යෙදුමෙන් කියවන්න

හෙතුචතුක‍්කං

375. තස‍්මිං සමයෙ අවිජ‍්ජාපච‍්චයා සඞ‍්ඛාරො අවිජ‍්ජාහෙතුකො, සඞ‍්ඛාරපච‍්චයා විඤ‍්ඤාණං සඞ‍්ඛාරහෙතුකං, විඤ‍්ඤාණපච‍්චයා නාමං විඤ‍්ඤාණහෙතුකං, නාමපච‍්චයා ඡට‍්ඨායතනං නාමහෙතුකං, ඡට‍්ඨායතනපච‍්චයා ඵස‍්සො ඡට‍්ඨායතනහෙතුකො, ඵස‍්සපච‍්චයා වෙදනා ඵස‍්සහෙතුකා, වෙදනාපච‍්චයා තණ‍්හා වෙදනාහෙතුකා, තණ‍්හාපච‍්චයා උපාදානං තණ‍්හාහෙතුකං, උපාදානපච‍්චයා භවො, භවපච‍්චයා ජාති, ජාතිපච‍්චයා ජරාමරණං, එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස සමුදයො හොති.

375. එසමයෙහි අවිද්‍යාප්‍රත්‍යයෙන් අවිද්‍යාහේතුක වූ සංස්කාරය වේ. සංස්කාර ප්‍රත්‍යයෙන් සංස්කාරහේතුක වූ විඥානය වේ. විඥානප්‍රත්‍යයෙන් විඥානහේතුක වූ නාමය වේ. නාමප්‍රත්‍යයෙන් නාමහේතුක වූ ෂෂ්ඨාතයනය වේ. ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනහේතුක වූ ස්පර්‍ශය වේ. ස්පර්‍ශප්‍රත්‍යයෙන් ස්පර්‍ශහේතුක වූ වේදනාව වේ. වේදනාප්‍රත්‍යයෙන් වේදනාහේතුක වූ තෘෂ්ණාව වේ. තෘෂ්ණාප්‍රත්‍යයෙන් තෘෂ්ණාහේතුක වූ උපාදානය වේ. උපාදානප්‍රත්‍යයෙන් භවය වේ. භවප්‍රත්‍යයෙන් ජාතිය වේ. ජාතිප්‍රත්‍යයෙන් ජරාව හා මරණය වේ. මෙසේ මේ සියලු දුඃඛස්කන්‍ධයාගේ සමුදය වේ.

තත්‍ථ කතමා අවිජ‍්ජා: යං අඤ‍්ඤාණං අදස‍්සනං -පෙ- අවිජ‍්ජාලඞ‍්ගි මොහො අකුසලමූලං, අයං වුච‍්චති අවිජ‍්ජා.

එහි අවිද්‍යාව කවර යත්: යම් අඥානයෙක් අදර්‍ශනයෙක් … අවිද්‍යාපරිඝයෙක් මෝහසඞ්ඛ්‍යාත අකුශලමූලයෙක් වේ ද මේ අවිද්‍යා යි කියනු ලැබේ.

තත්‍ථ කතමො අවිජ‍්ජාපච‍්චයා සඞ‍්ඛාරො අවිජ‍්ජාහෙතුකො: යා චෙතනා සඤ‍්චෙතනා චෙතයිතත‍්තං, අයං වුච‍්චති අවිජ‍්ජාපච‍්චයා සඞ‍්ඛාරො අවිජ‍්ජාහෙතුකො.

එහි අවිද්‍යාප්‍රත්‍යයෙන් අවිද්‍යාහේතුක වූ සංස්කාරය කවරෙ යත්: යම් චේතනාවක් සඤ්චේතනාවක් සිතනලදබවෙක් වේ ද මේ අවිද්‍යාප්‍රත්‍යයෙන් අවිද්‍යාහේතුක වූ සංස්කාර යි කියනු ලැබේ.

තත්‍ථ කතමං සඞ‍්ඛාරපච‍්චයා විඤ‍්ඤාණං සඞ‍්ඛාරහෙතුකං: යං චිත‍්තං මනො මානසං -පෙ- තජ‍්ජා මනොවිඤ‍්ඤාණධාතු, ඉදං වුච‍්චති සඞ‍්ඛාරපච‍්චයා විඤ‍්ඤාණං සඞ‍්ඛාරහෙතුකං.

එහි සංස්කාරප්‍රත්‍යයෙන් සංස්කාරහේතුක වූ විඥානය කවරෙ යත්: යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් … තදනුරූප වූ මනෝවිඥානධාතුවෙක් වේ ද, මේ සංස්කාර ප්‍රත්‍යයෙන් සංස්කාරහේතුක වූ විඥාන යි කියනු ලැබේ.

තත්‍ථ කතමං විඤ‍්ඤාණපච‍්චයා නාමං විඤ‍්ඤාණහෙතුකං: වෙදනාක‍්ඛන්‍ධො සඤ‍්ඤාක‍්ඛන්‍ධො සඞ‍්ඛාරක‍්ඛන්‍ධො, ඉදං වුච‍්චති විඤ‍්ඤාණපච‍්චයා නාමං විඤ‍්ඤාණහෙතුකං.

