යෙදුමෙන් කියවන්න

වෙදනානුපස‍්සනානිද‍්දෙසවණ‍්ණනා අට‍්ඨකථා

වෙදනානුපස‍්සනානිද‍්දෙසවණ‍්ණනා

වෙදනානුපස්සනානිද්දෙසවණ්ණනා

වෙදනානුපස‍්සනානිද‍්දෙසෙපි හෙට‍්ඨා වුත‍්තසදිසං වුත‍්තනයෙනෙව වෙදිතබ‍්බං. සුඛං වෙදනං වෙදයමානොතිආදීසු පන සුඛං වෙදනන‍්ති කායිකං වා චෙතසිකං වා සුඛං වෙදනං වෙදයමානො ‘අහං සුඛං වෙදනං වෙදයාමී’ති පජානාතීති අත්‍ථො. තත්‍ථ කාමං උත‍්තානසෙය්‍යකාපි දාරකා ථඤ‍්ඤපිවනාදිකාලෙ සුඛං වෙදයමානා ‘සුඛං වෙදනං වෙදයාමා’ති පජානන‍්ති, න පනෙතං එවරූපං ජානනං සන්‍ධාය වුත‍්තං. එවරූපඤ‍්හි ජානනං සත‍්තූපලද‍්ධිං නප‍්පජහති, සත‍්තසඤ‍්ඤං න උග‍්ඝාටෙති, කම‍්මට‍්ඨානං වා සතිපට‍්ඨානභාවනා වා න හොති. ඉමස‍්ස පන භික‍්ඛුනො ජානනං සත‍්තූපලද‍්ධිං පජහති, සත‍්තසඤ‍්ඤං උග‍්ඝාටෙති, කම‍්මට‍්ඨානඤ‍්චෙව සතිපට‍්ඨානභාවනා ච හොති. ‘ඉදඤ‍්හි කො වෙදයති, කස‍්ස වෙදනා, කිං කාරණා වෙදනා’ති එවං සම‍්පජානවෙදියනං සන්‍ධාය වුත‍්තං.

වේදනානුපස්සනා නිද්දේසයෙහි ද යට කියන ලද්දට සමානව කියන ලද නයින්ම දතයුතුය. සුඛං වෙදනං වෙදයමානො යනාදියෙහි වනාහි සුඛං වෙදනං යනු කායික හෝ මානසික හෝ සැප වේදනාවක් විඳින්නේ මම සැප වේදනාවක් විඳිමි යයි දනී යන අර්ථයයි. එහි උඩුකුරුව හොවනා දරුවෝද කිරිබොන ආදි කාලයෙහි සැප විඳින්නේ සැප වේදනාවක් විඳිමුයි දනිති. මෙය එබඳු දැනීමක් උදසො නොකියන ලදි. එබඳු දැනීමක් සිතා යයි යන අවබෝධය දුරු නොකරයි. සත්ත්ව සංඥාව උදුරා නොදමයි. කර්මස්ථානය හෝ සතිපට්ඨාන භාවනාව හෝ නොවේ. මේ භික්‍ෂුවගේ දැනීම සත්ත්ව අවබෝධය දුරුකරයි. සත්ත්ව සංඥාවද උදුරා දමයි. කර්මස්ථානය සතිපට්ඨාන භාවනාවද වේ. මෙහි කවරෙක් විඳීද? වේදනාව කවරෙකුටද? වේදනාව කුමන කරුණක්ද? යන මෙහි දැන විඳීම සඳහා කියන ලදි.

තත්‍ථ කො වෙදයතීති? න කොචි සත‍්තො වා පුග‍්ගලො වා වෙදයති. කස‍්ස වෙදනාති? න කස‍්සචි සත‍්තස‍්ස වා පුග‍්ගලස‍්ස වා වෙදනා. කිං කාරණා වෙදනාති? වත්‍ථුආරම‍්මණා ච පනෙසා වෙදනා. තස‍්මා එස එවං පජානාති – ‘තං තං සුඛාදීනං වත්‍ථුං ආරම‍්මණං කත්‍වා වෙදනාව වෙදයති; තං පන වෙදනාපවත‍්තිං උපාදාය ‘අහං වෙදයාමී’ති වොහාරමත‍්තං හොතී’ති. එවං වත්‍ථුං ආරම‍්මණං කත්‍වා වෙදනාව වෙදයතීති සල‍්ලක‍්ඛෙන‍්තො ‘එස සුඛං වෙදනං වෙදයාමී’ති පජානාතීති වෙදිතබ‍්බො, චිත‍්තලපබ‍්බතෙ අඤ‍්ඤතරො ථෙරො විය.

එහි කවෙරක් විඳීද? යන්නෙහි කිසි පුද්ගලයෙක් හෝ සතෙක් නොවිඳී. කාටද වේදනාව? කිසි සතෙකුට හෝ පුද්ගලයෙකුට වේදනාව නැත. වේදනාව කුමන කරුණකටද යන වස්තු හා අරමුණුවලටය මේ වේදනාව. ඒ නිසා එය මෙසේ දතයුතුය. ඒ වේදනා පැවැත්ම ගෙන මං විඳිමියි යන ව්‍යවහාර මාත්‍රය වේයයි මෙසේ සලකමින් මේ තෙමේ සැපවේදනා විඳිමි යයි දනීයයි දතයුතුය. සිතුල්පව්වෙහි එක්තරා තෙරනමක් මෙනි.

