යෙදුමෙන් කියවන්න

හෙතුචතුක‍්කං

366. අවිජ‍්ජාපච‍්චයා සඞ‍්ඛාරො අවිජ‍්ජාහෙතුකො, සඞ‍්ඛාරපච‍්චයා විඤ‍්ඤාණං සඞ‍්ඛාරහෙතුකං, විඤ‍්ඤාණපච‍්චයා නාමං විඤ‍්ඤාණහෙතුකං, නාමපච‍්චයා ඡට‍්ඨායතනං නාමහෙතුකං, ඡට‍්ඨායතනපච‍්චයා ඵස‍්සො ඡට‍්ඨායතනහෙතුකො, ඵස‍්සපච‍්චයා වෙදනා ඵස‍්සහෙතුකා, වෙදනාපච‍්චයා තණ‍්හා වෙදනාහෙතුකා, තණ‍්හාපච‍්චයා උපාදානං තණ‍්හාහෙතුකං, උපාදානපච‍්චයා භවො, භවපච‍්චයා ජාති, ජාතිපච‍්චයා ජරාමරණං. එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස සමුදයො හොති.

366. අවිද්‍යාප්‍රත්‍යයෙන් අවිද්‍යාව හේතුකොට ඇති සංස්කාරය වෙයි, සංස්කාර ප්‍රත්‍යයෙන් සංස්කාර හේතුකොට ඇති විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් විඥානය හේතු කොට ඇති නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් නාමය හේතු කොට ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය හේතුකොට ඇති ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් ස්පර්‍ශය හේතුකොට ඇති වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් වේදනා හේතුකොට ඇති තෘෂ්ණාව වෙයි, තෘෂ්ණාප්‍රත්‍යයෙන් තෘෂ්ණා හේතු කොට ඇති උපාදානය වෙයි, උපාදාන ප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වෙයි. මෙසේ මේ සියලු දුඃඛස්කන්‍ධයාගේ සමුදය වේ.

අවිජ‍්ජාපච‍්චයා සඞ‍්ඛාරො අවිජ‍්ජාහෙතුකො, සඞ‍්ඛාරපච‍්චයා විඤ‍්ඤාණං සඞ‍්ඛාරහෙතුකං, විඤ‍්ඤාණපච‍්චයා නාමං විඤ‍්ඤාණහෙතුකං, නාමපච‍්චයාඵස‍්සො නාමහෙතුකො, ඵස‍්සපච‍්චයාවෙදනා වෙදනා ඵස‍්සහෙතුකා, වෙදනාපච‍්චයා තණ‍්හා වෙදනාහෙතුකා, තණ‍්හාපච‍්චයා උපාදානං තණ‍්හාහෙතුකං, උපාදානපච‍්චයා භවො, භවපච‍්චයා ජාති, ජාතිපච‍්චයා ජරාමරණං. එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස සමුදයො හොති.

අවිද්‍යාප්‍රත්‍යයෙන් අවිද්‍යාව හේතුකොට ඇති සංස්කාරය වෙයි, සංස්කාරප්‍රත්‍යයෙන් සංස්කාරය හේතුකොට ඇති විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් විඥානය හේතු කොට ඇති නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් නාමය හේතු කොට ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් ස්පර්‍ශය හේතුකොට ඇති වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් වේදනාව හේතුකොට ඇති තෘෂ්ණාව වෙයි, තෘෂ්ණාප්‍රත්‍යයෙන් තෘෂ්ණා හේතු කොට ඇති උපාදානය වෙයි, උපාදානප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වෙයි. මෙසේ මේ සියලු දුඃඛස්කන්‍ධයාගේ සමුදය වේ.

අවිජ‍්ජාපච‍්චයා සඞ‍්ඛාරො අවිජ‍්ජාහෙතුකො, සඞ‍්ඛාරපච‍්චයා විඤ‍්ඤාණං සඞ‍්ඛාරහෙතුකං, විඤ‍්ඤාණපච‍්චයා නාමරූපං විඤ‍්ඤාණහෙතුකං, නාමරූපපච‍්චයා ඡට‍්ඨායතනං නාමරූපහෙතුකං, ඡට‍්ඨායතනපච‍්චයා ඵස‍්සො, ඡට‍්ඨායතනහෙතුකො, ඵස‍්සපච‍්චයා වෙදනා ඵස‍්සහෙතුකා, වෙදනාපච‍්චයා තණ‍්හා වෙදනාහෙතුකා, තණ‍්හාපච‍්චයා උපාදානං තණ‍්හාහෙතුකං, උපාදානපච‍්චයා භවො, භවපච‍්චයා ජාති, ජාතිපච‍්චයා ජරාමරණං. එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස සමුදයො හොති.

අවිද්‍යාප්‍රත්‍යයෙන් අවිද්‍යා හේතුකොට ඇති සංස්කාරය වෙයි. සංස්කාරප්‍රත්‍යයෙන් සංස්කාර හේතුකොට ඇති විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් විඥාන හේතු කොට ඇති නාමරූපය වෙයි, නාමරූපප්‍රත්‍යයෙන් නාමරූප හේතුකොට ඇති ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය හේතුකොට ඇති ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් ස්පර්‍ශය හේතුකොට ඇති වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් වේදනාව හේතුකොට ඇති තෘෂ්ණාව වෙයි, තෘෂ්ණාප්‍රත්‍යයෙන් තෘෂ්ණාව හේතුකොට ඇති උපාදානය වෙයි, උපාදාන ප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වෙයි, මෙසේ මේ සියලු දුඃඛස්කන්‍ධයාගේ සමුදය වේ.

අවිජ‍්ජාපච‍්චයා සඞ‍්ඛාරො අවිජ‍්ජාහෙතුකො, සඞ‍්ඛාරපච‍්චයා විඤ‍්ඤාණං සඞ‍්ඛාරහෙතුකං, විඤ‍්ඤාණපච‍්චයා නාමරූපං විඤ‍්ඤාණහෙතුකං, නාමරූපපච‍්චයා සළායතනං නාමරූපහෙතුකං, ඡට‍්ඨායතනපච‍්චයා ඵස‍්සො ඡට‍්ඨායතනහෙතුකො, ඵස‍්සපච‍්චයා වෙදනා ඵස‍්සහෙතුකා, වෙදනාපච‍්චයා තණ‍්හා වෙදනාහෙතුකා, තණ‍්හාපච‍්චයා උපාදානං, තණ‍්හාහෙතුකං, උපාදානපච‍්චයා භවො, භවපච‍්චයා ජාති, ජාතිපච‍්චයා ජරාමරණං. එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස සමුදයො හොති.

අවිද්‍යාප්‍රත්‍යයෙන් අවිද්‍යාව හේතුකොට ඇති සංස්කාරය වෙයි, සංස්කාරප්‍රත්‍යයෙන් සංස්කාර හේතු කොට ඇති විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් විඥානය හේතුකොට ඇති නාමරූප වෙයි, නාමරූපප්‍රත්‍යයෙන් නාමරූප හේතුකොට ඇති ෂඩායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය හේතුකොට ඇති ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් ස්පර්‍ශය හේතුකොට ඇති වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් වේදනාව හේතුකොට ඇති තෘෂ්ණාව වෙයි, තෘෂ්ණාප්‍රත්‍යයෙන් තෘෂ්ණාව හේතුකොට ඇති උපාදානය වෙයි, උපාදානප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වෙයි. මෙසේ මේ සියලු දුඃඛරාශිහුගේ සමුදය වේ.

හෙතුචතුක‍්කං.

හේතුචතුෂ්ක යි.