසලමූලං අත්‍ථි, චක‍්ඛුවිඤ‍්ඤාණාදීසු නත්‍ථි. සහෙතුකෙසු පන කිඤ‍්චාපි අත්‍ථි, එවං සන‍්තෙපි ඉධ පච‍්ඡින‍්නත‍්තා තත්‍ථ න ගහිතං. පඤ‍්චවිඤ‍්ඤාණසොතෙ සොතපතිතාව හුත්‍වා දෙසනා කතාති වෙදිතබ‍්බා.

අව්‍යාකෘතය යට චිත්තුප්පාද කාණ්ඩයෙහි ආ පිළිවෙලින්ම බෙදන ලදි. සියළු වාරවලද අවිජ්ජාමූලක නය පරිහීනය. කුමක් නිසාද? අවිජ්ජා ස්ථානයෙහි තැබිය යුත්තක් නොමැති වීමෙනි. කුසල සිත්වල අවිජ්ජා ස්ථානයෙහි තැබිය යුතු කුසලමූල ඇත. චක්ඛු විඤ්ඤාණාදිවල නැත. සහේතුකවල කිසිවක් ඇත. මෙසේ පවතින කල්හිද මෙහි සිඳ ඇති බැවින් නොගන්නා ලදි. පඤ්ච විඤ්ඤාණ ස්‍රෝතයෙහි සෝතට පතිතව දේශනා කළේයයි දතයුතුය.

විසෙසතො පනෙත්‍ථ චක‍්ඛුවිඤ‍්ඤාණාදීසු තණ‍්හාට‍්ඨානං උපාදානට‍්ඨානඤ‍්ච පරිහීනං. කස‍්මා? තණ‍්හාට‍්ඨානාරහස‍්ස බලවධම‍්මස‍්ස අභාවා අධිමොක‍්ඛරහිතත‍්තා ච. සෙසාහෙතුකෙසු තණ‍්හාට‍්ඨානමෙව පරිහීනං. සහෙතුකෙසු පසාදසබ‍්භාවතො තණ‍්හාට‍්ඨානෙ පසාදෙන පදං පූරිතං. එවමෙත්‍ථ කුසලාකුසලවිපාකෙසු චක‍්ඛුවිඤ‍්ඤාණාදීසු සඞ‍්ඛාරවිඤ‍්ඤාණනාමඡට‍්ඨායතනඵස‍්සවෙදනාමූලකා ඡ ඡ, සෙසාහෙතුකෙසු අධිමොක‍්ඛමූලකෙන සද‍්ධිං සත‍්ත සත‍්ත, සහෙතුකෙසු පසාදමූලකෙන සද‍්ධිං අට‍්ඨ අට‍්ඨ නයා වෙදිතබ‍්බා.

මෙහි ඇති විශේෂය නම් චක්ඛු විඤ්ඤාණාදියෙහි තණ්හා ස්ථානයද උපාදාන ස්ථානයද පිරිහීමය. කුමක් හෙයින්ද? තණ්හා ස්ථානයට බලවත් ධර්මයක්හුගේ අභාවය නිසාද අධිමොක්ඛ රහිතභාවය නිසාද වේ. සෙසු අහේතුකවල තණ්හා ස්ථානයම පරිහානිය වේ. සහේතුකවල පසාදය පහළවීමෙන් තණ්හා ස්ථානයෙහි පදය පසාදයෙන් පුරවන ලදි. මෙහි කුසලාකුසල විපාකවල චක්ඛු විඤ්ඤාණාදියෙහි සංඛාර විඤ්ඤාණ නම් ඡට්ඨායතනය ඵස්ස වෙදනා මූලකය සය සය වේ. සෙසු අහේතුකවල අධිමොක්ඛ මූලකය සමග සත සත වේ. සහේතුකවල පසාදය සමග නය අට අට දතයුතුය.