ථෙරො කිර අඵාසුකකාලෙ බලවවෙදනාය නිත්‍ථුනන‍්තො අපරාපරං පරිවත‍්තති. තමෙකො දහරො ආහ – “කතරං වො, භන‍්තෙ, ඨානං රුජතී”ති? “ආවුසො, පාටියෙක‍්කං රුජනට‍්ඨානං නාම නත්‍ථි; වත්‍ථුං ආරම‍්මණං කත්‍වා වෙදනාව වෙදයතී”ති. “එවං ජානනකාලතො පට‍්ඨාය අධිවාසෙතුං වට‍්ටති නො, භන‍්තෙ”ති. “අධිවාසෙමි, ආවුසො”ති. “අධිවාසනා, භන‍්තෙ, සෙය්‍යො”ති. ථෙරො අධිවාසෙසි. වාතො යාව හදයා ඵාලෙසි. මඤ‍්චකෙ අන‍්තානි රාසීකතානි අහෙසුං. ථෙරො දහරස‍්ස දස‍්සෙසි – “වට‍්ටතාවුසො, එත‍්තකා අධිවාසනා”ති? දහරො තුණ‍්හී අහොසි. ථෙරො වීරියසමාධිං යොජෙත්‍වා සහපටිසම‍්භිදාහි අරහත‍්තං පාපුණිත්‍වා සමසීසී හුත්‍වා පරිනිබ‍්බායි.

ස්ථවිරයන් වහන්සේ වනාහි බලවත් වේදනාවෙන් උත්සාහ ගන්නේ එහේ මෙහේ පෙරළෙති. එහි වැසි එක් දහර භික්‍ෂු නමක් ස්වාමීන් වහන්ස, රිදෙන්නේ කොතනදැයි ඇසීය. ඇවැත්නි, වෙන වෙනම රිදෙන තැනක් නම් නැත. වස්තුව අරමුණු කොට වේදනාව විඳීයයි කීහ. මෙසේ දැනගත් කාලයේ සිට ඉවසීම වටිනවා නේද ස්වාමීන් වහන්ස යයි දහරා කීය. ඇවැත්නි, ඉවසමි. ස්වාමීන් වහන්ස, ඉවසීම යෙහෙකි. ස්ථවිරයන් වහන්සේ ඉවසූහ. වාතය හෘදය දක්වා ගොස් එය පැලීය. ඇඳෙහි අතුනුබහන් විසිරුණි. ස්ථවිරයන් වහන්සේ මෙපමණ ඉවසීම ඇවැත්නි වටීදැයි කුඩා භික්‍ෂුවට පෙන්වීය. කුඩා භික්‍ෂුව නිශ්ශබ්ද විය. ස්ථවිරයන් වහන්සේ විරිය සමාධිය යොදාගෙන සිව්පිළිසිඹියා සහිතව රහත්බවට පත්ව සිහියෙන් යුක්තව පිරිනිවන් පෑහ.

යථා ච සුඛං, එවං දුක‍්ඛං…පෙ… නිරාමිසං අදුක‍්ඛමසුඛං වෙදනං වෙදයමානො ‘නිරාමිසං අදුක‍්ඛමසුඛං වෙදනං වෙදයාමී”ති පජානාති. ඉති භගවා රූපකම‍්මට‍්ඨානං කථෙත්‍වා අරූපකම‍්මට‍්ඨානං කථෙන‍්තො වෙදනාවසෙන කථෙසි. දුවිධඤ‍්හි කම‍්මට‍්ඨානං – රූපකම‍්මට‍්ඨානං අරූපකම‍්මට‍්ඨානඤ‍්ච; රූපපරිග‍්ගහො අරූපපරිග‍්ගහොතිපි එතදෙව වුච‍්චති. තත්‍ථ භගවා රූපකම‍්මට‍්ඨානං කථෙන‍්තො සඞ‍්ඛෙපමනසිකාරවසෙන වා විත්‍ථාරමනසිකාරවසෙන වා චතුධාතුවවත්‍ථානං කථෙසි. තදුභයම‍්පි විසුද‍්ධිමග‍්ගෙ සබ‍්බාකාරතො දස‍්සිතමෙව.

යම්සේ සැපද එසේම දුකය. නිරාමිස වූ අදුක්ඛමසුඛ වේදනාව විඳින්නේ අදුක්ඛමසුඛ වේදනාව විඳිමියි දනී. මෙසේ භාග්‍යවතුන් වහන්සේ රූප කර්මස්ථානය වදාරා අරූප කර්මස්ථානය වදාරන්නේ, වේදනා වශයෙන් වදාළහ. රූප කර්මස්ථානය අරූප කර්මස්ථානය යයි කර්මස්ථානය දෙවැදෑරුම් වේ. රූප පරිග්ගහ අරූප පරිග්ගහ යයි මෙයම කියනු ලැබේ. භාග්‍යවතුන් වහන්සේ එහිදී රූප කර්මස්ථානය වදාරන්නේ සංක්‍ෂේප මෙනෙහි කිරීම් වශයෙන් හෝ විස්තර මෙනෙහි කිරීම් වශයෙන් හෝ චතුධාතු සිහිකිරීම වදාරති. ඒ දෙකම විසුද්ධි මාර්ගයෙහි සියළු ආකාරයෙන් දක්වන ලද්දේමය.

