යෙදුමෙන් කියවන්න

අඤ‍්ඤමඤ‍්ඤචතුක‍්කං

383. තස‍්මිං සමයෙ අවිජ‍්ජාපච‍්චයා සඞ‍්ඛාරො සඞ‍්ඛාරපච‍්චයා’පි අවිජ‍්ජා, සඞ‍්ඛාරපච‍්චයා විඤ‍්ඤාණං විඤ‍්ඤාණපච‍්චයා’පි සඞ‍්ඛාරො, විඤ‍්ඤාණපච‍්චයා නාමං නාමපච‍්චයා’පි විඤ‍්ඤාණං, නාමපච‍්චයා ඡට‍්ඨායතනං ඡට‍්ඨායතනපච‍්චයා’පි නාමං, ඡට‍්ඨායතනපච‍්චයා ඵස‍්සො ඵස‍්සපච‍්චයා’පි ඡට‍්ඨායතනං, ඵස‍්සපච‍්චයා වෙදනා වෙදනාපච‍්චයා’පි ඵස‍්සො, වෙදනාපච‍්චයා තණ‍්හා තණ‍්හාපච‍්චයා’පි වෙදනා, තණ‍්හාපච‍්චයා උපාදානං උපාදානපච‍්චයා’පි තණ‍්හා, උපාදානපච‍්චයා භවො, භවපච‍්චයා ජාති, ජාතිපච‍්චයා ජරාමරණං. එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස සමුදයො හොති.

383. එසමයෙහි අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරය වෙයි, සංස්කාරප්‍රත්‍යයෙන් ද අවිද්‍යාව වෙයි. සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් ද සංස්කාරය වෙයි. විඥානප්‍රත්‍යයෙන් නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් ද විඥානය වෙයි. නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ද නාමය වෙයි. ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් ද ෂෂ්ඨායතනය වෙයි. ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් ද ස්පර්‍ශය වෙයි. වේදනාප්‍රත්‍යයෙන් තෘෂ්ණාව වෙයි, තෘෂ්ණා ප්‍රත්‍යයෙන් ද වේදනාව වෙයි. තෘෂ්ණාප්‍රත්‍යයෙන් උපාදානය වෙයි, උපාදානප්‍රත්‍යයෙන් ද තෘෂ්ණාව වෙයි. උපාදානප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාති ප්‍රත්‍යයෙන් ජරාමරණ වෙයි. මෙසේ මේ සියලු දුඃඛරාශිහුගේ සමුදය වේ.

තත්‍ථ කතමා අවිජ‍්ජා: යං අඤ‍්ඤාණං අදස‍්සනං -පෙ- අවිජ‍්ජාලඞ‍්ගි මොහො අකුසලමූලං, අයං වුච‍්චති අවිජ‍්ජා.

එහි අවිද්‍යා කවර යත්: යම් නො දැන්මෙක් නො දැක්මෙක් … අවිද්‍යාපරිඝයෙක් මෝහසඞ්ඛ්‍යාත අකුශලමූලයෙක් වේ ද, මේ අවිද්‍යා යි කියනු ලැබේ.

තත්‍ථ කතමො අවිජ‍්ජාපච‍්චයා සඞ‍්ඛාරො: යා චෙතනා සඤ‍්චෙතනා චෙතයිතත‍්තං, අයං වුච‍්චති අවිජ‍්ජාපච‍්චයා සඞ‍්ඛාරො. තත්‍ථ කතමා සඞ‍්ඛාරපච‍්චයා’පි අවිජ‍්ජා: යං අඤ‍්ඤාණං අදස‍්සනං -පෙ- අවිජ‍්ජාලඞ‍්ගි මොහො අකුසලමූලං, අයං වුච‍්චති සඞ‍්ඛාරපච‍්චයා’පි අවිජ‍්ජා.

එහි අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරය කවරෙ යත්: යම් චේතනාවක් සඤ්චේතනාවක් සිතන ලද බවෙක් වේ ද, මේ අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාර යයි කියනු ලැබේ. එහි සංස්කාර ප්‍රත්‍යයෙන් ද අවිද්‍යාව කවර යත්: යම් අඥානයෙක් අදර්‍ශනයෙක් … අවිද්‍යාපරිඝයෙක් මෝහසඞ්ඛ්‍යාත අකුශලමූලයෙක් වේ ද, මේ සංස්කාරප්‍රත්‍යයෙන් ද අවිද්‍යා යි කියනු ලැබේ.

තත්‍ථ කතමං සඞ‍්ඛාරපච‍්චයා විඤ‍්ඤාණං: යං චිත‍්තං මනො මානසං -පෙ- තජ‍්ජා මනොවිඤ‍්ඤාණධාතු, ඉදං වුච‍්චති සඞ‍්ඛාරපච‍්චයා විඤ‍්ඤාණං. තත්‍ථ කතමො විඤ‍්ඤාණපච‍්චයා’පි සඞ‍්ඛාරො: යා චෙතනා සඤ‍්චෙතනා චෙතයිතත‍්තං, අයං වුච‍්චති විඤ‍්ඤාණපච‍්චයා’පි සඞ‍්ඛාරො.

එහි සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය කවරෙ යත්: යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් … තදනුරූප වූ මනෝවිඥානධාතුයෙක් වේ ද, මේ සංස්කාරප්‍රත්‍යයෙන් විඥාන යයි කියනු ලැබේ. එහි විඥානප්‍රත්‍යයෙන් ද සංස්කාරය කවරෙ යත්: යම් චේතනාවක් සඤ්චේතනාවක් සිතන ලද බවෙක් වේ ද, මේ විඥානප්‍රත්‍යයෙන් ද සංස්කාර යි කියනු ලැබේ.

තත්‍ථ කතමං විඤ‍්ඤාණපච‍්චයා නාමං: වෙදනාක‍්ඛන්‍ධො සඤ‍්ඤාක‍්ඛන්‍ධො සඞ‍්ඛාරක‍්ඛන්‍ධො, ඉදං වුච‍්චති විඤ‍්ඤාණපච‍්චයා නාමං. තත්‍ථ කතමං නාමපච‍්චයා’පි විඤ‍්ඤාණං: යං චිත‍්තං මනො මානසං -පෙ- තජ‍්ජා මනොවිඤ‍්ඤාණධාතු, ඉදං වුච‍්චති නාමපච‍්චයා’පි විඤ‍්ඤාණං.

එහි විඥානප්‍රත්‍යයෙන් නාමය කවරෙ යත්: වේදනාස්කන්‍ධ ය සංඥාස්කන්‍ධ ය සංස්කාරස්කන්‍ධ යි, මේ විඥානප්‍රත්‍යයෙන් නාම යයි කියනු ලැබේ, එහි නාම ප්‍රත්‍යයන් ද විඥානය කවරෙ යත්: යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් … තදනුරූප වූ මනෝවිඥානධාතුයෙක් වේ ද, මේ නාමප්‍රත්‍යයෙන් ද විඥාන යයි කියනු ලැබේ.

තත්‍ථ කතමං නාමපච‍්චයා ඡට‍්ඨායතනං: යං චිත‍්තං මනො මානසං -පෙ- තජ‍්ජා මනොවිඤ‍්ඤාණධාතු, ඉදං වුච‍්චති නාමපච‍්චයා ඡට‍්ඨායතනං. තත්‍ථ කතමං ඡට‍්ඨායතනපච‍්චයා’පි නාමං: වෙදනාක‍්ඛන්‍ධො සඤ‍්ඤාක‍්ඛන්‍ධො සඞ‍්ඛාරක‍්ඛන්‍ධො, ඉදං වුච‍්චති ඡට‍්ඨායතනපච‍්චයා’පි නාමං.

