චිත්තානුපස්සනානිද්දෙසවණ්ණනා අට්ඨකථා
චිත්තානුපස්සනානිද්දෙසවණ්ණනා
චිත්තානුපස්සනානිද්දෙසවණ්ණනා
චිත්තානුපස්සනානිද්දෙසෙපි හෙට්ඨා වුත්තසදිසං වුත්තනයෙනෙව වෙදිතබ්බං. සරාගං වා චිත්තන්තිආදීසු පන සරාගන්ති අට්ඨවිධං ලොභසහගතං. වීතරාගන්ති ලොකියකුසලාබ්‍යාකතං. ඉදං පන යස්මා සම්මසනං න ධම්මසමොධානං, තස්මා ඉධ එකපදෙපි ලොකුත්තරං න ලබ්භති. යස්මා පහානෙකට්ඨවසෙන රාගාදීහි සහ වත්තන්ති පහීයන්ති, තස්මා ද්වීසු පදෙසු නිප්පරියායෙන න ලබ්භන්තීති න ගහිතානි. සෙසානි චත්තාරි අකුසලචිත්තානි නෙව පුරිමපදං, න පච්ඡිමපදං භජන්ති. සදොසන්ති දුවිධං දොමනස්සසහගතං. වීතදොසන්ති ලොකියකුසලාබ්‍යාකතං. සෙසානි දස අකුසලචිත්තානි නෙව පුරිමපදං, න පච්ඡිමපදං භජන්ති. සමොහන්ති විචිකිච්ඡාසහගතඤ්චෙව උද්ධච්චසහගතඤ්චාති දුවිධං. යස්මා පන මොහො සබ්බාකුසලෙසු උප්පජ්ජති, තස්මා සෙසානිපි ඉධ වට්ටන්ති එව. ඉමස්මිං යෙව හි දුකෙ ද්වාදසාකුසලචිත්තානි පරියාදිණ්ණානීති. වීතමොහන්ති ලොකියකුසලාබ්‍යාකතං. සංඛිත්තන්ති ථිනමිද්ධානුපතිතං. එතඤ්හි සඞ්කුටිතචිත්තං නාම. වික්ඛිත්තන්ති උද්ධච්චසහගතං. එතඤ්හි පසටචිත්තං නාම.
චිත්තානුපස්සනා නිද්දේසයෙහි ද යට කියන ලද නයින්ම දතයුතුය. සරාගං වා චිත්තං ආදියෙහි සරාගං යනු අටවිධ ලෝභසහගත සිත්ය. වීතරාගං යනු ලෞකික කුසල අව්‍යාකෘත සිත්ය. මේවා සම්මර්ශනයෙන් ධර්මයේ එකඟබවක් ඇති නොවේ. ඒ නිසා මෙහි එක පදයකවත් නිවන නොලබයි. යම්හෙයකින් ප්‍රහාන ඒකාර්ථ වශයෙන් රාගාදිය සමග පවතී, සහ ප්‍රහීන වේ. එහෙයින් පද දෙකෙහි වෙනසක් නැතිව නොලැබේ යයි නොගන්නා ලදි. සෙසු අකුසල සිත් සතර පෙර පද හා සෙසු පසු පද භජනය නොකරයි. සදොසං යනු ද්විධය. දොම්නස් සහගතය. වීතදෝසං යනු ලෞකික කුසල හා අව්‍යාකෘතය. සෙසු දස අකුසල සිත් පෙර පදය හා පසුපදය භජනය නොකරයි. සමොහං යනු විචිකිච්ඡා සහගත හා උද්ධච්ච සහගත යයි දෙපරිදිය. යම්හෙයකින් මෝහය සියළු අකුසල්වල උපදීද? එහෙයින් සෙස්ස ද මෙහි වටීමය. මේ දුකයෙහි දොළොස් අකුසල් සිත් සියල්ල ගන්නා ලදි. වීත මෝහං යනු ලෞකික කුසල හා අව්‍යාකෘතය. සංඛිත්තං යනු ථීන මිද්ධ (සිතේ හා කයේ මැලිගතිය ඇති) යුත් සිත්. මේවා හැකිළුණු සිත් වේ. වික්ඛිත්තං යනු උද්ධච්ච සහගත සිත්. මේවා විසිරුණු සිත් නමි.
මහග්ගතන්ති රූපාවචරං අරූපාවචරඤ්ච. අමහග්ගතන්ති කාමාවචරං. සඋත්තරන්ති කාමාවචරං. අනුත්තරන්ති රූපාවචරඤ්ච අරූපාවචරඤ්ච. තත්රාපි සඋත්තරං රූපාවචරං, අනුත්තරං අරූපාවචරමෙව. සමාහිතන්ති යස්ස අප්පනාසමාධි උපචාරසමාධි වා අත්ථි. අසමාහිතන්ති උභයසමාධිවිරහිතං. විමුත්තන්ති තදඞ්ගවික්ඛම්භනවිමුත්තීහි විනිමුත්තං. අවිමුත්තන්ති උභයවිමුත්තිරහිතං; සමුච්ඡෙදපටිප්පස්සද්ධිනිස්සරණවිමුත්තීනං පන ඉධ ඔකාසොව නත්ථි. සරාගමස්ස චිත්තන්ති සරාගං අස්ස චිත්තං. සෙසං හෙට්ඨා වුත්තනයත්තා උත්තානත්ථමෙව. ඉමස්මිම්පි පබ්බෙ සුද්ධවිපස්සනාව කථිතාති.
මහග්ගතං යනු රූපාවචර අරූපාවචර සිත්. අමහග්ගතං යනු කාමාවචර සිත් සඋත්තරං යනු කාමාවචර සිත් අනුත්තරං යනු රූපාවචර අරූපාවචර. එහිද ස උත්තර - රූපාවචර සිත්ය. අනුත්තර අරූපාවචර සිත්ය. සමාහිතං යනු යමෙකුට අර්පණා සමාධි උපචාර සමාධි හෝ ඇතිබවය. අසමාහිතං යනු උභය සමාධි විරහිත (අර්පණා උපචාර) බවය. විමුත්තං යනු තදංග වික්ඛම්භණ විමුක්ති වශයෙන් මිදීමය. අවිමුත්තං යනු උභය විමුක්තිය විරහිත බවය. සමුච්ඡේද පටිප්පස්සද්ධි නිස්සරණ විමුක්තිවලට මෙහි අවකාශයක් නැත. සරාගමස්ස චිත්තං මොහුගේ සිත රාග සහිතය යනුය. සෙස්ස යට කියනලද නයින් පැහැදිලිය. මේ කොටසෙහි පිරිසිදු විපස්සනාව කියන ලදි.
චිත්තානුපස්සනානිද්දෙසවණ්ණනා නිට්ඨිතා.
චිත්තානුපස්සනා නිද්දේසය