එහි විඥානප්‍රත්‍යයෙන් විඥානහේතුක වූ නාමය කවර යත්: වේදනාස්කන්‍ධ ය සංඥාස්කන්‍ධ ය සංස්කාරස්කන්‍ධ ය, මේ විඥානප්‍රත්‍යයෙන් විඥානහේතුක වූ නාම යි කියනු ලැබේ.

තත්‍ථ කතමං නාමපච‍්චයා ඡට‍්ඨායතනං නාමහෙතුකං: යං චිත‍්තං මනො මානසං -පෙ- තජ‍්ජා මනොවිඤ‍්ඤාණධාතු, ඉදං වුච‍්චති නාමපච‍්චයා ඡට‍්ඨායතනං නාමහෙතුකං.

එහි නාමප්‍රත්‍යයෙන් නාමහේතුක වූ ෂෂ්ඨායතනය කවරෙ යත්: යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් … තදනුරූප වූ මනෝවිඥානධාතුයෙක් වේ ද, මේ නාමප්‍රත්‍යයෙන් නාමහේතුක වූ ෂෂ්ඨායතන යයි කියනු ලැබේ.

තත්‍ථ කතමො ඡට‍්ඨායතනපච‍්චයා ඵස‍්සො ඡට‍්ඨායතනහෙතුකො: යො ඵස‍්සො ඵුසනා සම‍්ඵුසනා සම‍්ඵුසිතත‍්තං, අයං වුච‍්චති ඡට‍්ඨායතනපච‍්චයා ඵස‍්සො ඡට‍්ඨායතනහෙතුකො.

එහි ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනහේතුක වූ ස්පර්‍ශය කවරෙ යත්: යම් ස්පර්‍ශයෙක් ස්පර්‍ශ කරන අයුරෙක් මොනොවට ස්පර්‍ශ කරන අයුරෙක් මොනොවට ස්පර්‍ශ කළ බවෙක් වේ ද, මේ ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනහේතුක වූ ස්පර්‍ශ යි කියනු ලැබේ.

තත්‍ථ කතමා ඵස‍්සපච‍්චයා වෙදනා ඵස‍්සහෙතුකා: යං චෙතසිකං සාතං චෙතසිකං සුඛං චෙතොසම‍්ඵස‍්සජං සාතං සුඛං වෙදයිතං චෙතොසම‍්ඵස‍්සජා සාතා සුඛා වෙදනා, අයං වුච‍්චති ඵස‍්සපච‍්චයා වෙදනා ඵස‍්සහෙතුකා.

එහි ස්පර්‍ශප්‍රත්‍යයෙන් ස්පර්‍ශ හේතුක වූ වේදනාව කවර යත්: යම් චෛතසික වූ සාතයෙක් චෛතසික වූ සුඛයෙක් චිත්තසංස්පර්‍ශයෙන් උපන් සාත - සූඛ - වේදයිතයෙක් චේතෝසම්ඵස්සජ සාත - සුඛ - වේදනායෙක් වේ ද, මේ ස්පර්‍ශප්‍රත්‍යයෙන් ස්පර්‍ශහේතුක වූ වේදනාව යයි කියනු ලැබේ.

තත්‍ථ කතමා වෙදනාපච‍්චයා තණ‍්හා වෙදනාහෙතුකා: යො රාගො සාරාගො -පෙ- චිත‍්තස‍්ස සාරාගො, අයං වුච‍්චති වෙදනාපච‍්චයා තණ‍්හා වෙදනාහෙතුකා.

එහි වේදනාප්‍රත්‍යයෙන් වේදනාහේතුක වූ තෘෂ්ණාව කවර යත්: යම් රාගයෙක් සංරාගයෙක් … චිත්තයාගේ බලවත් රාගයෙක් වේ ද, මේ වේදනාප්‍රත්‍යයෙන් වේදනා හේතුක වූ තෘෂ්ණාව යයි කියනු ලැබේ.

තත්‍ථ කතමං තණ‍්හාපච‍්චයා උපාදානං තණ‍්හාහෙතුකං: යා දිට‍්ඨි දිට‍්ඨිගතං -පෙ- විපරියෙසගාහො, ඉදං වුච‍්චති තණ‍්හාපච‍්චයා උපාදානං තණ‍්හාහෙතුකං -පෙ- තෙන වුච‍්චති එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස සමුදයො හොතීති.

එහි තෘෂ්ණාප්‍රත්‍යයෙන් තෘෂ්ණාහේතුක වූ උපාදානය කවරෙ යත්: යම් දෘෂ්ටියෙක් දෘෂ්ටිගතයෙක් … විපරීතග්‍රාහයෙක් වේ ද, මේ තෘෂ්ණාප්‍රත්‍යයෙන් තෘෂ්ණාහේතුක වූ උපාදාන යි කියනු ලැබේ. … එහෙයින් ‘එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදය හොති’ යි කියනු ලැබේ.