එහි නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය කවරෙ යත්: යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් … තදනුරූප වූ මනෝවිඥානධාතුයෙක් වේ ද, මේ නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතන යයි කියනු ලැබේ, එහි ෂෂ්ඨායතනප්‍රත්‍යයෙනු දු නාමය කවරෙ යත්: වේදනාස්කන්‍ධ ය සංඥාස්කන්‍ධ ය සංස්කාරස්කන්‍ධ යි, මේ ෂෂ්ඨායතනප්‍රත්‍යයෙනුදු නාම යයි කියනු ලැබේ.

තත්‍ථ කතමං ඡට‍්ඨායතනපච‍්චයා ඵස‍්සො: යො ඵස‍්සො ඵුසනා සම‍්ඵුසනා සම‍්ඵුසිතත‍්තං, අයං වුච‍්චති ඡට‍්ඨායතනපච‍්චයා ඵස‍්සො. තත්‍ථ කතමං ඵස‍්සපච‍්චයා’පි ඡට‍්ඨායතනං: යං චිත‍්තං මනො මානසං -පෙ- තජ‍්ජා මනොවිඤ‍්ඤාණධාතු, ඉදං වුච‍්චති ඵස‍්සපච‍්චයා’පි ඡට‍්ඨායතනං.

එහි ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශය කවරෙ යත්: යම් ස්පර්‍ශයෙක් ස්පර්‍ශාකාරයෙක් සංස්පර්‍ශාකාරයෙක් ස්පර්‍ශ කළ බවෙක් වේ ද, මේ ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශයයි කියනු ලැබේ. එහි ස්පර්‍ශප්‍රත්‍යයෙනු දු ෂෂ්ඨායතනය කවරෙ යත්: යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් … තදනුරූප වූ මනෝවිඥානධාතුයෙක් වේ ද, මේ ස්පර්‍ශප්‍රත්‍යයෙනුදු ෂෂ්ඨායතන යයි කියනු ලැබේ.

තත්‍ථ කතමා ඵස‍්සපච‍්චයා වෙදනා: යං චෙතසිකං සාතං චෙතසිකං සුඛං චෙතොසම‍්ඵස‍්සජං සාතං සුඛං වෙදයිතං චෙතොසම‍්ඵස‍්සජා සාතා සුඛා වෙදනා, අයං වුච‍්චති ඵස‍්සපච‍්චයා වෙදනා. තත්‍ථ කතමො වෙදනාපච‍්චයා’පි ඵස‍්සො: යො ඵස‍්සො ඵුසනා සම‍්ඵුසනා සම‍්ඵුසිතත‍්තං, අයං වුච‍්චති වෙදනාපච‍්චයා’පි ඵස‍්සො.

එහි ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව කවර යත්: යම් චෛතසික වූ සාතයෙක් චෛතසික වූ සුඛයෙක් චේතෝසම්ඵස්සජ සාත - සුඛ - වේදයිතයෙක් චේතෝසම්ඵසස්ජ සාත - සුඛ - වේදනායෙක් වේ ද, මේ ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනා යයි කියනු ලැබේ. එහි වේදනාප්‍රත්‍යයෙනු දු ස්පර්‍ශය කවරෙ යත්: යම් ස්පර්‍ශයෙක් ස්පර්‍ශාකාරයෙක් සංස්පර්‍ශාකාරයෙක් ස්පර්‍ශ කළ බවෙක් වේ ද, මේ වේදනා ප්‍රත්‍යයෙනු දු ස්පර්‍ශ යයි කියනු ලැබේ.

තත්‍ථ කතමා වෙදනාපච‍්චයා තණ‍්හා: යො රාගො සාරාගො -පෙ- චිත‍්තස‍්ස සාරාගො, අයං වුච‍්චති වෙදනාපච‍්චයා තණ‍්හා. තත්‍ථ කතමා තණ‍්හාපච‍්චයා’පි වෙදනා: යං චෙතසිකං සාතං චෙතසිකං සුඛං චෙතොසම‍්ඵස‍්සජං සාතං සුඛං වෙදයිතං චෙතොසම‍්ඵස‍්සජා සාතා සුඛා වෙදනා, අයං වුච‍්චති තණ‍්හාපච‍්චයා’පි වෙදනා.

එහි වේදනාප්‍රත්‍යයෙන් තෘෂ්ණාව කවර යත්: යම් රාගයෙක් බලවත් රාගයෙක් … චිත්තයාගේ බලවත් රාගයෙක් වේ ද, මේ වේදනාප්‍රත්‍යයෙන් තෘෂ්ණා යි කියනු ලැබේ. එහි තෘෂ්ණාප්‍රත්‍යයෙනුදු වේදනාව කවර යත්: යම් චෛතසික වූ සාතයෙක් චෛතසික වූ සුඛයෙක් චේතෝසම්ඵස්සජ සාත - සුඛ - වේදයිතයෙක් චේතෝසම්ඵස්සජ සාත - සුඛ - වේදනායෙක් වේ ද, මේ තෘෂ්ණාප්‍රත්‍යයෙන් ද වේදනා යි කියනු ලැබේ.

තත්‍ථ කතමං තණ‍්හාපච‍්චයා උපාදානං: යා දිට‍්ඨි දිට‍්ඨිගතං -පෙ- තිත්‍ථායතනං විපරියෙසගාහො, ඉදං වුච‍්චති තණ‍්හාපච‍්චයා උපාදානං. තත්‍ථ කතමා උපාදානපච‍්චයා’පි තණ‍්හා, යො රාගො -පෙ- චිත‍්තස‍්ස සාරාගො, අයං වුච‍්චති උපාදානපච‍්චයා’පි තණ‍්හා.

එහි තෘෂ්ණාප්‍රත්‍යයෙන් උපාදානය කවරෙ යත්: යම් දෘෂ්ටියක් දෘෂ්ටිගතයෙක් … තීර්‍ත්‍ථායතනයෙක් විපරීතග්‍රාහයෙක් වේ ද, මේ තෘෂ්ණාප්‍රත්‍යයෙන් උපාදාන යයි කියනු ලැබේ. එහිඋපාදානප්‍රත්‍යයනුදු තෘෂ්ණාව කවර යත්: යම් රාගයෙක් … චිත්තයාගේ බලවත් රාගයෙක් වේ ද, මේ උපාදානප්‍රත්‍යයෙනුදු තෘෂ්ණා යි කියනු ලැබේ.

තත්‍ථ කතමො උපාදානපච‍්චයා භවො: ඨපෙත්‍ථා උපාදානං, වෙදනාක‍්ඛන්‍ධො සඤ‍්ඤාක‍්ඛන්‍ධො සඞ‍්ඛාරක‍්ඛන්‍ධො විඤ‍්ඤාණක‍්ඛන්‍ධො, අයං වුච‍්චති උපාදානපච‍්චයා භවො.

එහි උපාදානප්‍රත්‍යයෙන් භවය කවරෙ යත්: උපාදානය තබා වේදනාස්කන්‍ධ ය සංඥාස්කන්‍ධ ය සංස්කාරස්කන්‍ධ ය විඥානස්කන්‍ධ යි, මේ උපාදානප්‍රත්‍යයෙන් භවය යි කියනු ලැබේ.

