සුත්තන්තභාජනීයං උද්දෙසවාරවණ්ණනා අට්ඨකථා
සුත්තන්තභාජනීයං උද්දෙසවාරවණ්ණනා
සූත්‍රාන්ත භාජනීය උද්දේශ වර්ණනාව
ඉදානි තදනන්තරෙ සතිපට්ඨානවිභඞ්ගෙ චත්තාරොති ගණනපරිච්ඡෙදො. තෙන න තතො හෙට්ඨා න උද්ධන්ති සතිපට්ඨානපරිච්ඡෙදං දීපෙති. සතිපට්ඨානාති තයො සතිපට්ඨානා – සතිගොචරොපි, තිධා පටිපන්නෙසු සාවකෙසු සත්ථුනො පටිධානුනයවීතිවත්තතාපි, සතිපි. “චතුන්නං, භික්ඛවෙ, සතිපට්ඨානානං සමුදයඤ්ච අත්ථඞ්ගමඤ්ච දෙසෙස්සාමි. තං සුණාථ…පෙ… කො ච, භික්ඛවෙ, කායස්ස සමුදයො? ආහාරසමුදයා කායස්ස සමුදයො”තිආදීසු (සං· නි· 5.408) හි සතිගොචරො සතිපට්ඨානන්ති වුච්චති. තථා “කායො උපට්ඨානං, නො සති. සති උපට්ඨානඤ්චෙව සති චා”තිආදීසු (පටි· ම· 3.35). තස්සත්ථො – පතිට්ඨාති අස්මින්ති පට්ඨානං. කා පතිට්ඨාති? සති. සතියා පට්ඨානං සතිපට්ඨානං, පධානං ඨානන්ති වා පට්ඨානං; සතියා පට්ඨානං සතිපට්ඨානං හත්ථිට්ඨානඅස්සට්ඨානාදීනි විය.
ඊට අනතුරුව දැන් සතිපට්ඨාන විභංගයෙහි චත්තාරො යනු ගණන වෙන් කිරීමයි. එයින් අඩු හෝ වැඩි හෝ නැතැයි සතිපට්ඨාන ප්‍රමාණය දක්වයි. සතිපට්ඨාන යනු සතිපට්ඨාන තුනක් සිහියට ගෝචරය. සාවකයන් අතර තුන් ආකාරයකින් පිළිපන් සාධකයන් කෙරෙහි ගැටීම් ඇලීම් ඉකුත් වූ කල්හි, මහණෙනි, සතර සතිපට්ඨානවල පහළවීමද නොපෙනී යාම ද දේසනා කරමි. එය හොඳින් අසා සිතේ දරාගන්න. මහණෙනි, කයෙහි පහළවීම කුමක්ද? ආහාරය ඇතිවීමෙන් කය ඇතිවේ යයි යන ආදියේ සිහියට ගෝචර වූ සතිපට්ඨාන යයි කියනු ලැබේ. එසේම “කය වැටහීම, සිහි නැති, සිහි එළඹීම සිහිය”යි යන ආදියෙහි ඒ අර්ථය පිහිටියේ මෙහි යයි. කුමක් පිහිටියේද? සිහියයි. සිහියේ පිහිටීම සතිපට්ඨානයයි.
“තයො සතිපට්ඨානා යදරියො සෙවති, යදරියො සෙවමානො සත්ථා ගණං අනුසාසිතුමරහතී”ති (ම· නි· 3.304, 311) එත්ථ තිධා පටිපන්නෙසු සාවකෙසු සත්ථුනො පටිඝානුනයවීතිවත්තතා සතිපට්ඨානන්ති වුත්තා. තස්සත්ථො – පට්ඨපෙතබ්බතො පට්ඨානං, පවත්තයිතබ්බතොති අත්ථො. කෙන පට්ඨපෙතබ්බතොති? සතියා; සතියා පට්ඨානං සතිපට්ඨානං. “චත්තාරො සතිපට්ඨානා භාවිතා බහුලීකතා සත්ත බොජ්ඣඞ්ගෙ පරිපූරෙන්තී”තිආදීසු (ම· නි· 3.147) පන සතියෙව සතිපට්ඨානන්ති වුච්චති. තස්සත්ථො – පතිට්ඨාතීති පට්ඨානං, උපට්ඨාති ඔක්කන්දිත්වා පක්ඛන්‍දිත්‍වා පවත්තතීති අත්ථො; සතියෙව පට්ඨානට්ඨෙන සතිපට්ඨානං; අථවා සරණට්ඨෙන සති, උපට්ඨානට්ඨෙන පට්ඨානං. ඉති සති ච සා පට්ඨානඤ්චාතිපි සතිපට්ඨානං. ඉදමිධ අධිප්පෙතං. යදි එවං, කස්මා සතිපට්ඨානාති බහුවචනං කතන්ති? සතියා බහුත්තා; ආරම්මණභෙදෙන හි බහුකා තා සතියොති.
සතිපට්ඨාන තුන ආර්යයෝ සේවනය කරති. ආර්යයන් සේවනය කරන ලද එය ශාස්තෲන් වහන්සේ සමූහයයි අනුශාසනා කිරීම සුදුසුය. යන මෙහි තුන් ආකාරයකින් පිළිපන් ශ්‍රාවකයන් කෙරෙහි ගැටීම් ඇලීම් ඉක්මවූ බව සතිපට්ඨානය කියන ලදි. ඒ අර්ථය සඳහා පිහිටුවීම පට්ඨානයයි. පැවැත්විය යුතුය යන අර්ථයයි. කුමකින් පිහිටවිය යුතුද? සිහියෙන්, සිහියෙන් පිහිටුවීම සතිපට්ඨානයයි. සතර සතිපට්ඨානය වඩන්නේ පුළුල් කරන්නේ සත්ත බොජ්ඣංග සම්පූර්ණ කරයි ආදියෙහි සිහියට සතිපට්ඨාන යයි කියනු ලැබේ. එම අර්ථය පිහිටියේනුයි පට්ඨාන, වැටහේ, දුව පැන පවත්වයි යන අර්ථයයි. සිහියම පිහිටුවීම් අර්ථයෙන් සතිපට්ඨාන වේ. නැතහොත් සිහිකිරීමේ අර්ථයෙහි සති වේ. වැටහීම් අර්ථයෙන් පට්ඨාන වේ. මෙසේ සතියද එය වැටහීම්ද සතිපට්ඨාන වේ. මෙය මෙහි අදහස් කරයි. කුමක් හෙයින් සතිපට්ඨාන යයි බහු වචන කෙළේද? සිහියේ බහුල බව, අරමුණුවල බේදයෙන් සිහිය බොහෝ වේ.
කස්මා පන භගවතා චත්තාරොව සතිපට්ඨානා වුත්තා, අනූනා අනධිකාති? වෙනෙය්යහිතත්තා. තණ්හාචරිතදිට්ඨිචරිතසමථයානිකවිපස්සනායානිකෙසු හි මන්දතික්ඛවසෙන ද්විධා පවත්තෙසු මන්දස්ස තණ්හාචරිතස්ස ඔළාරිකං කායානුපස්සනාසතිපට්ඨානං විසුද්ධිමග්ගො, තික්ඛස්ස සුඛුමං වෙදනානුපස්සනාසතිපට්ඨානං. දිට්ඨිචරිතස්සපි මන්දස්ස නාතිප්පභෙදගතං චිත්තානුපස්සනාසතිපට්ඨානං විසුද්ධිමග්ගො, තික්ඛස්ස අතිප්පභෙදගතං ධම්මානුපස්සනාසතිපට්ඨානං. සමථයානිකස්ස ච මන්දස්ස අකිච්ඡෙන අධිගන්තබ්බනිමිත්තං පඨමං සතිපට්ඨානං විසුද්ධිමග්ගො, තික්ඛස්ස ඔළාරිකාරම්මණෙ අසණ්ඨහනතො දුතියං. විපස්සනායානිකස්සාපි මන්දස්ස නාතිප්පභෙදගතාරම්මණං තතියං, තික්ඛස්ස අතිප්පභෙදගතාරම්මණං චතුත්ථං. ඉති චත්තාරොව වුත්තා, අනූනා අනධිකාති.
