යෙදුමෙන් කියවන්න

වෙදනානුපස‍්සනා නිද‍්දෙසො

457. කථඤ‍්ච භික‍්ඛු අජ‍්ඣත‍්තං වෙදනාසු වෙදනානුපස‍්සී විහරති: ඉධ භික‍්ඛු සුඛං වෙදනං වෙදියමානො. සුඛං වෙදනං වෙදියාමී’ති පජානාති. දුක‍්ඛං වෙදනං වෙදියමානො දුක‍්ඛං වෙදනං වෙදියාමී’ති පජානාති. අදුක‍්ඛමසුඛං වෙදනං වෙදියමානො අදුක‍්ඛමසුඛං වෙදනං වෙදියාමී’ති පජානාති. සාමිසං වා සුඛං වෙදනං වෙදියමානො සාමිසං සුඛං වෙදනං වෙදියාමී’ති පජානාති. නිරාමිසං වා සුඛං වෙදනං වෙදියමානො නිරාමිසං සුඛං වෙදනං වෙදියාමී’ති පජානාති. සාමිසං වා දුක‍්ඛං වෙදනං වෙදියමානො සාමිසං දුක‍්ඛං වෙදනං වෙදියාමී’ති පජානාති. නිරාමිසං වා දුක‍්ඛං වෙදනං වෙදියමානො නිරාමිසං දුක‍්ඛං වෙදනං වෙදියාමී’ති පජානාති. සාමිසං වා අදුක‍්ඛමසුඛං වෙදනං වෙදියමානො සාමිසං අදුක‍්ඛමසුඛං වෙදනං වෙදියාමී’ති පජානාති. නිරාමිසං වා අදුක‍්ඛමසුඛං වෙදනං වෙදියමානො නිරාමිසං අදුක‍්ඛමසුඛං වෙදනං වෙදියාමී’ති පජානාති. සො තං නිමිත‍්තං ආසෙවති භාවෙති බහුලීකරොති ස‍්වාවත්‍ථිතං වවත්‍ථපෙති. සො තං නිමිත‍්තං ආසෙවිත්‍වා භාවෙත්‍වා බහුලීකරිත්‍වා ස‍්වාවත්‍ථිතං වවත්‍ථපෙත්‍වා බහිද‍්ධා වෙදනාසු චිත‍්තං උපසංහරති.

457. කිසෙයින් මහණ තමා පිළිබඳ වේදනාවන්හි වේදනානුදර්ශී ව වෙසේ ද යත්: මෙ සස්නෙහි මහණ (කායික වූ හෝ චෛතසික වූ හෝ) සුඛවේදනාව විඳිනුයේ ‘සුඛ වේදනාව විඳිමී’ දැනගනි, දුඃඛවේදනාව විඳිනුයේ ‘දුඃඛවේදනාව විඳිමී’ දැනගනි, උපේක්‍ෂා වේදනාව විඳිනුයේ ‘උපේක්‍ෂාවේදනාව විඳිමී’ දැනගනි, සාමිස (පඤ්චකාමගුණ නිශ්‍රිත) වූ හෝ සුඛවේදනාව විඳිනුයේ ‘සාමිසසුඛවේදනාව විඳිමී’ දැනගනි, නිරාමිස වූ හෝ සුඛවේදනාව විඳිනුයේ ‘නිරාමිසසුඛවේදනාව විඳිමී’ දැනගනි, සාමිස වූ හෝ දුඃඛවේදනාව විඳිනුයේ ‘සාමිසදුඃඛවේදනාව විඳිමී’ දැනගනි, නිරාමිස වූ හෝ දුඃඛවේදනාව විඳිනුයේ ‘නිරාමිසදුඃඛවේදනාව විඳිමී’ දැනගනි, සාමිස වූ හෝ අදුක්ඛමසුඛවේදනාව විඳිනුයේ ‘සාමිසඅදුක්ඛමසුඛවේදනාව විඳිමී’ දැනගනි, නිරාමිස වූ හෝ අදුක්ඛමසුඛවේදනාව විඳිනුයේ ‘නිරාමිස වූ අදුක්ඛමසුඛ වේදනාව විඳිමී’ දැනගනි. හෙතෙම ඒ වේදනා නිමිත්ත ආසේවන කෙරෙයි, වඩයි, බහුල කෙරෙයි, මොනොවට නිශ්චය කෙරෙයි. හෙතෙම ඒ නිමිත්ත ආසේවන, භාවන, බහුලීකරණය කොට මැනැවින් නිශ්චය කොට මෙරමා පිළිබඳ වේදනාවන්හි සිත එළවයි.