අරූපකම‍්මට‍්ඨානං පන කථෙන‍්තො යෙභුය්‍යෙන වෙදනාවසෙන කථෙසි. තිවිධො හි අරූපකම‍්මට‍්ඨානෙ අභිනිවෙසො – ඵස‍්සවසෙන, වෙදනාවසෙන, චිත‍්තවසෙනාති. කථං? එකච‍්චස‍්ස හි සංඛිත‍්තෙන වා විත්‍ථාරෙන වා පරිග‍්ගහිතෙ රූපකම‍්මට‍්ඨානෙ තස‍්මිං ආරම‍්මණෙ චිත‍්තචෙතසිකානං පඨමාභිනිපාතො තං ආරම‍්මණං ඵුසන‍්තො උප‍්පජ‍්ජමානො ඵස‍්සො පාකටො හොති. එකච‍්චස‍්ස තං ආරම‍්මණං අනුභවන‍්තී උප‍්පජ‍්ජමානා වෙදනා පාකටා හොති. එකච‍්චස‍්ස තං ආරම‍්මණං පරිග‍්ගහෙත්‍වා විජානන‍්තං උප‍්පජ‍්ජමානං විඤ‍්ඤාණං පාකටං හොති. තත්‍ථ යස‍්ස ඵස‍්සො පාකටො හොති, සොපි ‘න කෙවලං ඵස‍්සොව උප‍්පජ‍්ජති; තෙන සද‍්ධිං තදෙවාරම‍්මණං අනුභවමානා වෙදනාපි උප‍්පජ‍්ජති, සඤ‍්ජානමානා සඤ‍්ඤාපි, චෙතයමානා චෙතනාපි, විජානනමානං විඤ‍්ඤාණම‍්පි උප‍්පජ‍්ජතී’ති ඵස‍්සපඤ‍්චමකෙයෙව පරිග‍්ගණ‍්හාති. යස‍්ස වෙදනා පාකටා හොති, සොපි ‘න කෙවලං වෙදනාව උප‍්පජ‍්ජති; තාය සද‍්ධිං තදෙවාරම‍්මණං ඵුසමානො ඵස‍්සොපි උප‍්පජ‍්ජති, සඤ‍්ජානනමානා සඤ‍්ඤාපි, චෙතයමානා චෙතනාපි, විජානනමානං විඤ‍්ඤාණම‍්පි උප‍්පජ‍්ජතී’ති ඵස‍්සපඤ‍්චමකෙයෙව පරිග‍්ගණ‍්හාති. යස‍්ස විඤ‍්ඤාණං පාකටං හොති, සොපි ‘න කෙවලං විඤ‍්ඤාණමෙව උප‍්පජ‍්ජති; තෙන සද‍්ධිං තදෙවාරම‍්මණං ඵුසමානො ඵස‍්සොපි උප‍්පජ‍්ජති, අනුභවමානා වෙදනාපි, සඤ‍්ජානනමානා සඤ‍්ඤාපි, චෙතයමානා චෙතනාපි උප‍්පජ‍්ජතී’ති ඵස‍්සපඤ‍්චමකෙයෙව පරිග‍්ගණ‍්හාති.

අරූප කර්මස්ථානය වේදනා වශයෙන් බොහෝසෙයින් වදාරති. ඵස්ස වේදනා චිත්ත වශයෙන් අරූප කර්මස්ථානයට පිවිසීම තුන්ආකාර වේ. කෙසේද? සමහර කෙනෙකුට සංක්‍ෂේපයෙන් හෝ විස්තර වශයෙන් අරූප කර්මස්ථානය පරීක්‍ෂා කරනවිට ඒ අරමුණෙහි ම චිත්ත චෛතසිකයන්ගේ පළමුවන (අභිනිපාතයෙන්) පිවිසීමෙන් එම අරමුණ ස්පර්ශ කරමින් උපදින ස්පර්ශය ප්‍රකට වේ. සමහර කෙනෙකුට ඒ අරමුණු විඳින වේදනාව උපදී. ඒ අරමුණ හැඳිනගන්නා සංඥාවද සිතන්නා වූ චේතනාවද දැනගන්නවා විඤ්ඤාණයද උපදී. ස්පර්ශ පංචකයෙහිම විමසීම කරයි. යමෙකුට වේදනාව ප්‍රකට වේද? එයද වේදනාව පමණක් නූපදී. එය සමග ඒ අරමුණ ස්පර්ශ කරන ස්පර්ශයද උපදී. හැඳිනගන්නා වූ සංඥාවද සිතන්නා වූ චේතනාවද දැනගන්නා වූ විඤ්ඤාණයද උපදීයයි ස්පර්ශ පංචකය විමසයි. යමෙකුට විඤ්ඤාණය ප්‍රකට වේද? එයද තනිව විඤ්ඤාණය පමණක් නූපදී. එය සමග ඒ අරමුණ ස්පර්ශය කරන ස්පර්ශයද විඳින වේදනාවද හැඳිනගන්නා සංඥාවද සිතන්නා වූ චේතනාවද උපදීයයි ස්පර්ශය පස්වැනි කොටම විමසයි. [check trans here]