තත්‍ථ කතමා භවපච‍්චයා ජාති: යා තෙසං තෙසං ධම‍්මානං ජාති සඤ‍්ජාති නිබ‍්බත‍්ති අභිනිබ‍්බත‍්ති පාතුභාවො, අයං වුච‍්චති භවපච‍්චයා ජාති.

එහි භවප්‍රත්‍යයෙන් ජාතිය කවර යත්: ඒ ඒ ධර්‍මයන්ගේ යම් ජාතියෙක් සංජාතියෙක් නිර්‍වෘතියෙක් අභිනිර්‍වෘතියෙක් ප්‍රාදුර්‍භාවයෙක් වේ ද, මේ භවප්‍රත්‍යයෙන් ජාති යයි කියනු ලැබේ.

තත්‍ථ කතමං ජාතිපච‍්චයා ජරාමරණං: අත්‍ථි ජරා අත්‍ථි මරණං. තත්‍ථ කතමා ජරා: යා තෙසං තෙසං ධම‍්මානං ජරා ජීරණතා ආයුනො සංහානි, අයං වුච‍්චති ජරා. තත්‍ථ කතමං මරණං: යො තෙසං තෙසං ධම‍්මානං ඛයො වායො භෙදො පරිභෙදො අනිච‍්චතා අන‍්තරධානං, ඉදං වුච‍්චති මරණං. ඉති අයඤ‍්ච ජරා ඉදඤ‍්ච මරණං, ඉදං වුච‍්චති ජාතිපච‍්චයා ජරාමරණං.

එහි ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ කවරෙ යත්: ජරායෙක් ඇත, මරණයෙක් ඇති. එහි ජරා කවර යත්: ඒ ඒ ධර්‍මයන්ගේ යම් ජරාවක් දිරන බවෙක් ආයුෂයාගේ පිරිහීමෙක් වේ ද, මේ ජරා යි කියනු ලැබේ. එහි මරණ කවරෙ යත්: ඒ ඒ ධර්‍මයන්ගේ යම් ක්‍ෂය වීමෙක් ව්‍යය වීමෙක් භෙදයෙක් පරිභේදයෙක් අනිත්‍යතායෙක් අන්තර්‍ධානයෙක් වේ ද, මේ මරණ යි කියනු ලැබේ. මෙසේ මේ ජරාව ද, මේ මරණය ද යන මේ ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ යි කියනු ලැබේ.

එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස සමුදයො හොතීති එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස සඞ‍්ගති හොති, සමාගමො හොති, සමොධානං හොති, පාතුභාවො හොති, තෙන වුච‍්චති “එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස සමුදයො හොතී”ති.

“එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති” යනු: මෙසේ මේ සියලු දුඃඛසමූහයාගේ එක්වීම වෙයි, සමාගමය වෙයි, සමවධානය වෙයි, ප්‍රාදුර්‍භාවය වේ. එයින් කියනු ලැබෙයි: “එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති” යී.

384. තස‍්මිං සමයෙ අවිජ‍්ජාපච‍්චයා සඞ‍්ඛාරො සඞ‍්ඛාරපච‍්චයා’පි අවිජ‍්ජා, සඞ‍්ඛාරපච‍්චයා විඤ‍්ඤාණං විඤ‍්ඤාණපච‍්චයා’පි සඞ‍්ඛාරො, විඤ‍්ඤාණපච‍්චයා නාමං නාමපච‍්චයා’පි විඤ‍්ඤාණං, නාමපච‍්චයා ඵස‍්සො ඵස‍්සපච‍්චයා’පි නාමං, ඵස‍්සපච‍්චයා වෙදනා වෙදනාපච‍්චයා’පි ඵස‍්සො, වෙදනාපච‍්චයා තණ‍්හා තණ‍්හාපච‍්චයා’පි වෙදනා. තණ‍්හාපච‍්චයා උපාදානං උපාදානපච‍්චයා’පි තණ‍්හා, උපාදානපච‍්චයා භවො, භවපච‍්චයා ජාති, ජාතිපච‍්චයා ජරාමරණං, එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස සමුදයො හොති.

384. එසමයෙහි අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරය වෙයි, සංස්කාරප්‍රත්‍යයෙන් ද අවිද්‍යාව වෙයි, සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් ද සංස්කාරය වෙයි, විඥාන ප්‍රත්‍යයෙන් නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් ද විඥානය වෙයි, නාමප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් ද නාමය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, වේදනා ප්‍රත්‍යයෙන් ද ස්පර්‍ශය වෙයි, වේදනාප්‍රත්‍යයෙන් තෘෂ්ණාව වෙයි, තෘෂ්ණාප්‍රත්‍යයෙන් ද වේදනාව වෙයි, තෘෂ්ණාප්‍රත්‍යයෙන් උපාදානය වෙයි, උපාදානප්‍රත්‍යයෙන් ද තෘෂ්ණාව වෙයි, උපාදානප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වෙයි. මෙසේ මේ සියලු දුඃඛරාශිහුගේ සමුදය වේ.

තත්‍ථ කතමා අවිජ‍්ජා: යං අඤ‍්ඤාණං අදස‍්සනං -පෙ- අවිජ‍්ජාලඞ‍්ගි මොහො අකුසලමූලං, අයං වුච‍්චති අවිජ‍්ජා.

එහි අවිද්‍යා කවර යත්: යම් නො දැන්මෙක් නො දැක්මෙක් … අවිද්‍යාපරිඝයෙක් මෝහ සඞ්ඛ්‍යාත අකුශලමූලයෙක් වේ ද, මේ අවිද්‍යා යි කියනු ලැබේ.

තත්‍ථ කතමො අවිජ‍්ජාපච‍්චයා සඞ‍්ඛාරො: යා චෙතනා සඤ‍්චෙතනා චෙතයිතත‍්තං, අයං වුච‍්චති අවිජ‍්ජාපච‍්චයා සඞ‍්ඛාරො: තත්‍ථ කතමා සඞ‍්ඛාරපච‍්චයා’පි අවිජ‍්ජා: යං අඤ‍්ඤාණං අදස‍්සනං -පෙ- අවිජ‍්ජාලඞ‍්ගි මොහො අකුසලමූලං, අයං වුච‍්චති සඞ‍්ඛාරපච‍්චයා’පි අවිජ‍්ජා.

එහි අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරය කවරෙ යත්: යම් චේතනාවක් සඤ්චේතනාවක් සිතන ලද බවෙක් වේ ද, මේ අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාර යි කියනු ලැබේ. එහි සංස්කාර ප්‍රත්‍යයෙන් ද අවිද්‍යාව කවර යත්: යම් නො දැන්මෙක් නො දැක්මෙක් … අවිද්‍යාපරිඝයෙක් මෝහසඞ්ඛ්‍යාත අකුශලමූලයෙක් වේ ද, මේ සංස්කාරප්‍රත්‍යයෙන් ද අවිද්‍යා යි කියනු ලැබේ.