භාග්‍යවතුන් වහන්සේ විසින් අඩුවැඩි නොවී සතිපට්ඨාන සතරක්ම දේශනා කරන ලද්දේ ඇයි? අවබෝධ වන්නවුන්ගේ හිත පිණිසය. තණ්හා චරිත දිට්ඨි චරිත සමථයානික විපස්සනා යානිකයන් අතර මන්ද තියුණු වශයෙන් දෙපරිදි ලක්ෂණ තිබේ. මන්ද තණ්හා චරිතයට ඕලාරික වූ කායානුපස්සනා සතිපට්ඨානයද විසුද්ධිය පිණිස මාර්ගය වේ. සියුම් තණ්හා චරිතයාට සියුම් වූ වේදනානුපස්සනා සතිපට්ඨානයද මන්ද වූ දිට්ඨි චරිතයාව අතිප්රභේද නැති චිත්තානුපස්සනා සතිපට්ඨානය ද සියුම් දිට්ඨි චරිතයාට සියුම් වූ අතිප්රභේද වූ ධම්මානුපස්සනා සතිපට්ඨානයද විසුද්ධිය පිණිස මාර්ගය වේ. මන්ද වූ සමථයානිකයාට පහසුවෙන් අවබෝධ කළයුතු පළමුවන සතිපට්ඨානයද තියුණු වූ සමථයානිකයාව ඕලාරික අරමුණෙහි පිහිටිය නොහැකි නිසා දෙවන සතිපට්ඨානයද මන්ද වූ විපස්සනායානිකයාට අතිප්රභේද රහිත වූ අරමුණ වන තුන්වන සතිපට්ඨානයද තියුණු වූ විපස්සනායානිකයාව අතිප්රභේද සහිත අරමුණ වන සතරවන සතිපට්ඨානයද විසුද්ධිය පිණිස මාර්ගය වේ. මෙසේ අඩු වැඩි නැතිව සතරක්ම කියන ලදි.
සුභසුඛනිච්චඅත්තභාවවිපල්ලාසප්පහානත්ථං වා. කායො හි අසුභො. තත්ථ සුභවිපල්ලාසවිපල්ලත්ථා සත්තා. තෙසං තත්ථ අසුභභාවදස්සනෙන තස්ස විපල්ලාසස්ස පහානත්ථං පඨමං සතිපට්ඨානං වුත්තං. සුඛං, නිච්චං, අත්තාති ගහිතෙසුපි ච වෙදනාදීසු වෙදනා දුක්ඛා, චිත්තං අනිච්චං, ධම්මා අනත්තා. එතෙසු ච සුඛනිච්චඅත්තභාවවිපල්ලාසවිපල්ලත්ථා සත්තා. තෙසං තත්ථ දුක්ඛාදිභාවදස්සනෙන තෙසං විපල්ලාසානං පහානත්ථං සෙසානි තීණි වුත්තානීති. එවං සුභසුඛනිච්චඅත්තභාවවිපල්ලාසප්පහානත්ථං වා චත්තාරොව වුත්තා අනූනා අනධිකාති වෙදිතබ්බා. න කෙවලඤ්ච විපල්ලාසපහානත්ථමෙව, අථ ඛො චතුරොඝයොගාසවගන්ථඋපාදානඅගතිප්පහානත්ථම්පි චතුබ්බිධාහාරපරිඤ්ඤත්ථඤ්ච චත්තාරොව වුත්තාති වෙදිතබ්බා. අයං තාව පකරණනයො.
සුබ සුව නිත්‍ය යයි ගන්නා ආත්ම විපර්යාසය දුරුකිරීම සඳහා හෝ කය අසුභය, එහි සුභ වශයෙන් ගන්නා විපර්යාසයෙන් සත්ත්වයෝ යුක්තයහ. ඔවුන්ට එහි අසුභ භාවය දැක්වීමෙන් ඒ විපර්යාසය දුරුකිරීම පිණිස පළමුවන සතිපට්ඨානය දේශනා කරන ලදි. සුඛය නිත්‍යය ආත්ම යයි ගත්තවුන්ගේද වේදනාව දුකය සිත අනිත්‍යය ධර්ම අනාත්මය. මේවා සුඛ නිත්‍ය ආත්ම වශයෙන් ගත්තවුන්ගේද ඒ විපර්යාස ග්‍රහණය දුරුකිරීම සඳහා සෙසු වේදනාදි සතිපට්ඨාන තුන දේශනා කරන ලදි. මෙසේ සුඛ සුව ආත්ම විපර්යාසය දුරුකිරීම සඳහා අඩු වැඩි නොවන සේ සතිපට්ඨාන සතරක් දේශනා කරන ලදැයි දතයුතුය. හුදෙක් ඒ විපර්යාසයම ප්රහාණය කිරීම පිණිස පමණක් නොව කාමාදි ඔඝ සතර, යෝග සතර, ආසව, ග්රන්ථ, උපාදාන, අගති ප්රහාණය කිරීම පිණිසද චතුර්විධ ආහාර දැනගැනීම පිණිසද සතරක්ම කියන ලදැයි දතයුතුය. මෙය ප්රකරණ නයයි.
අට්ඨකථායං පන “සරණවසෙන චෙව එකත්තසමොසරණවසෙන ච එකමෙව සතිපට්ඨානං ආරම්මණවසෙන චත්තාරොති එතදෙව වුත්තං. යථා හි චතුද්වාරෙ නගරෙ පාචීනතො ආගච්ඡන්තා පාචීනදිසාය උට්ඨානකං භණ්ඩං ගහෙත්වා පාචීනද්වාරෙන නගරමෙව පවිසන්ති, දක්ඛිණතො, පච්ඡිමතො, උත්තරතො ආගච්ඡන්තා උත්තරදිසාය උට්ඨානකං භණ්ඩං ගහෙත්වා උත්තරද්වාරෙන නගරමෙව පවිසන්ති, එවං සම්පදමිදං වෙදිතබ්බං. නගරං විය හි නිබ්බානමහානගරං, ද්වාරං විය අට්ඨඞ්ගිකො ලොකුත්තරමග්ගො. පාචීනදිසාදයො විය කායාදයො.
අටුවාවල වනාහි සිහිකිරීම් වශයෙන් ද ඒකාර්ථයකට රැස්කිරීම් වශයෙන් ද එකම සතිපට්ඨානය අරමුණු වශයෙන් සතරක් යයි මෙයම කියන ලදි. යම්සේ වාසල් දොරටු සතරක් ඇති නගරයෙහි නැගෙනහිර දොරටුවෙන් නගරයට පිවිසෙති. එසේම දකුණු බටහිර උතුරු දෙසින් එන්නෝ ද ඒ ඒ දිසාවේ දොරටුවලින් නගරයට පිවිසෙති. නිවන නගරය මෙනි. අට්ඨංගික මාර්ගය නගර දොරටු මෙනි. කායාදි අනුපස්සනා නැගෙනහිර ආදී දිසා මෙනි.