කථඤ‍්ච භික‍්ඛු බහිද‍්ධා වෙදනාසු වෙදනානුපස‍්සී විහරති: ඉධ භික‍්ඛු සුඛං වෙදනං වෙදියමානං සුඛං වෙදනං වෙදියතී’ති පජානාති. දුක‍්ඛං වෙදනං වෙදියමානං දුක‍්ඛං වෙදනං වෙදියතී’ති පජානාති. අදුක‍්ඛමසුඛං වෙදනං වෙදියමානං අදුක‍්ඛමසුඛං වෙදනං වෙදියතී’ති පජානාති. සාමිසං වා සුඛං වෙදනං වෙදියමානං සාමිසං සුඛං වෙදනං වෙදියතී’ති පජානාති. නිරාමිසං වා සුඛං වෙදනං වෙදියමානං නිරාමිසං සුඛං වෙදනං වෙදියතී’ති පජානාති. සාමිසං වා දුක‍්ඛං වෙදනං වෙදියමානං සාමිසං දුක‍්ඛං වෙදනං වෙදියතී’ති පජානාති. නිරාමිසං වා දුක‍්ඛං වෙදනං වෙදියමානං නිරාමිසං දුක‍්ඛං වෙදනං වෙදියතී’ති පජානාති. සාමිසං වා අදුක‍්ඛමසුඛං වෙදනං වෙදියමානං සාමිසං අදුක‍්ඛමසුඛං වෙදනං වෙදියතී’ති පජානාති. නිරාමිසං වා අදුක‍්ඛමසුඛං වෙදනං වෙදියමානං නිරාමිසං අදුක‍්ඛමසුඛං වෙදනං වෙදියතී’ති පජානාති. සො තං නිමිත‍්තං ආසෙවති භාවෙති බහුලීකරොති ස‍්වාවත්‍ථිතං වවත්‍ථපෙති. සො තං නිමිත‍්තං ආසෙවිත්‍වා භාවෙත්‍වා බහුලීකරිත්‍වා ස‍්වාවත්‍ථිතං වවත්‍ථපෙත්‍වා අජ‍්ඣබහිද‍්ධා වෙදනාසු චිත‍්තං උපසංහරති.

කිසෙයින් මහණ මෙරමා පිළිබඳ වේදනාවන්හි වේදනානුදර්ශී ව වෙසේ ද යත්: මෙ සස්නෙහි මහණ තෙමෙ සුඛවේදනාව විඳින්නහු ‘සුඛ වේදනාව විඳී’ යයි දැනගනි, දුඃඛවේදනාව විඳින්නහු ‘දුඃඛවේදනාව විඳී’ යයි දැනගනි, අදුක්ඛමසුඛවේදනාව විඳින්නහු ‘අදුක්ඛමසුවේදනාව විඳී’ යයි දැනගනි, සාමිස වූ හෝ සුඛවේදනාව විඳින්නහු ‘සාමිසසුඛවේදනාව විඳී’ යයි දැනගනි, නිරාමිස වූ හෝ සුඛවේදනාව විඳින්නහු ‘නිරාමිසසුඛ වේදනාව විඳී’ යයි දැනගනි, සාමිස වූ හෝ දුඃඛවේදනාව විඳින්නහු ‘සාමිසදුඃඛවේදනාව විඳී’ යයි දැනගනි, නිරාමිස වූ හෝ දුඃඛවේදනාව විඳින්නහු ‘නිරාමිසදුඃඛවේදනාව විඳී’ යයි දැනගනි, සාමිස වූ හෝ අදුක්ඛමසුඛවේදනාව විඳින්නහු ‘සාමිස වූ අදුක්ඛමසුඛවේදනාව විඳී’ යයි දැනගනි, නිරාමිස වූ හෝ අදුක්ඛමසුඛවේදනාව විඳින්නහු ‘නිරාමිසඅදුක්ඛමසුඛවේදනාව විඳී’ යයි දැනගනි. හෙතෙම ඒ (වේදනා) නිමිත්ත සේවනය කෙරෙයි, වඩයි, පුනපුනා වඩයි, මොනොවට නිශ්චය කෙරෙයි. හෙතෙම ඒ නිමිත්ත සේවනය කොට වඩා පුනපුනා වඩා මැනැවින් නිශ්චය කොට තමාගේ ද මෙරමාගේ ද වේදනාවන්හි සිත එළවයි.