තත්‍ථ කතමං සඞ‍්ඛාරපච‍්චයා විඤ‍්ඤාණං: යං චිත‍්තං මනො මානසං -පෙ- තජ‍්ජා මනොවිඤ‍්ඤාණධාතු, ඉදං වුච‍්චති සඞ‍්ඛාරපච‍්චයා විඤ‍්ඤාණං. තත්‍ථ කතමො විඤ‍්ඤාණපච‍්චයා’පි සඞ‍්ඛාරො, යා චෙතනා සඤ‍්චෙතනා චෙතයිතත‍්තං, අයං වුච‍්චති විඤ‍්ඤාණපච‍්චයා’පි සඞ‍්ඛාරො.

එහි සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය කවරෙ යත්: යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් … තදනුරූප වූ මනෝවිඥානධාතුයෙක් වේ ද, මේ සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය යි කියනු ලැබේ. එහි විඥානප්‍රත්‍යයෙන් ද සංස්කාරය කවරෙ යත්: යම් චේතනාවක් සඤ්චේතනාවක් සිතන ලද බවෙක් වේ ද, මේ විඥානප්‍රත්‍යයෙන් ද සංස්කාර යි කියනු ලැබේ.

තත්‍ථ කතමං විඤ‍්ඤාණපච‍්චයා නාමං: වෙදනාක‍්ඛන්‍ධො සඤ‍්ඤාක‍්ඛන්‍ධො සඞ‍්ඛාරක‍්ඛන්‍ධො, ඉදං වුච‍්චති විඤ‍්ඤාණපච‍්චයා නාමං. තත්‍ථ කතමං නාමපච‍්චයා’පි විඤ‍්ඤාණං: යං චිත‍්තං මනො මානසං -පෙ- තජ‍්ජා මනොවිඤ‍්ඤාණධාතු, ඉදං වුච‍්චති නාමපච‍්චයා’පි විඤ‍්ඤාණං

එහි විඥානප්‍රත්‍යයෙන් නාමය කවරෙ යත්: වේදනාස්කන්‍ධ ය සංඥාස්කන්‍ධ ය සංස්කාරස්කන්‍ධ යි. මේ විඥානප්‍රත්‍යයෙන් නාම යයි කියනු ලැබේ. එහි නාමප්‍රත්‍යයෙන් ද විඥානය කවරෙ යත්: යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් … තදනුරූප වූ මනෝවිඥානධාතුයෙක් වේ ද, මේ නාමප්‍රත්‍යයෙන් ද විඥාන යි කියනු ලැබේ.

නාමපච‍්චයා ඵස‍්සොති: තත්‍ථ කතමං නාමං: ඨපෙත්‍වා ඵස‍්සං වෙදනාක‍්ඛන්‍ධො සඤ‍්ඤාක‍්ඛන්‍ධො සඞ‍්ඛාරක‍්ඛන්‍ධො විඤ‍්ඤාණක‍්ඛන්‍ධො, ඉදං වුච‍්චති නාමං. තත්‍ථ කතමො නාමපච‍්චයා ඵස‍්සො: යො ඵස‍්සො ඵුසනා සම‍්ඵුසනා සම‍්ඵුසිතත‍්තං, අයං වුච‍්චති නාමපච‍්චයා ඵස‍්සො. තත්‍ථ කතමං ඵස‍්සපච‍්චයා’පි නාමං: වෙදනාක‍්ඛන්‍ධො සඤ‍්ඤාක‍්ඛන්‍ධො සඞ‍්ඛාරක‍්ඛන්‍ධො විඤ‍්ඤාණක‍්ඛන්‍ධො, ඉදං වුච‍්චති ඵස‍්සපච‍්චයා’පි නාමං -පෙ- තෙන වුච‍්චති “එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස සමුදයො හොතී”ති.

නාමප්‍රත්‍යයෙන් ස්පර්‍ශය යනු: එහි නාම කවරෙ යත්: ස්පර්‍ශය තබා වේදනා ස්කන්‍ධ ය සංඥාස්කන්‍ධ ය සංස්කාරස්කන්‍ධ ය විඥානස්කන්‍ධ යි, මේ නාම යයි කියනු ලැබේ. එහි නාමප්‍රත්‍යයෙන් ස්පර්‍ශය කවරෙ යත්: යම් ස්පර්‍ශයෙක් ස්පර්‍ශ කරන අයුරෙක් මොනොවට ස්පර්‍ශ කරන අයුරෙක් මොනොවට ස්පර්‍ශ කළ බවෙක් වේ ද, මේ නාමප්‍රත්‍යයෙන් ස්පර්‍ශ යයි කියනු ලැබේ. එහි ස්පර්‍ශප්‍රත්‍යයෙන් ද නාම කවරෙ යත්: වේදනාස්කන්‍ධ ය සංඥාස්කන්‍ධ ය සංස්කාරස්කන්‍ධ ය විඥානස්කන්‍ධ යි, මේ ස්පර්‍ශප්‍රත්‍යයෙන් ද නාම යයි කියනු ලැබේ. … එහෙයින් “එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති” යි කියනු ලැබේ.

385. තස‍්මිං සමයෙ අවිජ‍්ජාපච‍්චයා සඞ‍්ඛාරො සඞ‍්ඛාරපච‍්චයා’පි අවිජ‍්ජා, සඞ‍්ඛාරපච‍්චයා විඤ‍්ඤාණං විඤ‍්ඤාණපච‍්චයා’පි සඞ‍්ඛාරො, විඤ‍්ඤාණපච‍්චයා නාමරූපං නාමරූපපච‍්චයා’පි විඤ‍්ඤාණං, නාමරූපපච‍්චයා ඡට‍්ඨායතනං ඡට‍්ඨායතනපච‍්චයා’පි නාමරූපං, ඡට‍්ඨායයතනපච‍්චයා ඵස‍්සො ඵස‍්සපච‍්චයා’පි ඡට‍්ඨායතනං, ඵස‍්සපච‍්චයා වෙදනා වෙදනාපච‍්චයා’පි ඵස‍්සො, වෙදනාපච‍්චයා තණ‍්හා තණ‍්හාපච‍්චයා’පි වෙදනා. තණ‍්හාපච‍්චයා උපාදානං උපාදානපච‍්චයා’පි තණ‍්හා, උපාදානපච‍්චයා භවො, භවපච‍්චයා ජාති, ජාතිපච‍්චයා ජරාමරණං, එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස සමුදයො හොති.

385. එසමයෙහි අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරය වෙයි, සංස්කාරප්‍රත්‍යයෙන් ද අවිද්‍යාව වෙයි, සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් ද සංස්කාරය වෙයි, විඥානප්‍රත්‍යයෙන් නාමරූපය වෙයි, නාමරූපප්‍රත්‍යයෙන් ද විඥානය වෙයි, නාමරූපප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ද නාමරූපය වෙයි, ෂෂ්ඨාතයනප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් ද ෂෂ්ඨායතනය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනා වෙයි, වේදනාප්‍රත්‍යයෙන් ද වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් තෘෂ්ණාව වෙයි, තෘෂ්ණාප්‍රත්‍යයෙන් වේදනාව වෙයි, තෘෂ්ණාප්‍රත්‍යයෙන් උපාදානය වෙයි, උපාදානප්‍රත්‍යයෙන් ද තෘෂ්ණාව වෙයි, උපාදානප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වෙයි. මෙසේ මේ සියලු දුඃඛරාශිහුගේ සමුදය වේ.

තත්‍ථ කතමා අවිජ‍්ජා: යං අඤ‍්ඤාණං අදස‍්සනං -පෙ- අවිජ‍්ජාලඞ‍්ගි මොහො අකුසලමූලං, අයං වුච‍්චති අවිජ‍්ජා.