යථා පාචීනතො ආගච්ඡන්තා පාචීනදිසාය උට්ඨානකං භණ්ඩං ගහෙත්වා පාචීනද්වාරෙන නගරමෙව පවිසන්ති, එවං කායානුපස්සනාමුඛෙන ආගච්ඡන්තා චුද්දසවිධෙන කායානුපස්සනං භාවෙත්වා කායානුපස්සනාභාවනානුභාවනිබ්බත්තෙන අරියමග්ගෙන එකං නිබ්බානමෙව ඔසරන්ති. යථා දක්ඛිණතො ආගච්ඡන්තා දක්ඛිණදිසාය උට්ඨානකං භණ්ඩං ගහෙත්වා දක්ඛිණද්වාරෙන නගරමෙව පවිසන්ති, එවං වෙදනානුපස්සනාමුඛෙන ආගච්ඡන්තා නවවිධෙන වෙදනානුපස්සනං භාවෙත්වා වෙදනානුපස්සනාභාවනානුභාවනිබ්බත්තෙන අරියමග්ගෙන එකං නිබ්බානමෙව ඔසරන්ති. යථා පච්ඡිමතො ආගච්ඡන්තා පච්ඡිමදිසාය උට්ඨානකං භණ්ඩං ගහෙත්වා පච්ඡිමද්වාරෙන නගරමෙව පවිසන්ති, එවං චිත්තානුපස්සනාමුඛෙන ආගච්ඡන්තා සොළසවිධෙන චිත්තානුපස්සනං භාවෙත්වා චිත්තානුපස්සනාභාවනානුභාවනිබ්බත්තෙන අරියමග්ගෙන එකං නිබ්බානමෙව ඔසරන්ති. යථා උත්තරතො ආගච්ඡන්තා උත්තරදිසාය උට්ඨානකං භණ්ඩං ගහෙත්වා උත්තරද්වාරෙන නගරමෙව පවිසන්ති, එවං ධම්මානුපස්සනාමුඛෙන ආගච්ඡන්තා පඤ්චවිධෙන ධම්මානුපස්සනං භාවෙත්වා ධම්මානුපස්සනාභාවනානුභාවනිබ්බත්තෙන අරියමග්ගෙන එකං නිබ්බානමෙව ඔසරන්තීති. එවං සරණවසෙන චෙව එකත්තසමොසරණවසෙන ච එකමෙව සතිපට්ඨානං ආරම්මණවසෙන චත්තාරොති වුත්තාති වෙදිතබ්බා.
නැගෙනහිර දෙසින් එන අය නැගෙනහිර උපදවන භාණ්ඩ රැගෙන නැගෙනහිර දොරටුවෙන් නගරයට පිවිසෙනවා මෙන් කායානුපස්සනාව වඩන්නෝ තුදුස්වැදෑරුම් කායානුපස්සනාව වඩා කායානුපස්සනා භාවනානුභාවයෙන් නිපන් ආර්ය මාර්ගයෙන් එකම නිවනට බැසගනිති. දකුණු දෙසින් පැමිණෙන්නන් දකුණු දෙස උපදවන භාණ්ඩ රැගෙන දකුණු දොරටුවෙන් නගරයට පිවිසෙන්නාක් මෙන් වේදනානුපස්සනා අරමුණින් එන්නෝ නවවිධ වූ වේදනානුපස්සනාව වඩා වේදනානුපස්සනා භාවනා ආනුභාවයෙන් නිපන් ආර්ය මාර්ගයෙන් එකම නිවනට පැමිණෙති. බටහිර දිසාවෙහි පැමිණෙන්නෝ බටහිර දිසාවේ හටගන්නා භාණ්ඩ රැගෙන බටහිර දොරටුවෙන් නගරයට පිවිසෙන්නාක් මෙන් චිත්තානුපස්සනා මුඛයෙන් පැමිණෙන්නෝ සොළොස් ආකාර වූ චිත්තානුපස්සනාව වඩා චිත්තානුපස්සනා භාවනා ආනුභාවයෙන් නිවන් ආර්ය මාර්ගයෙන් එකම නිවනට පැමිණෙති. උතුරු දෙසින් එන්නෝ උතුරුදෙස උපදවන භාණ්ඩ රැගෙන උතුරු දොරටුවෙන් නගරයට පිවිසෙන්නා මෙන් ධම්මානුපස්සනා මුඛයෙන් පැමිණෙන්නෝ පස් ආකාර වූ ධම්මානුපස්සනා භාවනාව වඩා ධම්මානුපස්සනා භාවනා ආනුභාවයෙන් නිපන් ආර්ය මාර්ගයෙන් එකම නිවනට පැමිණෙති. මෙසේ සිහිකිරීම් වශයෙන් ද ඒකාර්ථ වූ රැස්වීම් වශයෙන් එකම වූ සතිපට්ඨානය අරමුණු වශයෙන් සතරක් දේශනා කරන ලදැයි දතයුතුය.
ඉධ භික්ඛූති එත්ථ කිඤ්චාපි භගවතා දෙවලොකෙ නිසීදිත්වා අයං සතිපට්ඨානවිභඞ්ගො කථිතො, එකභික්ඛුපි තත්ථ භගවතො සන්තිකෙ නිසින්නකො නාම නත්ථි. එවං සන්තෙපි යස්මා ඉමෙ චත්තාරො සතිපට්ඨානෙ භික්ඛූ භාවෙන්ති, භික්ඛුගොචරා හි එතෙ, තස්මා ඉධ භික්ඛූති ආලපති. කිං පනෙතෙ සතිපට්ඨානෙ භික්ඛූයෙව භාවෙන්ති, න භික්ඛුනීආදයොති? භික්ඛුනීආදයොපි භාවෙන්ති. භික්ඛූ පන අග්ගපරිසා. ඉති අග්ගපරිසත්තා ඉධ භික්ඛූති ආලපති. පටිපත්තියා වා භික්ඛුභාවදස්සනතො එවමාහ. යො හි ඉමං පටිපත්තිං පටිපජ්ජති, සො භික්ඛු නාම හොති. පටිපන්නකො හි දෙවො වා හොතු මනුස්සො වා, භික්ඛූති සඞ්ඛං ගච්ඡතියෙව. යථාහ –
ඉධ භික්ඛු යන මෙහි භාග්‍යවතුන් වහන්සේ විසින් දෙව්ලොව හිඳ මේ සතිපට්ඨාන විභංගය දේශනා කරන ලදි. එකම භික්ෂූන් වහන්සේ නමක්වත් එහි භාග්‍යවතුන් වහන්සේ සමීපයෙහි සිටියේ නැත. එසේ ඇතිකල්හි මේ සතර සතිපට්ඨානයෙහි භික්ඛු වෙති. මේවා භික්ෂූන් වහන්සේට ගෝචර බැවින් ඉධ භික්ඛූ යයි ආමන්ත්‍රණය කර ඇත. මෙම සතිපට්ඨානවල භික්ෂූන් වහන්සේ පිරිසක්ම සිහිපත් කළේ ඇයි? භික්ෂුණීන් ආදීන් සිහිපත් නොකළේ ඇයි? භික්ෂුණී ආදීහුද සිහිපත් කරති. භික්ෂූහු අග්‍ර පිරිස වෙති. අග්‍ර පිරිස නිසා මෙහි භික්ඛූ යන ආමන්ත්‍රණය කරයි. ප්‍රතිපත්ති වශයෙන් භික්ෂුභාවය දක්වමින් මෙසේ කීහ. යමෙක් මේ පිළිවෙත්හි පිළිපදිත්ද? ඒ භික්ෂු නම් වේ යයි පිළිපන් අය දෙවියා හෝ මනුෂ්‍යයෙක් හෝ භික්ෂූන්ගේ සංඛ්‍යාවට යයි යම්සේ කීහ :-
