යෙදුමෙන් කියවන්න

කුසල නිද‍්දෙසො

395. කතමෙ ධම‍්මා කුසලා: යස‍්මිං සමයෙ කාමාවචරං කුසලං චිත‍්තං උප‍්පන‍්නං හොති සොමනස‍්සසහගතං ඤාණසම‍්පයුත‍්තං රූපාරම‍්මණං වා -පෙ- ධම‍්මාරම‍්මණං වා යං යං වා පනාරබ‍්භ තස‍්මිං සමයෙ කුසලමූලපච‍්චයා සඞ‍්ඛාරො, සඞ‍්ඛාරපච‍්චයා විඤ‍්ඤාණං, විඤ‍්ඤාණපච‍්චයා නාමං, නාමපච‍්චයා ඡට‍්ඨායතනං, ඡට‍්ඨායතනපච‍්චයා ඵස‍්සො, ඵස‍්සපච‍්චයා වෙදනා, වෙදනාපච‍්චයා පසාදො, පසාදපච‍්චයා අධිමොක‍්ඛො, අධිමොක‍්ඛපච‍්චයා භවො, භවපච‍්චයා ජාති, ජාතිපච‍්චයා ජරාමරණං, එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස සමුදයො හොති.

395. කුශලධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක රූපාලම්බන වේවයි … ධර්‍මාලම්බන වේවයි, යළි යම් යම් අරමුණක් හෝ ඇරැබැ සොම්නස් සහගත වූ ඥානසම්ප්‍රයුක්ත වූ කාමාවචර වූ කුශලචිත්තය උපදනේ වේ ද, එසමයෙහි කුශලමූලප්‍රත්‍යයෙන් සංස්කාරය වෙයි, සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතන ය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් ප්‍රසාදය වෙයි, ප්‍රසාදප්‍රත්‍යයෙන් අධිමෝක්‍ෂය වෙයි, අධිමෝක්‍ෂ ප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ. මෙසේ මේ දුඃඛරාශිහුගේ සමුදය වේ.

396. තත්‍ථ කතමෙ කුසලමූලා: අලොභො අදොසො අමොහො.

396. එහි කුශලමූලයෝ කවරහ යත්: අලෝභ ය, අද්වේෂ ය, අමෝහ යි.

තත්‍ථ කතමො අලොභො: යො අලොභො අලුබ‍්භනා අලුබ‍්භිතත‍්තං අසාරාගො අසාරජ‍්ජනා අසාරජ‍්ජිතත‍්තං අනභිජ‍්ඣා අලොභො කුසලමූලං, අයං වුච‍්චති අලොභො.

එහි අලෝභය කවරෙ යත්: යම් අලෝභයෙක් අලෝභාකාරයෙක් අලුබ්ධ බවෙක් නො ඇලීමෙක් නො ඇලෙන අයුරෙක් නො ඇලුණු බවෙක් අනභිධ්‍යාවක් අලෝභ සඞ්ඛ්‍යාත කුශලමූලයෙක් වේ ද, මේ ‘අලෝභ’ යි කියනු ලැබේ.

තත්‍ථ කතමො අදොසො: යො අදොසො අදුස‍්සනා අදුස‍්සිතත‍්තං අව්‍යාපාදො අව්‍යාපජ‍්ජො අදොසො කුසලමූලං, අයං වුච‍්චති අදොසො.

එහි අද්වේෂය කවරෙ යත්: යම් අද්වේෂයෙක් අද්වේෂාකාරයෙක් අද්විෂ්ට බවෙක් අව්‍යාපාදයෙක් අව්‍යාපන්න බවෙක් අද්වේෂ සඞ්ඛ්‍යාත කුශල මූලයෙක් වේ ද, මේ අද්වේෂ යි කියනු ලැබේ.

තත්‍ථ කතමො අමොහො: යා පඤ‍්ඤා පජානනා -පෙ- අමොහො ධම‍්මවිචයො සම‍්මාදිට‍්ඨි, අයං වුච‍්චති අමොහො, ඉමෙ වුච‍්චන‍්ති කුසලමූලා.

එහි අමෝහ කවරෙ යත්: යම් ප්‍රඥාවක් ප්‍රජානනාකාරයෙක් … අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියක් වේ ද, මේ ‘අමෝහ’ යි කියනු ලැබේ. මොහු කුශලමූලයෝ යි කියනු ලැබෙත්.