එහි අවිද්‍යා කවර යත්: යම් නො දැන්මෙක් නො දැක්මෙක් … අවිද්‍යාපරිඝයෙක් මෝහසඞ්ඛ්‍යාත අකුශලමූලයෙක් වේ ද, මේ අවිද්‍යා යි කියනු ලැබේ.

තත්‍ථ කතමො අවිජ‍්ජාපච‍්චයා සඞ‍්ඛාරො: යා චෙතනා සඤ‍්චෙතනා චෙතයිතත‍්තං, අයං වුච‍්චති අවිජ‍්ජාපච‍්චයා සඞ‍්ඛාරො. තත්‍ථ කතමා සඞ‍්ඛාරපච‍්චයා’පි අවිජ‍්ජා: යං අඤ‍්ඤාණං අදස‍්සනං -පෙ- අවිජ‍්ජාලඞ‍්ගි මොහො අකුසලමූලං, අයං වුච‍්චති සඞ‍්ඛාරපච‍්චයා’පි අවිජ‍්ජා.

එහි අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරය කවරෙ යත්: යම් චේතනාවක් සඤ්චේතනාවක් සිතන ලද බවෙක් වේ ද, මේ අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාර යි කියනු ලැබේ. එහි සංස්කාර ප්‍රත්‍යයෙන් ද අවිද්‍යා කවර යත්: යම් නො දැන්මෙක් නො දැක්මෙක් … අවිද්‍යාපරිඝයෙක් මෝහසඞ්ඛ්‍යාත අකුශලමූලයෙක් වේ ද, මේ සංස්කාරප්‍රත්‍යයෙන් ද අවිද්‍යා යි කියනු ලැබේ.

තත්‍ථ කතමං සඞ‍්ඛාරපච‍්චයා විඤ‍්ඤාණං: යං චිත‍්තං මනො මානසං -පෙ- තජ‍්ජා මනොවිඤ‍්ඤාණධාතු, ඉදං වුච‍්චති සඞ‍්ඛාරපච‍්චයා විඤ‍්ඤාණං. තත්‍ථ කතමො විඤ‍්ඤාණපච‍්චයා’පි සඞ‍්ඛාරො, යා චෙතනා සඤ‍්චෙතනා චෙතයිතත‍්තං, අයං වුච‍්චති විඤ‍්ඤාණපච‍්චයා’පි සඞ‍්ඛාරො.

එහි සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය කවරෙ යත්: යම් සිතෙක් මනසෙක් මානසයෙක් …තදනුරූප වූ මනෝවිඥානධාතුයෙක් වේ ද, මේ සංස්කාරප්‍රත්‍යයෙන් විඥාන යි කියනු ලැබේ. එහි විඥානප්‍රත්‍යයෙන් ද සංස්කාර කවරෙ යත්: යම් චේතනාවක් සඤ්චේතනාවක් සිතන ලද බවෙක් වේ ද, මේ විඥාන ප්‍රත්‍යයෙන් ද සංස්කාර යි කියනු ලැබේ.

තත්‍ථ කතමං විඤ‍්ඤාණපච‍්චයා නාමරූපං: අත්‍ථි නාමං, අත්‍ථි රූපං. තත්‍ථ කතමං නාමං: වෙදනාක‍්ඛන්‍ධො සඤ‍්ඤාක‍්ඛන්‍ධො සඞ‍්ඛාරක‍්ඛන්‍ධො, ඉදං වුච‍්චති නාමං. තත්‍ථ කතමං රූපං. චක‍්ඛායතනස‍්ස උපචයො -පෙ- කායායතනස‍්ස උපචයො යං වා පනඤ‍්ඤම‍්පි අත්‍ථි රූපං චිත‍්තජං චිත‍්තහෙතුකං චිත‍්තසමුට‍්ඨානං, ඉදං වුච‍්චති රූපං. ඉති ඉදඤ‍්ච නාමං, ඉදංච රූපං, ඉදං වුච‍්චති විඤ‍්ඤාණපච‍්චයා නාමරූපං. නාමරූපපච‍්චයාපි විඤ‍්ඤාණන‍්ති, අත්‍ථි නාමං, අත්‍ථි රූපං, තත්‍ථ කතමං නාමං: වෙදනාක‍්ඛන්‍ධො සඤ‍්ඤාක‍්ඛන්‍ධො සඞ‍්ඛාරක‍්ඛන්‍ධො, ඉදං වුච‍්චති නාමං, තත්‍ථ කතමං රූපං: යං රූපං නිස‍්සාය මනොවිඤ‍්ඤාණධාතු වත‍්තති, ඉදං වුච‍්චති රූපං, ඉති ඉදඤ‍්ච නාමං ඉදඤ‍්ච රූපං, ඉදං වුච‍්චති නාමරූපං: තත්‍ථ කතමං නාමරූපපච‍්චයාපි විඤ‍්ඤාණං: යං චිත‍්තං මනො මානසං -පෙ- තජ‍්ජා මනොවිඤ‍්ඤාණධාතු ඉදං වුච‍්චති නාමරූපපච‍්චයා’පි විඤ‍්ඤාණං.

එහි විඥානප්‍රත්‍යයෙන් නාමරූපය කවරෙ යත්: නාමයෙක් ඇත, රූපයෙක් ඇති. එහි නාමය කවරෙ යත්: වේදනාස්කන්‍ධ ය, සංඥාස්කන්‍ධ ය, සංස්කාරස්කන්‍ධ යි, මේ ‘නාම’ යි කියනු ලැබේ. එහි රූපය කවරෙ යත්: චක්‍ෂුරායතනයාගේ ඉපැද්මෙක් … කායායතනයාගේ ඉපැද්මෙක් වේ ද, යළි අන්‍ය වූ ද චිත්තජ වූ චිත්තහේතුක වූ චිත්තසමුත්‍ථාන වූ යම් රූපයෙක් හෝ ඇද්ද, මේ ‘රූප’ යි කියනු ලැබේ. මෙසේ මේ නාමය ද මේ රූපය දැ යි මේ විඥානප්‍රත්‍යයෙන් ‘නාමරූප’ යි කියනු ලැබේ. නාමරූප ප්‍රත්‍යයෙන් ද විඥාන යනු: නාමයෙක් ඇත, රූපයෙක් ඇති. එහි නාමය කවරෙ යත්: වේදනාස්කන්‍ධ ය, සංඥාස්කන්‍ධ ය, සංස්කාරස්කන්‍ධ යි, මේ නාම යයි කියනු ලැබේ. එහි රූපය කවරෙ යත්: යම් රූපයක් නිසා මනෝවිඥානධාතුව පවතී ද මේ රූප යයි කියනු ලැබේ. මෙසේ මේ නාමය ද මේ රූපය දැ යි මේ නාමරූප යි කියනු ලැබේ. එහි නාමරූපප්‍රත්‍යයෙන් ද විඥානය කවරෙ යත්: යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් … තදනුරූප වූ මනෝවිඥානධාතුයෙක් වේ ද, මේ නාමරූපප්‍රත්‍යයෙන් ද විඥාන යි කියනු ලැබේ.

