පච්චයචතුක්කං
369. සඞ්ඛාරපච්චයා අවිජ්ජා -පෙ- විඤ්ඤාණපච්චයා අවිජ්ජා -පෙ- නාමපච්චයා අවිජ්ජා -පෙ- ඡට්ඨායතනපච්චයා අවිජ්ජා -පෙ- ඵස්සපච්චයා අවිජ්ජා -පෙ- වෙදනාපච්චයා අවිජ්ජා -පෙ- තණ්හාපච්චයා අවිජ්ජා -පෙ- උපාදානපච්චයා අවිජ්ජා -පෙ- අවිජ්ජාපච්චයා සඞ්ඛාරො, සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං, විඤ්ඤාණපච්චයා නාමං, නාමපච්චයා ඡට්ඨායතනං, ඡට්ඨායතනපච්චයා ඵස්සො, ඵස්සපච්චයා වෙදනා, වෙදනාපච්චයා තණ්හා, තණ්හාපච්චයා උපාදානං, උපාදානපච්චයා භවො, භවපච්චයා ජාති, ජාතිපච්චයා ජරාමරණං. එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති.
369. සංස්කාරප්‍රත්‍යයෙන් අවිද්‍යාව වෙයි … විඥානප්‍රත්‍යයෙන් අවිද්‍යාව වෙයි … නාමප්‍රත්‍යයෙන් අවිද්‍යාව වෙයි … ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් අවිද්‍යාව වෙයි … ස්පර්ශප්රත්යයෙන් අවිද්‍යාව වෙයි … වේදනාප්‍රත්‍යයෙන් අවිද්‍යාව වෙයි … තෘෂ්ණාප්‍රත්‍යයෙන් අවිද්‍යාව වෙයි … උපාදානප්‍රත්‍යයෙන් අවිද්‍යාව වෙයි … අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරය වෙයි. සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි. විඥානප්‍රත්‍යයෙන් නාමය වෙයි. නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය වෙයි. ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්ශය වෙයි. ස්පර්ශප්රත්යයෙන් වේදනාව වෙයි. වේදනාප්‍රත්‍යයෙන් තෘෂ්ණාව වෙයි. තෘෂ්ණාප්‍රත්‍යයෙන් උපාදානය වෙයි. උපාදානප්‍රත්‍යයෙන් භවය වෙයි. භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි. ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වෙයි. මෙසේ මේ සියලු දුක්ඛක්ඛන්‍ධයාගේ සමුදය වේ.
මාතිකා.
මාතෘකා යි.
370. කතමෙ ධම්මා අකුසලා: යස්මිං සමයෙ අකුසලං චිත්තං උප්පන්නං හොති සොමනස්සසහගතං දිට්ඨිගතසම්පයුත්තං රූපාරම්මණං වා සද්දාරම්මණං වා ගන්ධාරම්මණං වා රසාරම්මණං වා ඵොට්ඨබ්බාරම්මණං වා ධම්මාරම්මණං වා, යං යං වා පනාරබ්භ තස්මිං සමයෙ අවිජ්ජාපච්චයා සඞ්ඛාරො, සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං, විඤ්ඤාණපච්චයා නාමං, නාමපච්චයා ඡට්ඨායතනං, ඡට්ඨායතනපච්චයා ඵස්සො, ඵස්සපච්චයා වෙදනා, වෙදනාපච්චයා තණ්හා, තණ්හාපච්චයා උපාදානං, උපාදානපච්චයා භවො, භවපච්චයා ජාති, ජාතිපච්චයා ජරාමරණං. එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති.
370. අකුශලධර්‍මයෝ කවරහ යත්: යම් කලෙක රූපාලම්බන වේවයි, ශබ්දාලම්බන වේවයි, ගන්‍ධාලම්බන වේවයි, රසාලම්බන වේවයි, ස්ප්‍රෂ්ටව්‍යාලම්බන වේවයි, ධර්මාලම්බන වේවයි, යම් යම් අරමුණක් හෝ ඇරැබැ සොම්නස් සහගත වූ මිථ්‍යාදෘෂ්ටිය හා ඒකෝත්පාදාදි ප්‍රකාරයෙන් යුක්ත වූ අකුශලචිත්තය උපදනේ වේ ද, එසමයෙහි අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාරය වෙයි. සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි. විඥානප්‍රත්‍යයෙන් නාමය වෙයි. නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය වෙයි. ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්ශය වෙයි. ස්පර්ශප්රත්යයෙන් වේදනාව වෙයි. වේදනාප්‍රත්‍යයෙන් තෘෂ්ණාව වෙයි. තෘෂ්ණාප්‍රත්‍යයෙන් උපාදානය වෙයි. උපාදානප්‍රත්‍යයෙන් භවය වෙයි. භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි. ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වෙයි. මෙසේ මේ සියලු දුක්රැස උපදනේ වේ.