“අලඞ්කතො චෙපි සමඤ්චරෙය්ය, සන්තො දන්තො නියතො බ්‍රහ්මචාරී; සබ්බෙසු භූතෙසු නිධාය දණ්ඩං, සො බ්රාහ්මණො සො සමණො ස භික්ඛූ”ති. (ධ· ප· 142);
විබූසනෙන් මුත් හැසිරෙන්නෙනම්’තුම් සන් සුන් වූ සිත් නිය මෙන් දම් විහාරී ඒ සව් සතුන් වෙත් මෙතපා අහිංසා වෙන් යුත් බඹාපුත් සමණාද බික් වේ
කායානුපස්සනාඋද්දෙසවණ්ණනා
කායානුපස්සනාඋද්දෙසවණ්ණනා
අජ්ඣත්තන්ති නියකජ්ඣත්තං අධිප්පෙතං. තස්මා අජ්ඣත්තං කායෙති අත්තනො කායෙති අත්ථො. තත්ථ කායෙති රූපකායෙ. රූපකායො හි ඉධ අඞ්ගපච්චඞ්ගානං කෙසාදීනඤ්ච ධම්මානං සමූහට්ඨෙන, හත්ථිකායඅස්සකායරථකායාදයො විය, කායොති අධිප්පෙතො. යථා ච සමූහට්ඨෙන එවං කුච්ඡිතානං ආයට්ඨෙන. කුච්ඡිතානඤ්හි පරමජෙගුච්ඡානං සො ආයොතිපි කායො. ආයොති උප්පත්තිදෙසො. තත්රායං වචනත්ථො – ආයන්ති තතොති ආයො. කෙ ආයන්ති? කුච්ඡිතා කෙසාදයො. ඉති කුච්ඡිතානං කෙසාදීනං ආයොති කායො.
අජ්ඣත්තං යනු තමාගේ අජ්ඣත්තය අදහස් කරයි. එනිසා අජ්ඣත්තං කායෙ යනු තමාගේ ශරීරය යන අර්ථ වේ. එහි කායෙ යනු රූප කයයි. රූප කයෙහි මෙහි කේසාදී අඟපසඟවල සමූහාර්ථයෙන් ඇත්කය අස්කය රථකය ආදිය මෙන් කය යයි අදහස් කරයි. සමූහ අර්ථයෙන් මෙසේ පිළිකුල් වූ කේසාදීන්ගේ එකතුවීම අර්ථයෙන් පිළිකුල් බවද අතිශයින් පිළිකුල් කටයුතු දේ එක්වීමද කය වේ.
කායානුපස්සීති කායං අනුපස්සනසීලො, කායං වා අනුපස්සමානො කායෙති ච වත්වාපි පුන කායානුපස්සීති දුතියං කායග්ගහණං අසම්මිස්සතො වවත්ථානඝනවිනිබ්භොගාදිදස්සනත්ථං කතන්ති වෙදිතබ්බං. තෙන න කායෙ වෙදනානුපස්සී චිත්තධම්මානුපස්සී වා; අථ ඛො කායෙ කායානුපස්සී යෙවාති කායසඞ්ඛාතෙ වත්ථුස්මිං කායානුපස්සනාකාරස්සෙව දස්සනෙන අසම්මිස්සතො වවත්‍ථානං දස්සිතං හොති. තථා න කායෙ අඞ්ගපච්චඞ්ගවිනිමුත්තඑකධම්මානුපස්සී, නාපි කෙසලොමාදිවිනිමුත්තඉත්ථිපුරිසානුපස්සී. යොපි චෙත්ථ කෙසලොමාදිකො භූතුපාදායසමූහසඞ්ඛාතො කායො, තත්ථාපි න භූතුපාදායවිනිමුත්තඑකධම්මානුපස්සී; අථ ඛො රථසම්භාරානුපස්සකො විය අඞ්ගපච්චඞ්ගසමූහානුපස්සී, නගරාවයවානුපස්සකො විය කෙසලොමාදිසමූහානුපස්සී, කදලික්ඛන්ධපත්තවට්ටිවිනිභුඤ්ජකො විය රිත්තමුට්ඨිවිනිවෙඨකො විය ච භූතුපාදායසමූහානුපස්සීයෙවාති නානප්පකාරතො සමූහවසෙන කායසඞ්ඛාතස්ස වත්ථුනො දස්සනෙන ඝනවිනිබ්භොගො දස්සිතො හොති. න හෙත්ථ යථාවුත්තසමූහවිනිමුත්තො කායො වා ඉත්ථී වා පුරිසො වා අඤ්ඤො වා කොචි ධම්මො දිස්සති. යථාවුත්තධම්මසමූහමත්තෙයෙව පන තථා තථා සත්තා මිච්ඡාභිනිවෙසං කරොන්ති. තෙනාහු පොරාණා –
කය අනුව බලනවා කාය යයි කියාත් නැවත කායානුපස්සී යයි දෙවනුවත් ගැනීම අසම්මිශ්‍ර වශයෙන් නියම ඝන වෙන්වීම් ආදිය දැක්වීම සඳහා කරන ලදැයි දතයුතුය. එයින් කයෙහිම යන තේරුම මිස වේදනා චිත්ත ධම්ම අනුපස්සනාවල නොවේ. ඉක්බිතිව කායෙ කායානුපස්සී යෙව යයි කාය සංඛ්‍යාත කායානුපස්සනාව කිරීම දැක්වීමෙන් අසම්මිශ්‍ර වශයෙන් නියමය දක්වන ලදී. එසේ කයෙහි අඟපසඟ වෙන්වූ එක් කොටසක් නොවේ. කෙස් ලොම් ආදිය වෙන්වූ ස්ත්‍රී පුරුෂයන් දැකීමක් නොවේ. මෙහි කෙස් ලොම් ආදි භූත උපාදාය රූප සමූහයෙන් කාය වේ. එහිද භූත උපාදාය රූප සමූහයෙන් වෙන්වූ එක් කොටසක් බැලීම නොවේ. නැවත රථයක උපකරණ රාශිය දකින්නාක් මෙන් අඟපසඟ සමූහය දැකීමය. නගරයක අවයව දකින්නෙකු මෙන් කෙස් ලොම් සමූහය දැකීමය. කෙසෙල් කඳක අතු පතුරු වෙන් කරන්නෙකු මෙන් හිස්වූ මිට දිගහැර පෙන්වන්නකු මෙන්ද භූත උපාදාය රූප සමූහය දැකීමම යයි නොයෙක් අයුරින් සමූහ වශයෙන් වූ ශරීර සංඛ්‍යාත වස්තුව දැකීමෙන් ඝනය වේනවීම දකින ලද්දේ වේ. මෙහි කියන ලද සමූහයෙන් වෙන්වූ කයක් හෝ ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ වෙනත් අයෙක් හෝ නොමැති වේ. කියන ලද ධර්ම සමූහ මාත්‍රයෙහිම ඒ ඒ සත්ත්වයෝ වැරදි ලෙස දකිති. එය පුරාණ ඇදුරෝ කීහ.