කථං ච භික‍්ඛු අජ‍්ඣත‍්තබහිද‍්ධා වෙදනාසු වෙදනානුපස‍්සී විහරති: ඉධ භික‍්ඛු සුඛං වෙදනං සුඛා වෙදනා’ති පජානාති. දුක‍්ඛං වෙදනං දුක‍්ඛා වෙදනා’ති පජානාති. අදුක‍්ඛමසුඛං වෙදනං අදුක‍්ඛමසුඛා වෙදනා’ති පජානාති. සාමිසං වා සුඛං වෙදනං සාමිසා සුඛා වෙදනා’ති පජානාති. නිරාමිසං වා සුඛං වෙදනං නිරාමිසා සුඛා වෙදනා’ති පජානාති. සාමිසං වා දුක‍්ඛං වෙදනං සාමිසා දුක‍්ඛා වෙදනා’ති පජානාති. නිරාමිසං වා දුක‍්ඛං වෙදනං නිරාමිසා දුක‍්ඛා වෙදනා’ති පජානාති. සාමිසං වා අදුක‍්ඛමසුඛං වෙදනං සාමිසා අදුක‍්ඛමසුඛා වෙදනා’ති පජානාති. නිරාමිසං වා අදුක‍්ඛමසුඛං වෙදනං නිරාමිසා අදුක‍්ඛමසුඛා වෙදනා’ති පජානාති. එවං භික‍්ඛු අජ‍්ඣත‍්තබහිද‍්ධා වෙදනාසු වෙදනානුපස‍්සී විහරති ආතාපී සම‍්පජානො සතිමා විනෙය්‍ය ලොකෙ අභිජ‍්ඣාදොමනස‍්සං.

කිසෙයින් මහණ අජ්ඣත්තබහිද්ධා වේදනාවන්හි වේදනානුදර්ශී ව වෙසේ ද යත්: මෙ සස්නෙහි මහණ තෙම සුඛවේදනාව ‘සුඛවේදනා’ යි දැනගනි, දුඃඛවේදනාව ‘දුඃඛවේදනා’ යි දැනගනි, අදුක්ඛමසුඛවේදනාව ‘අදුක්ඛමසුවේදනා’ යි දැනගනි, සාමිස වූ හෝ සුඛවේදනාව ‘සාමිසසුඛවේදනා’ යි දැනගනි, නිරාමිස වූ හෝ සුඛවේදනාව ‘නිරාමිසසුඛ වේදනාව’ යි දැනගනි, සාමිස වූ හෝ දුඃඛවේදනාව ‘සාමිසදුඃඛවේදනා’ යි දැනගනි, නිරාමිස වූ හෝ දුඃඛවේදනාව ‘නිරාමිසදුඃඛවේදනා’ යි දැනගනි, සාමිස වූ හෝ අදුක්ඛමසුඛවේදනාව ‘සාමිස වූ අදුක්ඛමසුඛවෙදනා’ යි දැනගනි, නිරාමිස වූ හෝ අදුක්ඛමසුඛවේදනාව ‘නිරාමිසඅදුක්ඛමසුඛවේදනාව’ යයි දැනගනි. මෙසේ මහණ තෙම කෙලෙස් තවන වැර ඇතියේ සම්‍යග්ඥාන ඇතියේ ස්මෘතිමත් වූයේ වේදනා සඞ්ඛ්‍යාත ලෝකයෙහි අභිධ්‍යාව හා දොම්නස දුරු කොට තමාගේ ද මෙරමාගේ ද වේදනාවන්හි වේදනානුදර්ශී ව වෙසේ.