නාමරූපච‍්චයා ඡට‍්ඨායතනන‍්ති, අත්‍ථි නාමං, අත්‍ථි රූපං. තත්‍ථ කතමං නාමං: වෙදනාක‍්ඛන්‍ධො සඤ‍්ඤාක‍්ඛන්‍ධො සඞ‍්ඛාරක‍්ඛන්‍ධො, ඉදං වුච‍්චති නාමං. තත්‍ථ කතමං රූපං: යං රූපං නිස‍්සාය මනොවිඤ‍්ඤාණධාතු වත‍්තති, ඉදං වුච‍්චති රූපං, ඉති ඉදඤ‍්ච නාමං, ඉදඤ‍්ච රූපං, ඉදං වුච‍්චති නාමරූපං. තත්‍ථ කතමං නාමරූපපච‍්චයා ඡට‍්ඨායතනං: යං චිත‍්තං මනො මානසං -පෙ- තජ‍්ජා මනොවිඤ‍්ඤාණධාතු, ඉදං වුච‍්චති නාමරූපපච‍්චයා ඡට‍්ඨායතනං. තත්‍ථ කතමං ඡට‍්ඨායතනපච‍්චයා’පි නාමරූපං: අත්‍ථි නාමං, අත්‍ථි රූපං. තත්‍ථ කතමං නාමං: වෙදනාක‍්ඛන්‍ධො සඤ‍්ඤාක‍්ඛන්‍ධො සඞ‍්ඛාරක‍්ඛන්‍ධො, ඉදං වුච‍්චති නාමං. තත්‍ථ කතමං රූපං : චක‍්ඛායතනස‍්ස උපචයො -පෙ- කායායතනස‍්ස උපචයො, යං වා පනඤ‍්ඤම‍්පි අත්‍ථි රූපං චිත‍්තජං චිත‍්තහෙතුකං චිත‍්තසමුට‍්ඨානං, ඉදං වුච‍්චති රූපං. ඉති ඉදඤ‍්ච නාමං, ඉදඤ‍්ච රූපං, ඉදං වුච‍්චති ඡට‍්ඨායතනපච‍්චයාපි නාමරූපං.

නාමරූපප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතන යනු: නාමයෙක් ඇත, රූපයෙක් ඇති. එහි නාමය කවරෙ යත්: වේදනාස්කන්‍ධ ය සංඥාස්කන්‍ධ ය සංස්කාරස්කන්‍ධ යි, මේ නාම යයි කියනු ලැබේ. එහි රූපය කවරෙ යත්: යම් රූපයක් නිසා මනෝවිඥානධාතුව පවතී ද, මේ ‘රූප’ යි කියනු ලැබේ. මෙසේ මේ නාමය ද මේ රූපය දැ යි මේ ‘නාමරූප’ යි කියනු ලැබේ. එහි නාමරූපප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතන කවරෙ යත්: යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් … තදනුරූප වූ මනෝවිඥානධාතුයෙක් වේ ද, මේ නාමරූපප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතන යි කියනු ලැබේ. එහි ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ද නාමරූපය කවර යත්: නාමයෙක් ඇත. රූපයෙක් ඇති. එහි නාමය කවරෙ යත්:වේදනාස්කන්‍ධය, සංඥාස්කන්‍ධ ය සංස්කාරස්කන්‍ධ යි, මේ ‘නාම’ යයි කියනු ලැබේ. එහි රූපය කවරෙ යත්: චක්‍ෂුරායතනාගේ ඉපැද්මෙක් … කායායතනයාගේ ඉපැද්මෙක් වේ ද, යළි අන්‍ය වූ ද චිත්තජ වූ චිත්තහේතුක වූ චිත්තසමුත්‍ථාන වූ යම් රූපයෙක් හෝ ඇද්ද, මේ ‘රූප’ යි කියනු ලැබේ. මෙසේ මේ නාමය ද මේ රූපය දැ යි මේ ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ද නාමරූප යයි කියනු ලැබේ.

තත්‍ථ කතමො ඡට‍්ඨායතනපච‍්චයා ඵස‍්සො: යො ඵස‍්සො ඵුසනා සම‍්ඵුසනා සම‍්ඵුසිතත‍්තං, අයං වුච‍්චති ඡට‍්ඨායතනපච‍්චයා ඵස‍්සො: තත්‍ථ කතමං ඵස‍්සපච‍්චයා’පි ඡට‍්ඨායතනං: යං චිත‍්තං මනො මානසං -පෙ- තජ‍්ජා මනොවිඤ‍්ඤාණධාතු, ඉදං වුච‍්චති ඵස‍්සපච‍්චයා’පි ඡට‍්ඨායතනං -පෙ- තෙන වුච‍්චති ‘එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස සමුදයො හොතී’ති.

එහි ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශ කවරෙ යත්: යම් ස්පර්‍ශයෙක් ස්පර්‍ශාකාරයෙක් මොනොවට ස්පර්‍ශ කරන අයුරෙක් මොනොවට ස්පර්‍ශ කළ බවෙක් වේ ද, මේ ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශ යි කියනු ලැබේ. එහි ස්පර්‍ශප්‍රත්‍යයෙන් ද ෂෂ්ඨායතනය කවරෙ යත්: යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් … තදනුරූප වූ මනෝවිඥාන ධාතුයෙක් වේ ද, මේ ස්පර්‍ශප්‍රත්‍යයෙන් ද ෂෂ්ඨායතන යයි කියනු ලැබේ. එහෙයින් කියනු ලැබෙයි: ‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති’ යි.

386. තස‍්මිං සමයෙ අවිජ‍්ජාපච‍්චයා සඞ‍්ඛාරො සඞ‍්ඛාරපච‍්චයා’පි අවිජ‍්ජා, සඞ‍්ඛාරපච‍්චයා විඤ‍්ඤාණං විඤ‍්ඤාණපච‍්චයා’පි සඞ‍්ඛාරො, විඤ‍්ඤාණපච‍්චයා නාමරූපං නාමරූපපච‍්චයා’පි විඤ‍්ඤාණං, නාමරූපපච‍්චයා සළායතනං, ඡට‍්ඨායතනපච‍්චයා’පි නාමරූපං, ඡට‍්ඨායතනපච‍්චයා ඵස‍්සො ඵස‍්සපච‍්චයා’පි ඡට‍්ඨායතනං, ඵස‍්සපච‍්චයා වෙදනා වෙදනාපච‍්චයා’පි ඵස‍්සො, වෙදනාපච‍්චයා තණ‍්හා තණ‍්හාපච‍්චයා’පි වෙදනා, තණ‍්හාපච‍්චයා උපාදානං උපාදානපච‍්චයා’පි තණ‍්හා, උපාදානපච‍්චයා භවො, භවපච‍්චයා ජාති, ජාතිපච‍්චයා ජරාමරණං, එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස සමුදයො හොති.

386. එසමයෙහි අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරය වෙයි, සංස්කාරප්‍රත්‍යයෙන් ද අවිද්‍යාව වෙයි, සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් ද සංස්කාරය වෙයි. විඥානප්‍රත්‍යයෙන් නාමරූප වෙයි, නාමරූපප්‍රත්‍යයෙන් ද විඥාන වෙයි. නාමරූපප්‍රත්‍යයෙන් ෂඩායතන වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ද නාමරූපවෙයි. ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් ද ෂෂ්ඨායතනය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන්වේදනාව වෙයි,වේදනාප්‍රත්‍යයෙන් ද ස්පර්‍ශය වෙයි, වේදනාප්‍රත්‍යයෙන් තෘෂ්ණාව වෙයි, තෘෂ්ණාප්‍රත්‍යයෙන් දවේදනාව වෙයි. තෘෂ්ණාප්‍රත්‍යයෙන් උපාදානය වෙයි, උපාදානප්‍රත්‍යයෙන් ද තෘෂ්ණාව වෙයි, උපාදානප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වෙයි, මෙසේ මේ සියලු දුඃඛරාශිහුගේ සමුදය වේ.