371. තත්ථ කතමා අවිජ්ජා: යං අඤ්ඤාණං අදස්සනං අනභිසමයො අනනුබොධො අසම්බොධො අප්පටිවෙධො අසඞ්ගාහණා අපරියොගාහණා අසමපෙක්ඛණා අපච්චවෙක්ඛණා අපච්චක්ඛකම්මං දුම්මෙජ්ඣං බාල්යං අසම්පජඤ්ඤං මොහො පමොහො සම්මොහො අවිජ්ජා අවිජ්ජොඝො අවිජ්ජායොගො අවිජ්ජානුසයො අවිජ්ජාපරියුට්ඨානං අවිජ්ජාලඞ්ගි මොහො අකුසලමූලං, අයං වුච්චති අවිජ්ජා.
371. එහි අවිද්‍යා කවර යත්: යම් සිව්සස් නො දැනීමෙක් නො දැකීමෙක් අනවබෝධයෙක් අනනුබෝධයෙක් අසම්බෝධයෙක් අප්‍රතිවේධයෙක් (අනිත්‍යාදි සාමාන්‍ය හෙයින්) මොනොවට නො ගැනීමෙක් හාත්පසින් නො බැසගැනීමෙක් සමව නො බැලීමෙක් ප්රත්යවේක්ෂා නො කිරීමෙක් ප්රත්යක්ෂ නො කිරීමෙක් දුර්මේධ්‍ය (අපවිත්‍ර) බවෙක් බාල්‍යයෙක් අසම්‍යග්ඥානයෙක් මෝහයෙක් ප්‍රමෝහයෙක් සම්මෝහයෙක් අවිද්‍යාවක් අවිද්‍යාඕඝයෙක් අවිද්‍යායෝගයෙක් අවිද්‍යාඅනුශයයෙක් අවිද්‍යාපර්‍ය්‍යුත්‍ථානයෙක් අවිද්‍යාපරිඝයෙක් මෝහ සඞ්ඛ්‍යාත අකුශලමූලයෙක් වේ ද, මේ ‘අවිද්‍යා’ යි කියනු ලැබේ.
තත්ථ කතමො අවිජ්ජාපච්චයා සඞ්ඛාරො: යා චෙතනා සඤ්චෙතනා චෙතයිතත්තං, අයං වුච්චති අවිජ්ජාපච්චයා සඞ්ඛාරො.
එහි අවිද්‍යාප්‍රත්‍යයෙන් වූ සංස්කාරය කවරෙ යත්: යම් චේතනාවක් සංචේතනාවක් සිතන ලද බවෙක් වේ ද, මේ අවිද්‍යාප්‍රත්‍යයෙන් වූ සංස්කාර යයි කියනු ලැබේ.
තත්ථ කතමං සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං: යං චිත්තං මනො මානසං හදයං පණ්ඩරං මනො මනායතනං මනින්ද්රියං විඤ්ඤාණං විඤ්ඤාණක්ඛන්ධො තජ්ජා මනොවිඤ්ඤාණධාතු, ඉදං වුච්චති සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං.
එහි සංස්කාරප්‍රත්‍යයෙන් වූ විඥානය කවරෙ යත්: යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් චිත්තයෙක් (පණ්ඩර) භවාඞ්ගචිත්තයෙක් මනසඞ්ඛ්‍යාත මනායතනයෙක් මනින්ද්රියයෙක් විඥානයෙක් විඥානස්කන්ධයෙක් තදනුරූප වූ මනෝවිඥානධාතුයෙක් වේ ද, මේ ‘සංස්කාරප්‍රත්‍යයෙන් විඥාන’ යි කියනු ලැබේ.
තත්ථ කතමං විඤ්ඤාණපච්චයා නාමං: වෙදනාක්ඛන්ධො සඤ්ඤාක්ඛන්ධො සඞ්ඛාරක්ඛන්ධො, ඉදං වුච්චති විඤ්ඤාණපච්චයා නාමං.
එහි විඥානප්‍රත්‍යයෙන් (උපදනා) නාමය කවරෙ යත්: වේදනාස්කන්‍ධ ය සංඥා ස්කන්ධ ය සංස්කාරස්කන්‍ධ යි. මේ ‘විඥානප්‍රත්‍යයෙන් නාම’ යයි කියනු ලැබේ.