376. තස‍්මිං සමයෙ අවිජ‍්ජාපච‍්චයා සඞ‍්ඛාරො අවිජ‍්ජාහෙතුකො, සඞ‍්ඛාරපච‍්චයා විඤ‍්ඤාණං සඞ‍්ඛාරහෙතුකං, විඤ‍්ඤාණපච‍්චයා නාමං විඤ‍්ඤාණහෙතුකං, නාමපච‍්චයා ඵස‍්සො නාමහෙතුකො, ඵස‍්සපච‍්චයා වෙදනා ඵස‍්සහෙතුකා, වෙදනාපච‍්චයා තණ‍්හා වෙදනාහෙතුකා, තණ‍්හාපච‍්චයා උපාදානං තණ‍්හාහෙතුකං, උපාදානපච‍්චයා භවො, භවපච‍්චයා ජාති, ජාතිපච‍්චයා ජරාමරණං, එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස සමුදයො හොති.

376. එසමයෙහි අවිද්‍යාප්‍රත්‍යයෙන් අවිද්‍යාහේතුක වූ සංස්කාරය වෙයි, සංස්කාර ප්‍රත්‍යයෙන් සංස්කාරහේතුක වූ විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් විඥානහේතුක වූ නාමය වෙයි, නාමප්‍රත්‍යයෙන් නාමහේතුක වූ ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් ස්පර්‍ශහේතුක වූ වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් වේදනාහේතුක වූ තෘෂ්ණාව වෙයි, තෘෂ්ණාප්‍රත්‍යයෙන් තෘෂ්ණාහේතුක වූ උපාදානය වෙයි, උපාදානප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වෙයි. මෙසේ මේ සියලු දුඃඛරාශිහුගේ සමුදය වේ.

තත්‍ථ කතමා අවිජ‍්ජා: යං අඤ‍්ඤාණං අදස‍්සනං -පෙ- අවිජ‍්ජාලඞ‍්ගි මොහො අකුසලමූලං, අයං වුච‍්චති අවිජ‍්ජා.

එහි අවිද්‍යා කවර යත්: යම් අඥානයෙක් අදර්‍ශනයෙක් … අවිද්‍යාපරිඝයෙක් මෝහසඞ්ඛ්‍යාත අකුශලමූලයෙක් වේ ද, මේ අවිද්‍යා යි කියනු ලැබේ.

තත්‍ථ කතමො අවිජ‍්ජාපච‍්චයා සඞ‍්ඛාරො අවිජ‍්ජාහෙතුකො: යා චෙතනා සඤ‍්චෙතනා චෙතයිතත‍්තං, අයං වුච‍්චති අවිජ‍්ජාපච‍්චයා සඞ‍්ඛාරො අවිජ‍්ජාහෙතුකො.

එහි අවිද්‍යාප්‍රත්‍යයෙන් අවිද්‍යාහේතුක වූ සංස්කාරය කවරෙ යත්: යම් චේතනාවක් සඤ්චේතනාවක් සිතන ලද බවෙක් වේ ද, මේ අවිද්‍යාප්‍රත්‍යයෙන් අවිද්‍යාහේතුක වූ සංස්කාර යි කියනු ලැබේ.

තත්‍ථ කතමං සඞ‍්ඛාරපච‍්චයා විඤ‍්ඤාණං සඞ‍්ඛාරහෙතුකං: යං චිත‍්තං මනො මානසං -පෙ- තජ‍්ජා මනොවිඤ‍්ඤාණධාතු, ඉදං වුච‍්චති සඞ‍්ඛාරපච‍්චයා විඤ‍්ඤාණං සඞ‍්ඛාරහෙතුකං.

එහි සංස්කාරප්‍රත්‍යයෙන් සංස්කාර හේතුක වූ විඥානය කවරෙ යත්: යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් … තදනුරූප වූ මනෝවිඥානධාතුයෙක් වේ ද මේ සංස්කාර ප්‍රත්‍යයෙන් සංස්කාරහේතුක වූ විඥාන යි කියනු ලැබේ.

තත්‍ථ කතමං විඤ‍්ඤාණපච‍්චයා නාමං විඤ‍්ඤාණහෙතුකං: වෙදනාක‍්ඛන්‍ධො සඤ‍්ඤාක‍්ඛන්‍ධො සඞ‍්ඛාරක‍්ඛන්‍ධො, ඉදං වුච‍්චති විඤ‍්ඤාණපච‍්චයා නාමං විඤ‍්ඤාණහෙතුකං.

එහි විඥානප්‍රත්‍යයෙන් විඥානහේතුක වූ නාමය කවරෙ යත්: වේදනාස්කන්‍ධ ය සංඥාස්කන්‍ධ ය සංස්කාරස්කන්‍ධ ය යන මේ විඥානප්‍රත්‍යයෙන් විඥානහේතුක වූ නාම යයි කියනු ලැබේ.