“යං පස්සති න තං දිට්ඨං, යං දිට්ඨං තං න පස්සති; අපස්සං බජ්ඣතෙ මූළ්හො, බජ්ඣමානො න මුච්චතී”ති.
පෙනෙන දේ නොදකී - දකින දේ නොපෙනේමය මුළාවී බැඳෙනා - නොමිදේය බැඳුමෙන් මේ
ඝනවිනිබ්භොගාදිදස්සනත්ථන්ති වුත්තං. ආදිසද්දෙන චෙත්ථ අයම්පි අත්ථො වෙදිතබ්බො – අයඤ්හි එතස්මිං කායෙ කායානුපස්සීයෙව, න අඤ්ඤධම්මානුපස්සී. කිං වුත්තං හොති? යථා අනුදකභූතායපි මරීචියා උදකානුපස්සිනො හොන්ති, න එවං අනිච්චදුක්ඛානත්තඅසුභභූතෙයෙව ඉමස්මිං කායෙ නිච්චසුඛඅත්තසුභභාවානුපස්සී; අථ ඛො කායානුපස්සී අනිච්චදුක්ඛානත්තඅසුභාකාරසමූහානුපස්සීයෙවාති වුත්තං හොති. අථ වා ය්වායං මහාසතිපට්ඨානෙ “ඉධ, භික්ඛවෙ, භික්ඛු අරඤ්ඤගතො වා…පෙ… සො සතොව අස්සසතී”තිආදිනා (දී· නි· 2.374; ම· නි· 1.107) නයෙන අස්සාසපස්සාසාදිචුණ්ණකජාතඅට්ඨිකපරියොසානො කායො වුත්තො, යො ච “ඉධෙකච්චො පථවීකායං අනිච්චතො අනුපස්සති, තථා ආපොකායං, තෙජොකායං, වායොකායං, කෙසකායං, ලොමකායං, ඡවිකායං, චම්මකායං, මංසකායං, රුධිරකායං, න්හාරුකායං, අට්ඨිකායං, අට්ඨිමිඤ්ජකාය”න්ති පටිසම්භිදායං කායො වුත්තො, තස්ස සබ්බස්ස ඉමස්මිංයෙව කායෙ අනුපස්සනතො කායෙ කායානුපස්සීති එවම්පි අත්ථො දට්ඨබ්බො.
ඝන වූ එකට බැඳුණු දේ යනාදිය දැකීම සඳහා යයි කියන ලදි. මේ ආදි ශබ්දයෙන් මේ අර්ථයද දතයුතුය. මෙය මේ කයෙහි කායානුපස්සනාවමය. අනිත් ධම්මානුපස්සී නොවේ යයි කුමක් කියන ලදද? යම්සේ ජලය නැතිවුවද මිරිඟුවෙහි ජලය දකින්නේ වේ. මෙසේ අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ වූ මේ ශරීරයෙහි නිත්‍ය සුඛ ආත්ම සුභ බවක් නොපෙනේ යයි කියන ලද්දේ වේ. තවද මේ මහා සතිපට්ඨානයෙහි “මහණෙනි, මෙහි භික්ෂූන් වහන්සේ නමක් ආරණ්‍යයට ගියේ........හෙතෙම සිහියෙන්ම ආශ්වාස කෙරේ” ආදි නයින් ආශ්වාස ප්‍රශ්වාසාදි අණුවලින් හටගෙන ඇටවලින් අවසාන වන කය කියන ලදි. යමෙක් මේ පොළොව නැමති කය අනිත්‍ය වශයෙන් බලයි. එසේම ආපෝ කය තේජෝ කය වායෝ කය කේස කය ලෝම ඡවි මංස රුහිර නහරූ අට්ඨි අට්ඨි මිඤ්ජ කායයන් පටිසම්භිදාවෙහි කාය යයි කියන ලදි. ඒ සියල්ල මෙම කායයෙහි අනුපස්සනා වශයෙන් කයෙහි කායානුපස්සී හැර මෙසේ ද අර්ථය දතයුතුය.
අථ වා කායෙ අහන්ති වා මමන්ති වා එවං ගහෙතබ්බස්ස කස්සචි අනනුපස්සනතො, තස්ස තස්සෙව පන කෙසලොමාදිකස්ස නානාධම්මසමූහස්ස අනුපස්සනතො කායෙ කෙසාදිධම්මසමූහසඞ්ඛාතෙ කායානුපස්සීති එවමත්ථො දට්ඨබ්බො. අපිච “ඉමස්මිං කායෙ අනිච්චතො අනුපස්සති, නො නිච්චතො”තිආදිනා (පටි· ම· 3.35) අනුක්කමෙන පටිසම්භිදායං ආගතනයස්ස සබ්බස්සෙව අනිච්චලක්ඛණාදිනො ආකාරසමූහසඞ්ඛාතස්ස කායස්ස අනුපස්සනතොපි කායෙ කායානුපස්සීති එවම්පි අත්ථො දට්ඨබ්බො.
එසේ නැතහොත් කයෙහි මමය මාගේ යයි අනුපස්සනා රහිතව ගත් කිසිවෙකුට හෝ ඒ ඒ කේස ලෝමාදි ධර්ම සමූහය අනුපස්සනා වශයෙන් කයෙහි කේසාදි ධර්ම සමූහ සංඛ්‍යාතය කායානුපස්සී යයි මෙසේ අර්ථය දතයුතුය. තවද මේ කයෙහි නිත්‍ය වශයෙන් නොව අනිත්‍ය වශයෙන් අනුපස්සනා කෙරෙයි යන ආදි අනුක්රමයෙන් පටිසම්භිදායෙහි නයේ සියළු අනිත්‍ය ලක්ෂණාදි ආකාර සමූහ සංඛ්‍යාත කයෙහි කායානුපස්සනා වශයෙන් ද කායෙ කායානුපස්සී යයි මෙසේද අර්ථය දතයුතුය.
තථා හි අයං කායෙ කායානුපස්සනාපටිපදං පටිපන්නො භික්ඛු ඉමං කායං අනිච්චානුපස්සනාදීනං සත්තන්නං අනුපස්සනානං වසෙන අනිච්චතො අනුපස්සති නො නිච්චතො, දුක්ඛතො අනුපස්සති නො සුඛතො, අනත්තතො අනුපස්සති නො අත්තතො, නිබ්බින්දති නො නන්දති, විරජ්ජති නො රජ්ජති, නිරොධෙති නො සමුදෙති, පටිනිස්සජ්ජති නො ආදියති. සො තං අනිච්චතො අනුපස්සන්තො නිච්චසඤ්ඤං පජහති, දුක්ඛතො අනුපස්සන්තො සුඛසඤ්ඤං පජහති, අනත්තතො අනුපස්සන්තො අත්තසඤ්ඤං පජහති , නිබ්බින්දන්තො නන්දිං පජහති, විරජ්ජන්තො රාගං පජහති, නිරොධෙන්තො සමුදයං පජහති, පටිනිස්සජ්ජන්තො ආදානං පජහතීති (පටි· ම· 3.35) වෙදිතබ්බො.