තත්ථ කතමං නාමපච්චයා ඡට්ඨායතනං: යං චිත්තං මනො මානසං හදයං පණ්ඩරං මනො මනායතනං මනින්ද්රියං විඤ්ඤාණං විඤ්ඤාණක්ඛන්ධො තජ්ජා මනොවිඤ්ඤාණධාතු, ඉදං වුච්චති නාමපච්චයා ඡට්ඨායතනං.
එහි නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය කවරෙ යත්: යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් හෘදයෙක් පණ්ඩරයෙක් මන සඞ්ඛ්‍යාත මනායතනයෙක් මනින්ද්රියයෙක් විඥානයෙක් විඥානස්කන්ධයෙක් තදනුරූප වූ මනෝවිඥානධාතුයෙක් වේ ද, මේ නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතන යයි කියනු ලැබේ.
තත්ථ කතමො ඡට්ඨායතනපච්චයා ඵස්සො: යො ඵස්සො ඵුසනා සම්ඵුසනා සම්ඵුසිතත්තං, අයං වුච්චති ඡට්ඨායතනපච්චයා ඵස්සො.
එහි ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්ශ කවරෙ යත්: යම් ස්පර්‍ශයෙක් ස්පර්ශ කරන අයුරෙක් මොනොවට ස්පර්ශ කරන අයුරෙක් ස්පර්ශ කළ බවෙක් වේ ද, මේ ෂෂ්ඨායතන ප්‍රත්‍යයෙන් ස්පර්ශ යයි කියනු ලැබේ.
තත්ථ කතමා ඵස්සපච්චයා වෙදනා: යං චෙතසිකං සාතං චෙතසිකං සුඛං චෙතොසම්ඵස්සජං සාතං සුඛං වෙදයිතං චෙතොසම්ඵස්සජා සාතා සුඛා වෙදනා, අයං වුච්චති ඵස්සපච්චයා වෙදනා.
එහි ස්පර්ශප්රත්යයෙන් වේදනා කවර යත්: යම් චෛතසික වූ මිහිරි බවෙක් චෛතසික වූ සුඛයෙක් චේතෝසම්ඵස්සයෙන් උපන් සාතසුඛවේදයිතයෙක් චේතෝසම්ඵස්සයෙන් උපන් සාතසුඛවේදනායෙක් වේ ද, මේ ස්පර්ශප්රත්යයෙන් වේදනා යි කියනු ලැබේ.
තත්ථ කතමා වෙදනාපච්චයා තණ්හා: යො රාගො සාරාගො අනුනයො අනුරොධො නන්දි නන්දිරාගො චිත්තස්ස සාරාගො, අයං වුච්චති වෙදනාපච්චයා තණ්හා.
එහි වේදනාප්‍රත්‍යයෙන් තෘෂ්ණා කවර යත්: යම් රාගයෙක් බලවත් රාගයෙක් අනුනයෙක් අනුරෝධයෙක් (ඇලීමෙක්) නන්‍දියෙක් නන්දිරාගයෙක් චිත්තයාගේ බලවත් රාගයෙක් වේ ද, මේ වේදනාප්‍රත්‍යයෙන් තෘෂ්ණා යයි කියනු ලැබේ.
තත්ථ කතමං තණ්හාපච්චයා උපාදානං: යා දිට්ඨි දිට්ඨිගතං දිට්ඨිගහනං දිට්ඨිකන්තාරො දිට්ඨිවිසූකායිකං දිට්ඨිවිප්ඵන්දිතං දිට්ඨිසඤ්ඤොජනංගාහො පතිට්ඨාහො අභිනිවෙසො පරාමාසො කුම්මග්ගො මිච්ඡාපථො මිච්ඡත්තං තිත්ථායතනං විපරියෙසගාහො, ඉදං වුච්චති තණ්හාපච්චයා උපාදානං.
එහි තෘෂ්ණාප්‍රත්‍යයෙන් උපාදාන කවරෙ යත්: යම් දෘෂ්ටියෙක් දෘෂ්ටිගතයෙක් දෘෂ්ටිගහනයෙක් දෘෂ්ටිකාන්තාරයෙක් විරූපදෘෂ්ටියෙක් දෘෂ්ටිවිෂ්පන්දිතයෙක් දෘෂ්ටි සංයෝජනයෙක් ග්‍රාහයෙක් පිහිටා සිටීමෙක් බැසැගෙන සිටීමෙක් පරාමර්‍ශයෙක් කුත්සිත මාර්ගයෙක් මිථ්‍යාපථයෙක් මිථ්‍යාත්‍වයෙක් තීර්‍ත්‍ථායතනයෙක් විපර්‍ය්‍යාසග්‍රාහයෙක් වේ ද, මේ තෘෂ්ණාප්‍රත්‍යයෙන් උපාදාන යි කියනු ලැබේ.