තත්‍ථ කතමො කුසලමූලපච‍්චයා සඞ‍්ඛාරො: යා චෙතනා සඤ‍්චෙතනා චෙතයිතත‍්තං, අයං වුච‍්චති කුසලමූලපච‍්චයා සඞ‍්ඛාරො.

එහි කුශලමූලප්‍රත්‍යයෙන් සංස්කාර කවරෙ යත්: යම් චේතනාවක් සඤ්චේතනාවක් සිතන ලද බවෙක් වේ ද, මේ ‘කුශලමූලප්‍රත්‍යයෙන් සංස්කාර’ යි කියනු ලැබේ.

තත්‍ථ කතමං සඞ‍්ඛාරපච‍්චයා විඤ‍්ඤාණං -පෙ- විඤ‍්ඤාණපච‍්චයා නාමං -පෙ- නාමපච‍්චයා ඡට‍්ඨායතනං -පෙ- ඡට‍්ඨායතනපච‍්චයා ඵස‍්සො -පෙ- ඵස‍්සපච‍්චයා වෙදනා -පෙ-

එහි සංස්කාරප්‍රත්‍යයෙන් විඥාන කවරෙ යත්: … විඥානප්‍රත්‍යයෙන් නාම කවරෙ යත්: … නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතන කවරෙ යත්: … ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශ කවරෙ යත්: … ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනා කවර යත්: …

තත්‍ථ කතමො වෙදනාපච‍්චයා පසාදො: යා සද‍්ධා සද‍්දහනා ඔකප‍්පනා අභිප‍්පසාදො, අයං වුච‍්චති වෙදනාපච‍්චයා පසාදො.

එහි වේදනාප්‍රත්‍යයෙන් ප්‍රසාද කවරෙ යත්: යම් හැදැහීමෙක් හදහන අයුරෙක් (අරමුණෙහි) බැසැගැනීමෙක් අධිකප්‍රසාදයෙක් වේ ද, මේ ‘වේදනාප්‍රත්‍යයෙන් ප්‍රසාද’ යි කියනු ලැබේ.

තත්‍ථ කතමො පසාදපච‍්චයා අධිමොක‍්ඛො: යො චිත‍්තස‍්ස අධිමොක‍්ඛො අධිමුච‍්චනා තදධිමුත‍්තතා, අයං වුච‍්චති පසාදපච‍්චයා අධිමොක‍්ඛො.

එහි ප්‍රසාදප්‍රත්‍යයෙන් අධිමෝක්‍ෂ කවරෙ යත්: චිත්තයාගේ යම් අධිමෝක්‍ෂයෙක් අධිමොක්‍ෂාකාරයෙක් එහි අධිමුක්ත බවෙක් වේ ද, මේ ‘ප්‍රසාදප්‍රත්‍යයෙන් අධිමෝක්‍ෂ’ යී කියනු ලැබේ.

තත්‍ථ කතමො අධිමොක‍්ඛපච‍්චයා භවො: ඨපෙත්‍වා අධිමොක‍්ඛං වෙදනාක‍්ඛන්‍ධො සඤ‍්ඤාක‍්ඛන්‍ධො සඞ‍්ඛාරක‍්ඛන්‍ධො විඤ‍්ඤාණක‍්ඛන්‍ධො, අයං වුච‍්චති අධිමොක‍්ඛපච‍්චයා භවො -පෙ- තෙන වුච‍්චති එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස සමුදයො හොතීති.

එහි අධිමෝක්‍ෂප්‍රත්‍යයෙන් භවය කවරෙ යත්: අධිමෝක්‍ෂය තබා වේදනාස්කන්‍ධ ය සංඥාස්කන්‍ධ ය සංස්කාරස්කන්‍ධ ය විඥානස්කන්‍ධ යි. මේ ‘අධිමෝක්‍ෂප්‍රත්‍යයෙන් භව’ යී කියනු ලැබේ. … එහෙයින් කියනු ලැබෙයි: ‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති’ යි.