සො ‘ඉමෙ ඵස‍්සපඤ‍්චමකා ධම‍්මා කිංනිස‍්සිතා’ති උපධාරෙන‍්තො ‘වත්‍ථුනිස‍්සිතා’ති පජානාති. වත්‍ථු නාම කරජකායො; යං සන්‍ධාය වුත‍්තං “ඉදඤ‍්ච පන මෙ විඤ‍්ඤාණං එත්‍ථසිතං, එත්‍ථපටිබද‍්ධ”න‍්ති (දී· නි· 1.235). සො අත්‍ථතො භූතානි චෙව උපාදාරූපානි ච. එවමෙත්‍ථ වත්‍ථු රූපං, ඵස‍්සපඤ‍්චමකා නාමන‍්ති නාමරූපමෙව පස‍්සති. රූපඤ‍්චෙත්‍ථ රූපක‍්ඛන්‍ධො, නාමං චත‍්තාරො අරූපිනො ඛන්‍ධාති පඤ‍්චක‍්ඛන්‍ධමත‍්තං හොති. නාමරූපවිනිමුත‍්තා හි පඤ‍්චක‍්ඛන්‍ධා පඤ‍්චක‍්ඛන්‍ධවිනිමුත‍්තං වා නාමරූපං නත්‍ථි.

ඒ ඵස්ස පස්වැනි ධර්මයෝ කුමක් ඇසුරු කරත්දැයි පරීක්‍ෂා කරන්නේ වස්තු ආශ්‍රිත යයි දැනගනී. වස්තුනම් කරජ (මව්පියන් නිසා හටගත් ශරීරය) කියයි. යමක් උදෙසා කියන ලදද, මගේ මේ විඤ්ඤාණය මෙහි ආශ්‍රිතය. මෙහි බැඳුණේයයි හේ අර්ථ වශයෙන් හේතුවෙන් ම උපාදාය රූපයෝද, මෙසේ මෙහි ස්පර්ශය පස්වැනි කොට ඇති වස්තු රූපය නාමය යයි නාමරූපය දකී. මෙහි රූපය රූප ස්කන්ධයයි. නාමය සතර අරූප ස්කන්ධයයි. පංචස්කන්ධයෙන් මාත්‍රය වේ. පංචස්කන්ධය නාමරූප විනිර්මුක්තය. පංචස්කන්ධය පංචස්කන්ධයෙන් විනිර්මුක්ත නාමරූප නැත.

සො ‘ඉමෙ පඤ‍්චක‍්ඛන්‍ධා කිංහෙතුකා’ති උපපරික‍්ඛන‍්තො ‘අවිජ‍්ජාදිහෙතුකා’ති පස‍්සති; තතො පච‍්චයො චෙව පච‍්චයුප‍්පන‍්නඤ‍්ච ඉදං; අඤ‍්ඤො සත‍්තො වා පුග‍්ගලො වා නත්‍ථි; සුද‍්ධසඞ‍්ඛාරපුඤ‍්ජමත‍්තමෙවාති සප‍්පච‍්චයනාමරූපවසෙනව තිලක‍්ඛණං ආරොපෙත්‍වා විපස‍්සනාපටිපාටියා ‘අනිච‍්චං දුක‍්ඛං අනත‍්තා’ති සම‍්මසන‍්තො විචරති. සො ‘අජ‍්ජ අජ‍්ජා’ති පටිවෙධං ආකඞ‍්ඛමානො තථාරූපෙ දිවසෙ උතුසප‍්පායං, පුග‍්ගලසප‍්පායං, භොජනසප‍්පායං, ධම‍්මසවනසප‍්පායං වා ලභිත්‍වා එකපල‍්ලඞ‍්කෙන නිසින‍්නොව විපස‍්සනං මත්‍ථකං පාපෙත්‍වා අරහත‍්තෙ පතිට‍්ඨාති. එවං ඉමෙසං තිණ‍්ණම‍්පි ජනානං යාව අරහත‍්තා කම‍්මට‍්ඨානං කථිතං හොති.

මේ පංචස්කන්ධ කුමන හේතුවකින් පවතීද? පරීක්‍ෂා කරන්නේ අවිද්‍යාදි හේතුක යයි දකී. එයින් ප්‍රත්‍යය සහ ප්‍රත්‍යුත්පන්නද හැර අන්‍ය සත්වයෙක් හෝ පුද්ගලයෙක් හෝ නැත. පිරිසිදු සංස්කාර රාශිය යයි ප්‍රත්‍ය සහිත නාමරූප වශයෙන් ත්‍රිලක්‍ෂණය නගා විදර්ශනා පිළිවෙලින් අනිත්‍ය දුක්ඛ අනාත්මය විමර්ශනය කරන්නේ හැසිරේ. හේ අද අද යයි ප්‍රතිවේධය බලාපොරොත්තු වන්නේ එබඳු දවසෙහි සෘතු පුද්ගල භෝජන ධම්ම සවණ සප්පාය (සාත්තුව) ලබා එක් ආසනයක හුන්නේම විපස්සනාව මුදුන් පමුණුවා රහත්බවෙහි පිහිටයි. මෙසේ මේ තුන්දෙනාගේම රහත්බව දක්වා කමටහන් කියන ලදි.