තත්ථ කතමො උපාදානපච්චයා භවො: ඨපෙත්ථා උපාදානං වෙදනාක්ඛන්ධො සඤ්ඤාක්ඛන්ධො සඞ්ඛාරක්ඛන්ධො විඤ්ඤාණක්ඛන්ධො, අයං වුච්චති උපාදානපච්චයා භවො.
එහි උපාදානප්‍රත්‍යයෙන් භව කවරෙ යත්: උපාදානය තබා වේදනාස්කන්ධය සංඥාස්කන්ධය සංස්කාරස්න්‍ධය විඥානස්කන්ධය යන මේ උපාදානප්‍රත්‍යයෙන් භව යයි කියනු ලැබේ.
තත්ථ කතමා භවපච්චයා ජාති: යා තෙසං තෙසං ධම්මානං ජාති සඤ්ජාති නිබ්බත්ති අභිනිබ්බත්ති පාතුභාවො, අයං වුච්චති භවපච්චයා ජාති.
එහි භවප්‍රත්‍යයෙන් ජාති කවර යත්: ඒ ඒ ධර්මයන්ගේ යම් ඉපැද්මෙක් මොනොවට ඉපැද්මෙක් නිපැද්මෙක් වෙසෙසින් නිපැද්මෙක් පහළවීමෙක් වේ ද, මේ භවප්‍රත්‍යයෙන් ජාති යයි කියනු ලැබේ.
තත්ථ කතමං ජාතිපච්චයා ජරාමරණං: අත්ථි ජරා, අත්ථි මරණං.
එහි ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ කවරෙ යත්: ජරායෙක් ඇත, මරණයෙක් ඇති.
තත්ථ කතමා ජරා: යා තෙසං තෙසං ධම්මානං ජරා ජීරණතා ආයුනො සංහානි, අයං වුච්චති ජරා.
එහි ජරා කවර යත්: ඒ ඒ ධර්මයන්ගේ යම් දිරීමෙක් දිරන බවෙක් ආයුෂයාගේ පිරිහීමෙක් වේ ද, මේ ජරා යි කියනු ලැබේ.
තත්ථ කතමං මරණං: යො තෙසං තෙසං ධම්මානං ඛයො වයො භෙදො පරිභෙදො අනිච්චතා අන්තරධානං, ඉදං වුච්චති මරණං. ඉති අයඤ්ච ජරා ඉදඤ්ච මරණං, ඉදං වුච්චති ජාතිපච්චයා ජරාමරණං.
එහි මරණ කවරෙ යත්: ඒ ඒ ධර්මයන්ගේ යම් ක්ෂය වීමෙක් ව්‍යය වීමෙක් බිඳීමෙක් හාත්පසින් බිඳීමෙක් අනිත්‍ය බවෙක් අතුරුදහන් වීමෙක් වේ ද, මේ මරණ යි කියනු ලැබේ. මෙසේ මේ ජරාව ද, මේ මරණය ද යන මේ ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ යි කියනු ලැබේ.
එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොතීති එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සඞ්ගති හොති, සමාගමො හොති, සමොධානං හොති, පාතුභාවො හොති, තෙන වුච්චති එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොතීති.
‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයෝ හොති’ යනු මෙසේ මේ සියලු දුඃඛරාශිහුගේ සඞ්ගතිය වෙයි. සමාගමය වෙයි. සමවධානය වෙයි. ප්රාදුර්භාවය වෙයි. එහෙයින් ‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයෝ හොති’ යි කියනු ලැබේ.
372. තස්මිං සමයෙ අවිජ්ජාපච්චයා සඞ්ඛාරො, සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං, විඤ්ඤාණපච්චයා නාමං, නාමපච්චයා ඵස්සො, ඵස්සපච්චයා වෙදනා, වෙදනාපච්චයා තණ්හා, තණ්හාපච්චයා උපාදානං, උපාදානපච්චයා භවො, භවපච්චයා ජාති, ජාතිපච්චයා ජරාමරණං. එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති.
372. එසමයෙහි අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරය වෙයි, සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් ස්පර්ශය වෙයි, ස්පර්ශප්රත්යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් තෘෂ්ණාව වෙයි, තෘෂ්ණාප්‍රත්‍යයෙන් උපාදානය වෙයි, උපාදානප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වෙයි. මෙසේ සියලු දුක්ඛක්ඛන්‍ධයාගේ සමුදය වේ.