එසේ මේ කයෙහි කායානුපස්සනා ප්‍රතිපදාවට පිළිපන් යෝගාවචරයා (භික්ඛු) මෙම කය අනිච්ච අනුපස්සනාදීන් හෝ සත් අනුපස්සනා වශයෙන් නිත්‍ය වශයෙන් නොව අනිත්‍ය වශයෙන් බලන්නේය. සුඛ වශයෙන් නොව දුක් වශයෙන් බලන්නේය. ආත්ම වශයෙන් නොව අනාත්ම වශයෙන් බලන්නේය. සතුටුවීම් වශයෙන් නොව කලකිරීම් වශයෙන් බලන්නේය. ඇලීම් වශයෙන් නොව නොඇලීම් වශයෙන් බලන්නේය. සමුදය වශයෙන් නොව නිරෝධ වශයෙන් බලන්නේය. ගැනීම් වශයෙන් නොව හැරදැමීම් වශයෙන් බලන්නේය. හෙතෙම එය අනිත්‍ය වශයෙන් බලන්නේ නිත්‍ය සංඥාව දුරුකරයි. දුක් වශයෙන් බලන්නේ සුඛ සංඥාව දුරු කරයි. අනාත්ම වශයෙන් බලන්නේ ආත්ම සංඥාව දුරුකරයි. කළකිරෙන්නේ තෘෂ්ණාව දුරුකරයි. විරාග වන්නේ රාගය දුරුකරයි. නිරෝධ වන්නේ සමුදය දුරුකරයි. අත්හරින්නේ ගැනීම දුරුකරයි යයි දතයුතුය.
විහරතීති චතූසු ඉරියාපථවිහාරෙසු අඤ්ඤතරවිහාරසමායොගපරිදීපනමෙතං, එකං ඉරියාපථබාධනං අපරෙන ඉරියාපථෙන විච්ඡින්දිත්වා අපතමානං අත්තභාවං හරති පවත්තෙතීති අත්ථො.
විහරති යනු සතර ඉරියව්වලින් එක්තරා ඉරියව්වකින් යුක්ත වූයේ යයි මෙය දක්වයි. ඉරියාපථ බාධනය වෙනත් ඉරියව්වක් සිඳ වැටෙන ශරීරය ගනියි පවත්වයි යන අර්ථයයි.
බහිද්ධා කායෙති පරස්ස කායෙ. අජ්ඣත්තබහිද්ධා කායෙති කාලෙන අත්තනො කායෙ, කාලෙන පරස්ස කායෙ. පඨමනයෙන හි අත්තනො කායෙ කායපරිග්ගහො වුත්තො, දුතියනයෙන පරස්ස කායෙ, තතියනයෙන කාලෙන අත්තනො කාලෙන පරස්ස කායෙ. අජ්ඣත්තබහිද්ධා පන ඝටිතාරම්මණං නාම නත්ථි. පගුණකම්මට්ඨානස්ස පන අපරාපරං සඤ්චරණකාලො එත්ථ කථිතො. ආතාපීති කායපරිග්ගාහකවීරියසමායොගපරිදීපනමෙතං. සො හි යස්මා තස්මිං සමයෙ යං තං වීරියං තීසු භවෙසු කිලෙසානං ආතාපනතො ආතාපොති වුච්චති, තෙන සමන්නාගතො හොති, තස්මා ආතාපීති වුච්චති.
බහිද්ධ කායෙ යනු අන්‍යයාගේ කයෙහි අජ්ඣත්ත බහිද්ධකායෙ යනු කලක තමාගේ කයෙහි කලක අනුන්ගේ කයෙහි. පළමු නයෙහි තමාගේ කයෙහි කය විමසීම කියන ලදි. දෙවන නයෙන් අනුන්ගේ කයෙහි පරීක්ෂා කිරීම කියන ලදි. තුන්වන නයෙන් කලක තමාගේ කයෙහි කලක අනුන්ගේ කයෙහි කාය පිරික්සීම කියන ලදි. අජ්ඣත්ත බහිද්ධා වනාහි ගැටුණු අරමුණක් නැත. කර්මස්ථානය ප්‍රගුණ වූවහුට එහා මෙයා සක්මන් කරන කාලය මෙහි කියන ලදි. ආතාපී යනු කය පිරික්සන වීර්යයෙන් යුක්ත යයි මෙය දක්වයි. හේ ඒ කාලයෙහි ඒ මේ වීර්යයෙන් භවත්‍රයෙහි කෙලෙසුන්ගේ තැවීම් වශයෙන් ආතාප යයි කියනු ලැබේ. එයින් යුක්ත වූයේ ආතාපී යයි කියනු ලැබේ.
සම්පජානොති කායපරිග්ගාහකෙන සම්පජඤ්ඤසඞ්ඛාතෙන ඤාණෙන සමන්නාගතො. සතිමාති කායපරිග්ගාහිකාය සතියා සමන්නාගතො. අයං පන යස්මා සතියා ආරම්මණං පරිග්ගහෙත්වා පඤ්ඤාය අනුපස්සති, න හි සතිවිරහිතස්ස අනුපස්සනා නාම අත්ථි, තෙනෙවාහ – “සතිඤ්ච ඛ්වාහං, භික්ඛවෙ, සබ්බත්ථිකං වදාමී”ති (සං· නි· 5.234), තස්මා එත්ථ “කායෙ කායානුපස්සී විහරතී”ති එත්තාවතා කායානුපස්සනාසතිපට්ඨානකම්මට්ඨානං වුත්තං හොති. අථ වා යස්මා අනාතාපිනො අන්තොසඞ්ඛෙපො අන්තරායකරො හොති, අසම්පජානො උපායපරිග්ගහෙ අනුපායපරිවජ්ජනෙ ච සම්මුය්හති, මුට්ඨස්සතී උපායාපරිච්චාගෙ අනුපායාපරිග්ගහෙ ච අසමත්ථොව හොති, තෙනස්ස තං කම්මට්ඨානං න සම්පජ්ජති; තස්මා යෙසං ධම්මානං ආනුභාවෙන තං සම්පජ්ජති තෙසං දස්සනත්ථං “ආතාපී සම්පජානො සතිමා”ති ඉදං වුත්තන්ති වෙදිතබ්බං.
සම්පජ්ජතා යනු කය පිරික්සන මනා දැනීම් සහිත ඤාණයෙන් යුක්ත වූයේ යන තේරුමය. සතිමා යනු කය පිරික්සන සිහියෙන් යුක්ත වූයේ මේ සිහියෙන් අරමුණු පිරික්සා ප්‍රඥාවෙන් විමසා බලයි. සිහියෙන් තොර අනුපස්සනයක් නැත. එහෙයින් කීහ. “මහණෙනි, සිහිය වනාහි සියල්ලම ඇත්තෙකෙයි කියමි” එහෙයින් මෙහි කායෙ කායානුපස්සී විහරති යන මෙපමණකින් කායානුපස්සනා සතිපට්ඨාන කර්මස්ථානය කියන ලද්දේ වේ. එසේ වුවත් කෙලෙස් තවන වීර්යයෙන් යුක්ත නොවූ යෝගාවචරයාගේ සංක්ෂේප වූ කෙළවර අනතුරු ඇති කරයි. උපාය පිරික්සීමෙහි උපාය පිරික්සීම දුරුකරන, නොදැනීම් ඇති යෝගාවචරයා මුළාවෙයි. උපාය අත්හැරීමෙහි සිහිමුළාවද උපාය පිරික්සීමෙහි අසමර්ථ වෙයි. එහෙයින් ඔහුට මෙම කර්මස්ථානය සිදු නොවේ. එය දැක්වීම සඳහා ආතාපී සම්පජාතො සතිමා යන මෙය කියන ලදැයි දතයුතුය.
