කායානුපස්සනා නිද්දෙසො
454. චත්තාරො සතිපට්ඨානා: ඉධ භික්ඛු අජ්ඣත්තං කායෙ කායානුපස්සී විහරති, බහිද්ධා කායෙ කායානුපස්සී විහරති, අජ්ඣත්තබහිද්ධා කායෙ කායානුපස්සීවිහරති, ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. අජ්ඣත්තං වෙදනාසු වෙදනානුපස්සී විහරති, බහිද්ධා වෙදනාසු වෙදනානුපස්සී විහරති, අජ්ඣත්තබහිද්ධා වෙදනාසු වෙදනානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. අජ්ඣත්තං චිත්තෙ චිත්තානුපස්සී විහරති, බහිද්ධා චිත්තෙ චිත්තානුපස්සී විහරති, අජ්ඣත්තබහිද්ධා චිත්තෙ චිත්තානුපස්සී විහරති, ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං. අජ්ඣත්තං ධම්මෙසු ධම්මානුපස්සී විහරති, බහිද්ධා ධම්මෙසු ධම්මානුපස්සී විහරති, අජ්ඣත්තබහිද්ධා ධම්මෙසු ධම්මානුපස්සී විහරති, ආතාපී සම්පජානො සතිමා විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං.
454. සතිපට්ඨානයෝ සතර දෙනෙකි: මේ සස්නෙහි මහණ කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇත්තේ සම්‍යග්ඥාන ඇත්තේ ස්මෘතිමත් වූයේ කාය සඞ්ඛ්‍යාත ලෝකයෙහි අභිධ්‍යාව හා දොම්නස දුරු කොට තමාගේ කයෙහි කය අනුව බලමින් වෙසෙයි, මෙරමාගේ කයෙහි කය අනුව බලමින් වෙසෙයි, කලෙක තමාගේ කයෙහි ද කලෙක මෙරමාගේ කයෙහි ද කය අනුව බලමින් වෙසෙයි. කෙලෙස් තවන වැර ඇතියේ සම්‍යග්ඥාන ඇතියේ ස්මෘතිමත් වූයේ වේදනා සඞ්ඛ්‍යාත ලෝකයෙහි අභිධ්‍යාව හා දොම්නස දුරු කොට තමාගේ වේදනාවන්හි වේදනාව අනුව බලමින් වෙසෙයි, මෙරමාගේ වේදනාවන්හි වේදනා අනුව බලමින් වෙසෙයි, කලෙක තමාගේ වේදනාවන්හි ද කලෙක මෙරමාගේ වේදනාවන්හි ද වේදනා අනුව බලමින් වෙසෙයි, කෙලෙස් තවන වැර ඇතියේ සම්‍යග්ඥාන ඇතියේ ස්මෘතිමත් වූයේ චිත්ත සඞ්ඛ්‍යාත ලෝකයෙහි අභිධ්‍යාව හා දොම්නස දුරු කොට තමාගේ චිත්තයෙහි සිත අනුව බලමින් වෙසෙයි, මෙරමාගේ චිත්තයෙහි සිත අනුව බලමින් වෙසෙයි, තමාගේ සිත්හි ද මෙරමාගේ සිත්හි ද සිත අනුව බලමින් වෙසෙයි, කෙලෙස් තවන වැර ඇතියේ සම්‍යග්ඥාන ඇතියේ ස්මෘතිමත් වූයේ (නීවරණාදී) ධර්ම සඞ්ඛ්‍යාත ලෝකයෙහි අභිධ්‍යාව හා දොම්නස දුරු කොට තමාගේ (නීවරණාදි) ධර්මයන්හි ධර්මය අනුව බලමින් වෙසෙයි, මෙරමාගේ (නීවරණාදි) ධර්මයන්හි ධර්මය අනුව බලමින් වෙසෙයි, තමා හා මෙරමාගේ (නීවරණාදි) ධර්මයන්හි ධර්මය අනුව බලමින් වෙසේ.
