අකුසල නිද්දෙසො
387. කතමෙ ධම්මා අකුසලා: යස්මිං සමයෙ අකුසලං චිත්තං උප්පන්නං හොති සොමනස්සසහගතං දිට්ඨිගතසම්පයුත්තං සසඞ්ඛාරෙන -පෙ- සොමනස්සසහගතං දිට්ඨිගතවිප්පයුත්තං -පෙ- සොමනස්සසහගතං දිට්ඨිගතවිප්පයුත්තං සසඞ්ඛාරෙන රූපාරම්මණං වා -පෙ- ධම්මාරම්මණං වා, යං යං වා පනාරබ්භ තස්මිං සමයෙ අවිජ්ජාපච්චයා සඞ්ඛාරො, සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං, විඤ්ඤාණපච්චයා නාමං, නාමපච්චයා ඡට්ඨායතනං, ඡට්ඨායතනපච්චයා ඵස්සො, ඵස්සපච්චයා වෙදනා, වෙදනාපච්චයා තණ්හා, තණ්හාපච්චයා අධිමොක්ඛො, අධිමොක්ඛපච්චයා භවො, භවපච්චයා ජාති, ජාතිපච්චයා ජරාමරණං, එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති.
387. අකුශලධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක සොම්නස් සහගත වූ දෘෂ්ටිගත සම්ප්‍රයුක්ත වූ අකුශලචිත්තය සංස්කාර සහිත ව උපදනේ වේ ද, … සොම්නස් සහගත වූ දෘෂ්ටිගතවිප්‍රයුක්ත වූ … රූපාලම්බන වේවයි … ධර්මාලම්බන වේවයි යළි යම් යම් අරමුණක් හෝ ඇරැබැ සොම්නස් සහගත වූ දෘෂ්ටිගතවිප්‍රයුක්ත වූ (අකුශලචිත්තය) සංස්කාර සහිතව උපදනේ වේ ද, එසමයෙහි අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරය වෙයි. සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්ශය වෙයි, ස්පර්ශප්රත්යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් තෘෂ්ණාව වෙයි, තෘෂ්ණාප්‍රත්‍යයෙන් අධිමෝක්ෂය වෙයි, අධිමෝක්‍ෂප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ. මෙසේ මේ සියලු දුඃඛස්කන්ධයාගේ සමුදය වේ.
388. තත්ථ කතමා අවිජ්ජා: යං අඤ්ඤාණං අදස්සනං -පෙ- අවිජ්ජාලඞ්ගි මොහො අකුසලමූලං, අයං වුච්චති අවිජ්ජා.
388. එහි අවිද්‍යා කවර යත්: යම් අඥානයෙක් අදර්‍ශනයෙක් … අවිද්‍යාපරිඝයෙක් මෝහසඞ්ඛ්‍යාත අකුශලමූලයෙක් වේ ද, මේ ‘අවිද්‍යා’ යි කියනු ලැබේ.
තත්ථ කතමො අවිජ්ජාපච්චයා සඞ්ඛාරො: යා චෙතනා සඤ්චෙතනා චෙතයිතත්තං, අයං වුච්චති අවිජ්ජාපච්චයා සඞ්ඛාරො -පෙ-
එහි අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරය කවරෙ යත්: යම් චේතනාවක් සඤ්චේතනාවක් සිතන ලද බවෙක් වේ ද, මේ ‘අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාර’ යි කියනු ලැබේ. …
තත්ථ කතමො තණ්හාපච්චයා අධිමොක්ඛො: යො චිත්තස්ස අධිමොක්ඛො අධිමුච්චනා තදධිමුත්තතා, අයං වුච්චති තණ්හාපච්චයා අධිමොක්ඛො.
එහි තෘෂ්ණාප්‍රත්‍යයෙන් අධිමෝක්ෂ කවරෙ යත්: චිත්තයාගේ යම් අධිමෝක්‍ෂයෙක් (අරමුණෙහි නිෂ්චයෙක්) අධිමොක්ෂාකාරයෙක් එහි අධිමුක්ත බවෙක් වේ ද, මේ ‘තෘෂ්ණාප්‍රත්‍යයෙන් අධිමෝක්ෂ’ යි කියනු ලැබේ.