ඉධ පන භගවා අරූපකම‍්මට‍්ඨානං කථෙන‍්තො වෙදනාවසෙන කථෙසි. ඵස‍්සවසෙන වා හි විඤ‍්ඤාණවසෙන වා කථියමානං න පාකටං හොති, අන්‍ධකාරං විය ඛායති. වෙදනාවසෙන පන පාකටං හොති. කස‍්මා? වෙදනානං උප‍්පත‍්තිපාකටතාය. සුඛදුක‍්ඛවෙදනානඤ‍්හි උප‍්පත‍්ති පාකටා. යදා සුඛං උප‍්පජ‍්ජති, සකලසරීරං ඛොභෙන‍්තං මද‍්දන‍්තං ඵරමානං අභිසන්‍දයමානං සතධොතසප‍්පිං ඛාදාපයන‍්තං විය, සතපාකතෙලං මක‍්ඛාපයමානං විය, උදකඝටසහස‍්සෙන පරිළාහං නිබ‍්බාපයමානං විය, ‘අහො සුඛං! අහො සුඛන‍්ති’! වාචං නිච‍්ඡාරයමානමෙව උප‍්පජ‍්ජති. යදා දුක‍්ඛං උප‍්පජ‍්ජති, සකලසරීරං ඛොභෙන‍්තං මද‍්දන‍්තං ඵරමානං අභිසන්‍දයමානං තත‍්තඵාලං පවෙසෙන‍්තං විය, විලීනතම‍්බලොහෙන ආසිඤ‍්චන‍්තං විය, සුක‍්ඛතිණවනප‍්පතිම‍්හි අරඤ‍්ඤෙ දාරුඋක‍්කාකලාපං පක‍්ඛිපමානං විය ‘අහො දුක‍්ඛං! අහො දුක‍්ඛන‍්ති!’ විප‍්පලාපයමානමෙව උප‍්පජ‍්ජති. ඉති සුඛදුක‍්ඛවෙදනානං උප‍්පත‍්ති පාකටා හොති.

මෙහිදී භාග්‍යවතුන් වහන්සේ විසින් අරූප කර්මස්ථානය වේදනා වශයෙන් දේශනා කරන ලදි. ස්පර්ශ වශයෙන් හෝ විඤ්ඤාණ වශයෙන් හෝ දේශනා කරනවිට ප්‍රකට නොවේ. අන්ධකාරය මෙන් හැඟේ. වේදනා වශයෙන් ප්‍රකට වේ. කවරහෙයින්ද? වේදනා හටගැනීම ප්‍රකටවන බැවිනි. සැප දුක් වේදනා පහළවීම ප්‍රකටය. සැප ඉපදෙන කාලයේ සියළු ශරීරය කැළඹෙමින් මැදෙමින් පැතිරෙමින් ගලායමින් සියක්වර පිරිසිදු කළ ගිතෙල් කවන කලක් මෙන්ද සියක්වර පිසූ තෙල ගල්වන්නාක් මෙන්ද දියකල දහසකින් දාහය නිවන්නාක් මෙන්ද අහෝ සැපයි අහෝ සැපයයි වචන පිටකරන්නාක් මෙන්ද උපදී. යම්කලක දුක් උපදීද? සකල ශරීරය කැළඹෙත් මැඩෙමින් පැතිරෙමින් ගලායමින් රත්වූ ආයුධයක් පිවිසෙන්නාක් මෙන් දියකළ තඹ ලොහොදියෙන් ඉසින්නාක් මෙන් වියළි තෘණ වනස්පති ඇති කැලය ගිනිහුලකින් දවන්නාක් මෙන් අහෝ දුක් අහෝ දුකය විලාප ගසන්නාක් මෙන්ම උපදී. මෙහි සැප දුක් වේදනාවල ඉපදීම ප්‍රකටය.

අදුක‍්ඛමසුඛා පන දුද‍්දීපනා අන්‍ධකාරා අවිභූතා. සා සුඛදුක‍්ඛානං අපගමෙ සාතාසාතපටික‍්ඛෙපවසෙන මජ‍්ඣත‍්තාකාරභූතා අදුක‍්ඛමසුඛා වෙදනාති නයතො ගණ‍්හන‍්තස‍්ස පාකටා හොති. යථා කිං? අන‍්තරා පිට‍්ඨිපාසාණං ආරුහිත්‍වා පලායන‍්තස‍්ස මිගස‍්ස අනුපථං ගච‍්ඡන‍්තො මිගලුද‍්දකො පිට‍්ඨිපාසාණස‍්ස ඔරභාගෙ අපරභාගෙපි පදං දිස‍්වා මජ‍්ඣෙ අපස‍්සන‍්තොපි ‘ඉතො ආරුළ‍්හො, ඉතො ඔරුළ‍්හො, මජ‍්ඣෙ පිට‍්ඨිපාසාණෙ ඉමිනා පදෙසෙන ගතො භවිස‍්සතී’ති නයතො ජානාති. එවං ආරුළ‍්හට‍්ඨානෙ පදං විය හි සුඛාය වෙදනාය උප‍්පත‍්ති පාකටා හොති; ඔරුළ‍්හට‍්ඨානෙ පදං විය දුක‍්ඛාය වෙදනාය උප‍්පත‍්ති පාකටා හොති. ‘ඉතො ආරුළ‍්හො, ඉතො ඔරුළ‍්හො, මජ‍්ඣෙ එවං ගතො’ති නයතො ගහණං විය සුඛදුක‍්ඛානං අපගමෙ සාතාසාතපටික‍්ඛෙපවසෙන මජ‍්ඣත‍්තාකාරභූතා අදුක‍්ඛමසුඛා වෙදනාති නයතො ගණ‍්හන‍්තස‍්ස පාකටා හොති.