නාමපච‍්චයා ඵස‍්සො නාමහෙතුකොති තත්‍ථ කතමං නාමං: ඨපෙත්‍වා ඵස‍්සං වෙදනාක‍්ඛන්‍ධො සඤ‍්ඤාක‍්ඛන්‍ධො සඞ‍්ඛාරක‍්ඛන්‍ධො විඤ‍්ඤාණක‍්ඛන්‍ධො, ඉදං වුච‍්චති නාමං.

“නාමපච්චයා ඵස්සො නාමහේතුකො” යි එහි නාමය කවරෙ යත්: ස්පර්‍ශය තබා වේදනාස්කන්‍ධ ය සංඥාස්කන්‍ධ ය සංස්කාරස්කන්‍ධ ය විඥානස්කන්‍ධ ය යන මේ නාම යි කියනු ලැබේ.

තත්‍ථ කතමො නාමපච‍්චයා ඵස‍්සො නාමහෙතුකො: යො ඵස‍්සො ඵුසනා සම‍්ඵුසනා සම‍්ඵුසිතත‍්තං, අයං වුච‍්චති නාමපච‍්චයා ඵස‍්සො නාමහෙතුකො -පෙ- තෙන වුච‍්චති එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස සමුදයො හොතීති.

එහි නාමප්‍රත්‍යයෙන් නාමහේතුක වූ ස්පර්‍ශය කවරෙ යත්: යම් ස්පර්‍ශයෙක් පහස්නා අයුරෙක් මොනොවට පහස්නා අයුරෙක් මොනොවට ස්පර්‍ශ කළ බවෙක් වේ ද, මේ නාමප්‍රත්‍යයෙන් නාමහේතුක වූ ස්පර්‍ශ යයි කියනු ලැබේ. … එහෙයින් “එව මෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති” යි කියනු ලැබේ.

377. තස‍්මිං සමයෙ අවිජ‍්ජාපච‍්චයා සඞ‍්ඛාරො අවිජ‍්ජාහෙතුකො, සඞ‍්ඛාරපච‍්චයා විඤ‍්ඤාණං සඞ‍්ඛාරහෙතුකං, විඤ‍්ඤාණපච‍්චයා නාමරූපං විඤ‍්ඤාණහෙතුකං, නාමරූපපච‍්චයා ඡට‍්ඨායතනං නාමරූපහෙතුකං, ඡට‍්ඨායතනපච‍්චයා ඵස‍්සො ඡට‍්ඨායතනහෙතුකො, ඵස‍්සපච‍්චයා වෙදනා ඵස‍්සහෙතුකා, වෙදනාපච‍්චයා තණ‍්හා වෙදනාහෙතුකා, තණ‍්හාපච‍්චයා උපාදානං තණ‍්හාහෙතුකං, උපාදානපච‍්චයා භවො, භවපච‍්චයා ජාති, ජාතිපච‍්චයා ජරාමරණං, එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස සමුදයො හොති.

377. එසමයෙහි අවිද්‍යාප්‍රත්‍යයෙන් අවිද්‍යාහේතුක වූ සංස්කාරය වෙයි. සංස්කාර ප්‍රත්‍යයෙන් සංස්කාර හේතුක වූ විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් විඥානහේතුක වූ නාම රූපය වෙයි, නාමරූපප්‍රත්‍යයෙන් නාමරූපහේතුක වූ ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතන ප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනහේතුක වූ ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් ස්පර්‍ශහේතුක වූ වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් වේදනාහේතුක වූ තෘෂ්ණාව වෙයි, තෘෂ්ණාප්‍රත්‍යයෙන් තෘෂ්ණා හේතුක වූ උපාදානය වෙයි, උපාදානප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වෙයි. මෙසේ මේ සියලු දුඃඛරාශිහු ගේ සමුදය වේ.

තත්‍ථ කතමා අවිජ‍්ජා: යං අඤ‍්ඤාණං අදස‍්සනං -පෙ- අවිජ‍්ජාලඞ‍්ගි මොහො අකුසලමූලං, අයං වුච‍්චති අවිජ‍්ජා.

එහි අවිද්‍යාව කවර යත්: යම් අඥානයෙක් අදර්‍ශනයෙක් … අවිද්‍යාපරිඝයෙක් මෝහසඞ්ඛ්‍යාත අකුශලමූලයෙක් වේ ද, මේ අවිද්‍යා යි කියනු ලැබේ.

තත්‍ථ කතමො අවිජ‍්ජාපච‍්චයා සඞ‍්ඛාරො අවිජ‍්ජාහෙතුකො: යා චෙතනා සඤ‍්චෙතනා චෙතයිතත‍්තං, අයං වුච‍්චති අවිජ‍්ජාපච‍්චයා සඞ‍්ඛාරො අවිජ‍්ජාහෙතුකො.

එහි අවිද්‍යාප්‍රත්‍යයෙන් අවිද්‍යාහේතුක වූ සංස්කාරය කවරෙ යත්: යම් චේතනාවක් සංචේතනාවක් සිතන ලද බවෙක් වේ ද, මේ අවිද්‍යාප්‍රත්‍යයෙන් අවිද්‍යාහේතුක වූ සංස්කාර යයි කියනු ලැබේ.