තත්ථ කතමා අවිජ්ජා: යං අඤ්ඤාණං අදස්සනං -පෙ- අවිජ්ජාලඞ්ගි මොහො අකුසලමූලං, අයං වුච්චති අවිජ්ජා.
එහි අවිද්‍යාව කවර යත්: යම් අඥානයෙක් අදර්‍ශනයෙක් … අවිද්‍යාපරිඝයෙක් මෝහසඞ්ඛ්‍යාත අකුශලමූලයෙක් වේ ද, මේ අවිද්‍යාවයි කියනු ලැබේ.
තත්ථ කතමො අවිජ්ජාපච්චයා සඞ්ඛාරො: යා චෙතනා සඤ්චෙතනා චෙතයිතත්තං, අයං වුච්චති අවිජ්ජාපච්චයා සඞ්ඛාරො.
එහි අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරය කවරෙ යත්: යම් චේතනාවක් සඤ්චේතනාවක් සිතන ලද බවෙක් වේ ද, මේ අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරයි කියනු ලැබේ.
තත්ථ කතමං සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං: යං චිත්තං මනො මානසං -පෙ- තජ්ජා මනොවිඤ්ඤාණධාතු, ඉදං වුච්චති සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං.
එහි සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය කවරෙ යත්: යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් … තදනුරූප වූ මනෝවිඥානධාතුයෙක් වේ ද, මේ සංස්කාරප්‍රත්‍යයෙන් විඥානයි කියනු ලැබේ.
තත්ථ කතමං විඤ්ඤාණපච්චයා නාමං: වෙදනාක්ඛන්ධො සඤ්ඤාක්ඛන්ධො සඞ්ඛාරක්ඛන්ධො, ඉදං වුච්චති විඤ්ඤාණපච්චයා නාමං.
එහි විඥානප්‍රත්‍යයෙන් නාමය කවරෙ යත්: වේදනාස්කන්ධය සංඥාස්කන්ධය සංස්කාරස්කන්ධය යන මේ විඥානප්‍රත්‍යයෙන් නාම යි කියනු ලැබේ.
නාමපච්චයා ඵස්සොති, තත්ථ කතමං නාමං: ඨපෙත්ථා ඵස්සං වෙදනාක්ඛන්ධො සඤ්ඤාක්ඛන්ධො සඞ්ඛාරක්ඛන්ධො විඤ්ඤාණක්ඛන්ධො, ඉදං වුච්චති නාමං.
‘නාමපච්වයා ඵස්සො’ යි එහි නාමය කවරෙ යත්: ස්පර්ශය තබා වේදනාස්කන්ධය සංඥාස්කන්ධය සංස්කාරස්කන්ධය විඥානස්කන්ධය යන මේ නාම යි කියනු ලැබේ.
තත්ථ කතමො නාමපච්චයා ඵස්සො: යො ඵස්සො ඵුසනා සම්ඵුසනා සම්ඵුසිතත්තං, අයං වුච්චති නාමපච්චයා ඵස්සො -පෙ- තෙන වුච්චති එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොතීති.
එහි නාමප්‍රත්‍යයෙන් ස්පර්ශය කවරෙ යත්: යම් ස්පර්‍ශයෙක් ස්පර්ශ කරන අයුරෙක් මොනොවට ස්පර්ශ කරන අයුරෙක් මොනොවට ස්පර්ශ කළ බවෙක් වේ ද, මේ නාම ප්‍රත්‍යයෙන් ස්පර්ශ යි කියනු ලැබේ. … එහෙයින් ‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයෝ හොති’ යි කියනු ලැබේ.
373. තස්මිං සමයෙ අවිජ්ජාපච්චයා සඞ්ඛාරො, සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං, විඤ්ඤාණපච්චයා නාමරූපං, නාමරූපපච්චයා ඡට්ඨායතනං, ඡට්ඨායතනපච්චයා ඵස්සො, ඵස්සපච්චයා වෙදනා, වෙදනාපච්චයා තණ්හා, තණ්හාපච්චයා උපාදානං, උපාදානපච්චයා භවො, භවපච්චයා ජාති, ජාතිපච්චයා ජරාමරණං, එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති.
373. එසමයෙහි අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරය වෙයි. සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි. විඥානප්‍රත්‍යයෙන් නාමරූප වෙයි. නාමරූපප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය වෙයි. ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්ශය වෙයි. ස්පර්ශප්රත්යයෙන් වේදනාව වෙයි. වේදනාප්‍රත්‍යයෙන් තෘෂ්ණාව වෙයි. තෘෂ්ණාප්‍රත්‍යයෙන් උපාදානය වෙයි. උපාදාන ප්‍රත්‍යයෙන් භවය වෙයි. භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වෙයි. මෙසේ මේ සියලු දුඃඛරාශිහුගේ සමුදය වේ.