455. කථඤ්ච භික්ඛු අජ්ඣත්තං කායෙ කායානුපස්සී විහරති: ඉධ භික්ඛු අජ්ඣත්තං කායං උද්ධං පාදතලා අධො කෙසමත්ථකා තචපරියන්තං පූරං නානප්පකාරස්ස අසුචිනො පච්චවෙක්ඛති: අත්ථි ඉමස්මිං කායෙ කෙසා ලොමා නඛා දන්තා තචො මංසං නහාරු අට්ඨි අට්ඨිමිඤ්ජා වක්කං හදයං යකනං කිලොමකං පිහකං පප්ඵාසං අන්තං අන්තගුණං උදරියං කරීසං පිත්තං සෙම්හං පුබ්බො ලොහිතං සෙදො මෙදො අස්සු වසා ඛෙළො සිඞ්ඝාණිකා ලසිකා මුත්තං. සො තං නිමිත්තං ආසෙවති, භාවෙති, බහුලීකරොති, ස්වාවත්ථිතං වවත්ථපෙති. සො තං නිමිත්තං ආසෙවිත්වා භාවෙත්වා බහුලීකරිත්වා ස්වාවත්ථිතං වවත්ථපෙත්වා බහිද්ධා කායෙ චිත්තං උපසංහරති.
455. කිසෙයින් මහණ තෙමෙ තමාගේ කයෙහි කය අනුව බලමින් වෙසේ ද යත්: මෙ සස්නෙහි මහණ පාතෙලෙන් උඩ කෙසගින් යට (සරසැ) සිවි හිම් කොට ඇති තමාගේ කය නන් වැදැරුම් අසුචි පිරුණක් කොට ප්රත්යවේක්ෂා කෙරෙයි: මේ කයෙහි කෙස් ඇත, ලොම් - නිය - දත් - සිවි - මස් - නහර - ඇට - ඇටමිඳුළු - වකුගඬ - හදවත - අක්මාව - දලබුව - බඩදිව - පෙණහලු - අතුණු - අතුණුබහන - නො පැසුණු අහර - පැසුණු අහර - පිත - සෙම - පූයා - ලෙහෙ - සෝදිය - මේදතෙල් - කඳුළු - වුරුණුතෙල් - කෙළ - මුකුණු - සඳමිදුළු - සුලුදිය ඇති. හෙතෙම ඒ කමටහන් නිමිත්ත ඇසුරු කෙරෙයි, වඩයි, පුනපුනා වඩයි, මොනොවට නිශ්චය කෙරෙයි. හෙතෙම ඒ නිමිත්ත ඇසුරු කොට වඩා බහුල කොට මැනැවින් නිශ්චය කොට මෙරමාගේ කයෙහි (තමාගේ) සිත එළවයි.
කථඤ්ච, භික්ඛු බහිද්ධා කායෙ කායානුපස්සී විහරති: ඉධ භික්ඛු බහිද්ධා කායං උද්ධං පාදතලා අධො කෙසමත්ථකා තචපරියන්තං පූරං නානප්පකාරස්ස අසුචිනො පච්චවෙක්ඛති: අත්ථිස්ස කායෙ කෙසා ලොමා නඛා දන්තා තචො මංසං නහාරු අට්ඨි අට්ඨිමිඤ්ජා වක්කං හදයං යකනං කිලොමකං පිහකං පප්ඵාසං අන්තං අන්තගුණං උදරියං කරීසං පිත්තං සෙම්හං පුබ්බො ලොහිතං සෙදො මෙදො අස්සු වසා ඛෙළො සිඞ්ඝාණිකා ලසිකා මුත්තං. සො තං නිමිත්තං ආසෙවති, භාවෙති, බහුලීකරොති, ස්වාවත්ථිතං වවත්ථපෙති. සො තං නිමිත්තං ආසෙවිත්වා භාවෙත්වා බහුලීකරිත්වා ස්වාවත්ථිතං වවත්ථපෙත්වා අජ්ඣත්තබහිද්ධා කායෙ චිත්තං උපසංහරති.