තත්‍ථ කතමං සඞ‍්ඛාරපච‍්චයා විඤ‍්ඤාණං සඞ‍්ඛාරහෙතුකං: යං චිත‍්තං මනො මානසං -පෙ- තජ‍්ජා මනොවිඤ‍්ඤාණධාතු, ඉදං වුච‍්චති සඞ‍්ඛාරපච‍්චයා විඤ‍්ඤාණං සඞ‍්ඛාරහෙතුකං.

එහි සංස්කාරප්‍රත්‍යයෙන් සංස්කාරහේතුක වූ විඥානය කවරෙ යත්: යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් … තදනුරූප වූ මනෝවිඥානධාතුයෙක් වේ ද, මේ සංස්කාර ප්‍රත්‍යයෙන් සංස්කාරහේතුක වූ විඥාන යයි කියනු ලැබේ.

තත්‍ථ කතමං විඤ‍්ඤාණපච‍්චයා නාමරූපං විඤ‍්ඤාණහෙතුකං: අත්‍ථි නාමං, අත්‍ථි රූපං, තත්‍ථ කතමං නාමං: වෙදනාක‍්ඛන්‍ධො සඤ‍්ඤාක‍්ඛන්‍ධො සඞ‍්ඛාරක‍්ඛන්‍ධො, ඉදං වුච‍්චති නාමං.

එහි විඥානප්‍රත්‍යයෙන් විඥානහේතුක වූ නාමරූපය කවරෙ යත්: නාමයෙක් ඇත, රූපයෙක් ඇති. එහි නාමය කවරෙ යත්: වේදනාස්කන්‍ධ ය සංඥාස්කන්‍ධ ය සංස්කාරස්කන්‍ධ ය යන මේ නාම යයි කියනු ලැබේ.

තත්‍ථ කතමං රූපං: චක‍්ඛායතනස‍්ස උපචයො -පෙ- කායායතනස‍්ස උපචයො, යං වා පනඤ‍්ඤම‍්පි අත්‍ථි රූපං චිත‍්තජං චිත‍්තහෙතුකං චිත‍්තසමුට‍්ඨානං, ඉදං වුච‍්චති රූපං, ඉති ඉදඤ‍්ච නාමං ඉදඤ‍්ච රූපං ඉදං වුච‍්චති විඤ‍්ඤාණපච‍්චයා නාමරූපං විඤ‍්ඤාණහෙතුකං.

එහි රූපය කවරෙ යත්: චක්‍ෂුරායතනයාගේ ඉපැද්මෙක් …. කායායතනයාගේ ඉපැද්මෙක් වේ ද, යළි අන්‍ය වූ ද චිත්තජ වූ චිත්තහේතුක වූ චිත්තසමුත්‍ථාන වූ යම් රූපයෙක් හෝ ඇද්ද, මේ රූප යයි කියනු ලැබේ. මෙසේ මේ නාම ය ද, මේ රූපය ද යන මේ විඥානප්‍රත්‍යයෙන් විඥානහේතුක වූ නාමරූප යි කියනු ලැබේ.

නාමරූපපච‍්චයා ඡට‍්ඨායතනං නාමරූපහෙතුකන‍්ති: අත්‍ථි නාමං, අත්‍ථි රූපං. තත්‍ථ කතමං නාමං: වෙදනාක‍්ඛන්‍ධො සඤ‍්ඤාක‍්ඛන්‍ධො සඞ‍්ඛාරක‍්ඛන්‍ධො - ඉදං වුච‍්චති නාමං.

‘නාමරූපපච්චයා ඡට්ඨායතනං නාමරූපහේතුකං’ යනු: නාමයෙක් ඇත, රූපයෙක් ඇති. එහි නාමය කවරෙ යත්: වේදනාස්කන්‍ධය සංඥාස්කන්‍ධය සංස්කාරස්කන්‍ධය යන මේ නාම යයි කියනු ලැබේ.

තත්‍ථ කතමං රූපං: යං රූපං නිස‍්සාය මනොවිඤ‍්ඤාණධාතු වත‍්තති, ඉදං වුච‍්චති රූපං. ඉති ඉදඤ‍්ච නාමං ඉදඤ‍්චරූපං, ඉදං වුච‍්චති නාමරූපං.

එහි රූපය කවරෙ යත්: යම් රූපයක් නිසා මනෝවිඥානධාතුව පවතී ද, මේ රූප යයි කියනු ලැබේ. මෙසේ මේ නාමය ද, මේ රූපය ද යන මේ නාමරූප යි කියනු ලැබේ.

තත්‍ථ කතමං නාමරූපපච‍්චයා ඡට‍්ඨායතනං නාමරූපහෙතුකං: යං චිත‍්තං මනො මානසං -පෙ- තජ‍්ජා මනොවිඤ‍්ඤාණධාතු, ඉදං වුච‍්චති නාමරූපපච‍්චයා ඡට‍්ඨායතනං නාමරූපහෙතුකං.