අදුක්ඛම සුඛ වේදනාව දැක්වීමට අපහසුය. අඳුරුය. අප්‍රකටය. එය සැප දුක් නැතිවිට සැපදුක් ප්‍රතික්‍ෂේප වශයෙන් මධ්‍යස්ථ ආකාර වූ අදුක්ඛමසුඛ වේදනා යයි නය වශයෙන් ගන්නහුට ප්‍රකට වේ. කුමක් වැනිද? යම්සේ අතරමග ගලපිට නැගී දුවන මුවාගේ අඩිපාරේ යන වැද්දා ගලේ එපිටද මෙපිටද අඩි දැක මැද නොදැක්කත් මෙයින් නැගී මෙයින් බැස මැද ගලේ මේ පැත්තෙන් ගියා වන්නේ යයි නයින් දැනගනී. මෙසේ නැගි තැන අඩි ලකුණ වේ. සැප වේදනාවේ පහළවීම ප්‍රකටය. මෙතන නැග මෙතැනින් බැස මැදින් මෙසේ ගියේ යයි නය (ක්‍රමය) ගැනීම මෙන් සැපදුක් නැතිකල්හි දුක්සැප ප්‍රතික්‍ෂේප වශයෙන් මධ්‍යස්ථ ආකාර වූයේ අදුක්ඛමසුඛ වේදනාව යයි නය වශයෙන් ගන්නාට ප්‍රකට වේ.

එවං භගවා පඨමං රූපකම‍්මට‍්ඨානං කථෙත්‍වා පච‍්ඡා අරූපකම‍්මට‍්ඨානං කථෙන‍්තො වෙදනාවසෙන විනිවත‍්තෙත්‍වා දස‍්සෙසි; න කෙවලඤ‍්ච ඉධෙව එවං දස‍්සෙති, දීඝනිකායම‍්හි මහානිදානෙ, සක‍්කපඤ‍්හෙ, මහාසතිපට‍්ඨානෙ, මජ‍්ඣිමනිකායම‍්හි සතිපට‍්ඨානෙ ච චූළතණ‍්හාසඞ‍්ඛයෙ, මහාතණ‍්හාසඞ‍්ඛයෙ, චූළවෙදල‍්ලෙ, මහාවෙදල‍්ලෙ, රට‍්ඨපාලසුත‍්තෙ, මාගණ‍්ඩියසුත‍්තෙ, ධාතුවිභඞ‍්ගෙ, ආනෙඤ‍්ජසප‍්පායෙ, සංයුත‍්තනිකායම‍්හි චූළනිදානසුත‍්තෙ, රුක‍්ඛොපමෙ, පරිවීමංසනසුත‍්තෙ, සකලෙ වෙදනාසංයුත‍්තෙති එවං අනෙකෙසු සුත‍්තෙසු පඨමං රූපකම‍්මට‍්ඨානං කථෙත්‍වා පච‍්ඡා අරූපකම‍්මට‍්ඨානං වෙදනාවසෙන විනිවත‍්තෙත්‍වා දස‍්සෙසි. යථා ච තෙසු තෙසු, එවං ඉමස‍්මිම‍්පි සතිපට‍්ඨානවිභඞ‍්ගෙ පඨමං රූපකම‍්මට‍්ඨානං කථෙත්‍වා පච‍්ඡා අරූපකම‍්මට‍්ඨානං වෙදනාවසෙන විනිවත‍්තෙත්‍වා දස‍්සෙසි.

මෙසේ භාග්‍යවතුන් වහන්සේ පළමුව රූප කමටහන් කියා පසුව අරූප කමටහන් කියන්නේ වේදනා වශයෙන් පෙරළා දැක්වූහ. මෙහිම එය හුදෙකලාව නොදැක්වූහ. දීඝනිකායෙහි මහා නිදානය, සක්ක පඤ්හය, මහා සතිපට්ඨාන, මජ්ඣිම නිකායෙහි සතිපට්ඨාන, චූලතණ්හා සංඛය, මහාතණ්හා සංඛය, චූලවේදල්ල, මහාවේදල්ල, රට්ඨපාල, මාගන්දිය සූත්‍රවලද ධාතු විභංගයේ ආනෙඤ්ජ සප්පායෙහිද සංයුත්ත නිකායේ චූලනිදාන සූත්‍රය, රුක්ඛොපම, පරිවීමංසන සූත්‍රය, සකල වේදනා සංයුත්ත යයි නොයෙක් සූත්‍රවල පළමුව රූප කම්මට්ඨානය කියා පසුව අරූප කම්මට්ඨානය වේදනා වශයෙන් පෙරළා දැක්වූහ. ඒ ඒවායෙ සේම මෙහිද සතිපට්ඨාන විභංගයෙහි පළමුව රූප කම්මට්ඨානය කියා පසුව අරූප කර්මස්ථානය වේදනා වශයෙන් වෙනස්කොට දැක්වූහ.