තත්‍ථ කතමා අවිජ‍්ජා: යං අඤ‍්ඤාණං අදස‍්සනං -පෙ- අවිජ‍්ජාලඞ‍්ගි මොහො අකුසලමූලං, අයං වුච‍්චති අවිජ‍්ජා.

එහි අවිද්‍යා කවර යත්: යම් අඥානයෙක් … අදර්‍ශනයෙක් ... අවිද්‍යාපරිඝයෙක් මෝහසඞ්ඛ්‍යාත අකුශලමූලයෙක් වේ ද, මේ ‘අවිද්‍යා’ යි කියනු ලැබේ.

තත්‍ථ කතමො අවිජ‍්ජාපච‍්චයා සඞ‍්ඛාරො: යා චෙතනා සංචෙතනා චෙතයිතත‍්තං අයං වුච‍්චති අවිජ‍්ජා පච‍්චයා සඞ‍්ඛාරො: තත්‍ථ කතමා සඞ‍්ඛාරපච‍්චයා’පි අවිජ‍්ජා: යං අඤ‍්ඤාණං අදස‍්සනං -පෙ- අවිජ‍්ජාලඞ‍්ගි මොහො අකුසලමූලං, අයං වුච‍්චති සඞ‍්ඛාරපච‍්චයා’පි අවිජ‍්ජා.

එහි අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරය කවරෙ යත්: යම් චේතනාවක් සඤ්චේතනාවක් සිතන ලද බවෙක් වේ ද මේ අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාර යි කියනු ලැබේ. එහි සංස්කාර ප්‍රත්‍යයෙනුදු අවිද්‍යා කවර යත්: යම් අඥානයෙක් අදර්‍ශනයෙක් … අවිද්‍යාපරිඝයෙක් මෝහසඞ්ඛ්‍යාත අකුශලමූලයෙක් වේ ද, මේ ‘සංස්කාරප්‍රත්‍යයෙනුදු අවිද්‍යා’ යි කියනු ලැබේ.

තත්‍ථ කතමං සඞ‍්ඛාරපච‍්චයා විඤ‍්ඤාණං: යං චිත‍්තං මනො මානසං -පෙ- තජ‍්ජා මනොවිඤ‍්ඤාණධාතු, ඉදං වුච‍්චති සඞ‍්ඛාරපච‍්චයා විඤ‍්ඤාණං, තත්‍ථ කතමො විඤ‍්ඤාණපච‍්චයා’පි සඞ‍්ඛාරො: යා චෙතනා සඤ‍්චෙතනා චෙතයිතත‍්තං, අයං වුච‍්චති විඤ‍්ඤාණපච‍්චයා’පි සඞ‍්ඛාරො.

එහි සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය කවරෙ යත්: යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් … තදනුරූප වූ මනෝවිඥානධාතුයෙක් වේ ද, මේ සංස්කාරප්‍රත්‍යයෙන් විඥාන යයි කියනු ලැබේ. එහි විඥානප්‍රත්‍යයෙනුදු සංස්කාරය කවරෙ යත්: යම් චේතනාවක් සඤ්චේතනාවක් සිතන ලද බවෙක් වේ ද, මේ ‘විඥානප්‍රත්‍යයෙනුදු සංස්කාර’ යි කියනු ලැබේ.

තත්‍ථ කතමං විඤ‍්ඤාණපච‍්චයා නාමරූපං: අත්‍ථි නාමං, අත්‍ථි රූපං. තත්‍ථ කතමං නාමං: වෙදනාක‍්ඛන්‍ධො සඤ‍්ඤාක‍්ඛන්‍ධො සඞ‍්ඛාරක‍්ඛන්‍ධො, ඉදං වුච‍්චති නාමං. තත්‍ථ කතමං රූපං: චක‍්ඛායතනස‍්ස උපචයො -පෙ- කායායතනස‍්ස උපචයො, යං වා පනඤ‍්ඤම‍්පි අත්‍ථි රූපං චිත‍්තජං චිත‍්තහෙතුකං චිත‍්තසමුට‍්ඨානං, ඉදං වුච‍්චති රූපං. ඉති ඉදඤ‍්ච නාමං ඉදං ච රූපං, ඉදං වුච‍්චති විඤ‍්ඤාණපච‍්චයා නාමරූපං. නාමරූපපච‍්චයා’පි විඤ‍්ඤාණන‍්ති: අත්‍ථි නාමං, අත්‍ථි රූපං. තත්‍ථ කතමං නාමං: වෙදනාක‍්ඛන්‍ධො සඤ‍්ඤාක‍්ඛන්‍ධො සඞ‍්ඛාරක‍්ඛන්‍ධො, ඉදං වුච‍්චති නාමං. තත්‍ථ කතමං රූපං: යං රූපං නිස‍්සාය මනොවිඤ‍්ඤාණධාතු වත‍්තති, ඉදං වුච‍්චති රූපං. ඉති ඉදඤ‍්ච නාමං ඉදඤ‍්ච රූපං, ඉදං වුච‍්චති නාමරූපං. තත්‍ථ කතමං නාමරූපපච‍්චයා’පි විඤ‍්ඤාණං: යං චිත‍්තං මනො මානසං -පෙ- තජ‍්ජා මනොවිඤ‍්ඤාණධාතු, ඉදං වුච‍්චති නාමරූපපච‍්චයා’පි විඤ‍්ඤාණං.

එහි විඥානප්‍රත්‍යයෙන් නාමරූප කවරෙ යත්: නාමයෙක් ඇත, රූපයෙක් ඇති. එහි නාමය කවරෙ යත්: වේදනාස්කන්‍ධ ය සංඥාස්කන්‍ධ ය සංස්කාරස්කන්‍ධ යි. මේ ‘නාම’ යි කියනු ලැබේ. එහි රූපය කවරෙ යත්: චක්‍ෂුරායතනයාගේ ඉපැද්මෙක් … කායායතනයාගේ ඉපැද්මෙක් වේ ද, යළි අන්‍ය වූ ද චිත්තජ වූ චිත්තහේතුක වූ චිත්තසමුත්‍ථාන වූ යම් රූපයෙක් ඇද්ද, මේ ‘රූප’ යි කියනු ලැබේ. මෙසේ මේ නාමය ද මේ රූපය දැ යි මේ ‘විඥානප්‍රත්‍යයෙන් නාමරූප’ යි කියනු ලැබේ. නාමරූප ප්‍රත්‍යයෙනුදු විඥාන යනු: නාමයෙක් ඇත, රූපයෙක් ඇති, එහි නාම කවරෙ යත්: වේදනාස්කන්‍ධ ය සංඥාස්කන්‍ධ ය සංස්කාරස්කන්‍ධ යි. මේ ‘නාම’ යි කියනු ලැබේ. එහි රූපය කවරෙ යත්: යම් රූපයක් නිසා මනෝවිඥානධාතුව පවතී ද, මේ ‘රූප’ යි කියනු ලැබේ. මෙසේ මේ නාමය ද මේ රූපය දැ යි මේ ‘නාමරූප’ යි කියනු ලැබේ. එහි නාමරූපප්‍රත්‍යයෙනුද විඥානය කවරෙ යත්: යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් … තදනුරූප වූ මනෝවිඥානධාතුයෙක් වේ ද, මේ ‘නාමරූපප්‍රත්‍යයෙනුදු විඥාන’ යි කියනු ලැබේ.