458. අනුපස‍්සී’ති -පෙ- විහරතී’ති -පෙ- ආතාපී’ති -පෙ- සම‍්පජානො’ති -පෙ- සතිමා’ති -පෙ- විනෙය්‍ය ලොකෙ අභිජ‍්ඣාදොමනස‍්සන‍්ති. තත්‍ථ කතමො ලොකො: සා’ව වෙදනා ලොකො, පඤ‍්ච’පි උපාදානක‍්ඛන්‍ධා ලොකො. අයං වුච‍්චති ලොකො.

458. අනුපස්සී යනු: … විහරති යනු: … ආතාපී යනු: … සම්පජානෝ යනු: … සතිමා යනු: … විනෙය්‍ය ලෝකෙ අභිජ්ඣාදෝමනස්සං යනු: එහි ලෝකය කවර යත්: ඒ වේදනාව ම ලෝක නමි. පඤ්චෝපාදානස්කන්‍ධයෝ ද ලෝක නමි. මේ ‘ලෝක’ යි කියනු ලැබේ.

තත්‍ථ කතමා අභිජ‍්ඣා: යො රාගො සාරාගො -පෙ- චිත‍්තස‍්ස සාරාගො. අයං වුච‍්චති අභිජ‍්ඣා. තත්‍ථ කතමං දොමනස‍්සං: යං චෙතසිකං අසාතං චෙතසිකං දුක‍්ඛං චෙතොසම‍්ඵස‍්සජං අසාතං දුක‍්ඛං වෙදයිතං චෙතොසම‍්ඵස‍්සජා අසාතා දුක‍්ඛා වෙදනා. ඉදං වුච‍්චති දොමනස‍්සං. ඉති අයඤ‍්ච අභිජ‍්ඣා ඉදඤ‍්ච දොමනස‍්සං, ඉමම‍්හි ලොකෙ විනීතා හොන‍්ති පටිවිනීතා සන‍්තා සමිතා වූපසන‍්තා අත්‍ථඞ‍්ගතා අබ‍්භත්‍ථඞ‍්ගතා අප‍්පිතා බ්‍යප‍්පිතා සොසිතා විසොසිතා බ්‍යන‍්තීකතා තෙන වුච‍්චති විනෙය්‍ය ලොකෙ අභිජ‍්ඣාදොමනස‍්සන‍්ති.

එහි ‘අභිධ්‍යා’ කවර යත්: යම් රාගයෙක් බලවත් රාගයෙක් … චිත්තයාගේ බලවත් රාගයෙක් වේ ද, මේ ‘අභිධ්‍යා’ යි කියනු ලැබේ. එහි ‘දෝමනස්ස’ කවරෙ යත්: යම් චෛතසික වූ අසාතයෙක් චෛතසික වූ දුඃඛයෙක් චේතෝසම්ඵස්සජ අසාතදුඃඛවේදයිතයෙක් චේතෝසම්ඵස්සජ අසාතදුඃඛවේදනායෙක් වේ ද, මේ ‘දෝමනස්ස’ යි කියනු ලැබේ. මෙසේ මේ අභිධ්‍යාව ද මේ දොම්නස ද මේ වේදනා ලෝකයෙහි බැහැර කරන ලද්දාහු වෙසෙසින් බැහැර කරන ලද්දාහු සන්හිඳුනාහු සන්හිඳුවන ලද්දාහු ව්‍යුපශම කරන ලද්දාහු නිරෝධ සඞ්ඛ්‍යාත අස්තයට ගියාහු අතිශයින් අස්තයට ගියාහු නසන ලද්දාහු වෙසෙසින් නසන ලද්දාහු වියළන ලද්දාහු වෙසෙසින් වියළන ලද්දාහු විගතාන්ත කරන ලද්දාහු වෙත්. එහෙයින් ‘විනෙය්‍ය ලෝකෙ අභිජ්ඣා දෝමනස්සං’ යි කියනු ලැබේ.

වෙදනානුපස‍්සනා නිද‍්දෙසො.

වේදනානුපස්සනා නිර්දේශ යි.