තත්‍ථ සුඛං වෙදනන‍්තිආදීසු අයං අපරොපි පජානනපරියායො – සුඛං වෙදනං වෙදයාමීති පජානාතීති සුඛවෙදනාක‍්ඛණෙ දුක‍්ඛාය වෙදනාය අභාවතො සුඛං වෙදනං වෙදයමානො ‘සුඛං වෙදනං වෙදයාමී’ති පජානාති. තෙන යා පුබ‍්බෙ භූතපුබ‍්බා දුක‍්ඛා වෙදනා, තස‍්සා ඉදානි අභාවතො ඉමිස‍්සා ච සුඛාය ඉතො පඨමං අභාවතො වෙදනා නාම අනිච‍්චා අද‍්ධුවා විපරිණාමධම‍්මාති ඉතිහ තත්‍ථ සම‍්පජානො හොති. වුත‍්තම‍්පි චෙතං භගවතා –

එහි සැප වේදනා ආදියෙහි වේ. තවද දැනගැනීමේ පරියායකි. (ක්‍රමයකි.) සුඛං වෙදනං වෙදයාමීති පජානාති මෙසේ සැප වේදනා කෙරෙහි දුක්වේදනා අභාවයෙන් සැප වේදනා විඳින්නේ සැප වේදනාව විඳිමියි දැනගනී. එයින් එහි පෙර පැවති දුක් වේදනා නම් අනිත්‍ය අස්ථිර වෙනස්වන සුළු ධර්මයයි මෙසේ මෙහි දැනගැනීම වේ. මෙය භගවත්හු විසින් කියන ලදි.

“යස‍්මිං, අග‍්ගිවෙස‍්සන, සමයෙ සුඛං වෙදනං වෙදෙති, නෙව තස‍්මිං සමයෙ දුක‍්ඛං වෙදනං වෙදෙති, න අදුක‍්ඛමසුඛං වෙදනං වෙදෙති, සුඛංයෙව තස‍්මිං සමයෙ වෙදනං වෙදෙති. යස‍්මිං , අග‍්ගිවෙස‍්සන, සමයෙ දුක‍්ඛං…පෙ… අදුක‍්ඛමසුඛං වෙදනං වෙදෙති, නෙව තස‍්මිං සමයෙ සුඛං වෙදනං වෙදෙති, න දුක‍්ඛං වෙදනං වෙදෙති, අදුක‍්ඛමසුඛංයෙව තස‍්මිං සමයෙ වෙදනං වෙදෙති. සුඛාපි ඛො, අග‍්ගිවෙස‍්සන , වෙදනා අනිච‍්චා සඞ‍්ඛතා පටිච‍්චසමුප‍්පන‍්නා ඛයධම‍්මා වයධම‍්මා විරාගධම‍්මා නිරොධධම‍්මා. දුක‍්ඛාපි ඛො…පෙ… අදුක‍්ඛමසුඛාපි ඛො, අග‍්ගිවෙස‍්සන, වෙදනා අනිච‍්චා සඞ‍්ඛතා…පෙ… නිරොධධම‍්මා. එවං පස‍්සං, අග‍්ගිවෙස‍්සන, සුතවා අරියසාවකො සුඛායපි වෙදනාය නිබ‍්බින්‍දති, දුක‍්ඛායපි වෙදනාය නිබ‍්බින්‍දති, අදුක‍්ඛමසුඛායපි වෙදනාය නිබ‍්බින්‍දති, නිබ‍්බින්‍දං විරජ‍්ජති, විරාගා විමුච‍්චති, විමුත‍්තස‍්මිං විමුත‍්තමිති ඤාණං හොති; ‘ඛීණා ජාති, වුසිතං බ්‍රහ‍්මචරියං, කතං කරණීයං, නාපරං ඉත්‍ථත‍්තායා’ති පජානාතී”ති (ම· නි· 2.205).