තත්‍ථ චක‍්ඛුවිඤ‍්ඤාණාදීසුපි චතුන‍්නම‍්පි චතුක‍්කානං ආදිවාරොව වුත‍්තො. දුතියවාරො පච‍්චයවිසෙසට‍්ඨෙන ලබ‍්භමානොපි න වුත‍්තො. තතියචතුත්‍ථවාරා අසම‍්භවතොයෙව. රූපමිස‍්සකා හි තෙ, න ච චක‍්ඛුවිඤ‍්ඤාණාදීනි රූපං සමුට‍්ඨාපෙන‍්ති. යථා ච පඨමචතුක‍්කෙ ද‍්වෙ වාරා ලබ‍්භන‍්ති, එවං සෙසචතුක‍්කෙසුපි. තස‍්මා පඨමචතුක‍්කෙ දුතියවාරො, සෙසචතුක‍්කෙසු ච ද‍්වෙ ද‍්වෙ වාරා අවුත‍්තාපි වුත‍්තාව හොන‍්තීති වෙදිතබ‍්බා. සෙසාහෙතුකාබ්‍යාකතෙ සබ‍්බචතුක‍්කෙසු සබ‍්බෙපි වාරා ලබ‍්භන‍්ති. ඉධ පච‍්ඡින‍්නත‍්තා පන පරතො න ගහිතා. සොතපතිතාව හුත්‍වා දෙසනා කතාති. සෙසසහෙතුකවිපාකෙසුපි එසෙව නයො අඤ‍්ඤත්‍ර අරූපාවචරවිපාකා. අරූපාවචරවිපාකස‍්මිඤ‍්හි වාරද‍්වයමෙව ලබ‍්භතීති.

එහි චක්ඛු විඤ්ඤාණාදියෙහි සතරවැනි වූ චතුක්කවල මුල්වාරය පමණක් කියන ලදි. දෙවන වාරය පච්චය විශේෂාර්ථයෙන් ලබන්නේද නොකියන ලදි. තුන්වන සතරවන වාර නොහටගන්නේමය. රූප මිස්සකයෙහි චක්ඛු විඤ්ඤාණාදී රූප නූපදවයි. පළමු චතුක්කයෙහි වාර දෙක ලබන්නේ යම්සේද සෙසු චතුක්කවලද එසේය. එහෙයින් පළමු චතුක්කයෙහි වාර දෙකකි. සෙසු චතුක්කවලද වාර දෙක දෙක වේ. නොකියන ලද්ද කියන ලද්ද මෙනි. සෙසු අහේතුක අව්‍යාකෘතවල සියළු චතුක්කවල සියළුම වාර ලැබේ. මෙහි සිඳින ලද බැවින් පසුව නොගන්නා ලදි. සෝතය වැටුනා මෙන්ම දේශනා කරන ලද්දේය. අරූපාවචර විපාකවල මෙම ක්‍රමයයි. රූපාවචර විපාකය හැර අරූපාවචර විපාකයෙහිද වාර දෙකක්ම ලැබේ.

අබ්‍යාකතනිද‍්දෙසවණ‍්ණනා.

අබ්‍යාකත නිද්දේසයයි.

අවිජ‍්ජාමූලකකුසලනිද‍්දෙසවණ‍්ණනා

අවිජ්ජාමූලකකුසලනිද්දෙසවණ්ණනා

ඉදානි අපරෙන පරියායෙන එකචිත‍්තක‍්ඛණෙ පච‍්චයාකාරං දස‍්සෙතුං පුන කතමෙ ධම‍්මා කුසලාතිආදි ආරද‍්ධං. තත්‍ථ අවිජ‍්ජාපච‍්චයාති උපනිස‍්සයපච‍්චයතං සන්‍ධාය වුත‍්තං. තෙනෙව නිද‍්දෙසවාරෙ “තත්‍ථ කතමා අවිජ‍්ජා”ති අවිභජිත්‍වා “තත්‍ථ කතමො අවිජ‍්ජාපච‍්චයා සඞ‍්ඛාරො”ති විභත‍්තං. කුසලචෙතනාසඞ‍්ඛාතො හි සඞ‍්ඛාරොයෙව තස‍්මිං සමයෙ චිත‍්තෙන සහජාතො හොති, න අවිජ‍්ජා.