කිසෙයින් මහණ මෙරමාගේ කයෙහි කය පුනපුනා බලමින් වෙසේ ද යත්: මෙ සස්නෙහි මහණ පාතෙලෙන් උඩ කෙසගින් යට සිවිපිරියත් කොට ඇති මෙරමාගේ කය නන් වැදැරුම් අසුචි පිරුණක් කොට ප්රත්යවේක්ෂා කෙරෙයි: මේ කයෙහි කෙස් ඇත, ලොම් - නිය - දත් - සිවි - මස් - නහර - ඇට - ඇටමිඳුළු - වකුගඬ - හදවත - අක්මාව - දලබුව - බඩදිව - පෙණහලු - අතුණු - අතුණුබහන - නො පැසුණු අහර - පැසුණු අහර - පිත - සෙම - පූයා - ලෙහෙ - සෝදිය - මේදතෙල් - කඳුළු - වුරුණුතෙල් - කෙළ - මුකුණු - සඳමිදුළු - සුලුදිය ඇති. හෙතෙම ඒ කමටහන් නිමිත්ත ආසේවන කෙරෙයි, වඩයි, පුනපුනා වඩයි, මොනොවට නිශ්චය කෙරෙයි. හෙතෙම ඒ නිමිත්ත ආසේවන කොට වඩා, පුනපුනා වඩා, මැනැවින් නිශ්චය කොට තමා හා මෙරමාගේ කයෙහි (තමාගේ) සිත එළවයි.
කථඤ්ච භික්ඛු අජ්ඣත්තබහිද්ධා කායෙ කායානුපස්සී විහරති: ඉධ භික්ඛු අජ්ඣත්තබහිද්ධා කායං උද්ධං පාදතලා අධො කෙසමත්ථකා තචපරියන්තං පූරං නානප්පකාරස්ස අසුචිනො පච්චවෙක්ඛති. අත්ථි ඉමස්මිං කායෙ කෙසා ලොමා නඛා දන්තා තචො මංසං නහාරු අට්ඨි අට්ඨිමිඤ්ජා වක්කං හදයං යකනං කිලොමකං පිහකං පප්ඵාසං අන්තං අන්තගුණං උදරියං කරීසං පිත්තං සෙම්හං පුබ්බො ලොහිතං සෙදො මෙදො අස්සු වසා ඛෙළො සිඞ්ඝාණිකා ලසිකා මුත්තං. එවං භික්ඛු අඣත්තබහිද්ධා කායෙ කායානුපස්සී විහරති ආතාපී සම්පජානො සතිමා විනෙයය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්සං.
කිසෙයින් මහණ අධ්‍යාත්ම වූ ද බාහිර වූ ද කයෙහි කායානුපස්සීව වෙසේ ද යත්: මෙ සස්නෙහි මහණ පාතෙලෙන් උඩ කෙසගින් යට සිවිපිරියත් කොට ඇති අධ්‍යාත්ම වූ ද බාහිර වූ ද කය නන්වැදෑරුම් අසුචි පිරුණක් කොට ප්රත්යවේක්ෂා කෙරෙයි: මේ කයෙහි කෙස් ඇත, ලොම් - නිය - දත් - සිවි - මස් - නහර - ඇට - ඇටමිඳුළු - වකුගඬ - හදවත - අක්මාව - දලබුව - බඩදිව - පෙණහලු - අතුණු - අතුණුබහන - නො පැසුණු අහර - පැසුණු අහර - පිත - සෙම - පූයා - ලෙහෙ - සෝදිය - මේදතෙල් - කඳුළු - වුරුණුතෙල් - කෙළ - මුකුණු - සඳමිදුළු - සුලුදිය ඇති. මෙසෙයින් මහණ කෙලෙස් තවන වැර ඇතියේ සම්‍යග්ඥාන ඇතියේ ස්මෘතිමත් වූයේ කාය සඞ්ඛ්‍යාත ලෝකයෙහි අභිධ්‍යාව හා දොම්නස දුරු කොට කලෙක තමාගේ කයෙහි කලෙක මෙරමාගේ කයෙහි කායානුපස්සී ව වෙසේ.