එහි නාමරූපප්‍රත්‍යයෙන් නාමරූපහේතුක වූ ෂෂ්ඨායතනය කවර යත්: යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් … තදනුරූප වූ මනෝවිඥානධාතුයෙක් වේ ද, මේ නාමරූප ප්‍රත්‍යයෙන් නාමරූපහේතුක වූ ෂෂ්ඨායතන යි කියනු ලැබේ.

තත්‍ථ කතමො ඡට‍්ඨායතනපච‍්චයා ඵස‍්සො ඡට‍්ඨායතනහෙතුකො: යො ඵස‍්සො ඵුසනා සම‍්ඵුසනා සම‍්ඵුසිතත‍්තං, අයං වුච‍්චති ඡට‍්ඨායතනපච‍්චයා ඵස‍්සො ඡට‍්ඨායතනහෙතුකො -පෙ- තෙන වුච‍්චති එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස සමුදයො හොතීති.

එහි ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනහේතුක වූ ස්පර්‍ශය කවරෙ යත්: යම් ස්පර්‍ශයෙක් ස්පර්‍ශ කරන අයුරෙක් මොනොවට ස්පර්‍ශ කරන අයුරෙක් ස්පර්‍ශ කරන ලද බවෙක් වේ ද, මේ ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනහේතුක වූ ස්පර්‍ශ යයි කියනු ලැබේ. … එහෙයින් “එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති” යි කියනු ලැබේ.

378. තස‍්මිං සමයෙ අවිජ‍්ජාපච‍්චයා සඞ‍්ඛාරො අවිජ‍්ජාහෙතුකො, සඞ‍්ඛාරපච‍්චයා විඤ‍්ඤාණං සඞ‍්ඛාරහෙතුකං, විඤ‍්ඤාණපච‍්චයා නාමරූපං විඤ‍්ඤාණහෙතුකං, නාමරූපපච‍්චයා ඡට‍්ඨායතනං නාමරූපහෙතුකං, ඡට‍්ඨායතනපච‍්චයා ඵස‍්සො ඡට‍්ඨායතනහෙතුකො, ඵස‍්සපච‍්චයා වෙදනා ඵස‍්සහෙතුකා, වෙදනාපච‍්චයා තණ‍්හා වෙදනාහෙතුකා, තණ‍්හාපච‍්චයා උපාදානං තණ‍්හාහෙතුකං, උපාදානපච‍්චයා භවො, භවපච‍්චයා ජාති, ජාතිපච‍්චයා ජරාමරණං, එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස සමුදයො හොති.

378. එසමයෙහි අවිද්‍යාප්‍රත්‍යයෙන් අවිද්‍යාහේතුක වූ සංස්කාර වෙයි, සංස්කාර ප්‍රත්‍යයෙන් සංස්කාරහේතුක වූ විඥානය වෙයි, විඥානප්‍රත්‍යයෙන් විඥානහේතුක වූ නාමරූප වෙයි, නාමරූපප්‍රත්‍යයෙන් නාමරූපහේතුක වූ ෂෂ්ඨායතනය වෙයි, ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනහේතුක වූ ස්පර්‍ශය වෙයි, ස්පර්‍ශප්‍රත්‍යයෙන් ස්පර්‍ශහේතුක වූ වේදනාව වෙයි, වේදනාප්‍රත්‍යයෙන් වේදනාහේතුක වූ තෘෂ්ණාව වෙයි, තෘෂ්ණාප්‍රත්‍යයෙන් තෘෂ්ණාහේතුක වූ උපාදානය වෙයි, උපාදානප්‍රත්‍යයෙන් භවය වෙයි, භවප්‍රත්‍යයෙන් ජාතිය වෙයි, ජාතිප්‍රත්‍යයෙන් ජරාමරණ වෙයි. මෙසේ මේ සියලු දුඃඛරාශිහුගේ සමුදය වේ.

තත්‍ථ කතමා අවිජ‍්ජා: යං අඤ‍්ඤාණං අදස‍්සනං -පෙ- අවිජ‍්ජාලඞ‍්ගි මොහො අකුසලමූලං, අයං වුච‍්චති අවිජ‍්ජා.

එහි අවිද්‍යාව කවර යත්: යම් අඥානයෙක් අදර්‍ශනයෙක් … අවිද්‍යාපරිඝයෙක් මෝහසඞ්ඛ්‍යාත අකුශලමූලයෙක් වේ ද, මේ අවිද්‍යා යයි කියනු ලැබේ.

තත්‍ථ කතමො අවිජ‍්ජාපච‍්චයා සඞ‍්ඛාරො අවිජ‍්ජාහෙතුකො: යා චෙතනා සඤ‍්චෙතනා චෙතයිතත‍්තං, අයං වුච‍්චති අවිජ‍්ජාපච‍්චයා සඞ‍්ඛාරො අවිජ‍්ජාහෙතුකො.