තත්ථ කතමා අවිජ්ජා: යං අඤ්ඤාණං අදස්සනං -පෙ- අවිජ්ජාලඞ්ගි මොහො අකුසලමූලං, අයං වුච්චති අවිජ්ජා.
එහි අවිජ්ජා කවර යත්: යම් අඥානයෙක් අදර්‍ශනයෙක් … අවිද්‍යාපරිඝයෙක් මෝහ සඞ්ඛ්‍යාත අකුශලමූලයෙක් වේ ද, මේ අවිද්‍යා යි කියනු ලැබේ.
තත්ථ කතමො අවිජ්ජාපච්චයා සඞ්ඛාරො: යා චෙතනා සංචෙතනා චෙතයිතත්තං, අයං වුච්චති අවිජ්ජාපච්චයා සඞ්ඛාරො.
එහි අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරය කවරෙ යත්: යම් චේතනාවක් සඤ්චේතනාවක් සිතන ලද බවෙක් වේ ද, මේ අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාර යි කියනු ලැබේ.
තත්ථ කතමං සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං: යං චිත්තං මනො මානසං -පෙ- තජ්ජා මනොවිඤ්ඤාණධාතු, ඉදං වුච්චති සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං.
එහි සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය කවරෙ යත්: යම් සිතෙක් මනසෙක් මානසයෙක් … තදනුරූප වූ මනෝවිඥානධාතුයෙක් වේ ද, මේ සංස්කාරප්‍රත්‍යයෙන් විඥාන යි කියනු ලැබේ.
තත්ථ කතමං විඤ්ඤාණපච්චයා නාමරූපං: අත්ථි නාමං, අත්ථි රූපං. තත්ථ කතමං නාමං, වෙදනාක්ඛන්ධො සඤ්ඤාක්ඛන්ධො සඞ්ඛාරක්ඛන්ධො, ඉදං වුච්චති නාමං.
එහි විඥානප්‍රත්‍යයෙන් නාමරූප කවරෙ යත්: නාමයෙක් ඇත, රූපයෙක් ඇති. එහි නාමය කවරෙ යත්: වේදනාස්කන්‍ධ ය සංඥාස්කන්‍ධ ය සංස්කාරස්කන්‍ධ ය යන මේ නාම යි කියනු ලැබේ.
තත්ථ කතමං රූපං: චක්ඛායතනස්ස උපචයො, සොතායතනස්ස උපචයො, ඝානායතනස්ස උපචයො, ජිව්හායතනස්ස උපචයො, කායායතනස්ස උපචයො, යං වා පනඤ්ඤම්පි අත්ථි රූපං චිත්තජං චිත්තහෙතුකං චිත්තසමුට්ඨානං ඉදං වුච්චති රූපං, ඉති ඉදඤ්ච නාමං ඉදඤ්ච රූපං, ඉදං වුච්චති විඤ්ඤාණපච්චයා නාමරූපං.
එහි රූපය කවරෙ යත්: චක්‍ෂුරායතනයාගේ ඉපැදීම ය, ශ්රෝත්රායතනයාගේ ඉපැදීම ය, ඝ්රාණායතනයාගේ ඉපැදීම ය, ජිහ්වායතනයාගේ ඉපැදීම ය, කායායතනයාගේ ඉපැදීම ය, යළි අන්‍ය වූ ද චිත්තජ වූ චිත්තය හේතු කොට ඇති චිත්තසමුත්‍ථාන වූ යම් රූපයෙක් හෝ ඇද්ද, මේ රූප යි කියනු ලැබේ. මෙසේ මේ නාමය ද, මේ රූපය ද යන මේ විඥානප්‍රත්‍යයෙන් නාමරූප යි කියනු ලැබේ.
නාමරූපච්චයා ඡට්ඨායතනන්ති අත්ථි නාමං, අත්ථි රූපං, තත්ථ කතමං නාමං: වෙදනාක්ඛන්ධො සඤ්ඤාක්ඛන්ධො සඞ්ඛාරක්ඛන්ධො, ඉදං වුච්චති නාමං.
‘නාමරූපපච්චයා ඡට්ඨායතනං’ යන මෙහි නාමයෙක් ඇත, රූපයෙක් ඇති. එහි නාමය කවරෙ යත්: වේදනාස්කන්‍ධ ය සංඥාස්කන්‍ධ ය සංස්කාරස්කන්‍ධ ය යන මේ නාම යයි කියනු ලැබේ.