තත්ථ කතමො අධිමොක්ඛපච්චයා භවො: ඨපෙත්වා අධිමොක්ඛං වෙදනාක්ඛන්ධො සඤ්ඤාක්ඛන්ධො සඞ්ඛාරක්ඛන්ධො විඤ්ඤාණක්ඛන්ධො, අයං වුච්චති අධිමොක්ඛපච්චයා භවො -පෙ- තෙන වුච්චති එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොතීති.
එහි අධිමෝක්‍ෂප්‍රත්‍යයෙන් භවය කවරෙ යත්: අධිමෝක්ෂය තබා වේදනාස්කන්‍ධ ය සංඥාස්කන්‍ධ ය සංස්කාරස්කන්‍ධ ය විඥානස්කන්‍ධ යි. මේ අධිමෝක්‍ෂප්‍රත්‍යයෙන් ‘භව’ යි කියනු ලැබේ. … එහෙයින් කියනු ලැබෙයි: ‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයෝ හොති’ යි.
389. කතමෙ ධම්මා අකුසලා: යස්මිං සමයෙ අකුසලං චිත්තං උප්පන්නං හොති උපෙක්ඛාසහගතං දිට්ඨිගතසම්පයුත්තං රූපාරම්මණං වා -පෙ- ධම්මාරම්මණං වා යං යං වා පනාරබ්භ, තස්මිං සමයෙ අවිජ්ජාපච්චයා සඞ්ඛාරො, සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං, විඤ්ඤාණපච්චයා නාමං, නාමපච්චයා ඡට්ඨායතනං, ඡට්ඨායතනපච්චයා ඵස්සො, ඵස්සපච්චයා වෙදනා, වෙදනාපච්චයා තණ්හා, තණ්හාපච්චයා උපාදානං, උපාදානපච්චයා භවො, භවපච්චයා ජාති, ජාතිපච්චයා ජරාමරණං, එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති.
389. අකුශලධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක රූපාලම්බන වේවයි … ධර්මාලම්බන වේවයි යළි යම් යම් අරමුණක් හෝ ඇරැබැ උපේක්ෂා සහගත වූ දෘෂ්ටිගත සම්ප්‍රයුක්ත වූ අකුසල්සිත උපදනේ වේ ද, එසමයෙහි අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරය වෙයි, සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතන ය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්ශය වෙයි, ස්පර්ශප්රත්යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් තෘෂ්ණාව වෙයි, තෘෂ්ණාප්‍රත්‍යයෙන් උපාදානය වෙයි, උපාදාන ප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ. මෙසේ මෙ සියලු දුඃඛරාශිහුගේ සමුදය වේ.
390. තත්ථ කතමා අවිජ්ජා: යං අඤ්ඤාණං අදස්සනං -පෙ- අවිජ්ජාලඞ්ගි මොහො අකුසලමූලං, අයං වුච්චති අවිජ්ජා -පෙ- තත්ථ කතමා ඵස්සපච්චයා වෙදනා: යං චෙතසිකං නෙව සාතං නාසාතං චෙතොසම්ඵස්සජං අදුක්ඛමසුඛං වෙදයිතං චෙතොසම්ඵස්සජා අදුක්ඛමසුඛා වෙදනා, අයං වුච්චති ඵස්සපච්චයා වෙදනා -පෙ- තෙන වුච්චති එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොතීති.
390. එහි අවිද්‍යා කවර යත්: යම් අඥානයෙක් අදර්‍ශනයෙක් … අවිද්‍යාපරිඝයෙක් මෝහ සඞ්ඛ්‍යාත අකුශලමූලයෙක් වේ ද, මේ ‘අවිද්‍යා’ යි කියනු ලැබේ. … එහි ස්පර්ශප්රත්යයෙන් වේදනා කවර යත්: චෛතසික වූ නො ම සාත වූ අසාත නො වූ චිත්තසංස්පර්‍ශයෙන් උපන් නො දුක් නො සුව වූ යම් වේදයිතයෙක් චිත්තසංස්පර්‍ශයෙන් උපන් උපේක්‍ෂාවේදනාවක් වේ ද, මේ ‘ස්පර්ශප්රත්යයෙන් වේදනා’ යි කියනු ලැබේ. … එහෙයින් කියනු ලැබෙයි: ‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයෝ හොති’ යි.