දැන් වෙනත් පරියායකින් එක චිත්තක්‍ෂණයෙහි පච්චයාකාරය දැක්වීමට නැවත කතමෙ ධම්මා කුසලා? යනාදිය අරඹන ලදි. එහි අවිජ්ජා පච්චයා යන උපනිස්සය ප්‍රත්‍යය උදෙසා කියන ලදි. ඒ නිද්දේස වාරයෙන්ම එහි කතමාති අවිජ්ජා යයි නොබෙදා තත්‍ථ කතමා අවිජ්ජා පච්චයා සංඛාරො යයි බෙදන ලදි. කුසල චේතනා සංඛ්‍යාත බැවින් සංඛාරයම ඒ වේලාවෙහි සිත සමග සහජාත වෙයි. අවිජ්ජා සමග නොවේ.

තත්‍ථ ලොකියකුසලස‍්ස හෙට‍්ඨා සුත‍්තන‍්තභාජනීයෙ වුත‍්තනයෙනෙව අවිජ‍්ජා පච‍්චයො හොති. යස‍්මා පන අප‍්පහීනාවිජ‍්ජො අවිජ‍්ජාය පහානත්‍ථං ලොකුත‍්තරං භාවෙති, තස‍්මා තස‍්සාපි සමතික‍්කමවසෙන පච‍්චයො හොති. අවිජ‍්ජාවතොයෙව හි කුසලායූහනං හොති, න ඉතරස‍්ස. තත්‍ථ තෙභූමකකුසලෙ සම‍්මොහවසෙනපි සමතික‍්කමභාවනාවසෙනපි ආයූහනං ලබ‍්භති; ලොකුත‍්තරෙ සමුච‍්ඡෙදභාවනාවසෙනාති. සෙසං වුත‍්තනයමෙව.

එහි ලෞකික කුසලය යට සූත්‍රාන්ත භාජනයෙහි කී පරිදිමය. අවිජ්ජා පච්චයා වෙයි. යම් අප්‍රහීන අවිජ්ජාවක් අවිජ්ජාවෙන් ප්‍රහානය කිරීමට ලෝකෝත්තරය වඩති. එහෙයින් එයද සමතික්‍රමණය වශයෙන් ප්‍රත්‍ය වේ. අවිජ්ජාව හෙයින්ම කුසලායූහනය වේ. වෙන විදියකින් නොවේ. එහි ත්‍රෛභූමික කුසලයෙහි මුළාව වශයෙන්ද සමතික්‍රමණ භාවනා වශයෙන්ද ආයූහනය ලබයි. ලෝකෝත්තරයෙහි සමුච්ඡේද භාවනා වශයෙනි. සෙස්ස කියන ලද නයෙනි.

අයං පන විසෙසො – යථා හෙට‍්ඨා එකෙකකුසලෙ චතුන‍්නං චතුක‍්කානං වසෙන නව සොළසකා ලද‍්ධා, තථා ඉධ න ලබ‍්භන‍්ති. කස‍්මා? අවිජ‍්ජාය අවිගතසම‍්පයුත‍්තඅඤ‍්ඤමඤ‍්ඤපච‍්චයාභාවතො. උපනිස‍්සයවසෙන පනෙත්‍ථ පඨමචතුක‍්කමෙව ලබ‍්භති. තම‍්පි පඨමවාරමෙව දස‍්සෙත්‍වා සංඛිත‍්තං. නීහරිත්‍වා පන දස‍්සෙතබ‍්බන‍්ති.