එහි අවිද්‍යාප්‍රත්‍යයෙන් අවිද්‍යාහේතුක වූ සංස්කාරය කවරෙ යත්: යම් චේතනාවක් සංචේතනාවක් සිතන ලද බවෙක් වේ ද, මේ අවිද්‍යාප්‍රත්‍යයෙන් අවිද්‍යාහේතුක වූ සංස්කාර යයි කියනු ලැබේ.

තත්‍ථ කතමං සඞ‍්ඛාරපච‍්චයා විඤ‍්ඤාණං සඞ‍්ඛාරහෙතුකං: යං චිත‍්තං මනො මානසං -පෙ- තජ‍්ජා මනොවිඤ‍්ඤාණධාතු, ඉදං වුච‍්චති සඞ‍්ඛාරපච‍්චයා විඤ‍්ඤාණං සඞ‍්ඛාරහෙතුකං.

එහි සංස්කාරප්‍රත්‍යයෙන් සංස්කාරහේතුක වූ විඥානය කවරෙ යත්: යම් චිත්තයෙක් මනසෙක් මානසයෙක් … තදනුරූප වූ මනෝවිඥානධාතුයෙක් වේ ද, මේ සංස්කාර ප්‍රත්‍යයෙන් සංස්කාරහේතුක වූ විඥාන යයි කියනු ලැබේ.

තත්‍ථ කතමං විඤ‍්ඤාණපච‍්චයා නාමරූපං විඤ‍්ඤාණහෙතුකං: අත්‍ථි නාමං, අත්‍ථි රූපං. තත්‍ථ කතමං නාමං: වෙදනාක‍්ඛන්‍ධො සඤ‍්ඤාක‍්ඛන්‍ධො සඞ‍්ඛාරක‍්ඛන්‍ධො, ඉදං වුච‍්චති නාමං.

එහි විඥානප්‍රත්‍යයෙන් විඥානහේතුක වූ නාමරූප කවරෙ යත්: නාමයෙක් ඇත, රූපයෙක් ඇති, එහි නාමය කවරෙ යත්: වේදනාස්කන්‍ධ ය සංඥාස්කන්‍ධ ය සංස්කාරස්කන්‍ධය යන මේ නාම යි කියනු ලැබේ.

තත්‍ථ කතමං රූපං: චක‍්ඛායතනස‍්ස උපචයො -පෙ- කායායතනස‍්ස උපචයො, යං වා පනඤ‍්ඤම‍්පි අත්‍ථි රූපං චිත‍්තජං චිත‍්තහෙතුකං චිත‍්තසමුට‍්ඨානං, ඉදං වුච‍්චති රූපං. ඉති ඉදඤ‍්ච නාමං, ඉදඤ‍්ච රූපං, ඉදං වුච‍්චති විඤ‍්ඤාණපච‍්චයා නාමරූපං විඤ‍්ඤාණහෙතුකං.

එහි රූපය කවරෙ යත්: චක්‍ෂුරායතනයාගේ ඉපැද්මෙක් වේ ද … කායායතනයාගේ ඉපැද්මෙක් වේ ද, යළි අන්‍ය වූ ද චිත්තජ වූ චිත්තහේතුක වූ චිත්තසමුත්‍ථාන වූ යම් රූපයෙක් හෝ ඇද්ද, මේ රූප යයි කියනු ලැබේ. මෙසේ ම නාමය ද, මේ රූපය ද යන මේ විඥානප්‍රත්‍යයෙන් විඥානහේතුක වූ නාමරූප යි කියනු ලැබේ.

නාමරූපපච‍්චයා සළායතනං නාමරූපහෙතුකන‍්ති: අත්‍ථි නාමං, අත්‍ථි රූපං. තත්‍ථ කතමං නාමං: වෙදනාක‍්ඛන්‍ධො සඤ‍්ඤාක‍්ඛන්‍ධො සඞ‍්ඛාරක‍්ඛන්‍ධො, ඉදං වුච‍්චති නාමං.

නාමරූපප්‍රත්‍යයෙන් නාමරූපහේතුක වූ ෂඩායතනය යනු: නාමයෙක් ඇත, රූපයෙක් ඇති. එහි නාමය කවරෙ යත්: වේදනාස්කන්‍ධ ය සංඥාස්කන්‍ධ ය සංස්කාර ස්කන්‍ධ යි. මේ නාම යයි කියනු ලැබේ.

තත්‍ථ කතමං රූපං: චත‍්තාරො ච මහාභූතා, යං ච රූපං නිස‍්සාය මනොවිඤ‍්ඤාණධාතු වත‍්තති, ඉදං වුච‍්චති රූපං. ඉති ඉදඤ‍්ච නාමං ඉදඤ‍්ච රූපං, ඉදං වුච‍්චති නාමරූපං.

එහි රූපය කවරෙ යත්: සතර මහාභූතයෝ ද, යළි යම් රූපයක් නිසා මනෝවිඥාන ධාතුව පවතී ද, මේ රූප යි කියනු ලැබේ. මෙසේ මේ නාමය ද, මේ රූපය ද මේ නාමරූප යි කියනු ලැබේ.