391. කතමෙ ධම්මා අකුසලා: යස්මිං සමයෙ අකුසලං චිත්තං උප්පන්නං හොති උපෙක්ඛාසහගතං දිට්ඨිගතසම්පයුත්තං සසඞ්ඛාරෙන -පෙ- උපෙක්ඛාසහගතං දිට්ඨිගතවිප්පයුත්තං -පෙ- උපෙක්ඛාසහගතං දිට්ඨිගතවිප්පයුත්තං සසඞ්ඛාරෙන රූපාරම්මණං වා -පෙ- ධම්මාරම්මණං වා, යං යං වා පනාරබ්භ තස්මිං සමයෙ අවිජ්ජාපච්චයා සඞ්ඛාරො, සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං, විඤ්ඤාණපච්චයා නාමං, නාමපච්චයා ඡට්ඨායතනං, ඡට්ඨායතනපච්චයා ඵස්සො, ඵස්සපච්චයා වෙදනා, වෙදනාපච්චයා තණ්හා, තණ්හාපච්චයා අධිමොක්ඛො, අධිමොක්ඛපච්චයා භවො, භවපච්චයා ජාති, ජාතිපච්චයා ජරාමරණං, එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති.
391. අකුශලධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක උපේක්ෂා සහගත වූ දෘෂ්ටිගත සම්ප්‍රයුක්ත වූ අකුශලචිත්තය සංස්කාර සහිත ව උපදනේ වේ ද … උපේක්ෂා සහගත වූ දෘෂ්ටිගතවිප්‍රයුක්ත වූ … රූපාලම්බන වේවයි … ධර්මාලම්බන වේවයි යළි යම් යම් අරමුණක් හෝ ඇරැබැ උපේක්ෂා සහගත වූ දෘෂ්ටිගතවිප්‍රයුක්ත වූ (අකුශලචිත්තය) සංස්කාර සහිත ව උපදනේ වේ ද, එසමයෙහි අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරය වෙයි, සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්ශය වෙයි, ස්පර්ශප්රත්යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් තෘෂ්ණාව වෙයි, තෘෂ්ණාප්‍රත්‍යයෙන් අධිමෝක්ෂය වෙයි, අධිමෝක්‍ෂප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ. මෙසේ මේ සියලු දුඃඛරාශිහුගේ සමුදය වේ.
තත්ථ කතමා අවිජ්ජා: -පෙ- තෙන වුච්චති එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොතීති.
එහි අවිද්‍යා කවර යත්: … එහෙයින් කියනු ලැබෙයි: ‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයෝ හොති’ යි.
392. කතමෙ ධම්මා අකුසලා: යස්මිං සමයෙ අකුසලං චිත්තං උප්පන්නං හොති දොමනස්සසහගතං පටිඝසම්පයුත්තං -පෙ- දොමනස්සසහගතං පටිඝසම්පයුත්තං සසඞ්ඛාරෙන රූපාරම්මණං වා -පෙ- ධම්මාරම්මණං වා, යං යං වා පනාරබ්භ, තස්මිං සමයෙ අවිජ්ජාපච්චයා සඞ්ඛාරො, සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං, විඤ්ඤාණපච්චයා නාමං, නාමපච්චයා ඡට්ඨායතනං, ඡට්ඨායතනපච්චයා ඵස්සො, ඵස්සපච්චයා වෙදනා, වෙදනාපච්චයා පටිඝං, පටිඝපච්චයා අධිමොක්ඛො, අධිමොක්ඛපච්චයා භවො, භවපච්චයා ජාති, ජාතිපච්චයා ජරාමරණං, එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති.
392. අකුශලධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක දොම්නස් සහගියා වූ ප්‍රතිඝසම්ප්‍රයුක්ත වූ අකුසල්සිත උපදනේ වේ ද, … රූපාලම්බන වේවයි … ධර්මාලම්බන වේවයි යළි යම් යම් අරමුණක් හෝ ඇරැබැ දොම්නස් සහගියා වූ ප්‍රතිඝසම්ප්‍රයුක්ත වූ (අකුසල්සිත) සංස්කාර සහිත ව (උපදනේ වේ ද,) එසමයෙහි අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරය වෙයි, සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්ශය වෙයි, ස්පර්ශප්රත්යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් ප්‍රතිඝය වෙයි, ප්‍රතිඝප්‍රත්‍යයෙන් අධිමෝක්ෂය වෙයි, අධිමෝක්ෂ ප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ. මෙසේ මේ සියලු දුඃඛරාශිහුගේ සමුදය වේ.