ඉති කායානුපස්සනාසතිපට්ඨානං සම්පයොගඞ්ගඤ්ච දස්සෙත්වා ඉදානි පහානඞ්ගං දස්සෙතුං විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සන්ති වුත්තං. තත්ථ විනෙය්යාති තදඞ්ගවිනයෙන වා වික්ඛම්භනවිනයෙන වා විනයිත්වා. ලොකෙති එත්ථ ය්වායං අජ්ඣත්තාදිභෙදො කායො පරිග්ගහිතො ස්වෙව ඉධ ලොකො නාම. තස්මිං ලොකෙ අභිජ්ඣාදොමනස්සං විනයිත්වාති අත්ථො. යස්මා පනෙත්ථ අභිජ්ඣාගහණෙන කාමච්ඡන්දො, දොමනස්සග්ගහණෙන බ්යාපාදො සඞ්ගහං ගච්ඡති, තස්මා නීවරණපරියාපන්නබලවධම්මද්වයදස්සනෙන නීවරණප්පහානං වුත්තං හොතීති වෙදිතබ්බං.
මෙසේ කායානුපස්සනා සතිපට්ඨාන සංයෝගයද පෙන්වා ඇත. පහකළයුතු අංග දැක්වීම විනෙය්ය ලොකෙ අභිජ්ඣා දොමනස්සං යයි කියන ලදි. එහි විනෙය්ය යනු තදංග විනයෙන් හෝ විෂ්කම්භන විනයෙන් හෝ හික්මවා ලොකෙ යනු මෙහි ඒ අජ්ඣත්ත භේද කයම ගන්නා ලදි. ඉධ ලොකෙ නම් ඒ ලෝකයෙහි. අභිධ්‍යා දොම්නස් විනෝදනය කොට (දුරුකොට) යන අර්ථයයි. මෙහි වනාහි අභිජ්ඣා ගැනීමෙන් කාමච්ඡන්දය ද දෝමනස්ස ගැනීමෙන් ව්‍යාපාදය ද සංග්‍රහ කෙරේ. එහෙයින් නීවරණයට ඇතුළත් බලවත් දහම් දෙක දැක්වීමෙන් නීවරණ ප්රහාණය කියන ලද්දේ යයි දතයුතුය.
විසෙසෙන චෙත්ථ අභිජ්ඣාවිනයෙන කායසම්පත්තිමූලකස්ස අනුරොධස්ස, දොමනස්සවිනයෙන කායවිපත්තිමූලකස්ස විරොධස්ස, අභිජ්ඣාවිනයෙන ච කායෙ අභිරතියා, දොමනස්සවිනයෙන කායභාවනාය අනභිරතියා, අභිජ්ඣාවිනයෙන කායෙ අභූතානං සුභසුඛභාවාදීනං පක්ඛෙපස්ස, දොමනස්සවිනයෙන කායෙ භූතානං අසුභාසුඛභාවාදීනං අපනයනස්ස ච පහානං වුත්තං. තෙන යොගාවචරස්ස යොගානුභාවො යොගසමත්ථතා ච දීපිතා හොති. යොගානුභාවො හි එස යදිදං අනුරොධවිරොධවිප්පමුත්තො, අරතිරතිසහො, අභූතපක්ඛෙපභූතාපනයනවිරහිතො ච හොති. අනුරොධවිරොධවිප්පමුත්තො චෙස අරතිරතිසහො අභූතං අපක්ඛිපන්තො භූතඤ්ච අනපනෙන්තො යොගසමත්ථො හොතීති.
මෙහි විශේෂයෙන් අභිධ්‍යා විනෝදනයෙන් කය සම්පත් මූලික එකඟකමද දොම්නස් විනෝදනයෙන් කය විපත් මූලික විරෝධයද අභිධ්‍යා විනෝදනයන් කය ඇල්මද දොම්නස් විනෝදනයෙන් කාය භාවනාවෙහි නොඇල්මද අභිධ්‍යා විනෝදනයෙන් කයේ නැති සුඛ සුව ආදියේ ප්රතික්ෂෙපයද දොම්නස් විනෝදනයෙන් කයෙහි ඇති අසුබ අසුව ආදියේ අත්හැරීමේ ප්‍රහාණයද කියන ලදි. එයින් යෝගාවචරයාගේ යෝගානුභාවයද යෝග සාමාර්ථ්යද දක්වන ලදි. යෝගානුභාවයෙහි මෙය එකඟවීම් විරෝධයෙන් මිදෙන්නේ නොඇල්මෙහි ඇලී නොවීම් හැර වීම් අත්හැරීම් විරහිතද වේ. එකඟවීම් විරෝධ වෙන්වීම්ද මෙය අරතිරති සහො වේ. නොවීම නොදමා, වීමද ඉවත් නොකරමින් යෝග සමර්ථය වේ.
අපරො නයො – “කායෙ කායානුපස්සී”ති එත්ථ අනුපස්සනාය කම්මට්ඨානං වුත්තං. විහරතීති එත්ථ වුත්තවිහාරෙන කම්මට්ඨානිකස්ස කායපරිහරණං. ආතාපීතිආදීසු ආතාපෙන සම්මප්පධානං, සතිසම්පජඤ්ඤෙන සබ්බත්ථිකකම්මට්ඨානං, කම්මට්ඨානපරිහරණූපායො වා; සතියා වා කායානුපස්සනාවසෙන පටිලද්ධසමථො, සම්පජඤ්ඤෙන විපස්සනා , අභිජ්ඣාදොමනස්සවිනයෙන භාවනාඵලං වුත්තන්ති වෙදිතබ්බං. අයං තාව කායානුපස්සනාසතිපට්ඨානුද්දෙසස්ස අත්ථවණ්ණනා.
තව නයක්, කායෙ කායානුපස්සී යන මෙහි නුවණින් බැලීම සඳහා කර්මස්ථාන කියන ලදි. විහරති යන මෙහි කියන ලද විහරණයෙන් කමටහන් ගත් යෝගාවචරයාගේ කයේ පරිහරණයයි. ආතාපී යනාදියෙහි තැවීමේ ප්‍රධන් වීර්යය, සිහි කල්පනාවෙන් කමටහනින් හැමතැනම, කමටහන පරිහරණය කරන උපාය හෝ සිහියෙන් හෝ කායානුපස්සනා වශයෙන් පිළිලැබූ සමථය දැකීම විදර්ශනාව අභිජ්ඣා දෝමනස්ස විනයෙන් (හික්මීමෙන්) භාවනාවේ ප්‍රතිඵල කියන ලදැයි දතයුතුය. මෙය කායානුපස්සනා සතිපට්ඨනාවෙහි අනුද්දේස වර්ණනාවයි.