මෙය විශේෂයකි. යට එක එක කුසලයෙහි සතරවන චතුක්ක වශයෙන් නව සොලස් ලැබීය. එසේම මෙහි නොලබයි. කුමක් හෙයින්ද? අවිජ්ජාවෙන් සම්පයුත්ත අඤ්ඤමඤ්ඤ පච්චය අභාවයෙනි. උපනිස්සය වශයෙන් මෙහි පළමු චතුෂ්කයම ලබයි. එය පළමු වාරයම දක්වා සංක්‍ෂේප කරන ලදි. අත්හැර දැක්විය යුතුය.

අවිජ‍්ජාමූලකකුසලනිද‍්දෙසවණ‍්ණනා.

අවිජ්ජාමූලක කුසල නිද්දේසයයි.

කුසලමූලකවිපාකනිද‍්දෙසවණ‍්ණනා

කුසලමූලකවිපාකනිද්දෙසවණ්ණනා

ඉදානි අබ්‍යාකතෙසුපි අපරෙනෙව නයෙන පච‍්චයාකාරං දස‍්සෙතුං කතමෙ ධම‍්මා අබ්‍යාකතාතිආදි ආරද‍්ධං. තත්‍ථ කුසලමූලපච‍්චයාති ඉදම‍්පි උපනිස‍්සයපච‍්චයතං සන්‍ධාය වුත‍්තං. කුසලවිපාකස‍්ස හි කුසලමූලං , අකුසලවිපාකස‍්ස ච අකුසලමූලං උපනිස‍්සයපච‍්චයො හොති; නානාක‍්ඛණිකකම‍්මපච‍්චයෙ පන වත‍්තබ‍්බමෙව නත්‍ථි. තස‍්මා එස උපනිස‍්සයපච‍්චයෙන චෙව නානාක‍්ඛණිකකම‍්මපච‍්චයෙන ච පච‍්චයො හොති. තෙනෙව නිද‍්දෙසවාරෙ “තත්‍ථ කතමං කුසලමූල”න‍්ති අවිභජිත්‍වා “තත්‍ථ කතමො කුසලමූලපච‍්චයා සඞ‍්ඛාරො”ති විභත‍්තං. අකුසලවිපාකෙපි එසෙව නයො.

දැන් අව්‍යාකෘතවලට වෙනත් නයකින් පච්චයාකරය දැක්වීමට කතමෙ ධම්මා අබ්‍යාකතා? යනාදිය ආරම්භ කරන ලදි. එහි කුසලමූල පච්චයා යන මෙයද උපනිස්සය පච්චය බව උදෙසා කියන ලදි. කුසල විපාකයේ කුසල මූලයටද අකුසල විපාකයේ අකුසල මූලයටද උපනිස්සය පච්චය වේ. නානා ක්‍ෂණික කර්ම ප්‍රත්‍යයෙහි වනාහි කිවයුත්තක් නැත. එහෙයින් මේ උපනිස්සය පච්චයෙන්ද නානා ක්‍ෂණික කර්ම ප්‍රත්‍යයෙන්ද ප්‍රත්‍ය වේ. ඒ නිද්දේස වාරයෙහිම තත්‍ථ කතමං කුසලමූලං යයි නොබෙදා තත්‍ථ කතමො කුසලමූල පච්චයා සංඛාරො යයි බෙදන ලදි. අකුසල විපාකයෙහිද මෙම නයයි.