තත්ථ කතමා අවිජ්ජා: යං අඤ්ඤාණං අදස්සනං -පෙ- අවිජ්ජාලඞ්ගි මොහො අකුසලමූලං, අයං වුච්චති අවිජ්ජා -පෙ-
එහි අවිද්‍යා කවර යත්: යම් අඥානයෙක් අදර්‍ශනයෙක් … අවිද්‍යාපරිඝයෙක් මෝහ සඞ්ඛ්‍යාත අකුශලමූලයෙක් වේ ද, මේ ‘අවිද්‍යා’ යි කියනු ලැබේ. …
තත්ථ කතමා ඵස්සපච්චයා වෙදනා: යං චෙතසිකං අසාතං චෙතසිකං දුක්ඛං චෙතොසම්ඵස්සජං අසාතං දුක්ඛං වෙදයිතං චෙතොසම්ඵස්සජා අසාතා දුක්ඛා වෙදනා, අයං වුච්චති ඵස්සපච්චයා වෙදනා.
එහි ස්පර්ශප්රත්යයෙන් වේදනා කවර යත්: යම් චෛතසික වූ අසාතයෙක් චෛතසික වූ දුඃඛයෙක් චිත්තසංස්පර්‍ශයෙන් උපන් අසාත වූ දුඃඛ වූ වේදයිතයෙක් චිත්ත සංස්පර්ශයෙන් උපන් අසාත වූ දුඃඛ වූ වේදනාවක් වේ ද, මේ ‘ස්පර්ශප්රත්යයෙන් වේදනා’ යි කියනු ලැබේ.
තත්ථ කතමං වෙදනාපච්චයා පටිඝං: යො චිත්තස්ස ආඝාතො පටිඝාතො පටිඝං පටිවිරොධො කොපො පකොපො සම්පකොපො දොසො පදොසො සම්පදොසො චිත්තස්ස ව්යාපත්ති මනොපදොසො කොධො කුජ්ඣනා කුජ්ඣිතත්තං දොසො දුස්සනා දුස්සිතත්තං ව්යාපත්ති ව්යාපජ්ජනා ව්යාපජ්ජිතත්තං විරොධො පටිවිරොධො චණ්ඩික්කං අසුරොපො අනත්තමනතා චිත්තස්ස, ඉදං වුච්චති වෙදනාපච්චයා පටිඝං.
එහි වේදනාප්‍රත්‍යයෙන් ප්‍රතිඝ කවරෙ යත්: චිත්තයාගේ යම් ආඝාතයෙක් බලවත් ආඝාතයෙක් ප්‍රතිඝයෙක් ප්‍රතිවිරෝධයෙක් කෝපයෙක් ප්‍රකෝපයෙක් සම්ප්‍රකෝපයෙක් ද්වේෂයෙක් ප්රද්දේවෂයෙක් සම්ප්‍රද්වේෂයෙක් චිත්තයාගේ විපන්න බවෙක් චිත්තප්රදෝෂයෙක් ක්‍රෝධයෙක් ක්‍රෝධාකාරයෙක් කිපුණු බවෙක් ද්වේෂයෙක් ද්වේෂාකාරයෙක් ද්විෂ්ට බවෙක් විපරීත බවෙක් විපරීතාකාරයෙක් විරෝධයෙක් ප්‍රතිවිරෝධයෙක් සැඩ බවෙක් නො පිරිපුන් වචන ඇති බවෙක් චිත්තයාගේ නො සතුටු බවෙක් වේ ද, මේ ‘වේදනා ප්‍රත්‍යයෙන් ප්‍රතිඝ’ යි කියනු ලැබේ.
තත්ථ කතමො පටිඝපච්චයා අධිමොක්ඛො: යො චිත්තස්ස අධිමොක්ඛො අධිමුච්චනා තදධිමුත්තතා, අයං වුච්චති පටිඝපච්චයා අධිමොක්ඛො.