තත්ථ කතමං රූපං: යං රූපං නිස්සාය මනොවිඤ්ඤාණධාතු වත්තති, ඉදං වුච්චති රූපං, ඉති ඉදඤ්ච නාමං ඉදඤ්ච රූපං, ඉදං වුච්චති නාමරූපං.
එහි රූපය කවරෙ යත්: යම් රූපයෙක් නිසා මනෝවිඥානධාතුව පවතී ද, මේ රූප යි කියනු ලැබේ. මෙසේ මේ නාමය ද, මේ රූපය ද යන මේ නාමරූප යි කියනු ලැබේ.
තත්ථ කතමං නාමරූපපච්චයා ඡට්ඨායතනං: යං චිත්තං මනො මානසං -පෙ- තජ්ජා මනොවිඤ්ඤාණධාතු, ඉදං වුච්චති නාමරූපපච්චයා ඡට්ඨායතනං.
එහි නාමප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනය කවරෙ යත්: යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් … තදනුරූප වූ මනෝවිඥානධාතුයෙක් වේ ද, මේ නාමරූපප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතන යි කියනු ලැබේ.
තත්ථ කතමො ඡට්ඨායතනපච්චයා ඵස්සො: යො ඵස්සො ඵුසනා සම්ඵුසනා සම්ඵුසිතත්තං, අයං වුච්චති ඡට්ඨායතනපච්චයා ඵස්සො -පෙ- තෙන වුච්චති එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොතීති.
එහි ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්ශය කවරෙ යත්: යම් ස්පර්‍ශයෙක් ස්පර්ශාකාරයෙක් මොනොවට ස්පර්ශ කරන අයුරෙක් මොනොවට ස්පර්ශ කළ බවෙක් වේ ද, මේ ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්ශ යි කියනු ලැබේ … එහෙයින් ‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයෝ හොති’ යි කියනු ලැබේ.
374. තස්මිං සමයෙ අවිජ්ජාපච්චයා සඞ්ඛාරො, සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං, විඤ්ඤාණපච්චයා නාමරූපං, නාමරූපපච්චයා සළායතනං, ඡට්ඨායතනපච්චයා ඵස්සො, ඵස්සපච්චයා වෙදනා, වෙදනාපච්චයා තණ්හා, තණ්හාපච්චයා උපාදානං, උපාදානපච්චයා භවො, භවපච්චයා ජාති, ජාතිපච්චයා ජරාමරණං, එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොති.
374. එසමයෙහි අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරය වෙයි, සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් නාමරූප වෙයි, නාමරූපප්‍රත්‍යයෙන් ෂඩායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්ශය වෙයි, ස්පර්ශප්රත්යයෙන් වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් තෘෂ්ණාව වෙයි, තෘෂ්ණාප්‍රත්‍යයෙන් උපාදානය වෙයි, උපාදානප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වෙයි, මෙසේ මේ සියලු දුඃඛරාශිහුගේ සමුදය වේ.
තත්ථ කතමා අවිජ්ජා: යං අඤ්ඤාණං අදස්සනං -පෙ- අවිජ්ජාලඞ්ගි මොහො අකුසලමූලං, අයං වුච්චති අවිජ්ජා.
එහි අවිද්‍යා කවර යත්: යම් අඥානයෙක් අදර්‍ශනයෙක් … අවිද්‍යාපරිඝයෙක් මෝහ සඞ්ඛ්‍යාත අකුශලමූලයෙක් වේ ද, මේ අවිද්‍යා යි කියනු ලැබේ.
තත්ථ කතමො අවිජ්ජාපච්චයා සඞ්ඛාරො: යා චෙතනා සඤ්චෙතනා චෙතයිතත්තං, අයං වුච්චති අවිජ්ජාපච්චයා සඞ්ඛාරො.
එහි අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරය කවරෙ යත්: යම් චේතනාවක් සංචේතනාවක් සිතන ලද බවෙක් වේ ද, මේ අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාර යි කියනු ලැබේ.
තත්ථ කතමං සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං: යං චිත්තං මනො මානසං -පෙ- තජ්ජා මනොවිඤ්ඤාණධාතු, ඉදං වුච්චති සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං.
එහි සංස්කාරප්‍රත්‍යයෙන් විඥානය කවරෙ යත්: යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් … තදනුරූප වූ මනෝවිඥානධාතුවෙක් වේ ද, මේ සංස්කාරප්‍රත්‍යයෙන් විඥාන යි කියනු ලැබේ.
තත්ථ කතමං විඤ්ඤාණපච්චයා නාමරූපං: අත්ථි නාමං, අත්ථි රූපං.