397. කතමෙ ධම‍්මා කුසලා: යස‍්මිං සමයෙ කාමාවචරං කුසලං චිත‍්තං උප‍්පන‍්නං හොති සොමනස‍්සසහගතං ඤාණසම‍්පයුත‍්තං සසඞ‍්ඛාරෙන -පෙ- සොමනස‍්සසහගතං ඤාණවිප‍්පයුත‍්තං -පෙ- සොමනස‍්සසහගතං ඤාණවිප‍්පයුත‍්තං සසඞ‍්ඛාරෙන රූපාරම‍්මණං වා සද‍්දාරම‍්මණං වා ගන්‍ධාරම‍්මණං වා රසාරම‍්මණං වා ඵොට‍්ඨබ‍්බාරම‍්මණං වා ධම‍්මාරම‍්මණං වා, යං යං වා පනාරබ‍්භ තස‍්මිං සමයෙ කුසලමූලපච‍්චයා සඞ‍්ඛාරො, සඞ‍්ඛාරපච‍්චයා විඤ‍්ඤාණං, විඤ‍්ඤාණපච‍්චයා නාමං, නාමපච‍්චයා ඡට‍්ඨායතනං, ඡට‍්ඨායතනපච‍්චයා ඵස‍්සො, ඵස‍්සපච‍්චයා වෙදනා, වෙදනාපච‍්චයා පසාදො, පසාදපච‍්චයා අධිමොක‍්ඛො, අධිමොක‍්ඛපච‍්චයා භවො, භවපච‍්චයා ජාති, ජාතිපච‍්චයා ජරාමරණං, එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස සමුදයො හොති.

397. කුශලධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක සොම්නස් සහගත වූ ඥානසම්ප්‍රයුක්ත වූ කාමාවචරකුශලචිත්තය සංස්කාර සහිත ව උපදනේ වේ ද, … සොම්නස් සහගත වූ ඥානවිප්‍රයුක්ත වූ … රූපාලම්බන වේවයි ශබ්දාලම්බන වේවයි ගන්‍ධාලම්බන වේවයි රසාලම්බන වේවයි ස්ප්‍රෂ්ටව්‍යාලම්බන වේවයි ධර්‍මාලම්බන වේවයි යළි යම් යම් අරමුණක් හෝ ඇරැබැ සොම්නස් සහගත වූ ඥානවිප්‍රයුක්ත වූ (කාමාවචරකුශලචිත්තය) සංස්කාර සහිත ව (උපදනේ වේ ද), එසමයෙහි කුශලමූලප්‍රත්‍යයෙන් සංස්කාරය වෙයි, සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් ප්‍රසාදය වෙයි, ප්‍රසාදප්‍රත්‍යයෙන් අධිමෝක්‍ෂය වෙයි, අධිමෝක්‍ෂ ප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ. මෙසේ මේ සියලු දුඃඛරාශිහුගේ සමුදය වේ.

තත්‍ථ කතමෙ කුසලමූලා: අලොභො අදොසො.

එහි කුශලමූලයෝ කවරහ යත්: අලෝභ ය අදෝෂ යි.

තත්‍ථ කතමො අලොභො: යො අලොභො අලුබ‍්භනා අලුබ‍්භිතත‍්තං අසාරාගො අසාරජ‍්ජනා අසාරජ‍්ජිතත‍්තං අනභිජ‍්ඣා අලොභො කුසලමූලං, අයං වුච‍්චති අලොභො.

එහි අලෝභ කවරෙ යත්: යම් අලෝභයෙක් අලෝභාකාරයෙක් අලුබ්ධ බවෙක් නො ඇලීමෙක් නො ඇලෙන අයුරෙක් නො ඇලුණු බවෙක් අනභිධ්‍යාවක් අලෝභ සඞ්ඛ්‍යාත කුශලමූලයෙක් වේ ද, මේ ‘අලෝභ’ යි කියනු ලැබේ.

තත්‍ථ කතමො අදොසො: යො අදොසො අදුස‍්සනා අදුස‍්සිතත‍්තං අව්‍යාපාදො අව්‍යාපජ‍්ජො අදොසො කුසලමූලං, අයං වුච‍්චති අදොසො. ඉමෙ වුච‍්චන‍්ති කුසලමූලා.

එහි අදෝෂය කවරෙ යත්: යම් අදෝෂයෙක් අද්වේෂාකාරයෙක් අද්විෂ්ට බවෙක් අව්‍යාපාදයෙක් අව්‍යාපන්න බවෙක් අදෝෂ සඞ්ඛ්‍යාත කුශලමූලයෙක් වේ ද, මේ ‘අදෝෂ’ යි කියනු ලැබේ. මොහු ‘කුශලමූලයෝ’ යි කියනු ලැබෙත්.

තත්‍ථ කතමො කුසලමූලපච‍්චයා සඞ‍්ඛාරො: යා චෙතනා සඤ‍්චෙතනා චෙතයිතත‍්තං, අයං වුච‍්චති කුසලමූලපච‍්චයා සඞ‍්ඛාරො -පෙ-

එහි කුශලමූලප්‍රත්‍යයෙන් සංස්කාර කවරෙ යත්: යම් චේතනාවක් සඤ්චේතනාවක් සිතන ලද බවෙක් වේ ද, මේ ‘කුශලමූලප්‍රත්‍යයෙන් සංස්කාරය’ යි කියනු ලැබේ.