එහි ප්‍රතිඝප්‍රත්‍යයෙන් අධිමෝක්ෂ කවරෙ යත්: චිත්තයාගේ යම් අධිමෝක්‍ෂයෙක් අධිමොක්ෂාකාරයෙක් අරමුණෙහි අධිමුක්ත බවෙක් වේ ද, මේ ‘ප්‍රතිඝප්‍රත්‍යයෙන් අධිමෝක්ෂ’ යි කියනු ලැබේ.
තත්ථ කතමො අධිමොක්ඛපච්චයා භවො: ඨපෙත්වා අධිමොක්ඛං වෙදනාක්ඛන්ධො සඤ්ඤාක්ඛන්ධො සඞ්ඛාරක්ඛන්ධො විඤ්ඤාණක්ඛන්ධො, අයං වුච්චති අධිමොක්ඛපච්චයා භවො -පෙ- තෙන වුච්චති එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොතීති.
එහි අධිමෝක්‍ෂප්‍රත්‍යයෙන් භවය කවරෙ යත්: අධිමෝක්ෂය තබා වේදනාස්කන්‍ධ ය සංඥාස්කන්‍ධ ය සංස්කාරස්කන්‍ධ ය විඥානස්කන්‍ධ යි. මේ ‘අධිමෝක්‍ෂප්‍රත්‍යයෙන් භව’ යි කියනු ලැබේ. … එහෙයින් කියනු ලැබෙයි: ‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයෝ හොති’ යි.
393. කතමෙ ධම්මා අකුසලා: යස්මිං සමයෙ අකුසලං චිත්තං උප්පන්නං හොති උපෙක්ඛාසහගතං විචිකිච්ඡාසම්පයුත්තං රූපාරම්මණං වා -පෙ- ධම්මාරම්මණං වා යං යං වා පනාරබ්භ තස්මිං සමයෙ අවිජ්ජාපච්චයා සඞ්ඛාරො, සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං, විඤ්ඤාණපච්චයා නාමං, නාමපච්චයා ඡට්ඨායතනං, ඡට්ඨායතනපච්චයා ඵස්සො ඵස්සපච්චයා වෙදනා, වෙදනාපච්චයා විචිකිච්ඡා, විකිච්ඡාපච්චයා භවො, භවපච්චයා ජාති, ජාතිපච්චයා ජරාමරණං, එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති.
393. අකුශලධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක රූපාලම්බන වේවයි … ධර්මාලම්බන වේවයි යළි යම් යම් අරමුණක් හෝ ඇරැබැ උපේක්ෂා සහගත වූ විචිකිත්සා සම්ප්‍රයුක්ත වූ අකුශලචිත්තය උපදනේ වේ ද, එසමයෙහි අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරය වෙයි, සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්ශය වෙයි, ස්පර්ශප්රත්යයෙන් වේදනාව වෙයි, වේදනා ප්‍රත්‍යයන් විචිකිත්සාව වෙයි, චිචිකිත්සාප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ. මෙසේ මේ සියලු දුඃඛස්කන්ධයාගේ සමුදය වේ.
තත්ථ කතමා අවිජ්ජා: යං අඤ්ඤාණං අදස්සනං -පෙ- අවිජ්ජාලඞ්ගි මොහො අකුසලමූලං, අයං වුච්චති අවිජ්ජා -පෙ-
එහි අවිද්‍යා කවර යත්: යම් අඥානයෙක් අදර්‍ශනයෙක් … අවිද්‍යාපරිඝයෙක් මෝහසඞ්ඛ්‍යාත අකුශලමූලයෙක් වේ ද, මේ ‘අවිද්‍යා’ යි කියනු ලැබේ. …
තත්ථ කතමා ඵස්සපච්චයා වෙදනා: යං චෙතසිකං නෙව සාතං නාසාතං චෙතොසම්ඵස්සජං අදුක්ඛමසුඛං වෙදයිතං චෙතොසම්ඵස්සජා අදුක්ඛමසුඛා වෙදනා, අයං වුච්චති ඵස්සපච්චයා වෙදනා.