අවිජ‍්ජාමූලකකුසලනිද‍්දෙසෙ විය ච ඉමස‍්මිම‍්පි විපාකනිද‍්දෙසෙ පඨමං පච‍්චයචතුක‍්කමෙව ලබ‍්භති. තම‍්පි පඨමවාරං දස‍්සෙත්‍වා සංඛිත‍්තං. තස‍්මා එකෙකස‍්මිං විපාකචිත‍්තෙ එකමෙකස‍්සෙව චතුක‍්කස‍්ස වසෙන කුසලමූලමූලකෙ අකුසලමූලමූලකෙ ච නයෙ වාරප‍්පභෙදො වෙදිතබ‍්බො. කිරියාධම‍්මානං පන යස‍්මා නෙව අවිජ‍්ජා න කුසලාකුසලමූලානි උපනිස‍්සයපච‍්චයතං ලභන‍්ති, තස‍්මා කිරියවසෙන පච‍්චයාකාරො න වුත‍්තොති.

අවිජ්ජාමූල කුසල නිද්දේසයෙහි මෙන්ද මෙම විපාක නිද්දේසයෙහි පළමුව පච්චය චතුක්කයම ලබයි. එයද පළමු වාරය දක්වා සංක්‍ෂේප කරන ලදි. එනිසා එක එක විපාක සිතෙහි එක එක චතුක්ක වශයෙන් කුසල මූලකයෙහි අකුසල මූලකයෙහිද නයෙහි වාරප්‍රභේද දතයුතුය. කිරිය ධර්මවල අවිජ්ජාවද කුසල අකුසල මූලද උපනිස්සය පච්චයභාවය නොලබයි. එනිසා කිරියා වශයෙන් පච්චයා කාරය නොකියන ලදි.

එවමෙස –

මෙයම:-

අකුසලකුසලාබ්‍යාකත-ධම‍්මෙසු අනෙකභෙදතො වත්‍වා; කුසලාකුසලානං පන, විපාකෙ ච උපනිස‍්සයවසෙන.

කුසල’කුසල අවිය - කත දම්හි කී නෙක බේ කුසල’කුසල විවා - යෙහි උවනිසය වසයෙන්

පුන එකධාව වුත‍්තො, වාදිප‍්පවරෙන පච‍්චයාකාරො; ධම‍්මප‍්පච‍්චයභෙදෙ, ඤාණස‍්ස පභෙදජනනත්‍ථං.

යළි එක අයුරු කී - බුදුහිමි පස අයුරුවන දහම් පස බේයෙහි - නැණ බේද දනවනු වස්

පරියත‍්තිසවනචින‍්තන-පටිපත‍්තික‍්කමවිවජ‍්ජිතානඤ‍්ච; යස‍්මා ඤාණපභෙදො, න කදාචිපි හොති එතස‍්මිං.

දහම් අසන සිතන - වත් පිළිවෙත් වැරුවනට නැණ බේද මෙහි එන - කිසිදිනක ද නොවේමයැ

පරියත‍්තිසවනචින‍්තන-පටිපත‍්තික‍්කමතො සදා ධීරො; තත්‍ථ කයිරා න හඤ‍්ඤං, කරණීයතරං තතො අත්‍ථීති.

දහම් අසන සිතන - පිළිවෙතින් සරු දිරිමත් එය කරනු නැත අන් - කරණී එයින් බැහැරා

අයං පන පච‍්චයාකාරො සුත‍්තන‍්තඅභිධම‍්මභාජනීයවසෙන ද‍්වෙපරිවට‍්ටමෙව නීහරිත්‍වා භාජෙත්‍වා දස‍්සිතො හොති.

මෙම පච්චයාකාරය වනාහි සත්තන්ත අභිධර්ම භාජනිය වශයෙන් දෙපරිවෘත්තයම ගෙනහැර දක්වා බෙදා දක්වන ලද්දේ වේ.

අභිධම‍්මභාජනීයවණ‍්ණනා.

සම‍්මොහවිනොදනියා විභඞ‍්ගට‍්ඨකථාය පටිච‍්චසමුප‍්පාදවිභඞ‍්ගවණ‍්ණනා නිට‍්ඨිතා.

සම්මෝහ විනෝදනී නම් විභංග අර්ථ වර්ණනාවේ සවැනි පටිච්ච සමුප්පාද විභංග නිර්දේශයයි.