ගිනිවෙස්නා, යම් සමයක සැප වේදනා විඳියි. එසමයෙහි දුක්වේදනා නොවිඳියි. අදුක්ඛමසුඛ වේදනාවද නොවිඳී. එසමයෙහි සැපවේදනාවම විඳියි. ගිනිවෙස්න යම් සමයක දුක්වේදනාව විඳියිද එසමයෙහි සැපවේදනාව නොවිඳියි. එසමයෙහි දුක්වේදනාවම විඳියි. ගිනිවෙස්න යම් සමයක අදුක්ඛමසුඛ වේදනාව විඳියිද එසමයේ සුඛ දුක්ඛ වේදනා නොවිඳියි. එසමයෙහි අදුක්ඛමසුඛ වේදනාවම විඳියි. ගිනිවෙස්න , සැප වේදනාද අනිත්‍යය. සංඛතය. පටිච්ච සමුප්පන්නය. ක්‍ෂය වන ධර්මයකි. ව්‍යය වන ධර්මයකි. විරාග ධර්මයකි. නිරෝධ ධර්මයකි. දුක් වේදනාද අදුක්ඛම සුඛ වේදනාද අනිත්‍යය. සංඛතය. පටිච්ච සමුප්පාදය, ක්‍ෂය ධර්මයකි. ව්‍යය ධර්මයකි. විරාග ධර්මයකි. නිරෝධ ධර්මයකි. ගිනිවෙස්න, මෙසේ බලන බහුශ්‍රැත ආර්ය ශ්‍රාවකයා සැප වේදනාවේද කලකිරේ. දුක් වේදනාවේද කලකිරේ. අදුක්ඛමසුඛ වේදනාවේද කලකිරේ. කලකිරීමෙන් නොඇලේ. විරාගය මිදීම ඇතිකරයි. මිදීමෙහි විදුනෙමිය යන ඤාණය ඇතිවේ. ඉපදීම ක්‍ෂීණ විය. බඹසර වැස නිමියේය. කළයුතු දේ කරන ලදි. මින්පසු කරන්ට දෙයක් නැතැයි යන්න දැනගනී.

සාමිසං වා සුඛන‍්තිආදීසු සාමිසා සුඛා නාම පඤ‍්චකාමගුණාමිසනිස‍්සිතා ඡ ගෙහස‍්සිතසොමනස‍්සවෙදනා; නිරාමිසා සුඛා නාම ඡ නෙක‍්ඛම‍්මස‍්සිතසොමනස‍්සවෙදනා; සාමිසා දුක‍්ඛා නාම ඡ ගෙහස‍්සිතදොමනස‍්සවෙදනා; නිරාමිසා දුක‍්ඛා නාම ඡ නෙක‍්ඛම‍්මස‍්සිතදොමනස‍්සවෙදනා; සාමිසා අදුක‍්ඛමසුඛා නාම ඡ ගෙහසිතඋපෙක‍්ඛාවෙදනා; නිරාමිසා අදුක‍්ඛමසුඛා නාම ඡ නෙක‍්ඛම‍්මස‍්සිතඋපෙක‍්ඛාවෙදනා. තාසං විභාගො උපරිපණ‍්ණාසෙ පාළියං (ම· නි· 3.304 ආදයො) ආගතොයෙව. සො තං නිමිත‍්තන‍්ති සො තං වෙදනානිමිත‍්තං. බහිද‍්ධා වෙදනාසූති පරපුග‍්ගලස‍්ස වෙදනාසු. සුඛං වෙදනං වෙදයමානන‍්ති පරපුග‍්ගලං සුඛවෙදනං වෙදයමානං. අජ‍්ඣත‍්තබහිද‍්ධාති කාලෙන අත‍්තනො කාලෙන පරස‍්ස වෙදනාසු චිත‍්තං උපසංහරති. ඉමස‍්මිං වාරෙ යස‍්මා නෙව අත‍්තා, න පරො නියමිතො; තස‍්මා වෙදනාපරිග‍්ගහමත‍්තමෙව දස‍්සෙතුං “ඉධ භික‍්ඛු සුඛං වෙදනං සුඛා වෙදනා”තිආදි වුත‍්තං. සෙසමෙත්‍ථ උත‍්තානමෙව. ඉමස‍්මිං පන පබ‍්බෙ සුද‍්ධවිපස‍්සනාව කථිතාති.

සාමිසං වා සුඛං යනාදියෙහි ආමිස සැපයකි. පස්කම් ගුණ මිශ්‍ර ඇලෙන සෝතාදි වේදනා හය සාමිස දුක්ඛ නමි. නික්මීම් නිශ්‍රිත නොඇලෙන දොම්නස් වේදනා හයයි. සාමිස අදුක්ඛම සුඛ නම් ගෙහසිත උපේක්ඛා වේදනා හයය. නිරාමිස අදුක්ඛමසුඛ නම් නෙක්ඛම්ම නිශ්‍රිත උපෙක්ඛා වේදනා හයයි. ඒවායේ විභාගය උපරි පණ්ණාසයෙන් පාලියේ ආවේමය. සො තං නිමිත්තං යනු හේ එම වේදනා අරමුණය. බහිද්ධා වේදනාසු අන්‍ය පුද්ගලයන්ගේ වේදනාවල. සුඛං වෙදනං වෙදයමානං යනු අන්‍ය පුද්ගලයන් සැප වේදනාව විඳින අජ්ඣත්ත බහිද්ධා යනු කාලෙක තමාගේ කාලෙක අන්‍යයාගේ වේදනාවල සිත එක්තැන් කරයි. මේ වාරයෙහි තමා හෝ අන්‍යයා හෝ නියමිත නොවේ. එහෙයින් වේදනා විමසීම පමණක් දැක්වීමට ඉධ භික්ඛූ සුඛං වෙදනං සුඛා වෙදනා ආදිය දෙසන ලදි. මෙහි සෙස්ස කියන ලදි. මෙම කොටසෙහි වනාහි පිරිසිදු වූ විදර්ශනාවම කියන ලදි.

වෙදනානුපස‍්සනානිද‍්දෙසවණ‍්ණනා නිට‍්ඨිතා.

වේදනානුපස්සනා නිද්දේසයයි.