තත්‍ථ කතමා ඵස‍්සපච‍්චයා වෙදනා: යං චෙතසිකං සාතං චෙතසිකං සුඛං චෙතොසම‍්ඵස‍්සජං සාතං සුඛං වෙදයිතං චෙතොසම‍්ඵස‍්සජා සාතා සුඛා වෙදනා, අයං වුච‍්චති ඵස‍්සපච‍්චයා වෙදනා -පෙ- තෙන වුච‍්චති එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස සමුදයො හොතීති.

එහි ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනා කවර යත්: යම් චෛතසික වූ සාතයෙක් චෛතසික වූ සුඛයෙක් චේතෝසම්ඵස්සජ සාත - සුඛ වේදයිතයෙක් චේතෝසම්ඵස්සජ සාත - සුඛ වේදනාවක් වේ ද, මේ ‘ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනා’ යි කියනු ලැබේ. … එහෙයින් කියනු ලැබෙයි: ‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොතී’ යි.

398. කතමෙ ධම‍්මා කුසලා: යස‍්මිං සමයෙ කාමාවචරං කුසලං චිත‍්තං උප‍්පන‍්නං හොති උපෙක‍්ඛාසහගතං ඤාණසම‍්පයුත‍්තං -පෙ- උපෙක‍්ඛාසහගතං ඤාණසම‍්පයුත‍්තං සසඞ‍්ඛාරෙන රූපාරම‍්මණං වා සද‍්දාරම‍්මණං වා ගන්‍ධාරම‍්මණං වා රසාරම‍්මණං වා ඵොට‍්ඨබ‍්බාරම‍්මණං වා ධම‍්මාරම‍්මණං වා, යං යං වා පනාරබ‍්භ තස‍්මිං සමයෙ කුසලමූලපච‍්චයා සඞ‍්ඛාරො, සඞ‍්ඛාරපච‍්චයා විඤ‍්ඤාණං, විඤ‍්ඤාණපච‍්චයා නාමං, නාමපච‍්චයා ඡට‍්ඨායතනං, ඡට‍්ඨායතනපච‍්චයා ඵස‍්සො, ඵස‍්සපච‍්චයා වෙදනා, වෙදනාපච‍්චයා පසාදො, පසාදපච‍්චයා අධිමොක‍්ඛො, අධිමොක‍්ඛපච‍්චයා භවො, භවපච‍්චයා ජාති, ජාතිපච‍්චයා ජරාමරණං. එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස සමුදයො හොති.

398. කුශලධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක උපේක්‍ෂා සහගත වූ ඥාන සම්ප්‍රයුක්ත වූ කාමාවචරකුශලචිත්තය උපදනේ වේ ද, … රූපාලම්බන වේවයි ශබ්දාලම්බන වේවයි ගන්‍ධාලම්බන වේවයි රසාලම්බන වේවයි ස්ප්‍රෂ්ටව්‍යාලම්බන වේවයි ධර්‍මාලම්බන වේවයි යළි යම් යම් අරමුණක් හෝ ඇරැබැ උපේක්‍ෂා සහගත වූ ඥානසම්ප්‍රයුක්ත වූ (කාමාවචරකුශලචිත්තය) සංස්කාර සහිත ව (උපදනේ වේ ද,) එසමයෙහි කුශලමූලප්‍රත්‍යයෙන් සංස්කාරය වෙයි, සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් ප්‍රසාදය වෙයි, ප්‍රසාදප්‍රත්‍යයෙන් අධිමෝක්‍ෂය වෙයි, අධිමෝක්‍ෂප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ. මෙසේ මේ සියලු දුඃඛස්කන්‍ධයාගේ සමුදය වේ.

තත්‍ථ කතමෙ කුසලමූලා: අලොභො අදොසො අමොහො -පෙ- ඉමෙ වුච‍්චන‍්ති කුසලමූලා.

එහි කුශලමූලයෝ කවරහ යත්: අලෝභ ය අදෝෂ ය අමෝහ යි … මොහු ‘කුශලමූලයෝ’ යි කියනු ලැබෙත්.