එහි ස්පර්ශප්රත්යයෙන් වේදනා කවර යත්: චෛතසික වූ නො ම සාත වූ අසාත නො වූ සිත්පහසින් උපන් නො දුක් නොසුව වූ යම් වේදයිතයෙක් සිත්පහසින් උපන් නො දුක් නො සුව වේදනාවක් වේ ද, මේ ‘ස්පර්ශප්රත්යයෙන් වේදනා’ යි කියනු ලැබේ.
තත්ථ කතමා වෙදනාපච්චයා විචිකිච්ඡා: යා කඞ්ඛා කඞ්ඛායනා කඞ්ඛායිතත්තං විමති විචිකිච්ඡා ද්වෙළ්හකං ද්වෙධාපථො සංසයො අනෙකංසගාහො ආසප්පනා පරිසප්පනා අපරියොගාහනා ථම්භිතත්තං චිත්තස්ස මනොවිලෙඛො, අයං වුච්චති වෙදනාපච්චයා විචිකිච්ඡා.
එහි වේදනාප්‍රත්‍යයෙන් විචිකිත්සා කවර යත්: යම් සැකයෙක් සැක කරන අයුරෙක් සැක කළ බවෙක් විමතියෙක් විචිකිත්සායෙක් ද්වෙළ්හකයෙක් ද්විධාපථයෙක් සංශයෙක් අනෛකාන්තග්‍රාහයෙක් (අරමුණෙන්) බැහැර යෑමෙක් (අරමුණ) අවට හැසිරීමෙක් (අරමුණට) නො බැසගැන්මෙක් චිත්තයාගේ තද බවෙක් මනෝවිලේඛයෙක් වේ ද, මේ ‘වේදනාප්‍රත්‍යයෙන් විචිකිත්සා’ යි කියනු ලැබේ.
තත්ථ කතමො විචිකිච්ඡාපච්චයා භවො: ඨපෙත්වා විචිකිච්ඡං වෙදනාක්ඛන්ධො සඤ්ඤාක්ඛන්ධො සඞ්ඛාරක්ඛන්ධො විඤ්ඤාණක්ඛන්ධො, අයං වුච්චති විචිකිච්ඡාපච්චයා භවො -පෙ- තෙන වුච්චති එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොතීති.
එහි විචිකිත්සාප්‍රත්‍යයෙන් භවය කවරෙ යත්: විචිකිත්සාව තබා වේදනාස්කන්‍ධ ය සංඥාස්කන්‍ධ ය සංස්කාරස්කන්‍ධ ය විඥානස්කන්‍ධ යි. මේ ‘විචිකිත්සාප්‍රත්‍යයෙන් භව’ යි කියනු ලැබේ. … එහෙයින් කියනු ලැබෙයි: ‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයෝ හොති’ යි.
394. කතමෙ ධම්මා අකුසලා: යස්මිං සමයෙ අකුසලං චිත්තං උප්පන්නං හොති උපෙක්ඛාසහගතං උද්ධච්චසම්පයුත්තං රූපාරම්මණං වා -පෙ- ධම්මාරම්මණං වා, යං යං වා පනාරබ්භ තස්මිං සමයෙ අවිජ්ජාපච්චයා සඞ්ඛාරො, සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං, විඤ්ඤාණපච්චයා නාමං, නාමපච්චයා ඡට්ඨායතනං, ඡට්ඨායතනපච්චයා ඵස්සො, ඵස්සපච්චයා වෙදනා, වෙදනාපච්චයා උද්ධච්චං, උද්ධච්චපච්චයා අධිමොක්ඛො, අධිමොක්ඛපච්චයා භවො, භවපච්චයා ජාති, ජාතිපච්චයා ජරාමරණං, එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති.
394. අකුශලධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක රූපාලම්බන වේවයි … ධර්මාලම්බන වේවයි යළි යම් යම් අරමුණක් හෝ ඇරැබැ උපේක්ෂා සහගත වූ ඖද්ධත්‍ය සම්ප්‍රයුක්ත වූ අකුසල්සිතෙක් උපදනේ වේ ද, එසමයෙහි අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරය වෙයි, සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්ශය වෙයි, ස්පර්ශප්රත්යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් ඖද්ධත්‍ය වෙයි, ඖද්ධත්‍යප්‍රත්‍යයෙන් අධිමෝක්ෂය වෙයි, අධිමෝක්‍ෂප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වේ. මෙසේ මේ සියලු දුඃඛරාශිහුගේ සමුදය වේ.