456. අනුපස්සී’ති තත්ථ කතමා අනුපස්සනා: යා පඤ්ඤා පජානනා -පෙ- අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි, අයං වුච්චති අනුපස්සනා. ඉමාය අනුපස්සනාය උපෙතො හොති සමුපෙතො උපගතො සමුපගතො උප්පන්නො සමුප්පන්නො සමන්නාගතො. තෙන වුච්චති අනුපස්සී’ති.
456. අනුපස්සී යනු: එහි අනුපස්සනා කවර යත්: යම් ප්‍රඥාවක් පජානනාකාරයෙක් … අමෝහයෙක් ධර්‍මවිචයෙක් සම්‍යග්දෘෂ්ටියක් වේ ද, මේ ‘අනුපස්සනා’ යි කියනු ලැබේ. මේ අනුපස්සනායෙන් යුක්ත වූයේ සමුපේත වූයේ එළඹ සිටියේ මොනොවට එළඹ සිටියේ නො වෙන් වූයේ පිරිපුන් වූයේ සමන්විත වූයේ යි. එහෙයින් ‘අනුපස්සී’ යි කියනු ලැබේ.
‘විහරතී’ති ඉරීයති වත්තති පාලෙති යපෙති යාපෙති චරති විහරති. තෙන වුච්චති විහරතී’ති.
විහරති යනු: ඉරියවු පවත්වයි, ඉරියවු උපදවයි, ඉරියවු රකියි, යපනය කෙරෙයි, යාපනය කෙරෙයි, හැසිරෙයි, වෙසෙයි, එහෙයින් ‘විහරති’ යි කියනු ලැබේ.
අතාපී’ති තත්ථ කතමං ආතප්පං: යො චෙතසිකො විරියාරම්භො -පෙ- සම්මාවායාමො, ඉදං වුච්චති ආතප්පං. ඉමිනා ආතප්පෙන උපෙතො හොති සමුපෙතො උපගතො සමුපගතො උප්පන්නො සමුප්පන්නො සමන්නාගතො තෙන වුච්චති ආතාපී’ති.
ආතාපී යනු: එහි ආතප්ප කවරෙ යත්: යම් චෛතසික වීර්‍ය්‍යාරම්භයෙක් ... සම්‍යග්ව්‍යායාමයෙක් වේ ද, මේ ‘ආතප්ප’ යි කියනු ලැබේ. මේ ආතප්පයෙන් යුක්ත වූයේ සමුපේත වූයේ එළඹ සිටියේ මොනොවට එළඹ සිටියේ නො වෙන් වූයේ පිරිපුන් වූයේ සමන්විත වූයේ යි. එහෙයින් ‘ආතාපී’ යි කියනු ලැබේ.
‘සම්පජානො’ති තත්ථ කතමං සම්පජඤ්ඤං: යා පඤ්ඤා පජානනා -පෙ- අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි, ඉදං වුච්චති සම්පජඤ්ඤං. ඉමිනා සම්පජඤ්ඤෙන උපෙතො හොති සමුපෙතො උපගතො සමුපගතො උප්පන්නො සමුප්පන්නො සමන්නාගතො. තෙන වුච්චති සම්පජානො’ති.
සම්පජානෝ යනු: එහි ‘සම්පජඤ්ඤ’ කවරෙ යත්: යම් ප්‍රඥාවක් පජානනාකාරයෙක් … අමෝහයෙක් ධර්මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියක් වේ ද, මේ ‘සම්පජඤ්ඤ’ යි කියනු ලැබේ. මේ ‘සම්පජඤ්ඤයෙන්’ යුක්ත වූයේ සමුපේත වූයේ එළඹ සිටියේ මොනොවට එළඹ සිටියේ නො වෙන් වූයේ පරිපූර්ණ වූයේ සමන්වාගත වූයේ යි. එහෙයින් ‘සම්පජාන’ යි කියනු ලැබේ.
‘සතිමා’ති තත්ථ කතමා සති: යා සති අනුස්සති -පෙ- සම්මාසති අයං වුච්චති සති. ඉමාය සතියා උපෙතො හොති සමුපෙතො උපගතො සමුපගතො උප්පන්නො සමුප්පන්නො සමන්නාගතො. තෙන වුච්චති සතිමා’ති.