තත්‍ථ කතමො කුසලමූලපච‍්චයා සඞ‍්ඛාරො: යා චෙතනා සඤ‍්චෙතනා චෙතයිතත‍්තං, අයං වුච‍්චති කුසලමූලපච‍්චයා සඞ‍්ඛාරො -පෙ-

එහි කුශලමූලප්‍රත්‍යයෙන් සංස්කාර කවරෙ යත්: යම් චේතනාවක් සඤ්චේතනාවක් සිතන ලද බවෙක් වේ ද, මේ ‘කුශලමූලප්‍රත්‍යයෙන් සංස්කාර’ ය කියනු ලැබේ. …

තත්‍ථ කතමා ඵස‍්සපච‍්චයා වෙදනා: යං චෙතසිකං නෙවසාතං නාසාතං චෙතොසම‍්ඵස‍්සජං අදුක‍්ඛමසුඛං වෙදයිතං, චෙතොසම‍්ඵස‍්සජා අදුක‍්ඛමසුඛා වෙදනා, අයං වුච‍්චති ඵස‍්සපච‍්චයා වෙදනා -පෙ- තෙන වුච‍්චති එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස සමුදයො හොතීති.

එහි ස්පර්‍ශප්‍රත්‍යයෙන්වේදනා කවරෙ යත්: යම් චෛතසිකවූ නො ම සාතවූ අසාත නො වූ චේතෝසම්ඵස්සජ අදුක්ඛමසුඛ වූ වේදයිතයෙක් චේතෝසම්ඵස්සජ අදුක්ඛමසුඛවේදනායෙක් වේ ද, මේ ස්පර්‍ශප්‍රත්‍යයෙන්වේදනා යි කියනු ලැබේ. ... එහෙයින් කියනු ලැබේ, ‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොතී’ යි.

399. කතමෙ ධම‍්මා කුසලා: යස‍්මිං සමයෙ කාමාවචරං කුසලං චිත‍්තං උප‍්පන‍්නං හොති උපෙක‍්ඛාසහගතං ඤාණසම‍්පයුත‍්තං -පෙ- උපෙක‍්ඛාසහගතං ඤාණවිප‍්පයුත‍්තං සසඞ‍්ඛාරෙන රූපාරම‍්මණං වා සද‍්දාරම‍්මණං වා ගන්‍ධාරම‍්මණං වා රසාරම‍්මණං වා ඵොට‍්ඨබ‍්බාරම‍්මණං වා ධම‍්මාරම‍්මණං වා, යං යං වා පනාරබ‍්භ තස‍්මිං සමයෙ කුසලමූලපච‍්චයා සඞ‍්ඛාරො, සඞ‍්ඛාරපච‍්චයා විඤ‍්ඤාණං, විඤ‍්ඤාණපච‍්චයා නාමං, නාමපච‍්චයා ඡට‍්ඨායතනං, ඡට‍්ඨායතනපච‍්චයා ඵස‍්සො, ඵස‍්සපච‍්චයා වෙදනා, වෙදනාපච‍්චයා පසාදො, පසාදපච‍්චයා අධිමොක‍්ඛො, අධිමොක‍්ඛපච‍්චයා භවො, භවපච‍්චයා ජාති, ජාතිපච‍්චයා ජරාමරණං, එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස සමුදයො හොති.

399. කුශලධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක උපේක්‍ෂා සහගත වූ ඥානවිප්‍රයුක්ත වූ … කාමාවචරකුශලචිත්තය උපදනේ වේ ද, … රූපාලම්බන වේවයි ශබ්දාලමබ්න වේවයි ගන්‍ධාලම්බන වේවයි රසාලම්බන වේවයි ස්ප්‍රෂ්ටව්‍යාලම්බන වේවයි ධර්‍මාලම්බන වේවයි යළි යම් යම් අරමුණක් හෝ ඇරැබැ උපේක්‍ෂාසහගත ඥානවිප්‍රයුක්ත වූ (කාමාවචරකුශලචිත්තය) සසංස්කාර ව (උපදනේ වේ ද,) එසමයෙහි කුශලමූල ප්‍රත්‍යයෙන් සංස්කාරය වෙයි, සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් ප්‍රසාදය වෙයි, ප්‍රසාදප්‍රත්‍යයෙන් අධිමෝක්‍ෂය වෙයි, අධිමෝක්‍ෂප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ. මෙසේ මේ සියලු දුඃඛස්කන්‍ධයාගේ සමුදය වේ.

තත්‍ථ කතමෙ කුසලමූලා: අලොභො අදොසො -පෙ- ඉමෙ වුච‍්චන‍්ති කුසලමූලා.