එහි විඥානප්‍රත්‍යයෙන් නාමරූපය කවරෙ යත්: නාමයෙක් ඇත. රූපයෙක් ඇති.
තත්ථ කතමං නාමං: වෙදනාක්ඛන්ධො සඤ්ඤාක්ඛන්ධො සඞ්ඛාරක්ඛන්ධො, ඉදං වුච්චති නාමං.
එහි නාමය කවරෙ යත්: වේදනාස්කන්‍ධ ය සංඥාස්කන්‍ධ ය සංස්කාරස්කන්‍ධ ය යන මේ නාම යි කියනු ලැබේ.
තත්ථ කතමං රූපං: චක්ඛායතනස්ස උපචයො -පෙ- කායායතනස්ස උපචයො, යං වා පනඤ්ඤම්පි අත්ථි රූපං චිත්තජං චිත්තහෙතුකං චිත්තසමුට්ඨානං, ඉදං වුච්චති රූපං. ඉති ඉදඤ්ච නාමං ඉදඤ්ච රූපං, ඉදං වුච්චති විඤ්ඤාණපච්චයා නාමරූපං.
එහි රූපය කවරෙ යත්: චක්ඛායතනයාගේ ඉපැත්මෙක් … කායායතනයාගේ ඉපැත්මෙක් වේ ද, අන්‍යවූ ද චිත්තජ වූ චිත්තහේතුක වූ චිත්තසමුට්ඨාන වූ යම් රූපයෙක් වේ ද, මේ රූප යි කියනු ලැබේ. මෙසේ මේ නාමය ද මේ රූපය ද යන මේ විඥානප්‍රත්‍යයෙන් නාමරූප යි කියනු ලැබේ.
නාමරූපපච්චයා සළායතනන්ති අත්ථි නාමං, අත්ථි රූපං.
නාමරූපච්චයා සළායතනං යනු නාමයෙක් ඇත රූපයෙක් ඇති.
තත්ථ කතමං නාමං: වෙදනාක්ඛන්ධො සඤ්ඤාක්ඛන්ධො සඞ්ඛාරක්ඛන්ධො, ඉදං වුච්චති නාමං.
එහි නාමය කවරෙ යත්: වේදනාස්කන්‍ධ ය සංඥාස්කන්‍ධ ය සංස්කාරස්කන්‍ධ යි මේ නාම යි කියනු ලැබේ.
තත්ථ කතමං රූපං: චත්තාරො ච මහාභූතා, යඤ්ච රූපං නිස්සාය මනොවිඤ්ඤාණධාතු වත්තති, ඉදං වුච්චති රූපං, ඉති ඉදඤ්ච නාමං ඉදඤ්ච රූපං, ඉදං වුච්චති නාමරූපං.
එහි රූප කවරෙ යත්: සතර මහා භූතයෝ ද යම් රූපයකුත් ඇසිරි කොටගෙන මනෝවිඤ්ඤාණධාතු ව පවතී ද, මේ රූප යි කියනු ලැබේ. මෙසේ මේ නාමය ද මේ රූපය ද යන මේ නාමරූප යි කියනු ලැබේ.
තත්ථ කතමං නාමරූපපච්චයා සළායතනං: චක්ඛායතනං සොතායතනං ඝානායතනං ජිව්හායතනං කායායතනං මනායතනං, ඉදං වුච්චති නාමරූපපච්චයා සළායතනං.
එහි නාමරූපප්‍රත්‍යයෙන් සළායතන කවරෙ යත්: චක්ඛායතන ය සෝතායතන ය ඝානායතන ය ජිව්හායතන ය කායායතන ය මනායතන යි මේ නාමරූපප්‍රත්‍යයෙන් සළායතන යි කියනු ලැබේ.
තත්ථ කතමො ඡට්ඨායතනපච්චයා ඵස්සො: යො ඵස්සො ඵුසනා සම්ඵුසනා සම්ඵුසිතත්තං. අයං වුච්චති ඡට්ඨායතනපච්චයා ඵස්සො -පෙ- තෙන වුච්චති එවමෙතස්ස කෙවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයො හොතීති.
එහි ඡට්ඨායතනප්රත්යයෙන් ස්පර්ශ කවරෙ යත්: යම් ස්පර්‍ශයෙක් ස්පර්ශ කරන අයුරෙක් මොනවට ස්පර්ශ කරන අයුරෙක් මොනවට ස්පර්ශ කළ බවෙක් වේ ද මේ ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ස්පර්ශ යි කියනු ලැබේ … එහෙයින් ‘එව මෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්ධස්ස සමුදයෝ හොති’ යි කියනු ලැබේ.