තත්‍ථ කතමං නාමරූපපච‍්චයා සළායතනං නාමරූපහෙතුකං: චක‍්ඛායතනං -පෙ- මනායතනං, ඉදං වුච‍්චති නාමරූපපච‍්චයා සළායතනං නාමරූපහෙතුකං.

එහි නාමරූපප්‍රත්‍යයෙන් නාමරූපහේතුක වූ ෂඩායතනය කවරෙ යත්: චක්‍ෂුරායතන ය … මනායතන යි, මේ නාමරූපප්‍රත්‍යයෙන් නාමරූපහේතුක වූ ෂඩායතන යයි කියනු ලැබේ.

තත්‍ථ කතමො ඡට‍්ඨායතනපච‍්චයා ඵස‍්සො ඡට‍්ඨායතනහෙතුකො: යො ඵස‍්සො ඵුසනා සම‍්ඵුසනා සම‍්ඵුසිතත‍්තං, අයං වුච‍්චති ඡට‍්ඨායතනපච‍්චයා ඵස‍්සො ඡට‍්ඨායතනහෙතුකො.

එහි ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනහේතුක වූ ස්පර්‍ශය කවරෙ යත්: යම් ස්පර්‍ශයෙක් ස්පර්‍ශ කරන අයුරෙක් මොනොවට ස්පර්‍ශ කරන අයුරෙක් මොනොවට ස්පර්‍ශ කළ බවෙක් වේ ද, මේ ෂෂ්ඨායතනප්‍රත්‍යයෙන් ෂෂ්ඨායතනහේතුක වූ ස්පර්‍ශ යයි කියනු ලැබේ.

තත්‍ථ කතමා ඵස‍්සපච‍්චයා වෙදනා ඵස‍්සහෙතුකා: යං චෙතසිකං සාතං චෙතසිකං සුඛං චෙතොසම‍්ඵස‍්සජං සාතං සුඛං වෙදයිතං චෙතොසම‍්ඵස‍්සජා සාතා සුඛා වෙදනා, අයං වුච‍්චති ඵස‍්සපච‍්චයා වෙදනා ඵස‍්සහෙතුකා.

එහි ස්පර්‍ශප්‍රත්‍යයෙන් ස්පර්‍ශහේතුක වූ වේදනාව කවර යත්: යම් චෛතසික වූ සාතයෙක් චෛතසික වූ සුඛයෙක් චේතෝසම්ඵස්සජ සාත - සුඛ - වේදයිතයෙක් චේතෝසම්ඵස්සජ සාත - සුඛ - වේදනායෙක් වේ ද, මේ ස්පර්‍ශප්‍රත්‍යයෙන් ස්පර්‍ශහේතුක වූ වේදනා යි කියනු ලැබේ.

තත්‍ථ කතමා වෙදනාපච‍්චයා තණ‍්හා වෙදනාහෙතුකා: යො රාගො සාරාගො -පෙ- චිත‍්තස‍්ස සාරාගො, අයං වුච‍්චති වෙදනාපච‍්චයා තණ‍්හා වෙදනාහෙතුකා.

එහි වේදනාප්‍රත්‍යයෙන් වේදනාහේතුක වූ තෘෂ්ණා කවර යත්: යම් රාගයෙක් බලවත් රාගයෙක් … චිත්තයාගේ බලවත් රාගයෙක් වේ ද, මේ වේදනාප්‍රත්‍යයෙන් වේදනාහේතුක වූ තෘෂ්ණා යි කියනු ලැබේ.

තත්‍ථ කතමං තණ‍්හාපච‍්චයා උපාදානං තණ‍්හාහෙතුකං: යා දිට‍්ඨි දිට‍්ඨිගතං -පෙ- තිත්‍ථායතනං විපරියෙසගාහො, ඉදං වුච‍්චති තණ‍්හාපච‍්චයා උපාදානං තණ‍්හාහෙතුකං -පෙ- තෙන වුච‍්චති එවමෙතස‍්ස කෙවලස‍්ස දුක‍්ඛක‍්ඛන්‍ධස‍්ස සමුදයො හොතීති.

එහි තෘෂ්ණාප්‍රත්‍යයෙන් තෘෂ්ණාහේතුක වූ උපාදානය කවරෙ යත්: යම් දෘෂ්ටියෙක් දෘෂ්ටිගතයෙක් … තීර්‍ත්‍ථායතනයෙක් විපරීතග්‍රාහයෙක් වේ ද, මේ තෘෂ්ණාප්‍රත්‍යයෙන් තෘෂ්ණාහේතුක වූ උපාදාන යයි කියනු ලැබේ … එයින් කියනු ලැබෙයි: “එවමෙතස්ස කේවලස්ස දුක්ඛක්ඛන්‍ධස්ස සමුදයෝ හොති” යි.

හෙතුචතුක‍්කං.

හේතුචතුෂ්ක යි.