එහි කුශලමූලයෝ කවරහ යත්: අලෝභ ය අදෝෂ යි. … මොහු ‘කුශලමූලයෝ’ යි කියනු ලැබේ.

තත්‍ථ කතමො කුසලමූලපච‍්චයා සඞ‍්ඛාරො: යා චෙතනා සඤ‍්චෙතනා චෙතයිතත‍්තං, අයං වුච‍්චති කුසලමූලපච‍්චයා සඞ‍්ඛාරො -පෙ- තෙන වුච‍්චති එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස සමුදයො හොතී’ති.

එහි කුශලමූලප්‍රත්‍යයෙන් සංස්කාර කවරෙ යත්: යම් චේතනාවක් සඤ්චේතනාවක් සිතන ලද බවෙක් වේ ද, මේ ‘කුශලමූලප්‍රත්‍යයෙන් සංස්කාර’ යි කියනු ලැබේ. … එහෙයින් කියනු ලැබෙයි. ‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති’ යි.

400. කතමෙ ධම‍්මා කුසලා: යස‍්මිං සමයෙ රූපූපපත‍්තියා මග‍්ගං භාවෙති විවිච‍්චෙ’ව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම‍්පජ‍්ජ විහරති පඨවීකසිණං. තස‍්මිං සමයෙ කුසලමූලපච‍්චයා සඞ‍්ඛාරො, සඞ‍්ඛාරපච‍්චයා විඤ‍්ඤාණං, විඤ‍්ඤාණපච‍්චයා නාමං, නාමපච‍්චයා ඡට‍්ඨායතනං, ඡට‍්ඨායතනපච‍්චයා ඵස‍්සො, ඵස‍්සපච‍්චයා වෙදනා, වෙදනාපච‍්චයා පසාදො, පසාදපච‍්චයා අධිමොක‍්ඛො, අධිමොක‍්ඛපච‍්චයා භවො, භවපච‍්චයා ජාති, ජාතිපච‍්චයා ජරාමරණං, එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස සමුදයො හොති.

400. කුශලධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම … පඨවිකසිණ සඞ්ඛ්‍යාත ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි කුශලමූලප්‍රත්‍යයෙන් සංස්කාරය වෙයි, සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් ප්‍රසාදය වෙයි, ප්‍රසාදප්‍රත්‍යයෙන් අධිමෝක්‍ෂය වෙයි, අධිමෝක්‍ෂප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ. මෙසේ මේ සියලු දුඃඛස්කන්‍ධයාගේ සමුදය වේ.

තත්‍ථ කතමෙ කුසලමූලා: අලොභො අදොසො අමොහො -පෙ- ඉමෙ වුච‍්චති කුසලමූලා

එහි කුශලමූලයෝ කවරහ යත්: අලෝභ ය අදෝස ය අමෝහ ය … මොහු කුශලමූලයෝ යි කියනු ලැබෙත්.

තත්‍ථ කතමො කුසලමූලපච‍්චයා සඞ‍්ඛාරො: යා චෙතනා සඤ‍්චෙතනා චෙතයිතත‍්තං, අයං වුච‍්චති කුසලමූලපච‍්චයා සඞ‍්ඛාරො -පෙ- තෙන වුච‍්චති එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස සමුදයො හොතී’ති.

එහි කුශලමූලප්‍රත්‍යයෙන් සංස්කාර කවරෙ යත්: යම් චේතනාවක් සඤ්චේතනාවක් සිතන ලද බවෙක් වේ ද, මේ කුශලමූලප්‍රත්‍යයෙන් සංස්කාර’ යි කියනු ලැබේ. … එහෙයින් කියනු ලැබෙයි: ‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති’ යි.

401. කතමෙ ධම‍්මා කුසලා: යස‍්මිං සමයෙ රූපූපපත‍්තියා මග‍්ගං භාවෙති විතක‍්කවිචාරානං වූපසමා -පෙ- දුතියං ඣානං -පෙ- තතියං ඣානං -පෙ- චතුත්‍ථං ඣානං -පෙ- පඨමං ඣානං -පෙ- පඤ‍්චමං ඣානං උපසම‍්පජ‍්ජ විහරති පඨවීකසිණං, -පෙ- තස‍්මිං සමයෙ කුසලමූලපච‍්චයා සඞ‍්ඛාරො, සඞ‍්ඛාරපච‍්චයා විඤ‍්ඤාණං, විඤ‍්ඤාණපච‍්චයා නාමං, නාමපච‍්චයා ඡට‍්ඨායතනං, ඡට‍්ඨායතනපච‍්චයා ඵස‍්සො, ඵස‍්සපච‍්චයා වෙදනා, වෙදනාපච‍්චයා පසාදො, පසාදපච‍්චයා අධිමොක‍්ඛො, අධිමොක‍්ඛපච‍්චයා භවො, භවපච‍්චයා ජාති, ජාතිපච‍්චයා ජරාමරණං, -පෙ- තෙන වුච‍්චති. එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස සමුදයො හොතී’ති.

401. කුශලධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, විතර්‍කවිචාරයන්ගේ ව්‍යුපශමයෙන් … ද්විතීයධ්‍යානයට … තෘතීයධ්‍යානයට … චතුර්‍ත්‍ථධ්‍යානයට … ප්‍රථමධ්‍යානයට … පඨවිකසිණ සඞ්ඛ්‍යාත වූ පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි කුශලමූලප්‍රත්‍යයෙන් සංස්කාරය වෙයි, සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් ප්‍රසාදය වෙයි, ප්‍රසාදප්‍රත්‍යයෙන් අධිමෝක්‍ෂය වෙයි, අධිමෝක්‍ෂප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ. ... එහෙයින් කියනු ලැබෙයි: ‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති’ යි.

402-403. කතමෙ ධම‍්මා කුසලා: යස‍්මිං සමයෙ අරූපූපපත‍්තියා මග‍්ගං භාවෙති -පෙ- ලොකුත‍්තරං ඣානං භාවෙති නිය්‍යානිකං අපචයගාමිං දිට‍්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත‍්තියා විවිච‍්චෙ’ව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම‍්පජ‍්ජ විහරති දුක‍්ඛාපටිපදං දන්‍ධාභිඤ‍්ඤං, තස‍්මිං සමයෙ කුසලමූලපච‍්චයා සඞ‍්ඛාරො, සඞ‍්ඛාරපච‍්චයා විඤ‍්ඤාණං, විඤ‍්ඤාණපච‍්චයා නාමං, නාමපච‍්චයා ඡට‍්ඨායතනං, ඡට‍්ඨායතනපච‍්චයා ඵස‍්සො, ඵස‍්සපච‍්චයා වෙදනා, වෙදනාපච‍්චයා පසාදො, පසාදපච‍්චයා අධිමොක‍්ඛො, අධිමොක‍්ඛපච‍්චයා භවො, භවපච‍්චයා ජාති, ජාතිපච‍්චයා ජරාමරණං, එවමෙතෙසං ධම‍්මානං සමුදයො හොති.

402-403. කුශලධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක අරූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද … දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස ප්‍රථමභූමියට පැමිණීම පිණිස නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම … දුක් වූ ප්‍රතිපත් ඇති දන්‍ධ වූ අභිඥා ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි කුශලමූලප්‍රත්‍යයෙන් සංස්කාරය වෙයි, සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් ප්‍රසාදය වෙයි, ප්‍රසාදප්‍රත්‍යයෙන් අධිමෝක්‍ෂය වෙයි, අධිමෝක්‍ෂප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ. මෙසේ මේ ධර්‍මයන්ගේ සමුදය වේ.

තත්‍ථ කතමෙ කුසලමූලා: අලොභො අදොසො අමොහො.

එහි කුශලමූලයෝ කවරහ යත්: අලෝභ ය අදෝස ය අමෝහ යි.

තත්‍ථ කතමො අලොභො -පෙ- අදොසො -පෙ- තත්‍ථ කතමො අමොහො: යා පඤ‍්ඤා පජානනා -පෙ- අමොහො ධම‍්මවිචයො සම‍්මාදිට‍්ඨි ධම‍්මවිචයසම‍්බොජ‍්ඣඞ‍්ගො මග‍්ගඞ‍්ගං මග‍්ගපරියාපන‍්නං, අයං වුච‍්චති අමොහො. ඉමෙ වුච‍්චන‍්ති කුසලමූලා

එහි අලෝභ කවරෙ යත්: … අදෝෂ … එහි අමෝහ කවරෙ යත්: මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් ප්‍රඥාවක් ප්‍රජානනයෙක් … අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියක් ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ ‘අමෝහ’ යි කියනු ලැබේ. මොහු කුශලමූලයෝ යි කියනු ලැබෙත්.