වෙදනානුපස්සනාදිඋද්දෙසවණ්ණනා
වෙදනානුපස්සනාදිඋද්දෙසවණ්ණනා
වෙදනානුපස්සනාසතිපට්ඨානුද්දෙසාදීසුපි අජ්ඣත්තාදීනි වුත්තනයෙනෙව වෙදිතබ්බානි. එතෙසුපි හි අත්තනො වෙදනාදීසු, පරස්ස වෙදනාදීසු, කාලෙන අත්තනො කාලෙන පරස්ස වෙදනාදීසූති තිවිධො පරිග්ගහො වුත්තො. වෙදනාසු වෙදනානුපස්සීතිආදීසු ච වෙදනාදීනං පුනවචනෙ පයොජනං කායානුපස්සනායං වුත්තනයෙනෙව වෙදිතබ්බං. වෙදනාසු වෙදනානුපස්සී, චිත්තෙ චිත්තානුපස්සී, ධම්මෙසු ධම්මානුපස්සීති එත්ථ පන වෙදනාති තිස්සො වෙදනා. තා ච ලොකියා එව; චිත්තම්පි ලොකියං, තථා ධම්මා. තෙසං විභාගො නිද්දෙසවාරෙ පාකටො භවිස්සති. කෙවලං පනිධ යථා වෙදනා අනුපස්සිතබ්බා තථා අනුපස්සන්තො “වෙදනාසු වෙදනානුපස්සී”ති වෙදිතබ්බො. එස නයො චිත්තධම්මෙසු. කථඤ්ච වෙදනා අනුපස්සිතබ්බාති? සුඛා තාව වෙදනා දුක්ඛතො, දුක්ඛා සල්ලතො, අදුක්ඛමසුඛා අනිච්චතො. යථාහ –
වේදනානුපස්සනා සතිපට්ඨාන උද්දේසාදියෙහිද අජ්ඣත්තාදිය කියන ලද නයින්ම දතයුතුය. මේවායෙහි ද තමාගේ වේදනාදියෙහි අනුන්ගේ වේදනාදියෙහි කලක තමා කලක අනුන්ගේ වේදනාදියෙහි යයි තුන් ආකාර විමසීම කියන ලදි. වේදනාසු වේදනානුපස්සී යනාදියෙහිද වේදනාදියේ නැවත වචනයෙහි ප්‍රයෝජන කායානුපස්සනාවේ කී නයින් දතයුතුය. වේදනාසු වේදනානුපස්සී චිත්තෙ චිත්තානුපස්සී ධම්මෙසු ධම්මානුපස්සී යන මෙහි වෙදනා යනු තුන් වේදනාය. එයද ලෞකිකය. සිතද ලෞකිකය. ධර්මයද එසේය. ඒවායෙහි විභාගය නිද්දේස වාරයෙහි ප්‍රකට වන්නේය. මෙහි හුදෙක් වේදනාව යම්සේ විමසිය යුතුද එසේ විමසන්නේ වේදනාසු වේදනානුපස්සී යයි දතයුතුය. චිත්ත කර්ම කෙරෙහිද මෙම නයයි. වේදනාව විමසිය යුත්තේ කෙසේද යන සැපය වේදනාවන්නේ දුකකිනි. දුකක් වන්නේ උලකිනි. අනිත්‍යයෙන් අදුක්ඛමසුඛ වේ. යම්සේ කීහ.
“යො සුඛං දුක්ඛතො අද්ද, දුක්ඛමද්දක්ඛි සල්ලතො; අදුක්ඛමසුඛං සන්තං, අද්දක්ඛි නං අනිච්චතො; ස වෙ සම්මදසො භික්ඛු, උපසන්තො චරිස්සතී”ති. (සං· නි· 4.253);
සැප දුක සේ දකින - දුක දකින්නා උල සේ අනිසයි අදුක්සුව - නැණසින් දකින එය නම් ඇති හරි දැකුම බිකු - හැසිරෙයි උපසාන්තව
සබ්බා එව චෙතා දුක්ඛාතිපි අනුපස්සිතබ්බා. වුත්තඤ්චෙතං – “යං කිඤ්චි වෙදයිතං තං දුක්ඛස්මින්ති වදාමී”ති (සං· නි· 4.259). සුඛදුක්ඛතොපි ච අනුපස්සිතබ්බා, යථාහ – “සුඛා ඛො, ආවුසො විසාඛ, වෙදනා ඨිතිසුඛා, විපරිණාමදුක්ඛා”ති (ම· නි· 1.465) සබ්බං විත්ථාරෙතබ්බං. අපිච අනිච්චාදිසත්තානුපස්සනාවසෙනපි (පටි· ම· 3.35) අනුපස්සිතබ්බා. සෙසං නිද්දෙසවාරෙයෙව පාකටං භවිස්සති.
සියළු චේතනා දුකයයි විමසිය යුතුය. මෙය කියන ලදි. “විඳින යම්කිසිවක් වේනම් ඒ සියල්ල දුක් යයි කියමි.” යන සැප දුක් වශයෙන් විමසිය යුතුය. යම්සේ කීහ. “සැපවේදනා පවතිනවිට සැපය. වෙනස් වනවිට දුකය” සියල්ල විස්තර කළ යුතුය. තවද අනිත්‍යාදි සත අනුපස්සනා වශයෙන් විමසිය යුතුය. සෙස්ස නිද්දේස වාරයෙහි ප්‍රකට වන්නේය.
චිත්තධම්මෙසුපි චිත්තං තාව ආරම්මණාධිපතිසහජාතභූමිකම්මවිපාකකිරියාදිනානත්තභෙදානං අනිච්චාදිනුපස්සනානං නිද්දෙසවාරෙ ආගතසරාගාදිභෙදානඤ්ච වසෙන අනුපස්සිතබ්බං. ධම්මා සලක්ඛණසාමඤ්ඤලක්ඛණානං සුඤ්ඤතාධම්මස්ස අනිච්චාදිසත්තානුපස්සනානං නිද්දෙසවාරෙ ආගතසන්තාසන්තාදිභෙදානඤ්ච වසෙන අනුපස්සිතබ්බා. සෙසං වුත්තනයමෙව. කාමඤ්චෙත්ථ යස්ස කායසඞ්ඛාතෙ ලොකෙ අභිජ්ඣාදොමනස්සං පහීනං, තස්ස වෙදනාදිලොකෙසුපි තං පහීනමෙව. නානාපුග්ගලවසෙන පන නානාචිත්තක්ඛණිකසතිපට්ඨානභාවනාවසෙන ච සබ්බත්ථ වුත්තං. යතො වා එකත්ථ පහීනං, සෙසෙසුපි පහීනං හොති. තෙනෙවස්ස තත්ථ පහානදස්සනත්ථම්පි එවං වුත්තන්ති වෙදිතබ්බන්ති.
චිත්ත ධම්ම දෙකෙහිද සිත ආරම්මණ අධිපති සහජාත භූමි කම්ම විපාක කිරිය ආදි නොයෙක් බේද අනිච්චාදි අනුපස්සනාවන්ගේ නිද්දේස වාරයෙහි එන සරාග ආදි බේද වශයෙන් විමසිය යුතුය. ධම්ම ස්වලක්ෂණ සාමඤ්ඤ ලක්ෂණ (ප්‍රතිඵල) වල ශූන්‍යතාව ධර්මයේ අනිත්‍යාදි සත් අනුපස්සනා නිද්දේස වාරයෙහි එන සාන්ත අසාන්ත ආදි බේද වශයෙන් විමසිය යුතුය. සෙස්ස කියන ලද නය අනුවය. මෙහි කාමයද යමෙකුගේ කාය සංඛ්‍යාත ලෝකයෙහි අභිධ්‍යා දොම්නස් ප්‍රහීණද ඔහුගේ වේදනාදි ලෝකයෙහිද එය ප්රහීණම වේ. එයින්ම එහි ප්‍රහාණ දැක්වීම් අර්ථයද මෙසේ කියන ලදැයි දතයුතුය.
උද්දෙසවාරවණ්ණනා නිට්ඨිතා.
උද්දේශවාර කථාව අවසානය.