සතිමා යනු: එහි ‘සති’ කවර යත්: යම් ස්මෘතියක් අනුස්මෘතියක් … සම්‍යක් ස්මෘතියක් වේ ද, මේ ‘සති’ යි කියනු ලැබේ. මේ සතියෙන් උපේත වූයේ සමුපේත වූයේ එළඹ සිටියේ මොනොවට එළඹ සිටියේ නො වෙන වූයේ පරිපූර්ණ වූයේ සමන්වාගත වූයේ යි, එහෙයින් ‘සතිමා’ යි කියනු ලැබේ.
‘විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොමනස්ස’න්ති තත්ථ කතමො ලොකො: ස්වෙ’ව කායො ලොකො, පඤ්ච’පි උපාදානක්ඛන්ධා ලොකො. අයං වුච්චති ලොකො.
විනෙය්ය ලෝකෙ අභිජ්ඣාදෝමනස්සං යනු: එහි ‘ලෝක’ කවරෙ යත්: එ ම කය ලෝක යැ, පඤ්චෝපාදානස්කන්‍ධයෝ ද ලෝක යැ, මේ ‘ලෝක’ යි කියනු ලැබේ.
තත්ථ කතමා අභිජ්ඣා: යො රාගො සාරාගො -පෙ- චිත්තස්ස සාරාගො. අයං වුච්චති අභිජ්ඣා.
එහි ‘අභිජ්ඣා’ කවර යත්: යම් රාගයෙක් බලවත් රාගයෙක් … චිත්තයාගේ බලවත් රාගයෙක් වේ ද, මේ ‘අභිජ්ඣා’ යි කියනු ලැබේ.
තත්ථ කතමං දොමනස්සං: යං චෙතසිකං අසාතං චෙතසිකං දුක්ඛං චෙතොසම්ඵස්සජං අසාතං දුක්ඛං වෙදයිතං චෙතොසම්ඵස්සජා අසාතා දුක්ඛා වෙදනා, ඉදං වුච්චති දොමනස්සං. ඉති අයඤ්ච අභිජ්ඣා ඉදඤ්ච දොමනස්සං, ඉමම්හි ලොකෙ විනීතා හොන්ති පටිවිනීතා සන්තා සමිතා වූපසන්තා අත්ථඞ්ගතා අබ්භත්ථංගතා අප්පිතා බ්යප්පිතා සොසිතා විසොසිතා බ්යන්තීකතා. තෙන වුච්චති විනෙය්ය ලොකෙ අභිජ්ඣාදොසමනස්ස’න්ති.
එහි ‘දෝමනස්ස’ කවරෙ යත්: යම් චෛතසික වූ අසාතයෙක් චෛතසික දුඃඛයෙක් චේතෝසම්ඵස්සජ වූ අසාත වූ දුඃඛ වූ වේදයිතයෙක් චේතෝසම්ඵස්සජ වූ අසාතදුඃඛ වේදනාවක් වේ ද, මේ ‘දෝමනස්ස’ යි කියනු ලැබේ. මෙසේ මේ අභිධ්‍යාව ද මේ දොම්නස ද මේ කායසඞ්ඛ්‍යාත ලෝකයෙහි දුරු කරන ලද්දාහු වෙසෙසින් දුරු කරන ලද්දාහු සන්හුන්නාහු සන්හිඳුවන ලද්දාහු ව්‍යුපශම කරන ලද්දාහු නිරෝධසඞ්ඛ්‍යාත අස්තයට ගියාහු අතිශයින් අස්තයට ගියාහු නසන ලද්දාහු වෙසෙසින් නසන ලද්දාහු වියළන ලද්දාහු මොනොවට වියළන ලද්දාහු විගතාන්ත කරන ලද්දාහු වෙත්. එහෙයින් ‘විනෙය්ය ලෝකෙ අභිජ්ඣාදෝමනස්සං’ යි කියනු ලැබේ.