තත්‍ථ කතමො කුසලමූලපච‍්චයා සඞ‍්ඛාරො: යා චෙතනා සඤ‍්චෙතනා චෙතයිතත‍්තං, අයං වුච‍්චති කුසලමූලපච‍්චයා සඞ‍්ඛාරො -පෙ-

එහි කුශලමූලප්‍රත්‍යයෙන් සංස්කාර කවරෙ යත්: යම් චේතනාවක් සඤ්චේතනාවක් සිතන ලද බවෙක් වේ ද, මේ ‘කුශලමූලප්‍රත්‍යයෙන් සංස්කාර’ යි කියනු ලැබේ. …

තත්‍ථ කතමා ඵස‍්සපච‍්චයා වෙදනා: යං චෙතසිකං සාතං චෙතසිකං සුඛං චෙතොසම‍්ඵස‍්සජං සාතං සුඛං වෙදයිතං චෙතොසම‍්ඵස‍්සජා සාතා සුඛා වෙදනා, අයං වුච‍්චති ඵස‍්සපච‍්චයා වෙදනා.

එහි ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනා කවර යත්: යම් චෛතසික සාතයෙක් චෛතසික සුඛයෙක් චේතෝසම්ඵස්සජ සාතසුඛවේදයිතයෙක් චේතෝසම්ඵස්සජ සාතසුඛවේදනාවක් වේ ද, මේ ‘ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනා’ යි කියනු ලැබේ.

තත්‍ථ කතමො වෙදනාපච‍්චයා පසාදො: යා සද‍්ධා සද‍්දහනා ඔකප‍්පනා අභිප‍්පසාදො, අයං වුච‍්චති වෙදනාපච‍්චයා පසාදො.

එහි වේදනාප්‍රත්‍යයෙන් ප්‍රසාද කවරෙ යත්: යම් හැදැහීමෙක් හදහන අයුරෙක් (අරමුණෙහි) බැසගැන්මෙක් අධිකප්‍රසාදයෙක් වේ ද, මේ ‘වේදනාප්‍රත්‍යයෙන් ප්‍රසාද’ යි කියනු ලැබේ.

තත්‍ථ කතමො පසාදපච‍්චයා අධිමොක‍්ඛො: යො චිත‍්තස‍්ස අධිමොක‍්ඛො අධිමුච‍්චනා තදධිමුත‍්තතා, අයං වුච‍්චති පසාදපච‍්චයා අධිමොක‍්ඛො.

එහි ප්‍රසාදප්‍රත්‍යයෙන් අධිමෝක්‍ෂ කවරෙ යත්: චිත්තයාගේ යම් අධිමෝක්‍ෂයෙක් අධිමොක්‍ෂාකාරයෙක් එහි අධිමුක්ත බවෙක් වේ ද, මේ ‘ප්‍රසාදප්‍රත්‍යයෙන් අධිමෝක්‍ෂ’ යි කියනු ලැබේ.

තත්‍ථ කතමො අධිමොක‍්ඛපච‍්චයා භවො: ඨපෙත්‍වා අධිමොක‍්ඛං වෙදනාක‍්ඛන්‍ධො සඤ‍්ඤාක‍්ඛන්‍ධො සඞ‍්ඛාරක‍්ඛන්‍ධො විඤ‍්ඤාණක‍්ඛන්‍ධො, අයං වුච‍්චති අධිමොක‍්ඛපච‍්චයා භවො -පෙ-

එහි අධිමෝක්‍ෂප්‍රත්‍යයෙන් භවය කවරෙ යත්: අධිමෝක්‍ෂය තබා වේදනාස්කන්‍ධ ය සංඥාස්කන්‍ධ ය සංස්කාරස්කන්‍ධ ය විඥානස්කන්‍ධ යි මේ ‘අධිමෝක්‍ෂප්‍රත්‍යයෙන් භව’ යි කියනු ලැබේ. …

එවමෙතෙසං ධම‍්මානං සමුදයො හොතී’ති: එවමෙතෙසං ධම‍්මානං සඞ‍්ගති හොති, සමාගමො හොති, සමොධානං හොති, පාතුභාවො හොති, තෙන වුච‍්චති එවමෙතෙසං ධම‍්මානං සමුදයො හොතී’ති.

‘එවමෙතෙසං ධම්මානං සමුදයෝ හොති’ යනු මෙසේ මේ ධර්‍මයන්ගේ සඞ්ගතිය වෙයි, සමාගමය වෙයි, සමවධානය වෙයි, පහළවීම වේ. එහෙයින් කියනු ලැබෙයි: ‘එවමෙතෙසං ධම්මානං සමුදයෝ හොති’ යි.

කුසල නිද‍්දෙසො.

කුශලනිර්දේශ යි.