නාමරූපච‍්චයා සළායතනන‍්ති: අත්‍ථි නාමං, අත්‍ථි රූපං. තත්‍ථ කතමං නාමං: වෙදනාක‍්ඛන්‍ධො සඤ‍්ඤාක‍්ඛන්‍ධො සඞ‍්ඛාරක‍්ඛන්‍ධො, ඉදං වුච‍්චති නාමං. තත්‍ථ කතමං රූපං: චත‍්තාරො ච මහාභූතා, යඤ‍්ච රූපං නිස‍්සාය මනොවිඤ‍්ඤාණධාතු වත‍්තති, ඉදං වුච‍්චති රූපං. ඉති ඉදඤ‍්ච නාමං ඉදඤ‍්ච රූපං, ඉදං වුච‍්චති නාමරූපං. තත්‍ථ කතමං නාමරූපපච‍්චයා සළායතනං: චක‍්ඛායතනං සොතායතනං ඝානායතනං ජිව‍්හායතනං කායායතනං මනායතනං, ඉදං වුච‍්චති නාමරූපපච‍්චයා සළායතනං. තත්‍ථ කතමං ඡට‍්ඨායතනපච‍්චයා’පි නාමරූපං: අත්‍ථි නාමං, අත්‍ථි රූපං. තත්‍ථ කතමං නාමං: වෙදනාක‍්ඛන්‍ධො සඤ‍්ඤාක‍්ඛන්‍ධො සඞ‍්ඛාරක‍්ඛන්‍ධො, ඉදං වුච‍්චති නාමං. තත්‍ථ කතමං රූපං. චක‍්ඛායතනස‍්ස උපචයො -පෙ- කායායතනස‍්ස උපචයො යං වා පනඤ‍්ඤම‍්පි අත්‍ථි රූපං චිත‍්තජං චිත‍්තහෙතුකං චිත‍්තසමුට‍්ඨානං, ඉදං වුච‍්චති රූපං. ඉති ඉදඤ‍්ච නාමං ඉදඤ‍්ච රූපං, ඉදං වුච‍්චති ඡට‍්ඨායතනපච‍්චයා’පි නාමරූපං.

නාමරූපප්‍රත්‍යයෙන් ෂඩායතන යනු: නාමයෙක් ඇත, රූපයෙක් ඇති. එහි නාමය කවරෙ යත්: වේදනාස්කන්‍ධ ය සංඥාස්කන්‍ධ ය සංස්කාරස්කන්‍ධ යි. මේ ‘නාම’ යි කියනු ලැබේ. එහි රූපය කවරෙ යත්: සතර මහාභූතයෝ ද යම් රූපයකුත් නිසා මනෝවිඥානධාතුව පවතී ද (එදැ යි) මේ ‘රූප’ යි කියනු ලැබේ. මෙසේ මේ නාමය ද මේ රූපය දැ යි මේ ‘නාමරූප’ යි කියනු ලැබේ. එහි නාමරූපප්‍රත්‍යයෙන් ෂඩායතන කවරෙ යත්: චක්‍ෂුරායතන ය ශ්‍රෝත්‍රායතන ය ඝ්‍රාණායතන ය ජිහ්වායතන ය කායායතන ය මනායතන යි. මේ ‘නාමරූපප්‍රත්‍යයෙන් ෂඩායතන’ යි කියනු ලැබේ. එහි ෂෂ්ඨායතනප්‍රත්‍යයෙනුදු නාමරූපය කවරෙ යත්: නාමයෙක් ඇත, රූපයෙක් ඇති. එහි නාම කවර යත්: වේදනාස්කන්‍ධ ය සංඥාස්කන්‍ධ ය සංස්කාරස්කන්‍ධ යි. මේ ‘නාම’ යි කියනු ලැබේ. එහි රූපය කවරෙ යත්: චක්‍ෂුරායතනයාගේ ඉපැද්මෙක් … කායායතනයාගේ ඉපැද්මෙක් වේ ද, යළි අන්‍ය වූ ද චිත්තජ වූ චිත්තහේතුක වූ චිත්තසමුත්‍ථාන වූ යම් රූපයෙක් ඇද්ද, මේ ‘රූප’ යි කියනු ලැබේ. මෙසේ මේ නාමය ද මේ රූපය දැ යි මේ ‘ෂෂ්ඨායතනප්‍රත්‍යයෙනුදු නාමරූප’ යි කියනු ලැබේ.

තත්‍ථ කතමො ඡට‍්ඨායතනපච‍්චයා ඵස‍්සො: යො ඵස‍්සො ඵුසනා සම‍්ඵුසනා සම‍්ඵුසිතත‍්තං, අයං වුච‍්චති ඡට‍්ඨායතනපච‍්චයා ඵස‍්සො. තත්‍ථ කතමං ඵස‍්සපච‍්චයා’පි ඡට‍්ඨායතනං: යං චිත‍්තං මනො මානසං -පෙ- තජ‍්ජා මනොවිඤ‍්ඤාණධාතු, ඉදං වුච‍්චති ඵස‍්සපච‍්චයා’පි ඡට‍්ඨායතනං.

එහි ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්‍ශය කවරෙ යත්: යම් පහසෙක් පහස්නා අයුරෙක් මොනොවට පහස්නා අයුරෙක් මොනොවට පහස්නා ලද බවෙක් වේ ද, මේ ‘ෂෂ්ඨායතන ප්‍රත්‍යයෙන් ස්පර්‍ශය’ යි කියනු ලැබේ. එහි ස්පර්‍ශප්‍රත්‍යයෙනුදු ෂෂ්ඨායතනය කවරෙ යත්: යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් … තදනුරූප වූ මනෝවිඥානධාතුයෙක් වේ ද, මේ ‘ස්පර්‍ශප්‍රත්‍යයෙනුදු ෂෂ්ඨායතන’ යි කියනු ලැබේ.

තත්‍ථ කතමා ඵස‍්සපච‍්චයා වෙදනා: යං චෙතසිකං සාතං චෙතසිකං සුඛං චෙතොසම‍්ඵස‍්සජං සාතං සුඛං වෙදයිතං චෙතොසම‍්ඵස‍්සජා සාතා සුඛා වෙදනා, අයං වුච‍්චති ඵස‍්සපච‍්චයා වෙදනා -පෙ- තෙන වුච‍්චති ‘එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස සමුදයො හොතී’ති.

එහි ‘ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනා’ කවර යත්: යම් චෛතසික වූ සාතයෙක් චෛතසික වූ සුඛයෙක් චේතෝසම්ඵස්සජ වූ සාතසුඛවේදයිතයෙක් චේතෝසම්ඵස්සජ වූ සාත සුඛ වේදනාවක් වේ ද, මේ ‘ස්පර්‍ශප්‍රත්‍යයෙන් වේදනා’ යි කියනු ලැබේ. … එහෙයින් කියනු ලැබෙයි: ‘එව මෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති’ යි.

අඤ‍්ඤමඤ‍්ඤචතුක‍්කං.

අන්‍යෝන්‍යචතුෂ්ක යි.