තත්ථ කතමා අවිජ්ජා: යං අඤ්ඤාණං අදස්සනං -පෙ- අවිජ්ජාලඞ්ගි මොහො අකුසලමූලං, අයං වුච්චති අවිජ්ජා -පෙ-
එහි අවිද්‍යා කවර යත්: යම් අඥානයෙක් අදර්‍ශනයෙක් … අවිද්‍යාපරිඝයෙක් මෝහ සඞ්ඛ්‍යාත අකුශල වූ මූලයෙක් වේ ද මේ ‘අවිද්‍යා’ යි කියනු ලැබේ.
තත්ථ කතමා ඵස්සපච්චයා වෙදනා: යං චෙතසිකං නෙවසාතං නාසාතං චෙතොසම්ඵස්සජං අදුක්ඛමසුඛං වෙදයිතං චෙතොසම්ඵස්සජා අදුක්ඛමසුඛා වෙදනා, අයං වුච්චති ඵස්සපච්චයා වෙදනා.
එහි ස්පර්ශප්රත්යයෙන් වේදනා කවර යත්: චෛතසික වූ නො ම සාත වූ අසාත නො වූ චේතෝසම්ඵස්සයෙන් උපන් අදුක්ඛමසුඛ වූ යම් වේදයිතයෙක් චේතෝසම්ඵස්සයෙන් උපන් අදුක්ඛමසුඛ වූ වේදනාවක් වේ ද, මේ ‘ස්පර්ශප්රත්යයෙන් වේදනා’ යි කියනු ලැබේ.
තත්ථ කතමං වෙදනාපච්චයා උද්ධච්චං: යං චිත්තස්ස උද්ධච්චං අවුපසමො චෙතසො වික්ඛෙපො භන්තත්තං චිත්තස්ස, ඉදං වුච්චති වෙදනාපච්චයා උද්ධච්චං.
එහි වේදනාප්‍රත්‍යයෙන් ඖද්ධත්‍ය කවරෙ යත්: චිත්තයාගේ යම් ඖද්ධත්යයෙක් අව්යුපශමයෙක් චිත්තයාගේ භ්‍රාන්ත බවෙක් වේ ද, මේ ‘වේදනාප්‍රත්‍යයෙන් ඖද්ධත්‍ය’ යි කියනු ලැබේ.
තත්ථ කතමො උද්ධච්චපච්චයා අධිමොක්ඛො: යො චිත්තස්ස අධිමොක්ඛො අධිමුච්චනා තදධිමුත්තතා, අයං වුච්චති උද්ධච්චපච්චයා අධිමොක්ඛො.
එහි ඖද්ධත්‍යප්‍රත්‍යයෙන් අධිමෝක්ෂය කවර යත්: චිත්තයාගේ යම් අධිමෝක්‍ෂයෙක් අධිමොක්ෂාකාරයෙක් එහි අධිමුක්ත බවෙක් වේ ද, මේ ‘ඖද්ධත්‍යප්‍රත්‍යයෙන් අධිමෝක්ෂ’ යි කියනු ලැබේ.
තත්ථ කතමො අධිමොක්ඛපච්චයා භවො: ඨපෙත්වා අධිමොක්ඛං වෙදනාක්ඛන්ධො සඤ්ඤාක්ඛන්ධො සඞ්ඛාරක්ඛන්ධො විඤ්ඤාණක්ඛන්ධො, අයං වුච්චති අධිමොක්ඛපච්චයා භවො -පෙ- තෙන වුච්චති එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොතීති.
එහි අධිමෝක්‍ෂප්‍රත්‍යයෙන් භවය කවරෙ යත්: අධිමෝක්ෂය තබා වේදනාස්කන්‍ධ ය සංඥාස්කන්‍ධ ය සංස්කාරස්කන්‍ධ ය විඥානස්කන්‍ධ යි. මේ ‘අධිමෝක්ෂත්යප්රත්යයෙන් භව’ යි කියනු ලැබේ. එහෙයින් කියනු ලැබෙයි. ‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයෝ හොති’ යි.